Pages

Followers

Wednesday, March 6, 2013

ලසිත් මාලිංග භය නැතිව මුන්ට මැද ඇඟිල්ල උස්සපන්

 සිංහලෙන්   journalist යන ඉංග්‍රීසි වචනයට තේරුම ඉස්සර නම්   පුවත්පත් කලාකරු යන්නයි. දැන් මෙයට ගුවන් විදුලිය රුපවාහිනී වැනි මාධ්‍ය එකතු වී ඇති නිසා දැන් ඕනෑ නම් මාධ්‍යකරු  ලෙස කිව හැක.  මෙය රැකියාවකි  මාළු කාරයා  ,කරත්ත කාරයා ,පාන් කාරයා පත්තර බෙදන පත්තරකාරයා පවා කරන්නේ මේ වැනිම රැකියාවකි. හැබැයි ලංකාවේ දී සමහර රැකියා වල යෙදෙන අය අනෙකුත් සමහර රැකියා වලට වඩා මාර උසස් අපි වන්දනා මාන කලයුතු අමුතුම පිරිසක් බව සමාජය සිතයි. ලංකාවේදී මාධ්‍යකරුවන් නිකම්ම නිකම් අය නොව අපි පිදිය යුත්තන්ය මේ අය හඳුන්වන්නේ මාධ්‍යවේදීන් කියාය. විද්යාඤයින් පිරිසක්ය. ලංකාවේ හැම දෙයක්ම ඔහොමය දොස්තරලා නැත ඉන්නේ වෛද්‍යවේදීන් ය  අපි වැනි නිකම්ම නිකම් පාන්කාරයෙක්  වැනි කෙනෙක් ඉස්පිරිතාලෙට ගිය විට  ඕනෑම පාර්ට් එකක් දැමීමට මේ ඉහල රැකියා කරන අයට පුළුවන්ය. හැබැයි කිසිකෙනෙක්ට මේ ඉහල පිදියයුතු  රැකියා තියන අයට පාට් දැමිය නොහැක.ලංකාවේ කළා කරුවන් නැත ඉන්නේ කලාවේදීන්ය  මේ අයට අපි පිදිය යුතුය. කැමරා මයික් උස්සන් පුවත් වාර්තා කිරීමට යන reporter පවා මාධ්‍යවේදී( මාද්‍යවිද්යාඤ) මාර පොරවල් පිරිසක්ය මේ අයට අපි මාර විදියට ගරු කල යුතුය. අහන ඕනෑ ප්‍රශ්නයකට සීරුවෙන් සිටගෙන පිළිතුරු දිය යුතුය. නැත්නම් රටපුරා මාධ්‍ය මගින් පෙන්වා කුජිත කර දමනු ඇත.
පසුගියදා මේ දෙවිවරු වන් වරප්‍රසාද ලත් රස්සා කරන අයට මාලිංග වැනි ගමග කුජිත බාබර් රස්සාවක් කර කර ඉඳ පසුව ක්‍රිකට් ගහන්න ආ පොරක් හිත රිදෙන සේ කතා කර ඇත.  මෙය හෙන ගහන අපරාධයකි. ක්‍රිකට්කාරයන්ට  මාධ්‍යවේදීන්ට මෙහෙම පාට් දැමිය නොහැක ගමේ බාබර් කෙනෙක් වී ඉඳ පසුව පොරක් වූ පොරකට කොහොමවත් නොහැක.  ගමේ පොල් කඩන පොරක් වී සිටි නිසා කොතරම් සල්ලි  තිබුනද අනෙක් අයට පාර්ට් දැමිය නොහැක. ලංකාවේ ලොක්කන්ට පොඩ්ඩන්ට පාට් දැමිය හැක නමුත් පොඩ්ඩන්ට ලොක්කන්ට  පාට් දැමිය නොහැක. මාලිංග මොන යෝකර් පන්දු  දැම්මත් ක්‍රීඩාවේදියෙක් යැයි හැඳින්වෙන්නේ නැත, ඌ  පැපරාසි මෙන් මයික් කැමරා උස්සන් පස්සෙන් එන දෙවිවරු වන් මාධ්‍යවේදීන් ට කතා කරන්නන්ට දන්නේ නැත. 

අපේ මහජනතාවද මාධ්‍ය-වේදීන් මෙන්ම මාර සංවර පිරිසක්ය මේ අය කවදාවත් කාටවත් පාට් දමන්නේ නැති අයයි  මාලිංග නම් ගස් ගෙඩි කඩමින් ඉඳ පසුව ක්‍රිකට් ගහන්නට ආ කොල්ලා අසංවර ලෙස   මාධ්‍ය-වේදී රිපෝටර් වහන්සේ කෙනෙක්ට කතා කිරීම නිසා ෆේස් බුක් සමාජ ජාලයේ සිටින දහසක් සංවර සීලයන් රකින අපේ ජහමනයාගේ සිතද හොඳටම රිදී ඇත, මේ දිනවල  ෆේස්බුක් පිටු පුරා ඇත්තේ මේ මාලිංග විරෝධයයි. මාලිංග නම් පුද්ගලයාට මාධ්‍යවේදීන්ට බනින්න බැරිය ජනතාව මාධ්‍යවේදීන් සමගය මාධ්‍යවේදීන් රජතුමා සමගය ඒ සෙල්ලම් ලංකාවේ නොහැක. මාධ්‍යයට ගරු කළ යුතුය. 


 ගරු කටයුතු මාධ්‍යවේදියාට  මාලිංහ කියා ඇති කුණුහරුප මෙසේය (කරුණාකර පොඩි අය බලන්න එපා හරිම අසභ්‍යයි)

1.  මොකක්ද..කන්ට්‍රැක්ට්.. අපි මේ පාටියක් තිබ්බ ඒකට පොඩ්ඩක් ආවා.
 මොකක්ද?..ඒ මං මේ පොඩි ෆන්ක්ෂන් එකකට ආවෙ..කන්ට්‍රැක්ට් එකකට ආපු කට්ටියගෙන් අහගන්න ඉන් පසු ඔරවමින් වාහනයේ නැගී පිටව යයි.
(මේ එරවිල්ල ඉතා අසභ්‍ය සහ අසංවරය)

2. ඇයි මීට කලින් මාව දැකල නැද්ද? වැඩක් බලාගෙන යනව මනුස්සයො(මෙතැන මනුස්සයෝ කියන්නේ අසභ්‍ය ස්වරයකින්ය) යන්න.ඉන්පසු  ඔහු වාහනයේ දොර හයියෙන් වසා දමයි.
(මේ දොර වැසීමේ ශබ්ධයෙන් අතිගරු මාධයවේදියා ගේ කන් අඩි පුපුරා ගොස් ඇත,)

මෙවැනි වැඩ ලංකාවේ හීනෙකින්වත්  වෙන වැඩ නොවේ මෙවැනි හැසිරීමකට රජකාලේ දඬුවම් දිය යුතුය. මාලිංග හැසිරීම ඉගෙන ගත යුතුය මෙය ලංකාවේ ඉතා පහසු දෙයකි උත්තරීතර පාර්ලිමේන්තුවට දවසක් ගියානම් මාලිංග වැනි අසංවර පොරකට සංවරව කතා කරන හැටි ඉගෙනගත හැක. අර අචාර්ය මර්වින් සිල්වා ඇමතිතුමා පවා දැන් ආපසු ඇවිත් ඉන්නේ එයාගෙන් පවා පැපරාසි පොරකට උනත් සංවරව කතාකරන්නේ කොහොමද  කියල ඉගෙන ගන්න පුළුවන්.

දිවි නොතකා අප වෙනුවෙන් සුදු වෑන් වලට නොබියව මහුණ දී  දිවි පරදුවට තබා පැත්තක් ගියත් ඇත්ත කියන කිසිදා රජෙක්ටවත් කඩේ නොයන බැවින්   මාධ්‍යවේදීන්ට අපි මිට වඩා ගෞරව කල යුතුය. අපේ ජනතාව මාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවය තුල ක්ෂණිකව තමන්වත්  ස්ථානගත කරගෙන මාලිංගට ඇස්ටි හැලෙන්න දුන්නේ මේ නිසා විය යුතුය.
මාලිංග උද්ධච්ච මනුස්සයෙක් විය හැක මට එය අදාළ නැත එය මාලිංගගේ කැමැත්තයි මාලිංග උද්දච් වීම නිසා හිත රිදවාගැනීමට තරම් මම නම් බබෙක් නොවේ,  නමුත් අපේ බුද්ධිමත් රහසින්වත් පව් නොකරන තැන්පත් විහිලු නොකරන කේන්ති නොයන පරුස වචන නොකියන අහිංසක ජනතාවට රිදී ඇත.   

76 comments:

  1. ape rate bahutharayak inne mee harak kiyala ayeth oppu una... Media karayanta malinga hoda uttharayak deela tibba ada fb eke....

    ReplyDelete
  2. මෙසේ අන්තගාමී වීමට අවශ්‍ය නැත... මාධ්‍යවේදියාගේ ගරු කටයුතු බව හෝ මාලිංගගේ බබර් රස්සාව හෝ මර්වින් සිල්වා පාර්ලිමේන්තුවේ කතා කරන විදිහ හෝ ෆේස්බුක් එකේ ජනතාව කියන දේ හෝ අදාල නැත. ජාත්‍යාන්තර තලයේ ක්‍රීඩකයෙක් වශයෙන් ඔහු මාධ්‍යයට ප්‍රතිචාර දැක්වූ ආකාරය වැරදිය. ඔහු එසේ කල පලමුවෙනියා නොවීම අදාල නැත.

    ක්‍රීඩකයන්, නළු නිළියන්, ආදී තරු වලට ඔවුන්ගේ වෘත්තීමය තත්වයට අමතරව ජනතා ආකර්ෂණයක් තිබේ. තමන් කැමති ක්‍රීඩාවකදී තමන්ගේ ප්‍රියතම ක්‍රීඩකයා හෝ රට පරාජයට පත්වනවිට කණගාටුවක් ඇතිවන්නේ එබැවිනි. කොටින්ම ක්‍රීඩාවකට ජනතාවගේ හැඟීම්බර ආකර්ෂණය නොමැතිනම් ක්‍රීඩාවකට වෘත්තියක් වශයෙන් පැවතීමට ඉඩක් නැත.

    ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පසුගියදා ඇතිවූ සිද්ධිය නිසා යම්කිසි අර්බුධකාරී වාතාවරණයක් ඇතිවී තිබුණි. එවැනි අවස්ථාවක පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවකට මාධ්‍ය ආවරණය ලැබීම පුදුමයක් නොවේ. මාධ්‍යවේදීන්ගේ සරල ප්‍රශ්න හමුවේ මාලිංගගේ ප්‍රතිචාරය ළාමක ය, මෝඩ ය. ඔහු බැඳී සිටින විනය නීති වලට පටහැනිය. එම නිසාම ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය වී තිබේ.

    මගේ පෞද්ගලික දැකීමත්, ඔහුට විරුද්ධව විනය ක්‍රියා මාර්ගයක් ගැනීම සාධාරණ බවයි.

