Pages

Followers

Sunday, February 10, 2013

කන්නම් ස්ටයිල් සහ කොළඹ ස්ටයිල්

මා දකින සොඳුරු සිහිනයක් පසුගියදා සැබෑ විය. කණගාටුවකට එය සැබෑ වූයේ සැබෑ ලෝකයේදී නොව සයිබර් අවකාශයේ  යූ ටියුබ්හි වීඩියෝවක් තුලින්ය.  කන්නම් ස්ටයිල් නටන ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ  යූ ටියුබ් වීඩියෝව මේ වන විට ලංකාවේ අන්තර්ජාලයේ සැරිසරන සියලුදෙනාම නරඹා ඇතැයි සිතමි. ජනාධිපති මහින්ද රාජපක්ෂ දැන් නටමින් සිටින  චීන බීජිං ස්ටයිල් නැටුම වෙනුවට කන්නම් ස්ටයිල්  නටනු දැකීම මගේ සිහිනයකි. ඒ සිහිනය සැබෑ ලෝකයේ සිදුවන ලකුණක්වත් නැතිමුත්  යූ ටියුබ් ලොවේදී හරි සැබෑ වීම සතුටකි. උසස් තත්වයන්   එම වීඩියෝව හැදු ලාංකිකයාට ස්තුති වන්ත වෙමි. මේ වන විට එම වීඩියෝව බීජිං ස්ටයිල්  ක්‍රමයට ලංකාවේ තහනම් කර තිබෙන්නට බැරි නැත. කෙසේ හෝ  මා මෙවැනි K-pop  සිහිනයක් දකින්නේ ඇයි කියා ඔබට පැහැදිලි කිරීමට   මෙය අවස්ථාව කර ගනිමි.

නිව් යෝර්ක් ස්ටයිල් -Western-style 
කොරියාවේ කන්නම් ස්ටයිල්, චිනාගේ බීජිං ස්ටයිල් සහ මහින්දගේ කොළඹ ස්ටයිල් වැනි නැටුම් මා නරඹන්නේ ඇමරිකාවේ නිව් යෝර්ක්  සිටයි ඉතින් මේ මගේ සිහිනය පැහැදිලි කිරීම කරන්නට එළඹුමක් ලෙස  මට හමුවන  ඇමරිකානුවන් ගේ නිව් යෝර්ක් ස්ටයිල්  දැක්ම මුලින්ම පැහැදිලි කර යුතුය. අමරිකානුවෙකුට තමන්ගේ රටේ
1. ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස
 2, ධනවාදී -ආර්ථික දියුණුව
යන දෙක කරුණු දෙකක් නොවෙයි එකම ඒකකයක් හැටියටයි වැටහෙන්නේ. ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදී -නිදහස සහ ධනවාදී -ආර්ථික දියුණුව යන ඉහත කාරනා දෙක වෙන්කළ නොහැකි ලෙස එකිනෙකට  තදින් වේලි  සම්බන්ධ වී ඇති  දෙයක් ලෙස පිළිගනියි. මේ එකකින් තොරව අනිකට පැවැත්මක් නොමැති බව  මේ රටවල මිනිසුන් විශ්වාස කරනු ලබනවා .

බීජිං ස්ටයිල්- Asian miracle-style
1960 කාලයේ පටන් ධනවාදී ආර්ථික දියුණුව ගැන ඉහත බටහිර ක්‍රමයේ මතයට සහ  විශ්වාසයන්ට දැඩි අභියෝගයක්  එල්ලකරමින් ආසියාවේ ආශ්ච්ර්යමත් ආර්ථික වල නැගී සිටීම පටන් ගත්තා. මෙහි පුරෝගාමීයා වූයේ චීනයයි. දකුණු කොරියාවත් මේ රටවලින් එකක්. ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස නොමැතිව ධනවාදී -ආර්ථික දියුණුව ලබාගැනීමේ  හැකියාව මේ කලාපයේ  ඒකාධිපති හෝ අර්ධ ඒකාධිපති රාජ්‍යයන් විසින් ලොවට පෙන්වන්නට පටන් ගත්තා. මේ නැගී එන ආර්ථික වල විසල් ආර්ථික වර්ධනය දැකලා සමහර බටහිර විද්වතුන් පවා විශ්වාස කරන්න පටන්ගත්තා ධනවාදී -ආර්ථික දියුණුව උදා කර ගැනීම සඳහා තද කෙලින් තීරණ ගන්නා දරදඬු රෙජීම වල පාලනය වඩා  ගැලපෙනවා කියල. චීනයේ මෑත කාලයේ නැගීම  ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස නොමැතිව නුතන වෙළඳපොල දිශාවට වර්ධනය වන ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් යන විශ්වාසය සමගර අය තුල ඇතිකරන්න සමත් වෙලා තියනවා. ඇත්තටම චීනයේ පාලකයන් පිළිගන්නේ  ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස  කියන්නේ ආර්ථික වර්ධනයට බාධාවක් කියලයි.

