Pages

Followers

Friday, June 14, 2013

වර්ගවාදී නොවන ලෙස බෙදූ ප්‍රාන්ත දෙකක ලංකාව || Non-Racist Two-State Solution-රැඩිකල් වෙනසකට යෝජනා -2

 රට ජනවාර්ගික පදනම මත බෙදන ජාතිවාදී දෙමල ඊළාම් වෙනම රාජ්‍යය වෙනුවට වර්ගවාදී නොවන විකල්ප රටබෙදීමේ සිහිනයක් මට ඇත. (non-racist alternatives to the Tamil Eelam)  දැන් ඕනෑ නම් ඉතිරි හරිය නොකියවාම රට බෙදන්න යනවා යැයි කියා  දේශප්‍රේමී බොග බල සේනා පොලු මුගුරු ගෙන මා සොයා එන්නට පුළුවන. මට මගේ බොහෝ බ්ලොග් සටහන් ලියවෙන්නේ මාතලන්ගේ බ්ලොග් අඩවියේ ලිපි වලට සමගාමීවය  ඇනෝ මල්ලිලාට අනුව මේ එකිනෙකාගේ පිට කසාගැනීම්ය. නමුත් එයට හේතුව ඔහු ලියන බ්ලොග් සටහන් මා නොවරදවා කියවන බැවිනි. ඒවා ඇත්තටම මා කියවන්නේ බරපතල දේශපාලන ලිපි ලෙස නොව ඒවා මට විනෝදය සපයන බැවිනි. මම මේවා ලියන්නේද ඉන් මට විනෝදයක් ගෙනෙන නිසාය.  බොහෝ බරපතල සීරියස් දේශපාලනික කතා කියන අයද නොකිව්වාට ඔය හැම බරපතල කතාවක් යටම ඇත්තේ මේ රහසයි. විනෝදයට sex කලවිට සමහර විට ළමයි හම්බවෙන්නද පුළුවන. අපි විනෝදයට ලියන දේවල් වලින් ළමයි හම්බවිම මගේ අරමුණ නොවුනත් අතුරු පලයක් ලෙස කවුරුන් හෝ කවදාක හෝ වැඩක් ගත්තොත් එයින් අවැඩක් ද  සිදු නොවේ. බ්ලොග් සටහන් වලින් මොකක් හරි දෙයක් විය හැකි බවක්    සිංහල බ්ලොග් අවකාශයේ සමනලුන්ගේ ත‍ටු සැලීම.....යනුවෙන් සටහනක් මයියා ගේ බ්ලොග් අඩවියේ පලවී තිබුණි. ඉතින් මම මගේ විනෝදය තකා ලියමි. කවුරුවත්  මේවා දැනට සීරියස් ගත යුතු නැත.
දේශපාලන ප්‍රශ්නයකට විසඳුම් දේශපාලනිකව සොයනවා වෙනුවට පරිපාලන විසඳුම් යෝජනා කරනවා යැයි මෙහිදී මගේ වාමාශික  මිතුරන් කියන්නට පුළුවන. එයට කියන්නට ඇත්තේ ප්‍රභාකරන් දෙමල ජනතාවගේ දේශපාලන ප්‍රශ්නය යුද්ධ කිරීම නම් ක්‍රමය හරහා දේශපාලනිකව විසදාගන්නට 30 වසරක් තිස්සේ  උත්සාහ කර  පරාජයට පත් විය. යුද්ධ පරාද වීම යනුද දේශපාලන ප්‍රශ්නයක් දේශපාලනිකව පරාජය වීමකි. හිට්ලර් පරාජය වීමෙන් පසු ජර්මන් නාසිවාදය තවදුරටත් දේශපාලන ප්‍රශ්නයක් නොවේ එය අදාළ නොවේ. එය ඉන්පසු කෙලවර වූයේ  යුදෙව්වන්ට  ඊශ්‍රායලය නම් තමන්ගේම රටක් තනාදීමෙන්ය. මෙය යුද්ධයෙන් පසුව ආ පරිපාලනික විසඳුමකි.
මෙම ලිපිය මා මිට කලින් ලියන ලද "පළා බබා අපිට එපා" සහ මා යෝජනා කරන ලද "නව A6 අධිවේගී මාර්ගය - රැඩිකල් වෙනසකට යෝජනා -1" ලිපියට කෙලින්ම සම්බන්ධ වෙන බැවින් ඒවා නොබැලු අය මෙම අදහස සලකා බැලීමට පෙර එම ලිපි දෙක කියවන්න. එම ලිපියෙන් මම යෝජනා කරන ලද අධිවේගී මාර්ගය යනු මම අද ඉදිරිපත් කරන ජන වර්ගවාදී නොවන ලෙස පරිපාලනික කලාප ලෙස පමණක් බෙදුන විකල්ප ප්‍රාන්ත දෙකකින් සමන්විත  ලංකාවේ ප්‍රාන්ත වෙන්වෙන දේශසීමාවයි. ඉන්පසු මගේ සිහින ලංකාව  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නොව එය හැදින්විය හැක්කේ  "එක්සත් ද්වීජනපද ශ්‍රී ලංකාව ." ලෙසය.

