Pages

Followers

Thursday, October 2, 2014

යූ ඇන් පිය ජාතික තලයේ මැතිවරණ අනාගන්නේ ඇයි.

මේක ෆේස්බුක්  ගෘප් එකක දයාන් ජයතිලකගේ ලිපියක උද්ධරණයකට මම දාපු කොමෙන්ට් එකක් දයාන්ගේ quote එකත් Subhaga Herath ගේ කොමෙන්ට් එකත් එක්කම මගේ ප්‍රතිචාරය මෙතනත් දානවා බ්ලොග් එක වේලෙන හින්ද,

ශ්‍රී ල.නි.ප. යේ ඉතිහාසය පුරාම සැබෑ, ජනහිතෛෂී ආර්ථික සංවර්ධන පිළිවෙතක්‌ තිබුණෙ නෑ. එම නිසා තම කාලපරිච්ඡේදයේදී ජනතාවට දැනෙන සෞභාග්‍යයක්‌ සිදුවුණා කියල ශ්‍රී ල.නි.ප. යට කියන්න බෑ. ශ්‍රී ල.නි.ප. යේ දුර්වලම තැන ආර්ථිකය. ශක්‌තිමත්ම තැන ජාතිකත්වය. ජාතිකත්වය නියෝජනය කළ හැකි නායක නායිකාවන් මත ශ්‍රී.ල.නි. ප ආණ්‌ඩුව රඳා පැවතිලා තියෙන්නේ ඒ නිසයි. එජාපයේ ශක්‌තිමත්ම තැන ආර්ථිකය. දුර්වලම තැන ජාතිකත්වය. ඒ දුර්වල තැන වඩාත්ම දුර්වල වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ. ඒ නිසා ශ්‍රී.ල.නි.ප. ය පසුගිය දශක දෙක තුළදී සිය ඡන්ද ව්‍යාපාරය කළේ චන්ද්‍රිකා කුමාරතුංග සහ මහින්ද රාජපක්‌ෂ නමැති විශේෂ නායකත්ව චරිත දෙක ඉදිරියට දමමිනුයි. රනිල් වික්‍රමසිංහ මහතා ජාතිකත්වය පැත්තෙන් විශාල ඌනතාවයක්‌ දක්‌වන නිසා යුද්ධය ජයග්‍රහණය නොකළත් 1999 දී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට මැතිවරණය ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබුණා. අද මේ ආණ්‌ඩුව ඕනෑම මැතිවරණයක්‌ ජයගන්නේ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ජනප්‍රියත්වය සහ යුද්ධය ජයග්‍රහණය කිරීමේ ඔහුගේ ඓතිහාසික කාර්යභාරය යොදවමින්. ඒ හැර මේ ආණ්‌ඩුවට කියන්න කිසිම දෙයක්‌ නෑ. මහින්ද රාජපක්‌ෂ සාධකය හැරුණුවිට අද ආණ්‌ඩුවේ සමස්‌ත පාලනයේම තිබෙන්නේ පිරිහීමක්‌. ඌවේදී ආණ්‌ඩුවේ ඡන්ද සංකෝචනයෙන් පෙනෙන්නේ ඒ පිරිහීමයි. සිංහල බෞද්ධ ඡන්ද කියන්නෙ ආණ්‌ඩුවේ අත්තිවාරම් ඡන්ද. ඒ ඡන්දත් අද සංකෝචනය වෙන්න පටන් අරන්.
- දයාන් ජයතිලක

Subhaga Herath එජාපයෙ ආරම්බයේදී, ජාතිකත්වයේ එකම උරුමක්කාරයා උනේ එජාපය
නමුත් එය ජාතිවාදී නොකර ඉන්න ඔවුන් දූරදර්ශී උනා...
මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත්තෙ, බලලෝභී බණ්ඩාරනායක හෙවත් නීල පෙරුමාල් ගෙ මී මුණුපුරා

එතැන් පටන් එජාපය ට ඒ ජාතිවාදයත් එක්ක හැප්පෙන්න බැරි උනා
දයාන් ජයතිලක ජාතිවාදයට ජාතික වාදය කියනවානම් දයාන්ට අමු කැවිලා



1955 වගේ කාලේ මේක පටන් ගත්තේ Subhaga Herath කියන ජාතිවාදය සහ ජාතික වාදය අතර වෙනස දයාන් ජයතිලක වගේම මාත් දන්නේ නැති නිසා මම ඕකට සිංහල-දේශාභිමානිවාදය ( Sinhala-nationalism ) කියල කියන්නම්. එහෙම නොවෙයි වෙන්න ඇති නිවැරිදි පරිවර්තනය මොනවා උනත් UNP එක 1950 දශකයේ ඉඳන් චන්ද සෙල්ලමේදී අනාගත්තේ SLFP කාරයෝ බලය ගන්න තක්කඩි විදියට මේ Sinhala-nationalist ලගේ කර උඩ යාමට ප්‍රායෝගිකව මුහුණ දෙන්න ක්‍රමයක් පක්ෂය ඇතුලේ නොමැති වීම.

