Pages

Followers

Sunday, January 20, 2013

අශෝක හඳගම ගේ "ඉනි අවන්" හි ටික් ටොක් හඬ ඔබට ඇසෙනවාද?

අශෝක හඳගම නම් අපේ කාලයේ සම්මානලාභී සිනමා කරුවාගේ විශිෂ්ඨ භාවය නැවත තහවුරු කරමින් අප වෙත පිදුණ ඔහුගේ අතිදක්‍ෂ නවතම සිනමා නිර්මාණය ඉනි අවන්ය. මේ චිත්‍රපටය  සෙමෙන් ගලායන ලස්සන චිත්‍රපටියකි. එහි දෙබස් ඇති සරලය.   මනා ලෙස පෙළගස්වා ඇති රුප රාමු අව්‍යාජය. පරිකල්පිත නොමැත. සමහරු මෙය හඳගමගේ මනෝවිකාරයක් ලෙස හැදින්වුවද ඉනිඅවන්හි සත්භාවී සිනමා භාවිතය ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උළෙලේ නොමද  ප්‍රේක්ෂක ප්‍රශංසාවට ලක්වුයේය.  30 වසරක යුද්ධය නිමාවෙන් පසු උතුරේ ගමක සිදුවන සිදුවීම් පෙළක් වාර්තාමය ලෙස සංයමයකින් තිරය මත දිග හැරීම මිස මහා ලොකු දෙයක් නොමැත.  නමුත් ඒ තුලින් අපිට දෙන පණිවිඩය ඇති ප්‍රභලය. හඳගමගේ සුපුරුදු  මන්දගාමිව ගලායන රූපරාමු පෙළ අතරින් නිහඩව අපිට දෙන  අනතුරු හැඟවීම උතුරේ සහ දකුණේ  ලාංකිකයින් ඉක්මනින් තේරුම් ගත්තේ නැත්නම්  අනාගතය සුභ වෙන්නට නම් ඉඩක් නැත.

හඳගමගේ  මේ චිත්‍රපටය නිසා ලංකාවේ බොහෝ අයගේ හදවත් බිඳී ඇත. ලංකාවේ සමහරුන් හඳගමගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙවැන්නක් නොවේ.  ඔවුන් හඳගම ගෙන් ඉල්ලන්නේ කිසිවෙකුට නොතේරෙන    මැජිකල් ප්‍රබන්ධයක් වන් විදග්ධ මහා පණ්ඩිත සිනමාවකි. ඊට වෙනස්ව වාර්තාමය ස්වභාවයක් උසුලන මේ චිත්‍රපටිය සිහල වාමාංශික බ්ලොග්කරුවෙකු වන අජිත් පැරකුම්  පසුගියදා හැඳින්වුයේ  හොලිවුඩ් ත්‍රිලර් එකක් නැත්නම් හඳගමගේ  කුරිරු අපගමනයක් ලෙසිනි.  , නැවත වරක් බ්ලොග් මිතුරකු වන  අජිත් පැරකුම් මෙයටත් ගාවා ගැනීමට සිදුවීම ගැන උරණ නොවන්න බ්ලොග් අවකාශයේ ඉන්නා එකම දකුණේ සිංහල "ඉනියවන්" ඔහු වීම මගේ වරදක් නොවේ.

හඳගමට අනුව "ඉනි අවන් " තේරුම "ඔහු, ඉනික්බිති" මේකම තනි වචනයක් ලෙස ගත්තම  "ඉනියවන්" කියන්නේ සුන්දර මිනිසා. හඳගම මේ අර්ථ දෙකම අරුත්ගන්වන්න තමයි මේ නම දාල තියෙන්නේ. මේ චිත්‍රපටියේ "ඉනියවන්-සුන්දරමිනිසා" චරිතය  මෙන්ම කොටි සංවිධානය වැනිම දකුණේ විප්ලවවාදී  දේශපාලන  සංවිධාන තුල සිට යලිත් ගමට ගොස්  දරු පවුල් සමග "ඔහු, ඉන්පසු" වී   සිටින  පැරකුම් වැනි පරණ වම්මු මේ ච්ත්‍රපටියට අවිඥානික ලෙස  අකමැති වන්නේ ඇයි. මෙයට හේතු කිහිපයක්  ඇත.

මෙය පැහැදිලි කර ගැනීමට  මම දැන් අයින් රෑන්ඩ් උපුටා දක්වමි.

