Search This Blog

Followers

Saturday, January 11, 2014

දුයිෂෙන් සහ කරුණාරත්න සර් - නව ගුරු ගීතය| Uditha's Remix Version

මම කවුළුව හැරියෙමි. කාමරය තුලට සිසිල් සුළං හමා එයි. සුපුරුදු කණිසමට අරුණෝදයේ දෙනෙත් හැරුණු නමුත් ගිම්හාන පාසල් නිවාඩුව ඊයේ සිට ආරම්භවූ බව එකවරම සිහිවීමෙන්  සියුම් අලස සතුටක් සිත තුල හට ගත්තේ දෑතින් බදා  වැළඳ ගත නුහුණ ප්‍රමෝදයක් ඇති කරමිනි..  අඩක් විවරවී තිබූ ජනෙල් පියන වසා දමා මම නැවතත් යහනේ දිගා වුනෙමි. පසුගිය පාසල් වසර පුරා පාසලේ අපේ පන්තියේ  සිදුවූ අපුරු කතාව මා සිත තුල ඇතිකරන ලද කම්පනය කෙතරම් විශාලදැයි කිවහොත් ඒ ගැන යලි යලි නොසිතා ආපසු නින්දට යාමට ශක්තියක් මට නොමැති විය.  අඩ අඳුරේ වැතිරී හිඳ  අරුණෝදයේ නිසලතාව මැදින් මම කල්පනා කරන්නට වීමි.

තෙවැනි වාරයේ අවසාන විභාගයේ ප්‍රතිපලය  අප සියල්ල පුදුමයට පත් කළේය. මා අසමත්වීම ගැන මා එතරම් විමතියට පත්වුයේ නැත. මා මෙවර විභාගයට කිසිම උනන්දුවකින් පාඩම් නොකල බව මා දැන සිටියෙමි. ඒ චාම් ඇත්ත සොයා ගැනීම නිසා මම කලනොකිරුණෙමි. නමුත් අපේ පන්තියේ සිටියේ වැඩබැරි අදක්ෂ ළමයින්ද නොවේ. පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් කලාපයේ ඉතා ඉහල ලකුණු ලබා සමත්වී රටේ විවිධ පළාත් වලින් අප පාසලට ආ ළමයින්ද  මේ අතර විය. අපේ පන්තියේ  බොහෝ අය මිට පෙර වසරේදී  දක්ෂතා අතින් ඉදිරියෙන්ම හිටිය පිරිසකි.
මේ කතාව දිගින් දිගට නවකතාවක් මෙන් කීමට සංයමයක් මට නැත.   නමුත් ඔබට   කතාව කීම මගේ යුතුකමකි. මම හැකිතරම් කෙටියෙන් කීමට උත්සාහ කරමි.