මේ දුර්වලතාවය නිසා රනිල්ට ඉස්සෙල්ල අනාගත්තේ ඩඩ්ලි සේනානායක. ඒත් ඒ වෙලාවේ ඩඩ්ලි එක්ක ගේම ඉල්ලන්න UNP එකේ දෙවැනි පෙළ නායකයෙක් හිටියා . වෙන කවුරුත් නොවෙයි ජේ ආර් ජයවර්ධන. කපටි ප්‍රායෝගික මහපොළොවේ දේශපාලකයෙක් වුන ජේ ආර් දැනගෙන හිටියා මේ සිංහල-දේශාභිමානි චන්ද නැත්තටම නැතිව කවදාවත් ලංකාවේ ගොඩ යන්න බැහැ කියල. ඉතින් මිනිහ ඩඩ්ලි එක්ක ඇර ගත්තා, ජේ ආර් මොනතරම් දුරදිග ගියාද කියනවනම් Sinhala Only Act එක UNP එක පක්ෂයක් විදියට අනුමත කරල මේ ජාතික වාදී සෙට් එකට පක්ෂයක් විදියට් UNP එක  උපකාර කරන්න ඕනෑ කියන මතයේ හිටියා ජේ ආර් පක්ෂය ඒ වෙලාවේ එතෙන්ට තල්ලු කරා.
Tragedy
 Tragedy 

ඊට පස්සේ  60 දශකයම ජේ ආර් මේ සීන් එකට තමයි ඩඩ්ලි එක්ක ගේම ඉලලන්නේ. මෙතන වැදගත් එක තමයි ජේ ආර් ගේ කපටි දේශපාලනික මොලේ ඉතා නිවැරිදිව දැක්ක ඩඩ්ලිගේ මෝඩ කම. එනම් මහත්වරුන්ගේ දේශපාලනය ලංකාවට හරියන්නේ නැහැ කියන එක. ඒක  මුලින්ම දැක්කේ ජේ ආර් ඒ වගේම too smart gentleman වෙන්න ගිහින් මුලින්ම අනාගත්තේ රනිල් නොවෙයි ඩඩ්ලි. රනිල් ඒ පරපුරේ දෙවැනියා.
Farce
Farce 

මෙතනදී මොනවා උනත් කාල් මාක්ස් සීයාගේ ආර්ථික ක්‍රමවේදයට මම මොන තරම් විරුද්ද උනත් මිනිහ කිව්ව් සමහර දේවල් වලට මම කැමතියි. මිනිහ කිව්වා නේ අර ඉතිහාසය repeat itself twice මොකද්ද කතාවක්. එහෙම එකමදේ දෙවරක් ආපසු වෙනකොට පලවෙනි පාර tragedy යක් දෙවැනි පාර වෙන්නේ මල විකාරයක් විදියටලු. ඉතින් මාක්ස් සිය හරි. පලවෙනි පාර නායකයා ඩඩ්ලි දෙවැනි පෙළ නායකයා ජේ ආර් අවසන් උනේ 70 සිරිමාවෝ බලයට පත්වෙලා, ජෙප්පෝ පළවෙනි කැරැල්ල කරලා තරුණ ජිවිත සියදහස් ගණනක් නැතිවෙලා සහ සිරිමා ඇන් ඇම් ලංකාවේ ආර්ථිකය ෆක් කරලා අවුරුදු හතක් මිනිස්සු කන්න නැතිව හාල් පෝලිම් වල ඉඳල මහා  tragedy යකින්. මේ දැන් දෙවැනි පාර මේකම වෙන්නේ farce එකක් විදියට ඩඩ්ලි හිටපු තැන රනිල් නායකයා ජේ ආර් හිටපු තැන සජිත් ප්‍රේමදාස ....රට,,රජතුමා සහ සහෝදර පිරිසට ගිය මල විකාරයක් හැටියට ,,,,,,,

by ©Uditha Meegahathenna

29 comments:

  1. සජිත් ප්‍රේමදාස වගේ උරුමය කර පින්නාගෙන දේශපාලනය කරන්න හදන මිනිහෙක් ජේ ආර් හිටපු තැන ඉන්නවාකියන එක ජේ.ආර් ටත් කරන අපහාසයක්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මනෝජ් ඒක farce එකක් එනම් විකාරයක් විකට නාට්‍යයක් කියල මම කියල තියෙන්නේ රනිල් එක්ක හැප්පෙන්න එදා ජේ ආර් හිටිය තැන අද ඉන්නේ සජිත් නම් කෝලම් කාරයෙක්

