Search This Blog

Followers

Thursday, May 16, 2013

ලංකාවේ(රාජපක්ෂ වරුන්ගේ) අනාගතය, ජේ ආර් සහ මාග්‍රට් තැචර්

ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන කාලය  මිට වසර කිහිපයකට පෙර වසර 30ක් තිස්සේ පැවති යුද්ධයට නැවතීමේ ලකුණ තබන ලදී මෙය අපේ ජීවිතකාලය  තුල සිදුවූ විශාල පෙරළියකි. ඉන්පසු මේ දක්වා පසුගිය කාලය තුල සිදුවූ දෙය අපි කවුරුත් හොඳින් දනියි. "මොන වැරදි තිබුනත් දැන් අපිට බෝම්බ පිපිරෙනවද කියල හිතන්නේ නැතිව බය නැතිව පාරේ බැහැල යන්න පුළුවන්" යන සරල වැකිය තමන්ටම නැවත නැවත මතුරා ගනිමින් පිරිසක් පවත්නා අවිචාර සමය සමග සම්මුතිගත වෙයි. තවත් පිරිසක් "අනේ මම නම් කතා කරන්න අකමැතිම දේ තමයි දේශපාලනය"  කියමින් තමන්ගේ පාඩුවේ ඉන්නවා කියා සැනසෙන්න උත්සාහ කරති.  පුළු පුළුවන් අය පිටරට පනිති. බල  පුළුවන් අය විල ඉහගෙනම මාළු අල්ලති. බල පුළුවන්කාරයන් වටේ වටේ ඉන්නා අය ලොක්කන් අත නොතියන පොඩි පොඩි මාළු ටික රැගෙන යති.   බලය ඇති ලොක්කන් පිරිසක් තැටිය රත්කර රොටි පුච්චා ගෙන කති. වටේ ඉන්නා අය ලොක්කන් රත් කරන ලද තැටියෙන් තමන්ටත් රොටියක් පුච්චා ගනිති. 
ජාතික ආරක්ෂාව හැර රටේ අනෙකුත් සියලුම දේවල් රටේ නිතිය සහ පර්යාය,අධිකරණය,ආගම් සංස්ථා ,පවුල, පුද්ගලික දේපල අයිතිය ,සැමට සම අවස්ථා ,සියලුම රජයේ ආයතන සහ රටේ ආර්ථික දර්ශකය වන කොටස් වෙළඳපොල පවා දැන් කිසිම තාර්කික භාවයක් නැති ආයතන බවට පත්වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදය යනු  පාර්ලිමේන්තුව වැනිම තවත් එක් වචනයක් පමණි. මේවා පොළොවට සම්තලාවිම පිලිබඳ වගේ වගක් ජනතාවට නැත. ඒ පිලිබඳ මට ජනතාව සමග ගැටළුවක් නොමැත. ජනතාව දේවල් තේරුම් ගන්නේ ඔලුවෙන් නොව ප්‍රායෝගික ජීවිතය තුලිනි. ජීවිතය කෙසේ හෝ තවමත් ගලා යයි ඉඳ හිට විනෝද චාරිකාවක් යාමට තවමත් හැකියාව පවතී. ඉහත මා නම් කරන ලද කඩා වැටුන ආයතන ලාංකීය පොදු ජනතාවගේ ප්‍රාරායෝගික ජිවිතයේ කිසිමදිනක වැදගත් කමක් අත්කරගත් දේවල් නොවිය.  
ඉහත කඩාවැටීමෙන් ජනතාවට ගානක් නැති වුවද ජනතාවට දැනෙන එක දෙයක් ඇත. ඒ තමන්ගේ පසුම්බියේ ඇති මුදල් ප්‍රමාණයයි. එදිනෙදා තමන්ගේ ජීවිතය පවත්වාගෙනයාම සඳහා අවශ්‍ය ආහාර මිලදී ගැනීමට තමාගේ පසුම්බියේ ඇති මුදලින් කෙතරම් ප්‍රමාණයක් වැය වන්නේද යන ප්‍රතිශත ගැටලුව යම් සීමාවක් කරා එළඹි වහාම  රටේ ඉහත ආයතන වල කඩාවැටීම  ආර්ථික කඩා වැටීමක් ලෙස රුපන්තරණය වී  පොදු ජනයාට දැනෙන්නට පටන් ගනී. පොකැට්ටුවේ එම සීමාව පසුකර ගියවිට   ජාතික ආරක්ෂාව කෙතරම් තහවුරු කර ඇතැයි කීවද මිනිසුන්ට වැඩක් නැත. මෙය තවම තේරුම්ගෙන නොමැතිවීම