Pages

Followers

Monday, March 25, 2013

පළා බබා අපිට එපා

හිටපු ආරක්‌ෂක ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතාට අනුව සනත් ජයසුරිය ඒ කාලේ බෝල කුඩුවෙන්න පිටියේ     හතර වටේටම පහර දුන් විලාසයෙන් පලා බබාට එලව එලවා දුවන්නම පහර දුන්නේ  දිවයින පුවත් පතේ වම් ඉවුර තීරුව හරහා  සී. ඒ. චන්ද්‍රප්‍රේම  මහතායි. ඔස්‌ටින් ප්‍රනාන්දු වැනි මහත්වරුන් ජි ඇල් පිරිස් මහත්වරුන් අපේ රටේ ඉතා වැදගත් මහත්වරුන්ය නමුත් මේ මහත්වරු නිසා දේවල් සිදුවන පිලිවල කිසිම විදියකින් වෙන්නේ නැත. පවත්නා තත්වය අර්ථ දක්වමින් අපි මිය යනතුරු සිටින වැදගත් මහත්වරුන්ට වඩා පවත්නා තත්වය වෙනස් කරන දැන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට  සහ සනත් මෙන් පන්දුවට පහර දෙන  සී. ඒ. චන්ද්‍රප්‍රේම  වැනි ඔලුවක් මෙන්ම ශරීරයක් ඇති ලියන්නන්ට මම කැමැත්තෙමි. හොඳ අදහස් ඕනෑ තරම් තිබේ අපිට අවශ්‍ය  ඒවා ක්‍රියාත්මක කිරීමට තරම් කොන්දක්, ශරීරයක් ඇති මිනිසුන්ය.

කිසිදු තාර්කිකත්වයක් නැති කිසිදු වැදගම්මක් නැති දෙයක් වන පළාත් සභා යනු ඉතා ජාතිවාදී පදනමක්‌ මත  බෙදා වෙන් කර ඇති බෙදුම්වාදී දේශපාලන පරිපාලන ව්‍යූහයකි. පළාත් සභා ස්ථාපිත  කරනු ලැබුවේ අපේ රටේ  දැන් පවත්නා  ජාතික අභිරුචිය උදෙසා නොව එකල  ඉන්දියාවේ උවමනාවට සහ කොටි පරාජය කිරීමට ගැසූ ගැටයක් ලෙසිනි. මේ ගැටය සාර්ථක වුයේද නැත. ඩිල් දමා සැබෑ ප්‍රශ්න විසඳිය නොහැකි බව ඔප්පු කරමින් කොටි ප්‍රශ්නය ඉවර වූයේ පළාත් සභා නිසා නොව ත්‍රස්‌තවාදී කැරලි කරුවන් රජයේ හමුදා විසින් පරාජය කොට මර්ධනය කිරීමෙනි.  පලා බබා අපේ රටට දුන් ඉටිගෙඩියක් නැත.

ඕවරයකට හයේ පාරවල් හයක් ගසන පිතුකරුවෙකු මෙන් සී. ඒ. චන්ද්‍රප්‍රේම  මහතා වැනි අය පළාත් සභා මොනතරම් පුස්සක් දැයි පෙන්වා දී ඇති නිසා එම කාර්ය නැවත නැවත කිරීමට මම වෙහෙස නොවෙමි.

අන්තර්ජාල බ්ලොග්  අවකාශයේ  මෙම ගැටලුව මෑත කාලයේ යලි කරලියට එන්නේ මාතලන්  බ්ලොග්කරු ලියු  "ඉන්දියාවේ බබා. හදන්නලු ඔබා.." නම්  සටහන සමගිනි. එහි මැතිවරණ ක්‍රමයේ සිට මැතිවරණ පවත්වන අකාරය ,දේශපාලන පක්ෂ අපේක්ෂකයින් ඉදිරිපත් කලයුතු අන්දම සහ ධූර කාල සිමා පිලිබඳ  පුළුල් පරාසයක් දක්වා යෝජනා ඉදිරිපත්කර ඇත මා ඉන් මෙහි අවධානය යොමු කරන්නේ පළාත් සභා පිලිබඳවය. ඒ පිලිබඳ එයට ලැබුන පතිචාර අතර    බුවාගේ සිතුවිලි !   මෙසේ කියා තිබුණි.

//පලා බබා එපා තමයි හැබැයි අහෝසි කරන්න කලින් විකල්පයක් ඕනි . දෙමල ජනතාවට විතරක් නෙවෙයි සිංහල මිනිස්සුන්ට වුනත් රාජ ආණ්ඩුවක් එපා නම් බලය විමධ්‍යගත කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතුමයි .//

බුවාගේ මෙම ඉල්ලීම අසාධාරණ නැත බලය විමධ්‍යගත විය යුතුය හැබැයි එය විය යුත්තේ ජාතිවාදී බෙදුම්වාදී පදනමකින් නොවිය යුතුය. මගේ මුලිකම තර්කය එයයි බලය විමධ්‍යගත විය යුත්තේ රටේ නිෂ්පාදන සහ  වෙළඳපොල පදනම් කරගෙන මිස ජාතිය ආගම පදනම් කරගෙන නොවේ.