      Delete
    2. ජාතික නෙමේ ඕනෙම මැතිවරණයක් ජය ගන්න කලින් ඔය සජිත්ලා වගේ අයට විරුද්ධව ක්‍රියා මාර්ගයක් ගන්න රනිල්ට පුළුවන්කම තියෙන්න ඕනේ.ජේ.ආර් ට පුළුවන් කම තිබ්බා නම් රුක්මන්ලාට විරුද්ධව ක්‍රියා මාර්ග ගන්න,මහින්ද තමන්ව බලයට ගෙන්න බර ඇඳපු මංගලලාට එරෙහිව ක්‍රියා මාර්ග ගත්තානම් ඇයි රනිල්ට බැරි සජිත්ට විරුද්ධව ක්‍රියා කරන්න.
      මුලින්ම පක්‍ෂය ඉන්න කෝලම්කාරයෝ,කෙල්ම්කාරයෝ ඉවත් කරන්න ඕනේ.නැතුව පක්ෂයේ ඉන්න හැම ඒකටමයි,සිරිකොතේ ගේට්ටුව ගාව ඉන්න වුන්ටයි තනතුරු දීලා පක්ෂය ජයග්‍රහණයට ගෙනයන්න බැහැ.

      Delete
  2. එකඟයි. මේ රටේ ඉන්න බත් කන හරක් එක්ක වැදගත් ආණ්ඩුවක් බිහි කරන්න බැහැ. එජාපය හැමදාම වගේ බලය ගත්තේ එක්කෝ ශ්‍රීලනිපය දරුණු ලෙස අනාගත්තු අවස්ථාවක (උදා: 1977) එහෙම නැත්නම් වෙන මොකක් හරි ජිල්මාට් එකක් දාලා ශ්‍රීලනිපයෙන් මිනිස්සු ඇදලා. (උදා: 1964, 2001) එහෙම නැතුව කවදාවත් එජාපය තමන්ගේ මහන්සියෙන් ජන පදනමක් ඇතුව බලයට ආපු පක්ෂයක් නෙවෙයි. හැම දෙයක්ම ආණ්ඩුවෙන් දෙනතුරු බලාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටක ඩඩ්ලිලා රනිල්ලා වගේ මිනිස්සුන්ට ආණ්ඩු පිහිටුවන්න බැහැ. කොටින්ම චන්ද්‍රිකාලටවත් බැහැ. චන්ද්‍රිකා අල්ලගෙන ගියෙත් අනෙක් මිනිස්සු නිසා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..Elite දේශපාලනය ලංකාවේ කරන්න බැහැ කියල UNP එක තේරුම් ගන්න තුරාවට හරි එක්කෝ මහින්ද ගේ සහෝදර/ ළමයි ටික මහින්දට ගොඩයන්න බැරි තරමට පෙරමුණ අනාගන්නකන් UNP එකට අබ සරණ තමයි.

      Delete
    2. මං කතා කරන්නෙ elite දේශපාලනයක් ගැන නෙවෙයි. වැදගත්, යහපත් දේශපාලනයක් ගැන.

      Delete
  3. ඉතිහාසේ ගැන ඕන කෙනෙකුට කියන්න පුළුවන් මොකෝ සිඳුවීම වෙලා අහවර නිසා.. ඉතින් හිස්ට්‍රී රිපීට්ස් කියලා ඕන කෙනෙක් කියනවා.. හැබයි ඉතින් කවුරුත් දන්න ඒ දේ කියන අය හිස්ටෝරියන්ස්ලා, ආචාර්යලා, මහාචාර්යලා, නැත්නම් පන්ඩිත්ලා.. මාතලන් හිස්ටරි ජොබක් කලාට ඕකට එච්චර කැමති නෑ,, මොකෝ වෙච්චි දෙයක් ගැන කතා කරලා වැඩක් නෑ නේ.. එහෙම නම් ඔය කුකුළන් කෙටවීමේ සංවාද වලට ඇවිල්ලා එජාපේ ගැන වැරදි කියන උන්ටත් අපි කින්ඩි දාන්න නරකයි..

