Pages

Followers

Wednesday, June 10, 2015

සංස්කෘතිය mashup කාණිවල් ලංකාව

ඉස්සර  ලංකාවේ  රේඩියෝ  පෙට්ටි වල  පොඩි  ස්විච්  කෑල්ලක්  තියනවා  දෙපැත්තට  කඩන්න  පුළුවන්. එකපැත්තකට කැඩුවම  AM අනික්  පැත්ත  SW . ජේ ආර්  ආර්ථිකය  විවෘත  කරලා  දැම්මම  ඔන්න ලෝකේ  තියන හොඳම  දේවල්  සහ  නරක  දේවල් එක  ගොඩට  ලකාවට  එන්න  පටන් ගන්න  කාලේ  කැසට් රේඩියෝ එනවා FM කියල එකකුත් තියන ඉතින් ඊට පස්සේ.  ලංකාවේ රේඩියෝ තරඟෙට තමන්ගේ කරන  විකාශන   fm  වලට  
මාරු  වෙනවා  මොකද  පැහැදිලි  හඬ  නිසා  සංගීතය  ප්‍රචාරය  කරන්න  කදිමයි  නේ  මේවා. 

ලංකාවට මේ   FM රේඩියෝ  ආවට පස්සේ  AM අභාවයට  යනවා .දැන්  ලංකාවේ  කවුරුවත්  AM අහනවද ? නැහැ නේ.
නමුත්  ඇමරිකාවට  ආවට  පස්සේ මගේ අලුත්  අත්දැකීමක් තමයි  මෙහේ  FM ආව  කියල  AM නැතිවෙලා  නැහැ.නිව්ස්  චැනල් සපෝර්ට්  චැනල් , වැදගත්  අධ්‍යාපනික  චැනල් දේශපාලනික  චැනල් ඔක්කොම  තාම AM . 
මේවා අහන  අය   ටියුන්  කරන්නේ  AM රේඩියෝවට. තවමත්  සෑහෙන  ජනතාවක් මේවට  සවන්  දෙනවා.
අපේ වගේ  රටවල විවෘත  ආර්ථිකය  හොඳ  දේවල් නැත්තටම  නැති  කරලා කුණු රොඩු හොටු  විතරක්  ඉතිරි කරන්නේ  ඇයි.
මං  කියන්නේ  FM හොටු  කුණු  රොඩු  ජරාව  කියල නෙවි  ප්‍රධාන  වශයෙන්  සංගීතය  විකාශනය  කරන  FM විතරක්  ඉතිරිවෙලා  අනික්   අනික්  කරුණු දැන්  ඒ  චැනල් වලම  උප  දේවල්  අතිරේක  වෙලා  නමුත්  දියුණු රටවල  එහෙම  නැහැ  අනෙක් දේවල් ප්‍රධාන  උන  චැනල්  එහෙමම  තියනවා ඒවා  විතරක් අහන  පවා  විශාල  ජනතාවක්  ඉන්නවා. හැම  එකක්ම  එක ඇතුලේ කොත්තු දාල නැහැ.
මේ ප්‍රවේශය  ගත්තේ  බුකියේ  ප්‍රමුදිත  සහෝදරයා  දවසක් මං කියපු  දෙයක් නිසා  වික්ෂිප්ත  උනා  මොකද්ද දන්නවද  ඒ  මෙන්න මේක  දවසක් Pamuditha Zen Anjana  ගේ  පේජ් එකේ  රැප් මියුසික් ගැන  සංවාදයක  මං  මෙහෙම කතාවක්  
