Pages

Followers

Wednesday, November 19, 2014

මහාචාර්ය රොහාන් සමරජීව ගේ "නිමැවුම් කර්මාන්ත සමගින් බැඳී පෙම" ලිපිය සහ මාතලන් ගේ ආර්ථික විවරණය




ආර්ථික ප්‍රථිපත්තියක් අවශ්‍ය රනිල්ටද? මහින්දටද?  යනුවෙන් මාතලන් බ්ලොග්කරුගේ ලිපිය නිමිත්තකොට ගෙන   මහාචාර්ය රොහාන් සමරජිව ගේ  ලිපියක් © Lanka Business Online වෙබ් අඩවියෙහි ඉංග්‍රීසියෙන් පලවී තිබුණි  එයට මා සහෘද මාතලන් බ්ලොග්කරු දක්වන ලද  ක්ෂණික ප්‍රතිචාරයද මෙම යොමුවෙන් කියවන්න. එම ඉංගිසි ලිපියේ පරිවර්තනයක් රාවය පුවත්පතේ පරිවර්තනය කොට පලවී ඇති බව කියාතිබු  නමුත් අන්තර්ජාලය තුල සොයාගත නුහුණ බැවින් මගේ පහසුව උදෙසා  සහ මගේ බ්ලොග් සටහන් කියවන්නන් වෙනුවෙන් එම ලිපියේ  මා විසින් කල නව  පරිවර්තනය පහතින් දැක්වේ. සහෘද  බ්ලොග්කරු මාතලන් ගේ එම ලිපිය සහ මහාචාර්ය රොහාන් සමරජීව ගේ අදහස් සහ එයට මාතලන් දක්වා ඇති ප්‍රතිචාරය ගැන මගේ සත දෙක මෙම පරිවර්තනයට පහලින් ඇත.  
රොහාන් සමරජීව විසිනි
පරිවර්තනය -උදිත මීගහතැන්න
ශ්‍රී ලංකාව තුල  නිෂ්පාදන කර්මාණ්ත හිඟකම පිළිබඳව වැලපීමක් කවුරුහරි අතින්  අවුරුදු කිහිපයකට සැරයක්  ලියවෙනවා. සේවා ආර්ථිකය හරහා වන ආර්ථික වර්ධනය සැබෑ වර්ධනයක් නොවන බව ඔවුන් තර්ක කරනවා. මෑත කාලින පුරෝකථනයන් තුල මේ සේවාවන් යන්න බොහෝ විට සූදුපළ, ගණිකා වෘත්තිය, මත්ද්‍රව්‍යය වෙළඳාම වගේ නීතිවිරෝධී දුරාචාර වලට සම කරනවා.   මේ සේවා මානසිකත්වයෙන් අපි මිදිය යුතුයි , අපි සැම ශ්‍රී ලංකාව නිෂ්පාදන කර්මාන්ත මත පදනම්වූ ඉසුරුමත් දේශයක් කරන්න  උරදීමට  කැපවිය යුතු බවට මේ අය හඬ නගනවා.

මාතලන් නමින් ලියන සිතුවිලිවලින් සපිරි බ්ලොග්කරුවා නොබෝදා රජයක්  ගතයුතු සියලු ක්‍රියාමාර්ග පිළිබඳව  සංක්ෂිප්ත දළ සැලැස්මක් දක්වල තිබුනා.  ඔහු  කේන්ද්‍රීයව යොමුවන්නේ ජනාධිපති ප්‍රේමදාස ගේ ඇඟලුම් කර්මාන්තශාලා ග්‍රාමීයව ව්‍යාප්තියට ගත්  පරිශ්‍රමයටයි.  1977 ට පෙර එජාප සහ ශ්‍රීලනිප රජයන් නිර්මාණය  කරන ලද රජයට අයත් කර්මාන්ත සුදු අලින් ඔහු  හෙලා දකිනවා( එම සටහනේ  ඔහුගේ comments තුල ) . යටිතල පහසුකම් කෙරෙහි ඇති වර්තමාන අවධානය  33,000 ක් (ලංකාවේ ඇති ගම් ගණන ) කර්මාන්තශාලා නිර්මාණය කිරීම කෙරෙහි යොමුවිය යුතු බව ඔහු කියනවා.

නැණවත් සිතුම් සපිරිනු  බව පෙන්වා ඇති ඇති මේ  බ්ලොග්කරුවා, මෙම කර්මාන්තශාලා  සැදිය යුත්තේ කවුද? යන්න  අපිට අපැහැදිලි ලෙස අනුමාන කරන්න ඉඩහැර ගිහිල්ල.