    නමුත් එහෙම අනාගතේ වෙන දේ කියන්න පුළුවන් උන්ට ළෝකෙම කින්ඩිය දානවා අනාවැකි කාරයෝ කියලා. නමුත් අපේ රටෙත් ඇන් ඇම් වගේ අයත්. සමහර පත්තර කාරයොත් අනාගතේ කියලා තිබුනා. ජනාධිපති ක්‍රමේ ගැන ඇන් ඇමුත්. මහින්ද ජනාධිපති උනොත් රට විනසයි කියලා, කුසල් පෙරේරත් කියලා තිබුනා. කොහොමත් එස් එල් එෆ් පී කියන්නේ නිකන් බයිලා කාරයෝ සෙට් එකක්. ඒත් උන්ට වටිනා කමක් අරගෙන දෙන්නේ මහින්ද. ඒත් මහින්ද සිරි ලංකා එක දිය කරනවා. කොටින්ම උප සභාපති කම් කොටින්ටත් දෙනවා. ඇත්තටම මහින්ද නැති උනයින් පස්සේ සිරි ලංකා එකක් නෑ..

    ඒත් රනිල් ඉන්නකන් එජාපය තියෙනවා. ඒ වගේම අපි කැමති උනත් අකමැති උනත් ඊට පස්සේ යූ ඇන් පීය ගෙනියන්න කෙසෙල්වත්තේ පුංචි මහත්තයා ඉන්නවා.. එජාපය මේ රටේ බලවත්ම පක්ෂය.

    ReplyDelete
    Replies
    1. //අපි කැමති උනත් අකමැති උනත් ඊට පස්සේ යූ ඇන් පීය ගෙනියන්න කෙසෙල්වත්තේ පුංචි මහත්තයා ඉන්නවා//
      ඔව් ඊට පස්සේ ගමනක අවසානය වගේ මේ රටේ බලවත්ම පක්ෂයේත් අවසානය තමයි.

      Delete
    2. මාතා ...මට කියන්න ඕනෑ උනේ මෙච්චරයි උඹගේ බ්ලොග් එකම ගනින් උදාහරණෙට. උඹ ඒක සම්භාව්‍ය ප්‍රභූ භාෂාවකින් ලිව්වනම් ඔය විදියට hit වෙයිද? ලංකාවේ මිනිස්සුන්ට තේරෙන විදියට ලියන නිසා නේ උඹ Alexa එකේ ටොප් වෙන්නේ. මං කියන්නේ UNP එකට චන්දේ දිනන්න මහින්ද මිනිස්සුන්ට එපා වෙලා පිචන් වෙනකං අවුරුදු 30 ක් බලං ඉන්න ඕනෑ නැහැ ඉතිහාසේ දිහා බැලුවම ඉතිහාසයෙන් අපි ඉගෙන ගත යුතුයි කියන එකයි. ජේ ආර් ට බලය ගන්න මිනිස්සුන්ට සිරිමා එපා වෙලා යනකං 77 වෙනකං ඉන්න උනේ ඇයි කියන තැනින් UNP ය ඉගෙන ගත යුතුයි. 2014 තමයි ඒත් සිවුරක් පංසලක් නැෂනල් බැනියමක් ගාව නොගෙන තාම ලංකාවේ චන්ද දිනන්න බැහැ මාතලන්

      Delete
    3. නෑ මචෝ... මැද පන්තියේ බඩට වැදුනට.. ලංකාවේ බහුතර දුප්පතාගේ බඩ තාම් රිදෙන්න ඇල්ලුවේ නෑ.. එහෙම උනාම රනිල් නෙමේ මංගල උනත් අවුලක් නෑ.. හොඳම උදාහරණය සැටලයිට් නාපු වෙලාවේ රනිල් අගමැති වීම. ඒ වෙලාවේ තිබුනේ ජනාධිපති එක නම් රනිල් තමයි ජනපති. අනික අමතක කරන්න එපා.. මහින්ද 2005 දිනන්නේ බොහෝම සුළු ඡන්ද ටිකකින්.. ඒ ළඟටම ආපු අනිත් කෙනා රනිල්.. හැබයි ඊළඟ ඡන්දේ දිනන්නේ මහින්ද.. ඒකට හේතුව ජාතිකත්වයත් මක්කත් නෙමෙයි.. විපක්ෂයේ අසමගිය..

      Delete
    4. >>කොහොමත් එස් එල් එෆ් පී කියන්නේ නිකන් බයිලා කාරයෝ සෙට් එකක්. ඒත් උන්ට වටිනා කමක් අරගෙන දෙන්නේ මහින්ද. ඒත් මහින්ද සිරි ලංකා එක දිය කරනවා. කොටින්ම උප සභාපති කම් කොටින්ටත් දෙනවා. ඇත්තටම මහින්ද නැති උනයින් පස්සේ සිරි ලංකා එකක් නෑ..