හය වසරේදී මට දුයිෂෙන් හමුවිය. පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමෙන් අනතුරුව පරණ තාලයේ සපත්තු දෙකක්  හැඳගත් ඉත්තෑකූරු හිසකෙස් ඇති ශිෂ්‍යයෙක් අපේ පාසලට අවේ ය. මට ඔහුගේ ස්වරුපය අදමෙන්  හොඳහැටි මතක තබා ගැනීමට හැකි වූයේ නළල දිගේ බේරෙන තරමට පොල්තෙල් ගා හිස පිරීමට උත්සාහ ගෙන තිබුන   නිසා විය යුතු ය.කොළඹ හතේ අගනුවර ප්‍රධාන පාරවලින් වටවූ කොන්ක්‍රීට් යායක් මැද තිබුන අපේ පාසලට අමුතු රුසියානු නමක් තිබූ මේ ගැටවරයාගේ පැමිණී ම අපිට විශේෂ සිද්ධියක් විය.
ගැමි පෙනුමක් සහිත  ඔහු මොනරාගල පැත්තේ රජයේ  ඇමතිවරයෙකුගේ පුතෙක් යන   රාවයක් පළමුවෙන් ම පැතිර ගියේ ය. ඒ අනුව අපි සියල්ල ඔහු හා මිතුරු වන්නට කැමැත්තෙන් සිටියෙමු. , මීට අවුරුදු කීපයකට පෙර ලංකාවේ වාමාංශික පක්ෂයක සාමාජිකයෙකු වී සිට පක්ෂයේ සෝවියට් සම්බන්දතා  නිසා රුසියාවට  ගොස් කලක් එහි ජීවත්වී ඇති අයිවන් සමරවීර නම්  සමසමාජවාද නායකයෙකුගේ   ගේ පුතෙක් බවත් පසුව මම දැනගත්තෙමි. ඔහු දුයිෂෙන් යනුවෙන් තමන්ගේ එකම පුතාට නම තබා ඇත්තේ ඔහුගේ ප්‍රියතම රුසියානු නවකතාවක චරිතයක් අනුසාරයෙනි.
6 වසරේ පන්තියේ පළමුවැනි වරට අප පාසලට පැමිණිදා  දුයිෂෙන්ට  මුලින්ම වාඩි වෙන්නට ඉඩ ලැබුනේ මා අසලිනි .පොත් බහා තියෙන සූට් කෙස් එකක් වන් රුසියානු නමක් සහිත පාසල් බෑගය හැර පොත් පැන්සල් එලියට ගන්නා දුයිෂෙන් මා දෙස බලා සිනාසුනි. ඔහුගේ පොත් අතර රුසියානු ළමා කතා පොතක් තිබෙනු මගේ නෙත ගැටුනේ අහම්බෙනි. එය සිංහල පරිවර්තනයකි.
මොකද්ද පොත? මා ඇසුවෙමි.
"අපේ තාත්තා පරිවර්තනය කරපු රුසියානු ළමා පොතක් ඕනද?
මට කතා පොත දෙන්නට පෙර පිටු අතරේ දමා තිබූ යමක් ඉවත්කර ගැනීමට  දුයිෂෙන් පිටු පෙරලන්නට විය.
 පොත ඇතුලේ දමා  තිබූ රුසියන් ජාතිකයෙකුගේ පින්තූරයක් සහිත කොලයක් එලියට ගත් ඔහු එය මට  පෙන්වමින්  මෙසේ පැවසී ය.
"මේ තමයි ලෙනින් "
ඒ පින්තූරය ජීවිතයේ කිසිදිනක අමතක නොවන පරිදි ම සිතෙහි ඇඳිණි. එවැනි පින්තූරයක් ළඟ තබා ගැනීමට මටත් ඕනෑ විය, කුඩා කලදීම පියා අහිමිව මව පමණක්  සිටි මට ඒ පින්තුරයේ සිටි  ලෙනින්ගේ සුමුදු උණුසුම් බැල්ම දකින විට මට හැඟී ගියේ, ඔහු අපට මෙසේ කියන්නාක් මෙනි. “ දරුවනේ  නුඹලා දන්නවානම් කොතරම් සුභ අනාගතයක් ද මම  ඔයාලට හදල දෙන්න හදන්නේ කියල  "එය එවැනි  බැල්මකි.  ඒ නිශ්චල මොහොතේ දී ඔහු මා ගැන සිතන්නාක් මෙන් මට දැනිණි.
දිලිසෙන පෝස්ටර් මුද්‍රණය කරන කොළයක මුද්‍රණය කැරැ තිබූ ඒ පින්තූරය දුයිෂෙන් ලඟ බොහෝ කාලයක් තිස්සේ තිබුණු බව උනන්දුවෙන් බලන විට පෙනී යයි. නැමී වලින් දියවී ඉරිතැලී   තිබූ ඒ පින්තූරය ඔහුගේ පියා රුසියාවෙන් ගෙනා එකක් බව ඔහු මට කිවේ ආඩම්බරයෙනි.
එදා සිට හැමදාම දුයිෂෙන් මා අසල  පුටුවේ වාඩි විය. එදා පටන් අද දක්වා අපි හොඳම මිතුරන්ද වීමු.
දුයිෂෙන් සමරවීර නම් නව යොවුන් තරුණ සිසුවා  අන්තර් පාසල් කථික තරඟයෙන් මුල්තැන දිනාගත් දවස මට තවමත් මතකය. දුයිෂෙන්ට උරුමව ඇත්තේ සමසමාජ පක්ෂයේ නායකයෙකු වූ  ඔහුගේ පියා අයිවන් සමරවීට  තිබූ චතුර කථිකත්වය   බව මා  දැනගත්තේ පසු කලක ඔහුගේ පියා සහභාගී වූ රුපවාහිනී සංවාදයක් නැරඹීමෙන් පසුවය.
මිතුරන් සහ ගුරුවරුන්  සියල්ලගේම හිතදිනාගත් පන්තියේ කැපී පෙනෙන සිසුවකුද වූ දුයිෂෙන් නිතරඟයෙන්ම හැම වසරකදීම පාහේ පන්තියේ නායකයාද විය.මේ නිසාම පන්තියේ පොදු ආකල්ප මෙන්ම අප තුල වූ පුද්ගලික ආකල්ප පවා සකස්වීම කෙරෙහි දුයිෂෙන් ගෙන් ඇතිවූ බලපෑම ඉතා සුළුපටු නොවේ.
කාලය ගෙවී ගියේ විදුලි වේගයෙනි. මේ අතරතුර අපි දුයිෂෙන් ගෙන් උගත් දේ බොහෝය. මේවා ඔහු සිය පියාගෙන් අහුලාගත් දේවල් විය හැකි මුත්   දුයිෂෙන් තමා කියන හැම වචනයක්ම කිවේ දැඩි විශ්වාසයෙනි. මේ වනවිට මාද ඇතුළු පන්තියේ බහුතරය ඔහුගේ භක්තිමත් අනුගාමිකයින් වී සිටියෙමු.
සැබවින්ම දුයිෂෙන් කලේ වික්‍රමයකි. පාසලට කොට කලිසම් අඳින වයසේ සිටි අපි ආවර්තිතා වගුව, වීජ ගණිතය ඉගෙනීමට පෙර සමාජවාදය ගැන රුසියාව ගැන දේවල් දුයිෂෙන් ගෙන් දැනගතිමු. අපේ දේශපාලන ශබ්ද කෝෂය තුල ඒ වන විටත් ධනේශ්වරය  ,පිඩිත පන්තිය , සමාජවාදී විප්ලව ගැන දැනුම පවා අඩංගු විය.  දුයිෂෙන්ගේ කතා වලට සවන් දුන් අපි හදවතින්ම සමාජවාදීන් උනෙමු. ප්‍රතිලාභ සාධාරණ ලෙස හැමෝම බෙදා ගත්විට දුප්පතුන් නැති හැමටම සර්ව සාධාරන ලෝකයක් තැනිය හැකියයි දුයිෂෙන් අනුව යමින්  අපි තදින් විශ්වාස කළෙමු.