මා මෙසේ ලංකාව දෙකට බෙදන්නේ මිනිස්සුන්ට මිනිස්සුන්ට අවශ්‍ය සේවාවන් පහසුවෙන්  ගන්න වැනි එනම්  ඩ්‍රයිවින් ලයිසන් එක ගන්න එක, පාස්පෝට් ගන්න එක, අයිඩෙන්ටිය ගන්න  වැනි මිනිස්සුන්ට අවශ්‍ය සේවාවන් සපයා ගැනීම පහසු කරන පරිපාලන අරමුණු සඳහාවත් බලය විමධ්‍යගත කිරීම නම්  සංකල්පය සාක්ෂාත් කරගැනීම  සඳහාවත් නොවන බව  මුලින්ම සඳහන් කල යුතුය. ලංකාව වැනි පුංචි රටක ඕවා කිරීම සඳහා අවශ්‍ය වන්නේ සුදු අලි වැනි රටේ ධනය කබාසිනියා කරන පළාත් සභා වැනි ආයතන නොව  මොලේ තියන දේශපාලකයින් සහ පරිගණක ඉංජිනේරුවන් ගෙන් වැඩ ගැනීම සහ රජයට  අධිබල පරිගණක නෙට්වර්ක් එකක් පමණි. පළාත් සභා  වල ඉන්නා කසිප්පු දේශපාලකයින් නඩත්තු කරන මුදල් වලින් අපේ රටේ ඉන්නා අති දක්ෂ පරිගණක ඉංජිනේරුවන් ට  මිනිස්සුන්ට අවශ්‍ය සේවාවන් සපයා ගැනීම පහසු කරන ක්‍රම දියුණු රට වල මෙන් සැදීමට අවශ්‍ය වෙන්නේ රටේ  පළාත් සභා වලට වැය කරන ධනයෙන් සුළු ප්‍රතිශතයකි. මිට අමතරව  බලය විමධ්‍යගත කිරීම නම් සංකල්පය ලංකාව වැනි රටකට  මොනතරම් විකාර වැඩපිළිවලක් ද   යන්න සී . ඒ , චන්ද්‍රප්‍රේම මහතා ගැඹුරින් පෙන්වා දී ඇති නිසා එය මම කතා නොකරමි. මගේ ප්‍රාන්ත දෙකේ ලංකාවේ අරමුණ මේ දෙකම නොවේ.
මා මේ විසඳුම යෝජනා කරන්නේ
1. යුද්ධයෙන් පසු අපිට ශිෂ්ඨ ජාතියක් ලෙස  අන්තර්ජාතිකව අපේ ප්‍රතිරූපය නැවත දිනා ගෙන රටක් ජාතියක් ලෙස නැවත ලෝකය තුල ගෞරවයෙන් සදාචාරාත්මක ලෙස පෙනී සිටීම සඳහා මාවතක් ලෙස මෙන්ම දැන් ඉතිරිව සිටින ජාතිවාදී දෙමල බලලෝභී දේශපාලකයින් නිරුත්තර කිරීමට සහ පළාත් සභා නම් සුදු අලියා අහෝසිකර එළවීමට මාර්ගයක් විවර කර ගැනීමට.  (දේශපාලන අරමුණ)
2. ප්‍රාන්ත දෙක අතර බිහිවෙන ආර්ථික සහ සමාජීය තරඟය නිසා වඩාත් සෞභාග්‍යයමත් රටක් ඉක්මනින්  බිහිවෙන නිසාය.(ආර්ථික හා සමාජීය අරමුණ)
 සිංහල ජනතාවට සහ දෙමල ජනතාවට ජනවාර්ගික පදනම අනුව භුමිය සහ බලය බෙදා වෙන් කර නොගෙන  සහයෝගයෙන් සහ සාමයෙන් එකට විසිය නොහැකිය යන්න මිත්‍යාවකි. මෙය කිව හැක්කේ කිසිදා කොළඹ ගොස් නැති කෙනෙකුට පමණි.
ජනවාර්ගිකත්වය පදනම් කරගෙන භුමිය  සහ බලය බෙදන පළාත් සභා ක්‍රමය හෝ දෙමල ඊළාම් රාජ්‍ය හෝ වෙන ඔනෑම ක්‍රමයක්  සමාන වන්නේ වර්ගවාදයටයි. ( Provincial Councils, Tamil Eelam , any   racist alternatives, Equals Racism:) මා ලංකාව ප්‍රාන්ත දෙකකට බෙදන්නේ ජනවාර්ගික පදනම අනුව නොව කොළඹ සහ ත්‍රිකුණාමලය වරායවල් යා කරන සරලරේකා මාර්ගය ප්‍රාන්ත දේශසීමා ව ලෙස පමණක් සලකා සංකේතාත්මක  ආර්ථික සමාජීය අන්තර්ජාතික රාජතාන්ත්‍රික දේශපාලනික සංකල්පයක් ලෙස කෘතිමවය. වෙනත් විදියකට කියන්නේ නම් අපේ වාර්ෂික මහා ක්‍රිකට් ගැටුම ඉන්පසු උඩ ප්‍රාන්තය සහ යට ප්‍රාන්තය අතර මහා මංගල්‍යක් ලෙස සිදුවන්නක් මිස ඉන්දියානු IPL කොපියක් නොවේ.

