Pages

Followers

Thursday, June 6, 2013

ගැහැණුන්ගේ ගල(කලව) අතගෑම සහ යුක්තියේ ආර්යාව


පසුගියදා රත්නපුර රෝහලේ රාත්‍රි සේවයට යමින් සිටි හෙද නිලධාරිනියකගේ කලව ප්‍රදේශය අතින් ස්‌පර්ශ කළ බව කියන පුද්ගලයකු ඇතුළු තිදෙනකුට එරෙහිව කාන්තාවක් කරන ලද පැමිණිල්ලකට (දිවයින පුවත මෙතනින් බලන්න.) අසන ලද නඩුවකදී මහෙස්‌ත්‍රාත්වරයා මෙසේ කියා ඇත. "කාන්තාවන් කොටට ඇඳගෙන යන්නේ වෙනත් කාන්තාවන්ට පෙන්නන්න නොවෙයි, කොල්ලන්ට බලපිය කියලයි. අල්ලපිය කියලා නොකියා කියන කාන්තාවන් ද ඉන්නවා. මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද යන්න පරීක්‍ෂණ පැවැත්වූවාද කියා පොලිසියෙන් ඇසීය"
යකාගේ හැටියට විමානය මෙන්ම දැන් ඉන්නේ  ලාංකිකයාගේ හැටියටම ගැලපෙන පාලකයින් පමණක් නොව අපේ බොදු බල තලිබාන් ජනතාවටම ගැලපෙන උසාවි සහ  මහෙස්‌ත්‍රාත්වරුද ඇත. අනේ වාසනාවන් ආශ්චර්යය උදාවී ඇත. අර හෙදිය මුස්ලිම් ගැහැනියක් මෙන් මුළු ඇඟම වහගෙන ගියානම් ඉවරය. ලංකාවේ කාන්තාවන්ටද බොදුබල ක්‍රමයට කහ සිවුරේ පාටින් මුස්‌ලිම කාන්තාවන්ට මෙන් ගෝනි ඇඳුමක් යෝජනා කල යුතුය.
එවිට සාධරණය සඳහා උසාවි හෝ නීති බල ගැන්වීම සඳහා පොලිසි අවශ්‍ය නොවේ උසාවි පොලිසි වසා දමා මහෙස්‌ත්‍රාත්වරුද ඇතුළුව සියලුම දෙනාට පැන්ෂන් යාහැක. මහජන මුදල් ඉතිරිකළ හැකි බැවින් රටට දැන් ඕනෑ වෙන්නේ මෙවැනි සාර්ථක ක්‍රම හඳුන්වාදීම කල හැකි  මුලධර්මවාදී' බල සේනාවක් පමණි. මහෙස්‌ත්‍රාත්වරයා නොකියා කියා ඇත්තේ දුෂකයන්  ගැහැනුන් දුෂණය කිරීම වැලැක්වීම සඳහා නිතිය පොලිසිය පෙනී සිටිනවාට  වඩා ගැහැණුන්ගේ කලවා වැහීම ද වැදගත් වන බවයි. අපිට නීතියට අධිකරණය විවේචනය කල නොහැක එබැවින් එම මතය මම  පිළිගනිමි. යුතුය එබැවින් නීතිගරුක පුරවැසියෙකු වශයෙන් මම ඒගැන මුකුත් නොකියමි. නිතිය දන්නා කියවන්නන්ගෙන් මට ඇතිවූ ගැටළු කිහිපයක් පමණක් අසමි.
යුක්තියේ ආර්යාව- Lady Justice
මහෙස්‌ත්‍රාත්වරයා ඉහත ප්‍රකාශය කර ඇත්තේ කාන්තාවක් තමාට සාධරණය ඉටුකර ගැනීම සඳහා නීතියේ පිළිසරණ සොයා ගිය අවස්ථාවකය. මා දන්නා පරිදි අපේ රටේ මෙන්ම බොහෝ රටවල අධිකරණයයේ යුක්තිය සංකේතවත් කිරීමට භාවිතා කරන පිළිමය වන  යුක්තියේ ආර්යාවද කාන්තාවකි. 15 වැනි සියවසේ පටන්ම යුක්තියේ ආර්යාව උසාවි ඉදිරිපිට පින්තුර ,ප්‍රතිමා වල ඉන්නේ  ඇස් වසා බැඳ ඇති පරිද්දෙනි. මෙයින් නිරූපණය වන්නේ නිතිය ක්‍රියාත්මක කිරීමේදී අන්ධ ලෙස යුක්තිය   "blind justice;" පසඳිය යුතුයැයි කියන න්‍යායික අර්ථ දැක්වීම මත පිහිටුවා උසාවිය කටයුතුකරන බව සංකේතවත් කිරීමයි.
මෙහි අර්ථය නම් උසාවියකදී නඩුවක් අසමින් තින්දුදෙමින් ඔබගේ ඉරණම තීරණය කරන පුද්ගලයා  යුක්තියේ ආර්යාව මෙන් අන්ධව සිය විනිශ්චය කලයුතු බවයි. තීන්දුව දෙන්නා ගේ ඇස් බැඳ ඇතිනිසා ඔබ කවුද යැයි ඔහු නොදකී. එබැවින් ඔහුගේ විනිශ්චය දැඩි ලෙස අදාල කාරනාවට නීතියේ අර්ථ දැක්වීම පමණක් සලකා බලා විනිශ්චය දීම  විෂයබද්ද (objectively) ලෙස  පමණක්  නීතියට සහ අදාල කරුණට පිටතින් ඇති වෙන දේවල්   වල බලපෑමක් නොවන ලෙස යුක්තිය ඉටුකිරීමයි.
උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම් නඩුවක එක පාර්ශ්වයක චුදිතයා බෞද්ධ හිමිනමක් යැයි සිතන්න. ඔබ නඩුකාරයා යැයි සිතන්න. නඩුකාරයා වන ඔබ උසාවියෙන් පිටත පුද්ගලික ජීවිතයේ ඉතා දැඩි  භක්තිමත්
බෞද්ධයෙක් කියමු. අදාළ චූදිත හිමිනමට ගරු කරන දායකමහතෙක්. නමුත් උසාවිය තුලදී විනිසුරු අසුනේ සිටින විට ඔබගේ ඇස් යුක්තියේ ආර්යාව මෙන් බැඳ ඇති නිසා මේ චුදිතයා බෞද්ධ හිමි නමක් ලෙස ඔබ නොදකී. එබැවින් ඔබේ තීන්දුව ඔබ දරණ පුද්ගලික ඇදහීම් හෝ ඔබදරණ මතවාද වලින් කිලිටි පක්ෂපාත නොවී   අදාල කරුණට ඇති නීතියේ අර්ථදැක්වීම පමණක් පදනම් කරගෙන විනිශ්චය ලබාදෙනවා යන්න මෙහි අර්ථයයි. "blind justice;" වලදී  විනිසුරුගේ පුද්ගලික දෘෂ්ටිවාද මෙන්ම තමන් ඉදිරිපිට සිටින පුද්ගලයාගේ  ධනය බලය ප්‍රසිද්ධිය වැනි කරුණු නොසලකා බැහැරලා පුද්ගලයා කවුදැයි නොදැකිමින් විනිශ්චයට භාජනය කල යුතුය.

මම නිතිය හදාරා නැත එබැවින් මේ මහේස්ත්‍රාත් වරයාගේ කතාව හරි වැරදි හෝ විවේචනය කරන්නට මට නොහැක සමහර විට මා නොදන්නා දෙයක් මෙහි තිබිය යුතුය. මගේ ගැටලුව මෙයයි.
"කාන්තාවන් කොටට ඇඳගෙන යාම " තහනම් නීතියක් ලංකාවේ තිබේද?
එසේ තිබේනම් එය මේ නඩුවට අදාලව අර්ථ නිරූපණය වන්නේ කෙසේද?
කොටට ඇදගෙන යන ගෑනු දුෂණය කිරීමේදී සහ බුර්කාව ඇඳගෙන මුළු ඇඟම වහගත් කාන්තාවක් දුෂණය කිරීමේදී ලංකාවේ නිතිය මේ දෙක අර්ථදක්වන්නේ  වෙනස් විදියකටද?

කොටට ඇඳගෙන ගියානම් තෝ දුෂණය කල එක උඹට හොඳ වැඩේ වගේ කතාවක් ගමේ කෝපිකඩේ කෙනෙකුගෙන් ඇසීම සාමාන්‍ය දෙයකි. උසාවියක   මේ පිළිමය ඉදිරිපිටට   තමන්ගෙන් සාධාරණය ඉටුකරගැනීම සඳහා පැමිණි කාන්තාවකට  යුක්තියේ ආර්යාව ම මෙසේ කීම මටනම් තවමත් තේරුම් ගත නොහැකි කාරණයකි. කරුණාකර කලුකෝට් අඳින ඇනෝනිමස් මහතෙකු හෝ මට මෙය පැහැදිලි කර දෙන්න.

88 comments:

  1. උගත් මහේස්ත්‍රාත් තුමා නීතිය මෙන්ම යුක්තිය ගැනද කතා කර තිබෙනවා.එසේම එතුමා කතා කර තිබෙන්නේ යථාර්ථයයි.නමුත් ස්ත්‍රීවාදීන් නීති හදා ඇත්තේ ඔවුන් විසින් හදා ගත් මායාවක් පදනම් කර එග්නයි.කෙසේ වෙතත් කොටට නොවේ හෙළුවෙන් ආවත් බලෙන් යමක් කරන්න නම් කාටවත් අයිතියක් නෑ.ඒත් එහෙම ඇල්ලුවට ඔය කාන්තාව අකමැති වෙන්න ඇත්තෙ අල්ලපු කෙනා ලස්සන නැතිව හරි දුප්පත් නිසා හරි පහළ නිළයක නිසා හෝ වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. //ඒත් එහෙම ඇල්ලුවට ඔය කාන්තාව අකමැති වෙන්න ඇත්තෙ අල්ලපු කෙනා ලස්සන නැතිව හරි දුප්පත් නිසා හරි පහළ නිළයක නිසා හෝ වෙන්න ඇති.//
      මේක නම් තනිකරම උන්මත්තකවාදී අදහසක්. අපි කොහොමද කියන්නේ ඒ කාන්තාව එයට විරුද්ධ වුණේ අල්ල්පු එකාගෙ තත්වය හෝ පෙනුම නිසා කියලා. මෙන්න මේවා තමයි නියම ගෝත්‍රිකවාදී අදහස්.=අත්තානං උපමං == තමන්ගේ සහෝදරියකට හරි බිරිඳට හරි ඔය තියරිය ඇප්ලයි කරලා බලපන් ලියවරුණ.

      Delete
    2. \\\\ඒත් එහෙම ඇල්ලුවට ඔය කාන්තාව අකමැති වෙන්න ඇත්තෙ අල්ලපු කෙනා ලස්සන නැතිව හරි දුප්පත් නිසා හරි පහළ නිළයක නිසා හෝ වෙන්න ඇති.\\\\

      මේක තමයි ලෝ සත්‍ය.. " ගෑණු-පිරිමි-බලය-ධනය-රූපය " පිලිබඳ ලෝ සත්‍ය.

      Delete
    3. මේ කොමෙන්ට එක මානසික රෝගියකුගේ කොමෙන්ට් එකක්..