මතුගම ස්ටයිල් - Lankan Leftist-Style
ලංකාවේ අලුත් වම්මු සහ පරණ වම්මු මෙන්ම ලාංකීය වාමාංශික චින්තකයන්ද සිය අන්තර්ජාතික ලෝක වාමාංශික චින්තකයන් ගෙනහැරපාමින් අපට විශ්වාස කරන්න යැයි කියන්නේ  ධනවාදයට නිව් යෝර්ක් ස්ටයිල් සහ බීජිං ස්ටයිල් යන  ඉහත  මා  දැක්වූ ස්ටයිල් දෙකේම පැවැත්මක් ඇති බවයි. එනම් මේ ක්‍රම  දෙකම එකම ධනවාදී කාසියේ දෙපැත්තේ ඇති මුහුණු දෙක  වැනි දෙයක් බවයි. මේ නිසා අපි විරුද්ධ විය යුත්තේ සමස්ථ ධනවාදී ක්‍රමයටමය. මොවුන්ට අනුව කේන්ද්‍රයේ රටවල යුරෝපයේ එංගලන්තයේ ඇමරිකාවේ නිව්යෝර්ක් ස්ටයිල් සහ පරිවාරයේ අපේ වැනි ආසියානු රටවල ,දකුණු ඇමරිකාවේ රටවල හා අප්‍රිකාවේ බීජිං ස්ටයිල් ඇත මේවා  ධනවාදී සබඳතා මත  එකිනෙක පෝෂණය වෙයි. උදාහරණයකට ලංකාවේදී වැඩවසම් ගති ලක්ෂණ මේ කාලයේ  තවත් තහවුරු වෙමින් තියෙන්නේ ධනවාදය නිසයි.. ඔවුන් කියන්නේ ඉතින් මේ ස්ටයිල් දෙකටම විරුද්ධව  අපි සමාජවාදී විප්ලවය කරමු කියායි. ඇත්තටම වම්මු මෙය ආගමික ලෙසින් විශ්වාස කරන නිසා  ලේසියෙන් මේ මතය කරුණු දක්වා  වෙනස් කරන්න බැහැ.

නව දිල්ලි ස්ටයිල් - Indian democracy-Style
දැන් අපි  ඉහත ස්ටයිල්  දිහා විචාරශීලි ලෙස බලන්න උත්සහ කරමු.  මම පිළිගන්නා විදියට රටක  ආර්ථික වර්ධනය හා ඒකාධිපති දරදඬු පාලන ක්‍රම අතර සම්බන්දයක් තිබේයැයි කරන නිගමනය වැරදියි. මට අනුව රටවල් දියුණු වෙන්නේ රටේ දේශපාලන ස්වභාවය මත නොවෙයි ඒ ඒ රටවල් ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති සහ ක්‍රම  කොතරම්   ඥානාන්විත  යන්න මත සහ ඊලඟ පියවරේදී සංවර්ධිත රටක් වෙන්නේ  කොතරම් ප්‍රජාතන්ත්‍රවාදීද යන්න මතයි යි. මේක තහවුරු කරන්න අපි නව දිල්ලි ස්ටයිල් එක දිහා බැලිය යුතුයි. අසල්වැසි ඉන්දියාව ඒකාධිපතියන් නැතිව ,වැඩවසම් මහාරාජා ක්‍රම වෙත වේගයෙන් පස්සට රිවර්ස් එකේ අපි වගේ නොයා , ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඥානාන්විත ආර්ථික ක්‍රම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින්  චීනේ  එක්ක කරට කර ආර්ථික වර්ධනයක්  පෙන්වනවා.  බුදු දහම අපිට දායාද කරපු අපේ අසල්වැසියා ඕනෑම ඒකාධිපති පාලකයන් ඉන්න ආර්ථික වර්ධනය පෙන්වන රටක් එක්ක කරට කර සටන් කල හැකි ආර්ථික වර්ධනයක් පෙන්වන්නේ ඉතා සංකීර්ණ ජන විවිධත්වයක් ඇති රටක ප්‍රජාතන්ත්‍රවාදී විදියටයි.

