Pages

Followers

Sunday, January 13, 2013

ධනවාදය යනු කුමක්ද? බ්ලොග් අවකාශයේ වාමාංශික ජෝන් බාස් ලාගේ දැනගැනීම පිණිසයි.

සිංහල බ්ලොග් අවකාශයේ වඩාත්ම උත්කර්ෂවත්  ස්‌වයං-ප්‍රකාශිත (soi-disant) වාමාශික සමාජවාදි පුද්ගලයා වන අජිත් පැරකුම් ජයසිහ මහතා සිය w3lanka වෙබ් අඩවියේ "ධනවාදය යනු කුමක්ද? - බ්ලොග් අවකාශයේ ධනවාදී පකීර්ලාගේ දැනගැනීම පිණිසයි"  යනුවෙන් ලිපියක් ලියා  සිංහල බ්ලොග් අවකාශයේ අලුත් ධනවාදීන් යැයි හඳුන්වන පිරිසකට    ධනවාදය කියාදීමට සහ සංවාද කිරීමට ඇරයුම් කර ඇත.
මා මෙම පිරිසට අයත් ධනවාදියෙකු යැයි මම  කියන්නේ නැත. මම එදිනෙදා සතුටින් ජිවත්වන සාමාන්‍ය මිනිසෙකි මම ඔහුගේ මෙම ලිපියට පිළිතුරු දෙන්නේ ටැබූ සබ්ජෙක්ට්  එකල සිය ප්‍රතිවාදීන්ට පැහැදිලිව කියූ ලෙසම
"මා ලියන්නෙ මගේ පාඨකයින්ට මිස විචාරකයින්ට නෙවෙයි." යන අර්ථයෙනි.

 අජිත් පැරකුම්  කියන පරිදි ටැබූ සබ්ජෙක්ට්ස්  බ්ලොග් කරුවා (අජිත්ට අනුව  ලාංකීය බ්ලොග් අවකාශයේ මහෞෂධ වන්නට උත්සාහ කරමින් සිටි අයෙකි.) හිටිහැටියේ සිය බ්ලොග් අඩවියත් මකාගෙන අතුරුදහන් වූයේ සමාජවාදී වමාෂික අදහස්වලට උත්තර දී ගත නොහැකිවද යන්න පැහැදිලි නැති වුවද බ්ලොගය මකා අතුරුදන් වූ මියගිය ටැබූ සබ්ජෙක්ට් අවතාරය ( එනම් ඔහු කියූ නිවැරිදි අදහස්)   තාමත් බ්ලොග් තිබෙන w3lanka ට වඩා ප්‍රබල , ජීවමාන සත්‍යය බව දන්නෝ දනිති.

පැරකුම් ලා වැනි වම්මු කිසිදා වයසට නොයයි වඩා නිවැරිදිව ශරීරයෙන් මිස මානසික වයස  කිසිදා මුහුකුරා නොයයි .ධනවාදය යනු ක්‍රියාවලියක් මිස දෘෂ්ටිවාදීමය සුරුවමක් නොවන බව අපිට කියන ඔවුන් නොදන්නා දෙයක් නම් ඔවුන් එදා සිට අද දක්වා එකම වාමාංශික යල්පැනගිය අදහස් ගොන්නක් දෘෂ්ටිවාදීමය සුරුවමක්  කරගෙන  ආගමික ලෙසින් අදත් අදහමින්  සිටින බවයි. මොවුන් මැරෙන තුරු වෙනස් නොවේ. 2010 වසරේ මොවුන් ටැබූ සමග කල සංවාදය ඇත්තටම මෙය සාක්ෂි දරයි. එදා ටැබූ කියූ දේ අල්ප මාත්‍ර ලෙසවත් තේරුම් ගැනීමට 2013 වන තෙක්වත් මොවුන් සමත්වී නොමැත.  අපි mp3 වලින් සිංදු අහන කාලයේ  w3 තාමත් එකම පරණ ග්‍රැමෆෝන් තැටිය ධාවනය කරයි.