      Delete
    4. ාමාතලන්ගේ උඹේ කමෙන්ට්් එක දැක්කම හිනා ගියා බන්.අනුන්ට කැපුා වලේ තමන්ම වැාටේ මලේ කියන්නේා ඕකට

      Delete
    5. ස්ත්‍රීවාදීන් කියන්නේ ඕනම ඇදුමක් ඇදගෙන යන්න අයිතිය තිබෙනවා,ඕනම ලිංගික කුලප්පු කිරීමකට අයිතිය තිබෙනවා කියලනෙ.ඉතින් ඒ කාවද කුලප්පු කරන්නෙ.තමන්ට වඩා ධනය ,බලය ,නිළය තිබෙන අයව.ඒ වගේම ලස්සන අයව.එහෙම නොවන අය කරලා තිබෙන්නේ තමන්ට අයිති නැති වැඩක්.සමහර විට රෝහලේ පරිපාලනය සතුටු කිරීමට මෙහෙම ඇදගෙන ගියා වෙන්න ඇති.ඉතින් එම් .බී. බී. එස් කරල,තව ඉහල විභාග කරල පරිපාලනයේ ඉහල තනතුරුවලට ගිය අය ට අයිති දෙයක් ත්‍රීවීල් කාරයො කළානම් ඒක වැරදියි.හරිනම් නඩු දාන්න ඕන රෝහල් පරිපාලනය .අපට අයිති ආතල් එකක් හොරාගත්ත කියල.

      මාතලන්ගෙ කොමෙන්ට් වලින් පේන්නෙ ඔහුට මේ ගැන කිසිම මතයක් නැති බව.ඒකයි අරමුණක් නැතිව පරස්පර කතා කියන්නෙ.
      ස්ත්‍රීවාදී නීතිවලින් ස්ත්‍රියකට පිරිමියෙක් එක්ක අනාචාරයේ හැසිරිලා( ඒ කියන්නෙ දෙන්නගෙම කැමත්තෙන්)පිරිමියාට එරෙහිව නඩුදාන්න පුලුවන්.ඒ තරම් තියෙද්දි ඒ කියන්නෙ කාන්තාවකගෙ අතක් නිකමට ඇල්ලුවොත් එල්ලලා මරණවා කියද්දිත් කාන්තාවන්ගෙ ගල් අල්ලන්න සූදානම් පිරිමි ඉන්නවා.මේ දැන් මරණවා කීවත් කමක් නෑ කියල ගල් අල්ලන පිරිමි ඉන්නවා.එහෙම වෙලා තිබෙන්නෙ ඇයි.සමාජය තුල බරපතල විදියට ලිංගික අසහනයක් නිර්මානය කරලා.
      බටහිර රටවලවත් මුස්ලිම් රටවල වත් මේ තත්වය නෑ

      බටහිර නම් විකෘති ලිංගිකතවයට් පවා මුදල් ගෙවලා යම් ප්‍රතිකර්ම කරන්න පූවන්
      මුස්ලිම් රටවල පිරිමින් ලිංගිකව ඇවිස්සීම මුළුමනින්ම නැති කරලා නියම වයසෙදී විවාහය අනිවාර්ය කරලා තිබෙනවා.ඒ අයගෙ ආගමික පොත්වල ලිංගිකතවය පැහදිලිව දක්වලා.ඒක නරක දෙයක් කියල ඒ අය කියන්නෙ නෑ
      අපේ ඒක නරක දෙයක්ය කියන ගමන්ම පුළුවන් තරම් ඒක අවුස්සනවා.ඒකයි අර්බුදය.එක්කො බටහිර වාගෙ එළියෙම දාන්න ඕන.නැත්නම් මුස්ලිම් වාගෙ වහලම දාන්න ඕන .අපි දෙකටම නැති මාවතක ඉන්නෙ.

      සම්පූර්න නිරුවතින් ඉන්න ගෝත්‍රිකයන් ට ලිංගිකත්වය කියන්නෙ ඉතාම නොවැදගත් දෙයක්ලු.පරිභෝජනවාදී සමාජ රටාව විසින් හැගීම් අවුස්සාන එක තමයි නැති කරන්න ඕන .සල්ලීකාරයට ඕව ගේම් නොවෙයි.දුප්පත් ත්‍රීවීල් කාරයො ආතල් ගන්නෙ දෙවියන් පාතබන්න බය තැන්වලට කඩා වැදීමෙන්

      Delete
    6. හරකුත් කොමෙන්ට් ලියන්න දන්නවා මේ කාලේ ...:)

      Delete
    7. හරක් නොවෙයි මගියා ඇෆ්ගන් මුල්ලා වරුනටත් මුන්ට වඩා මොඩ් නුතන මනසක් තියනවා.

      Delete
    8. උදිතට ඔය පාඩම් කියල දුන්නෙ සුමනා ද? මිනිහ නොමනා ගෝන මස් කන නිසයි ගෑනි පිට යන්නෙ.ගෑනුන්ගෙ හෙළුව ගැන කියන හැම එකාම දෙබිඩි ජීවිත ගත කරන වල් බල්ලො

      Delete
    9. වෙන මොනවා කියන්නද උදිත මේ කොමෙන්ට් ටිකයි,පත්තරවල යන නිව්ස් ටිකයි,සමාජයේ වෙන වැඩ ටිකයි ගත්තම, මුන් හොදට ඉන්න අයගෙත් ඔලුව කුරුවල් කරලා උන්ගේ ගොඩටම දාගන්න සිද්දියක් යන්නේ.මේ සමාජයේ ළමයි හදන්නේ කොහොමද බන් ?????

      Delete
  2. උදිත මේ සම්බන්ධව නම් අධිකරණයට ----- නැගීම උචිත නැහැ.මෙතන ආගමික ප්‍රශ්නයක් හෝ bbs ගණයේ අන්තවාදී දෙයක් නෙවේ වෙලා තියෙන්නේ..

    මම නම් එක හෙළා මහේස්ත්‍රාත්වරයා කියපු කාරණා වලට එකඟ වෙනවා..( disclaimer:- හැබැයි රජෝ 100% රත්නපුරේ මේ නඩුව සම්බන්ධව කරුණු ගැන , සාක්ෂි විමසීම් , කට උත්තර වාර්තාව , පොලිස් වාර්තා ගැන නම් මම දන්නේ නැහැ..උදිත කියලා තියෙන දේවල් වලට පොදුවේ මම දෙන උත්තරයක් විදිහට සළකන්න .)

    අහලා ඇති නේද මහේස්ත්‍රාත්වරුන් දැඩි ලෙස අවවාද කරනවා චූදිතයන්ට හා පැමිණිළි පාර්ශවයන්ට ..?මෙතන වෙන්නෙත් එහෙම දෙයක්..ස්ත්‍රී දූෂණ නඩුවක වාර්තාව අරන් බලන්න උදිත .මීට වඩා සිය ගුණයක් හදවත සලිත වෙන දේවල් ගැන ප්‍රශ්න වෙනවා.. කරන්න දෙයක් නැහැ උදිත.. අධිකරණයට හිස නමන්න වෙනවා..ඒ වගේම ආවට ගියාට නඩු තීන්දුවක් හෝ මහේස්ත්‍රාත් වරයෙක්ගේ ප්‍රකාශයක් ගැන ප්‍රශ්න කිරීමක් කරන්නත් බැහැ...

    ( ස්ත්‍රී දූෂණයක් සිදු උනත් වරද ස්ත්‍රියගේ නම් චූදිතයන්ට ලැබෙන දඬුවම් ගැන දෙවරක් සලකා බලනවා . ඉතින් මෙවැනි සිද්දි ගැන කවර කතාද උදිත ? )

    ( අනේ දැන් මාව අල්ලගන්න එපා හොඳේ )

    ReplyDelete
    Replies
    1. නෑ සහන්. මෙතනදී එවැනි ලිංගික හිංසාවක් වෙලා තියෙනවා නම් ඒ හෙදියට තමන්ට යුක්තිය ඉෂ්ට කරගන්න අධිකරණය වෙත යාමේ සම්පූර්ණ අයිතිය තිබෙනවා. ඊට පසුව ගැනෙන අධිකරණ ක්‍රියාමාර්ගය වෙනමම විමසා බැලිය යුතුයි.

      Delete
    2. \\\\හිංසාවක් වෙලා තියෙනවා නම් ඒ හෙදියට තමන්ට යුක්තිය ඉෂ්ට කරගන්න අධිකරණය වෙත යාමේ සම්පූර්ණ අයිතිය තිබෙනවා. ඊට පසුව ගැනෙන අධිකරණ ක්‍රියාමාර්ගය වෙනමම විමසා බැලිය යුතුයි. \\\\

      ඉතින් රතු,

      01.ඒ කාන්තාව අධිකරණයේ පිහිට පතා අධිකරණයට ගිහින් තියෙනවා...( ඔබ කියන අයිතිය ලබාගෙන තියෙනවා නේද ? )

      02.අධිකරණයේ තීන්දුව , උපදෙස් , අවවාද ලැබී තිබෙමින් පවතිනවා නේද ? ( උදිත පෝස්ට් එක දාල තියෙන්නෙත් ඒ වගේ ලැබුණ අවවාදයක් ගැනනේ )

      =======================================================

      ඔබ කියන සියල්ල සිදු වී හමාරයි. දැන් ඔබට බැහැ මෙවැනි කතා කියන්න

      01.එහෙමනම් කොහොමද මෙහෙම වෙන්නේ , අම්මෙක් නේද කාගේ හරි , සහෝදරියෝ නැද්ද වගේ දේවල් අධිකරණයේදී වලංගු නැහැ..අධිකරණයේ තීන්දු ගැන ප්‍රශ්න කිරීමට නොහැකියි..

      ( අහිතක් හිතන්න එපා රත්තො ..)

      Delete
    3. නැහැ සහන් මම කිවේ උඹේ මෙන්න මේ වචන ටික ගැනයි.
      =උදිත මේ සම්බන්ධව නම් අධිකරණයට ----- නැගීම උචිත නැහැ.මෙතන ආගමික ප්‍රශ්නයක් හෝ bbs ගණයේ අන්තවාදී දෙයක් නෙවේ වෙලා තියෙන්නේ..=
      =( අහිතක් හිතන්න එපා රත්තො ..)=
      ඒ වගේම අපි මතවාදීව මරාගත්තත් ඒවා පුද්ගලික තත්වයට පත්කරගන්නා කෙනෙක් නෙමෙයි මම.

      Delete
    4. මට ඔබ ගැන ලැජ්ජයි සහන්...

      Delete
    5. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න, පිරිසක් ඇවිල්ල එක්කෙනෙක්ට ගහනවා. පහර ලැබූ කෙනා අධිකරණ සහය පතනවා. මහේස්ත්‍රාත්වරයා පහර ලැබූ අයට "මීට පස්සේ පරිස්සමෙන් පාරේ බැහැල යන්න. නපුරු මිනිස්සු ඉන්නවා." කියල අවවාද කරලා නඩුව ඉවර කරනවා. සහන්ට අනුව මේ අවස්ථාවෙත් දී ඇත්තේ හරි සාධාරණ තීන්දුවක් නේද?

      අනික ස්ත්‍රී දූෂණයකදී වරද ස්ත්‍රියගේ වෙන්නේ කොහොමද?

      Delete
    6. මාතලන් මම කියන්නේ අධිකරණයේ ස්වභාවය ගැන..මේවට මම පළි නැහැ...චන්දයෙන් ආණ්ඩු පෙරළන්න පුළුවන් උනත් අධිකරණයට අත තියන්න චන්ද දායකයන්ට බැහැ..

      මේ කිසිම දේකට මම පළි නැහැනේ මාතලන්. මා ගැන ලැජ්ජයි කියන්නේ ඇයි?නීතිය ස්ථාපනය කරලා තියෙන්නේ මම නෙවේ..ඇස් පනාපිට වෙච්ච මිනීමැරුම් වලට ලැබුණ තීන්දු ගැන දන්නවා ඇතිනේ...? ඒවා මාත් දන්නවා ..යම් අයෙක්ට තීන්දුවක් අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන් , ඊට පස්සේ කිසිවෙකුට කල හැක්කක් නැත..