අපේ රටේ දේශපාලන ආර්ථිකයේ  යථාර්තය ගැන අවබෝධයක් ඔහුට ඇති බවට සංඥා කරමින්  බලයේ සිටින දේශපාලන අධිකාරිත්වය මේ කර්මාන්තශාලා වලින් හම්බකරගෙන කෑමේ හැකියාව ගැන තැනක සඳහන්ව තිබූ නමුත්   එයත්   බහුවිධ ලෙස  අර්ථ නිරූපණය කරන්න පුළුවන්.

මේ කර්මාන්තශාලාත් අනෙක් රජයේ දේපල වගේම වෙන්න ඉඩප්‍රස්ථාව  තියනවා. රජයට අයිතියි නමුත් බලයේ සිටින දේශපාලකයන් විසින් ගසාකන ආයතන. එක්කෝ අනෙක් විකල්පය ලෙස මේවා එම දේශපාලකයින් ගේ  ගජමිතුරු ව්‍යාපාරිකයින්ට  අයිති වේවි.  

යටිතල පහසුකම් හෙළාදකින්නේ ඇයි?

යටිතල පහසුකම් සංවර්ධනය පිලිබඳ විවේචනාත්මක විග්‍රහය නිෂ්පාදන කර්මාණ්තයන්ද?  - සේවා ආර්ථිකයද? යන විවාදයත් සමග  ඒකාබද්ධ කර පටලවා ගැනීම කණගාටුවට කරුණක්.

අපි මෙහි යටිතල පහසුකම් යනුවෙන් සලකා ලබන්නේ   රටවැසියන් ට ඒකීය පුද්ගලයන් ලෙස හෝ   ව්‍යවසායන්ට තනිවම   ආර්ථිකමය වශයෙන්  පලදායී ලෙස  තමන්ටම සපයාගත නොහැකි පහසුකම්ය.

මහපාරක්  යනු , බොහෝ දෙනෙක් පාවිච්චි කරන අර්ථයෙන් , ඒකීය පුද්ගලයෙක්  හෝ  තනි  ව්‍යවසායක් විසින් මහා මාර්ගයක් හදනවට වඩා රජයෙන්  හොඳින් - සැලසුම්කරණය කරල මහාමාර්ගයක් හදන එක තුල බොහෝ  තෙරුම් සහගත බවක් තියනවා. ගාස්තු අයකරන පාරක් නොවෙයි නම් ,හැමෝම පොදු පාවිච්චියට ගන්න පාරක් තනි පාර්ශවයක් විසින් පිරිවැයක් දරල හැදීමට  ආර්ථිකමය ලෙස අනුබලයක් නැහැ.

රජය ප්‍රමාණාත්මක ලෙස යටිතල පහසුකම් නොසපයන විට වෙන්නේ  ඒකීය පුද්ගලයන් ලෙස හෝ   ව්‍යවසායන්ට වක්‍රිය ආකාරයෙන් තනිවම විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නයි. රජය ප්‍රමාණාත්මක ලෙස විදුලිබලය නොසපයන විට  ව්‍යාපාර ආයතන මිල අධික සහ පරිසරය දූෂ්‍ය කරන ඩිසල්  උත්පාදක යන්ත්‍ර වලට ආයෝජනය කරනවා
රජය ප්‍රමාණාත්මක ලෙස පොදු ප්‍රවාහන නොසපයන විට ප්‍රතිපලය තමයි ව්‍යාපාර ආයතන තමන්ගේ සේවකයින්ට තමන්ගේම බස් සේවා සපයන්න ගන්නවා (තමන්ගේ ව්‍යාපාරයේ යෙදෙන  කරන කාලය අඩුකරමින්, ඒ නයින්  මහත් අකාර්යක්ෂමව) සහ    ඒකීය පුද්ගලයන් මාර්ග තදබදය පරිසරය දූෂ්‍යවීම වැඩිකරමින්  යතුරුපැදි, ත්‍රීරෝද ,කාර් වලට ආයෝජනය කරනවා.

යටිතලපහසුකම් කරන හොඳ තමයි පුද්ගලයන්ට  හෝ   ව්‍යවසායන්ට  කළහැකි දේවල් වල වපරසිය පළල් කිරීම . උදාහරණයකට අධි-උෂ්ණත්ව කර්මාන්ත  (උදා: සෙරමික්, පිගන් ගඩොල්) දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ තිබුන  උනත් ව්‍යාපාරික තත්ත්වයක් වශයෙන් ස්ථාපිත නොවුනේ බලශක්තිය මිල අධික වූ නිසයි.