    ReplyDelete
    Replies
    1. ටිං ටිං. අන්න තිසර නියම අදහස. මැද ඇඟිල්ල මාලිංග ඉස්සුවේ මේ රටට. රටේ මිනිසුන්ට. සල්ලි කියුවාම මුන්ගේ කුහකකම වැඩිවෙනවා. මාලිංගලා දැන් සෙල්ලම් කරන්නේ රටේ මිනිස්සු එක්ක. ඔනම එකෙක් පොරවල් කරනකොට මේ ටික වෙනවා. තන්හාවට මැඳ ඇඟිල්ල උස්සලා නැවතුනෝත් පුදුමයි. කලින් ක්‍රිකට්වලට දේශපාලනය රිංගුවා. දැන් තන්හාවත් රිංගුවා. මේ ක නොතේරෙන උන්ට මරු ආතල්.
      //මේ දොර වැසීමේ ශබ්ධයෙන් අතිගරු මාධයවේදියා ගේ කන් අඩි පුපුරා ගොස් ඇත// නෑ යකෝ දැන් ආතල් ගන්න එවුන්ගේ කටවල් ඇරී ඇත.

      Delete
    2. @තිසර
      මම මෙහි මාලිංග පුවත් වාර්තාකරුවන්ට කතාකරන විදිය (An attitude) හරිද වැරදිද යන කාරණය කතා කර නැත. ඔබ කතා කරන්නේ එය ගැනයි.මට එය අදාළ නැත.කාගේවත් attitude හැදීමට මට අවශ්‍ය නැත, නිහතමානි වීම හොඳ නිසා කවුරුත් නිහතමානි විය යුතුයැයි සිවිල් නීතියක් දැමිය හැකි නොවේ. ලාංකිකයා මෙය තෙරුම් ගත යුතුය ඔබ හෝ මම හෝ රජය හෝ ලෝකයේ හොඳ ආචාරධර්ම ක්‍රියාවට නැවීම සඳහා පත්කරන ලද අචාරධාර්මික විනිසුරුවන් නොවේ, දන් දීම හොඳය නමුත් මුදල් තියන පොහොසත් අය අනුන්ට නොමිලේ තම ධනය බෙදා දිය යුතුයැයි නීති දැමිය නොහැක. මාධ්‍යකරුවන්ට අචාරශීලි වීම යනු ඔබට හෝ මට හෝ රජයට හෝ විනය කමිටුවකට මැදිහත් විය යුතු සිවිල් දෙයක් නොව මාලිංග නම් පුද්ගලයාගේ පුද්ගලික දෙයකි. මම කතා කරන්නේ ලාංකිකයා ආවේග වලින් හැමදාම මේ දෙක අනා ගැනීමයි. හදවත සහ සිවිල් සමාජ සම්බන්ධතා අනාගත යුතු නැත,රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඉන්නවා නම් ඒ මිනිසුන් තමන්ගේ පුද්ගලික අයිතීන් ඒ වෙනුවෙන් පාවා දිය යුතුයැයි කියන තැන මම නැත. මාද්‍යකරුවෙක්ට තම අප්‍රසාදය පලකිරීමට ඕනෑම පුරවැසියෙකුට ඇති අයිතිය මාලිංගට තිබිය යුතුය. අන් මිනිසෙකුට හානියක් නොවනතාක් කල් ඔබට නිහතමානි කෙනෙක් විමට ඇති අයිතිය මෙන්ම asshole කෙනෙකු වීමේ අයිතිය වෙනුවෙන්ද මම පෙනී සිටිමි.

      Delete
    3. /මාධ්‍යකරුවන්ට අචාරශීලි වීම යනු ඔබට හෝ මට හෝ රජයට හෝ විනය කමිටුවකට මැදිහත් විය යුතු සිවිල් දෙයක් නොව මාලිංග නම් පුද්ගලයාගේ පුද්ගලික දෙයකි./

      මේ කතාවට 100% එකඟයි මාලිංග මේ රටේ පුද්ගලික පුරවැසියෙක් නම්. නමුත් ඔහු පුද්ගලික පුරවැසියෙක්ද? නැහැ. ඔහු රජයේ පඩි නොලැබුවත් ඔහු වෙනුවෙන් රටේ එනම් රජයේ යම් දායකත්වයක් තියෙනවා. එසේම ඔහු ක්‍රිකට් බෝර්ඩ් එකේ පේ රෝල් එකේ ඉන්නා පුද්ගලයෙක්. එහෙම වෙනකොට ඔහු අර පුද්ගලික පුරවැසියාගේ නිදහසින් කොටසක් ගෙදර තියලායි යන්නේ. එනිසා පුද්ගලික පුරවැසියකුට යමක් කරන්න ඇති අයිතිය එහෙමම මාලිංගට නැහැ.

      Delete
    4. ක්‍රිකට් බෝර්ඩ් එකේ පේ රෝල් එකේ ඉන්නා පුද්ගලයෙක් සීරුවෙන් හිටගෙන විනීතව සංවර වී ටී වී චැනල් කාරයින්ට නිව්ස් විකිනීමට මුදල් හම්බ කරගැනීමට උදව් කිරීමට නිහතමානී උත්තර දිය යුතුයි කියා ගිවිසුමකට බැඳී ඇත්නම් ඔහු එම ගිවිසුම කඩා ඇත එය වරදක් බව ඉදිරියේදී ක්‍රිකට් බෝර්ඩ් විනය කමිටුව තීරණය කරයි,
      මගේ ගැටලුව පුද්ගලයෙක් පාරේ යද්දී මාද්‍ය රිපෝටර් ලාට සැරෙන් කතා කිරීම තහනම් යනුවෙන් නීතියක් ක්‍රිකට් ගිවිසුමේ තිබිය යුතුයැයි ඔබ වැන්නන් සිතීමයි.

      Delete
    5. උදිත, ඔබට සිංහල භාෂාව තේරුම් ගැනීම පිළිබඳව ලොකු ගැටළුවක් ඇත. නැවත මගේ කමෙන්ට් එක කියවන්න. කරුණාකර මා ලියූ දෙයට මිස මා ලියුවා යැයි ඔබ සිතන දෙයට පිළිතුරු දීමෙන් වළකින්න.

      Delete
    6. /මගේ ගැටලුව පුද්ගලයෙක් පාරේ යද්දී මාද්‍ය රිපෝටර් ලාට සැරෙන් කතා කිරීම තහනම් යනුවෙන් නීතියක් ක්‍රිකට් ගිවිසුමේ තිබිය යුතුයැයි ඔබ වැන්නන් සිතීමයි. /

      මා මාලිංග හා ක්‍රිකට් බෝඩ් එක අතර ඇති ගිවිසුම කියවා නැහැ. නමුත් එහි මෙයම නුවූවත් මාධ්‍ය හා කටයුතු කරන ආකාරය ගැන එහි යම් සඳහනක්/එකඟතාවයක් ඇතැයි මා සිතනවා. එය සාමාන්‍යයෙන් ඕනෑම වැදගත් ආයතනයක් තමන්ගේ සේවකයින්ට දාන පොදු කොන්දේසියක්. මන්ද ඔවුන් නියෝජනය කරන්නේ ආයතනය. තම තමන් නෙවෙයි. එනිසා ඔවුන් මාධ්‍ය හසුරුවන ආකාරය වෘත්තීය professional විය යුතුයි. (එයින් කියැවෙන්නේ නැහැ ඔවුන් අනිවාර්යයෙන්ම මාධ්‍යයට විනීත විය යුතුයි කියලා. අවිනීත නොවුණා නම් ඇති.)

      කරුණාකර ඔබ කියන්න මා සේම මේ ගිවිසුම කියවා නැතැයි මා සිතන ඔබ හරියටම කියන්නේ කොහොමද කියලා ගිවිසුමේ එවැන්නක් නැතැයි කියා.

      Delete
    7. @AnonymousMarch 7, 2013 at 6:16 AM

      මා දන්නා තරමින් මාද්‍යට ප්‍රකාශ දෙන්න ක්‍රිකට් බෝඩ් එක ක්‍රීඩකයින්ට තහනම් කරලා තියෙන්නේ මේක මාධ්‍ය දන්නවා දැන දැන කරදර කරමින් වචනයක් අල්ලගන්නයි මාධ්‍ය හදන්නේ. මාලිංග බැනපු එක හොඳ වැඩේ කියලයි මගේ පුද්ගලික මතය. අපි වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන මේ මාධ්‍ය දුමින්ද සිල්වා එයාර් පොර්ට් එකෙන් එලියට එනකොට ප්‍රශ්න අහන්න යන්නේ නැත්තේ ඇයි? ඇයි මාධ්‍ය උස්තැන දැක හැකිලෙන්නේ - මිටි තැන් දැක පුප්පන්නේ

      Delete
    8. උදිත මෙතන දෙපැත්තක් තිබෙනවා.
      මෙතනදී මාධ්‍ය මෙන්ම මාලිංග ද යම් වරදක් කර තිබෙනවා.
      මාධ්‍ය වැරැදි වනුයේ මාලිංගගේ ජාතිය-ජන්මය ආදී ගොතමින් අතිශෝක්තියෙන් ඔහුට පහර ගැසීමයි. එය මා මෙන්ම බහුතරයක් ද පිළිකුල් සහගතව දකිණු ඇතැයි සිතමි. නැතහොත් මාධ්‍යකරුවන් විසින් මාලිංගගෙන් ප්‍රශ්ණ කිරීම වැරැදි නැත.
      මාලිංග යනු ජාතික මට්ටමේ මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයෙකි. ඔහු කෙතරම් දක්ෂයෙකු වූවද, ඔහු රට නියෝජනය කරන පුද්ගලයෙකු බැවින්, රටට හෝ ක්‍රීඩාලෝලීන්ට අදාලව කිසියම් දෙයක් වසන් කරනවානම් සහ ජනතාව දැනගත යුතු දෙයක් ඇතිනම් එය වසන් කිරීමෙන් ඔහු සහ අනිකුත් අය කරනුයේ වංචාවක් විය යුතුය.
      මාගේ මතකයේ පරිදි එක් වකවානුවක ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොළඹ අවටින් ඉඩම් නොමිලයේ ලබා දුනි. එ හිදී ද මෙවැනිම ආකාරයේ රටේ ආන්දෝලනයක් මතු වූවා.
      මුදලට කිසියම් කෙනෙකු ගිජු වී අන්තවාදීව කටයුතු කරනවානම් ඔහු රටක් වුව පාවා නොදේවිද යැයි කියා අප සිතිය යුතුය. මේ පමණක්ද නොව සමහර ක්‍රීඩකයින් විවිධ වෙලඳ දැන්වීම් සඳහා පෙනී සිටිමින් තමාව ඉහළන් ඔසවා සිටින ක්‍රීඩා ලෝලීන් අන්දන ආකාරය ඔබ දැක ඇතැයි කියා මා සිතමි.
      මාධ්‍ය ප්‍රකාශන නිකුත් කිරීමට බොහෝ ආයතනවල වාරණයක් නීතිමය සහ අනියමින් ක්‍රියාත්මක වේ.