කිව්වා  
// සුද්දන් කල්ලන් ගේ music අහන්නේ නැත. සුද්දන් තමන්ගේ කාර් රේඩියෝව පවා ටියුන් කරන්නේ rock music,country music විකාශනය කරන radio station වලට පමණි.//
දැන්  මේක  අහල  ප්‍රමුදිත  විෂිප්ත  වෙනවා  ඌ  අදටත් මාත්  එක්ක  යටි හිතේ  තරහයි මේක  මං කිව එක ගැන.    
ඇයි  මං  මෙහෙම  කියන්නේ මම   අසුව  දශකයේ  ඉඳන්  ලකාවේ  බටහිර  සංගීත  කණ්ඩායම් විශේෂයෙන්  සංචාරක  හෝටල්  වල ඉංග්‍රීසි  සිංදු  
විතරක්  ගායනා  කරන කුලකය  ඇතුලේ කරක්  ගහන  කෙනෙක් ඉතින්  ඒ  කාලේ  මාත්  හිතුවේ  ප්‍රමුදිතල  අද  හිතන  විදියටම  තමයි  බටහිර MTV මාධ්‍ය  සංගීත  ලෝකේ වර්චුවල්  ලෝකේ  චිත්‍රපට  හොලිවුඩ් ලෝකේ මවන  ඇමරිකාව  සහ  ඇත්ත  ඇමරිකාව  අතර  වෙනස කිවන්න  ඒ කාලේ  අපිට  බැහැ.
මෙහේ  ඇවිත්  ටික  දවසකින්  තේරෙනව  මිඩියා  ඇමරිකාව  සහ  ඇත්ත  ඇමරිකාව  දෙකක්  කියන  එක. ලංකාවේ ඉඳන්  බැලුවම  දැන්  තරුණයෝ  හිතනවා  ඇති  මේ  හිප්- හොප් ඇමරිකාවේ හැමෝම  අහන  ඇමරිකන්  ගීත  තමයි  පුකට  පහලින්  කලිසම  අඳින  ස්ටයිල්  ඇමරිකන්  සටයිල්  තමයි  කියල. ඉතින්  කිසි  තේරුමක්  නැතිව ඇමරිකාවේ  ගෙටෝ වල  අමු කුණුරොඩු  හොටු  සංස්කෘතියේ  දේවල්  කවලම්  කරගෙන  එකට  අනාගන්නව.
ඒ මදිවට  පැරණි තියාගත  යුතු  දේවල්  පවා අර  ඉහල  රේඩියෝ  චැනල්  වලට  උනා  වගේ  අලුත්  දේවල්  වලින්  විතැන් වෙනවා  නැත්තටම නැති කරලා  දැමීමේ  ප්‍රවනතාවයක්  තියෙන්නේ. 
ඉතින් ලංකාවේ  ඉන්ටර්නැෂනල්  ඉස්කෝල වල යන ඉහල  මධ්‍යම පාන්තික  ළමයි  පවා ඇමරිකාවේ හන්දි  වලඅමු  රස්තියාදුකාර  පහල  පන්තියේ  සංස්කෘතියේ දේවල්  ඔහේ  වැලඳ  ගන්නවා. ඒ  අය  හිතනවා  ඇමරිකාවෙත්  එහෙම  තමයි  හැමෝම  හැම  දෙයක්ම  කරනවා  කියල. එහෙම  නැහැ  කිව්වම  පිලිගන්නත්  කැමති  නැහැ.

