Search This Blog

Followers

Thursday, February 21, 2013

ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් ගේ චායාරූපයට ලාංකිකයන් දැක්වූ ප්‍රතිචාර- Sri Lankans react to picture of Prabakaran’s son


 මේ ලිපිය හමුදාවේ  අත්අඩංගුවට ගත් පසු සහ මිය යාමට පෙර අතර කාලයේදී   ප්‍රරභාකරන්ගේ පුතා ගේ යැයි සැක කරන ,   හින්දු පුවත්පතට අනුව ලංකාවේ ජනමාධ්‍ය ස්‌වයං වාරණයට ලක්කර ඇති  කුප්‍රකට චායාරූපය ගැන නොව එම ව්‍යාජ හෝ ඇත්ත වියහැකි චයාරුපය පිලිබඳ ලාංකිකයා දැක්වූ ප්‍රතිචාර සම්බන්දයෙනි.
එසේ වුවද මේ චයාරුපය නිසා අපේ රාජ්‍ය නායකයන්ට විදුලි පුටුවට යන්න වෙනවා යැයි  සිතා
සිටින වැදගත් මහත්වරුන්ට ලිපියේ ප්‍රස්තුතයට එළඹෙන්නට පෙර නම් එකක් කිව යුතුය. මේ ළමා ඝාතනය ඇත්ත වුනත්  ලොක්කන්ට මොකුත් වන්නේ නැත. අන්තිමේදී  කොහේ හෝ සිටින දුප්පත් සොල්දාදුවෙක්ගේ කරපිටින් ගානක් දී හෝ මෙය ශේප් කර කරකවා යවාගන්න අපේ අය දනී.
මෙහිදී මා ලාංකික ජනතාව අතරින් නියැදිය ලෙස ගත්තේ පරිගණක සාක්ෂරතාවය හිමි  බුද්ධිමත් මිනිසුන්  මේ සම්බන්දයෙන් පළවූ ලිපි දෙකකට  ප්‍රතිචාර දැමු අයගේ   ප්‍රතිචාරයි  එම ලිපි දෙක මාරයා අඩවියේ සහ  w3lanka ලිපියයි.
මෙම කාරණයේදී බුවා, මාතලන් ,කතන්දර , පැරකුම් සහ මාද ඇතුළු තව මෙහි නම් නොකී  ඉතා සුළුතර බ්ලොග් කරුවන්  කිහිප දෙනෙකු (ඔවුන්ට මගේ අචාරය පුද කරමි) හැර  සියලු දෙනා මෙම කාරණයේ දී එනම්  අත්අඩංගුවට ගත් පසු  ළමා ඝාතනයක් සිදු වූවා නම් ළමයෙකු උනත්  ඔහු ප්‍රරභාකරන් නම් ත්‍රස්තවාදියාගේ පුත්‍රයා බැවින් අනාගත යුද්ධයක් වැලැක්වීම වෙනුවෙන් එසේ කිරීම යුක්ති සහගත ලෙස සලකන ලදී.  මේ ලිපියේ මා සලකා බලනු ලබන්නේ එම ලාංකික ජනප්‍රිය  මතය පිළිබඳවයි

එම  ජනප්‍රිය මතයේ අව්‍යාජ ප්‍රකාශකයා වූ මාරයාගේ හෝරාව ලියන බ්ලොග් කරු මුළු මහත් ලිපියක් ලියා කියූ දෙය අල්කෙමියා නමැති  බ්ලොග් සටහන ලියන ජනප්‍රිය උගත් ටයි පටි පළඳින  අපගේ බ්ලොග් මිතුරා මෙසේ සංක්ෂිප්ත කරන ලදී.
"වඳ පීදිච්ච කෙහෙල් ගහක් ගලවනකොට වටේ ඉන්න මොටෙයියොත් ගලවන්නෙ ඒවා ලොකු වුනත් හැදෙන ගස් වඳ පීදෙන නිසා..."
මෙම ප්‍රකාශය ඉහත සියලු  දෙනාගේ අදහස් කැටිකරගත්  අපූරු සම්පිණ්ඩනයකි. එබැවින් එය මම මෙතැනදී එම කණ්ඩායමේ සියලු දෙනාගේ  අදහස් නියෝජනය සඳහා භාවිතා කරමි.

චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයට අනුව අපි හා සතුන් අතර යම් සම්බන්ධයක් ඇත සතුන් හා මිනිසුන් සංසන්දනය කරනු මා මිට පෙර දැක ඇත මිනිසුන් සතුන් හා වෙනස සහ සමානකම් මිනිසුන් අතර  ඇති සත්ව ගතිගුණ සාකච්චාවට බඳුන් වෙනු දැක ඇත. නමුත් ගස් එනම් ශාක කුලය සහ මිනිස් ගතිගුණ අතර සම්බන්ධයක් සොයා ගත් ලොව ප්‍රථම අවස්ථාව    මෙයයි. මෙය ලංකාවේ ඩාවින් මොහොත ලෙස මම නම් කරමි. ලකාවේ උගත් තරුණ රසායන විද්යාඤයෙකු ශාක සහ මිනිසුන් අතර අපූරු සම්බන්ධයක් සොයාගෙන ඇත.
කෙහෙල් ගස් වල ලාක්ෂණික ගතිගුණ   = මිනිසුන් ගේ  ලාක්ෂණික ගතිගුණ
"වඳ පීදිච්ච කෙහෙල් වලින් හැදෙන කෙහෙල් ගස් වඳ පීදෙන නිසා..මොටෙයියොත් ගලවයි."
"එබැවින්  ත්‍රස්‌තවාදීන්ට දාව ජන්ම ලැබූ ළමයින්ද ත්‍රස්තවාදින්ම වෙන නිසා ඝාතනය කල යුතුය "

අනේ මට මතක විදියට නම් මිනිස්සු ගස් වගේ නොවෙයි මනසක් කියල එකක්  තියනවා. ඉන්දියාවේ ඉස්සර කාලෙක හිටපු බුදු හාමුදුරුවෝ කියල කෙනෙක් කිව්වලු මිනිසෙක් ජන්මයෙන් නොවෙයි වසලයෙකු හෝ බ්‍රාහ්මණක් වෙන්නේ  කියල. අර ඒ බුදු හාමුදුරුවොම  කිව්ව උපතේදීම වෙන්වුන ගිරව් දෙන්නගේ කතාව කවුරුත් අහල ඇති නේද?
 මේ බුදු හාමුදුරුවෝ ඉපදුනේ ශාක්‍ය වංශයේ සුද්ද්දෝධන කියල රජෙක්ට දාව සිද්ධාර්ථ කියන නමින්.  උපතේදී මේ සිද්ධාර්ථ කුමාරයා ගැන අනාවැකියක් කියල තියනවා ඔහු ගිහි ගෙයි සිටියොත් සක්විති රජ වෙනවා ගිහිගෙය හැර ගියොත් බුදුවෙනවා කියල. සක්විති රජ  කියන්නේ ඔක්කොම රාජ්‍යයන් යටත් කරලා අල්ලාගෙන පාලනය කරන අධිරාජ්‍යයෙක්. දැන් ඒ කාලේ අපේ මේ ඉහත අයගේ දේශප්‍රේමී  චින්තනය වගේ එකක් තියන ජාතියක් අල්ලපු රාජ්‍යයක හිටියනම්  සිද්ධාර්ථ කුමාරය කවදාහරි  තමන්ගේ රටත් අල්ලාගෙන සක්විති රජවෙයි කියන බය නිසා එවෙලේම මරල දාන්න ඕනෑ නේද? මොකද ඉහත තියරියට අනුව සිද්ධාර්ථ  කුමාරය අනිවාර්යයෙන් තාත්ත වගේ රජ වෙනවා මිසක් බුදු වෙන්න ඉඩක් නැහැ  නේ.
සමාවෙන්න එක්කෙනෙක් කියල තිබුන මේ ප්‍රශ්නෙට ආගම ගාව ගන්න එපා කියල සොරි අමතක වුණා අපි බුදු වදන් අමතක කරලා  වෙන විදියකට මේක දිහා බලමු මේ සිංහල කියන එක පිටිපස්සෙන් නිතරම බෞද්ධ කියල යොදන හින්ද මං ගඟේ ගියාද මන්ද අදාළ නැති දෙයක් කතා කරලා, අපි නැවත විද්‍යාත්මක විදියට මාතෘකාවට එමුකෝ.
 ගස් සහ මිනිසුන් අතර වෙනස මනසක් තියන එකනේ කියල ඔයාල පිලිගන්නවා නේ දැන් අපි එතෙන්ට එමු. ශාක මිනිස්සුන්ට සමාන කරන්න මට අනුව බැරි නිසා  උද්භිත විද්‍ය්යාවෙන් සත්ව විද්‍යාවට එමුකෝ.
 සත්ව පරිනාමයේ  ඉහලින්ම ඉන්න මිනිසා නේ ඉතින් සත්තු ගැන වැඩක් නෑ මානව විද්‍යාවකට එන්න වෙනවා. මිනිස් මනස පිලිබඳ හදාරපු දොස්තර කෙනෙක් ඉස්සර  1856 ඉඳන් 1939 දක්වා ඔස්ට්‍රියාවේ හිටිය  සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියල. මනස කිව්වම මට මතක් වුනේ මෙයාව.
  සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එයාගේ පසුකාලීන හැදෑරීම වලදී  1920 ගණන් වලදී මිනිස් චෛයිතිසිකය පහත පරිදි කොටස් තුනකට බෙදනවා. 