      Delete
    9. @Nirmala Madushani
      මාධ්‍ය මෙන්ම මාලිංග ද යම් වරදක් කර තිබෙනවා කියන එක ඇත්ත නිර්මලා ඒක මට අදාළ නෑ කියන එක මම කියද්දීම හැමෝම කවුද හරි කවුද වැරදි කියන තැන ඉඳන් පිළිතුරු දෙනවා. ලංකාවේ සියලුම පරමාදර්ශ බිඳ වැටිලා හැමෝම මගෝඩි වැඩ කරන රටක හැමෝම එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නවා. මාලිංග නම් එක පුද්ගලයෙක්ගෙන් ශිෂ්ඨ වෙන්න ඉල්ලනවා. එක එක සිදුවීම් වලදී එකිනෙකාට ඇඟිල්ල දික් කර කර වැරදි කියනවා නමුත් කියන පුද්ගලයින් වෙලාව ආවම ඊට අන්තයි. එක නිසා මම තනි පුද්ගලයින්ගේ හරි වැරදි හොයන්නේ නැහැ.
      මම සරලව මේ ලිපියෙන් කියන්නේ මෙච්චරයි. මාලිංගට කේන්ති ගියා මිනිහා කැමරා කාරයෙක්ට තදින් කතා කළා ඌව කන්න හදන්නේ නැතිව ඉඳපල්ලා උඹල ඌට වඩා අන්ත මිනිස්සු. එච්චරයි. සරලව අනෙකා ගැන විනිශ්චය කරන්න අයිතියක් තියන පරමාදර්ශ තියන මිනිස්සු නොවෙයි නුඹලා කියන එකයි.

      Delete
    10. /සරලව අනෙකා ගැන විනිශ්චය කරන්න අයිතියක් තියන පරමාදර්ශ තියන මිනිස්සු නොවෙයි නුඹලා කියන එකයි./

      අන්න උදිතට හෝල් සේල් වැරදිච්චි තැන. A ගැන B විනිශ්චයක් දෙනකොට B පරමාදර්ශද නැද්ද යන කාරණය අදාළ නැහැ. මොකද මාතෘකාව A. විනිශ්චයකරුවා කියන්නේ හොරෙක් වෙන්න පුළුවන්. ඒක වෙනම කතා කරමු, මාතෘකාවෙන් පිට නොපැණ.

      Delete
    11. /මම සරලව මේ ලිපියෙන් කියන්නේ මෙච්චරයි. මාලිංගට කේන්ති ගියා මිනිහා කැමරා කාරයෙක්ට තදින් කතා කළා ඌව කන්න හදන්නේ නැතිව ඉඳපල්ලා උඹල ඌට වඩා අන්ත මිනිස්සු. එච්චරයි. සරලව අනෙකා ගැන විනිශ්චය කරන්න අයිතියක් තියන පරමාදර්ශ තියන මිනිස්සු නොවෙයි නුඹලා කියන එකයි./

      අනෙක උදිතගේම තර්කය අනුව උදිතටත් මෙහෙම කියන්න අයිතියක් නැහැ උදිත පරමාදර්ශී නොවන නිසා. ඒ නිසා ඒ පඹගාලේ පැටලෙන්න එපා.

      Delete
  3. මචෝ උබ ජනමාධ්‍යවේදීන් ගැන දක්වන අදහස් හා 100% එකඟ වෙමි. මට නම් මාලිංග කෑ ගැහුවත් නැතත් ප්‍රශ්ණයක් නැත. ඌ විකට් ගත්තත් නැතත් මට ප්‍රශ්ණයක් නැත. ලංකාව දින්නත් පැරදුනත් මට ප්‍රශ්ණයක් නැත. මා ප්‍රියකරන්නේ ක්‍රිකට් නම් ක්‍රීඩාවටයි. එහෙත් අපේ රට දිණු මොහොතක සිතේ සතුටක් ඇති වන්නෙ නැතයි කීම නම් අමු බොරුවක්මය. එහෙත් මුන් එකෙක්වත් මට පොරවල් නම් නොවේ. මීට වඩා මා කැමති ක්‍රීඩකයින් පිරටවල සිටී. එමෙන්ම මාලිංග රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ගැන කතාකරනවානම්, අපේ ජාතික කන්ඩායමේ සිටිය යුතු ක්‍රීඩකයකු නොවේ. ඒ ගැන වැඩි දුර ලියන්නේ නැත. ඔබට එංගලන්තයේ කෙවින් පීටර්සන් සිද්දිය ගැන දන්නේ නම් ඒ ගැන වටහා ගත හැක. මාලිංගට රට වැඩක් නැත. ඔහුට අවශ්‍ය මුදල්ය. මෙය ඔහුම කලින් ප්‍රකාෂ කර ඇත. එවන් පුද්ගලයෙක් ජාතික කන්ඩායමේ තබාගන්නවාද යන්න, ජාතික කන්ඩායම ගැන තීරණ ගන්නා අය මෙන්ම, ජනතාවගේ තීරණයකි. ඔහුගේ පෞද්ගලික ජයග්‍රහණය ගැන නම් මා ඉතාමත්ම ප්‍රීතී වන්නේය. අද ඔහුගේ ජන්මය, ප්‍රදේශය, හා පවුල් පසුබිම උලුප්පාලමින් කරනා පෞද්ගලික මඩ ගැසීම් මා තරයේ පිලිකුල් කරමි. නමුත් උදිත ජාතික කන්ඩායමයක නායකයකු. මීට වඩා ඉවසීමකින් කටයුතු කළ යුතුය. හොඳම උදාහරණය පොඩි එකෙක් උනත් දිනේෂ් චන්දිමාල්. එමෙන්ම පුද්ගලයකු ලෙස ඔහු ඉතා අහංකාර පුද්ගලයකු ලෙස පෞද්ගලිකව දනිමි. ඒ නිසා ඔහුගේ මේ හැසිරීම මට පුදුමයක් නම් නොවේ. මිනිසුන්ගේ ජන්මය අල්ලාගෙන පහරදීම තුඡ්ච ක්‍රියාවකි.

    ReplyDelete
    Replies
    1. @ මාතලන්
      තිසරට ඉහත කියා ඇති දෙය බලන්න. මා ඉල්ලන්නේ මේ වගේ දේවල් වලදී හදවතට නොව බුද්ධියට ඉඩ දෙන්න, පුද්ගලයෙකු ක්‍රීඩා කරන්නේ දේශානුරාගය නිසාද මුදල් නිසාද යන්න හෝ
      උඹ අවසානයේ මතුකරන අදහස් දෙක ගන්න.
      පුද්ගලයෙකුගේ ඉවසීම/නොයිවසිම යන ගුණය
      පුද්ගලයෙකුගේ අහංකාර/නිරහංකාර ගුණය
      මේවා ආණ්ඩු මට්ටු කර හොඳ සමාජ හැදීම සඳහා පොදු ජනතාව හෝ ආණ්ඩුව, පොලිසිය සහ සිවිල් නිතිය අත පෙවිය යුතු කාරනා ලෙස මා සලකන්නේ නැත. ලාංකිකයා මේවා එක ගොඩේ දා අනාගෙන ඇත.
      මේවා අචාරධාර්මික කාරණායි මේවා කල යුත්තේ දෙමව්පියන් ගුරුවරුන් පන්සලේ හාමුදුරුවෝ හෝ පල්ලියේ පුජකයෝ පුද්ගලික වපරසිය තුලය, මෙසේ බිහිකරන පුද්ගලයින් සමාජයට ආ විට හොඳ අචාරධාර්මික සමාජ හැදීම එහි අතුරුපලයකි.
      අපේ රටේ දෙමව්පියන් ගුරුවරුන් පුජකයින්ට පුද්ගලයා හොඳ කිරීමට අසමත් වීම නිසා මේ අය නිතිය සහ ආණ්ඩුව මගින් බලහත්කාරයෙන් පුද්ගලයින් හොඳ කිරීමේ මෙහෙයුම පටන් ගේන ඇත. හැමෝම තමන් හැර අනෙකා හොඳ විය යුතුයැයි සිතති. මාලිංගට ගල් ගැසීමට පෙර හැමෝම තමන්ට ගල් ගසා ගත යුතුය. මා බ්ලොග් ලියන්නේ ආචාරධර්ම පොලිසියේ වැඩය කිරීමට නොවේ
      මාලිංග පුවත් වාර්තාකරුවන්ට කතාකරන විදිය (An attitude) හරිද වැරදිද යන කාරණය මට අදාළ නැත.කාගේවත් attitude හැදීමට මට අවශ්‍ය නැත.
      මම සිවිල් නිතිය හෝ සමාජය මැදිහත් විය යුතු තැන් වල සීමාව ලකුණු කරා. තේරුම් ගන්න පුළුවන් අය තේරුම් ගන්න.

      Delete
    2. උදිත ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වන්නෙ කුමක්ද...?
      කොටින්ම දරුඅවකු ක්‍රීඩාවට හොමු කිරීමෙන් බලාපොරොත්තු වන්නෙ කුමක්ද..?
      උඹ දැක්කද ඔස්ට්‍රේලියන් ස්විමින් ටීම් එක ගැන එරට ජනතාවගේ මතය....?
      http://www.guardian.co.uk/world/2013/feb/19/australia-olympic-swimming-review-toxic

      Delete
    3. උදිත මෙතැන කවුරුත් කියලා නැහැ සිවිල් නීතිය මැදිහත් වෙන්න ඕනැ කියල. උදාහරණයක් හැටියට මාලිංග අත් අඩංගුවට ගන්න ඕනැ වගේ අදහසක් නැහැ. (එහෙම දෙයක් තිබුණා/තියෙනවා දුමින්ද සිල්වා, දහම් සිරිසේන වගේ අය සම්බන්ධයෙන්. හැබැයි ඒවා වෙන කේස්.)

      මෙතන වුනේ මාලිංග යම් දෙයක් කළා සමාජය ඒකට රිඇක්ට් කළා තමන්ට පුළුවන් විදියෙන්. දෙගොල්ලම නීතිය කඩලා වත් නීතියේ සීමාවට එන තරමට ප්‍රශ්නය අරන් ගිහිල්ලාවත් නැහැ. හරියට ඔයා යමක් ලියනවා. මං ඒකට කමෙන්ට් කරනවා වගේ.

      /මාලිංග පුවත් වාර්තාකරුවන්ට කතාකරන විදිය (An attitude හරිද වැරදිද යන කාරණය මට අදාළ නැත.කාගේවත් attitude හැදීමට මට අවශ්‍ය නැත./

      ඉතින් ඔයා මෙතැන නැහැ, නැහැ කියල කරන්නෙත් ඒකනෙ. ඔයා මාධ්‍යකරුවන්ගේ attitude ප්‍රශ්න කරනවා, සමාජයේ attitude ප්‍රශ්න කරනවා. අදාළ නැත්නම් මේ අයගේ attitudeත් මාලිංගගේ attitude එක ප්‍රශ්න නොකරනවා වගේම ප්‍රශ්න නොකර ඉන්නකෝ. උනුත් සිවිල් පොරවල්නේ.

      Delete
    4. @AnonymousMarch 7, 2013 at 2:29 AM
      සිවිල් නිතිය මෙතනට අදාළ නැහැ එක මම දන්නවා.මාධ්‍ය කාරයෙක්ට සැරෙන් කතාකරාම මූ බාබර් කියන්න ගත්ත අපේ අය මාලිංග රටේ මුළු මහත් ජනතාවට අපරාධයක් කරපු මිනිහෙක් කරන්න හදන එක පිස්සුවක් කියන එකයි මම කියන්නේ.
      //ඔයා මාධ්‍යකරුවන්ගේ attitude ප්‍රශ්න කරනවා, සමාජයේ attitude ප්‍රශ්න කරනවා//
      සම්පුර්ණයෙන්ම වැරදියි. මට මා පෙනී සිටින්නේ ඒ අයගේත් ඒ අයිතිය වෙනුවෙනි. මා කියන්නේ ඕනෑ කෙනෙක්ට බනින්න ඔරවන්න ඕන කෙනෙක්ට අයිතියක් තියන බව පමණි. එසේ අයිතියක් නැතැයි කියා කෙනෙක් තවෙකුකට බනින විට තමන් ඒ තමා විරුද්ධ වෙන දේම කරන්නේ කොහොමද එසේ නම් තමාවම තමන්ගේම තර්කයට පිටින් ඉහලින් තබාද?
      මාලිංග සීරුවෙන් හිටගෙන විනීතව සංවර වී ටී වී චැනල් කාරයින්ට නිව්ස් විකිනීමට මුදල් හම්බ කරගැනීමට උදව් කිරීමට නිහතමානී උත්තර දිය යුතුයි කියා සමාජය හිතන්නේ ඇයි. මාධ්‍ය මිත්‍යාවක් ගොඩනගනවා මෙතන ඒ අය මේ ප්‍රශ්නය අහන්නේ අපි වෙනුවෙන් කියල ඉතින් අපි ඒ ලනුව කාල මාධ්‍ය එක්ක අනන්‍ය වෙලා මාලිංගට බනින්න ගන්නවා.මාධ්‍ය යනුද මාලිංග මෙන්ම මුදල් සොයන ව්‍යාපාරයකි.

      Delete
    5. ලනු කන එක ලාංකීය අනන්‍යතාවයක් නේ.......

      Delete
  4. උදිත@ ඔබ මෙය ලංකාව ඉලක්ක කර කීවත් ඔබ ජීවත් වන ඇමෙරිකාවේ නළු නිලියන් සහ ක්‍රීඩකයන්ගේ හැසිරීම සම්බන්දව ජනමාද්‍ය වල සහ ජනතාව අතර මෙවැනිම විරෝදාකල්ප ඇති වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් නූතනයේ මාධ්‍ය කියන්නේ මාෆියාවක් ලෝකයේ හැමතැනම එහෙමයි ලංකාවේ මිනිස්සු මෝඩයෝ වගේ මාධ්‍ය ලනුව කාල මාලිංගට හිටු කියල බනින්න ගත්තට හැම තැනම එහෙම වෙන්නේ නෑ. බහුතර මිනිස්සු Mainstream media කියන්නේ තක්කඩි කියල දන්නවා.

      Delete
  5. උදිත මට පෙනෙන හැටියට නම් ඔයා මෙතැන කතා කරන්නේ ලසිත් මාලිංගගේ advocate හැටියට. ඒත් ඔයාට ඒකට තියෙන අයිතිය 100%ක් පිළි ගන්නවා. එසේම ඒ අයිතියම අනෙක් පාර්ශ්වයේ advocatesලාටත් තියෙනවා. ඒක අමතක කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔව් අමතක නෑ ඕනෑම විරෝධයක් මෙතන දාන්න

      Delete
    2. උදිතට, කියපු දේ පැහැදිළි නෑ වගේ.

      Delete
  6. මාධ්‍ය(වේදියා හරි කාරයා හරි) කරන්නෙ උගේ ජොබ්එක. රට නියෝජනය කරන ක්‍රීඩකයෙකුගෙන් ප්‍රශ්නයක් ඇසීමේ වැරැද්දක් නෑ. මාධ්‍ය නොතිබෙන්න මාලිංග කියන්නෙ කවුද? අපි දන්නවද එයා ගැන? මාධ්‍යවේදීන්ගේ වැරදිවත් පාර්ලිමේන්තුවෙ වැරදිවත් මර්වින් සිල්වගෙ දුමින්ද සිල්වගෙ වැරදිවත්(ඒව කොච්චර ලොකුද කියලත්) මෙතෙන්ට අදාල වෙන්නෙ නෑ. මාලිංග කතා කල විදිය ශිෂ්ඨ සම්පන්නයි කියල කියන්න බෑ. කෙහොමත් මාධ්‍ය කාරයන්ට බැනීම විලාසිතාවක් වෙලා. ඉස්කෝල දෙකක ආදි ශිෂ්‍යයන් ගහගත්තමත් වැරදි ඒක වාර්ථා කල මාධ්‍යකාරයන් කියල ලිපියක් බ්ලොග් එකක තිබුන.

    ඔය තර්කයම තමයි ප්‍රභාකරන්ගෙ පුතා බාලචන්ද්‍රන් (මැරුවනං)මැරීම සාධාරණයි කියපු උදවිය ගෙනාවෙත්. වරදේ ස්වභාවය-විශාලත්වය කුමක් උවත් ඒක වැරැද්දක් නං විවේචනය කිරීමේ වරදක් මම දකින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මෙතන මාලිංග කරපු වරද මොකක්ද? slcb එකෙන් ක්‍රීඩකයන්ට මාද්‍යට ප්‍රකාශ දෙන්න එපා කියල නීති දාල තියනවා කියල දැන දැනම ඔහුට කරදර කිරීම සාදරණද? ඔහු ඒ වෙලාවේ හිටිය මානසිකත්වයත් අපි බලන්න ඕනේ නේද? ඔව්න් වෙනුවෙන් කතා කිරීම වෙනුවට මාද්‍ය දිගටම ඔව්න්ට පහර ගැසීම කරේ... ඔහු හැසිරීම අනුමත කරන්න බෑ....නමුත් ගැටලුව මාද්‍ය එය උපයෝගී කරගෙන ඔහුට මඩ ගැසීම....

      Delete
    2. //මාධ්‍ය නොතිබෙන්න මාලිංග කියන්නෙ කවුද?//
      මෙන්න මේක තමයි මාධ්‍ය ගොඩනගන මිත්‍යාව. ඔයා එකට අහුවෙලා ඉන්නේ මේ යුගයේ ජනතාවගේ එක්තරා විදියක ප්‍රධාන සතුරෙක් තමයි Mainstream media කියන්නේ.මේකට අහුඋනාට පස්සේ ගොඩ එන්න බැහැ.
      ක්‍රීඩකයෙකුගෙන් ප්‍රශ්නයක් ඇසීමේ වැරැද්දක් නෑ කියන එක ඇත්ත නමුත් එයා අනිවාර්යයෙන් ඒ ප්‍රශ්නවලට සීරුවෙන් හිටගෙන විනීතව සංවර වී ටී වී චැනල් කාරයින්ට නිව්ස් විකිනීමට මුදල් හම්බ කරගැනීමට උදව් කිරීමට නිහතමානී උත්තර දිය යුතුයි කියලත් දෙයක් නැහැ.
      // වැරදි ඒක වාර්ථා කල මාධ්‍යකාරයන් කියල ලිපියක් බ්ලොග් එකක තිබුන.//
      ඔයා හිතන්නේ නූතනයේ මාධ්‍ය අපි වෙනුවෙන් කට්ට කාගෙන සත්‍ය පණිවිඩය ගේන මාධ්‍ය ලෙස ක්‍රියා කරලා අපිව දැනුවත් කරනවා කියලද? කරුණාකර Marshall McLuhan ගේ The medium is the message කියන පොත හොයාගෙන බලන්න. මාධ්‍ය අද කාලේ කරන්නේ ඒ අයට ඕනෑ අදහස අප තුල තහවුරු කරන්න කටයුතු කරන එකයි.

      Delete
    3. /ක්‍රීඩකයෙකුගෙන් ප්‍රශ්නයක් ඇසීමේ වැරැද්දක් නෑ කියන එක ඇත්ත නමුත් එයා අනිවාර්යයෙන් ඒ ප්‍රශ්නවලට සීරුවෙන් හිටගෙන විනීතව සංවර වී ටී වී චැනල් කාරයින්ට නිව්ස් විකිනීමට මුදල් හම්බ කරගැනීමට උදව් කිරීමට නිහතමානී උත්තර දිය යුතුයි කියලත් දෙයක් නැහැ./

      දැන් කවුද එහෙම කියන්නේ?

      ප්‍රශ්නය ඇහුවාම මාලිංගට කළ හැකි දේවල් තුනක් තිබුණා.

      1. විනීත උත්තරයක් දීම (ධන)
      2. කිසිවක් නොකියා සිටීම (නියුට්‍රල්)
      3. බැන වැදීම (රින)

      ඔහු කළ යුතුව තිබුණේ දෙවැන්න. මාධ්‍යවේදියා කරන්නෙ ඔහුගෙ ජොබ් එක. මාධ්‍ය ආයතනය කරන්නෙත් ඔවුන්ගෙ ජොබ් එක. ඔවුන් හොඳටම දන්නවා මාලිංගට කතා කරන්න බැහැ කියලා. නමුත් ඔවුන් තමන්ගේ ජොබ් එක කළ යුතුයි. මාලිංග කරන්නෙත් ඔහුගෙ ජොබ් එක. ඉතින් මෙතැන අහෙක් අය තමන්ගේ පිටපතට අනුව කටයුතු කරන කොට මාලිංග පිට පනිනවා. කැලැඹීම ඇති කරන්නේ ඔහු. වෙන කවුරුත් නෙවෙයි.

      උදිත ඇයි මේ ලංකාවෙ ඉඳලා ඇමෙරිකාවට ගිය හැමෝම එක වගේම මෝඩ කතා කියන්නේ?

      Delete
    4. //මෙන්න මේක තමයි මාධ්‍ය ගොඩනගන මිත්‍යාව. ඔයා එකට අහුවෙලා ඉන්නේ//
      මම අහුවීම නෙවේ මෙතන තියන ප්‍රශ්නය. කෙනෙකුට පුළුවන් ශිෂ්ඨ සම්පන්නව හැසිරෙන්න මීට වඩා. අනෙක බොහෝ දෙනෙක් අකමැති මාධ්‍යකාරය(මාලිංගට සාපේක්ෂව) පතුරුගහන්න තියන කැමැත්තයි ඔය එලියට එන්නෙ.

      //ක්‍රීඩකයෙකුගෙන් ප්‍රශ්නයක් ඇසීමේ වැරැද්දක් නෑ කියන එක ඇත්ත නමුත් එයා අනිවාර්යයෙන් ඒ ප්‍රශ්නවලට සීරුවෙන් හිටගෙන විනීතව සංවර වී ටී වී චැනල් කාරයින්ට නිව්ස් විකිනීමට මුදල් හම්බ කරගැනීමට උදව් කිරීමට නිහතමානී උත්තර දිය යුතුයි කියලත් දෙයක් නැහැ//
      මම කිව්වෙ ප්‍රභාගෙ පුතාගෙ කේස්එකම තමයි මෙතන තියෙන්නෙ. වෙනස ඝාතනයක් වෙනුවට අසංවර හැසිරීමක්! මේ මාධ්‍යවේදීන් කියන එවුන්ට වෙඩි තියන්න ඕන නේද? ;-)

      //ඔයා හිතන්නේ නූතනයේ මාධ්‍ය අපි වෙනුවෙන් කට්ට කාගෙන සත්‍ය පණිවිඩය ගේන මාධ්‍ය ලෙස ක්‍රියා කරලා අපිව දැනුවත් කරනවා කියලද?//
      කවුද එහෙම කියන්නෙ? මාධ්‍යකාරයො කියන්නෙ කවුද කියල මට අමුතුවෙන් කියවන්න ඕන නෑ. හෑම මිනිහෙක්ම වගේ එයාලත් එයාලගෙ ජොබ්එක කරන්නෙ.

      කවුරු මොන වැරැද්දක් කලත් ශිෂ්ඨ සම්පන්න මිනිහා ඒ තත්වෙට පත්නොවිය යුතුයි කියන යුගයකටයි අපි ගමන් කරන්නෙ. උදිත කෑගහන්නෙත් ඒ ගැන තමයි "වෙනදට"!

      Delete
    5. /උදිත කෑගහන්නෙත් ඒ ගැන තමයි "වෙනදට"!/

      ඉතාම හොඳ නිරීක්ෂණයක්. උදිතට වගේම අරුණිශපීරෝටත් තමන් කියන දේවල් වල consistency එකක් නැහැ. අද කියන දේට පරස්පර කතාවක් හෙට කියන්නේ.

      Delete
    6. මෙහි කිසිම පරස්පරයක් නැත මම නිතරම පුද්ගලික අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමි මෙහිදී මාලිංගට මාධ්‍යකාරයෙක්ට බැනීමට සිය අකමැත්ත ප්‍රකාශකිරීමේ තිබෙන අයිතිය මම පිලිගනිමි. බොහෝ අයට මම මෙතන පෙනී සිටින පැත්ත වැරදි ලෙස පෙනී යෑම මට තේරුම් ගත හැක මෙය මගේ පරස්පරයක් නොව ලංකාවේ මිනිසුන් පුද්ගලික අයිතිය ගැන දන්නේ නැති කමයි. මාලිංග කැමරා පොළොවේ ගැසුවේ මධ්‍යකරුට ගැහුවේ හෝ අසභ්‍ය වචන භාවිතා කලේ නැත. මාලිංග ගේ අසංවර හැසිරීම හැදීම ,නැත්නම් ඔහු කළ යුතුව තිබුණේ දෙවැන්න තෙවැන්න කියමින් අනුන් හැසිරිය යුතු අන්දම ගැන අචාර ධාර්මික අවවාද දෙන එක ඔබලගෙ කැමැත්තයි මට එය අදාළ නොවේ. මම පුජකයෙක් නොවේ. මාලිංග කේන්ති ගියාම හැසිරෙන විදියට වඩා මාර විනීත විදියට තමන්ට කේන්ති ගියාම හැසිරෙන අයට ඔහුට ගල් ගැසීමට අවසර ඇත. ඔය ඉහත රාජ් කියන උදිත කෑගහන්නෙත් ඒ ගැන තමයි "වෙනදට" යන්න මා වැරදියට වටහා ගැනීමකි. අචාර ධාර්මිකව හරි හෝ වැරදි ධන හෝ රින හැසිරීම් මම ශිෂ්ඨත්වය යන වචනයෙන් හඳුන්වන්නේ නැත. අසංවර හැසිරීමක් සහ ළමා ඝාතනයක් සංසන්දනය කල හැකි දෙයක් යැයි සිතන රාජ් ට පිළිතුරු දී වැඩක් නැත. ජන මාධ්‍ය අංශ වල රැකියා කරන මිනිසුන් සහ මාධ්‍ය අනන්‍යතාවය තමන්ට ආරෝපණය කරගත් අය මා ලියු දේවල් වලින් සිත් රිදවාගෙන ඇත්තේ මාලිංග කිවූ දේවල් පුද්ගලිකව ගත් ආකාරයටමය.

      Delete
    7. /මෙහි කිසිම පරස්පරයක් නැත/

      ඔව්, ඔබට පරස්පරයක් නෑ. පරස්පරය පේන්නේ කියවන එවුන්ට මිසක් ලියන එකාට නෙවෙයි.

      ඉතුරු සියල්ල ගැන නම් කියන්න තියෙන්නේ අර දයාසිරි ජයසේකර කියනවා වගේ "අදාළ නැත" කියලා තමයි. උදිතට සෑහෙන අමාරුවක් තියෙන බව පේනවා වෙන කෙනෙක් කියන දෙයක් තේරුම් ගන්න. මේ දුර්වලතාවය තියෙන සුළු පිරිසක් සමාජයේ ඉන්නවා. ඒ ඔවුන්ගේ මොළය සැකසී ඇති හැටි.

      Delete
    8. //මාධ්‍ය(වේදියා හරි කාරයා හරි) කරන්නෙ උගේ ජොබ්එක. රට නියෝජනය කරන ක්‍රීඩකයෙකුගෙන් ප්‍රශ්නයක් ඇසීමේ වැරැද්දක් නෑ. මාධ්‍ය නොතිබෙන්න මාලිංග කියන්නෙ කවුද? අපි දන්නවද එයා ගැන? //

      ඒෙහනම් මාධ්‍යය තමයි මාලිංගෙග උරුම කාරයා.....

      මාලිංගයා ෙගදර ෙදාරවහෙගන ෙසක්ස් කරන ඒ්වත් මාධ්‍යයට ෙපන්වීමට අයිතියක් තිෙයනවා ඒෙහනම්.... මාධ්‍ය නොතිබෙන්න මාලිංග කියන්නෙ කවුද කියල අපි දන්නවායැ...

      Delete
    9. //මාධ්‍ය නොතිබෙන්න මාලිංග කියන්නෙ කවුද?//

      ක්‍රිකට් ගැන තියෙන නොදැනුම තමයි..මීඩියා වලින් චරිත පුම්බනවා තමයි..ඒත් ඒක කරන්න පුලුවන් එක්තරා දුරකට විතරයි...

      මාලිංග පිට පිට විකට් 4ක් ගන්න ලෝකෙ එකම ක්‍රීඩකයා වෙන්නෙ මාධ්‍ය හින්දද? මෙතරම් නිවැරදිව පන්දු 4ක් හසුරුවන ක්‍රීඩකයෙක්ව හැදුවේ මාධ්‍යද? මෙවැනි ක්‍රීඩකයෙක්ට මාසෙකට ලක්ශ ගානක් හම්බවෙනව කියන එකවත්, එයා සල්ලි වලට කෑදරයි කියන එකවත් අදාල නැහැ.

      සනත් ගැන උනත් ඔහුගෙ ප්‍රශ්නය තියෙන්නෙ ඔහුගෙ දේශපාලනයේයි.

      මතකද ලෝක කුසලානෙන් පස්සෙත් මාස කීයක් පඩි නැතුව ක්‍රීඩා කලාද? මාස ගානක් පඩි නැතුව ක්‍රිකට් ගස්සන්න කාටවත් අයිතියක් නැහැ. ඒක ලොකු මුදලක්, ඔවුන්ට ඕනතරම් සල්ලි තියෙනව කියන එක අදාල නැහැ. ක්‍රීඩකයන්ට කොපමන ඉහල මුදලක් ලබාදුන්නත් එය නිවැරදියි. එය උපයා ගන්නේ ඔවුන්..එයට ඊර්ශ්‍යා නොකල යුතුයි. උපයන්නේ පාලක මන්ඩලය නෙවෙයි; එය කාබාසීනියා කරනවා මිසක්.

      මාධ්‍ය සහ අපි ඔක්කොම දන්නවා ක්‍රීඩකයොන්ට ඒ ගොල්ලන්ගෙ ඇග්‍රිමන්ට් අනුව, මාධ්‍ය ප්‍රකාශ දෙන්න බෑ කියලා. මේක මාධ්‍ය කාරයොන්ගෙ බොරු හුරතලයක්. මාලිංගව (අධිකව මුදල් උපයන ), රනවිරුවන් (අවම පඩියක් ලබමින්, දිවි පරදුවට තැබූ) එක්ක සංසන්දනය කරලා තියෙන එකෙන්ම පේනවා මේ රැල්ල මොකක්ද කියලා..

      ඕනෙම එක්ස්ට්‍රා ඕඩිනරි පෆෝමන්ස් පෙන්නන ගොඩක් ක්‍රීඩකයො ඇග්‍රෙසිව්.. මොහොමඩ් අලි... බොතම්... මැරඩෝනා..මයික් ටයිසන්...විතරක් නෙවෙයි..බලන්න සුසන්තිකා..පෞද්ගලිකව මම සුසන්තිකාට කැමති නැහැ. නමුත් ඔවුන්ගේ දක්ශතාවය හෝ ඇචීව්මන්ට් ගැන අපිට කිසිවක් කිව හැකිද්? ඔවුන් එය මහපොලවේ කර, පෙන්වා ඇති බැවිනි. මෙය ගොඩක් ක්ශේත්‍ර වලට අදාල නැති දෙයක්. අපි බලන්න ඕනෙ ඔහු හෝ ඇය මේ තත්වෙට ආවම ඔහුට හෝ ඇයට දරාගන්න බැරිවෙන එක. එය අපේ ජාතික ප්‍රශ්නයක් (අඩුම ගානෙ ඒ වගේ එකක්වත්!)නෙවෙයිද? මේක ටච් කරලා තිබුනා අජිත් පැරකුම් ජයසිංහගෙ බ්ලොග් එකේ...

      පලි: දැනගන්න ඇත්තෙ, අජිත්ගෙ w3lanka බ්ලොග් අඩවිය හැක් කර ඇතිබවය්. නැවත එම බ්ලොගය වෙත යාහැකි ක්‍රමයක් දන්නා කෙනෙක් කියන්න....ඔහුට (අජිත්ට ) වදනකින් හෝ ශක්තියක් වීමට කැමතියි..

      - Dimithri

      Delete
    10. SURA
      //මාලිංගයා ෙගදර ෙදාරවහෙගන ෙසක්ස් කරන ඒ්වත් මාධ්‍යයට ෙපන්වීමට අයිතියක් තිෙයනවා ඒෙහනම්//

      ක්‍රීඩකයෙකුගෙ ක්‍රීඩා ජීවිතය සහ පෞද්ගලික ජීවිතය කියන දෙකේ වෙනස තේරුම්ගන්න බැරි ඔයාට තියෙන්නෙ ෙමාලයේ අප්‍රානිකතාවයක්‍‍.

      දිමිත්‍රි
      ඔෙබ් තර්කය තුලම, ඔබ දක්වන අදහසට අැති පරස්පරය ගැබ්වෙලා තියනව‍.
      //මෙවැනි ක්‍රීඩකයෙක්ට මාසෙකට ලක්ශ ගානක් හම්බවෙනව කියන එකවත්, එයා සල්ලි වලට කෑදරයි කියන එකවත් අදාල නැහැ//
      ඔ්කම තමයි මාධ්‍යකරුවා ගැන කියන්න තියෙන්නෙත්. ඔවුන්ගේ අැති අපි අකමැති ගතිලක්ෂණ, ඔවුන්ට ඒෙරහි අශීලාචාර හැසිරීමකික් තුලනය කරන්න බෑ.

      Delete
  7. මාලිංග මොනවා කිව්වත් අපට කමක් නෑත ...වැදගත් වන්නේ ඔහු රට වෙනුවෙන් නියම ලෙස ඔහුගේ උපරිමය යෙදෙව්වාද යන ප්‍රශ්ණයයි.......ඒත් ඒදා ඔහු දැක්වූයේ සල්ලි වලට ඔහු තුල ඇති කෑදරකමයි....ඉන්දියාවට එරෙහිව ලෝක කුසලාන අවසාන තරගයත්....20-20 අවසාන තරගයේත් මාලිංගගේ සුපුරුදු පංඩු යැවීම එලියට ආවේ නැත....සල්ලි වලට ඔහුගේ ඇති කෑදරකමත් මේ සිද්ධීන් අතරත් සම්භන්ධතාවයක් ඇත්දැයි සොයා බැලීම නම රටක් වශයෙන් වැදගත් කාරණාය...

    ReplyDelete
    Replies
    1. මිට වඩා රටක් වශයෙන් වැදගත් බොහෝ සිද්ධි තියනවා සිද්ධීන් අතරත් සම්භන්ධතාවයක් ඇත්දැයි සොයා බැලීම සඳහා. අපේ අය ඒවා නෑ වගේ මේකේ එල්ලිලා ෆේස් බුක් එකේ පින්තුරයකට ලයික් එකක් දාල බුදිය ගන්නවා

      Delete
  8. දැන් මාලින්ගයෙක් අල්ලගෙන ගහනවා. එක එක කාලෙට එක එක එවුන් අල්ලගෙන ගහන එක තමයි ලංකාවේ ජනමාධ්‍ය කියන්නෙ. අනේ අපේ මිනිස්සුත් මේවට අහුවෙනවනේ. හැමදාම වගේ තව සති දෙකකින් බම්බුගහගන්න තමයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ දී නම් කියන්නේ විනාඩි 15හේ ජනප්‍රියතාව (15 Minutes of Frame) ලංකාවේ සති දෙකක් විතර අල්ලනවා නේද

      Delete
  9. උදිත මාලිංග යනු දැන් සාමාන්‍ය පුද්ගයයෙක් නොවේ.. ඔහු අපේ රටේම අනන්‍යතාවකි. එවන් සංකේතාත්මක චරිතයක් හැසිරිය යුත්තේ මෙයිට වඩා වගකීමක් සහිතවය.මෙය ක්‍රීඩාව වේවා දේශපාලනය වේවා මොන අංශයකින් හෝ පොරක් වු චරිතයකින් සිදුවන විට ජනතාව එයට ප්‍රතිචාර දක්වන්නේ මෙහෙම තමයි.
    දැන් බලන්න රනිල් මහත්තයා හිතන්නේ ඉංගිලිසියෙන්..ඒ වගේම රට ගැන හොද දැක්මකුත් තියනවා. පරිනතයි. ඒත් සමාජයේ කතාවක් සිංහලෙන් කළොත් එතැන අනාගන්නවා. නමුත් රටක දෙවරක් අගමැති වු පුද්ගලයාගෙන් ජනතාව එවැන්නක් බලාපොරොත්තුවන්නේ නෑ.රනිල් තේරුම් නොගත් මහින්ද ජනපති තේරුම්ගත් සත්‍ය මෙයයි.

    ReplyDelete
    Replies
    1. මාලිංග ට වඩා බලවත් සංකේතාත්මක චරිත වලින් කොන්ද පන ඇති සමහර මාධ්‍ය කරුවන් අහපු ප්‍රශ්න වලට පිළිතුරු දුන්න හැටි සහ ඒ ප්‍රශ්න අහපු අයට රටින් පැනල යන්න වෙනකොට මේ ජනතාවම නිහඬව සිටියේ නැද්ද? මේකට මම කියන්නේ
      උස්තැන දැක හැකිලෙන්නේ - මිටි තැන් දැක පුප්පන්නේ

      Delete
    2. මේකත් හරියට අර ප්‍රභාකරන්ගේ පුතාගේ මරණය ගැන කතා කරනකොට කැබිතිගොල්ලෑව ඇද ගැනීම වගේ වැඩක්. ඇයි මේ පිට පනින්නේ. මෙතැන මාතෘකාව ගැන කතා කරමු.

      Delete
    3. මෙතැන මාතෘකාව ගැන මට කියන්න තියන දේ කියා අවසානයි. තවත් කතාකරන්නට මට කියන්න දෙයක් නැත. සැනසෙන්න ඇනෝ මාලිංග ගැන මට පුද්ගලික කැක්කුමක් නැත.

      Delete
    4. මාලිංග ගැන ඔබට පෞද්ගලික කැක්කුමක් ඇතැයි නොසිතමි. ඔබට ඇත්තේද ලංකාවේ අසාර්ථක වී වෙන රටකට ගිය සංක්‍රමණිකයන්ට සාමාන්‍යයෙන් වැළඳෙන හීනමාන රෝගයකි. ඒ හීනමානය මත ඔබට ගහන්නට අවශ්‍ය පිරිස්ක් සිටියි. මාලිංග ඒ පිරිසටම ගහන කොට ඔබ පොඩි චියර් එකක් දමයි. එපමණෙකි.

      Delete
  10. මාලිංගගෙ සිද්දියෙදි මම දැකපු ලස්සනම දේ තමා හලාල් ප්‍රශ්නය, යුද්දය, ජාතික ප්‍රශ්නය වගේ කාරනා වලදි පවා රැඩිකල් මතයක් දරපු අය මේකෙදි ප්‍රධන දාරාවත් එක්ක එකග වෙනව. ෆේස් බුක් එකෙ හලාල් වලට බනින අයයි අනිත් පිලයි දෙගොල්ලොම එකම පොස්ට් ෂෙයාර් කරනවා. මෙහෙ තියන ප්‍රශ්නෙ තමා අපි හැමෝම ඉන්නෙ මොකක්දො සංස්කෘතික මායිම් ඇතුලෙ හිරවෙලා. අපි බලෙන්ම (අපි දන්නෙත් නෑ කොහොම උනාද කියල ) අපිව රාමුවකට කොටු කරගෙන. මොකක් හරි දෙයක් ගැන අපිට අදහසක් නැත්නම් මේන් ස්ට්‍රීම් මීඩියා හරි ෆේස්බුක් පේජ් එකකින් හරි හදල දෙන රාමුවක් ඇතුලට රිංග ගන්නව. මම ඉස්සල්ල කියපු විකල්ප මත දරපු අයට පවා මේකෙදි තමන් ඉන්න රාමුව පෙන්නන්න සිද්ද වෙනව. හැමෝම අඩු වැඩි වශයෙන් සුජාත වාදියො, සාරධර්ම ගැන වද වෙනවා. මේ බහුතරයට අනුව ගමෙන් අමාරුවෙන් ආපු එකෙක්ට ක්‍රිකට් ගහල ජනප්‍රිය උනාට පස්සෙ විනීත විදියට හැසිරෙන්න ඕනෙ, නිදහස් අධ්යාපනයෙන් ඉගෙන ගෙන වෛද්‍යවරයෙක් උනාට පස්සෙ සල්ලි වලට බේත් කරන එක අවුල්, එක්කො රට යන එක අවුල්, කෙල්ලො කොටට අඳින එක හොඳ නෑ, ටීවී එකේ සිගරට් අරක්කු පෙන්නන එක හොඳ නෑ, ඇබෝෂන් පවක්, රටේ වෙන මානව හිමිකම් ප්‍රශ්න පිට රටවල් වල ගිහින් කියන එවුන් උල තියන්න ඕනෙ, බුදු හාමුදුරුවන්ගෙ පින්තූර ප්‍රදර්ශනය කලයුතු නිශ්චිත තැන් තියනව, කොහෙ හිටියත් ජාතික ගීය යනකොට නැගිටින්න ඕනෙ......... අපිලිවෙලකට කීවත් ඔය වගේ ගොඩක් ලඝුවීම් තියනවා. බහුතරයක් ඕවගෙන් එකකට දෙකකට හරි එකඟයි. මතවාදීව මේවත් එක්ක එකග මහින්ද ලන්කාවෙ තහවුරු වෙන්නෙ මේ නිසා. වැහෙන්ඩ අඳුම් අඳින යහපත් වචන කතා කරන සුජාත දියනි මෙහෙ නැගල ගියෙ ඒ නිසා, අරක්කු සිගරට් බොන මිනිහා පවා බොන්න හොඳ නෑ මෙවා පිටිපස්සෙ බහුජාතික සමාගම් වල කුමන්ත්‍රණ තියනවා වගේ කතා කියන්නෙ ඒකයි, බොදු බල සේනා මෙච්චර ප්‍රොමොට් වෙන්නෙ ඒකයි, කවුරුවත් මතුපිටින් පේන්න තියන දේ හරි, මීඩියා වලින් උලුප්පන දෙයක් හරි ගැන අඩියක් පස්සට තියලා රාමුවෙන් ගැලවෙන්න ට්‍රයි කරන්නෙ නෑ. මාලිංග මීඩියා වලට බැනපු එක ගැන බහුතරයක් හිතන්නෙ එයා තමුන් හිතන විදියෙ රාමුවක( රට වෙනුවෙන් ක්‍රීඩා කරන, මහින්ද වගේ මීඩියා වලට හිනා වෙලා කතා කරන, මුල අමතක නොකරන ) ඉන්න ඕනෙ කියලා. එහෙම නොවුනාම පහර ගහනවා.

    මේ ටිකත් කියන්න ඕනෙ. මාලිංග කියන්නෙ මට නම් මෙච්චර කාලෙකට ලංකාවෙ බිහිවෙච්ච ස්පොර්ට් අයිඩල් එක. මේ වගේ සිද්දි වලිනුයි ඊට කලින් මීඩියා වලට කියලා තිබුන දේවලුඉ වලින් ඌ ඒක දිගටම ඔප්පු කරමින් ඉන්නව. සල්ලි වලට සෙල්ල්ලම් නොකලයි රට වෙනුවෙන් සෙල්ලම් කලයි කියකිය පාරම් බාන අර්ජුනලයි මාලින්ගගේ වෙනස ඒක. ලෝකෙ සාමාන්‍යෙන් එහෙම සුචරිතවත් ස්පෝර්ට් අයිඩල්ස් නෑ. ඉන්නෙ මාලිංග වගේ අය තමා. ප්‍රශ්නෙ මාලිංගව ලංකාවෙ අයට තේරෙන්නෙ නෑ. ධනවාදෙන් සමාජවදී සූදුව කෙලින රටක මාලිංග වගෙ නිදහස් ධනවාදී චරිතයක් තේරුම් ගන්නත් බෑ. අනික අපේ අයට අනුව ගමක ඉදලා ආපු එකෙක්ට අහෙම වෙන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. හරියට හරි. මාලිංග ව තේරෙන්නේ නැහැ වගේම බොහෝ අයට මාව තේරෙන්නෙත් නැහැ. මාධ්‍ය TV කැමරා ඉස්සරහ දෙකට නැවෙන්නේ නැතිව ඉන්න ඌව තේරුම් ගන්න බොහෝ අයට බැහැ.
      ඔය මාලිංගට විරුද්ධව කා ගහන මාධ්‍යට මම ගේන අභියෝගය තමයි මාලිංග නිරුවත් කරන මාධ්‍ය පුළුවන් නම් ගිහිල්ල දුමින්ද සිල්වා ,බැසිල් හරි ඝෝඨාභය නැත්නම් නාමල් රාජපක්ෂ වගේ කෙනෙක්ගෙන් ඒ අය අහන්න පිළිතුරු දෙන්න අකමැති ප්‍රශ්නයක් අහල එලවල දැම්මම මේ වගේ පෙන්නලා කෑ ගහල පෙන්නපල්ලා...
      අපේ අයියල
      උස්තැන දැක හැකිලෙන්නේ - මිටි තැන් දැක පුප්පන්නේ

      මාලිංගට බෙදන හැන්දෙන් මේ අයටත් බෙදල පෙන්නන්නකො ඔය සුචාරිතවාදීන්.
      ඒ වගේ ලොකු තැන්වලට ගියාම මේ අපේ මාධ්‍ය කාරයෝ ප්‍රශ්න අහන්නත් හරි කල්පනාවෙන් ඒ අය ප්‍රකෝප නොකරන ප්‍රශ්න. ඇමති තුමනි ඔබ මේ පැලඳගෙන සිටින ටයි පටිය කොහෙන්ද ගත්තේ වගේ ප්‍රශ්න.

      Delete
  11. මම ආසම මෙතන මාලින්ගට ගහන්න ගිහින් මාධ්‍ය නාගත්ත එකට . මමත් ඔය ගැන පොස්ටුවක් දැම්මා
    මේන්න මම ලියපු පොස්ටුව

    ReplyDelete
  12. මම පළමුව සිතන්නේ මා ගැනය මාධ්‍ය කරුවා ද ලසිත් මාලිංග ද සිතන්නේ තමන් ගැනය.මාධ්‍ය වර්ග 2කි. රජ-මාධ්‍ය හා විපක්ෂ-මාධ්‍යයි. ජන-මාධ්‍ය කියා දෙයක් නැත.මෙයින් රටට හා අපට වැඩක් ඇත්තේ විපක්ෂ-මාධ්‍යයෙන් පමණි.

    ReplyDelete
    Replies
    1. දැන් අපේ බක පණ්ඩිතයන්ට අනුව මේ කෙස් එකේ අවසාන තීන්දුව මෙහෙමයි.

      බබානිසා විසින් පෙරේරා මහත්තයාගේ වත්තේ පොල් ගෙඩි දහයක් ඉස්සු බව ඇත්තකි. හැබැයි පෙරේරා මහතා යනු කුම්මැහියෙකි, බේබද්දෙකි. ඔහුට හොර ගෑනුද දහයක් විතර සිටියි. එවැන්නකුගේ වත්තෙන් පොල් හොරකම් කළ බබානිසා වීරයෙකි. පොල් ගෙඩි දහයක් නෙවෙයි විස්සක් ඉස්සුවා නම් වඩාත් හොඳය.

      Delete
    2. මම නම් මේ ලිපිය ලිව්වේ කවුද හරි කවුද වැරදි කියන විනිසුරා වෙන්න නොවෙයි.
      මම ඔයාගෙම උදාහරනෙන්ම කියනවනම් මේ ලිපිය පේලි දෙකයි.
      පෙරේරාත් හොරා බබානිසත් හොරා තොපි ඔක්කොම මගෝඩි එක නිසා එක මිනිහෙක්ට ඇඟිලි දික් නොකර ඉඳපල්ලා එච්චරයි

      Delete
    3. ඒක පුදුම තර්කයක්නේ උදිත. ඔක්කොම හොරු නිසා අපි පොලීසි, උසාවි වහලා දාල කාගෙවත් වැරදි කතා නොකර ඉන්න ඕනැ. එහෙමද? ඒක anarchism නේ. තියෙන්න පුළුවන් වැරදිම තත්වයනේ ඒක.

      Delete
    4. //ඔක්කොම හොරු නිසා අපි පොලීසි, උසාවි වහලා දාල කාගෙවත් වැරදි කතා නොකර ඉන්න ඕනැ.//
      නැහැ මම කියන්නේ ඒක නොවෙයි අනුන්ගේ වැරදි හොයා හොයා කාගෙවත් වැරදි කතා කර කර නොයිඳ තමන් තමන්ගේ වැරදි හදා ගන්න කියන එකයි. තම තමන් තම තමන්ගේ වැරදි හදාගන්න බලන්න. තමා දෙස බලන්න. බුදු හාමුදුරුවෝ කියන කෙනා කිව්වෙත් ඊකම තමයි.ඒක anarchism ද දන්නේ නෑ.

      Delete
    5. උදිත, එතකොට ඔයා කරන්නේ ඒකද? ඔයා ඇයි එහෙනම් ඔයාගේ වැරදි හදා නොගෙන mainstream mdedia වල වැරදියි, ලංකාවේ වැරදියි, අරයගේ වැරදියි, මෙයාගෙ වැරදියි හොයන්නේ? හොඳම දේ තමන්ම ආදර්ශයක් දෙන එක නේද?

      Delete
    6. AnonymousMarch 8, 2013 at 2:40 AM
      ඇනෝ මේ ලිපියේ පෙන්නන්න උඩ ඉඳන් පහලට කොහේ හරි මම කවුරු හරි හරි /වැරදි යන දෙකෙන් එකකට දාල තියනවා.
      //එතකොට ඔයා කරන්නේ ඒකද?//
      අනිවාර්යයෙන් මම කරන්නේ ඒක තමයි. මම නිතරම නිවැරිදි දේ කිරීම.
      මේ කාරණය ගත්තොත් මාලිංගට මාධ්‍ය කාරයෙක්ට සිය අප්‍රසාදය මුවින් ප්‍රකාශකිරීමේ අයිතිය ඒක ඔහුගේ පුද්ගලික දෙයක් ඒක ඔහුගේ වැඩක්. මාධ්‍යට හොඳින් කතාකරනවද නැද්ද බැනල පස්සේ සමාව ගන්නවාද කියන එක එයාගේ පුද්ගලික දෙයක්. මිනිහ අතින් පයින් ගහල කුණුහරුප කියල කැමරා කුඩු කරන්නේ නැතිනම් මාධ්‍ය නොසලකා හැරීම විරෝධය ප්‍රකාශ කිරීම එයාගේ ඒක අයිතියක්, මේක මම කියන්නේ එයා වෙනුවෙන් නොවෙයි මම වෙනුවෙන්මයි, මොකද ඒ අයිතිය මටත් ඕනෑ නිසා.

      Delete
    7. අපොයි කොයි තරම් පෙන්නන්න පුළුවන්ද? ඔයාගේ වැඩේම අනුන්ගේ වැරදි හොයන එකනේ මහත්තයෝ. මෙන්න කිහිපයක්.

      /මම කතා කරන්නේ ලාංකිකයා ආවේග වලින් හැමදාම මේ දෙක අනා ගැනීමයි./ - ලාංකිකයාගේ වැරද්දක්!

      /මා දන්නා තරමින් මාද්‍යට ප්‍රකාශ දෙන්න ක්‍රිකට් බෝඩ් එක ක්‍රීඩකයින්ට තහනම් කරලා තියෙන්නේ මේක මාධ්‍ය දන්නවා දැන දැන කරදර කරමින් වචනයක් අල්ලගන්නයි මාධ්‍ය හදන්නේ. මාලිංග බැනපු එක හොඳ වැඩේ කියලයි මගේ පුද්ගලික මතය. අපි වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන මේ මාධ්‍ය දුමින්ද සිල්වා එයාර් පොර්ට් එකෙන් එලියට එනකොට ප්‍රශ්න අහන්න යන්නේ නැත්තේ ඇයි? ඇයි මාධ්‍ය උස්තැන දැක හැකිලෙන්නේ - මිටි තැන් දැක පුප්පන්නේ/ - මාධ්‍යයේ වැරද්දක්!

      /ලංකාවේ සියලුම පරමාදර්ශ බිඳ වැටිලා හැමෝම මගෝඩි වැඩ කරන රටක හැමෝම එකිනෙකාට ඇඟිල්ල දික් කර ගන්නවා. / - ලංකාවේ වැරැද්දක්!

      /මාලිංගට කේන්ති ගියා මිනිහා කැමරා කාරයෙක්ට තදින් කතා කළා ඌව කන්න හදන්නේ නැතිව ඉඳපල්ලා උඹල ඌට වඩා අන්ත මිනිස්සු./ - ලංකාවේ මිනිස්සුන්ගේ වැරැද්දක්!

      තව ඕනැ තරම් තියෙනවා. මේ උදාහරණ ටික හොඳටම ඇතිය හිතනවා. දැන් ඔයාටත් බැරිද අර බුදු හාමුදුරුවො කියන එක්කෙනා කිවා වගේ අනුඟේ වැරදි නොසොයා තමන් ගැන හොයන්න?

      Delete
    8. /අනිවාර්යයෙන් මම කරන්නේ ඒක තමයි. මම නිතරම නිවැරිදි දේ කිරීම./

      අනේ එහෙම නම් කොච්චර හොඳද? හැබැයි ඇත්තටම ඔයාත් අරුණිත් දෙනාම කරන්නේ පුද්ගලික නිදහස් පිළිබඳ බයිලා කියමින් ඔබ හරියි කියලා හිතන දේ අනුන් ලවා කරවන්නට තැත් කිරීම හා එසේ නොවුණු විට කුලප්පු වී හතර අත දොස් පැවරීම. මේ පෝස්ට් එක ඒකට උදාහරණයක් විතරයි.

      Delete
    9. /මේ කාරණය ගත්තොත් මාලිංගට මාධ්‍ය කාරයෙක්ට සිය අප්‍රසාදය මුවින් ප්‍රකාශකිරීමේ අයිතිය ඒක ඔහුගේ පුද්ගලික දෙයක් ඒක ඔහුගේ වැඩක්. මාධ්‍යට හොඳින් කතාකරනවද නැද්ද බැනල පස්සේ සමාව ගන්නවාද කියන එක එයාගේ පුද්ගලික දෙයක්./

      නැවතත් අසනවා මාලිංග කියන පුද්ගලයාට පමණද මේ 'නිදහස' තියෙන්නේ? සරල, ආචාරශීලී ප්‍රශ්නයක් අහලා ඒකට අනාචාරශීලී උත්තරක් ලබා ගන්න මාධ්‍යකරුවාට ඒ නිදහස නැද්ද? ඔබ ඒ නිදහස් වෙනුවෙන් පෙනී සිටින්නේ නැද්ද?

      Delete
    10. @AnonymousMarch 8, 2013 at 4:18 AM
      අයියෝ ඔයා දීපු උදාහරණ එකක්වත් අරන් තියෙන්නේ මගේ ලිපියෙන් නොවෙයි නේ ඔක්කොම අරන් තියෙන්නේ කොමෙන්ට් වලට දීපු උත්තර වලින්. මම කිව්වේ මේ ලිපියේ කොහේ හරි පෙන්නන්න කියල. වරදවා වටහාගත් අදහස් වලින් දාපු කොමෙන්ට් වලට පිළිතුරු දෙන කොට ඔහොම තමයි ඔයා කියපු ඒවත් එකක්ක්වත් හොඳ/නරක බයිනරියට අදාළ දේවල් නොවෙයි ඔයාට මම කියන එක වැටහෙන්නේ නෑ එකට මට කරන්න දෙයක් නෑ ඔයා වගේ කොන් අල්ලාගෙන බොරු මනස්ගාත වාදෙට එන අය මට හමුවුන පලවෙනි අවස්ථාවත් මේක නොවෙයි. ඔයාට පුද්ගලික නිදහස කියන එකේ අයන්න අයන්නවත් තේරෙන්නේ නෑ
      // ආචාරශීලී ප්‍රශ්නයක් අහලා ඒකට අනාචාරශීලී උත්තරක් ලබා ගන්න මාධ්‍යකරුවාට ඒ නිදහස නැද්ද?//
      මේ වගේ ප්‍රශ්න අහන්නේ ඒකයි. වචනයක් විතරක් වෙලා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙවත් මොකද්ද කියල දන්නේ නැති රටකට පුද්ගල නිදහස තේරුම් ගන්න බෑ.
      මිනිහෙක්ට ඔයා හොඳ නිසා අනිවාර්යයෙන් ඔයාට අචාරශීලි වෙන්න ඔයා එක්ක හිනාවෙලා කතා කරන්න ඕනෑ කියල හිතන එකත් බලහත්කාරයක්. සල්ලි කාරයෙක් උනා කියල දානපතියෙක් වෙලා තමන්ගේ ධනය අනිවාර්යයෙන් බෙදා දෙන්න ඕනෑ නැහැ මසුරෙකු වීමට ඇති අයිතියත් පුද්ගලික අයිතියක් මේවා ඇහුවම අප්සට් ඇති මට කරන්න දෙයක් නැහැ. ඔයාට මෙච්චර රිදිලා තියෙන්නේ මාධ්‍ය වෙදියෙක්ද?

      Delete
    11. 1. ඇයි පෝස්ට් එකෙන්ම උදාහරණ ගන්න ඕනැ? කමෙන්ට් ලියන්නෙ ඔයා නෙවෙයිද? මේක නිකං අර තණකොළ කප්පන්න ගහට ගිය කතාව වගේනෙ, උදිත.

      2. දෙවැනි ප්‍රශ්නෙට අදාළ නැති දේවල් නොකියා පැහැදිළි පිළිතුරක් දෙවනද? ඔය වගේ අදාළ නැති දේවල් කියවන්නේ සාමාන්‍යයෙන් කට උත්තර නැති වුණාම.

      Delete
    12. උත්තර නැතිවීම නොවෙයි ඔයා වගේ කෙනෙක්ට උත්තර දීම තේරුමක් නැහැ නිකම් සම්ප්‍රප්‍රලාපයක් විතරයි දැන් ආයිත් ඔයා මම මොනවා කිව්වත් උත්තර දෙනවා මේකටත් මොනවා හරි දානවා වැඩක් නෑ මම මගේ අදහස කිව්වා ඔයා ඔයාගේ එක කිව්වා. ඉවරයි. මම මෙතනින් එහාට කතා කරන්නේ නෑ.ඔයා මට කට උත්තර නැතිවෙන්න දීල තියෙන්නේ හරිනේ,,,කරුණාකර දැන් නවත්තන්න.

      Delete
    13. උදිත, මං හිතන්නෙ ඔබ පිළි ගන්නවා බ්ලොග්කරුවකු නඟන තර්කයකට පැහැදිළිව, කුණුහරුප නැතිව, මාතෘකාවට අදාළව දක්වන ප්‍රතිචාරයකට අර්ථවත් ප්‍රතිචාරයක් ලබා ගැනීමට කමෙන්ට්කරුවකුට තියෙන සදාචාරාත්මක අයිතිය. (ඇත්ත, නීතියෙන් එහෙම කිසිම අයිතියක් නැහැ.) ඉතින් මා බලාපොරොත්තු වුණේ ඔබ එහෙම ප්‍රතිචාරයක් දක්වයි කියලා. නමුත් මා පිළි ගන්නවා ඔබට ප්‍රතිචාරය්ක් නොදක්වන්න ඇති අයිතිය. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් පැහැදිළිව නඟන තර්කයකට සම්ප්‍රලාපයක් කියනවා නම් එහි අරුත මා මොන තරම් තර්ක ගෙනාවත් ඔබේ ස්ථාවරයෙන් බින්දුවක් වත් එහාට වෙන්න ඔබ අකැමැති බවයි. ඔව්, ඒ ඔබේ අයිතිය. අවුලක් නැහැ.

      Delete
  13. මාලිංගගේ ක්‍රියාව ඉවසනවා නම් ඒකේ ප්‍රතික්‍රියාවත් ඉවසන්න. එච්චරයි. සෑම ක්‍රියාවකටම ඒ හා සමාන හා ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත. http://www.divaina.com/2013/03/07/sports07.html

    ReplyDelete
  14. මාලිංගයා අතින් වැරද්දක් වුනා තමයි .ඒත් මාධ්‍ය මේවිදියට "කව්ද රජා" style එකට ඌට මඩ ගහන්නේ ඌට සුදුවෑන් එකක් නැති නිසයි !

    ReplyDelete
  15. මාලිංගගෙ කුනු හෝදන්න හදන එවුනුත් ඌ වගේම හරකුන් තමයි

    ReplyDelete
  16. උදිත මෙතන උනේ මාලිංග එක්ක තිබ්බ පරණ වාඩු ටික
    කට්ටිය ගත්ත එක..මොකද අර්ජුනට ලෝකේ ඉස්සරහම
    කරපු බලු වැඩේට රිටන් එක දීමේ මානසිකත්වෙන් හැමෝම
    හිටියේ..

    පැහැදිළිවම මාලිංග කියන්නේ මොන වගේ පුද්ගලයෙක්ද කියන
    දේ එලි වෙන්න වෙන්න එයාට ලැබෙන ගම් වාසිය පවා නැති වෙලා
    තිබ්බේ...

    කොහොම හරි එක වචනෙන් සියල්ලේ වාඩුව ගන්න පටන් ගත්ත.
    මාධ්‍ය , සාමාන්‍ය ජනතාව මේ පිරිසට ඇතුලත්..

    මාලිංග ඒ වෙලාව හිටපු මානසිකත්වය ගැන අනුකම්පාත්මක විදිහට
    කිසි කෙනෙක් දකින්නේ නැත්තේ ඒකයි ..

    ReplyDelete
    Replies
    1. සයිලන්ට් සහන් කොහෙද මචෝ හිටියේ

      Delete
    2. මන් ළඟ ඥාති කෙනෙක්ගේ මළ ගෙදර ගියා උදිත..
      හිතුවට වඩා කාලයක් එහෙ හිටියා..


      යන්නේ කොහෙද , මල්ලේ පොල් ...

      Delete
  17. බොටම් ලයින් එක:

    1. ලසිත් මාලිංග මාධ්‍යකරුවකුට බනිනවා.
    2. මාධ්‍ය හා 'ලංකාවේ මිනිස්සු' ලසිත් මාලිංගට බනිනවා.
    3. උදිත මාධ්‍ය වලට හා 'ලංකාවේ මිනිස්සුන්ට' බනිනවා
    4. කමෙන්ට්කාරයෝ/කාරියො උදිතට බනිනවා.
    5. උදිත කමන්ට්කාරයන්ට/කාරියන්ට බනිනවා.

    අඩු ගානේ අපට එකඟ වෙන්න පුළුවන්ද මේ හැම දෙනාටම තව කෙනෙකුට බනින්න අයිතියක් තියෙනවා කියලා?

    (දැන් අහන්න එපා මම කාටද බැන්නෙ කියල. බනිනවා කියන වචනය භාවිතා කළේ එකමිතියක් තියා ගන්න.)

    ReplyDelete
  18. කමෙන්ට්ස් ඔක්කොම ටික ඒක හුස්මට කියවා ගෙන ගියා ,අනේ මට නිකම් පිස්සු වගේ!කොහොම වුනත් ඒතන තිබුනු ඒක ප්‍රකාශයකට උත්තර දෙන්න හිතුනා.// මාධ්‍ය නැත්නම් මාලිංගල කොහෙද?//මාලිංගලව හැදුවෙ මාධ්‍ය නොවෙයි,මාලිංගල වගේ ක්‍රීඩනයින්ව විකුනල මාධ්‍ය හැදුන.ක්‍රීඩකයෙක්ව ඉන්ටවිව් කරලා ඒක පත්තරේ දාන්නෙ ක්‍රිඩකයාට අාදරයට නොවෙයි,පත්තරේ විකුන ගන්නයි.ඒක තරගාවලියක් අාවරනය කිරීෙම් මාධ්‍ය අයිතිය මිලියන් ගනන් වලට විකිනෙන්නේ ඒකයි.

    ReplyDelete
  19. මම කියන්නෙත් මාධ්‍ය කියන්නේ වඳින්න ඕන දෙයක් නෙවෙයි. ඒ අයගේ කුහක කම ගෝත්‍රික හැගීම් වගේ දෙවල් හොඳින්ම පේනවා මාලිංගට දුන්න රිප්ලයි එකෙන්ම. මාලි පොඩි තැනක ඉඳලා ආව කොල්ලෙක්. ඇත්තම කිව්වොත් මාලිට උගත් කමක් නැහැ. සංගා වගේ ප්‍රොෙෆෂනල් විදිහට වදින්න ඕන තැනට දෙන්න මිනිහට තේරුමක් නැහැ. ඉතින් එහෙම වුන මාලිංග කිව්ව දේ අපිට කෙලින්ම වැරදියි කියන්න බැහැ. මාලි එයා දන්න විදිහට උත්තර දුන්නා. ඒත් මහ ලොකුවට රටක් හසුරවනවා කියන මාධ්‍ය මොනවද කළේ ඊට පස්සේ... මාලිගේ ජාතකේ ඇදලා ගත්තා. මිනිහා ටුක් ටුක් එලවපු එකයි... බාබර් වුන එකයි... අපිට ඒව වැඩක්ද... මාලි උගේ හැකියාවෙන් තැනක් ගත්තා. මාලිව උඩට ගෙනාවේ මාධ්‍ය නෙවෙයි ක්‍රිකට්.

    මෙතන ලොකුම ප්‍රශ්ණේ අපේ මිනිස්සුන්ගේ තියෙන ඉරිසියාව සහ පොඩි තැනකින් ඇවිල්ලා දියුණු වෙන එවුන් ගැන තියෙන කුහක කම. මටනම් මාලි පොඩි මිනිහෙක්.. මාව පාරෙදි දැකලා කතා කළේ නැහැ කියලවත්, නැත්නම් මම කතා කරන්න ගිහිල්ලා මට බැන්නත් වැඩ තියෙනවා කියලා මගේ නම් හිත රිදෙන්නේ නැහැ. මම කැමති මාලි සෙල්ලම් කරන විදිහට. මිනිහා ටැලෙන්ට්. ඒක නෑ කියනවානම් බොරුවක්. අනික මාලි රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නැහැ කියනවානම් (මාතලන් වගේ) මම ඒ අයට කියන්නේ මාලිගේ රෙකෝඩ්ස් අරන් බලන්න කියන එකයි. අනිත් එක IPL සහ BIG BASh එකයි International ක්‍රිකටුයි සංසන්දනය කරන්න එපා. ඒක විහිලුවක්.

    උඹගේ හැකියාවෙන් වැඩ පෙන්නලා තැනකට ආපු මාලි අපි හැමදාමත් උඹත් එක්කයි. අපි තමා පොරවල් කියලා හිතන වුන් ට රිදිලා තියෙන්නේ උඹ වගේ ගමේ එකෙක්, පොඩි පන්තියේ එකෙක් උඹව ගනන් ගත්තේ නැති එකට.

    “බල්ලෝ බිරුවට කදු පාත් වෙන්නේ නැහැ, උඹ උබේ ජොබ් එක කරපන්...

    ReplyDelete
  20. මේ ගැන මගේ අදහස <a href="http://meeghaya.wordpress.com/2013/03/15/%e0%b6%87%e0%b6%ba%e0%b7%92-%e0%b6%b8%e0%b7%93%e0%b6%a7-%e0%b6%9a%e0%b6%bd%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b6%b8%e0%b7%8f%e0%b7%80-%e0%b6%af%e0%b7%90%e0%b6%9a%e0%b6%bd-%e0%b6%b1%e0%b7%90%e0%b6%af/" target=">මෙතන</a> තියෙනවා.

    ReplyDelete