දැන්  මං  මේ  මං  අත්දැකීමෙන්  දකින  ඇත්ත  කිව්වම ප්‍රමුදිත  වගේ  ලංකාවේ  තරුණයින්  හිතනවා  මූ මාර පොරක්නේ  මූත්  එක්ක  කතා කරලවත්  වැඩක් නැහැ  1918 කතා නේ  මෙයා  කියන්නේ  වගේ  කතාවක්.
ඒත්  ඇත්ත  මේක  තමයි  දියුණු  රටවල  විවෘත  ආර්ථිකය  අපේ වගේ  හොටු  කුණු රොඩු  සංස්කෘතික  වශයෙන් මිශ්‍ර  කරලා  එකට  අනලා  කොත්තු  දාල  නැහැ  ඒවා  වෙන  වෙනම  තාප්ප  ගහල  වගේ  වෙන් වෙලා තියෙන්නේ.
 එකයි  tv චැනල්  500 ක්  විතර  තියෙන්නේ  fm  චැනල් 20 ක් තිහක්  AM  වෙනම  මේවා  පවා  විවිධ  ලෙස සපෝර්ට්  නිව්ස්  අධ්‍යාපනික  දේශපාලන  ඔක්කොම  පැහැදිලිව  වෙන්වෙලා  තියෙන්නේ.
හරිම  කලාතුරකින්   තමයි  හිප් හොප්  අහන  සහ  රොක්  දෙකම  අහන මං  වගේ  අපතයෙක් ඉන්නේ  හැමෝම තමන්ගේ  සස්කෘතික  මායිම  දන්නවා. මේවා පැනල  අනික් පැත්තට  යන්නේ  නැහැ. එහෙම  ගිහින්  අනික් පැත්තේ 
 තමන්ගේ එක කරන්න ගියාම  වෙන  දේවල්  තමයි  ඔය නිව්ස් වල වයිරල්  වෙන්නේ පොලිස්  බරුටලිටි කියන්නේ.  
සංගීතය  කලාව  විතරක්  නෙවි  නෙබර් හුඩ් පවා එහෙමයි  පැහැදිලිව  වෙන්වෙලා.tv  හොලිවුඩ් ලෝකේ  ඇමරිකාවේ  සුද්දෝ කල්ලෝ  මාර  එකතුයි  කළු ගෑනු  සුද්දෝ  කසාද බඳිනවා  සුදු 
කෙල්ලෝ  වෙනසක්  නැතිව  කල්ලෝ  ඩෙට් කරනවා  මේ  වගේ  මාර කොත්තු ඇමරිකාවක් උනාට  ඇත්ත ඇමරිකාව එහෙම නැහැ. මගේ  ඇමරිකන්  වසර  15  ජිවිතයේ  මේ  වගේ මිශ්‍ර විවාහ පවා අතේ ඇඟිලි  ගානටත් වඩා අඩුවෙන්  දැකල  තියෙන්නේ. නිව් යෝර්ක්  සිටි එක  කියන්නේ ලංකාවේ මුළු ජනගහනය  වගේ  ජනතාවක් ඉන්න  නගරයක්  ඒත්  කල්ලෙක් එක්ක සුදු කෙල්ලෙක්  යන දසුනක්  කලාතුරකින්  තමයි  දකින්න  පුළුවන්. සාමාන්‍ය දෙය  තමයි  මේවා  වෙන්වෙලා  තියෙන්නේ  කැමැත්ත  මත  මේ  කියන්නේ ජාතිවාදී  විදියට බෙදිලා  කියන එක   
නෙවෙයි.
ඒ  ඒ  මිනිස්සු පැහැදිලිව  තමන්  කැමති  දේවල්  වෙන  වෙනම  කරන්නේ  මිශ්‍ර  වීමක්  නැහැ  හිප්  හොප්  සිංදු  යන  චැනල්  එකක  රොක්  සිංදු  ප්ලේ  වෙන්නේ  නැහැ. රොක්  අහන  බහුතරය ( වගකීමෙන් කියන්නේ 95 % විතර ) හිප් හොප්  අහන්නේ  නැහැ. හරි  ලස්සන  දේ  තමයි  ඇමරිකාවේ  ඉන්ටර් ස්ටේට් හයිවේ  එකක  දකුණු ප්‍රාන්ත  දිහාවට  උඩ  ඉදන්  යටට රිය පදවාගෙන  යනකොට  මේ  fm වල  පවා  වෙන  වෙනස  යට ප්‍රාන්ත වලට   යනකොට  රේඩියෝ  වල හිප් හොප් ස්ටේෂන්  නැතිවෙලාම  වගේ ගිහින්  කන්ට්‍රි  මියුසික් රොක් මියුසික්  විතරයි  තියෙන්නේ .