      අපි මේ උදිතගේ පෝස්ට් එකේ කෑ ගහලා වැඩක් නැහැ ඕව ගැන...( ඕක මගේ අම්මට උනත් එච්චරයි.. අකුළන් පැත්තකට වෙන්න වෙනවා මාතලන්..ඒක තේරුම් ගන්න )

      අනිත් දේ තමයි මාතලන් ඇයි පුද්ගලයන් ඉලක්ක කරගන්නේ මතයක් ප්‍රකාශ කරද්දී...? සහන් මෙහෙමයි , රත්තා මෙහෙමයි , කිය කියා කතා කරන්න බැහැ..අපි මේ කරන්නේ පුද්ගලයන් ඉලක්ක කරගෙන මතවාද ප්‍රකාශ කිරීමක්ද ...?

      ඇඟිල්ල දිගු කර හඳ පෙන්නන විට , ඇඟිල්ල දෙස නොබලන්න..

      Delete
    7. තව දුරටත් කනගාටුවට හා ලැජ්ජාවට පත් වීමී.

      විශේෂයෙන් තමන්ගේ අම්මට උනත් මේ දේ ඌවානම් ලෙස සඳහන් කිරීම ගැන. ඔබවන් පුතුන් ලද මව්වරුන්ට දෙවි පිහිටයි...

      Delete
    8. අනේ මාතලන් ඔහොම කතා කියන්නේ මේ කේස් පැහුණ ඔබද ...? මම කතා කරන්නේ යථාර්තය ...ඔබ කතා කරන්නේ විය යුත්ත..

      මම හොඳට දැකලා තියෙන දෙයක් තමයි මාතලන් කරන්නේ පුද්ගල ඉලක්කගත ප්‍රකාශ..ඔබේ මතයට පිටින් යද්දී , ඒ පුද්ගලයව අන් අය ඉදිරියේ අපහසුතාවයට පත් කරනවා...

      අනිත් අය සද්දේ වැහුවට මම එහෙම නැහැ මාතලන්.. මම මගේ අම්මටත් කියන්න ඕනේ දේ කියන මනුස්සයෙක්..එච්චරයි..

      \\\ඔබවන් පුතුන් ලද මව්වරුන්ට දෙවි පිහිටයි...\\\

      ඕව නිකන් පුස් කතා මාතලන්..ඕවට දේවල් නෙවේ...

      දැන් වත් මොළෙන් බලන්න මම කියපු දේ ගැන මුල් කමෙන්ටු වල...ඇඟිල්ල දිගු කර හඳ පෙන්නන විට , ඇඟිල්ල දෙස නොබලන්න.. අපි කතා කරන්නේ අධිකරණය ගැන..හනේ පනේ කතා උසාවියට වලංගු නැහැ...

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. @ හිරණ්‍ය , මාතලන්

      ඔක්කොටම කළින් මට කියනවද උදිතගේ පෝස්ට් එකේ ඉඳන් ඔයාල අපි මේ කරන්නේ මොකක්ද කියලා...?

      01. අධිකරණ පද්ධතිය විවේචනය කිරීමද ?
      02. අධිකරණයෙන් ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක් කිරීමද ?
      03. යුක්තිය වෙනුවෙන් පෙනී සිටීමද ?
      04. නිකන් සුහද පිළිසඳරක්ද ?

      Delete
    11. උදිත කරන්නේ මොකද්ද බලන්න ආයේ පොස්ට් එක කියවන්න. මම නම් කරන්නේ මේ මහේස්ත්‍රාත් ප්‍රකාශයේ සඳහන් දේ වැරදියි කියන එක. ඔයා?

      Delete
    12. 2013 at 11:23 AM කමෙන්ට් එක " උදිතගේ පෝස්ට් එකේ ඉඳන් " යනුවෙන් නිවැරදි වෙන්න ඕනේ..වැරැද්ද හදලා මම දෙවෙනි පාරට දැම්මේ ඒකයි..

      \\\මම නම් කරන්නේ මේ මහේස්ත්‍රාත් ප්‍රකාශයේ සඳහන් දේ වැරදියි කියන එක.////

      නඩුවක තීන්දුව , මහේස්ත්‍රාත් ප්‍රකාශ ගැන එහෙම අවබෝදයක් නැති හැඩයි නේද ..?



      මම නම් කරේ උදිත සමග සුහද පිළිසඳරක්..

      Delete
    13. උදිත අන්තිම ඡේදයට කලින් ඡේදයේ කියපු දේට සමාන දෙයක්මයි කියන්න ඇත්තේ. නීතිය ගැන ඇත්තේ මුලික දැනුමක් පමණි. දන්නා තරමින් අධිකරණ නියෝග/තීන්දු හා එකඟ නොවීමට වීමට අයිතියක් ඇත.

      Delete
    14. උපරිමාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය, මානව හිමිකම් කොමිසම. පාර්ලිමේන්තුව. ජාත්‍යන්තර අධිකරණය ගැන කිසිම දැණුමක් නැති මිනිස්සු එක්ක කතා කරලා පලක් නෑ. ඔබ මේ ළෝකේ ගැන දන්නෙ බොහොම ටිකයි සහන්.

      Delete
    15. මේ අරුම පුදුම නියෝගය දී තිබෙන මහේස්ත්‍රාත් කේ.ඩී.එල්. කුමාර ලිංගික බලහත්කාරයන්ට ලක්වන ළදැරියන්ගේ සහ මව්වරැන්ගේ කුමක් පරීක්ෂා කරන්නට කියනු ඇත්දැයි වමසා බලන්නට වටී. ස්ත්‍රීන්ට එරෙහි ලිංගික බලහත්කාරය ඇති වනනේ ඇඳුම් හෝ හැසිරීම නිසා නොව ස්ත්‍රීන් ලිංගික භාණ්ඩ ලෙස සැළකෙන පුරුෂාධිපත්‍යවාදී සමාජ වටපිටාව නිසා බව මුළු ලොවම පිළිගෙන තිබිය දී ශ්‍රී ලංකාවේ නඩුකාරයන් කියන මේ ගොන් කතා වලට පිළිතුරැ දිය යුත්තේ උම්බෑ කීමෙන් පමනි.

      උපුටා ගැනීම – යුක්තිය

      Delete
    16. @ හිරණ්‍ය

      මගේ මෙන්න මේ පෝස්ට් බලන්න කමෙන්ට් එක්කම..එතැනදී ඔය මාතෘකා ගැන පැහැදිළි විස්තරයක් තියෙනවා...

      වර්තමාන(2012 Dec)දේශපාලනය හා අඳ ගැහැණිය!

      මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලි...

      රටක අග්‍රවිනිශ්චය ධූරයට හූ කියන තුට්ටු දෙකේ පාපතර දේශපාලනය

      රටක පාලන ව්‍යුහයක බිහිසුණු තැන් (01)


      @ මාතලන්

      \\\\උපරිමාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය, මානව හිමිකම් කොමිසම. පාර්ලිමේන්තුව. ජාත්‍යන්තර අධිකරණය ගැන කිසිම දැණුමක් නැති මිනිස්සු එක්ක කතා කරලා පලක් නෑ.\\\

      ඔබට ඒ ගැන ඇති දැනුමද ඉහත කමෙන්ටු වලින් පෙන්නුම් කරේ මාතලන් ...?

      මේ සිද්දිය අඩුම තරමේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනිහින් මට පෙන්නන්න ...ඊට පසු කතා කරමු අපි ලෝකේ ගැන ...

      \\\ඔබ මේ ළෝකේ ගැන දන්නෙ බොහොම ටිකයි සහන්. \\\\

      මේ දැක්කනේ ඔබ පුන පුනා කරන්නේ පුද්ගලයන්ට පහර දීම..ඔහොම නම් බැහැ දරුවෝ මේ වැඩේ කරන්න..මුළින්ම ඔය ඉන්න උඩඟු ස්වරූපයෙන් අයින් වෙන්න..

      ඔය දේවල් ගැන දන්නවනම් මට කියන්න මේ සිද්දිය කොහොමද ජාත්‍යන්තර අධිකරණය හමුවට පමුණුවන්න පුළුවන් වෙන්නේ කියලා..? මාතලන් වචන දැනගත්ත පමණින් භාවිතා කරන්න එපා...

      Delete
    17. සහන් ඔබේ මුල් කොමෙන්ටුව පමනක් නැවත් හොඳින් කියවන්න. ඔබ අපට කතාකරනවා, පවතින ක්‍රමය වෙනස් කිරීමට හා ඒ වෙනුවෙන් හඬක් නගන්නට සහය වෙන්න කියලා. ඇයි එහෙම කියන්නේ, මේ පවතින් මජර ක්‍රමය ඔබටවත් මටවත් කිසිම කෙනෙකුට දිරවන්නේ නැති නිසා. එහෙම කියන ඔබ, නඩුකාරයකගේ මෝඩ තකතීරූ තීරණයක් හා ප්‍රකාෂයක් කිසිම ලැජ්ජාවක් නැතුව 100% අනුමත් කරනවා. "ලිය වරුණ" කියන්නෙ නම් මානසික රෝගියෙක්. ඒක මම ඔහුගේ බ්ලොග් එකේ ඔහුට කෙලින්ම කියලම තියෙනවා. ඒත් ඔබ වැනි කෙනෙකුගෙන් අපි මෙවන් ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙන්නේ මේවා හෙල දැකීමයි. කෙසේ වෙතත්, මම මහත්තත්වයක් ඇති මිනිසෙක්ද නැද්ද කියලා ඔබ හොඳටම දන්නවා. නැවතත් කියන්න තියෙන්නේ මට ඔබ ගැන දුකයි. එමෙන්ම අතිශයින් ලැජ්ජාවට පත් වෙනවා. තව දුරටහ් මේ ගැන වාද කිරීමක් නැත.

      Delete
    18. 01.මගේ මුල් කමෙන්ටුව ඔබ හොඳින් කියවන්න..අධිකරණයේ ස්වභාවයත් , මහේස්ත්‍රාත් වරුන්ගේ අවවාදත් ගැන එහි සඳහන් ..මේක සාපරාධි නඩුවක් නෙවේ..ඒ වගේ නඩුවලදී නඩුකාරයෝ අවවාද , අත් හිටවූ සිර දඬුවම් වගේ දේවලුයි ලබා දෙන්නේ..ඔය කාන්තාවගේ ස්වාමිපුරුෂය මම උනා නම් මටත් අවවාද කරයි ගෑණිව රැ පානේ යවන්න එපා කියලා.. මම නඩුකාරයට " අනේ පලයන් යකෝ යන්න , මගේ ගෑණිව මම බලාගන්නම් .තෝ දෙන්නේ නැතුව හිටපන් " කියන්නද ...?

      02.මතක ඇතුව වරහන් තුල තිබෙන දෑ කියවන්න ..

      03.පවතින ක්‍රමය වෙනස් කරන්නට නම් ගෑණුන්ගේ කළවා ගැන කතා කිරීමෙන් පලක් නැහැ..

      04.මේ රටේ අග්‍රවිනිශ්චයධූරයම විනාශ වූ තැනක තිබෙද්දීත් කොහෙවත් යන ගෑණුන්ගේ කළවා ගැන කතා කරන්නට මට උවමනාවක් නැහැ.

      05.ඒවා විහිළු.

      06.දුමින්ද එළියේ ඉද්දි , ගම්සභා වල සභාපතිලා පුංචි කේස් වලට හිරේ යනවා වගේ වැඩ...

      07.හාල් මැස්සෝ පස්සේ දුවලා , කාලය ශ්‍රමය වැය කරලා වැඩක් නැහැ..