හොඳ යටිතලපහසුකම් ප්‍රතිපත්තියක් සහ ක්‍රියාවට නැංවීමක් මගින් ස්ථාවර සහ මිල අධික නොවන බලශක්ති සැපයුමක් සහතික කරනවා නම් නිෂ්පාදන කර්මාන්ත වල විශාල වශයෙන් ආයෝජනය කිරීම් අපිට දකින්න තියන හැකියාව වැඩියි.  සේවාවන් සහ ලුහු කර්මාන්ත වල ආයෝජනයන් බහුලව දක්නට ලැබෙන්න  එක හේතුවක් තමයි ඒවායේ යැපීම රඳාපවතින්න  බලශක්ති ආදායනය අවම ලෙස අදාල වීම.

රජය නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කල යුතුද ?

ජනාධිපති ප්‍රේමදාස විසින් දියත්කරන ලද ග්‍රාමීය නිමි ඇඳුම් කර්මාන්තශාලා වැඩපිලිවෙල මේ නිෂ්පාදන කර්මාන්ත යෝජනාකරන්නන් ගෙනෙන   තර්කයන් හි ගැටළු විදහාපානව. ඔහු රජයේ නිමි ඇඳුම් කර්මාන්තශාලා 33,000 ක් පිහිටුවන්න උත්සාහ කලේ නැහැ. ග්‍රාමීය පළාත් වල  නිමි ඇඳුම් කර්මාන්තශාලා මෙහෙයවිය යුත්තේ කවුද කියල ඔහුට ඉතා පැහැදිලි අවබෝධයක් තිබුනා: ඒ දැනටමත් ඒ කර්මාන්තයේ නිරත වෙන පුද්ගලික  ව්‍යාපාර ආයතනයි. ඒවාට අවැසි තාක්‍ෂණය , ආයෝජනය , සේවකයින් බඳවා ගැනීම සහ ඉතාමත් වැදගත්, නිෂ්පාදන සඳහා වෙළඳපොළ සපයාගැනීමේත් වගකීම එම පුද්ගලික ව්‍යාපාර වලට පැවරුණා .
මේ වෙළඳ සමාගම් වලට ගමට යන්න දිරිගැන්වීම් තිබුනා. අඩු පඩියට වැඩ කරන්න කැමැත්තෙන් සිටින පුහුණුකළ හැකි සේවකයින් ඒවායේ හිටියා. ඒවගේම ඔවුන්ට අනුබල නොදෙන කාරණාත් තිබුනා . විදුලිබල සැපයුම , වරාය දක්වා සහ වරායේ සිට ප්‍රවාහනය වගේ දේවල් නගරයට වඩා පිරිවැය අධික සහ අවිශ්වාසකටයුතු වුණා. රජය ඒ කාලේ සමාගම් වලට කැරට් අල කෝටුවේ ගහල පෙන්නලා තමයි ගම්වලට කර්මාන්තශාලා ගෙනියන වැඩේ ඉටුකර ගත්තේ. එදා යටිතලපහසුකම් අද තියන තරම් හොඳ තත්වයේ තිබුනානම් ඒ කටයුත්ත පහසුවෙන් කරන්න තිබුනා.

ඒ කාලේ  වෙනස් කාලයක් .

මුළුමනින්ම පාහේ සියලු නිමි ඇඳුම් අපනයන සිද්ධ උනේ බලපත්‍ර හරහා  සලාක වලින් අනුග්‍රහපූර්වක කොන්දේසි බුක්තිවිඳින්න ඉඩ ප්‍රස්ථාව ලබාදෙමිනුයි. මේ බලපත්‍ර උත්තෝලනය නිසා  ලැබෙන බලය රජයට තිබුනා .
දැන්, රජයට එහෙම ලැබෙන බලයක වාසියක් නැහැ .නගර වල සහ ගම්වල ඒ කාලයේ ස්ථාපිත කරනලද බොහෝ කර්මාන්තශාලා  සලාක ක්‍රමයේ ආධිපත්‍යය අවසන් වෙනවත් එක්කම වැහිලා ගියා. නව වෙළඳපොල වාතාවරණයට අනුවර්තනය උන ඒවා, තම නිෂ්පාදන වලට වැඩි වටිනාකම් එකතුකර ගත් අය තමයි  තවමත් නොනැසී පවතින්නේ.

මේ වගේ වෙනස් වීමේ අවශ්‍යතාවය ඉල්ලාසිටින අවස්ථාවකදී  රජය- සතු කර්මාන්ත ප්‍රතිචාර දක්වන අයුරු මෙයට සසඳා බලන්න. දශකයකට ඉස්සෙල්ලා වෙළඳපොල කඩාගෙන වැටුනු වෙලේ  බංගලාදේශයේ රජයට පවරාගත් හණ රෙදි කර්මාන්තශාලා  වල සේවකයින්ට තාමත් රටේ බදුගෙවන ජනතාව පඩිනඩි ගෙවනවා.