ලංකාවේ දැන් පවතින  පළාත් සභා නැත්නම් ලංකාවේ ආණ්ඩු ක්‍රමය රාජ ආණ්ඩු ක්‍රමයක්ද? ගාල්ලේ අක්මීමන ආසනයේ පුද්ගලයෙකුට තමන් පාර්ලිමේන්තුව තුල නියෝජනය කරන නියෝජිතයෙක් ඉන්නවා. මිට අමතරව ප්‍රාදේශීය ගැටළුවක් නිරාකරනය කිරීම සඳහා අක්මීමන ප්‍රාදේශීය සභාව තුල නියෝජිතයෙක් ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තියනවා. දැන් මිට අමතරව අතර මැද  දකුණු පළාත් සභාව කියල එකක් තියනවා එකේ අනර්කලී නංගි සහ මුතුහෙට්ටිගම අයියා ඉන්න එකෙන් ප්‍රයෝගික තලයේ ගැටළුවක් විසදා ගැනීමට අක්මීමන ආසනයේ පුද්ගලයෙකුට  වැඩි අවස්ථාවක් ලැබෙනවද ? නැහැ මේකෙන් වෙන්නේ වැඩකට නැති අනවශ්‍ය වියදමක් සුදු අලියෙක් වැනි තව විශාල ආයතනයක් සහ  පුද්ගලයින් මහජන මුදලින් නඩත්තු කිරීම විතරයි. මධ්‍යම රජය සහ ප්‍රාදේශීය සභාව අතර සිදුවෙන ගනුදෙනුව අතර මැද කිසිම තාර්කික හේතුවක් නොමැතිව පවතින පළාත් සභාව නම් පිළිලය ඉවත් කරලා ප්‍රාදේශීය සභාවට දැන් තියනවට වඩා බලතල දෙන එක බලය විමධ්‍යගත කිරීමේ වඩා එක් පලදායී ක්‍රමවේදයක් නොවේද?

ඊළඟ කරුණ  තමයි  බලය බෙදී යෑම ගැන කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන අය අමතක කරන වැදගත්ම කාරණය. ලංකාව යනු ඉතා කුඩා දුපතකි යන්න. මේ පුංචි රට මහා මෙරක් තරම් කරගෙන දඟලන්න දෙයක් නැහැ.  මේ ලෝකේ අන්තර්ජාලය මගින් ගනුදෙනු කරන කාලේ.  ඉස්සර පරෙයියන් මේල් ගෙනියන අශ්වයෝ පිටේ ගමන් යන කාලේ පවා ලංකාව එක රටක් විදියට පාලනය කරන්න  අවශ්‍ය වුනේ පළාත් තුනකට කඩාගැනීම විතරයි. මේ පළාත් තුන තමයි අපි කවුරුත් දන්නා  රුහුණ, රජරට සහ මලය රට කියන පළාත් තුන. මගේ අදහස නම් මේ යුගයේ ඇති තාක්ෂණික දියුණුව නිසා දැන් මේ කුඩා රටේ ප්‍රශ්න කළමනාකරණය කරගැනීමට  නම් පළාත් තුනකට වත් බෙදන්න ඕනෑ නැති බවයි.

 බලය විමධ්‍යගත විය යුතුය කියා කියන අය මෙය පුන පුනා  කියන්නේ කළමනාකරණය කරගැනීම පිලිබඳ ගැටලුව නිසාම නොවේ මෙහි නොකියනා දෙය නම් දෙමල දේශපාලන ගැටලුවයි. මෙය අපි පැහැදිලිව වෙන් කරගත යුතුය. මෙය කවුරුත් කතා කරන්නට අකමැති තැනයි  ලංකාවේ දෙමල මිනිසුන්ට වෙනම රටක් ඕනැ කියල විස්වාස කරන මිනිසුන් සංවිධානය කරලා  කොටි   ත්‍රස්‌තවාදී කැරැල්ලක් ගහනවා මේ කැරැල්ලට හේතුව බලය විමධ්‍යගත වෙලා  රටේ කළමනාකරණය හරියට සිදු නොවීම කියන එක කියල මම හිතන්නේ නැහැ.  මේක කළමනාකරණ ගැටළුවක් නොවෙයි දේශපාලන ගැටළුවක් ඒ ගැටලුව රට ඇතුලේ එක්තරා ලෙසකින්  විසඳුනේ නන්දිකඩාල් වලදී කැරැල්ල මැඩ පැවැත්වීම සමගයි. වෙනම රටක් ඉල්ලන අයට පළාත් සභා වැඩක් නැහැ.රටින් එළියේ ඉඳන්  තාමත් වෙනම රටක් ඕනෑ කියන අයට ලෝකය ඉදිරිපිට මතවාදීව මුහුණ දෙන්නේ කොහොමද කියන එක අපිට මුණ දෙන්න තියන වෙනම ගැටළුවක්.