      ඒත් රනිල් ඉන්නකන් එජාපය තියෙනවා. ඒ වගේම අපි කැමති උනත් අකමැති උනත් ඊට පස්සේ යූ ඇන් පීය ගෙනියන්න කෙසෙල්වත්තේ පුංචි මහත්තයා ඉන්නවා.. එජාපය මේ රටේ බලවත්ම පක්ෂය.<<.....
      උදිය.....ඔන්න කෙටියෙන් මචෝ......

      Delete
    5. මාත
      මහින්ද නැති කාලෙක සිරි ලන්කා එකක් නැහැ කියන කතව එච්චර අදල වෙන්නෙ නැහැ. හේතු
      1.ඉස්සර තිබුන සාම්ප්‍රදායික පක්ශ දේශපාලනය ඩැන් නැහැ. පක්ශය කියන්නෙ නායකය. නායකය ගිය දවසක මුල ඉන්දල පටන් ගන්න පුලුවන්. හරියට අර ප්‍රින්සිපල්ල මාරු වෙද්දි ඉස්කොල වෙනස් වෙනව වගෙ.
      2. ස්‍රි ලන්කා යුඇන්පී වෙනසක් ඩැන් නැ. මහින්ඩගෙන් පස්සෙ රනිල් ආවොත් ගෙම්බො ටික ආයෙ පනිනව. ලොකු බලාපොරොත්තු තියන සජිත් වගෙ බුවාල පැරඩින පැත්තෙ ඉතිරි වෙනව

      Delete
    6. //////මෙතනදී මොනවා උනත් කාල් මාක්ස් සීයාගේ ආර්ථික ක්‍රමවේදයට මම මොන තරම් විරුද්ද උනත් මිනිහ කිව්ව් සමහර දේවල් වලට මම කැමතියි. මිනිහ කිව්වා නේ අර ඉතිහාසය repeat itself twice මොකද්ද කතාවක්. එහෙම එකමදේ දෙවරක් ආපසු වෙනකොට පලවෙනි පාර tragedy යක් දෙවැනි පාර වෙන්නේ මල විකාරයක් විදියටලු. ඉතින් මාක්ස් සිය හරි. පලවෙනි පාර නායකයා ඩඩ්ලි දෙවැනි පෙළ නායකයා ජේ ආර් අවසන් උනේ 70 සිරිමාවෝ බලයට පත්වෙලා, ජෙප්පෝ පළවෙනි කැරැල්ල කරලා තරුණ ජිවිත සියදහස් ගණනක් නැතිවෙලා සහ සිරිමා ඇන් ඇම් ලංකාවේ ආර්ථිකය ෆක් කරලා අවුරුදු හතක් මිනිස්සු කන්න නැතිව හාල් පෝලිම් වල ඉඳල මහා tragedy යකින්. මේ දැන් දෙවැනි පාර මේකම වෙන්නේ farce එකක් විදියට ඩඩ්ලි හිටපු තැන රනිල් නායකයා ජේ ආර් හිටපු තැන සජිත් ප්‍රේමදාස ....රට,,රජතුමා සහ සහෝදර පිරිසට ගිය මල විකාරයක් හැටියට ,,,,,,,//////////////
      @උදිත.....මට තේරෙන්නේ නැහැ උදිත කියන දේ.. ඒ මගේ බූද්ධි ප්‍රමාණය වෙන්න ඇති. හැබැයි උදිත උඹ කියන්න හදන්නේ පිස්සුවක් නේ. අර කෙන්ජි කියනවගේ පාට් එකක්ද මන්දා... මේ උඹට දාන පෞද්ගලික චෝදනාවක් නෙමේ. මමත් හොඳට පේව්මන්ට් එක කිස් කරපු එකෙක්. උදිතගේ බ්ලු කොලර් එක නෙමේ කතා කල යුත්තේ, මේ සිදුවෙමින් පවතින සමාජ අසාධරණයයි. උදිත මතක තියා ගන්න ඕන අපි ඒ තැන් වලට ආපු හැටි. කොලර් එකේ පාට නෙමේ වැදගත්. කොලර් හැදුනේ කොහොමද කියන එකයි. උදිතව මම අව තක්සේරු කරනවා නෙමේ...උදිත ආත්මය සැහැල්ලුවට ලක්කරනවා. මාතලන් උඹව අගය කරනවා. මමත් උඹව අගය කරනවා මනුස්ස පරානයක් හැටියට. දේශපලානිකව මම උඹ දකින්නේ අවස්ථාවාදියෙක් ලෙස. මාතාත් ඒ වගේමයි. තරහා නොගෙන අපි කතා කරමු.
      අනිත් කාරනාව තමයි උදිත....මට හිතාගන්න බැරි..මහින්ද හොඳ වෙන්නත්, සිස්ටම් එක වැරදි වෙන්නත්, උඹයි මාතායි දේශපාලන අච්චාරුවක්ද? උදිත වඩා සුදුසු කුමක්ද...විය යුත්තේ කුමක්ද... කියලා ලියපන් බන්. මට මාතාගේ දේශපාලන දැක්ම වැටහෙන්නේ නැහැ. උඹ කියන්නෙත් මාතා කියන දේමද?