මං මේ  විභේදනය නොදන්න   2002  විතර මුණ දුන්න අත්දැකීමකින්  මං  මේ  සටහන  අවසන්  කරන්න  කැමතියි . 

මං  ඒ කාලේ  වැඩ කරපු  තැනක දවසක් මිනිස්සු යන  එන තැනක   රේඩියෝ  එකේ  හිප් හොප් චැනල්  එකක්  ලාවට දාගෙන  ඒ කාලේ නැගල යන සිංදුවක්  අහමින් හිටියා. පොරවල්  මං  දිහා අමුතු  විදියට  අප්ප්රියාවකින්  බලනවා. ඒ කාලේ මට මේ  මොකද  කියල  තේරුනේ නැහැ, ටිකකොන්  මේල්  අරගෙන  ආපු මාත් එක්ක  මිතුරු  

තැපැල් කාරය මං   දිහා අමුතු  විදියකට  බලල  අහනවා  "Maan..I cant bilive you listning to this shit"

මේ  කැමැත්ත  මත  වෙන  සස්කෘතික  වෙන්වීම සමහරු   ඇමරිකාවේ  ජාතිවාදය වර්නබේද වාදය  කියල  හඳුනා  ගන්නවා   ලකාවේ  වම්මු  ධනවාදයේ  ආර්ථිකයේ සමාජීය  ප්‍රශ්නයක්  කියල  හිතනවා. ප්‍රමුදිත  වගේ  කොල්ලෝ  එහෙම  එකක්  නැහැ  කියල  එලියට  මවල  පෙන්වන  මිඩියා  ලෝකේ  භාර  අරන්  මං බොරු කියනවා  කියල  හිතනවා.

8 comments:

  1. මුලින් ලියල තියන චැනල් කතාව ගැන කිව්වොත්, මම හිතන්නෙ මෙහේ පැවතියයුතු විදියට තමයි මෙහේ තියෙන්නෙ. ආර්ථිකය විවෘත උනාට අනෙකුත් දේවල් අඩුතරමින් වත් සමාන නැති තත්වයක් මෙහේ තියෙන්නෙ. විශේෂයෙන්ම ‍මාකට් එක සහ අනෙකුත් හැමදේම 'ලොකු' තැනක ඔය වැඩේ සාර්ථක වුනාට කුඩා ස්ථානයදි තත්වෙ මේක කියලයි මට හිතෙන්නෙ..

    ප්‍රධාන මාතෘකාව ගැන එකඟයි. ගෙටෝ එක එහෙමයි, උන්ට පොලිසිය සලකන්නෙ එහෙමයි කියන එක බැලූ බැල්මට ජාතිවාදීයි වගේ තමයි. බුකියෙ සංවාදයේදිත් මම දැක්ක උඹ මේක තේරුම් කරන්න දඟලපු හැටි. නමුත් වෙනත් අදහසකට මේක ඌණනය කරන්නත් පුළුවන්.

    ReplyDelete
  2. මේ බෙදීම බලහත්කාරයෙන් නොවන වෙන්ව කටයුතු කිරීමක් නම් අවුලක් නැහැ.කොහොම වෙතත් මාධ්‍ය වලින් පෙන්වන ලෝකයෙන් සැබෑ ලෝකය දුරයි වගේ.

    ReplyDelete
  3. කරුණු දෙකක්.
    1. ලංකාවේ AM රේඩියෝ තාම තියෙනවා. SLBC ස්වදේශීය සහ වෙළඳ. මං දැන් මාස කිහිපයකට කලින් ටියුන්ඉන් ඇප් එක හරහා ඇහැව්වා. අපේ කාලේ ළමා ගීත තාම යනවා.

    2. ඔසී රටේත් AM සේවා හරි ජනප්‍රියයි. පසුගිය වසර විස්ස තුළ ඒ ජනප්‍ර්‍රිය බව අඩුවුණේ නෑ. හැබැයි වැඩිය සින්දු නෑ. මං අහන්නේ රජයේ මුදලින් නමුත් ස්වාධීනව කෙරෙන ABC සේවයේ: 702AM Sydney, News Radio, Radio National චැනල තුනයි. හැබැයි කාර් එකේ යන කොට විතරයි.