දක්ෂ රජයේ නිලධාරියෙකු ලෙස හඳුන්වනු ලබන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්මෙහි දුර්වලතා ලක්ෂයයි. රාජපක්ෂ වරුන්ගෙන් මම මෙහි ප්‍රථමයෙන් නම් කරන ලද ආරක්ෂක ඇමතිතුමා තමාගේ බලය අනාගතයට දිගටම පවත්වාගැනීම සඳහා අවශ්‍ය මුලික සාධකය ලෙස ජාතික ආරක්ෂාව දිවිහිමියෙන් රැකීම පමණක් ප්‍රමාණවත්ය යැයි සිතුවහොත්  එතුමාගේ අනාගතය තහවුරු කර ගැනීම සඳහා කොටින්ට එල්ල කල තුවක්කුව පොකැට්ටුව නිසා අසතුටට පත්වී සිටින  පොදු ජනතාව දෙසට හැරවීමට එතුමාට සිදුවනු ඇත. මෙය වළක්වාලීමට හැකියාව ඇත්තේද එතුමාටම පමණි. එතුමා ඔහුගේ දැක්ම ජාතික ආරක්ෂාව යන සිමාවෙන් ඔබ්බට ගොස් ආර්ථිකය දක්වා පුළුල් කරගත යුතුය. මෙහිදී ඔහුට කල හැකි දෙයනම් භය නැතිව යුධකර  ප්‍රභාකරන් පරාජය කලාක් මෙන් වහා නොබියව කලයුතු සිවිල් ආයතන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා දැනට බලයේ සිටින සිය සහෝදර රාජපක්ෂ වරුන්ට අවශ්‍ය සහයෝගය ශක්තිය  ලබාදීමයි. ජනතාව විනෝදයෙන් සතුටින් අනේ අපි දේශපාලනයට කැමති නැහැ කියමින් ඉන්නේ තමන් ගේ එදාවේල පිරිමසාගත් පසු තමන්ට විනෝදවීමට කෙතරම් මුදලක් අතේ ඉතිරිවෙනවාද යන සාධකය මතයි. තමන්ගේ විනෝදය සහ සතුට අහිමිවූ පසු මිනිසුන් වෙඩි උණ්ඩ ගණන් ගන්නේ නැත. 
මා ඉහත දක්වා ඇති සිවිල්  ආයතන (නිතිය සහ පර්යාය,අධිකරණය,ආගම් සංස්ථා ,පවුල, පුද්ගලික දේපල අයිතිය ,සැමට සම අවස්ථා ,සියලුම රජයේ ආයතන,,, සහ  කොටස් වෙළඳපොල) තවදුරටත් අතාර්කික ලෙස කඩා බිඳ දැමීම වලක්වා නැවත ඒවා නිවැරිදි නොකෙරුවොත්  සහ අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ   නොකර සිටියහොත් නුදුරේදීම  ලංකාව ට මෙන්ම රාජපක්ෂ වරුන්ටද මා මේ අනතුරු හඟවන අමිහිරි සත්‍යයට මුහුණ දීමට සිදුවනු ඇත. අසතුට පත් මිනිසුන් මරා මර්ධනය තුලින්  බලය රැකගන්නවාට වඩා රටේ ආර්ථිකය නංවාලීම විධිමත් පරිදි සිදුකර මිනිසුන් සතුටට පත්කිරීම තුලින් බලය රැක ගැනීමට තවමත් රාජපක්ෂ වරුන්ට අවස්තාව විවෘතව ඇත. 
මෙය කිරීමට මේ මොහොතේ ඇත්තේ එකම ක්‍රමවේදයක් පමණි. මා යෝජනා කරන ක්‍රමය හැර වෙන ප්‍රායෝගික ලෙස කිසියම් රටක සාර්ථක වූ වෙන විසඳුමක්  කවුරුන් හෝ යෝජනා කරන්නේ නම් මා සතුටුය නමුත් මා දකින්නේ දැන් පවත්නා තත්වය යටතේ රට ගොඩ ගැනීමට ඇති එකම විසඳුම පහත මා ඉදිරිපත් කරන සමාජ ,ආර්ථික ප්‍රතිසංස්කරණ යුධ මෙහෙයුම පමණකි. රාජපක්ෂවරුන් මේ මා කියන මාවත දිගේ කෙතරම් දුර ගමන්    කරනවාද යන්න මත රටේ අනාගතය තීන්දු වනු ඇත.
මා දැන් කියන දෙය නිසා හිත හොඳ බොහෝ මිනිසුන්ට මා සමග කේන්ති යනු ඇත නමුත් ඔවුන් ගේ  අසතුට නොසලකා මා  මෙය කිව යුතුය. 
