Search This Blog

Followers

Sunday, January 20, 2013

අශෝක හඳගම ගේ "ඉනි අවන්" හි ටික් ටොක් හඬ ඔබට ඇසෙනවාද?

අශෝක හඳගම නම් අපේ කාලයේ සම්මානලාභී සිනමා කරුවාගේ විශිෂ්ඨ භාවය නැවත තහවුරු කරමින් අප වෙත පිදුණ ඔහුගේ අතිදක්‍ෂ නවතම සිනමා නිර්මාණය ඉනි අවන්ය. මේ චිත්‍රපටය  සෙමෙන් ගලායන ලස්සන චිත්‍රපටියකි. එහි දෙබස් ඇති සරලය.   මනා ලෙස පෙළගස්වා ඇති රුප රාමු අව්‍යාජය. පරිකල්පිත නොමැත. සමහරු මෙය හඳගමගේ මනෝවිකාරයක් ලෙස හැදින්වුවද ඉනිඅවන්හි සත්භාවී සිනමා භාවිතය ටොරොන්ටෝ අන්තර්ජාතික සිනමා උළෙලේ නොමද  ප්‍රේක්ෂක ප්‍රශංසාවට ලක්වුයේය.  30 වසරක යුද්ධය නිමාවෙන් පසු උතුරේ ගමක සිදුවන සිදුවීම් පෙළක් වාර්තාමය ලෙස සංයමයකින් තිරය මත දිග හැරීම මිස මහා ලොකු දෙයක් නොමැත.  නමුත් ඒ තුලින් අපිට දෙන පණිවිඩය ඇති ප්‍රභලය. හඳගමගේ සුපුරුදු  මන්දගාමිව ගලායන රූපරාමු පෙළ අතරින් නිහඩව අපිට දෙන  අනතුරු හැඟවීම උතුරේ සහ දකුණේ  ලාංකිකයින් ඉක්මනින් තේරුම් ගත්තේ නැත්නම්  අනාගතය සුභ වෙන්නට නම් ඉඩක් නැත.

හඳගමගේ  මේ චිත්‍රපටය නිසා ලංකාවේ බොහෝ අයගේ හදවත් බිඳී ඇත. ලංකාවේ සමහරුන් හඳගමගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙවැන්නක් නොවේ.  ඔවුන් හඳගම ගෙන් ඉල්ලන්නේ කිසිවෙකුට නොතේරෙන    මැජිකල් ප්‍රබන්ධයක් වන් විදග්ධ මහා පණ්ඩිත සිනමාවකි. ඊට වෙනස්ව වාර්තාමය ස්වභාවයක් උසුලන මේ චිත්‍රපටිය සිහල වාමාංශික බ්ලොග්කරුවෙකු වන අජිත් පැරකුම්  පසුගියදා හැඳින්වුයේ  හොලිවුඩ් ත්‍රිලර් එකක් නැත්නම් හඳගමගේ  කුරිරු අපගමනයක් ලෙසිනි.  , නැවත වරක් බ්ලොග් මිතුරකු වන  අජිත් පැරකුම් මෙයටත් ගාවා ගැනීමට සිදුවීම ගැන උරණ නොවන්න බ්ලොග් අවකාශයේ ඉන්නා එකම දකුණේ සිංහල "ඉනියවන්" ඔහු වීම මගේ වරදක් නොවේ.

හඳගමට අනුව "ඉනි අවන් " තේරුම "ඔහු, ඉනික්බිති" මේකම තනි වචනයක් ලෙස ගත්තම  "ඉනියවන්" කියන්නේ සුන්දර මිනිසා. හඳගම මේ අර්ථ දෙකම අරුත්ගන්වන්න තමයි මේ නම දාල තියෙන්නේ. මේ චිත්‍රපටියේ "ඉනියවන්-සුන්දරමිනිසා" චරිතය  මෙන්ම කොටි සංවිධානය වැනිම දකුණේ විප්ලවවාදී  දේශපාලන  සංවිධාන තුල සිට යලිත් ගමට ගොස්  දරු පවුල් සමග "ඔහු, ඉන්පසු" වී   සිටින  පැරකුම් වැනි පරණ වම්මු මේ ච්ත්‍රපටියට අවිඥානික ලෙස  අකමැති වන්නේ ඇයි. මෙයට හේතු කිහිපයක්  ඇත.

මෙය පැහැදිලි කර ගැනීමට  මම දැන් අයින් රෑන්ඩ් උපුටා දක්වමි.

