Pages

Followers

Wednesday, November 26, 2014

ලොකු ළුණු සහ අල



ඊයේ ලොකු ළුණු ගොවින් විසින් ලොකු ළුණු කිලෝවකට රුපියල් 100ක නිශ්චිත මිලක් ඉල්ලා කල උද්ගොෂණයට පිළිතුරක් ලෙස රුපියල් 90ක සහතික මිලක් ලබා දීමට රජය පොරොන්දු වී ඇත. මේ අතර ආනයනික ලොකු ළුණු විකිණීම හා අලුතින් ගෙන්වීමද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.
චන්දෙ කාලෙට භලලෝභී දේශපාලකයින් ගොවි චන්ද ටික දිනාගැනීමට දේශීය කෘෂිකර්මය නම්දේශප්‍රේමයෙන් මත්වී අපේම බදු සල්ලි වලින් ඕවා මිලදීගෙන වැඩිමිලට විකුණාගත නොහැකිව කුණුවීයාමට සලස්වයි. අල සහ ළුණු කතාවේදීත් දේශපාලකයින් ජනතාවට දෙපැත්තකින් ... අරින්නේ අනික්හැමතැනකදීම මෙන් දේශප්‍රේමය ඉස්සරහට දමාය.
උන්ට චන්ද ටිකක් වැඩිකර ගැනීමට මේවා වැඩිමිලට මිලදී ගැනීමට යොදාගන්නේ උන්ගේ සල්ලි නොව අපේම බදු මුදල්ය. දෙවනුව මේ අල ළුණු අඩුමිලට ආනයයනය වැලක්වීමට අධික බදුගසා නීති දැමීම නිසා ජනතාවට අධික මිලක් ගෙවීමට සිදුවේ. දෙපැත්තකින් පොලිටික්කන්ට කියා තමන්ට ඇර ගන්නා සමහර බත්කන හරක් මෙවැනි ගල්යුගයේ ආර්ථික ප්‍රතිපත්ති දේශීය කෘෂිකර්මය නගාසිටුවන දේශපේ‍්‍රමී ප්‍රතිපත්තියැයි සිතමින් තමන්ටමඇර ගැනීම අහෝ සැපයි කියති.
ලංකාවේ වගා කොට ලාභ ලැබිය හැකි අනන්ත අප්‍රමාන වූ සංක්‍යාවක් දේ වෙළඳපොල ජයග්‍රහණය කොට ඉදිරියට නොපැමිණෙන්නේ මෙවැනි අමන තක්කඩි දේශපාලකයින්ගේ අමන ප්‍රතිපත්ති සහ ඒවා අනුමත කරන බත්කන හරක් චන්දදායකයා නිසාය.
අල/ළුණු  වගා කරන භූමියම උදාහරණයට ගන්නේ නම්. රජය හෝ දේශපාලුවන් ඇඟිලි නොගහන නුතන නිදහස් වෙළඳපොල ආර්ථිකය ප්‍රතිපත්තියක් ලංකාවේ තිබේ යැයි මොහොතකට උපකල්පනය කරන්න.දියුණු නුතන ආර්ථික ක්‍රමයක් තුල දේශපාලකයෝ සහ රජය මේවා මිලදී ගැනීමට හෝ ආනයනය ට බදු නොගසන සහ කිසිඳු ඇඟිලි ගැහීමක් නොකරයි. විය යුතු කුමක්දැයි වෙළඳපොල විසින් තීරණයට ඉඩහළ රටක් යැයි සිතන්න . එවිට අල/ළුණු වගාකරුවන් ට ඇත්තේ විකල්ප 4 කි මේවා දුෂ්කරතාවයේ පිළිවෙලට
1.ඔවුන් එක්කෝ නුතන තාක්ෂණික වගාක්‍රම භාවිතා කර ඉන්දියන් අල/ළුණු මිලට තරඟයක් දිය හැකි අඩු පිරිවැයක් සහිත අල නිෂ්පාදනය කල යුතුය
2. එක්කෝ අල/ ළුණු වෙනුවට ලාභ ලැබිය හැකි භෝගයකට මාරු විය යුතුය.
3. එක්කෝ අල / ළුණු වගාවෙන් ඉවත්වී රැකියාවකට යා යුතුය.
4. එක්කෝ පහසුම විදිය සියදිවි නසා ගැනීම
දැන් මෙවැනි රටක නූගත් අල/ළුණු ගොවියෙකුගේ උසස් අද්‍යාපනය ලද උගත් පුතෙකුට බත්කන හරකෙකු මෙන් දිවිනසා ගන්නවා වෙනුවට සිය පියාගේ ඉඩම් වල ලාභ ලැබිය හැකි වෙනත් භෝගයක් අත්හදා බැලීමට දේශපාලනික ආර්ථික පසුබිම උදාවේ.
උදාහරණයකට ඔහු අන්තර්ජාලයෙන් සොයාගත් තොරතුරු අනුව අපනයන කොට ලාභ ලැබිය හැකි රෝස මල් වර්ගයක් හෝ ගර්කින් වර්ගයක්  නුතන තාක්ෂනය යොදා වගා කිරීමට තීරණය කළා යැයි සිතමු. එවර පාඩු ලබන රජය මත යැපෙන අල වෙනුවට ලෝක වෙළඳ පොලේ තරඟයක් දියහැකි එම භෝගය  අපනයෙන් තවද ඔහු ඉතා කෙටි කලක් තුල එම ලාභය නිසා ධනවත් වීමෙන් තවත් වගාබිම් මිලදී ගැනීමටද හැකිවේ. වෙනත් ගොවියෙකු වෙනත් බෝගයක් අත්හදාබැලීම් කර ඔහුට වඩා ලාභ ලැබුවානම් එවිට මේ දෙන්නා අතර වෙළඳපොල තරගයෙන් ලංකාවේ වැවිය යුතු බෝග ඉබේමතීරණයවීවගාවන් අන්තර්ජාතික මට්ටමට ඉබේම දියුණු වේ.
ගොවියන් ලාභ ලබන භෝග වැවීමට පෙළඹීම නිසා රටම ලාභ ලබයි මේ නිසා රටට විදේශ විනිමය ලැබේ , අල වගාව තුරන් වී ගියද ආර්ථික වෙනත් බෝග අපනයෙන් අල වවා පාඩු ලබනවා වෙනුවට විශාල විදේශ විනිමය තිබෙන බැවින් ඕනෑ තරම් රටටම කන්න දෙන්නට ඉතා අඩු මිලට අඩු මිල අල ඉන්දියාවෙන් මිලදීගැනීමට රටට හැකියාව ලැබේ..
මුග්ධ අමන දේශපාලකයින් නිදහසින් පසු වසර 60 ක් තිස්සේ බදු ගසමින් සහ සම්ප්‍රධායික වගාවන් සහනාධාර මිලට අපේම බදු මුදලින් මිලදී ගමින් වලක්වාලන්නේ රටේ අනාගත දියුණුවයි.