කෙනෙකු මේ මොහොතේ මා මේ කියන දෙය “out of the box” විකාරයක් ලෙස හිතෙන්න පුළුවන් ඒත් අපේ රටේ  පළාත් සභා වල ප්‍රාදේශීය සභා වල පාර්ලිමේන්තුවේ ඉන්නා මිනිසුන් මුකුත්ම නොකර තමන්ට අදාළ කිසි දෙයක් නොකර ඉන්නා නිසා මගේ මේ හීතලට පේන “out of the box” සිහින වලට වැදගත් කමක් තියනවා කියල මට හිතෙනවා.  ඒක නිසා මේ සිහිනය බරපතලව ගන්නා රටට ආදරය කරන මේක කියවන කීප දෙනාට මගේ මේ සිහිනයේ න්‍යායික පදනම පැහැදිලි කරන්නම්.
ජාතිවාදීන් වර්ග දෙකක් ඉන්නවා අමු වර්ගවාදීන්(බොගබල Nazi ෆේස් බුක් සේනා ,ඊළාම් කොටි ) සහ සංස්කෘතික ජාතික වාදීන්(නලින්ලා,චම්පිකල සහ මම නම් නොදන්නා දෙමල සංස්කෘතික ජාතික වාදීන් ) . මෙහි මුලින් කිවූ බොගබල Nazi ෆේස් බුක් සේනා ,ඊළාම් කොටි මා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේපකරනව විරුද්ධයි ඒකට හේතු දක්වන්නවත් ඕනෑ නැහැ කියලයි මම හිතන්නේ. දෙවැනි ලෝක යුද්දේ ඉවරවෙලා දැන් ගොඩක් කල් නේ ජර්මන් නාසි වාදය වගේ දෙයක් ගැන දන්නවනම් මේ මුකුත්  නොදන්න බබාලට උත්තර දෙන්න 2013 පරක්කු වැඩියි.ඒක නිසා මෙතැන් සිට ඔවුන් නොසලකා හරිමි. නමුත් නලින් ල චම්පිකල ලේසියෙන් මගාරින්න බැහැ . මොකද මේ ජාතික චින්තක සංස්කෘතික ජාතික වාදීන් ගේ තර්කය   නූතන ලිබරල් දෘෂ්ටිකෝණයකින්  පවා යම් තාර්කික බවක් පෙන්වලයි ඔවුන් තර්ක කරන්නේ. ඒ නිසා මේ පළාත් සභා ,දෙමල වෙනම රාජ්‍ය, බලය සහ භුමිය ජනවාර්ගිකත්වය මත බෙදා ඉල්ලීමේ දී සහ බෙදා නොදීමට ඉදිරිපත්විමේදී මේ ජාතික වාදීන් ඉන්නා ස්ථාවරය සහ සහ මගේ මේ ප්‍රාන්ත දෙකේ යෝජනාවට අදාලව මා ඉන්නා ස්ථාවරය මම න්‍යායිකව පැහැදිලි කරන්නම්.
සංස්කෘතික ජාතිකවාදය - Cultural nationalism
මේ අය දෙමල හෝ සිංහල වුවද කෙතරම් එකිනෙකා සම්මුතිගත නොවුවද දෙපැත්තටම ඇත්තේ  කියන්නේ එකම තර්කයකි මේවා ඉතා රසවත්ය  නලින් ජාතික චින්තනය ගැන කියන දේ ඕනෑම සිංහල බෞද්ධයෙකුට කනේ මි පැණි දානවාක් මෙන් නොවේද? ඒවා කියවන විට මට නම් පොඩි කික් එකක් දැනෙයි. තාර්කිකය රසවත්ය  දෙමළ ජාතීන්ටද ඔවුන්ගේ  නලින් සිල්වා කෙනෙක් ඇත්නම් දෙමල ජාතික චින්තනයේ දේවල්  ඒවා ඔවුනට එසේම රසවත් විය යුතුය. දෙමල ජාතික වාදීන්මේ අපේ දෙමල සංස්කෘතික උතුරයි ඒ නිසා  බලය බෙදා දෙන ලෙස ඉල්ලයි සිංහල ජාතිකවාදීන් බලය බෙදා නොදෙන්නෙමි මේ අපේ සිංහල රටයි කියයි හැබැයි දෙපැත්තම කියන දේ ඔවුන්ගේම තර්කයට අනුව දෙපැත්තටම එකසේ සත්‍ය බව දෙපැත්තම පිලි නොගනියි. දෙපැත්තම කියන්නේ මෙවැන්නකි සිහල බෞද්ධ සංස්කෘතිය /දෙමල සංකෘතිය නිසා එම අදාල ජනතාව එම ඔවුන්නට ආවේනික සංස්කෘතික වත් පිළිවෙත් වල නිදහසේ යෙදීම නිසා  ඔවුනට විශාල සතුටක් ලැබේ.   .
මෙතනට එනකං ඔවුන් දෙගොල්ලෝම නිවැරිදිය. මෙතනින් පසු ඔවුන් මෙයට රාජ්‍යය සහ බලය  පටලවා ගනී. අවුල ඇතිවන්නේ ඉන් පසුවය.
රාජ්‍යය සහ බලය මෙයට ආඳා ගැනීමට ඔවුන් කියන්නේ  මෙවැන්නකි සිංහල බෞද්ධයා විඳින සතුට අපි තවත් වැඩි කරනවා රාජ්‍ය/බලය යොදාගෙන  අදාළ සංස්කෘතියට රාජ්‍ය අනුග්‍රහය දක්වලා. මේ නිසා මිනිස්සුන්ට හැකිවෙනවා  තමන්ගේ සංස්කෘතික වත්පිළිවෙත් වල යෙදීලා ඒවා ඉදිරි පරම්පරාවට යවන්න.දෙමළ ජාතිකවාදීන් ද  වෙනම බලය ඉල්ලන්නේ මෙයටමය.මෙහිදී එක ප්‍රදේශයේ අධිපති සස්කෘතියක්  රාජ්‍ය/බලය යොදාගෙන තමන්ගේ අරමුණු සහ ස්ථාවර භාවය ආරක්ෂාකර ගැනීමයි. මෙහිදී රාජ්‍යයේ රටේ අරමුණු , පුද්ගලයාගේ අයිතීන් සහ ස්ථාවරත්වය අවතක්සේරු වේ.මේ දෙගොල්ලොගෙම සහ මගේ නයායික වෙනස සලකුණු වෙන්නේ මෙතැනිනි. මෙම ජාතික චින්තනය අමිශ්‍ර ලිබරල්වාදී සංකල්ප වලට දක්වන ප්‍රතිවිරෝධතාවය මෙයයි.  මම පිළිගන්නා අන්දමට   රාජ්‍ය/බලය  පැවතිය යුත්තේ ආගම ජාතිය නොසලකා රටේ හැම මිනිසුන්ගේම අරමුණු සහ ස්ථාවරත්වය තහවුරු කරගැනීම සහ පුද්ගලයාගේ අයිතීන් තහවුරු කිරීමට මිස එක එක සංස්කෘතීන් ජාතින් වල අරමුණු සහ ස්ථාවර බව ආරක්ෂා කිරීමට නොවේ. (state/power to defend and support the goals and stability of the state, the  rights of the individual not particular cultures.)
මෙය තේරෙන උදාහරණයකින් කියන්නේ නම් මෙවැන්නකි.  සිංහල බෞද්ධයාට රාජ්‍ය/බලය ඇති පළාතක පන්සලක හැම පෝයටම පෙරහැරක් යනවා යැයි හිතන්න. එවිට රාජ්‍ය අනුග්‍රහය යොදලා හැම පෝයකටම ඒ   පැත්තෙන් යන ප්‍රධාන පාර අදාල සිංහල බෞද්ධ සංස්කෘතිකමය වත් පිළිවෙත සඳහා  වහන්න බලය යොදවනවා. අවසර දෙනවා. දැන් පොදු  පාර සිංහල දෙමල මුස්ලිම් හැමෝටම අයිතියි නමුත් අනෙක් ජාතින් අනිත් ආගම් ඒක ඉවසන්න වෙනවා. දෙමල ජාතිකවාදීන් කියන්නෙත් මේකම තමයි අපිට යාපනේ උතුරේ වෙනම රාජ්‍ය  බලය අපිටම දීපන් එවිට ඔවුනට කෝවිලේ සංස්කෘතික උත්සවයට අනික් මිනිසුන් ආගම් ගැන නොසිතා පොදු පාර බලය යොදා තමන්ට ඕනෑ හැටියටඕනෑම දවසක  වසා දැමිය හැක.
මෙවැනි ජාතික චින්තන වාදී දෙමළාට සහ සිංහලයාට මට කියන්නට ඇත්තේ මෙවැන්නකි  ඔබලාට සංස්කෘතිකමය අවශ්‍යතාවයන් සඳහා රාජ්‍ය බලය යොදාගන්නවා වෙනුවට ඒවා පුද්ගලික අවකාශය තුල කරන්න. රාජ්‍යය ඇත්තේ  පුද්ගලයාගේ අයිතීන් තහවුරු කිරීම සඳහාය.එක එක සංස්කෘතීන් ජාතින් වල අරමුණු සහ ස්ථාවර බව ආරක්ෂා කිරීමට නොවේ.
මම  රටේ ආර්ථික, සමාජීය සහ රාජතාන්ත්‍රික හේතු නිසා සංකල්පීය ලෙස රටේ ආර්ථික සමාජීය සුභ සිද්ධිය තකා මෙවැනි නව තාලයකට  වර්ගවාදී නොවන විකල්ප ක්‍රමයකට රට බෙදන්නට කැමැත්තෙමි   නමුත් එක එක ජාති ආගම් සංස්කෘති වල වත් පිළිවෙත් ස්ථාවරත්වය සඳහා අනෙකුත් පුද්ගලයින් මත බලය යෙදවීම සඳහා ජනවාර්ගික පදනම මත බලය බෙදීමට අකමැතිය.
by ©Uditha Meegahathenna