 අපි බලය විමධ්‍යගත කරගත යුත්තේ දෙමල දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් ලෙස නොව රටේ නිෂ්පාදන සහ  වෙළඳපොල පදනම් කරගෙන වෙළඳ ගනුදෙනු පහසුවෙන් සහ සාධාරණව ඉටුකර ගැනීම සඳහා හැම පුරවැසියාටම ඇති අයිතිය තහවුරු කරදීම සඳහාය. මෙයට ජාතිබේද අදාල නැත.  මේ සඳහා මුලිකවම  ගත යුතු ප්‍රධාන පියවරක් නම්  පළාත් සභාව නම් පිළිලය රටින් ඉවත් කර දැමීමයි.

29 comments:

  1. චන්ද්‍රප්‍රේම ?? Really ????????

    මම දැකපු ලියවිලි වල නම් කරන්නේ ආණ්ඩුවේ පොලිටිකල් ඇජෙන්ඩා එකේ කැත වහන එක

    දැන් පලාත් සභා ඉවත් කිරීමේ ප්‍රායෝගික පැත්ත ගැන මොකද කියන්නේ ?

    මම නම් දකින විදිහට ඉවත් කරන්න අවශ්‍ය වෙන්නේ ප්‍රාදේශීය සභා , ඊට ඉහලින් වඩා විශාල ප්‍රදේශයක් නියෝජනය කරන බලතල සහිත ආයතනයක් අවශ්‍යයි . ලංකාවේ තියන විධායක ජනාධිපති ධූරයෙන් වෙන හානිය අවම වෙන්න නම් උපරිම වශයෙන් බලය බෙදිලා තිබිය යුතුයි , එහෙම නොවෙන තැනදි විධායකය ඒකාධිපතීත්වයකට ආසන්න වීම වලක්වන්න බැ (පලාත් සභාවට දැනට තියන බලතලත් මේක වලක්වන්න මදි )

    විසඳුම් යෝජනා කරත්දි බින්දුවේ ඉඳන් පටන් ගන්න විදිහ කිව්වාට ඒක ඇත්තෙන්ම ප්‍රායෝගික නැ , මොකද ජනවාර්ගික අර්බුධයක් නිසා ඇතිවූ යුද්ධයත් , ඒක අවුරුදු 30ක් ඇදීමත් , යුධමය වශයෙන් අවසන් කිරීමත් එක්ක ලංකාවේ සිංහල දෙමල ජන සමාජ ඇවිත් නතර වුනු තැනක් තියනවා , එතනදි දේශපාලනික වගේම ආකල්පමය ඝට්ටනයන් තියෙන්නේ පුලුවන් , යම් යම් කැපකිරීමකින් තොරව "ශ්‍රි ලාංකීය " ජාතියක් විදිහට ගමනක් පටන් ගන්න අසිරුයි ,ඒකත් හිතේ තියාගෙන තමයි යෝජනා ඉදිරිපත් කරන්න වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ප්‍රාදේශීය සභා අහෝසි කරන්න බැහැ බුවා ඕනෑම දක්ෂ පරිපාලන නිලදාරියෙක් ගෙන් අහල බලන්න ඒවා අවශ්‍යයි ප්‍රාදේශීය සභා නගර සභා (ප්‍රා. ලේ. කාර්යාල ,දිස්ත්‍රික් ලේකම් කාර්යාල ) මේවා නැති කරන්න බැහැ නමුත් ඔබ කියන ප්‍රාදේශීය සභා වලට ඉහලින් වඩා විශාල ප්‍රදේශයක් නියෝජනය කරන බලතල සහිත ආයතනයක් තියෙන්න ඕනෑ කියන එක තුල යම් රාජ තාන්ත්‍රික භාවයක් තියනවා තමයි අන්තර්ජාතික දේශපාලනය තුල පැවැත්ම සඳහා නමුත් මම කියන්නේ පළාත් සභා නවයක් රටට ඕනෑ නෑ කියල ආණ්ඩුකාරවරු නවයයි මහා ඇමතිලා මොනවද මේ දකුණට මේවා ඕනෙම නෑ. පළාත් තුනක හෝ දෙකක විසඳුමකට යා යුතුයි මේ රාජ තාන්ත්‍රික ගැටලුව විසඳා ගැනීමට නාමික පළාත් දෙකක් හෝ තුනක් හොඳටම ඇති. මේ බලතල සහිත ආයතනයේ බූමි සිමා ජනවාර්ගික පදනම මත වෙන් නොකළ යුතුයි. උදාහරණයකට ඕනෑනම් North Central,North Western,සහ Northern එකතු කරලා එක පළාතක් හදන්න පුළුවන්. මම නම් සුද්දා තමන්ගේ යටත් විජිත පරිපාලනය සඳහා හදපු මේ පළාත් වලට විරුද්ධයි මේවා මුලින් හැදුවේ ජනවාර්ගික පදනමකින් සුද්දගේ පරිපාලන පහසුවට කෝල්බෘක් කැමරන් කොමිසම කරපු වෙනස් කම් වුනත් සුද්දට කොළඹ වරාය හරහා- එංගලන්තය තිබුන ගනුදෙනුව කළමනාකරණය සඳහා කෙරුවා මිස මේ යුගයට ගැලපෙන දෙයක් වත් අපේ රටට ගැලපෙන දෙයක්වත් නොවෙයි.