ප්‍රමුඛතා රජය තීරණය කලයුතුද ?

නිමි ඇඳුම් නොවෙයි නම් මොනවාද? අපනයනය කිරීම සඳහා නිෂ්පාදනය කල යුත්තේ මොනවාද යන්න වෙළඳපොල හදුනාගැනීමට  රජය සමත්ද ?  ව්‍යවසායකයාටම  එය හඳුනාගන්න ඉඩහරින එක වඩා සුදුසු නැද්ද?

රජයට කල හැක්කේ කුමක්ද? ව්‍යවසායකයින් මුහුණ පාන මොනවා හෝ බාධාවක් ඇත්නම් ඒවා ඉවත්කිරීමයි . ගැටළුව වී ඇත්තේ බදු නම් බදු සහන ලබාදීමයි . තොරතුරු ගලාඒමේ හිඩැසක් ඇත්නම් ඒවා යාකිරීමයි . නමුත් බොහෝ අවස්ථාවලදී  වඩා උපයෝගී ලෙස රජයට කල හැක්කේ යටිතලපහසුකම් සේවා වැඩිදියුණු කිරීමයි .

ඉතින් ඇත්ත වශයෙන්ම නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනයට රජය කලයුත්තේ වරායන් සහ අධිවේගී මාර්ග නගාසිටුවීම තමයි.

ලොකුම බාධකය ලෙස පෙනීයන්නේ මූලධනය. විශාල සමුහ ව්‍යාපාර වල පැවැත්ම (උදා: ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ) සහ අලුත් ඒවායේ මතුවීමට (උදා: සොෆ්ට්ලොජික්) වැරදියි කියල  සාක්ෂි සහිතව ඔප්පුකරනතුරු වෙළඳපොළ ප්‍රාග්ධනය ප්‍රමාණවත් නොවීම තමයි ගැටලුව.  ව්‍යවසායකයින් ට මුලධනය උත්තරණය කරන්න අමාරුයි. ප්‍රාග්ධනයට ප්‍රවේශ වීමේ හැකියාව තිබෙන අය අවදානම-අඩු , ඉක්මන්-ප්‍රතිලාභ කෙරෙහි දිශානත වෙලා ඉතින් මේ දෙකම ආකර්ෂණය වෙන්නේ සේවාවන් කෙරෙහි.  මේක රජය කරන දෙයක් නොවෙයි නමුත් රජයේ වැරදි ප්‍රතිපත්ති වල විපාකයක්.

ඉතින් මේ ඔක්කොටම පස්සේත් ,කවුරුවත්   කිසිම අයුරකින් නිෂ්පාදන කාර්යයන් වල නිරත නොවනවානම් , රජය කලයුත්තේ මොනවාද?

මුකුත්ම කලයුතු නැහැ . යටිතලව්‍යුහයට සහ ප්‍රාග්ධනයප්‍රවේශ වීමේ   විවිධාකාර බාධාවන් අඩු කරන්න ක්‍රියාත්මක විමට  ට රජයට පුළුවන්. නමුත් මොනයම් කාරණයක් නිසාවත් රජය 1970 දශකය විලාසයේ
අවදානම් රජයේ කර්මාන්ත වලට සෘජුව ආයෝජනය කිරීමවත් කර්මාන්තශාලා මෙහෙයවීම වත් නොකලයුතුය .

අසංවිධිත  අසංඛය සංක්‍යාවක් තීරණ ගන්නන් විසින්  තමන්ගේම  මුදල් වල අවදානම ගෙන නිෂ්පාදන කර්මාන්තයන්හි   යෙදීමේ  සූදානම්නැති බව  අපිට හඩගා කියන්නේ . ශ්‍රී ලංකාවට නිෂ්පාදන කර්මාන්ත වල යෙදීමේ   සංසන්දනාත්මක වාසියක් නොමැති බවයි. එයට අපි ඇහුන්කම් දිය  යුතුයි. ඔවුන්ගේ නිෂ්පාදනය කිරීමේ අකමැත්ත නොසුදානම හැමවිටම අනුන්ගේ සල්ලි (ජනතාවගේ බදු මුදල්-පරිවර්තක ) අවදානමේ හෙලමින්   තීරණ සැලසුම්  නිර්දේශ කරන අය වැරදියයි අපිට නිරතුරු පෙන්වාදෙයි.

