Pages

Followers

Sunday, February 24, 2013

ආර්ථික ඝාතකයෝ කවුද? පී බි ද?විමල්ද?අපිද?



බැංකු තුනක් වැටෙනවා.....ලූ ආන්ඩුවේ...
පා කරනට ගොස් අහසේ.... අභිමානේ...
මරං කන්න යයි ලේඛම් බන්ඩා.... පුංචී....
ඇමතිහොරුයි ඝාතකයෝ ආර්ථිකේ...!!!


//ඇමතිහොරුයි ඝාතකයෝ ආර්ථිකේ...!!!//
මාතලන්  බ්ලොග්කරු  මෙහෙම කිව්වට  මම හිතන්නේ මෙහෙම කියල අපිට ඇඟ බේරගන්න අමාරුයි එතකොට මේ හොරු අපේ නායකයෝ කරලා පාර්ලිමේන්තු යවල ඇමතිවරු කරගන්න අපි ජනතාව බබාලද?
මේ ඉහත කවියට මාතලන්  පුංචි බණ්ඩා ජයසුන්දර සම්බන්ද කරපු හින්දා මිනිහ කියපු  උත්ත්රයකින්ම  මම කියන්නම්.
මම ඇමරිකාවට ඇවිත් අවුරුදු 12 ක් දැනට මේක ඊට කලින් සිදු වුන දෙයක් චන්ද්‍රිකාගේ කාලේ අවුරුදු 14ක් 15කට පෙර.
බෙන්තොට පැත්තේ ඒ කාලේ අලුතින් හදපු ටාජ් එක්ස්සෝටිකා හෝටලයේ ලෝක බැංකුව හරි අයි එම එෆ් එක හරි සංවිධානය කරපු වැඩ මුළුවක අචාර්ය පී බි ජයසුන්දර දේශනයක් කළා. මේ දේශනයට සවන්දෙන්න මටත් අවස්ථාව ලැබුන. දැන් ගැටුම ඇතිකරගෙන දෙකට බෙදිලා  පෙරටුගාමී පක්ෂය ලෙස  ඉන්න  ඒ කාලේ ලංකාවේ තිබුන  X-කණ්ඩායම නම් සංවිධානය ප්‍රකාශයට පත් කරපු "ලන්ඩන්" සඟරාවේ මුල් කලාපයේ දීප්ති කුමාර ගුණරත්න ලියපු  "වී වෙනුවට රෝස " කියන දේශපාලන ලිපියට මුල්  උනෙත් එම දේශනයේදී අචාර්ය පී බි ජයසුන්දර දැක්වූ අදහසක්ම තමයි.
 අචාර්ය පී බි ජයසුන්දරගේ මේ දේශනයෙන් පස්සේ මට ආපු ගැටළුවක් තමයි මෙතරම් දක්ෂ මෙතරම් දැනුමක් තියන මේ වගේ නැවුම් අදහස් තියන උගත් මිනිස්සු ඉන්න ලංකාව ඇයි එකතැන පල් වෙන්නේ. එත් කලාපයේ අවට සිංගප්පුරුව හරි තායිලන්තය පවා ඇයි අපි පහු කරගෙන යන්නේ කියන එක. ඇයි ලංකාවේ දක්ෂ නිලධාරීන් ඉදිද්දී   මේ මිනිස්සුන්ගෙ අදහස් ක්‍රියාත්මක කරන්නේ  නැත්තේ කියන එක තමයි මගේ ගැටලුව උනේ.
 ඇයි නිලධාරීන් දේශනා වල මේවා කියල මිට හාත්පසින්ම වෙනත් දේවල් අමාත්යංශය ඇතුලෙදි කරන්නේ කියන එක මගේ ගැටලුව උනේ.
පස්සේ කාලෙක වෙන  අවස්ථාවක  මට පී බී ගේ පිළිතුර ලැබුනා.ඒ වචනම නොවූවත් ඒක මෙන්න මේ වගේ අදහසක්.
"අපි රජයේ නිලධාරීන්. අපි බැඳිලා ඉන්නේ අපි පුද්ගලිකව විශ්වාස කරන ආර්ථික ක්‍රම රටේ ක්‍රියාත්මක කරන්න නොවෙයි. අපි රජයේ නිලධාරියෙක් හැටියට බැඳිලා ඉන්නේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්න. මම මුදල් අමාත්යංශයේ ලේකම් ලෙස පත් කරන්නේ මුදල් ඇමති තුමා. මුදල් ඇමතිතුමා පත් කරන්නේ ජනාධිපති. ජනාධිපති පත් කරන්නේ රටේ ජනතාව. අපිට රජයේ නිලධාරීන් විදියට  බැහැ ජනතාව අපිට කරන්න පවරලා තියන  දෙයින් පිටත දේවල් ඒ කියන්නේ මුදල් ලේකම්වරයා නම් සිවිල් තනතුරට බැහැ පී බී ජයසුන්දර නම් පුද්ගලයා   පුද්ගලිකව අසා කරන ආර්ථික ක්‍රම කොතරම් නිවැරිදි උනත් රටේ  ක්‍රියාත්මක කරන්න. භාණ්ඩාගාර ලේකම් නම් තනතුරේ වගකීම තමයි පවත්නා ආණ්ඩුව පිළිගන්න ආර්ථික ක්‍රමය කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කරලා අයවැය සහ මුදල් කළමනාකරණය කරලා දෙන එක. "

දැන් වැටහෙන්න ඕනෑ  රටක් ක්‍රියාත්මක කරන්නේ කුමන ආර්ථික ක්‍රමයද ඒක මොනවගේ ආර්ථික ප්‍රතිපත්ති මත පදනම් වෙනවද කියන එක තීරණය කරන්නේ රජයේ නිලධාරීන් නොවෙයි රටේ ජනාධිපති සහ මුදල් ඇමති. ජනාධිපති පත් කරන්නේ අපි තුමා ල සර්වජන චංදෙන්.
මහජන චන්දයෙන් පත්වන  ජනාධිපති තුමා  චන්ද අපේක්ෂකයෙකු ලෙස තමන් ක්‍රියාත්මක කරන්නේ මෙන්න මේ ආර්ථික ක්‍රමයයැයි ජනතාවට මැතිවරණ ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා, දැන් පවත්නා රජයේ නම් "මහින්ද චින්තනය"  නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය විය යුතුය. අනෙකුත් පක්ෂ සියල්ලම ජනාධිපතිවරණයට  ඉදිරිපත්වෙද්දී  තමන් කරන්නේ මේකයි කියල කියනවා.

විමල් විරවංශ යනු පවත්නා රජයේ කවුද? මට මතක හැටියට ගෙවල් හදන ඇමති නේද?  දැන් මේ තෙල් මිල වැඩි කරපු අනුර ප්‍රියදර්ශන යාපා තෙල් ඇමති නේද? මේ අය පත් කලේත් ජනතාව. දැන් මේ අය ජනාධිපති තුමා තමන්ගේ රජයේ අමාත්යංශ භාර දෙනවා. අමතක කරන්න එපා ජනාධිපතිතුමා පත් කලෙත් අපි. දැන් විමල් චන්දේ දිනන්නේ විමල්ල වගේ මිනිස්සු ලව්වා අපිට ආණ්ඩුව ගානේ නොමිලේ ගෙවල් බිල්ඩින් ගහ ගන්න ආර්ථික  ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගන්න නේද? ඉතින් මේවා කරන්න  ආණ්ඩුවට සල්ලි ඕනෑ.  ආණ්ඩුවට තමන්ගේම කියල මුදල්  නෑ. මේක අපි හැමෝම දන්න සරල කාරණයක් නේ . ආණ්ඩුව මුදල් හොයාගන්නේ අපෙන්ම අරගෙන  බදු මුදල් ලෙස තමයි.
ඉතින් අපිතුමාල ජනතාව හැටියට දැනගන්න ඕනෑ රජය ලව්වා ගෙවල් හදවගන්න ගියාම ඇමතිතුමාගේ ගෝලයින්ට ඉඳල තෙල් ගහන්න කන්න බොන්න බඩු ගහන්න පිටරට යන්න සල්ලි අපිම දෙන්න ඕනෑ කියන එක.  තෙල් මිල වැඩිකරගෙන හරි තෙල්  ඇමතිලා නඩත්තු කරන්න අපි කැමැත්තෙන්ම භාර අරගෙනයි තියෙන්නේ.
අපේ රටේ රජයේ වියදම් පියවගන්න අපේ රටේ බදු සල්ලිත් මදි. ලංකාව දුවන්නේ පිට රටවලින් නය අරගෙන. අය වැය හිගය කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැත්තේ අපි ජනතාව බබාලද?