පාලකයින්ද ඇතුළුව රටේ ජනතාවගෙන්ද බොහෝ පිරිසක් තවමත් වටහාගෙන නොමැති වුවද  පාර වැරදි  අපි දැන් යන්නේ විනාශයේ මාවත දිගේය. නුදුරු කාලයේ ආර්ථික ගමනේ පාර වැරදුනේ  මංගල සමරවීර උප්පරවැට්ටියක් යොදා රනිල් වික්‍රමසිංහ බලයෙන් පහකළ හන්දියේදීය. එසේ පාර  වැරදීම ජාතික ආරක්ෂාව යන කාරණයට සුභවාදී ලෙස බලපෑ බව බොහෝ දෙනාගේ මතයයි, ඒ පොදුජන මතයට මම හිස නමමි. නමුත් දැන් ජාතික ආරක්ෂාව තහවුරු වී ඇති නිසා ආර්ථික  විනාශයෙන් ගැලවීමට අපි රටක් වශයෙන් අපේ මාර්ගය නැවත නිවැරිදි කලයුතුය. ඒ සඳහා අපි දැන් රිවර්ස් ගියර් එකේ දමා නැවත රනිල් වික්රමසිංග බැසගිය හන්දියට ආපසු යා යුතුය. ඉන්පසු එතැනින් නිවැරිදි ප්‍රයෝගික ලෙස ආර්ථිකය ජයගත හැකි මාර්ගය වෙත නැවත ප්‍රවිෂ්ඨ විය යුතුය. මෙහි රියදුරා ලෙස නැවත රනිල් වික්‍රමසිංහ ඕනෑ යැයි මම කියන්නේ නැත . ඔහු කොහොමටත් දක්ෂ රියදුරෙකු නොවේ. ඔහු සිතියම් බලා මග පෙන්වන්නෙකු ලෙස සුදුසුය. ගල් මුල් උඩින් රිය පැදවීමේ ජවය ඔහුට නොමැත. මහින්ද රාජපක්ෂ කනෙන් අල්ලා එලියට දැමු මංගල වැනි කපටි දුර්වල මිනිසෙක් ඉතා පහසුවෙන් එදා රනිල් රියදුරු අසුනින් එලවා සුක්කානම ඔහුගෙන්  පැහැර ගන්නා ලදී. ප්‍රමාදනොවී ක්ෂණික මුදල් සහ බල තන්හාව පසෙකලා   නිවැරිදි මාර්ගය කරා රට මෙහෙයවීමට යහපත් දැක්ම ඇතිකර ගන්නේ නම් රාජපක්ෂ වරු තවමත් රියදුරු අසුනට සුදුසුය.  
අප පසුකර ගොස් ආ හන්දියට ආපසු රිය පදවාගෙන ගොස් අපි නැවතත් නිවැරිදි මාවතට වැටිය යුතුය. අපට විශ්වාසයෙන් යුතුව  යෑමට දැන් ඉතිරිවී ඇත්තේ මේ  එකම එක පැහැදිලි  මාවත පමණි. මිට කලින් මේ මාවතේ ගිය අය සාර්ථක ලෙස ආර්ථික ව්‍යසන වලක්වා ආර්ථිකය ජයගත් බවට ඕනෑ තරම් සාක්ෂි ඇත. ඇත්තේ මේ මාවතේ නොබියව රිය පැදවිය හැකි මිනිසෙක් සහ වෙනස්වීමට ආකල්ප වෙනස්කර ගැනීමට ඇති ආත්ම ශක්තියයි.
වාමාංශික අන්ධ  භක්තිකයෝ කොතරම් අකමැති වුවද මා නොබියව කියමි. මේ මාවතේ මිට පෙර රිය පදවාගෙන ගිය රියදුරන් දෙදෙනෙක් නම් අපේ ජේ ආර් පප්පා සහ එංගලන්තයේ මාග්‍රට් තැචර් නෝනායි.
ජේ ආර් ට වැරදුනි. ජේ ආර් ට වැරදුනේ ඔහු ගිය පාර වැරදුන නිසා නොව වෙනත් සරල කාරණයක් නිසාය. ඔහු වාහනයේ බ්‍රේක් , සිග්නල් ලයිට් , එන්ජින් ඔයිල් වැනි දේ හරියට තිබේදැයි නොසලකා වාහනය මේ නිවැරිදි මාර්ගයේ දමා පදවන්න විය. මාර්ගය කෙතරම් නිවැරිදි වුවද මේ අඩුපාඩුව නිසා වාහනය මගදී අබලන් විය. බොහෝ දෙනා වාහනය මගදී අබලන් වීම හේතු නොසලකා  ජේ ආර් ගමන්ගත් මාර්ගයේ වැරද්දක් බව සිතති. මෙය නිවැරිදි නොවේ.  