බැංකු තුනක් වැටෙනවා.....ලූ ආන්ඩුවේ...
පා කරනට ගොස් අහසේ.... අභිමානේ...
මරං කන්න යයි ලේඛම් බන්ඩා.... පුංචී....
ඇමතිහොරුයි ඝාතකයෝ ආර්ථිකේ...!!!
//ඇමතිහොරුයි ඝාතකයෝ ආර්ථිකේ...!!!//
මාතලන් බ්ලොග්කරු මෙහෙම කිව්වට මම හිතන්නේ මෙහෙම කියල අපිට ඇඟ බේරගන්න අමාරුයි එතකොට මේ හොරු අපේ නායකයෝ කරලා පාර්ලිමේන්තු යවල ඇමතිවරු කරගන්න අපි ජනතාව බබාලද?
මේ ඉහත කවියට මාතලන් පුංචි බණ්ඩා ජයසුන්දර සම්බන්ද කරපු හින්දා මිනිහ කියපු උත්ත්රයකින්ම මම කියන්නම්.
මම ඇමරිකාවට ඇවිත් අවුරුදු 12 ක් දැනට මේක ඊට කලින් සිදු වුන දෙයක් චන්ද්‍රිකාගේ කාලේ අවුරුදු 14ක් 15කට පෙර.
බෙන්තොට පැත්තේ ඒ කාලේ අලුතින් හදපු ටාජ් එක්ස්සෝටිකා හෝටලයේ ලෝක බැංකුව හරි අයි එම එෆ් එක හරි සංවිධානය කරපු වැඩ මුළුවක අචාර්ය පී බි ජයසුන්දර දේශනයක් කළා. මේ දේශනයට සවන්දෙන්න මටත් අවස්ථාව ලැබුන. දැන් ගැටුම ඇතිකරගෙන දෙකට බෙදිලා පෙරටුගාමී පක්ෂය ලෙස ඉන්න ඒ කාලේ ලංකාවේ තිබුන X-කණ්ඩායම නම් සංවිධානය ප්‍රකාශයට පත් කරපු "ලන්ඩන්" සඟරාවේ මුල් කලාපයේ දීප්ති කුමාර ගුණරත්න ලියපු "වී වෙනුවට රෝස " කියන දේශපාලන ලිපියට මුල් උනෙත් එම දේශනයේදී අචාර්ය පී බි ජයසුන්දර දැක්වූ අදහසක්ම තමයි.
අචාර්ය පී බි ජයසුන්දරගේ මේ දේශනයෙන් පස්සේ මට ආපු ගැටළුවක් තමයි මෙතරම් දක්ෂ මෙතරම් දැනුමක් තියන මේ වගේ නැවුම් අදහස් තියන උගත් මිනිස්සු ඉන්න ලංකාව ඇයි එකතැන පල් වෙන්නේ. එත් කලාපයේ අවට සිංගප්පුරුව හරි තායිලන්තය පවා ඇයි අපි පහු කරගෙන යන්නේ කියන එක. ඇයි ලංකාවේ දක්ෂ නිලධාරීන් ඉදිද්දී මේ මිනිස්සුන්ගෙ අදහස් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියන එක තමයි මගේ ගැටලුව උනේ.
ඇයි නිලධාරීන් දේශනා වල මේවා කියල මිට හාත්පසින්ම වෙනත් දේවල් අමාත්‍යංශය ඇතුලෙදි කරන්නේ කියන එක මගේ ගැටලුව උනේ.
පස්සේ කාලෙක වෙන අවස්ථාවක මට පී බී ගේ පිළිතුර ලැබුනා.ඒ වචනම නොවූවත් ඒක මෙන්න මේ වගේ අදහසක්.
