Pages

Followers

Saturday, November 16, 2013

මාක්ස් සීයා ගේ මති (Notions) බේරා ගන්නට ආ ලැකාන් පප්පා ගේ ප්‍රංශ මනෝවි(කාරය)ශ්ලේෂණය - ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාර-1

පෙරවදන -කොළඹ කේන්ද්‍රීය පශ්චාත් (රොහානියානු)නූතන වම 
ජීවිතය පුරා කිසිම දිනක කිසි රැකියාවක් නොකළ මුත් කාමරයකට වී පුස්තකාල වල ටැග් ගැහෙමින් පමණක්
වැඩකරන ජනතාව ගැන  අනුපමේය කරුණාවෙන් දයාවෙන්  (තමන්ගේ දරුවා බෙහෙත් නැතිව මිය යද්දී )
මාක්ස් සීයා විසින් රැවුල වවාගෙන ලොවට දායාද කල  මති (Notions) ක්‍රියාත්මක කරන්නට ගිය ලෝකයේ සෑම රටක්ම දේශපාලනිකව සහ ආර්ථික ක්‍රමයක් ලෙස ප්‍රායෝගිකව අසමත් විය. මේ  මති (Notions) විද්‍යාවක් හෝ න්‍යායන් ලෙස නැවත නැවත වර නගන මාක්ස් දෙවියෙකුයයි සිතන අයට මුලින්ම මතක් කර දිය යුත්තේ මුලින්ම තමන්ට සහ තමන්ගේ දරුවාට ආදරය කරන්නට නොදන්නා මිනිසෙක්ට අනුන්ට ආදරය කල නොහැකි බවයි.
අනූව දශකයේ එකතරා දවසක ලංකාවේ අමුතු පොරක් වූ රොහාන් පෙරේරාට ප්‍රංශයේ සිට පැමිණි මිතුරෙකුගෙන් ප්‍රංශ චුවින්ගම් එකක් කන්නට ලැබුණි. රොහාන් පෙරේරා හොදින් රසය උරාබී හපකොට ඉවතට විසිකරන ලද චුවින්ගම් හපය  අහුලාගත් බොහෝදෙනා පසු කලකදී මාර රසයි කියමින් රොඩ්ඩ හපන්නට විය. ලංකාවේ කොළඹ කේන්ද්‍රීය  පශ්චාත්  නූතන වම යනු  මේ රොහාන් පෙරේරා විසිකරන ලද  චුවින්ගම් හපය serious කෑමක් ලෙස ගෙන මේක ඇතුලේ මොකක් හරි තිබේයැයි සිතන අයගේ මායාවයි.
රොහාන්ගේ භාෂාවෙන් කියන්නේ නම් මෙම 90 දශකයේ පටන් ගත් වාම ප්‍රවනතාවයේ පුර්ණ විකසිත වීම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ නිර්මාල් රංජිත් දේවසිරි සහ පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහා නොපැවැත්වූ මහා විවාදයෙන් සනිටුහන්විය . දැන් මල පරවී ඇත.
 නව පානදුරාවාදය හෝ ගුත්තිල මූසිල වීනා වාදනය මෙන් මේ කොළඹ වමේ කවුරුත් පුල පුලා බලා සිටි මහා විවාදයෙන් සිංහල බ්ලොග් අවකාශය තුල වැඩියෙන්ම ආතල් ගන්න පුද්ගලයා වුයේ  w3lanka බ්ලොග් කරු අජිත් පැරකුම් මහතාය. මට අනුව මේ වමේ කල්ලි අතර  අභ්‍යන්තර ගැටුම උඩබලාගෙන කෙලගසා   ගැනීමකි. දීප්තිට ඇත්තේ න්‍යායික මති වලින් සන්නද්ධ ආයුධ ගබඩාවකි දීප්තිගේ පැරණි ගෝලයන් දැන් මේ ආයුධ ගබඩාවට වටෙන් ඉඳන් ගල් ගසමින් සිටී. නිර්මාල්ට දීප්ති සමග වාදයෙන් දිනාගත හැක්කේ කුමක්ද? දීප්ති එලවා දමා ඔහුගේ න්‍යායික ආයුධ ගබඩාව අල්ලා ගැනීමද? මේ ගෝලයන්ට දීප්තිට න්‍යායික ප්‍රහාර එල්ල කල නොහැක. එසේ කිරීම යනු තමන්ගේම නාසය කපා  ගැනීමකි.
 මා 90 දශකයේ අග X කණ්ඩායමේ පැරණි  නිවසට ආ ගිය කෙනෙකු වුවද  දීප්ති මගේ දේශපාලන මිතුරෙකු නොවේ පුද්ගලික මිතුරෙකි ඔහු මා හඳුනාගන්නේ ඉරංක නම් මගේ පුද්ගලික මිතුරෙකු සහ අනිල් හරහාය. එකල මා දැන සිටි ඔහු සුන්දර මිනිසෙකි. 