1.ඉඩ්- Id (ජර්මන් භාෂාවෙන් das Es,)
2. අහම -ego
3. උපරි අහම - super-ego

මේ අංක එක ඉඩ්-Id  කියන්නේ  අපේ මනසේ තියන අව්‍යාජතම කොටස මේක ක්‍රියාත්මක වෙන්නේ අපේ ප්‍රාථමික නොසිතා කරන සත්ත්ව ආශාවන් අවශ්‍යතාවයන් එක්ක  උදාහරණයකින් කියනවා නම් බඩගිනි උනාම කන්න, කන්න කියල අපිට කියන කොටස   නැත්නම් ලිංගය ප්‍රාණවත් උනාම සෙක්ස් කරන්න ,සෙක්ස් කරන්න කියන  මේ දැන් තියන ප්‍රාථමික ආශාව මගින් හැඩ ගැසෙන කොටස. තමාගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ජීවයට තියන අනිච්චානුග එලවුම.

මේ අංක දෙක අහම-ego  කියන්නේ . ඔබ ඔබ  තමන්  කියල හදුන්වන "මම" කියන පුද්ගලයා ඔබ  myself ගැන රචනයක්  ලියනකොට ලියන්නේ මේ අහම-ego  ගැන තමයි. ඉහත උදාහරණයම ගත්තොත් මට බඩගිනියි කියල ඔබ කියන කොට  මම කියන්නේ . මම ඔයාට ආදරෙයි තැන "මම". මේක අර ඉඩ් එක වගේ අව්‍යාජ නැහැ. ඔබ ඔබ ගැන කරන ප්‍රබන්ධය ට තමයි ඔබ   "මම". කියන්නේ මම බොරු කියන්නේ නැහැ කියල ඔබ කියනවා. ඒ ඔබ තමන් ගැන සිතන්න සහ කියන්න  කැමති විදිය නමුත් ඔබ සමහර විට බොරුවක් කියනවා.

 ඊළඟට උපරි අහම - super-ego  කියන්නේ අපේ චෛයිතිසිකයේ තියන සදාචාරය නැත්නම් ආගම , ශිලය, හරි නැත්නම්  නිතිය අචාර ධර්ම මගින් හැඩ ගස්සන කොටස ඉහත උදාහරණයම ගත්තොත් ඉහත අංක 1  ඉඩ් එකෙන් අපිට බඩගිනියි කාපං කියනකොට  උපරි අහම තමයි ඒ ප්‍රාථමික ආශාව යටපත් කරන්නේ ඒක අපේ   ඊගොව ට කියනවා මෙතන පාරේ කන්න එපා ගෙදර ගිහින් කන්න. බඩගිනි උනාම අපි  තිරිසන් සතෙක් වගේ සතෙක් මරාගෙන කන්නේ නෑ ආගම කියන උපරි අහම කියනවා මරණ එක පව්. ඉඩ් එකෙන්  ලිංගික ආශාවක් ඇති වුනාම නිතිය සදාචාරය නම් උපරි අහම කියනවා මේ උඹට ස්ත්‍රිය සතෙක් වගේ දුෂණය කරන්න බෑ කෙනෙක් හොයාගෙන විවාහ වෙන්න. එනම්  මනසේ සදාචාරය කොටස අපේ සත්ත්ව ඉඩ් එක යටපත් කරනවා  උඹට පිස්සුද ඒ බාප්පාගේ දුව ඒක වැරදි  වැඩක් නෑදෑයොත් එක්ක සත්තු වගේ සෙක්ස් කරන්න බෑ. දැන් තේරෙන්න ඕනෑ මේ උපරි අහම .super-ego  එක කියන්නේ සම්මුති සත්‍යය නිතිය  මත පදනම් වුන දෙයක්.

