Pages

Followers

Monday, December 17, 2012

අරුණි ශපිරෝ වෙත

අරුණි ශපිරෝ  එක්ක හැමදේකටම එකඟ වෙන්න බෑ ඒ වගේම ඇනෝ ඇවිල්ල කුණුහරුපෙන් නැතිව ශිෂ්ඨ විදියට විසංවාදය සංවාදයට ලක් කරන්නත් කැමතියි. දේශපාලන ආර්ථිකය කියන විෂය තුල නිදහස් වෙළඳ පොලට මම සම්පුරණයෙන් එකඟයි එත් සමහර තැන් වලදී තාම රජය  කියන ආයතනය අවශ්‍ය වෙනවා කියන එක පිළිගන්න වෙනවා.මෙම රජය අවශ්‍ය වෙන තැන පහල උදාහරණයකින් මම වෙනම පෙන්වා දෙන්නම් . 
නිදහස් වෙළඳ පොළ භාවිතයන්  සංකෘතික සමාජීය කාරනා වලදී නම් ඒ  විදියටම ඒ නිදහසම යොදාගන්න බෑ නේද? 
අරුණි ශපිරෝ පාසල් අධ්යාපනය වෙනුවට දෙමව්පියන් කැමති විදියට නිදහසේ ගෙදර අධ්‍යාපනය දීම වෙනුවෙන් කතා කරන කෙනෙක්.
 දැන් බලන්න පසුගියදා කනෙටිකට් ප්‍රාන්තයේ   සිදුවීමේදී මෙම දරුවා කුඩා කල පාසලේ ප්‍රශ්න ඇති කරගත් නිසා මව පාසල් යවන්නේ නැතිව ගෙදර අධ්‍යාපනය දීපු කෙනෙක්. මේ ළමයාගේ විශාල ඇස් දෙක දැක්කම තේරෙනව මානසික ආබාධිත බවක් තියනවා කියල. මානසික ආබාධිත තියන කෙනෙක්ට සුවිශේෂී විදියට උගන්වන ඒ ආයතනයක විද්වතුන් යටතේ මේ ළමයට ඉගැන්වුවා නම් මීට මේ දෙය සිදු නොවන්නට තිබුනා නේද? ඔහුගේ මව තීරණය කරනවා ඔහුට එයාම නිවසේ උගන්වනවා කියල. ගෙදර තියන තුවක්කු වලින් වෙඩි තැබීමේ පුහුණුවත් උගන්නනවා. දැන් අම්ම කෙනෙක් තමන්ගේ මානසික රෝගී පුතාට ආදරෙයි එයාට තමන්ගේ පුතා මානසික රෝගියෙක් විදියට දකින්නේ නෑ. ඒ වගේ වෙලාවක පුද්ගලික නිදහස කියන එක පාවිච්චි කරලා ගෙදර අද්‍යාපනය දීල වෙඩි තියන්න පවා ඉගැන්නුවා නමුත් මේ පුතා ගෙදර තමන්ගේ මවට විතරක් නොවෙයි වෙඩි තිබ්බේ පොදු ජන පරිසරයක් වන පාරට පාසලට ගිහිල්ල නේද අන් අයට වෙඩි තිබ්බේ.
අරුණි අක්ක ඔයාගේ ටිකිරි දුවට වෙඩි තියන්න උගැන්නුවාම ඒක ආරක්ෂාව කියන සිමාවේ බව ඇත්ත එත් නිව් යෝර්ක් වල තට්ටු ගෙදරක උඩ තට්ටුවේ ඉන්න කළු ගෑණි එයාගේ මදාවි පොඩි එකාට වෙඩි තියන්න උගන්වන ඒක ආරක්ෂාව නොවෙයි. මේ අයිතිය ගැන පහල ගෙදර ඉන්න තුවක්කු අල්ලන්න වත් අකමැති අහිංසක පවුලක් කැමති වෙන්නේ නෑ. තුවක්කු පාවිච්චි නොකිරීමේ අයිතියත් අයිතියක් නේ. පොඩි වයසට ගල් කැට වලිනුත් පාරේ යන උන්ට ගහන උඩ තට්ටුවේ එකාට ගෙදර අම්මගේ තුවක්කුව අහු උනොත් කොහොමද? පහළ ගෙදර උනුයි උඩ ගෙදර අයයි දෙගොල්ලොම එකම බිල්ඩිමේ පොදු පඩිපෙළ හරි විදුලි සෝපානය  නේ යන්න එන්න භාවිතා කරන්නේ.

ආර්ථික යේ දී නම් නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙහෙමයි රජය තව දුරටත් ඕන වෙන්නේ උදාහරණයකට මම විලක ඉස්සෝ ෆාම් එකක් දාගෙන  ඉස්සෝ වගාවක්  කරන ව්‍යාපාරිකයින් 4 දෙනෙක් ගන්නම්.  

සමන් කමල් නිමල් සහ සුනිල් ට මේ ඉස්සෝ ෆාර්ම් 4 අයිතියි . ෆාර්ම් එකකින් අයිතිකරුට මසකට රුපියල් 10,000/= ක ලාභයක් එනවා. 
මෙහෙම ෆාම් 4ම මාස කීපයක් කරගෙන යන කොට විලේ ජලයට ෆාම් 4ම අපද්‍රව්‍ය එකතු වෙනවා කලකදී මේ ජල දුෂණය නිසා විලේ කාර්යක්ෂම බව අඩුවෙලා ගිහින් ඉස්සෝ පලදාව අඩුවෙලා  4 දෙනාගේම ලාභය බිංදුවට බහිනවා.4 දෙනාම බංකොලොත්
දැන් ධනවාදයේ හොඳකම තමයි ධනවාදී නිෂ්පාදන තාක්‍ෂණය ඕනෑම ගැටලුවකට විසදුම් හොයා ගන්නවා මේ ප්‍රශ්නයටත් එහෙමයි. ඔන්න තවත් දක්ෂ ව්‍යාපාරිකයෙක් වන මාතලන් මෙතෙන්ට ඇවිල්ල කියනවා ඔයාලගේ  මේ ව්‍යාපාරයේ අපද්‍රව්‍ය කළමනාකරණය ට මං ළඟ විසදුම් තියනවා මගෙන් මෙන්න මේ මං විකුණන  වතුර ෆිල්ටරේ මාසෙකට සැරයක් මිලදී අරගෙන හැම ෆාර්ම් එකකකම හයි කරන්න හැබැයි මේක රු 3,000/=
 බංකොලොත් වෙනවට වඩා මේ යෝජනාව හොඳයි 10000/= නැතත් ෆිල්ටරේ ගාන ගියාම දැන් 7000/= ලාභයක් තියනවා. දැන් සමන් කමල් නිමල් සහ සුනිල් හතර දෙනාම ස්වේච්චාවෙන් මේ ෆිල්ටර් පළමු මාසේ හයි කරනවා. කවුරුත් සන්තෝසයි ලාභය 7000/=
සමන් ගල් ආඳා දෙවෙනි මාසේ මිනිහ රුපියල් 3000ක් දීල ෆිල්ටරේ මාරු  කරන්නේ නෑ. සද්ද නැතිව ඉන්නව මිනිහගේ අපද්‍රව්‍ය විතරක් විලට එකතු වෙලා 25% කින් විලේ කාර්යක්ෂමතාව පහල යනවා . මේ නිසා අනෙක් අයගේ ලාභය ඒ මාසයේ 6000 ට අඩු වෙනවා  හැබැයි සමන් විතරක් ෆිල්ටරේට 3000 වියදම් කලේ නැති නිසා  මිනිහගේ ලාභෙ රු 9000 යි.
මේක දැකපු සුනිලුත් මීළඟ මාසේ ෆිල්ටරේ දාන්නේ නෑ ෆිල්ටර් දාන අයගේ ලාභෙ තවත් අඩු වෙනවා.
දැන් මේ අවුලට කමල් කියනවා විසඳුමක් අපි හතර දෙනාම ස්වේචාවෙන් ගිවිසුමක් ගහමු අනිවාර්යෙන් ෆිල්ටරේ දානව කියල. නැත්නම් හැමෝටම පාඩුයි කියල.
3 දෙනෙක් අත්සන් කරනවා සමන් ජරා පොර මිනිහ අත්සන් කරේ නෑ පස්සේ අත්සන් කලා එත් ම්නිහ හරියට ෆිල්ටර් වෙලාවට මාරු කරන්නේ නෑ. ප්‍රශ්නේ එහෙමමයි.
මෙන්න මේ වගේ වෙලාවක ලාභදායිම විසඳුම තමයි මේ ව්‍යාපාරිකයින් 4 දෙනාට පිටතින් අපි කියමු කෙනෙක් ඉන්නව බුවා කියල. මේ අය බුවාව පත් කරනවා විලට භාරකාර රජු විදියට වැඩි චංදෙන් අවුරුද්දකට. දැන් බුවාට අයිතිය දෙනවා ෆිල්ටර් හයි නොකරන ඉස්සෝ ෆාර්ම් කරුවන්ට එරෙහිව නීති පනවන්න සහ  බලය පාවිච්චි කරන්න ,දඩයක් ගහන්න හරි. මේ වගේ තැනකදී නීති සහ ඒවා ක්‍රියාත්මක කිරීම නිසා  ධනවාදී නිදහස් වෙළඳ පලේ නිෂ්පාදනයට වැඩි පළදායිත්වයක් දෙනවා අරාජික නිදහසට වඩා. 

සිවිල් නිදහස පිලිබඳ කාරනා වලදී සහ නිදහස් වෙළඳපොල ආර්ථිකය පිළිබඳ බොහෝ කරුණු වලදී මම සම්පුර්ණයෙන්ම ලිබටේරියන් අදහස් වලට එකඟ වුනත් මිනිස් ස්වභාවයට සම්බන්ද නැති සමහර දෘෂ්ටිවාද  කවලම් කරගෙන ආගමික ලෙසින් ලිබටේරියන්වාදය ඇදහීමට කැමති ද නැත.

Friday, December 14, 2012

සුද්දට කපු දීම හෙවත් නිදහස් අන්තර්ජාලය

මම හිතන්නෙ මම අද කතා කරන මේ වගේ දේවල් ගැන දැනුවත්වීම  අගවිනිසුරු දෝෂාභියෝගය වගේ දේවල් වලට වඩා බ්ලොග් කරුවන්ට වගේම සියලුම ලාංකිකයින්ට වැදගත් වේවි. අගවිනිසුරු හිටියත් නැතත් ව්‍යවස්ථාව කියල එකක් තිවුනත් නැතත් ලංකාව ඔහොමම තමයි හැබැයි අන්තර්ජාලයටත් කෙලියොත් බ්ලොග් එක වහල ගෙදර යන්නයි වෙන්නේ.

නිදහස් අන්තර්ජාලය - සිය දරුවාගේ නිදහස වෙනුවෙන් දෙමව්පියන් පෙනී සිටීම

"ඇමරිකාව කියන්නේ අන්තර්ජාලය මෙලොවට බිහිකරන ලද දෙමව්පියන් තමයි. අපි ඒ දායාදය ලොවට බිහිකිරීම  ගැන  ඔවුනට ස්තුතිවන්ත වෙනවා නමුත් මේ ගිවිසුමේ  "අන්තර්ජාලය" සහ "ආරක්ෂාව" වගේ වචන  යොදා ඇති තැන්  සමුළුවට ආපු  ඇමරිකානු නියෝජිතයින්   සලකන්නේ හරියට ශාපකාරී වස්කවියක තියන වදන් වගේ. එහෙම කල යුතු නෑ."
 රුසියානු විදෙස් කටයුතු  පිලිබඳ නිලධාරියෙකු වන Andrey V. Krutskikh  ඊයේ  එසේ පැවසුවේ පැවති මේ දිනවල අන්තර්ජාතික විදුලි සන්දේශ එකමුතුව ඩුබායි හි පවත්වන ලෝක  විදුලි සන්දේශ සම්මේලනය (WCIT-12) අතරතුරදීය.

 සභාගත කරපු යෝජනාවක් තුල ඇතුලත් උනා  අන්තර්ජාලය නියාමනය කිරීමේ බල තල පවා  එකසත් ජාතීන්ගේ සංවිධානයට ලබා දිය යුතුයි කියන එක.  මෙම සමුළුවේදී  රුසියාව චීනය සහ අරාබි රටවල්  මේ  "අන්තර්ජාලය" සහ "ආරක්ෂාව" වචන මේ ගිවිසුම  ඇතුලට දාලා  තමන්ගේ රටවල් වල රජයන්ට පාලකයන්ට ඕන ඕන විදියට අන්තර්ජාලයත් වාරණයට ලක් කිරීමට පොටක් පාදා ගැනීමට තමයි ඔවුන්ගේ යටි අරමුණ වුනේ. මේක සම්මත කරලා අත්සන්කර ගන්න සැහෙන වලි කෑවේ රුසියාව චීනය සහ අරාබි රටවල් තමයි .

හැබැයි ඇමරිකාව බොහෝ අයගේ බලාපොරොත්තු බිඳ හෙලමින් ඊයේ මේකට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරල ඉවත්වුණා . එංගලන්තය ,කැනඩාව සහ  ඉන්දියාවත් අත්සන් කලේ නෑ.

විදුලි සන්දේශ තාක්ෂණික කටයුතු විධිමත්ව පවත්වා ගැනීම උදෙසා ඒ සම්බන්ධයෙන් ලෝක එකඟතාවයක් සකස් කර ගැනීමට ඇතිකරන මෙවැනි ලෝක ගිවිසුම තුල    "අන්තර්ජාලය"  යන වදන අඩංගු වීමට පවා ඇමරිකාව මුල ඉදන්ම විරුද්ද උනා. මේක  විදුලි සන්දේශ තාක්ෂණික කටයුතු  විෂය සීමාවේ ගිවිසුමට දැම්මොත් මේක අයථා විදියට භාවිතා කරලා වෙබ් අඩවි,අන්තර්ජාලය වාරණයට ලක් කිරීම වෙන බව ඇමරිකාවේ ප්‍රමුක කැනඩාව සහ එංගලන්තයේ මතය විය.  රුසියාව චීනය සහ අරාබි රටවල් වල තර්කය වුයේ අන්තර්ජාලය එකිනෙකා සම්බන්ධ වෙන්න භාවිතා කරන්නෙත් විදුලි සන්දේශ ජාලයම නිසා මීට එය ඇතුලත් විය යුතු බවයි.

භලලෝභී දේශපාලකයින්ගේ අරමුණු වෙනුවට  නිදහස් අන්තර්ජාලය සහ පුද්ගලයා ගේ නිදහස   වෙනුවෙන් පෙනී සිටීම ගැන ඇමරිකාවට එංගලන්තය ,කැනඩාව සහ  ඉන්දියාවට මගේ ප්‍රණාමය.
තද  දේශප්‍රේමීන් ට අනුව ඕනෑ නම් මේකට සුද්දට පුක දීම කියල උනත් කියන්න පුළුවන්. පුක දෙනවද? වෙඩි කනවද? ඔබ තීරණය කරන්න.


Wednesday, December 5, 2012

සංගීත ලෝකයෙන් ඉගෙන ගන්න - රනිල් ,සජිත්, විපක්ෂයේ මහත්වරුනි

මේ දිනවල බටහිර සංගීත ලොවේ අංක එක හිමිකරගෙන ඉන්නා ගායිකාව වන්නේ රියානා යයි කීවොත් නිවරිදිය මේ වන විට ඇය ගීත දර්ශක වල අංක එක හිමි කරගත් ගීත 12 ක හිමිකාරියකි.
රියානාගේ  රන්ඩූ වෙවී යාලු වෙවී ඉන්න පෙම්වතා වන්නේ තවත් අංක එකේ ගීත දෙකක් හිමි ගායකයෙකු වන ක්‍රිස් බ්‍රවුන් ය.
ක්‍රිස් බ්‍රවුන් පසුගියදා  ඔහු සහ රියානා ඉන්න  චායාරූපයක්  සමාජ වෙබ් අඩවිය කට දාල  ඊට යටින් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහල තිබුන."What would music today sound like if these kids didn't exist?"කියල. අපි නැත්නම් සංගීත ලෝකය මොනවගේ තැනක් වෙයිද? වගේ ප්‍රශ්නයක් ඔහු අහන්නේ.
ක්‍රිස් නගපු පැනයට  මේ  එම් ටී වී වෙබ් අඩවියෙන් ජේම්ස් මොන්ට්ගොමරි  ලිපියකින්  මෙන්න මේ වගේ පිළිතුරක් දී තිබුනා.(එම ලිපිය මෙතනින් බලන්න)
රියානා නැත්නම් බටහිර සංගීත කර්මාන්තය මොනවගේ තැනක් වෙයිද?  ඇත්ත රියානල වගේ තරු මුල් පුවත් මවනවා තමයි. එත් ඔවුන් එක්කෙනෙක් දෙන්නෙක්  නැතිවුනා කියල සංගීත කර්මාන්තයට මුකුත් වෙන්නේ නෑ.  මේ අංක එකේ හිට් වෙන ගීත කියන්නේ තිරයෙන් පිටි පස්සේ ඉන්න දක්ෂ කැපවුන පිරිසක් එකතුවෙලා කරන වැඩක්  රිහානා , ක්‍රිස් බ්‍රවුන් කියන්නේ උත්කර්ෂයට පමුණුවන ලද හොරණෑ පමණයි  මේ අය ඇවිල්ල කාලෙන් කාලෙට ඇවිත් නැතිවෙලා යනවා මේ වගේ දක්ෂ නැවුම් කටහඬ තියන අය ඇත්තටම ලෝකේ ඕනෑ තරම්  ඉන්නවා.  සංගීත කර්මාන්තය තුල ඉන්න අති දක්ෂ ගීත රචකයින් නිෂ්පාදකයින් සංගීතකරුවන් විසින් නිර්මාණය වන  විශිෂ්ටතම පොප් ගීත කියන්න අතට දීපු හුදු වාහකයින් පමණයි  මේ අය. අද සංගීත කර්මාන්තයේ තිරේ  පසුපස ඉන්න  Max Martin, Linda Perry හෝ Dr. Luke වගේ  අති දක්ෂ ගීත රචකයින් නිෂ්පාදකයින්  හදන ගීතයක්  රියානට නොවෙයි වෙන ඕනෑම ගායිකාවකට නැත්නම් සුපර් ස්ටාර් වගේ වැඩසටහනකින් අලුතින් සොයාගන්න කෙනෙක්ට කියන්න දුන්නත් වෙනසක් නෑ ඒ ගීත හිට් වෙනවා.
ඇත්තටම අද  සංගීත කර්මාන්තය තුල ඉන්න මැක්ස් මාටින් වගේ අය කරපු ගීත බිහි කරපු ගායකයින් ගැන   හොයල බලන්න මේ කියන කතාව ඇත්ත කියල වැඩිදුර නොයාම තේරුම්ගත හැකියි.