29 comments:

  1. උදිත මෙතන මට වඩා ප්‍රජාතන්ත්‍රවාදීයි. මම නම් කොටස් දෙකකට බෙදනවටවත් කැමති නෑ. නමුත් මේ රටේ ආර්ථික මධ්‍යස්ථාන පිහිටුවිය හැකි ප්‍රදේශ ගනනාවක් තිබෙනවා. හම්බන්තොට දියුණු කරණවනම්, දැන් ඒ පැත්තේ වරායයි, ගුවන් තොටුපලයි දෙකම තියෙනවා. නමුත් ආර්ථික වැඩ පිලිවෙල බිංදුවයි. මේ පැත්තේ තියෙන්නේ මුඩු ඉඩම්. කිසිම ප්‍රයෝජනයක් නැති. නිදහස් වෙළඳ කළාපයකට සුදුසුම ප්‍රදේශය. ජෙම්ස් පැකර්ට දෙන බදු සහන දීලා. මේ ප්‍රදේශයම ආයෝජන කළාපයක් කලා නම් ගලා එන ආයෝජන ප්‍රමාණය අති විශාලයි. ඒත් ඇයි ආයෝජකයන් නෝන්නේ. හේතු ගොඩයි,
    අධුක කොමිස් මුදල්,
    පරිපාළණමය ගැටළු,
    නීතීමය ගැටළු,
    අනව්ශ්‍ය ළිපි ලේඛන හා රස්තියාදුවීම්,
    ඉහළ විදුලි බිල,
    ඔය වගේ කරුණු තව රාශියක් තියෙනවා. මියන්මාරයට අද ආයෝජකයෝ ගලාගෙන එන්නේ ඇයි. අපි හොයලා බලන්න ඕන ඒවා. ඒවට විසඳුම තමයි. කටුනායක වගේ ආයෝජන කළාපය අපිම හදලා, කර්මාන්තශාලා අපිම හදලා ඇවිත් පටන් ගන්න විතරයි තියෙන්නේ කියන එක. ඒ දේ කරන්න පුළුවන් නායකත්වයක් තියෙද්දිත්. මේ රට අගාදයටම යන එකයි අපිට තියෙන දුක.

    මහින්ද මහත්තයට අපි වගේ උපදේශකයෝ ටිකක් හිටියනම්, මේ රට තවම උනත් දියුණු කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමෙයි. රජයේ හිඟන්නෝ අඩු කරලා. අපේ ආයෝජකයන්ටත් ඒ සහන ඒ ආකාරයෙන්ම දිය යුතුමයි.. ප්‍රේමදාස මහත්තයා දුන්නා වගේ.. ගාමන්ට් ගමට ගෙනිච්චේ එහෙමයි. අද ඒවා වහලා දාලා. අද ගමේ කෙල්ලොන්ට මහින්ද මහත්තයගේ ගෝලයෝ බොතල් හවුස් වල තමයි ජොබ් දෙන්නේ. දැන් ඒවටම වෙනම ඉස්කෝලත් තියෙනවා කියලා පත්තරේ තිබුනේ...

      Delete
    2. මේ දාන්නේ උදිත අද කකාට දාපු කමෙන්ට් එකමයි. අලුතෙන් කියන්න දෙයක් නැ.

      හැමදාම ඔඩු දුවන එකම ගැටලුව. මේ රටේ පාළන බලතල දෙමළ මිහිහාටත් දෙනවද නැද්ද යන්න. එහිදි ජාතිවාදි බලවේග මේ දේට කවදාවත් කැමතිවෙන්නේ නැ. ඒත් ඉන්දියාව පෙරටු කොටගෙන බටහිර අධිරාජ්‍යවාදීන් දෙමළ යනයාට ස්වයං නීර්ණ අයිතිය දෙන්න බල කරනවා. ඉන්දියාව ඒ බල පෑම කරන්නේ එයාලගේ ස්ථාවරත්වයට. තමිල්නාඩුවේ ශක්තිය ඒ අය ලබා ගන්න. බටහිරයන් මේ බලපෑම කරන්නේ අපේ භූමියේ වටිනකම ඒ අයට වක්‍රව ලබාගන්න.
      ඒත් අපේ රටේ පාලන බලය ලබාගන්නා කෙනාට මේ හැමදේටම කන් දෙන්න වෙනවා. බලය බෙදා හරිනවා කිවුවොත් දකුණේ ජාතිවාදීබලවේගවල ජන්දය නැතුව යනවා. එවිට ආණ්ඩුවක් පිහිටුවන්න බෑ. ඉතින් උන් එක්ක ආණ්ඩු පිහිටුවාගන අනාගන්නවා.
      මෙතැනදී කළ යුත්තේ එකම දෙයයි වෙන මොනම කොන්දේසියක්වත් නැතුව බලය බෙදනවාට කැමතිද නැතිද යනුවෙන් ජනමත විචාරණයකට යාමයි. එයින් ජයගන්නා වැඩි මතයට අනුව කටයුතු කිරීමයි. එම මතයට විරුද්ධව පසුව කිසිම උද්ඝෝෂණයක් හෝ විරෝධතාවක් පැවැත්වීමට නොහැකි ලෙස වගන්ති ඇතුළත් කොට ජනමත විචාරණය පැවැත්විය යුතුයි.
      පත්වන කිසිම නායකයෙක් කැමති නැ රට වෙන් කළේ තමා යැයි ඉතිහාසයේ නරක නාමය ගා ගන්න.
      ඒ වගේම තමයි අපේ නායකයන් හැම දෙනාම වගේ මේ විදියේ සෘජු ජනමත විචාරණයකට යන්නෙත් නෑ. ඒ මන්ද යත් එවන් මතයකින් පසු තමන්ට බලය ලබාගැනීම ගැටලුවක් වන නිසා. ඔන්න ඔය හේතු නිසා තමයි මඩ පුවක් ගද එන්නේ.
      දෙකෝටියටක් ජනතාවක් එකවර සැනසිය නොහැකියි. අඩුම තරමින් වඩාත් වැඩි පිරිසක් කැමති දේ ක්‍රියාවට නැංවිය හැකියි.
      බලය බෙදමුද නොබෙදා මේ විදියට යමුද?