      Delete
    2. ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල රාජ්‍ය නිලධාරින්ගෙන් පමණක් සමන්විත මධ්‍යම රජයේ නියෝජිතායතන . ප්‍රාදේශීය සභා ඊට සම්බන්ධයක් නෑ . ප්‍රාදේශීය සභාවල ඉන්නේ දෙකයි පනහේ චණ්ඩි ටිකෙන් කෙරෙන්නේ පාරවල් කෝන්ක්‍රිට් කරන එක , බෝක්කු හදන එක වගේ වැඩක දෙක තුනක් විතරයි . කොළඹ ඇරුණාම අනික් මහ නගර සභා වලවත් කුණු අදින වැඩේවත් හරියට කෙරෙන්නෙ නෑ (කොළබත් ඔය මැතක ඉඳන් තමයි හරි ගියේ ගෝඨ-මුසම්මිල් එකතු වෙලා වැඩ කරන්න ගත්තට පස්සෙ ) . මේ පලාත් බෙදලා තියන විදිහට මාත් එකඟ නැ , ඒ වගේම වාර්ගික පදනමට පලාත් බෙදන එකත් වැරදියි . ඒ නිසා සිදුවෙන්න ඕනි අලුතෙන් පලාත් නිර්නය කරන එක .ඊලඟට වැදගත්ම දේ මහ ඇමති , ඇමතිවරු තේරෙන්න ඕනි මුලු පලාතටම වග කියන විදිහට . දැන් එක දිස්ත්‍රික්කෙකින් පත්වුනාම ඌ අනික් ඒවා දිහා බලන්නෙවත් නැ . මහ ඇමතිපත්වෙන එකාට මුලු පලාතෙම ඡන්ද වලට වග වීමේ වුවමානවක් හැදෙන්න අවශ්‍යයි

      Delete
    3. බුවා කතාකරන්නේ පවතින ක්‍රමය තුල. උදිත කතාකරන්නේ වෙනසක් ගැන. පවතින මජර දේශපාළණය තුල කිසිම දෙයක් කරන්න බෑ. නමුත් ප්‍රාදේශීය සභාවල උන්න මිනිස්සු හා දිසාපතිවරු (ප්‍රාදෙශීය ලේඛම්වරු.) තමයි ගම් හැදුවේ. දැන් ඉන්න උන් කරන්නේ ගම කන එක.

      Delete
    4. ඔබට වැරදිලා බුවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිපාලනය කරන්නේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග මේවා පළාත් රජයේ නියෝජිතායතන බවට හැරවූවා. මේවා මධ්‍යම රජයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයිති නෑ. ග්‍රාම නිලධාරි වරු නම් මධ්‍යම රජයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් පරිපාලනය කරනවා. මම හිතන්නේ මේ දෙක ඔබට පැටලිලා. ඔබ කියන විදියට මේවා තාමත් මධ්‍යම රජයේ නියෝජිතායතන නම් ඉතින් අලුතින් පලා බබා අහෝසි කරන්න දෙයක් නෑ. ප්‍රාදේශීය සභා නගර සභා වැනි ( local authorities- Municipal Council Urban Council Pradeshiya Sabha) මේවාත් පළාත් සභාවට යටත් ද ස්වාධීන අයතනද යන්න මම නිවැරිදිව කියන්න දන්නේ නෑ කවුරු හරි විෂය දන්නා කෙනෙක් පහැදිලි කලොත් හොඳයි.

      Delete
    5. ප්‍රාදේශීය සභා නගර සභා පළාත් සභාවට යටත් වගේ
      මැතකදි ගාල්ලෙ නග‍රාදිපති ඉවත්ක‍රේ මහ ඇමතිගෙ නියෝගයකින්
      ඒකම කලින් මාත‍රටත් උනා

      Delete
    6. ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මධ්‍යම රජයේ ආයතන. ඒ කියන්නෙ රා.පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ. නමුත් පළාත් සභාවේ කාර්යයනුත් ප්‍රාලේ කාර්යාල වලින් සිදුවෙනව. මගෙත් අදහස පළාත් සභා අවශ්‍ය නෑ කියනඑක වගේම බුවා කිව්ව වගේ ප්‍රාදේශීය සභාත් අවශ්‍ය නෑ කියන එකයි. නමුත් මේ දෙකම එකවර අහෝසි කරන්න බෑ. ඒ නිසා මුලින් පළාත්සභාව ගැන හිතුවනම් ඒකත් ඇති. පාර්ලිමේන්තුවෙ නියෝජිතයන්ට යටින් පාර්ලිමේන්තුවට වග කියන රාජ්‍ය නිලධාරීන් ටිකක් හිටියම ඇති

      Delete
  2. මෙතනත් ඉක්මනටම මොනව හරි වැදගත් දෙයක් ලියවෙන බව දැනගෙන බලාන උන්න.

    බුවාගෙ කමෙන්ටුවේ තියන පලාත් පාලන ආයතන අයින් කරනවට නම් මං කැමති නෑ. ගමක වැඩක් කෙරෙන්නෙ එව්වගෙන් තමයි.