කන්නම් ස්ටයිල් -South Korean -Style
දකුණු කොරියාව ගැන තනි ලිපියක් ඉදිරියේදී ලිවීමට බලාපොරොත්තු වෙනවා ඒ නිසා කෙටියෙන්  මේ ලිපියට අදාලව මෙහි මම කියන්න හදන්නේ මෙයයි. මා දකින සිහිනය අපි ලාංකිකයන් වශයෙන් හැමෝම එකතුවෙලා සැබෑ කරගත යුතු සිහිනයක් කියල  තහවුරු කරන්න ගන්න පුළුවන්හොඳම උදාහරණය  තමයි දකුණු  කොරියාව. 
  ලංකාව තුල පතුරවන බොරු මිත්‍යාවක් නිසා හැමෝම හිතන දෙයක් තමයි තව අවුරුදු කීපයකින් චීනය ලොව අංක එකේ බලවතා වෙනවා ඒක නිසා ඉතින් චීනේ වල්ගේ එල්ලුණාම අපිත් නොමිලේ දෙව්ලොව යනවා කියන එක. අපිත් චීනේ විදියට තමයි රට කරන්න හදන්නෙත්. නමුත් දකුණු කොරියාව අපිට පැහැදිලිව පෙන්වනවා මේක වැරදියි කියල.  දකුණු කොරියාව  උගන්නන පාඩම තමයි ඒකාධිපති පාලන වලට ආර්ථිකය වර්ධනය කරගෙන යන්න පුළුවන් සීමාවක් තියනවා කියන එක අපිට පෙන්වා දීම.

 අපි නොවෙයි චීනේ පවා දකුණු කොරියාව දිහා බලලා පාඩමක් ඉගෙන ගත්තේ නැත්නම් අනාගතයක් නැත.
දකුණු කොරියාවේ "පාර්ක් චුන්ග් හී" පාලන කාලය පෙන්වනවා කොතරම් වර්ධනය උනත් එක්තරා සීමාවකින් එහාට ඒකාධිපතියන්ට යන්න බෑ කියන එක. එක තැනකදී මේක හිරවෙනවා. පාර්ක් ගේ කොරියාව අපේ ආශ්චර්යය වගේම සීග්‍රයෙන් දියුණු වුණා මේ නිසා හැමෝම හිතුවේ ඒකාධිපති කම සංවර්ධනයට හොඳයි කියල. එත් මේක එක තැනකින් නවතිනවා. වෙන විදියකින් කිව්වොත් දරදඬු ඒකාධිපති පාලකයන්ට රටක් දියුණු කරන්න පුළුවන් මධ්‍යම අදායම්  ලබන රටක්( middle-income countries -MICs) දක්වා  විතරයි.
1987 ඒකාධිපති රෙජීම වලින් මිදිලා දකුණු කොරියාව ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස ලැබුවට පස්සේ  තමයි සැබෑ ආශ්ච්ර්ය ඇත්තටම සිද්ධ වෙන්න පටන් ගත්තේ. දකුණු කොරියාව මධ්‍යම අදායම්  ලබන රටක සිට සංවර්ධිත රටක් දක්වා මහා පිම්මක් පනින්නේ ඉන් පස්සෙයි. මෙහිදී විවෘත මනසක් ඇති පාඨකයාට මා දැඩිව  අවධාරණය කරන මතය නම්  ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස  නොමැතිව කිසිවිටක දකුණු  කොරියාවට ඉහත පිම්ම පනින්න බෑ කියන එකයි. මේක තමයි 1987 න් පස්සේ පටන් ගන්න ද, කොරියාවේ ආර්ථික නිර්මාණශීලී භාවයේ අඩිතාලම. සම්සුන්.හුන්ඩායි කාර් එල් ජී රුපවාහිනී සහ කේ -පොප් සංගීතය එහි දෙවන පිම්මේ නිමි නිෂ්පාදිතයයි. (අපේ අය කොරියාවේ රස්සාවලට ගොස් එවන මුදල් වලින් වැඩවසම් රාජ්‍ය නඩත්තු වීම මෙහි තවත් අතුරු ඵලයක්).
1.දකුණු කොරියාවේ මේ ආර්ථික පිම්මේ රහස කොහෙද තියෙන්නේ?
2.මෙම ආර්ථික පිම්ම දරදඬු රෙජීම පාලකයන් යටතේ ඉඳන් උනත් යන්න පුලුවන්ද?

 දකුණු කොරියාවේ මේ දෙවෙනි පිම්මෙන් සවර්ධිත රටක් වීමේ රහස තමයි  රටේ මිනිසුන් නව නිර්මාණ බිහිකරන නිර්මාණශීලි ජනතාවක් බවට පරිවර්තනය වීම සහ ඒ හැමෝටම ඉදිරියට යන්න සම අවස්ථා හිමි වීම ඉතින් මේ දෙය   දරදඬු රෙජීම පාලකයන් යටතේ රාජ්‍ය අනුග්‍රහය යටතේත් විය හැකිද?

රටක් ගොඩයන නව නිර්මාණ බිහිකරන නිර්මාණශීලි බව රාජ්‍ය අමාත්යංශ තුල හෝ නිලධාරීන්ගේ කාමර වල සැලසුම්කරණය වී මෙවැනි දෙයක් සිදුවිය හැකියයි ඔබ සිතනවාද?  නැත කිසිදිනක සිදු නොවේ. රජයක් මොනතරම් උත්සාහ කලද  ඒ වෙනුවෙන්  අයවැයෙන් අපේම බදු මුදල් මොනතරම් වියදම් කලද මිනිසුන් නිර්මාණ ශීලි නව නිපැයුම් බිහිකරන්නන් බවට හැරවිය නොහැක.  මිනිසුන්ගේ ඔළුතුල ආකල්ප වෙනස් කිරීමට නිර්මාණශීලි කිරීමට රජයට නොහැක. දරදඬු රෙජීම පාලකයන්ට කොහෙත්ම නොහැක.

ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස සංවර්ධනය සඳහා අත්යාවශ්‍ය සාධකයක්ද?
නව නිර්මාණ බිහිකරන නිර්මාණශීලි(innovative and Creative )මිනිසුන් සිටින රටක් හැදෙන්නේ කොහොමද?
මේ සඳහා මුලික කොන්දේසි කිහිපයකි ප්‍රධාන වශයෙන්ම
1. තොරතුරු ලබාගැනීමට හැමට ඇති සම්පුර්ණ  නිදහස. 
2. හැමට නොබියව අදහස් ප්‍රකාශකිරීමේ ඇති නිදහස.
3. අවදානම් ගැනීමට නැඹුරුවට ඇති ඉඩප්‍රස්ථා විවර වීම
දරදඬු රෙජීම පාලකයන් සිටින රාජ්‍යන් වල ඉහත දේවල් සිදු නොවේ , මේ රාජ්‍යයන් පාලකයන් තොරතුරු වාරණයට ලක්  කරයි.(access to information limited) ,දේශපාලන පීඩනය නිසා බය නිසා කවුරුත්  අදහස් ප්‍රකාශකිරීමට නොයයි.සංවාද විවාද නොමැත(fear to speech and expression)  එවිට නිදහස් චින්තනය හරහා ආකල්ප වෙනස් නොවේ  නිදහස් සිතුවිලිවලින් නව නිර්මාණ බිහිකරන අය බිහි නොවෙයි. එමෙන්ම ඉදිරියට යා හැක්කේ රජයට පාලකයන්ට සමීප හිතවතුන්ට පමණක් බැවින් කිසිවෙකු අවදානම් ගන්නේද  නැත. නිර්මාණශීලි නව නිපැයුම් බිහිකරන අවකාශයන් මේවායේ විවර නොවේ. (චීන්නු හොර කොපි ගහනවා විතරයි)
ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස නොමැතිව රටකට නිර්මාණ ශීලි නව නිපැයුම් බිහිකරන මිනිසුන් සිටින අවදානම් ගෙන ව්‍යාපාර කරන රටක් (innovative country ) බවට පත්විය නොහැක එසේ නිර්මාණශීලි නොවී කිසිදිනක  ධ්‍යම අදායම්  ලබන තත්වයෙන් එහා ගොස්  සංවර්ධිත රටක් වීමටත් නොහැක.

ඉතින් මගේ සිහිනය දැන් ඔබට පැහැදිලි ඇතැයි සිතමි. අපේ ජනාධිපතිතුමා යූ ටියුබ් වීඩියෝවේ පමණක් නොව ඇත්තටම ඇත්තට හොරකොපි ගහන  චීන බීජිං ස්ටයිල් නැටුමෙන් සමුගෙන ප්‍රජාතන්ත්‍රවාදී -දේශපාලන නිදහස  මිනිසුන්ට ලබාදී පවුලේ හිතවතුන්ට පමණක් නොව ඕනෑම කෙනෙකුට ජයගත හැකි වෙළඳපොළක් සහිත නිර්මාණශීලිත්වය අගයන රටක්  ලෙස   දකුණු කොරියාවේ ක්‍රමයට හෝ අඩුතරමේ නව දිල්ලි ක්‍රමයටවත් රට මෙහෙයවනු දැකීම මගේ සිහිනයකි. නැත්නම් චීනයට මෙන්ම අපිටද අනාගතයක් නැත. ලාංකික ඉරණම වන්නේ සදහටම අරාබියේ වහල් සේවයට හෝ කොරියාවේ රැකියා වලට යාමටයි.

20 comments:

  1. ඔක්කොම පැහැදිලියි ... මූලික තේමාවට එකඟයි ... දකුණු කොරියාව තෙක්. එහි ආණ්ඩුවේ සැලසුම් වලින් වෙළඳපොලට කරන බලපෑම අනිකුත් ආසියාතික රටවල දකින්නට නොලැබුනත් බටහිර රටවලට වඩා ඉතා දැඩියි. උදාහරණයක්: ආණ්ඩුවේ රස්සාවල් පුද්ගලික අංශයේ රස්සාවල් වලට වඩා වැඩි අගයකින් ඇතැයි දකුණු කොරියානුවා සලකන්නට හුරු වී තිබීම. අධ්‍යාපනය ඒ සඳහා හැඩ ගැසී තිබීම. හැදියාවක් වෙනස් කරන එක ආර්ථික ක්‍රමය වෙනස් කරනවාට වඩා ඉතා අපහසුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් අරුණි මට තේරෙනවා ඔබ කියන දේ මම දන්නවා දකුණු කොරියාවේ අඩුපාඩුකම් එත් මම හිතා මතාමයි බටහිර ස්ටයිල් එක මග ඇරලා කොරියානු ක්‍රමය ගැන ලංකාවට කියන්නේ.

