Pages

Followers

Tuesday, November 26, 2019

පෝලිම් කළමනාකරණය - Queue management system

රාජ්‍ය සේවයේ පාරිභෝගික සේවා සපයන ආණ්ඩුවේ කන්තෝරු වලට ගියවිට ලංකාවේ මිනිසුන්ට සිදුවන අකරතැබ්බ ගැන facebook පොස්ට් කීපයක්ම පසුගිය දිනවල දැක ගන්නට ලැබුණා. කිසිදු කළමණාකාරීත්වයක් නොමැතිව සේවා ලබා ගැනීමට යන මිනිසුන් වේලි වේලි පුටුවල වාඩි වී සිටිද්දී වගේ වගක් නැති රාජ්‍ය සේවකයින්  රාජකාරිය වෙනුවට තමන්ගේ වැඩක් කරමින් මිනිසුන් රස්තියාදු කරන අයුරු ඡායාරූප වීඩියෝ සමගින් එකතු කරන අයුරු දැකගන්නට ලැබුණා.
මෙවැනි තත්ත්වයන් රාජ්‍ය කළමනාකාරීත්වයට ඉතා සුළු වෙනස්කම් කිරීමෙන් නව තාක්ෂණය භාවිතා කිරීමෙන් සම්පූර්ණයෙන් වෙනස් කළ හැකියි. පැමිණෙන පාරිභෝගිකයන් සඳහා තුණ්ඩු නිකුත් කිරීමේ සිට එහෙම පෝලිම පාලනය කිරීම, සේවා සපයන නිලධාරීන් කළමනාකරණය (Queue management system)එකම යාන්ත්‍රණයකට යටත් කොට නව තාක්ෂණය මගින් සේවා සැපයීම නූතන ලෝකයේ වෙනත් රටවල සාමාන්‍ය දෙයක්. මෙය අපිට උකහා ගැනීමට මහා ලොකු වියදමක් යන වැඩක් නෙවෙයි පාලකයින්ට නුවණ විතරයි අවශ්‍ය. මේ වගේ දේවල් ලියන එක අවුරුදු පහ හයකට ඉස්සෙල්ලා කළත් නවත්වා දැම්මෙ පාලකයින්ට ඒ නුවණ හෝ අවශ්‍යතාවය නොතිබුණු නිසා. අලුතින් පත් වූ ජනාධිපති තුමාට ලංකාව වෙනස් කිරීමේ අවංක චේතනාවක් ඇතැයි සිතන නිසා මේ සටහන ආයේ ලියනවා.
පෝලිම් කළමනාකරණ ක්‍රරමවේදයන්හි සම්භවය ඉතාමත් විද්‍යාත්මකයි. එය වැඩිදුරටත් දැනගන්න කැමති අයට ඒ පිළිබඳ සාරාංශයක් මෙම Queueing theory   විකිපීඩියා ලින්කුව මගින් සොයා ගන්න පුළුවන්. මගේ පාඨකයින්  උදෙසා  මේ වැඩේ වෙන හැටි සරලව පහදන්නම්.
අපි සේවාවක් ලබා ගැනීමට අදාල ආයතනයකට ගිය විට එම ආයතනයේ ඇතුල් වන තැන තමා කරගන්නාව වැඩේට අදාළව ඉලෙක්ට්‍රොනිකව අංකය සහිත තුණ්ඩුවක් ගැනීමට යන්ත්‍රයක් තියෙනවා. ඒකත් අරගෙන ගිහිල්ලා පෝලිමක්ම නෑ තමන්ම කැමති අසුනක  වාඩි වෙන්නයි තියෙන්නෙ. සේවා සපයන  කවුළු හෝ නිලධාරීන් පහක් තියෙනවා යැයි සිතමු ඒ හැම කවුළුවක්ම ඉදිරිපිට  කුඩා ඉලෙක්ට්‍රොනික පුවරුවක පින්තූරයේ දක්වා ඇති පරිදි මේ මොහොතේ සේවය සපයන අංකය දිස්වෙනවා. තමන්ගේ අංකය ආවම අදාල කවුළුවට යන එකයි තියෙන්නේ. නිලධාරියා අර තුණ්ඩුව ලබාගෙන සේවාව සපයනවා.
සියලුම ක්‍රිරියාවලිය පරිගණක වැඩසටහනකින් මෙහෙයවෙනන්නෙ.  ආයතනයේ ප්‍රධානියා ට ඒ ඒ සේවකයා  තමන් සේවය කරපු පැය අට තුළ සේවාව සපයපු වාර ගණන සහ දේවල් පිළිබඳ ඉතා පැහැදිලි නිර්ණායකයක් ඔහු සමාලෝචනයක් ලබා ගන්නත් පුළුවන්. මෙවැනි යාන්ත්‍රණයක් කාර්යාලයක ස්ථාපිත කිරීමට යන මෘදුකාංග සහ දෘඩාංග වියදම එතරම් ලොකු ගානක් නෙවෙයි. 
මේ යුගයේ බොහෝ රටවල මහජන සේවා සපයන කාර්යාලවල මේ ක්‍රමයෙන් තමයි  පාරිභෝගිකයන්ගේ ගලනය කළමනාකරණය කරලා සේවා සපයන්නෙ.
දේවල් වෙනස් කරන්න ඕන මිනිස්සුන්ට බණ කියලා මිනිස්සු හොඳ කරලා මිනිස්සු හදලා නෙමෙයි ඒ  ක්‍රමය හිතා අසාර්ථකයි රජයේ සේවය වැඩි දියුණු කරන්න ඕන සේවකයන්ට වගකීමෙන් පලා යා නොහැකි ලෙස සැකසුණු නීති රීති නව තාක්ෂණය භාවිතා කර නව ක්‍රමවේදයන්ට යටත් කිරීමෙන් මේ සඳහා උදාහරණයකට පැමිණීමේ පිටවීමේ වෙලාව ඳහා භාවිතා කරන ඇඟිලි සලකුණු යන්ත්‍රය ගන්න පුළුවන්  මගින් බොහෝ අක්‍රමිකතාවයන් මග හැරිලා යනවා. පාරිභෝගික සේවා සැපයීම සඳහා ර්ථකම ක්‍රමය තමයි මම මේ යෝජනා කරලා තියන ක්‍රමය. සමහර විට පුද්ගලික අංශයේ මේවා දැනටමත් භාවිතා වනවා ඇති.