Life or death is man’s only fundamental alternative. To live is his basic act of choice. If he chooses to live, a rational ethics will tell him what principles of action are required to implement his choice. If he does not choose to live, nature will take its course.-Ayn Rand
ඉහත අයින් රෑන්ඩ් කියන "chooses to live" යන්න හඳගම ගේ ඉනි අවන් චිත්‍රපටයේ "ඉනියවන්" තුල මා දකින්නෙමි.
දකුණේ පැරකුම් මෙන්ම උතුරේ ඔහු "ඉනියවන්"  ජීවිතය තෝරාගත් අයයි. ඔවුන් ඉනික්බිති ජීවත්වෙති  පැරකුම් ලා ගේ  සහෝදරු වරු දහස් ගණනක්  1989 මහමග ටයර් තුල දැවී අලුවිය.  දකුණේ අජිත් පැරකුම් ඒ අයගෙන් වෙනස්ව මරණය වෙනුවට  ජීවිතය තෝරා ගත් අයයි.  එලෙසම  උතුරේ කොටි සාමාජිකයාටද  මේ අයින් රෑන්ඩ් කියන ජීවිතයද මරණයද කියන මිනිසාට තියන මුලිකම විකල්ප දෙක  තෝරා ගැනීමක් ලෙස මහා දවල් අමූලික සත්‍යයක්  වී බෙල්ලේ එල්ලා  තිබුණි. සයනයිඩ් කරලක් බෙල්ලේ එල්ලාගත් කොටි සාමාජිකයාට තරම් අයින් රෑන්ඩ් ගේ ඉහත වැකිය ප්‍රායෝගිකව අත්විඳි  වෙන කිසිවෙකු ලොව නැත. ඔහුට හමුදාවට අසුවූ විට රෑන්ඩියානු අරුතින් ජීවත්වීමට තෝරා ගන්නවාද  නැත්නම් සයනයිඩ් කා මිය යනවාද යන තෝරා ගැනීමේ පරික්ෂාවට භාජනය වේ. අශෝක හඳගමගේ මේ චිත්‍රපටියේ සුන්දරමිනිසා මරණය වෙනුවට ජීවිතය තෝරාගත් කෙනෙකි. සයනයිඩ් හපා මියයනවා වෙනුවට හමුදා අත්අඩංගුවට පත්වී පුනරුත්ථාපනය වී ආපසු ගමට පැමිණෙයි. හඳගමගේ ඉනියවන්  විෂය මුලිකවාදයේ නිරන්තර අසන ගැටලුවට අපි අභිමුක කරයි. එනම්  ජිවිතයට අගයක් වටිනාකමක් ලැබෙන්නේ අපි ජීවත්වීමට තෝරාගත් නිසාද? නැතහොත් ජිවිතයට අගයක් වටිනාකමක්  ඇති   නිසා අපි ජීවත්වීම තෝරාගත යුතුද යන්නයි. දැන් මේ  විෂය මුලිකවාදයේ මුලික ගැටලුව සිහිහේ තබාගෙන ඉනි අවන් චිත්‍රපටියේ  ඔහු පුනරුත්ථාපනය වී ආපසු ගමට ආ විට ගමේ අය  ප්‍රතිචාර දක්වන අයුරු දැක්වෙන ජවනිකාව යලි නරඹන්න.  එවිට මා කියන දේ ඔබට වැටහෙනු ඇත.  එම ජවනිකාවේ උතුරේ මිනිස්සු  ජිවිතයද මරණයද අගේ කොට සලකන්නේ ? ඔවුන්ට අනුව වීර කමක් කියන්නේ සයනයිඩ් කාල මැරෙන එකද පුනරුත්ථාපනය වෙලා ජීවත්වෙන එකද?ආපසු ගමට ආ ඔහු  "ඉනියවන්" අගේ කොට සලකන්නේ ජිවිතයද මරණයද  ? අජිත් පැරකුම් හොලිවුඩ් ත්‍රිලර් එකක්  එකක් ලෙස වරදවා වටහාගත් මේ චිත්‍රපටිය අපිට දෙන   එක වැදගත්  පණිවුඩයක් තමයි   ඔබේ ජීවිතයේ අගය වටිනාකම ඔබ තුල තමා තුල සොයන්න කියන එක, ඔබ දිහා පිටතින් බලාගෙන ඉන්න අනෙකාට එය නිර්වචනය කරන්න බැහැ.

මේ චිත්‍රපටිය  අපිට කියන තවත් වැදගත් දෙයක්  තමයි අජිත් පැරකුම් ගේ ඉහත මා කියූ w3lanka හි පළවූ  ලිපියට    ප්‍රතිචාරයක් දමන  දිමිත්‍රි නම් පාඨකයා නිවැරිදිව හඳුනාගත්  වැදගත් කාරණය . දිමිත්‍රි එහි  මෙහෙම කියනවා


//මේ චිත්‍රපටියේ විදියට 'ඔහුට, ඉනික්බිතිව' මූලිකව විසඳාගැනීමට ඇත්තේ 'ධනවාදය උතුරට ඇතුලුවීමත් සමග' පැනනගින, තමාතුලම වන - තමාගේම ප්‍රශ්නයක් මිස, මහා ජාතියේ දේශපාලනික අවශ්‍යතාවන් මත මුදාහැරෙන භෞතික, සමාජයීය සහ සංස්කෘතික ආක්‍රමනය පිලිබඳ ප්‍රශ්නය නොවේ."
- Dimithri//
මම හිතන විදියට උතුරේ දෙමල ජනතාව මෙන්ම දකුණේ අපිද මුලිකවම විසඳාගත යුතු ගැටලුව මෙන්න මේ තමා තුලම සිටින සතුරා ගැටලුව. අපි හැමෝම අපෙන් භාහිර සතුරෙක් මවල අපේ ඔක්කොම ප්‍රශ්න මේ භාහිර සතුරා නිසා වෙන්නේ කියල ඒ භාහිර සතුරාට බැන බැන ඉන්න තමයි කැමති.  නලින් ද සිල්වාට සහ ගෝල පිරිසට අනුව අනුව බටහිර සතුරා,  තව අයෙක්ට දෙමල ඩයස්පෝරාව බෙදුම්වාදීන් දැන් අලුත්ම මුස්ලිම් සතුරා ඇමරිකන් සතුරා. පැරකුම් ට,වම්මුන්ට  අනුව සතුරා තමයි ධනවාදය. අපිට වැරදුනේ කොහෙද කියල අපි අප වරද්දාගත් තැන් සොයල අපිව නිවැරිදි කරගන්නවා වෙනුවට බාහිර සතුරාට බනින එක ලේසියි, ජාති කුල මල ආගම් දේශපාලන මතිමතාන්තර වලින් ඔලුව පුරවගෙන  ඉන්න අපි තමාතුළ ඇති ප්‍රශ්නය විසඳාගත යුතුයි නැත්නම් අනාගතය අඳුරුයි කියන එක මේ චිත්රපටියේ ජවනිකාවක් පාසා අපිට මතක් කරලා දෙනවා,