"අපි රජයේ නිලධාරීන්. අපි බැඳිලා ඉන්නේ අපි පුද්ගලිකව විශ්වාස කරන ආර්ථික ක්‍රම රටේ ක්‍රියාත්මක කරන්න නොවෙයි. අපි රජයේ නිලධාරියෙක් හැටියට බැඳිලා ඉන්නේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න. මම මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරන්නේ මුදල් ඇමති තුමා. මුදල් ඇමතිතුමා පත් කරන්නේ ජනාධිපති. ජනාධිපති පත් කරන්නේ රටේ ජනතාව. අපිට රජයේ නිලධාරීන් විදියට බැහැ ජනතාව අපිට කරන්න පවරලා තියන දෙයින් පිටත දේවල් ඒ කියන්නේ මුදල් ලේකම්වරයා නම් සිවිල් තනතුරට බැහැ පී බී ජයසුන්දර නම් පුද්ගලයා පුද්ගලිකව අසා කරන ආර්ථික ක්‍රම කොතරම් නිවැරිදි උනත් රටේ ක්‍රියාත්මක කරන්න. භාණ්ඩාගාර ලේකම් නම් තනතුරේ වගකීම තමයි පවත්නා ආණ්ඩුව පිළිගන්න ආර්ථික ක්‍රමය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කරලා අයවැය සහ මුදල් කළමනාකරණය කරලා දෙන එක. "
දැන් වැටහෙන්න ඕනෑ රටක් ක්‍රියාත්මක කරන්නේ කුමන ආර්ථික ක්රමයද ඒක මොනවගේ ආර්ථික ප්‍රතිපත්ති මත පදනම් වෙනවද කියන එක තීරණය කරන්නේ රජයේ නිලධාරීන් නොවෙයි රටේ ජනාධිපති සහ මුදල් ඇමති. ජනාධිපති පත් කරන්නේ අපි තුමා ල සර්වජන චංදෙන්.
මහජන චන්දයෙන් පත්වන ජනාධිපති තුමා චන්ද අපේක්ෂකයෙකු ලෙස තමන් ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ ආර්ථික ක්‍රමයයැයි ජනතාවට මැතිවරණ ප්රකාශනයක් ඉදිරිපත් කරනවා, දැන් පවත්නා රජයේ නම් "මහින්ද චින්තනය" නම් ප්‍රතිපත්ති ප්රකාශනය විය යුතුය. අනෙකුත් පක්ෂ සියල්ලම ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙද්දී තමන් කරන්නේ මේකයි කියල කියනවා.
විමල් විරවංශ යනු පවත්නා රජයේ කවුද? මට මතක හැටියට ගෙවල් හදන ඇමති නේද? දැන් මේ තෙල් මිල වැඩි කරපු අනුර ප්‍රියදර්ශන යාපා තෙල් ඇමති නේද? මේ අය පත් කලේත් ජනතාව. දැන් මේ අය ජනාධිපති තුමා තමන්ගේ රජයේ අමාත්‍යංශ භාර දෙනවා. අමතක කරන්න එපා ජනාධිපතිතුමා පත් කලෙත් අපි. දැන් විමල් චන්දේ දිනන්නේ විමල්ල වගේ මිනිස්සු ලව්වා අපිට ආණ්ඩුව ගානේ නොමිලේ ගෙවල් බිල්ඩින් ගහ ගන්න ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගන්න නේද? ඉතින් මේවා කරන්න ආණ්ඩුවට සල්ලි ඕනෑ. ආණ්ඩුවට තමන්ගේම කියල මුදල් නෑ. මේක අපි හැමෝම දන්න සරල කාරණයක් නේ . ආණ්ඩුව මුදල් හොයාගන්නේ අපෙන්ම අරගෙන බදු මුදල් ලෙස තමයි.
ඉතින් අපිතුමාල ජනතාව හැටියට දැනගන්න ඕනෑ රජය ලව්වා ගෙවල් හදවගන්න ගියාම ඇමතිතුමාගේ ගෝලයින්ට ඉඳල තෙල් ගහන්න කන්න බොන්න බඩු ගහන්න පිටරට යන්න සල්ලි අපිම දෙන්න ඕනෑ කියන එක. තෙල් මිල වැඩිකරගෙන හරි තෙල් ඇමතිලා නඩත්තු කරන්න අපි කැමැත්තෙන්ම භාර අරගෙනයි තියෙන්නේ.
අපේ රටේ රජයේ වියදම් පියවගන්න අපේ රටේ බදු සල්ලිත් මදි. ලංකාව දුවන්නේ පිට රටවලින් නය අරගෙන. අය වැය හිගය කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැත්තේ අපි ජනතාව බබාලද?