    ReplyDelete
  4. බුකියේ මේකට දාපු කොමෙන්ට් එකක්.
    Nirodha Vithanage මම මේකෙ කැමතිම ලංකාවේ ඒ.එම්. නැතිම වෙලා එකපාර එෆ්.එම්. කරණය උනු කතන්දරේට.
    මං හිතන්නේ මේකට හේතුව ලංකාව මොන මගුලක්වත් නිෂ්පාදනය කරපු රටක් නොවීම. මියුසික් ගත්තොත් එදා ඉන්දියන්. අමු වයලින්, අමු තබ්ලා ශබ්ද. ගිටාර්/ඩ්‍රම්ස් කියන්නේ ප්‍රධාන ධාරාවෙන් පිටමං කරපු ශබ්ද.
    එෆ් එම් එක්ක මේවා එන්න ගන්නවා. මිනිස්සු මියුසික් වෙනුවට මේ ශබ්ද වලට ආශක්ත වෙනවා. මේ ශබ්ද සිත් සේ ඇසීමේ හැකියාව ආර්ථික ශක්‍යතාවයන් එක්ක ගැට ගැහෙනවා.
    ඊට පස්සේ ලංකාවම මේවා පස්සේ එලවන්න ගන්නවා.

    මේ වැඩේ නිසා අදටත් ලංකාවේ ජනප්‍රිය ධාරාවේ ශබ්ද මිස මියුසික් නැහැ. දියුණු සංස්කෘතිය අරක මේක ගැන නැව් ටෝක් දෙන මීඩියා කාරයෝ තමුන්ගේ ඇනිවසරේට කරන්නේ ෆ්ලෑෂ් බෑක් සංගීතයක්. ඒවට මිනිස්සු යන්නේ ඩ්‍රම්ස් සද්ද අහන්න.

    මේක බටහිර අරකක් මේකක් කියනවට වඩා නිෂ්පාදනයක් නැති තැනක සිද්ද වෙන ස්වභාවික අලකලංචියක් කියලා ගන්න එක සුදුසුයි මං හිතන්නේ
    19 mins · Edited · Unlike · 1

    ReplyDelete
  5. මචං.. අපි ඉස්සරහින් නේද ඉන්නේ.. මේවා බැලුවම. හැබෑටම කියහං අවුරුදු 15 කාලයේ එක්පිරියන්ස් වලින්.. ලංකාව නේද ලෝකයේ උතුම්ම රට..

    ReplyDelete
  6. මෙහේ නම් මීඩියා දැන් තරගෙට නිවන් යනවා

    ReplyDelete
  7. සංගීතය ගැන ලොකු බක්කක් දන්නේ නැහැ. මෙන්න මේ කොමෙන්ට් කොටස වොරීන්.

    [[සාමාන්‍ය දෙය තමයි මේවා වෙන්වෙලා තියෙන්නේ කැමැත්ත මත මේ කියන්නේ ජාතිවාදී විදියට බෙදිලා කියන එක
    නෙවෙයි.]]

    මෙහෙම "වෙන්වෙලා කැමැත්තෙන් ඉන්නවා" කියන්නේ සුද්ද/උදිත වැන්නන් මවාගත්ත එකක්. වෙන්වෙලා නොවේ වෙන්කළා. වෙන් කලේ බලෙන්. එතැනදී කැමැත්ත තිබ්බේ සුද්දට, කල්ල කැමතිද නැද්ද කියලා ඇහුවේ නැහැ. එදා පටන්අද වෙනකම් සුද්ද තමයි කල්ල පිළිකන්නට දාලා ඉන්නේ. නැතිව කල්ල නොවේ උගේ කැමැත්තෙන් ඉන්නේ. එකතුවෙන්න ආවොත් ගහල බයකරලා බැරිනම්උදිතම වෙන තැනක් කියූ සේ ඌව මරල හරි දානවා.

    මේ බෙදුම වර්ගවාදී නැත්නම් උදිත අපිට වර්ගවාදී කියන වචනේ අලුතෙන් ලියන්න වෙයි

    ReplyDelete
  8. මාත් මේ කතාවට එකගයි.අපේ රටේ ආර්ථිකයයි සංස්කෘතියයි මොකක්ද කියලවත් හොයාලන්න බෑ.ඇත්තටම ඒක අමුතු කොත්තුවක් තමා.මිනිස්සුන්ගේ චින්තනය කොල්ලකාලද කියලා හිතෙනවා මට වෙලාවකට

    ReplyDelete