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ ඉඩ් එක සහ උපරි අහම අතර සම්බන්දය ඒ කාලේ අශ්වයා සහ රථාචාර්යයා ට සමාන කරනවා ඉඩ් නමැති අශ්වයා ගමනට ජවය සපයනවා  රථාචාර්යයා තමයි නිවැරිදි මාර්ගයේ ගමන මෙහෙයවන්නේ. අපගේ හැල්මේ දුවන සත්ත්ව ආශාව(Id  )   යම් ශිෂ්ඨ නීතියකට තහනමකට මග පෙන්වීමක ටsuper-ego මගින් යටත් කරලා  ඊගෝ එක හැඩගැස්වල "මම" නිරෝගී මනසක් ඇති සමබර මනසක් ඇති සිවිල් මිනිසෙක් කරනවා.
දැන් ඔබට වැටහෙන්න ඕනෑ තිරිසන් සතුන් හා මනසක් ඇති මිනිසා අතර වෙනස. මම ඔබට යෝජනා කරනවා බලන්න කියල 2012 දී තිරගත වුන Life of Pi කියන චිත්රපටිය හරි පොත හරි. මේකේ තිරිසන් සතාව ලස්සනට තේරුම් ගන්න පුළුවන් දර්ශනයක් තියනවා සතෙක්ට අහම -ego හරි  උපරි අහම - super-ego නැහැ අමු රියල් අව්‍යාජ  Id ඉඩ්  එකෙන් විතරයි තිරිසන් සත්තු වැඩ කරන්නේ බඩගිනි උණානම් මරාගෙන කෑවා.
දැන් මේ මනසේ තට්ටු තුන සමාජය මත ප්‍රක්ෂේපනය වන අයුරු අපිට වෙන විදියකට පෙන්වන්නත්  පුළුවන් ඒ තමයි
1. යථාව real
2. යථාර්තය reality
3. නිතිය /ආගම /අචාර ධර්ම Law and order/religion /ethics
දැන් එහෙම කිව්වම අපැහැදිලියි වගේ නේද . ඒක නිසා මේකටත් අර ෆ්‍රොයිඩ් ගේ එකට දාපු උදාහරණම දාල සමාජයේ ක්‍රියාත්මක වන අයුරු බලමු
ඔන්න ඔබ පාරේ යනකොට  බඩගින්නක් එනවා මේක සතෙක් විදියට අපිට එන ඉඩ් එකක් ප්‍රාථමික අවශ්‍යතාවයක් මේක real යථක්. බඩගින්න අව්‍යාජයි. ඔබ දකිනවා කඩේක  ඇතුලේ කේක් කෑල්ලක් තියනවා.  ඔබට සතෙක් නම් ගියා කේක් කෑල්ල  කෑවා. අපිට එහෙම බැහැ  නිතිය නම් සුපිරි අහමට අපි යටත් ඉතින් අපි ගිහිල්ල මුදල් ගෙවා කේක් කෑල්ල මිලදී ගන්න ඕනෑ අපිට මුදල් නැත්නම් කොච්චර බඩගිනි තිබුනත් මේක මිලදී ගන්න බැහැ මේක තමයි අපි මුහුණදෙන යතාර්ථය reality එක.
  ඔන්න   ඔබ පාරේ යනකොට  කොට ඔබට ඔබගේ මිතුරෙක්ගේ ලස්සන හොට් ගැහැණු ළමය  තනියම හමු වෙනවා   ඔබට ඇය ගැන හැඟීමක් sex පහල මේක සත්ත්ව අවශ්‍යතාවයක් ඉඩ් එකක් Sex කියන්නේ real යථාවක්. යාළුවගේ කෙල්ල ගැන හැඟීම් ඇතිවීම අචාර්ධර්මිකව වැරදියි තමයි නමුත් මේක තමයි අව්‍යාජ අවශ්‍යතාවය ඔබ මොකද කරන්නේ ඕනෑ දෙයක් වෙන්න කියල මේ අව්‍යාජ හැඟීම ඇයට කියනවද?   නැහැ නිතිය /ආගම /අචාර ධර් නම් සුපිරි අහමට අපි යටත් ඉතින් මනසේ ඒ කොටස මගින් ක්ෂණයකින් අපිටත් නොදැනීම ඒ සත්ත්ව කොටස යටත් කරලා මරල දානවා. එකයි අපි  මනසක් තියන  අපි මේ උපරි අහමෙන් කොන්ට්‍රෝල් කරාට පස්සේ අහමට තියෙන්නේ   ලිංගිකත්වය(Sexuality) විතරයි.Sex  කියන සත්ත්ව හැඟීමට එතන ඉඩක් නැහැ. ශිෂ්ට මිනිස්සු තමන්ගේ බිරිඳ හෝ පෙම්වතිය සමග පමණයි යථාර්ථයේ එකතු වෙන්නේ.තේරෙනවද සත්තු කරන්නේ අමු රියල්  SEX  නමුත් උපරි අහම සහිත ශිෂ්ට මිනිස්සු ගාව තියෙන්නේ  ලිංගිකත්වය(Sexuality) ඒක තමයි මිනිස් යතාර්ථය reality එක.
දැන් පැහැදිලිද මේ මිනිස් යතාර්ථය reality එක කියන්නේ ඇත්ත අව්‍යාජ අපි නොවෙයි තමයි ප්‍රබන්ධයක් පමණයි .අපේ යට සැඟවුන අශ්ශීල Real තිරිසනෙක් ඉන්න්නවා නමුත්  යතාර්ථයේ "මම" කියන්නේ නිතිය /ආගම /අචාර ධර්ම වලින් ශික්ෂණය කරන කරන ලද ශක්තිමත් වෙස් මුහුණක් පැළඳි කෙනෙක්. අපි ශිෂ්ඨ මිනිසෙක් වෙනවා කියන්නේ  අර අමු රියල් (Id ඉඩ්)අව්‍යාජ  සත්ත්වයා ගේ අමු ආශාව  වෙනුවට මෙන්න මේ සම්මුති සත්‍යයන් එනම් නීති රීති ,ආගමික ශිලයන්, අචාර ධර්ම වලින් තැනිල තියන යථාර්ථයේ  වෙස් මුහුණ දා ගන්න එකටයි.
යතාර්ථය අව්‍යාජ නැත භාෂාව හරහා සම්මුතියෙන් ඇතිකරගත් ප්‍රබන්ධයක් පමණක්  නමුත් අපි සතුන්ගෙන් වෙන්කරන මනසක් ඇති මිනිසුන් බවට පත් කරන කරන  මුලික වෙනසම වන්නේ මෙයයි.
දැන් ඔයාලට හිතෙනවා ඇති  මේ මොනවද කියන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ නේ කියල. හොඳයි දැන් මෙන්න මේ මනස ගැන සහ සමබර නිරෝගී මනසක් ඇති මිනිසුන් සිටින ශිෂ්ට සමාජය ගැන  අපි ඉගෙන ගත් දෙය මතකයේ තියාගෙන  අපේ මතෘකාව දිහාවට හැරෙමු.
   මතෘකාව  ප්‍රරභාකරන් නම් ත්‍රස්තවාදියාගේ බාල පුත්‍රයා අත්අඩංගුවට ගත් පසු ඝාතනය  වූවා නම් එය හරිද වැරදිද යන්නයි. මෙයට අපේ අය ඇත්තටම තමන්ගේ (Real )අව්‍යාජ තැනින්  ප්‍රතිචාරය දක්වා ඇත. වෙනත් විදියකින් කියනවා නම් අපි ළඟ නිතිය /ආගම /අචාර ධර්ම ලෝක සම්මුති වලින් යටපත් කරන ලද යතාර්ථය (reality)  නම් වෙස් මුහුණ නැත , ඇත්තේ  යථ  (Real ) පමණක් බව ආඩම්බරයෙන් කියා ඇත. මයියා නම් පුද්ගලයා මෙම අව්‍යාජ ප්‍රාථමික සිතුවිලි  ඒම අමු අමුවේ එලියට දැමීම   අවංක භාවය ලෙසද වරදවා වටහාගෙන තිබුනි.  කරුණාකර දැන් ඒ මාරයාගේ අඩවියේ ලිපියට ගොස් මා දැමු ප්‍රතිචාර නැවත කියවන්න. ත්‍රස්තවාදියාගේ පුතෙක් වුවත් නිරායුධව සිටින පොඩි ළමයි අපි ශිෂ්ඨ මිනිසුන් ලෙස  මරන්නේ නැතැයි යන්න   නිතිය /ආගම /අචාර ධර්ම ලෝක සම්මුති වලින් අපි එළඹී සිටින  එකඟතාවයකි.   මේකට අපි යටත් නැහැ අපි කරන්නේ අපිට ඕනෑ දේ යන්න කීමට ඔබට ඇති අයිතිය මම පිලිගනිමි. නමුත්   නිතිය /ආගම /අචාර ධර්ම ලෝක සම්මුති  වලට යටත් නැති ඒ හැඟීම ශිෂ්ඨ මිනිස් හැඟීමක් නොව  නිතිය /ආගම /අචාර ධර්ම ලෝක සම්මුති   වලට පෙර තම පැවැත්ම තහවුරු කරගැනීම පමණක් උදෙසාම තිබූ   ප්‍රාථමික සත්ත්ව හැඟීමක් ප්‍රමුක වීම පමණක් බව මතක් කරදීමට පමණක් කැමැත්තෙමි.
අපිට අපේ ජීවයේ ප්‍රාථමිකම තැනින් අපේ හුදු  පැවැත්ම උදෙසා අව්‍යාජ උවමනාවල් ඇතිවෙනවා තමයි මේක මට ඔබට අපි හැමෝටම තියනවා  නමුත් අපි මේ සිතට එන අශ්ශීල සිතුවිලි එලියට නොදා නිතිය /ආගම /අචාර ධර්ම ලෝක සම්මුති  වලින් යටපත් කරන්න හුරු පුරුදු කර ගත්තොත් මේ විදියට හතුරා ගේ හත් මුතු පරම්පරාවම හැඳි ගාල දාල ලබාගන්න තාවකාලික නිදහසට වඩා  සුරක්ෂිත නිදහසක්  අනාගත පරපුරට ලැබෙනු ඇත.  

52 comments:

  1. අැත්තටම මේ තත්වය විග්‍රහ කරන්න ටිකක් අමාරැයි වගේ.ඍ නිසා මම අතීත සිදුවීම් දෙක තුනක් මතක් කරන්නම්.88,89 භීෂණය කාලේ ප්‍ර්මදාස උඩුගම්පොල දක්ෂ පොලිස් කිලධාරියෙක්.ඔහු කැරැල්ල මැඩ පවත්වන්න සෑහෙන වැඩ කොටසක් කලා.ඒ නිසා කැරලි කරුවන් සිටිෙය් ඔහු සමග සෑහෙන ෙවෙරයකින්. ඒක දවසක් රෑ ඒතුමා ගෙදර නොසිටි වෙලාවක කුඩා ලමුන් අැතුලු ඔහුගේ පවුලම කපා කොටා ඝාතනය කරතිබුනා.ඊට පසුව පුවත් පතක් මගින් කැරලි කරුවකුගෙන් ,කුඩා ලමුන් ඝාතනය කලේ අැයි දැයි අැසූ විට ඔහු කියා තිබුනේ,ගෙදරක මීයෝ මරන විට පොඩි පැටවෙකුවත් ඉතිරි නොකරන බවයි.
    නමුත් කැරලි නායකයා අැතුලු දරැ පවුල අත් අඩංගුවට ගත් අවස්ථාවේ කැරපි නායකයා ඝාතනය කර දරු පවුල හමුදා කදවුරක අාරක්ෂා සහිතව කල් ගෙව්වා.
    මේකතාවට ගැලපෙන සිදුවීමක් මම දැක්කා අප්‍රිකාවේ වන සතුන් පිලිබද වාර්තා චිත්‍රපටයක.ඒහිදී කොටියකු විසින් ලොකු වදුරකු දඩයම් කර ගෙන ගසක් උඩට අැදගෙන යනවා.ඒ විට වදුරාගේ බඩ පැත්තේ ඒල්ලී සිටි වදුරු පැටවෙකු ගහෙන් බිමට වැටෙනවා. කොටියා ගස උඩසිට වදුරාගේ මස් අාහාරයට ගන්නා අතර නරියකු ගස දෙසට ඒනු දැක,උෟ ගසෙන් බිමට බැස නරියා ඒලවා දමා වදුරු පැටවා ලස උඩට රැගෙන ගොස් උෟ අාරක්ෂා කිරීමට උත්සාහ ගන්නවා.

