Pages

Followers

Wednesday, January 16, 2013

නව යොවුන් ලිංගිකත්වය ,පෙම්සුව සහ ලංකාවේ නීතිය

ලංකාවේ  අගවිනිසුරු දෝෂාභියෝගයක්  හරහා ඉවත් කර දැන් නව අගවිනිසුරුවරයෙක් පත්කර හමාරය. ලංකාවේ ඕනෑම මහජන නියෝජිතයෙකුට  චංදය දිනීමෙන් පසු ඕනෑම පක්ෂකට තමන්ට චන්දය දුන්  ජනතාවගේ   අභිලාශය නොතකා පක්‍ෂ මාරුකිරීම නීත්‍යානුකූල යැයි කීවේද අපේ අධිකරණයයි. පොඩි මිනිසුන් වන  ජනතාව ලෙස අපිට නඩුකාරයන් අගවිනිසුරු මාරු කිරීම වැනි මහෙක්ෂ්‍ය තලයේ වැඩ වලට වඩා වැදගත් වන්නේ පොලිස් කාරයෙක් පාරේ බෝක්කුවක් උඩ වාඩි වී බීඩියක් ගහන මිනිහෙක්   අල්ලාගෙන ගොස්  අපිට නඩුවක් දැමු විට වෙන්නේ මොන වගේ අකරතැබ්බද යන්න වැනි ක්ෂුද්‍ර තලයේ දේවල්ය.
මට හිතෙන විදියට නම් බ්ලොග් ලියන සුළු ජනතාව වන අපි අවධානය යොමුකළ යුත්තේ කාටත් වැඩක් නැති ලොකු ලොකු පොරවල්ගේ මහේක්ෂ්‍ය ගැටළු නොව පොඩි පොඩි අපි කාටත් බලපාන දේවල්ය.

වැඩිහිටි යුවලක් වුව කාමරයක් ඇතුලේ  දොරවල් වසාගෙන සිය කැමැත්තෙන් නිරුවතින් සිටීම යනු  නඩුවක් බලවන වරදක් වෙන අපේ මහා ආශ්ච්ර්යයේ අඹ ගෙඩියේ නව යොවුන් තරුණ පෙම් වතුන් දෙදෙනෙකුගේ  SEX ප්‍රශ්නය ඇප ලබාගත යුතු වරදක් වී පොලිසියේ හිරේ විලංගුවේ යන කාරණයක් වීම සමාජයට ප්‍රශ්නයක් නොවුවද එහි නීතිමය තත්වය  මට නොතේරෙයි ඒ බැවින් මා ඔබේ අදහස් විමසමි.  ඒ පිළිබඳව දිවයින ජාතික පුවත්පතේ අද 2013/01/16 දින පළවූ  පෘව්ර්තියකට මම ඔබේ අවධානය  යොමු කරවමි. කරුණාකර මෙතනින් එම පුවත කියවන්න.
පාසල් නොගොස්‌ කාමරයක පෙම්සුව
වින්ද සිසුවා හා සිසුවියට ඇප- දෙමව්පියන්ටත් දැඩි ලෙස අවවාද
කෙටියෙන් වී ඇත්තේ මෙයයි. වයස 15 ක් වන බාල වයස්කාර නවයොවුන් පෙම්වතුන් දෙදෙනෙක් පාසලෙන් කට්ටි පැන කාමරයකට ගොස් ස්වභාවිකව  නව යොවුන් භවේ නිරෝගී ප්‍රකාශනයක් වන  ලිංගික හැඟීම් ඇතිවීම නිසා ඒවා අත්හදා බැලීමට උත්සාහ කර ඇත. මෙම  සාපරාධි අපරාධයේ නිරතවනු දුටු කවුදෝ පොලිසියට දැන්වීම නිසා කාමරයේ දොරවල් කඩාගෙන පොලිසිය එතැනට පැමිණ මේ දරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පසුව උසාවි දමා දෙමව්පියන් ගෙන්වා ඇප ලබාදී ඇත.  තවද මෙම අවස්ථාවේදී බාලවයස්කාර පෙම්වතා මත්පැන් පානය කර ඇති බවද හෙළිවී ඇත.
 බොහෝ අය මෙම ප්‍රවෘත්තිය කියවා කුණු රසයක් විනින විඳින අතර ලංකාවේ ජනප්‍රිය  පොදුජන මතය වන්නේ අපේ මේ ළමයින් මහා අපරාධයක් කර ඇති බවත් පොලිසියේ සහ අධිකරණයේ ක්‍රියාවලිය නිවැරිදි බවත්ය.
මම මෙය දකින්නේ වෙනත් කෝණයකිනි. ලංකාවේ නිතිය පිළිබඳ මම විශාරදයෙකු නොවේ එබැවින් බ්ලොග් කියවන   නිතිය දන්නා අය කරුණාකර මට මෙම ප්‍රශ්නය ගැන ඇතිවී ඇති ගැටළු ගැන ප්‍රතිචාර ඔස්සේ  දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.

1.//කළුතර නගරයේ ප්‍රසිද්ධ පාසල් දෙකක ඉගෙනුම ලබන 15 හැවිරිදි වියේ පසුවන ශිෂ්‍යාවක්‌ හා ශිෂ්‍යයකු නිරුවතින් පාළු නිවසක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බවත් පාසල් ශිෂ්‍යයා අධික ලෙස මත්පැන් පානය කර සිටි බව අනාවරණය වූ අතර ඔවුන් ඇඳ සිටි පාසල් නිල ඇඳුම් පසෙක ගලවා තිබියදී සොයාගත් බවත් කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි මහත්මිය එම දරු දෙදෙනාත් ඔවුන්ගේ මව්පියන් ද කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අළුත්ගේ මහතා වෙත ඉදිරිපත් කරමින් කියා සිටියාය- දිවයින  2013/01/16 .//
 බාලවයස්කාරයා මත් පැන් බිමේ ගැටලුව.
මෙහිදී  දියුණු රටක නම් නිතිය ලුහුබඳින්නේ   බාලවයස්කාරයා මත්පැන් ලබා ගත්තේ කොහේද යන්නයි  මත්පැන් විකුණා ඇති වෙළෙන්දාගේ බලපත්‍රය ය තහනම් වන අතර දඬුවම් දෙන්නේ ඔහුටයි. මිලදී නොගෙන   මත්පැන් නිවසකින් ලබා ගත්තේ නම් එසේ  බාල වයස්කාර ළමයෙකුට  ලබාගත හැකිවන ලෙස මත්පැන් තැබූ තැනැත්තා ,වැඩිහිටියා වරදක් කර ඇත. මෙහිදී ඒ ළමයා අත්අඩංගුවට ගත්තේ  උසාවි දැම්මේ ඒ වරදට නම් පොලිසිය   ළමයා අත්අඩංගුවට ගැනීම මට තේරුම්ගත නොහැක.

2.//පොලිස්‌ හදිසි ඇමතුම් අංශයේ 119 ට ලැබුණු ඇමතුමක්‌ අනුව නිවස වටලා මෙම දෙදෙනා අත්අඩංගුවට ගත් අතර ශිෂ්‍යයාගේ වයස අවුරුදු 15 මාස 10 ක්‌ වන අතර ශිෂ්‍යාවගේ වයස අවුරුදු 15 මාස 9 ක්‌ බව උප්පැන්න ලේඛන පරීක්‍ෂා කිරීමේදී අනාවරණය වූ බව පොලිස්‌ පරීක්‍ෂිකා මල්කා තුෂාරි, නඩු මෙහෙයුම් අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක චන්දන තෙන්නකෝන් හා කොස්‌තාපල් (55301) ගුනේන්ද්‍ර යන මහත්වරු අධිකරණය හමුවේ කියා සිටියේය.- දිවයින එම //

මට මෙම පුවතින් වැටහෙන පරිදි  බාලවයස්කාර  නවයොවුන් තරුණ තරුණයින්ට ලංකාවේ නිතිය අනුව  නිවසක දොර වසාගෙන උවද පෙම්සුව විඳීම හෝ  ලිංගිකත්වය තහනම් දෙයක්.දෙදෙනාගේ වයස 15ක්  ඒ නිසා  අත්අඩංගුවට ගෙන එම වරදට අධිකරණයට ඉදිරිපත් කලාද ? එහෙම නැත්නම් වයස භේදයක් නොමැතිව ලංකාවේ පෙම්සුව විඳීම තහනම්ද? මා මෙහිදී විමසන්නේ නීතිමය තත්වය පමණි.  කරුණාකර සංස්කෘතික ආචාරධාර්මික ආකල්පමය දේ පටලවා නොගන්න. නීතියට ඒවා අදාළ නොවේ.

