Pages

Followers

Sunday, February 24, 2013

ආර්ථික ඝාතකයෝ කවුද? පී බි ද?විමල්ද?අපිද?



බැංකු තුනක් වැටෙනවා.....ලූ ආන්ඩුවේ...
පා කරනට ගොස් අහසේ.... අභිමානේ...
මරං කන්න යයි ලේඛම් බන්ඩා.... පුංචී....
ඇමතිහොරුයි ඝාතකයෝ ආර්ථිකේ...!!!


//ඇමතිහොරුයි ඝාතකයෝ ආර්ථිකේ...!!!//
මාතලන්  බ්ලොග්කරු  මෙහෙම කිව්වට  මම හිතන්නේ මෙහෙම කියල අපිට ඇඟ බේරගන්න අමාරුයි එතකොට මේ හොරු අපේ නායකයෝ කරලා පාර්ලිමේන්තු යවල ඇමතිවරු කරගන්න අපි ජනතාව බබාලද?
මේ ඉහත කවියට මාතලන්  පුංචි බණ්ඩා ජයසුන්දර සම්බන්ද කරපු හින්දා මිනිහ කියපු  උත්ත්රයකින්ම  මම කියන්නම්.
මම ඇමරිකාවට ඇවිත් අවුරුදු 12 ක් දැනට මේක ඊට කලින් සිදු වුන දෙයක් චන්ද්‍රිකාගේ කාලේ අවුරුදු 14ක් 15කට පෙර.
බෙන්තොට පැත්තේ ඒ කාලේ අලුතින් හදපු ටාජ් එක්ස්සෝටිකා හෝටලයේ ලෝක බැංකුව හරි අයි එම එෆ් එක හරි සංවිධානය කරපු වැඩ මුළුවක අචාර්ය පී බි ජයසුන්දර දේශනයක් කළා. මේ දේශනයට සවන්දෙන්න මටත් අවස්ථාව ලැබුන. දැන් ගැටුම ඇතිකරගෙන දෙකට බෙදිලා  පෙරටුගාමී පක්ෂය ලෙස  ඉන්න  ඒ කාලේ ලංකාවේ තිබුන  X-කණ්ඩායම නම් සංවිධානය ප්‍රකාශයට පත් කරපු "ලන්ඩන්" සඟරාවේ මුල් කලාපයේ දීප්ති කුමාර ගුණරත්න ලියපු  "වී වෙනුවට රෝස " කියන දේශපාලන ලිපියට මුල්  උනෙත් එම දේශනයේදී අචාර්ය පී බි ජයසුන්දර දැක්වූ අදහසක්ම තමයි.
 අචාර්ය පී බි ජයසුන්දරගේ මේ දේශනයෙන් පස්සේ මට ආපු ගැටළුවක් තමයි මෙතරම් දක්ෂ මෙතරම් දැනුමක් තියන මේ වගේ නැවුම් අදහස් තියන උගත් මිනිස්සු ඉන්න ලංකාව ඇයි එකතැන පල් වෙන්නේ. එත් කලාපයේ අවට සිංගප්පුරුව හරි තායිලන්තය පවා ඇයි අපි පහු කරගෙන යන්නේ කියන එක. ඇයි ලංකාවේ දක්ෂ නිලධාරීන් ඉදිද්දී   මේ මිනිස්සුන්ගෙ අදහස් ක්‍රියාත්මක කරන්නේ  නැත්තේ කියන එක තමයි මගේ ගැටලුව උනේ.
 ඇයි නිලධාරීන් දේශනා වල මේවා කියල මිට හාත්පසින්ම වෙනත් දේවල් අමාත්යංශය ඇතුලෙදි කරන්නේ කියන එක මගේ ගැටලුව උනේ.
පස්සේ කාලෙක වෙන  අවස්ථාවක  මට පී බී ගේ පිළිතුර ලැබුනා.ඒ වචනම නොවූවත් ඒක මෙන්න මේ වගේ අදහසක්.
"අපි රජයේ නිලධාරීන්. අපි බැඳිලා ඉන්නේ අපි පුද්ගලිකව විශ්වාස කරන ආර්ථික ක්‍රම රටේ ක්‍රියාත්මක කරන්න නොවෙයි. අපි රජයේ නිලධාරියෙක් හැටියට බැඳිලා ඉන්නේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න. මම මුදල් අමාත්යංශයේ ලේකම් ලෙස පත් කරන්නේ මුදල් ඇමති තුමා. මුදල් ඇමතිතුමා පත් කරන්නේ ජනාධිපති. ජනාධිපති පත් කරන්නේ රටේ ජනතාව. අපිට රජයේ නිලධාරීන් විදියට  බැහැ ජනතාව අපිට කරන්න පවරලා තියන  දෙයින් පිටත දේවල් ඒ කියන්නේ මුදල් ලේකම්වරයා නම් සිවිල් තනතුරට බැහැ පී බී ජයසුන්දර නම් පුද්ගලයා   පුද්ගලිකව අසා කරන ආර්ථික ක්‍රම කොතරම් නිවැරිදි උනත් රටේ  ක්‍රියාත්මක කරන්න. භාණ්ඩාගාර ලේකම් නම් තනතුරේ වගකීම තමයි පවත්නා ආණ්ඩුව පිළිගන්න ආර්ථික ක්‍රමය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කරලා අයවැය සහ මුදල් කළමනාකරණය කරලා දෙන එක. "

දැන් වැටහෙන්න ඕනෑ  රටක් ක්‍රියාත්මක කරන්නේ කුමන ආර්ථික ක්‍රමයද ඒක මොනවගේ ආර්ථික ප්‍රතිපත්ති මත පදනම් වෙනවද කියන එක තීරණය කරන්නේ රජයේ නිලධාරීන් නොවෙයි රටේ ජනාධිපති සහ මුදල් ඇමති. ජනාධිපති පත් කරන්නේ අපි තුමා ල සර්වජන චංදෙන්.
මහජන චන්දයෙන් පත්වන  ජනාධිපති තුමා  චන්ද අපේක්ෂකයෙකු ලෙස තමන් ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ ආර්ථික ක්‍රමයයැයි ජනතාවට මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා, දැන් පවත්නා රජයේ නම් "මහින්ද චින්තනය"  නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය විය යුතුය. අනෙකුත් පක්ෂ සියල්ලම ජනාධිපතිවරණයට  ඉදිරිපත්වෙද්දී  තමන් කරන්නේ මේකයි කියල කියනවා.