    ReplyDelete
    Replies
    1. දක්ෂ.... හුග්... යකෝ මුගේ නම බෝල් පොයින්ට්... බෝල්පොයින්ට් පෑන කනට තියල දෙන්නෙ වන් ෂොට් වැටෙන්න...... මූ අමු තිරිසනෙක්.... මානසික රෝගියෙක්... මිනිස්සුන්ට වදදෙන්න පුද්ගලිකව ආසකරපු අමනයෙක්.... ලමයි මැරීම මෙතනත් වැරදියි.... ඒත් මේ බල්ලට දක්ෂ කියල කියන්න එපා...

      දැන් මට වාමාන්සික ලේබල් නම් ගහන්න එපා.... මම වමට විරුද්ධ අයෙක්...

      Delete
    2. අපේ ගෙදර ගාල්ලේ ඔය කිට්ටුවම තමා මමත් ඉතිහාසය දන්නවා මචං.

      Delete
  2. මාරයාගේ හෝරාවේ ඇතිවූ සංවාදයේ අවසාන හරියෙදි ඔබගේ කොමෙන්ට් තුල මේ වෙනස මම දැක්කා. ඇත්තෙන්ම මමත් උත්සාහ කලා ඔබ මොනවද මේ කියන්නේ කියලා තේරුම්ගන්න. සමහරු වරදවා වටහාගෙන තිබ්බා ඔබ කියන්නේ 'අවංකව' කල්පනා කලොත් ඒ දේ හරියි කියන එක ඔබත් පිළිගත්තා කියලා. ඔබගේ මේ පෝස්ට් එක කියවීමෙන් පසු ඔබ ලියූ කොමෙන්ට් අතිශය පැහැදිලියි දැන්.

    මමත් සෑහෙන්න කල්පනා කලා මේ දරුවාගේ ඡායාරූප දැකලා මට ඇතිවෙන දුක, කේන්තිය පොදුවේ මා තුල ඇති රාජපක්ෂ ආණ්ඩු විරෝධයේ කොටසක්ද, එහෙමත් නැත්නම් මතුපිටින් සංවේදී යමක් දැකලා ඊට යටින් ඇති තත්වය නොදැකීමේ ප්‍රතිපලයක්ද කියලා. ඒ එක්කම මගේ හිතට දැඩිව වධ දෙන ප්‍රශ්නය තමයි, මෙය සාධාරණීකරණය කරන අය කියන දේවල් ඔවුන්ගේ සැබෑ ස්වරූපය දක්වන්නක් කියන එක පිළිගන්න මට තියන බැරිකම. මේ දේවල් කියූ බොහෝ පුද්ගලයෝ කරන, කරලා තියන යහපත් ක්‍රියා, ඔවුන් මුහුණදීලා තියන සංවේදී අවස්ථා, ඔවුන්ගෙන් ඉටුවී ඇති සමාජ සත්කාරයන් ගැන මම අසා දැක ඇති නිසා.

    අපි බොහෝ වෙලාවට හොඳ නරක තීරණය කරන්නේ අදාල සිදුවීමට සාපේක්ෂව නෙවෙයි, ඒ සිද්ධි වලට සම්බන්ධ පුද්ගලයන්ට සාපේක්ෂව. මට මතක් වෙන්නේ හෙළ උරුමය, වාසුදේව, තිස්ස විතාරණ වැනි පුද්ගලයන්... ආණ්ඩුවේ පැවැත්මට තර්ජනයක් නොවන යම් යම් කාරණා අල්ලගෙන ඔවුන් ආණ්ඩුව විවිධ අවස්ථාවලදෙ විවේචනය කරනවා. නමුත් තීරණාත්මක අවස්ථාවලදි ඔවුන් ආණ්ඩුව වෙනුවෙන් පෙනී හිටිනවා. මට හිතෙනවා අපේ බොහෝ දෙනෙක් කරන්නේ ඒක කියලා. මේ වගේ අවස්ථාවකදි මේ ඝාතනයට විරෝධය දැක්වීම, අපේ රටට, යුද්දය දිනූ ආණ්ඩුවට කරන ද්‍රෝහී කමක් ලෙස ඔවුන් දකිනවා. ඔවුන් කරන්නේ ආණ්ඩුව ගත් කුමන හෝ ක්‍රියා මාර්ග සාධාරණීකරණය කිරීම. ඒකයි මම තවත් තැනකදි කිව්වේ, යම් විදිහකින් මේ දරුවා බේරාගෙන ඔහුට ජීවත්වෙන්න සැලැස්සුවා නම් ඒකත් අපි (මරා දැමීම සාධාරණීකරණය කරන අයම) මහ ඉහලින් අගය කරනවා. කේ.පී සහ කරුණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ හැසිරීම ගොඩක් අය දකින්නේ ඒ ආණ්ඩුවේ උපක්‍රමශීලී භාවය කියලා.

    ඔබගේ මේ පැහැදිලි කිරීමෙන් පසු මගේ හිතේ තිබුණු ප්‍රශ්න වලය යම් පිළිතුරක් ලැබුනා කියලා සිතනවා. නමුත් අවසානයේ ප්‍රශ්නයක් අහන්න ඕනේ... ඔබ කියා ඇති පරිදි මේ උපරි අහමෙන්, ඉඩ් පාලනය කරලා, අහම හැඩගස්වා ගැනීම කල යුත්තේ කොහොමද? වෙන විදිහකින් අහනවා නම් රටක් හැටියට අපි වඩා ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කරගන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. දැන් තිසරට මම මෙතන උදිත නම් බ්ලොග් කරුවා ලෙස දෙන පිළිතුර(reality එකේ) සහ පුද්ගලිකව ඔයත් මමත් තද මිතුරන් ලෙස බොක්කෙන් අඩියක් ගහල කතාකරන විට දෙන පිළිතුරත් (real එකේ )දෙකක් වෙන්න පුළුවන්.එහෙම කල යුත්තේ ඇයි? මේක තමයි අපි වටහා ගත යුත්තේ.ඇයි අපි මාරයා අව්‍යාජයි කියන්නේ? ඔහු මේ මාරයාගේ හෝරාව ලියන බ්ලොග්කරුවා නම් reality එකේ තියන ප්‍රබන්ධය සහ ඇත්තට ජිවත් වන කන බොන රමාණයේ යෙදෙන රැකියාව කරන real කුමාර නම් පුද්ගලයා අතර පරතරය තමන් ලියන ලිපි තුල දියකරලා දානවා ඌට පුද්ගලිකව හිතෙන දේ මාරයා එහෙමම කියල දානවා.සමහර පුද්ගලික දේවල් මේ වගේ සමාජීය කරුණකදී එහෙම සමාජීයව කියන්න නරකයි.මේක මම මාරයට කියන්න උත්සාහ කළා. දැන් පුද්ගලික තලයේ මාරයා මට වඩා හොඳ මිනිහෙක් වෙන්න පුළුවන් ඒක මෙතනට අදාළ නැහැ . මේ වෙනස නඩත්තු කිරීම ශිෂ්ඨ රටක අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක්. හිතන්න ඔයා පන්සලක හාමුදුරවෝ කෙනෙක් කියල දැන් මහන වෙලා ඉන්නේ real එකේ ධනපාල කියල සාමාන්‍ය මිනිහෙක් නමුත් reality එකේ එයා සිල්වත් බණ කියන අතිගරු සුමන හිමි. මේ හාමුදුරුවන්ට හිත යටි real එකෙන් අශ්ශීල තැනකින් මේ මැරුණ පොඩි එකා දැක්කම හිතෙනවා මොනවා උනත් මූ මැරුව එක හොඳයි නැත්නම් මුත් මුගේ අප්පා වගේ කොටියෙක් වෙයි කියල නමුත් රෑට පන්සලේ බණ කියන කොට තමන් ඇතුලේ ඉන්න ධනපාලගේ සිතුවිල්ල ඔහුගෙන් බණ අහන බෞද්ධයන්ට රාත්‍රී බණ දේශනාවේදී කිව යුතුද? නැහැ සුමන හිමි තමන් තුලම සිටින ධනපාල ගේ සිතුවිලි මර්ධනය කිරීම තමයි උපරි අහමෙන් අහම යටත් කරනවා කියන්නේ.
      ඔයාගේ අවසන් ප්‍රශ්නයට උත්තරේ තමයි මේක කරන්න පුළුවන් පවුල තුලින්. තමන්ගේ අම්ම තාත්ත යහපත් නීති ගරුක ශිෂ්ඨ විදිය ළමයා අනුගමනය කරනවා. මව පාරේ කහ ඉරෙන් පනින්නේ නැත්නම් ළමයා කවදාවත් යන්නේ නෑ. අවවාදය නොවෙයි ආදර්ශය දෙන්න ඕනෑ.