      Delete
    3. ....මෙන්න බලපල්ලා ස්ක්‍රීන් ශොට් දාන "අවජාතක" කියලා බ්ලොග් එකක් අළුතෙන් පටන් අරන්. මාර කේස් එක. ...ඔයා මේක ගැන හිතන්නේ මොකද ?

      http://avajathaka.blogspot.com

      Delete
  2. එක්සත් ද්විපදය

    ReplyDelete
  3. ලියන්නේ උඹේ ආතල් එකට තමයි .ඒත් මචන් උඹල දෙන විසඳුම් ලංකාව 0 ඉඳන් කරන්න පුලුවන් දේවල් මිසක් මේ ඉන්න තත්වය , ජාත්‍යන්තර වටපිටාව ආදිය අනුව කියන දේවල් නෙවෙයි . උදාහරණයක් විදිහට මහින්ද උතුරේ ඡන්දය තියෙන්නේ දෙමල ජනතාවට මොන ලබ්බක්වත් දෙන්න හිතාගෙන නෙවෙයි ඉන්දියාවෙන් , ජාත්‍යන්තරයෙන් බේරෙන්න . ඉස්සෙල්ල මහින්දට ගැටේ ලිහා ගන්න උපදෙසක් දියන් . දේශපාලනයේ තීන්දු තීරණ පියවරෙන් පියවර මිසක් එක්වර සම්පූර්න පරිවර්ථන කරන්න ගන්න පුලුවන් ඒවා නෙවෙය්

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයා තීරණයකට එන්න ඕන. එයා පොදු රාජ්‍ය ආතල් එක ගන්නවද නැද්ද කියලා. ඒ උඩ තමයි උතුරෙ පලා බබා තීරණය වෙන්නේ. මේක අර කොස් ගහේ ඇඩ් එක වගේමයි.. එක්කෝ..

      කොස් ගහ කපන්නම වෙනවා..
      නැත්නම් වැට මේ පැත්තෙන් ගහන්න වෙනවා...

      මම හිතන්නේ දෙවනි එක තමයි කරන්න වෙන්නේ...

      Delete
    2. මේක ස්පිල්බර්ග් ගේ චිත්‍රපටියක් වගේ ප්‍රබන්ධයක් තමයි බුවා ඒත් පොයින්ට් එක වැලිඩ්. මෙතන ගන්න ඕනෑ ජාත්‍යන්තර වටපිටාව එක්ක ගනුදෙනු කරන කොට වර්ගවාදී විදියට බලය බෙදන එක ජාතිවාදී බව ඇමරිකාවට වුනත් පිළිගන්න වෙනවා. ඇමරිකාව උනත් කල්ලොන්ට වෙනම ස්ටේට් එකක් දෙයිද?

      Delete
  4. මෙලෙස ඉරිගසා බෙදා වෙන්කර ප්‍රාන්ත ආණ්ඩු තනාගැනීම වර්ග කිමී 65,610 ක රටකට තරම් නොවේ. එහෙත් පරිපාලනමය කලාප වශයෙන් බෙදී වෙන්කර පවතවාගනීම අකාර්යක්ෂම අභ්‍යන්තර ප්‍රවාහන පද්ධතියක් සහ පරිපාලන පද්ධතියක් සහිත මෙවන් රටකට ඉතා යෝග්‍යය.එහෙත් ඊට සමගාමීවම සියලු ජනවර්ගයන් විසින් එකිනෙකා පිළිගැනීම සහ යම් සාධාරණ සම්මුතියකට යටත්ව එක රටක් තුල ජීවත්වීමට සුදානම් විය යුතුය.මේ රටේ ඇත්තේ
    1 ආර්ථික ප්‍රශ්නය
    2 භාෂාව සංස්කෘතිය ආගම් ප්‍රශ්නය
    ලෙස සරලව ලඝු කළ හැකි අර්බුද 2කි. එහෙත් අප ආර්ථික ප්‍රශ්නය ජයගත් විට 2 වන ප්‍රශ්නය ඉබේම කුණු බක්කියට වැටෙනවා ඇත..

    ReplyDelete
    Replies
    1. තවදුරටත් කියනවනම් 2 වැනි ප්‍රශ්නය පලවෙනි ප්‍රශ්නය විසින් වගාකරපු එයින් පෝෂණය වන එකක් ඇත්තටම එහෙම දෙයක් ගැන වද වෙන්න උවමනා නැහැ.එත් යම්යම් පරිපාලනමය බලතල එක්ක මේ රටේ බලය බෙදා හරිය යුතුමයි.එය මීට වඩා පලදායි කාර්යක්ෂම ක්‍රමයක් වෙන්න ඕන.

      Delete
    2. පරිපාලනයට තියන ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශීය සභා හොඳටම ඇති පළාත් සභා සුදු අලියෙක් විතරයි. මේ පළාත් සභා අහෝසි කරන්න අපිට ඉන්දියාව ප්‍රමුඛ බටහිර ඉඩ දෙන්නේ නැහැ. ඒකට මේ ධනාත්මක ගුලියක් විතරයි මම යෝජනා කරන්නේ මහ ඇමතිලා 9ක් වෙනුවට 2ක් නරකද මෙහෙම මොකක් හරි දෙයක් නැත්නම ඉතින් අනිත් විසඳුම තමයි යුද්ධේ කළා වගේ චීනේ එල්ලිලා ආයේ පළාත් සභා අහෝසි කරන එක.

      Delete
    3. පළාත් සභා අහෝසි කිරීම එහෙම ලේසියෙන් කරන්න බෑ කියලා, නැවත වතාවක් ඔප්පු උනානේ. දැන් පළාත් සභා 3 ක් එකවර තියන්න යන්නේ. එතකොට දෙකක් දිණුම් කියලා ජෝගී නටන්න පුළුවන්නේ. කොහොමත් 2/3 බලයක් නේ තියෙන්නේ. එහෙම තීලා මෙහෙම නම්. අනික් එකත් කෙලින් උනානම් අපිට කොහොම අරියිද? හොඳ වෙලාවට බුද්ධිමත් ජනතාව "තුනෙන්", "දෙකකට" විතරක් බලේ දීලා නැවත්තුවේ.