හඳගම ගේ ඉනි අවන් චිත්‍රපටිය   මට  බ්‍රසීල ජාතික සිනමාකරු වෝල්ටර් සාලිස් ගේ  Behind the Sun නම් සිනමා කෘතිය සිහි ගන්නනවා . එහි කතාව කෙටියෙන් මෙහෙමයි පවුල් දෙකක් ඉඩම් කැල්ලක් සඳහා වන ආරවුලක් නිසා පරම්පරා ගානක් තිස්සේ  දෙගොල්ල එකිනෙක මරාගන්නවා,.ඇසට ඇසක් ජිවිතයට ජිවිතයක් ලෙසින් පලිගනිමින් යන මේ ගැටුම කොහොමවත් අවසන් කරන්න බැහැ ළමයෙක් මේ එක පවුලක  ඉපදෙනකොටම ඒ ළමය මේ  ආරවුලේ ගැලවිය නොහැකි විෂම චක්‍රයට අහුවෙලා ඉවරයි. එක්කෝ ඔහුට පලිගැනීමක් ලෙස අනික් පවුලේ කෙනෙක් මරන්න නියමිතයි එහෙම නැත්නම් අනික් පවුලේ කෙනෙක්ගෙන් මැරුම් කන්න නියමිතයි. ඒ චිත්‍රපටයේ එක දරුවෙක් සර්කස් එකක් එක්ක ගමට එන ක්ලේරා නම් තරුණියගේ ආදරය නිසා මේ කවදාවත් මිදෙන්න බැරියයි සිතපු  මිදිය නොහැකි ප්‍රචණ්ඩත්වයේ සහ විෂමචක්‍රය කඩලා දානවා ඉන්පස්සේ ඔහුට නව ලෝකයක් විවරවෙනවා. ඉනි අවන් හි දෙමල තරුණිය  මේ පණිවිඩය  ප්‍රචණ්ඩත්වයේ සහ දුප්පත්කමේ විෂමචක්‍රයයෙන්  අපි අපේ යහපත සඳහාම මිදිය යුතුයි කියන ආදර පණිවිඩය අර චිත්‍රපටියේ ක්ලේරා වගේ ම   එයාලට ආවේනික විදියට අපිට කියල දෙනවා.

 සමහරක් සිතන්නේ ලංකාව ආශ්ච්ර්යය කර ස්ථිරසාර ලෙස ගමන් ගන්න බවයි එහෙත් කටුක සත්‍යය අපි පමා නොවී ක්‍රියාත්මක නොවුනහොත්  අනාගතය නිකම් නොමිලේ සුභ අනාගතයක් නොවන බවයි. යුද්ධය අවසන් වී ඇත නමුත් ප්‍රශ්න විසදි නැත. රජමිතුරැ  ධනවාදය වෙනුවට  ධනවාදය වහා ජනමිතුරු කල  යුතුය. බලයෙන් මත්වී පිස්සු කෙලින පාලකයින්ටද තුවක්කු අතට ගත් විට චන්ඩි වෙන මැරයින්ටද ඉනි අවන් බලා තම ජීවිතය පසක් කර ගත හැකිය. බලය සහ තුවක්කුවේ හයිය නොමැති විට අත්වන ඉරණම ඉනිඅවන් ඔබට පෙන්වා දෙයි.  අනාගතය අවිනිශ්චිතය, අනාගතය සුභ අනාගතයක් වීම වලක්වා ඇත්තේ භාහිර සතුරෙකු නොව ඔබමය අනාගතය සුභ අනාගතයක් බවට හරවා ගැනීමට හැකියාව ඇත්තේ ඔබටමය. හඳගම ඉනි අවන් ඔහුගේ සිනමා භාවිතය හරහා අපිට අනතුරු හගවයි චිත්‍රපටියේ පසුබිමෙන් ඇසෙන ටික් ටොක් ටික් ටොක් ඔරලෝසු හඬ ඔබට ඇසුනාද? කාලය පියාඹයි අප්‍රමාදව කටයුතු කරන්න හඳගම හුදී ජන අපට  මෙන්ම   රජතුමාටද දෙන පණිවිඩය  මෙයයි .

ඉනි අවන්- හඳගමගේ විශිෂ්ඨ සිනමා කෘතියකි.

38 comments:

  1. /අපි හැමෝම අපෙන් භාහිර සතුරෙක් මවල අපේ ඔක්කොම ප්‍රශ්න මේ භාහිර සතුරා නිසා වෙන්නේ කියල ඒ භාහිර සතුරාට බැන බැන ඉන්න තමයි කැමති. නලින් ද සිල්වාට සහ ගෝල පිරිසට අනුව අනුව බටහිර සතුරා, තව අයෙක්ට දෙමල ඩයස්පෝරාව බෙදුම්වාදීන් දැන් අලුත්ම මුස්ලිම් සතුරා ඇමරිකන් සතුරා. පැරකුම් ට,වම්මුන්ට අනුව සතුරා තමයි ධනවාදය./

    අරුණි ෂපීරෝට හා උදිතට අනුව සතුරා තමයි (බදු ගහන) ආණ්ඩුව. එතකොට ඔය දෙන්නාමත් ඒ ගොඩේමනේ. වෙනසක් නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. අරුණි සහ මා අතර බොහෝ වෙනස්කම් ඇත. රජය බදු අය නොකලයුතු යැයි මා කියා නැත. වෙනස් වූ බදු ක්‍රමයක් සහ ඉතා කුඩා දක්‍ෂ රජයක් වෙත ගමන්ගන්නවා වෙනුවට එන්න එන්න බදු වැඩිවන ඇමතිවරු වැඩිවන රජයේ සේවකයන් වැඩිවන රජයේ ව්‍යාපාර විශාල වෙමින් යන ක්‍රමය වෙනස් වී අනික් පැත්තට යා යුතුයි කියන මතය දැරීම විසඳා ගත යුතු ඇතුලත ගැටළුවක් නොවේ. අර්ටික ක්‍රමයක රජයේ භූමිකාව පිලිබදව මා වඩාත් සුදුසු යැයි සිතන විදියයි. මේක වෙනස් මම කියන මේ බාහිර සතුරා අදහසින් ඒක මේ වගේ දෙයක් දැන් යුද්දෙට ඉස්සෙල්ල හැමෝම හිතුවේ ප්‍රභාකරන් ඇතුළු කොටි යුද්ධය නිසා එනම් නලින් සිල්වා අරුතින් දෙමළා නිසා තමයි අපිට දියුණු වෙන්න බැරි රට ආපස්සට යන්නේ කියල දැන් යුද්ධය දිනලා ඉවරයි බාහිර සතුරා මැරිලා එත් රට එන්න එන්න තව අප්සට් මොකද ඒ?

