මං අද කතාකරන්න යන්නේ ගෙවල් වල අඩිතාලම ගැනනම් නොවෙයි අපි හැමෝටම ජීවත්වීමට වැදගත් වෙන දෙයක පදනම ගැන . ආර්ථික විද්‍යාවෙ නැත්නම් අර්ථශාස්ත්‍රයේ පදනම ගැන නිදහස් වෙළඳ පොළ ආර්ථිකය ගැන ලියන්න අදහස් කරන ලිපි පෙළක ආරම්භය.
බුද්ධ ධර්මය කියන්නේ තමන් ගැන සොයන දහමක් කිව්වම කවුරුත් පිලිගන්නවා නේ . බුද්ධාගමේ හැම දෙයක්ම තනි පුද්ගලයා පිලිබඳ දහමක් මේ වගේම තමයි ආර්ථික විද්‍යාව කියන්නේ සම්පුර්ණයෙන්ම තනි පුද්ගලයන් පිලිබඳ දෙයක්. මොකද දන්නවද ආර්ථික විද්‍යාවෙ හැමදෙයක්ම අදාල වෙන්නේ පුද්ගලයාගේ තෝරාගැනීම පිළිබඳවයි. තෝරාගැනීම කියන එක අදාළ වෙන්නේ පුද්ගලයාටයි.
මේක තව ටිකක් පැහැදිලිකර ගමු.
මුදල් සම්බන්දවෙන සහ නොවන දේවල් වලදී පවා පුද්ගලයෙකුට තෝරාගැනීම් කරන්න වෙනවා. ලෙඩවෙලා ඉන්න යාළුවා බලන්න ඉස්පිරිතාලේ යනවද පෙම්වතිය හම්බවෙන්න යනවද? ට්‍රිප් එකක් යනවද? කාර් එකක් ගන්නවද?සපත්තු දෙකක් ගන්නවද සෙල් ෆෝන් එකක් ගන්නවද ඉඩම වටේ තාප්පේ ගහනවද? ගෙදරට වෙලා විවේකයෙන් ඉන්නවද වැඩට යනවද? හැමතැනදිම වගේ මුදල් එක්කෝ කාලය එක්කෝ මහන්සිය උනන්දුව වෙන්න පුළුවන් අපිට ඕනදෙවල් ලබාගන්න කරගන්න අවශ්‍ය සම්පත් මදි උනාම හැම දෙයක්ම ලබාගන්න,ඉටු කරගන්න බෑ එතකොට අපිට තෝරාගන්න වෙනවා අපි මේ දේවල් අතරින් අපිට වැඩිපුරම අවශ්‍ය වෙන දේ. ආර්ථික විද්‍යාව කියන්නේ මෙන්න මේ සෙල්ලම ගැන තමයි.
දැන් වැදගත්ම දේ තමයි මේ තෝරා ගැනීම් ඔබ වෙනුවෙන් වෙන කෙනෙක්ට කරන්න පුලුවන්ද කියන එක . බැහැ නේද ? ඔබට අවශ්‍ය දේ ඔබයි තෝරාගන්නේ පුද්ගලයා තමයි තෝරාගන්නේ මොකද්ද කියල තීරණය කරන්නේ. සමාජය හෝ සාමුහික පිරිසක් මේ තෝරා ගැනීම් කරන්නේ නැහැ සහ බැහැ. ඇයි බැරි. හේතුව තමයි සමුහයකට මනසක් හෝ ජීවයක් නොමැති නිසා. පුද්ගලයාටයි මොලය තියෙන්නේ සාමුහික මොලයක් නැහැ. ඔබේ තෝරාගැනීම මොකද්ද කියල ඔබ විතරයි දන්නේ. දැන් ඔයාලට හිතේවි ඇයි චන්දයක් තියල තෝරන්නේ මොකද්ද කියල තීරණය කරනවා. එත් ආයිත් චන්දයේදී මොන එකද තෝරා ගන්නේ කියල තීරණය කරන්නේ පුද්ගලයා. අන්න ඒ තැන ඒ කියන්නේ පුද්ගලයාගේ තෝරා ගැනීම සහ ඒ තෝරාගැන්මේ විපාක අවබෝධ කරගැනීම තමයි ආර්ථික විද්‍යාවෙ සම්පුර්ණ අවධානය යෙදවෙන්නේ. ඉතින් මේ තෝරාගැනීම් සහ එවයි ප්‍රතිවිපාක අවබෝධ කරගන්න පුළුවන් එකම විදිය තමයි තනි පුද්ගලයින් තෝරා ගැනීම් තීරණ ගන්නේ කොහොමද කියල හොයල බැලීම.