      08.තව දුරටත් වාද කිරීමෙන් පලක් නැහැ නෙවේ , ඔබට වාද කරන්න බැහැ. ඔබ දන්නවා හිස් දෙයක් මත ඔබ තර්කය ගොඩ නගා ඇති බවත් , තව නොබෝ වේලාවකින් එය සුන් වී යන බවත්.

      09.කෝ දැන් උපරිමාධිකරණ කතා ...? එන්න මට පෙන්නන්න මේ සිද්දිය ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ යවන හැටි ..


      10.කොහෙවත් යන ගෑණුන්ගේ කලවෙන් වැඩක් නැහැ.අසූචි කප්පරක් කැවිලා තියෙන මොහොතක , වෙන වෙන ගඳවල් ගැන හොයන්න එපා.මාතලන් ඒ වගේ දේවල් වලට හරිම සංවේදී නේද ?එහෙම උනොත් කවදාවත් අසූචි වලෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ නැහැ..


      11.මාතලන් , මේ රටේ විධායකය විසින් මහා ගිල ගැනීමක් කරමින් ඉන්න මොහොතක බුද්ධිමත්ව හැසිරෙන්න.

      Delete
    19. මට කියපු ඔක්කෝම දේවල ඔබට අදාල දේවල්...

      Delete
    20. මාතලන්
      කැකිල්ලෙ රජාට අන්ත ඩයල් බ්ලොග් අවකාශයේ ඉන්නව. වාද කරල පලක් නෑ.

      Delete
    21. @ මාතලන් එන්න මට පෙන්නන්න මේ කේස් එක ශ්‍රේෂ්ඨාධිකරණයට යන හැටි... කෝ දැන් කළින් කියපු නීති විශාරද කතා...?

      Delete
    22. @ රාජ්

      ඇයි ෆොටෝ කෑලි වලට අඬපු මිනිස්සු , පණ පිටින් හාමුදුරුකෙනෙක් ගිණි තියාගද්දී " ඕකා හරකෙක් " කියපු මිනිස්සු , සල්ලි හම්බෙනවනම් හාමුදුරු කෙනෙක් හරි පුච්චනවා කියපු මිනිස්සු පවා ඉන්නවා රාජ්...

      මිනි මැරුම් චෝදනා එද්දී හෙමීට මාරු උන කී බෝර්ඩ් වීරයොත් ඉන්නවා රාජ්...මතකද අතීතය ...?

      Delete
    23. SilentSahan
      රිදුනද? මම ජෝක් එකට ඔබේ අඩවියේ දාපු කමෙන්ටුව තේරුම්ගන්න බැරිව සීරියස් විදියට හැසිරුන නිසයි ඒක මකල දැම්මෙ. ඔබට තියනව යමක් තේරුම්ගන්න බැරි අවුලක් සහ යමක් නිවැරදිව කියාගන්න බැරි අවුලක්. ඒ ඔක්කෝටමත් වඩා එක මතයක ඉන්න බැරි අවුලක් තියනව.හාමුදුරුවන්ගෙ කේස් එකේදිත් මානසික රෝගී තත්වයක් ගැන කියල අන්තිමට පරිත්‍යාගයක් ගැනත් මොනවදෝ කිව්ව මතකයි.මේව අවුස්සල වැඩක් නෑ.

      Delete
    24. රාජ් ,

      මට නම් අවුලක් ගියේ නැහැ රාජ්.මටත් මේවා අවුස්සන්න ඕනේ කමක් නැහැ..මොකද මේ හැම දේම සති දෙකනේ..රාජ් සහ සහන් වාද කරන් වැඩක් නැහැ.. .ජෝක් එකට කියපු දේට මාත් ජෝක් එකක් කරා..ඒක රාජ්ට නුහුරට ගියා..ඒකනේ මැකුවේ..

      මට නම් එහෙම අවුලක් නැහැ රාජ්..රාජ්ට තේරෙන නිසාද ෆොටෝ වලට අඬල අන්තිමට පච වෙද්දී මාරු උනේ ...?

      ඒ වගේම කිසිම විදිහකින් එක මතේක ඉන්න බැරි කමකුත් නැහැ.රාජලා තමයි බොරු ෆොටෝ වලට ඇඬුවේ, පස්සේ නැ ජෝක් එකක් කරේ , උපකල්පනයක් කරේ කිව්වෙත් රාජලා..හාමුදුරුවන්ට පිස්සෙක් , හරකෙක් කිව්වෙත් රාජ්ල.( දැන් නැහැ කියන්න එපා නම් එපා ) මම කිසිම විදිහකින් හාමුදුරුවන්ගේ කේස් එකේදී උන්වහන්සේට මානසික රෝගියෙක් කියලා නැහැ, කිසිම විදිහකින් නිග්‍රහ කරෙත් නැහැ.මම හැම වෙලේම කිව්වේ උන්වහන්සේ කරන්න ගියපු දේට නිග්‍රහ කරන්න එපා කියලයි .ඒ උනාට රාජ් මොනවද නොකරේ උන්වහන්සේට...?

      රාජ් හොඳින් කියවන්න පහු ගිය පෝස්ට් ..බාගෙට කියවල රට වටේ යන්න එපා...පාර හොයා ගන්නම බැරි නම් මම හොයලා දෙන්නම්..



      රාජ්ට තේරුම් ගන්න්න බැරි ප්‍රශ්නයක් නම් තියෙනවා තමයි..නැත්නම් මම මුල්ම කමෙන්ටුවේ කියපු "ඇඟිල්ල දිගු කර හඳ පෙන්නන විට , ඇඟිල්ල දෙස නොබලන්න" කියන දේ නොතේරෙන්න විදිහක් නැනේ..එච්චර සරළ දෙයක් වත් තේරෙන්නේ නැත්නම් ඔබ වැනි අයෙක් සමග අධිකරණය ගැන කතා කිරීමත් විහිළුවක් ...!

      Delete

    25. රාජ් මෙහෙමයි මේක ඉවරයක් නැතුව දිගටම ඇදෙන නිසයි කියන්නේ..නඩුකාරයෙක් , නඩුවාරයකදී කියන දේවල් වලින් පුංචි කොටසක් අල්ලන් මෙහෙම විගඩන් කරන එකේ තේරුමක් නැහැ..මේ නඩුකාරයා තරුණයන් වෙනුවෙන් කල අවවාද , දඬුවම් ගැන ඇයි කතා කරන්නේ නැත්තේ කිසිවෙක් ..?මේ වගේ දෙයක් ගැන කතා කරද්දී මින් පස්සෙවත් මුළු නඩුවම සලකන්න , මුළු ප්‍රකාශම සලකන්න..පොඩි පොඩි කෑලි අරන් හන්දියේ ගෑණු වගේ කියවන්න යන්න හොඳ නැහැ..

      තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් ගන්න..මෙච්චර සරළ දෙයක් වත් තේරුම්ගන්න බැරි නම් , ඔබ කියන කතා වලට උත්තර දීලා පලක් නැහැ රාජ්..
      ඔබට සුබ දවසක්...

      Delete
    26. @සහන්- විනිසුරු වරයෙකු, නඩුවකදි කරන ප්‍රකාශයකට එරෙහිව නිතිමය ක්‍රියා මාර්ග ගන්න බැය කියල සඳහන් කරල තියන කොටස උපුටා දක්වන්න

      Delete
    27. \\\\විනිසුරු වරයෙකු, නඩුවකදි කරන ප්‍රකාශයකට එරෙහිව නිතිමය ක්‍රියා මාර්ග ගන්න බැය කියල සඳහන් කරල තියන කොටස උපුටා දක්වන්න \\\\

      මා එවැන්නක් පවසා ඇත්ද බුවා ...? ප්‍රකාශ විකෘති කර , වෙනත් තේරුමක් එන පරිදි වචන මාරු කිරීම කරන්න එපා...

      Delete
    28. පේලි අතර කියවීම කියන එක අහල නැද්ද , නැත්නම් දැනගෙනත් බබා පාට් දානවද ? ඒක පැත්තකින් තියමු ඔබතුමා මාතලන්ට අභියෝග කරනවා ශ්‍රේෂධිකරණයට යන හැටි පෙන්වන්න කියලා , එහෙම අභියෝගයක් කරනවා නම් ඔබට හැකි වෙන්න ඕනි එහෙම කරන්න බැරි වෙන්න නෛතික පදනම පැහැදිලි කරන්න

      ශ්‍රේෂ්ඨාදිකරණයට ගියා නැතා මේ වගේ පාහර ප්‍රකාශ ගැන කථා කරලා මේ පුද්ගයින් අධිකරණ පද්ධතියෙන් ඉවත් කරන තැනට ගේන රටක මාධ්‍ය වල වගකීමක් (මේ සිදුවීම වෙනත් රටක වුනා නම් වෙන්නේ ඒක ) , ඒහෙම නොවෙන තැනක පුරවැසි මාධ්‍යන් හෝ ඒවා කථා කරන්න ඕනි . මහින්ද රාජපක්ෂට , රනිල් වික්‍රමසිංහට බනිණ පුරවැසි මාධ්‍යයක , ඊටත් වඩා අන්ත පහත් තැනක ඉන්න විනිසුරෙක් විවේචනය කල නොහැකියි කියන්නේ මොන පදනමෙන්ද .

      Delete
    29. \\\පේලි අතර කියවීම කියන එක අහල නැද්ද , නැත්නම් දැනගෙනත් බබා පාට් දානවද ? \\\

      ***නිතිමය ක්‍රියා මාර්ග ගන්න බැය*** සහ ###ආවට ගියාට නඩු තීන්දුවක් හෝ මහේස්ත්‍රාත් වරයෙක්ගේ ප්‍රකාශයක් ගැන ප්‍රශ්න කිරීමක් කරන්නත් බැහැ###

      අතර වෙනස නොදන්නා නිකන් කට මැද දොඩවන කොල්ලෙක් සමග අධිකරණය සමග කතා කිරීම විහිළුවක්..

      \\\අභියෝගයක් කරනවා නම් ඔබට හැකි වෙන්න ඕනි එහෙම කරන්න බැරි වෙන්න නෛතික පදනම පැහැදිලි කරන්න \\\

      ඒක මම නෙවේ කරන්න ඕනේ මාතලන් හෝ ඔබ ..මම බෑ කියලා කියනවනම් ඔබට පුළුවන් වෙන්න ඕනේ " මෙන්න මේ ක්‍රමෙන් " කරන්න පුළුවන් කියලා කියන්න ..මම තුරුම්පු පිට දෙන ගොනෙක් නෙවේ ..

      \\\ශ්‍රේෂ්ඨාදිකරණයට ගියා නැතා මේ වගේ පාහර ප්‍රකාශ ගැන කථා කරලා මේ පුද්ගයින් අධිකරණ පද්ධතියෙන් ඉවත් කරන තැනට ගේන රටක මාධ්‍ය වල වගකීමක් (මේ සිදුවීම වෙනත් රටක වුනා නම් වෙන්නේ ඒක ) , ඒහෙම නොවෙන තැනක පුරවැසි මාධ්‍යන් හෝ ඒවා කථා කරන්න ඕනි . මහින්ද රාජපක්ෂට , රනිල් වික්‍රමසිංහට බනිණ පුරවැසි මාධ්‍යයක , ඊටත් වඩා අන්ත පහත් තැනක ඉන්න විනිසුරෙක් විවේචනය කල නොහැකියි කියන්නේ මොන පදනමෙන්ද . \\\

      අධිකරණය , නීතිය ගැන නොදන්න කට මැද දොඩවන කොල්ලෙක් එක්ක මෙවැනි දේ කතා කිරීමත් විහිළුවක්...ඕනේ කෙහෙල්මලක් කියාගන්න බුවා..උත්තර දීලා වැඩක් නැහැ ගොන් කතා වලට ... වචන සෙල්ලන් අනිත් උන් එක්ක දැම්මට මා එක්ක දාන්න එන්න එපා.. කට මැද දොඩවන කොල්ලෙක් එක්ක මෙවැනි දේ කතා කිරීමත් විහිළුවක්...!