8 comments:

  1. මෙතැනදිත් දෙපැත්තක් තියෙනවා. අසුවට තිබ්බ දේ අනුවට දෙන්න තරං හිත හොද උනේ හරිම පුදුම විදියට නේ..

    ReplyDelete
  2. මගෙන්, මම දැක්ක පොයින්ට් දෙකක්.
    1.උඹේ ලිපියේ තියන කතාව හරි. නමුත් ගොවිතැන විතරක් නෙවේ අනෙකුත් සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධවම රජයේ මැදිහත් වීම සිදුවන්නෙ අදාල ස්ථානයට නොවේ අදාල නොවන (ලෙහෙසි සහ අසාර්ථක) ස්ථානයට. උදාහරණයක් විදියට මෙහෙම හිතපං. ගෙඩි හැදෙන ගහකට පණුවො ගැහුවොත් කරන්න ඕන ගහෙන් පණුවන් වඳ කිරීම, ගෙඩි වලින් පණුවන් වඳ කරන්න ගියාට වැඩක් නෑ.
    ආණ්ඩුව කරන්නෙත් මේ වගේ දෙයක්. අඩු තරමින් ටිකක් අභ්‍යන්තරයේ තියන ප්‍රශ්න වලට මැදිහත් වෙන්න වෙනව. ලංකාවෙ තියෙන්නෙ පිටරට බීජ. අධික මිලක් ගෙවන්න වෙනව ඒවට. (නිෂ්පාදන පිරිවැය එතනින්ම නගින්න පටන් ගන්නව). ගොවීන්ට යම් හෝ මට්ටමකට තාක්ෂණය දෙන්න වෙනව. ප්‍රශ්නයේ ගැඹුරට යන්නෙ නැතිව මතුපිට තියන පොහොර බෙදීම් සහ විශේෂයෙන්ම මේකෙ අන්තිම පුරුක වන නිෂ්පාදනය මිලදීගැනීම කියන දේ අසාර්ථකයි. මුල් පුරුක් වලට මැදිහත් වීමයි සාර්තක.

    2.පළමුවෙන් මම කිව්ව කරුණ එසේ වුනත් මේකෙදි රජය පැත්තෙන් තක්කඩි වැඩක් කරනව. රජයේ පැත්තෙන් (මම කියන්නෙ තක්කඩි දේශපාලකයන්ගෙ පැත්තෙන්) බැලුවම ඔවුන් කරන වැඩේ හරි. මොකද මේක ලෙහෙසියෙන් කරන්න පුළුවන් සාර්ථක ක්‍රමයක්. අපි හිතුවට මේ මිලදීගැනීම් වලට යන්නෙ අපේ සල්ලි කියල ගොවියන්ට ඒකෙ වාසියක් තියනව. රටේම මිනිස්සුන්ගෙ බර ටික දෙනෙක් අතරෙ යනව. (ඕනනං සරළ ගණිතයෙනුත් පෙන්නන්න පුළුවන්)ඒ ටික දෙනා සතුටු කරන්න ඒකෙන් පුළුවන්. [මේ විදියටම තමයි රැකියා උත්පාදනය වෙනුවට රැකියා ප්‍රදානය කිරීම මඟින් පාලකයා ජනප්‍රිය අපරාජිත කෙනෙක් බවට පත්වෙලා තියෙන්නෙත්. මේකත් අර අපි බුකියෙ කතාකල වගේ චක්‍රීය ප්‍රශ්නයක්(මෙහේ තියන හැම මඟුලක්ම එහෙමයි :-)]

    ReplyDelete
  3. ලේසිම ක්‍රමේ අල නමැති බටහිරින් ආ අගුණ කෑම වෙනුවට ලංකාවෙ බතල මය්යොක්ක කෑමට හුරු කරන්න තව මහජන මුදලින් ප්‍රොජෙක්ට් එකක් කිරීම.