**************************************************************23 Oct, 2014 07:44:04

මගේ අදහස නම් මාතලන් ගේ අදහසක් පාදක කරගෙන  මහාචාර්ය රොහාන් සමරජිව ඉතා සංයමයකින් යුතුව දක්වා ඇති අදහස්   ගැන මා මිතුරු මාතලන් බ්ලොග්කරු එතරම් කලබල විය නොයුතු බවයි. මාතලන්ට කරන කෙලින් පහරදීමක් හෝ විරුධභාෂයකට වඩා මෙහි ඇත්තේ මාතලන්ගේ ජනතාවාදී(populist) රචනා ශෛලීය තුල  අවිඥානිකව සැඟවී ඇති මාතලන්ටත් නොදැනුවත්ව ඉන් එලියට පනින   ලාංකික පොදුජන විඤ්ඤාණය  තුල පැලපදියම් වී ඇති දුර්මත කිහිපයකට පහර ගැසීමයි.   මහාචාර්ය රොහාන් සමරජිව ගේ යටිතල පහසුකම් වලට රජය අතිවිශාල ලෙස ගිනිපොලියට ණයවී කරන  ආයෝජනයට දක්වන එකඟතාවය හා පුද්ගලිකව මගේ එකඟතාවය ක් නැති වුවද ලිපියේ ඔහු මතුකරන  අනෙකුත් කරුණු කාරනා ඉතා සාධනීය වේ.
මා මිතුරු මාතලන්ගේ මුල් ලිපිය මා සලකන්නේ එහි කොමෙන්ට් තීරුවේ කොමෙන්ට් කරුවෙකු ඉතා නිවැරිදිව හඳුනාගෙන ඇති පරිදි අංශක 180 කින් ආපසු හැරීගිය  දේශපාලනික අපගමනයක් ලෙසය. එක්කෝ මාතලන් පැටලී ඇත්තේ බ්ලොග්සටහන් වල ජනප්‍රිය සාධකය හා තමන්ගේ දේශපාලන මතවාදය කළමනාකරණය කරගැනීමේ උභතෝකෝටිකය තුලය එසේත් නොමැති නම්  මාතලන්අපිටත් හොරෙන්  අනුර කුමාර රහසේ හමුවී ජවිපෙ සාමාජිකත්වය ලබාගෙන අපේ දැක්ම ආර්ථික ක්‍රමය ජනප්‍රිය ඔහුගේ ආකෘතිමය හරඹය හරහා මොඩ් කර කොත්තුවක් දැම්මා විය යුතුය. නැත්නම් දිගු කලක් ඔහුගේ රචනා ශෛලිය කියවන රසිකයන්ට පවා මාතලන් වමේද දකුණේද යන්න හඳුනාහත නොහැකි තරම් අපහැදිලි කොට සියල්ල මංමුලාවී යන  ලෙස ලංකාවේ ආර්ථිකය රජය හැසිරිය යුතු පිලිවල  පිළිබඳව  Fifty Shades of Grey අළුපාට රචනාවක් ලියවෙන්න විදියක් නැත.

මාතලන් මෙලෙස අජිත් පැරකුම් හෝ අනුර කුමාරගේ ආර්ථික මතවාද සමග තමන්ගේ ආර්ථික මතවාද රිමික්ස් කිරීමෙන් වාමාංශික පාඨක පිරිස අතරත් බ්ලොග් අඩවියේ  ජනප්‍රිය භාවය රඳාපවත්වා ගැනීම   බලාපොරොත්තු වුවාද යන්න මා නොදනිමි නමුත් මාතලන් සොයුර මහාචාර්ය රොහාන් සමරජීව ඔහුගේ ලිපියේ කියා  ඇති පරිදි, නැණවත් සිතුම් සපිරිනු  බවක් මෙතෙක් කලක්  පෙන්වා ඇති ඇති මේ  බ්ලොග්කරුවා, මෙම කර්මාන්තශාලා, හෝටල් නිෂ්පාදන කර්මාන්ත   සැදිය යුත්තේ කවුද? ක්‍රියාත්මක කලයුත්තේ කවුද  යන්න  අපිට අපැහැදිලි ලෙස අනුමාන කරන්න ඉඩහැර ගිහිල්ල.

මචෝ මාතලන්  උඹට නොතේරුනාට ජෙප්පොන්ට උඹ උන්ගේ එකෙක් කියල හිතෙන්න තරම් උඹ අපගමනය වෙලා. රජයෙන් මේවා කලයුතුයි කියල ඉඟි වෙන විදියට තමයි ඒ ලිපිය ලියවිලා තියෙන්නේ.