      Delete
    30. තමන් මාර පොරක් කියලා හිතාන ලොකු ටෝක් දෙන මී හරකා මොකාද කියලා හොඳටම පැහැදිලියි , වාද කරන්න ගිහින් *ක පැලෙන්න වදින කොට තමුසේ වගේ ලිං මැඩි ගොබිලෝ විතරක් නෙවෙයි ඊට වඩා මහ ලොකු පොරවලුත් දෙන සාම්ප්‍රදායික ටෝකම තමයි "කථා කරලා වැඩක් නැ" කියන එක . අනික් උන් එක්ක දාන වචන සෙල්ලම් තමුසෙත් එක්ක දාන්න බැරි බව නම් තේරෙනවා , මොකද මානසික රෝගියෝත් එක්ක සංවාද කරන්න බැරි නිසා . ස්තුතියි තමන්ගේ සැබැ තත්වය පෙන්නුවට , මොකද ඉස්සරහට තමුසෙගේ පල් හැලි ලේසියෙන්ම මග හැරලා යන්න සිහි බුද්ධිය තියන බ්ලොග් කරුවන්ට හැකියාව තියන නිසා

      Delete
    31. @ බුවා


      රිදුණද මහා ලොකු දේශපාලන විද්වත් පොරට බ්ලොග් අවකාශේ ...? ලස්සනට වැදිලා නේද බුවෝ ...? හයියෝ සල්ලි ...

      ඔබේ කට මැද කුණුහරප කියන කොලු බට්ටගේ පහත් ගතිය මෙසේ හෙළි දරව් කිරීම ගැන බොහොම ස්තූතියි බුවා..මටත් ඕනේ උනේ මේකයි...

      ඔබට සුබ දවසක් බුවා...

      Delete
    32. ඇයි කථා කරලා වැඩක් නැහැය කියලා ආයේ කියවන්නේ , කථා කරලා වැඩක් නැත් එවුන් එක්ක කථා නොකර තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්නවකො

      ප.ලි - කුණු හරුප කියන්නේ මොනවද කියල දන්නෙ නැත්නම් ඉස්කොලේ යන පොඩි එකෙක් ගෙන් අහගන්නවා

      Delete
    33. \\\\ඇයි කථා කරලා වැඩක් නැහැය කියලා ආයේ කියවන්නේ , කථා කරලා වැඩක් නැත් එවුන් එක්ක කථා නොකර තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්නවකො \\\

      උඹ නියම භාණ්ඩේ බන්.. පොඩ්ඩක් කූල් වෙයන්කෝ ... කෙන්තිගන්න එපා මෙයා..වයසට යයි ඉක්මණින්...තාම සුට්ටන් කොල්ලෙක්නේ..

      Delete
    34. මගේ වයස ගැන කරදර වෙන්න එපා , තවත් පීචං නොවී අඩුම තරමේ තමන් කිව්ව දේ වත් පිලිපැදහන් මනුස්සයෙක් වගේ

      Delete
    35. \\\ප.ලි - කුණු හරුප කියන්නේ මොනවද කියල දන්නෙ නැත්නම් ඉස්කොලේ යන පොඩි එකෙක් ගෙන් අහගන්නවා \\\

      දැන් ටිකකට කළින් අහගත්තා බන්..


      ( බුවා මල්ලි ඔයා එක දිගට රිප්ලයි කරන්න ..මම කම්මැලි වගේ වෙලාවට ඇවිත් එකින් එක රිප්ලයි කරලා යන්නම් ඔයාට ගැලපෙන දැනුම් මට්ටමෙන් හොඳද කොලු පුන්චෝ ..? ආහ් දැන් පටන් ගන්න බලන්න... )

      Delete
    36. @බුවාගේ සිතුවිලි
      "We intended to talk about hysteria and now hysteria makes us talk;" -The Hysteric's Discourse Gérard Wajcman
      බුවා මේකට මනෝ විශ්ලේෂණය තුල කියන්නේ හිස්ටරිකකරණය. මෙතෙන්දි අපි සහන්ට මොනවා කිව්වත් වැඩක් නැහැ එයා හිස්ටරික විදියට මාස්ටර් කෙනෙක් හොයන්නේ අපි මෙතෙන්දි මාස්ටර් වෙලා එයාට දැනුම නිෂ්පාදනය කරන්න ගියොත් එයා ඒ දැනුම භාෂාව තුල පරාජය කරනවා මේක ඉවරයක් නැති ගේමක් මෙයාගෙන් අපි අහන්න ඕනෑ ඔයාට මොනවද ඕනෑ කියන එකයි. නැත්නම් මේක ඉවරයක් නැහැ.
      මේ ලිපිය තේරුම ගන්න පුළුවන් නම සහන් ව තේරුම ගන්න පුළුවන්
      http://www.lacan.com/hystericdiscf.htm

      Delete
    37. @ උදිත ,

      ඔයත් ආව එක හොඳයි උදිත..මම පාලුවෙන් හිටියේ..ඔයාට මතකද " අපි දෙන්නා සහෝදරයෝ " කියලා දවසක් කිව්වා ...? නිකන් නෙවේ අතිජාත සහෝදරයෝ කියලා කිව්වේ..ඒ කියන්නේ මට ඇති හිස්ටීරියාවම උදිටත් තියෙනවා ..මට තියෙන අවුල් සියල්ලම උදිතටත් තියෙනවා .. නැහැ කියන්න එපා හොඳද ...? ශාක්ෂි තියෙනවා ..:D

      Delete
    38. අනිත් හැම දේම වගේ කුනුහරුප කියන්නෙ මොනවද කියලත් සහන්ට තේරෙන්නෙ නෑ. එහෙම බැලුවොත් ඔයා මෙතන කියන්නෙත් ඒව.

      Delete
    39. හානේ මෙන්න බලන්න රාජ් හොයාගෙන තියෙන දේ...කට්ටියම එතනට ගිහින් බලන්න... නැත්නම් එයාගේ හිතට හරි නැහැනේ...තව ඒවා හොයාගත්තොත් දාන්න හොඳේ...?

      ඒක නෙවේ රාජ් " හඳ " කියන්නේ මොකක්ද ...? ( මොන්ටිසෝරියේදී එහෙම උගන්නවා..බය නැතුව උත්තර දෙන්න ළමයෝ )

      Delete
    40. පිස්සු හැදෙනවා.දිගටම මේ සංවාදේ කරගෙන යන්ඩකෝ.පිස්සෝ හොයාගන්ඩ පුළුවන් අපිට...:D

      Delete
    41. සහන් කොහොමත් ගැහැණුන් එක්ක වෛරයිනේ.

      Delete
    42. අනේ මහේ නම් වෛරයක් නැහැ මෙයා..ඒත් ගෑණු ටික නම් මා එක්ක වෛරෙන් ඉන්නේ...

      Delete
    43. රාජ් - සහන් මුත්තා පෙති ටික බීල එනකන් ඉඳහන් එතකන් කියවන ඒවා ගණන් ගන්න එපා

      Delete
    44. එයාට මම පොඩි පැවරුමක් දීලා තියෙන්නේ...එයා උත්තරේ හොයන් එනකම් මේ කොලු පුන්චට දෙන්නද පුංචි පැවරුමක්..? හ්ම්ම්ම්ම් මොකද කියන්නේ ...ඔක්කෝටම කළින් ඉස්කෝලේ වැඩ ටික ඉවරද කියන්නකෝ අද ටීචර් දීපු.. ?

      Delete
    45. පෙති ටික බීල ඉන්න ...ඊට පස්සෙ කථා කරමු

      Delete
    46. ඔයාටත් එහෙනම් ලේසි ප්‍රශ්නයක් දෙන්නම්කො...මට කියන්න බලන්න " හඳ " කියන්නේ මොකක්ද කියලා..? කව්ද බලමු ඉස්සෙල්ලම උත්තරේ දෙන දස්සයා...

      Delete
  3. මේක තාමත් උසාවිය ඉස්සරහ විභාගවෙන කරුණක් නිසා වැඩිදුර කතාබහ කරන එක හොඳ නෑ.... ඒත් තාමත් ආපු කොමෙන්ට් වලින් උදිත අහපු දේට හරිහමන් උත්තරයක් ආවෙ නෑ..
    සරල ප්‍රශ්ණයක්නෙ .... කොටට අඳින එක ලංකාවෙනීතියෙන් තහනම්ද...?

    ඔව් නම්.... කතාබහ එතනින් ඉවරයි....

    නෑ නම් ...?

    ReplyDelete
  4. මේ කාරණයේ දී මම නම් සම්පූර්ණයෙන්ම විරුද්ධයි මහේස්ත්‍රාත් තුමාගේ ප්‍රකාශය සමග. ඕනෙ කෙනෙක්ට තමන් කැමති ආකාරයක් ඇදුමක ඇදීමේ නිදහස තිබෙනවා. ඒක කොච්චර සදාචාර සම්පන්න ද කියන එක තීරණය කළ යුත්තේ අදින කෙනාමයි. අනික එහෙම ඇන්ද කියලා ලිංගික අපචාරයක් කරන්න තියන අයිතිය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. හරක් වෙදෙක් මොනවද මේ වගේ තැනක කරන්නේ?

      Delete
    2. හරකෙක් හොයන් ආවා දැන් හම්බු වුනා.

      Delete
    3. //හරකෙක් හොයන් ආවා දැන් හම්බු වුනා.//

      nice reply

      Delete
  5. අග්‍රවිනිශ්චකරයා මහපාරේ කාරෙකක් ඇතුලේ බඩු ගහපු රටේ, විත්තිකාරයා නිදහස් කරන්න, විත්තිකාරයගේ ගෑණිව චේම්බර් එක ඇතුලේ රේප් කරපු රටේ මේවා මහ දේවල් නෙමෙයි. මේ වගේ ඔල මොට්ටල බූරුවෝ නිසා මිනිස්සු නීතිය අතට ගන්න වැඩි කල් යන්නේ නෑ. දැනටත් වෙන්නේ එකයි. කොහොමත් අධිකරණය කියන්නේ බල්ලට ගියපු තැනක්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ප්‍රතිකාර අවශ්‍ය මූලයටයි.අන්‍ය මටහ් නො ඉවසන අශිෂ්ට බ්ලොග්කරුවගේ සිට හැම තැනටම ප්‍රතිකාරය විහිදිය යුතුයි.අශිෂ්ට බ්ලොග්කරුවාත් ස්ත්‍රී දූශකයත් එකම නරක් වූ අච්චුවකින් හදපු භාන්ඩ තමයි.

      Delete
    2. ඔයා හරි වැදගත් බ්ලොග්කාරයා. බ්ලොග් එකේ තියෙන පින්තූර ටිකෙන් පේනවා මොකක්ද ලෙඩේ කියලා.... අවුලක් නෑ පිස්සොත් කොහෙත් ඉන්නවනේ...