විමල් වීරවංශට සිය අමාත්‍යාශයේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඇතිවෙන්න දෙන්න ඉඳා ගෙවල් හදල ඉතිරි ඒවායින් විස්කි බීපල්ලා කියල දෙන්න සල්ලි භාණ්ඩාගාරයේ නැත්තේ ඇයි.
උත්තරය සරලයි. අපි ජනතාව රටේ ක්‍රියාත්මක කිරීමට තෝරා ගත් මුග්ධ ආර්ථික ප්‍රතිපත්තිය රට ඉදිරියට ගෙනියන්නේ නැත. අපි රටේ බදු වැඩිකරන තෙල් මිල වැඩි වැඩි කරන්නට අනිවාර්යයෙන් සිදුවන මුග්ධ ආර්ථික ක්‍රම යෝජනා කරන දේශපාලකයින් බලයට පත් කිරීමයි. මෙතරම් අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති පවා ක්‍රියාත්මක කර රට මේ තරමින් හෝ දුවන්නේ පී බි ජයසුන්දර වැනි දක්ෂ නිළධාරින් අපිට සිටින බැවිනි.
අචාර්ය පී බි ජයසුන්දර මේ රජයෙන් ඉවත් වී යනවා නම් පුද්ගලිකව මම කැමතිය. මා දාන්නා තරමින් ලංකාවේ මේ තනතුර ඇදගෙන යා හැකි අනෙකුත් දක්ෂ ආර්ථික විද්යාඤයින් සියල්ල පාහේ පිටරට වල පදිංචියට ගොස්ය. ඉන්නා අයත් දැන් මේ මරාලයට කර ගහන්න කැමති වෙන්නේ නැත. එවිට වෙන්නේ මේ වගේ දෙයකි.
දැන් ඉන්නේ මේ අපේ බබා ජනතාවට ගැලපෙන ජනතාවගේ පැතුම මල් පල ගැන්වූ දේශපාලකයින් (චොප්පෙල ,රත්තරන්ලා ,කුඩ්ඩො ,ළු නිලියෝ ) අන්න ඒ වගේ භාණ්ඩාගාරයේ ලේකම් තනතුරටත් උගත් මිනිස්සු ඕනෑ නෑ අර දඬුවම් මුදලාලි වගේ පොරක් දාගන්න එකයි තියෙන්නේ. එතකොට කිසි කරදරයක් නෑ නාමල් බේබි ආව ගෝලයෝ එක්ක සල්ලි ටිකක් භාණ්ඩාගාරෙන් පටවගෙන යනවා විමල් එනවා ආ දඩුවම් මචං ලේකම් කෝටි පහක් පටවපන් ඩිකියට. වැඩේ අප්සට් වන විට පවුලේ අය රටේ ණයට ගත් සල්ලි ටික සියල්ල ස්විස් බැංකු වලට පටවාගත් පසු ඇමරිකාවට බසු බසිනු ඇත, ඉන්පසු මාස හයෙන් සියල්ලගේම පස්සපැත්ත නැතිවනු ඇත.
මේ චොප්පෙල රත්තරන්ලා කුඩ්ඩො නළු නිලියෝ වගේ අයට ලෝකේ අනික් රටවල් වල රටවල් මෙහෙයවන බුද්ධිමත් නායකයෝ එක්ක තරඟ කරන්න රටක් මෙහෙයවන්න භාර දෙන ජනතාවක් ඉන්න රටක ජනතාවගේ පස්ස පැත්ත නැතිවුන පසු මොලේ ඇති උගත් මිනිසුන් ට රට මෙහෙයවන්නට භාර දී මේ රට ආපසු මුල ඉඳන් පටන් ගත හැක .
මෙසේ ලියන්නට සිදුවීම ශිෂ්ඨ නොවන මුත් නොකියාම බැරිය. මාතලන්ගේ බ්ලොගය බැලීම නිසා මටත් දැන් මතලන්ගේ ස්ටයිල් එකට ලියවෙනවාය, පස්ස පැත්ත නැතිවන තෙක් අපේ ජනතාවට සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි වැටහෙන පාටක් නැත, ඉතින් ජනතාවගේ පුක නැතිවිය යුතුමය.මොලේ නැති ජනතාවක් සිටිනවාට වඩා පුක නැති ජනතාවක් සිටීම එක අතකින් රටකට හොඳය.