යටිතල පහසුකම් ගැන එක තලයකින්  උඹත් එක්ක එකඟ වෙන්න පුළුවන් ඒත් මාතෝ. ව්‍යවාසකයින්ට ප්‍රාග්ධනය සමුච්චය කිරීමට ඇති විවිධාකාර බාධාවන් ඉවත් කිරීමට කලින් පිස්සු බල්ලෝ වගේ කොමිස් ගහන්න ඕනෑ නිසා යටිතලපහසුකම් කියල සුදුඅලි වරායවල් සැදීම ගැන මහාචාර්යවරයා දක්වනදේශපාලනික උදාසීන  මධ්‍යස්ථ භාවය   අනුමත කරන්න බැරි උනත්  අනෙක් කාරනා වලදී ප්‍රොෆෙසර් හරි කියලයි හිතෙන්නේ.
මාතලන්ගේ තර්කය වන්නේ මහාචාර්යවරයා ඔබේ ලිපිය හරියට කියවා  තේරුම්ගෙන නැත යන්න නම් මාතලන් මට කියන්න ඇත්තේ මචෝ  හිත රිදුනනම් සමාවෙයන් ඇත්තටම ඒකෙ සමහර තැන්වල උඹේ මතවාදය කුමක්ද යන්න  මටත් අපැහැදිලියි ඒකනිසා උඹත් නිහතමානිව යම්තරමකින්  වරද පිළිගත යුතුයි..

කෙසේ නමුත් මාතලන් ලංකාවේ ඊනියා  මුඛ්‍යධාරාවේ ජනමාධ්‍ය ජඩ මාද්‍ය ලෙස හැසිරෙමින්  විකාර කරමින් සිටින යුගයක  මෙවැනි හරවත්  සංවාදයක් සඳහා මං පෙත් විවර කිරීමේ සම්පුර්න ගෞවරවය ඔබට හිමිවෙන බැවින් ඒ සඳහා තොප්පිය ගලවා ආචාර කරමි.
by ©Uditha Meegahathenna

15 comments:

  1. උදිත සහෝදරයා... හෙහ් හෙහ්... උඹ ලිපිය කියවලා විතරක් නෙමෙයි පරිවර්ථනයක් කරලා.. අපරාදේ මගෙන් ඉල්ලුවා නම් දෙනවනේ. ඔය ළිපිය චානුක මට එවලා ගොඩක් කල්. ඒත් ඉතින් මම නිකං උන්නා.. මොකෝ මම මගේ බොග දාගෙන් ඉන්නවා මිස පත්තර වලට ලියන්නේ නෑ නේ.. රාවය මගේ ළිපි දාන්නෙත් නෑ.. ඒ නිසා ළොකු පිළිතුරු ළිපියක් ලියලත් වැඩක් නෑ..

    ඉතින් උදිත සහෝදරයා කරුණාකරලා උපුටා දක්වනවන්න පුළුවන්ද.. මගේ ජේ වී පී අදහස්.. එතකොට මම උත්තර බඳින්නම්.. ඕකේ වෙලා තියෙන්නේ මේකයි.. මම එක තැනකට කොටු වෙලා නෑ.. කාගෙත් හොඳ දේ ගන්නවා..

    අනික රොහාන් සමරජීවගේ මෙන්ම තඩි ප්‍රියන්තගේ අදහස් සමඟත් මගේ ගැටීමක් නෑ.. මම හිතන්නේ පෞදගලිකවම දේශපාළණේ කතා කරලා තියෙන උඹ මාතලන් කව්ද කියලා දන්නවා.. ඔය ණය ගැනීම උනත් අවුලක් නෑ කියන තත්වේ ඉන්න මනුස්සයා මම..

    ReplyDelete
    Replies
    1. පිස්සුද උදිත.. මාතා. පහු ගිය දවස් වල කීප අවස්ථාවකම මහරජාට කඩේ ගියා හැටි දැක්කනං ජෙප්පෝ හොටල් දානවා මාතලං ගැන සියළු අදහස්.. හැක්.. මාතා කිව්ව එක හරි. මිනිහා තමන්ට දැනෙන් දේ හරියි කියල හිතනවා නං ඒක කරේ බල්ලද කොල්ලද කියල සලකන්නේ නැහැ..

      Delete
    2. මාතලන්,
      මොන පුකක්ද උඹ කියන්නෙ? උඹේ අන්තිම ලිපියෙ කාරණාව මොකක්ද ගැන විතරයි මම කියෙව්වෙ. මොකද රොහාන්ගෙ ලිපිය නොකියවා මේ ගැන මොකුත් කියන්න බැහැ නෙව. මම හිතුවෙ පරිවර්තනයක් නෑ කියල.