විමල් වීරවංශට සිය අමාත්‍යාශයේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඇතිවෙන්න දෙන්න ඉඳා ගෙවල් හදල ඉතිරි ඒවායින් විස්කි බීපල්ලා කියල දෙන්න  සල්ලි භාණ්ඩාගාරයේ නැත්තේ ඇයි.
උත්තරය සරලයි. අපි ජනතාව රටේ ක්‍රියාත්මක කිරීමට තෝරා ගත් මුග්ධ ආර්ථික ප්‍රතිපත්තිය රට ඉදිරියට ගෙනියන්නේ නැත. අපි රටේ බදු වැඩිකරන තෙල් මිල වැඩි වැඩි කරන්නට අනිවාර්යයෙන් සිදුවන මුග්ධ  ආර්ථික ක්‍රම  යෝජනා කරන  දේශපාලකයින් බලයට පත් කිරීමයි.  මෙතරම් අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති පවා  ක්‍රියාත්මක කර රට මේ තරමින් හෝ දුවන්නේ  පී බි ජයසුන්දර වැනි දක්ෂ නිළධාරින් අපිට සිටින බැවිනි.
අචාර්ය පී බි ජයසුන්දර මේ රජයෙන් ඉවත් වී යනවා නම් පුද්ගලිකව  මම කැමතිය. මා දාන්නා තරමින් ලංකාවේ මේ තනතුර ඇදගෙන යා හැකි අනෙකුත් දක්ෂ ආර්ථික විද්යාඤයින් සියල්ල පාහේ පිටරට වල පදිංචියට ගොස්ය. ඉන්නා අයත් දැන් මේ මරාලයට කර ගහන්න කැමති වෙන්නේ නැත. එවිට වෙන්නේ මේ වගේ දෙයකි.
දැන් ඉන්නේ මේ අපේ බබා ජනතාවට ගැලපෙන ජනතාවගේ පැතුම මල් පල ගැන්වූ දේශපාලකයින් (චොප්පෙල ,රත්තරන්ලා ,කුඩ්ඩො ,ළු නිලියෝ ) අන්න ඒ වගේ  භාණ්ඩාගාරයේ ලේකම් තනතුරටත් උගත් මිනිස්සු ඕනෑ නෑ අර දඬුවම් මුදලාලි වගේ පොරක් දාගන්න එකයි තියෙන්නේ. එතකොට කිසි කරදරයක් නෑ නාමල් බේබි ආව ගෝලයෝ එක්ක සල්ලි ටිකක් භාණ්ඩාගාරෙන් පටවගෙන යනවා විමල් එනවා ආ දඩුවම් මචං ලේකම් කෝටි පහක් පටවපන් ඩිකියට. වැඩේ අප්සට් වන විට පවුලේ අය  රටේ  ණයට ගත් සල්ලි ටික සියල්ල ස්විස් බැංකු වලට පටවාගත් පසු  ඇමරිකාවට බසු බසිනු ඇත, ඉන්පසු මාස හයෙන් සියල්ලගේම පස්සපැත්ත නැතිවනු ඇත.
මේ චොප්පෙල රත්තරන්ලා කුඩ්ඩො නළු නිලියෝ වගේ අයට ලෝකේ අනික් රටවල් වල රටවල් මෙහෙයවන  බුද්ධිමත් නායකයෝ එක්ක තරඟ කරන්න රටක් මෙහෙයවන්න  භාර දෙන ජනතාවක් ඉන්න රටක ජනතාවගේ පස්ස පැත්ත නැතිවුන පසු මොලේ ඇති උගත්  මිනිසුන් ට රට මෙහෙයවන්නට භාර දී  මේ රට ආපසු මුල ඉඳන් පටන් ගත හැක .
මෙසේ ලියන්නට සිදුවීම ශිෂ්ඨ නොවන මුත් නොකියාම බැරිය. මාතලන්ගේ බ්ලොගය බැලීම නිසා මටත් දැන් මතලන්ගේ ස්ටයිල් එකට ලියවෙනවාය, පස්ස පැත්ත නැතිවන තෙක් අපේ ජනතාවට සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි වැටහෙන පාටක් නැත, ඉතින් ජනතාවගේ පුක නැතිවිය යුතුමය.මොලේ නැති ජනතාවක් සිටිනවාට වඩා පුක නැති ජනතාවක් සිටීම එක අතකින් රටකට හොඳය.

30 comments:

  1. ශිෂ්ඨ ද ශිෂ්ඨ ද කියන එක සාපෙක්ෂයි. මම නම් එකගයි. ආර්ථික ඝාතකයෝ වැදගත් තැන් වලට පත් කළ ජනතාවට මෙහි වැඩි වගකීමක් යනවා. මම අදහස් කරන්නෙ නිළධාරීන් නෙමේ. මමත් පී බීගෙ කතා අසා තිබෙනවා. ඔහු තැනක දී කිව්වා "මේ ගොන් ආන්ඩුව," කියන වචනෙ සුද්ද සිංහලෙන්ම. මට නම් පුදුම හිතුනා එවලෙ. මම එකම වතාවක් කතා කර තිබෙනවා. එකම ප්‍රශ්නයක් අසා තිබෙනවා. වෙන ඇදුරුම්කමක් නැහැ. නමුත් ඔඋගේ අදහස් සුපිරි. ඒක නිසාමයි ඔහොම නොකැපී ඉන්නෙ.
    උදිත් ඔබ හරි, සී. බී. කේ. වගේම ලොක්කත් රැකිලා ඉන්නෙ මෙයා නිසා. රේගුවෙන් ඔහු කරන සෙල්ලම් මේ රටේ කිසිම මුදල් ලේඛම් කෙනෙක් කර නැහැ. මේ රට මෙහෙම ඇදගෙන යන්නෙ ඔහු. ඒක ඇත්ත. හැබැයි ඔහුට ගැහුවට විමල්ට ප්‍රාශ්නයක් නැහැ. ඒකයි විමල් එහෙම ගහන්නෙ. නමුත් ලොක්ක ගානට සියල්ල කළමණාකරනය කරනවා. ඒ අතින් ලොක්කත් හොදම වැඩ කරුවෙක්. කොහොම හරි මම දන්නවා මේ අය තව කාළයක් මේ රට කොහොම හරි ඇදගෙන යනවා. ඊට පස්සේ දිනයක් එනවා, ඒ ඔබ කියනා දේ වන දිනය.

    ReplyDelete
  2. මචං උදිත, මම නම් මේක දකින්නෙ මෙහෙමයි. මෙතන බලන්න ඕන අවංකද හොරෙක්ද කියන එක නෙමෙයි. මෙයාගේ වැඩ පිලිවෙල. උදාහරණයකට රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය ගන්න, ඒක හරිද වැරදිද. සම්පූර්ණයෙන්ම වැරදියි, මොකද රක්ෂණ සංස්ථාව ලාබ ලබපු ආයතනයක්. කොහොම හරි මුන්නැහේ බෑන්ක් ඔෆ් සිලෝන් එකයි, පීපල්ස් බෑන්ක් එකත් විකුනන්න ඔන්න මෙන්න කියලා තිබුනේ.හොඳ වෙලාවට පොන්නයා කියන රනිල් ඇවිත් ඒක නැවතුනා. එහෙමනම් සල්ලි හොයන්නේ. පී බී වගේ උගතෙක් මෙතනට අවශ්‍ය නෑ. විමලෙ වගේ හොඳ තෙල් බෙහෙත් වෙළෙන්දෙක් උන්නම ඇති.