 දැන් අර ක්‍රිස් බ්‍රවුන් අහපු ප්‍රශ්නය මම වෙන විදියකට අහන්නයි යන්නේ,  රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස , මහින්ද රාජපක්ෂ  සරත් ෆොන්සේකලා වගේ අයගේ සිට මර්වින් සිල්වා වැනි අය දක්වා අද අපි දේශපාලකයින් යයි කියන දේශපාලකයන් නැත්නම් ලංකාව මොන වගේ තැනක් වෙයිද? මේ අයනැත්නම් ලංකාව ඉවරද?
මහින්ද හිටියේ නැත්නම් දැන් ලකාව දෙකඩ වෙලා ඊළම කියල තව රටක් තියනවද?
රනිල් නැත්නම් යූ  ඇන් පී එක හැම චන්දයක් ම දිනා ගෙනද?
සජිත් නැත්නම් රනිල් ගෙන් පස්සේ යූ  ඇන් පී එකට වෙන නායකයෙක් නැද්ද?
මේ දැන් ඉන්න දේශපාලුවෝ ටික ඔක්කොම නැත්නම් අපිට රට කරන්න කවුරුත් නැද්ද?
  මෙන්න මෙතෙන්දි තමයි ඇත්තටම අපිට බටහිර මියුසික් ඉන්ඩස්ට්‍රි එකෙන් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. පොප් සංගීත ලෝකයට ගීත ගායකයා කවුද කියන එක එතරම්  වැදගත් නෑ තිරෙන් පසුපස වැඩේ තමයි වැදගත්  ලංකාවේ දේශපාලනයටත් මෙන්න මේ දේ දැන් කාලීන අවශ්‍යතාවයක් කියලයි මම කියන්නේ.
  දේශපාලන වේදිකාවේ ඉදිරියට ආවේ නැති උනාට රටට ආදරේ ඇති වැදගත් බුද්ධිමත් දක්ෂ තරුණ තරුණියන් පිරිසක් අපිට ඉන්නවා  මේ අපේ රටේ දේශපාලනයේ වෙන්නේ ලොවෙත් නැති මහා විකාරයක් කියල ඒ අයට තේරෙනවා නේ. මේ බුද්ධිමත් පිරිස ඉදිරියට එන්න අකමැති නම් තිරෙන් පිටුපස සිට හෝ ක්‍රියාත්මක වෙමින් වැඩ කල යුතු කාලය ඇවිල්ල තියෙන්නේ.දැනටමත් ප්‍රමාද වැඩියි කියලයි මම සිතන්නේ,
  
ලංකාවේ මැතිවරණ දිනන්න නම් මිනිස්සු කැමති ඒවා කියන්න වෙනවා රනිල් වගේ කෙනෙක් දිනන්නේ නෑ සජිත් වගේ කෙනෙක් හිතනවා තමන්ට දිනන්න පුළුවන් කියල මහින්ද වගේ මිනිස්සු අතර නැගල යන කතා ටිකක් කිව්වොත් කියලා, මහින්ද මිනිස්සු අහන්න කැමති දේවල් කියල දිනනවා ඒ වගේ දේවල් කරනවා. තේරුම් ගතයුතු දේ තමයි මැතිවරණ දිනන දේශපාලනයෙන් රට කරන්න ගියොත් ටික දවසකින් රට විනාශ වෙලා යනවා කියන එක. වෙන විදියකට කියනවනම් අපේ රටේ චන්දේ  දිනන්න පුළුවන් අය තමයි සාරුව සුනිල් දුමින්ද අනර්කලී මුතුහෙට්ටි මර්වින් පබා රත්තරන් වගේ අය.  දැන් ගැටලුව තමයි මේ අය දිනන්න පුළුවන් උනාට ලංකාව අද ලෝකයේ සිග්පුරුව තායිලන්තය වගේ කලාපීය රටක් එක්ක වත් කරට කර සටන් කරලා රට ඉදිරියට ගෙනියන්න තරම් දේශපාලන ආර්ථික දැක්මක් තියන අය නොවෙයි. මේ අයට එහෙම හැකියාවක් නැහැ නේ. මේ අයගේ දර්ශනයෙන් රට පාලනය කරලා ලංකාවට වෙලා තියන දේ පේනවා නේ.

දැන් අපි කල යුත්තේ කුමක්ද? පැහැදිලිවම මෙන්න මේ රට කරවන දර්ශනය  දිනන පුද්ගලයින්ගේ දර්ශනයෙන්  වෙන්කරගත යුතුයි. උදාහරණයක් ලෙස කියනවනම් ඉහත සංගීත ලෝකයේ  රියානට සින්දු කියන්න පුළුවන් එත් සින්දු හදන්නේ මියුසික්  ඉන්ඩස්ට්‍රි එකෙ තිරෙන් පසුපස සිටින දක්ෂ ගීත රචකයින් නිෂ්පාදකයින් සංගීතකරුවන්. රියානටම සින්දු ලියන්න තනු දාන්න නිෂ්පාදනය කරන්න දෙන්නේ නෑ නේ, මේ විදියටම ලංකාවේ දේශපාලනය දී අපිත් සිතිය යුතුයි නැත්නම් මේ විෂම චක්‍රය කඩන්න බෑ. දැන් ලංකා වේ පක්ෂ වල දිනන්න පුළුවන් දේශපාලකයෝ හෝ ඉදිරියට ගෙන්න  පුළුවන් නව ජනප්‍රිය අය හෝ දේශපාලන පක්ෂ විසින් හුදු වාහකයන්ලෙස පමණක් පාවිච්චි කරන්න ඕන.
 උදාහරණයක් ලෙස යූ  ඇන් පී එකට අද දවසේ  විපක්ෂය ලෙස කලයුතු  වැඩේ තමයි මේක.  එනම් බුද්ධිමත් දක්ෂ තරුණ තරුණියන්ට පක්ෂය තුල තිරෙන් පිටුපස වැඩ කිරීමට  විශාල බලයක් සහ තැනක් ලබාදීම. එත් එක්කම පක්ෂයේ  රට කරවන  ආර්ථික හා සමාජීය ප්‍රතිපත්ති  පක්ෂයෙන් චන්දෙට ඉදිරිපත් කරන  ජනප්‍රිය දේශපාලන චරිත පුද්ගලයින්  ගේ  පුද්ගල දෘෂ්ටි වලින් ස්වයාක්ත කරලා මේ අය උත්කර්ෂයට පමුණුවන ලද හොරණෑ(glorified mouthpiece) ලෙසින් පමණක් යොදා ගැනීම.
  උදාහරණයකට අපිට රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සලකන්න. මොන පක්ෂේ මොන ජනාධිපති ආවත් ඒකට අනුකූලව  වැඩකරන්න වෙනවා.  අන්න ඒ වගේ එක්සත් ජාතික පක්ෂයට පුළුවන් තමන්ගේ  පක්ෂ ව්‍යවස්ථාව අන්න ඒ වගේ ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති දර්ශනය පවා අඩංගු වන අපේක්ෂකයා ගෙන් ස්ව්‍යායක්ත දෙයක් කරන්න. වෙන විදියකට කියනවනම් එක්සත් ජාතික පක්ෂය තුල තිබිය යුත්තේ එක්සත් ජාතික පක්ෂ චින්තනය එක කවුරු ආවත් වෙනස් කරන්න බැරි වෙන්න ඕනෑ රනිල් චින්තනය, ප්‍රේමදාස චින්තනය, කරු ජයසූරිය චින්තනය වගේ දේවල් වලට මේ පක්ෂය ඇතුලට පිටින් එල්ලන්න බැරි කරන්න ඕන. ඒ වගේ පක්ෂයේ පුද්ගලයෙක් යෝජනා කරන පුද්ගලික මතවාදයක් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුල් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වගේ පක්ෂයේ විශාල බහුතර කැමැත්තකින් හැර නොකළ යුතුයි.
  ඇත්තටම රනිල් කියන්නේ මට හිතෙන විදියට මේ තිරෙන් පිටුපස සිටිය යුතු සංගීත කර්මාන්තය තුල ඉන්න මැක්ස් මාටින් වගේ චරිතයක් විය යුතුයි. රනිල් තමන්ගේ සීමාව අවබෝධ කර ගත යුතුයි. රනිල් ට චන්දේ දෙන්න තරම් අපේ ජනතාව දියුණු නැහැ. සජිත් නොවෙයි දයාසිරි ජයසේකර  හරි වාහකයා ලෙස භාවිතා කරලා රටට යහපතක් වන ඉදිරියට යා හැකි ආර්ථික සමාජීය දේශපාලනයක් රට තුල ස්ථාපිත කිරීම අද  දවසේ බුද්ධිමත්, පවතින රජයට විරුද්ධ මත දරන විපක්ෂයේ තරුණ තරුණියන්ගේ අභිප්‍රාය විය යුතුයි.
  රනිල්ට එයාම එන්න ඕන කියල හිතනවා නම්  ඇත්තේ එක විකල්පයකි ඒ ඔබාමාගේ කැම්පේන් මැනේජර් David Axelrod වගේ  චන්ද කෙරුවාවට අති දක්ෂ  පුද්ගලයෙක් හෝ ඩේවිඩ් ලොක්කම ඔබාමාගන් ඉල්ලා ගන්න එක. මංගල සමරවීර නම් ඔය වැඩේට මදි.  මංගල සමරවීර 2005 මහින්ද රජ පුටුවට ගෙනාවා මෙන් රනිල් ගේන එක ලෙහෙසි වැඩක් වන්නේ නැත .

Friday, November 30, 2012

ආදරයට බාධා කල බර්ලින් පවුර -Love of the Cold War

හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්, දේශප්‍රේමියෙක්... ඒ වගේම  ගීත රසිකයෙක්ද  වන මාතලන් ගොයියා අද උදේ පාන්දරම  ඔහුගේ විප්ලවීය බ්ලොගය හරහා බර්ලින් තාප්පය දෙවන වරටත් කඩා දමා  සමාජවාදයෙන් බැට කකා සිටින මෙහි සිටින  ජනතාවට නිදහස ලබා දීම ගැන පළමුව මගේ විප්loveවීය ආචාරය. මෙම පොස්ට් එක සම්පුර්ණයෙන්ම කොලිටි අඩු මාතලන් අනුකරනයකි.
 Winds of change ගීතය නැවත මතක් කරලා හදපු නොස්ටැල්ජියාව   කොමෙන්ට් එකක් විතරක් දාල දරාගන්න බැරි තරම් දරුණු  වුන නිසා තමයි මේ පොස්ට් එක ලියවෙන්නේ.
  අපේ රටේ පිරිසක් ඉන්නව තාම  සමාජවාදී නැගෙනගිර ජර්මනිය මාර රටක් කියල හිතන . ඒ අයට අනුව මේ තාප්පය තිබුනානම් හොඳයි.  තාප්පෙන් එහා පැත්තේ ඇත්තටම හිටිය වුන් තමයි දන්නේ වැඩේ කොහොමද කියල. පුලුවන්නම් බ්ලොග් වල සමාජවාදය මාරයි කියල මාත් එක්ක කොකු දාගන්න අය ඒ කාලේ බර්ලින් තාප්පෙන්  එහා පැත්තේ කට්ට කාපු කෙනෙක්ට කියල බලන්න හොඳ දෙකක් අහගන්න පුළුවන්. 
   ලංකාවේ  වම්මු එක්ක මට තියන ගැටලුව තමයි මේ අය කට්ට ගාගෙන බඩගින්නේ ඉදගෙන රස්සා නොකර ෆුල් ටයිම් කාඩර් වරු ලෙස අපි වෙනුවෙන් සමාජවාදය  දිනා ගැනීම සඳහා ජීවිතය කැප කරලා ශ්‍රේෂ්ඨ සටනක නිරතවනවා  කියල නේ කියන්නේ. ඇයි මේ අපි හැමෝටම බලෙන් සමාජවාදය අරන්  දෙන්න හදන්නේ. වම්මු  හිතනවා එයාල දන්නවා අපිට ඕනෑ දෙය අපි ආස කරන ලංකාවේ මුළු ජනතාවටම ඕනෑ දෙයත්  මොකද්ද කියල.  ලංකාව තවත් නැගෙනහිර ජර්මනියක් සමාජවාදී රුසියාවක් කරන්න හදන අයට ඔය  අසාර්ථක සමාජවාදී අත්හදා බැලීම මාරාගෙන මැරිලා හරි කරන්න ඕන කියල හිතන  අයට මං කියන්නේ මේකයි ඇයි මේ අනිත් අයට, අපි  හැමෝටම  ඕක බලෙන් විපරීත විදියට දෙන්න හදන්නේ ලෝකයේ දැනටමත් කියුබාව උතුරු කොරියාව වෙනිසියුලාව චීනය වගේ  සමාජවාදී රටවල් තියනවා නේ. ඔයාල ඔයි තරම් ආස නම් අර චේගුවේරා විප්ලව කරන්න වෙන රටවලට ගියා වගේ  කරුණාකරලා ඒ රටවලට ගිහින් සමාජවාදය රස බලමින් මැරෙනතුරා ඉන්නකෝ. ආපසු නෑවිත්.
  දැන් ඉතින් අයිත්  මතෘකාවට එමුකො. මේ නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය වෙන් කරන බර්ලින් තාප්පය   බිඳහෙලීමේ සංකේතාත්මක ගීය ගැන මාතලන්  කිව්වා නේ මේ තාප්පේ කඩන්න ඉස්සෙල්ල තාප්පෙන්  එහා පැත්තේ  කෙල්ලෙක්ට  මෙහා පැත්තේ කොල්ලෙක් ගේ ක්‍රෂ් එක ගැන කියවෙන අපූරු ආදර ගීතයක් තියනවා.   කියන්නේ ලංකාවෙත් ජනප්‍රිය ගායකයෙක් වන එල්ටන් ජෝන් (Elton John). එල්ටන් ජෝන් ට මේ ගීතයේ පසුබිම් ගායනයෙන් සහය වෙන්නේ තවත් ජනප්‍රිය ගායකයෙක් වන ජෝර්ජ් මයිකල් (George Michael)
ධනවාදී බටහිර ජර්මන් තරුණයෙක් තාප්පේ එහා පැත්තේ සමාජවාදී නැගෙනහිර  දේශ සීමා මුර සෙබළියක් පිළිබඳව සිතක් පහල වෙලා දේශසීමා මුර කපොල්ල මෙහා පැත්තේ ඉඳන්  පැණි හලන්න ගන්නවා එත් ඔහුට ඒ පැත්තට යන්න දෙන්නෙත් නෑ ඇයට මේ පැත්තට එන්න දෙන්නෙත් නෑ.  
 මේ ගීතයේ පසුපස තියන අපුරු කතාව තමයි විෂම ලිංගික  කෙල්ලක්  සහ කොල්ලෙක් අතර ආදරය ගැන කියන මේ ගීතයේ ගායකයන් දෙදෙනාම සමලිංගිකයන් වීම.  ගීතයේ නම සහ ගීතයේ තරුණියගේ නම නිකීටා. ගීතයේ වීඩියෝවේ නිකීටාට ඉන්නේ රූමත් තරුණියක් උනාට   රුසියානු බාසාවෙන් නිකීටා නම යොදන්නේ කොල්ලන්ටලු. ඉතින් එල්ටන් ලොක්ක ව්‍යංගයෙන් මේ ගීතයේ කියන්නේ කොලු ආදරයක් ගැන වෙන්නත් පුළුවන්.
ගීතයේ දල අනුවර්තනය මෙහෙමයි