Life or death is man’s only fundamental alternative. To live is his basic act of choice. If he chooses to live, a rational ethics will tell him what principles of action are required to implement his choice. If he does not choose to live, nature will take its course.-Ayn Rand
ඉහත අයින් රෑන්ඩ් කියන "chooses to live" යන්න හඳගම ගේ ඉනි අවන් චිත්‍රපටයේ "ඉනියවන්" තුල මා දකින්නෙමි.
දකුණේ පැරකුම් මෙන්ම උතුරේ ඔහු "ඉනියවන්"  ජීවිතය තෝරාගත් අයයි. ඔවුන් ඉනික්බිති ජීවත්වෙති  පැරකුම් ලා ගේ  සහෝදරු වරු දහස් ගණනක්  1989 මහමග ටයර් තුල දැවී අලුවිය.  දකුණේ අජිත් පැරකුම් ඒ අයගෙන් වෙනස්ව මරණය වෙනුවට  ජීවිතය තෝරා ගත් අයයි.  එලෙසම  උතුරේ කොටි සාමාජිකයාටද  මේ අයින් රෑන්ඩ් කියන ජීවිතයද මරණයද කියන මිනිසාට තියන මුලිකම විකල්ප දෙක  තෝරා ගැනීමක් ලෙස මහා දවල් අමූලික සත්‍යයක්  වී බෙල්ලේ එල්ලා  තිබුණි. සයනයිඩ් කරලක් බෙල්ලේ එල්ලාගත් කොටි සාමාජිකයාට තරම් අයින් රෑන්ඩ් ගේ ඉහත වැකිය ප්‍රායෝගිකව අත්විඳි  වෙන කිසිවෙකු ලොව නැත. ඔහුට හමුදාවට අසුවූ විට රෑන්ඩියානු අරුතින් ජීවත්වීමට තෝරා ගන්නවාද  නැත්නම් සයනයිඩ් කා මිය යනවාද යන තෝරා ගැනීමේ පරික්ෂාවට භාජනය වේ. අශෝක හඳගමගේ මේ චිත්‍රපටියේ සුන්දරමිනිසා මරණය වෙනුවට ජීවිතය තෝරාගත් කෙනෙකි. සයනයිඩ් හපා මියයනවා වෙනුවට හමුදා අත්අඩංගුවට පත්වී පුනරුත්ථාපනය වී ආපසු ගමට පැමිණෙයි. හඳගමගේ ඉනියවන්  විෂය මුලිකවාදයේ නිරන්තර අසන ගැටලුවට අපි අභිමුක කරයි. එනම්  ජිවිතයට අගයක් වටිනාකමක් ලැබෙන්නේ අපි ජීවත්වීමට තෝරාගත් නිසාද? නැතහොත් ජිවිතයට අගයක් වටිනාකමක්  ඇති   නිසා අපි ජීවත්වීම තෝරාගත යුතුද යන්නයි. දැන් මේ  විෂය මුලිකවාදයේ මුලික ගැටලුව සිහිහේ තබාගෙන ඉනි අවන් චිත්‍රපටියේ  ඔහු පුනරුත්ථාපනය වී ආපසු ගමට ආ විට ගමේ අය  ප්‍රතිචාර දක්වන අයුරු දැක්වෙන ජවනිකාව යලි නරඹන්න.  එවිට මා කියන දේ ඔබට වැටහෙනු ඇත.  එම ජවනිකාවේ උතුරේ මිනිස්සු  ජිවිතයද මරණයද අගේ කොට සලකන්නේ ? ඔවුන්ට අනුව වීර කමක් කියන්නේ සයනයිඩ් කාල මැරෙන එකද පුනරුත්ථාපනය වෙලා ජීවත්වෙන එකද?ආපසු ගමට ආ ඔහු  "ඉනියවන්" අගේ කොට සලකන්නේ ජිවිතයද මරණයද  ? අජිත් පැරකුම් හොලිවුඩ් ත්‍රිලර් එකක්  එකක් ලෙස වරදවා වටහාගත් මේ චිත්‍රපටිය අපිට දෙන   එක වැදගත්  පණිවුඩයක් තමයි   ඔබේ ජීවිතයේ අගය වටිනාකම ඔබ තුල තමා තුල සොයන්න කියන එක, ඔබ දිහා පිටතින් බලාගෙන ඉන්න අනෙකාට එය නිර්වචනය කරන්න බැහැ.

මේ චිත්‍රපටිය  අපිට කියන තවත් වැදගත් දෙයක්  තමයි අජිත් පැරකුම් ගේ ඉහත මා කියූ w3lanka හි පළවූ  ලිපියට    ප්‍රතිචාරයක් දමන  දිමිත්‍රි නම් පාඨකයා නිවැරිදිව හඳුනාගත්  වැදගත් කාරණය . දිමිත්‍රි එහි  මෙහෙම කියනවා


//මේ චිත්‍රපටියේ විදියට 'ඔහුට, ඉනික්බිතිව' මූලිකව විසඳාගැනීමට ඇත්තේ 'ධනවාදය උතුරට ඇතුලුවීමත් සමග' පැනනගින, තමාතුලම වන - තමාගේම ප්‍රශ්නයක් මිස, මහා ජාතියේ දේශපාලනික අවශ්‍යතාවන් මත මුදාහැරෙන භෞතික, සමාජයීය සහ සංස්කෘතික ආක්‍රමනය පිලිබඳ ප්‍රශ්නය නොවේ."
- Dimithri//
මම හිතන විදියට උතුරේ දෙමල ජනතාව මෙන්ම දකුණේ අපිද මුලිකවම විසඳාගත යුතු ගැටලුව මෙන්න මේ තමා තුලම සිටින සතුරා ගැටලුව. අපි හැමෝම අපෙන් භාහිර සතුරෙක් මවල අපේ ඔක්කොම ප්‍රශ්න මේ භාහිර සතුරා නිසා වෙන්නේ කියල ඒ භාහිර සතුරාට බැන බැන ඉන්න තමයි කැමති.  නලින් ද සිල්වාට සහ ගෝල පිරිසට අනුව අනුව බටහිර සතුරා,  තව අයෙක්ට දෙමල ඩයස්පෝරාව බෙදුම්වාදීන් දැන් අලුත්ම මුස්ලිම් සතුරා ඇමරිකන් සතුරා. පැරකුම් ට,වම්මුන්ට  අනුව සතුරා තමයි ධනවාදය. අපිට වැරදුනේ කොහෙද කියල අපි අප වරද්දාගත් තැන් සොයල අපිව නිවැරිදි කරගන්නවා වෙනුවට බාහිර සතුරාට බනින එක ලේසියි, ජාති කුල මල ආගම් දේශපාලන මතිමතාන්තර වලින් ඔලුව පුරවගෙන  ඉන්න අපි තමාතුළ ඇති ප්‍රශ්නය විසඳාගත යුතුයි නැත්නම් අනාගතය අඳුරුයි කියන එක මේ චිත්රපටියේ ජවනිකාවක් පාසා අපිට මතක් කරලා දෙනවා,