      අනික් කාරනය..

      විදුලි බල මණ්ඩලේ සල්ලි කාරයෝත් එක්ක ගහපු ගිවිසුමක් අහෝසි කරන්න බය උන් කොහෙද ඉන්දියාව එක්ක ගිවිසුම් අහෝසි කරන්නේ. දැන් ඉතින් බබා හදන්නම වෙනවා. අනික රනිල භෝග වගාව යටතෙත් මේක බුද්ධාගම වගේම ආරක්ෂා කරනව කියලනේ කියන්නේ. ඌගේ රෙද්ද රැඩිකල්..

      Delete
  5. උදිත මේක උඹට පුද්ගලිකව කියන කාරණාවක්..අද වෙනතුරු කිසිම නායකයෙක් කියලා නැහැ " ඔන්න අපි තිබ්බ මහම හෙණේ අයින් කරා , දැන් කියපල්ලා බලන්න තියෙන ප්‍රශ්න ටික..එකින් එක විසදුම් හොයන් යමු " කියලා...

    අනේ මචන් පල්ලෙහාම පෙලේ ඉන්න දුප්පත් දෙමළ මනුස්සයට ඕනේ එදා වේල හොයන් ගෑණු දරුවෝ එක්ක ජීවත් වෙන්න..ඒ මිනිස්සු සිරාවටම අහිංසකව තමන්ගේ පාඩුවේ ඉන්න ජාතියක්.. ( අපේ උන් වගේ නෙවේ .. ) අන්න ඒ වගේ මිනිස්සුන්ට ඕනේ යටිතල පහසුකම් ටික විතරයි දෙන්න ඕනේ..

    01.ජලය
    02.වගාවන්ට ජලය සපයා ගන්න ඕනේ වාරි ක්‍රම
    03.රෝහල්
    04.පාසල්
    05.ඉඩකඩම් ( නිරවුල් ඔප්පු පද්ධතියක් එක්ක )
    06.විදුලිය ( හැකි පමණ
    07.ප්‍රවාහනය , මාර්ග පහසුකම්
    ඔන්න ඔය වගේ ටිකක්

    මහා ලොකු බලය විමධ්‍යගත කිරීම් නෙවෙයි ඕනේ..මිනිස්සුන්ගේ පීඩනය නැති වෙද්දී නිකම්ම තත්වය සාමාන්‍ය අතට හැරේවි..අර බල තල , මේ බලතල සීමා කර කර වෙන වෙනම විවස්තා හදන්න දෙයක් නැහැ එතකොට...


    ඔන්න ඔච්චරයි මට ඕක ගැන කියන්න තියෙන්නේ බන්..( උඹේ පෝස්ට් එක වැලිඩ් නැහැ කියනවා නෙවේ ..ඒක ලෙසටම තියෙනවා ..නමුත් බිම් මට්ටමේ ටික වෙන්නේ නැතුව පුක මහලා වැඩක් නැහැ..මචන් අවුලක් හිතන්න එපා ..මේවා දේශපාලනෙන් බලලා බැහැ බන්..උඹ කියාවි ඒක තමයි යකෝ මාත් කියන්නේ කියලා ..ඒත් මම කියන්නේ සිරාවටම බිම් මට්ටම ගැන..මොකද කොල් 6 සෙට් එක යන්නේ නැහැ ඕවගේ..මම හොඳටම දන්නවා කොල් 6 පිරිස ගැන..අපේ සිංහල දෙබිඩි උන්ගෙම අනිත් එක .. )

    ReplyDelete
  6. උදිත මගේ මතය බලය බෙදීම පදනම් කරගත් එකක්. නමුත් මේ රටට කුඩා වැඩියි කියන එක නම් මම පිළිගන්නෙ නැහැ. කොන්ෆෙඩරල් රාජ්‍යයන් වූ ස්විට්සර්ලන්තය, එතකොට ෆෙඩරල් රාජ්‍යයන් වුණු ඉන්දියාව එක්ක ලංකාව සසඳන්න බැහැ කියන එක මම පිළිගන්නෙ නැහැ. තවත් දෙයක් මෙතැන තිබෙනවා. ඒ තමයි ඓතිහාසික සාධක අපි මොනවා කිව්වත් ලංකාව ඉතාම සුළු කාලයක් හැරුනම අනිත් කාල වල පාලනය වෙලා තියන්නෙ රාජ්‍යයන් කීපයක් ලෙස. ඉන්දියාවත් එහෙමයි. අද සමස්ථ ඉන්දියාව රජුන් බොහෝ ගණනක් යටතේ තිබූ රටක්. ලංකාව සුද්දට යටත් වෙනකොට කෑලිම කීයක් ද? ඒ පැත්තෙන් බැලුවත් බලය බෙදීමට යම් අවශ්‍යතාවයක් තිබෙනවා. එහෙම නොවුනොත් ඛේදවාචකයක් වීමට තියෙන ඉඩ වැඩියි.

    නමුත් පලාත් සභා කියන්නෙ නම් සුදු අලියෙක්. ඒ කිසිම වැඩකට නැති පොල් බූරුවෝ ඒකෙ බලය අල්ලාගෙන සිටින නිසයි. ඔබට මතක ඇති මම මේ ගැන ලිව්වා. ඇමරිකානු මොඩලයේ නොවුනත් යම් ප්‍රමාණයකට ස්වාධීන ඒකක කීපයක් තිබ්බ නම් ඒ ඒ පලාත් වලට තම දියුණුව සලසා ගන්න තිබුන කියන එක මගේ මතය. දැන් කොළඹට සිමා වෙලා තියන දේවල් ගමට යන්න නම් ගමේ දේ එතනම රැක ගන්න ක්‍රමයක් එන්න ඕනෙ.

    විශාල ඒකක දෙකක් නෙමෙයි තුනක් යටතේ රුහුණු පිහිටි මායා සිස්ටම් එකට ක්‍රමයක් අපි යෝජනා කළා චන්ද්‍රිකා නෝනගේ පැකේජ් එක වෙලේ. පාර්ලිමේන්තු කාරක සභාව ඒ ගැන අපෙන් ප්‍රශ්න කිරීමකුත් කළා. ඊට පස්සේ මොනවා වුනා දැයි දන්නෙ නැහැ. ජී ඇල් බොහෝ ප්‍රසංසා කළා නමුත් ඒවා කුණු බක්කියේ ඇති දැන්.