මගේ මේ ලිපිය පැරකුම් ගේ දීප්ති post මෙන් මෙම නිර්මාල් දීප්ති කල්ලි දෙක  අතර ගැටුමේ උණුසුම නිසා ලියවෙන්නක් නොවේ. ඇත්තටම මේ ලිපියට පසුබිම  වන්නේ වෙනත් දෙයකි. පසුගියදා  නිව්යෝර්ක් නගරයේ ජනප්‍රිය ප්‍රංශ අවන්හලකදී  අරුණි ශපිරෝගේ මැදිහත්වීම මත  මට අශෝක හඳගම නම් සුන්දර මිනිසා සමග රාත්‍රී භෝජනය ගැනීමට අවස්ථාවක් උදාවිය. මෙහිදී හඳයා සහ මා අතර සංවාදය   ලංකාවේ කොළඹ වමේ දේශපාලනය (දීප්ති-නිර්මාල්) ගැන මෙන්ම ෆ්‍රොයිඩ්-ලැකානියානු ප්‍රංශ  මනෝ විශ්ලේෂණය දක්වා පැතිරුණු පැය ගණනාවක සුන්දර අත්දැකීමක් විය. දෛවෝපගත ගත ලෙස මේවා අපි කතා කලේ ප්‍රංශ ආහාර වල රස බලමින්ය. මා එහිදී කි කරුණු ලියන්නයි කිවේ හඳයා ය. මේ ඔහුගේ ඉල්ලීමේ ප්‍රතිපලයකි.
 w3lanka  පැරකුම්, නිර්මාල්,ප්‍රභා ඔබලා දේශපාලන ලිපි ලියනවා කියා කරන්නේ වෙන මොකද්දෝ දෙයකි පුද්ගලික මඩ වෙනුවට  දීප්ති ගේ නයායික ආයුධ ගබඩාවට මා මේ ලිපියෙන් එල්ල කරන්නේ ඇමරිකානු  ඩ්‍රෝන් ප්‍රහාරයකි. දීප්ති මේ නිසා මා සමග පුද්ගලිකව තරහ නොවන බව මම ස්ථිර වශයෙන්ම දනිමි. ඩ්‍රෝන්  වලට නියමුවන් නැත ඒවා දශක ගණන් පැරණි වියට්නාම ගරිල්ලා Tet Offensive proof වේ. මා මෙය ටයිප් කර අවසන් වූ පසු උදිත නම් කතෘ මේ තුල නැතිබව මටත් වඩා හොදින් ඔහු දනී. යමෙකුගේ හෝ සංවිධානයක අදහස් දේශපාලනික ලෙස විවේචනය කරන්නේ කෙසේද යන්න මෙම ලිපිය දිහා බලා හෝ ඉගෙන ගන්න.
වම සහ ෆ්‍රොයිඩ්-ලැකානියානු ප්‍රංශ  මනෝ විශ්ලේෂණය 
මාක්ස්ගේ මති හරහා විප්ලව කොට මිලියන් ගණනින් මිනිසුන් මරා දමා සමාජවාදය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන ලද සියලුම රටවල් වල සමාජවාදය ප්‍රයෝගිකව අසමත් වීමෙන් පසු ජාතිවාදය වැලඳ ගැනීම හැර මොවුන්ගේ දේශපාලනයට වෙන අනාගතයක් තිබුනේ නැත. මේ අභාග්‍ය සම්පන්න ඉරණමෙන් ගැලවෙන්නට යුරෝ මාක්ස්වාදය එල්ලුනේ  ෆ්රොයිඩ්-ලැකානියානු ප්‍රංශ  මනෝ විශ්ලේෂණයේය. මෙහි ජනප්‍රිය බටහිර ප්‍රකාශකයා වමේ එල්විස් ප්‍රෙස්ලි වන ලුබ්ජානා සරසවියේ මුස්පේත්තු රැවුලක් ඇති  ස්ලාවොයි ජිජැක්ය. ලංකාවේ ජවිපෙ පවා මාක්ස්ගේ පුකට පයින් ගසා ජාතිවාදය බදා ගනිද්දී  ලංකාවේ දී රොහාන් පෙරේරා සහ දීප්ති කුමාර ගුණරත්න මේ  ෆ්රොයිඩ්-ලැකානියානු ප්‍රංශ  මනෝ විශ්ලේෂණය  භාවිතා කරමින් පණ අදින වම අඩු ගනනේ දේවාලයක් දමාගෙන හෝ යන්තම් න්‍යායිකව  ගොඩ ගන්නා ලදී. ඒ ගෞරවය දිය යුත්තේ ඔවුන් දෙදෙනාට බවවත් ජවිපෙ හෝ පැරකුම් හෝ රාමචන්ද්‍ර ඇතුළු කිසිම වමෙක් නොකියයි. වමේ එකමුතුව ඒ තරම් ප්‍රභලය. මේ දේවාලයේ තිරය එහා පැත්තේ ඇති ෆ්‍රොයිඩ්-ලැකානියානු මනොවිශ්ලේෂණය නම් සඟවා ඇති දේව රූපය තිරය කඩා දමා නිරුවත් කිරීම(සැබෑ ලෝකයේ සායනය තුල මනෝ විශ්ලේෂණය මාක්ස්වාදය මෙන්ම  ප්‍රායෝගික නොවන බව පෙන්වීම ) මෙම ලිපියේ අරමුණයි. වෙනත් විදියකින් කියන්නේ නම් වම්මුන්ගේ අවි ගබඩාවේ ඇති නෂ්ඨික අවිය වන මනෝ විශ්ලේෂණය කුඩු වෙන්නට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කිරීමයි.