එය පටන්ගත්තේ මිට වසර කිහිපයකට  උඩදී ය. ඔව්, හරියට ම ඒ අපි ශිෂත්ව විභාගයට ලිව්වට පස්සේ  ගතවෙලා ගිය හතරවෙනි අවුරුද්දේදී...
මේ අවසන් වූ වසරේ පලවෙනි වාරයේ පළමු දිනය මට අදමෙන් මතකය. මේ අවුරුද්දේ අපේ පන්තිභාර ගුරුවරයා  වුයේ කරුණාරත්න සර් ය.ඉගැන්වීමට අතිදක්ෂ ගුරුවරයෙකු ලෙස ප්‍රචලිත  ඔහු පන්තිභාර ගුරුතුමා වී පැමිණී ම නිසා ඇති වූ ප්‍රීතිය සැඟවීමට කිසිවෙකු ඉදිරිපත් නොවී ය නමුත් ඊයේ ගිම්හාන නිවාඩුවට පාසල වැසීමට පෙරදා පවා අපේ කොලු නඩය සිටියේ කරුණාරත්න සර්ගේ අදහස් පිලිබඳ විචිකිච්ඡාවෙනි. අපේ පන්තිභාර ගුරුතුමා වීමට පෙර මා කරුණාරත්න සර් දැන සිටියේ මඳ වශයෙනි. ඔහු විශ්‍රාම යාමට ආසන්න මහලු වියේ පසුවන්නෙකි. උකුස්සෙකුගේ ගේ මෙන් දිගැති ඇහිබැමි වලින් යුතු කරුණාරත්න සර් උසැති ශාන්ත පුද්ගලයෙකි.  තුඩ තුඩ රැව්දුන් කටකතා වලට අනුව කරුණාරත්න සර් තරුණ කාලයේ එක්සත් ජාතික පක්ෂයේ  සාමාජිකයෙකි. 1977 ජේ ආර් ජයවර්ධන ජනාධිපති වරයා බලයට ගෙන ඒම සඳහා ක්‍රියාකාරී දේශපාලනයේ  යෙදුණ තැනැත්තෙකි.  එක්සත් ජාතික පක්ෂ   සාමාජිකයෙකු වශයෙන් මා එදා හිතින් මවාගත්තේ  ධනවත් ආත්මාර්ථකාමී සටකපට වෙළෙන්දෙකි .මේ ශාන්ත පුද්ගලයා ඉස්සර ජේ ආර්  බලයට ගෙන ඒම සඳහා වැඩකළ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකුවැ සිටියේ යැයි හිතින් මවාගැනීමෙහි පවා මම අසමත් වීමි.