    පාලකයෝ පත්කරේ ජනතාව කියලා. පාලකයන් කරන් හැම ගොන් වැඩේටම ඉයස් සෑර්, ඉයස් මැඩම් කියන උගතෙක්ගෙන් වැඩක් නෑනේ. බෙල්ල ගියත් වැරද්ද පෙන්වලා දෙන්න ඕන. කෝ මේ මිනිස්සුන්ට ආර්ථික වැඩපිලිවලක්, කෝ ප්‍රොජෙක්ට් රිපෝට් එකක්, කෝ ටයිම් ටාගට් එකකි. කොටින්ම කෝ මැනේජ්මන්ට්, නිළධාරින් දේශපාලඥයින්ටයි, දේශපාලඥයින් නිළධාරීන්ටයි බනින එක විතරයිකරන්නේ. මේක ඇස් ඇල් පී ඇෆ් එකේ උපන් ගෙයි දෝෂයක්. ඉතිහාසය ලියන දවසක බන්ඩාරනායකගේ සිට මේ දක්වා රටට කරපු එකම දේ යුධ ජය පමණයි කියලා ලියවෙයි.

    රොනීද මෙල්ලා, ප්‍රේමදාසලා, ගාමිණිලා, ඇතුලත්මුදලිලා, පාස්කරලිංගම්ලා ජේ ආර්ලා එහෙමද. ප්‍රේමදාස මහත්තයට කවුරු බැන්නත් එයා දයාන් ජයතිලක, ජනසවිය සුසිල්, පාස්කරලිංගම් කියන දේ ඇහුවා, දොකොන විලක්කුවක් අරගෙනත්, රට සංවර්ධනය කලේ ඒ නිසා. ඒ මිනිස්සු ලඟ ප්ලෑන් තිබුනා. සම්ප්‍රදායික බෝගවලින් හම්බ කරන් කාපු රටක්, ඇඟළුම් කර්මාන්තයෙන් මුල් තැනට ගන්න උපරීමයෙන් ක්‍රියාත්මක උනා, ජනතාවට නිවාසත් ලබා දුන්නා. නිශ්පාදන ආර්ථිකයක ඇති වැදගත්කම ජනතාවට පස්ක් උනා. ජනතාවත් නිශ්පාදන ක්‍රියාවලියට යොමු උනා.

    ඒත් මෙයයි මක්කැයි 94 ඉඳන් මේ දක්වා කලේ. කරපු කිසිම දෙයක් නෑ. 94 සිට මේ දක්වා, දෙයක් කල එකම රාජ්‍ය නිලධාරියා ඝෝඨා විතරයි. එතනත් ඝෝඨා නැතුව, වෙන හාල් පාරුවෙක් උන්නා නම්, මහින්ද මහත්තයත් සුදු නෙළුම් පෙරහරේ එක්ක යයි. අදත් බය නැතුව 13 එපා කියන්න එයාට කොන්දක් තියෙනවා. අයියා, මඩේ ඉන්න වගේ වැනෙනවා. ලොක්කා කියන කියන විදියට ණය බෙදන්න පී බී කෙනෙක් ඕන නෑනේ. ඔය සුද්දෝ එක්ක සුස් බුස් ගාන්න පුළුවන් සමුපකාර මැනේජර් කෙනෙක් උන්නත් ඇති. ණය ගන්නවා බෙදනවා, මදිවෙනකොට තව ගන්නවා බෙදනවා. මේකද නිළධාරියකුගේ වගකීම.

    පී බීත් එකයි විමලෙත් එකයි, ජපනා කන මාළුව වත් හරියට දන්නේ නෑ, දන්න එකෙක්ගෙන් අහන්නෙත් නෑ. ඇයි සියල්ල දත් ලා නේ. මේ ආන්ඩුවේ බහුතරය එහෙම ගොන්නු. මෙයාලටහ් එක්ක ලොක්කර බලන්න වෙන්නේ ආශ්චර්ය නෙමේ. දකුණු ආසියාවේ සෝමාලියාව. මොකෝ ඒකට ගැලපෙන නියම ජනම් එකකුත් ඉන්නවානේ..

    ReplyDelete
    Replies
    1. ඒක උඹගේ ආර්ථික දෘෂ්ටිය මචං. රජය ව්‍යාපාර නොකළ යුතුයි කියන දේශපාලන ආර්ථික ස්ථාවරයක් මම දරන්නේ. මම දරන ආර්ථික පතිපත්තියට අනුව පි බි එතන කරන්න හදපු එක හරි. රජයේ බැංකු සහ සියලුම රාජ්‍ය ව්‍යාපාර සල්ලි වලට නොවෙයි නිකං හරි දීල දාල රජය ව්‍යාපාර කිරීමෙන් ඉවත්විය යුතුයි කියන එකයි මගේ මතය. ධනවාදී රටවල රාජ්‍ය බැංකු නෑ. ඇමරිකාවේ ව්‍යාපාර නොවෙයි ආණ්ඩුවේ ඉස්පිරිතාලවත් නෑ.
      විශාල රජය කුඩා කරන්න රජයේ ව්‍යාපාර ඉවර කරලා තමයි පටන් ගන්න ඕනෑ.

      Delete
    2. ඔබේ අදහස සමඟ එකඟයි. ඒත් ඇයි ලාභ ලබන එව්වගෙන්ම පටන් ගත්තෙ? ඒ විකුනන්න ලේසි නිසා නම්, අන්තිමට වෙන්නෙ පාඩු ලබන ආන්ඩුව සල්ලි යට කරන සුදු අලි ඉන්දැද්දි, ආන්ඩුවට දුවන්න කීයක් හරි හොයල දෙන එකටත් කෙළ වෙන එක නෙමෙයිද?

      Delete
    3. ඒ මතයේ මමත් ඉන්නවා. නමුත් ලංකාවේ දේශපාලන ක්‍රමය අනුව පෞදගලික අංශයේ තිබුනත් රාජ්‍ය බලපෑම් වැඩියි. දැන් බලන්න සෙලින්කෝ ප්‍රෆිට් ෂෙයාරින් කියන බැංකුවේ විශාල මුදලක් ලබා දුන්නෙ එක් දේශපාලඥයකුට, අදටත් ඒවා බෑඩ් ඩෙබ්ට්ස්, අනික් ඒවාවල තත්වයත් ඒකමයි, නැතිනම් ව්‍යාපාර කරන්න බෑ. අපිට එක පාරටම ඇමරිකාවේ තත්වයට යන්න බෑ. රටක රජයකට ආර්ථික දැක්මක් තියෙන්න ඕන. කුමක් සඳහාද ප්‍රමුඛත්වය දිය යුත්තේ, කුමක් සඳහාද අරමුදල් ලබා දිය යුත්තේ, ඒවා නිසි ලෙස කෙරෙනවාද යන්න සොයා බැලිය යුතුයි, ඇමරිකාවෙත් ආර්ථිකය හොම්බ රිවට් වෙන්නම කඩාගෙන වැටුනේ ඒකයි. එහේ සල්ලිකාරයෝ මීට අවුරුදු දහයකට ඉස්සරහ ලාබෙත් බෙදාගෙන කාලා තමයි එහෙම කෙල උනේ. අන්තීමෙදි ගොඩ ආවේ ගවර්මන්ට්ස් ෆන්ඩ් වලින්. ලංකාවේ පෞද්ගලික අංශයෙත් කරන්නෙ තනිකර බොරුව, විගනනය කියන දේ සම්පූර්ණ බොරුවක්. ඒවා රඳා පවතින්නෙත් ආන්ඩුවේ ෆන්ඩ්ස් මත. ඇත්ත ඒකයි. නමුත් ප්‍රේමදාසලා ආන්ඩුවේ ඇඟළුම් කම්හල් දැම්මෙ නෑ. ඒ සඳහා දේශීය ව්‍යාපාරිකයටත් විදේශිකයින්ට ලබා දෙන සහන ලබා දුන්නා. කර්මාන්තය බලා සිටිද්දී දුණු උනා. කෝ අද ඒ දේවල්...