හඳගම ගේ ඉනි අවන් චිත්‍රපටිය   මට  බ්‍රසීල ජාතික සිනමාකරු වෝල්ටර් සාලිස් ගේ  Behind the Sun නම් සිනමා කෘතිය සිහි ගන්නනවා . එහි කතාව කෙටියෙන් මෙහෙමයි පවුල් දෙකක් ඉඩම් කැල්ලක් සඳහා වන ආරවුලක් නිසා පරම්පරා ගානක් තිස්සේ  දෙගොල්ල එකිනෙක මරාගන්නවා,.ඇසට ඇසක් ජිවිතයට ජිවිතයක් ලෙසින් පලිගනිමින් යන මේ ගැටුම කොහොමවත් අවසන් කරන්න බැහැ ළමයෙක් මේ එක පවුලක  ඉපදෙනකොටම ඒ ළමය මේ  ආරවුලේ ගැලවිය නොහැකි විෂම චක්‍රයට අහුවෙලා ඉවරයි. එක්කෝ ඔහුට පලිගැනීමක් ලෙස අනික් පවුලේ කෙනෙක් මරන්න නියමිතයි එහෙම නැත්නම් අනික් පවුලේ කෙනෙක්ගෙන් මැරුම් කන්න නියමිතයි. ඒ චිත්‍රපටයේ එක දරුවෙක් සර්කස් එකක් එක්ක ගමට එන ක්ලේරා නම් තරුණියගේ ආදරය නිසා මේ කවදාවත් මිදෙන්න බැරියයි සිතපු  මිදිය නොහැකි ප්‍රචණ්ඩත්වයේ සහ විෂමචක්‍රය කඩලා දානවා ඉන්පස්සේ ඔහුට නව ලෝකයක් විවරවෙනවා. ඉනි අවන් හි දෙමල තරුණිය  මේ පණිවිඩය  ප්‍රචණ්ඩත්වයේ සහ දුප්පත්කමේ විෂමචක්‍රයයෙන්  අපි අපේ යහපත සඳහාම මිදිය යුතුයි කියන ආදර පණිවිඩය අර චිත්‍රපටියේ ක්ලේරා වගේ ම   එයාලට ආවේනික විදියට අපිට කියල දෙනවා.

 සමහරක් සිතන්නේ ලංකාව ආශ්ච්ර්යය කර ස්ථිරසාර ලෙස ගමන් ගන්න බවයි එහෙත් කටුක සත්‍යය අපි පමා නොවී ක්‍රියාත්මක නොවුනහොත්  අනාගතය නිකම් නොමිලේ සුභ අනාගතයක් නොවන බවයි. යුද්ධය අවසන් වී ඇත නමුත් ප්‍රශ්න විසදි නැත. රජමිතුරැ  ධනවාදය වෙනුවට  ධනවාදය වහා ජනමිතුරු කල  යුතුය. බලයෙන් මත්වී පිස්සු කෙලින පාලකයින්ටද තුවක්කු අතට ගත් විට චන්ඩි වෙන මැරයින්ටද ඉනි අවන් බලා තම ජීවිතය පසක් කර ගත හැකිය. බලය සහ තුවක්කුවේ හයිය නොමැති විට අත්වන ඉරණම ඉනිඅවන් ඔබට පෙන්වා දෙයි.  අනාගතය අවිනිශ්චිතය, අනාගතය සුභ අනාගතයක් වීම වලක්වා ඇත්තේ භාහිර සතුරෙකු නොව ඔබමය අනාගතය සුභ අනාගතයක් බවට හරවා ගැනීමට හැකියාව ඇත්තේ ඔබටමය. හඳගම ඉනි අවන් ඔහුගේ සිනමා භාවිතය හරහා අපිට අනතුරු හගවයි චිත්‍රපටියේ පසුබිමෙන් ඇසෙන ටික් ටොක් ටික් ටොක් ඔරලෝසු හඬ ඔබට ඇසුනාද? කාලය පියාඹයි අප්‍රමාදව කටයුතු කරන්න හඳගම හුදී ජන අපට  මෙන්ම   රජතුමාටද දෙන පණිවිඩය  මෙයයි .

ඉනි අවන්- හඳගමගේ විශිෂ්ඨ සිනමා කෘතියකි.

