Search This Blog

Followers

Wednesday, December 17, 2014

"දේශපාලන ගොරකයින්" ( Political Cynics )


මේ ජනාධිපතිවරණය එක්ක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ට සපෝර්ට් කරන සුවිශ්ෂි චරිත දෙකක් ප්‍රධාන කිහිප දෙනෙක් අන්තර්ජාලයයේ බ්ලොග් අවකාශය හා මුහුණු පොතේ කැම්පේන් එක තුල විශේෂයෙන් කැපී පේනවා. පුද්ගලික මඩ වෙනුවට මේ දෙන්නා අපේ සමාජයේ එකතරා නියෝජනයක් ලෙස සලකා බැලුවම  මේ අය නියෝජනය කරන මේ අයගෙන් ප්‍රකාශයට පත්වෙන සමාජ කුලකය මම පුරාතන ග්‍රීක දාර්ශනික පාසලේ වචනාර්ථයෙන්  බැහැරව යමින් ලාංකික අර්ථයෙන් නම් කරන්න කැමති "දේශපාලන ගොරකයින්" ( Political Cynics ) ගේ සමාජ කුලකය විදියට. 

Cynicism කියන්නේ නූතන අර්ථයෙන් නරුම වාදය කියන එකට . මේ වචනය ගූගල් කරලා කෙනෙක් ට නරුමවාදීන් කියන්නේ කවුද කියන එක වැඩිදුර සොයාගන්න පුළුවන්. නූතන අර්ථයෙන් ඕනෑ නම් මේ සමාජ කුලකයට "දේශපාලන නරුමයින්" කියල කියන්න පුළුවන්.

මේ ජනාධිපතිවරණයේ දී මේ අය සුලභව දරන මතයකින් ඔවුන්ගේ නරුමවාදී තර්ක ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විටක මේ අයට ලිබරල් ධනවාදී රනිල් වික්‍රමසිංහ මහතා, රවී කරුණානායක මහතා මෛත්‍රීපාල මහත්තයා වටේ ඉන්න එක ගැටළුවක් ලෙස හුවා දක්වනවා. ඒ අරුතින් ඔවුන් සමාජවාදීයි නිදහස් වෙළඳ පොළ ධනවාදය ප්‍රතික්ෂේප කරනවා නමුත් ඉතා ලිබරල් ධනවාදී පි බි ජයසුන්දර රටේ බලවත්ම නිලධාරියාට අයත් ධුරය වන මුදල් ලේකම් ධුරය මහින්ද යටතේ දරමින් රටේ ආර්ථිකය සම්පුර්ණයෙන් ඔහුගේ අභිමතය අනුව මෙහෙයවීම ප්‍රශ්නයක් නැහැ. 

චන්ද්‍රිකා වික්‍රමබාහු මහතා, රාජිත සේනාරත්න මහතා වගේ බෙදුම්වාදී යැයි කියන අය මෛත්‍රීපාල මහත්තයා වටේ ඉන්න එක ප්‍රශ්නයක් කේ පි , කරුණා පිල්ලෙයාන් සිටීම ඒ තරම් දෙයක් නෙවි.
මිට අමතරව මෛත්‍රීපාල මහත්තයා වටේ දූෂිතයි කියලා සැක කළහැකි පුදගලයින් සිටින බවට දැඩි භ්‍රාන්තියක් දක්වනවා නමුත් මහින්ද රාජපක්ෂ එක්ක සිටින සහ ඔහුගේ නොමද රැකවරණය ලබන සුධර්මන් යකඩ සොරා ගේ ඉඳන් දුමින්ද මර්වින් සහ බාල අපරාධකරුවන් ගේ සිට ස්ත්‍රී දුෂකයන් දක්වා මෙකි නොකී නම් ලයිස්තුවම ගැන අඳ ගොළු බිහිරි ස්වභාවයකින් ඉන්නේ.

"දේශපාලන ගොරකයින්" ( Political Cynics ) හෙවත් මේ නරුමවාදී දේශපාලන කුලකය හඳුනාගැනීම ඔබේ වැඩක්.

Saturday, December 13, 2014

අපේ කඩේ


ඔබට ඔබගේම ව්‍යාපාරයක් , නිකං කඩයක් තියෙනව කියල හිතන්න ඔයා ඒ කඩේ මැනේජර් කෙනෙක් දානවා ඔයා තමයි පඩි ගෙවන්නේ . ඒ මැනේජර් මාර පෞරෂයක් තියෙන උසමහත ඔයා මාර කැමති නළුවෙක් වගේ පොරක් (මහින්ද මහත්තය වගේ කියමුකෝ ) .
පොර  කඩේ ඔයාලගේ තාත්තට අයිති කාලේ ඉඳන් වැඩකර කර   හිටිය එලවගන්න බැරිව හිටිය නාහෙට අහන්නැති  දෙමල කොල්ලව එලවල හෙම දාල දැන්  අල්ලපු කඩ පවා බයකරගෙන ඔයාගේ ව්‍යාපාරය මෙහෙයවනවා කියමුකෝ. මිනිහ ටික කලකින් ඔයාගේ කඩෙන් හොරා කනවා මුදල් හොරකම් කරනවා වාහන ගන්නවා. තමන්ගේ පවුලටම කඩේ රස්සාවල් දීල , ළමයිත් කඩෙන් හොරකං කරනවා 
ඔයාගේ කඩේ  ඇපේට තියල  අල්ලපු ටවුමේ චීන කඩෙන් නයකුත් අරන් , ඔයාගේ ළමයි නෝනටත් චන්ඩි පාට් දානවා ඔයාවත් ගනන් ගන්නේ නැහැ දැන් ඔයා මොකද කරන්නේ මිනිහ මාර පොරක් හැන්ඩියා , චන්ඩියා වගේම  ව්‍යාපාරයත් හොඳට කරනවා කිය කියා ගෙදර ළමයි ගැනීට වෙන අසාධාරනෙත් ගනන් නොගෙන ඔයාත් ඔයාගේ මැනේජර්ට ඔලුව පහත් කරගෙන දිගටම තියා ගන්නවාද නැත්නම් අස් කරලා වෙනමැනේජර් කෙනෙක් අලුතින් බඳවා ගන්නවාද?

PS / ගිය අවුරුද්දේ කඩේ බඩු දාන්න ගොඩක් වියදම් කරලා තියෙන්නේ ඔයාගේ ලොකු දුව ඩුබායි රස්සාවක් කරලා එවන සල්ලිලු
PSS / අස්  කරන්න යනවා කියල  ආරංචි වෙලා ඔයාට ගහන්න  පොල්ලක් අතේ තියන්ලු ඉන්නේ