      Delete
    2. 1. අරුණි ශපීරෝ කියන දේ කොච්චර අප්‍රායෝගික වුනත් ඒක තමයි ඔබ්ජෙක්ටිවිස්ට් මතය. Virtue of Selfishness පොතේ රෑන්ඩ් ලිව්ව:

      In a fully free society, taxation—or, to be exact, payment for governmental services—would be voluntary. Since the proper services of a government—the police, the armed forces, the law courts—are demonstrably needed by individual citizens and affect their interests directly, the citizens would (and should) be willing to pay for such services, as they pay for insurance.

      මං මේකෙ අප්‍රායෝගික බව ගැන ඇයට කිව්වත් ඇය එය පිළිගත්තෙ නැහැ. මගෙ අත්දැකීම් වලට අනුව බහුතරයක් ඔබ්ජෙක්ටිවිස්ට්ලා දැඩිමතධාරීන්. අනිකුත් ලිබර්ටේරියන්ලා ඒ අතින් හුගක් නම්‍යශීලියි.

      ඒත් මේකෙ ලස්සනම වැඩේ තමයි මෙවැනි බදු ක්‍රමයක අප්‍රායෝගිකත්වය ගැන රෑන්ඩ් ම නොකිය කියනව.

      The question of how to implement the principle of voluntary government financing—how to determine the best means of applying it in practice—is a very complex one and belongs to the field of the philosophy of law. The task of political philosophy is only to establish the nature of the principle and to demonstrate that it is practicable. The choice of a specific method of implementation is more than premature today—since the principle will be practicable only in a fully free society, a society whose government has been constitutionally reduced to its proper, basic functions.

      2. නලින් ද සිල්වාට අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ අපි දැනටමත් දියුණුව කරා යමින් තමයි ඉන්නෙ. ඒක ඔය ඊනියා බටහිර වර්ගයේ කිසි වැදගැම්මකට නැති දියුණුවක් නෙවෙයි. ෆුල් ආතල් සිංහල බෞද්ධ දියුණුවක්.

      Delete
    3. ඔබ ,බදු අය කලයුතුද? නැද්ද කියන කාරණවේ බදු අය කලයුතුයි යන්න නියොජනය කරනවා?(වෙනස් ක්‍රමයකින් හො බදු අය කල යුතුයි යන්න ඔබ පිලි ගන්නවා.එකග වෙනවා,එනම් බදු අය කල යුතුයි යන්න නියොජනයක්! කව්ද මෙ වෙනස් ක්‍රමය හදන පුද්ගලයා?)

      Delete
  2. /අනාගතය අවිනිශ්චිතය, අනාගතය සුභ අනාගතයක් වීම වලක්වා ඇත්තේ භාහිර සතුරෙකු නොව ඔබමය අනාගතය සුභ අනාගතයක් බවට හරවා ගැනීමට හැකියාව ඇත්තේ ඔබටමය. හඳගම ඉනි අවන් ඔහුගේ සිනමා භාවිතය හරහා අපිට අනතුරු හගවයි චිත්‍රපටියේ පසුබිමෙන් ඇසෙන ටික් ටොක් ටික් ටොක් ඔරලෝසු හඬ ඔබට ඇසුනාද? කාලය පියාඹයි අප්‍රමාදව කටයුතු කරන්න හඳගම හුදී ජන අපට මෙන්ම රජතුමාටද දෙන පණිවිඩය මෙයයි./

    මෙහි පළමුවැනි වාක්‍යය හා තුන්වන වාක්‍යය පරස්පරයි කියලා හිතෙන්නේ නැද්ද උදිත?

    පළමුවැන්නෙන් කියනවා අනාගතය සුභ අනාගතයක් කර ගත හැක්කේ තමන්ටමය කියලා. ඉතින් ඒකට මහ රජතුමා සම්බන්ධ වෙන්නෙ කොහොමද? තමන්ටම පුළුවන් නම් තමන්ගේ අනාගතය සකස් කර කන්න ඇයි මහ රජතුමාගෙන් උදව් ඉල්ලන්නෙ? "තෑන්ක් යූ අයියා, අපට පුළුවන්" කියන්නෙ නැත්තේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මහ රජතුමා පත් කරන්නේත් අපිම නේද? රජතුමාගෙන් අපි උදව් ඉල්ලිය යුතුයි කියනවා නොවෙයි මේ චිත්‍රපටිය තුල රජතුමාට උනත් ඉගෙනගන්න දේවල් තියනවා කියන එකයි කියන්නේ රජතුමා නිවැරිදි දේ කලොත් රටට හොඳයි රටට හොඳ උනොත් රජතුමාටම තමයි හොඳ.රජතුමා උනත් පිස්සු කෙලියොත් බලෙන් පහවෙනවා බලය සහ තුවක්කුවේ හයිය නැතිවුනාම වෙනදේත් මේ චිත්‍රපටිය තුල තියනවා.

      Delete
    2. ඔය කියන කතාව ධනවාදියකු නොවන්නකු කිව්වා නම් මම පිළි ගන්නවා, නමුත් ධනවාදියකු ලෙස තමන් හඳුන්නා ගන්නා ඔබට එවැනි අයිතියක් නැහැ.

      මාකට් එකක් හදන්න පාලකයකුට මොකද්ද කරන්න පුළුවන්? නීතිය හා සාමය (law and order) ඇති කිරීම මිස වෙන කිසිම දෙයක් කරන්න බැහැ. මම හරිද? ඉතින් මහරජතුමාට මොකද්ද ඉනි අවන් බලලා ඉගෙන ගන්න තියෙන්නේ? මට හිතෙන විදියට එකම දෙයයි. උතුරේ 5:1 අනුපාතයට ඉන්නා යුද හමුදාව අයින් කරලා සාමාන්‍ය තත්ත්වය ඇති කරන්න. එහෙම දෙයක් ඉනි අවන් වලින් කියන්නේ නැහැ.