වයස 18 ට වැඩි වැඩිහිටියෙකු වයස 15 ක නව යොවුන් දැරියක් හෝ දරුවෙක් අපයෝජනය කිරීම බාලාපරාධයකි . එය අත්අඩංගුවට ගෙන උසාවි දමා දඬුවම් කලයුතු වරදක් බව මගේ හැඟීමයි. ඒත් එහිදී පවා දඬුවම් කල යුත්තේ අත්අඩංගුවට ගත යුත්තේ වැඩිහිටි අපයෝජකයා පමණි. මෙතැනදී නම්  ළමයින් දෙදෙනාම බාල වයස්කාරයින් වන අතර ප්‍රසිද්ධ තැනක පෙම්සුව විඳ අසුවුවානම් පොලිසිය කල යුත්තේ ළමයින් අදාළ පාසල් වල විදුහල්පති වරුන්ට හෝ දෙමව්පියන්ට දඬුවම් අවවාද දීම සඳහා භාර දීමයි.

3. //මෙම දෙදෙනා වසරකට අධික කාලයක සිට පෙම් සබඳතාවයක්‌ පවත්වා ඇතැයි ද අත්අඩංගුවට ගත් මෙම පාසල් දරු දෙදෙනා කළුතර නාගොඩ රෝහලේදී වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කළ බව ද කියා සිටියේය.- දිවයින එම //
11 වැනි වසරේ  සිසුන්ට ලංකාවේ නිතිය යටතේ පෙම් සබඳතා තහනම්ද?  දරු දෙදෙනා වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කිරීමට පොලිසියට ඇති අයිතිය සහ නීතිමය තත්වය කුමක්ද?

4. //පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මව්පියන්ට දැඩි ලෙස අවවාද කළ විනිසුරුවරයා පරිවාස නිලධාරීන්ගේ අධීක්‍ෂණයට මෙම දෙදෙනා පත් කරමින් එක්‌ අයකුට රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් ඇපමත මුදාහරින ලෙස නියෝග කළේය.//
මෙතනදී මට නොතේරෙන අප්‍රභංශය නම් ඇප දීමට නම් හිරේ විලංගුවේ දැමිය යුතු අපරාධයක් කර යුතුය 50,000 බැගින් ගෙවා ඇප ලබාගැනීමට මේ දරුවන් කල වරද කුමක්ද?
i. පෙම් සබඳතා පැවැත්වීමද?
ii.මත්පැන් පානය කිරීමද?
iii. ගෙයක් තුල නිරුවතින් සිටීමද?
iv. ලිංගිකව එක්වීමද?
v.  පෙම්සුව විදීමද?
 ඉහත කාරනා ලංකාවේ නිතියට අනුව අපරාධයක්ද? නීතිය උල්ලංඝනය කිරීමක්ද? පාපයක්ද? මොකක්ද?

ලංකාවේ සමාජ සම්මතයට සංස්කෘතියට අනුව නවයොවුන් ලිංගික සම්බන්ධතා යනු මහා අවාසනාවන්ත අපරාධයක් ලෙස සැලකීම මට තේරුම් ගත හැක. නමුත් නිතිය ඉදිරියේත් එය  එවැනිම දෙයක්ද?

මෙම ප්‍රශ්නයේදී පාසලින් කට්ටි පැනීම වරදකි එයට විනය පරීක්ෂණයක් තබා දඬුවම් දිය යුත්තේ අදාළ දරුවන්ගේ පාසලේ විදුහල්පතිය.
එලෙසම අඩුවයසින් ප්‍රේම සබඳතා ලිංගික සබඳතා පැවැත්වීම පිළිබඳව  තම දරුවන් හා සාකච්චා කිරීම දඬුවම් දීම මෙහිදී අදාළ  දෙමව්පියන්ගේ වගකීමකි.  මගේ පුද්ගලික මතය නම් පොලිසියට ආණ්ඩුවට තමන්ගේ ළමයින් ආණ්ඩු මට්ටු කරන්න ඉඩ නොදිය යුතුය.

පොලිසිය, නිතිය, නඩුකාරවරු,  ළමා හා කාන්තා කාර්යාංශය වැනි රජයේ ආයතන පුරවැසියන්ගේ සහ පවුල්වල   මෙවැනි පුද්ගලික  කරුණු වලට ජන ජිවිතයට මැදහත් වීමේදී තම   සිමාවෙන් ඔබ්බට බලය පෙන්වීම  ඉස්ලාමයේ ෂරියා නීති ක්‍රියාත්මක කිරීම වැනිම වූ ක්‍රියාවක් බව මගේ පුද්ගලික අදහසයි.

අරාබි මුල්ලා වරු රිසානාට මරණ දඬුවම දී බෙල්ල කැපීම හා අපේ පොලීසි හා  අධිකරණය මෙම ළමයින් ඇප ලබාදිය යුතු අපරාධ කරුවන් කිරීම අතර ඇත්තේ  මට අනුව නම් කෙස් ගසක වෙනසක් පමණි.

නව යොවුන් ලිංගිකත්වය අපරාධයක් යැයි සිතන මෙම කාරණයේදී මෙම දරුවන් අපරාදකරුවන් ලෙස හංවඩු ගහන ලංකාවේ පොලිසියට නඩුකාරවරු,  ළමා හා කාන්තා කාර්යාංශය වැනි ආයතන වලට මම යෝජනා කරන්නේ කරුණාකර මහත්වරුනි Bruce Willis රඟපාන Moonrise Kingdom (2012)  චිත්‍රපටිය නරඹන්න කියාය. මෙම කරුනේදී මා වැරදියයි සිතන අයද කරුණාකර එම චිත්‍රපටිය නරඹන්න.
 මුස්ලිම් මුල්ලා වරුන්ට ෂරියා නීතියට කෙතරම් විරුධද උවද මට හිතෙන හැටියටනම්  අපි වේගයෙන් ගමන් කරන්නේත්  ඒ පැත්තටමය.
පුද්ගලික නිදහස අගයන සමාජයක රටක නම් මෙවැනි කරුණකදී වෙන්නේ මේ දරුවන්ගේ දෙමව්පියන් එකට එකතු වී තම සිමාව ඉක්මවා පුද්ගලික ජන ජිවිතයට ඇඟිලි ගහන පොලිසියට හා ළමා හා කාන්තා කාර්යාංශයට එරෙහිව ක්‍රියා කිරීමයි.

59 comments:

  1. ලංකාවේ ආකල්ප අනුව නම් 18ට වැඩි දෙන්නෙක් ගියත් දකින්නේ හරහට . මම දන්න තරමින් අවුරුදු 16ට වැඩි නම් තමයී නීතියට එකඟ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ලංකාවේ නිතිය අනුව 16 ට වැඩි පෙම්වතුන්ට නිවසක කාමරයක් ඇතුලේ දෙදෙනාගේම කැමැත්තෙන් ලිංගිකව එකතු වීමට නීතිමය බාදාවක් නෑ එත් අවු 16 ට අඩු නම් බැහැ කියලද?
      මම නම් කියන්නේ ළමයින්ට ලිංගික අධ්‍යාපනය සහ අවවාද දෙන්න ඕන නිසි වයසට එනකන් මේවා කරන්න එපා කියල. එත් බාලයින් මේවා කරා කියල පොලීසි කූඩු උසාවි වල දාල හිරේ දාන එක වැරදියි. මේ ළමයින්ට විශාල මානසික හානියක් වෙන්නේ.
      නිතිය එලවන්න ඕන මේ වගේ දේවල් පස්සේ නොවෙයි අර පට්ට නාකි මුස්ලිම් යක්කු අඩුවයසේ ළමයි කසාද බදින්නේ උන්වයි අල්ලලා හිරේ දාන ඕන.

      Delete
    2. ඔබේ අදහසට මාත් එකඟයි , ඒත් පොතේ මොකක් තිබුනත් 16ට වැඩි අයත් පොලිසියෙන් අල්ලගෙන ගියපු අවස්ථා මම් දැකල තියනවා . ඔතනදි ළමයින්ගේ දෙමව්පියනුත් පොලිසියට වරදක් කියන්නේ නෑ. එතකොට පොලිසිය බම්බු ගහන එක අහන්න දෙයක්ද . බාල වයස් කරුවන් තියා වැඩිහිටි තරුණ ජෝඩුවලට පෙම් කරනත් පොලොසිය බාල්දි පෙරලන රටක් මේක . එක පාරක් බිච් එකකදි ජෝඩු අත් අඩංගුවට් අරන් තිබ්බා . තව පාරක් නිවුස් එකක් ගියා . "කාමරයක් තුල නිරුවතින් හිටියා " කියලා , එක කොන්ද පණ තියන මාධ්‍ය වේදියෙක් නෑ අහන්න උන් හෙලුවෙන් හිටියාට පොලිසියට පාන්ද කියලා ? , කොදෙව් ක්‍රිඩකයින් කාමර වලට ගිය කෙල්ලා අල්ලලත් පොලිසිය නිකන් කිච උනේ .