ලංකාවේ තියෙන්නේ ධනවාදයක්ද මහින්ද රාජපක්ෂ රටකරවන විදිය ධනවාදයද යන්න වම්මු සමග වාද කිරීම විකාරයකි ඔවුන්ට අනුව බස් එකක කවුරුහරි පඩයක් ඇරියත් එක ධනවාදය නිසා වන දෙයකි ඒ කොටස් ගැන මට කියන්නට ඇත්තේ පහත ටැබූ ඔවුන්ට කියූ දෙයමය.
//රාජපක්ෂ  අනුයන්නේ ධනවාදයක්ද නැද්ද යන්න ගැන විවාද කොට කාලය නාස්ති කර ගැනීමට මට අවශ්‍ය නැත. තව වසර තුනකින් මෙපිට එය කාටත් පැහැදිළි වනු ඇත. අපේ රට ඇමෙරිකාව හෝ සිංගප්පූරුව දෙසට ගමන්ගන්නේ නම් එහි ක්‍රියාත්මක වන්නේ ධනවාදයකි. බුරුමය හෝ සෝමාලියාව දෙසට ගමන් ගන්නේ නම් (ඔබට තේරුම් ගත නොහැකි) වෙන මොකක් හෝ ඉලව්වකි. අපි බලා සිටිමු.- ටැබූ සබ්ජෙක්ට්ස් -2010 //

     මා දැන් ඔවුන් කියන විකාර වැල්වටාරම් අදහස් වලට කාටත් වැඩක් නැති   පිළිතුරු දීම පසෙකලා  අපිට ධනවාදය උගන්වන අජිත් පැරකුම් නම් වාමාශික මිතුරා ඇසුරින්ම මා කියන ධනවාදය යනු කුමක්දැයි සරලව මගේ පාඨකයින්ට කියා දෙන්නම්.
 අජිත් පැරකුම්  වාමාංශික මහතාගේ  w3lanka  වෙබ් අඩවියේ දකුණු ඉහල කෙලවරේ ඒ මහතාගේම භාෂා පරිවර්තන සේවයක් පිලිබඳ වෙළද දැන්වීමක් ඇත. එම යොමුවෙන් ගියවිට ඔහුට හනුදෙනු කරුවන් ඉන්නා බව කියන නිසා මෙය නිකං ලබා දෙන සේවයක් නොව මිලකට විකුණන සේවාවක් බව මම සලකමි.

මෙම වාමාංශික වෙබ්අඩවියක දෛවෝපගත ලෙස ඇති වෙළඳ දැන්වීම අපිට කියන්නේ කුමක්ද? මා එය නම් කරන්නේ මෙලෙසිනි. ස්‌වයං-ප්‍රකාශිත (soi-disant) වාමාශික සමාජවාදි පුද්ගලයින්  තුල පවා නිදහස් වෙළඳ පොළ ට  ඇත්තේ  ආකර්ෂණයක් (An Affinity) මිස විරෝධයක් නොවන බවයි.
අප වාමාංශික මිතුරා අජිත් ට හිතට එකඟව කල නොහැකි දුෂ්කර කාර්යක්ද කරන්ට වී ඇත. දැන් ඔහු පාරිභෝගික භාණ්ඩයක් සිය වෙබ්අඩවිය හරහා විකුණන වමාන්ශිකයෙකි. ඔහු කපටියෙකු නොවේ කපටියෙකු වූවානම්  වෙළඳ භාණ්ඩ  හුවමාරුවේ වාමාශික විකල්පය වන ඔහුගේ භාෂා සේවා සැපයීම සඳහා පරිත්‍යාග මිස මුදල් අය නොකරන බව කියන්නට තිබුණි.

