Pages

Followers

Wednesday, May 10, 2017

රනිල් පන්නමු

රනිල් වික්‍රමසිංහ උද්දච්ච වලව් මැන්ටලයකි. ඔහු ගෙන් රටට හෝ එජාපය ට මෙලෝ වැඩක් නැති බව ඌම  දන්නේ නැත.
කාලයක්    තිස්සෙ යූ ඇන් පී එකේ උන් මූට තේරුම් කරල දෙන්න දඟලනව ඔහේ පක්ශෙට වඩක් නෑ පක්ශෙට ඔහේගෙං ඇති වැඩකුත් නැ කියල මූට කිසි ක්ලූ එකක් නෑ දන්න ගේම් ඔක්කොම දාල තාම ඉන්නව.

දැන් ඉතින් රටේ ප්‍රශ්නෙත් ඕකම තමයි මූට කොහොමද ඔය සීන් එක තේරුම් කරල දෙන්නෙ මුං තාම හිතං ඉන්නෙ මුන්ගෙ පවුල් වල ඉපදුනාම ලෝයර් කෙනෙක් උනාම රෝයල් එකට ගිහිං තිබ්බම. ඉංග්‍රීසි පොත් පත් ටිකක් කියෙව්වම (ලොකුවට හිතුවට ඉංග්‍රීසියෙන් ටින් ටින් පොත් බලපු නැත්නම් රිඩර්ස් ඩයිජස්ට්  කියවපු අයගෙයි මෙයලගෙයි ඒ තරම් වෙනසක් නෑ) මෙයාල හිතන්මේ ඉන්නේ  රටට කිරුල හිමි මෙයාලට කියල . රටට පක්ශෙට කිරුල හිමි මැන්ටල් හාමු පෙලැන්තිය .

මේ අය  ලංකාවට  කරපු දෙයක් නැත ඉස්සර අර අපි පැරදී අවුරුදු ගානක් තිස්සේ ක්‍රිකට් ගැහුවේ අන්න ඒ වගේ තමයි මේ අය  ඒ අයගේ කම්මැලි ෂොට් මහත්‍මා ගතිගුණ  අපිට පෙන්න පෙන්න ඉන්නවා. මෙයාලගේ දේශපාලනේ  අපි අවුරුදු 70 ක් විතර අවුවේ කට්ට කාගෙන බලං ඉන්න ටෙස්ට් මැච් එකක් වගේ අපි බලං    ඉන්නවා මෙයාල ගහනවා ආතල් එකට .
මේ රටට කිසිම වෙනසක් දියුණුවක්  නොකරන වලව් මැන්ටල් පවුල් ලංකාවේ දේශපාලනයෙන් අතුගා දමන්නේ කෙසේද?

 ලංකාවෙ ක්‍රිකට් තමයි ආදර්ශයට ගන්න ඕන මේ චක්‍රය බිඳින්න .. ඉස්සර ක්‍රිකට් තිබ්බෙත් මේ විදියටම කොළඹ කිරුල හිමි වැඩ බැරි කුමාරවරුන්ට ගිහින්. රෝයල් හාමුල ක්‍රිකට් ගැහුව ගැහුව මුකුත් උනේ නෑ නේ.
ලංකාවෙ දේශපාලනේට දැන් ඕන සනත් ජයසූරියල පිටින් ඇවිත් පොල් අඩි ගහල දිනල දුන්නෙ අන්න ඒ වගේ වැඩක් ලංකාවෙ දේශපාලනයට ඕන වෙන්නේ .
මේ වැඩේ අසාර්ථක උත්සාහයක තමයි හිටපු මහින්ද මහත්තය කරේ . සම්ප්‍රධායික ක්‍රමයෙන් පිට ගිහින් අවුරුදු 30 ඇදුනු  යුද්දේ දිනලා දුන්නා  ..කොළඹ  නගරය ලස්සන කරගෙන ගියා  පාරවල් හැදුව  කොටින්ම කිව්වොත් ලංකාවේ මිනිස්සුන්ට පිටරටකට ගියා වගේ දැනෙන්න ලංකාව වෙනස් කරගෙන ආව