විමල් විරවංශ යනු පවත්නා රජයේ කවුද? මට මතක හැටියට ගෙවල් හදන ඇමති නේද?  දැන් මේ තෙල් මිල වැඩි කරපු අනුර ප්‍රියදර්ශන යාපා තෙල් ඇමති නේද? මේ අය පත් කලේත් ජනතාව. දැන් මේ අය ජනාධිපති තුමා තමන්ගේ රජයේ අමාත්යංශ භාර දෙනවා. අමතක කරන්න එපා ජනාධිපතිතුමා පත් කලෙත් අපි. දැන් විමල් චන්දේ දිනන්නේ විමල්ල වගේ මිනිස්සු ලව්වා අපිට ආණ්ඩුව ගානේ නොමිලේ ගෙවල් බිල්ඩින් ගහ ගන්න ආර්ථික  ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගන්න නේද? ඉතින් මේවා කරන්න  ආණ්ඩුවට සල්ලි ඕනෑ.  ආණ්ඩුවට තමන්ගේම කියල මුදල්  නෑ. මේක අපි හැමෝම දන්න සරල කාරණයක් නේ . ආණ්ඩුව මුදල් හොයාගන්නේ අපෙන්ම අරගෙන  බදු මුදල් ලෙස තමයි.
ඉතින් අපිතුමාල ජනතාව හැටියට දැනගන්න ඕනෑ රජය ලව්වා ගෙවල් හදවගන්න ගියාම ඇමතිතුමාගේ ගෝලයින්ට ඉඳල තෙල් ගහන්න කන්න බොන්න බඩු ගහන්න පිටරට යන්න සල්ලි අපිම දෙන්න ඕනෑ කියන එක.  තෙල් මිල වැඩිකරගෙන හරි තෙල්  ඇමතිලා නඩත්තු කරන්න අපි කැමැත්තෙන්ම භාර අරගෙනයි තියෙන්නේ.
අපේ රටේ රජයේ වියදම් පියවගන්න අපේ රටේ බදු සල්ලිත් මදි. ලංකාව දුවන්නේ පිට රටවලින් නය අරගෙන. අය වැය හිගය කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැත්තේ අපි ජනතාව බබාලද?

විමල් වීරවංශට සිය අමාත්‍යාශයේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඇතිවෙන්න දෙන්න ඉඳා ගෙවල් හදල ඉතිරි ඒවායින් විස්කි බීපල්ලා කියල දෙන්න  සල්ලි භාණ්ඩාගාරයේ නැත්තේ ඇයි.
උත්තරය සරලයි. අපි ජනතාව රටේ ක්‍රියාත්මක කිරීමට තෝරා ගත් මුග්ධ ආර්ථික ප්‍රතිපත්තිය රට ඉදිරියට ගෙනියන්නේ නැත. අපි රටේ බදු වැඩිකරන තෙල් මිල වැඩි වැඩි කරන්නට අනිවාර්යයෙන් සිදුවන මුග්ධ  ආර්ථික ක්‍රම  යෝජනා කරන  දේශපාලකයින් බලයට පත් කිරීමයි.  මෙතරම් අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති පවා  ක්‍රියාත්මක කර රට මේ තරමින් හෝ දුවන්නේ  පී බි ජයසුන්දර වැනි දක්ෂ නිළධාරින් අපිට සිටින බැවිනි.
අචාර්ය පී බි ජයසුන්දර මේ රජයෙන් ඉවත් වී යනවා නම් පුද්ගලිකව  මම කැමතිය. මා දාන්නා තරමින් ලංකාවේ මේ තනතුර ඇදගෙන යා හැකි අනෙකුත් දක්ෂ ආර්ථික විද්යාඤයින් සියල්ල පාහේ පිටරට වල පදිංචියට ගොස්ය. ඉන්නා අයත් දැන් මේ මරාලයට කර ගහන්න කැමති වෙන්නේ නැත. එවිට වෙන්නේ මේ වගේ දෙයකි.
දැන් ඉන්නේ මේ අපේ බබා ජනතාවට ගැලපෙන ජනතාවගේ පැතුම මල් පල ගැන්වූ දේශපාලකයින් (චොප්පෙල ,රත්තරන්ලා ,කුඩ්ඩො ,ළු නිලියෝ ) අන්න ඒ වගේ  භාණ්ඩාගාරයේ ලේකම් තනතුරටත් උගත් මිනිස්සු ඕනෑ නෑ අර දඬුවම් මුදලාලි වගේ පොරක් දාගන්න එකයි තියෙන්නේ. එතකොට කිසි කරදරයක් නෑ නාමල් බේබි ආව ගෝලයෝ එක්ක සල්ලි ටිකක් භාණ්ඩාගාරෙන් පටවගෙන යනවා විමල් එනවා ආ දඩුවම් මචං ලේකම් කෝටි පහක් පටවපන් ඩිකියට. වැඩේ අප්සට් වන විට පවුලේ අය  රටේ  ණයට ගත් සල්ලි ටික සියල්ල ස්විස් බැංකු වලට පටවාගත් පසු  ඇමරිකාවට බසු බසිනු ඇත, ඉන්පසු මාස හයෙන් සියල්ලගේම පස්සපැත්ත නැතිවනු ඇත.
මේ චොප්පෙල රත්තරන්ලා කුඩ්ඩො නළු නිලියෝ වගේ අයට ලෝකේ අනික් රටවල් වල රටවල් මෙහෙයවන  බුද්ධිමත් නායකයෝ එක්ක තරඟ කරන්න රටක් මෙහෙයවන්න  භාර දෙන ජනතාවක් ඉන්න රටක ජනතාවගේ පස්ස පැත්ත නැතිවුන පසු මොලේ ඇති උගත්  මිනිසුන් ට රට මෙහෙයවන්නට භාර දී  මේ රට ආපසු මුල ඉඳන් පටන් ගත හැක .
මෙසේ ලියන්නට සිදුවීම ශිෂ්ඨ නොවන මුත් නොකියාම බැරිය. මාතලන්ගේ බ්ලොගය බැලීම නිසා මටත් දැන් මතලන්ගේ ස්ටයිල් එකට ලියවෙනවාය, පස්ස පැත්ත නැතිවන තෙක් අපේ ජනතාවට සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි වැටහෙන පාටක් නැත, ඉතින් ජනතාවගේ පුක නැතිවිය යුතුමය.මොලේ නැති ජනතාවක් සිටිනවාට වඩා පුක නැති ජනතාවක් සිටීම එක අතකින් රටකට හොඳය.