      Delete
  6. මෙතන කමෙන්ට්ස් කියවද්දී කතාවක් මතක් වුණා. මතක විදිහට මෙහෙම යි. කාන්තාවක් පොලිසියට පැමිණිලි කරනවා ඇයගේ අසල්වැසිය හැමදාම එක වෙලාවක ඇයව අපහසුතාවට පත්වෙන විදිහට ඔහුගේ නිරුවත පෙන්වනවා කියල. ඉතින් පොලිසියත් ඒ කියපු වෙලාවට එනවා. ඒත් එහෙම සැක කරන්න තරම් දෙයක් පේන්න නෑ. ඉතින් පොලිස් නිලදාරියා අහනවා කෝ වැරද්දක් නෑනේ කියල. එතකොට ඒ කාන්තාව කරන්නේ පොලිසියට ගෙදර කුස්සියට අඬගහන එක. කුස්සියට ගියාට පස්සේ කියනවා ළඟ තියන බංකුවට නැගල ඉහල වාකවුලුවෙන් පිටත බලන්න කියල. පොලිස් නිලධාරියත් කියපු විදිහට කරනවා. ඔන්න එතකොට නිරුවත් අසල්වැසියා නම් පෙනෙනවා, හැබැයි ඔහු ඉන්නේ නාන කාමරයේ නාමින්.

    ඉතින් මෙතන වැරැද්ද කාන්තාවගේ කියල කියන අය වැරදිලාවත් ගෙදර නාන කාමරයේවත් නිරුවත්ව නාන්න එපා. වැරදිලාවත් මොනවත් වුනොත් වැරැද්ද ඔයාලගනේ.

    ReplyDelete
    Replies
    1. වැරැද්ද කාන්තාවගේ වත් පිරිමි‍යාගේවත් නොවේ.පරිසරය විසින් ලිංගිකතවය අවුල් කරන එකෙයි වැරද්ද.මේ ප්‍රශ්නෙ සම්පූර්නයෙන්ම විසදන්න පුළුවන් .ස්ත්‍රීවාදීන් එක්කයි බැරි.කාන්තාවන්ට නුසුදුසු හා සුදුසු හැසිරීම් ගැන කතා කරනකොට ස්ත්‍රීවාදීන් ගේම ඉල්ලනවා

      Delete
    2. ලිය වරුණ, මම ඔබේ කමෙන්ට්ස් කීපයක්ම දැක්කා, ස්ත්‍රීවාදීන් ගැන බොහොම බයෙන් ලියපු. මටනම් ඔවුන් සත පහකට ගණන් ගන්නෙ නෑ.
      ඒ වුනාට, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය නැති වේගන යන අතරතුර නඩුකාරයන් විසින් නඩුතීන්දුව දීමට අමතරව කරන මේ අතිපණ්ඩිත කතා නිසා, නීතිය හා අධිකරණය හෑල්ලුවට පත් කරන්නන්ට වාසි සැළසෙනවා.
      නඩුකාරයා කරන්නෙ ඉදිරිපත් වූ කරුණු දෙස බලා නීතියට අනුව තීන්දුවකට එළඹීමයි. ඔය නර්ස් ඇඳගෙන ගිය ඇඳුම ගැන විත්තියේ නීතිඥයා ප්‍රශ්න කළානම් ඒක වෙනම කතාවක්.

      Delete
  7. උදිත...

    දිවයින පුවත කියෙව්වම තේරෙන්‌ෙන් පැමිණිල්ල ඉවතට විසි වෙලා වගේ කතාවක්... ඒක එහෙමද....?

    ReplyDelete
    Replies
    1. පුවතේ සඳහන් විදියට නම් මේ හෙදිය ළඟම තියෙන රෝහලට පයින් ගිහින් වෙන්න ඕනේ.. සාමාන්‍යයෙන් කොට ඇඳුමක් වන හෙදි නිල ඇඳුම පාරේ ඇඳගෙන යන්නේ නෑ එක්කෝ පෞද්ගලික වහනයක යනවා නම් හෝ පයින් යන දුරක රෝහල තියෙනව නම් මිසක්....

      මට ලියවරුණගේ ස්ත්‍රිවාදය පෙන්නන්න බැරි උනත් එයා කියලා තියෙනව වගේ නඩුකාරතුමා කතා කර තියෙන්නේ යථාර්ථය කියලා හිතෙනවා.... ඒ මේ ලිංගික කුහක සමාජයේම එක කොටසක් නිසා එතුමත්...

      ලාංකික සමාජය ලිංගිකත්වය අතින් මානසික රෝගී සමාජයක්..... ඒක හදන්න පුලුවන් නීතියෙන්ම විතරයි.... මේ සම්බන්ධයෙන් නඩුවක් යනවා නම් කාන්තාවගේ ඇඳුම provocative ද නැද්ද කියන එක නීතියෙන් සැලකිය යුතු නෑ.... කරපු ක්‍රියාව පමණයි සැලකිය යුත්තේ.... ඒකයි විය යුත්ත...

      නමුත් ඇත්ත කතාව නම් කොට ඇදුමක් තියා ශරීරයේ වැසිය යුතු තැන් වැහෙන, සාමාන්‍ය ඩෙනිම් කලිසමක් සහ ටී ෂර්ට් එකක් හෝ සායක් සහ බ්ලවුස් එකක් අඳලා වත් අද ලංකාවේ පාරක, මහා දවල්ට හෝ රෑට, ගැහැණියකට යන්න බෑ. අනවශ්‍ය විහිළු, විස්ල් කිරීම්, ඕනෙකමින්ම වාහන මඩ වලවල් වලට දැමීම්, වාහන ඇඟට කැපීම් සහ අවස්ථාවක් ලැබුණ ගමන් අනවශ්‍ය අතපත ගෑම් හෝ ඊටත් එහා ගිය අතවර වලට ලක් වෙන්නේ නැතුව... ඕවට හේතුව කාන්තාවගේ ඇඳුම නෙවෙයි... ඒක හොඳටම පැහැදිලියි...ඕවට හරිම හේතුව අපේ මිනිස්සුන්ගේ ලිංගික අසහනකාරී මානසිකත්වය.....

      ( අපේ කාන්තාවන්ගේ ඇදුම් ඇඳීමේ වැරදි නෑ කියලා මම කියනවා නෙවෙයි... අවස්ථාවට, යන තැනට ගැලපෙන්න ඇදුම් අදින්නේ නැති කාන්තාවන් ඉන්නවා... හැබැයි ඒක නොදැනුවත්කම... නැතුව ලාංකීය සමාජයේ කිසිම කාන්තාවක් තමන්ගේ කැමැත්තෙන් දූෂණයට, අතවරයට ලක්වෙන්නේ නෑ.... තමන්ගේ කැමැත්ත ඇතුව ලිංගික ක්‍රියාවක හෝ මේ වගේ දෙයක හෝ යෙදෙනවා නම් ඒ සිද්ධියට නීතිය ඉදිරියට යන්නත් කිසිම කාන්තාවක් පෙළඹෙන්නේ නෑ... )

      මේ වගේ වෙලාවකට කාන්තාවට තියෙන එකම සාධාරණ පිහිට නීතිය විතරයි... ඒත් අපිට අද මෙහෙම සිද්ධියකට ලක්වෙච්ච කාන්තාවක්ව නීතිය ඉදිරියට ගෙන්නත් පුදුම සටනක් කරන්න වෙලා තියෙන රටක්.... මොකද දුෂණයක් පවා ලැජ්ජාවට හංගගෙන ඉන්න රටක් මේක....

      තනිකරම මේ හේතුව නිසා අසාධාරණයට ලක් වෙච්ච කෙනෙක් මම.... මට අද වෙලා තියෙන්නෙත් ඔය වගේ දේවල් වලට ලක් වෙන්න තියෙන ඉඩකඩ මගේ පැත්තෙන් පුලුවන් තරම් අඩු කරන එක විතරයි.... ශරීරය හොඳට වැහෙන්න අඳින එක සහ රාත්‍රියට ගමන් බිමන් නොයා සිටීම... හැබැයි ඒක මානව හිමිකම් පැත්තෙන් ගත්තොත් අන්තිම අසාධාරණයි.... ඒ වෙනුවෙන් මම කරපු ලොකුම කැපකිරීම මගේ රස්සාව... එන්න රෑ වෙන නිසා, බස් එකේ එන්න වෙන නිසා අපේ මහත්තයා කැමති නෑ මම රස්සාවට යනවට... මේ වගේ ප්‍රශ්න ඇති වෙයි කියලා.... ( රස්සාව කරපු කාලයෙත් ඇති වෙන්න මේ සිද්ධියේ වගේ අතවර වලට ලක් උනා මම කිහිප වතාවක්ම බස් එකේදි, පාරෙදි... ඒ ගැන පෝස්ට් එකක්මත් ලියලා තියෙනවා... තමන් ආදරය කරන කෙනාව රැක ගන්න එහෙම තීරණයක් ගත්තා කියලා මට අපේ මහත්තයට දොස් කියන්නත් බෑ මේ වෙන දේවල් වල හැටියට.. ) කොහොමහරි අවුරුදු 23ක් විතර එක දිගට මහන්සි වෙලා ඉගෙන ගෙන අන්තිමට මටත් සිද්ධ වෙලා තියෙන්නේ ගෙදරට වෙලා ඉන්න...

      මම හැම තැනදිම උත්සාහ කරන්නේ මගෙන් පස්සේ පරම්පරාවට වත් මට වෙච්ච දේ නොවෙන්න වැඩ කරන්න... මගේ දුවෙක්ට රෑට පාරේ බැහැලා යන්න බය නිසා රස්සාවකට නොගිහින් ඉන්න සිද්ධ නොවෙන්නයි මට ඕනේ කරන්නේ.... එහෙ ම ආරක්ෂාකාරී සමාජයක් හදන්න මේ වගේ නඩු විභාග වලදි ගන්න තීන්දු තීරණ හරිම වැදගත්...

      හැබැයි මේ පවතින තත්වයම තව දුරටත් පවතියි කියලා තමයි මට හිතෙන්නේ දැන්... මොකද ලංකාවේ අධිකරණයෙන් මේ වගේ සිද්ධියකදි ලැබෙන්නෙ මෙහෙම අවවාද, උපදෙස් නම්, නීතියෙන් කාන්තාවන්ට පිලිසරණක් නැති බව හොඳටම පැහැදිලියි .... කවදා හරි මගේ දුවෙක්ට සිද්ධ වෙන්නෙත් අද මට සිද්ධ වෙලා තියෙන දේම තමයි.... ඒක නම් පැහැදිලියි...

      Delete
    2. ඇත්තටම හිරුට එහෙම දෙයක් වුනාය කියනවා නම් ඒ ගැන මට ලොකු කනගාටුවක් වගේම වේදනාවක් ඇති වුනා.ඒත් හිරු මේ සමාජයේ තිබෙන ලිංගික අර්බුදය තමයි ඒකට හේතුව.පාරිභෝජන වාදී සමාජය ලිංගිකතවය පමණක් නොවෙයි හැම දෙයක්ම අවුස්සනවා.ඒකයි වරද සල්ලිකාරය තමන්ගෙ අවශ්‍යතා කොහොමහරි ඉටු කර .ගන්නවා.දුප්පතා කොහෙ හරි යන අහිංසක කෙල්ලක් බිම පෙරලගන්නවා.අද තිබෙන ආර්ථික ප්‍රශ්න එක්ක විවාහ වෙන එකම මොනතරම් අභියෝගයක්ද?සල්ලි නැති නිසා විවාහ නොවුන තරුණයො මට මුණ ගැහිලා තිබෙනවා.තරුණියන්ගෙ තත්වය මීට වඩා ශෝචනීයයි.කොල්ලො නම් බඩු පොට් වලට හරි යනවා.කෙල්ලන්ට වම්බටුවල පිහිටයි. හැම ගමකටම වම්බටු හේන් දාන්න වෙනවා මෙහෙම වුනාම.
      මීට ඇත්තේ එකම විසදුමයි නිසි කළ විවාහය,කාන්තාවන්ට විනීත ඇදුම්,කාන්තාවන් හා පිරිමින් වෙන් කර තැබීම,නුසුදුසු තැන්වල කාන්තාවන් නොගැවසීම,හා ඒ බරියරුත් පෙරලගෙන එනවනම් දැඩි දඩුවම්.
      මෙතන නුසුදුසු තන් කියන්නේ රාත්‍රී ගමන් නොවෙයි.කාන්තාවන්ට යම් ආරක්ෂාවක් තිබීම වදගත්.බලන්න හිජාබ් ඇදගෙන ඉන්න මුස්ලිම් ගෑනියෙක් දිහා කාටවත්ම කාමුක හැගීමක් ඇති නොවන බව

      ඔක්කොම එළියෙ දාගෙන ඒ අම්දිවට කුණුඅහ්‍රප කියන ගෑනුන්ගෙන් රජයේ හා පෞද්ගලික ආයටහ්න පිරිලා බව ඔබ දන්නවා ඇති
      මේවා කියන්නේ බ කෝපගන්වන්න නොවෙයි.ඔබට හිතා බලන්න.ඔබ කලබල වෙලා කොමෙන්ට් ඩිලීට් කරන නිසා මෙය මිත්‍රත්වයේ හස්තය සහිතව ඔබට ලියනවා.කමතිනම් මට බනින්න.මාම් සර්ව සම්පූර්න කෙනෙක් නොවෙයි මගෙ අදහස් සමහරක් වැරදි වෙන්න පුළුවන්.නමුත් මට වෙනත් මත ගැන ඉවසීමක් තිබෙනවා.කොමෙන්ට් ටයිප් කරන්න යන වෙලා ව අපරාදේ කියා මම කවදාවත් හිතන්නේ නෑ.