      Delete
  2. උදිත ලංකාවේ මේ වගේ දේවල් සඳහා තියෙන නීති වලට සංස්කෘතික බලපෑමක් තියෙනවා නේද...? මෙතන වෙච්ච දේ හරියට දන්නේ නැතුව යමක් කියන්න බෑ...

    මම අහලා තියෙනවා හොරකම්, මත්පැන් භාවිතය සහ මේ වගේ ලිංගික ක්‍රියාවල නිරත වීම වගේ දේවල් වලට අහු උනාම නිවාස අඩස්සියේ තැබීමට නියෝග කිරීම, පුනරුත්ථාපනයට යොමු කිරීම වගේ දඩුවම් දෙනවා කියලා බටහිර රටවලත්, බාලවයස්කාරුවන්ට...

    අවුරුදු 15 නම් බාලවයස්කාර විදියටනේ නීතිය... හැබැයි මෙතනදි ඇප දෙන්න අවශ්‍යතාවයක් තියෙන්නේ හිරේ දානවා නම් නිසා, ඇප කතාවේ තේරුම මොකද්ද කියලා නම් හිතන්න බෑ... මොකද බාලවයස්කාරයන් පුනරුත්ථාපනයට යොමු කිරීම මිසක් හිරේ දාන්න හැකියාවක් අපේ රටේ නීතියේ නෑ කියලා මම හිතන් හිටියේ...

    ReplyDelete
    Replies
    1. නීති සම්පාදනයේදී සංස්කෘතික බලපෑමක් තියෙන්න පුළුවන් උනත් උසාවියක තීන්දු දීමේදී විනිසුරු වරයා සමාජ සම්මතය සංස්කෘතික මතිමතාන්තර , විනිසුරුගේ පුද්ගලික ආකල්ප පවා නොසලකා හැර රටේ සම්මත ලිඛිත නිතිය යන්න මත පමණක් පදනම් වී නිතිය නිර්වචනය කිරීමෙන් පමණක් තීන්දු දිය යුතුයි යන්න අධිකරණයක වගකීමයි. එකයි අර ඇස් දෙක වහල තියෙන්නේ.
      අනික් බටහිර රටවල මම දන්නේ නැහැ ඇමරිකාවේ නම් පෙම්වතුන් දෙදෙනාම බාලවයස්කාරුවන් උනාම නීතියට මැදිහත් වෙන්න බැහැ. හැබැයි බාල වසස් කරුවකු කාරියක හා වැඩිහිටියෙකු ලිංගික සම්බන්දතාවයක් කරලා අහු උනොත් වැඩිහිටියාට දැඩි දඬුවම් දෙනවා. බාල අපරාධ කරලා අහුවුනොත් අවුරුදු 20 30 හිරේ තමයි. පාසල් වල ගුරුවරුන්ට පවා නව යොවුන් පෙම්වතුන්ට කොන්ඩෝම් පාවිච්චි කරන්න ආරක්ෂා වෙන්න කියනවා මිස සෙක්ස් කියන්නේ නරක වැඩක් කියල කියන්නේ නෑ. නිසි වයසේදී ලිංගික අවශ්යතා ඇතිවීම ප්‍රේම සම්බන්ධතා යහපත් සෞක්‍යමත් දෙයක් හැටියටයි බටහිර සලකන්නේ.
      ලංකාවේ නීතියෙන් වැරදියි කියමුකෝ..මට මෙතන මේ ලංකාවේ කාරණේ තේරෙන්නේ නැත්තේ දෙන්නම එක වයසේ ළමයි. එතකොට කවුද වැරැද්ද කලේ?

      Delete
  3. උදිත ගේ අංක එක සමග මුලුමනින්ම එකඟ වෙමි. අංක දෙක ගැන කිව යුත්තේ බාල වයස් කරුවන්ට පෙම් සුව විඳීමට තහනමක් නැති මුත් කම් සුව විඳිම ට නීතියෙන් ඉඩක් නැති බවයි. වරද වන්නට ඇත්තේ කම් සුව විඳීම විය හැකි බවයි.බාල වසස් කරුවකු කාරියක හා ලිංගික සබදතා පැවැත්වීම වරදකි.

    මේ දෙදෙනා පාසලට නොගොස් කට්ටි පැන්නා නම් විදුහල්පතිට කළ හැක්කක් නොමැත.පාසලට ගොස් නම ලකුණු කොට පැන්නා නම් එතැන වරද විදුහල් පති වරයාගේය.

    එසේම ඔබගේ පෝස්ටුවේ අවසන් කොටස සමගද හදවතින්ම එකගය.
    මම සමකය වටේ ලියන නලින්


    ReplyDelete
    Replies
    1. //බාල වසස් කරුවකු කාරියක හා ලිංගික සබදතා පැවැත්වීම වරදකි//
      නලින් ඒක මට තේරෙනව ලෝකේ ඕනෑම රටක ඒක බාලාපරාධයක් වයස 18 ට වැඩි වැඩිහිටියෙක් දරුවෙක් දැරිවියක් අපයෝජනයට දැඩි දඬුවම් දිය යුතුයි. මම මෙතන අහන්නේ ලිංගික ක්‍රියාවක් අත්හදා බලපු නව යොවුන් පෙම්වතුන් දෙන්නම බාලයන් උනාම කවුද වැරදි? දෙදෙනාමද? අපි මේ දරුවන් බාලයන් ලෙස සලකන්නේ ඒ අය බාලයන් නිසා නේ එතකොට වැඩිහිටියන් එකතුවෙලා බාලයන් හිරේ දැමීම හරිද?

      Delete
    2. හිරේ දැමීමක් සිදු වන්නෙ නෑ. පුනරුත්ථාපනය කීරිමක් වේවි. ඒත් දැරිවිය දූෂ්‍ය වෙලානම් දරුවාට වුවත් දඩුවම් ලබන්න වෙනවා අපේ නීතිය යටතේ.

      Delete
    3. මෙතැන ස්ත්‍රී දුෂණ චොදනාව පිරිමි ළමයාට එල්ල වෙයි. දැරිවිට පුනරුත්ථාපනයකට යොමු කරයි.නිසි කළ ආ විට විවාහ කරගන්නවා යැයි කීවත් දඩුවම විදින්න වෙනවා. ඒ අපේ රටේ ක්‍රියාත්මක නීතිය. මේ තැන්වල වරදවල් එමටයි. කතිකාව යා යුත්තේ මේ නිතියේ හිල් මකන්නයි.

      Delete
  4. උදිත, මා දන්නා තරමින් නම් වයස 18 අඩු අය සලකන්නේ බාලවයස්කරුවන් ලෙසයි. ඔවුන් ස්වකැමැත්තෙන්ම වුවත් ලිංගික ක්‍රියාකාරකමක් යෙදෙනවා නම් ලංකාවේ නීතියට අනුව එය ළමා ලිංගික අපයෝජනයක්. දෙදෙනාම සමවයස් නිසා දෙදෙනාම වැරදිකරුවන්. ව්‍යාජ ඉදිරිගාමියෙකු නොවන මට අනුවත් මේ දෙදෙනා කර ඇත්තේ වරදක්. එය මාධ්‍ය ඔස්සේ කුණු ඕජස් ගලන පුවතක් බවට පත්වීම ගැන නම් මට වෙනම අර්ථකථනයක් තිබෙනවා.
    මේ අපේ රටේ දරුවන්. ඔවුන් යුරෝපයේ හෝ එක්සත් ජනපදයේ දරුවන් නොවෙයි. මෙවනි තත්වයින්ට නීතිය ඉඩහැර තිබුණොත් අනාගතයේ දවසක මගේ බිරිදට මගේ 15 වියති දියණියට කොන්ඩම් භාවිතා කරන ආකාරය ඉගැන්වීමට සිදුවේවි. ඊනියා ලිංගික අධ්‍යාපනය යනුවෙන් ඔබ අදහස් කරන්නේ එයද?
    වරදවා වටහා නොගනිමින් මට මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න. ඔබේ දියණියක් මේ තත්වයට පත්වෙනවාට ඔබ පුද්ගලිකව කැමැතිද?