      Delete
    3. අපේ මාතා දැන් මහින්ද මහත්තයගේ තියරි වගේ ෆලෝ කරන්නේ රාජ්. හැම පැත්තම බැලන්ස් වමෙක් හිතනවා මාතා වමේ පොරක් කියල ,දකුනෙක් හිතනවා මාතා දකුණේ කියල මුස්ලිම් එකෙක් හිතනවා මූ අපේ එකෙක් කියල දෙමල පොරක් හිතනවා මු අපිට සපෝර්ට් කියල. පොද්දට දාන්න පුළුවන් මාතලන්ව. මොනව උනත් මං හිතන්නේ රොහාන් සමරජීව මතුකරන කාරණා වැදගත් ආර්ථිකය ගැන ඔහු මතුකරන කාරණායි අපි සංවාදයට ලක් කල යුත්තේ. මාතලන් ගැන කියන දේ අමතක කරමු ඒක රොහාන්ට ලිපිය ලියන්න ප්‍රවේශයක් විතරයි නේ වෙලා තියෙන්නේ. ඔහු පොදුවේ විවේචනය කරන්නේ මාතලන් නොවෙයි. ලංකාව නිෂ්පාදන ආර්ථිකයක් කල යුතුයි කියන පොදුජන සිතුවිල්ල. ඔහු කියන්නේ ඒක වෙළඳපොල ට තීරණය කරන්න ඉඩ හරින්න කියන එකයි. රාජ් ට හරි මාතලන් ට හරි කවුරු හරි රුපියල් ලක්ෂ 50 ක් දෙනවා ව්‍යාපාරයක් පටන් ගන්න කියල. රාජ් ඒක කර්මාන්තයක් පටන්ගන්න risk කරනවද ලාබ ගන්න පුළුවන් සේවා ව්‍යාපාරයකට දානවද? කවුරුත් තමන්ගේ සල්ලි කර්මාන්ත පටන් අරන් ලොස්ට් කරගන්න risk කරන්නේ නැහැ ඉතින් ඇයි ආණ්ඩුවක් ජනතාවගේ බදු මුදල් risk කරලා දැනට ලංකාවේ පාඩු ලැබීමට ඉඩකඩ අවදානම වැඩි
      කර්මාන්ත පටන්ගත යුත්තේ?

      Delete
    4. කව්ද කිව්වේ ආන්ඩුවට බදු මුදල් දාලා බිස්නස් කරන්න කියලා. ඒ පෝස්ට් එකේ හරි වෙන තැනක හරි පෙන්නපන්කෝ මම එහෙම ලියලා තියෙනවද කියලා. ආන්ඩුව බිස්නස් වලින් අයින් වෙන්න ඕන කියලයි මම කියන්නේ. උඹ පෝස්ට් එක කියවලා තියෙන්නේ එක්කෝ ඔළුවෙන් හිටගෙන, එහෙම නැත්නම් කොළ පාට කන්නාඩි දෙකක් දාගෙන. තැන පෙන්නන්න.. තැන පෙන්නන්න..

      Delete
    5. යේස්. මාතගෙ පොඩි කන්ට්‍රැඩික් ගතියක් මාත් දැක්ක. මොකද මාත හිටියෙ උඹලගෙ කඳවුරේ!

      Delete
    6. රාජ් ඔයාට වැරදිලා.. මට කඳවුරක් නෑ.. ඒත් ඔයාලට තියෙනවා.. ඒකයි මෙතන තියෙන ළොකුම අවුල.. රොහාන්ට උනෙත් ඒක. මොකෝ රොහාන්ට කේලම කියපු එකා කියලා තියෙනවා. (රොහාන් ළිපිය කියවා නැත. කියෙව්වා නම් මගේ නම එලියට එන්නේත් නැත. මොකෝ මම කියන්නේත් රොහාන් කියන දේම නිසාය.) අන්න අර ගොන් නාම්බා කියලා තියෙනවා යටිතල පහසුකම් සංවර්ධනේ ඕන නැතෙයි කියලා. ඉතින් හැමදාම යටි තල පහසුකම් ගැන ලියන මනුස්සයට මල පනින එක අහන්න දෙයක්ය.

      Delete
    7. මම හිතුවෙ මාතලන් මෙච්චර කල් හිටියෙ උදිතගෙ කඳවුරේ කියල. මොකද මාතලන්ගෙ අදහස් රනිල්ගෙ ක්‍රමයත් එක්ක මිසක් ජවිපෙ එක්ක පෑහුනේ නෑ නෙව. ඉතිං නිදහස් ආර්ථිකයක් ගැන කතා කරපු මාතලන් අර විදියට කියද්දි අවුල් ගතියක් එනව එච්චරයි.
      [හැබැයි උදිත කිව්ව වගේ මේක පොදුජන විඤ්ඤාණයේ අවුලක් නිසා උඹ එච්චර වොරි වෙන්න ඕන නෑ :-) (ඔන්න සැර බාල කලා)]

      Delete
    8. මොකක්ද මම කිව්වේ. කොතනද කිව්වේ..?