      Delete
    4. //රජය ව්‍යාපාර නොකළ යුතුයි කියන දේශපාලන ආර්ථික ස්ථාවරයක් මම දරන්නේ//
      වැරැදියි උදිත, සමාජවාදය නැතිනම් ධනේශ්වර ක්‍රමය ගැන නොවිමසා මා කියන්නම්. අපි ජීවත් වෙන්නේ (ශ්‍රී ලංකාව) තුන්වෙනි ලෝකේ රටක. මේ රටේ මිනිසුන් අස්ථාවරයි. එය ආර්ථිකව පමණක් නොව විවිධ දිශා වලට විහිදී යනවා. අදටත් අපේ ජනතාවගෙන් කොටසක් හෝ උළුව උස්සාගෙන සිටිනුයේ මේ රජයේ ආයතන නිසාය. (ආයතනවල ස්ථාවරය වෙනම මාතෘකාවක්). එබැවින්, ඇමරිකන් හෝ වෙනත් රටක ආර්ථික මොඩලයක් මේ රටට ගැලපෙන්නේ නැහැ.

      පීබී ජයසුන්දර කියන්නේත්, සත්‍ය දූෂකයෙක් තමා. ඔහු මුදල් අමාත්‍යාංශයට පත්වන්නට පෙර සිට විවිධ දූෂණවලට නම් දරා සිටිනවා. නමුත්, ගැටලුව එයම නොවේ. එක් එක් කාලාන්තරවල දී ජනතාවට සැපීම සඳහා මාතෘකා අවශ්‍ය යි. නැතිනම් සපනුයේ රජයේ අක්‍රමිකතා මාතෘකා කර ගනිමිනුයි. මෙවැනි දෑ ගැන කථා කිරීමට පෙර අප එය ද සිතිය යුතුය.

      විමල් යනු ජවිපේ සිටියදී එහි සමාජිකයන්ගේන්ද විටින් විට දෝෂාරෝපණයට ලක් වූ පුද්ගලයෙකු අයෙකි. මේ පිළිබඳව අපි පසු අවස්ථාවක කථා කරමු. ටික දිනකින් බ්ලොග් අවකාශයට නොපැමිණි බැවින් යොමු විය යුතු සයිට් කිහිපයක් ම තිබෙනවා.

      Delete
    5. //ඇමරිකන් හෝ වෙනත් රටක ආර්ථික මොඩලයක් මේ රටට ගැලපෙන්නේ නැහැ.//
      ඇමරිකන් හෝ වෙනත් රටවල ආර්ථික මොඩ්ල කියා දෙයක් නැත ඇත්තේ සමාජවාදී ආර්ථික මොඩලය සහ ධනවාදී ආර්ථික මොඩලයයි.මේ දෙක ප්‍රයෝගික ලෝකයේ රටවල ඇත්තේ තනි පිරිසිදු පරිපූර්ණ සමාජවාදී ලෙස හෝ ධනවාදී ලෙස නොව දෙපැත්තේම දේවල් යම් තරමින් අඩංගු යම් මිශ්‍රනයක් ලෙසිනි. ලෝක ඉතිහාසය අපට පෙන්නුම් කරන්නේ සමාජවාදී අදහස් දැරූ රටවල්ආර්ථික ක්‍රමයක් ලෙස ඉතා අසාර්ථක වී කන්න බොන්නවත් නැතිවී ගිය අතර ධනවාදී අදහස් දැරූ රටවල් දියුණුවේ හිනි පෙත්තටම ගිය බවයි.
      ඔබ ඉන්නේත් ජනප්‍රිය අපේ රට නිදහසෙන් පසු වේගයෙන් පසුපසට රිවර්ස් එකේ ගෙන ගිය ජනප්‍රිය සමාජවාදී මෝඩ වම්මු සිටින ස්ථාවරයේම බව මේ ප්‍රකාශයෙන් පැහැදිලි වේ. ජනතාවගෙන් කොටසක් හෝ ඔලුව උස්සගෙන ඉන්නේ ඔබ කියන නාස්තිකාර රජයේ ආයතන නිසා නොව ජේ ආර් ජයවර්ධන 1977 කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ නිසාවෙනි. ඔබ බ්ලොග් ලියන්නේත් එබැවිනි. ඔබ කියන රාජ්‍ය ප්‍රමුක ක්‍රමය ජේ ආර් යන්තම් හරි 77 වෙනස් නොකර තිබුනනං අද ඉන්ටර්නෙට් තියෙන්නේ තෝරාගත් පිරිසකට එනම් නාමල් බේබිලාට පමණි.
      ඔබගේ හැම ලිපියක්ම රජය විවේචනය කරයි නමුත් රාජ්‍ය ප්‍රමුක දේවල් කල යුතුයැයි මතවාදයක් දරයි. අසාර්ථක ක්‍රමයක් වූ රාජ්‍යය අසාර්ථක ක්‍රමයක් යන ලොව අත්දුටු සත්‍ය දකිනවා වෙනුවට ඔබ වැනි අය හිතන්නේ මෙය රාජ්‍ය ව්‍යාපාර කිරීමේ ගැටළුවක් නොව කරන නරක මිනිසුන්ගේ ගැටළුවක් බවයි.මේ නරක රාජපක්ෂලා වෙනුවට හොඳ ජනතා විමුක්ති පෙරමුණේ අයට රාජ්‍ය ආයතන කාරනා දුන්නොත් ලොව අනෙකුත් රටවල් පරයා ගොස් ලෙනින් ටත් කරන්න බැරි වූ දෙය අපිට කල හැකි බවයි. මෙය පරණ වම්මුන්ගේ මිථ්‍යාවකි.
      //පීබී ජයසුන්දර කියන්නේත්, සත්‍ය දූෂකයෙක් තමා. ඔහු මුදල් අමාත්‍යාංශයට පත්වන්නට පෙර සිට විවිධ දූෂණවලට නම් දරා සිටිනවා.//
      මමත් දැනගන්න ආසයි මේ මොනවාද? මොනවද ඔහු නම් දරා සිටින විවිධ දූෂණ?.මා දන්නා පී බී මුදල් අමාත්‍යාංශයට පත් වීමට පෙර සිටියේ මහබැංකුවේ නිලධාරියෙක් ලෙස සහ ඊට පෙර හිටියේ පිටරට විශ්ව විද්‍යාලයක ඉගෙන ගනිමින්.

      Delete
    6. නිර්මලා මධුෂානි නඟන ගොන් තර්ක දකින විට මට මතක් වන්නේම ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනය නැමැති කණාටු පොල් ගහේ හැදුණු පොල් ගෙඩියකි. එහෙත් ඇයට දොස් නඟා ඵලක් නොවේ. තමන්ගේ මොළය වැරදි අධ්‍යාපන ක්‍රමයක් නිසා කුරුවල් වී ඇති බව ඇයද නොදනියි. පෙන්නා දුන්නද පිළි ගැනීමට තරම් හැකියාවක් ඇයට නොවේ.