ඊළඟට වැදගත් වෙන දෙය තමයි ආර්ථික විද්‍යාව කියන්නේ ස්වාභාවික විද්‍යාව වගේ දෙයක් නොවෙයි කියන එක අවබෝධ කර ගැනීම. මේ දෙක වෙනස්. ස්වාභාවික විද්‍යාව කරන්නේ භෞතික දේවල් පිළිබඳව හැදෑරීම ඉතිං මේ වස්තු කිරල මැනලා නිරීක්ෂණය කරලා විද්‍යාඥයෙක්ට පුළුවන් ස්වභාවික වස්තු වල ස්වභාවය චර්යාවන් ක්‍රියාකාරීත්වන් ගැන දැනගන්න ඊට පස්සේ ඒ දැනුම මත පිහිටා අනාගතය පුරෝකථනය කරන්න. උදාහරණයක් කිව්වොත් බ්ලොග් ලියන ඇල්කෙමියා විද්‍යාඥයෙක් ඔහුට කියන්න පුළුවන් හරියටම ටක්කෙටම යම් කිසි රසායනික ද්‍රව්‍ය දෙකක් යම් මාත්‍රා ගණනකින් කවලම් කරොත් වෙන ප්‍රතිපලය මොකද්ද කියන එක.
හැබැයි ආර්ථික විද්‍යාවට මේක කරන්න බෑ ඇයි දන්නවද? මං ඉස්සෙල්ල කිව්වා වගේ ආර්ථික විද්‍යාව කියන්නේ මිනිස්සු කොහොමද තෝරා ගැනීම් කරන්නේ කියන ඒකට නේ ඒ කියන්නේ හිතන පතන මිනිස්සු මේ ලෝකයේ වඩා කැමති වෙන්නේ , වඩා අගේ කොට සලකන්නේ, බලාපොරොත්තු වෙන්නේ විශ්වාස කරන්නේ මොනවද කියන දේවල් නේ මේවට බලපාන්නේ ඉතිං ආයිමත් මේවා පුද්ගලික, තනි මිනිසුන්ගේ හිතේ ඇතිවන හැඟීම් අර භෞතික වස්තු වගේ කිරන්න මනින්න හැසිරීම නිරීක්ෂණය කරන්න බෑ. ඉතිං ඒ හින්ද ආර්ථික විද්‍යාවට ස්වාභාවික විද්‍යාව වගේ අනාගතය පුරෝකථනය කරන්න බෑ.
එතකොට මොන බම්බුවක්ද ආර්ථික විද්‍යාවට කරන්න පුළුවන්.
ආර්ථික විද්‍යාවට පුලුවන් කොහොමද අපි මිනිස්සු විදියට පුද්ගලයින් විදියට තෝරාගැනීම් කරන්නේ කියන ඒක දැනගන්න? මෙන්න මේ වගේ වැඩක් කරන්න පුළුවන්. තවත් මනුශ්‍යයෙක් විදියට අපි දන්නවා නේ අපි හිතන්නේ පතන්නේ කොහොමද කියල ඉතිං අපිට තේරුම් ගන්න පුළුවන් ලෝකය පිළිබඳව මිනිස්සුන්ගේ වැඩි කැමැත්ත, වටිනාකම්, අභිප්‍රායන් ,සහ එල්බගත් මත මොනවද කියල. මොකද අපිත් තවමනුෂ්‍යක් විදියට මේවා අත්විදිනවා නේ.මෙන්න මේ දැනුම භාවිතා කරලා අපිට පුළුවන් මිනිස්සුන්ගේ මේ දේවල් හිතන පතන විදිය නිසා ඉදිරියෙදී කොහෙටද අපිව ගෙනියන්නේ කියල තාර්කික ගොඩ නැංවීමක් කරන්න ඒ කියන්නේ උදාහරණයකට භාණ්ඩ හුවමාරුව වෙළඳපොල හැසිරීම වැඩකරන්නේ කොහොමද කියල විස්තර කරන්න.
ස්වාභාවික විද්‍යාඥයෙක් අප දිහා හුදු වස්තුවක් දෙයක් දිහා වගේ බලලඒවා හදාරලා මේ දේවල් වගේ අපි කොහොමද වැඩකරන්නේ හැසිරෙන්නේ කියල කියනකොට මිනිසුන්ගේ අපේ ඇතුලාන්තය ඒ අයට මග හැරිලා යනවනේ මීට වෙනස්ව ආර්ථික විද්‍යාව අපි ජීවත් වෙන්නේ කොහොමද කියල අපිට පහදා දෙනවා ඒක නිසා ආර්ථිකය ගැන විධිමත්ව දැනගැනීම අපි හැමෝටම ඉතා වැදගත්.