      Delete
    3. //මීට ඇත්තේ එකම විසදුමයි නිසි කළ විවාහය,කාන්තාවන්ට විනීත ඇදුම්,කාන්තාවන් හා පිරිමින් වෙන් කර තැබීම,නුසුදුසු තැන්වල කාන්තාවන් නොගැවසීම,හා ඒ බරියරුත් පෙරලගෙන එනවනම් දැඩි දඩුවම්.//
      ඔබගේ ගෝත්‍රික අදහස් ගැන කණගාටු වනවා හැර වෙන කිවහැකි දෙයක් නොමැත.ස්ත්‍රී සිරුරට ඇෆ්හනිස්ථානයේ තලිබාන් මුල්ලා මානසිකත්වය පරිගණක භාවිතා කරන ඔබට තිබීම මානසික රෝගයකි ඔබ පතුරවන්නේ වෙන කුමක්වත් නොව මානසික රෝගයකි. ශිෂ්ඨ සමාජයට පෙර ගෝත්‍රික මිනිසුන්ට තිබූ මානසක උරුමකරුවෙකු වීම ආඩම්බරයට කරුණක් යැයි සිතීමද ලාංකීය රෝග ලක්ෂණයකි. ඔබගේ අපූරු විසඳුම් නොමැතිව ගැහැනියකට තමන් කැමති ඇඳුමක් ඇදන් රෑ දොළහට වුවත් පාරේ යා හැකි ශිෂ්ටාචාරගත සමාජ ලෝකයේ දියුණු රටවල ඕනෑ තරම් ඇත. එවන් රටවල දඬුවම් දෙන්නේ ගැනු ඇඟවල් දැකීම නිසා මෝල් කෙලින් වෙන පිරිමින්ට සත්ත්ව ගතිගුණ ඇති මිනිසුන්ට මිස ගැහැනුන්ට නොවේ. එවන් සමාජ වල තමන්ගේ සැමියාට වුව හෙළුවෙන් ඇදේ නිදාගන්නා බිරිඳට අකමැත්තෙන් අත තැබීමට අයිතියක් නැත. ගෑනිගේ හෙළුව දැකීම නිසා මට මෝල් කෙලින් වුණා යැයි එවන් ශිෂ්ඨ රටවල උසාවියක සැමියටවත් නිදහසට කරුණක් ලෙස කිව නොහැක.ගෝත්‍රික මනසක් උරුම නමුත් නුතන ගැලැක්සි සෙල් ෆෝන් අතින් ගත් ඔබලා ගැන දුක සිතීම ඇර වෙන සෙයක් නැත. ඕකට දීප්ති කුමාර ගුණරත්න කිවේ "කඳ ජපන් ඔලුව මනමේ" කියාය.

      Delete
    4. මෙවන් ගෑණුන් ඉන්නා රටක ඔක්කෝම බඩු කාරයෝ උනත් ඒකේ පුදුම වෙන්න දෙයක් නෑ..

      Delete
    5. ලියවරුණ

      දැන්වත් තේරුම් ගන්න කමෙන්ට් එක ඩිලීට් කළේ ඔයා එක්ක තරහකට නෙවෙයි... ඔයාට කියලා වැඩක් නැහැ කියලා මට හිතෙන නිසා.. ඔයා කියන දේවල් තේරුම් ගන්නවා කියලා මට නම් තේරෙන්නේ නෑ... ස්ත්‍රී දූෂන වලට විසඳුම මුස්ලිම් ආගමේ තියෙන නීති..!!! ඔයා සීරීයස්ද ඔය කියන්නේ...?

      ඇත්තටම ඔයාගේ මේ කමෙන්ට් එක දැක්කම මට හිතෙන්නේ මෙහෙම හිතන පිරිමි ඉන්න රටක නම් ඔයා ඔය කියන ජාතියේ ස්ත්‍රීවාදියෙක් උනා කියලා කිසිම කෙනෙක් දොස් කියන එකක් නෑ.... ඒ තරම් ඔයා මේ ගැහැණු ගැන දරන මත, ගැහැණු සම්බන්ධයෙන් අසාධාරණයි... ඒකට ලොකුම උදාහරණය ඔයා දීලා තියෙන ලොකු විසඳුම් දෙක....

      ව්වාහ වෙන්න නීති දාන්න දෙයක් නෑ.. විවාහය කියන්නේ පුද්ගල අයිතිවාසිකමක්... ඒකට එක එක සමාජවල තියෙන සම්ප්‍රදායන්, ආර්ථික අවශ්‍යතා බලපෑම් කරනවා.... ඒකට ගැහැණු දුෂණ කරන එක විසඳුමක් නම් ගෑණුත් පිරිමින්ව දූෂණය කරන්න එපැයි.... ඔය ඕනේ තරම් ඉන්නේ ආර්ථික අමරුකම් නිසා විවාහය කල් ගිය මැදිවියේ ගැහැණු... ඒ අය දකින දකින පිරිමින්ව පෙරලගෙන දූෂණය කරනවද?

      //බලන්න හිජාබ් ඇදගෙන ඉන්න මුස්ලිම් ගෑනියෙක් දිහා කාටවත්ම කාමුක හැගීමක් ඇති නොවන බව//

      ලෝගු ඇඳිල්ල ගැන කියන්න තියෙන්නේ මම මගේ මනුස්සකමට ලෝගු ඇඳගත්ත ගෑණීයෙක්, ගෑණියෙක් විදියට සලකනවා මිසක්, මට ඒ අය ගැන අනුකම්පාවක් සහ මනුස්සකමක් කියලා එකක් නොතිබුනා නම් මං සලකන්නේ වෙනත් නොසලකා හැරිය යුතු සතෙක් විදියට විතරයි... මොකද මට ඒ “ ගෑණීයෙක්” විදියට පේන්නේ නැති නිසා... ගැණු කියන්නේ මනුස්සයෙක්ගේ ඇහැට දකින්න ප්‍රිය සිරුරක් තියෙන, මුහුණෙ ප්‍රියජනක හිනාවක් තියෙන හරිම ලස්සන ජාතියක්.... ඒත් ඔය ලෝගු ඇඳපු අයගේ ඒ එක ලක්ෂණයක් වත් මට නම් පේන්නේ නෑ....

      මගේ ආදරවන්තයා හෝ මගේ පිරිමි යාලුවෝ එක්ක මට කඩේකට යන්න හෝ බස් එකේ යන්න හෝ පාරේ කතා කර කර යන්න හෝ සෙල්ලමකට සහභාගී වෙන්න බැරි නීතියක් තියෙනවා නම් මම ඒ නීතිය දාපු එකාව මරාගෙන මැරෙනවා.... එහෙම නැත්තම් ප්‍රසිද්ධියේම ඒ නීතිය කඩනවා.... ඒක අසාධාරණයි කියලා කිසිම සාධාරණ “ මනුස්සයෙක්” කියන එකක් නෑ....

      Delete
    6. කොහොමහරි අවුරුදු 23ක් විතර එක දිගට මහන්සි වෙලා ඉගෙන ගෙන අන්තිමට මටත් සිද්ධ වෙලා තියෙන්නේ ගෙදරට වෙලා ඉන්න...//

      ඒ ගැන නම් ඇත්තටම මට දුකයි

      මගේ දුවෙක්ට රෑට පාරේ බැහැලා යන්න බය නිසා රස්සාවකට නොගිහින් ඉන්න සිද්ධ නොවෙන්නයි මට ඕනේ කරන්නේ//
      මම බ්ලොග් ලියන්නේ ඒකට තමයි.මම සිල්ලරේට කරන මෙයට ඔබ වැනි කාන්තාවන් එක් වුනොත් විශාල දෙයක් වේවි.මේ පුංචි පැළේ ඉක්මනින් රූස්ස ගසක් වේවි.මෙය රූස්ස ගසක් වීම කාලය පිළිබද ප්‍රශ්නයක් පමනයි.ඒක ඉක්මන් වේවි

      මගේ ආදරවන්තයා හෝ මගේ පිරිමි යාලුවෝ එක්ක මට කඩේකට යන්න හෝ බස් එකේ යන්න හෝ පාරේ කතා කර කර යන්න හෝ සෙල්ලමකට සහභාගී වෙන්න බැරි නීතියක් තියෙනවා නම් මම ඒ නීතිය දාපු එකාව මරාගෙන මැරෙනවා//

      මේ වචන ටික අහලා මම මහත් සේ භීතියට පත් වුනා.මම ගෑනු කෙනෙක්ගෙන් කවදාවත්ම අහන්න බලාපොරොත්තුවුන වචන ටිකක් නොවෙයි.ඔබත් මේක සීරියස් ලෙස කියන්න නැතිව ඇති.කාන්තාවකගේ වචන වලත් සුන්දරත්වයක් තිබිය යුතුයි.සමාජය ඇයගේ සුන්දරත්වය සංයමයෙන් රස විදිය යුතුයි.

      කාන්තාවන් පිරිමින්ගෙන් වෙන්ව සිටිය යුතුයි.පිරිමින් එක්ක හුරතල් වෙන ඊනියා සෝෂල් ගෑනුන්ගෙ පවුල් ජීවිත අසාර්ථක වෙලා තිබෙනවා.

      මේ අදහස්වල වාසිය කාන්තාවන්ටයි.හරිනම් අපෙන් ගේම ඉල්ලන්න ඕන බඩුකාරයො.කාන්තාවන් අපිට සහාය දිය යුතුයි.
      මිහිරි හඩින් කතාකරන ,පිරිමින්ගෙන් වෙන්ව සිටින ,ලලිත ලතාවෙන් ඇවිදින,නපුරු දේ සිතන්නේවත් නැති කාන්තා රත්නයන් පිරි රටක ඔය අතවර වෙන්නේ නෑ.