Monday, February 18, 2013

හිජාබ් නිකාබ් බුර්කා (what ever it called ) ප්‍රංශයේ මෙන් ලංකාවේ තහනම් කරනු. - Ban Burqa in Sri lanka


මෙම ලිපිය මා විසින් 2010 දී කවුරුවත් මගේ බ්ලොග් අඩවිය නොබලන කාලයේ ලියුවකි අදටත් වැදගත් නිසා නැවත පල කරමි.

“හිජාබ් එහි අවශ්යතාවය කුමක්ද?" යනුවෙන් ලිපියක් දමා Muslim in Sinhala  නම්වූ බොලොග් කරුවා තමන්ගෙ ඔළුවේ වල්කම සංවර කර ගන්නවා වෙනුවට ස්ත්‍රී සිරුර රෙදි වලින් වැහීම මිනිසාට සංවරභාවය ලබාදීමට ප්‍රායෝගික වැඩ පිළිවෙලක්​ ලෙස අපිට යෝජනා කරයි. මෙහිදී ඔවුන් වරදවාගත් මූලිකම කාරණය වන්නේ වල්කම අසංවරභාවය යනු තමන්ගෙ අසංවර ඔළුවේ තමන්ගෙ මනස දියුනු නොවීම නිසා ඇතිවන්නක් නොව ස්ත්‍රී සිරුර දැකීම නිසා ස්වාභාවිකව හැම මිනිසාටම ඇතිවන්නක් ලෙස සිතීමයි. ස්ත්‍රී සිරුර දැකීම නිසා තැනක් නොතැනක් නැතිව මෝල් කෙලින් වෙන්නේ නොදියුනු මනස් ඈති අයට(සතුන්ට) මිස හැම මිනිසාටම නොවේ. උදාහරණයකට දියුනු මනසක් ඈති ​​වෛද්‍යවරයෙකු ප්‍රතිකාරයකදී ස්ත්‍රී රෝගියෙකුගේ රහස් ප්‍රදේශ දුටුවි ඔළුවේ වල්කම ඇති නොවේ. මෙලෙසම දියුනු සමාජයන්හි බහුතර මිනිසුන්ට නොදියුනු අරාබියේ (සතුන්ට වඩා කිට්ටු) නොදියුනු මනස් ඈති අයට මෙන් ස්ත්‍රී සිරුර යනු sex object එකක් නොවේ. "දුගඳ වූ මඩ වගුරක ගිලිහී සිටින ඌරෙකුට" මඩ වගු​රෙන් පිටත ලෝකයේ මඩ නැති "දියුනු මනස" වටහා ගත නොහැක.ස්ත්‍රී සිරුර දෙස වල්කම නොමැතිව බැලිය හැකි දියුනු මනසක් ඈති පිරිමි හදනවා වෙනුවට මුන් ස්ත්‍රී සිරුර රෙදි වලින් වැහීමට 2013 ජීවත්වන අපිට යෝජනා කරයි. ලාංකිකයිනි තොපි මුන්ට අපිවත් උන් සිටින මඩ වගුරට ඇද ගන්නට ඉඩ දෙනවාද නැත්නම් ප්‍රංශයේ කලා මෙන් ​මේ ගල්යුගයේ නොදියුනු මනස් ඈති සතුන් හැදූ විකාර අදහස් අපේ රටෙන් පලවා හරිමුද?


ඉස්ලාම් ඉන් සිංහල බොලොග් කරුවා මගේ විවේචනයට අපූරු පිලිතුරක් ඔහුගේ එම ලිපියේම කමෙන්ටුවක් ලෙස දමා ඇත.එයට පිලිතුරු දීමට පෙර කවුරුත් මේ පසුගියදා මේ ලංකාවේ මුස්ලිම් පල්ලියේ ඉස්ලාම් අන්තවාදී පාලකයන් ගේ අණකික් ඉබ්බාගමුවේ බාල වයස්කාර කිරි දෙන මවකට මුස්ලිම් පිරිමි සිය ගණනක් වට වී පහර දීපු පුවත මෙතනින් කියවන්න. මෙවැනි අන්තවාදී ආගම් කල්ලි අපේ රටේ නීතිය අතට ගැනීම තනි පුද්ගලයකු වූ මර්වින් සිල්වා නීතිය අතට ගැනීමට වඩා සිය දහස් ගුණයක් භයානක තත්වයකි.

ඔහුගේ එම ලිපියේම මා යෙදූ පහත කමෙන්ටුව මකා දමන ලදී
"Islam teaching is fundamentally wrong about this matter. Sex is in observer‘s head (mind) not in women’s body. More you cover more you construct sex in your mind because of curiosity about covered female body parts. More you open more you lost your interest about it. Female body is not magical object she is also a human being that’s just her body parts. They are not magical things that kick start of your sinful thoughts. If you having sinful sexual thoughts because seeing women’s skin on the road that’s your problem because you not civilized yet. Be civilized guys instead of covering her. For a people in a civilized society clothing fashion is fashion not sex, beauty is beauty not sex. art is art not sex, for primitive uncivilized people sees only sex. Be civilized first then you don’t have worry to full covering your women"

ඉන් පසු මෙම අපූරු අ‍‍‍‍‍ඳබාල පිලිතුර දී ඇත.
"ප්‍රතිචාර දැක්වුවාට බොහොම ස්තූතියි.මුලින්ම කියන්න ඕන,හිජාබය අදාල වෙන්න මුස්ලිම් කාන්තාවන්ට පමණක් බව.
ඇයි මුස්ලිම් කාන්තාවන්ගේ අතපයේ,හිසේ පවා අනිත් ගෑනුන්ට නැති අමුතු දේවල් තියේද? හිජාබය අන්දල වහල දැම්මෙ නැත්නම් දැක්කොත් තවුසන්ගේ වුව දැහැන් බි‍‍දෙනව කියලද ඔය තර්කය?
ඉන් පසු මෙසේ කියයි