2 comments:

  1. අම්පාරේ රෝහලේ බාහිර රෝගී අංශයේ පෝලිම් කළමණාකරණය ඉතා සාර්ථකව සිදුවෙනවා, බාහිර රෝගී අංශයේ රෝග විනිශ්චයේ සිට බෙහෙත් නිකුත් කිරීම දක්වා සියළු කාරයයන් එකම පරිගණක පද්දතියකින් පාලනය වෙන නිසා කිසිවෙකුට ඉන් පිටතින් කටයුතු කිරීමට හැකියාවක් නෑ, එය සාර්තකව ක්‍රියාත්මක වෙන්නේ රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම අවනම්බුවට කාරනයක් ලෙස ඇති හැකි අය සළකන නිසායි.

    නම්බුව-අවනම්බුව පිළිබඳ සංකල්පය තේරුම් ගැනීමට හොඳම උදාහරණය රජයේ රෝහලක් සහ MTR එක අතර වෙනස, MTR එකේ කටයුතු පරිගනක ගතකර බෝහෝ කල් ඒත් පෝළිම් කළමණාකරනය හඳුන්වාදෙන්නේ නැති නිසා අයතා ගණුදෙනු, රස්තියාදුව සහ අපහසුව ඉති ඉහලයි. පූර්ණ පෝලිම් කළමණාකරණය හඳුන්වාදුන්නොත් නම්බුව ඉවතලා ඇති හැකි මිනිසුන්ටත් එහි පෝලිමේ යායුතු වෙනවා, සුපිරි තැනකින් චැනල් කිරීම වගේ නම්බුකාර ඔප්ෂන් එහි නෑ, එතනදී නම්බුකාර කටයුත්ත වෙන්නේ මම මගේ අරයට කිව්වා, එයා ටක් ගාලා කරවල දුන්න කියන එක වගේ තමුන්ගේ බල පුළුවන්කාරකම ගැන පුරසාරම් දොඩවීමයි.

    බලවතාගේ ඉල්ලීම ටක්ගාල කරවල දෙන්න පොලිම පන්නවන්න තියන හිඩසම තමයි සේවකයෝ ගතමනාවක් හොයාගන්නත්, වැඩ නොකර නිකන් ඉන්නත් භාවිත කරන්නේ.

    ReplyDelete
  2. මේ වගේ ක්‍රමයක් දැනටමත් ලංකාවේ ආගමන විගමන දේපාර්තමේන්තුවෙ තියෙනවා...පාස්පෝට් කන්තොරුවේ වැඩ සිද්ධ වෙන්න මේ විදිහට.....

    මේක අනෙකුත් රාජ්‍ය ආයතන වලටත් හදුනවා දීම කල යුතුයි...

    ඊට අමතරව මොබිටෙල් වැනි අර්ධ රාජ්‍ය ආයතනවලත් මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා..

    ReplyDelete