    ReplyDelete
    Replies
    1. @රතු රජරට
      ඔබ හරි යුරෝපයේ හෝ එක්සත් ජනපදයේ නව යොවුන් දරුවන් puberty එකෙන් පස්සේ නිදහසේ ලිංගික සබඳතාවල යෙදෙනවා
      අපේ රටේ සහ ආසියාවේ මෙහෙම වෙන්නේ නැහැ එය හොඳ දෙයක් සහ බටහිර සිදුවන දෙය වරදක් ලෙසයි අපේ සංස්කෘතියට අචාර ධර්ම හැදියාවට අනුව ජිවත්වන පියෙක් වන ඔබ දකින්නේ. එය ඔබේ කැමැත්ත.
      මා දකින්නේ මෙය වෙනත් විදියකට. අපේ රටවල ස්වභාවිකව ලිංගික අවශ්යතා ඇතිවන කාලයේ සිට කුඩා කල සිට ලිංගිකත්වය යනු නරක කැත අස්වාභාවික දෙයක් ලෙස පීඩනයකට ලක් කොට යටපත් කරන අපේ සමාජයේ ළමයින් වැඩිහිටියන් බවට පත්වෙන්නේ දැඩි ලිංගික පීඩනයකට යටත් කොට යටපත් කරන ලද කෙනෙක් විදියට ඉතින් ලංකාවේ මෙහෙම හැදෙන අයගේ ඔලුවේ තියෙන්නේ සෙක්ස් විතරයි අර හුලං පුරවපු බැලුමක් වතුර යටට බලෙන් දැම්මම වගේ උඩට එනවා.ඉතින් බස් වල ජැක ගහනවා අවස්ථාවක් ලැබුන ගමන් ස්ත්‍රීන් දුෂණය කරනවා. ලංකාවේ බොහෝවිට පෙම්වතුන් කියන්නේ කොහේ හරි කාමරේකට ගිහින් සෙක්ස් කරන එක.
      අපේ සංස්කෘතියට අචාර ධර්ම හැදියාව ඔබ රකිනවා නමුත් ඔබට පෙන්වන්න පුලුවන්ද ඒ දේවල් තුලින් යහපත් සමාජයක් හැදිලා තියනවා කියල?
      ඒ වගේම යුරෝපයේ හෝ එක්සත් ජනපදයේ නිදහසේ ලිංගික සබඳතාවල යෙදී පසුව වැඩිහිටියන් වන මිනිසුන් ගැහැණු නිසා හැදුන සමාජය අපිට වඩා අයහපත් කියල ඔබට පෙන්වන්න පුලුවන්ද?මේ ළමයි සෙක්ස් කරනවා වගේම ලෝකේ වෙනස් කරන විද්‍යාත්මක සොයා ගැනීම් එහෙමත් කරනවා නේ.

      Delete
    2. එය තීරණය වන්නේ අප හැදුනු වැඩුණු සමාජ පසුබිම තුළයි.එහෙත් හැගීම් වලට නීතිය අදාළ නැත.උදිත සමග එකඟ වෙමි.
      මාගේ
      http://andhabinduwa.blogspot.com/2013/01/blog-post_18.html
      ලිපිය බැලීමට ආරාධනා කරනවා...

      Delete
    3. අපේ රටේ තියෙනෙ ලිංගික පීඩනයනම් හරිම අසධාරණයි. උදිත කිව්ව වගේ ප්‍රශ්න තමයි පස්සෙ ඇතිවෙන්නෙ කුහකත්වයත් එක්ක. මටත් එහෙම වුනු කාලයක් තිබුනා. බස් වල ජැක් ගහනව වගෙ ගොන් වැඩ මාත් කරා. ජීවිතය යන්තම් හරි තෙරුම් ගත්තට පස්සෙ සහ සැහෙන කාලයක් ඇමරිකාවෙ ජීවත් වුනාට පස්සෙ දැන් මට මං ගැනම ලැජ්ජ හිතෙනවා. හැම දෙයකින්ම හිර කරල නිර්මානාත්මක ක්ෂිතිජයට ඔබ්බෙන් බලන මිනිහෙක් හදන්න නම් වෙන්නෙ නෑ කවදාවත්ම.

      Delete
  5. උදිත මතුකල ගැටලුවම මටත් මතුවෙනවා. සමහර සාපරාධී ක්‍රියාවන් වලදී නම් 18 අඩු ළමයින් පවා වරදකරුවන් කරන අවස්ථා තියනවා. නමුත් මෙය එහෙම ක්‍රියාවක් නෙමෙයි.

    උසාවියට ඉදිරිපත් කලේ කුමන චෝදනා යටතේද කියලා මේ වාර්තාවෙ සඳහන් වෙන්නෙ නෑ. සමහර විට මේ ගැහැණු දරුවා ගැබ්බර වීමක් සිද්ධවෙලා තියනවානම්, මේ සිදුවීමට නීතිමය තත්වයක් ලැබෙනවා විය යුතුයි. ඒ පරීක්ෂණ සිදුවනතුරු ඇපදුන්නා දැයි මම දන්නේ නැහැ. පොලිසියෙන් තමන්ට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගැනීමක් සිද්ධවුනා නම් ඔවුන් උසාවියකට ඉදිරිපත් කල යුතුයි මා දන්න තරමින්. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හැඳුනුම්පතක තිබූ පමණින් බාලවයස්කරුවන් යැයි තීරණය කිරීම පොලිසියට කලහැකිද කියා මම දන්නේ නෑ. මා දකින එකම දේ තමයි, මේ සිදුවීම, බාලවයස්කාර යුවලක්, ගසක් යට පෙම්කිරීම, චිත්‍රපට ශාලාවක පෙම්කිරීම, තමන්ගේ නිවසේදීම හොරෙන් හමුවීම යන තත්වයන්ට වඩා ටිකක් දුරදිග ගිය තත්වයක්.

    තව දෙයක් තමයි බොහෝ බටහිර රටවල බාලවයස්කාරයන් සම්බන්ධ සිද්ධි වර්තාකරණයේදී දැඩි මාධ්‍ය වාරණයක් තිබීම, මේ ළමයින් හඳුනාගත හැකි අකාරයේ කිසිම තොරතුරක් පලකල නොහැකියි. නමුත් දිවයින පුවත්පතේ ප්‍රවෘත්තියේදී, ප්‍රදේශය, ප්‍රසිද්ධ පාසල් බව (කළුතර ප්‍රසිද්ධ පාසල් සිය ගණනක් නැත ), පියවරුන්ගේ රැකියා, ලමයින් ඉගෙන ගන්නා වසර යන තොරතුරු අවශ්‍ය පමනට වඩා වැඩි බවයි මගේ හැඟීම. ඔවුන්ගේ තොරතුරු හෙළි නොවේවා කියන එක තමා මගේ ප්‍රාර්ථනය.

    ReplyDelete
    Replies
    1. ළමයා නඩුව ගෙනියන්න බෑ කිව්වා කියල දුමින්ද සිල්වාගේ බාලාපරාධ නඩුව විසි කරලා දාන්න නියෝග දීපු නීතිපති දැන් අගවිනිසුරු වෙලා ඉන්න රටක ළමා හා කාන්තා කාර්යාංශය අවු 15 ළමයි දෙන්නෙක්ට දඬුවම් දෙන්න ඉදිරිපත් වෙනවා අර වෙලාවේ ලංකාවේ ළමා හා කාන්තා කාර්යාංශයට අර දරුවා වෙනුවෙන් නඩුව ගෙනියන්න බැරි වුනාද?

      Delete
  6. /මේ අපේ රටේ දරුවන්. ඔවුන් යුරෝපයේ හෝ එක්සත් ජනපදයේ දරුවන් නොවෙයි. /

    ඉහත වාක්‍යය හැරුණු විට රතු රජරට හා එකඟ වෙමි. වයස අවුරුදු 18 වනතුරු ලිංගික සම්බන්ධතා පැවැත්වීම අපේ රටේ පමණක් නොව වෙනත් රටවලද වරදකි. මේ වයස සම්බන්ධයෙන් ප්‍රශ්න තිබිය හැකිය. නමුත් යම් වයස් සීමාවක් තිබිය යුතු බවට තර්කයක් නැත. පොලීසිය හා මාධ්‍ය ඔවුන්ට සැලැකූ ආකාරය වෙනම කතාවකි.

