Pages

Followers

Saturday, May 6, 2017

මෙඩිකල් කෝඩින් සහ බිල පත් සැකසීමේ වැදගත්කම THE IMPORTANCE OF MEDICAL CODING/BILLING


මේක ෆේස් බුක් එකේ මම දාපු  පැරණි  රංසා ගයක් පලවෙනි පාර මේක දාපු  වෙලාවේ අපේ ඩොක්ටර්ස් යාළුවො කරේ පට්ට කෙබර කියපු එකයි ආණ්ඩුවේ රෝහල වල මේක කරනවා  කියල උඩ  පැන්න එකයි විතරයි . ආයේ එකම දේ  කියන්න එපා මේක  පුද්ගලික අංශයේ  ක්‍රියාත්මක කිරීමයි ඕන ඒවායේ  බිල් සැකසීම සහ රෝග විනිශ්චයේ  අක්‍රකමිකතා වලක්වන්න

අපේ අල්ලපු රටේ ඉඳන් ඇමරිකාව දක්වා බොහෝ රටවල් වල දොස්තරලට සහ පුද්ගලික රෝහල් වලට International Classification of Diseases (ICD) අනුව වැඩ කරන්න වෙනවා රජයේ හෝ පුද්ගලික රෝහල් වල ප්‍රතීකාර කරද්දි මේ IDC -10 ක්‍රමයට රෝගියාගේ විස්තර රෝග විස්තර බිල් සැකසීම දක්වා කල යුතුයි .
දොස්තරලට අපේ රටේ වගේ පිස්සු කෙලින්න බැහැ.
මේ මෙඩිකල් කෝඩින් සිස්ටම් එක ලංකාවට හඳුන්වල ඊට අනුකූලව ලංකවෙ සෞඛ්‍යය සේවයේ රෝග විනිශ්චය පුද්ගලික රෝහල් වල බිල් කැඩීම පරිගණක ගත කිරීම මේ වෙනකොට වෙලා තියෙන්න ඕනැ වැඩක්.
ඇයි මේව අපිට නැත්තෙ. මෙඩිකල් කෝඩින් උගන්වන පාසල් ඉන්දියාවෙ හැම තැනම තියනවා ඇමරිකාවෙ සෞඛ්‍යය සෙවයේ මෙඩිකල් කෝඩින් කරන ඉන්යානුවන් පිරිල අපේ ලමයින්ට මේව හඳුන්වල දුන්නනම් නෙට්වර්ක් හරහා පිටරට වල මෙඩිකල් කෝඩින් සහ බිලින් කරන රැකියා අවස්තා ඔනෑ තරම් තියනව.
ඔය දොස්තර මහත්තුරු පුද්ගලික විශ්ව විද්‍යාල බිල්ල එලව එලව නොඉද කුහක කම අත් ඇරල ලංකාවට idc-10 වත් හඳුන්වල දීලා ඉන්නකො. එතකොට අඩු ගානෙ සයිටම් ද මොකද්ද අයිටම් එක මෙඩිකල් කෝඩින් පාසලක් වත් කරන්න පුලුවන්.

ලංකාවට IDC-10 ගෙනාවොත් දොස්තරලට සහ පුද්ගලික රෝහල් වලට ඕනැ ඕනෑ විදිහට ලෙඩ රෝග ගැන ලෙඩ්ඩු අන්ඳන්න සහදඩ බිල් ගහන්න බැරි වෙනව මේව ගේන්න උනන්දු නැත්තෙ ඒක නිසා නේද?

ලෙඩ්ඩුන්ට පුද්ගලික රෝහල් වල මිල ගණන් නියම කිරීමේදී මේක නැත්නම් අවුල් ජාලයක් ලංකාවේ දොස්තරලා පුද්ගලික රෝහල් එක්ක එකතු වෙලා ලෙඩ්ඩු මරං කන්නේ මේ සිස්ටම් නැති හින්දා

රෝග විනිශ්චයන් IDC -10 අනුව කරලා ඊ ට අනුකුලව රෝගීන්ගේ වාර්තා ප්‍රතිකාර සහ පුද්ගලික රෝහලක් නම් බිල්පත් දක්වා එකාබද්ධව එක පරිගණක සිස්ටම් එකක් යටතේ යන එක තමයි මේකේ අරමුණ.
රෝගියා දොස්තර සහ පුද්ගලික රෝහලේ අදාළ ප්‍රතිකාරයට මුදල්අය කිරීමේ ක්‍රියාවලිය එකතු කරන සමබන්ධ කාරකය තමයි මේ සිස්ටම් එක. මේ සිස්ටම් එක නෑ කියන්නේ ඒ රෝහල මහා අවුල් ජාලයක්කියන එකයි.
රෝහල් වලට මේවා ගෙනාවොත් ම අනවශ්‍ය ප්‍රසිඩියර්ස් කරලා ලෙඩ්ඩුන්ට බිල් ගහන්න බැහැ .
ලංකාවේ ලෙඩ්ඩු තමන්ගේ ලෙඩේ මොකද්ද කරන ප්‍රතිකාරය මොකද්ද කියල ඇයි මේක කරන්නේ දැනුවත් නොකර අඳුරේ තියන්න බැහැ මේවා ආවම එකයි මේවා ගේන්නේ නැත්තේ

දැන් මේ කේස් එකේදී පුද්ගලික රෝහල් මුදලාලිලා සෞක්‍ය ඇමැතිටත් වඩා ඉහලින් ඉන්න ජනාධිපති ටත් වඩා ලොකුයි . මේ කොම්පැනි ඉස්සරහ නම්මෙඩිකල් බෝඩ් ,GMOA  අහිංසක පූස් පැටව් වගේ

3 comments:

  1. බුදු අම්මෝ, මෙන්න නිදහස් සෞඛ්‍ය සේවය නැති කරන්න හදනෝ

    ReplyDelete
  2. පුද්ගලික රෝහල් මුදලාලිලාගේ සාක්කුවේ තමයි ඔය නිදහස් සෞඛ්‍ය සේවයගැන මොර දෙන කොයි දොස්තරත් ඉන්නේ.ඒ විතරක් නෙමේ දේශපාලකයෝත් ඒ සාක්කුවල ඉන්නේ.ඉතින් කොහොමද ඔව්වා මෙහෙට ගේන්නේ.හැබැයි මේ සයිට්ම් කේස් එක නිසා වෙච්චි හොඳක් තමයි රට ඇතුලේ සංවාදයක් මේවා ගැන ඇතිවෙමින් පැවතීම.

    ReplyDelete