      Delete
    7. ඔබට වම්මු මෝඩ ලෙස පෙනීම ඔබට ඒ සම්බන්ධයෙන් ඇලජික් එකක් විය යුතුය. නමුත් මට සමාජවාදී, ධනවාදී එවැනි ඇලජික් එකක් නැහැ. එසේම මේ දෙපිරිසේම ඉන්නේ මෝඩයෝ කියා මා කියනුයේත් නැහැ. එය තමා රුචි නොකරන දර්ශනයකට වෛරය මුදා හැරීමක් පමණි.
      තුන්වන ලෝකයේ රටක් ලෙස අප (ශ්‍රී ලංකිකයෝ), ධනවදී කරණයට ලක්වීමේ පල විපාක එදත්, අදත්, මනාව විදිමින් සිටී. ඒ බව කාලීන සිදුවීම් අනුව ඔබට අවබෝධ කර ගත හැකි වේවි. යන්තමින් හෝ බහුතරයකගේ ජීවිත ගැටගහ ගැනීමට සමාජවාදී මිශ්‍රණයක් හෝ පැවතීම ජනතාවට භාග්‍යක් වී ඇත.
      ඒ බව ඔබට හොඳටම තේරුම් ගත හැකිවේවි, රාජ්‍ය ආයතන විකිණීමේ අඩිතාලම දමනවිට ජනතාවගේ විරෝධයෙන්. ඔහුන් සියල්ල වම්මුද? නැතිනම් මෝඩයන් ද? අප එය පසු ගිය කාලය පුරා අත් දැක ඇති අතර, වර්තමානයේ ද අත්දැකීමට වන ලුකුණු පහළ වෙමින් ඇත.
      ජේ ආර් මහතාගේ හොඳයි කිව හැකි වැඩ කොටසක් තිබුණා. නමුත්, ඔහුගේ ගමන්මඟ අනුව ඔහුට ඇමරිකන් මොඩලයක් ආදේශකර ‘යැංකිං ඩිකිම්‘ කියුවේ නිකන් නොවේ. 77 විවෘත ආර්ථිකය හොඳය කියනවානම් ඒ ඔහුව හෝ අදාළ පක්ෂය ශුද්ධ කිරීමට පමණක් විය යුතුය. මන්ද, එහි හොඳට වඩා අනිටු පළ අප අද විදිමින් සිටී. නමුත්, මැතිනිගේ ඊනියා සමාජවාදයට වඩා හොඳය කීම පමණක් සෑහේ. එහෙත් එයද සියලු පැති වලින් නොව. මැතිනියගේ ක්‍රමය නිසා ඉඩම් නොමැති බොහෝ දෙනෙකුට ඉඩම් ලැබුණ ආකාරය මා දනිමි. ඔබ පෙන්වා දෙනුයේ එවන් සමාජවාදයක් ගැන භීතිකාවක් වූවාට සමාජවාදය යනු භීතිකාවක් නොවේ.

      අද ශ්‍රී ලංකාව ධනේශ්වරයට බොහෝ දුර ගමන්කර අවසන්. නැවත මොන වමාට අවාත් පහසුවෙන් සැකසිය නොහැකි අඩු පාඩු එමටය. (සමහරු ශ්‍රී ලංකාවේ ඇත්තේ සමාජවාදය කියා ධනේශවර මඩ සොදා ගැනීමට තැත් කරයි) එමෙන් ම යළි පුබුදමු ශ්‍රී ලංකා වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වූවානම්, එහි භායානකම තවත් තීව්ර වී තිබිය හැකිය. එම වසර දෙකෙහි පීඩනය ජනතාව මුදා හැරීම 2004 දී අපට දැක ගත හැකි විය. එය ජවිපෙ සහ පොදු පෙරමුණ සන්ධාන ගත වීමේ ම පූර්ණ ප්‍රතිඵලයක් නොව. ජනතාවට දැනුණ පීඩනය ද පුපුරා යාමකි.
      මා වමට කැමැතිය. නමුත්, මට ඊට ප්‍රථමව අවැසි දැනට පවතින දැනට පවතින අස්ථාවර රට නිසි ස්ථාවරයකට එලැබෙනවා දැකීමටය. එය බ්ලොග් හරහා කරනු ලබන ව්‍යාපාරයක් නොව. ඊට ඇවැසි සහ හැකි සෑම කටයුත්තකටම මාද දායක වෙමි. බ්ලෝග් මාගේ එක්තරා විනෝදාංශයක් වැනි ය.
      මටද විදේශගතවීමට හැකියාවක් ඇත. එහි රැකියාවක් ද කළ හැකිය. එහෙත් මා ඉගෙන ගත්තේ මේ රටේ බොහෝ මිනිසුන් ගෙවූ බදු මුදලිනි. මා එයට ණය ගැතිය. මා ඉගෙන ගත්තේ සමාජය හරහා ගලා ඇ දැනුමෙනි. එය සමාජයේ ම උරුමයකි. (සමහරු මෙය මොළයේ දෙයක් ලෙස සලකයි.) එබැවින් මා සමාජයට වැඩදායි යමක් කිරීමට කැමැති වෙමි. එය මදලට අංක 01 ලබා දීමෙන් නොව. ධනේශ්වර ක්‍රමයට අනුව සිතනවානම් යම් පරිගණක මොඩලයක් සොයා ගැනීමේ අයිතිය එක් පුද්ගලයෙකුට පමණක් සීමා වේ. නමුත්, එය සමාජයේම උරුමයකි. එනම් එය තනි පුද්ගලයෙකුගේ නිර්මාණයක් නොවන බව තේරුම්ගත යුතුයි.
      //77 වෙනස් නොකර තිබුණනං අද ඉන්ටර්නෙට් තියෙන්නේ තෝරාගත් පිරිසකට එනම් නාමල් බේභිලාට පමණි.// “කොළඹ ට කිරි ගමට කැකිරි“ මෙම පාඨය ගොඩ නැඟීමට තුඩු දුන් හේතු සාධක සහ එකී කාල වකවානුව ඔබට නිසි පිළිතුරක් ලබා දෙයි.
      වැට් බදු වංචා සම්බන්ධයෙන් 2009-පෙබරවාරි චරිත රත්වත්තේ හා පී. බී. ජයසුන්දර යන මහත්වරුන් අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණ වීම.
      රුපියල් මිලියන 619 ක රේගු වංචා (ඩෙක්යාඩ් සමාගමෙන්) වසං කිරීම සම්බන්ධයෙන් තවමත් ඇසී අවසන් නැති නඩුවකට වගඋත්තරකරුවන් ලෙස දායක වීම. මෙය වසර ගණනක් ඇසෙමින් පවතින නඩුවක් වන අතර, අතරමඟදී අත පෙවීමෙන් පී. බී. ජයසුන්දර මහතා ද සම්බන්ධ වීය. ඔහු ද මේ සියල්ලෙන් ගැලවී සිටිනුයේ වත්මන් රජය නිසාය.
      රාජපක්ෂ ආණුඩුව මෝඩ නැත. පී. බී. ජයසුන්දර මහතාට එල්ල කිරීමට ප්‍රමාණවත් චෝදනා අතැතිවයි ඔහු ආර්ථික ඝාතකයෙක් ලෙස හංවඩු ගසනුයේ. මා සිතන්නේ ඔබට එය වැටහේවි කියා. පසුගිය වකවානුවේ අග විනුසුරුවරියට දෝෂාභියෝග ගෙනඒමට පුළුවන් වූයේත් ඇය අතින් අක්‍රමිකතා සිදු වී ඇති බැවිනි. එය ද නැහැ කියනවානම් අක්‍රමිකතා කිහිපයක් කියන්නම්. නමුත්, මාද ඇය ට එල්ල කළ දෝෂාභියෝගයට අකමැතිය. ඒ ඇය සදොස් කිරීමට නොව, වත්මන් පාලනය ජනතාවාදී නොවී ම හේතුවෙනි. පී. බී. ජයසුන්දර මහතා ගැනද කිව යුත්තේ එයයි. නමුත්, අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ දුෂණ හෙළිකිරීමක දී එය වෙනස් විය හැකිය. ඔහුගේ හෙළිවූ දූෂණ ද යටගසා ඇත්තේ වත්මන් පාලනයයි. එක් දූෂණයක් පී. බී. ජයසුන්දර මහතා ට ද (NSB මගඩිය) හසු විය. පාලනය, බලය, නීතිය, සියල්ල ළඟ තබාගෙන ඉතින් කොයි හොරා හංවඩු ගැසුවාද? මොහුන් බොහෝමයක් දම්වැල් ලා සිටින එකම සමාගමකි.
      මා, එකෙකුට බැනිමට අනිකාව (වැරැදි කාරයෙක් නම්) 100% ශුද්ධ කරනුයේ නැත.
      අවසන්෴