      Delete
    2. චීනය තමන් දෙන ණය, තමන්ගෙ බැංකු විස්තර කාටවත් කියන්නෙ නැහැ. ඒ නිසා ආණ්ඩුවේ ආයෝජන කොතරම් හිරවෙලා කොතරම් පාඩු ලබනවා දැයි දැනගන්න විදියක් නැහැ. ඉන්දියාව ඒ අතින් එළියෙ රෙදි හෝදගන්න පිළිවෙතක ඉන්නෙ. එය ආයෝජකයන්ට නිෂ්පාදන තීරණ ගන්නට උදව් කරනවා.

      2012 නොවැම්බර් KRW බිලියන 1108 ක් පුද්ගලික අංශයට ණය දෙන කොරියාව, 2012 දෙසැම්බර් වෙද්දී KRW බිලියන 4885 ක් පුද්ගලික අංශයට ණය දීලා. ඕනෑම රටක පුද්ගලික අංශය ණය වලින් දක්කා ගෙන යන්න සිද්ධ වෙනවා නම් රටක ආර්ථිකයක් දිර්ඝ කාලීනව ස්ථාවර බවකින් ඉන්න එකක් නෙමෙයි. ආණ්ඩුවේ මැදිහත්වීම් අඩු වෙන්නේ නැතිව පුද්ගලික අංශයට ලාබ උපයන්න නොහැකි නිදහස් වෙළඳපොලක් නැතිව පාරිභෝගික කැමැත්ත විමසිය හැකි ක්‍රමයක් නොලැබෙන නිසා. ඕනෑම ආණ්ඩුවක් තුල සම්පූර්ණයෙන්ම අල්ලස් දූෂණ නැති වුවත් සැලසුම් වැඩි නම් වැඩේ අවුල්. මේක තමයි බහුතරයට වටහා ගන්න බැරි ආර්ථික සත්‍යය.

      Delete
    3. 2011 විය යුතුයි මුලින් ලියපු වසර!!!

      Delete
  2. එන්න ලංකාවට මේ දැනුම ජනයා අතර බෙදමු මෙහේ සිට...

    ReplyDelete
    Replies
    1. නලින් ලංකාවේ දේශපාලනයේ දැන් තියෙන්නේ පාරට බැහැල වැඩකල යුතු කාලයක් නොවෙයි. ගෙදරට වෙලා සිතිය යුතු කාලයක්. සිතන්න.තව සිතන්න. තනියම සිතන්න. ජනයා අතර දේවල් බෙදා දෙන්න කියන එක තව දුරටත් ලංකාවේ වලංගු නෑ. එළියේ එහෙම අවකාශයක් නැහැ.

      Delete
    2. @ Naleen Dilruksha, ලංකාවේ ජන සිත් හඳුනන ඔයාලට තමයි පුලුවන් සිතන්න ජනතාව පොළඹවන විදියේ අදහස් ජනතාව අතරට යවන්න. මෙහෙ ඇති නිදහසෙන් ඇබිත්තක් වත් නැතිව ඉන්න අය හිතන මට්ටමට එන්න මට නම් ඉතාමත් දුෂ්කරයි. ඉතින් ඒ නිසා මා කියන දේවල් වැටහෙන්න කළින් කරන්න වෙන වැඩ ගොඩක් තියෙනවා. මා රටෙන් පිටවෙලා යන කාලේ අත්හැරලා දා තිබිච්ච බහුබූත, අද බහුතරයක් නැවත කරපින්නා ගෙන ඉන්නා නිසා, ඒ කුණු ගොඩක් ආයේ සුද්ද කරන්න ඕනෑ.

      @ උදිත, //ජනයා අතර දේවල් බෙදා දෙන්න කියන එක තව දුරටත් ලංකාවේ වලංගු නෑ. // දැන් මේක ලෝකේ කිසිම තැනක වලංගු නැති වේගන යන්නෙ. එකම දේ මිනිස්සුන්ට වැටහෙන විදියකට කියා දෙන්න ඕනෑ ඇයි එහෙම බෙදා දෙන්න බැරි කියන එක. මෙතැන තමයි එක පැත්තක් පැහැදිලිවම බංකොළොත් වෙච්ච සමාජවාදී ආගාධයට ආයේ මෝහයෙන් පුරවා ජනතාව ඇදගෙන යන්න හදන්නෙ. ඒත් ජනතාවට කියා දෙන්න පුලුවන් නම් ඇයි චීනයට ධනවාදී වෙන්න වුනේ සහ ඇයි චීනයේ කම්කරු උද්ඝෝෂණ වලට ඉඩ නැත්තෙ කියලා ... ඒ වගේ සංවාද තුලින් සත්‍යය දකින්න පටන් ගැනීමක් පුලුවන්.