ලොවේ සීතල මුල්ලක නේද ඔබ ඉන්නේ නිකීටා..
තාමත් ඔබට උණුසුම් හදවතක් මුණගැසුනේ නැද්ද?
මම ඔබව දැක්කා තාප්පේ එහා පැත්තේ ඉන්නවා
උබලගේ සොල්දාදුවන් දහයකට විතර මැදිවෙලා
ඔයාගේ දෙනෙත් හරියට හිම මත ගිනි පුලිඟු වගෙයි
ඔයාට දැනගන්න ලැබෙන්නේ නෑ තාප්පෙන්  මේ පැත්ත ගැන කිසි දෙයක් 
ඔබව වැළඳගත්තම මොන වගේ හැගීමක් දැනේවිද කියල කවදාවත් මට දැන ගන්නත් විදියක් නෑ

නිකීටා ඔබ මන් ගැන සිහින මවල තියනවද
ඔයාට මන් ලියන ලියුම් කියවන්න ලැබුනද
නිකීට ඔබ රාත්‍රියේ අහසේ තරු ගැනල තියනවද
කවද හරි ඒ දවස උදා උනොත්
තුවක්කු, ගේට්ටු තාප්ප ඔයාව මේ පැත්තෙන් වෙන් නොකරන
ඔබට නිදහසේ තෝරාගන්න පුළුවන් දිනක
එන්න බටහිරට මා සොයාගෙන
ඔබ එනතුරු තරු ගනිමින් මන් බලා ඉන්නම්
ගීතය මෙතනින් රස විදින්න
Elton John - Nikita

Powered by mp3skull.com
මේ තියෙන්නේ ඉංග්‍රීසි පද වැල
Hey Nikita, is it cold in your little corner of the world?
You could roll around the globe and never find a warmer soul to know
Oh, I saw you by the wall
Ten of your tin soldiers in a row with eyes that looked like ice on fire
The human heart a captive in the snow
Oh Nikita, you will never know anything about my home
I'll never know how good it feels to hold you
Nikita, I need you so
Oh, Nikita is the other side of any given line in time
Counting ten tin soldiers in a row
Oh no, Nikita, you'll never know
Do you ever dream of me?
Do you ever see the letters that I write?
When you look up through the wire, Nikita, do you count the stars at night?
And if there comes a time, guns and gates no longer hold you in
And if you're free to make a choice, just look towards the west and find a friend
Oh Nikita, you will never know anything about my home
I'll never know how good it feels to hold you
Nikita, I need you so
Oh, Nikita is the other side of any given line in time
Counting ten tin soldiers in a row
Oh no, Nikita, you'll never know
මෙන්න වීඩියෝව හරිම ලස්සනයි තාප්පේ මෙහා පැත්තේ ගේට්ටුව ගාව චාටර් වෙන හැටි


Monday, November 26, 2012

ගණිකා වෘත්තිය - නීතීගත කරමුද ? වරදක් ලෙස නොසලකමුද - PROSTITUTION – LEGALIZE OR DECRIMINALIZE?

ගණිකා වෘත්තිය, නීතීගත කිරීම මැයෙන් මාතලන් බ්ලොග්කරුවා ලියනලද ලිපියට මා දැක්වූ ප්‍රතිචාරය වූයේ මේවා නීති ගත කරනවා (legalize prostitution)  කියා නව නීති දානවාට වඩා ගණිකා වෘත්තියේ යෙදීමේ සාපරාධී බව තොර කරන එක (Decriminalization) වඩා හොඳ බවය. නීති ගත කරලා ආණ්ඩුවට පිස්සු කෙලින්න තව බද්දක් ගහන එකට වඩා සාපරාධී බව තොර කරන එක හොඳ නැද්ද? මෙයට මාතලන් ගේ ක්ෂණික පිළිතුර වූයේ උඹ හා අරුණි කතා කරන ළෝකය ගැන  බොහෝ ප්‍රශ්ණ තිබෙනවා. ලංකාවේ මේ තරමින් හෝ තියෙන්නේ නීති රීතී නිසා යන්නය.අරුණිගේ අදහස මම නොදනිමි ඇය ඈ වෙනුවෙන් පිළිතුරු දුන්නාවේ මා මගේ අදහස මෙහිදී කිව යුතුමය. මා කිසි විටක නීති රීති වලින් තොර සමාජයක් ගැන කතා කර නැත. මෙය මාතලන් මා ගැන කරන  සම්පුර්ණ වැරදි අර්ථ දැක්වීමකි.  නීති රීති පොලීසිය උසාවිය අවශ්‍ය දෙයකි. නමුත්  නීති හා රෙගුලාසි වලින් වැළක්විය යුත්තේ තව කෙනෙකුගේ පුද්ගලික නිදහස සහ අයිතීන් උල්ලංගනය වීම පමණි.

ලංකාව යටත් කරගෙන සිටි යටත් විජිත හිමියන් අපිට කිසිසේත් නොගැලපෙන අනවශ්‍යය නීති ගොඩක්  බලෙන් අපවෙත පටවන ලදී . මේවා බොහොමයක් අද කාලයට කිසිසේත්ම නොගැලපෙන නමුත් මොකද්දෝ අවාසනාවකට මේවායේ  ඇලපිලි පාපිලි වෙනස් කර, කපා කොටාවත්  අද කාලයට ඔබින ලෙස වෙනස් කර ගැනීමට  අපේ නීති සම්පාදක  වරු අදටත්  අසමත්ය.

1841 පමණ යටත් විජිත හිමියන් අපට දුන් අයාල ආඥාපනත (vagrants ordinance) සහ ඊට වසර 49 කට පසු 1889 සුද්දන්ම අපිට දුන් වේශ්‍යාගාර ආඥාපනත(Brothels Ordinance) අදටත් නිදහස දිනා ඇතැයි කියන ලංකාවේ ලිංගික ශ්‍රමිකයින්ට එරෙහිව ක්‍රියාත්මක වෙන නීතියයි. (1996, 1998 සහ 2006 දී කරන ලද සංශෝධන නොසළකා හැරිය හැකි තරම් නොවදගත්ය)

මේ  පැරණි විකාර  නීති නිසා ලංකාවේ  වැඩිය දුක් ගැහැට විදින්නේ පිම්පියන්ට වඩා  ඔවුන්ගේ ගොදුර එනම් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන අසරණ ගැහැණු , ළමයි සහ මිනිසුන්ය. මේ නීති ඉවත් කර බලහත්කාරය නොමැති පුද්ගලික නිදහස අගයන ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් වීමට පසු එනම්   ස්ව අභිමත ගණිකාවන් බිහිවන පරිසරයක් ඇතිවන  තුරු ගණිකා වෘත්තිය නිතිගත කිරීමෙන් වැඩි වාසි අත්වන්නේ sex trafficking කරන   සංවිධානාත්මක අපරාධ කල්ලි සහ පිම්පියන්ටයි.

මේ  තත්වය තුල ගණිකා වෘත්තිය නිතිගත කරන එකට කලින් ලංකාවේ විසදිය යුතු මීට අදාළ  මීට වඩා වැදගත් ප්‍රදාන  ගැටළු කීපයක්  කිහිපයක් තිබේ.
1. ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින්  වසරකට 10000 ක් 12000 ක් පමණ ළමයි සහ කාන්තාවන් බලෙන් හෝ දුගීබව උපයෝගී කර රවට්ටා ගණිකා වෘත්තියේ යෙදවීම පිණිස  ගම්බද පෙදෙස් වලින් නගරයට රැගෙන එයි.
2. ලකාවට සංචාරකයන් එන්නේ පුංචි පිරිමි ළමයි හොයාගෙන මේ ගැන ලංකාව ලෝකෙම  ජනප්‍රියයි 20000 විතර කොලු පැටව් මේ වැඩේට ඇබ්බැහි වෙලා නැත්නම් බලෙන් යොදවනවා. 
3. ස්ව අභිමතය (own free will) නිසා ගණිකාවක් වීම ලංකාවේ සාමාන්‍යයෙන් වෙන දෙයක් නොවෙයි. බොහෝවිට ලංකාවේ ගණිකා වෘත්තියේ අනිසි ලෙස යොදවන  ගැහැණු  මිනිස්සු  සහ ළමයි නිරන්තරයෙන්  ශාරීරිකව හා මානසිකව  වධ බන්ධන වලට ලක්වෙනවා එත් ලංකාවේ මේ ගැහැණු මිනිස්සු ළමයි නීතිය ඉදිරියට යන්න බයයි.

 90 % පමණ කොළඹ සිටින  ගණිකාවන්  වේශ්‍යා ස්ත්‍රීන් සපයන්නා විසින්  පහර දී එක්කෝ  මත්ද්‍රව්‍යය දී නැත්නම්  මගේ තර්කයට  මෙතනදී වඩාත්ම වැදගත්  කාරණය  පොලිසියට අල්ලලා දෙනවා  හිරේ දමනවා පත්තරේ ටී වී  එකේ ගිහින් හැමෝම දැන ගනියි කියා බිය ගන්වා තර්ජනය කිරීමෙන් තමයි දිගටම තමන් ගාව තියා ගන්නේ. ගණිකා වෘත්තියේ යෙදීමේ සාපරාධී බව තොර කරන එක (Decriminalization)  කරාම මේ අනතුර ඒ ලිංගික ශ්‍රමිකයන්ට නැති වෙනවා. ඒ නිසා මේ ස්ව කැමැත්තෙන් තොරව මේවායේ යොදවන ගැහැණු බය නැතිව එලියට ඇවිත් නීතියේ පිලිසරණ පතාවී .

ගණිකා වෘත්තියේ යෙදීමේ සාපරාධී බව තොර කරන එක(Decriminalization of prostitution) මේ මොහොතේ ලංකාවේ ගණිකා වෘත්තිය නිතිගත  කිරීමට  වඩා හොඳ සහ  කල යුතු වඩා අර්ථවත්  ප්‍රයෝගික  රාජ්‍ය ප්‍රතිපත්තිය නොවේද ?

Tuesday, November 13, 2012

තුණ (3%) අහිමි ජාතියට තුනක් ලබා දෙමු

ලංකාවේ කැම්පස් ගුරාලා සීයට හයක කතාවක් ඔවුන්ගේ වැටුප් අරගලය හා බද්ද කරන ලදී. පසුගිය වසරේ ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් අසල  පිරිසක් රොක්වී ඇමරිකාවේ සීයට අනූ නවයක් දුප්පත් බවත්  ඔවුන් දුප්පත් වී ඇත්තේ ධනවත් සීයට එකක් ඉතිරි සීයට අනූ නවය සුරාකෑම නිසා කියා පැල් බැඳගෙන පොලීසියෙන් එලවා දමන තුරු  මහා විප්ලවයක් කරන ලදී. ඔවුන්ගේ ඉල්ලීම පැහැදිලි නැතත් ඒ ඉල්ලීම   ධනවත් සීයට එකෙන් උදුරාගෙන සීයට අනූ නවයට බෙදා දෙන්න යයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමක් විය යුතුය. ලංකාවේ රනිල් වික්‍රමසිංහද මේ සීයට අනූ නවයසහ එක සමග එල්ලී මොනවද කියා තිබුණි.
මේ ලිපිය ඒ අරගල සහ කතා වල හරි වැරදි බැලීමක් නොවේ වෙනත් දෙයකි. කිසිම කෙනෙක් කතා නොකරන තුන ගැන කතා කිරීමයි. නිකං තුණ නොව සීයට තුණ පිළිබඳවයි. මේ හැමටම වඩා අද ලංකාවට වැදගත් 3% ප්‍රසන්ට් පිළිබඳවයි
ඇමරිකානු නිදහස් සටන පැවති කාලයේදී එංගලන්තයේ රජුට එරෙහිව ක්‍රි‍යාන්විත බලයක් ලෙස සටන් කරේ 3% ක ප්‍රතිශතයක් පමණි. එම 3% පමණ සුළු පිරිසට භාවිතයෙන් තව 10% පමණ උදව් කරන්නට ඇත. මේ මේ අරගල කරුවන් පිරිසට ඔවුන් පෙනී සිටින අරමුණ වෙනුවෙන් ජනගහණයෙන් තවත් 20% ක් පමණ මතවාදීමය ලෙස එකඟව සිටියද එම පිරිස වෙන උදව්වක් කරේ නැත. ජනගහණයෙන් 3/1 පමණ රජුගේ පැත්ත ගෙන සිටියා ඇත්තටම යුද්ධය අවසාන කාලයේ සටන්බිම තුල රජුට විරුද්ධව සටන් කරන ඇමරිකානුවන් ගණනට වඩා වැඩි ගණනක් රජු වෙනුවෙන් සටන් කරා. ඉතිරි 3/1 ක පමණ ජනතාව කිසිම පැත්තකට නොගෙන ඔහේ උදාසීනව බලාගෙන හිටියා මේ අය වැල යන පැත්තට මැස්ස ගහන පෙරලෙන පිට හොඳයි කියන පිරිසය.


මේ ඇමරිකානු ඉතිහාස පාඩමෙන් උගත් දේ ,රටවල් වෙනස් කරන නිදහස දිනාගත් සටන් කරන ජනතාව ගැන කියවෙන දේ ඕනෑ රටකට අදාලයි කවදත් කොතනත් මිනිස්සු එහෙම තමයි. වැඩි පිරිසක් අද බුක්තිවිඳින දේවල් සුළුතර පිරිසක් සමහර විට තනි පුද්ගලයන් දිනාදුන් දේවල්. ඉදිරියටත් මේක මෙහෙමම තමයි. බොහෝ සාර්ථක රටවල් ගොඩනගා ඇත්තේ ජනතාව අතරින් බිහිවන බුද්ධිමත් නැණවත් ඒකාග්‍රතාව ඇති කුඩා පිරිසක් මුල්වෙලා. මේ කුඩා පිරිසට තමයි නිදහස සහ වර්ධනය ලුහුබැඳ යන ඇම්ම තියෙන්නේ. මේ සුළු පිරිස ගොඩනගන දේවල් තමයි අන්තිමේදී බහුතරයකට වාසි සලසන්නේ හෝ අවාසි සලසන්නේ .

ඒ වගේම මේ දේවල් කරන්න මුල්වෙන කුඩා පිරිස සමග අනෙක් අය මතවාදීව එකඟ වෙන්න හරි පසුපස්සේ යන්න හරි ඕනෑම නැහැ සාර්ථක රටවල් බිහිවෙන්න. බොහෝ සාර්ථක රටවල ඒ සාර්ථකත්වය නිසා ප්‍ර‍තිලාභ විඳින විඳි බොහෝ අය මේ රටවල් නිර්මාණය කරන්න වෙර වීරියෙන් කැපවීමෙන් ක්‍රියාකරපු කණ්ඩායමේ කොටස් කරුවන් නොවෙයි.


අපි 1948 දී නිදහස ලැබුවා යැයි කියති. මහ රැජිනගෙන් නිදහස ලබා වසර 60 කට පසු එංගලන්තයේ රැජින වෙනුවට අපේම රජෙක් දක්වා යන මානසිකත්වයක් නිදහස පිලිබඳ හැගීමක් අවබෝධයක් ඇති ජනතාවක් සිටීන රටක විය හැකි දෙයක්ද? නිදහස, නීතිය, පුද්ගල දේපල අයිතිය දියුණු සංවර්ධිත රටක් ඕනෑ යයි සිතන අය කල යුත්තේ කුමක්ද? බිල්ඩින් පාරවල් වරායවල් සෑදෙන නිසා නිදහස, නීතිය, පුද්ගල දේපල අයිතිය වැනි දේ අවශ්‍ය නැතයි බොහෝ දෙනා සිතති.

 ජනතාවගෙන් 3\1 පමණ සිතන්නේ අපි සීග්‍රයෙන් ආසියාවේ ආශ්චර්ය කරා ගමන් කරන බවයි තවත් 3\1 ක් ඕන පුකක් වුනාවේ හැන්දෑවට අඩියක් ගහල,ටෙලි නාට්‍යක් බලලා ඉඳල හිටලා ට්‍රිප් එකකක් ගිහිල්ල ඉන්නව අපි ඔය දේශපාලනේට නෑ කියන උදාසීන පිරිසයි. මේ යන හැටි එතරම් හොඳ නැති බව ජනගහනයෙන් 3/1 පමණ අවබෝධ කරගෙන ඇත මේ අයගෙන් ලංකාව පිළිබද අවසන් බලාපොරොත්තුවද අතහැර ගත් පිරිස් රට හැර යති. සමහරු තත්වය අවබෝධ කර ගත්තද කරන්න දෙයක් නැතිව සිටිති. මේ යන විදිය වෙනස් විය යුතුයි යන මතයේ සිටින අයට මේ මම කියන තුන හිමි 3% ඉතා වැදගත්.