වාහනයේ තිරිංග සිග්නල් ලයිට් , එන්ජින් ඔයිල්  යනුවෙන් මා අදහස් කරන්නේ ඉහත මා පෙන්වා ඇති ආයතන (නිතිය සහ පර්යාය,අධිකරණය,ආගම් සංස්ථා ,පවුල, පුද්ගලික දේපල අයිතිය ,සැමට සම අවස්ථා ,සියලුම රජයේ ආයතන,,, සහ  කොටස් වෙළඳපොල)  වැනි ආයතනික ප්‍රතිසංස්කරණ කිරීම සහ  නෛතික රාමුව නිවැරිදි කර ගැනීමයි මෙය වාහනය සර්විස් කර ගමනට සුදූසු ලෙස නවීකරණය කර ගැනීමයි. ඉන්පසු අපි එය අපිට පෙර ජේ ආර් පප්පා සහ මාග්‍රට් තැචර් නෝනා ගිය මාවතේ දැන්වත් විශ්වාසයෙන් යුතුව පැදවිය යුතුය.
මාග්‍රට් තැචර් නෝනා රජය සතු පාඩු ලබන අති විශාල කර්මාන්ත සහ ව්‍යාපාර නොබියව පුද්ගලිකකරණය කරන ලදී. රජය සතු ජාතික ගුවන් සේවා (British Airways), නාවික අංශය , වාහන නිෂ්පාදන, දුම්රිය සහ සියලුම ජාතික උපයෝගිතා සේවා (විදුලි,ගෑස් ,ඉන්ධන,ජල සැපයුම්) සියල්ල යකඩ ගැහැනියක් සේ නිදහස් වෙළඳපොළට විවෘත කරන ලදී.
" පුද්ගලිකකරණය...බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ගොඩගත් ප්‍රධානතම සංකල්පයයි" යනුවෙන් ඇය ඇගේ මතක සටහන් තුල  සටහන් කලද 
මා සිතන්නේ ඇය කල ලොකුම දෙය නම් අගාධය කරා නිසැකව යොමුවී ඇති අබලන් පාලම් ඇති වල්වැදී ඇති සමාජවාදී පාරෙන් වාහනය රිවස් කර  අනෙක් මාර්ගයට ගැනීමයි.
ඒ නෝනා කොමිනිස්ට්වාදයට එරෙහිව නොබියව යකඩ ගැහැනියක් සේ හිටගෙන එවකට සුභසාධන රාජ්‍යයක් වූ එක්සත් රාජධානියේ  මුල්‍ය වෙළඳපොල නිදහස් කිරීම සහ බයනැති දේශපාලන තීන්දු ගන්නා ලදී.
රාජපක්ෂවරුන්ගේ මෙන්ම ලංකාවේද අනාගතය රඳා පවතින්නේ රාජපක්ෂ වරු යකඩ මිනිසුන් මෙන් යුද්ධ කල විලසින් සමාජ ආර්ථික දැක්ම තුලත් කෙතරම් යකඩ මිනිසුන් ලෙස හැසිරෙන්නේද යන කරුණ මත පමණි.  ඔවුන් කල යුතු දේ දැන් නොකර සිටියහොත් වෙන්නේ චන්ද්‍රිකා නෝනා මෙන් වට වංගු ගසමින් රට එකතැන කැරකීම පමණි. 
රාජපක්ෂ වරුන්ට මා දෙන සුත්‍රය ඉතා සරලය. ඔවුන්ට මා කියන්නේ රටේ ජයග්‍රහණයේ මාවත මෙන්ම ඔවුන්ගේ ජයග්‍රහණයේ මාවත බැවින් මා සමග උරණ විය යුතු නැත.
මා ඔවුන්ට නොබියව කියමි.With all due respect, Sir, 
1. දැන්වත් හම්බන්තොට style එකට විල  ඉහගෙන මාළු ඇල්ලීම නවත්වන්න (රට ගොඩගත් විට ට්‍රෝලර් දමා මාළු ඇල්ලිය හැක)- ගෝලයන් හිත මිතුරන් ඔබලාද විකුණමින් කරන දුෂණ වංචා වලට තිත තියන්න.
2. සමාජවාදී සුභසාධන මාවතෙන් ආපස්සට වාහනය රිවස් කරගෙන රනිල් ගෙන් සුක්කානම උදුරාගත් හන්දියට ආපසු යන්න.
3. බ්‍රේක් , සිග්නල් ලයිට් , එන්ජින් ඔයිල් දමා වාහනය සර්විස් කරන්න  (රටේ ආයතනික ප්‍රතිසංස්කරණ කිරීම සහ  නෛතික රාමුව නිවැරිදි කර ගැනීම)
4. යකඩ මිනිසුන් ලෙස පැයට සැතපුම් 100 වේගයෙන් රිය පදවා  ධනවාදී නිදහස් වෙළඳපොල ආර්ථිකය ක්‍රියාත්මක කරන්න. (we already running late)