//මගේ මේ පැහැදිලි කිරීම කාන්තාවන්ට වඩ වැදගත් වේවී.අපි එකින් එක බලමු,
ඔහු කියන්නෙ මනස දියුනු නෝවීම නිසා ඇතිවන දෙයක් බවයි,මගේ ප්‍රශනය මනස දියුනු යැයි කියන මිනිස්සු කව්ද?හදට ගිය ඇමෙරිකානුවන්ද ?
මිනිසාට හැගීම් ඇති වීම ස්වභාවිකය.එය පාලනය කල හැකිමුත්,දියුනු මනසක් හො නොදියුනු මනසක් කියා නැත,දියුනු මනසක් යැයි කියන දොස්තර වරුන්, හෙදියන්ට අතවර කිරීමට තැත් කල සිද්දි මාධ්ය මගින් අසා ඇත්තෙමු.( සියලු අය නොවේ ) අචර්යවරුන්,උපාධිදාරින්,ඉන්ජිනේරුවන් ඝණිකවන්ගේ සැප ලැබීමට ගොස් පොලිසීයට මාට්ටු වුනු අවස්තා නැතුව නොවේ.පිරිමි සිත් දැකීමෙන්ද, ගැහැනු සිත් ස්පර්ශයෙන්ද, හැගීම් ඉපදවේ.
අපි බලමු මෙකේ ඇත්ත නැත්ත.බොහෝ විට අතවරයට පත් වෙන කාන්තාවන් අතර බාහිර පන්ති යන සාමනය පෙළ ශිශ්යාවන්ද,ඇගලුම් කර්මාන්තයෙ යෙදෙන කාන්තාවන්ද,රැකියා සදහා යන කාන්තාවන්ද වේ.මීට මූලික හේතුව කෙටි සාය හා තද ඇදුම්ය.(ඇගලුම් රැකියා කරන කාන්තාවන් අදින්නෙ කොට සායකි )
මුලින්ම අතවරයට පත්වන්නෙ බස් රිය තුල වීම විශේශත්වයකි.හැගීම් පාලනය කල නොහැකි පිරිමින් කාන්තාවන් ලගට ගොස් තම ලිංගිකන්ද්‍රිය ස්පර්ශ කිරීමට පටන් ගනී.ඇතිල්ලීම,මිරිකීමත් නැතුවා නොවේ.(බොහෝ විට සිදු වන්නෙ සෙනග පිරිනු බස් රථ වලය )මෙය එක්තරා මානසික රෝගයකි.ආශ්වාදයක් ලැබිය නොහැකිවිට කරන්නේ තම ඇස් දෙකෙන් රසවිද,නිවසට ගොස් එය මතක් කර ස්වයන් වින්දනයේ යෙදෙති,නැත්නම් සිහිනෙන් දූශනය කොට හමාරය.(මෙම තත්වය ඔවුන්ගේ අයිතිවාසිකමක් ලෙස සැලකිය හැක ) මෙම තත්වයට විරුද්දව කාන්තාවක් ප්‍රතිචාර දැක්වුයෙනම්,බලහත්කාරයෙන් තම ආශාව මුදුන්පමුනුවා ගැනීමට තරම් පෙළබේ.මේ බව දන්න නිසාදෝ බොහෝමයක් කාන්තාවන් අසරණ වේ.(සමහර කාන්තවන් මෙයට ඉඩ දී ආශ්වාදයක් ලබා ගන්නා බව රහසක් නොවේ ) එපමණක් නොවේ ගම්බද ග්‍රීස් යකාද අමුතු ලිංගික ආශාවක් ඇති එකෙකි.
නානලිං හා ඇලදොල,ගංගා අසල පදුරු අස්සෙ හැංගෙමින් නාන ලදුන් දිහා බලන පුද්ගලයොද වෙති.
තවද,නිවෙස්වල වියලන්නට තබා ඇති කාන්තා යට ඇදුම් සොරකම් කර එකතු කර සුවද බලන පුද්ගලයෝද වෙත්. එපමණක් නොව “සමලිංගිකයො” යැයි පිරිසක්ද සිටිති.අප ජීවත් වන්නේ 2010 බව ඇත්තය,ඉහත කියූ පීරීස්ද වර්තමානයේ ජීවත් වෙති.සිත පාලනය කිරීමෙන් ලිංගික හැගීම් පාලනය කල හැකි බව සතයයකි.පාලනය කල හැකිනම් ප්‍රශ්නයක් නැත.පාලනය කල නොහැකිනම් කල යුත්තේ කුමක්ද?
උදා: ලංකාවෙ පුවත්පතක් අරන් බලන්න,කෙතරම් දූශන ගැන තියනවද ?අනික් අතට කෙටි ඇදුම් නිසා කාන්තාවන් බරපතල සමාජ ප්‍රශ්නයකට මුහුන් දෙති,වර්තමානයෙ ජංගම දුරකතන මගින් කාන්තාවන්ගෙ අනිසි තැන් චායාරූප ගත කොට අන්තර්ජලයට මුදාහැරීමයි.(පපු ප්‍රදේශය නිරාවරණය කර ඇති ඇදුම්-කාන්තාවන්ගෙ පපු ප්‍රදේශය චායාරූපගත කරයි ) මෙම කටයුතු නිසාත් පවුල් දෙකඩ වීමත් සිදුවේ.එපමණක් නොව තම පෙම්වතියගෙ නිරුවත් ජයාරූප පවා අන්තර්ජාලයට මුදා හැර ඇත,දියුණු යැයි කියන ඇමෙරිකාව,යුරෝපය බලන්න,කාන්තාවන් වීදුරු පෙට්ටි වල දමා විකිණීමට තබා ඇත.red light street (තායිලන්තය,කොරියාව,පිලිපීනය පවා මෙවැනි දේ දුලබ නොවේ )අපට අවශය මෙවැනි සංස්කෘතියක්ද ?
ලංකාවෙ බොහෝමයක් පන්සල් වල ඇතුල්වන තැන දැන්වීමක් ලියා ඇත.”කෙටි ඇදුම් වලින් වැළකී සංවර ඇදුමින් සැරසී පැමිනෙන්න” ( එසේ ලියා තැබීමට හේතුව මා නොදනිමි )තවද එම බ්ලොග් කරු හිජාබ් යනු කුමක්දැයි නොදනී.හිජාබය කිසිම රටක තහනම් කර නැත,එසේ තහනම් කරානම්,ක්‍රිස්තියානි කනයා සොහොයුරියන්ගෙ හිස් පලදනාවද තහනම් කරනු ඇත.ලොව පුරා මුස්ලිම් කාන්තාවන් හිජාබය පලදිති.ප්‍රංශය තහනම් කර ඇත්තේ බුර්කාව මිස,හිජාබය නොවේ.ඒ ගැන පැහැදිලි කරනවනම්,හිජාබ් නිකාබ් බුර්කා යනුවෙන් වර්ග තුනක් ඇත.වඩා පහසුව පිණිස ඉහත ජායාරූපය බලන්න.බොහෝ දෙනෙක් වැරදියට තේරුම් ගත් කාරණාවක් තමයි ඉස්ලාමයේ කාන්තාවන්ට ඉඩක් නොමැති බවත්,පහත් කොට සලකන බවත්,කෙලි බඩුවක් බවත්.එය අමූලික බොරුවකි."//