      මාතා මගේ මිත්‍රයෙක්. ඒක වෙනම කතාවක්. මාතාගේ දේශපාලන මතවාදයන් මම ප්‍රසිද්ධියේ ගැටුම් ඇති කරගන්නවා. උදිත...ඊට වඩා වෙනස්. කියන්නේ මොනවාද කියලා දන්නේ උදිත විතරයි. නිල් පාට කොලර් ගැන කියනවා, සුදු කොලර් රනිල්ලා ගැන කියනවා. කාටවත් වැඩක් නැති , තමන් පමනක් දන්නා තවත් මතවාදයක් කියනවා. මම ඉන්නෙත් යුරෝපයේ. මම උදිත වගේම බ්ලු කොලර්. කොලර් එක නෙමේ වැදගත්. තමන් කියන්නේ මොකකද්ද කියන එක.

      මට උදිතගේ වගේම, මාතාගේ දේශපාලන දැක්මත් ගැටළුවක්. මට ගැටළුවක් වුනාට මොකෝ...උඹලාට උත්තරයක් නම්.

      සංවාදයක් පමනයි....මාව මරන්න සුදානම් වෙන්න එප!!!!!!!!

      Delete
    7. @arugeadaviya //දේශපලානිකව මම උඹ දකින්නේ අවස්ථාවාදියෙක් ලෙස.// අරූ මෙතෙන්දි උඹ නිවැරිදියි දේශපලානිකව pragmatic වීම කියන එක අවස්ථාවාදී තමයි. තැනේ හැටියට ඇනේ ගැසීම වරදක් විය හැක හැබැයි ඇනේ රිදෙන්න වදිනවා නේද? නැත්නම් මං වගේ පිටරට වාරයක පොඩි රස්සාවක් කරන පොඩි මිනිහෙක්ට කිව නොහැකි තරම් පුද්ගලික මට්ටමේ මාරාන්තික දේශපාලනික තර්ජන එන්නේ ඇයි.?
      මගේ දේශපාලන දැක්මේ තේරුම් ගන්න බැරි තැන මොකද්ද කියල කියපන් එතකොට හරියට උත්තරේ දෙන්නම් ? පරස්පර විරෝධි කතා කියන එකද එහෙම නැත්නම් දේශපාලන දැක්මක් නැහැ නිකං අච්චාරු වගේ කියල හිතෙනවද? නැත්නම් රජා එලවන්න ඕනෑ නැහැ වගේ දෙයක් මං කියනවා කියල හිතෙනවද ? උඹේ පහල කොමෙන්ට් එකට දාපු උත්තරෙත් බලපං.

      Delete
    8. ////////නැත්නම් රජා එලවන්න ඕනෑ නැහැ වගේ දෙයක් මං කියනවා කියල හිතෙනවද ? ///////
      උඹයි, මාතායි දෙන්නම කියන්නේ, මේ වගේ අදහසක් කියලා තමයි මට හිතෙන්නේ. පවතින වාතාවරනය අනුව, මේ පාලකයා පලවා හැරීමෙන් තොරව මිස..වෙන කිසිම ආර්ථික හෝ දේශපාලන වැඩ පිලිවෙලක් ක්‍රියාවට නංවන්න පුළුවන්ද? ක්‍රියාවට නංවනවා තබා, ඒ ගැන සංවාදයකටවත් එන්න පාලකයෝ සුදානම් නැහැ නේද කියන ගැටළුව මට තියෙනවා. උඹට හැකිනම් ලංකා ඊ නිව්ස් එකට දැන් මාසයකට දෙකකට කලින් ජී.ඩබ්.ඇඩම්ස් කියන කෙනා ලිපියක් ලියා තිබුනා. ඒ ලිපියේ තියෙනවා ඇයි මේ පාලකයා පරාද කල යුත්තේ කියලා. ඒකේ ලින්ක් එකක් වත් දාන්න විදිහක් නැහැ. ඊ නිව්ස් කාරයෝ සයිට් එක වෙනස් විදිහකට ගෙනාපු නිසා,පරණ ලිපි හොයන්න මට තේරෙන්නේ නැහැ.

      Delete
  4. යූ එන් පී එකට කවදාවත් දිනන්න බැරි ඇයි?