      Delete
    8. මම සමාන්‍යෙයන් ඇනෝලා (Google account ඇතත් යම් අයගේ අවශ්‍යතාවයන්වලට හෝ සහායට ඇනාලා ලෙස පෙනී සිටින) ට පිළිතුරු දෙන්නේ නැත. නමුත්, ඔහුට මේ දේ කියමි. මා 77 විවෘත ආර්ථිකයෙන් පසු ඉපිද, එම පාලන ක්‍රමයේ සංශෝධිත අධ්‍යාපන ක්‍රමයේ ඉගෙනගත්, නොමිලයේ පොත් ලැබූ, ඔවුන්ගේම ක්‍රමයේ විභාගයට පෙනී සිටි අයෙකි. විටෙක විවෘත ආර්ථිකයේ බීජ ලෙස හටගත් පෞද්ගලික ආයතනවලද මුදල් ගෙවා ඉගෙන ගෙන ඇත. එමෙන්ම මෑත කාලයේ පත් වූ ආණ්ඩු දෙකම (මෙතෙක් බලයේ සිටි පක්ෂ) රාජ්‍ය අධ්‍යාපනය කුණාටු පොල් ගසක් කිරීමට වෙර දරන බවද දනිමි.
      අවසන්෴

      Delete
    9. ඔබ මෝඩයෙකු නොව ළදරුවෙකි. කීමට ඇත්තේ එපමණය. ඔබ කියන සමාජවාදී ගොන් කතා අපි ඇසුවේ ඔබ ඉපදෙන්නටත් පෙර සිටය. ඔබ ලියා ඇති පරිච්චේදයේ ඇති පල් හෑලි අපි ඔබ කිරිබොන වයසේ සිට හිසේ කෙස් ගානට අසා ඇතුවා පමණක් නොව ඔය ගොන් දෘෂ්ටිවාද වල ඔබට වඩා එල්ලී වැලඳගෙන ජීවත්වී ඉද ඇත. "ධනේශ්වරය" යන වචනය කියන කොටම ඔබ කවුදැයි අසුවී හමාරය. ඔබ දන්නා ධනේශ්වරයක් හෝ සමාජවාදයක් නැත ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ මේ රට ප්‍රපාතයට හෙලු ලස්සන වචන ගොඩ ලාබාල යුවතියකගේ වේශයෙන් පැමිණ නැවත කීමක් පමණි

      Delete
    10. වැඩිහිටියෙකු වූවත් මත අරගලයේදී, සමහරු වෛරය මුදා හරින ස්ථානයට ඔබද පැමිණ ඇත. වැඩිහිටියෙකු ලෙස ඔබ ගත් ක්‍රියාමාර්ගය ළදරු මට වැටහේ.
      කෙසේ උවත්, ඉහත යොමු කළ අදහස වාරණය නොකොට පල කරාට ස්තුති කරමි.
      ජීව විද්‍යාත්මක සංසිද්ධි මත ඉපැදෙන්නට පෙර අසන කථා මා දන්නේ නැත. ඔබට ජවිපෙ සමග ඇති ඇලජික් ඇති බැවින් එවැනි චෝදනාවක් ඔහුන්ගේ අඩවියක කරන්න. ඔබේ මතය මාගේ මතය ද කරැගෙන අදහස් පල කිරීමට මට අවැසි නැත.
      "ධනේශ්වරය" යන වචන ජවිපේ වචනයක් නොව, සිංහල භාශාවේ වචනයකි. මා නලින් ද සිල්වා මහතාගේ ලිපියකද එම වචනය දැක ඇත. එසේනම් ඔහුද (ඔබ පවසන පරිදි ජවිපේ විය යුතුය.
      විශාරද නන්දා මාලනී මහත්මියගේ සමහර ගීත අධිරාජ විරෝධී ය. පැවති රජයට පහරක් එල්ලවේ. එසේනම් ඇය ද, ගීත ලියූ මහාචාර්ය සුනිල් ආරයරත්න මහතාද ජවිපෙ (ඔබ පවසන පරිදි) විය යුතුය.
      ස්තුතියි ෴

      Delete
    11. මෝඩකමට බෙහෙත් නෑ නිර්මලා. එච්චරයි කියන්න තියෙන්නෙ. ඔයා ඔය කියන්නේ අළුත් දෙයක් නෙවෙයි, මේ රටේ මෝඩ වම්මුන් පුන පුනා කී මෝඩ කතා ටිකක්. ඔය ගොන් කතා අහලා අහලා එපා වෙලා තියෙන්නෙ. බැරිද ගොන් කතාවක් වුනත් ටිකක් වෙනස් ස්වරූපයකින් කියන්න?

      Delete
    12. උදාහරණයක් හැටියට 'රතු රජරට' කියන බ්ලොග්කරුවාත් ඔබ කියන ජාතියේ මෝඩකතාම කිව්වත්, ඔහු ඒවා ඉදිරිපත් කරන විලාශයේ යම් නිර්මාණාත්මක භාවයක් තියෙනවා. ඒ හන්දා අඩුම ගණනේ කියවන්නවත් පුළුවනි. ඔබ කියන්නේ කිසිම නිර්මාණාත්මක බවක් නැති අමු මෝඩ කතා. ඔබට විදේශයක රැකියාවක් ලබා ගන්න බැරි බව කවුරුත් කිව්වේ නෑ. ඔය ඕනැ තරම් හවුස් මේඩ් ජොබ්ස් තියෙන්නෙ. ට්‍රයි කරන්නකෝ. දැනට ලැබෙනවාට වඩා පඩියක් ෂුවර් එකටම ලැබේවි.

      Delete
    13. මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට ගහන්න එපා. එහෙම ලියන් කෙනායි පහත් තත්වෙට වැටෙන්නේ...

      Delete
    14. මාතලන්, දැන් උඹ උඹේ බ්ලොග් එකෙන් කරන්නෙ මිනිස්සුන්ගෙ පුද්ගලිකත්වයට පහර ගැහීම නෙවෙයිද? එතෙකොට උඹ කොයිතරම් පහළට වැටිලද? අනුන්ට අවවාද දෙන්න කලින් උඹ හැදුනොත් නරකද?

      Delete
    15. මම කිසිම කෙනෙකුගේ පෞදගලික ජීවීතයට් ඇඟිලි ගහලා නෑ. ඒකක් පෙන්වන්න...

      Delete
    16. @නිර්මලා
      නිර්මලා ලියන්න පටන් ගත් දිනවල ඇය ගැන මා මුලින් ඉතා සතුටට පත් වූ කෙනෙක් නමුත් ඉතා මෑතකදී ඇය එක්වරම වමට ලයිට් දමා අතිශය මුග්ධ වම්මු කියන බොරු (මේවා තමන්ටම නැවත නැවත කියා ගැනීම නිසා ඒ අය ආගම් ලෙස විශ්වාෂ කරන යල්පැන ගිය ලොව කොහේවත් ප්‍රයෝගිකව හරි නොගිය අමුලික බොරු මතවාදයි) කියන්නට පටන් ගන්නා ලදී. මේ වමේ මෝඩ විකාරය නිසා ඇය ගොඩනගාගෙන සිටින සියලුම ධනාත්මක දේවල් ක්ෂණයකින් නැතිකරගන්නා ලදී. බ්ලොග් අවකාශයේ සිටින පැරකුම්, රාමචන්ද්‍ර වැනි මා බුද්ධිමය වශයෙන් ඇසුරු කිරීමට කැමති වමාන්ශිකයන් මෙවැනි ළදරු කතා නොකියයි. අඩු තරමේ ඔවුන්ගේන්වත් වමෙක් වෙන හැටි ඉගෙන ගන්න. මා ඔබ සිතන පරිදි යූ අන් පී කාරයෙක් නොවේ. ලංකාවේ සිටින වම්මු සමග මා 1970 ගනන් වල සිට කරක් ගසා ඇත.අපේ තාත්තත් කොමිනියුස්ට් කාරයෙකි. ඔබ ප්රිච්චේද ගණන් ලියා මට වටහා දෙන්න හදන්නේ අලුත් දේවල් යැයි ඔබ සිතනවා නම් මුලාවකි. මා මාක්ස්වාදය,සමාජවාදය ගැඹුරින් හදාරා ඇති බව සහ දැන් ලොව සිටින වාමාංශික චින්තකයන්ගේ අදහස් පවා මා ධනවාදියෙකු යැයි කියා මගහැර යන්නේ නැත.. හේගල් හේ සිට සල්වෝජ් සිසෙක් දක්වා සමාජවාදයගැන කතාකරන්න ඔබට ඕනෑ නම් මම ලැස්තිඋය. ධනේශ්වරය ගැන බොරු ළදරු කතා කියනවාට වඩා දන්නා දෙය කරන්නේ නම් ඔබ රටට ඉතා වැඩදායක යුවතියකි.
      අහිංසක සමනලියක්ට වෙඩි තැබීමට සිදුවීම ගැන සමාවන්න. මේ සමනලයින් විප්ලව කරන කාලයකි. මෙවැනි සමනලියක් පියා සැලීම ලංකාව වගේ රටක තවත් 60000 ක මරණ වලින් අවසන් වෙන්නට බැරි නැත.