ඔහුට අනුව පාලනය කල හැකිමුත්,දියුනු මනසක් හො නොදියුනු මනසක් කියා නැත. සිත දියුණු කල නොහැක.  සිත දියුණු කිරීම යනු ශික්ෂණය වීමයි. බුද්ධාගමට අනුව නම් රහත් බව දක්වා සිත දියුණු කළ හැක.  ඔහු නොපිලිගන්නා බුදු දහමින් නොව සාමාන්‍ය දැනුමෙන් ඔහුට පිළිතුරු දෙමු.


 ඔහු මෙසේ කියයි "පිරිමි සිත් දැකීමෙන්ද, ගැහැනු සිත් ස්පර්ශයෙන්ද, හැගීම් ඉපදවේ" මේක මේ ගොල්ලන්ගෙ අලුත්ම සොයා ගැනීමක්ද? අනේ අපිටනම් මෙහෙම පාරෙදි දකින දකින ගෑනු ගැන හැගීම් ඉපදවෙන්නෙ නැහැ අපිටනම් විලාසිතා යනු විලාසිතා නැටුම් යනු නැටුම් බිකිනි යනු නාන ඇදුම් මිස ලිංගික උත්තේජකයන් නොවේ. උදාහරණයකට සංචාරකයන් බහුල වෙරල තීරයන්හි සුලබ දසුනක් වන බිකිනි ඇඳි සුදු ලඳුන් දැකීමෙන් එම පලාත් වල සිටින සාමාන්‍ය මිනිසුන්ට ලිංගික හැගීම් ඉපදවෙන්නෙ නැහැ. මේක සාමාන්‍ය එදිනෙදා දසුනක් විතරයි. අපිටනම් හැගීම් ඉපදවෙන්නෙ පාරෙදි (Public life) ගැහැනු දැක්කම නොවෙයි පෞද්ගලික අවකාශය තුල (Personal Space) ගැහැනියට  ආදරය කිරීම නිසයි. ඔයාලගෙ ගොඩට අපිවත් දාන්න එපා. මනුශ්‍ය ගැහැනියකගේ  කකුලක් දැක්කම  මෝල් කෙලින් වීම මානසික ලෙඩක්. මානසික ලෙඩ වලට මේ ගොල්ලන්ගෙ  පිළියම තමයි  ගැහැනියට හිජාබය ඇන්ඳවීම.

ඉන් පසු ඔහු  පසුගාමී සමාජයන්හි කාන්තාවන් අපයෝජනයට ලක්වන    අවස්තා ලයිස්තුවක් දක්වා මුස්ලිම් හිජාබය වැනි ඇදුම් ඇදීමෙන් මේවා වලැක්විය හැකියැයි සිතයි.

"ඉස්ලාම් ඉන් සිංහල" මේ අහහන්න මම දැන​ට වසර දහයයකට වඩා ජීවත් වෙන්නෙ ඈමරිකාවෙ මේ රටේ මිනිස්සු බස්වවල ජැක් ගහන්නෙ නැහැ.පෙම්වතියගෙ නිරුවත් ජයාරූප  අන්තර්ජාලයට මුදා හැර නැත. ඔය කියන වීදුරු පෙට්ටි වල දමා විකිණීමට තබා ඇති කාන්තාවන් මම නම් අද වනතුරැ දැකල නැහැ. ඔය කියපු ලයිස්තුවෙ දේවල් මෙහේ වෙන්නේ නැහැ, වැරදිලාවත් මේ වගේ සිදුවීම් උනොත් නීතිය අකුරට මොහොතකින් ක්‍රියාත්මක වේ. තුන්වැනි ලෝකයේ රටවල්වල ඔය කියපු ලයිස්තුවෙ දේවල් වෙන්නේ කාන්තාවන් හිජාබය වැනි ඇදුම් නොඇද කොට සාය අදින නිසා නොව,දේශපාලන ​පසුගාමීත්වය නිසා  නීතිය හා පර්යාය  රට තුල හරියට  ක්‍රියාත්මක නොවන බැවිනි.

ඔහු මෙසේ  අසයි "පන්සල් වල ඇතුල්වන තැන දැන්වීමක් ලියා ඇත.”කෙටි ඇදුම් වලින් වැළකී සංවර ඇදුමින් සැරසී පැමිනෙන්න” ( එසේ ලියා තැබීමට හේතුව මා නොදනිමි )" ඈයි දන්නවද හේතුව පන්සල කියන්නෙ beach එක නෙවෙයි නේ ඈමරිකාවෙ වුනත් මිනිස්සු පල්ලි යන්නෙ තැනට සුසුසු ඈදු​මෙන් තමයි. මේ මේ ඔයාලගෙ හිජාබය අන්දල  ගෑනු වහන රෝගයට සමාන දෙයක් නෙවී.

හිජාබ් නිකාබ් බුර්කා (what ever it called ) ඔයාල අන්දගත්තට කමක් නෑ  නිකන් මාර දෙයක් කියල අපිට පෙන්නන්න හදන්න එපා. ඕනෑනම් ගෙදරට ඇඳන් ඉන්න පාර අපිටත් අයිතියි ගෝනි බිල්ලෝ වගේ අපේ ළමයි බය කරන්න දෙන්න බෑ.
 "ඉස්ලාම් ඉන් සිංහල"  මෝඩ බයිලා නොකියා  හිජාබයට විරුද්ධව මා නගන මගේ මූලික තර්කය වන  "Sex is in observer‘s head (mind) not in women’s body" යන්නට පිළිතුරු ​දී හැකිනම්  serendipity විසින් මගේ මුල් ලිපියේ ප්‍රතිචාරයට ඈතුල් කරන ලද පහත බුදූ වදනද ​බොරු කර පෙන්වන්න.