ලෝකය කැරකෙන්නේ ප්‍රංශය වටේ යැයි සිතීම හෙවත් පණ අදින වම ගොඩගන්නට පණ අදින  මනෝ විශ්ලේෂණය භාවිතා කිරීම
අත්ලාන්තික් සයුරේ මා ඉන්නා පැත්තේ මානසික රෝග වලට සායනික ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ෆ්රොයිඩ්-ලැකානියානු මනෝ විශ්ලේෂණය භාවිතා වෙන්නේ කලාතුරකිනි .මනෝ විශ්ලේෂණය  ඇමරිකාවේ  මේ වන විට පණ අදින ලෙඩෙකි.  පෞරාණික කෞතුක වස්තුවකි.අත්ලාන්තික් සයුරේ අනෙක් පැත්තේ ප්‍රංශය තුල මීට සම්පුර්ණයෙන් වෙනස්ව  මනෝ විශ්ලේෂණය යනු ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ප්‍රධාන ධාරාව ලෙස සායනය තුල  තවමත් භාවිතා වෙයි. ප්‍රංශය තුල රජ කරන්නේ මනෝ විශ්ලේෂකයෝ(psychoanalysts) ය එහි 80% මනෝ චිකිත්සකයින් සායනය තුල භාවිතා කරන්නේ   ෆ්රොයිඩ්-ලැකානියානු මනෝ විශ්ලේෂණයයි අන් අයට එහි   තැනක් නොමැත. ෆ්රොයිඩ්-ලැකානියානු මනෝ විශ්ලේෂකයෝ
එහි අනෙක් මනෝ චිකිත්සකයින්ට ඔලුව උස්සන්නට දෙන්නේ නැත. මේ බුද්ධිමත් පිරිස හිතන්නේ තමන් දන්නා නයායික මුලධර්ම ක්‍රමවේදය භාවිතා කොට මිනිසාගේ හැම හැසිරීම් ස්වාභාවයක්ම කතාවක් කියන්නාක් මෙන් අර්ථදැක්වීමට තමන්ට හැකි බවයි. මේක හරියටම ලංකාවේ නලින්ද සිල්වාගේ නාථ දෙවි වන්දනාවටත් එහා ගියපු දෙයක් හරියට මේක නිකං නලින්ගේ නාථ දෙවි ප්‍රතිකාරය රාජ්‍ය අනුග්‍රහය යට‍තේ විශ්වවිද්‍යාල වල උගන්නල සෞක්‍ය අමාත්‍යාශය හරහා ක්‍රියාත්මක කරනවා වගේ වැඩක්. 
හැබැයි මේ  මනෝ විශ්ලේෂකයෝ තමන්ම පවා දන්නා දෙයක් තමයි ඔවුන්ගේ න්‍යායික ප්‍රබන්ධ කතන්දර ප්‍රයෝගිකව සායනය තුලදී මානසික ලෙඩ්ඩු සුවපත් කරන්න භාවිතාවේදී ප්‍රථිපල විරහිත බව. සරලව කිව්වොත් ලෙඩ්ඩු හොඳ වෙන්නේ නැහැ අවුරුදු ගණන් සායනය විතරයි.  මේ අය අතුරින් අතිපණ්ඩිත විදග්ධතම කොටස clinical results ඕනි කියලවත් පිළිගන්නේ නැති අති පණ්ඩිතයෝ පිරිසක්.
මා අනුව දශකයේ අග සිට 2010 පමණ වනතුරු මනොවිශ්ලෙෂණය හා අත්වැල් බැඳගෙන හිඳ ඇත 2012 වන විට මා සම්පුර්ණයෙන්ම පෙකණිවැලෙන් කැඩී ඉන් වෙන්විය. එතැන්පටන් මා දන්නා හඳුනන අයට එහි ඇති අනතුරුදායක බව පෙන්වාදී ඇත අවසන් වරට මා අනතුරු ඇගෙව්වේ හඳගම ට ය නමුත් දැන් මෙය විධිමත්ව  විෂයමුලික වීමකින්  තොරව සටහන් කිරීමට කාලය යැයි සිතමි. 
 ෆ්රොයිඩ්-ලැකානියානු මනෝ විශ්ලේෂණයේ අඳුරු පැත්ත 
 දරුවන්ගේ මානසික සෞක්‍ය ගැටළු වලට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රංශය සහ ඇමරිකාව සම්පුර්ණයෙන් වෙනස් ක්‍රම දෙකක්  භාවිතා කරයි  “Le Mur” යනුවෙන් වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කරමින්  Sophie Robert  ස්වේච්ඡතාව (autism) නම් රෝගයට ෆ්‍රොයිඩ්-ලැකානියානු ප්‍රංශ  මනෝ විශ්ලේෂණය ප්‍රංශයේ දරුවන්ට  ප්‍රතිකාර කරන අන්දමත් ඇමරිකාව තුල ඕටිසම් රෝගී දරුවන්ට  ප්‍රතිකාර කිරීම සඳහා යොදාගන්නා  PECS නම්  behavioral ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරන අන්දමත් Guillaume සහ Julien නම් ඕටිසම් ළමයි දෙදෙනෙකු ඇසුරින් අපිට පෙන්වා දෙයි. 
 මනෝ විශ්ලේෂකයෝ නඩු දමා තහනම් කර ඇති නිසා මුළු වාර්තා චිත්‍රපටිය මේ දිනවල යූ ටියුබ් හි ඉවත්කර ඇති නමුත් ලකාන් පිස්සන්ගේ සමහර ජවනිකා තවමත් තැනින් තැන නැරඹිය හැක පහත ඇත්තේ එහි ජවනිකාවකි 