by ©Uditha Meegahathenna 

21 comments:

  1. අැත්තෙන්ම අගය කල යුතු ලිපියක්. ඒකග විය හැකි බොහෝ කරුනු අතර ඒකග විය නොහැකි කරුනු කිහිපයක්ද අැතිමුත් අන්තර්ගතය සියයට සීයක්ම නිවැරදිය.
    ඒකගවිය නොහැකි කරුනු පිලිබද විස්තරාත්මක කමෙන්ටුවක් පසුව දමන්නම්.

    ReplyDelete
    Replies
    1. හැමදේකටම එකඟ විය යුතු නැහැ කිර්ති අපි එකඟ වෙන්න පුළුවන් දේවල් එක්ක ඉදිරියට යමු. ලංකාව අපේ අනාගත දරුවන්ට වඩා යහපත් තැනක් කිරීම කියන එක අපි කාටත් එකඟ වෙන්න පුළුවන් දෙයක් නේ.

      Delete
    2. //ලංකාව අපේ අනාගත දරුවන්ට වඩා යහපත් තැනක් කිරීම කියන එක අපි කාටත් එකඟ වෙන්න පුළුවන් දෙයක් නේ.//

      නමුත් මහින්ද රාජපක්ෂත් සමග මේ ගමන යන්න බැහැ. මා ඒසේ පුකාශ කරන්නේ අැයි දැයි ඔබට අළුතින් පැහැදිලි කිරීමට අවශ්‍යය නැතැයි සිතමි. ඔහු රට පාලනය කල පසු ගිය වසර නවයක කාලය තුල ප්‍රභාකරන් මරා දැමීම හැරුනු කොට කරන ලද අනෙකුත් සියළුම දේ වලින් රටට සිදුවූ යහපතක් නැත. කොටින්ම ඔහු අවිනීත රියදුරෙකි. අබලන් රථයක් වල ගොඩැලි සහිත මාර්ගයක මාර්ග නීති රීති මාර්ග සංඥා කිසිවක් පිලි නොපැද වේගයෙන් පදවා ගෙන යන මේ ගමනේ අවසානය කොතනද? ඔහු 2004 දී අගමැති වශයෙන් වැඩ පටන් ගත්තේම සුනාමි අාධාර වංචා කරමිනි. ඒසේ පටන් ගත් මහජන දේපල කොල්ල කෑම අදටත් ඒ අයුරින්ම සිදු වෙයි. මහා පරිමාණ ව්‍යාපෘති අැතිකිරීමේදී ඒවායින් රටට සිදුවන යහපතට වඩා ඔහු සලකා බලන්නේ තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය පිලිබදවයි. පසුගිය වසර නවය පුරාම අළුතින් බිහි වූ ව්‍යාපෘති වල ප්‍රතිඵල දෙස බැලීමේදී ඒය මනාව පැහැදිලි වේ.

      අපේ රට අනාගත පරම්පරාවට යහපත් තැනක් කිරීමට නම් ඒ සදහා පැහැදිලි දර්ශනයක් තිබිය යුතුය. වර්ථමාන රජයේ ඒවැනි දර්ශනයක් අැතිබවක් නොපෙන්. යටිතල පහසුකම් අැතිකිරීමෙන් පමණක් රට දියුණු කල නොහැක. කල යුත්තේ රැකියා අවස්ථා බිහි කිරීමයි. ඉන්පසු ඒයට සමාන්තරව අවශ්‍යය සහ හැකි ප්‍රමාණයට යටිතල පහසුකම් සැපයිය යුතුය. ඒයට හොදම උදාහරණයක් තමයි 2001 දෙසැම්බර් මස සාමගිවිසුම අත්සන් කිරීමන් පසු 2003 දී රටේ සහල් නිෂ්පාදනය රටේ සහල් අවශ්‍යය තාවය ඉක්මවා ගියා. ඒ යට හේතු වුනේ යුධ කලබල නිසා අත්හැර දමා තිබුනු කුඹුරු ඉඩම් නැවත වගාවට යොදා ගැනීමයි. ඒහිදී පොහොර සහනාධාරය බලපෑවේ නැත. අනෙක් කරුන නම් රටේ සියළුම අංශ ඒකිනෙකට සමාන්තරව වර්ධනය විය යුතු වීමයි.

      විපක්ෂයටද පැහැදිලි දැක්මක් නැතැයි මාතලන් ද පවසා තිබෙනු මා දුටුවා. නමුත් අඩුම තරමේ වර්ථමාන රජය විසින් කරනු ලබන අනවශ්‍යය වියදම් (අැමති මණ්ඩලය අඩුකිරීම අැතුළුව) අඩු කොට මහජනතාව මත පැටවෙන ජීවන බරින් ඔවුන් නිදහස් කිරීම වත් ඔවුන්ට කල හැකි බව රනිල් 2002 - 2003 වසර වල පෙන්වා දුන්නා. ඒ හැර මහින්ද රාජපක්ෂ අද මාර්කට් කරන යුධ ජයගර්‍හණයේ මූලික අඩි තාලම තමයි රනිල් ගේ සාම ගිවිසුම.