මා කියන්නේ ලංකාව ඇත්තටම දියුණු සංවර්ධිත ආශ්චර්යමත් රටක් කිරීම කල හැකි වැඩක් බවය. අපි බලාපොරොත්තු අතහැර ගත යුතු නැත. දියුණු සංවර්ධිත රටක් සඳහා හැදිය යුත්තේ බිල්ඩින් පමණක් නොව බිල්ඩින් තුල ඉඳීමට ඊට ගැලපෙන මිනිසුන් බිහි කල යුතුය. උදාහරණයකට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කෙතරම් නවීන මනරම් උනත් ඒ තුල ඉන්නා මිනිසුන් දිහා බලන්න මේ ගොඩනැගිලි තුලට නවීන උගත් මිනිසුන් එනතෙක් ඒ ගොඩනැගිල්ලෙන් රටට ඇති වැඩක් තිබේද?මේ මා අවසානයට කී තුනෙන් පන්ගුවේ සිටින ජනතාව අතරින් 3% ඉදිරිපත්වී කැපවී ක්‍රියාකරන්නේ නම් අපේ රට වෙනස් කල හැක. මුළු ජනතාවම සියල්ලම ආකල්ප වෙනස් කොට හරි දෙය තේරුම් ගෙන බහුතර උත්සාහයකින් සාර්ථක රටක් හැදෙන තුරු නැණවත් බුද්ධිමත් තුන හිමි තුනෙන් පංගුව බලා සිටිය යුතු නැත.

මා කියන්නේ ශ්‍රී ලංකාව වසර 2500 ක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් හිමි වංශය කබල් ගගා සිටිය යුතු රටක් නොව තවමත් ගොඩනගා ප්‍රතිස්ථාපනය කර නොමැති රටකි. ඒ පැරණි සෞභාග්‍යය වැළලී ගොස් බොහෝ කළකි. අපේ ජාතිය ඉක්මනින් ගොඩනැගිය යුතුය ජාතිය බිහිකිරීම සඳහා පියවරු අවශ්‍යය. ඔබ අයත් වන්නේ ඉහත තුනෙන් පංගුවෙන් කුමන කණ්ඩායමටද? මේ අතරිනුත් තුන හිමි 3% ඉදිරියට එන්නේ කවදාද?

If you got the balls to fight then come on bring it and become founding fathers of new Sri lanka.

Friday, October 26, 2012

අත්තිවාරම


මං අද කතාකරන්න යන්නේ  ගෙවල් වල අඩිතාලම ගැනනම් නොවෙයි  අපි හැමෝටම ජීවත්වීමට වැදගත් වෙන දෙයක පදනම ගැන . ආර්ථික විද්‍යාවෙ නැත්නම් අර්ථශාස්ත්‍රයේ  පදනම ගැන නිදහස් වෙළඳ පොළ ආර්ථිකය ගැන ලියන්න අදහස් කරන ලිපි පෙළක ආරම්භය.

 බුද්ධ ධර්මය කියන්නේ තමන් ගැන සොයන දහමක් කිව්වම කවුරුත් පිලිගන්නවා නේ . බුද්ධාගමේ හැම දෙයක්ම තනි පුද්ගලයා පිලිබඳ දහමක් මේ වගේම තමයි ආර්ථික විද්‍යාව කියන්නේ සම්පුර්ණයෙන්ම  තනි පුද්ගලයන් පිලිබඳ දෙයක්. මොකද දන්නවද ආර්ථික විද්‍යාවෙ හැමදෙයක්ම අදාල වෙන්නේ පුද්ගලයාගේ  තෝරාගැනීම පිළිබඳවයි. තෝරාගැනීම කියන එක අදාළ  වෙන්නේ පුද්ගලයාටයි.
 මේක තව ටිකක් පැහැදිලිකර ගමු. 
මුදල්  සම්බන්දවෙන සහ  නොවන දේවල් වලදී පවා පුද්ගලයෙකුට තෝරාගැනීම් කරන්න වෙනවා. ලෙඩවෙලා ඉන්න යාළුවා බලන්න ඉස්පිරිතාලේ යනවද පෙම්වතිය හම්බවෙන්න යනවද? ට්‍රිප් එකක් යනවද? කාර් එකක් ගන්නවද?සපත්තු දෙකක් ගන්නවද සෙල් ෆෝන් එකක් ගන්නවද ඉඩම වටේ තාප්පේ ගහනවද? ගෙදරට වෙලා විවේකයෙන් ඉන්නවද වැඩට යනවද? හැමතැනදිම වගේ මුදල් එක්කෝ  කාලය එක්කෝ මහන්සිය උනන්දුව වෙන්න පුළුවන් අපිට ඕනදෙවල් ලබාගන්න කරගන්න  අවශ්‍ය සම්පත් මදි උනාම හැම දෙයක්ම ලබාගන්න,ඉටු කරගන්න බෑ එතකොට අපිට තෝරාගන්න වෙනවා අපි මේ දේවල් අතරින්  අපිට වැඩිපුරම අවශ්‍ය වෙන දේ.   ආර්ථික විද්‍යාව කියන්නේ මෙන්න මේ සෙල්ලම ගැන තමයි.

දැන් වැදගත්ම දේ තමයි මේ තෝරා ගැනීම් ඔබ වෙනුවෙන් වෙන කෙනෙක්ට කරන්න පුලුවන්ද කියන එක . බැහැ නේද ? ඔබට අවශ්‍ය දේ ඔබයි තෝරාගන්නේ පුද්ගලයා තමයි තෝරාගන්නේ මොකද්ද කියල තීරණය කරන්නේ. සමාජය හෝ  සාමුහික පිරිසක් මේ තෝරා ගැනීම් කරන්නේ නැහැ සහ බැහැ. ඇයි බැරි.  හේතුව තමයි සමුහයකට මනසක් හෝ ජීවයක් නොමැති නිසා. පුද්ගලයාටයි මොලය තියෙන්නේ සාමුහික මොලයක් නැහැ. ඔබේ තෝරාගැනීම මොකද්ද කියල  ඔබ විතරයි දන්නේ. දැන් ඔයාලට හිතේවි ඇයි චන්දයක් තියල තෝරන්නේ මොකද්ද කියල තීරණය කරනවා. එත් ආයිත් චන්දයේදී මොන එකද තෝරා ගන්නේ කියල තීරණය කරන්නේ පුද්ගලයා.  අන්න ඒ තැන ඒ කියන්නේ පුද්ගලයාගේ තෝරා ගැනීම සහ ඒ තෝරාගැන්මේ විපාක අවබෝධ කරගැනීම  තමයි ආර්ථික විද්‍යාවෙ සම්පුර්ණ අවධානය යෙදවෙන්නේ. ඉතින් මේ තෝරාගැනීම් සහ එවයි ප්‍රතිවිපාක අවබෝධ කරගන්න   පුළුවන් එකම විදිය   තමයි තනි පුද්ගලයින් තෝරා ගැනීම් තීරණ ගන්නේ කොහොමද කියල හොයල බැලීම.

ඊළඟට වැදගත් වෙන දෙය තමයි   ආර්ථික විද්‍යාව කියන්නේ  ස්වාභාවික විද්‍යාව වගේ දෙයක් නොවෙයි කියන එක අවබෝධ කර ගැනීම.  මේ දෙක වෙනස්.  ස්වාභාවික විද්‍යාව කරන්නේ භෞතික දේවල් පිළිබඳව හැදෑරීම ඉතිං මේ වස්තු කිරල මැනලා  නිරීක්ෂණය කරලා විද්‍යාඥයෙක්ට පුළුවන් ස්වභාවික වස්තු වල ස්වභාවය චර්යාවන්  ක්‍රියාකාරීත්වන්  ගැන දැනගන්න ඊට පස්සේ  ඒ දැනුම මත පිහිටා අනාගතය පුරෝකථනය කරන්න. උදාහරණයක් කිව්වොත් බ්ලොග් ලියන ඇල්කෙමියා  විද්‍යාඥයෙක් ඔහුට කියන්න පුළුවන් හරියටම ටක්කෙටම යම් කිසි රසායනික ද්‍රව්‍ය දෙකක් යම් මාත්‍රා ගණනකින් කවලම් කරොත් වෙන ප්‍රතිපලය මොකද්ද කියන එක.
 හැබැයි ආර්ථික විද්‍යාවට මේක කරන්න බෑ ඇයි දන්නවද?  මං ඉස්සෙල්ල කිව්වා වගේ ආර්ථික විද්‍යාව කියන්නේ  මිනිස්සු කොහොමද තෝරා ගැනීම් කරන්නේ කියන ඒකට  නේ ඒ කියන්නේ  හිතන පතන මිනිස්සු මේ ලෝකයේ  වඩා කැමති වෙන්නේ , වඩා අගේ කොට සලකන්නේ, බලාපොරොත්තු වෙන්නේ විශ්වාස කරන්නේ  මොනවද කියන දේවල් නේ මේවට බලපාන්නේ  ඉතිං ආයිමත්  මේවා  පුද්ගලික, තනි මිනිසුන්ගේ  හිතේ ඇතිවන හැඟීම් අර භෞතික වස්තු වගේ කිරන්න මනින්න හැසිරීම නිරීක්ෂණය කරන්න බෑ. ඉතිං ඒ හින්ද ආර්ථික විද්‍යාවට  ස්වාභාවික විද්‍යාව වගේ  අනාගතය පුරෝකථනය කරන්න බෑ.

එතකොට  මොන බම්බුවක්ද  ආර්ථික විද්‍යාවට කරන්න පුළුවන්.

ආර්ථික විද්‍යාවට  පුලුවන්  කොහොමද  අපි මිනිස්සු විදියට පුද්ගලයින් විදියට තෝරාගැනීම් කරන්නේ කියන ඒක දැනගන්න? මෙන්න මේ වගේ වැඩක් කරන්න පුළුවන්. තවත් මනුශ්‍යයෙක් විදියට අපි දන්නවා නේ අපි හිතන්නේ පතන්නේ කොහොමද කියල  ඉතිං අපිට තේරුම් ගන්න පුළුවන් ලෝකය පිළිබඳව මිනිස්සුන්ගේ වැඩි කැමැත්ත, වටිනාකම්,  අභිප්‍රායන් ,සහ එල්බගත් මත මොනවද කියල. මොකද අපිත් තවමනුෂ්‍යක් විදියට මේවා අත්විදිනවා නේ.මෙන්න මේ දැනුම භාවිතා කරලා අපිට පුළුවන් මිනිස්සුන්ගේ මේ දේවල්  හිතන පතන විදිය නිසා ඉදිරියෙදී  කොහෙටද අපිව ගෙනියන්නේ කියල  තාර්කික ගොඩ නැංවීමක් කරන්න ඒ කියන්නේ  උදාහරණයකට භාණ්ඩ හුවමාරුව වෙළඳපොල හැසිරීම වැඩකරන්නේ කොහොමද කියල  විස්තර කරන්න.

ස්වාභාවික විද්‍යාඥයෙක් අප දිහා හුදු වස්තුවක් දෙයක් දිහා වගේ  බලලඒවා හදාරලා  මේ දේවල් වගේ අපි කොහොමද වැඩකරන්නේ  හැසිරෙන්නේ කියල කියනකොට මිනිසුන්ගේ අපේ ඇතුලාන්තය ඒ අයට මග හැරිලා යනවනේ  මීට වෙනස්ව  ආර්ථික විද්‍යාව  අපි ජීවත් වෙන්නේ කොහොමද කියල අපිට  පහදා දෙනවා ඒක නිසා ආර්ථිකය ගැන විධිමත්ව දැනගැනීම අපි හැමෝටම ඉතා වැදගත්.

Wednesday, October 24, 2012

පී. බී. දෙන්න එහෙම එපා එක සතයක්වත් වත් චම්පිකට

ජනාධිපති තුමාගේ පවුලේ කෙනෙකු නිසා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  ලබන විශේෂ සැලකිල්ල නිසා අංක එක අහිමි නොවුනානම් අද ලංකාවේ වැඩිම බලයක් ඇති  රජයේ ඉහළතම  පරිපාලන නිලධාරියා වන්නේ අචාර්ය පී බී ජයසුන්දරයි. එත් තවමත් දෙවනියා ඔහුය.
ලංකා සී නිව්ස් පුවතකට අනුව  පසුගියදා වීදුලි බල හා බලශක්ති ඇමති චම්පක රණවක වෙනත් නිලධාරීන් ද රාශියක් ඉදිරිපිට අචාර්ය පී බී ජයසුන්දරට පරිභව කොට බැනවැදී ඇත. විදුලිබල මණ්ඩලය මුහුන පා ඇති මූල්‍ය අර්බුදය පිලිබඳ  පැවති රැස්වීමකදී  පී .බී ජයසුන්දර විසින්   චම්පික ඇමතිතුමා වෙනත් තැනකදී කිවූ කතාවක් පිළිබද   ඇනුම් පද කියා ඇත.  වෙනත් තැනකදී  මීට පෙර අවස්ථාවක  චම්පික කියා ඇත්තේ රජයේ නිලධාරීන් රටේ ආර්ථිකය විනාශකර දමන බවයි.

 එවෙලේම ප්‍රතිචාර දැක්වූ චම්පික ඇමති තුමා ඔබ තමයි රටේ ආර්ථිකය විනාශ කරන ප්‍රතිපත්ති හදමින් ආර්ථිකය විනාශ කරන්නේ කියා මුනටම  බැනවැදී ජයසුන්දර මහතා ඉතා අපහසුතාවයකට පත් කොට ඇත.
බැන්නා කියා මං  ජනාධිපතිතුමාට කියන්නං කියා පමණක් කියා අචාර්ය පී බී  ජයසුන්දර  නිහඬව වී ඇත.

දැන් මෙතැන වී  ඇත්තේ රට කරවන දේශපාලකයින් හා රට කරවන නිලධාරීන් අතර ගැටුමකි. මේ ගැටුම දිහා ඉතිං අපිට මොකෝ කියා  කීමට හා නිකම් බලා සිටීමට  රටේ සංවේදී  ජනතාව ලෙස  අපි කැමැත්තක් දක්වන බව සැබෑය. එසේත් නොමැතිනම්  මේ දෙදෙනාගෙන් තමා වඩාත් අකමැති කෙනාට බැනල කොමෙන්ට් එකක් දාල නිහඬ වීම අනික් ක්‍රමයයි.  නමුත් අමාරුවෙන් හෝ මේ හැදියාව වෙනස් කර ගත්තේ නැත්නම් තමන්ගේ දරුවන්ට ඉදිරියේදී රට හැර යාම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවනු ඇත.

රටේ  වෙන්නේ කුමක්දැයි හැගීම වලින් නොව නිවැරිදිව හඳුනාගැනීම රටේ හැම පුරවැසියාගේම වගකීමකි . මේ දෙන්නගේ ගැටුමෙන් ජනතාවට ඉගෙනගත හැකි පාඩම කුමක්ද? බ්ලොග්  කරුවන් ලෙස අපට එහි ඇති  වැදගත්කම මොකද්ද යන්න පහදා දීම මේ ලිපියේ අරමුනයි. දැන් කට්ටියක් කියයි අයියෝ මේ කවුරුත් දන්නා දේවල් ටිකක් නේ කියල ඔව් මේවා දේශපාලන ආර්ථික  හෝඩි පොතේ දේවල් තමයි.  එත් ඉතින් මේ දන්නා දේවල් වලින් වැඩක් ගන්නවා කියල පේන්නේ නම් නෑ චන්ද්‍රිකා 94 දිනුවා අනර්කලී තමයි දැන් චන්දෙ දිනන්නේ.

ඉහත  ගැටුමට අදාළ විදුලි බල මණ්ඩලය යනු රාජ්‍ය ව්‍යාපාරයකි. මහා බැංකු වාර්ථාවට අනුව  විදුලි බල මණ්ඩලය 2011 දී රුපියල් බිලියන 26 ක පාඩුවක් ලබා ඇත.