      අනික උදිතයි මමයි පෞද්ගලිකව මුන් ගැසුන සොඳුරු මොහොතෙදි අපි දෙන්නම උන්න මතය මෙතන ලියන එක හරි නෑ.. ඒක උදිත දන්නවා.. දන්න එකාත් මේවා ලියද්දි හිතට දුකයි තමයි. හැබයි ඒවා එහෙම තමයි,

      Delete
    9. මාතෝ කොහෙද බං උඹට වැරැද්දක් කියල තියෙන්නේ ? මං කිව්වේ ගණන් ගන්න දෙයක් රොහාන්ගේ විවේචනයේ නෑ කියන එක උඹ ලියන ජනප්‍රිය ආකෘතිය නිසා පුදගලිකව උඹව දන්නේ නැත්නම් ලියන එකෙන් විතරක් ලේසියෙන් උඹේ මතය තේරුම් ගන්න බැහැ එච්චරයි. ඒක නිසා ඕක අමතක කරපං ..ඉන්දි වෙන්න ඇති තාත්තට උඹේ බ්ලොග් එක පෙන්නන්න ඇත්තේ.

      Delete
    10. මොකෝ මං ගනන් ගන්න දේ නැත්තේ.. උඹ මගේ පිළිතුරු ළිපිය කියෙව්වද. මිනිස්සු කියවන්නේ නැතිව ලිව්වම ඔය වගේ දේවල් වෙනවා.. අල්ලලා දාහන් බං.. කාටවත් බෑ මම එහෙම කියපු තැනක් පෙන්වන්න.. නැත්නම් ඉන්දිකයා වෙලහකට ලින්ක් දහයක් දාලා.. දෙනවා බැටේ කට උත්තර නැති වෙන්න..

      Delete
  2. //මිනිහා තමන්ට දැනෙන් දේ හරියි කියල හිතනවා නං ඒක කරේ බල්ලද කොල්ලද කියල සලකන්නේ නැහැ..//
    ඒක එහෙම වෙන්න පුළුවන් දේශකයා. නමුත් උදිත කියලා තියනවා වගේ, මාතලන්ගෙ මෑත කාලයේ ලිපි වගේම කමෙන්ට් වලදිත් “අවිඥානිකව සැඟවී ඇති මාතලන්ටත් නොදැනුවත්ව ඉන් එලියට පනින ලාංකික පොදුජන විඤ්ඤාණය “ එහෙත් නැත්නම් “ලාංකීය ඡන්දදායකයා“ කියන චරිතය (මාතලන්ගෙම වචන වලින් කියන විදියට “සම හරක්“) එලියට පැනලා තියන බව නම් ඇත්ත. එතනදි මාතලන්ගෙ දේශපාලනමය අදහස අවස්ථාවෙන් අවස්ථාවට වෙනස්වෙලා තිබුණු බව මටත් නිරීක්ෂණය වුනා.
    කොහොම වෙතත් පෞද්ගලිකව මාතලන් කියන්නෙ කියන දේ පොල්ලෙන් ගැහුවා වගේ මූණටම කියන නෙනෙක් බව පේනවා. ඒක හොද ලක්ෂණයක්.

    ReplyDelete
    Replies
    1. එහෙම අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙලා තියෙනවා කියලා පේන්නේ මම කිසිම බැඳීමක් නැති මිනියෙක් නිසාත්. ඔයාලා එකම පාට කන්නාඩියකින් ළෝකය දිහා බලන නිසාත්ය. ඒක තේරුම් ගත්ත එකම එකයි ඉන්නේ මම හිතන්නේ. ඒ දේශා විතරයි.. මොකෝ ඌත් මම වගේ නිසා.. අනිත් අයට පට්ට අවුල්..

      අගය කිරීම් ටිකට ඉස්තූතියි..

      Delete
  3. //මෙහි ඇත්තේ මාතලන්ගේ ජනතාවාදී(populist) රචනා ශෛලීය තුල අවිඥානිකව සැඟවී ඇති මාතලන්ටත් නොදැනුවත්ව ඉන් එලියට පනින ලාංකික පොදුජන විඤ්ඤාණය තුල පැලපදියම් වී ඇති දුර්මත කිහිපයකට පහර ගැසීමයි//
    මගෙත් අදහස මේකම තමයි.

    ReplyDelete
  4. හ්ම්ම්,,,, කියෙවුවා කමෙන්ට් සමගම,,, ස්තුතී.

    ReplyDelete