සංඛ්ප්ප රාගෝ පුරිසස්ස කාමෝ
(මනුශ්‍යාගේ කාමය සිතේ ඇතිවෙන ස්ංකල්පනීය රාගයක් විතරයි )
ණීතේ කාමා යානි චිත්‍රානි ලෝකේ
(මේ බාහිර ලෝකයේ කාමය නම්වු චිත්‍ර නෑ )
සංඛ්ප්ප රාගෝ පුරිසස්ස කාමෝ
(මනුශ්‍යාගේ කාමය සිතේ ඇතිවෙන ස්ංකල්පනීය රාගයක් විතරයි )
තඨ්ටන්ති චිත්‍රානි ඨතේව ලෝකේ
(මේ ලෝකයේ බාහිර චිත්‍ර එසේම තියෙනවා )

නිබ්ඹේදික සූත්‍රය - බුදු රජානන් වහන්සේ


Sunday, February 10, 2013

කන්නම් ස්ටයිල් සහ කොළඹ ස්ටයිල්

මා දකින සොඳුරු සිහිනයක් පසුගියදා සැබෑ විය. කණගාටුවකට එය සැබෑ වූයේ සැබෑ ලෝකයේදී නොව සයිබර් අවකාශයේ  යූ ටියුබ්හි වීඩියෝවක් තුලින්ය.  කන්නම් ස්ටයිල් නටන ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ  යූ ටියුබ් වීඩියෝව මේ වන විට ලංකාවේ අන්තර්ජාලයේ සැරිසරන සියලුදෙනාම නරඹා ඇතැයි සිතමි. ජනාධිපති මහින්ද රාජපක්ෂ දැන් නටමින් සිටින  චීන බීජිං ස්ටයිල් නැටුම වෙනුවට කන්නම් ස්ටයිල්  නටනු දැකීම මගේ සිහිනයකි. ඒ සිහිනය සැබෑ ලෝකයේ සිදුවන ලකුණක්වත් නැතිමුත්  යූ ටියුබ් ලොවේදී හරි සැබෑ වීම සතුටකි. උසස් තත්වයන්   එම වීඩියෝව හැදු ලාංකිකයාට ස්තුති වන්ත වෙමි. මේ වන විට එම වීඩියෝව බීජිං ස්ටයිල්  ක්‍රමයට ලංකාවේ තහනම් කර තිබෙන්නට බැරි නැත. කෙසේ හෝ  මා මෙවැනි K-pop  සිහිනයක් දකින්නේ ඇයි කියා ඔබට පැහැදිලි කිරීමට   මෙය අවස්ථාව කර ගනිමි.

නිව් යෝර්ක් ස්ටයිල් -Western-style 
කොරියාවේ කන්නම් ස්ටයිල්, චිනාගේ බීජිං ස්ටයිල් සහ මහින්දගේ කොළඹ ස්ටයිල් වැනි නැටුම් මා නරඹන්නේ ඇමරිකාවේ නිව් යෝර්ක්  සිටයි ඉතින් මේ මගේ සිහිනය පැහැදිලි කිරීම කරන්නට එළඹුමක් ලෙස  මට හමුවන  ඇමරිකානුවන් ගේ නිව් යෝර්ක් ස්ටයිල්  දැක්ම මුලින්ම පැහැදිලි කර යුතුය. අමරිකානුවෙකුට තමන්ගේ රටේ
1. ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස
 2, ධනවාදී -ආර්ථික දියුණුව
යන දෙක කරුණු දෙකක් නොවෙයි එකම ඒකකයක් හැටියටයි වැටහෙන්නේ. ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී -නිදහස සහ ධනවාදී -ආර්ථික දියුණුව යන ඉහත කාරනා දෙක වෙන්කළ නොහැකි ලෙස එකිනෙකට  තදින් වේලි  සම්බන්ධ වී ඇති  දෙයක් ලෙස පිළිගනියි. මේ එකකින් තොරව අනිකට පැවැත්මක් නොමැති බව  මේ රටවල මිනිසුන් විශ්වාස කරනු ලබනවා .

බීජිං ස්ටයිල්- Asian miracle-style
1960 කාලයේ පටන් ධනවාදී ආර්ථික දියුණුව ගැන ඉහත බටහිර ක්‍රමයේ මතයට සහ  විශ්වාසයන්ට දැඩි අභියෝගයක්  එල්ලකරමින් ආසියාවේ ආශ්ච්ර්යමත් ආර්ථික වල නැගී සිටීම පටන් ගත්තා. මෙහි පුරෝගාමීයා වූයේ චීනයයි. දකුණු කොරියාවත් මේ රටවලින් එකක්. ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස නොමැතිව ධනවාදී -ආර්ථික දියුණුව ලබාගැනීමේ  හැකියාව මේ කලාපයේ  ඒකාධිපති හෝ අර්ධ ඒකාධිපති රාජ්‍යයන් විසින් ලොවට පෙන්වන්නට පටන් ගත්තා. මේ නැගී එන ආර්ථික වල විසල් ආර්ථික වර්ධනය දැකලා සමහර බටහිර විද්වතුන් පවා විශ්වාස කරන්න පටන්ගත්තා ධනවාදී -ආර්ථික දියුණුව උදා කර ගැනීම සඳහා තද කෙලින් තීරණ ගන්නා දරදඬු රෙජීම වල පාලනය වඩා  ගැලපෙනවා කියල. චීනයේ මෑත කාලයේ නැගීම  ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස නොමැතිව නුතන වෙළඳපොල දිශාවට වර්ධනය වන ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් යන විශ්වාසය සමගර අය තුල ඇතිකරන්න සමත් වෙලා තියනවා. ඇත්තටම චීනයේ පාලකයන් පිළිගන්නේ  ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස  කියන්නේ ආර්ථික වර්ධනයට බාධාවක් කියලයි.