 රාජ්‍ය ව්‍යාපාරයක අයිතිකරු වන්නේ බදු ගෙවන ජනතාවයි. දැන් මේ ඔබට අයිති ව්‍යාපාරය  ඔබ පවතින  ආණ්ඩුවට භාර දෙනවා ඔබ වෙනුවෙන්  කරගෙන යන්න. මෙතනදී  විදුලි බල මණ්ඩලය කරන්න භාර දීල තියෙන්නේ ආණ්ඩුවේ චම්පිකට. දැන් චම්පික රණවක ඇමති තුමා ඔහු යටතේ නිලධාරින් පත් කරනවා මේක කරගෙන යන්න. මේ නිලධාරීන් යටතේ යතුරු ලියන්නියගේ ඉඳන් කම්කරුවා දක්වා වැඩ කරනවා. දැන් පාර්ශව සියල්ල  පැහැදිලියි නේ. උදාහරණයක් ගමු රට වෙනුවට ඔබයි ඔබේ පවුලේ නෑදැයෝ ටිකයි එකතු වෙල කඩයක් කරනවා කියල හිතමු.
ඔබ සහඔබේ පවුලේ අය  (ජනතාව) = කඩේ අයිතිකරු
චම්පික රණවක (ආණ්ඩුව)= කඩේ කරගෙන යන්න භාර දීපු කෙනා
නිලධාරින් සහ සේවකයින් = කඩේ මැනේජර් හා සේවකයින්
ඔන්න දැන් අවුරුද්දකට පස්සේ කඩේ පාඩු වෙලා. කඩේ කරන්නං කියල භාර ගත්තු චම්පික අවුරුද්දකින් ඔයා ලඟට ඇවිත් නිදහසට කරුණු ගොඩක් කියල  කියනවා කඩේ පාඩු උනා බිලියන 26 ක් ඒක වහගන්න බිලියන 26 දෙන්න කියල. යකෝ කොස් ඇටද සල්ලි රුපියල් බිලියන 26ක්. බිලියන ගානක් වටිනා කඩෙත් දීල තව සල්ලිත් ඉල්ලනවා. දැන් මොකද කරන්නේ. යවනවා බැංකුවට(භාණ්ඩාගාරයට)

මහාභාණ්ඩාගාරය යනු විදුලි බල මණ්ඩලය මෙන් රාජ්‍ය ව්‍යාපාරයක් නොවේ. එය ජනතාවගේ එනම් ඔබේ  මුදල් පෙට්ටගමයි.ඔබ  ඔබේ මුදල් කළමනාකරණය සඳහා  අර වගේම පවතින  ආණ්ඩුවට භාර දෙනවා ඔබ වෙනුවෙන්  කරගෙන යන්න. මෙතනදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිට තමයි දීල තියෙන්නේ ඔහු පීබී ජයසුන්දර නම් නිලධාරියා පත් කරලා තියෙන්නේ  මේ ඔබේ මුදල් කළමනාකරණය කරන්න. ඔබ ඔහුට මුදල් ඇමති හරහා උපදෙස්දී ඇත්තේ  සල්ලි දෙනවනම් හොඳට හොයල බලල සල්ලි දෙන්න කියල .

දැන් ඉතිං ආයිත් සල්ලි දෙන්න ඉස්සෙල්ල මේ ව්‍යාපාරය පාඩු උනේ ඇයි කියල ඔහුට හොයන්න වෙනවා. දැන් බලමු මේ රාජ්‍ය  ව්‍යාපාරයක පාඩු සිදු වෙන්නේ ඇයි කියල .
 1. රාජ්‍ය ව්‍යාපාරයක වැඩ කරනසභාපති,අධ්‍යක්ෂ මණ්ඩලය,කළමනාකාරිත්වය සහ සේවකන්ට හැගීමක් ඇති වෙන්න විදියක්නැහැකාර්යක්ෂමව වැඩ කරලා කොහොම හරි මේ ව්‍යාපාරය ලාභ ලබන්න ඕන කියල. මොකද පුරුද්දක් විදියට ඒ අය දන්නවා කොච්චර පාඩු ලැබුවත් අන්තිමේ ආණ්ඩුව සල්ලි දීල ඒ අය බේරා ගන්නවා කියල.
 2. රාජ්‍ය ව්‍යාපාරයක වැඩ කරනසභාපති,අධ්‍යක්ෂ මණ්ඩලය,කළමනාකාරිත්වය පත් කරන්නේ වැඩට දක්ෂ සහ මේ අදාල වැඩේට සුදුසුකම් තියන අය  නොවෙයි නේ වෙන්නේ දේශපාලනික හිතවත් කම් අනුව දේශපාලන උදව් කරුවන් මේ තනතුරු වලට දාන එකයි.
(හිතන්න ඔබගේ කඩේ කරන්න භාර දුන්න කෙනා වැඩ දන්නා මිනිස්සු වෙනුවට එයාගේ පවුලේ හිතවත් අයට රස්සා දෙනවා)
3. රාජ්‍ය ව්‍යාපාරයක  අයිතිකරු අපි ජනතාව් නැත්නම් කඩේ අයිතිකරු අපේ ස්‌වයං සුබසාධන පරමාර්ථ තමන්ට අයිති වයාපාරය හා පටලවා ගැනීමයි. උදාහරණයකට අපි හිතනවා විදුලි බල මණ්ඩලය පොදු දේපලක් අපේ දෙයක් නිසා ආණ්ඩුවෙන් අපිට නිකං අඩුවට දෙන්න ඕන මේක සේවාවක් කියල. (මෙතැන උදාහරණෙ කඩේ අයිතිකරු ඔබ සහ ඔබේ නෑයන් හැමදාම හවසට ගිහින් ගෙදරට කඩේ බඩු නිකං අරන් යනවා    කියල හිතන්න)
 මෙහෙම ගියාම මේක හැමදාම පාඩු වෙනවා හැමදාම් අතින් සල්ලි දාන්න වෙනවා. දැන් ඔබට ඕන තරම් සල්ලි තියනවද? නෑ බැංකු මැනේජර් කියනවා සල්ලි නෑ කියල. රටකට එහෙම සල්ලි නෑ ඉතින් පිට රටින් නය  ගන්න වෙනවා. ගිනි පොලියට.
  දැන් මෙතැන චම්පික පාඩු පියවන්න තව සල්ලි ඉල්ලනවා පී බී ජයසුන්දර බෑ කියනවා. දෙන්න ඇර ගන්නවා  ජනතාව අපි මේකේ අයිතිකාරයෝ විදියට  අපිට ගානක්වත් නෑ නේද. අපිත් උන්ටම බනිනවා හරිද? මේ රාජ්‍ය ව්‍යාපාරයක්  විකාර සහගත ලෙස පාඩු විඳින කොට මේකේ අයිතිකරුවන් වන අපිත් වැදගත් පාර්ශවයක් අපිත් මේකට වගකිව යුතුයි.

විධිමත් ලෙස කිව්වොත් රාජ්‍ය ව්‍යාපාරයක් පාඩු ලබන විට  ආණ්ඩුව, දේශපාලකයින්, බදු ගෙවන  ජනතාව සහ   බ්ලොග් කරුවන්ද ඇතුළුව ජනමාද්‍ය (මේවා පිලිබඳ දැනුවත් නොවීම  අන් අය දැනුවත් නොකිරීම යන කරුණ නිසා )   යන සියලුම පාර්ශවයන් වරදකරුවන්.

ලංකාවේ  අනේ අපි ඕවට නෑ (දේශපාලනයට)කියන හැමෝම ඉක්මනින්  වටහාගත යුතු කරුණ නම් රාජ්‍ය ව්‍යාපාර  පාඩු ලබන විට ඔබ සහ ඔබේ දරුවන් පාඩු ලබන බවත් දිනෙන් දින තව තවත්  නය කරුවන් වන බවත්ය.
පුරවැසියෙකු  ලෙස මා මගේ සල්ලි පෙට්ටගම භාර දී තිබෙන්නේ  භාණ්ඩාගාර ලේකම් වන අචාර්ය   පී බී ජයසුන්දරටයි. මා ඔහුට කියන්නේ මෙයයි දෙන්න එපා චම්පික රණවකට  එක සතයක්වත්. කරන්න බැරි නම් යන්න කියන්න කරන්න පුළුවන් කෙනෙක්ට දෙන්න. කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න. ලංකාවේ නැත්නම් පිටරටකින් හරි. ක්‍රිකට් පුහුණුකරුවන් පිටරටින් ගෙනාවා වගේ ගෙන්න ගන්න පිටරටින්.

Tuesday, October 23, 2012

දෙගම්මාන අන්දරය. (ජල කළමනාකරණ ප්‍රශ්නය ඇසුරිනි)

ඔන්න එකමත් එක රටක ලස්සන කඳු යායක් මැද්දේ සුන්දර පුංචි ගමක් තිබුනා අවාසනාවකට මේ ගම අසලින් මනරම් ගඟක් නම් ගලාගෙන ගියේ නෑ .
හැම දෙයකින්ම ස්වයං පෝෂිත මේ ගමට තිබුන එකම අඩුව උනේ නුදුරේ ජලය නැති එක විතරයි. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් ගෙන්න ලිඳක් හාරමු කියල යෝජනාවක් ආව. 
ඉතින් එක දවසක්  ගමේ කීප දෙනා එකතු වෙලා  සහයෝගෙන් ශ්‍රමදානයක් දාල  හොඳ තැනක් හොයල නැකතක් බලල ලිඳක් හෑරුවා.
 වස  කම්මැලි උක්කුවා විතරයි ආවේ නැත්තේ අනෙක් හැමෝම සහයෝගය දුන්නා. කොළඹ වැඩට යන සේන ආවෙත් නෑ එත් එතින් එයාට නිවාඩු කොයින්ද?  
දවසක් වෙහෙසිලා ගැඹුරට හාරන කොට  මෙන්න වතුර හම්බුනා, දැන් ඉතින් ගමේ හැමෝටම සන්තෝෂයි. 
ඉන්පස්සේ කවුරුත් සතුටින් ජීවත් උනා.ටිකිරි මලී ලිඳට ගිහින් නාල කළේ උකුලේ තියාගෙන උදේට දීය ගෙන යන දසුන ගමටම එකතු කළේ හරිම සිරියාවක්.
ඉතින් ඔහොම ටික  දවසක් ගෙවිල ගියා.
කලක් යන කොට ලිඳ ගාව වල් බිහි වෙලා මොනවා උනත් ටිකිරිමලී කඩිසර කෙල්ල. ඒ කෙල්ල ලිද ගාව හැදුන   වල් පැල ටික ගලවවල වටේට සුද්ද පවිත්‍ර කරලා වතුර බැහැල යන කානුවත් සුද්ද කරනවා. මේ ලිද ලස්සනට පිරිසිදුව තියා ගන්න ඒ කෙල්ල වගේ හැමෝම උනන්දු නෑ.
මේ කාටත් පොදු ලිද හාරන දවසේ අර සවුදන් ජෙමා වගේ ඉන්න උක්කුවා  උදව්වට ආවෙත් නෑ එත් ඌ ඇවිල්ල දැන් යස අගේට වතුර ගන්නවා . ඒ මදිවට ලිඳ ළඟ හැඩි කරලත් දානව. මේ වැඩේට මලී ට ඌත් එක්ක හරි තරහයි.
කොළඹ වැඩ කරන සේන නම් ලිඳ පාවිච්චි කරන්නෙම නෑ එයා බෝතල් වතුර අරන් එනවා,ලිඳේ වතුර රසට එයා කැමති නැහැ. නාගන්නෙත් වැඩ පොලෙන්මලු .       
  සිරිපාලය ලිද එහා පැත්තේ ඉඩමේ එලවළු කොරටුවක් දාල. මිනිහ දැන් ගමේ අයට එළවලු විකුනනව. සිරිපාල එළවලු කොරටුවට වතුර දාන්නේ මේ ළිදෙන් අරන්  මිනිහ හවසට කොටුවට වතුර දැම්මම ලිඳ හිදෙනවා පැයක් දෙකක් යනකන් අනිත් අයට වතුර නෑ.
මලී කෙල්ල හැඩකාරි වගේම මොලකාරි  අසාධාරණේ පෙන්න බෑ. එකී කියනවා සිරිපාල අයියා ලිදේ වතුර එළවලු කොටුවට නිකං  දානව හැබැයි එළවලු දෙන්නේ පොලේ ගානටමයි. 
දැන් ඉතින් අවුරුද්දක් ගෙවිල ගියා අවුරුද්කට සැරයක් වත් ලිඳ ඉහින්න එපැයි. සෝමේ තමයි මේ වැඩේට කර ගැහුවේ එනවා කියපු අයගෙන් කීප දෙනෙක් ආවෙත් නෑ බනින්නත් බෑ සාදාරණ හේතු එක්කනෙක් සනීප නෑ. තව කෙනෙක්ට මලගේක යන්න වෙලා. 
මලී නගා තමයි ලිඳ ඉහන අයට කන්න උයල දුන්නේ. අනිත් අයට උනන්දුවක් නෑ කොහොම හරි වැඩේ කෙරෙනවා නේ.මේ වැඩේටත් කම්මැලි උක්කුවා සුපුරුදු පරිදි ආවේ නෑ. ඌ මගෑරිය.
එදා ඉරිදා දවසක් සේනට  නිවාඩුයි කලාතුරකින් මිනිහ ගෙදර ඉන්නේ. මිනිහ එළියේ වාඩිවෙලා පොතක් කියවනවා. අල්ලපු ගෙදර දයාවතී වැටෙන් එහා ඉඳන් නෝක්කාඩුවට වගේ  අහනවා
 "සේන ළමයෝ ලිඳ ඉහින ශ්‍රමදානෙට යන්නේ නැතෙයි.? අපේ එක්කෙනා නං අන්න ගියා."
 සේන මුකුත් නොකියා  හිනාවෙලා ආයිත් පොත කියවන්න ගත්තා  ඔතනින් යන මලී නගාටත් ඕක ඇහුනා. එකිටත් කට පියාන ඉන්න බෑ.
 "සේනයියා ඉතින් ළිදෙන් වතුර බොන්නෙත් නෑ නාන්නෙත් නෑ ලිඳට යන්නෙත් නෑ. අයියා මක්කටෙයි ඉහින්න එන්නේ. සේනයියාගේ නිවාඩු දවසේ එහා පොත බලපුවාම මොකද?"
මේකට දයාවතීට හරි කේන්තියි.
"අනේ උඹ අනුන්ගේ සීනි කිරන්නේ නැතිව පලයන්. උබත් මෙතැන වැට අයිනෙන්ම යන්නේ වෙන පාරවල් නැතිව වගේ සේනය මිදුලේ ඉන්න  හින්ද තමයි...(සක්ක්රවට්ටම), ගමේ පොදු වැඩේ නේ ගියාම මොකද වෙන්නේ."

කඳු යායෙන් එහා පැත්තේ මේ ගමට යාබදව තවත් ගමක් තිබුනා. මේ ගමේ හිටිය සුරසේන කියල දක්ෂ වෙළෙන්දෙක්. මිනිහ පිටරටකත් ගිහින් මුදල් හොයාගෙන ඇවිත් තිබුනා. මිනිහ හැමදෙයක් ගැටළුවක් දිහාම බලන්නේ  වෙළඳාම පැත්තෙන් තමයි. මිනිහට හිතුන මේ තමන්ගේ ගමේ තියන ජල ප්‍රශ්නයට විසඳුමක් දෙන්න පුලුවන්නම් එකත් හොඳ වෙළදාමක් වෙන්න පුළුවන් කියල.
 මිනිහ තමන්ගේ ළඟ තිබුන මුදල්  ආයෝජනය කරලා නල ලිං තාක්‍ෂණය ගමට ගෙනල්ල තමන්ගේ ඉඩමක නල ලිඳක් හදල අඩි ගානක් උඩින් ගමටම සෑහෙන්න වතුර දෙන්න ටැංකියකුත් බැන්දා.
සුරසේන මීටර් හයි කරලා වතුර වලට මුදල් අය කරනවා. සල්ලි තියන අය මුලින් සුරසේන ගේ පයිප්ප වතුර ගෙදරටම ගත්තා.  වතුර බිස්නස් එක නැගල ගියා. 
දැන් මිනිහ ගමේ ජිනසේන ගේ  ගොවිපලටත් මුදල් වලට වතුර සපයනවා. වතුර හොඳට තියන නිසා මිනිහගේ කොරටුව සරුසාරයි . වැඩිත් එක්ක පලදාව . ගොවිපලත් නැගල ගියා  අවට නගර වලටත් එළවලු සපයන්නේ මේ ගොවිපල . මේ ගොවිපලේ දැන් බරගානක් ගමේ මිනිස්සු වැඩ ඒ අයත් හොඳ පඩියක් ගන්න නිසා දැන් ඒ අයටත් සූරසේනගේ පයිප්ප වතුර ගෙදරටම ගන්න සල්ලි තියනවා. දැන් ගම්  ඒ ගමේ කවුරුත් පයිප්ප වතුර පාවිච්චිය.
 සුරසේනය නම්  මේ වෙළදාමෙන් සෑහීමකට පත් උනේ නෑ, මිනිහ වතුර වෙළදාමෙන් එකතු වුන සල්ලි  ඔක්කොම දාල තව නල ලිඳක් ගැබුරට විදලා වතුර බෝතල් කරන ෆැක්ටෙරියක් ගමේ දානවා. දැන් නගරේ සංචාරක හෝටල් වලට වතුර බෝතල් දාන්නෙත් සුරසේන. වතුර බෝතල් ෆැක්ටරියත් නැගල ගියා දැන් පිටරට වලට පවා වතුර බෝතල් යවනවා. ගමේ මිනිස්සු ඔක්කොටම රස්සා තියනවා.
  ඒ ගමේ ඉගෙන ගන්න දක්ෂ නිමල් තමයි කොම්පැනියේ ඉහලම තනතුර දරන්නේ. ඒ ෆැක්ටරියේ අවම වැටුප ගන්න කම්කරුවට පවා අර මුලින් කියපුඅල්ලපු ගමේ  පොදු ලිඳ තියන  මලී ලගේ  ගමේ ලොකුම සල්ලිකාරයට වඩා මුදල් තියනවලු.
 මේ කාලේ වෙනකොට මං අර මුලිං කියපු පොදු ලිඳ තිබුන ගම එදා විදියමයි ඊළඟ අවුරුද්දේ ලිඳ ඉහලත් නෑ පොදු දේපල බෙදාගන්න, නඩත්තු කරන්න .  හැමදාම අවුල් ප්‍රශ්න විතරයි. මලීත් සේනව කසාද බැඳලා අර අල්ලපු ගමට පදිංචියට ගිහින්. සේනට අල්ලපු ගමේ සුරසේනගේ වතුර බෝතල් ෆැක්ටරියේ සෙකුයුරිටි  රස්සාවක් ලැබිල.
 සිරිපාලගේ එළවලු කොටුවත් ඈලියාවට ගිහින්.මලී ගමේ නැති නිසා පොදු ලිඳ වල් වැදිලා. දුප්පත් කමට බැන බැන ආයිත් පරණ පුරුදු විදියට ඈත වැවට ගිහින් මිනිස්සු   වතුර ගේනවලු. මැම්බර් මහත්තය නම් වතුර පයිප්ප දාල එහා ගමේ සුරසේනගෙන් වතුර අරන්.  
අර ඒ ගමේ හිටිය ඔපදූප  හොයන දයාවතිගේ ලොකු කොලුවා දැන් ලොකුයි රස්සාවක් නෑ මොකක්ද මේ. ගම්  වී. පී. ද මොකක්ද විප්ලව කරන පක්ෂෙකට බැඳිලා හන්දියේ කඩේ ගාව තෙල බෙදනවලු  අල්ලපු ගමේ සුරසේන ල අර ගොවිපල අයිති ජිනසේනල එකතු වෙලා  ධනපති ඒ ගම  අපේ ගම සූරාකෑම නිසා තමයි අපි දුප්පත් වෙලා තියෙන්නේ කියල.