      ඒ වෙනුවට ඉනි අවන් වලින් පෙන්නන්නේ උතුරේ ඇති වෙමින් පවතින ධනවාදී සමාජයේ හඳගම දකිනා භයානකත්වය. (වරදවා තේරුම් ගන්න එපා මහ බැංකුවේ සේවය කළාට හඳගම කියන්නේ ධනවාදියෙක්ම නෙවෙයි - විශේෂයෙන්ම ඔහුගේ කලාකෘති වලදී. ඔහු තවමත් අර කැම්පස් කාලේ ජේ.වී.පී. අදහස් තැනින් තැන එළියට දාන කෙනෙක්.) ජාවාරම්කාරයා හරහා ඔහු කියන්නේ ඇතිවෙන නව වෙළඳ සමාජයේ භයානකබව. ඔහු කියන්නේ මහ රජතුමාට වහාම මැදිහත් වෙන්න කියලා.

      ප්‍රශ්නය ඔබට හෝ මට එවැනි මැදිහත්වීමක් අනුමත කළ හැකිද කියලා. අපට ඕනෑ මහරජතුමාගේ මැදිහත් වීම නොව මහරජතුමා සම්පූර්ණයෙන් ඉවත් වීම නේද? මහරජතුමාගේ 'මැදිහත් වීම' හරහා එන බලයෙන් සිංහලීකරණය (forced Sinhalisation) හඳගම කතා නොකරන තවත් මාතෘකාවක්. අද යාපනයේ ඕනෑම පොත් හළක දෙමළ පොත් වලට වඩා පේන්න සිංහල පොත් එල්ලලා තියෙනවා. යාපනේ කවුරුත් සිංහල පොත් ගන්නේ නැහැ. ඇයි මේ ප්‍රදර්ශනය? ඇයි හඳගම මේවා ගැන නිශ්ශබ්ද?

      නැවත කල්පනාවෙන් හිතා බලන්න හඳගම මේ සේවය කරන්නේ කාටද කියලා.

      Delete
    3. //ඔය කියන කතාව ධනවාදියකු නොවන්නකු කිව්වා නම් මම පිළි ගන්නවා//
      ලංකාවේ පොදු ජනතාව පිළිගන්නේ හිතහොඳ වම්මු කියන දේවල්ද ධනවාදී අය කියන දේවල්ද?
      //ඒ වෙනුවට ඉනි අවන් වලින් පෙන්නන්නේ උතුරේ ඇති වෙමින් පවතින ධනවාදී සමාජයේ හඳගම දකිනා භයානකත්වය//
      නැහැ ඉනි අවන් පෙන්වන්නේ උතුර මත මුදාහරින ලාංකීය රාජ්‍ය ධනවාදී සුවිශේෂයේ භයානකත්වය

      Delete
    4. /ලංකාවේ පොදු ජනතාව පිළිගන්නේ හිතහොඳ වම්මු කියන දේවල්ද ධනවාදී අය කියන දේවල්ද?/

      මෙතනට අදාළ නොවේ.

      /නැහැ ඉනි අවන් පෙන්වන්නේ උතුර මත මුදාහරින ලාංකීය රාජ්‍ය ධනවාදී සුවිශේෂයේ භයානකත්වය/

      වැරදියි. මේක කන්න ඕනැ උනහම කබරයා තලගොයා වෙනවා වගේ වැඩක්. ලංකාවේ රාජ්‍ය ධනවාදය (state capitalism) ක්‍රියාත්මක වෙනවා තමයි. (ඒක හොඳද නරකද කියලා වෙනම කතා කරමු.) නමුත් සාපේක්ෂව ලංකාවේ අඩුවෙන්ම රාජ්‍ය ධනවාදය ක්‍රියාත්මක වන්නේ උතුරේ. මොනවාද ලංකාවේ රාජ්‍ය ධනවාදය උතුරේ ක්‍රියාත්මක වන අවස්ථා. ආමි එකෙන් රන් කරන රෙස්ටෝරන්ට් ටිකක් තියෙනවා එච්චරයි. වෙන ඉලව් රාජ්‍ය ධනවාදයක් නැහැ. නිකං කටට ආ පළියට දේවල් කියන්න එපා.

      Delete
    5. අවංකවම මට ඔබ කියන්න උත්සාහ කරන දෙය නොතේරේ. මගේ නැණ මට්ටම අනුව හඳගම ගේ නිර්මාණය මම දකින හැටි සහ ඒ ගැන මගේ කියවීම මෙයයි. ඔබ එය දකින අන්දම වෙනස් විය හැකි. ඔබ සුවිශේෂය යන වචනය හැලූ විට මා කියන දෙය සම්පුර්ණයෙන් විකෘතියක් වේ.මා කතාකරන්නේ state capitalism නම් සාර්වත්‍රය ගැන නොව ලංකාවේ රටපුරා දැන් ඇති ලාංකීය රාජපක්ෂ මිතුරු රාජ්‍ය ධනවාදී සුවිශේෂය ගැනයි, මෙය ධනවාදයේ වෙළඳපොල ප්‍රතිලාභ හැම කෙනාටම ලබාගත හැකි ක්‍රමයක් නොවේ, ආසියාවේ ධනවාදය ,සිංගප්පුරු මොඩලය පවා මිට වෙනස්ය එහි ඇමරිකාවේ මෙන් දේශපාලන නිදහස නැති වුවද ආර්ථික නිදහස ඇත ලංකාවේ මොඩලය චීනය ටත් වඩා අප්සට්ය දේශපාලන නිදහස පමණක් නොව ආර්ථික නිදහස පවා ඇත්තේ රජමිතුරන්ටය. යාපනයට කාන්දු වන්නේ මෙය මිස කැනේඩියානු හැමෝම ඇතුලත් ධනවාදය නොවේ. අඩු තරමේ සිංගප්පුරු එකවත් නොවේ.

      Delete
    6. කරුණාකර 'සුවිශේෂය' කියන වචනයේ ඉංගිරිසි යෙදුම දෙනවාද?