    මේ මොකක්වත් වෙන්නෙ නැහැ. ඒ නිසා මේ ලිවිල්ලත් වැඩක් නැහැ. ආතල් එක සදහාම පමණයි.

    ReplyDelete
    Replies
    1. තව දෙයක් ලියන්න ඕනෙ. මම කියන්නෙ වර්ගවාදී විදියට බලය නොබෙදිය යුතුයි. එතැන දි මමත් ඔබ එක්ක ඉන්නවා.පරිපාලනමය සහ ඓතිහාසික සාධක පදනම් කරගත් ඒකක විතරයි තිබිය යුත්තේ. ආගම ජාතිය වගේ දේ තම කැමැත්ත විතරයි. ඒක අනිත් අය පිට පැටවීම වැරදියි. ඒ නිසා මේ ලංකාව ලංකාවක් විතරක් වෙන්න ඕනෙ. සිංහල ලංකාවක් වත්, දෙමල මුස්ලිම් ලංකා වක්වත් විය යුතු නැහැ.

      Delete
    2. @වෙද ගෙදර මහ වෙදනා
      ඔව් එකඟයි. රුහුණු පිහිටි මායා සිස්ටම් එක මාත් සලකලා බැලුවා. මෙතන මගේ මූලික අරමුණ ජාත්‍යන්තරය එක්ක ඩිල් කිරීම.

      Delete
  7. උදිත කියලා තියෙන දේ ගැන එක පාරට මුකුත් කියන්න අමාරුයි..පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ....

    මගේ සමනල ත‍ටු පෝස්ට් එකෙන් කියලා තියෙන්නේ මේවගේ මථවාද හා අදහස් ගැනයි..ප්‍රධාන මාධ්‍ය වලින් එලියට එන්නේ නැති මේ වගේ අදහස් ස්නෝබෝල් ඉෆෙක්ට් එකක් වෙන්න පුලුවන් ලේසියන්ම....

    ReplyDelete
  8. බෙදන්නේ නම් ඔයිට වඩා ප්‍රායෝගිකව, තර්කාණුකූලව හා තරගයක් ඇති වන සේ පළාත් පහකට බෙදිය හැකිය.

    1. උතුරු නැඟෙනහිර (වර්තමානයේ ඒ දෙපළාත අම්පාර නැතිව)
    2. නුවර කලාවිය (වර්තමාන මධ්‍යම හා උතුරු මැද පළාත්)
    3. මාගම (වර්තමාන දකුණ, ඌව හා අම්පාර දිස්ත්‍රික්කය)
    4. රයිගම (වර්තමාන වයඹ හා සබරගමුව පළාත් හා කළුතර දිස්ත්‍රික්කය)
    5. කොළඹ (වර්තමාන කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක)

    මෙසේ බෙදා මුදල්, ආරක්ෂක, විදේශ කටයුතු, වරාය හා අන්තර්ජාතික ගුවන් තොටුපළ ඇතුළු ජාතික වශයෙන් වැදගත්කමක් ඇති විෂයයන් වැඩිම උනොත් දහයක් මධ්‍යම ආණ්ඩුව යටතේ තබාගෙන ඉතිරි සියල්ල (අධ්‍යාපනය, සෞඛ්‍යය, බලශක්ති, වාරිමාර්ග, වෙළදාම...) විමධ්‍යගත කළ හැකිය. එවිට උදිත අදහස් කළ තරගය වඩා ප්‍රශස්ත ආකාරයට ඇතිවේ. එසේම විවිධ ආණ්ඩු විවිධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිසා පුරවැසියන්ට තමන් කැමැති දේශයක ජීවත් වීමේ අවස්ථාව ලැබේ.

    නමුත් මේවා බ්ලොග් වලට පමණක් සීමා වූ සිදු නොවන දේවල්ය. කතා කිරීමද කාලය නාස්තියක් පමණෙකි.

    ReplyDelete
    Replies
    1. ඉහත බෙදීම කළේ භූගෝලීයව, ජනගහණය අනුව හා ආර්ථිකමය වශයෙන් බැලන්ස් එකක් ඇති වන පරිදිය. නමුත් දෙවන වර කල්පනා කිරීමේදී රයිගම අනෙක්වාට වඩා ටිකක් ලොකු බව පෙනේ. එනිසා (එකළ රයිගම කොටසක් නුවූ) පුත්තලම දිස්ත්‍රික්කය ගලවා නුවර කලාවියට දෙමි.

      Delete
    2. තියෙන පළාත් නවයම තියාගෙන මේවා කළ නොහැකි මන්දැයි කෙනෙකුට ඇසිය හැකිය. නමුත් ලංකාව වැනි කුඩා රටකට විමධ්‍යගත කලාප නවයක් වැඩිය. දෙකක් තිබීම තවත් ගැටුමකට මුලකි. (හැමවිටම ජයග්‍රාගහයකු හා පරාජිතයකු සිටින නිසා) හොඳම ගණන 3-5 අතරය. එසේම කොළඹ අනෙක් පළාත්වලින් වෙන් කර ගැනීම අවශ්‍යය. රට තුනට හෝ හතරට බෙදා එය කළ නොහැකිය. එබැවින් මේ බෙදීම සියළු අවශ්‍යතා වඩාත්ම හොඳින් සපුරන එකය සිතමි.

      Delete
    3. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවොයි, ඒ කාළේ ජීවත් වෙච්චි දේශප්‍රේමී බුද්ධිමත් ජනතාවයි, හීනෙන්වත් හිතන්නේ නැතුව ඇතිනේ.. ඒංගලන්තේ මහ රජ්ජුරුවන්ගේ යටතේ ජීවත් වෙන්න. නමුත් එංගලන්තේ මොළේ තියෙන උන් හිතන්න ඇති ලංකාව වගේ රටකට ඇවිත් හොඳ සල්ලිකාර වෙළෙන්දෙක් වෙන්න. එහෙම හිතන උන්ට ලෝකේ ඉඩක් තියෙනවා...

      හැමෝම හිතුවේ යුද්දේ දිනන්නම බෑ කියලනේ. නැත්තන් රවී කරුණානායකලා, ලක්ෂ්මන් කිරිඇල්ලලා, අවසාන මොහොතෙත් ගොන් කතා කියන්නේ නෑනේ. නමුත් කවුරුත් ගනන් නොගන්න චම්පික එදා ඉඳලා කිව්වා මේක යුද්දෙන් දිනන්න පුළුවන් කියලා.