      Delete
  2. මොකද්ද ඔය රනිල් ව්ක්‍රමසිංහ බැස ගිය හන්දිය? රනිල් වික්‍රමසිංහට මේ තරම් වත් දෙයක් කරන්න පුළුවන් වුණාද? යුද්දෙ නතර කළාය කියලා මිනිස්සුන්ට කිසිම සහනයක් ලැබුණද? කියන්න බලන්න රනිල් වික්‍රමසිංහ කළ එක සංවර්ධන ව්‍යාපෘතියක්. බලාගාර කීයක් හැදුවද? පාරවල් කීයක් හැදුවද? රටේ දළ ජාතික නිශ්පාදිතය කීයකින් වැඩි කළාද? රස්සා කීයක් නිර්මාණය කළාද? දුප්පත්කම කීයකින් අඩු කළාද?

    ReplyDelete
    Replies
    1. වැඩක් නැති සංවර්ධන ව්‍යාපෘති කරලා රටට කෙලවන්නේ නැතුව , ඉන්න රාජ්‍ය සේවකයො ටිකත් වැඩි වෙලා තියෙත්දි තවත් පුරවන්නේ නැතුව හිටිය එකම ලොකු දෙයක් දැනට වෙන දේවලට සාපේක්ෂවා . රනිල් ආර්ථිකේට මොකක්ද කලේ කියලා චන්ද්‍රිකා නෝනගෙන් ගත්ත දවසේ ඉඳන් , ආපු දීල ගිය දවස වෙනකන් ආර්ථික වර්ධන වේගයට වෙච්ච දේ සංසන්දනය කලා නම් ප්‍රමාණවත්

      Delete
    2. 94 ත් 2012 ත් අතර පෞදගලික අංශයේ රැකියා වැඩියෙන්ම දීලා තියෙන්නේ ඒ කාළේ. මයිනස් තිබුන ආර්ථිකේ, ප්ලස් කරපු එකම මදිද...?

      Delete
    3. ඔය දැන් උජාරුවට යන ලංකාවේ එකම දක්ෂිණ අධිවේගී මාර්ගය පටන්ගත්තේ රනිල්,ඔය පාරේ දෙපැත්තේ දැන් මොනවත් නැති උනාට ඕක හැදුවේ දෙපැත්තේ කර්මාන්ත සැලසුම් කරලා.දැන් පර විතරක් තියනව.පර හැදුවේ කර්මාන්තවලට උදව්වට.දැන් කර්මාන්ත නෑ.
      සතොස පුත්ගලිකකරණය කල කිව.සතොසට කෙලෙව්වේ වෙන කව්රුත් නෙමේ.පය 24 ඇරලා තියන කොට අපේ රතු මල්ලිලාගේ පොඩි මිනිස්සු බඩු හොරකම් කලා.විදුලිය නාස්ති කරලා හැම ශාකාවක්ම පාඩු කලා.මේක ඒ විදියට ගියා නම් කාර්ගිල්ස් මට්ටමට ගන්න තිබ්බ.මේ දෙක ගැන නම් මම හොදටම දන්නවා.

      Delete
    4. ඇනෝ පිටරට වලට අනාගත පරපුර ණය කරලා අතිවිශාල යටිතල පහසුකම් හදනවට වඩා රටකට වැදගත් heading in the right direction කියන එකයි. Wrong Track එකේ යන ගමන් පාරවල් බලාගාර හැදුවට වැඩක් නෑ ණයම තමයි හැමදාම. රට දියුණු වෙන්නේ නෑ.

      Delete
  3. දැන් පවතින්නේ නියම වැඩ වසම් ක්‍රමයක්. මිනිසුන් රවටන්න මාෆියා ගැන කියනවා. ළොකේ තිබුන ළොකුම මාෆියාව සුනු විසුනු කරපු අයට මේක සුන් කරන්න බැරිද? එහෙම නැතිනම් ඕන කමක් නැතිද? රු 100 ක බෙහෙතකට රුපියල් 1500 ක් දුප්පත් මිනිහගෙන් ගන්න මාෆියක් ගැන මිනිස්සුන්ට කියලා වැඩක් තියෙනවද? එයාලත් ගෙදර යන්නේ නැතුව උන් එක්ක රමණයේ යෙදෙනවා, මාව මරයි, මාව මරයි කිය කියා. හරියට පළඟැටියෝ වගේ. කන බොන හැම එකටම ටැක්ස්. ලයිට් බිල් ලක්ෂ ගනන් තියෙන එකා ගෙවන්නේ දෙදාහයි. සෝභිත හාමුදුරුවෝ පට්ට පරණ ග්‍රැමෆෝන් තැටියක් දාගෙන ෆොන්සේක්ත් එක්ක ටීටර් එකක් පෙන්නනවා. ඒක මට නම් පේන්නේ ටිටර් එකකටත් වඩා රූකඩ සංදර්ශණයක් වගේ. හැමෝම සිවුරුවල එල්ලිලා. තලේබාන් සංස්කෘතියකුත් සමාන්තරව ගමන් කරනවා..සමාන්‍ය මිනිහට් කෙල උනාට, මොන්ටිකාලෝ සංස්කෘතියත් ප්‍රසාරණය වෙනවා. මේ ක්‍රමයම උඩු යටිකුරු කිරීමක් හැර වෙන සරණක් නෑ. විපක්ෂය එකතු උනේ නැතිනම්. අපෙ රටට සම්මා සම්බුදු සරණයි...!!!