      Delete
    7. මම කියන අදහස අර්ථයවත් වෙන්න "unusual" එහෙම නැත්නම් "select"සමහර වෙලාවට "extraordinary" කියන එක වුනත් යොදාගන්න පුළුවන්

      Delete
    8. සිංහලෙන් වෙනත් යෙදුමක් දෙනවනම් "වරණීය රාජ්‍ය ධනවාදය" ලංකාවේ තියෙන්නේ කියල කියන්න පුළුවන්. ලලිත් කොතලාවල හිරේ ඉන්නේ සහ වරෙන්තු තියන යකඩ හොරෙක් එළියේ ඉන්නේ මේ වගේ තැනක.

      Delete
    9. එහෙනම් මේක ඔබේ වචන භාවිතය ගැන ගැටළුවක්. ඩික්ෂනරියක් අරගෙන බලන්න ඔය වචන එකකට හෝ 'සුවිශේෂී' කියන තේරුම තියෙනවාද කියලා.

      නමුත් ඒක පැත්තකින් තැබුවත් රාජපක්ෂ මොඩල් එකේ කිසිම extraordinary කමක් නැහැ. රාජප්ක්ෂ මොඩ්ල් එක තමයි දකුණු ආසියාවේ, දකුණු ඇමෙරිකාවේ, අප්‍රිකාවේ හැම තැනම පාවිච්චි වෙන්නේ. නමුත් මගේ නිරීක්ෂණය තවමත් අදාළයි. යාපනයේ කියලා විශේෂ රාජපක්ෂ මොඩ්ල් එකක් නැහැ. කොළඹ එකම තමයි. සමහරවිට කොළඹට වැඩිය හොඳයි. (රජයේ සහායක් නැතුව යාපනේ කඩයක් දාන එක ලෙහෙසියි කොළඹ දානවාට වඩා.)

      ඒ එක්කම හඳගම අඩු ගණනේ ඒ ගැන ඉඟියක් වත් දෙන්නේ නැහැ චිත්‍රපටය තුළ. (අඩුම ගණනේ ඔය පාර අයිනේ ඕනෑ තරම් තියෙන රාජපක්ෂ කටවුට් එකක් වත් පෙන්නන්න තිබුණනේ!) චිත්‍රපටය පුරා ඔබ දකින්නේ Dialog වගේ බ්‍රන්ඩ් නේම්ස් මිසක් රාජ්‍ය ධනවාදයක් නෙවෙයිනේ.

      නමුත් සුදු කොළයක ඕනෑම දෙයක් දැකීමේ අයිතිය ඔබට තියෙනවා.

      Delete
    10. යාපනයේ විශේෂ රාජපක්ෂ මොඩ්ල් එකක් තියනවා කියල මම කියන්නේ නෑ. මේ චිත්‍රපටියේ හඳගම පෙන්නුවත් නැතත් කොළඹ තියන එකම තමයි එහේට යන්නේ කියන එකයි මම කියන්නේ. කොළඹ වෙනස් කරන්නේ නැතිව යාපනේ නොවෙයි මොනරාගල උනත් වෙනස් කරන්න බැහැ.
      //ඒ එක්කම හඳගම අඩු ගණනේ ඒ ගැන ඉඟියක් වත් දෙන්නේ නැහැ චිත්‍රපටය තුළ.//
      ඒකම තමයි මම ඉනි අවන් වලට කැමති.

      Delete
    11. මෙන්න ඔබ හා මාතලන් වැනිම සුදු කොළයේ බොහෝ දේවල් දුටු තවත් කෙනෙක්. http://www.youtube.com/watch?v=pF5-LuzpZbM&feature=youtu.be

      Delete
  3. ඉක්මනටම ගිහින් බලන්ඩ ඕනි. ලංකාවෙ දමිල චිත්‍රපට වලට අවුරුදු 50ක් මේ අවුරුද්දෙදි සපිරෙන බවටත් මේ නිර්මානය කලකට පසුව බිහිවූ ඒ නිර්මාන අතරින් බොහෝ ඉහලින් ඇති බවටත් පුවත්පතකින් කියෙව්වා

    ReplyDelete
  4. එක කලා කෘතියකින් මහා සමාජයේ තියෙන සියලු විපරීත භාවයන් සහ ඒවාට විසඳුම් දෙන්න හැකියාවක් නැහැ..අනික එහෙම වෙන්න ඕනි නැහැ..අපිට අපි හැමදා නොදකින පැත්තක් හඳගම පෙන්වලා තියෙනවා..

    ඒක යථාර්ථයම නොවෙන්න පුලුවන්.නමුත් එය අපි නිතර දකින දේවල් වලට වඩා ගැඹරු විය හැකි දෙයක්...සෞන්දර්යය කියන්නෙ යථාර්තය නෙමෙයි..අපි පුදුම වීම හරහාත් යම් කිසි දෙයක් ලබාගන්නවා..යම් කිසි විඳීමක් විඳිනවා..

    ෆිල්ම් එකින් කොනිත්තන්න ඕනි මෙන්න මේ තැන්වලට..මෙන්න මේ නිලවලට කියලා පොත්වල තියෙනවා.ඉතිං ඒ පොත්බලාගෙන විවිධාකාර කෝණ වලින් ගොඩක් අය විචාර කරනවා..ඒත් ඒ විචාර මෙලෝ දෙයක් නොදන්න අයට වුනත් බලන්න පුලුවන් වාර්ථාමය රූප රාමු පෙලක්..

    සිනමා කාරුවා දක්ෂයෙක්..නමුත් ලංකාවේ වැඩි පිරිසකට පෙන්වන්න හොද ප්ලෑන් එක්ක හදගමට නැහැ..ෆිල්්ම එක ගොඩක් හෝල් වලින් දිනේටත් කලිං ගැලවිලා යනවා.ඒක මාකටිං කැම්පේන් එකේ අවුලක්...

    ReplyDelete
  5. uditha me post eka kiyewwa..
    ela .

    ReplyDelete
  6. ඉනිඅවන් තවම නරඹා නොමැත...