    1. හම්බන්තොට ඉන්නේ එක චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු තමන් කොච්චර දුක් වින්දත් "ගමේ එකා නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    2. මාතර ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "දෙමළාට ඇරපු නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    3. ගාල්ලේ ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "හම්බ ආක්‍රමණය වැළක්වීම පිණිස" ඥානසාර කියන නිසා මහින්ද මාමාට ඡන්දය දෙයි.
    4. මොණරාගල ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "නියං ආධාර 2,500 දුන් නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    5. පොළොන්නරුවේ ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "පොහොර සහනාධාරය තව දුරටත් ලබා ගැනීමට" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    6. රතුපස්වල ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "ජල ප්‍රශ්නය විසඳා දුන් නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    7. කොළඹ ඉන්නේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "ඉස්සර යූ එන් පී ආණ්ඩුවකින් ස්ට්‍රයික් කළ තාත්තාගේ රැකියාව අහිමි කළ නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.
    8. මහියන්ගනේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහුගේ සොහොයුරෙක් මාවිල් ආරු සටනේදී මියගොස්ය. එනිසා හැමදා ඡන්දය මහින්ද මාමාටය.
    9. දඹානේ තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "මහ හූරා තරහ කොරගෙන කොහොමද බං? කාර් පොජ්ජක් පෝං පොජ්ජක් හරි දෙන්න ඉන්නෙ උන්නැහේ විතරනෙ" කියා මහින්ද මාමාට ඡන්දය දෙයි.
    10. කුරුණෑගල තවත් චතුෂ තුෂර කුමාර කෙනෙකි. ඔහු "දයාසිරි ලස්සනට සින්දු කියන නිසා" මහින්ද මාමාට ඡන්දය දෙයි.

    මුළු රටේම (උතුරු නැඟෙනහිර හැරුණු විට) ඉන්නේ මේ වගේ චතුෂ තුෂර කුමාරලාය. යූ එන් පී එක ඔය තරමට වත් ඡන්ද ගැනීම ගැන පුදුම වන්න.

    ReplyDelete
    Replies
    1. Ptta machao.patta.............
      Ae wagema aththa

      Delete
    2. අප්පට සිරි අර Matrix එකේ ඒජන්ට් ගොඩ හැමෝම me me me and me everywhere වගේ නේ චතුෂ තුෂර කුමාරලා හැමතැනම,,,

      Delete
  5. ඔක්කොම හරි. ඒත් මහින්දගේ දෙවෙනි පෙළ නායකත්වය කවුද??

    එහෙම අනාගතයක් නැහැ වගේ මගෙ පෞද්ගලික අදහස..

    ReplyDelete
    Replies
    1. ඔහොම තමයි මල්ලි ඒ කාලේ සනත් ල කළුල අර්ජුන ල අරවින්දලා ගහන කාලේ අපි හිතුවේ ඊලගට ගහන්නේ කවුද කවුරුත් ඒ වගේ සුපිරි පොරවල් නෑ කියල ඒත් ඊට වඩා සුපිරි සංග ල මයියා ල ආවේ........

      Delete
  6. (ආයෙ ආවට සතුටුයී
    එජාපයට වැරදුන 1අවස්තාවක් තමය් සුලු ජාතික ඡන්ද අහිමි කරගැනීම. ඒකට තවත් හෙතු තිබුන. නමුත් 94 ට පස්සෙ ජාතික මැතිවරන පරාජයන්ට එක සෑහෙන්න බලපෑව.

    ReplyDelete
    Replies
    1. තරුණ ජේ ආර් ගේ මතය වුනේ මිට වෙනස්ව යූ ඇන් පිය පරදින්නේ ඕනෑවට වඩා සුළු ජාතින් මත ඩිපෙන්ඩ් වෙලා මහ ජාතියේ ජාතිකවාදී කොටස අහිමිකර ගැනීම නිසා කියල රාජ්

      Delete
  7. ලොක්ක දිනන්නෙ යුද ජයග්‍රහනය නිසාමත් නෙවෙ. ලොක්ක ලග තියනව මිනිස්සු රවට්ටන්න පුලුවන් ආර්තික ක්‍රමයකුත්. උදාහරන විදියට මිනිස්සු රවට්ටන්න පුලුවන් ඔය මහා පරිමාන වියාපෘති වලින්. එවයෙ ප්‍රතිපල නැතත් මිනිස්සු රැවටෙනව. "මහින්ද මහත්තය හොරා කෑවත් වැඩක් කරනව" කියන මිනිස්සු ඕන තරම් ඉන්නව මචෝ

    ReplyDelete
    Replies
    1. හැම මිනිහම ඡන්දෙ දෙන්නෙ තම තම නැණ පමණ අනුව.