 මගේ මතකේ හැටියට එය ජනවාරි මාසයේ මුල්  හරියේ දවසක් විය යුතුය . ඒ ශීත දවසේ කරුණාරත්න සර් පන්තියේ නම් ලකුණු කිරීමෙන් අනතුරුව සුපුරුදු පරිදි අපි සමග සුහඳ කතා බහක යෙදී සිටියාය
මේ කාලය වන විට රටේ බලයට පත්වී සිටියේ සංධාන රජයකි. දුයිෂෙන් ගේ පියා අයිවන් සමරවීර ගේ නායකත්වයෙන් යුත් සමසමාජවාද පක්ෂය  ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් ප්‍රුමුක සන්ධානයකින් බලයට පත්වීම නිසා දැඩි වාමාශිකයකු වන අයිවන් සමරවීර  ට පවත්නා රජයේ කම්කරු ඇමතිකම ලැබී තිබුණි.
අපේ එදා කතාබහේ මාතෘකාව වුයේ  පෙරදා රැයේ වාද මණ්ඩලය නම්  රුපවාහිනී වැඩසටහනේදී දුයිෂෙන් ගේ පියා දැක්වූ අදහස්ය.
 විවාදයේ මාතෘකාව වූයේ ඒ වනවිට පුද්ගලික ව්‍යාපාරිකයන් ඉහිප දෙනෙකුට අයත්ව තිබූ තේ කර්මාන්තශාලා  කිහිපයක් ජනසතු කර රජයට ගැනීමට කම්කරු ඇමති අයිවන් සමරවීර ගන්නා උත්සාහයක් නිසා ඇතිවී තිබුන ගැටළුවක් ගැන මතුවී තිබුන කරුණු කාරණාය.

 “රජයේ තේ කර්මාන්තශාලා තේ අපනයෙන් ලබන ලාභය රටේ හැමෝම අතර සාධාරණව බෙදී යනවා “ යැයි දුයිෂෙන් සැණෙකින් පැවසී ය.
"පුද්ගලික අයිතිකාරයන් කිහිප දෙනෙක් ලාභය තනියම ගන්නවට වඩා  හැමෝටම සමව බෙදිලා යන එක සාධාරණයි නේද  සර්"
“ඒක එහෙම වෙනවනම් අපූරුයි දුයිෂෙන් , හැබැයි ඇත්තට කරන්න ගියොත් මේ ක්‍රමය අසාර්ථක වෙනවා කලකදී ලාභය නැත්තටම නැතිවෙලා ගිහින් වැහිලා යන්න පුළුවන්  
සේවකයන්ගේ  තියන රැකියාත් අහිමි වෙලා යන එක තමයි අවසානයේදී වෙන්නේ“
 “ඒ කොහොමද එහෙම වෙන්නේ සර් ?“ දුයිෂෙන් කලබල විය.
"දෙකයි තුනයි එකතුකරාම 5 යි වගේ පැහැදිලි ව පේන දෙයක් නේ මේ සැලසුම" 
“හරියට හරි“ පසුපස පේලියේ තවත් සිසුවෙකු  කියනු ඇසිණි.
ටික වේලාවක් නිශ්ශබ්දව සිටි  කරුණාරත්න සර් මෙසේ කීය. .
"හොඳයි අපි දුයිෂෙන් ගේ සැලසුම පරික්ෂණයක් විදියට මේ අවුරුද්දේ අහ්හදා බලමු අපේ පන්තියේ".
අපි හැමෝම මුහුණට මහුණ බැලුවෙමු 
"ඒ කොහොමද සර්" මම ඇසීමි.