අජිත් පැරකුම් ජයසිහ මම ඔබගේ නව අනන්‍යතාවය නාමකරණය  කරමි. ඔබ  එකම මොහොතක වමාන්ශිකයෙකු මෙන්ම වෙළෙන්දෙකු ද වෙයි..(ඔබ ඔබේ ගනු දෙනු කරුවන් සමග සිය කැමැත්තෙන් එකිනෙකාට හිතකර ලෙස සිදුකරන ආර්ථික හුවමාරුවක නිරත වන වෙලදාමක්ද පවත්වාගෙන යන වමාන්ශිකයෙකු වෙයි.). මම දැන් අජිත් පැරකුම් ගෙන් මෙසේ අසමි.  මනසින් වාමන්ශිකයෙකු වන ඔබ ඔබේ ගනු දෙනු කරුවන් සමග සිය කැමැත්තෙන් එකිනෙකාට හිතකර ලෙස සිදුකරන ආර්ථික හුවමාරුවක නිරතවිමෙහි තිබෙන  උත්ප්‍රාසය සහ  ව්‍යාජෝක්තිය ඔබට වැට හෙනවාද?

දැන් පාඨකයින්ට වැටහෙන්න ඕනෑ අජිත් ධනවාදයට එරෙහිව කරන මහා සටනකරන්න වෙලා තියෙන්නේ එයාටම එරෙහිව එයා තුල ජීවමානව සිටින අර්ධ වෙළෙන්දාට එරෙහිව මිස ඒ අයගෙන් පිටත  සිටින එයාලා මාව නම් කරන  එළකිරි ධනවාදියාට හෝ ධනවාදයට  එරෙහිව නොවෙයි කියන එක. දැන්  මා මේ පිළිතුරු දෙන අදාළ අජිත්ගේ ලිපියේ ප්‍රතිචාරයක් ලෙස   කියූ "ලංකාවේ ඉන්නේ අතීත ගෝත්‍රික වැඩවසම් මනසක් සහිත BMW ලම්බෝගිනි එකේ යන ඔලුව සිංහ භාහු කඳ ලෑම්බෝගිනි මිනිසෙකි" යන්න  වෙනත් විදියකට කියන්න පුළුවන්  වාමන්ශිකයින් පවා කඳෙන් ධනවාදී ඔලුව පමණක් වාමන්ශිකයි.

මම අජිත් පැරකුම් ට වෙනස් ලෙස  සිය කැමැත්තෙන් එකිනෙකාට හිතකර ලෙස සිදුකරන ආර්ථික හුවමාරුවක (ධනවාදී ආර්ථික ක්‍රමයේ මුලික ක්‍රියාකාරකම වන නිදහස් හුවමාරුව)නිරතවීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින නිදහස් වෙළඳ පොළ ධනවාදියෙකි .  අජිත් මෙන් දෙබිඩි ජිවිතයක් මට නැත . මා සටන් කරන්නේ මා වෙනුවෙන් මෙන්ම  අජිත් ගේ ජීවිතයේ සිය ප්‍රායෝගික අර්ධය වෙනුවෙන්මය.අජිත් ට ඔහුගේ  ගේ පරිවර්තන ව්‍යාපාරය රජයේ ඇඟිලි ගැසීම්,  බදු ගැසීම් වලින් තොරව පවත්වාගෙන යාමට ඇති  අයිතිය වෙනුවෙනි. ඉන් උපයාගන්නා හැම මුදලක්ම ඔහුගේ පුද්ගලික දේපලක් ලෙස ඔහුට තහවුරුකර දීම වෙනුවෙනි.