    මොනව කොහොම උනත් වැඩක් තියේද ජනතාවට වගකියන නියෝජිතයො පත්කරගන්න දැනුමක් ජනතාවට නැතිකොට

    ReplyDelete
    Replies
    1. ගමක වැඩක් කරනවාය කියන්නේ දැනට ඒ බලතල තියෙන්නේ ඒ ආයතනයට නිසා , ඕවා ඉවත් කරලා ඉහල ආයතනයට දුන්නාම එතනිනුත් ඔය වැඩම කෙරෙනවා , කොහොම උනත් කොයි ආයතනයටත් කසිප්පු කාරයො , හොරු තක්කඩි යවන කන් ගොඩ ඒමක් නෑ .ජනතාවගේ ආකල්ප එතනට හැදෙනවා නම් , නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් මේ තියන විදිහත් හොඳටම ඇති

      Delete
    2. අන්න ඒ තර්කය නම් මාත් පිළිගන්නවා. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම්. කසිප්පු කාරයෝ, කුඩු කාරයෝ, පිම්පියෝ පාර්ලිමේන්තු යන්නේ නෑනේ. උන් ඔක්කෝම යන්නේ වැලිකඩ.. එතකොට මූලික වගකීම තියෙන්නේ පක්ෂවල. රනිල භෝගවලට අලුත්මක්‍රමයක් එක්ක එන්න කියන්නේ ඒ නිසයි.

      Delete
  3. උදිත මම නම් කියන්නෙ මොනම ක්‍රමේක හරි පරිපාලන බලය විමධ්‍යගත වීමක් අවශ්‍යයි. මම මාතර මගේ පළාතේ මිනිහෙක්ට පාස්පොර්ට් එකක් ගන්න කොළඹම එන්න වෙනව නම් ඒක අපරාධයක්. තාම හයි වේ එකත් මාතරට නැති එකේ.

    හැබැයි පළාත් සභා ක්‍රමය ගෙනාව විදිහ වැරදි. ඉන්දියානු මොඩලය අපිට ගැලපෙන්නෙ නැහැ. මගේ අදහස ඉතා කුඩා ඒකක රාශියක් ඇති කළ යුතුයි. ඒ ඒ නගර සභා යම් විදිමත් ක්‍රමයකට ගොනු කළානම් හරි. ඒත් නිසි බලතල නැතුව වැඩක් නැහැ. බලන්න පළාතට තියා අමාත්‍යාංශයකටවත් බලය බෙදා තිබෙනවාද? තැපැල් හා විදුලි සංදේශ කියා අමාත්‍යාංශයක් නැහැ. එතැන අමාත්‍යාංශම කීයක් ද? ඒත් එකකින්වත් වැඩක් ඇත් ද? නියාමන කොමිසම ඇත්තේ ජනාධ්පති යටතේ. ඒ වගේ තමයි. කිසිකෙනෙක්ට දත් දී නැහැ. හයියෙන් හපන්න බැහැ.

    ඒ නිසා මොනම ක්‍රමයකින් හරි නිසි බලය බෙදීමක් අවශ්‍යයි. මාතලන්ගේ පෝස්ට් එකිදි රාජ කිව්ව වගේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනකන් මේ හැම මොනතරම් කතා කළත් වැඩක් නැහැ.

    ReplyDelete
  4. අපේ රට සිංගප්පූරුවක් කරන්න නේ හැමෝම දඟලන්නේ. එතකොට සිංගප්පූරුවේ පලාත් සභා තියෙනවද නෑ. මම නම් හිතන්නේ බුවා පමණක් නෙමෙයි, රාජ්, ජය ශ්‍රී, රතූ, මොඩර්න් පෙට්‍රියට් ඇතුලු බොහෝ දෙනෙක් තරුණ අය. එයාලා මේ ක්‍රමය තුල හැදුන වැඩුන අය. එයාලා පලා බබාත් එක්ක හැදුන අය. ඔය එක බබෙක්වත් ඕන නෑ. මේ රට හදන්න. මේ රට හදන්න ඕන කොන්ද පන තියෙන, රටට ආදරය කරන එක මිනිහයි. අඩු පාඩු කම් තිබුනත් එහෙම මිනිස්සු ටිකකුත් උන්නා.

    1. ඩී ඇස් සේනානායක - අද විමල් වීරවංශලට බත් කන්න මහා වැව් හදලා, ගොවි ජන ව්‍යාපාරය කලේ ඔය මහා කලු සිංහලයා.

    2. ජේ ආර් - බූමිතෙල් ගඳ ගහන රෙදි ඇන්දගෙන අල්ලට සීනී කකා තේ බිබි කුණු බක්කි අවුස්ස අවුස්ස කෑම කාපු ජනතාවට. ටි වී බල බලා රුපියල් විස්සට ඇපල් කන්නයි, සුද්දගෙන පස්සේ නව ධනපති පන්තියක් බිහි කලේයි එයා. ඒ ඔක්කෝම කැලේ ගියා 83 කරපු ගොන් කමට. ඒකට පනිෂ්මන්ට එකට තමයි පලා බබා දුන්නේ හදාගන්නෙයි කියලා

    3. ප්‍රේමදාස - සජිත් නෙමෙයි අයියෝ.. එයාගේ තාත්තා.. - ඇඟළුම් කර්මාන්තය ලංකාවේ ප්‍රධානම ආදයම් මාරගය කළ පිනම ඇති අපායේ නොයා ඉන්න..