හැමෝම මහන්සිවෙලා වැඩකරන්න, මම වාර අවසානයේදී  ලකුණු දෙන්නේ දුයිෂෙන් ගේ සැලසුම අනුව. ඒ කියන්නේ හැමෝම ගන්න ලකුණු එකතු කරලා පන්තියේ ළමයි ගණනින් බෙදනවා එතකොට එන සාධාරණ සාමාන්‍ය  ලකුණු ගණන  තමයි  හැම කෙනාටම ලැබෙන්නේ. කාටත් සාදාරනයි. දුයිෂෙන් කියන විදියටම   ලකුණු  පන්තියේ  හැමෝම අතර සාධාරණව බෙදී යනවා  කීප දෙනෙක්ට විතරක් වැඩි ලකුණු හම්බ වෙන්නෙත් නෑ ඒ වගේම බැලූ බැල්මට පේන විදියට කිසි කෙනෙක් ෆේල් වෙන්න විදියකුත් නෑ.
මේ අවුරුද්දේ මම ලකුණු දෙන්නේ මෙහෙමයි. ඔයාල මුළු පන්තියම ගන්න ලකුණු වල සාමාන්‍යය 75 ට වැඩි නම් A සාමාර්ථයක් හැමෝටම ලැබෙනවා. 50 ඉඳන් 75 දක්වා ගණනක් අවොත් B සාමාර්ථයක් 25  ඉඳන් 50 දක්වා C ඒ වගේම පන්තියේ සාමාන්‍යය 25 ට අඩු උනොත් හැමෝම ෆේල්. ඔයාල කැමතිද? හැබැයි
මතක තියා ගන්න ලකුණු අසුවක් සියක් උනත් ගන්න කෙනෙක් අසමත් වෙන්න පුළුවන් මේ ක්‍රමයේදී හැමෝම පන්තියක් විදියට එක සමානව උනන්දුවෙන් වැඩ කරේ නැත්නම්
මේ අලුත් ලකුණු දීමේ ක්‍රමයට විරුද්ද වූයේ සේනානායක සහ ජයවර්ධන පමණි 
දුයිෂෙන් එයින් අධෛර්‍ය්‍යයට පත් නොවූයේ, විවේක කාලයේ දිගු කතාබහක් අවසානයේ මේ ලකුණු ක්‍රමයට ඔවුන් දෙදෙනාත් එකගකරවා ගැනීමට සමත් විය.

පලමු වාරය අවසන් විය දුයිෂෙන්ගේ බලාපොරොත්තු සැබෑ කරමින් සියලුම දෙනා B සාමාර්ථයක් ලැබිය.
නිදිමරාගෙන පාඩම් කල මහන්සිවී වැඩකළ කිහිප දෙනා  තමන්ට පුද්ගලිකව  අහිමි වුන A සමාර්ථය ගැන අසතුටට පත්වී සිටියහ. අඩුවෙන් පාඩම් කරන ලද  ළමයි මහත් සේ සතුටු විය.
කාලය ඉකමනින් ගලා ගොස් දෙවන වාරයේ විභාගයද ලංවිය.
කොහොමත් පාඩම් කිරීමට උනන්දුවක් වැඩිපුර නැති අඩුවෙන් පාඩම් කරන සිසුන් පිරිස මේ වාරයේ තවත් අඩුවෙන් පාඩම් කරන ලද අතර මහන්සිවී වැඩකළ කිහිප දෙනාද මේ 

වාරයේදී කෙතරම් මහන්සි වී වැඩකලත් ලකුණු බෙදීයන නිසා  තමන්ට පමණක් පුද්ගලිකව  A සමාර්ථ ගැනීමට නොහැකි බව දත්තේ  අනුන්ගේ පානෙන්ම එලිය බැලීමට තීරණය කරන ලදුව මේ වාරයේදී ඕනෑ කමින්ම අඩුවෙන් මහන්සි විය.
දෙවන වාරයේ සාධාරණ සාමාන්‍ය  ලකුණු ගණන ගණනය කිරීමෙන් පසු සියලු දෙනා  C සාමාර්ථයක් ලැබිය.
දුයිෂෙන් සහ පරාක්‍රම හැර පන්තියේ සියලු දෙනා අසතුටට පත්වී සිටියහ.