      Delete
    3. කිසියම් රටක ආර්ථිකයට ඇඟිලි ගැසීමට අවශ්‍ය විට එය එම රටේ සමාජවාදය ඇතිය, දැන් එම රට කඩා වැටේ දැන් කඩා වැටේ යනු තෙපලීම, ඊට අදාල ක්‍රියාමාර්ග සහ වස්තු බීජයන් වැපිරීම ධනේශ්වර ක්‍රමයක ලක්ෂණ කියා මා සිතනුයේ නැත. නමුත් සත්‍ය එයයි. එමෙන්ම පූර්ණ ධනේශ්වර රටක් හෝ පූර්ණ සමාජවාදී රටක් තවම බිහි වී නැත. අවම වශයෙන් වැඩවසම් ක්‍රමයේ ලක්ෂණ පවා තුරන් කිරීමට සමත් වී නැහැ.
      සියල්ල මුදලින් දැකීමේ ඵල විපාකා අද ශ්‍රී ලංකාවේ ජීවත්වෙන ජනතාව හොඳින් විද තිබෙන අතර, විඳිමින් ද සිටිනවා.

      Delete
  3. ලිපිය ගැන කිසිම වාදයක් නැහැ උදිත .හැම දේම පැහැදිලියි ..

    මට තියෙන ප්‍රශ්නේ ඇයි මේ තරම් දේවල් එළිපිට කරද්දීත්
    අදාළ පුද්ගලයට මේ හැටි නටන්න දෙන්නේ ?????????

    ඔය ඇමතිලටම පුළුවන්නේ මේවට පියවර ගන්න .මට අන්න එතනයි
    අපැහැදිලි .මේ තරම් දේවල් වෙද්දීත් ඒවටම සහයෝගය දිදී ඉන්නවා .

    " යකෝ කවද හරි අපිටත් මේ ටිකම නේද " කියන දේ 223 එකෙක්ටවත්
    තේරෙන්නේ නැද්ද ?????
    ( 225- 2 = 223 :D )

    ReplyDelete
    Replies
    1. මට සහන් ගේ ප්‍රශ්නයට දෙන්න තාර්කික උත්තර නෑ. අතේ තිබෙන වශී බෝලයේ බලය වෙන්න ඇති.

      Delete
    2. ///ලංකාව තුල පතුරවන බොරු මිත්‍යාවක් නිසා හැමෝම හිතන දෙයක් තමයි තව අවුරුදු කීපයකින් චීනය ලොව අංක එකේ බලවතා වෙනවා ඒක නිසා ඉතින් චීනේ වල්ගේ එල්ලුණාම අපිත් නොමිලේ දෙව්ලොව යනවා කියන එක. අපිත් චීනේ විදියට තමයි රට කරන්න හදන්නෙත්.///

      මෙන්න මේ කොටස හරි වැදගත් දෙයක් උදිත ඔයා මතු කරපු .
      චීනේ වෙලා තියෙන පාරිසරික , සමාජ ව්‍යසන කව්රුත් එලි
      කරන්නේ නැහැ ..

      තනිකර ආර්ථික ප්‍රගතියක් ගැනම කියවනවා..මෙහෙ ඉඳන් බලන
      කෙනෙක්ට මැවෙන්නේ පුදුම සිහින ලෝකයක් .. ( හොන්කොන් ගැන
      වත් කිව්වා නම් තව කමක් නැහැ ඕන් ) චීනේ භූමි කම්පාවක් වෙලා
      දහස් ගානක් ළමයි මැරුණ වෙලේ , තමන්ගේ එකම දරුවා මිය යෑමෙන්
      ඇති උන කම්පනය දරන්න බැරි දෙමව්පියෝ කොච්චර ඉච්චා භංගත්වයට
      ආවද ? සියදිවි නහ ගත්තද ? කරපු කියපු වැඩ පල අත්‍ හැරියද ?
      භූමි කම්පවකින් ඔක්කොම උනා කියනවා නෙවේ මන් ,
      නමුත් ඔය වගේ මහ සමාජ සිදුරු ඔහේ තියෙනවා ..

      අපි නොහිතුවට එක දරුවෙක් ඉන්න දෙමව්පියෝ පිරුණු රටක
      අවුරුදු 50 විතර පුදුම සමාජ ගැටළු එනවා..

      මන් පස්සේ කමෙන්ට් එක සම්පූර්ණ කරන්නම් ..
      වැඩ වැඩ වැඩ ...

      Delete
    3. ධනවාදය යනු කුමක් දැයි නොදන්නා නිසා,
      ධනවාදීන්ට ඇති අකමැත්ත නිසා,
      සමාජවාදයේ නාමයෙන්,
      එනම් ජනතාවට සම්පත් බෙදා දිය යුතු නාමයෙන්,
      බෙදා දෙන බලය අල්ලා ගන්නා අයට
      ජනතාවගේ සුව සෙත සලසන නාමයෙන්,
      තමන්ගේ පිරිසට පමණක් බෙදා දෙන්නට
      අසීමිත බලය
      පුරවැසියා විසින් ම ප්‍රදානය කර ඇති නිසා!

