Pages

Followers

Saturday, September 17, 2016

නියාමනය

යම් ගැටළුවකදී එකිනෙකා  ගේ  ලෝක  දක්මවල්  වෙනස්ය . නිවහල්පු  පුද්ගලයාට   නිදහස්  වෙළඳපොලේ  තෝරා  ගැනීමට  ඇති  නිදහස  කෙතරම්  දුරකට රජය  නියාමනය  කළ  යුතුද  යනුවෙන්  ඇසිය  හැකි  ප්‍රශ්නය  වෙනත්  ලෝක  දැක්මක්  යටතේ  ඇසෙන්නේ   රාජ්‍ය  විසින් දෙන ලද  තත්වයක්  ලෙස නියාමනය   කරන  ලද වෙළඳපොල  කෙතරම්  දුරකට  නිදහස්  කරන්නේද  යන්නයි.

පුදගලයාගේ  නිදහස  නිවහල් බව  අගයන  මම   නිදහස  නිවහල්  බව  සාමාන්‍ය  තත්වය  ලෙසත්  යම්  තරමකට  අවශ්‍ය ලෙස  නියාමනය  කල  යුතු  තැන් අවශ්‍ය  තරමට  යුක්ති සහගත  ලෙස පමණක්  නියාමනය කිරීම පමණක් බලාපොරොත්තු  වන්නෙක්මි .
වහල්බව  හා  තහනම  ප්‍රවර්ධනය කරන්නන්  තහනම  සාමාන්‍ය  තත්වය  ලෙස  ගන්නා  අතර  ඔවුන්ගේ  ගටලුව ඉන්  නිදහස  දිය  යුත්තේ  මොනවාදැයි අප වෙනුවෙන්  තෝරා  කෙතරම් දුරකට අපිට නිදහස දෙන්නේද  යන්නයි..

 දැඩි  මතදාරී  ආන්තික  ලිබටේරියන්  වරු  අතලොස්සක්  හැරුණු  කොට  ලොව  සියලු  දෙනාම  යම්  තරමක  රාජ්‍ය  මැදිහත්  වීමක්  ඉල්ලා  සිටින  අතර සියලු  ලිබටේරියන්  වරු  වනචාරී  නිදහස්  සමාජයක්  ඉල්ලා  සිටිනවා  යනුවෙන්  පුන  පුනා  පවසමින්  උපහාසයට  ලක්  කිරීම  බාල  වෑයමකි .
නිදහස්  වෙළදාම  සම්පුර්ණයෙන්  නිදහස්  කොට  රාජ්‍ය  නියාමනය  සම්පුරණයෙන්  නැවැත්වුවහොත්  මත්ද්‍රවය  ව්‍යාපාරිකයින් කුඩා  ළමයින්ට  හෙරොයින්  විකිණීම  හෝ  පොර්නෝ  වීඩියෝ  ව්‍යාපාර  ළමා  ලිංගික  වීඩියෝ  නිපදවීම  වුව  වැළක්විය නොහැකි  වනු  ඇත . සිහිබුද්ධියක්  ඇති  කිසිවකු  එවන්නි  අරාජික  නිදහස්   වෙළද පොලක්  බලා  පොරොත්තු  නොවේ.
එලෙසම  දැඩි  මුලධර්ම වාදීන්  අතලොස්සක්  හැරුණු  කොට  ලොව  සියලු  දෙනාම පාගේ  රාජ්‍යය  අපේ  හැම  පුද්ගලික  මගුලටම  ඇගිලිගැසීම්  ඉවසන්නේ නැත . රජය  නියාමනය  කෙතරම්  දුරකට  අපේ නිදහස්  නිවහල්  භාවය  තුලට  මැදිහත්  විය  යුතුද  යන්නට   සීමාවක්  තිබිය  යුතු  බව  පිළිගනිති . නිවසකට   මසකට  මිලදී  ගත  හැකි  හාල්  කිලෝ  ගණන  සිමා  කිරීම , ඔබ  පාවිච්චියට  ගත  යුත්තේ  අඟල්  32 ට  අඩු  රුපවාහිනියක්  නැත්නම්  අහවල්  සංගීතය  සවන්  දීම  තහනම්  වැනි  විකාර  සහගත  දුරකට  රාජය  අපේ  ජිවිත  තුලට  මැදිහත්  වීම  කිසිවකු  අගය  කරනු  ඇතැයි  මම  නොසිතමි .
රජයේ  මැදිහත්  වීම් වලට  සීමාවක්  තිබිය  යුතුය  යන්න මෙන්ම  යම්  තරමකට  නියාමනය සියල්ලටම  යුක්ති සහගත  සේ  ක්‍රියාත්මක කිරීම  ප්‍රායෝගික  අවශ්‍යතාවයකි .
දැන්  ගැටලුව  ඇත්තේ මේ  යම්සි  තරමක  මැදිහත් වීම  සහ  ඕනවට  වඩා  මැදිහත්  වීම අතර  සිමා  ඉර  අඳින්නේ  කොතනද  ,කවුද සහ කොහොමද   යන්නයි.
ඕනවට  වඩා  මැදිහත්  වීම යන  ලක්ෂය  පිලිබඳ  පොදු  එකඟතාවයක් අපිට  තවම  නැත  මේ  ලක්ෂය  එකිනෙකාට  අතිශය  පුද්ගලික  ලෙස වෙනස්  වෙයි.
ඇබ්බැහි  වී  වස  විස  වී  මියයාම පවා  සිදුවිය  හැකි  නිසා  හෙරොයින්  විකිණීම තහනම්  වීම තව  දුරටත්  දිගු  කර දියවැඩියාව  හැදෙන නිසා  ආණ්ඩුව සීනි  තහනම්  කල  යුතුද ?
රජයේ  ඕනෑවට  වඩා  නියාමනයගැන පොදු  එකඟතාවයකට  ඒමට  නොහැකි  වීමේ  ප්‍රායෝගික  ගැටලුව  අපි  විසඳාගත  යුත්තේ  කෙසේද? මේ  අද  පවතින  ලෝකයා  විසදුම  සොයමින්  යන  ලෝක   ගැටලුවකි.
මිට  වෙනස්ව  (පිට   රට  වල  ගොස්  සිටින  මොඩ්  ගොවියන්ද  ඇතුළුව  )ස්වපිඩක නිදහස්  නිවහල්  බව  නොඅගයන   ලාංකියින්ගේ   ගැටලුව  රජය  ඕනෑවට  වඩා  නිදහස  දී  තහනම  ඉවත්  කරාවිද  යන  බියයි. ඔවුන්  ආණ්ඩුවෙන්  ඉල්ලා  සිටින්නේ  සියලු  දෙය  තහනම්  කර  මාව  මගෙන්  සහ  අල්ලපු  ගෙදර  එකාගෙන්  බේරා  දෙන්න  කියාය.