මා කලින් කී පරිදි තෙවැනි වාරයේ අවසාන විභාගයේ ප්‍රතිපලය  අප සියල්ල පුදුමයට පත් කළේය.
සාධාරණ සාමාන්‍ය  ලකුණු ගණන ගණනය කිරීමෙන් පසු සියලු දෙනා අසමත් වී තිබුණි. සියල්ලටම ලැබුනේ F ය.
වෙනත් කෙනෙකුගේ අර්ථලාභය, ප්‍රතිඵලය, ප්‍රතිලාභය,වැදගැම්ම, ශුභසිද්ධිය වෙනුවෙන් මහන්සි වී කැපවීම කිසිම කෙනෙක් අවසන් වාරයේදී කර තිබුනේ නැත. අවසානයේදී ඉතිරිවූයේ සිත් රිදවගැනීම් සහ එකිනෙකා එකිනෙකාට දෝෂාරෝපණය කර ගැනීම පමණි,
කරුණාරත්න සර් ගේ වචන තවමත් මගේ හිසේ කරකැවෙයි. 
"මේ වගේම තමයි ළමයි දුයිෂෙන් ගේ සමාජවාදය ත් අන්තිමේදී අසමත් වෙනවා මෙන්න මේ සරල හේතුව නිසාම.   
"ප්‍රතිඵලය, ප්‍රතිලාභය ,පාරිතෝෂිකය මහන්සියේ තරමටම වැඩියෙන් ලැබෙනවානම්  මිනිස්සු දේවල් වලට වෙන මහන්සිය  වැර වෑයම වැඩියි. ජය ගන්න දියුණුවෙන්න කරන කැපවීම වැඩියි මේක මිනිස් ගතියක්  ඒත් දරුවනේ ප්‍රතිඵලය, ප්‍රතිලාභය ,පාරිතෝෂිකය රජය හරි මෙතෙන්දි නම් පන්තිභාර ගුරුවරයා වන මම මැදිහත් වෙලා හැමෝටම සාධාරණව බෙදල දෙන්න ගියාම  කිසිම කෙනෙක් ජය ගන්න දියුණුවෙන්න උත්සාහ දරන්නෙවත් ඒකට ඕනෑ කමක් ඇති වෙන්නෙවත් නැහැ."

දුයිෂෙන් ගේ මතිය මායාවක් බව වටහා ගැනීමට මට තවත් කිසිදු සංකීර්ණ පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවිය.

(ඊ මේල් හරහා පැතිරී ගිය කතුවරයකු නොමැති ප්‍රබන්ධිත ඇමරිකානු ගුරුවරයකු පිලිබඳ කතාවක් ඇසුරින් සහ දැදිගම ගුරුගිතය සිංහල පරිවර්තනය ඇසුරින් නිර්මාණය කරන ලදී)

45 comments:

  1. විස්මිත පැහැදිලි කිරීමක් කරුණාරත්න සර්ගෙන්.. ඒ සර් නියම වටහාගැනීමෙන් යුත් අයෙක්..

    ReplyDelete
    Replies
    1. හරියට දේශකයා වගේ :-)

      Delete
  2. කියලා වැඩක් නෑ මචෝ.. ඉඳලා ඉඳලා දීලා ඇරලා තියෙන්නේ කන කිස් කරලම. වෙන මක්කත් ඕන නෑ කියුබාව තමයි හොඳම උදාහරණය... වර්ථමානයේ.. අන්තීමට ඔක්කෝටම F........

    ReplyDelete
    Replies
    1. මචෝ අලුතින් එන ඔක්කොම ට්‍රැෆික් උඹගේන් ලංකාවේ ගුගල් මාතලන් වගේ?

      Delete
  3. කතාව බොහොම අගෙයි.නමුත් සම්පත් බෙදීයාමේ විෂමතාව හැකිතාක් අවම වෙනවා නම් හොඳයි. .

    ReplyDelete
    Replies
    1. මේ කතාවේ නම් පන්තියේ හැමෝටම ඩෙස්ක් එක පුටුව පොත් පැන්සල් සම්පත් හරියට බෙදිලා තිබුණ.

      Delete
  4. කාලෙකට පස්සේ
    තේරුමක් ඇති,
    කතාවක් කියලා කියන්න පුළුවන් දෙයක්
    කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. තවත් තේරුමක් ඇති දේවල් ලියන්න කරන්න දිගටම උත්සාහ කරන්නම්

      Delete
  5. awankawama niyama gon kathawak.

    ReplyDelete
    Replies
    1. අවංකවම ඇත්ත ඇනෝ my Horoscope sign is Taurus, A Bull

      Delete
  6. නියමයි උදිත... ඉතාම සංයමයකන් ස්පර්ශ කළ යුතු පැතිකඩ කිපයක්ම ඔබ ලස්සනට ස්පර්ශකර තියෙනවා. ඉතාමත් අගෙයි.

    ReplyDelete
  7. සිරාවටම එළ උදිත... ආඬි 7 දෙනා තව හොඳයි.. උන්ට නම් ජිල් බෝල හොද්දක් හරි ලැබුණා මහන්සියට ...

    ReplyDelete
    Replies
    1. ජිල්බෝල හොදි හික්ස්..මම නම් කාලම නෑ...