      Delete
    2. ස්තූතියි උදිත, දවස් දෙකහමාරක් තිස්සෙ විටින් විට හිතට වද දුන්න දෙයකට තමයි මෙහෙම උත්තර දීල තියෙන්නෙ. දන්න දන්න හැම පැත්තටම හිතල බැලුව ඇයි මෙහෙම උනේ කියල, කොනක් පෑදීගෙන එන කොටම ආයෙම ඒක හැංගිලා යනව. තිසරට වගේම මටත් හිතුනෙ මේක අනවශ්‍ය සංවේදී කමක්ද මෝඩ කමක්ද, මෙහෙම සංවේදී වීම ගේන්නෙ විනාශයක්ද කියල. 90% විතර පිලිගන්න කැමති, එහෙම හිතුවම මගේ ගැටළුවට "මට" සාධාරණ පිළිතුරක් ලැබුනා කියල හිතනව. මං කැමතියි ඒ උත්තරෙ ඇතුලෙ ජීවත් වෙන්න. සැහැල්ලුයි !

      Delete
    3. @nawammawatha
      විචාර බුද්ධියට එලියට එන්න ඉඩ නොදී මනසෙන් වැඩ නොගෙන සංවේදී නොවී සාධාරණ නොවී ආවේග වලින්, ශරීරයෙන් හිංසාවෙන් විතරක් වැඩකරන එක විනාශ නොවී පැවැත්ම සඳහා හොඳම ප්‍රයෝගිකම ක්‍රමය කියන එක තමයි අද ලංකාවේ ජනප්‍රිය මතය.
      අවාසනාවකට ලංකාවේදී මේක තාම ඇත්ත මොකද බහුතරය එකට එකඟ නිසා.
      සරල උදාහරණයක් ගත්තොත් යම් සමාජයක මිනිස්සු හැමෝම හිතුවොත් ලයින් එකක පෝලිමේ ගිහින් බස් එකක නගින එක වඩා කාර්යක්‍ෂම, ප්‍රයෝගික සහ සාධාරණ ක්‍රමය කියල අපි එහෙම කරනවා එවිට ඒ තුල වැඩේ ප්‍රයෝගිකව වගේම සාධාරණව වෙනවා කාටවත් විනාශයක් ගේන්නේත් නෑ.
      අපි එහෙම බහුතරය එකඟ වෙන්නේ නැතිව හිතුවොත් වඩා කාර්යක්ෂම සහ ප්‍රයෝගික ක්‍රමය බස් එකට පොරකාල නගින එක තමයි කියල වඩා ශරීර ශක්තිය තියන හයිය තියන ඉක්මන් වෙන පුද්ගලයා බස් එකේ යනවා ශාරීරිකව දුබල කෙනෙක්ට මේ වගේ තැනක පැවැත්මක් නැහැ ඒ වගේම සාධාරණය නැහැ හිතන්න වේලාසනින් බස් නැවතුමට ආව කියන එකට යුක්තිය එතන නැහැ.
      අපේ මිනිස්සුන්ගෙ බහුතර අදහස් වලින් පෙන්නේ ලංකාව කියන්නේ තාම ඔය දෙවෙනි වර්ගයේ කියන එක නේද?
      යුක්තිය, සාධාරණය ,මනස, ඕනෑ නෑ ශරීරයෙන් වැඩ කරමු එතකොට අපිට ජාතියක් ලෙස විනාශ නොවී සිටිය හැකියයි බහුතරය තාම සිතනවා.
      ඉතින් නවම් ඇත්ත තමයි මෙහෙම බහුතර අදහස් තියන තැනක ජිවත් වෙන කොට ඔයා විතරක් නිවැරිදිව පෝලිමේ යන්න ගියොත් , පොර කාල බස් එකට නැග්ගේ නැත්නම් විනාශ වෙන්නේ නැහැ එත් සෙනග තදබදය නැති වෙලාවට විතරයි බස් එකේ යන්න පුළුවන්.
      අපි උඹල දැනට මෙහෙම හෙමින් තද බදය නැති වෙලාවට විතරක් පෝලිමේ යමු. අපි දැනට පරාදයි තමයි ඒත් සතුටු වෙයන් අපි නිවැරිදි දේ කළා.

      Delete
  3. ****අර ප්‍රශ්නේදී අපි කුමක් කල යුතුද ?මානව දයාව , බුද්ධිය , කලබල වීම . සියලු බ්ලොග් වැසියන් වෙත!| For a better SL!
    උදිත ඔබේ සටහන ගැන කරුණු කීමට එමි ..එහෙත්
    මෙයද බලන්න..( මා නැවත පැය 5 කින් පමණ පැමිණෙන්නෙමි )


    අනිත් දේ ඔහොම දේවල් ගැන අනික් අය තම පොස්ටුවට
    සම්බන්ද කර ගැනීමේදී ඔවුන්ව දැනුවත් හෝ කරන්න..

    ReplyDelete
    Replies
    1. @silentsahan
      //අනිත් දේ ඔහොම දේවල් ගැන අනික් අය තම පොස්ටුවට
      සම්බන්ද කර ගැනීමේදී ඔවුන්ව දැනුවත් හෝ කරන්න..//
      ok සහන් අවවාදය පිලි ගත්තා.
      බාලච්න්ද්‍රන්ට දැනුවත් කරලා අපායට email එකක් යැවුවා (අපායේ නේද ඉන්න ඕනෑ)
      සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ට දැනුවත් කරලා ස්වර්ගයට email එකක් යැවුවා
      ගෞතම බුදුන් වහන්සේ නම් දැනුවත් කරන්න දෙයක් නැහැ තුන්කල් දකින නුවණින් ඒ කාලෙම එතුමා මම මේක අනාගතයේ ලියන බව දැනගෙන හිටියා.
      මාරයා අල්කෙමියා මයියා වගේ බ්ලොග් මිතුරන් මෙතන මම reality එකේ කියනදේ සංවාද තලයේ සුහඳ විවාදයක් විතරයි කියල දන්නවා පුද්ගලිකව real අරගෙන හිත් රිදවගන්නේ නෑ කියල විශ්වාසයි.
      :-)

      Delete
    2. \\\\ok සහන් අවවාදය පිලි ගත්තා.
      බාලච්න්ද්‍රන්ට දැනුවත් කරලා අපායට email එකක් යැවුවා (අපායේ නේද ඉන්න ඕනෑ)
      සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ට දැනුවත් කරලා ස්වර්ගයට email එකක් යැවුවා
      ගෞතම බුදුන් වහන්සේ නම් දැනුවත් කරන්න දෙයක් නැහැ තුන්කල් දකින නුවණින් ඒ කාලෙම එතුමා මම මේක අනාගතයේ ලියන බව දැනගෙන හිටියා.////

      අනේ බන් මේවත් උත්තරද ?

      Delete
    3. උදිත ඔච්චර වැඩ දාල ප්‍රංශ ටෝක් දීල , බුදු දහම පටලලා ,
      මනොවිධ්‍යව පටලලා හර බර කරලා ලියන මොලෙම්ම
      හිතපන්කෝ ඔහොම ෆොටෝ එකක් එලියට ආව
      පලියට ඒක ඉස්සරහ අඬන එක , කලබල වෙන එක
      මෝඩ කමක් නෙවේද කියල..