    ReplyDelete
    Replies
    1. Legal Age of Consent යනුවෙන් හැම රටකම නීතිය මගින් වයස් සීමාවක් ඇත. ලංකාවේ මෙන්ම ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත වලද මෙම වයස 16කි ලකාවේ මෙය 2001 දක්වා වයස 12 ලෙස තිබී 2001 දී 16 කර ඇත මෙසේ 16 කිරීම හොඳ දෙයකි. මෙම නිතියෙහි අර්ථය සහ අරමුණ 16 වෙනතුරු ලිංගික සම්බන්ධතා තහනම් මිට අඩු වයසක ළමයි දෙන්නෙක් කරලා අහුවුනොත් හිරේ දානවා යන අර්ථය නොව 16 යට අඩු වයසක කෙනෙක් හා ලිංගික සම්බන්ධයක් පැවැත්වුවහොත් එය අඩුවයස් කාරයාගේ කැමැත්තෙන් සිදුවුවද දුෂණයක් ලෙස සැලකීමයි. මෙය ඉතා හොඳ දෙයකි. ලංකාවේ 2001 වනතුරු තිබුනේ අවුරුදු මෙය 12කි. දුෂණයේ යෙදෙන්නා මෙහිදී 16 ට වඩා වැඩි අයෙකු විය යුතුය. නමුත් ලිංගික සම්බන්ධයක දෙදෙනාම Legal Age of Consent වලට වඩා අඩු ළමයින් නම් මෙම නිතිය යොදා දඬුවම් කිරීම නිතිය වැරදියට අර්ථකථනය කර භාවිතයට යෙදවීමකි.

      Delete
  7. ඔබ ශ්‍රී ලංකා ප්‍රජාචන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ නීතීය හා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන නොදැන මෙවන් ළිපියක් ලිවීම පිළිබඳව ඉතා කනගාටුවට පත්වෙමි. මේ ප්‍රශ්ණයට අදාලව නම් දඳුවම් ලැබීමට හේතූ...

    1. දහවල් වේලාවේ ලිංගිකව එක්වීම (ලිංගිකව එක්විය හැක්කේ රාත්‍රියේදී කළුවරේ පමණි.)
    2. සියළුම ඇඳුම් ඉවත්කර ලිංගිකව එක්වීම.
    3. එකඳු බාර් එකක්වත් නොමැති රටක පිරිමි දරුවා මත්පැන් පානය කර තිබීම.
    4. ජාත්‍යන්තර පාසල් වෙනුවට නගරයේ ජනප්‍රිය පාසලක සිසුවන් වීම. (දෙමාපියන් එල්ලා මැරිය යුතුය.)
    5. දෙමාපියන් දේශපාලනය නොකර, වෙළඳාම හා රජයේ සේවයේ නිරත නොවීම.
    6. කොල්ලා දඩබ්බරයෙක් වීම (අහිංසකයින්ගෙන් සමන්විත රටක කිසිසේත්ම සිඳු නොවිය යුත්තකි.)
    7. කොල්ලා ගල් කැපීම සඳහා හෝ ජිල් බෝල ගැසීම සඳහා ඇමතිවරයකුගේ දුවක් තෝරා නොගැනීම.
    8. කෙල්ල සාරුව සුනිල් වෙනුවට දරබ්බර කිල්ලෙකු තෝරා ගැනීම.
    9. ගල් කැපීම සඳහා රත්තරන් ඇමතිවරු හා ආදර්ෂමත් ඇමතිවරුන් සිටිනා පූජනීය නගරයක් තෝරා ගැනීම. (මේ වෙනුවට බෙලිඅත්ත වැනි දඩබ්බරයන් සිටිනා ප්‍රදේශයක් තෝරා ගත යුතුය.)
    10. අවුරුදු 18 දක්වා ස්වයං වින්දනයේ නොයෙදී, ගල් කැපීම හෝ ජිලි බෝල ගැසීම.

    ReplyDelete
    Replies
    1. වැදගත් සංවාදයක් සිදුවෙන විට මෝඩ ආතල් නොදී සංවාදය අල කිරීමට උත්සාහ නොකොට ඊට වැදගත් ප්‍රවේශයක් ගනින්.

      Delete
    2. කාට කියන්නද මාතලන් පොඩි එකා නඩුව දිගටම ගෙනියන්න අකමැතියි කියල දුමින්ද සිල්වාගේ බාලාපරාධ නඩුව විසි කරලා දාන්න නියෝග දීපු නීතිපති දැන් අගවිනිසුරු වෙලා ඉන්න රටක ළමා හා කාන්තා කාර්යාංශය අවු 15 ළමයි දෙන්නෙක්ට දඬුවම් දෙන්න ඉදිරිපත් වෙනවා අර වෙලාවේ ලංකාවේ ළමා හා කාන්තා කාර්යාංශයට අර දරුවා වෙනුවෙන් නඩුව ගෙනියන්න බැරි වුනාද?
      එහෙව් රටේ ඉන්න ජනතාව මම මේ කියන අදහසට දාන ප්‍රතිචාරය තමයි නීතියට අනුව මේ ළමයි වරදක් කරා කියල කියන එක.

      Delete
    3. @ රතු රජරට
      සමාවෙයන් රතු... උඹ මගේ මිත්‍රයා... මේ කොමෙන්ට් එක මම දාලා තියෙන්නේ ඇමරිකාවේ වාසය කරන මගේ අදහස් වලට සමාන අදහස් තියෙන කෙනෙකුට මිස 21 වන සියවසේ ගල් යුගයේ ජීවත් වන ගෝත්‍රික මානසිකත්වයෙන් හෙබි අයකුට නොවේ.... මේ දේවල් විවෘතව කතා නොකිරීම තම්යි මේ සියළු දේටම මුල...

      Delete
    4. @ රතු රජරට
      සමාවෙයන් රතු... උඹ මගේ මිත්‍රයා... මේ කොමෙන්ට් එක මම දාලා තියෙන්නේ ඇමරිකාවේ වාසය කරන මගේ අදහස් වලට සමාන අදහස් තියෙන කෙනෙකුට මිස 21 වන සියවසේ ගල් යුගයේ ජීවත් වන ගෝත්‍රික මානසිකත්වයෙන් හෙබි අයකුට නොවේ.... මේ දේවල් විවෘතව කතා නොකිරීම තම්යි මේ සියළු දේටම මුල...

      Delete
    5. @ රතු රජරට; වැදගත් සංවාදයකට මේ සත්‍ය කරුනුත් අවශ්‍ය වෙනවා.

      Delete
    6. සමහර දේවල් විහිලුවෙන් වගේ ගානකට නොදැනෙන්න කිව්වට ඒවා ඇතුලේ මතු කරන කාරනය බලවත්

      Delete
    7. @මාතලං,
      මචං මාතලං අයියේ, ඇමරිකාවේ සිහින දකින උඹලා තරම් පොෂ් වීමට නොහැකිවීම ගැන ඇත්තටම කණගාටුයි.

      Delete
    8. ඔයාගේ සිහිනය මොකක්ද රතූ.. රතුත් නෙමෙයිලු... ලියන්නෙ නැති නිසා අපි දන්නෙ නෑනේ ඉතින්.....

      Delete
    9. මුගේ සිහිනය කුලවාදය ලන්කාවේ ස්ථාපනය කර රදලයෙකු ලෙස ජීවත් වීමයි... මහසෙන් මොනරවිල යනුවෙන් සිටින්නේ මොහුයි... මොහු කුලවාදී ගෝත්‍රිකයෙක්...

      Delete
  8. /පුද්ගලික නිදහස අගයන සමාජයක රටක නම් මෙවැනි කරුණකදී වෙන්නේ මේ දරුවන්ගේ දෙමව්පියන් එකට එකතු වී තම සිමාව ඉක්මවා පුද්ගලික ජන ජිවිතයට ඇඟිලි ගහන පොලිසියට හා ළමා හා කාන්තා කාර්යාංශයට එරෙහිව ක්‍රියා කිරීමයි. /

    "පුද්ගලික නිදහස" කියන දේ සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ වයස 18දී "පුද්ගලයකු" බවට පත් වීමෙන් පසුවයි. ඊට අඩු බාල වයස්කරුවකුට/කාරියකට ලැබෙන්නේ පාර්ශ්වික නිදහසක්. මෙතැනදී පැහැදිළිව නීතිය බිඳීමක් වී ඇති නිසා පොලීසියේ මැදිහත් වීම සාධාරණයි. එය වුණේ සදාචාරාත්මකවද නැද්ද යන්න වෙනම ගැටළුවක්.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ Legal Age of Consent වයස 16 වන අතර මෙම නිතිය පනවා ඇත්තේ වයස 16 ට වැඩි අයෙක් අතින් මීට අඩු වයසක දරුවෙක්ට ඒ දරුවාගේ කැමැත්තෙන් වුවත් රවටා දුෂණය කිරීම අපයෝජනය වළක්වාලීම සඳහායි. නමුත් දරුවන් දෙදෙනෙකු අතින් මේ වැනි දෙයක් වුනාම මේ නිතිය යොදාගෙන වැඩිහිටි පොලිසිය විසින් ළමයින් මානසිකව හා ශාරීරිකව වධ දීලා පොලිසි ගෙනිහින් කුඩුවේ දාල මේ වගේ තතවයකට පත් කිරීම වැරදියි.නව යොවුන් වියේදී ලිංගික කුතුහලය ඇතිවීම ස්වභාවික දෙයක්. නව යොවුන් ළමයින්ගේ ලිංගික සෞක්‍ය අනවශ්‍යය දෙයක් කියල සංස්කෘතිකමය හේතු මත බහුතරයක් පිළිගන්නා එක වෙනම දෙයක් එහෙම උනා කියල මේ ළමයින්ගේ මානසික සෞක්‍ය කඩාබිඳ දැමිය යුතු නෑ.