    මේ හැමටම වඩා වටිනවා. උඹයි බුවයි ආයෙත් ලියන එක...

    ReplyDelete
    Replies
    1. විපක්ෂය එකතුවුණා කියල උන්ටත් දැක්මක් තියනවද? ආණ්ඩුව එලවල කවුද මොනවද කරන්නේ. මම නම් තාම රාජපක්ෂ නායකත්වයම තම දැක්ම වෙනස් කර ගනියි අවසාන මොහොතේදීවත් කියල බලාපොරොත්තු වෙනවා. රනිල් ගේ ආර්ථික දැක්ම මෙයාලට වඩා හොඳයි. මහින්දට දැන්වත් මොලේ තියේනම් රනිල්ගේ උදව් ගන්න පුළුවන්. PB ජයසුන්දර දෙන වැඩේ අකුරට කරනවා මිස මහින්ද චින්තනය වෙනස් කරන්න දඟලන කෙනෙක් නොවෙයි.

      Delete
    2. විපක්ෂයට දැක්මක් නෑ. ඒකනේ මම ගරිල්ලා මාකටින් වලින් කියන්නේ. හැබයි රනිල්ටත් දැන් තේරිලා මේක උඩු යටිකුරු කරණ සිස්ටම් එකක් ඕන් කියලා...

      Delete
  4. රනිල්ට සුක්කානම තිබුනට ඇක්සලේටරේ, බ්‍රේක්, ක්ලච් ඔක්කොම තිබුනේ චන්ද්‍රිකා ගාවනේ . සුක්කාමෙන් විතරක් වාහනේ ගෙනියන්න බැරි නිසා තමයි කෙලවුනේ . රනිල්ගේ සං නිවේදන කුසලතාවය (- ) අගයක් වෙච්ච එකත් , තමන් එකඟ වුනා හෝ නොවුනා මිනිස්සුන්ගේ ඔලුවලට යුද්ධ ආතල් එක පොවලා තියන වෙලාවේ තමන් සහ ගෝලයෝ ලව්වා ගොබ්බ කථා කියපු එකත් තමයි ලොකුම අවුල . අඩෝ *න්නයා කිව්වාම , වරෙන් පෙන්නන්න කියන පිලිතුර අපේ සමාජයට ඕනි , නැත්නම් චෝදනාව සනාථ වෙලා ඉවරයි .උදා - සටන් විරාමයට ගියේ ඇයි කියල සාධාරණී කරණය කරන්න රනිල්ට අවුරුදු ගාණක් තිබුනා ,ඒ වෙලාවේ ඒක නොකර යුද්ධෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල මහින්දට විවාද වලට අඩගහල කරගත්තෙත් හත් පොලේ ගා ගන්න එක

    ReplyDelete
    Replies
    1. ඔව් බුවා උඹ හරි ඒත් අපේ ජනතාව තාම රනිල් වගේ කෙනෙක් පිළිගන්න තරම් දියුණු ආකල්ප තියන ජාතියක් නොවෙයි. යකාගේ හැටියටලු විමානය

      Delete
  5. මම නම් හිතන්නේ පුත්ගලික කරණය කරන්න කලින් වැඩකට නැති අමතියංශ අහෝසි කරලා ඉෆෙක්ටිවේ විදියට එක අමතියන්ශයක් මගින් පාලනය වෙන්න හදන්න වෙනවා.දැන් කව්රුත් දන්නේ නෑ කිසිම අමතියන්ෂයකට තියන සම්පත් මොනවද කියල.මහවැලියේ ගොඩක් ලොකු සම්පත් විනාශ වෙන්න දාලා තියනවා.සමහරක් මිනිස්සු අල්ලාගෙන.රජයේ දැන් තියන දේවල් හරියට එකලාසයක් කරගන්නේ නැතුව පුත්ගලික කරනවා කලොත් ඒක හරියට වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ නැහැ තියන දේවල් පිස්සෝ වගේ පුද්ගලිකකරණය කරන්න කියල. රජයේ ඒකාධිකාරිය නැති කරලා පුද්ගලික ව්‍යාපාර වලට වෙළඳ පොළ විවෘත කරන්න වෙනවා. රජයට කොටස් තියෙද්දී ටෙලිකොම් වගේ හැම දෙයක්ම ඔවු හැම දෙයක්ම.