      Delete
    4. ***මට සහන් ගේ ප්‍රශ්නයට දෙන්න තාර්කික උත්තර නෑ. අතේ තිබෙන වශී බෝලයේ බලය වෙන්න ඇති. ****

      1K=223
      K=වශී බෝලයේ බලය

      වගේ ලොජික් එකක් කොහොමද උදිත ?

      Delete
    5. ධනවාදී ක්‍රමයක සිරවී, සමාජය අඝාදයට තල්ලූ වී යද්දී එය සමාජවාදය කියා අඟ බේරා ගන්නා ධනවාදී ප්‍රතිපත්තියක් ගැන මා අසා නැත. නමුත් සමාජවාදයට ධනවාදයෙන් පිරී ඇතැයි කියන රටවල් පුදුමාකාර බයක් තිබෙනුයේ. විශේෂයෙන්ම තුන්වෙනි ලෝකේ රටලට කුමන හෝ අත පෙවීමක් කරනුයේ, එකී රටවල සමාජවාදය බිහි වේ දෝ කියන බිය ද හේතු සාධක කර ගනිමිනි.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. silentsahan මට ඔබේ ප්‍රශ්නයට වඩා සාධාරණ නැතත් පිළිතුරක් දිය හැකියි. 223 යනු සියලු දෙනාමය. නමුත් දෑත් ශක්තිමත් කරනුයේ ඊට වඩා අඩු පිරිසකි. එමෙන්ම, විපක්ෂ කිහිපයෙන් ද යම් ප්‍රමාණයක් බලය සහ ධනය කේන්ද්‍රවූ තැනට තල්ලූ වී තිබෙනවා. එය තව දුරටත් දෑත් ශක්තිමත් කිරීමට හේතු වූවා පමණක් නොව, අනෙකුත් විපක්ෂයන්ගේ දෑත් දුර්වල කිරීමට හේතු වූවා. තම බලය වෙනුවෙන් ඔනම තුප්පැහි වැඩක් කිරීමට සමත්කම මේ හේතුවෙන් ලැබුණා. මීට අමතරව ජේ ආර් ට 2/3 බලය යාමෙන් විපාක ඉගෙන නොගත් ජනතාවක් පෙළ ගැසී සිටියා. එබැවින් මෙවර ද එකී අමනෝඥ ක්‍රියාව අනුගමනය කළා. නමුත් විදවනුයේ ඔවුන් පමණක් නොව.
      සමාජවාදය ගැන බියක් ජනතාවට වැපිරීම අනෙකයි. (සිටින පක්ෂය සහ ප්‍රධාන විපක්ෂය යන දෙකම ධනේශ්වර ප්‍රතිපත්තීන්මය අනුගමනය කරනුයේ) තවද, සිරමාවෝ මැතිනිය තවදුරටත් ඊනියා සමාජවාදය ජනතාවගේ බොක්කටම වදින සේ ගෙන ආවා. මෙයද මිනිසුන් සමාජවාදය යන්න ගැන හුඹස් බියක් ඇති කර ගැනීමට හේතු සාධක වූවා. “සමාජවාදී ජනරජය“ කියන පාඨයට සහ තවත් අවස්ථා කිහිපයක් හේතුවෙන් අන්ධ-මන්ද වී ධනේශ්වරය තම පැලැස්තර වසා ගැනීමට මේ සමාජවාද යැයි කියා අර්ථකථනය කරයි. අටුවා-ටීකා-ටිප්පණි දිග හරී.
      දැන් නූතනය....
      තුන්වෙනි ලෝකයේ රටක් වශයෙන් ඊට සරිලන පන්නයේ ධනේශ්වර ක්‍රමයක එරී ඇත. සෑම අඩු පාඩුවක්ම වසා ගැනීම සඳහා පැලැස්තර දමමින් තවත් කාලයක් ගත කරාවි. අවුලක් වුවහොත් ගැටලුවක් නැත. නැවතත් බලය දෝලනය කරනුයේ ධනපති ප්‍රතිපත්ති අනුගමනය කරන පක්ෂයකට විනා සමාජවාදයට නොවේ. මේ පිල්මාරුව ද කලක් යන විට එප වෙන ජනතාව නැවතත් අනිත් පැත්තට දෝලනය වේ. නමුත්, මේ ජනතාව විදිනා දුක්, ඔවුන් කරනා ශාපයන් භාර ගැනීමට අදාළ පාර්ශවයන් ඉදිරිපත් නොවේ. මෙවර අයි එම් එෆ් ණය නොලැබෙනුයේ මන්ද, ඇමරිකාවට අවශ්‍ය පරිදි මෙරටේ ආර්ථිකය මෙහෙයවීමට නොලැබුණ නිසාය. අප තුන්වන ලෝකයේ රටකි. තුන්වල ලෝකයේ රටවල මිනිසුන් කැරපොත්තන් සේ හඳුන්වයි. මන්ද ඕනම පරිසර තත්ත්වයකට හැඩගැසේ. නමුත්, ධනේශ්වරය ක්‍රියාත්මක වීමේදී කැරපොත්තටද ආයුෂ අඩුවේ....