      Delete
    2. //නමුත් දරුවන් දෙදෙනෙකු අතින් මේ වැනි දෙයක් වුනාම මේ නිතිය යොදාගෙන වැඩිහිටි පොලිසිය විසින් ළමයින් මානසිකව හා ශාරීරිකව වධ දීලා පොලිසි ගෙනිහින් කුඩුවේ දාල මේ වගේ තතවයකට පත් කිරීම වැරදියි//

      උදිත.. මේ අයට ශාරීරිකව වද දීම හෝ කූඩුවේ දැමීමක් ගැන මේ ප්‍රවෘත්තියේ නැහැ නේද? ලංකාවේ නීතිය ක්‍රියාතමක වීමේ ඇති බරපතල දුර්වලතා නිසා නීතියක් ඇත්නම් එය ක්‍රියාත්මක නොවී තිබිය යුතු නැහැ නේද?

      මම නම් දකින්නේ උදිත කාරණා සොයා නොබලා මේ ගැන ලියනවා කියලා. අවුරුදු 15 ගැහැණු ළමයා ගැබ්බර වී ඇති නම්, එතැනදී නීතිමය ගැටළුවක් ඇතිවන්නේ නැද්ද?

      මේ සිද්ධිය මම දකින්නේ සාමාන්‍ය පිළිගත හැකි තත්වය ඉක්මවා ගිය සිද්ධියක් ලෙස. පොලිස් මැදිහත් වීමක් අවශ්‍යයි. එයින් අදහස් කෙරෙන්නේ නෑ ළමයින් වද හිංසාවට බඳුන් විය යුතුයි කියලා.

      මුලින්ම ඔවුන් උසාවි ඉදිරිපත් කල චෝදනාව කුමක්දැයි සොයා බැලිය යුතුයි.

      Delete
    3. තිසර මේ නඩුවේ නඩු නිමිත්ත සුවිශේෂයක් ලෙස නොවෙයි මම සංවාදය ගොඩනගන්නේ ලංකාවේ සමාජ ආකල්ප හා නිතිය පිළිබඳව පොදු සංවාදයකට මෙම සිදුවීම නිමිත්තක් කර ගත්තා විතරයි. බලන්න ඉහත බුවා මේක තේරුම් ගන්නවා ඔබ මේ සිදුවීමේ සුවිශේෂය වෙත යනවා.

      Delete
  9. මට පෙනෙන විදියට මෙතැන වී තියෙන්නෙ උදිත වැඩිදුර සිතා නොබලා යමක් ලියා දැන් තමන්ගේ වැරදි ස්ථාවරය නිවැරදි බව පෙන්නුම් කරන්නට නැට්ට හපා ගෙන ට්‍රයි කරන එක. මේ දෙදෙනාම වැඩිහිටියන් නෙවෙයිනෙ. ඒ නිසා වැඩිහිටියන් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නය කොහොම වෙනවද කියන එක මෙතැන අදාළ නැහැ. මේ දෙදෙනාම ළමයි. ඒ එක්කම කරලා තියෙන්නේ පැහැදිළිවම ලංකාවේ නීතියට අනුව නීති විරෝධී දෙයක්. ඉතින් කවුරු හරි පොලීසියට පැමිණිලි කළා නම පොලීසිය මොකද්ද කරන්න ඕනෑ? ඒක ඒ ගොල්ලන්ගෙ ඒකීය පුද්ගල නිදහස අපට කියන්න එපා කියන එකද?

    ReplyDelete
    Replies
    1. නැට්ට හපා ගෙන ඉන්නේ ආණ්ඩුව පොලිසිය උසාවිය ඕනෑ ඕනෑ විදියට් තමන්ගේ *කේ අරින විට මර්වින් සිල්වා වැනි අය ගස් බැඳ විට පවා අනේ අපිට හරි සනීපයි කියන සමාජ ආකල්ප දරන ලාංකිකයාද මමද යන්න අවුරුදු 50 කට පසු අනාගත සමාජය විසින් තීරණය කරනු ලබාවි. ඔබ දෘෂ්ටිවාදය තුලම ඉඳගෙන මේ කාලයේ කියන දේවල් මගේ වැඩේට අදාල නෑ.

      Delete
    2. මේක මර්වින් සිල්වා හෝ ගස් බැඳීම ගැන ප්‍රශ්නයක් නෙවෙයිනෙ. ප්‍රස්තුතයට අදාළව කතා කරමු. ඔබට අනුව කෙනෙක් මේ වගේ දෙයක් වෙනවාය කියලා පොලීසියට පමිණිළි කළාම පොලීසිය කුමක්ද කළ යුත්තේ?

      Delete
    3. මම දන්නේ නෑ ලංකාවේ පොලීසිය කුමක්ද කළ යුත්තේ කියල ඒක ඔයාල තීරණය කල යුතු දෙයක්. ඔබලාගේ කැමැත්ත රටේ කැමත්ත. යකාගේ හැටියට විමානේ දැන් ලකාවේ ජනතාව කැමති විදියට ලකාවේ පොලිසිය.ඇමරිකාවේ නම් පොලිසියට පුද්ගලික නිවසකට හෝ කාමරයකට වරෙන්තුවක් නැතිව යන්න බැහැ ලොකු හේතුවක් නැතිව,මේ වගේ දෙයක් කියන්නේ කාමරය ඇතුලේ rape එකක් වෙනවා කියල කෝල් එකක් ආවොත්ද? teenage බාල වයස් කාරයන් දෙන්නෙක් කාමරයක් ඇතුලේ දොරවල් වහගෙන හිටියට කවුරුත් පොලිසියට කෝල් කරන්නේ නැහැ, එක්කෙනෙක් වයස වැඩි කෙනෙක් කියල සැක කරලා කෝල් කරොත් පොලිසියෙන් ඇවිත් ළමයින්ගේ වයස බලල දෙන්නම වයස 16 ට අඩු නම් සමාවෙන්න කියල ආපසු යනවා හෝ වැඩිම උනොත් ගෙවල් වලට ගිහින් බස්සයි. නමුත් එක්කෙනෙක් 16 ට වැඩියි නම් එක්කෙනෙක් 16 ට අඩුයි නම් ගෑනු පිරිමි බේදයකින් තොරව වයස 16 ට වැඩි කෙනා අත්අඩංගුවට ගන්නවා.- means that the matter of ‘consent’ law arises only when one individual is above the age of Legal Age of Consent.

      Delete
  10. ලංකාවේ කෙල්ලෙක් ලොකු ලමෙක් වෙච්චි ගමන් කබරේක හිරකරලා කියනවා "දැන් ඉදන් කොල්ලෝ කියන්නේ තමන්ට වැරදි දේවල් කරන්න එන අය , දැන් උබ ලොකු ලමෙක් , දැන් උබ ආරක්ෂා වෙන්න ඕන , විරුද්ධ ලිංගිකයන් එකතු වීම අපරාදයක් , සෙක්ස් කියන්නේ නරක දෙයක්" මේ වගේ දේවල් කියනවා විතරක් නෙවෙයි ටික කාලයක් කාමරයක හිරකරලත් තියනවා... ඉතින් ඔතන ඉදන් ඔය ළමයාගේ ඔලුවේ වැඩ කරන්නෙම ඕක.. විවුර්ත දේට වැඩ සංවුර්ත දේට වැඩියෙන් අවදානය යන නිසා මේ ළමය සෙක්ස් වලට ආදරය කරන්න ගන්නවා.. ඉතින් සෙක්ස් කියන්නේ විජ්ජාවක් කරලා තියෙන්නේ මේ ප්‍රාග් එතිහාසික සමාජයම නෙවි ද? වික්ටෝරියානු සළුපිලි දවටගෙන හිටියත් අපේ සමාජය ලමයිගේ මස් පුච්චන් කන වනචාරී නොවී ද? ඒ මොනවා වුනත් ලංකාව ලිබරල් රටක්ලු! මගේ මතය " ලංකාවේ ලිංගිකව එක්වන්නා සමාජීයව මියයයි.."

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නොවෙයි මිනී ප්‍රචණ්ඩත්වයට වඩා දරුණු ගණයේ අපරාධයක් ලෙස නේ ලංකාවේ සමාජය ලිංගිකත්වය සලකන්නේ ඇයි ආදරයට මෙතරම් භය ආදරය සහ ලිංගිකත්වය එකම කාසියේ දෙපැත්ත නේද?