Sunday, October 21, 2012

බෝට්ටු මිනිස්සු

ලංකාවේ හොඳ මිනිසුන් අතර නරක මිනිසුන් පිරිසක් ඇත මේ අය නීති විරෝධී ලෙස බෝට්ටු වල නැගී මේ ලස්සන රට හැරදා ඔස්ට්‍රේලියාවට පැන යාමට උත්සාහ කරයි මේ අය මෙසේ කරන්නේ නිකම් විය නොහැක රජයෙන් මෙතරම් සුභ සාධන සපයන හැම දෙයක්ම අධ්‍යාපනය සෞක්‍ය නොමිලේ  නිදහසේ දෙද්දී  හැම දෙයක්ම මුදල් ගෙවා ගත යුතු  කසිකබල් ධනවාදී  රටවලට මෙසේ යන්නේ අධිරාජ්‍යවාදී  කුමන්ත්‍රණය  කරුවන් මේ අයට අත යටින්  ඩොලර් කුට්ටි දී අපේ රටට අපහාස කිරීමට පැන යන්නයි කියන නිසා විය යුතුය.
නැත්නම් කොයින්ද මුන්ට බෝට්ටු කුලිය?
මෙවැනිම තත්වයක් කලක පටන් හෙයිටිය නම් රටෙත් පවතී මේ රටේ සියල්ලම සරණාගතයන් ලෙස රටින් පැන වෙන රට වලට ඇදෙයි.
 මේ හයිටියට සැතපුම් 50 පමණ එහායින් ඇත්තේ සමාජවාදී  කියුබාවයි.අපේ රටේ වාමාංශිකයින් ට අනුව  වැඩකරන පීඩිත ජනතාවගේ පාරාදීසය මෙයයි. ධනපති නරක ඇමරිකාව ඇත්තේ හයිටියෙන් සැතපුම් 500  ක් පමණ ඈතිනි.
මට ඇති ගැටලුව මේකයි.
මේ හයිටියෙන් සරණාගතයින් ලෙස බෝට්ටු වලින් යන අය ඇයි එච්චර ළඟ සැතපුම් පනහක් දුරින් තියන  තියන සමාජවාදී පාරාදීසය කියුබාවට යන්නේ නැතිව ජීවිත පරදුවට තියල මුහුදේ සැතපුම් 500 ක මාරාන්තික ගමනක් ගිහින් ඇමරිකාවටම පනින්න  හදන්නේ. මුන්ට අමු කැවිලද ? මොලේ නැති කාපිරි මෝඩයෝ.
අපේ රටේ ඉදන් පැනල යන අයනම් එච්චර මෝඩයෝ නොවෙයි. ළඟ තිබුනනම් යන්නේ  සමාජවාදී පාරාදීසය උතුරු කොරියාවට  ඔස්ට්‍රේලියාව මෙහා තිබුන නිසා  ඔන්න ඔහේ එහෙට යනවා. නැත්තනම් ලංකාවේ කවුද කැමති ඔය ධනපති රටවල් වලට.


Friday, October 19, 2012

මාරයා ,මාතලන්, බුවා සහ සරත් ෆොන්සේකා.

සරත් ෆොන්සේකා මහතා නිදහස ලැබීමෙන් අනතුරුව නව විපක්ෂ සන්ධානයක් සැදීමට ගන්නා උත්සාහයේ  පළමු පියවර ලෙස සවිධානය කර තිබු රැස්වීමෙන් පසු  දේශපාලනික කරුණු ගැන උනන්දුවක් දක්වන බ්ලොග් කරුවන් සිය අදහස් දක්වා තිබුනා.
ඒ අතරින් මාරයාගේ කවිය සහ ලිපිය, බුවා ගේ සිතුවිලි සහ මාතලන් යන තිදෙනාගේ විග්‍රහයන් වැඩි අවදානයට ලක්වූ ලිපියයි කීවොත් මා නිවරිදියයි සිතමි.
මේ තිදෙනාම රැස්වීම  අසාර්ථක වී ඇති බව එකග වෙන අතර ඔහුට වැරදුනේ ඇයි සහ ඔහු කල යුත්තේ කුමක්ද යන කරුණ අතර විෂමතා තිබුනා.  ඔවුන් සියලුම දෙනා රැස්වීමේ අසාර්ථක බව ප්‍රධාන මිනුම් දඩු තුනක් යටතේ ව්ග්‍රහ කරනු ලැබුවා.


  1. කිසිම ජාතික දේශපාලන පක්‍ෂයක නායකයන් සහභාගී නොවීම.
  1. මංගල සමරවීර ,ජ.වී.පෙ.,ටිරාන් අලස් ඇතුළු ඔහුව ජනාධිපතිවරණය ට තරඟ කරන්න අනුබල දුන්(ඔහුව ඇන්දවූ )කිසිවකු නොපැමිණීම.
  1. අඩු ජනතා සහභාගීත්වය සහ අධික වර්ෂාව.


මාරයා
මෙහිදී මාරයා සිය අව්‍යාජ අදහස  නිරවුල්ව නොබියව  කියා තිබුනා.  මට වැටහෙන විදියට ඔහුගේ කවියේ සහ ලිපියේ සංක්ෂිප්තඅදහස මේ වගේ දෙයක්
 මංගල රනිල් සහ ජවිපෙ හිටපු ජෙනරාල් වරයා අන්දවා රවටා අතරමං කරනු ලැබුවා ඔවුන්ගේ යටි අරමුණ වුයේ මාරයාගේ ප්‍රමිතියට අනුව බලයට නොසුදුසු  හැලපේනිස් කෙනෙකු වන රනිල් වීක්‍රමසිංහ  සරත් ෆොන්සේකාගේ  කර මතින් බලයට පත් කිරීමයි. මාරයා කියන්නේ මෙවැන්නකි ජෙනරාල් තුමනි මහින්දට වගේම  මං ඔබටත් කැමතියි . ඔබතුමා හොඳ පාඩමක් ඉගෙන ගත්තා නේද දැන්වත් කැලේ  පාරේ යන්නේ නැතිව හරි පාරට එන්න වැනි දෙයකි. මෙම ජෙනරාල් තෝරාගත යුතුව තිබෙන හරි පාර  පාලක රෙජීමය හා සහයෝගයෙන් කටයුතු කිරීම  මාරයා දරන අදහස බවයි ඔහුගේ ලිපිය අනුව මට හැගෙන්නේ.
බුවා
බුවාගේ  සිතුවිලි ලියන ලේඛකයාගේ අදහස වන්නේ සරත් ෆොන්සේකා ගේ ස්ව කැමැත්තට අනුව කැමති දේශපාලන මාවතක් තෝරාගැනීමට ඇති ඔහුගේ අයිතියට ගරු කරන බවත් නමුත් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයකට එකතු නොවී ඔහුට කිසිවක් තනිව කල නොහැකි බව මෙම රැස්වීමේ අසාර්ථකත්වය මගින් ගම්‍ය වන කාරණය යයි ඔහු අවධාරණය කරනවා. මෙහිදී ඔහු නිසැකවම මාරයාගේ යෝජනාව වන පාලක රෙජීමයේ අසුන් ගන්නවාට විරුද්ධ වන අතර දැනට දෙකඩ වී ඇති පක්ෂ වන එජාපයේ සහ ජවිපෙ යමග යා යුතුද හෝ මේ  බිදී ඇති මේ පක්ෂ වල කුමන කල්ලිය හා එකතු විය යුතුදැයි පැහැදිලිව නොකියයි.
මාතලන්
මාතලන් සිය ලිපියේ සියලු කරුණු වලින් මාරයාට සමාන අදහසක් දරන අතර එහි ප්‍රතිචාර  තීරයේ  කොමෙන්ටුවක් දමමින් මාරයා ඒ පිලිබදව අමන්දානන්දනයට ද පත්වී ඇත. ජෙනරාල් ඉදිරියේදී දැරිය යුතු දේශපාලන ආස්ථානය පිළිබද උපදෙස් මාතලන් නොදෙන අතර  දේශපාලන කපටින්ගෙන් ප්‍රවේසම් වීමට පමණක් යෝජනා කරයි.
සරත්ෆොන්සේකා ට මහින්ද අනිකා කර නොගෙන දේශපාලන විභවයක් තිබේද
ඉහත සියලු දෙනාට වෙනස්ව මා සිතන්නේ සරත් ෆොන්සේකාට දේශපාලන අනාගතයක් නැත්තේ ඉහත රැස්වීම අසාර්ථක වූ නිසා හෝ කපටින්ට අසුවීම හෝ  රනිල් වෙනුවට ජනාධිපතිවරණයට ගිය නිසා හෝ නොව තමන්ගේම කියා දේශපාලන ප්‍රතිපත්තියක් නොමැති නිසාය. මහින්ද නරක නිසා රනිල් චන්ද ගැනීමට නොහැකි පොන්නයකු නිසා මේ දෙදෙනා අනෙකා කරගෙන සහ යුද්ධය දිනූ හමුදා පති වී සිටීම පමණක් විකල්ප නයකත්වය සඳහා සුදුසුකමක් යයි සිතීම සරත් ෆොන්සේකා වෙලා ගෙන ඇති මායාවයි. 
 ඉක්මන් කොටයි
සමහරක් ට අනුව රට දිනෙන් දින ආශ්චර්ය කරා ගමන් කරයි මේ කියන ආශ්චර්ය අභාග්‍යයකි යයි ,ආපසු ගමන් කිරීමක් යයි  සිතන සුළුතරය ඉදිරියේ   පැහැදිලි නිරවුල් විකල්ප ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්නේ නම් සරත් ෆොන්සේකාට නායකත්වය සඳහා අවශ්‍ය පෞර්ෂත්වය අවශ්‍ය තරමටත් වඩා ඇත. මේ සදහා රැස්වීම් වලට එන ඔළුගෙඩි ගණන එතරම් වැදගත් සාධකයක් නොවේ. සරත් ෆොන්සේකා ඉක්මන් වනවා වැඩිය. ඉක්මන් කොටයි යන සරල කියමන මේ අසාර්ථක රැස්වීම තහවුරු කරයි. 
මගේ පුද්ගලික අදහස
මාරයා මෙන් මගේ මගේ පුද්ගලික  අදහස අවසාන වශයෙන් මෙහි දක්වමි.දේශපාලනය තුල කෙටි මං නැත මහින්ද රට කරවන ක්‍රමයට විරුද්ධ නම් හා ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ නිරතවීමට අවැසි නම්  සරත් ෆොන්සේකා  කල යුත්තේ තමා දරන ප්‍රතිපත්ති වලට වඩා ගැලපෙනප්‍රධාන ධාරාවේ පක්ෂයේ (එජාප?) සාමාජිකත්වය ගෙන තමාගේ අවස්ථාව එනතුරු ඉවසීමෙන් කැපවීමෙන් වැඩකිරීමයි. මෙහිදී තමනට පැහැදිලි දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියක් තිබේනම් සජිත්, කරු වැනි පුස් චරිත පරදවා එජාපය තුල  රනිල්ට තරගයක් දීමට සරත් ෆොන්සේකාට වැඩි කලක් ගත නොවනු ඇත. ඔහුට ඇති අනික් පහසු විකල්පය නම් මාරයාගේ යෝජනාවට එකඟ වීමයි.
ප.ලි. /හිරෙන් නිදහස් වීම සඳහා ටිරාන් මහින්ද සරත් ෆොන්සේකා සහ බිරිඳ පමණක් දන්නා අප නොදන්නා  රහස් ගනුදෙනුවක් නොමතියයි උපකල්පනය මත ලිපිය ලියා ඇත.

Wednesday, October 17, 2012

නිව්යෝක් හි කොත්තු කඩේ

නිව්යෝර්ක් නගරය යනු  නගර (බරෝස්) 5ක් එකතු වී සෑදුන අති විශාල පුරවරයකි. පිලිවෙලින් මේවා මෑන් හැට්න්, බ්රූක්ලීන්, ක්වීන්ස්, බ්රෝන්ක්ස් සහ ස්ටැටන් දුපත යනුවෙන් හැඳින්වේ . මේ නගර පහ අතුරින් ප්‍රධානතම නගර කේන්ද්‍රය වන්නේ මෑන් හැට්න්  බරෝවයි. කුඩා චීනයක් වන් චයිනා ටවුන් ඇත්තේද මෙම බරෝවේ යි.සුවිසල් හඩ්සන් නදිය මහුදට වැටෙන ඩෙල්ටාව අසබඩ ඉදිවී ඇති නිසා ලොව ලොව විශාලතම ස්වභාවික වරායද මේ ආශ්‍රිතව ඇත. 
කලකට ඉහත නිව් යෝර්ක් නගරයට සංක්‍රමණය වූ ශ්‍රී  ලාංකිකයින් සිය වාසස්ථානය කර ගත්තේ   මෑන් හැට්න් සිට බෝට්ටුවකින් හඩ්සන් ද්‍රෝණිය එතෙර වී යා යුතු  ස්ටැටන් දුපත නම් උප නගරයයි.
නිව් යෝර්ක් නගරයේ සිට හැම පැය භාගයකට වරක්ම  ස්ටැටන් දුපත වෙත යන සහ ආපසු එන   මේ බෝට්ටු සේවය නොමිළේ සැපයෙන්නෙකි.
මේ තියෙන්නේ ඒ ෆෙරි බෝට්ටුවක්.
මේ දුපතේ ඉන්න විශාල ශ්‍රී ලාංකික ජනගහනය නිසා නිව් යෝර්ක් නගරයේ කුඩා ශ්‍රී  ලංකාව ලෙස බොහෝ විට මෙය හදුන්වනවා. 
මේ දුපතේ බස් නැවතුමක් 
ඇත්තටම ඔබ මේ දුපතේ බස් රථයකට හෝ ස්ටැටන් දුපත වෙත යන  එන  බෝට්ටුවකට නැගුන කෙනෙකුට සිංහලෙන් කතා කරන සංවාදයක් සවනට වැටිය හැකි අවස්තාව වැඩියි.
මේ බ්ලොග් සටහන ලියන්න  හිතුන ආසන්නතම හේතුව මේ එකක්වත් නොවෙයි ඒ  මේ දුපතේ පිහිටා තිබෙන අපේ කෑම කඩ.
 මාළු පාන් එළවලු රොටි කොත්තු රොටි වල ඉදන් ඕනෑම ලකාවේ කෑමක් කන්න පුළුවන් කඩ සෙට් එකක්ම මේ පුංචි දුපතේ තියනවා.
 සමහර සුදු අප්පුහාමිලත් මේ අපේ කෑම වලට රහ වැටිලා සෙනසුරාද ඉරිදට බෝට්ටුවට නැගල මේ පැත්තට එනවා අපේ කෑම කාල යන්න. මේ තියෙන්නේ අපේ කෑම කඩ සෙට් ඒක ගැන නිව්යෝක්හි  ප්‍රචාරය වූ වීඩියෝවක්. බලන්න අපේ කොත්තුවේ සද්දේ නිව් යෝර්ක් වලින් ඇහෙන හැටි.