Wednesday, January 16, 2013

නව යොවුන් ලිංගිකත්වය ,පෙම්සුව සහ ලංකාවේ නීතිය

ලංකාවේ  අගවිනිසුරු දෝෂාභියෝගයක්  හරහා ඉවත් කර දැන් නව අගවිනිසුරුවරයෙක් පත්කර හමාරය. ලංකාවේ ඕනෑම මහජන නියෝජිතයෙකුට  චංදය දිනීමෙන් පසු ඕනෑම පක්ෂකට තමන්ට චන්දය දුන්  ජනතාවගේ   අභිලාශය නොතකා පක්‍ෂ මාරුකිරීම නීත්‍යානුකූල යැයි කීවේද අපේ අධිකරණයයි. පොඩි මිනිසුන් වන  ජනතාව ලෙස අපිට නඩුකාරයන් අගවිනිසුරු මාරු කිරීම වැනි මහෙක්ෂ්‍ය තලයේ වැඩ වලට වඩා වැදගත් වන්නේ පොලිස් කාරයෙක් පාරේ බෝක්කුවක් උඩ වාඩි වී බීඩියක් ගහන මිනිහෙක්   අල්ලාගෙන ගොස්  අපිට නඩුවක් දැමු විට වෙන්නේ මොන වගේ අකරතැබ්බද යන්න වැනි ක්ෂුද්‍ර තලයේ දේවල්ය.
මට හිතෙන විදියට නම් බ්ලොග් ලියන සුළු ජනතාව වන අපි අවධානය යොමුකළ යුත්තේ කාටත් වැඩක් නැති ලොකු ලොකු පොරවල්ගේ මහේක්ෂ්‍ය ගැටළු නොව පොඩි පොඩි අපි කාටත් බලපාන දේවල්ය.

වැඩිහිටි යුවලක් වුව කාමරයක් ඇතුලේ  දොරවල් වසාගෙන සිය කැමැත්තෙන් නිරුවතින් සිටීම යනු  නඩුවක් බලවන වරදක් වෙන අපේ මහා ආශ්ච්ර්යයේ අඹ ගෙඩියේ නව යොවුන් තරුණ පෙම් වතුන් දෙදෙනෙකුගේ  SEX ප්‍රශ්නය ඇප ලබාගත යුතු වරදක් වී පොලිසියේ හිරේ විලංගුවේ යන කාරණයක් වීම සමාජයට ප්‍රශ්නයක් නොවුවද එහි නීතිමය තත්වය  මට නොතේරෙයි ඒ බැවින් මා ඔබේ අදහස් විමසමි.  ඒ පිළිබඳව දිවයින ජාතික පුවත්පතේ අද 2013/01/16 දින පළවූ  පෘව්ර්තියකට මම ඔබේ අවධානය  යොමු කරවමි. කරුණාකර මෙතනින් එම පුවත කියවන්න.
පාසල් නොගොස්‌ කාමරයක පෙම්සුව
වින්ද සිසුවා හා සිසුවියට ඇප- දෙමව්පියන්ටත් දැඩි ලෙස අවවාද
කෙටියෙන් වී ඇත්තේ මෙයයි. වයස 15 ක් වන බාල වයස්කාර නවයොවුන් පෙම්වතුන් දෙදෙනෙක් පාසලෙන් කට්ටි පැන කාමරයකට ගොස් ස්වභාවිකව  නව යොවුන් භවේ නිරෝගී ප්‍රකාශනයක් වන  ලිංගික හැඟීම් ඇතිවීම නිසා ඒවා අත්හදා බැලීමට උත්සාහ කර ඇත. මෙම  සාපරාධි අපරාධයේ නිරතවනු දුටු කවුදෝ පොලිසියට දැන්වීම නිසා කාමරයේ දොරවල් කඩාගෙන පොලිසිය එතැනට පැමිණ මේ දරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පසුව උසාවි දමා දෙමව්පියන් ගෙන්වා ඇප ලබාදී ඇත.  තවද මෙම අවස්ථාවේදී බාලවයස්කාර පෙම්වතා මත්පැන් පානය කර ඇති බවද හෙළිවී ඇත.
 බොහෝ අය මෙම ප්‍රවෘත්තිය කියවා කුණු රසයක් විනින විඳින අතර ලංකාවේ ජනප්‍රිය  පොදුජන මතය වන්නේ අපේ මේ ළමයින් මහා අපරාධයක් කර ඇති බවත් පොලිසියේ සහ අධිකරණයේ ක්‍රියාවලිය නිවැරිදි බවත්ය.
මම මෙය දකින්නේ වෙනත් කෝණයකිනි. ලංකාවේ නිතිය පිළිබඳ මම විශාරදයෙකු නොවේ එබැවින් බ්ලොග් කියවන   නිතිය දන්නා අය කරුණාකර මට මෙම ප්‍රශ්නය ගැන ඇතිවී ඇති ගැටළු ගැන ප්‍රතිචාර ඔස්සේ  දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.