නමුත් මේක අතරමැද කඩාකප්පල්  උනා . අපි හොයන්න ඕන ඒ ඇයි කියල

මගේ අදහස ඔය පරන හාමු පවුල් රොයල් උන් ට වැඩ බැරි උනත් ශික්ෂණය තිබ්බ (දැන් නං ඒකත් නෑ රෝයල් උනුත් ගහ ගන්නව හොරකං කරනව)
වෙනස් කරන්නා කොච්චර වැඩ්ඩෙක් උනත් වැඩක් නෑ ඌට ශික්ෂණය නැත්නම් පීඩිතයා නැත්නම් සම්ප්‍රධාය බිඳගෙන  බලවත් පවුල් ආධිපත්‍ය  බිඳගෙන  ලංකාවේ දේශපාලනයේ ඉහලට එන අලුත්  අය  ශික්ෂණය ඉහෙන ගත යුතුයි කියන එකයි මම කියන්නේ . මෙතෙන්දි මම ආයෙ ක්‍රිකට් උදාහරණයෙන්ම කියන්නම්
 මතකද ක්‍රිකට් වල්දි අර කොළඹ ඉහල පවුල් ආධිපත්‍යය බිඳල පීඩිත පවුල් වල ,එතකොට ගම්වල ඉඳන් කොළඹ  ආධිපත්‍ය  බිඳගෙන සම්ප්‍රධායට පිටින් අමුතු  පිති ප්‍රහාර  අමුතු බෝල දැමිලි දාපු  උන් එන්න ගත්ත කාලෙ අර ක්‍රිකට් වල මහත්මා ගතිය ගිහින් පිටරට ටුවර් ගියාම සුපර් මාකට් වල හොරකං කරන්න බඩු ගහන්න නැත්නම් බොන්න ඔය වගේ වැඩ උනේ..
අන්න ඒ වගේ තමයි  පීඩිතයා වලව් හාමුල එලවලා උඩට ඇවිත් වැඩ දැම්මට වැඩක් නෑ ඌට ශික්ශණය නැත්නම්.
ලංකාවෙ දේශපාලනයට අවශ්‍යත් ඕක.
විමල් වීරවංශ ගෝටා  මහින්ද වගේ වැඩ්ඩො හිටියට වැඩක් නෑ උන් ශික්ෂණය වෙලා නැත්නම් ආයෙ වැටෙනව .
ඉතා කෙටියෙන් කියනවනම් පීඩිතයා ශික්ෂණය වෙන්න ඕන මුලින්. ඊට  පස්සේ රනිල් එලවමු


6 comments:

  1. අයියා කියන දෙයක් තමයි ඉතිං

    ReplyDelete
  2. උදිත කියන දේ බොහෝම වැදගත් කියල මට හිතෙනවා. ඔය සංසිද්ධිය මුලින්ම එලියට ආවේ, ප්‍රේමදාස ජනාධිපති වෙච්ච වෙලාවේ. ඒත් මට ගැටළුවක් මතු වෙනවා මොකක්ද "ශික්ෂණය" කියන්නේ කියලා. කවුද ඒක නිර්වචනය කරන්නේ ? සමාජය පිලිගත් දේශපාලන ශික්ෂණය තමයි, වලව්-රොයල් පැලැන්තිය විසින් හඳුන්වාදී තිබෙන ශික්ෂණය. ජවිපේ වෙනත් ආකාරයක දේශපාලන ශික්ෂණයක් හඳුන්වා දෙන්න උත්සාහ කලත් ඒක එතරම් සමාජගත වෙලා නෑ. (නිකම් රහසිගත භාවය වැඩියි වගේ.. )

    ReplyDelete
  3. //ඉතා කෙටියෙන් කියනවනම් පීඩිතයා ශික්ෂණය වෙන්න ඕන මුලින්. ඊට පස්සේ රනිල් එලවමු//
    සැබැවින්ම විය යුත්තක්.

    ReplyDelete
  4. රනිලුයි ආප්පයායි දෙන්නම එලවමු හිටන්!

    ReplyDelete
  5. හරි දැන් කවුද ඕක කරන්නේ. උදිතද?

    ReplyDelete