      ඔබේ සිත පිරිසිදු කරගත් විට ඒ චෛතසික බලයෙන් අන් අයගේ මනසත් පිරිසිදු වෙනවා.
      මම ඔය කියන කාන්තාවන්ට පිරිමි වසඟ වෙනවා.එවැනි කාන්තාවක් බසයට නැගුනොත් අඩුගානෙ පිරිමියෙක් ඇය ලගින් වාඩිවෙන්නත් මැලි වේවි.ඒක තමයි ඇත්ත.
      ඔබ පිරිමින්ට මෛත්‍රී කලොත් ඔවුන් ඔබට අවනත වේවි.අප කළ යුත්තේ වෛරයෙන් තොර සමාජයක් හදන්නයි.බටහිර ක්‍රමයට ඊට විසදුම් නෑ.
      තමන්ගෙ ගෞරවය රැකගෙන ඉන්න ගෑනුන්ට ඔය කියන කිසි කරදරයක් නෑ.ඕනවට වඩා පිරිමි එක්ක හුරතල් වෙන්න යන එකයි නරක.

      මම වෙන කෙනෙක් එක්ක නම් මෙහෙම දෙකට නැමිලා වාද කරන්නේ නෑ.කාන්තාවක් ලෙස මම ඔබට ගරු කරන නිසයි මේ වගෙ අවනතබවක් පෙන්වන්නේ.

      Delete
    7. අපෝ නෑ.. මම සීරියස් තමයි ඒක කිව්වේ.... දැන් තේරෙනවානේ... දරා ගන්න බැරි පීඩනයක් එද්දි ඒක කොතනින් හරි පුපුරනවා කියලා... ඔයාගේ ඔය බටහිර ස්ත්‍රීවාදී අදහසේ මුලත් ඒකම තමයි... දැන් ඒක විකාරයක් වෙලා තිබ්බට...

      //කාන්තාවන් පිරිමින්ගෙන් වෙන්ව සිටිය යුතුයි.පිරිමින් එක්ක හුරතල් වෙන ඊනියා සෝෂල් ගෑනුන්ගෙ පවුල් ජීවිත අසාර්ථක වෙලා තිබෙනවා.//

      කොහෙත්ම නෑ... මම ඒකට කො‌ෙහත්ම එකඟ නෑ.... මොකද එහෙනං මටත් එහෙම වෙලා තියෙන්න ඕනේ... මට ඉස්කෝලේ යන කාලේ ඉඳලා හිටියේ පිරිමි ළමයි වැඩිපුරම යාලුවෝ විදියට.. අදටත් මගේ හොඳම යාලුවෝ දෙන්නා පිරිමි ... මගේ මහත්තයාගේ හොඳම යාලුවා ගැහැණු කෙනෙක්... අදටත් ඒ යාලුවෝ ඒ විදියටම ඉන්නවා.... ඒ අය මායි මහත්තයයි එක්ක කතා කරනවා.. අපි පවුල් පිටින් ට්‍රිප් යනවා.... මගේ පවුල් ජීවිතය ගැන මම බොහෝ දුරට තෘප්තිමත්....

      අනිත් එක පිරිමිත් එක්ක හුරතල් වෙනවා කියලා ඔයා අදහස් කරන්නේ ලිංගිකව හැසිරෙන එක නෙවෙයි කියලා මං හිතනවා... සමාන්‍යයෙන් එක ගැහැණීයකට එක පිරිමියෙක් ඇති වගේම එක පිරිමියෙක්ට එක ගැහැණීයක් ඇති ලිංගිකව හැසිරෙන්න.. විවාහක දෙන්නෙක් එතනින් එහාට යනවා නං, ඒ දෙන්නගෙම කැමැත්තෙන් කරන දෙයක් නම්! ඒකෙනුත් කිසිම වැඩක් නෑ මට නම්.. මොකද ලිංගිකත්වය කියන්නේ අතිශයින්ම පෞද්ගලික මානුෂීය අයිතිවාසිකමක්...

      ගෑණු පිරිමි වෙන් කරන්න අවශ්‍ය නෑ... අවශ්‍ය මිනිස්සු හැටියට දෙගොල්ලන්ගෙම මනස දියුණු කරන එකයි.... තමන් ලඟ ඉන්නේ ගැහැණීයක් හෝ පිරිමියෙක් නම් ඒ අයට මනුශ්‍යයෙක් හැටියට ගෞරව කරන්න තමන්ගේ මනස හදාගන්න ඕනේ.. ඒක අදාළයි පිරිමියෙක්ටත්... එහෙම තේරුම් ගත්ත පිරිසක් අතර ගැහැණු පිරිමි භේද නෑ... එකිනෙකාට ගෞරව කරන්න, ආරක්ෂ කරන්න ගැහැණු පිරිම බවේ කිසිම අදාළත්වයක් නෑ... ඒක මම අත්දැකීමෙන් කියන්නේ...

      මම ගැහැණීයක් නිසා මාත් එක්ක මෙහෙම කතා කරන්න ඕනේ නෑ... මම පිරිමි නමකින් ආවනං කියන්නෙත් මේ ටිකම තමයි.... මාත් එක්ක සංයමයෙන් කතා කරනවා නම් ඒක කරන්න ඕනේ මම ගැහැණීයක්ද පිරිමියෙක්ද කියලා හිතලා නෙවෙයි.... තමන් කතා කරන්නේ මනුස්සයෙක්, තමන් හා සමාන පුද්ගලයෙක් සහ කරන සංවාදය තේරුම් ගත හැකි මනසක් තියෙන කෙනෙක් විදියට හිතලා.... මේ සංවාද වලදි ඔය මාතලන්ලා, සහන්ලා සහ තව කීප දෙනෙක් එක්ක මම කොල්ලෙක් වගේ කතා කරන වෙලාවලුත් තියෙනවා... ඒ වෙලාවට ඒ අයත් ඒ විදියටම කතා කරනවා... ඒ සංවාදයේ යටින් තියෙන සංවේදීකම, බැඳීම මට වගේම ඒ අයටත් තේරෙනවා... ඒක මහ අමුතු දෙයක් නෙවෙයි අපිට... අපි එකිනෙකාට ගෞරව කරන්නේ මනුශ්‍ය ප්‍රාණීන් හැටියට ... හැබැයි අපේ සංවාද වලට කිසිසේත්ම අපේ ගැණු පිරිමි කම් නම් මෙච්චර කාලෙකට බලපාලා නෑ....

      Delete
  8. බොහොම සාර්ථකව මිනිස්සු හැම කෙනෙක්ම මේ ක්‍රමය කියන මහා විශාල යන්තරයේ පොඩි පොඩි කොටස් බවට පත්වේගෙන යනවා...අනික මේවා සාමාන්‍ය දේවල් කියල හැමෝම සද්ද නැතිව හිටියොත්, මේක ලංකාව නිසා ඔව්ව හරි දේවල් කියල ලියාපදිංචි වෙනවා...

    ReplyDelete
  9. කවරුහරි කොටට ඇදගෙන ගියොත් මට එයාව දූෂණය කරන්න අයිතියක් තියෙනවාද?වැල්ලේ සුද්දියෙකුට බිකිනියක් ඇදගෙන ඉන්න බැරිද?එයාවත් දූෂණය කරනවාද?මැද පෙරදිග කොට ඇදුම් නැති නිසා ස්ත්‍රී දූෂණ අඩුද?කාම උන්මාදයෙන් පෙලෙන්නන් ඉන්නේ මැද පෙරදිග නෙවෙයිද?ඉන්දියාවේ කාන්තාවන් ගොඩක් දුෂණය වෙලා තියෙන්නේ සාරිය ඇදගෙන ඉදපු වෙලාවන් වල කියන්නේ බොරුවක්ද?යුරෝපයේ ,ජපානේ කොරියාවේ කාන්තාවන් කොටට ඇදගෙන ගියාම ඒ අයව දූෂණය කරන අසහන කාරයෝ ඉන්නවාද? කොටට ඇදගෙන යාම ඒ රටවල අයට සාමාන්‍ය දෙයක් වුනත් අපේ වගේ රටවල අයගේ ඇග කිලිපොලා ගොස් කාමයෙන් උමතු වන්නේ අවුරුදු 2500 ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන නිසාද?

    ReplyDelete
    Replies
    1. //කොටට ඇදගෙන යාම ඒ රටවල අයට සාමාන්‍ය දෙයක් වුනත් අපේ වගේ රටවල අයගේ ඇග කිලිපොලා ගොස් කාමයෙන් උමතු වන්නේ අවුරුදු 2500 ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන නිසාද?//
      මේ පිස්සු ගෝත්‍රික මනස් ඇති අය 2500 ශ්‍රේෂ්ඨ ඉතිහාසයේ දරුවෝ නොවෙයි ඇත්තටම ඇනෝ මේ අය 56 බණ්ඩාරනායක ගේ දරුවෝ සහ 56 දරුවන්ගේ දරුවෝ. බණ්ඩා තමයි මුන්ගේ චන්දේ දිනලා බලය ගන්න ගෝත්‍රික ගති සිරිත් මාර දේවල් ටිකක් කියල උඩ දාල අන්දලා මේ අයට මෝඩ චුං එකක් දුන්නේ දැන් මුන් හිතනවා මුන් මාර පොරවල් ටිකක් කියල.

      Delete
    2. හරියටම හරි මචෝ.... ගොන් රැලක්...

      Delete
    3. වැඩේ තියන්නේ එන්න එන්නම මේ ගොන් රැල වැඩි වෙනවානේ...යකොඕ අපේ ළමයි තව අවූරුදු 10 කින් ලොකුවෙන්නේ මේ මානසික රෝග රැලක් එක්කනේ බන්... :( :(

      Delete
    4. සීගිරි ගියාමත් පරීක්‍ෂණ පැවැත්වූවාද??

      Delete
  10. විනිසුරුවන්ට දැන් දැන් මෙන්ටල් අප්සෙට් වේගෙන එනවද කොහෙද??

    ReplyDelete
  11. This judge needs psychiatric treatment. So do the majority of tribal Sri Lankans, starting at the very top.

    ReplyDelete
  12. මේ කමෙන්ට්ස් බැලුවාම මටනම් පේන්නේ ලංකාවේ මොන තරම් අසහන කාරයෝ ඉන්නවද කියලා. කෙල්ලෙක් කොටට ඇඳගෙන ඉන්නවට කොච්චර බයද කියලා....

    කව්රු මොනවා කිව්වත් මම නම් කියන්නේ ගැහැණියෙක් කොහොම හිටියත් අපිට පුළුවන් වෙන්න ඕන හිත පාලනය කරගන්න. මම දන්නවා, ගැහැණියක් කොටට ඇඳලා හිටියාම, නැත්නම් ටිකක් සෙක්සි විදිහට හිටියාම අපි ඇවිස්සෙනවා. මම වුනත් එහෙමයි. ඒත් එහෙම වුනා කියලා ඒ හැම ගැහැණියම අපේ ඇඳට ගන්න බැහැ. පුළුවන් අයත් ඉන්නවා කියමු. ඒක වුනත් කරන ක්‍රමයක් තියෙනවා. නැත්නම් ගැහැණියක් කොටට කකුල් පේන්න ඇඳලා ඉන්න වා දැක්ක ගමන් එයාව උස්සන්න හදන්නේ අසහන කාරයෝ. ඒ වගේ අයට තමයි ගණිකාවෝ ඉන්නේ. එහෙම නැතුව ගැහැණියට තමන් කැමති විදිහට අඳින්න තියෙන අයිතිය නැති කරන පිරිමි පිංපියෝ කියන්න තමයි තියෙන්නේ.

    ReplyDelete
  13. කොටට ඇඳීම නීතියෙන් තහනම් නෑනෙ.තමන්ගෙ හැඟීම් පාලනය කරගන්න බැරි අසහනකාරී මිනිස්සු සත්තු වගේ හැසිරුනාට මෙතන කමෙන්ට් ක‍රන අය ඒ තත්වයට වැටෙන්න එපා.මෙතන කාන්තාව වැරදියි කියල කවුරුහරි කියනවනම් එයාලත් වැටෙන්නෙ අර මම මුලින් කියපු ගනයට

    ReplyDelete