      දැන් වත් පියවි ලෝකෙට වරෙන් බන් හීන ලෝකෙන් මිදිලා...
      උබලගේ මේ පෝස්ට් එකෙම්ම පේනවා උබ එක පාරට ෆොටෝ
      එකක් දැක්ක ගමන් panic වෙලා රටපටලන බව..

      Delete
    4. anith eka aprvl dagena nam mewa kathaa karanna bah..
      ekemma penawane ban ube pransha talk gana...

      paalu gei walan bindinawa...

      Delete
    5. @silentsahan
      pleeeeeeeeeeeeeease,,,, මචං. වෙන කාත් එක්ක හරි කොක්කක් දා ගනිං. උඹ මේ පොස්ට් එක අමතක කරලා අද මට නිදහසේ ඉන්න දීපන්.pleeeeeeeeeeeeeease

      Delete
  4. ++++++++
    පොටෝ එක වාරණය කරගෙන , ඒක දාපු ගොසිප්9 බ්ලොග් කරගෙන දඟලන කොට හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්න වගේ කියල අදාල මහත්වරුන්ට නොතේරෙන එකයි දුක

    ReplyDelete
    Replies
    1. අපේ අයට තේරෙන්නේ නැහැ තාම යුද්ධය දිනීම කියන්නේ දෙමල ප්‍රශ්නයේ අවසානය නොවෙයි කියන එක. මේක හරියට රබර් බෝලයක් වතුර යට දාල අල්ලන් ඉන්නවා වගේ වැඩක්. දැනට මහින්දයි ගෝඨායි කරන්නේ බොලේ සාර්ථකව වතුර යටට දාල අල්ලන් ඉන්න එක. අපේ අය කමෝන් මහින්ද කමෝන් ගෝඨා නියමයි ඔහොම අල්ලගෙන ඉන්න කියල චුන් එකේ සුජාත දියණිය බල බල නිදහසේ ඉන්නවා.
      අපි කිව්වම ඔය වැඩේ හරියන්නේ නෑ මේ රබර් බොලේ හුලං පිරිලා තියනකන් උඩ එනවා කියල මේ අයට කේන්ති යනවා. අපි කියන්නේ හොඳට. රබර් බොලේ ඇතුලට යකඩ ටිකක් පුරවල වතුරේ ගිල්ලමු එතකොට මහින්දලට අමාරුවෙන් යට ඔබාගෙන අල්ලන් ඉන්න ඕනෙත් නෑ කියන එකයි.

      Delete
  5. බලන් ගියාම අවුරුද්දු 2000කට 2500කට කලින් පණ්ඩුකාභාය රජ්ජුරුවන්ගේ මාමලා සෙට් එකේ බහුතරයක් හිතපු විදිහයි,අද අපේ සමාජයේ බහුතරයක් හිතන පතන විදිහයි කිසි වෙනසක් නැහැ,ඒ අවුරුද්දු 2500 වාගේ කාලේ තුළ ආපු ආගම් වලින් ,චින්තන වලින් ක්‍රමවත් අධ්යපන ක්‍රම වලින් එක අංශු මාත්‍රයක් මිනිස්සු හිතන පතන විදිහ වේනස් කරල නැහැ.

    ReplyDelete
    Replies
    1. ලෝකය හමන් කරන්නේ මේ දිශාවට
      කැලේ නිතිය ===>රාජ නිතිය ===>සිවිල් නිතිය
      අපි මානසිකව යන්නේ අනික් පැත්තට. ඇත්තට එළියේ සිවිල් නිතිය තිබුනත් අපි හිතන්නේ ප්‍රශ්න විසනදන්න කැලේ නිතිය මිට වඩා ප්‍රායෝගිකයි කියල. ඒක ප්‍රායෝගිකයි කියල කියන කොට අපි අමතක කරන්නේ ඒක ඒ වගේම කෘරත්වයෙන් ගහන වනචාරී වැඩක් නේද කියන එකයි.

      Delete
  6. මේ ඝාතනය සාධාරණීකරණය කරන් අය ගැන මට තියෙන්නේ ලොකු පුදුමයක්

    මෙහෙම හිතුවොත්, උගන්ඩාවේ ගෝත්‍ර දෙකක ගැ‍ටුමකින් ඔය වගේ මීට සමාන මිනීමැරීමක් සිද්ධ වෙනවා. එතකොට මෙහේ ඉන්න අර ගෝත්‍ර වලට කිසිම සම්බන්ධයක් නැති අය ඒක සාධාරණීකරණය කරයිද?

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් මානව දයාව වැගිරෙයි.

      Delete
  7. "නයාගේ පැටියා නයි පැටියාමයි! උගෙ තියෙන්නේ නයාගේ විසමයි...." ඇත්ත! එත් ඒ සතෙක්, මිනිස්සුන්ට ඊට වඩා අවස්ථාවක් තියෙනවා තෝරා ගැනිමක් කරන්න, හොද හෝ නරකෙහි! නිරීක්ෂණය යටතේ, ඊට අවස්ථාවක් ලබාදීම කළයුතුව තිබුනා! මේ මගේ අදහස!

    යුද්දය ගැන අහමින්, දකිමින් ඇතින් ඉදන් බැට කෑ කෙනෙක් නිසා මට මෙහෙම හිතුනට, යුද්ධයෙන් තමන්ගේ කෙනෙක් අහිමි උන කෙනෙකුට, අතක් පයක් අහිමි උන කෙනෙකුට, මේ අදහසම තියෙයි කියලා මට බලාපොරොත්තු වෙන්න බැහැ! මොකද අපි තාමත්, මමත්වය තියෙන පෘතක්ජන මිනිස්සු නිසා!

    ReplyDelete
    Replies
    1. ඔව් බලාපොරොත්තු වෙන්න බැහැ අපි කියල දුන්නේ නැත්නම් වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන එක.

      Delete
  8. හරියටම හරි බං. ඒක තමයි හේතුව. උඹ මම අහපු ප්‍රශ්නෙකට ඊයෙ මාරයගෙ පෝස්ටුව ලින්ක් කලාමයි ඒක දැක්කෙ. මමත් කල්පනා කලේ උඹ කියන විදියටම තමයි. ඒත් අදහසක් දක්වන්න හිත දුන්නෙ නෑ.

    මිනිස්සු අවුරුදු දහස් ගනනක් තිස්සේ පරිණාමය වෙමින් ඇවිල්ල අද එක තැනක ඉන්නව. අද ලෝකයේ මිනිස්සු වැඩි දෙනෙක් අශිෂ්ඨත්වයෙන් ශිෂ්ඨත්වය කරා ගමන් කරනව. පරාජය කල සතුරා මරා ඔහුගේ මස් අනුභව කල යුගය වෙනුවට පරාජය කල සතුරාටත් සම්මත නීතිය යටතේ දඬුවම් දීමේ ක්‍රමය දෙසටයි ලෝකය ගමන් කරන්නේ. අනාගතය ගැන භයෙන් ප්‍රභාකරන්ගේ පුතා මැරීම, තමන්ට අනතුරක් වේ යයි සිතා අනෙකා දෙසට කඩාපනින වන සතෙකුත් අතරෙ වෙනසක් නැහැ. හැබැයි ඒ විදියේ මනුස්සයෝ ඕන තරම් ඉන්නව. අනුකම්පා කිරීම හැර වෙන කුමක් කරම්ද?

    ReplyDelete
    Replies
    1. අපිට කෙලවෙන්නේ අපේ ජාතිය අතු ගෑවිලා වඳ වෙන්නේ ජිනිව උන් අපිට කෙලවන හින්ද නොවෙයි අපි වෙනස් වෙන්න අකමැති හින්දයි.

      Delete
  9. මනුෂ්‍යත්වයට ගරු කරන උඹට ස්තූතියි උදිත. පරිනාමය වූ මිනිසුන් විදේශ ගතවීම කනගාටුවට කරුණක්. ස්තූති කලේ මට ස්තූති කලාට සහ මේ හරවත් ලිපියට.. මේ රටේ මුවොත් මිනීමරණවා.. උඹ පිලිගන්න එකක් නෑ.. නමුත් ඇත්ත ඒකයි.. ඒත් පුදුමයකට කාරණයකුත් නෙමෙයි...