      Delete
    17. අපොයි මාතලන් එකට සීයක් පෙන්නම්කෝ!

      /සෝබෝන් එකේ කේස් එක ගැන නම් රාජිතගෙන අහගෙන ලියන්න පුළුවන්ය. තව මක්කා හරි ඇස් බීත් දන්නවා ඇතිය./

      /විජේ කොටු පැනලා, මැඩම්ට මල පැනපු ඒවාත් එක්ක ආවොත් නම්, ඒක වෙනම පොතක ලියනවා කියා පරිච්ඡේදය අවසානයේ සඳහනකුත් කරන්න පුළුවන්ය./

      /විජේ චන්ද්‍රිකා ප්‍රෙම පුරාණය, සුජීව ප්‍රසන්න ආරච්චිගෙ ඉට්ටයිල් එකට, ලිව්වාම මෙගා එකකට විකුනලා කීයක් හරි හොයා ගන්නත් පුළුවන්ය./

      /ඒත් ඉතින් පොතේ පිටු හිස්ව තියන්න බැරි නිසා, ඕමාර් කයියාම්ගේ කවිවලිනුත්, ව්‍යාත්සල්යගේ කාමසූත්‍රයෙනුත් කොටස් පලකලාට අවුලක් වන්නේ නැතිය./

      /ඒ යටතේ මුලින්ම මහින්දට කෙලවෙන්න, මහින්ද රජකමට ඉල්ලන්න දාපු එකත්, දියවන්නාවේ බඩු ගහපු එකාට, චීප් ජස්ටිස් දීපු එකත් ලියන්න ඇහැකිය. /

      /මට කාටුන් එක දැකපු ගමන් මතක් උනේ "තුන් වන සිල් පදය නොකඩමි" ලියපු, ගුලී හෙවත් ගුණදාස ලියනගේය. ඔය සිරසේ නිව්ස් කියන්නේ එයාගේ දුවක්ය. එයාගේ නම චේතනා ලියනගේය./

      ඇතිද මාතලන්?

      ඔයා වගේ ඔලුවෙ අසුචි තියාගෙන අනික් එවුන්ට හිනා වෙන කට්ටිය අපි ඕනෑ තරම් දැකලා තියෙනවා අන්කල්.

      Delete
    18. දේශපාලනය ආවයින් පස්සෙ. මාධ්‍යයට ආවට පස්සෙ පෞද්ගලිකත්වයක් නැත. අපිට වඩා සංකර රටවල රාජ්‍ය නායකයින්ගේ විනය ගැන බොහෝම සලකා බලනවාය. ඒ අයගේ මෙහෙම දේවල් උනොත් යන්න වෙන්නේ ගෙදරය. මේවාත් ලියන්නේ නැත්නම් ඉති මිනිසුන්ට කිසිම දෙයක් ලියන්න වෙන්නේ නැත. පොත් පත්තර අකුරු වලින් වැඩක් නැත. මට ඔහේ ගැන හිතා ගත හැක... මේවාට හිනා වෙනවා ඇර වෙන කරන්න දෙයක් නැත්තේය. මම කතා කලේ බ්ලොග් කාරයෝ ගැන...

      ඔයාගේ ඔළුවේ නෙමෙයි ඇඟෙම ගූ. ළෝකය ගැන පොඩ්ඩක් කියවලා බලන්න.

      Delete
    19. ඔලුවෙ ගූ කියල්ල පෙන්නුවාම තරහ ගියා නේද මාතලන්. අනුන්ට අපහාස නොකර ශිෂ්ට විදියට යමක් කියන්න පුරුදු වෙන්න මීට පස්සෙ.

      Delete
    20. මාතලන් ඔයා ඔය කතා කරන බ්ලොග්කාරයින්ට බ්ලොග් කාරියන්ටත් අමුතු ගෞරවයක් දෙන්න ඕනැ නෑ. උනුත් ඉන්නෙ අසුචි කඳුවල තමයි. (සුළු පිරිසක් ඇරෙන්න, දැක්කනෙ ප්‍රභාකරන්ගෙ පුතා ගැන කට්ටිය කියපු කතා) ඉතින් උන්ට අසුචි ගැහුවට කිසිම වරදක් නෑ.

      Delete
    21. දේශපාලනයට, මාධ්‍යයට ආවායින් පසුව කෙනකුගේ පෞද්ගලික/ලිංගික ජීවිත සම්බන්ධයෙන් තහවුරු කළ හෝ නොකළ ඕනෑම කාරණයක් ඇදගෙන අපහාස කිරීමේ වල්බූරු නිදහස ලැබේ යැයි හිතන්නේ ලසන්ත වික්‍රමතුංග, වික්ටර් අයිවන්, මාතලන් වැනි තුන්වන ලෝකයේ වැසියන්ම පමණකි.

      Delete
    22. ඵළවන ළෝකයේ ඇනෝ කෙනෙක් ලෙසින් ජීවත් වීම සතුටට කාරණයකි.

      Delete
  3. සිරිමා බි.ගෙ කාලයේ රටට ප්‍රයෝජනවත් මොන තරම් දේවල් ලැබුනද?'77න් පස්සෙ ජනතාවට කොයි තරම් දේවල් ලැබුනද?ප්‍රේමදාස සිරි මතාණන්ගේ කාලේ පටන් ගත්ත උගතුන්ගේ උගුරු දන්ඩ මැදින් කපල S'ලෝන් "ටි "දාල,කියන විදියට නටපන් කියන කලාවට නටපන් ඉට්ටැයිල් එක,2005 න් පස්සෙ ආරපාරුවෝ "එල්බෝ"දාල තව තවත් "පොලිෂ්" කරල තියෙන්නෙ උදිත මිත්‍රය.

    ReplyDelete
  4. උදිත සලකා නොබැලූ වැදගත් දෙයක්: අපි අපිට දෙන ඕඩර්ස් අනුගමනය කරනවා විතරයි ... we are just following orders කියපු හිට්ලර්ගේ ජර්මන් ආණ්ඩුවේ ඒකීය නිලධාරීන්ගේ චින්තනය එසේ වූයේ නැත්නම් හිට්ලර්ට එච්චර විනාශයක් කරන්න පුළුවන් වෙයි ද?

    අනික දේශපාලන දැක්ම කුමක් වූවත් මිනිස් ස්වභාවයට සහ ලෝක ස්වභාවයට පටහැනි ආර්ථික සැලසුම් අසාර්ථක වෙන ඒවා. ඒක ඇමෙරිකාවටත් එහෙමයි, රුසියාවටත් එහෙමයි, ජර්මනියටත් එහෙමයි; ඉතිහාසය ඇති තරම් සාක්ෂි සපයා තියෙනවා.