කතා කරන්න බැරි ළමයින්ට කථාකර ප්‍රතිකාර කරන්නට යන කතා කරන්න බැරි ළමයින්ට සවන්දීමට උත්සාහ කරන ෆ්රොයිඩ්-ලැකානියානු මනෝ විශ්ලේෂකයෝ මොන තරම් විහිලු සහගත දැයි තේරුම් ගැනීමට මනෝ විශ්ලේෂණයේ එල්ලී සිටින  ලංකාවේ නව මනෝරාජික වම්මු සියලුම දෙනා අනිවාර්යයෙන් මෙම චිත්රපටිය නැරඹිය යුතුය.
ෆ්රොයිඩ්-ලැකානියානු මනෝ විශ්ලේෂකයින්ට මේ දරුවන්ගේ සුවවීම එතරම් වැදගත් කාරණයක් නොවේ ඔවුන්ට වැදගත් වන්නේ තමන්ගේ මහා බුද්ධිමත් මනොවිශ්ලෙෂණ න්‍යායන් ලෝකයට ඉදිරිපත්කිරීම පමණි.  මිට වෙනස්ව ඇමරිකානු ක්‍රමයේදී එම දරුවා ප්‍රතිකාර පටන්ගත් පළවෙනි දිනයේ සිට සුවවෙන්නට පටන් ගනී.
මාක්ස්වාදය දේශපාලන  ආර්ථික  ක්‍රමයක් ලෙස ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නැගීමට ගිය සෑම උත්සාහයක්ම හැමවිටම හැම රටකමදීම අසාර්ථක විය වම්මුන්ට මෙය අදාළ නැත ඔවුන්ට අවශ්‍ය මාක්ස් ගේ මතිය සමග න්‍යායික ස්‌වයං වින්දනයේ යෙදීම  පමණි ෆ්රොයිඩ්-ලැකානියානු මනෝ විශ්ලේෂකයින් යනුද මෙවැනිම පිරිසකි සායනික ප්‍රතිපල ඔවුන්ට වැඩක් නැත ලෙඩා සුව උනත් නැතත් තියරිය නිවරිදියයි පොත් වල මතියක් ලෙස ඔවුන් ඔප්පු කරයි. ඉතින් මේ දෙකේ එකතුව ගැන කුමන කතාද? මාක්ස්වාදය මෙන්ම ෆ්රොයිඩ්-ලැකානියානු මනෝ විශ්ලේෂණය යන්නද මේ යුගයේදී මහා විහිළුවකි. මෙය තේරුම් ගැනීමට පොත් සිය දහස් ගණනක් හැදෑරිය යුතු නැත Sophie Robert ගේ චිත්‍රපටිය බැලීම  පමණක් සැහේ

මෙම චිත්‍රපටිය සම්බන්දයෙන් නිව්යෝක් ටයිම්ස්හි පළවූ ලිපිය මෙතනින් බලන්න .

by ©Uditha Meegahathenna