    ReplyDelete
  7. උඹ කියනවා වගේ හඳගමගෙන් මිනිස්සු ඉල්ලන්නෙ වෙන දෙයක්. මේ ෆිල්ම එකේ නම් ගත යුත්තක් නෑ. ඒත් දෙමළා ආන්ඩුවට කියන දේ හඳගමගේ ලස්සනට අපේ හරක්ගේ කන අතගාන ගමන් කියලා දෙනවා. කැමරාව නම් උසස්.. එච්චරයි.. හඳගමත් කඩේ යනවා කියලා මේක බලලා කෙනෙක් කිව්වොත්, පුදුම වෙන්න දේකුත් නෑ...

    ReplyDelete
    Replies
    1. දෙමළා ආණ්ඩුවට කියන්නෙත් සිංහල බත් කන හරක් ආණ්ඩුවට කියන දේමයි. අනේ මහත්තයෝ මට පිනට යමක් දෙන්න...ඉස්කෝල දෙන්න, රස්සා දෙන්න, පෝර සහනාධාර දෙන්න, විශ්ව විද්‍යාල දෙන්න...කොටින්ම මට අතපය වකුටු කරගෙන නිදාගන්න ඕනැ ඔක්කෝම ගෙනැල්ලා ඇඳ ළඟට දෙන්න. එහම නුදුන්නාම මාතලන් වගේ පිරිස් ආණ්ඩුවට බනිනවා.

      Delete
    2. වැරදීමක් ඇනෝ... මේ චිත්‍රපටයෙන් කියන දේ ගොඩක් අයට තේරෙන එකක් නෑ. ප්‍රචාරය යන්නෙත් එහෙම නේ.. ඇනෝ කියන් එකෙ එක ඇත්තක් තියෙනවා, දෙමළාට තියෙන ආර්ථිකස් ප්‍රශ්නම තමයි අපටත් තියෙන්නේ. ඒත් අද අපට යම් කිසි නිදහසක් තියෙනවා. ඒත් එයාලාට ඒකවත් නෑ. නිදහහස් දීලා ආයෙත් ත්‍රස්තවාදයට යන්න ඉඩ දෙන්න නරකයි. ඒත් ඒ මිනිස්සු පීඩාවට පත් කිරීම වහාම නැවතිය යුතුයි. අවම වශයෙන් නැගෙනහිරි ඉන්න මුස්ලිම් හිඟන්නන්ට තියෙන මානුෂික නිදහස ඔවුනට ලබා දිය යුතුයි. එහෙම නැත්නම් ආයෙත් පුපුරයි කියන දේ තමයි හඳයා කියන්නේ. ඒත් බලන් උන්ට ඒක තේරෙනවද මන්දා...

      Delete
    3. ඒක මාතලන් ඔයාගෙ හිතේ තියෙන දෙයක්නෙ. චිත්‍රපටියේ කොතැනද තියෙන්නේ දෙමළ ජනයා පීඩනයට පත් වෙනවා කියලා ආණ්ඩුවේ ක්‍රියා මාර්ග නිසා? අඩු ගණනේ එක ආමි කාරයෙක් පෙන්නනවාද? නෑ. ඔක්කෝම මිනිස්සු නිදහස්. අඩු ගණනේ චෙක් පොයින්ට් එකක නතර කළත් පොලීසියෙන් චෙක් කිරිල්ලක් නැහැ. ඔවුන්ට තියෙනවා කියලා පෙන්නන්නේ ආර්ථික ප්‍රශ්න විතරයි.

      මට කියනවාද මළ සිරුරක් උස්සගෙන ඇවිල්ලා වෙන තැනක දාන්න පුළුවන්ද කියලා අද උතුරේ? බැහැ. එහෙම කළ එකාට ආමි එකෙන් පෝරියල් තමයි. නමුත් හඳගමගේ උතුරේ මළ සිරුරක් ගෙනැවිත් වෙන තැනක දාන්න විතරක් නෙවෙයි මරණ පරීක්ෂණයකින් තොරව වළලන්නත් නිදහස තියෙනවා. මාරයි නේද?

      Delete
    4. ඒක තමයි මම කිව්වේ නැති දෙයක් පෙන්නලා.. හඳයා ලස්සනට කන අත ගානවා කියලා....

      Delete
    5. කොහෙද ඔයා එහෙම කියල තියෙන්නේ මාතලන්? ඔයා එහෙම කියල නැහැනෙ. මට පේන හැටියට නම් ඔයාට කිසිම දර්ශනයක් නැහැ. මහින්දට බනින එක තමයි ඔයාගෙ එකම දර්ශනේ. ඔයා සරත් ෆොන්සේකා වගේ හිස් මිනිහෙකුටත් කඩේ ගිය කෙනෙක් නේද? එහෙම නෙවෙයිද?

      Delete
    6. ඇනෝ මහතා නැට්ට පාගගෙන ඉන්නේ.. කරුණාකර නැට්ට උඩින් ඉවත් වන්න. සරත් ෆින්සේකා වැනි දේශපාලණ නොදරුවෙකුට කඩේ යාමට තරම් මට අමාරුවක් නොමැත. එහෙත් සරත් ෆොන්සේකා නම් රණ විරුවා බූරුවකු වනු දැක මා කනගාටුවට පත්වූ බව නම් ඇත්තකි. මහින්දට බැනපු එක කෙසේ වෙතත් අන් අය නම් මා හඳුන්වනුයේ මා මහින්දට කඩේ යන්නකු ලෙසයි. ප්‍රථම කොමෙන්ටුව කියවා මා කියා ඇත්තේ කුමක්දැයි වටහා ගන්න.

      Delete
    7. ඔයාට හරිම ලේසියි නේද මාතලන් එක වෙලාවක කරන දෙයක් තව වෙලාවක කළේ නැහැ කියන්න? මාරයි නේද?