1.//කළුතර නගරයේ ප්‍රසිද්ධ පාසල් දෙකක ඉගෙනුම ලබන 15 හැවිරිදි වියේ පසුවන ශිෂ්‍යාවක්‌ හා ශිෂ්‍යයකු නිරුවතින් පාළු නිවසක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බවත් පාසල් ශිෂ්‍යයා අධික ලෙස මත්පැන් පානය කර සිටි බව අනාවරණය වූ අතර ඔවුන් ඇඳ සිටි පාසල් නිල ඇඳුම් පසෙක ගලවා තිබියදී සොයාගත් බවත් කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මිය එම දරු දෙදෙනාත් ඔවුන්ගේ මව්පියන් ද කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා වෙත ඉදිරිපත් කරමින් කියා සිටියාය- දිවයින  2013/01/16 .//
 බාලවයස්කාරයා මත් පැන් බිමේ ගැටලුව.
මෙහිදී  දියුණු රටක නම් නිතිය ලුහුබඳින්නේ   බාලවයස්කාරයා මත්පැන් ලබා ගත්තේ කොහේද යන්නයි  මත්පැන් විකුණා ඇති වෙළෙන්දාගේ බලපත්‍රය ය තහනම් වන අතර දඬුවම් දෙන්නේ ඔහුටයි. මිලදී නොගෙන   මත්පැන් නිවසකින් ලබා ගත්තේ නම් එසේ  බාල වයස්කාර ළමයෙකුට  ලබාගත හැකිවන ලෙස මත්පැන් තැබූ තැනැත්තා ,වැඩිහිටියා වරදක් කර ඇත. මෙහිදී ඒ ළමයා අත්අඩංගුවට ගත්තේ  උසාවි දැම්මේ ඒ වරදට නම් පොලිසිය   ළමයා අත්අඩංගුවට ගැනීම මට තේරුම්ගත නොහැක.

2.//පොලිස්‌ හදිසි ඇමතුම් අංශයේ 119 ට ලැබුණු ඇමතුමක්‌ අනුව නිවස වටලා මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ශිෂ්‍යයාගේ වයස අවුරුදු 15 මාස 10 ක්‌ වන අතර ශිෂ්‍යාවගේ වයස අවුරුදු 15 මාස 9 ක්‌ බව උප්පැන්න ලේඛන පරීක්‍ෂා කිරීමේදී අනාවරණය වූ බව පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි, නඩු මෙහෙයුම් අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක චන්දන තෙන්නකෝන් හා කොස්‌තාපල් (55301) ගුනේන්ද්‍ර යන මහත්වරු අධිකරණය හමුවේ කියා සිටියේය.- දිවයින එම //

මට මෙම පුවතින් වැටහෙන පරිදි  බාලවයස්කාර  නවයොවුන් තරුණ තරුණයින්ට ලංකාවේ නිතිය අනුව  නිවසක දොර වසාගෙන උවද පෙම්සුව විඳීම හෝ  ලිංගිකත්වය තහනම් දෙයක්.දෙදෙනාගේ වයස 15ක්  ඒ නිසා  අත්අඩංගුවට ගෙන එම වරදට අධිකරණයට ඉදිරිපත් කලාද ? එහෙම නැත්නම් වයස භේදයක් නොමැතිව ලංකාවේ පෙම්සුව විඳීම තහනම්ද? මා මෙහිදී විමසන්නේ නීතිමය තත්වය පමණි.  කරුණාකර සංස්කෘතික ආචාරධාර්මික ආකල්පමය දේ පටලවා නොගන්න. නීතියට ඒවා අදාළ නොවේ.

වයස 18 ට වැඩි වැඩිහිටියෙකු වයස 15 ක නව යොවුන් දැරියක් හෝ දරුවෙක් අපයෝජනය කිරීම බාලාපරාධයකි . එය අත්අඩංගුවට ගෙන උසාවි දමා දඬුවම් කලයුතු වරදක් බව මගේ හැඟීමයි. ඒත් එහිදී පවා දඬුවම් කල යුත්තේ අත්අඩංගුවට ගත යුත්තේ වැඩිහිටි අපයෝජකයා පමණි. මෙතැනදී නම්  ළමයින් දෙදෙනාම බාල වයස්කාරයින් වන අතර ප්‍රසිද්ධ තැනක පෙම්සුව විඳ අසුවුවානම් පොලිසිය කල යුත්තේ ළමයින් අදාළ පාසල් වල විදුහල්පති වරුන්ට හෝ දෙමව්පියන්ට දඬුවම් අවවාද දීම සඳහා භාර දීමයි.

3. //මෙම දෙදෙනා වසරකට අධික කාලයක සිට පෙම් සබඳතාවයක්‌ පවත්වා ඇතැයි ද අත්අඩංගුවට ගත් මෙම පාසල් දරු දෙදෙනා කළුතර නාගොඩ රෝහලේදී වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කළ බව ද කියා සිටියේය.- දිවයින එම //
11 වැනි වසරේ  සිසුන්ට ලංකාවේ නිතිය යටතේ පෙම් සබඳතා තහනම්ද?  දරු දෙදෙනා වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීමට පොලිසියට ඇති අයිතිය සහ නීතිමය තත්වය කුමක්ද?

4. //පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මව්පියන්ට දැඩි ලෙස අවවාද කළ විනිසුරුවරයා පරිවාස නිලධාරීන්ගේ අධීක්‍ෂණයට මෙම දෙදෙනා පත් කරමින් එක්‌ අයකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් ඇපමත මුදාහරින ලෙස නියෝග කළේය.//
මෙතනදී මට නොතේරෙන අප්‍රභංශය නම් ඇප දීමට නම් හිරේ විලංගුවේ දැමිය යුතු අපරාධයක් කර යුතුය 50,000 බැගින් ගෙවා ඇප ලබාගැනීමට මේ දරුවන් කල වරද කුමක්ද?
i. පෙම් සබඳතා පැවැත්වීමද?
ii.මත්පැන් පානය කිරීමද?
iii. ගෙයක් තුල නිරුවතින් සිටීමද?
iv. ලිංගිකව එක්වීමද?
v.  පෙම්සුව විදීමද?
 ඉහත කාරනා ලංකාවේ නිතියට අනුව අපරාධයක්ද? නීතිය උල්ලංඝනය කිරීමක්ද? පාපයක්ද? මොකක්ද?

