Search This Blog

Followers

Wednesday, December 17, 2014

"දේශපාලන ගොරකයින්" ( Political Cynics )


මේ ජනාධිපතිවරණය එක්ක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ට සපෝර්ට් කරන සුවිශ්ෂි චරිත දෙකක් ප්‍රධාන කිහිප දෙනෙක් අන්තර්ජාලයයේ බ්ලොග් අවකාශය හා මුහුණු පොතේ කැම්පේන් එක තුල විශේෂයෙන් කැපී පේනවා. පුද්ගලික මඩ වෙනුවට මේ දෙන්නා අපේ සමාජයේ එකතරා නියෝජනයක් ලෙස සලකා බැලුවම  මේ අය නියෝජනය කරන මේ අයගෙන් ප්‍රකාශයට පත්වෙන සමාජ කුලකය මම පුරාතන ග්‍රීක දාර්ශනික පාසලේ වචනාර්ථයෙන්  බැහැරව යමින් ලාංකික අර්ථයෙන් නම් කරන්න කැමති "දේශපාලන ගොරකයින්" ( Political Cynics ) ගේ සමාජ කුලකය විදියට. 

Cynicism කියන්නේ නූතන අර්ථයෙන් නරුම වාදය කියන එකට . මේ වචනය ගූගල් කරලා කෙනෙක් ට නරුමවාදීන් කියන්නේ කවුද කියන එක වැඩිදුර සොයාගන්න පුළුවන්. නූතන අර්ථයෙන් ඕනෑ නම් මේ සමාජ කුලකයට "දේශපාලන නරුමයින්" කියල කියන්න පුළුවන්.

මේ ජනාධිපතිවරණයේ දී මේ අය සුලභව දරන මතයකින් ඔවුන්ගේ නරුමවාදී තර්ක ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විටක මේ අයට ලිබරල් ධනවාදී රනිල් වික්‍රමසිංහ මහතා, රවී කරුණානායක මහතා මෛත්‍රීපාල මහත්තයා වටේ ඉන්න එක ගැටළුවක් ලෙස හුවා දක්වනවා. ඒ අරුතින් ඔවුන් සමාජවාදීයි නිදහස් වෙළඳ පොළ ධනවාදය ප්‍රතික්ෂේප කරනවා නමුත් ඉතා ලිබරල් ධනවාදී පි බි ජයසුන්දර රටේ බලවත්ම නිලධාරියාට අයත් ධුරය වන මුදල් ලේකම් ධුරය මහින්ද යටතේ දරමින් රටේ ආර්ථිකය සම්පුර්ණයෙන් ඔහුගේ අභිමතය අනුව මෙහෙයවීම ප්‍රශ්නයක් නැහැ. 

චන්ද්‍රිකා වික්‍රමබාහු මහතා, රාජිත සේනාරත්න මහතා වගේ බෙදුම්වාදී යැයි කියන අය මෛත්‍රීපාල මහත්තයා වටේ ඉන්න එක ප්‍රශ්නයක් කේ පි , කරුණා පිල්ලෙයාන් සිටීම ඒ තරම් දෙයක් නෙවි.
මිට අමතරව මෛත්‍රීපාල මහත්තයා වටේ දූෂිතයි කියලා සැක කළහැකි පුදගලයින් සිටින බවට දැඩි භ්‍රාන්තියක් දක්වනවා නමුත් මහින්ද රාජපක්ෂ එක්ක සිටින සහ ඔහුගේ නොමද රැකවරණය ලබන සුධර්මන් යකඩ සොරා ගේ ඉඳන් දුමින්ද මර්වින් සහ බාල අපරාධකරුවන් ගේ සිට ස්ත්‍රී දුෂකයන් දක්වා මෙකි නොකී නම් ලයිස්තුවම ගැන අඳ ගොළු බිහිරි ස්වභාවයකින් ඉන්නේ.

"දේශපාලන ගොරකයින්" ( Political Cynics ) හෙවත් මේ නරුමවාදී දේශපාලන කුලකය හඳුනාගැනීම ඔබේ වැඩක්.

4 comments:

  1. ඒත් මම දැක්කා මහා ළොකු පොරවල් කියලා කියන උනුත්, මේ ගොරකයන්ව බොහෝම අගේ කොරලා කතා කරලා තිබුනා..

    ReplyDelete
  2. Modayo okkoma mahindage odokkuwe inneka arumayak nowe....

    ReplyDelete
  3. එකඟයි,ඕක වෙලා තියෙන්නේ තමන් ලැදි පක්‍ෂය ගැන තියෙන යටත් මානසිකත්වය.තමන් තුල තියෙන පොල් පරාල නොදක අනුන්ගේ කෙන්ද හොයනවා.

    ReplyDelete
  4. පළමුවෙනි එක පී බී ජයසුන්දරගෙ කතාව හරි.දෙවැනි එක වැරදියි.කරුණල,පිල්ලෙයාන්ල පුද්ගල අභිලාශ සහිත හුදු පුද්ගලයන් පමණයි එහෙත් වික්‍රමබාහුලට රාජිතලට දේශපාලන අභිලාශ තියෙනව.

    ReplyDelete