    ReplyDelete
    Replies
    1. ඇයි කලේ අපි වවමු-රට නගමු කියලා.

      Delete
  4. අලවගේද වගේද ගෝවා

    ReplyDelete
  5. හැම රෙද්දම රජයෙන් බලාපොරොත්තු වෙන හරක් ඉන්න රටකට මේවා මහා ළොකු දේවල් නෙමෙයි. උඹ අර ගර්කින් ගැන කිව්වා නේද..? මේ දෙකම සම්ප්‍රදායික භෝග නෙමෙයි. අල වවන්න පටන් අරගෙන තියෙන්නේ 70 මැතිනිගෙ කාලේ. එයාගේ දේශීයකරණය වැඩ පිලිවල යටතේ. ළොකු ළුෑණු ආවේ පප්පගේ කාලේ. එතකන් මේ රටේ මිනිස්සු කෑවේ යාපනේ රතුළුෑණු. ඔය වගාවල බලන්න ආන්ඩුවෙන් දාලා ඉන්නවා කප්පරක් නිළධාරි. උන් පොතේ දැණුම විතරක් තියෙන මට්ට ගොන්නු. නැත්නම් බං ඔක්කෝම ගොයියන්ට ළුෑණු වගා කොරන්න කියනවද? මුන්න් කෘෂිකර්මාණ්තයේ විවිධාංගිකරණය දන්නෙ නෑ. උන්ගේ සබ්ජෙක්ට් එක නොදැන කොහොමද ආර්ථික විජ්ජාවේ ඉල්ලුම සැපයුම දන්නේ. මේ වේසිගේ පුතාලට හා දුවලට පින් පඩිය හම්බ වෙනවා. වස කොම්පැණි වලින් ගානක් මාසෙකට හම්බ වෙනවා. බීජ බෙදලා ගානක් ගහනවා. ඒ මදිවට ලොක්කා කුණු කොල්ලෙට බයිසිකලුත් දෙනවා. නාකි වෙලා මැරුණයින් පස්සෙත් පැන්ෂන් හම්බ වෙනවා. ඉතින් උන්ට පාන්ද..? උන් රටටම ළුෑණු බෙදනවා. අහිංසක ගොයියෝ වවනවා. උන් දන්නේ නෑ. රටම වවලා තියෙන්නේ ළුෑණූ කියලා. අන්තීමට ළුෑණූ කුණු කොල්ලෙට යනවා. ඡන්දේ නිසා මෙහෙමවත් ගන්නවා. නැත්නම් උන්ට වහ බොන්න වෙන්නේ. එක්කෝ මේ කෘෂි නියාමකවරු මරලා දාන්න ඕන. එහෙම බැරිනම් හැමදාම ඡන්ද තියන්න ඕන. පිස්සු රටක් බං.

    මීට ලාබයි ඔය දෙකම ඉන්දියාවෙන් ගෙනත් විකුණන එක. අර සුමේධා ජී ජයසේන කියනවා වගේ. මෙහේ වවන්න ඕන පොපි මල්, ගංජා, වල්ලා පට්ට, අබිං වගේ ඒවා.. අම්මට සිරි ලංකාව නේ බං.

    ReplyDelete
  6. උදිත කියන කතාවේ ඇත්තක් තියනවා. මේවා ගොවියන්ගේ පුත්තු දෙන උපදෙස්වලටත් වඩා එහා ගිය ක්‍රමවත් තැනකින් එන්න ඕන. ඔය ඉන්න කෘෂිකාර්මික නිලධාරින්ට යම් යම් තීරන සහ ප්‍රතිපත්ති හදාගන්න ගයිඩ් ලයින්ස් දෙන්න එපැයි. ඒ මොනවා වුනත් දැන් පවතින්නේ මේ වගේ තත්වයක්. මේවා හෙණ ගහන අපරාද.

    අපේ මේ අත්වල කරගැට ඇවිල්ල තියෙන්නෙ ජිල්බෝල ගහල නෙමෙයි මහත්තයො

    ReplyDelete
  7. අර හතරවෙනි විකල්පය යම් විදියකට ක්‍රියාත්මක කරන්න යම් කිසි කෙනෙකුට සිද්ධ වුනොත් තමන් පමණක් සියදිවි නසා ගන්නේ නැතුව ඒ තත්වයට තමන් පත් කල එක අයෙක්වත් අරගෙනම ගියානම් තමයි හරි.

    ReplyDelete