ලංකාවේ සමාජ සම්මතයට සංස්කෘතියට අනුව නවයොවුන් ලිංගික සම්බන්ධතා යනු මහා අවාසනාවන්ත අපරාධයක් ලෙස සැලකීම මට තේරුම් ගත හැක. නමුත් නිතිය ඉදිරියේත් එය  එවැනිම දෙයක්ද?

මෙම ප්‍රශ්නයේදී පාසලින් කට්ටි පැනීම වරදකි එයට විනය පරීක්ෂණයක් තබා දඬුවම් දිය යුත්තේ අදාළ දරුවන්ගේ පාසලේ විදුහල්පතිය.
එලෙසම අඩුවයසින් ප්‍රේම සබඳතා ලිංගික සබඳතා පැවැත්වීම පිළිබඳව  තම දරුවන් හා සාකච්චා කිරීම දඬුවම් දීම මෙහිදී අදාළ  දෙමව්පියන්ගේ වගකීමකි.  මගේ පුද්ගලික මතය නම් පොලිසියට ආණ්ඩුවට තමන්ගේ ළමයින් ආණ්ඩු මට්ටු කරන්න ඉඩ නොදිය යුතුය.

පොලිසිය, නිතිය, නඩුකාරවරු,  ළමා හා කාන්තා කාර්යාංශය වැනි රජයේ ආයතන පුරවැසියන්ගේ සහ පවුල්වල   මෙවැනි පුද්ගලික  කරුණු වලට ජන ජිවිතයට මැදහත් වීමේදී තම   සිමාවෙන් ඔබ්බට බලය පෙන්වීම  ඉස්ලාමයේ ෂරියා නීති ක්‍රියාත්මක කිරීම වැනිම වූ ක්‍රියාවක් බව මගේ පුද්ගලික අදහසයි.

අරාබි මුල්ලා වරු රිසානාට මරණ දඬුවම දී බෙල්ල කැපීම හා අපේ පොලීසි හා  අධිකරණය මෙම ළමයින් ඇප ලබාදිය යුතු අපරාධ කරුවන් කිරීම අතර ඇත්තේ  මට අනුව නම් කෙස් ගසක වෙනසක් පමණි.

නව යොවුන් ලිංගිකත්වය අපරාධයක් යැයි සිතන මෙම කාරණයේදී මෙම දරුවන් අපරාදකරුවන් ලෙස හංවඩු ගහන ලංකාවේ පොලිසියට නඩුකාරවරු,  ළමා හා කාන්තා කාර්යාංශය වැනි ආයතන වලට මම යෝජනා කරන්නේ කරුණාකර මහත්වරුනි Bruce Willis රඟපාන Moonrise Kingdom (2012)  චිත්‍රපටිය නරඹන්න කියාය. මෙම කරුනේදී මා වැරදියයි සිතන අයද කරුණාකර එම චිත්‍රපටිය නරඹන්න.
 මුස්ලිම් මුල්ලා වරුන්ට ෂරියා නීතියට කෙතරම් විරුධද උවද මට හිතෙන හැටියටනම්  අපි වේගයෙන් ගමන් කරන්නේත්  ඒ පැත්තටමය.
පුද්ගලික නිදහස අගයන සමාජයක රටක නම් මෙවැනි කරුණකදී වෙන්නේ මේ දරුවන්ගේ දෙමව්පියන් එකට එකතු වී තම සිමාව ඉක්මවා පුද්ගලික ජන ජිවිතයට ඇඟිලි ගහන පොලිසියට හා ළමා හා කාන්තා කාර්යාංශයට එරෙහිව ක්‍රියා කිරීමයි.

Sunday, January 13, 2013

ධනවාදය යනු කුමක්ද? බ්ලොග් අවකාශයේ වාමාංශික ජෝන් බාස් ලාගේ දැනගැනීම පිණිසයි.

සිංහල බ්ලොග් අවකාශයේ වඩාත්ම උත්කර්ෂවත්  ස්‌වයං-ප්‍රකාශිත (soi-disant) වාමාශික සමාජවාදි පුද්ගලයා වන අජිත් පැරකුම් ජයසිහ මහතා සිය w3lanka වෙබ් අඩවියේ "ධනවාදය යනු කුමක්ද? - බ්ලොග් අවකාශයේ ධනවාදී පකීර්ලාගේ දැනගැනීම පිණිසයි"  යනුවෙන් ලිපියක් ලියා  සිංහල බ්ලොග් අවකාශයේ අලුත් ධනවාදීන් යැයි හඳුන්වන පිරිසකට    ධනවාදය කියාදීමට සහ සංවාද කිරීමට ඇරයුම් කර ඇත.
මා මෙම පිරිසට අයත් ධනවාදියෙකු යැයි මම  කියන්නේ නැත. මම එදිනෙදා සතුටින් ජිවත්වන සාමාන්‍ය මිනිසෙකි මම ඔහුගේ මෙම ලිපියට පිළිතුරු දෙන්නේ ටැබූ සබ්ජෙක්ට්  එකල සිය ප්‍රතිවාදීන්ට පැහැදිලිව කියූ ලෙසම
"මා ලියන්නෙ මගේ පාඨකයින්ට මිස විචාරකයින්ට නෙවෙයි." යන අර්ථයෙනි.