    ReplyDelete
    Replies
    1. මහින්දලා, ගෝඨාභය ල සරත් ෆොන්සේකලා මේ මුව පොව්වොන්ට වඩා හොඳයි වගේ නේද මාතලන් . ඒ අය කොන්ද කෙලින් තියන් කියනවා අපි කලේ නෑ අපි මේ වගේ තිරිසන් වැඩ කරන්නේ නෑ කියල. ඒ මිනිස්සු හොඳයි බලාගෙන යනකොට නෑ මේවා කරන්න ඕනෑ අපි අවුරුදු 30ක් දුක් වින්දා එක නිසා අපේ පැවැත්ම වෙනුවෙන් තිරිසන් වැඩ උනත් වෙලාවේ හැටියට කරන්න ඕනෑ කියන මිනිස්සුන්ට වඩා නැද්ද?

      Delete
    2. අනිවා... ඩෙෆා.

      ෆොන්සෙකටත් සුදු කොඩි කතාව අමතක වෙලා... මම හිතන්නේ නෑ මහින්ද මහත්තයට දුන්නා නම් කවදාවත් මරයි කියලා.. ලොක්කා මොනවා නැතත් කොල්ලන්ට ආදරෙයි.. කෙල්ලන්ටත් ආදරෙයි.. එක්කෝ ඒවා ඕන නෑ.. අපිත් එහෙමනේ.......

      Delete
    3. ඔව් ඉතින් කලාය කිව්වොත් කොහොමත් ගස් නේ

      Delete
  10. Yes, how many times must a man look up
    Before he can see the sky ?
    Yes, how many ears must one man have
    Before he can hear people cry ?
    Yes, how many deaths will it take till he knows
    That too many people have died ?
    The answer my friend is blowin' in the wind
    The answer is blowin' in the wind.

    - Bob Dylan

    ReplyDelete
    Replies
    1. I am Listening to the wind
      but I don't hear it yet
      wind of change not blowing to our way

      Delete
    2. මට මගේ ළිපිය මතක් උනා.... ලැජ්ජයි බන්....

      Delete
  11. පපුව හෝස් ගාලා යනවා අප්පා :( :(
    ශික්

    ReplyDelete
    Replies
    1. be glad to yourself its a Result of a "Being Human". only human get that kind of feelings

      Delete
  12. Why waste so many words, Uditha? It is all there in a nutshell in this comment. We are still at the same point we were 2,500 years back. We have not changed a wee bit.

    බලන් ගියාම අවුරුද්දු 2000කට 2500කට කලින් පණ්ඩුකාභාය රජ්ජුරුවන්ගේ මාමලා සෙට් එකේ බහුතරයක් හිතපු විදිහයි,අද අපේ සමාජයේ බහුතරයක් හිතන පතන විදිහයි කිසි වෙනසක් නැහැ,ඒ අවුරුද්දු 2500 වාගේ කාලේ තුළ ආපු ආගම් වලින් ,චින්තන වලින් ක්‍රමවත් අධ්යපන ක්‍රම වලින් එක අංශු මාත්‍රයක් මිනිස්සු හිතන පතන විදිහ වේනස් කරල නැහැ.

    ReplyDelete
    Replies
    1. කියල තේරුම් කරලා අවවාද දීල මිනිස්සු වෙනස් කරන්න බෑ ඇනෝ. රේඩියෝ සිලෝන් එක පටන් ගත්ත දවසේ ඉඳන් උදේ හවා බන පිරිත් කියන්නේ. ආදර්ශය අවවාද වලට වඩා උතුම් අපි එකෙක් දෙන්නෙක් හරි කියා කියා නොඉඳ වෙනස් වෙලා පෙන්නමු.

      Delete
  13. බාලචන්ද්‍ර මරපු එකටත් වඩා මගේ හිත සසල කෙළේ මම බොහොම ගරු කරපු, මහත්තයෙක් කියලා හිතන් හිටපු, බාලචන්ද්‍ර වගේම පුතෙක් ඉන්න අල්කෙමියගේ මෙන්න මේ කමෙන්ට් එක.

    "වඳ පීදිච්ච කෙහෙල් වලින් හැදෙන කෙහෙල් ගස් වඳ පීදෙන නිසා..මොටෙයියොත් ගලවයි."
    "එබැවින් ත්‍රස්‌තවාදීන්ට දාව ජන්ම ලැබූ ළමයින්ද ත්‍රස්තවාදින්ම වෙන නිසා ඝාතනය කල යුතුය "

    මහත්වරුන්ගේ රෙදි ගැලෙව්ව මාරයට මාගේ ප්‍රණාමය..!

    ReplyDelete
    Replies
    1. //මහත්වරුන්ගේ රෙදි ගැලෙව්ව මාරයට මාගේ ප්‍රණාමය..!//

      එහෙම වෙන්නෙ කොහොමද? මාරයත් තනුක කරලා කියල තියෙන්නෙ ඇල්කෙමියා කියපු එකමනෙ.

      මහත්වරුනි මෙච්චර ඉක්මනට මිනිසුන්ව වර්ග කරන්න එපා. මිනිස්සු කියන්නෙ කලු -සුදු චරිත. මේ කිසිම දෙයක් "ගලේ කොටපු අකුරු" වගේ නැහැ. පෘථක්ජන මිනිසුන් වන අපි කියන දේ, අවස්ථානුකූලව වෙනස් වෙනවා. "අපි හාවො,උඹල මුවෝ" තර්කයට මං විරුද්ධ ඒ නිසයි.

      මේ ප්‍රශ්ණයට අපි මරාගැනීල්ලෙන් ඇති වැඩේ මොකක්ද? මුලදී සාමකාමී සංවාදයක් ලෙස තිබුනත්, දැන්, දැන් මේක වෙන අතකට යනවා. වෙච්ච දේ වුනා, තව ඔය වගේ බොහොම දේ වෙලා ඇති.

      මෙවැනි දෙයක් සිද්ධවී ඇත්නම්, එය සාධාරණීකරණය අය අතර පවා, යම් වරදකාරී හැඟීමක් ඇති බවත්, වඩා වැදගත් වන්නේ අප රටේ සුළු ජාතීන්ට "මහ ජාතිය" දැමීමේ මානසිකත්වයෙන් මිදීමත් බව මගේ අදහසයි. ඒ වගේම,මේ සිද්ධිය උලුප්පා, ජිනීවා වල ලංකාවට කෙලවීමේ කුමන්ත්‍රණයට රුකුලක් නොවීමත්, අප පරිස්සම් විය යුතුයි

      යුධ සමයේදී , යාපනයේ තරුණයෙක් කොටියෙක් වීමේ පුදුමයක් නැති කම මෙන්ම , ඇල්කැමියාගේ ප්‍රකාශයෙනුත් මා පුදුම වුනේ නෑ.

      Delete
    2. මාරයා කවුද කියලා ඌත් දන්නවා අපිත් දන්නවා. ඒක නිසා ඌ කියන දේවල් වලින් අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් වත් ශොක් වෙන්න දෙයක්වත් නෑ.

      Delete
    3. @මාලන්
      උනේ මේකයි මාරයා සුපුරුදු විදියට අව්‍යාජව බොක්ක එලියට දැම්ම. එක උගේ රෙජිස්ටර්ඩ් ට්‍රේඩ් මාක් එක කවුරුත් දන්නවා. මේක අහපු අනිත් අයට උනේ අර අපේ රටේ වාහන එලවන වැදගත් නෝනලා මහත්තුරුන්ට සමගර වෙලාවට පාරේදී වෙන දේ, ටයි දා ගත්තු වැදගත් මිනිස්සු BMW වලින් ඔලුව එලියට දාල කුණුහරුප කියන්නේ...
      @ටොමියා
      ටෝමියා ඔයා හිතුවේ නැති උනාට ඔයාට සහ රටට වැඩි හානියක් වෙන්නේ ජිනීවා ලංකාවට කෙලවිම නිසා නොවෙයි අපි යුක්තිය සාධාරණය අපිට ඕනෑ නෑ කියන ජාතියක් වීම නිසයි. නිතිය සාධාරණය යුක්තිය ප්‍රභාගේ පුතාට පර කොටි දෙමළට දෙන්න ඕනෑ නෑ කියන කොට ඔයා නොදන්න දේ තමයි ඒක ඔයාගේ පුතාටත් ඔයා එපා ඕනෑ නෑ කියන එක. ඔය වෙඩි පාරවල්ම තමයි ප්‍රශ්නයක් උනාම තමන්ගේ ළමයිනටත් එන්නේ.