      Delete
  8. ///වෙනත් කෙනෙකුගේ අර්ථලාභය, ප්‍රතිඵලය, ප්‍රතිලාභය,වැදගැම්ම, ශුභසිද්ධිය වෙනුවෙන් මහන්සි වී කැපවීම කිසිම කෙනෙක් අවසන් වාරයේදී කර තිබුනේ නැත. අවසානයේදී ඉතිරිවූයේ සිත් රිදවගැනීම් සහ එකිනෙකා එකිනෙකාට දෝෂාරෝපණය කර ගැනීම පමණි,//////

    මා දුටු සැබෑ සමාජය. පක්ෂ දේශපාලන යතාර්ථය.

    ReplyDelete
    Replies
    1. බොහෝ අය ඇත්ත දැන දැන තමයි එහෙම නෑ වගේ ඉන්නේ arugeadaviya

      Delete
  9. ස්තුති දේශපාලනය ගැන ලිපි කියවීම සීමා කර ඉන්න අපි වගේ අයට රසවිදින්න සහ යමක් ලැබෙන විදියට ලිවිම ගැන... මාතලන් සින්ඩිය හරහා ආවේ මේ පැත්තේ

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් අපුර්වී

      Delete
  10. මෑත කාලයකදී කියවූ අර්ථවත් ලිපියක්.
    ස්තුතියි ඔබට.
    පාර කිව්වේ මාතලන් ලොක්ක.

    ReplyDelete
    Replies
    1. අඩේ කෙන්ජිය..you are the one and only alpha male in sinhala blog-space

      Delete
    2. හෙහ් ..හෙහ්.. :) Thanks උදිය...

      Delete
    3. yanna faceboook ekata. miniha hithan innawa miniha porak kiyala ahulala daana photo keliwala inna kellanata gahana siraa porak kiyalaa facebook inna okkoma hithan innawa kiyala. balan giyaama middleeast inna pussek. h..kala thiyenne katin witharayi. mama challenge karanawa gahapu eka baduwaka pinthura daanna kiyalaa. ethakota daana pinthure gaththe kothaninda kiyala mama comment karannam. me gonaa danne na Google image kiyala search option ekak thiyanawa kiyalaa

      Delete
  11. සහෝදර දේශපාලනය කොච්චර කෑ ගැහුවත් අන්තිමට වෙන්නේ මේක තමයි
    හොදට අඩන්න ලියලා තියනවා

    පාර කිව්වේ මාතලන්

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් විකුම්

      Delete
  12. අනුන්ගේ නිර්මාණ ගෙඩි පිටින් කොපි කරලා දාන කොට අඩු ගානෙ ඒක යන්තමින් හරි සඳහන් කළා නම් වැඩේ මීට වඩා සදාචාරාත්මකයි නේද උදිත?

    http://charlesrowley.com/2011/12/10/obama-socialism-in-action-a-classroom-experiment/

    ReplyDelete
    Replies
    1. this story was widely circulated email about fictional teacher in Texas. blogger in your link is not the original author of the story either. what you want me to say? ලින්ක් එකේ බ්ලොග් එකත් ඇත්ත නිර්මාණය කල කෙනා නොවෙයි. ඊ මේල් හරහා පැතිරී ගිය කතුවරයකු නොමැති ප්‍රබන්ධිත ගුරුවරයකු පිලිබඳ කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලදී කියන්නද ? . ඊට වඩා දරුණු විදියට මේ පොස්ට් එකේ මම ගුරුගිතය සිංහල පරිවර්තනයේ දේවල් ගෙඩිපිටින් අරගෙන තියෙන්නේ. ok ඔන්න යටින් ඇමිණුවා.

      Delete
  13. සරලයි.විශිෂ්ඨම පැහැදිළි කිරීමක්....
    හබැයි ඉතිං ලංකාවේ සහෝදර දේශපාලනයටනම් මේ කපේදී ඔව්වා තේරුම් ගන්න වුවමනාවක් නෑ!

    ReplyDelete
    Replies
    1. system එක කඩාගෙන වැටෙනකම් තේරුම් ගන්නේ නැහැ

      Delete
  14. සමාජ වාදය මම පිළිගන්නෙත් නැහැ.නමුත් රට ඇතුළේ ආදයම් බෙදී යාමේ දැඩි විෂමතාවක් තියෙන වග නම් පිළිගන්න වෙනවා.එක නිසා නේ තියෙන වුන්ට උතුරායන්නත්,නැති එවුන්ට නැත්තටම නැති වෙලාත් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඕක වෙන්නේ ආණ්ඩුව අපි සාධාරණව බෙදන්නම් කියල බෙදන්න බලය අතට අරන් තමන්ට බෙදාගන්න නිසා.