      Delete
    2. මම නම් එහෙම හිතන්නෙත් නා... ආදරය කියන්නේ එකක් ලිංගිකත්වය කියන්නේ තවත් එකක්.. ආදරය කියන්නේ ආත්මීය බැදීමක් මිසක් හුදු ශාරීරීක බැදීමක් නෙවි...

      Delete
  11. ලංකාවේ කෙල්ලෙක් ලොකු ලමෙක් වෙච්චි ගමන් කබරේක හිරකරලා කියනවා "දැන් ඉදන් කොල්ලෝ කියන්නේ තමන්ට වැරදි දේවල් කරන්න එන අය , දැන් උබ ලොකු ලමෙක් , දැන් උබ ආරක්ෂා වෙන්න ඕන , විරුද්ධ ලිංගිකයන් එකතු වීම අපරාදයක් , සෙක්ස් කියන්නේ නරක දෙයක්" මේ වගේ දේවල් කියනවා විතරක් නෙවෙයි ටික කාලයක් කාමරයක හිරකරලත් තියනවා... ඉතින් ඔතන ඉදන් ඔය ළමයාගේ ඔලුවේ වැඩ කරන්නෙම ඕක.. විවුර්ත දේට වැඩ සංවුර්ත දේට වැඩියෙන් අවදානය යන නිසා මේ ළමය සෙක්ස් වලට ආදරය කරන්න ගන්නවා.. ඉතින් සෙක්ස් කියන්නේ විජ්ජාවක් කරලා තියෙන්නේ මේ ප්‍රාග් එතිහාසික සමාජයම නෙවි ද? වික්ටෝරියානු සළුපිලි දවටගෙන හිටියත් අපේ සමාජය ලමයිගේ මස් පුච්චන් කන වනචාරී නොවී ද? ඒ මොනවා වුනත් ලංකාව ලිබරල් රටක්ලු! මගේ මතය " ලංකාවේ ලිංගිකව එක්වන්නා සමාජීයව මියයයි.."

    ReplyDelete
  12. අවුරුදු 18ට වැඩි (18 හෝ 16 වාදයක් නොවේ.) වැඩිහිටියන් දෙදෙනකු තමන්ගේ කැමැත්ත අනුව ලිංගිකව හැසිරීම හා අවුරුදු 15 දරුවන් දෙදෙනකු (ඔවුන්ට තමන්ගේ කැමැත්ත පළ කිරීමේ අයිතියක් නොවේ.) එසේ කිරීම අතර වෙනසක් තිබේය අප පිළි ගන්නවාද නැද්ද?

    එයයි මෙතැන ගටළුව. වෙන දෙයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. මෙවැනිම සමාන සිදුවීමකදී දියුණු රටක 1965 වගේ කාලෙක පොලිසිය දෙමව්පියන් හා පරිවාස හා ලමා රක්ෂක කටයුතු කරන අන්දම මම ඉහත කියපු Bruce Willis රඟපාන Moonrise Kingdom (2012)චිත්‍රපටිය ලස්සනට පෙන්නනවා පුලුවන්නම් හොයාගෙන බලන්න.

      Delete
  13. උදිත නඟන ප්‍රශ්නය හරි. මෙතන මූලිකම අවුල තමයි කවුද වැරදිකාරයා කියන එක. දෙන්නම බාලවයස්කාරයන් නිසා ඇප මත මුදාහරින්න තරම් දෙයක්ද මේක? අනෙක පොලිසියට කෝල් එකක් ලැබිල මේ දෙන්න හොයාගත්ත කියල හිතමු. දෙමව්පියනුත් ගෙන්වල අවවාද කරන වැඩේ එයාලට කරන්න බැරිද? කොටින්ම මේක රට ගිනිතියන්න දෙයක්ද?

    මේක මෙතන විතරක් තියන අවුලක් නෙවේ උදිත. අපි හිතමු අවිවාහක වැඩිහිටියන් දෙන්නෙක් කාමරයක් තුල ඉඳල හසුවුනා කියල(මම කියන්නෙ ලංකාවෙ මම දැනුවත්ව සිදුවෙලා තියන දේවල්). එයාලට නීතියෙන් පිලිසරණක් තියනවද? නෑ. පොලිසියට පුළුවන් ඕනනම් කෙල්ලට විරුද්ධව නඩු දාන්න අනාචාරයේ හැසිරීම එහෙම නැත්නම් ගණිකා වෘත්තියේ යෙදීම කියන චෝදනාව යටතේ. ඊට පස්සෙ සිද්ධවෙන්නෙ මොකක්ද කියල කියන්න ඕන නෑනේ.

    ලංකාවෙ ලිංගිකත්වය කියනදේ "මාර" දෙයක්නේ. කවුරුවත් ස්වභාවික ඇත්ත තේරුම්ගන්න උත්සාහ කරන්නෙ නෑ. අපේ ඉස්කෝලෙ කාලෙ මට මතකයි අවුරුද්දට එ‍ක්කෙනෙක් දෙන්නෙක් ගෙදර යවනව(ආයෙත් ඉස්කෝලෙකට යන්න බැරිවෙන විදියටම) කොලේලෙක්-කෙල්ලෙක් කට්ටි පැන්නම. ඒ උනාට ප්‍රජනනය පාඩම උගන්නන්න ලැජ්ජා ගුරුවරු ඉන්න රටක් මේක.

    ReplyDelete
    Replies
    1. මෙවැනිම සමාන සිදුවීමකදී දියුණු රටක 1965 වගේ කාලෙක පොලිසිය දෙමව්පියන් හා පරිවාස හා ලමා රක්ෂක කටයුතු කරන අන්දම මම ඉහත කියපු Bruce Willis රඟපාන Moonrise Kingdom (2012)චිත්‍රපටිය ලස්සනට පෙන්නනවා පුලුවන්නම් හොයාගෙන බලන්න.

      Delete
  14. මේ පිළිබඳ මම යමක් එක් කරන්නම්.

    1. මම නම් ලිංගික අධ්‍යාපනය ලමුන්ට ලබා දිය යුතුයි කියන තැන ඉන්නෙ. දැණුවත් බව හික්මීමක් ඇති කරනවා. කුතුහලය අඩු කරනවා.
    2. අනික අවුරුදු 15+ කියන්නේ වැඩිහිටිත් නැති පොඩිහිටිත් නැති අන්තර් අවධියක්. හිතන්න අපි ඔය වයසෙදි කී දෙනෙක්ව හිතෙන් නිරුවත් කරලා තියනවද? අපිටත් ඒ වයසක් තිබුනා.
    3. මේවා ඇත්තටම අධ්‍යාපනයේ වැරදි. ළමුන්ට ලිංගිකත්වය, සමාජ රොග, ප්‍රජනනය, ලිංගික අවයව ගැන යම් දැනුමක් දිය යුතුමයි. \
    4. මෙතැන නම් පොඩි වරදක් තිබෙනවා ඒ වයස සම්පූර්ණ නැතිකම. ඒ වුවත් ඒ සදහා බලපාල තියන කරුණු ගත්තම උදිත ක්යන දේ හරි. මට පුදුම පොලිස් කාරයෝ කෙල්ලව දූෂණය නොකළ එකයි. එහෙමට රටක් මේක.
    5. අනික මේ ළමයින්ගේ මුළු අනාගතයම මේ නිසා විනාශ වුණා. බලන්න මෙතැන මුන් දෙන්නට වඩා පොලීසිය මාධ්‍ය හා වගකිවයුතු වැඩිහිටියෝ ක්‍රියාකරලා තියන අන්දම. කිසිම වගකීමක් නැතුව. මේ ළමයි දෙන්නව කාමරේ ඇතුළෙ නෙමෙයි සමාජය ඉදිරියේ නිරුවත් කරලා. කාමරේ දි දැක්කේ ඒ දෙන්න විතරයි දැණ් මුළු රටම. මෙහෙමත් වගවිභාගයක් නැති මිනිස්සු...

    ReplyDelete
    Replies
    1. @වෙද ගෙදර මහ වෙදනා
      "Legal Age of Consent" කියල ලෝකේ හැම රටකම නීතියක් දාල තියෙන්නේ එම වයස ඉක්මවා ගිය වැඩිහිටි කාමපරාධ කාරයින් අඩු වයසේ ළමයින් වරදට පෙළඹවීම දුෂණය කිරීම වලක්විමටයි නැතිව එම වයසට වඩා අඩු අයට දඬුවම් දීමට නොවෙයි.දෙදෙනාම බාල වයස්කාරයින් උනාම වැඩිහිටියන් විදියට මේ ළමයින්ට අවවාද කිරීම ලිංගික අද්‍යාපනය දීමයි කල යුත්තේ. මෙවැනිම සමාන සිදුවීමකදී දියුණු රටක 1965 වගේ කාලෙක පොලිසිය දෙමව්පියන් හා පරිවාස හා ලමා රක්ෂක කටයුතු කරන අන්දම මම ඉහත කියපු Bruce Willis රඟපාන Moonrise Kingdom (2012)චිත්‍රපටිය ලස්සනට පෙන්නනවා පුලුවන්නම් හොයාගෙන බලන්න.