      Delete
    4. ලක්ෂමන් කිරිඇල්ලගේ කථාව ජනවිඤ්ඤානයත් එක්ක කොහොම පැහුණත් , යුද්ධය ඉවර කරන්න බැරි කථාවක් පොර කීවේ නෑ . පොර කිවේ යුද්ධ කිරීම පහසුයි , සාකච්ඡා කිරීම අපහසුයි කියන කාරණය . මාතලන් ඇතුලු දේශප්‍රේමියො ප්‍රශ්නයක් ඉවරයි කියල උඩ පැන්නට යුද්ධේ ඉවර වෙලා අවුරුදු 4ක් තිස්සෙත් ලොක්ක ට් ගැට ලිහන්න දඟලන්නේ ප්‍රශ්නයක් තාම තියන නිසා තමයි . යුද්ධෙන් ඔක්කොම හරි කියල හිතාන ජන සමාජයට විකල්පයක් යෝජනා කරන එකාත් දේශද්‍රෝහියෙක් වෙච්ච කොට කිරි ඇල්ලගේ කථාව කොහොමත් බරපතල වැඩියි . එජාපයේ සන්නිවේදන අවුල නායකයාගෙන් ඉඳන් බොහෝ දෙනෙක්ට තියන බරපතල රෝගයක් , නමුත් මතු කරන අදහස් ඒ අසාර්ථක සන්නිවේදන්යෙන් වෙන් කරල විග්‍රහ කරගන්න මාතලන්ට පුලුවන් වෙන්න ඕනි

      Delete
    5. මම ඇනෝගේ අදහසට කැමතියි. 5ට වඩා 3ක් තමයි මම කැමති මම රාජ්‍යය අවම කරන තැනටයි මම කැමති. පිට රට ඉන්න නිසා වෙන්න ඇති නිව් යෝර්ක් ප්‍රාන්තය ලංකාවට වඩා විශාලයි ඔය ලස්සනට පාලනය කරන්නේ? ඇමතිවරු එකසිය ගානට නැහැනේ. මධ්‍යම ෆෙඩරල් ආණ්ඩුවත් තමන්ගේ වැඩ හරියට කරන්නේ. මෙහේ උදාහරණයක් කියනවනම් තැපැල් කන්තෝරු අයිති ප්‍රාන්ත රජයට නොවෙයි මධ්‍යම රජයට. ඕනෑම ප්‍රාන්තයක ඕනෑම ගමක තැපැල් කන්තෝරුවකින් ඇමරිකන් පාස් පොර්ට් එක ගන්න පුළුවන්. මේවා අපිට කරන්න බැරි වැඩද? බුරියා සොත්ති මල්ලි ගංජා හිච්චා පාරලිමේන්තු වල ඉන්නකන් ඉතින් බෑ තමයි.

      Delete
    6. මම ඒ කතාව මෙතෙන්ට ගත්තේ ඇනෝ කියලා තියෙනවනේ මේවා බ්ලොග් වලට පමණක් සීමා උන දේවල්. කතා කිරීමද කාළය නාස්ති කිරීමක් පමණයි කියලා. ඒ කාළේ යුද්දේ ඉවර කරන්න පුළුවන් කියපු මිනිස්සු සැලකුවේ මෝඩයෝ විදියට. එහෙම නැත්නම්, තේරුමක් නැති දෙයක් කතා කරන මිනිස්සු විදියට. එහෙම නැත්නම් කවදාවත් කරන්න බැරි දෙයක් විදියට. නමුත් මොකද උනේ. කිරිඇල්ල කිව්වේ ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා. එතනිනුත් කිව්වේ කර යුද්ධය ගොන් වැඩක් කියන එක. නමුත් ඉතින් කිරි ඇල්ලගේ ඇස් පිල්ලන් ගැහිල්ලත් වැඩි උනේ යුද්දේ දිනුවයින් පස්සේ.

      යුද්දේ ඉවර කරාට. මේ තියෙන ප්‍රශ්ණය ආර්ථික අතින් රට ශක්තිමත් වෙනකන් හැමදාම තියෙනවා. මේ රටේ දෙමළ සිංහල කිසිම ප්‍රශ්ණයක් නැති කාලේත්. 3 පන්තියේදි අපට කියලා දුන්නේ දුටුගැමුණු කියලා වීරයෙක් දෙමළු මැරුවා කියලා. අපේ තාත්තලා ඒ මිනිස්සු එක්ක බිස්නස් කරපු නිසා අපි දන්නවා ඒ මිනිස්සුත් මිනිස්සු කියලා. ඒත් අනික් එකා දෙමළා සැලකුවේ හතුරෙක් විදියටම තමයි.

      Delete
  9. ඇනෝගෙ අදහස කදිමයි. මම ද ඔබගේ ක්‍රමයට බොහෝම කැමතියි. මෙවැනි ක්‍රමයක් සාකච්ඡා කිරීමෙන් බොහෝ ප්‍රශ්න වලට විසඳුම් සොයාගත හැකියි.
    වෙනෙ නොවෙන ඒවා අපේ වැඩක් නෙමේ අපේ යුතුකම අපි කරමු, මාතලන් කියන්නා වගේ.

    ReplyDelete
  10. ඔබේ ලිපියේ වැදගත්ම කොටස මෙයයි මම මේවා ලියන්නේද ඉන් මට විනෝදයක් ගෙනෙන නිසාය.

    ReplyDelete
  11. එතකොට ට්‍රින්කෝ අයිති අනුරපුරේට ද, මහින්දප්පුරේට ද?
    නැත්තං ඒක ස්වයං රාජ්‍යයක් ද?

    ReplyDelete
  12. වර්ෂ 2013 දී ඇරඹුණු ඇමරිකානු බටහිර කුමන්ත්‍රණය මෙන්න එළිදරව් කළා.

    පෙරේදා ද කොහෙද අත්සන් කෙරුණු මිලෙනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුමේ ආරම්භය මෙන්න හෙළිදරව් වුණා. මෙහි මුල් තැන ගෙන ක්‍රියා කර ඇත්තේ බටහිර කුමන්ත්‍රණ සංධානය හෙවත් බකුසේ සභාපතියා ද?

    එන්න, කියවන්න, යැංකි උදිතගේ රට දෙකට බෙදන යැංකි සැළසුම!

    ReplyDelete