      මාස කිහිපයකට කලින් මම දඹකොළ පටුනට ගියා සංචාරයකට. මේ සංඝමිත්තා මෙහෙනින් වහන්සේ ගොඩ බැස්සා කියන තැන. නේවි එකෙන් පරණ තාලේ නැවක් හදලා දාල තියෙනවා මුහුදට. උපාසක අම්මලා දෙන්නෙක් අතර කතා බහක්.

      උපාසක අම්මා 1: අන්න බලපන්කො අර සංඝමිත්තා මෙහෙනින් වහන්සේ ආපු නැව. අනේ තාම තියෙනව නෙ.
      උපාසක අම්මා 2: පිස්සුද අනේ මෙච්චර කාලයක් කොහෙ තියෙන්නද?
      උපාසක අම්මා 1: නෑ, නෑ, ඒකමයි. ඔහොම නැව් නැත්නම් අද නෑනෙ.
      උපාසක අම්මා 2: සමහරවිට නේවි එකෙන් අලුත් වැඩියා කරන්න ඇති.

      දැන් ඔය උපාසක අම්මලා බලන්නෙ අයි ටී එන්, රූපවාහිනී විතරක්ම නම් (හුඟාක් පළාත් වලට පේන්නෙ මේදෙක විතරයි) කියමු බලන්න කාටද ඒ අය ඡන්දෙ දෙන්නෙ?

      Delete
  8. යූ ඇන් පිය ජාතික තලයේ මැතිවරණ අනාගන්නේ ඇයි?
    ජාතික තලය‍ේ න‍ොවන මැතිවරණ නාගන්නා බැවිනි.

    ReplyDelete
    Replies
    1. මම එහෙම ජාතික තලය කියල දැම්මේ සුළු ජාතින් වැඩි කොළඹ දී එහෙම යූ ඇන් පිය පහසුවෙන් දිනන නිසා.

      Delete
  9. මේක තනිකරම මම හිතන දෙයක්. කලබල වෙන්න එපා. රාජපක්ෂ නම් වූ මේ කුණුහරුප පාලනය වෙනුවට තවත් පාලනයක් ඇති වියයුතු බව අපි හැමෝම දන්නවා. ඒ ඇයි කියා කියන්න.
    1) ඇයි ඒ??????????

    2)මේ හාදයාගේ කුලප්පුව අප එකතුවී නැවතිය හැකිද?

    3)කුලප්පුව නම් වූ රජ පිස්සුව ....ජනතා බලවේග තුලින් අන් රටවල් මිඩංගු කර නැතිද? උදා ඕනද...

    4) පලමුවෙන් විය යුත්තේ....සමාජවාදය ගොඩ නැගීමද....නැත්නම් මේ මී හරකා..කුඹුරට දක්කා ගෙන ගොස් නැවතත් මඩ සහ නියර හඳුන්වාදීමද?

    ReplyDelete
    Replies
    1. 4 වෙනි එක තේරෙන්නේ නැහැ.
      1 2 3 ට උත්තරේ ප්‍රශ්නයක් ම තමයි අපි යටත්විජිත හිමි සුද්දන්ව පාලනයෙන් ඉවත්කරල නිදහස ලැබුවා නේ ඒ වෙනුවට දැන් කවුද ඉන්නේ සුද්ද වෙනුවට් ඉන්නේ අපේම අමු හොරු තක්කඩි රස්තියාදු කාරයෝ අපිව පාලනය කරනවා ඇයි? අපේ රජතුමා ඉවත් කරාට වැඩක් වෙන්නේ නැහැ කියනවා නොවෙයි. දැන් මාතා කියනවා වගේ system එක වෙනස් නොකර වැඩක් නැහැ කියල ඒ වගේ මං කියන්නේ රාජපක්ෂ නම් වූ මේ කුණුහරුප පාලනය පන්නා දැමීම නිදහස් සමාජයක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ එක පියවරක් වෙන්න පුළුවන් ඒත් . මට තේරෙන විදියට system එක වෙනස් නොකර වැඩක් නැහැ කියල මාතලන් කතා කරන්නේ දේශපාලනයේ සර්වාධිකාරිත්වය නැති කිරීම ගැන උදාහරණයකට විධායක ජනාධිපති, චන්ද ක්‍රමය වගේ දේවල් පොදුවේ ඔහුට වෙනස්ව වඩාත් සංයුක්තව කියනවා නම් මම කතා කරන්නේ ආර්ථිකයේ සර්වාධිකාරිත්වය නැති කිරීම ගැන. Crony capitalism දිහාවට යන රටේ ඉදිරි ගමන සියළු දෙනා ඇතුලත් නිදහස් වෙළඳපොල ආර්ථිකයක් දෙසට අපගමනය කල යුතුයි කියන එක පෙන්වාදීම මගේ දේශපාලන දිශානතිය.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete