Pages

Followers

Monday, March 18, 2013

නව A6 අධිවේගී මාර්ගය - රැඩිකල් වෙනසකට යෝජනා -1

මගේ සහෘද බ්ලොග් කරු මාතලන් මේ දිනවල ගරිල්ලා මාකටින්  නමින් ලිපි පෙළක් ලියයි.  රැඩිකල් වෙනසකට යෝජනා  නමින් ලකාවේ දේශපාලන දැක්මට මගේ යෝජනා අඩංගු ලිපිපෙළ  මම ලියන්නේ ඊට සමගාමීවය . රැඩිකල් වෙනසක් යන වචනය එක්සත් ජාතික පක්ෂය මෑතකදී හඳුන්වා දුන් එකක් වුවද මගේ මේ යෝජනා එම පක්ෂයේ  රැඩිකල් වෙනස තේමාව සමග කිසි සම්බන්ධයක් නැත.  ලකාවට රැඩිකල් වෙනසක්  අවශ්‍ය බව මමද විශ්වාස කරමි. මේවා කරන්නේ මහින්දද රනිල්ද ගෝඨාභයද බැසිල්ද කියා මට ගැටළුවක් නැත. යෝජනා ගැන අපි බුද්ධිමත් ලෙස මෙහි  සංවාද කරමු.   මගේ මේ මුල්  යෝජනාව තනි හුදකලා සංවර්ධන යටිතල පහසුකමක් ලෙස බැලූ බැල්මට පෙනුනද  සමහර මගේ ඉදිරි දේශපාලන  යෝජනා වලට අදාල මුතු ඇටයකි   පසුව නුලක් දමා එක හුයකින් මේවා යා කල හැකි වනු ඇත. මගේ යෝජනා මම කරන්නේ රටට ගැලපුනත් නැතත් මගේ ගම පැත්ත සංවර්ධනය කරන්න ඕනෑ යන පටු අරමුණින් නොව පැහැදිලි දේශපාලන ආර්ථික අරමුණකින්ය.

ලංකාවේ පහත මාර්ග සිතියම බලන්න

(සිතියම උපුටා ගත්තේ www.mapsofworld.com  වෙබ්  අඩවියෙනි  )

දැන් කොළඹ සහ ත්‍රිකුණාමලය යාවි ඇති A6 මාර්ගය වෙත ඔබේ අවධානය යොමු කරන්න . හරියටම අඩිරූලක් තියා ඇන්දාක් මෙන් හරි කෙලින් සරල රේඛාවක් මෙන්   A6 මහා මාර්ගය  කුරුණෑගල, සිගිරිය හරහා යමින්  දැනටමත්කොළඹ සහ ත්‍රිකුණාමලය යාවෙමින්  ඇත.
මෙම මහා  මාර්ගය ලංකාවේ ප්‍රධානතම අධිවේගී මාර්ගය ලෙස සංවර්ධනය කලයුතු බව මම යෝජනා කරමි. මෙය අහඹු තෝරා ගැනීමක් නොවේ ඉදිරියේදී යෝජනා කරන අනිකුත් යෝජනා වලට මෙය සම්බන්ධය.
මෙය අදියර තුනකින් නිම කල හැක.

1. කොළඹ සිට කුරුණෑගල දක්වා - Kurunagala Turnpike
2. කුරුණෑගල  සිට සිගිරිය දක්වා  - Sigiriya Turnpike
3. සිගිරිය සිට ත්‍රිකුණාමලය දක්වා  - Trinco Turnpike

.  සිහින දැකීමට මට ඇති ශුද්ධවූ අයිතිය භාවිතා කරමින් මේවා ලිව්වට කවුරුවත් හිත  අමනාපකර ගන්න එපා. මෙම යෝජනාව පිලිබඳ  පාඨකයාගේ අදහස් අගය කොට  සලකමි එමෙන්ම ඇනෝනිමස්  ප්‍රතිචාරද අගයකොට සලකමි.

48 comments:

  1. නියමයි උදිත.

    මාතලන්ගේ වැඩේටත් නික්ම්ම කොමෙන්ටුවක් දැම්ම මිසක් සීරියස් යමක් කියන්න බැරි උනානේ ද හිතුවාම ආපහු මුල ඉඳන් ඒක කියවන්න ඕන කියලා හිතුනා.

    රටේ සංවර්ධනය කියන දේ ගැන හැබෑවටම හිතන නායකයෙක් කවදා හරි පහලවෙයිනේ, එදාට උන් ගූගල් එකේ නිකම් හරි සර්ච් පාරක් දාද්දී මේවා අහුවෙයිනේ කියලා හිතලා මේ විදිහට හරි අපි දකින හීන ගැන ලියන එක නියම වැඩක් . .

    මමත් ඔය වගේ දැකපු හීනයක් ගැන ලිව්වා. ඒක කොලඹට මෙට්‍රෝ ට්‍රේන් සිස්ටම් එකක් ගැන.

    මේ තියෙන්නේ ඒ ලින්ක් එක.

    ReplyDelete
    Replies
    1. ජෝන් ලෙනන් ගේ ඉමැජින් ගීතයේ පද පෙළ මතක් වුනා You, you may say. I'm a dreamer, but I'm not the only one. ස්තුතියි දුකා.

      Delete
    2. අද ඩේලි මිරර් එකට ඉන්ටර්විව් එකක් දීලා තිබබා පෙර‍ටුගාමි පක්ශේ පුබුදු ජාගෝඩ උන්නැහෙත් ජෝන් ලෙනන්ගේ ඔය සින්දුව කියලා තමයි...

      මොකද මේ හැමෝම සිහින දකින්නේ....මත්තල යථාර්තයට හිරි වැටිලද :)

      Delete
  2. /3. සිගිරිය සිට ත්‍රිකුණාමලය දක්වා - Trinco Turnpike/

    Perhaps you are not aware because you were not here, but this part is largely done. From Habarana to Trinco there is a very good six lane line. I last traveled in 2009, and it was not built up to Trinco then. But think now it is complete. Can share photos if you like.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දැනුවත් කලාට. චායාරුප share කරන්නේ නම් ස්තුතිවන්ත වෙමි.මේ සඳහා මුල්වූ උරදුන් මිනිසුන් කුමන පක්ෂයක කවුරුන් වුවද ඔවුන්ට මගේ ප්‍රණාමය. සිහිනයේ කොටසක් දැනටමත් සැබෑවී ඇති බව දැනගන්නට ලැබීම සතුටකි. දැන් වැඩේ ලේසියි.

      Delete
  3. පුංචි නිවැරදි කිරීමක් එක්කම කමෙන්ට් එක පටන් ගන්නම්. A6 එක පටන් ගන්නෙ, අඹේපුස්සෙන්. අඹේපුස්ස-ත්‍රි`ම්ලේ පාර තමා A6 එකට අයිති.( කොළඹ ඉදන් අඹේපුස්ස වෙනකම් කෑල්ල අයිති A1 පාරට.)

    ලංකාවෙ ප්‍රධාන වගේම සක්‍රීයම (අක්‍රීය ප්‍රධාන වරායන්ද ඇත. :D ) වරායක් වන ත්‍රි`මලේ, රටේ අනෙකුත් නගරවලට සම්භන්ද කෙරෙන්නෙ A6 එකෙන්. බැලූ බැල්මටම ජනශූන්‍ය මාර්ගයක් (හඹරණ සිට ත්‍රි`මලේ කොටස) වගේ පෙනුනට, මේ පාරෙ ධාවනය වන බර වාහන සංඛ්‍යාව (තිරිගු පිටිලොරි/තෙල් බවුසර්/බහාලුම්), වෙනත් A ශ්‍රේණියේ මාර්ගවලට සාපේක්ෂව වැඩියි. ඒක නිසා පාර ඉදිකිරීමෙදි ඉහල ප්‍රමිතියක් අවශ්‍යයි. මං දන්න තරමට උදිතගෙ හීනෙ සමහර කොටස් දැනටමත් සැබෑවෙලා. හඹරණ-කන්තලේ කොටසෙ වැඩ දැනටමත් අවසන්. කන්තලේ-ත්‍රි`මලේ කොටසෙ වැඩකටයුතුත් බොහෝ දුරට අවසන්. දඹුල්ල-හඹරණ කොටසෙ වැඩ ආරම්භ වෙලා. ඉදිකිරීමේ පහසුවට තැනින් තැන ‍තෝරගෙන ඉදිකිරීම් කලාට, සම්පූර්ණ A6 මාර්ගයම නවීකරණයට අවශ්‍ය මූලික සැලසුම සකස්වෙලා ක්‍රියාත්මක වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිල්වා ඔව් මේ හයිවේ එකේ සිහිනය සැබෑ උනාම රටේ ප්‍රධාන වරායන් දෙකක් හරි කෙලින් පාරකින් යාවෙනවා. මෙය ප්‍රධානතම අධිවේගයක් බවට පරිවර්තනය කරලා A ශ්‍රේණියේ මහා මාර්ගයක සිට Turnpike එකක තත්වයට පත්කළ යුතුයි සාමන්‍යයෙන් මම දැකපු Turnpikes වල එක පැත්තකට මංතීරු 3න 4කට වඩා තියනවා.ඔව් eighteen-wheeler බරවාහන ට්‍රැක්ටර් ට්‍රේලර් යන්න පුළුවන් ප්‍රමිති තත්වය අනිවාර්යයෙන් මේකට ඕනෑ. ඔබ කියන A6 සහ A1 ගැටලුව ඉවරයි පාර මගේ සිහින හයිවේ එක බවට ප්‍රමෝෂන් එකක් ලැබිලා Turnpikes තුනක් විදියට නම් වුනාම.:-).
      ස්තුතියි නවතම තොරතුරු දුන්නාට.


      Delete
  4. AH43, 3,024 km (1892 miles); Agra, India (on AH1) to Matara, Sri Lanka
    AH44, 107 km (67 miles); Dambulla, Sri Lanka (on AH43) to Trincomalee, Sri Lanka this is one proposed road inregaining sri lanka http://en.wikipedia.org/wiki/Asian_Highway_Network#Route_log

    ReplyDelete
  5. උදිත මේ කියන ඒ 6 පාර දඹුල්ලේ ඉදන් ත්‍රිකුණාමලයටම දැන හදා අවසන්....අධීවේගී පාරක ප්‍රමිතියට නැති උනත් මේ කියන පාරේ පැයට කිමි 80 වේගයෙන් බය නැතුව යන්න පුලුවන්....මේ පාරේ ගොඩක් වාහන අඩුයි...

    ඒ වගේම ට්‍රින්කොවලට යන ඒ 12 මාර්ගයත් දැන් ගොඩනැගෙමින් යනවා..පුත්තලම ඉදන් අනුරාශපුර්යට ඒක හදලා ගොඩක් කල්..පාර නියමයි..හැබයි අඩියෙන් අඩිය ට්‍ර‍ෆික් පොලොස් :)

    අනුරාදපුරයේ ඉදන් ට්‍රින්කො කැල්ල 100 කිමි කැල්ල මාගා එකෙන් ලෝකල් ෆන්ඩ්ස් වලින් කරනවා...

    ඒත්කොර දඹුල්ලේ ඒ 9 පාර දැන් වැඩ ගොඩක් ඉවරයි,,,පොඩි පොඩි කෑලි ටිකක් ඉතුරු වෙලා තියෙනවා..

    අළුත් කැන්ඩි හයිවේ එක යන්නේ කුරුණෑගල හරහා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මයියා අදහසට.

      Delete
    2. A6 පාරෙත් පැයට කි. මී. 80 ට යන්න බෑ. පොලීසිය කන්තලේ සිට දිගටම ඉන්නවා. එයාලාගේ (පොලීසියේ) ස්පීඩ් මීටර කාලයකින් calibrate කරලා නැහැ. සමහර විට එවා ගෙන්වූදා සිට calibrate කරලා නැහැ. එබැවින්, එම මීටර්වල පෙන්වන පාඨාංක දෝශ සහිතයි. ජනතාව (රියදුරන්) මෙය දන්නේ නැහැ. නොදන්නාකමට දඩ/පගාව හෝ මේ දෙකම හෝ ගෙවනවා.
      මටද වැරැදීමක් උනා A12 චීන ව්‍යාපෘතියක් නොවේ.

      Delete
    3. නීතියට අනුව තාම ලංකාවේ හයි වේ නොවන මාර්ගයක නාගරික නොවන තැනක උපරිම වේගය පැයට කිමී 72යි. එසේ වුව මිටරය අල්ලා දඩ කොළ දෙන්නට නම් එම මාර්ගයේ උපරිම වේග සීමා සළකුණු බෝඩ් අනිවර්යෙන්ම තියෙන්න ඕන නිර්මලා.

      Delete
  6. සිරාවටම හොඳ වැඩක්. දැනටම තියන පාරක් නිසා තවත් ලේසියි. ආසන්න වශයෙන් සරළ රේඛා වගේ වෙන පාරවල් කිහිපයක්ම තියනව.
    ලංකාවේ පාරවල්වල තියන දැන් තත්වය බැලුවම, තියන මූලිකම අවුල තමයි පාරවල් කාපට් කරල තිබුනට පළල අඩුවීම සහ වංගු වැඩිවීම. මේ වැරදි දෙක තරමක් හරි වෙනස් කරන්න පුළුවන් නම් අලුතෙන් පාරවල් නැතත් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ්. මම හිතන්නෙත් ස්වභාවිකව දැනට A ශ්‍රේණියේ මහා මාර්ගයක් නිසා වැඩි වියදමක් යනේකක් නැහැ. නමුත් මෙය නිෂ්පදාන ක්‍රියාවලියට සම්බන්ද පාරක්. ත්‍රිකුණාමල වරාය එදා ඉඳන් තිබුන එකක්.

      Delete
  7. ඔබේ යෝජනාව කාලීනයි.... (මා කුරුණෑගල නිසා නොව)
    ලිපියට කරුණු ටිකත් එකතු කරන්නම්....
    A 6 යනු, අඹේපුස්ස-කුරුණෑගල-ත්‍රීකුණාමලය (AKT) මාර්ගය වේ. A1 යනු කොළඹ සිට නුවර දක්වා දිවෙන මාර්ගය වේ. කොළඹ - ත්‍රිකුණාමලය සම්පූර්ණ මාර්ගය සැලකුවහොත් මේ මාර්ග දෙකම ඊට අයත් ය.

    දැනට මෙම මාර්ගයේ (A6) හබරන සිට ත්‍රිකුණාමලය දක්වා ද්ත්ව පුළුල් මංතීරු සහිතව සාදා ඇත. මෙම මාර්ගයේ දෑස් පියා ගියද හබරන සිට කන්තලේ දක්වා නියමිත වේගයෙන් යාමෙදී එය නිස්චිතව හඳුනාගත හැකිය (අති සුඛෝපෝභෝගී වාහනවලට නොදැනේ). මන්ද, නැවක යනවා මෙන් රැලි මතින් යන ස්වභාවයක් දැනෙනවා (කියුවට ඒ තරමට නැත). ඉහත මාර්ග දෙකම සැලකුවහොත්, වඩාත් අඩුම වාහන තදබදයක් සහිත වනුයේ හබරණ - කන්තලේ කොටසයි.

    හබරන-කන්තලේ පළමු ව්‍යාපෘතිය වන අතර, කන්තලේ - ත්‍රිකුණාමලය පසුගිය දිනවල අවසන් විය. හම්බන්තොට (A2, ....), මිරිච්ජවිල, යාපනය (A9, ...), වවුනියාව, කිලිනොච්චි (A32, 35 ...) අනුරාධපුරය(A12, A13), කුරුණෑගල (A28, AB29), මඩකලපුව (A15, ....) .... වැනි චීන 50% ට 50% ක්‍රමය යටතේ වැය කළ මුදල් තරම් ඉහත මාර්ග ව්‍යාපාති 2 සඳහා සඳහා මුදල් වැය වූයේ නැත. හේතුව ඒවා ලෝක බැංකු මුදල් යටතේ, සෘජුවම දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් තැනීම කළ බැවිනි. නමුත්, “දෙකම එකනම් එකකට ඇයි වැඩියෙන් ගෙවන්නේ“ කියන පැරසිටිමෝල්ට් කතාව මතක්කර දිය හැකියි.

    හබරන සිට දඹුල්ල දක්වා දැනට පුළුල් ද්තිව මංතීරු සහිතව ඉදි වෙමින් පවතී. දඹුල්ල-ගලේවෙල කොටස සෑදීම සඳහා අනවසර ඉදිකිරීම් සහ අනිකුත් ඉදිකිරීම් භාධක ඉවත් කරමින් ඇත.

    මෙන්න අවශ්‍යතාවය,
    දඹුල්ලේදී, යාපනය-නුවර (A9) ද චේදනය වන අතර, එම මාර්ගය ඔස්සේ අනුරාධපුර, යාපනය, වවුනියා, දිස්ත්‍රික්ක රට මැදට විවෘත වේ. හබරන දී, පොලොන්නරුව, මඩකලපුව දිස්ත්‍රික්කය විවෘත වේ. මේ අනුව මෙම මාර්ගය විශේෂිත තැනක් ගනී. විශේෂයෙන් ත්‍රිකුණාමලයේ සිට බඩු රැගත් කන්ටේනර් විශාල වශයෙන් මාර්ගයට එකතු වේ. කුරුණෑගල ප්‍රදේශයේදී රථ-වාහන මෙන්ම, මිනිසුන් ද පුදුමාකාර තදබදයකට ලක් වේ. (ලංකාවේ රියදුරන් 80% ක් පමණ මානසික ආතතියක් දරන බව සමීක්ෂණවලදී කියැවේ).

    මේ ප්‍රවාහන අවශ්‍යතා හේතුවෙන් අවම වශයෙන්, දඹුල්ල සිට හෝ අඹේපුස්ස දක්වා A6 මාර්ගය අවම වශයෙන් මංතීරු 4 ක් වත් විය යුතුය. (RDA නිර්නායකයන් ද ඇත) පොල්ගහවෙලින් පසුව තද බදය අඩු වුවද, එය කාලීන අවශ්‍යතාවයකි. පාර හදන්නේ අදට නොවේ තවත් වසර 20 කට පමණය. නමුත්, ආණ්ඩුව කල්පයක් පවතින්න සෑදුවා කියා පාරම්බාන මුත්, මාර්ග කිහිපයක් වසර 2-3 යන විට නැවත ටෙන්ඩර් කර මාර්ගය හදමින් ද පවතී. දැනට ඉදිකර ඇති මාර්ග නිසා, මාර්ග නිසා තදබදය තවම හම්බන්තොට, හයිවේ සහ තවත් ව්‍යාපෘති කරනවාට වඩා රටේ නිශ්පාදන ක්‍රියාවලියට තවත් අතිශය වැදගත් මාර්ගයකි A6.

    (සටහනක් :- කොළඹ වරායට එන නැව් හම්බන්තොට යවා, වාහන එතන සිට නැවත කොළඹ-කුරුණෑගල-නුවර යවනවා වාගේ, පොහොර නැව් හම්බන්තොටින් බා කොළඹට පැකට් කරන්න එවනවා වාගේ නොව, ඊට වඩා අපට ත්‍රිකුණාමලය වරාය වැදගත්ය.)

    වැඩ කටයුතු අධිකය, ටික දිනකට මා නැවත බ්ලොග් අවකාශයට එන්නේ නැත. ඒ ටිකත් කීමට මා මෙය අවකාශයක් කර ගනිමි.

    ReplyDelete
    Replies
    1. මා අදහස Type කරන විට de silva ද මීට සමාන අදහසක් යොදා ඇති මුත් කොපි කිරීමක් නොව.

      Delete
    2. ස්තුතියි නිර්මලා. රටේ නිෂ්පාදන ක්‍රියාවලියට හම්බන්තොට වරයට වඩා ත්‍රිකුණාමලය වරාය වැදගත් එහි සිට රටේ අනෙකුත් පළාත් යා කරන මේ මාර්ගයේ වැදගත්කම ඔබත් නිවැරිදිව හඳුනාගත්තා. මේක තමයි අපේ රටේ හයිවේ වල කොඳු නාරටිය විය යුත්තේ. පළාත් සභා වෙනුවට විකල්ප යෝජනාවක් වෙන මගේ මීළඟ යෝජනාවට මේ හයිවේ එක සම්බන්ධයි. ඉක්මනින් නැවත එන්න.

      Delete
    3. නිවැරැදි කිරීමක් :
      අනුරාධපුරය - ත්‍රිකුණාමලය (A12) මාර්ගය :- RDA අධීක්ෂණය යටතේ දේශීය කොන්ත්‍රාත්කරුවෙකු විසින් සංවර්ධනය කරන, මා දන්නා පරිදි ටෙන්ඩර් පරිපාටියෙන් බැහැරව ලබාගත් ව්‍යාපෘතියකි. ව්‍යාපෘති වටිනාකම බිලියන 8 (මිලියන 7999) කි.

      Delete
    4. අඹෙපුස්සේ සිට දඹුල්ල දක්වා කොටස මං තීරූ 4 ක් සහිතව පලල්ව ඉදිකිරීමට සැලසුම් දැනටම තියෙනවා..ඒය සදහා අරමුදල් ලෝක බැංකු අධාර යටතේ මුදල් වෙන්වී තිබුනත්, ඉඩම් අත්පත්කර ගැනීමේ ගැටලු හා ප්‍රමාදයන් හමුවේ එම ආධාර ණය කොලම ගාලු මාර්ගයේ සංවර්ධනය කිරීමට යොදා ගන්නවා. එම ව්‍යාපෘතිය නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතයි..කෙසේ නමුත් අඹේපුස්ස දඹුල්ල වැඩි කලක් නොයා ඉක්මනින් සංවර්දනය වීමට නියමිතයි

      Delete

  8. උදිත ඔබගේ පෝස්ටුවටත් කමන්ට් කල සියලු දෙනාටත්
    ++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. සහන් සයිලන්ට් ම වෙලානේ

      Delete
  9. පට්ට පට පට.. මේ තියෙන්නෙ රට හදනවනම් හදන ඕන එකකුට ඕන මාර්ග සිතියම්. සමහරු අපි ගාව තියෙනවා කිව්වට එළියට දෙන්නෙ නෑ. ඒ සමහර විට මිලක් බලාපොරොත්තුවෙන් වෙන්නත් පුළුවන්. එහෙම නැතිනම් පඩිය හම්බවෙන නිසා ඔළුවේ කිසිම ප්ලෑන් එකක් නැති නිසා වෙන්නත් පුළුවන්. උඩින් කියලා තියෙනවා වගේ, නුවරට හයිවේ එක යන්නෙ කුරුණෑගල හරහා. එතකොට උඹේ පළවන් පියවර සම්පූර්ණයි. ඒ වගේම හබරණ ඉඳලා ට්‍රින්කො වැඩෙත් එච්චර අවුලක් නෑ. තව මංතීරූ එකතු කිරීමක් කලත් ඇති. ඒත් කුරුණෑගල සිට දඹුල්ල නම් අජූවයි. වංගු වැඩියි. අධිවේගයකට කිසි සේත්ම සුදුසු නෑ. ඒ කියන්නේ ඒ ටික හදන්න වෙනවා. මම හිතන්නේ වඩා ලේසෙහි නුවර හයිවේ එකේ නුවරට කිට්ටුවෙන් මාතලේ හරහා ද්ඹුල්ලට හයිවේ එකක් හැදුවනම්. ඒක මගේ හිතළුවක් විතරයි. කිසිම අදහසකින් කියපු දෙයක් නෙමෙයි. මම හිතන්නේ උඹගේ ප්ලෑන් එක කොලොම් තොටින් බාන බඩු මාගම් තොටින් නැවත නැව්ගත කරන්නයි ඒකේ අනිත් පැත්තයි කියලා. බලමුකෝ මොකක්ද අයිඩියා එක කියලා. මේ රට හදනවනම්. නොමිලේ දෙන්නම්කෝ ඕන තරම් උපදෙස්. රට හදන්න යවපු උන් කරන්නේ , ගස් කපන් එකයි, වැලි ගොඩ දාන එකයි, කසිප්පු පෙරන් එකයි, බොතල් හවිස් දාන එකයි, ගංජා වවන් එකයි වගේ දෙකයි පනහේ ප්‍රොජෙක්ට් නේ. අඩු ගානේ කුඩුවත් ගෙනත් නැව්ගටහ් කරනවා වගේ යමක්.... කාට කියන්නෙයි පනේ... මගේ බ්ලොග් එක වැහුවත් මට දුක නෑ උඹ වගේ උන් ඉන්න කොට.. ජයවේවා මචෝ....

    ReplyDelete
    Replies
    1. අඹෙපුස්සේ සිට දඹුල්ල දක්වා කොටස මං තීරූ 4 ක් සහිතව පලල්ව ඉදිකිරීමට සැලසුම් දැනටම තියෙනවා..ඒය සදහා අරමුදල් ලෝක බැංකු අධාර යටතේ මුදල් වෙන්වී තිබුනත්, ඉඩම් අත්පත්කර ගැනීමේ ගැටලු හා ප්‍රමාදයන් හමුවේ එම ආධාර ණය කොලම ගාලු මාර්ගයේ සංවර්ධනය කිරීමට යොදා ගන්නවා. එම ව්‍යාපෘතිය නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතයි..කෙසේ නමුත් අඹේපුස්ස දඹුල්ල වැඩි කලක් නොයා ඉක්මනින් සංවර්දනය වීමට නියමිතයි

      Delete
    2. අපි නිහඬ වෙලා ඉන්න එක පිස්සෝ පිස්සු නටනවට වඩා භයානකයි ඒක නිසා මාතලන් අපි නිහඬව ඉන්න නරකයි.

      Delete
  10. සිතියමේ නං පේන්නේ කොධඹ කුරුණෑගල ඉද්ද ගැහැව්ව වගේ, නුවරට යන පාර තමයි හැරෙන්නේ කියලයි. ඒත් ඔතන අඹේපුස්ස හන්දියේ කේස් එක අනිත් පැත්ත.

    මගේ අදහස නම් ඇමරිකාවේ මෙන් වාහන සහ ඒවාට තීරු අටේ හයිවේ පාරවල් හදන්න ලංකාවේ ඉඩම් ඉඩ මදියි කියායි. වගා බිම්, වනාන්තර වලටත්, නිවාස වලටත් ඉඩ ඕනෑ නේ. එහෙම නැත්තම් සිංගප්පූරුවේ මෙන් තට්ටු නිවාස වල තමයි බහුතරයකට ඉන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවට ඕනෑ අධිවේග මාර්ග දෙකයි. මේ යෝජනාව එකක්. හරස් අතට යන එක. අනික යට සිට උඩට තිරස් අතට යාපනය දක්වා යන එක.එච්චරයි ඒක දැන්ම ඕනෙත් නෑ A9 සහ දක්ෂිණ අධිවේගය හොඳටම ඇති.ඇත්තටම නුවර එක වැඩක් නෑ කඳුකර ලස්සන පළාතකට යන්න ඕනෑ හයිවේ වල නොවෙයි .

      Delete
  11. උදිතගේ සිහිනේ බාගයක් සැබැ වෙලාය කියන්නේ , තවත් සැලසුම් දාමුකො ඉස්සරහට

    ReplyDelete
    Replies
    1. තව එකක් ඉස්සරහට දැම්මාම මේ සැලසුම පස්සට යනවනේ බුවෝ

      Delete
    2. ඉස්සර ලංකාවේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්යංශය කියල එකකුත් තිබුනා මතකද?

      Delete
  12. මම පැත්තකට වෙලා බලං ඉන්නම්... ඒ තරම් තේරුමක් නෑ නේ ඔය පාරවල් ගැන.... හැබැයි අදහසක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා.. අපේ තාත්තා.. බලමු මේවා පෙන්නලා.... හි හි...

    ReplyDelete
    Replies
    1. දන්නේ නැති දේ නොදන්නවා කියන එකත් අගය කලයුතු ගතිගුණවලින් එකක් හිරු

      Delete
  13. අනුන්ගෙන් නයට ඉල්ලං හරි මාර්ග සංවර්ධනය කියන දේ මේ ආණ්ඩුවෙන් කෙරෙනවා!

    ReplyDelete
    Replies
    1. යකෝ ඔච්චර ආඩම්බරනම් තනියම ගෙවහං ^&*(*)(&&%%^#$
      ඔවා ඔක්කොම ණය නෙවේ හොරා කන ඒවත් එක්ක.

      Delete
  14. මේ පාර විතරක් නොවෙයි ලංකාවේ හැම ප්‍රධාන පාරක්ම සංවර්ධනය වනවා නං හොදයි.. මේ පාරවල් අධිවේගි මාර්ග කරන්න ගියොත් මුලින්ම අවි අමෝරන්නේ මාර්ග දෙපස මුදලාලිලා ටික තමයි. ඒ වගේම උදිත ළගදි මේ මාර්ගයේ ගියානම් එදා තත්ත්වෙ නෙමේ දැන් තියෙන්නේ . හුගාක් දුරට මාර්ගය හැදිලා තියනවා. සුපිරිම තත්ත්වයකින්...ළගදි ගිය නිසා දන්නවා..

    ReplyDelete
    Replies
    1. නලින් හැම පාරක්ම අධිවේග කරන්න ඕනෑ නෑ ලංකාව කුඩා රටක් නේ. ලංකාවට ඕනෑ අධිවේග මාර්ග දෙකයි. මේ යෝජනාව එකක්. හරස් අතට යන එක. අනික යට සිට උඩට තිරස් අතට යාපනය දක්වා යන එක.එච්චරයි ඒක දැන්ම ඕනෙත් නෑ A9 හොඳටම ඇති. ප්‍රමාණයෙන් විශාල රටක අවුරුදු 10ක් විතර ඉන්න කොට ඕනෑම ඔලුවක් තියන කෙනෙක්ට තේරෙනවා වෙන රටක පොඩි ප්‍රාන්තයක් විතර කෑල්ලක් කළමනාකරණය කරගන්න බැරිව අපි දඟලන දැඟලිල්ල විහිළුවක් කියල. පොඩි වෙනස්කම් වලින් ලොකු දේවල් කරන්න පුළුවන් වෙනස් වෙන්න බය නැති වීමයි ඕනෑ.

      Delete
  15. "You might be an economic illiterate if you think that the roads caused business success and not the other way around." -Rand Paul

    https://twitter.com/SenRandPaul/status/225936072377516032

    ReplyDelete
    Replies
    1. I agree with him. I don't think roads caused business success. business success is not my objective here.

      Delete
    2. ආණ්ඩුවක් පාරවල් හදන්නෙ බදු විදියට එකතු කරන සල්ලි වලින්. බදු ගහන සල්ලි එකතු වෙන්නෙ සාර්ථක ව්‍යාපාර වලින්. ඉතින්, සාර්ථක ව්‍යාපාර නෙමෙයි නම් අරමුණ අහවල් දෙයකට ද රුඩිකල් වෙනසක් යෝජනා කරන්නේ ?  :(

      Delete
    3. අරුණි දේවල් ගෙඩි පිටින් ගිලිනවා කියන්නේ මේකට නේද?කුකුලද බිත්තරේද ඉස්සෙල්ල ආවේ වගේ තේරුමක් නැති දේවල් නේද මේවා. ඉහත other way around කියන්නේ මොකක්ද? Business success allows us to build roads හරිනේ? ඉතින් අරුණි බදු අදායම රඳා පවතින්නේ ආර්ථික වර්ධනය මත නොවෙයිද? සමහර අලංකාරික ප්‍රැක්ටිකල් ලෝකේ තේරුමක් නැහැ. 1800 දී ඇමරිකාවේ ප්‍රාන්ත 16 හයිවේ නැහැ දැන් ප්‍රාන්ත 50 ක් සහ නවීන පාරවල් තියනවා. ඇමරිකාව ආර්ථික වර්ධනයත් එක්ක පාරවල් හැදුවේ නැද්ද? ලංකාවේ තියෙන්නේ ආර්ථික වර්ධනයක් දැන් ඔයා කියන්නේ අපිට පාරවල් එපා කියලද?

      Delete
    4. උදිත තවමත් හිතන්නෙ බදු නිසා ආර්ථික වර්ධනයක් ඇතිවෙනවා කියල. නැහැ බදු නිසා ආර්ථිකයේ පහළ බහිනවා. ඒකයි ආර්ථික වර්ධනයක් ගේන්න කියලා සමහර කාල වලට බදු නිවාඩු දෙන්නෙ.

      1800 දී හිටිය මිනිස්සු සහ තිබිච්ච ප්‍රාන්ත වලට වඩා කොච්චර ජනගහණයක් සහ ප්‍රාන්ත දැන් තියෙනවා ද? හයි වේ එන්නෙ සංවර්ධනයත් හා ඒ නිසාම වැඩිවෙන ජනගහණය අනුව. සංවර්ධනයක් නොමැතිව ජනගහණයක් සාගතයෙන් මිය යන උතුරු කොරියාවේ මහා අධිවේගී මාර්ග ගැන ටිකක් හොයලා බලන්න.

      ඇමෙරිකාවේ ආණ්ඩුව බදු එකතු කරලා පාරවල් හදන්න කළින් පුද්ගලික ව්‍යවසායකයන් තම මුදල් වලින් පාරවල් හා දුම්රිය මාර්ග හැදුවේ. ඒවා අදටත් පවතින ඒවා. එහෙම දිගටම ගියා නම් අද ඇමෙරිකාවට ට්‍රිලියන ගණනක ණය බරක් දරන්න වෙන්නෙ නැහැ.

      ලංකාවේ ආර්ථික වර්ධනයක් තියෙනවා නම් ඇයි ණයට මුදල් පිටරටවල් වලින් ඉල්ල ගන්නෙ?

      Delete
    5. ආර්ථික වර්ධනයක් තියන අය ණයට මුදල් ගන්නෙ නැද්ද?
      ණයට මුදල් ගන්නෙ නැති අයට තියෙන්නෙ වර්ධනය වූ ආර්ථිකයක්ද?
      ණයට මුදල් ගන්නෙම ආර්ථික වර්ධනයක් නැති අයද?

      ආර්ථික වර්ධනයක් අවශ්‍ය වුනාම බදු වලට නිවාඩු දෙනවා තමයි. ඒත්
      ඕනෑම වෙලාවක බදු වලට නිවාඩු දුන්නම ආර්ථිකය වර්ධනය වෙනවාද?

      පෞද්ගලික ව්‍යවසායකයන් තමන්ගෙ මුදල් වලින් පාරවල් හැදුවා ඉස්සර. ඊට පස්සෙ පාරවල් හදවන්න ආණ්ඩුවක් පත්කර ගත්තා. (පාරවල් විතරක් නෙවෙයි.) කෙළින්ම යොදවපු මුදල් බදු වශයෙන් යෙදවීමේදී දැන් ඇති වෙලා තියෙන්නෙ දූෂණය නිසා වෙන පාඩුව විතරයි.

      Delete
    6. //උදිත තවමත් හිතන්නෙ බදු නිසා ආර්ථික වර්ධනයක් ඇතිවෙනවා කියල.//
      කොහෙද මම එහෙම කියල තියෙන්නේ? නැහැ ම්ම් එහෙම හිතන්නෙත් නැහැ කියන්නෙත් නැහැ. මම කිව්වේ බදු මුදල් වැඩි වෙනවද අඩු වෙනවද කියන එක ආර්ථික වර්ධනය මත depend වෙන දෙයක් කියන එකයි. රෑන්ඩ් පෝල්ගේ ප්‍රකාශය දේශපාලන අලංකාරික කතාවක් විතරයි.ඔයා ඒක සීරියස් අරගෙන.අනික අරුණි රටක හැම මිනිහෙක්ම ව්‍යාපාරිකයෙක් කරන්න බැහැ. රැඩිකල් වෙනසක් කියන්නේ රටක හැමෝම සාර්ථක ව්‍යාපාරිකයන් බවට පත්කරන එක හරි ව්‍යාපාර ගැන විතරක් හිතල අනිත් ඒවා ඔක්කොම ව්‍යාපාර වල අභිවෘද්ධියට කැප කරන එක නොවෙයි.
      // ඒවා. එහෙම දිගටම ගියා නම් //
      ඒවා එහෙම දිගටම ගියේ නැත්තේ ඇයි? බදු මුදල් එකතුකරලා පාරවල් හදන එක වඩා සාර්ථක වූ නිසයි.

      Delete
    7. @ උදිත

      ඔයා කොතැනක වත් එහෙම කියා නැතිවුනාට මෙවැනි අධිවේගී මාර්ගයක් යෝජනා කිරීමෙන් පෙනී යන්නේ රටක ආර්ථිකයක් වැඩ කරන හැටි නොදන්නා බවයි. රටක ආර්ථිකයක් වැඩ කරන හැටි නොදන්නා බව නිසාම මහජන පහසුකම් (public works) රජයක් විසින් සැලසුම් කිරීමේ දී රටේ සියළු වැසියන්ගේ බඩු මිල ඉහළ යන බවත්, අනේක බදු අනිවාර්යෙන් ම වැඩිවෙන බවත්, බදු මුදල් වැඩි වීම නිසා ආර්ථිකයක් අනිවාර්යෙන්ම අඩපණ වෙන බවත් නොදන්නා බවයි පෙන්නුම් කරන්නේ.

      මෙවැනි මහජන පහසුකම් සැලසුම් නිසාම තමයි රටේ ඔක්කොම ක්ෂේත්‍රයන් බංකොළොත් වෙන්නෙ. රජයට හේත්තු වෙන සමහර ව්‍යාපාරිකයන්ට නම් රජ මඟුල් මේවා වලින්!!!!

      ඊ ළඟට අයින් රූන්ඩ් ගේ පාඨය තමන්ට කැමති ලෙසකින් උපුටා ගන්නා උදිත, දැන් රෑන්ඩ් පෝල්ගේ ප්‍රකාශය දේශපාලන අලංකාරික කතාවක් විතරයි කියලා කියන්නේ ද එහි අඩංගු ගැඹුරු ආර්ථික සත්‍යය නොදන්නා කමෙන්. මෙම පාඨය ඉතා පැහැදිලිව ඔප්පු කර ඇති ඔස්ට්‍රියන් සම්ප්‍රදායේ මෙතෙක් කිසිවෙක් නිශ්ප්‍රභා කරන්නට සමත් වී නැති සත්‍යයක්. මම විතරක් නෙමෙයි හිතන්න පුලුවන් ඕනෑම රටක වාසය කරන වැසියෙක් විසින් ඉතා සීරියස් විදියට අරගන්න අවශ්‍ය වූවක්.

      හැමෝම ව්‍යාපාරිකයන් කරන්න යැයි කිසිවෙක් කියා නැහැ. රටක සියළු පුරවැසියන් ශ්‍රමය, මූල්‍ය හා ඉඩම් යන ත්‍රිත්වය හුවමාරුවෙන් ගණුදෙනු කරන ලෝකයක අද අපි ඉන්නෙ. අද කියුබාවත් ඊට පිවිසුනේ වෙන කරන්න විකල්පයක් නැති බව වැටහුනාම. ඉතින් සියළු පුරවැසියන්ට තම ශ්‍රමය වේතනයට හුවමාරු කරගන්නටත්, මූල්‍ය පොලියට හුවමාරු කරගන්නටත්, ඉඩම් කුලියට හුවමාරු කරගන්නටත් ඉඩ ප්‍රස්ථාව නිදහස් ලෙසින් ඉටු කරන්නට ඉඩකඩ සැලසෙන්නේ නම් පමණයි රටක් අභිවෘද්ධියක් ලබන්නේ.

      බදු මුදල් එකතු කරලා පාරවල් හදන එක වඩා සාර්ථක වෙච්ච නිසා නෙමෙයි ඒවා එහෙම දිගටම නොගියේ. බලතණ්හාධියකයන් විසින් පාලන බලය අල්ලා ගෙන උදිතලා වගේ ආර්ථිකය වැඩ කරන හැටි නොදන්නා රටේ පුරවැසියන්ව, කළ යුත්තේ කුමක් දැයි තීරණය කරන්න තමන් දන්නවාය කියා දේශපාලනඥයන් රජයේ පාසැල් වලින් උගන්වන අනිවාර්ය අධ්‍යාපනයෙන් ජනතාව රවටාගත් නිසා.

      ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥයන් විස්තර පැහැදිලි කරලා, පිටු දහස් ගණන් පොත්පත් දහස් ගණන් ලියා පැහැදිලි කර තියෙනවා. ඒවා නිශ්ප්‍රභා කරන්න සමත් වූවන් කිසිවෙක් නැහැ.

      කල්පනා කරලා බලන්න. රසවත් ප්‍රබන්ධයක් නරඹන්න එකතු වෙන පිරිස සහ ශාස්ත්‍රීය පොතක් කියවා වටහා ගන්න එකතු වෙන පිරිස අතර සමානුපාතික වෙනස ගැන. ඉතින් අර්ථ ශාස්ත්‍රය නොදන්නා රටක ආර්ථිකයක් වැඩ කරන හැටි නොදන්නා මහත් පිරිසක් වෙතින්, පාරට්ටු බාන කතා වලින් රවටා ගෙන චන්දය දිනාගෙන තමන්ගේ බඩ තඩි කරගන්නා දේශපාලනඥයන්ට කොතරම් පහසු ද?

      Delete
  16. හොද අයිඩියාවක් බං.. ජය වේවා !

    ReplyDelete
  17. මේ අයිඩියා එක හොඳයි. හැබැයි අර ගොඩක් අය කමෙන්ට් කරල තියනව ව‍ගේම, ඒ 6 පටන් ගන්නෙ අඹේපුස්සෙන්. කොළඹ ඉඳල අඹේපුස්සට යන්න ගතවෙන වෙලාවත් එතන ඉඳල තිරිකුණාමලේට යන්න ගතවෙන වෙලාවත් අතර තියෙන්නෙ පොඩි වෙනසක්.
    ඔය සිතියමේ කෙළින් ම ඉරක් ගහල වගේ තියෙන්නෙ ජා ඇල මිනුවන්ගොඩ ගිරි උල්ල හරහා කුරුණෑගලට ගිහින් දඹුල්ල කන්තලේ හරහා යන පාරයි. (සීගිරිය තියෙන්නෙ කිලෝ මීටර් කීපයක් ඇතුළට වෙන්න). ජා ඇල ට යන්න කටුනායක හයි වේ එක භාවිතා කරලා ජා ඇල සිට කුරුණෑගලට හයි වේ එකක් හැදුවනම් මේ යෝජනාව පංකාදුයි.
    දඹුල්ල සිට හබරණට යන පාරෙ කැලෑ අස්සෙ පොලිස් රාළහාමිලා ඉන්නවා (ඉස්සර හිටියෙ අලි සහ රිලව් විතරයි). විශේෂයෙන් ඉනාමළුව පහු වෙලා දිගම්පතන හරියට යද්දි පරිස්සමෙන් යන්න, 72 පන්නන්න එපා).

    ReplyDelete