Monday, October 15, 2012

මීළඟට රනිල්,බැසිල්,ගෝඨා එපා මර්වින් සිල්වා ජනාධිපති කරමු?

මේ  බ්ලොග් සටහනේ මාතෘකාව පාඨකයා  කිසිම  විදියකින්   හාස්‍ය රසය මතු කිරීමක් යයි වරදවා වටහා ගන්න එපා. එය අද උදෑසන ගොසිප් 9 වෙබ් අඩවියේ පුවතක්  සහ අපේ සමාජයේ ඒ පුවතට ලැබුන ප්‍රතිචාර දැකීමෙන් පසු  මට සිතුනු අවංක කල්පනාකාරී සිතුවිල්ලකි.
 අපේ රට ගමන් කරන්නේ කුමන ඉසව්වක් කරාදැයි ඔත්තුවක් ඉතා නිවැරිදිව මාරයාගේ හෝරාව බ්ලොග් සටහනක බුවාගේ සිතුවිලි බ්ලොග්කරුවා විසින් දී තිබුනා  මේ සටහනට එයත්  අනුබලයක් වුනා. ඔහු කියා තිබු උදාන වාක්‍යය මේකයි
//ශ්‍රි ලාංකීය සමාජය ක්‍රමයෙන් වෙනස් වෙමින් යන බව මාගේ නීරික්ෂණය වන අතර එය භාහිර ලෝකයට සාපේක්ෂව ආපසු ගමනක් වුවත් බහුතර ශ්‍රි ලාංකිකයින් දරනා මතවාදයන් අනුව ඔවුනට වඩාත්ම ගැලපෙන සමාජය බිහි වෙමින් පවතිනා බැව් මාගේ හැඟිමයි//.
ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ අව්‍යාජ අදහස  දැනගැනීමට සූචකයක් ලෙස නම් අප යා යුත්තේ බරපතල විදග්ධඅදහස් කියන බ්ලොග් වලට නොව ගොසිප් වෙබ් අඩවි වලයි.  ලකාවේ ඉදිරි අනාගතය තීරණය කරන්නේ මේවයේ කොමෙන්ට් දාන මිනිස්සුන් වැනිම අදහස් ඇති චන්ද බලය හිමි සාමාන්‍ය මිනිසුන්ය.

රටේ විධායක ජනාධිපති පත් වන්නේ බහුතරයේ කැමැත්ත අනුවයි. බහුතරයේ කැමැත්ත යනු   හරි  හෝ වැරදි දෙය අනුව තීරණය වන්නක් නොවේ උදාහරණයක් ගතහොත් නුදුරු අතීතයේ පවා ඇමරිකාවේ බහුතර මතය වුයේ කළු ජාතිකයින් සුදු ජාතිකයන් සමග එකම අවන්හලක කෑම කෑ නොයුතු ජාතියක් ලෙසයි.හිට්ලර් මහා ජන සංහාරයක් කරේ එරට බහුතර ජනතාවගේ කැමැත්ත අනුවයි.

ඉතින් රටක ජනාධිපතිවරයා වරයා යනු  එරට බහුතර ජනතාවගේ කැමැත්තෙන් පත්වෙන බහුතරයේ අදහස් මෙන්ම අදහස් දරන පුද්ගලයෙකු මිස මඩෙන් මතුවූ නෙළුමක් නොවේ ඔහු බහුතර මතය අපි වෙනුවෙන් කර දෙන්නාය. ලාංකීය උදාහරණයක් දෙන්නේ නම් ප්‍රභාකරන් මරා දමා අත්වල ලේ ගා ගැනීමට සිහිනෙන්වත් පව් නොකරන බෞද්ධයන් වූ අපිට බැරි නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අප වෙනුවෙන් ප්‍රභාකරන් මරා දමා අපිට නිදහසේ ඉන්න රටක් හදා දෙනවා. අපි වෙනුවෙන් ඕනෑම පව්‍  වැඩක් පවා කරන්න සිදුවෙන  සියලු බහුතරයේ කැමැත්ත තමා පිට තබා ගෙන බර ඇදගෙන යන කෙනා තමයි විධායක ජනාධිපති කියන්නේ.

     මෙන්න මේ මම ඉහත පෙන්වලා දුන්න විදියට බහුතර මතය යනු හරි නිවැරිදි දෙය නොවන නිසා තමයි  ප්‍රජාත්‍රන්තවාදී රටක මේ  බහුතර මතයට පිටින් ක්‍රියාත්මක වන විධියට විධායකය  වගේම සමාන බලයකින් යුත් අධිකරණයක් ස්වාධීනව පවතින්නේ. ඒ කියන්නේ උදාහරණයකට  අධිකරණයක විනිසුරුවරයෙක් තීරණයක් දෙනකොට බහුතරයේ වැඩි මතය, චන්දයෙන් පත් වූ අයගේ මතය හෝ සිය පෞද්ගලික මතය පවා නොසලකා හැර පවතින නීතිය යුක්තියට අනුකූලව පමණයි නඩු තීන්දුවක් දිය යුත්තේ.

 ඉතින්  අපි රටක් වශයෙන් දිනෙන් දින වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරනකොට විධායක බලය සඳහා අපි පත්කරගන්නේ  බහුතර අපිට වැඩියෙන්ම ගැලපෙන අදහස් තියන නායකයින්. අපේ රටේ මීළඟ ඉදිරි නායකත්වයට ශක්‍යතාවක් පෙන්වන කෙටි ලැයිස්තුව සලකමු.
1.රනිල් වික්‍රමසිංහ
2.  බැසිල් රාජපක්ෂ
3 . ගෝඨාභය රාජපක්ෂ
4 . සරත් ෆොන්සේකා
 රනිල් වගේ කෙනෙක්ට ජනාධිපති වෙන්න පුලුවන්ද? ඔහු වඩාත් ගැලපෙන්නේ හරි වැරද්ද තීරණය කරණ  අධිකරණයක විනිසුරෙක් වගේ කෙනෙක්ට ට මිස බහුතර ජන මතය නියෝජනය කරන කෙනෙක් නොවෙයි නේද?
බැසිල්  ගත්තත් එහෙමයි සාකච්ඡා කරලා විශ්වවිද්‍යාල අචාර්ය වරුන්ගේ ප්‍රශ්නය විසදන්න   උත්සාහ කරපු පුද්ගලයෙක් අපේ බහුතර ජනතාව එහෙම අයද?නැහැනේ ප්‍රශ්න විසදන්නේ ගහල මරල බලහත්කාරයෙන් ඉතින් මේ බැසිලුත් එතරම් බහුතර මතය එක්ක යන කෙනෙක් නොවෙයි.
ඔන්න  ගෝඨාභය ටිකක් බහුතර මතය දරන අපි වෙනුවෙන් ඕන පවක් අපිට කරලා දෙන්න ලැස්ති කෙනෙක්. අපි වෙනුවෙන් හිගන්නෝ පවා එලවල දාල කොළඹ නගරය ලස්සන කරන්න උත්සාහ කරපු කෙනෙක්.
බොහෝවිට බහුතරය සමග එකග සරත් ෆොන්සේකා  ලංකාවේ විධායකයට පත්වීමේ ශක්‍යතාවයක් ඇති මුත්   සුළුතර මෝඩ වම්මු එක්ක එකතු වී වැඩේ අනාගන්නා බවක් පෙනේ.
ඉතින් රටේ මීළඟ ඉදිරි නායකත්වයට සලකා බැලිය හැකි දිගු ලයිස්තුවේ ඉන්න අය කවුද
නාමල්, මර්වින්, එස් බී , කරු , මංගල , අනර්කලී, මුතුහෙට්ටිගම..යනාදී වශයෙන් ගත්තම මට හිතෙන විදියට නම් මර්වින් සිල්වා තමයි අපේ රටේ බහුතරයේ අදහස් ක්‍රියාත්මක කරන්න  වැඩියෙන්ම ගැළපෙන්නේ. අපි වෙනුවෙන් ඕන පවකට කර ගහල අපිට ඕන දේවල් කර දෙන්න අචාර්ය මර්වින් සිල්වා තරම් සුදුසු පුද්ගලයෙක් ලංකාවේ දේශපාලන කරලිය තුල ඉන්නවාද? මා කියන්නේ ඔහුට  ඉහත කෙටි ලයිස්තුවට උසස් වීමක්   දී මීලග නායකයා ලෙස සලකා බැලිය යුතුයි.
නැවතත්  කියමි හාස්‍ය රසය මතු කිරීමක් යයි වරදවා වටහා ගන්න එපා.මේ ගැන ඔබේ අදහස කුමක්ද?

 

Thursday, October 4, 2012

අපිට විලංගු දාන්න

මා මීට පෙර ලියූ රජයේ දේපොළ ,විලාසිතාව හා යථාර්ථය ලිපියේ තාරක/ඇනෝ මතුකර තිබුනා අපූරු තර්කයක්. මගේ එම ලිපියේ මතු කරපු දේ තමයි   ප්‍රායෝගික ලෝකයේ  සමාජවාදී ආර්ථික වත් පිළිවෙත් ක්‍රියාත්මක රටවල් හා  ධනවාදී නිදහස් ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කරන රටවල් සංසන්දනය කිරීම. මෙහිදී මා එන නිගමනය තමයි හැමෝටම සමව බෙදාදීම පොරොන්දු වුවද ඇත්ත ලෝකයේ සමාජවාදී  අදහස්  වලින් හැමෝම දිළින්දන් වී කාටවත් මුකුත් නැතිවී යන හැටිත් (අපේ සිරිමාවෝ 70-77 යුගය හිටපු අය දන්නවා) සැමට සමානව සලකන්නේ නැති ධනවාදය තුල   සල්ලිකාරයින් හා දුප්පතුන්, ජයග්‍රහකයින්,පරාජිතයින් සිටින  නමුත් මේ විෂමතාවයන්  ඇති කිරීමෙන් පසුව පවා මුළු රටක් ලෙස ගත් විට වැඩි පිරිසක් ධනවත් වී වැඩි පිරිසක් දිනා ඇත යන්නය. එයට  ප්‍රතිචාර ලෙස  තාරක/ඇනෝ මතුකර තිබුනා අපූරු තර්කයක් මේ තර්කයේ සුවිශේෂී අපුර්වත්වයක් තියනවා  මොකද මේ මං ගෙනෙන තර්කය කියපු ගමන් සාමානයෙන්  වම්මු  කියන්නේ මෙන්න මෙහෙම දෙයක්.  " ඔයි  කියන කඩා වැටුන රටවල හරි සමාජවාදය තිබුනේ නෑ. නියම සුපිරිසිදු කොමිනියුස්ට් වාදය තාම ආවේ නෑ ඒවායේ තිබුනේ/තිබෙන්නේ  හුදු ඒකාධිපතිවාදයක් විතරයි" යන්නය ( මේ ඒකාධිපතියන් නිතරම පාහේ කොමිනියුස්ට් රටවලින් පුදුම සහගතව බිහිවෙයි).   තාරක/ඇනෝ  ගේ  පිළිතුරේ සුවිශේෂී බව තමයි ඔහු ගේන්නේ මේකේ ප්‍රති තර්කය . එනම් මෙක්සිකෝව, ලතින් ඇමරිකාව, අපි , ලෝකයේ සීයට අනුවක්ම  ධනවාදී  රටවල් . ඇයි එහෙනම්  ඒ රටවල් අගාධයට වැටිලා තියෙන්නේ කියන එකයි.
 //ඉතින් ඵහෙනම් අවුරුදු 65ක් තිස්සේ දනවාදය අනුගමනය කරපු කොළඹ ජෝන් ලා යෑන්කි ඩිකිලා හිටපු අදටත් අපේ කෑබිනට් ඵකේ සෑලකියයුතු ගනනක් ඈමරිකන් පුරවසියන් ඉන්න අපේ රට දිනෙන් දින වල පල්ලට යන්නේ ඈයි?
ලෝකයේ සමාජවාදි රටවල් වශයෙන් හදුනාගන්නා චීනය කියුබාව උ.කොරියාව වියට්නාමය හා ලඕසය හෑර සියලු රටවල් ලිබරල් ක්‍රමය නේද අනුගානමය කරන්නේ.මේ රටවල් වලින් 90%ක් තාම තුන් වෙනි ලෝකයේ ඉන්නේ ඈයි.සෝමාලියාවෙ ඉදන් ඉන්දියාව වෙනකන්ම ලිබරල් ආර්තිකය අනුගමනය කරන අති බහුතර රටවල රටේ ජනගහනයෙන් අති බහුතරය දිලින්දන් ඵහෙමත් නෑතනම් යන්තමින් ඵදාවේල හොයාගන්නන්.ඵහෙම වෙන්නේ ඈයි???දනාවාදී ඈමරිකාවේ නෑති දූශනය හිතවතුන්ට සග්‍රහය නීතිය හා සාමය අහිමි වීම පරිදියේ තියන දුප්පත් දනවාදී රටවල ඵන්න ඵන්න වෑඩි වෙන්නේ ඈයි???
අනික දනවාදය යනු ලිබරල් නිදහස් වෙලදපොල ක්‍රමය නෙවෙයි නම් මොකක්ද?අපි දන්න විදියට දේශපාලන විද්‍යා මූලදර්ම වල ඵන විදියට , දනවාදය කියන්නේ ලිබරල් වෙළදපොල ආර්තික ක්‍රමය හෑර වෙන ඵකක නෙවෙයි.
ඔයා කියන ඔය දනවාදී පහසුකම් ලෑබෙන්නේ දනවාදී අදිරාජ්‍යයේ ප්‍රදාන රටවල් කිහිපයට විතරයි යාලුවා.
අපේ වගේ පරිදියේ තියන පසුගාමී දනේශ්වර රටවල් තියාගෙන ඉන්නේ උන්ට සෑප ගන්න අපේ සම්පත් ශ්‍රමය මකොල්ල කන්න විතරයි.// 
Anonymous
 දැන් අපි ඔහු අසන මූලික ගැටළුව දිහා බලමු. මේ අනුව ඇනෝ තර්කයේ  සාරශය තමයි සෝමාලියාවෙ ඉදන් ඉන්දියාව වෙනකන්ම  රටවල් ධනවාදීයි ඒත් ඒවායේ බහුතරය දිළින්දන්. මේ නිසා    ඔහුගේ නිගමනය තමයි ඇමරිකාව  සහ දියුණු  බටහිර රටවල් දියුණුවේ රහස  නිදහස් වෙළද පොළ ධනවාදය නොවෙයි අන් පරිවාරයේ රටවල් සූරාකෑම. මීට අමතරව  තියන දකුණුකොරියාව,සිoගප්පුරුව  කියන්නේ ලෝකබෑoකුව විසින් ලෝකේ දුප්පත් රටවල් අතිවිශාල ගානක් කොල්ලකාලා ඵ් මුදලින් ඉතා සුලු ප්‍රමානයක් පොම්පකරලා හදපු ආදර්ශ රටක් විතරයි කියන ඒක.
ලංකාව  ධනවාදී රටක්ද?
ඈත ඉතිහාසයේ අප දන්නා රජකාලේ පටන් 1958 දක්වා ශ්‍රී ලංකාව  නිදහස් වෙළද පොළ ධනවාදය ක්‍රියාත්මක වුනු  වාසනාවන්ත රටකි.නිදහසේ හුවමාරුවුයේ සේද මාවතේ ආ භාණ්ඩ පමණක් නොව ආගම් පවා නිදහසේ අපේ රටට පැමිණියහ. බුදු දහමද එවැන්නකි.  එතෙක්  නිදහස් ආර්ථිකයක් තිබූ  ලංකාවට මාක්ස් ගේ අවතාරය 1956 දී පමණ  අමුතු ලාකීය වේශයක් ගෙන කඩා වැදුන අතර 1958 දී සිය බලය තහවුරු කරගන්නා ලදී. එතැන් පටන් 1977 දක්වා දශක දෙකක් පැවතියේ ලංකාවේ අදුරු යුගයයි.  දැඩි ආනයන පාලන නීති සහ හුවමාරු සීමාකිරීම් සමග රාජ්‍ය විසින්  සමාජය යාන්ත්‍රනය  ලංකාව තුල තහවුරු විය. 1977 දී ජේ  ආර් යම්තාක් දුරට ලිහිල් කරන තෙක් වසර විස්සක් පුරා පැවති මේ, රජය විසින් කරන සමාජය යාන්ත්‍රනය (Social Engineering ) සහ ආර්ථිකය හැසිරවීම ඉර හඳ මෙන් ස්වභාවික දෙයක් ලෙස අදත් අපේ සමාජය තුල මුල් බැස ඇත. මා  නිදහස් වෙළද පොළ ධනවාදය කී විලස පරල වී එන ප්‍රතිචාර එන්නේ මේ රාජ්‍ය සමාජ යාන්ත්‍රනය ස්වභාවික  වූ  දරුවන්ගේ දරුවන්ගෙනි.  
නිදහස් වෙළද පොළ ධනවාදය සඳහා කොන්දේසි ඇත.
ඉහත ඇනෝ කියනවා මෙන් නිදහස්  වෙළද පොළ ධනවාදය රටවල් වලට පහසුවෙන්  නිකම් නොලැබේ ඒ සඳහා අවශ්‍ය මුලික කොන්දෙසි සපුරා ගත යුතුය. මේ සඳහා අවශ්‍ය මුලික සහ පළමු කොන්දේසිය නම්  පුද්ගලික දේපල අයිතියේ සුරක්ෂිත බවයි. මේ යුගයේ පුද්ගලික දේපල යනු ඉඩම් වාහන ගෙවල් දොරවල් පමණක්ම නොවේ පුද්ගලයෙකු සතු  දැනුම, දක්ෂතා වැනි දේත් අයත්ය. මෙන්න මේ පුද්ගලයෙකු සතු පුද්ගලික දේපල  වල අයිතිය කෙතරම් දුරට සුරක්ෂිත කරලා තියනවද කියන ඒක අනුව සහ ඊට සාපේක්ෂව තමයි රටක් ධනවාදී කියන්න පුළුවන් සහ දියුණු වෙලා තියෙන්නේ නැතිව ඇනෝ කෙනෙක්  ලිබරල් හරි ධනවාදී හරි කියල නාම කරණය කිරීම තුලවත් අන් රටවල් සූරාකෑම තුළවත් නොවෙයි. පුද්ගලික දේපල  වල අයිතියේ සුරක්ෂිත භව යනු පුද්ගලයාට නිදහසේ සිය පුද්ගලික අභිවර්ධනය උදෙසා  පුද්ගලික දේපල විකිණීමට, හුවමාරුවට සහ ළඟ තබා ගැනීමට ඇති අයිතියයි. පුද්ගලික දේපල  වල අයිතියේ සුරක්ෂිත භව යනු රජය මේවාට ඇඟිලි නොගැහීමයි. නීතියේ රෙගුලාසිය සහ  නීතිය සහ  අණ ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් තුල මනා ලෙස ක්‍රියාත්මක වීමයි.
ලංකාව මෙක්සිකෝව,ලතින් ඇමරිකානු රටවල්  ඇමරිකාව සිංගප්පූරුව වගේ නොවී  මොකද දුප්පත් වුනේ?
පැහැදිලිවම සහ ඉතා නිරවුල්ව ලතින් ඇමරිකානු රටවල් මෙහෙම වෙන්න මූලික හේතුව තමයි මේ රටවල් වල නීතියේ රෙගුලාසිය සහ  නීතිය සහ  අණ ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් තුල මනා ලෙස ක්‍රියාත්මක නොවීම. මේවා තමයි ධනවාදයේ මුලික කොන්දේසි මේවා නැති රටවල් ධනවාදී නෙවෙයි. මේවා තියන රටවල් තමයි සරලව ධනවාදී කියන්නේ. මං කලින් ලිපියෙත් කියා ඇති පරිදි පොදු සාමූහික දේ  ප්‍රමුකත්වයක් දී  පුද්ගලික ඒකීය දේ මර්ධනය වන පදනම  උඩ සිට ආර්ථිකයේ සිට සියලු දේ සංවිධානය කරන,  රජය ව්‍යාපාර හා වෙළදාම්  මෙහෙයවන රටවල් , නීතිය සහ  අණ ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් තුල මනා ලෙස ක්‍රියාත්මක නොවන රටවල් පුද්ගලික දේපල අයිතියේ සුරක්ෂිත බව තහවුරු නොකරගත් රටවල් එන්න එන්න දුප්පත් වෙනවා මේ කොන්දේසි සපුරන්න සපුරන්න ඒ රටවල් දියුණුව කරා යනවා. මේ ධනවාදී කොන්දේසි සපුරන්නේ නැති පවත්වාගෙන යන්නේ නැති රටවල් ඉහත ඇනෝ කියපු විදියට වල පල්ලට යනවා .
ලංකාව කල යුත්තේ කුමක්ද?
ඔලුවෙන් මවා ගත් සූරා කන බාහිර සතුරෙකුට සාප කරමින් නොසිට සිංගප්පූරුව ,ජපානය,දකුණු කොරියාව  වැනි රටවල් ගිය මගේ  ගොස් තමන් ධනවාදී යයි බොරුවට නොකියා  මේ මුලික ධනවාදී කොන්දේසි සපුරාලීමයි. නිදහස නිකන් නොලැබේ දිනාගත යුතුය. ලංකාවේ මිනිසුන් නිදහස එපා අපිට අනේ අපිට විලංගු දාන්න යයි හයියෙන්  ඉල්ලා සිටින්නේ ඇයි?  මගේ පෙර ලිපියේ කොමෙන්ටු වලින් මට ඇහෙන්නේ එවැනි හඬකි.