මතුගම ස්ටයිල් - Lankan Leftist-Style
ලංකාවේ අලුත් වම්මු සහ පරණ වම්මු මෙන්ම ලාංකීය වාමාංශික චින්තකයන්ද සිය අන්තර්ජාතික ලෝක වාමාංශික චින්තකයන් ගෙනහැරපාමින් අපට විශ්වාස කරන්න යැයි කියන්නේ  ධනවාදයට නිව් යෝර්ක් ස්ටයිල් සහ බීජිං ස්ටයිල් යන  ඉහත  මා  දැක්වූ ස්ටයිල් දෙකේම පැවැත්මක් ඇති බවයි. එනම් මේ ක්‍රම  දෙකම එකම ධනවාදී කාසියේ දෙපැත්තේ ඇති මුහුණු දෙක  වැනි දෙයක් බවයි. මේ නිසා අපි විරුද්ධ විය යුත්තේ සමස්ථ ධනවාදී ක්‍රමයටමය. මොවුන්ට අනුව කේන්ද්‍රයේ රටවල යුරෝපයේ එංගලන්තයේ ඇමරිකාවේ නිව්යෝර්ක් ස්ටයිල් සහ පරිවාරයේ අපේ වැනි ආසියානු රටවල ,දකුණු ඇමරිකාවේ රටවල හා අප්‍රිකාවේ බීජිං ස්ටයිල් ඇත මේවා  ධනවාදී සබඳතා මත  එකිනෙක පෝෂණය වෙයි. උදාහරණයකට ලංකාවේදී වැඩවසම් ගති ලක්ෂණ මේ කාලයේ  තවත් තහවුරු වෙමින් තියෙන්නේ ධනවාදය නිසයි.. ඔවුන් කියන්නේ ඉතින් මේ ස්ටයිල් දෙකටම විරුද්ධව  අපි සමාජවාදී විප්ලවය කරමු කියායි. ඇත්තටම වම්මු මෙය ආගමික ලෙසින් විශ්වාස කරන නිසා  ලේසියෙන් මේ මතය කරුණු දක්වා  වෙනස් කරන්න බැහැ.

නව දිල්ලි ස්ටයිල් - Indian democracy-Style
දැන් අපි  ඉහත ස්ටයිල්  දිහා විචාරශීලි ලෙස බලන්න උත්සහ කරමු.  මම පිළිගන්නා විදියට රටක  ආර්ථික වර්ධනය හා ඒකාධිපති දරදඬු පාලන ක්‍රම අතර සම්බන්දයක් තිබේයැයි කරන නිගමනය වැරදියි. මට අනුව රටවල් දියුණු වෙන්නේ රටේ දේශපාලන ස්වභාවය මත නොවෙයි ඒ ඒ රටවල් ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රම  කොතරම්   ඥානාන්විත  යන්න මත සහ ඊලඟ පියවරේදී සංවර්ධිත රටක් වෙන්නේ  කොතරම් ප්‍රජාතන්ත්‍රවාදීද යන්න මතයි යි. මේක තහවුරු කරන්න අපි නව දිල්ලි ස්ටයිල් එක දිහා බැලිය යුතුයි. අසල්වැසි ඉන්දියාව ඒකාධිපතියන් නැතිව ,වැඩවසම් මහාරාජා ක්‍රම වෙත වේගයෙන් පස්සට රිවර්ස් එකේ අපි වගේ නොයා , ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඥානාන්විත ආර්ථික ක්‍රම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින්  චීනේ  එක්ක කරට කර ආර්ථික වර්ධනයක්  පෙන්වනවා.  බුදු දහම අපිට දායාද කරපු අපේ අසල්වැසියා ඕනෑම ඒකාධිපති පාලකයන් ඉන්න ආර්ථික වර්ධනය පෙන්වන රටක් එක්ක කරට කර සටන් කල හැකි ආර්ථික වර්ධනයක් පෙන්වන්නේ ඉතා සංකීර්ණ ජන විවිධත්වයක් ඇති රටක ප්‍රජාතන්ත්‍රවාදී විදියටයි.

කන්නම් ස්ටයිල් -South Korean -Style
දකුණු කොරියාව ගැන තනි ලිපියක් ඉදිරියේදී ලිවීමට බලාපොරොත්තු වෙනවා ඒ නිසා කෙටියෙන්  මේ ලිපියට අදාලව මෙහි මම කියන්න හදන්නේ මෙයයි. මා දකින සිහිනය අපි ලාංකිකයන් වශයෙන් හැමෝම එකතුවෙලා සැබෑ කරගත යුතු සිහිනයක් කියල  තහවුරු කරන්න ගන්න පුළුවන්හොඳම උදාහරණය  තමයි දකුණු  කොරියාව. 
  ලංකාව තුල පතුරවන බොරු මිත්‍යාවක් නිසා හැමෝම හිතන දෙයක් තමයි තව අවුරුදු කීපයකින් චීනය ලොව අංක එකේ බලවතා වෙනවා ඒක නිසා ඉතින් චීනේ වල්ගේ එල්ලුණාම අපිත් නොමිලේ දෙව්ලොව යනවා කියන එක. අපිත් චීනේ විදියට තමයි රට කරන්න හදන්නෙත්. නමුත් දකුණු කොරියාව අපිට පැහැදිලිව පෙන්වනවා මේක වැරදියි කියල.  දකුණු කොරියාව  උගන්නන පාඩම තමයි ඒකාධිපති පාලන වලට ආර්ථිකය වර්ධනය කරගෙන යන්න පුළුවන් සීමාවක් තියනවා කියන එක අපිට පෙන්වා දීම.