      Delete
    8. // අඩු ගණනේ එක ආමි කාරයෙක් පෙන්නනවාද? //
      ඇයි යුධ හමුදාව පෙන්වන්නේ නැත්තේ කියන එක කැනඩාවේදී සිනමා උළෙලේ ප්‍රේක්ෂකයන් හඳගම ගෙන් අහපු ප්‍රශ්නයක්. ඔහුගේ කෙටි පිළිතුර උනේ පෙන්නුවේ නැති උනාට හමුදාවේ පෙනීසිටීම චිත්‍රපටය පුරාවට දැනෙනවා නේද කියන එක.//They may not be there in uniform but their presence is felt- handagama//

      Delete
    9. නැහැ. එහෙම කිසිම දැනීමක් නැහැ. උදාහරණයක් හැටියට මිනියක් ගෙනැවිත් වෙන ගෙදරක දමා යන්න බැහැ හැම තැනම යුද්ධ හමුදාව ඉන්නවා නම්. එහෙම දෙයක් කරන්න මිනිස්සු බයයි. කෙල්ලෙකුට තුවක්කුවක් අරගෙන පට පට ගාලා දිගටම අහසට වෙඩි තියන්න බැහැ හැම තැනම යුද්ධ හමුදාව ඉන්නවා නම්. ජාවාරම්කාරයින්ට ජාවරම් කරන්න බැහැ හැම තැනම යුද්ද හමුදාව ඉන්නවා නම්. ඇත්තටම උතුරේ මේ වගේ ජාවාරම් වෙනවා නම් ඒවා වෙන්නේ යුද්ධ හමුදාවේ අනුග්‍රහය ඇතිව පමණක් විය යුතුයි. ප්‍රශ්නේ තියෙන්නේ යුද්ධ හමුදාවක් යටතේ ජීවත් වන සමාජයක් කියලා චිත්‍රපටයේ කිසිම තැනකින් නොපෙනෙන/නොදැනෙන එකයි.

      (ඕනෙම නම් ඔය මාතලන් වගේ එහෙම දැනෙනවා කියලා ආතල් එකට හිත රවට්ටා ගත හැකියි.)

      Delete
    10. හැමෝම හැම දෙයක්ම ඔබ දකින විදියටමද දකින්න ඕනෑද? මගේ කියවීම වෙනස්? හඳගම කිව්වත් මම කියන්නේ වැරදි දෙයක් කියල කරන්න දෙයක් නෑ, මේක මම දකින විදිය. මාතලන් දකින්නේ වෙන දෙයක් වෙන්න පුළුවන්.

      Delete
    11. කාලයකට ඉහත ලංකාවේ එක්තරා චිත්‍ර ශිල්පියෙක් තමන්ටම ආවේණික ශෛලියකින් චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වූයේය. ඔහුගේ එක් චිත්‍රයක් සුදු කොළයක් මැද තැබූ තිතකි. තව චිත්‍රයක් තනි සුදු කොළයකි. නරඹන්නන්ට මේවායින් "නොදකින දේ" දැකිය හැකි බවට ඔහු තර්ක කළේය.

      මා ඔබට කියන්නේද එයමයි. ඔබ මා සමඟ එකඟ විය යුතු නැත. හඳගමගේ සිනමා කෘතියක සේම තනි සුදු කොළයකද ඔබට කැමැති දේ දැකීමේ සම්පූර්ණ අයිතිය ඔබට තියේ.

      Delete
  8. මචං,ඇනොනිමස් ආවට සමාවෙන්න.මම නම් ඉනි අවන් තවම නරඹලා නැහැ.ඒත් හඳගමගේ අනිත් චිත්‍රපට කීපයක්ම මං නරඹලා තියෙනවා.හඳගම බොහෝවෙලාවට අපි සිනමා තිරය මත දකින්න බලාපොරොත්තු නොවෙන දෙයක් අතිවිශාලව පෙන්නන කෙනෙක් විදිහට තමයි මම නම් දකින්නෙ.මම හිතන්නෙ ලංකාවෙ දෙමළ චිත්‍රපටියක් සිංහල අයටත් එක්ක කරපු ප්‍රධාන සිංහල සිනමාකරුවා තමයි හඳගම.අයින් රෑන්ඩ්වනම් කියවලා නෑ,එතකම් අයින් වෙලා ඉන්නම්.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ජුගුප්සාජනක නොවන තාක් කල් ඇනෝනිමස් ලාට මෙහි නටන්න අයිතිය තිබේ. කිසි තරහක් නෑ. ඔබේ අඩවියට ගොඩ වුණා.

      Delete
  9. සංසදාන්තමක අර්ථ දැක්වීම හොඳින් කර තියෙනවා උදිත.

    සොඳුරු මිනිසෙක් වූ හඳයාගේ ඉනි අවන් නිර්මාණය දැකලා නැහැ තවම. ඒත් මේක කියවා ගෙන යනකොට ස්ටීව් ජොබ්ස් කියමනක් සිහියට ආවා. අප්පමාදේන සම්පාදේත කියා පටන් ගත්තු බුදුහාමුදරුවන් සිට කොච්චර දෙනෙක් කොපමණ ආකාර වලින් මේ පණිවිඩය අපිට කියන්නට උත්සාහ කර ඇත්දැයි සිතුණා.

    “Your time is limited, so don't waste it living someone else's life.”
    ― Steve Jobs

    ReplyDelete
    Replies
    1. ලංකාවේ කලා කෘතිසහ ජනතාව අතර අතරමැදියා වීමේ අයිතිය වමේ පොරවල් සින්නක්කරට ලියාගෙන තියෙන්නේ ඒක නිසා මේ අදහස කවුරුත් නොදැක්ක වගේ ඉන්නවා අනිවාර්යයෙන්ම.

      Delete
  10. ඔබගේ පැහැදිලි කිරීම සහ මා පෙර අසා, කියවා ඇති පරිදි බැලිය යුතුම චිත්‍රපටියකි. නමුත්, මටද තව බැලීමට නොහැකි වූවා. ඇසු-පිරූ ආකාරයට මා සිතනුයේ යතාර්ථය මනසේ මනාව ප්‍රකෘත්තිමත් කරන චිත්‍රපටියක් ලෙසයි. එහෙත් එය බැලිය යුතුමයි.

    ReplyDelete