 අජිත් පැරකුම්  කියන පරිදි ටැබූ සබ්ජෙක්ට්ස්  බ්ලොග් කරුවා (අජිත්ට අනුව  ලාංකීය බ්ලොග් අවකාශයේ මහෞෂධ වන්නට උත්සාහ කරමින් සිටි අයෙකි.) හිටිහැටියේ සිය බ්ලොග් අඩවියත් මකාගෙන අතුරුදහන් වූයේ සමාජවාදී වමාෂික අදහස්වලට උත්තර දී ගත නොහැකිවද යන්න පැහැදිලි නැති වුවද බ්ලොගය මකා අතුරුදන් වූ මියගිය ටැබූ සබ්ජෙක්ට් අවතාරය ( එනම් ඔහු කියූ නිවැරිදි අදහස්)   තාමත් බ්ලොග් තිබෙන w3lanka ට වඩා ප්‍රබල , ජීවමාන සත්‍යය බව දන්නෝ දනිති.

පැරකුම් ලා වැනි වම්මු කිසිදා වයසට නොයයි වඩා නිවැරිදිව ශරීරයෙන් මිස මානසික වයස  කිසිදා මුහුකුරා නොයයි .ධනවාදය යනු ක්‍රියාවලියක් මිස දෘෂ්ටිවාදීමය සුරුවමක් නොවන බව අපිට කියන ඔවුන් නොදන්නා දෙයක් නම් ඔවුන් එදා සිට අද දක්වා එකම වාමාංශික යල්පැනගිය අදහස් ගොන්නක් දෘෂ්ටිවාදීමය සුරුවමක්  කරගෙන  ආගමික ලෙසින් අදත් අදහමින්  සිටින බවයි. මොවුන් මැරෙන තුරු වෙනස් නොවේ. 2010 වසරේ මොවුන් ටැබූ සමග කල සංවාදය ඇත්තටම මෙය සාක්ෂි දරයි. එදා ටැබූ කියූ දේ අල්ප මාත්‍ර ලෙසවත් තේරුම් ගැනීමට 2013 වන තෙක්වත් මොවුන් සමත්වී නොමැත.  අපි mp3 වලින් සිංදු අහන කාලයේ  w3 තාමත් එකම පරණ ග්‍රැමෆෝන් තැටිය ධාවනය කරයි.

ලංකාවේ තියෙන්නේ ධනවාදයක්ද මහින්ද රාජපක්ෂ රටකරවන විදිය ධනවාදයද යන්න වම්මු සමග වාද කිරීම විකාරයකි ඔවුන්ට අනුව බස් එකක කවුරුහරි පඩයක් ඇරියත් එක ධනවාදය නිසා වන දෙයකි ඒ කොටස් ගැන මට කියන්නට ඇත්තේ පහත ටැබූ ඔවුන්ට කියූ දෙයමය.
//රාජපක්ෂ  අනුයන්නේ ධනවාදයක්ද නැද්ද යන්න ගැන විවාද කොට කාලය නාස්ති කර ගැනීමට මට අවශ්‍ය නැත. තව වසර තුනකින් මෙපිට එය කාටත් පැහැදිළි වනු ඇත. අපේ රට ඇමෙරිකාව හෝ සිංගප්පූරුව දෙසට ගමන්ගන්නේ නම් එහි ක්‍රියාත්මක වන්නේ ධනවාදයකි. බුරුමය හෝ සෝමාලියාව දෙසට ගමන් ගන්නේ නම් (ඔබට තේරුම් ගත නොහැකි) වෙන මොකක් හෝ ඉලව්වකි. අපි බලා සිටිමු.- ටැබූ සබ්ජෙක්ට්ස් -2010 //

     මා දැන් ඔවුන් කියන විකාර වැල්වටාරම් අදහස් වලට කාටත් වැඩක් නැති   පිළිතුරු දීම පසෙකලා  අපිට ධනවාදය උගන්වන අජිත් පැරකුම් නම් වාමාශික මිතුරා ඇසුරින්ම මා කියන ධනවාදය යනු කුමක්දැයි සරලව මගේ පාඨකයින්ට කියා දෙන්නම්.
 අජිත් පැරකුම්  වාමාංශික මහතාගේ  w3lanka  වෙබ් අඩවියේ දකුණු ඉහල කෙලවරේ ඒ මහතාගේම භාෂා පරිවර්තන සේවයක් පිලිබඳ වෙළද දැන්වීමක් ඇත. එම යොමුවෙන් ගියවිට ඔහුට හනුදෙනු කරුවන් ඉන්නා බව කියන නිසා මෙය නිකං ලබා දෙන සේවයක් නොව මිලකට විකුණන සේවාවක් බව මම සලකමි.