      Delete
    2. ඔය අපේ සමුපකාරය, සතොස කියන දෙක හරියට හද ගන්න පුළුවන් නම් ඇත්තටම එක විතරක් ඇති බඩු මිලට ඕන කරන අඩු කිරීම දෙන්න,මම ආර්ථික විෂය දන්නේ නෑ.හැබැයි ඔය දෙකෙන් පුළුවන් නාස්ති වෙන නිසා වැඩිවෙන මිලයි, ගමනාගමනය නිසා වැඩි වෙන මිලයි පාලනය කරන්න.එතකොට බඩු වැල් අමිල අඩු වෙනවා නේද??/

      Delete
    3. // රජයේ ඒකාධිකාරිය නැති කරලා පුද්ගලික ව්‍යාපාර වලට වෙළඳ පොළ විවෘත කරන්න වෙනවා. රජයට කොටස් තියෙද්දී ටෙලිකොම් වගේ හැම දෙයක්ම ඔවු හැම දෙයක්ම.//

      ඇත්ත .රාජ්‍ය අයිතිය සහමුලින්ම නැති කරගන්න අවශ්‍ය නෑ , පරිපාලනය පුද්ගලික අංශයට ලැබෙන ප්‍රමාණයට පුද්ගලීකරණය කිරීම ප්‍රමාණවත් .

      Delete
    4. තවත් දෙයක් තමයි.දේශපාලකයන් මේ රජයේ ආයතන වලට ඇගිලි ගහන එක අඩු කරන්න, එකේ ආර්ථික තීරණ ගන්න වියත් මණ්ඩලයකට බාර දෙන එක.එතකොට ඔය චන්දෙට කඩේ ගිය උදවිය නැතිව රැකියා වලට හරි හැකියාවක් තියන අය ගන්න පුළුවන් වෙයි.මම ගොඩක් තැන් වල දැක්ක රජයේ ආයතන වල වැඩ කෙරෙන්නේ ඒ පුත්ගලයව දාපු ඇමතිට ඕන විදියට.ලොකු වෙනස් කම් කරන්නේ නැතිව( කරන්නත් අමාරුයි නේ)පොඩි පොඩි වෙනස්කම් අන්තිම ප්‍රතිපලයට කෙලින්ම බලපාන විදියට කරන්න පුළුවන් නම් ගොඩක් දේවල් හරි පාරට එයි.අර මයික්‍රෝ කලමනාකරනය කියන එකෙන් වැඩක් ගන්න පුළුවන් නම් රජයේ ආයතන වලට ඔය දැන් දුෂණ චක්‍රයෙන් ටිකක් හරි ගැලවිලා ප්‍රතිලාබ ගන්න පුළුවන් වෙයි මයේ හිතේ.

      Delete
  6. තනියම කන්නේ නැතුව රට දියුණු කරලා මිනිසුන්ටත් දීලා කැවානම් මොකද වෙන්නේ හොදම උදාහරණය සින්ගපුරුව එහි මොනවද නිකන් ලැබෙන්නේ ඒ වුනාට මිනිස්සු දුක විදිනවද නැනේ ලෝකේ අපරාධ අඩුම රටක් සින්ගපුරුව අල්ලස් කියන එක කතා කරන්නත් තහනම් අපේ රට දියුනු කරන්න පුළුවන් තාමත් පරක්කු නැහැ එත් දියුනු වෙන පාටක් නම් විදුලි බිලට වැඩි කරාට පක්ෂව ගිය රැලියෙන්ම ඒක ඔප්පු වුනා ආය කතා කරන්න දෙයක් නැනේ ඉතින්

    ReplyDelete
    Replies
    1. පරක්කු නැහැ ? කලාපයේ අපට වඩා හිඟන රටවල් ඔක්කොම අපි පහුකරලා ගවු ගානක් ගිහිල්ල නේද? අපිට අඳුරු උමගේ ඇතින් ආලෝකයක්වත් පේනවද?

      Delete
  7. රාජපක්ෂලාගේ යුධ තියරිය නියමෙටම වැඩ කලත් ආර්ථික තියරිය හරියට කරගෙන යන්න බැරිව දඟලද්දි රට ගොඩක් පස්සට ගිහින් අවසානයි.දැන්නම් නහය ගාවටම යට වෙලා.කරන්නා වූ විශාලම වැ‍රැද්ද වන්නේ පිටරටින් ගන්නා ණය ආධාර වලින් රට තුලට මුදලක් එන කාර්යන් නොකර බහුභූත වැඩ වලට නාස්ති කිරීමයි.

    ReplyDelete