      Delete
    2. mata wayasa 12 ka duwek innawa.eyatath oba siyalu dena sandahan kala akarayata lingikathwaya gana yam awabodhayak laba diya yuthu kiya sithanawa.eth mama kothaninda eya patan gatha yuththe??demapiyan wisin daruwek ha ewani sanwadayak athi kara gatha yuththe kumana awasthawakadeeda?
      thamange duwata puthata ewan danumak laba dun aya ho thamange demawpiyangen ewani danumak laba gath aya ho methana adahas pala kara athiya kiya sithana nisa ma obalagen meya wimasanne..lamayin hata lingika adyapanayak laba diya yuthu bawa sama denagema podu mathayak bawa watahuna.mamath e mathaye sitinawa.eth e keseda kiya pahadili kara denawanam sthuthi wenawa.
      Nirosha.

      Delete
  15. පොලීසියට නඩු නෑ. තියෙන හා වෙන වැරදි කතා කලොත් ඉතින් නිල ඇඳුම තියලා ගෙදර යන්න වෙනවා. ඉතින් මෙහෙම වැඩක් කලොත් තමයි ලකුනක් දෙකක් වැටෙන්නේ. අනික පොලීසිය කියලා එකක් තියෙනවා කියලත් මිනිස්සු දැනගන්නේ එතකොට. අනික යාලුවා ඔය පරිවාස හා ලමා රක්ෂකද මොකක්ද කියන එක. ඕකේ වැඩ ගැන නම් කතා කරන්න දෙයක් නෑ. ඒවයේ ඉන්න නිල දරන්නෝ මොන ලෝකෙන් ආව මිනිස්සුද කියලා හිතාගන්නවත් බෑ මට. මට දැනෙන විදිහට හැම පැත්තම වැරදියි. කොහොම උනත් පරිවාස භාරය ගැන නම් මගේ කිසිම පැහැදීමක් නෑ. අනික රටේ නීතිය.හැමෝටම සමානයි කිවුවට මම කවදාවත් දැකලා නෑ එහෙම දෙයක්.හිරුවා කියපු පාර දිගේ මෙහෙට ආවේ. ආයේ එන්නම්.

    ReplyDelete
    Replies
    1. මෙවැනිම සමාන සිදුවීමකදී දියුණු රටක 1965 වගේ කාලෙක පොලිසිය දෙමව්පියන් හා පරිවාස හා ලමා රක්ෂක කටයුතු කරන අන්දම මම ඉහත කියපු Bruce Willis රඟපාන Moonrise Kingdom (2012)චිත්‍රපටිය ලස්සනට පෙන්නනවා පුලුවන්නම් හොයාගෙන බලන්න.

      Delete
  16. ඔය වගේ සිදුවීම්වලදී නිතිය රකින නිලධාරීන් වඩාත් බුද්ධිමත් විය යුතුයි.ලෝකයට රහසක් ලෙසටත්,දරුවන් දෙදෙනාට සහ එම දෙමාපියන්ට මෙහි බරපතලකම තේරුම් කරදී ගොඩින් බේරන්න තිබුන.[මෙවැනි දරුවන් අතර සිදුවෙන දැ.]වැඩිහිටියො දුෂණය කරන ඒවා ප්‍රචාරයක් නොදී නිතිය ක්‍රියාත්මක කලයුතුයි.කෙසේ වෙතත් දියණියක් වැඩිවියට පත්වෙන්න කිට්ටුව සහ පසුව ශරීරයේ ඇතිවෙන වෙනස්කම්වල සිට සෑම දෙයක් මව දියණිය සමග මිතුරියක් හා සමානව කතාබස් කලයුතුයි.රහස් තියාගන්න බැහැ.මුණු පොතට උනත් මවට උවමනා විට යා හැකි විය යුතුයි.පුතුටත් එසේමයි.තම දරුවන් සමග ඔයවගේ සිදුවීම් උනාම කතාකරන්න ඕන.හැකි සැම අවස්ථාවක දෙමපියන්ගෙන් එක් අයකු හෝ දරුවන්ගෙ ආරක්ෂාවට සිටිය යුතුයි.යමක් සිදුඋනයින් පසු වැලපිල වැඩක් නැහැ.දියුනු රටවල මේව නොවෙනව නොවෙයි.එම රටවල නීති තදින් ක්‍රියාත්මක වෙනවා.මාධ්‍ය උනත් ප්‍රචාරයට වඩා නිතිය ක්‍රියාත්මක කරන්න උදව් කරනව.අනතුරකින් සිදුවුන මළ සිරුරක්වත් පුවත්පතක දානවද?නිතිය වල් වැදුන රටවල කවර කතාද?????????????

    ReplyDelete
  17. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. @ යසිරු; නියම හින්දනේ කට්ටිය බැහැල ඉන්නෙ.ලිපිය කියවල අදහසක් දැම්මනම්නෙ වටින්නේ :).

      Delete
  18. //නිතිය වල් වැදුන රටවල කවර කතාද?????????????// Kenji. Japan, ඔබ හා මාත් එකඟයි. පදනම දෙදරා යන අවස්ථාවක දී කතා කරන්නත් බියෙන් පසුවන අයට මේවායෙන් තමයි යාන්තම් හරි සුවයක් ලැබෙන්නේ යැයි සිතෙනවා.

    ReplyDelete
  19. අහපල්ලා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    ඔය නිදහස දුන්නොත් දුරදිග බලන්නැතුව බුදියගෙන ලමය් හාදගෙන ගබ්සා කරගෙන දිවි නසාගෙන ලමය් කුනු බක්කි වල දාලයය් පන්සිල් රකින බොදු රට ඇමරිකාව වගේ වෙය්නේද හෙලුවෙන් ඉන්න ඔන අය බොදු ආගමෙන් අය්න් වෙලා ඇමරිකාවට ගියොත් හොදය්නේද ....බෞධ්ද්දයො මොකද මේගැන කියන්නෙ කාමේසු මිච්චා චාරාත් ඉවත් කරමුද. අපි කව්ද කාවි බුදු බන අතාරිමුද? සත්තු වගේ ඔහොම ඉන්න අදහස් අතිවෙන අය සංසාරයෙදි බල්ලො බලල්ලු වගේ ඉපදිලා නිදහසේ කැමති දෙයක් කරගෙන ඉන්න පුලුවන්වෙය් මනුස්ස වෙන්න නං හිත සංවරව තියාගන්න වෙය්...

    ReplyDelete
    Replies
    1. තලේබාන් මුස්ලිම් බුදුහාමුදුරුවෝ කෙනෙකුත් ඉන්නවද අපි දන්නා බුදුන් නම් ඔයවගේ නීති දාල නෑ ඔයා ඇෆ්ගන් බෞද්ධ වෙන්න ඕන. ඔයා වගේ නොමේරූ අයට බෞධ්ද්දයො කියනවනම් ඒ බෞධ්ධාගම ගෞතම බුදුන්ගේ එකනම් නොවෙයි.
      ආ අමතක වුනා පන්සිල් රකින බොදු රටේ 1989 අර පාරවල් වල 600000ක් විතර මල මිනී තිබුනා මතකද? අනේ බං උඹගේ බණ ඇහිල්ල.

      Delete
  20. firefox walata approval oneda mara seen eka

    ReplyDelete
  21. http://kathandara.blogspot.com/2013/01/where-art-thou-buddy.html?showComment=1358506895356#c4587088606692143754

    ReplyDelete
  22. සාමාන්‍ය ජනතාවට ඒ උසාවියේ නීතිය තමයි.........

    ReplyDelete
  23. EKA LINGIKA PASAL WALA NAM SAMAHARA PIRI LAMAIN ANEK AYAGE YATA ALLANAWA. MEKATATH ATHADANGUWATA GATHTHTHOTH LANKAWE HIRA GEWAL WALA IDA MADI WEI. EHEMA DEYAK SIDU NOWENA PASAL THIYENAWANAM KARUNA KARA MEMA BLOGSPOT EKATA DANNA.

    ReplyDelete
  24. අවුරුදු 16 දි ගැහැනු ළමයාගේ කැමැත්තෙන් අවුරුදු 18කට වැඩිකෙනෙක් සමඟ ලිංගිකව හැසිරුණ‍ෝත් එය බාල වයස් කාරියක් apa yojanayak kirimakda

    ReplyDelete