    "capital goods කියන ඒවා නිෂ්පාදන ක්‍රියාවලියේ දී අතුරුදහන් වී යන ඒවා. මූල්‍ය කියන එක ඒ වුනාට පවත්වාගෙන යන විස්ථාපනය කරන්නක්. එය අරපිරිමැස්මෙන් කටයුතු කරන මිනිස්සු ඕනෑ කමෙන් කරන ස්වභාවික අවශ්‍යතාවයක් නිසා සිද්ධ වෙන්නක් නෙමෙයි. එය නිෂ්පාදනය සහ පරිභෝජන කටයුතු උවමනාවෙන් කරද්දී ඇතිවන ප්‍රතිඵලය. එයින් මූල්‍යයේ මුළු එකතුවේ අගය (sum value of capital) පවත්වා ගෙන යමින් පරිභෝජනයට ඉඩහරින්නේ අමතරව තියෙන අතිරික්තය (surpluses) කොටස පමණයි. සමාජයක ආර්ථික accounting වැඩේ දී නිෂ්පාදනයේ සාර්ථකත්වය test කරන්න නම්, එයට අවශ්‍ය වෙනවා මුල්‍ය වැඩි වෙලා ද, පවත්වා ගෙන යනවා ද, නැතිවෙලා ගිහින් දැයි විමසන්න. මේක කරන්න බැහැ සමාජවාදී ආර්ථික ක්‍රමයක දී, නැත්නම් ආණ්ඩුව විසින් ආර්ථික කටයුතු වලට (අද ඇමෙරිකාවේ වගේ) ඉතා දැඩිව මැදිහත් වෙලා සිටිය දී. ආණ්ඩුවක් ලාබ ගැන විගණනය කිරීම පමණකින් ආර්ථිකයේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය කුමන් මාර්ගයක ද යාම දැයි කියන්න බැහැ. ආර්ථිකයක මුදලේ අගය ගැන වූ, නිෂ්පාදන සාධක (factors of production) වලට බෙදා දෙන්නෙ (allocate) කරන්නේ කොහොම දැයි පෙන්වන ආර්ථික calculus එකක් ඉතා වැදගත්.

    සමාජවාදී ක්‍රම වල දී නිෂ්පාදන ක්‍රම (means of production) මධ්‍යගත පාලනයක දී කෙරෙද්දී (අද ඔබාමාගේ ෆෙඩරල් තීරණ අනුව ව්‍යාපාර කරගෙන යන්න බැහැ කියල ව්‍යවසාකයන් ව්‍යාපාර වහලා ගෙදර යන්නෙ ඒ නිසා) ඔක්කොම නිෂ්පාදන ක්‍රම වල අයිතිකරුවා ආණ්ඩුවයි. එතකොට නිෂ්පාදන සාධක හුවමාරුවට ඉඩක් ලැබෙන්නේ නැහැ. එහි ප්‍රතිඵලය නිෂ්පාදන සාධක වල මුදල් මිල අගය සොයාගන්න විධියක් නැහැ.

    ඊ ළඟට ඉතාමත් වැදගත් ආර්ථික විගණනයක් (economic calculation) කරන්න වෙන කිසිම විදියක් නැහැ යන්නයි!!!!!

    නිෂ්පාදන ක්‍රම වලට යන මුදල් වල මිල අගයන් ලැබෙන්නේ නිෂ්පාදන ක්‍රම පුද්ගලික අයිතියක් ඇත්නම් පමණයි.

    (economic calculation requires money prices for factors of production, which can only come into existence where factors of production are privately owned.)

    මුදල් කැල්කියුලස් එකක් පමණක් ආර්ථික යථාර්ථය පෙන්වන පරිපූර්ණ උදාහරණය වෙද්දී, සමාජවාදය නෛසර්ගික වශයෙන්ම යථාර්ථවාදී නොවේ. (Inso far as the money calculus epitomizes economic rationality, socialism if inherently irrational.)

    1902 දී Nicholas G. Pierson නම් ඕලන්ද අර්ථ ශාස්ත්‍රඥයා, ඕලන්ද සෙන්ට්‍රල් බැංකුවේ ආණ්ඩුකාරයා, සහ ඕලන්ද මුදල් ඇමති මේ අදහස මුලින්ම ලෝකයට ඉදිරිපත් කළේ. ඔස්ට්‍රියානු මාක්ස්වාදියෙක් වූ Karl Kautsy හා වාදයක දී වෙළඳපොල මිල ගණන් නොමැතිව මේ විගණනයන් කළ හැකි ආකාරය පෙන්වන්න යැයි ඔහු මුලින්ම කළ අභියෝගයට උත්තර දෙන සමත් වූ අයෙක් තවම ලෝකයේ නැහැ. ඔහුගේ රචනාව ලියැවුනේ ඕලන්ද බසින්. ඒක ජර්මන් ඔස්ට්‍රියා වැඩි දෙනෙක් අතරට ගියේ නැහැ ඒ නිසා. එය නොදැන ලුඩ්විග් වොන් මීසස් මෙම අදහසම තවත් පහදමින් 1919 දී ජර්මන් භාෂාවෙන් ඉදිරිපත් කළාම එය ගැන පුංචි විචාරයක් පටන් ගත්තා. ඒත් ලුඩ්විග්ට උත්තර දෙන්න සමත් වූවෙක් ද තවම නැහැ.

    ඒත් ආණ්ඩුවේ බලය අල්ලා ගන්නට කැමති අය ඒ සඳහා රටේ ආර්ථිකය ගැන පාරට්ටු බෑවාට ඒ ගැන ඇත්තෙන්ම උනන්දුවක් තියෙනවා ද යන්නත්, එයට ඔවුන් පත් කරගන්නා නිලධාරීන් just following orders අය ද යන්නත්, මේ අයට රටේ සේරම නිෂ්පාදන ක්‍රම තීරණය කරන්න දෙන බලය පවරා ඔවුන් තෝරා පත් කරගන්නා ආර්ථික ඝාතකයන් වන අපි විමසා බැලිය යුත්තක්!!!!

    ReplyDelete
  5. මට තේරුනේ මෙච්චරයි.... අපි බබාලා.. ඒකෙ අහන්න දෙයක් නෑ.... ළඟදීම අපේ පුක නැතිවෙනවා.... සමහර වෙලාවට.. ඔව් සමහර වෙලාවට අනේ පුක නැද්ද කියලා අතගාලා බලද්දි මොලේ පෑදෙන්න ඉඩ තියනවා... වෙන විදිහක් පේන්නෙ නෑ.

    ReplyDelete
  6. උදිත මා ඔබගෙන් නැවත අසන්නේ ඉතාම සරල සත්‍යයන් ප්‍රකාශ කිරීමට මේතරම් වචන ගොඩක් නාස්ති කරන්නේ ඇයිද යන්නයි. මබේ මුළු සටහන වාක්‍ය කිහිපයකට ලඝු කළ හැකිය.

    සැබෑ ආර්ථික ඝාතකයා පී. බී. ජයසුන්දරවත්, විමල් වීරවංශවත් නොව මාරයා හෙවත් චතුශ තුෂර කුමාරය. (මෙය පුද්ගලිකව නොගන්න. මාරයාගෙන් මෙරට වැඩි කොටසක් වන බත්කන හරක් අපූරුවට නියෝජනය වේය යන්න මගේ අදහසයි.) ආර්ථිකය බේරා ගත හැක්කේ පී. බී. හෝ විමල් ඉවත් කිරීමෙන් නොව මාරයා වෙනස් කිරීමෙනි. අවාසනාවට කරන්නට අසීරුම කාර්යය එයයි. මන්ද මාරයා තමන් ආර්ථික ඝාතකයකු යැයි නොපිළිගන්නා හෙයින් හා වෙනස් වීමට කොහෙත්ම අකැමැති හෙයිනි!

    ඔබ කියන්නේ එය නම් ඊට මම සම්පූර්ණයෙන්ම එකඟයි.

    ReplyDelete
  7. Ι've been exploring for a little bit for any high quality articles or blog posts in this kind of space . Exploring in Yahoo I at last stumbled upon this web site. Reading this info So i am satisfied to show that I have a very excellent uncanny feeling I discovered exactly what I needed. I most certainly will make sure to don?t disregard this website and provides it a look on a constant basis.

    Visit my web site :: Red Kings Poker Offer ()

    ReplyDelete
  8. What will happens if we make a federal comitee to manage our economy rather than manage by a single person . Any ideas ?

    ReplyDelete