    4. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා - අවුරුදු 30 ක් රිධිරයෙන් තෙත් උන මාතෘභූමිය නිදහස් රටක කරපු එක. ගෑණියි මිනිහයි එකට වැඩට ගියේ නෑ. ඒ තරම් අන් ෂුවර් ජීවීතේ.

    ඉතින් පේනවනේ. වැඩක් කරන්න පුළුවන් එක මිනිහයි ඕන මේ රට හදන්න. අනික් උන් ඔක්කෝම නිකං ඉදගෙන ලක් මවගේ ලේ බොන මැක්කෝ. විශේෂයෙන් 94 ඉඳන් ඉන්න පකිස් බූරූවෝ රැලයි. ජනාධිපති උපදේශක කම් අරගෙන නිකං කන හිඟන්නෝ සෙට් එකයි

    ReplyDelete
    Replies
    1. මෙතුමිය හලන්න එපා, please
      2.සිරිමා බණ්ඩාරණායක මැතිණිය - ජනරජයක් කිරීම, මහවැලිය ඇරඹීම, තෙල්/වැවිලි කර්මාන්තය ජනසතු කිරීම, රජ්‍ය සංස්ථා හරහා කාර්මික සංවර්ධනය, ඖෂධ සංසථාව/ඔසුසල හා ඖෂධ ප්‍රතිපත්තිය
      , නොබැඳි විදේශ ප්‍රතිපත්තිය.........

      Delete
    2. බන්ඩාරණායක වරු තමයි මේ රට කෑවේ...

      Delete
    3. බණ්ඩාරණායක වරු තමයි මේ රට හැදුවේ..

      Delete
    4. මමත් සිතන්නෙ බණ්ඩාරනායකවරු තමයි මේ රට කෑවේ. මේ රටේ යමක් කළ ප්‍රධානම නායකයෝ තුන් දෙනයි ඉන්නෙ.
      1. ජේ. ආර් ජයවරධන 2. ආර්. ප්‍රේමදාස 3. මහින්ද රාජක්ෂ වර්ථමාන නායකයා. ඊට පසු ඩී ඇස් යමක් කළා. අනෙක් අය අතරින් අහම්බෙන් ආපු විජේතුංගයන් යමක් ඒ සුළු කාලේ නොකලත් රටේ තිබ්බෙ ජාතිවාදයක් නෙමේ ත්‍රස්තවාදයක් යනුවෙන් පිළිගැනීමත්, නැගෙනහිරින් කොටි පළවා හැරීමත් විතරයි මේ රටේම් ප්‍රගතියට වූ දේ. නෙක් සියල්ලන් කළේ බොරු වැඩ.

      Delete
    5. ඇයි වෙද ගෙදර මහ වෙදනා

      Delete
  5. මෙන්න සුදු අලි පුරාණය

    http://meeghaya.wordpress.com/2013/03/17/%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94-%E0%B6%85%E0%B6%BD%E0%B7%92-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA-%E0%B6%85%E0%B6%AD%E0%B7%93%E0%B6%AD-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4/

    ReplyDelete
  6. උදිතගේ ප්‍රවේශයේ ගැටලුව බලය බෙදීමක් කල යුතුව තිබෙන්නේ ඇයි කියන මූලික ප්‍රශ්නය ගැන ඔහු නිහඩ වීම.ලංකාවේ රාජ්‍යය සිංහල කේන්ද්‍රීයයි.මේ සිංහල බහුතරවාදයට යට වෙන්න උතුරු නැගෙනහිර බහුතරය වන දෙමල කථාකරන ජනයා සූදානම් උනේ නැහැ.ස්වයං පාලනය සදහා ඉල්ලීම මතුවෙන්නේ එතැනදී.පලාත් සභා ආකෘතිය කියන්නේ බලය බෙදාගැනීමේ ආකෘතියක්. මේ ආකෘතිය වැනි ආකෘතියකින් සිදුවන්නේ බලය සිංහල දේශපාලකයින්ගේ තනි භුක්තියක් නොවී දෙමල දේශපාලකයින් සමග එය බෙදාගැනීමට සිදුවීම.ඒක හොද ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරනයක්.මොකද ඒකීය ක්‍රමයක් ඇතුලෙ මධ්‍යම ආන්ඩුව සිංහල බහුතරය උනාම උතුරේ ජනයාගේ මනෝභාවයන් ඒ මධ්‍යම ආන්ඩුව තුල නිරූපනය වෙන්නේ නැහැ.වාර්ගික ප්‍රශ්නයක් රටේ තිබෙනවා.දෙමල ජනයා ස්වයංපාලන අයිතිය වෙනුවෙන් ඒකමතික මතයක සිටිනවා.පලාත් සභා කියන බලය බෙදාගැනීමේ අවම ආකෘතිය පවා ඉවත් කලාට පස්සේ මේ ප්‍රශ්නය තව ගැඹුරු වෙන හැටි ගැන උදිත අවධානය යොමු කොට නොතිබීම මේ ලිපියේ තිබෙන ප්‍රධානම අඩුපාඩුවයි.