      කෙදිනක හෝ සමාජවාදය ස්ථාපිත නොවුණහොත් අපෙන් පසු තවත් පිරිසක් උත්සාහ කරාවි. එදාටද ධනවාදී බැල්ම මිනිසුන්ට වැටේවි. අවසන් කරමි. වශී බෝතලය අත දරා ඇත්තේ මහින්ද මහතා පමණක් නොවේ.

      Delete
    8. @ Nirmala

      I 'll come back soon...Here I need to fill my part.

      Delete
  4. මේ පාලනය නියමාකාරයෙන් කලේ යුද්ධය පමණයි. ඉතිරිය සුද්දේ... හැම එකාටම රට හදන්න ඕන නෑ. තමන් හැදෙන්න විතරයි ඕන. කොමිස්, හොරකම, දූෂණය ඉහ වහා ගිහින්. ඇත්තටම බැලුවාම මහින්ද මහත්තයත් ඒකාධිපතියෙක්වත්, ඒ පාලනය රෙජීමයක්වත් නෙමෙයි. බල්ලා දාලා ගිය එකාටත් ඇමතිකම් දෙන්න තරම් මන්ත්‍රීවරුන්ට බය කෙනෙක්. නැත්නම් ඉතින් 94 ඉඳන් මෙලෝ දෙයක් නොකරන් උන්ට ඇමතිකම් දෙනවා මදිවට, මේ පනින ගෙම්බන්ටත් ඇමති කම් පුදන්නේ අහවල් එකටෙයි. සුළු සංවර්ධනයක් තියෙනවා තමයි, යටි තල පහසුකම් වල. ඒත් කෝ නිශ්පාදන ආර්ථික ක්‍රියාවලියක්, කෝ ආයජකයෝ, සංචාරක ව්‍යාපාරේ ගැන උදම් අනනවා. අපරාදේ කියන්නේ සෝමවංශ සහෝ ළඟදි කියලා තිබුනා නියමෙටම. මෙහේ එන්නේ චූන් පාන් වෑන් එකෙන් කිඹුලා බනිස් කන සුද්දෝ කියලා. ඇත්ත කතාව ඒක තමයි. ඒකෙන්ම දියුණුවෙනවනම් කොච්චර ෂෝක්ද නේ.... කවුද දන්නෙ නෑ ඔය වගේ උපදෙස් දෙන හරක්....

    ReplyDelete
    Replies
    1. මාතලන් ඇමතිවරු (ජි එල් පිරිස්ද ඇතුළු) සහ රටේ මුළු ජනතාවගෙන්ද 51% වැඩි ප්‍රතිශතයක් තමන් වැඩක් නොකර උත්සාහයක් නොකර ආණ්ඩුවෙන් උදව් අරගෙන යටි පාරෙන් මගඩියක් දාල හොරකමෙන් හරි හැදෙන්න බලන කම්බ හොරු බවට පත් කිරීම තමයි මහින්දගේ පැවැත්මේ සාධකය. මහින්ද තාම ඒ අතින් සාර්ථකයි. මිනිස්සු 100 ක් ඉන්නව කියල හිතපන් එක බැංකුවක් තියනවා මේ සිය දෙනාට. මේ අය වැඩි චංදෙන් තමන්ගේ නායකයා පත් කරනවා. එකෙක් කියනවා මට නායක කම දීපං මම මේ බැංකුව සතියකට දවසක් රෑට මම මට චන්දේ දෙන අයට නිදහසේ බිදින්න දෙනවා සල්ලි ටික ඔක්කොම උඹලට රත්තරන් බදු ටික මම ගන්නම්. ඉතින් ඒ පුද්ගලයා දැන් සියට 60කට ත් වඩා බලයක් අරගෙන දිනනනවා. "සොරුන්ගේ නායකයා සොර නායක" මේක ඉවරවෙන්නේ බැංකුවේ තවත් සල්ලි නැතිවුණා දාට.

      Delete
  5. ඔබ පමණක් නොව උදිත, මේ ස්ටයිල් එක බොහෝ දෙනෙක් ආශෘවෙන් බලලා තියෙනවා. එය සතුටු විය හැකි කාරණයක් උනත්, සතුටු වනුයේ පුද්ගල ඊර්ෂ්‍යාව මුදුන් පමුණුවාගෙන නොව. හුදෙක්ම එය සමජ අසාධාරණකම් වෙනුවෙන් දක්වන විරෝධතාවය ති.

    ReplyDelete