Tuesday, October 2, 2012

රජයේ දේපොළ ,විලාසිතාව හා යථාර්ථය..(හුලං ට පිළිතුරක්)

 නිදහස නැති කරන "නිදහස්‌ අධ්‍යාපනය"  නමින් මා මීට පෙර  ලියූ බ්ලොග් සටහනට සුධාරක සහ හුලං යන දෙදෙනා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කර තිබුනා. අපගේ සමාජයේ  කිඳා බැස තිබෙන මුලික සමාජවාදී හර පද්ධතියේ සමාජීය පරමාදර්ශයන් නිවැරිදි යයි ප්‍රථමයෙන් පදනම් කරගෙන මේ පිළිතුරු සියල්ල ගොඩනැගීම නිසා සියලු දෙනා    මා නගන තර්කය වරදවා වටහාගෙන තිබේ  යැයි  මට සිතේ.
සමාජවාදය යනු කුමක්ද? 
තමන් සමාජවාදියෙකු යැයි,ජෙප්පෙකු,මාක්ස්වාදියෙක් යැයි  නොපිළිගන්නා ලාංකිකයන් පවා ඕනෑම විටක නොදැනුවත්වම පෙනී සිටින්නේ සමාජවාදී මූලධර්මයන් වෙනුවෙනි. සමහරුන්ට තමන් වාමාංශික යැයි කීම තමන් හොඳ මිනිසෙකු යැයි කීම හා සමාන දෙයකි. සමාජවාදය යනු කුමක්ද?
සමාජය යාන්ත්‍රනය කිරීමේ වර බලය රජයසතු වීමයි. (සමාජීය පරමාදර්ශ වලට  අනුකූලවන ලෙස සමාජය සහ පුද්ගලයින් හැඩගස්වා ලීමයි. )එනම්   පොදු සාමූහික දේ  ප්‍රමුකත්වයක් දී  පුද්ගලික ඒකීය දේ මර්ධනය වන පදනම  උඩ සිට ආර්ථිකයේ සිට සියලු දේ සංවිධානය කිරීමයි. තේරෙන බාසාවෙන්  කිව්වොත් පොදු දේ හොඳයි පුද්ගලික දේ නරකයි සහ  රජය ව්‍යාපාර හා වෙළදාම් මෙහෙයවීමයි.
සමාජවාදය හා ලංකාව
20 වන සියවසේ මුල සිටම ලොව පුරා අස්සක් මුල්ලක් නෑර ජනතාව මේ සමාජවාදයේ  කියන රජයේ දෝත මත මිනිසුන්   සුරක්ෂිත යැයි කියන    මුලාකරනසුලු  වසගයට අහු උනා. එත් 21 වැනි සියවස වන විට සමාජවාදයේ බියකරු අත්දැකීම  විදි රටවල් අර්ධ සමාජවාදී රටවල් සහ ඒ දිහා බලා උන්  ලොව පුරා  මිනිසුන් සමාජවාදය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒත් මොකක්දෝ අභාග්‍යයකට අපේ රට තවමත් මේ සමාජවාදී අදහස් ප්‍රතික්ෂේප කිරීම' ප්‍රතික්ෂේප කරමින් සිටින  ජනතාවක් සිටින අභාග්‍යසම්පන්න රටක් වී ඇත. සමාජවාදී ආකල්ප වලට පයින් ගසා ගිය  කලාපයේ අනෙකුත් රටවල්  වේගයෙන් අප පසුකර ගොස් ඇත. 21 වැනි සියවසේ සිටින ලාංකීය තරුණයන් පවා සමාජවාදය එපා කියන්නේ නැත. සල්ලිකාරයින් කිහිප දෙනෙකු තනන සහ අන් සියල්ල දුප්පතුන් කරන ධනවාදය නරක දෙයකි.  අපේ රටේ නිල නාමයම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයයි ඉදින් රාජ්‍ය ව්‍යාපාර ඇත මේවා තිබීම ගැන නාඹර තරුණයන් පවා ආඩම්බර වේ. රජය වෙළද පොළ බලවේග පාලනය කරයි, වැටුප් පාලනය කරයි, ප්‍රතිලාභ පිරිනමයි, නිෂ්පාදනය කල යුත්තේ මෙවායයි රජය සිතන දෙය නිපදවයි, මෙහෙම රජය හැම දෙයක්ම පාලනය කරද්දී සහ මෙහෙයවද්දී දුප්පතාට සහ පොහොසතාට හැමෝටම සමානව දේවල් බෙදිලා යනවා.මෙමගින් දුප්පත් පොහොසත් පරතරය අවම වෙලා සාධාරණය ඇතිවෙනවා.
නිදහස නැති කරන "නිදහස්‌ අධ්‍යාපනය"  නමින් මා මීට පෙර  ලියූ බ්ලොග් සටහනේ ප්‍රතිචාර තීරයේ   හුලං නැමැත්තා මෙහෙම කියනවා  .
//සුදුස්සන්ටද විශ්වවිද්‍යාල වරම් අහිමිව ඇත්තේ ඒ සඳහා ඇත්තේ ඉතා සීමීත සම්පත් ප්‍රමාණයක් පමණක් නිසාය. එම සම්පත් ප්‍රමාණය වැඩි කිරීමට පෙෘද්ගලික විශ්වවිද්‍යාල ඇරබීමද කල හැක. නමුත් ඒ වැඩි වූ සම්පත් ප්‍රමාණය විවෘත වන්නේ ධනපතියන් ට පමණි. ඉහත කී ගොවි මහතාගේ පුතාට එම සම්පත් පරිහරනය කිරීම සිහිනයක් පමනි. නැතිනම් රජයේ විශ්වවිද්‍යාල වැඩි දියුණු කිරීමෙන් සහ නව රජයේ විශ්වවිද්‍යාල විවෘත කිරීමෙන් ගොවි මහත්වරුන් ගේ දූ පුතුන්ට මෙන්ම ධනපතීන්ගේ දූ පුතුන්ට ද එක සේ පරිහරණය කල හැකි සම්පත් එක් කරලිය හැක.// 
මෙවැනි තර්ක තව ඕන තරම්, කෙසේ  උවද මොනවා කීවද ලංකාවේදී  සමාජවාදී මතය  පහසුවෙන් ජයගනිමින්   ධනවාදයට වඩා උත්තරීතරභාවයක් සමාජවාදයට ලබා දෙමින් සංවාදය අවසන් කල හැකිය.
සමාජවාදය මහ පොලොව මත තියා සසදා වෙනස  බලමු 
මිල්ටන් ෆරීඩ්මන්  කිවූ පරිදි පරිකල්පිත තර්ක වල වලංගු භාවය පරීක්ෂා කල හැකි එකම ක්‍රමය නම්  ඇත්ත මහා පොලොව මත අත්විදින දෙය  සමග සන්සන්දනය කර බැලීමයි. ඉතින් අපි බලමු මේ සියලු සමාජවාදී පුරෝකථන අපේ ඇත්ත අද්දැකීම සමග සසදලා.
උතුරු කොරියාව /දකුණු කොරියාව 
මෙන්න මන් දෙන  පලවෙනි සංසන්දනය. රාත්‍රී චන්ද්‍රිකා චායාරූපයක්. අපේ අය මැරුණත් අත්නොහරින සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක උතුරු කොරියාව සහ අපේ නිදහස් අද්‍යාපනයයේ දරුවෝ පෝලිමේ ඉදල පහල මට්ටමේ රැකියා වලට පවා යන ධනවාදී දකුණු කොරියාව. රෑට විදුලිබලය තියෙන්නේ කාටද කියල පේනවද? හැමෝටම සමව බෙදා දෙන්න ගිහින් කාටත් නෑ ලොක්කට විතරයි.
ශ්‍රී ලංකාව/සිංගප්පූරුව
සියලුම කේෂ්ත්‍රයන් ගැන කතා කිරීමට ඉඩකඩ නොමැති නිසා  මෑතදී මතභේදයට තුඩු දුන් විශ්ව විද්‍යාල සලකා බලමු නිදහස් රජයේ අද්‍යාපනය අපට උරුම කර දී ඇති දෙය කුමක්ද? කොළඹ විශ්ව  විද්‍යාලය ලොව අනෙකුත්  විශ්වවිද්‍යාල සමග සසඳා බැලු  විට හිමිවන්නේ ලොව  2240  ස්ථානයයි . මොරටුව 2573. ඔන්න හැමට නිදහසේ ලැබෙන අර හුලං කියන  අධ්‍යාපනයේ ගුණාත්මක බව. කෙටියෙන්  අනෙක් දේවල් සැලකුවොත් ලංකාවේ  රාජ්‍ය ව්‍යාපාර ලබන පාඩු  පියවන්න  අනාගත  පරපුරත් ණය කරලයි තියෙන්නේ. මහා භාරකාර අධ්‍යක්‍ෂක මණ්ඩලයක් පාලනය කරන   ලොව අංක 25 ස්ථානය ගන්නා කලාපයේ නුදුරු සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලය  අපේ  නිදහස් උරුමය සමග සසදා බලන්න.

මං කියන්න ඕන නෑ ඔයාලම හොයල බලන්න ඊලගට සසදලා බලන්න මේ රටවල් වල අත්දැකීම.
නැ. ජර්මනිය/බටහිර ජර්මනිය
සෝවියට් දේශය/ඇමරිකා එක්සත් ජනපදය
දැන් අපි  ඉහත හුලං කියූ තර්කය මහ පොළොවේ අත්දැකීම හා සසදා බලමු.  දුප්පතාට පොහොසතාට හැමෝටම සාධාරණය ඉටුකරන සාධාරණ සමාජ හදන්න රජය කරේ තියන් යන රටවල් වලට මොකද වෙලා තියෙන්නේ?  මේ දෙවියෝ බුදුන් වගේ අදහන සමාජවාදී තර්ක වල පොරොන්දුව තමයි හැමෝටම සාධාරණ සැවොම දිනන කියන එක ඉහත  හුලං ගේ කොමෙන්ටුවේ ඔහු මෙහෙමත් කියනවා 
//නිදහස් අධ්‍යාපනය යන වදනේ නිදහස් යන්නෙන් අදහස් වන්නේ සැමටම විවෘත බවයි. ඔබේ ආගම, ජාතිය, කුලය සහ වැදගත්ම ලෙස දුප්පත් පෝසත් බව නිදහස් අධ්‍යාපනය ලැබීමට බාධාවත් නොවේ.//
එත් බලන්න ඇත්ත ලෝකයේ  හැමෝම දිනවන්න සමාජවාදයේ පරීක්ෂණ වලට ගිහින් වෙලා තියන දේ. කාටවත්  නෑ නේද?  උතුරු කොරියාවේ කාටවත් ලයිට් නෑ... පොරොන්දුව හැමෝටම  දෙන සාදාරන සමාජයක්.  ලංකාව් බලන්න නිකං දෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව  ලෝකෙට  2240 වෙනිය.  
කෙටියෙන් කිව්වොත් මං කියන්නේ මේකයි.
සමාජවාදයේ පොරොන්දුව හැමෝටම සමව බෙදාදීමයි. නමුත් නිපදවන්නේ හැමෝම සමානව නොවන බව අමතක කරයි. හැමට දිනුම පොරොන්දු වුවද ඇත්ත ලෝකයේ වූ දේ බලන්න. අවසානයේ හැමෝම දිළින්දන් වී කාටවත් නෑ. 
ධනවාදය යනු කුමක්ද?
ඔව්  ධනවාදය සැමට සමානව සලකන්නේ නැත. ධනවාදය තුල   සල්ලිකාරයින් හා දුප්පතුන් සිටී,  ජයග්‍රහකයින් මෙන්ම පරාජිතයින්ද  ඒ  තුල ඇත .  නමුත් මේ විෂමතාවයන්  ඇති කිරීමෙන් පසුව පවා මුළු රටක් ලෙස ගත් විට වැඩි පිරිසක් ධනවත් වී වැඩි පිරිසක් දිනා ඇත (නැවතත් ධනවාදී දකුණු කොරියාව චායාරූපය බලන්න)එමෙන්ම රටක් ලෙස තව දුරටත් වර්ධනය වෙමින් පවතී. මීට අමතරව  නිදහස් වෙළඳ පොළ නිදහස් මිනිසුන් බිහි කරයි. මක්නිසාද යත් ආර්ථීක නිදහස දේශපාලන නිදහස ඇතිකරන බැවිනි. සමාජවාදය ඒකාධිපතියන් බිහිකරයි. තෝරා ගැනීම ඔබ සතුයි.