      Delete
    4. ඝාතන සංස්කෘතියට, කැන්ගරු කෝට් වලට මං හැමදාම විරුද්ධයි. එව්වා ගැන කියන්න ගිහිල්ලා මං පස් පඩංගුවෙ බැනුම් අහගෙනත් තියනවා. අපි අපේ විරෝධය දිගටම ගෙනියමු, ඒත් මං කියන්නෙ මේ කුණුගොඩ අවුස්සන්න එපා කියලයි. මේක සාධාරණය කිරීමක් නෙමෙයි, අපි මේ පන්නන්නෙ වැරදි අය පස්සෙයි. මේ වැඩෙන් වෙන ගොඳක් නෑ, ජාතීන් අතර වෛරය පැතිරෙනව විතරයි, දැනෙගෙන හෝ නොදැන වෙන්නෙ, ඩයස්පෝරාව අවුලන ගින්නට, අපිත් පිදුරු දැමීමක්

      Delete
    5. @උදිත,
      මේකෙ ඊලඟ ලේයර් එක බලාගන්න පුළුවන් ලංකාවට යම් කිසි ජාත්‍යාන්තර බලපෑමක් ආව දවසට. දැන් නිකමට හිතමු මේක හමුදාවෙන්ම කල දෙයක් කියලා. හරි ඊලඟට අපි මොකද කලයුත්තේ කියලා ඇහුවොත්? "හරි අපි ඌව මැරුවා තමයි... අපි ඒකට විරෝධයත් ප්‍රකාශ කලා, ඇඬුවා... ඒත් ජිනීවා වලින් කියන කියන විදිහට නටන්න අපි ලෑස්ති නෑ" කියන කී දෙනෙක් ඉඳීද?

      //රටට වැඩි හානියක් වෙන්නේ ජිනීවා ලංකාවට කෙලවිම නිසා නොවෙයි අපි යුක්තිය සාධාරණය අපිට ඕනෑ නෑ කියන ජාතියක් වීම නිසයි//

      මේ හැම දෙයකම අවසානයේ මෙන්න මේ ටික තේරුම් යන්නෙ නැත්නම් වැඩක් නෑ...

      Delete
  14. මාරයා ඇතළු බහුතරයකගේ තියරිය අනුව සෑම අපරාදකරුවකුගේම දරුවන්ටද අදාළ දඩුවම දිය යුතු ලෙස අප රටේ නීති පද්දතිය වෙනස් කල යුතුය....

    ReplyDelete
    Replies
    1. දැනටමත් ඒ දිහාවට අපි වේගයෙන් යනවා නේද? නීති පද්දතිය වෙනස් කරන්න නොවෙයි නීතියක් ඕනෑ නෑ කියන දිහාවට.

      Delete
    2. පේමදස් මැතිතුගේ පුතු, අද, තාත්තා කරපු හැම දේම අනුමත කරන්නෙ නෑ කියනවා. ඔසාමගේ පුත්තු එකෙක්වත් ත්‍රස්තවාදින් නොවේ. සමහර උන් ඉන්නේ බටහිර රටවල නිදහස් මිනිසුන් ලෙස. විජේවීරගේ කෙල්ල හොඳ කවියෙක්.....

      Delete
  15. විග්‍රහය අපූරුයි. සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. ස්තුතියි.

    මේ මිනිසුන් සහ නොමිනිසුන් වෙන්කර හඳුණාගන්නට හොඳම අවස්ථාවක් බව මා මගේ ලිපියේ ලිව්වා.

    නොමිනිස්කම කෙලින්ම පෙන්වන අය, තමන්ගේ හෘද සාක්‍ෂිය වසා ගෙන හිත රවටා ගන්නට හදන අය මෙන්ම තවත් කොටසක් මෙහි සිටිනවා. ඔවුන් තමයි වෙනදාට ප්‍රතිචාර දක්වන නමුත් අද කිසිවක් නොකියන අය. ඉන් බහුතරයක්මත් නොමිනිසුන්. ඒ වගේම කපටියෝ.

    ReplyDelete
    Replies
    1. කොහොමද කකා, මෙහෙම කිව්වොත්. "මිනිසුන්" අතරත් කොටස් දෙකක් ඉන්නවා.
      සැබෑ මිනිසත්බව නිසා ලියන උන්, සහ වෙනදා කමෙන්ට් කරන උන් නැති නිසා උන්ට කපටියන් යැයි කියන හිට්ස් පෙරේතයින්.

      http://lishwish.blogspot.ca/2013/02/blog-post_21.html
      ලිෂාන්ගෙ කටේ මසුරන් දාන්න වටිනවා :)



      Delete
    2. ලිෂාන් ගේ කවිය මා දුටුවා. එය මගේ බ්ලොග් රෝලේ තියෙන එකක්.

      මා මෙහි කියා ඇත්තේ මගේ ලිපියක් ගැන හෝ එයට ලැබුණු හෝ නොලැබුණු හෝ කමෙන්ටු ගැන නොවේ. මගේ ලිපියක් ගැන උදිත ලියාත් නෑ. මා ලින්ක් එකක් දමාත් නෑ.

      මා කියා ඇත්තේ උදිතත් කියන කමෙන්ටුව ඇති ලිපියට ලැබුණු, නොලැබුණු කමෙන්ටු ගැනම තමයි.

      Delete
    3. ඔන්න ඔහේ කතන්දරයක් කයියක් කරලා කයියක් සින්දුවක් කරලා එහෙමෙ නැත්නම් කක්කි කතාවක් කියන එක මේ කාලේ ඇඟට ගුණයි වගේ කතා...ගොසිප්9 වහලම දාල මේ පින්තුරය හින්ද. ජිනීවා වල වරද කාරය උනොත් අන්තිමට මමයි උඹයි මාතලනුයි බුවයි රට පාවා දීපු වරදටත් අහු වෙන්න ඉඩ තියනවා.

      Delete
    4. සිරාවට , ඔය අනන් මනන් නොකිය කටයි +කයි වහගෙන ඉන්න එක හැම අතින්ම ඇඟට ගුණයි වගේ

      Delete
    5. ජිනීවාවල මුකුත් වෙන්නෙ නෑ.. මොකෝ එයාලගේ කිල්ලෝටත් එහෙමමනේ.. ඒත් අර චීනෙන් දෙන වානිජ ණය හම්බ උනේ නැතනම්...

      සබ්බේ සත්තා භවන්තු සුඛිසත්තා.......

      Delete
  16. මචන් මේ කොමෙන්ට් එක මේ ලිපිය වෙනුවෙන් නෙමේ . . මේක අද රෑට හෝ පසුව කියවා කොමෙන්ට් කරන්නම්

    ඇත්තෙන්ම සතුටුයි මනුස්සකම දැනෙන උන් කීප දෙනෙක් හරි බ්ලොග් ලියන්නෝ අතර ඉන්නවා කියලා දැනගන්න ලැබුනු එක ගැන.

    ReplyDelete
  17. ගොඩක් දෙනෙක් තමුන්ගේ ඇත්ත ස්වරූපයට බයයි….ඒක හින්දා ලෝකෙට පේන්නත් බොරු විදිහක් මවා ගන්නවා. ටික දවසක් ගියාම ඒ බොරුවට මාවා ගත්ත දේ හැබෑවක්මයි කියලා තමන්වත් රවට්ටවා ගන්නවා….ඒත් තමා තුල ඉන්න ඒකා හෑබෑවටම අදුන ගන්නකන් අපි අපිටම කෙලවගන්නවා…..

    සුද්දගේයි අපෙයි තියෙන ලොකුම වෙනසත් ඕකමයි…ඌ කවදාවත් ඌට බොරු කර ගන්නේ නෑ…

    මාරයගේ පෝස්ට් එකට දාපු කමෙන්ට එක මේකටත් හරි යනවා…

    ///තමන්ට හිතෙන දේ ඒ ආකාරයෙන්ම කියන්නට ඉදිරිපත් වීමත්, ඒ වෙනුවෙන් පෙනී හිටීමත් ගොඩක් හොද දෙයක්….ඒක හැමෝටම හැම වෙලාවෙම කරන්න බෑ……අවංකව ඇත්ත කථා කරන එක තරම් අමාරු දෙයක් ලෝකේ නෑ….///

    මට දීර්ඝ ලේස සංවාදයකට එන්න ඉඩ කඩ අඩුයි..ඒත් ඔයා ලියලා තියෙන තියරි එක මේකට හරි යන්නේ නා ඉයලා මට හිතෙනවා...

    ReplyDelete