    ReplyDelete
    Replies
    1. මෙතන ඇති කරුමය ඒක තමයි රාමා. 10% කියන්නේ ජනගහණයෙන් 1/10 එයාලා ඒ කාළේ ඉඳන් 50 ට 50 ඉල්ලනවා. එයාලට උන කරුමේ තමයි මහ ජාතිය එක්ක මුහු උනේ නැති එක. ඒකට වරද දුප්පත්කම හා නූගත් කම. දේශපාළකයන් ගොඳුරු කර ගන්නේ මේ පිරිසයි. මහ ජාතිය හා මුසු වූ දෙමළ ජන කොටස් වලට යුද්ධයේ උඡ්චම අවස්ථාවේදිත් කිසිම ජනවාර්ගික ප්‍රශ්ණයක් තිබුනේ නෑ. සිකුරාදා සෙනසුරාදා ෆයිව් ස්ටාර් හොටෙල් වල ඩිනර් ඩාන්ස් වලට ගියා. ගාර්දන් පාටි තිබ්බා, කොක්ටේල් තිබ්බා, ඩිස්කෝ ගියා.

      දැන් ඕනම රටක ඉන්නවා ඉන්දියන් කාරයෝ, චීන්නු පොරො හැලෙන්න, එතකොට ඒ රටවලට ගිහිල්ලත් සම අයිතිවාසිකම් ඉල්ලනවද, එහෙම නැත්නම් ඒ රටේ නීතීයට සංස්කෙඋතියට අනුව හැඩ ගැහෙනවද...?

      Delete
    2. //දැන් ඕනම රටක ඉන්නවා ඉන්දියන් කාරයෝ, චීන්නු පොරො හැලෙන්න, එතකොට ඒ රටවලට ගිහිල්ලත් සම අයිතිවාසිකම් ඉල්ලනවද,//

      දැන් මාතලන්ගේ අදහස දෙමල ජනයාට සම අයිතිය එපා කියන එකද? මාතලන්ගේ මේ තර්කය පිලිගත්තොත් දෙමල ඊලම ගැන තර්කය පිලිගත යුතුයි. කිසිම මිනිසෙක් කිසිම තැනක දෙවැනි පෙල පුරවැසියෙක් විය යුතු නෑ.ලංකාව සිංහල රටක් - දෙමල අයට සම අයිතිය තිබිය යුතු නැහැ කියා කියනවා නම් ඒ අයට වෙනම රටක් හදාගැනීමට තිබෙන අයිතිය පිලිගත යුතුයි. මාතලන් එජාපයට හිතවත් නේද? අඩු තරමින් රනිල් වික්‍රමසිංහගෙන් හරි මේ ගැන ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න තිබෙනවා.

      Delete
    3. රනිල් විකෙමසිංහගේ ඔක්කෝම මම පිලිගන්නේ නෑ. මාක්ස්ගෙ ඔක්කෝම පිලිගන්නෙත් නෑ. එහෙමපිලිගන්න ඕනත් නෑ. ඉතින් ඔයා දෙමළ ඩයස්පෝරාව එක්ක එකතු වෙලා, මේ චූටි රටේ 1/3 ක ඊළාම් රාජ්‍යක් ඉල්ලනවා වෙනුවට අපේ රට වගේ 150 ගුණයක් විශාල කැනඩාවේ පොඩි කෑල්ලක් දෙන්න කියලා ගේමක් ඉල්ලමු. මමත් එන්නම් බැක් කරන්න. මොකෝ ඔයාලා කියන්නේ, ඒයාලට දෙමළෙන් ළියුම් එන්නේ නෑ. ඔෆීස් වල දෙමළෙන් වැඩ කරන්නේ නෑ කියලනේ. දැන් එහේ ඉන්දියාවෙන් ගිය අයයි අපේ අයයි ඉන්න නිසා ගේම පටන් ගමු. එහේට අප්ෂට්ම නම් වාසු යවමු සුද්දොන්ට දෙමළ උගන්නන්න.

      මේවට තමයි කියන්නේ "අඩි එන්නඩී රාකම්මා පරිප්පූ කියලා..."

      Delete
    4. //ඉතින් ඔයා දෙමළ ඩයස්පෝරාව එක්ක එකතු වෙලා, මේ චූටි රටේ 1/3 ක ඊළාම් රාජ්‍යක් ඉල්ලනවා වෙනුවට අපේ රට වගේ 150 ගුණයක් විශාල කැනඩාවේ පොඩි කෑල්ලක් දෙන්න කියලා ගේමක් ඉල්ලමු.//