මෙම වාමාංශික වෙබ්අඩවියක දෛවෝපගත ලෙස ඇති වෙළඳ දැන්වීම අපිට කියන්නේ කුමක්ද? මා එය නම් කරන්නේ මෙලෙසිනි. ස්‌වයං-ප්‍රකාශිත (soi-disant) වාමාශික සමාජවාදි පුද්ගලයින්  තුල පවා නිදහස් වෙළඳ පොළ ට  ඇත්තේ  ආකර්ෂණයක් (An Affinity) මිස විරෝධයක් නොවන බවයි.
අප වාමාංශික මිතුරා අජිත් ට හිතට එකඟව කල නොහැකි දුෂ්කර කාර්යක්ද කරන්ට වී ඇත. දැන් ඔහු පාරිභෝගික භාණ්ඩයක් සිය වෙබ්අඩවිය හරහා විකුණන වමාන්ශිකයෙකි. ඔහු කපටියෙකු නොවේ කපටියෙකු වූවානම්  වෙළඳ භාණ්ඩ  හුවමාරුවේ වාමාශික විකල්පය වන ඔහුගේ භාෂා සේවා සැපයීම සඳහා පරිත්‍යාග මිස මුදල් අය නොකරන බව කියන්නට තිබුණි.

අජිත් පැරකුම් ජයසිහ මම ඔබගේ නව අනන්‍යතාවය නාමකරණය  කරමි. ඔබ  එකම මොහොතක වමාන්ශිකයෙකු මෙන්ම වෙළෙන්දෙකු ද වෙයි..(ඔබ ඔබේ ගනු දෙනු කරුවන් සමග සිය කැමැත්තෙන් එකිනෙකාට හිතකර ලෙස සිදුකරන ආර්ථික හුවමාරුවක නිරත වන වෙලදාමක්ද පවත්වාගෙන යන වමාන්ශිකයෙකු වෙයි.). මම දැන් අජිත් පැරකුම් ගෙන් මෙසේ අසමි.  මනසින් වාමන්ශිකයෙකු වන ඔබ ඔබේ ගනු දෙනු කරුවන් සමග සිය කැමැත්තෙන් එකිනෙකාට හිතකර ලෙස සිදුකරන ආර්ථික හුවමාරුවක නිරතවිමෙහි තිබෙන  උත්ප්‍රාසය සහ  ව්‍යාජෝක්තිය ඔබට වැට හෙනවාද?

දැන් පාඨකයින්ට වැටහෙන්න ඕනෑ අජිත් ධනවාදයට එරෙහිව කරන මහා සටනකරන්න වෙලා තියෙන්නේ එයාටම එරෙහිව එයා තුල ජීවමානව සිටින අර්ධ වෙළෙන්දාට එරෙහිව මිස ඒ අයගෙන් පිටත  සිටින එයාලා මාව නම් කරන  එළකිරි ධනවාදියාට හෝ ධනවාදයට  එරෙහිව නොවෙයි කියන එක. දැන්  මා මේ පිළිතුරු දෙන අදාළ අජිත්ගේ ලිපියේ ප්‍රතිචාරයක් ලෙස   කියූ "ලංකාවේ ඉන්නේ අතීත ගෝත්‍රික වැඩවසම් මනසක් සහිත BMW ලම්බෝගිනි එකේ යන ඔලුව සිංහ භාහු කඳ ලෑම්බෝගිනි මිනිසෙකි" යන්න  වෙනත් විදියකට කියන්න පුළුවන්  වාමන්ශිකයින් පවා කඳෙන් ධනවාදී ඔලුව පමණක් වාමන්ශිකයි.

මම අජිත් පැරකුම් ට වෙනස් ලෙස  සිය කැමැත්තෙන් එකිනෙකාට හිතකර ලෙස සිදුකරන ආර්ථික හුවමාරුවක (ධනවාදී ආර්ථික ක්‍රමයේ මුලික ක්‍රියාකාරකම වන නිදහස් හුවමාරුව)නිරතවීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින නිදහස් වෙළඳ පොළ ධනවාදියෙකි .  අජිත් මෙන් දෙබිඩි ජිවිතයක් මට නැත . මා සටන් කරන්නේ මා වෙනුවෙන් මෙන්ම  අජිත් ගේ ජීවිතයේ සිය ප්‍රායෝගික අර්ධය වෙනුවෙන්මය.අජිත් ට ඔහුගේ  ගේ පරිවර්තන ව්‍යාපාරය රජයේ ඇඟිලි ගැසීම්,  බදු ගැසීම් වලින් තොරව පවත්වාගෙන යාමට ඇති  අයිතිය වෙනුවෙනි. ඉන් උපයාගන්නා හැම මුදලක්ම ඔහුගේ පුද්ගලික දේපලක් ලෙස ඔහුට තහවුරුකර දීම වෙනුවෙනි.

මා පෙනී සිටින්නේ අන් අයෙකුට කරදරයක් හානියක් නොවන තාක් දුරට අජිත් පැරකුම්ට හෝ ඕනෑම පුද්ගලයෙකුට  කැමති ඕනෑම ගනුදෙනුවක් හුවමාරුවක් මෙන්ම සතුටු විමට කැමති ඕනෑ දෙයක් කිරීමට  ඇති අයිතිය වෙනුවෙනි.
ඒකාන්තයෙන්ම දැනට ලෝකයේ ඇති ඕනෑම දේශපාලන ආර්ථික ක්‍රම අතුරින් ඉහත මා පෙනී සිටින දේවල්  අගේ කොට සලකන  දැනට ඇති එකම ක්‍රමය   නිදහස්-වෙළඳපොළ ධනවාදි ක්‍රමයයි. එබැවින් මේ මොහොතේ මම ජෝන් ගාල්ට් විමට කැමැත්තෙමි.