 අපි නොවෙයි චීනේ පවා දකුණු කොරියාව දිහා බලලා පාඩමක් ඉගෙන ගත්තේ නැත්නම් අනාගතයක් නැත.
දකුණු කොරියාවේ "පාර්ක් චුන්ග් හී" පාලන කාලය පෙන්වනවා කොතරම් වර්ධනය උනත් එක්තරා සීමාවකින් එහාට ඒකාධිපතියන්ට යන්න බෑ කියන එක. එක තැනකදී මේක හිරවෙනවා. පාර්ක් ගේ කොරියාව අපේ ආශ්චර්යය වගේම සීග්‍රයෙන් දියුණු වුණා මේ නිසා හැමෝම හිතුවේ ඒකාධිපති කම සංවර්ධනයට හොඳයි කියල. එත් මේක එක තැනකින් නවතිනවා. වෙන විදියකින් කිව්වොත් දරදඬු ඒකාධිපති පාලකයන්ට රටක් දියුණු කරන්න පුළුවන් මධ්‍යම අදායම්  ලබන රටක්( middle-income countries -MICs) දක්වා  විතරයි.
1987 ඒකාධිපති රෙජීම වලින් මිදිලා දකුණු කොරියාව ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස ලැබුවට පස්සේ  තමයි සැබෑ ආශ්ච්ර්ය ඇත්තටම සිද්ධ වෙන්න පටන් ගත්තේ. දකුණු කොරියාව මධ්‍යම අදායම්  ලබන රටක සිට සංවර්ධිත රටක් දක්වා මහා පිම්මක් පනින්නේ ඉන් පස්සෙයි. මෙහිදී විවෘත මනසක් ඇති පාඨකයාට මා දැඩිව  අවධාරණය කරන මතය නම්  ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස  නොමැතිව කිසිවිටක දකුණු  කොරියාවට ඉහත පිම්ම පනින්න බෑ කියන එකයි. මේක තමයි 1987 න් පස්සේ පටන් ගන්න ද, කොරියාවේ ආර්ථික නිර්මාණශීලී භාවයේ අඩිතාලම. සම්සුන්.හුන්ඩායි කාර් එල් ජී රුපවාහිනී සහ කේ -පොප් සංගීතය එහි දෙවන පිම්මේ නිමි නිෂ්පාදිතයයි. (අපේ අය කොරියාවේ රස්සාවලට ගොස් එවන මුදල් වලින් වැඩවසම් රාජ්‍ය නඩත්තු වීම මෙහි තවත් අතුරු ඵලයක්).
1.දකුණු කොරියාවේ මේ ආර්ථික පිම්මේ රහස කොහෙද තියෙන්නේ?
2.මෙම ආර්ථික පිම්ම දරදඬු රෙජීම පාලකයන් යටතේ ඉඳන් උනත් යන්න පුලුවන්ද?

 දකුණු කොරියාවේ මේ දෙවෙනි පිම්මෙන් සවර්ධිත රටක් වීමේ රහස තමයි  රටේ මිනිසුන් නව නිර්මාණ බිහිකරන නිර්මාණශීලි ජනතාවක් බවට පරිවර්තනය වීම සහ ඒ හැමෝටම ඉදිරියට යන්න සම අවස්ථා හිමි වීම ඉතින් මේ දෙය   දරදඬු රෙජීම පාලකයන් යටතේ රාජ්‍ය අනුග්‍රහය යටතේත් විය හැකිද?

රටක් ගොඩයන නව නිර්මාණ බිහිකරන නිර්මාණශීලි බව රාජ්‍ය අමාත්යංශ තුල හෝ නිලධාරීන්ගේ කාමර වල සැලසුම්කරණය වී මෙවැනි දෙයක් සිදුවිය හැකියයි ඔබ සිතනවාද?  නැත කිසිදිනක සිදු නොවේ. රජයක් මොනතරම් උත්සාහ කලද  ඒ වෙනුවෙන්  අයවැයෙන් අපේම බදු මුදල් මොනතරම් වියදම් කලද මිනිසුන් නිර්මාණ ශීලි නව නිපැයුම් බිහිකරන්නන් බවට හැරවිය නොහැක.  මිනිසුන්ගේ ඔළුතුල ආකල්ප වෙනස් කිරීමට නිර්මාණශීලි කිරීමට රජයට නොහැක. දරදඬු රෙජීම පාලකයන්ට කොහෙත්ම නොහැක.

ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස සංවර්ධනය සඳහා අත්යාවශ්‍ය සාධකයක්ද?
නව නිර්මාණ බිහිකරන නිර්මාණශීලි(innovative and Creative )මිනිසුන් සිටින රටක් හැදෙන්නේ කොහොමද?
මේ සඳහා මුලික කොන්දේසි කිහිපයකි ප්‍රධාන වශයෙන්ම
1. තොරතුරු ලබාගැනීමට හැමට ඇති සම්පුර්ණ  නිදහස. 
2. හැමට නොබියව අදහස් ප්‍රකාශකිරීමේ ඇති නිදහස.
3. අවදානම් ගැනීමට නැඹුරුවට ඇති ඉඩප්‍රස්ථා විවර වීම
දරදඬු රෙජීම පාලකයන් සිටින රාජ්‍යන් වල ඉහත දේවල් සිදු නොවේ , මේ රාජ්‍යයන් පාලකයන් තොරතුරු වාරණයට ලක්  කරයි.(access to information limited) ,දේශපාලන පීඩනය නිසා බය නිසා කවුරුත්  අදහස් ප්‍රකාශකිරීමට නොයයි.සංවාද විවාද නොමැත(fear to speech and expression)  එවිට නිදහස් චින්තනය හරහා ආකල්ප වෙනස් නොවේ  නිදහස් සිතුවිලිවලින් නව නිර්මාණ බිහිකරන අය බිහි නොවෙයි. එමෙන්ම ඉදිරියට යා හැක්කේ රජයට පාලකයන්ට සමීප හිතවතුන්ට පමණක් බැවින් කිසිවෙකු අවදානම් ගන්නේද  නැත. නිර්මාණශීලි නව නිපැයුම් බිහිකරන අවකාශයන් මේවායේ විවර නොවේ. (චීන්නු හොර කොපි ගහනවා විතරයි)
ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස නොමැතිව රටකට නිර්මාණ ශීලි නව නිපැයුම් බිහිකරන මිනිසුන් සිටින අවදානම් ගෙන ව්‍යාපාර කරන රටක් (innovative country ) බවට පත්විය නොහැක එසේ නිර්මාණශීලි නොවී කිසිදිනක  ධ්‍යම අදායම්  ලබන තත්වයෙන් එහා ගොස්  සංවර්ධිත රටක් වීමටත් නොහැක.

ඉතින් මගේ සිහිනය දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමි. අපේ ජනාධිපතිතුමා යූ ටියුබ් වීඩියෝවේ පමණක් නොව ඇත්තටම ඇත්තට හොරකොපි ගහන  චීන බීජිං ස්ටයිල් නැටුමෙන් සමුගෙන ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස  මිනිසුන්ට ලබාදී පවුලේ හිතවතුන්ට පමණක් නොව ඕනෑම කෙනෙකුට ජයගත හැකි වෙළඳපොළක් සහිත නිර්මාණශීලිත්වය අගයන රටක්  ලෙස   දකුණු කොරියාවේ ක්‍රමයට හෝ අඩුතරමේ නව දිල්ලි ක්‍රමයටවත් රට මෙහෙයවනු දැකීම මගේ සිහිනයකි. නැත්නම් චීනයට මෙන්ම අපිටද අනාගතයක් නැත. ලාංකික ඉරණම වන්නේ සදහටම අරාබියේ වහල් සේවයට හෝ කොරියාවේ රැකියා වලට යාමටයි.