      ඇත්තටම ඔබ මොනවාද මේ කියවන්නේ? දෙමල ඩයස්පෝරාව - ඊලම - කැනඩාවෙ ඊලම - වාසු ලවා සුද්දන්ට දෙමල ඉගැන්විම.මේ කිසිවක් මං කියපු දේට අදාල ඒවා නෙමෙයි නේද? මම මතුකලේ මෙච්චරයි.ලංකාවේ දෙමල ජනයාට සම අයිතිවාසිකම් දෙන්න ඔබ විරුද්ධයි නම් දෙමල අන්තවාදීන් වෙනම ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් කරන ඉල්ලීම ඉබේම සාධාරනීකරනය වෙනවා.කරුනාකරලා සංයමයෙන් මා කියන්නේ මොකක්ද කියා තේරුම් ගන්න උත්සාහ කරන්න.සිංහල අන්තවාදයයි දෙමල අන්තවාදයයි එකම කාසියේ දෙපැත්ත.දෙමල අයට සම අයිතිය බැහැ කියන එක සිංහල ජාතිවාදය.ඒක සේවය කරන්නේ දෙමල ජාතිවාදයට. දෙමල ජාතිවාදීන්ට එතැනදී පහසුවෙන්ම පුලුවනි අන්න බලන්න සිංහල අය අපිට අයිතිවාසිකම් දෙන්නෙ නැහැ අපිට ඒ නිසා වෙනම රටක් අවශ්‍යයයි කියන තර්කය දෙමල සමාජය තුලත් ලෝකය තුලත් තහවුරු කරන්න.අද ලංකාවේ දෙමල බහුතරය වෙන්වීමට පක්ෂපාතී වී සිටින්නේත් සිංහල ජාතිවාදී ආන්ඩු දෙමල ජනයාගේ සම අයිතිය ප්‍රතික්ෂේප කරමින් ඉතිහාසයේ කල තකතීරු වැඩ නිසා තමයි.මෙතැනට මාක්ස් දක්වා යාමක් අවශ්‍ය වෙන්නේ නැහැ.මේ සරල කාරනය (සමාන දේශපාලන අයිතිවාසිකම්) ඕනෑම ලිබරල්වාදියෙක් උනත් පිලිගන්න දෙයක්.දෙමල ජනයාට සම අයිතිය නොලැබිය යුතුයි කියන එක අන්ත පසුගාමී ෆැසිස්ට් අදහසක්.

      Delete
    5. දුප්පත් දෙමළ මිනිහටත්, දුප්පත් සිංහළ මිනිහටත්, දුප්පත් මුස්ලිම් මිනිහටත් සම අයිතිය නොම්මර එකට තියෙනවා. මට පැහැදිලි කරලා දෙනවද ඔබ කියනා සම අයිතිය කුමක්ද කියලා.

      Delete
    6. ////දැන් ඕනම රටක ඉන්නවා ඉන්දියන් කාරයෝ, චීන්නු පොරො හැලෙන්න, එතකොට ඒ රටවලට ගිහිල්ලත් සම අයිතිවාසිකම් ඉල්ලනවද,// //

      දැන් මෙතැන සම අයිතිවාසිකම් එපා කියා කියන්නේ ඔබ නේද? ඔබ "එපා" කියන සම අයිතිය මොකක්ද? මා හිතන්නේ මට පෙර ඔබ ඒ ගැන පැහැදිලි කිරීමක් කල යුතුයි.සම අයිතීන් එපා කියා ප්‍රකාශ කොට සම අයිතිය යනු කුමක් දැයි මගෙන් ඇසීම කොච්චර තාර්කිකයිද?

      Delete
  7. \\\ අපි බලය විමධ්‍යගත කරගත යුත්තේ දෙමල දේශපාලන ප්‍රශ්නයට විසඳුමක් ලෙස නොව රටේ නිෂ්පාදන සහ වෙළඳපොල පදනම් කරගෙන වෙළඳ ගනුදෙනු පහසුවෙන් සහ සාධාරණව ඉටුකර ගැනීම සඳහා හැම පුරවැසියාටම ඇති අයිතිය තහවුරු කරදීම සඳහාය. මෙයට ජාතිබේද අදාල නැත. මේ සඳහා මුලිකවම ගත යුතු ප්‍රධාන පියවරක් නම් පළාත් සභාව නම් පිළිලය රටින් ඉවත් කර දැමීමයි. ///

    උදිත ඔය කොටසට මම සම්පූර්ණ එකඟයි..හැබැයි මෙතන ප්‍රශ්නේ උදිත
    පළාත් සභාව කියන පරිපාලන ව්‍යුහය නෙවේ..එතන වෙන දේශපාලන
    හෙන්චයියන්ගේ වැඩ ..නැතුව පළාත් සභාව කියන ආයතනය , පරිපාලන
    ආයතනය පලි නැහැ..

    නමුත් හෙන්චයියන්ට රජ කරන්න නියම තෝතැන්නක් වර්තමාන පළාත් සභාව..

    මම කමෙන්ට් ටිකත් කියෙව්වා..අපි දැන් වත් හන්දියේ ලයිට් එක දාගන්නේ කොහොමද
    කියන තැනින් එලියට එන්න ඕනේ.මොනවා කතා කරත් අන්තිමට හන්දියේ ලයිට්
    එක මේ පාර චන්දෙන් දිනුවොත් දානවා කිව්ව ගමන් කට්ටිය මෙන්න චන්දෙ දීල...

    ඉතින් කොහොමද උදිත රටක් විදිහට ඉස්සරහට යන්නේ ?

    ReplyDelete
  8. පවුලේ සැමටම සුබ වාසනාවන්ත අලුත්
    අවුරුද්දක් වේවා උදිත...

    ReplyDelete
  9. කෝ මේ මනුස්සයා ...කොහෙට වහන් උනාද ...?

    ReplyDelete
    Replies
    1. එනවා බිසි උනා සහන්

      Delete