      Delete
  15. උදිත, දේශපාලනය පොඩ්ඩක් අමතක කරලා අපි නිකම් මේ ඉස්කෝලෙම උදාහරණෙ තවත් ඉස්සරහට ගෙනිච්චොත් නිකමට හිතෙන්නෙ නැද්ද, ළමයි ටික ඊලඟ වාරේ එක සමානව නැති උණත්, හැමෝම පුළු පුළුවන් හැටියට වැඩ කරලා විභාගේ ගොඩ දාගනී කියලා.

    ReplyDelete
    Replies
    1. පිටින් බලල තිසර එහෙම හිතුවට කඩන් වැටුණ අසාර්ථක system ඇතුලේ ඇත්තට ඉන්න අය ඒක දිගටම තියාගන්නේ නැහැ, තුවාලේ තියන එකා තමයි අමාරුව දන්නේ.

      Delete
  16. Guru Geethaya Newatha Kiyawanna....

    Menna Mehemai Dushein nohadunana rachakayekuge kathandara!

    Suba Aluth Auruddak Veva!

    ReplyDelete
    Replies
    1. Happy new year you too...,:-) nothing serious about my writings nirmala I am just having fun, I love you all.

      Delete
  17. අපූරු කතාව අන්තිමේදී ඇත්තටම උනෙත් මේ දේ නේද.බොහොම ස්තූතියි උදිත

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආවට හැලප කඩේ

      Delete
  18. ඔබගේ මුලු ලිපියම ඔබේ එක් කමෙන්ටුවකින් පැහදිලියි.. " nothing serious about my writings nirmala I am just having fun, I love you all."

    ReplyDelete
    Replies
    1. මචන් බුද්ධික ඒ වගේම උඹ අසාවෙන් දාගෙන ඉන්න චේ ගේ පින්තුරය මට සිහිකරන්නේ මිනී මරුවෙක් විතරයි. මිනිහ මරපු මිනී උවමනාවෙන් අමතක නොකරන කෙනෙක්ට මිනිහගේ මුණ තුල ආදරය සුන්දරත්වය වීරත්වය දකින්න බැහැ.

      Delete
    2. මචන් චේ මිනී මරැවෙක් නෙමෙයි. නියම මානව දයාවෙන් අසරණයා වෙනුවෙන් සටන් වැදුනු වීරයෙක්. උඹ චේට මිනී මරැවා කියන්නෙ චේ ආයුධ අතට ගත්ත නිසා වෙන්න ඇති. හැබැයි අපි අමතක කරන්න හොදනෑ ඒ වෙනකොට ලෝක දේශපාලන ප්රවණතාවය ‍මොකක්ද කියල...

      Delete
  19. මෙය ගෙතූ කතාවක් පමණක් බව අමුතුවෙන් කිව යුතු නෑනේ!

    ඔබ ලංකාවේදී හෝ පශ්චාත් උපාධියකට හෝකණ්ඩායම් පැවරුම්/ව්‍යාපෘති කර නැතිද?

    මගේ අත්දැකීම අනුව නම් මා සහ බොහෝ දෙනා කරන්නේ අනිත් අයවත් ඇදගෙන ඉස්සරහට යන එකයි.

    මොකද, අඩුවෙන් වැඩ කරන හෝ තමන් කළ ්‍රුතු කොටස හරියට කිරීමට නොදන්නා අය නිසා මගේ ලකුණු අඩුකර ගැනීමට මට අනවශ්‍ය යි.

    මේ ගැන මගේ අත්දැකීම් කීපයක්ම තියෙන නිසා පසුව කතන්දරයක් දෙකක් ලියන්න ඕනෑ!

    ReplyDelete
    Replies
    1. අනිත් අයවත් ඇදගෙන ඉස්සරහට යන එක එක මොහොතකට පස්සේ එපා වෙනවා ඊට පස්සේ තමයි ක්‍රමය බිඳ වැටෙන්නේ. සෝවියට් දේශය එකපාරට වැටුනේ නෑ නේ.

      Delete
    2. puka thamaa. ape profa final year project eka hodata balaagena idalaa mata A ekak saha anikwunta C saha B samaanupaathiakawa beduwa.

      Delete
  20. අපූරුයි.............!
    එක දිගටම කියව ගෙන යන්න පුළුවන් විදියට නිර්මාණාත්මකව ලියල තියෙනව.
    ජය............!

    ReplyDelete
  21. ඉතාම වටිනා ලියමනක් ස්තූතියි

    ReplyDelete