මා පෙනී සිටින්නේ අන් අයෙකුට කරදරයක් හානියක් නොවන තාක් දුරට අජිත් පැරකුම්ට හෝ ඕනෑම පුද්ගලයෙකුට  කැමති ඕනෑම ගනුදෙනුවක් හුවමාරුවක් මෙන්ම සතුටු විමට කැමති ඕනෑ දෙයක් කිරීමට  ඇති අයිතිය වෙනුවෙනි.
ඒකාන්තයෙන්ම දැනට ලෝකයේ ඇති ඕනෑම දේශපාලන ආර්ථික ක්‍රම අතුරින් ඉහත මා පෙනී සිටින දේවල්  අගේ කොට සලකන  දැනට ඇති එකම ක්‍රමය   නිදහස්-වෙළඳපොළ ධනවාදි ක්‍රමයයි. එබැවින් මේ මොහොතේ මම ජෝන් ගාල්ට් විමට කැමැත්තෙමි.

51 comments:

  1. ඉතා ඉහල මට්ටමේ ධනවාදියෙකු වන ඔබ තවමත් MP3 භාවිතා කිරීමෙන් පෙනීයන්නේ ධනවාදි දියුණුව ඔබ කරා තවමත් පැමින නැති බවද?mp4, mp5, mp6 ඔබ අසා නැතිද?

    ReplyDelete
    Replies
    1. @කලාමැදිරියා
      මා ඉහල මට්ටමේ ධනවාදියෙකු ලෙස මා හදුන්වාගෙන නැත එසේ කියන්නේ ඔබයි එලෙසම මා mp3 වචනය භාවිතා කර ඇත්තේ උපහැරණයක අලංකාර කිරීමට පමණි. ඇනලොග් සහ ඩිජිටල් වෙනස දැනේ නම් ඒ ඇති. මගේ තාක්ෂණ භාවිතය පිලිබඳ ඔබට ප්‍රශ්නයක් ඇත්නම් කීමට ඇත්තේ මා සතුව නිවසේම ඇති ශබ්දාගාරයේ ඔබ මෙතන නොකී නූතන Dolby TrueHD DTS-HD Master Audio හෝ PCM වලින් පටිගත කිරීමේ හැකියාවද ඇති බවයි. කෙනෙක්ට ඇඟිල්ල දික් කරන විට අනික් ඇඟිලි හැරී ඇත්තේ ඔබ දෙසටයි. නොදන්නා කම ආශිර්වාදයක් කර ගන්න එපා mp4 යම් එකතු කිරීම් තිබුනද mp5, mp6 යනුවෙන් මහා තාක්ෂණික වෙනසක් සිදුවී නැහැ මෙලෙස හදුන්වන්නේ සුළු වෙනස්කම් ඒක චීන බඩු හදන අය වෙළදපොල ප්‍රචාරය සඳහා කරන ලද දෙයක් විතරයි. ශබ්ද ඉංජිනේරුවන් තාක්ෂණික වෙනස්කමක් ලෙස මේවා සලකන්නේ නෑ.http://en.wikipedia.org/wiki/Timeline_of_audio_formats

      Delete
    2. @udi - හොඳ උත්තරයක් .

      අජිත් පැරකුම් , රාමචන්ද්‍ර ඇතුලු බ්ලොග් අවකාශයේ වාමාශිකයින්ටත් (සමස්ථයක් වශයෙන් මා ඇසුරු කර ඇති සියලුම වාමාංශිකයින්ටත් ) ආවේණික ලක්ෂණයක් තමයි , තමන්ගේ ඔලුවේ තියන තියරි එහාට මෙහාට ගලපලා මොකක් හරි ලස්සන අදහස් ප්‍රකාශනයක් කරන්න තියන හැකියාව . හැබැයි පොඩ්ඩක් හාර අවුස්සන්න ගියොත් . සමාජ වාදේ සංකීර්ණයි , උඹලට මේවා තේරෙන්නේ නෑ , අහවල් පොත කියවල වරෙන් ,සමහර රටවලදි අසාර්ථක වුනේ සමාජවාදය නෙවෙයි වගේ කතන්දර ගොඩයි .

      Delete
    3. බුවා කරන්නෙත් මොකක් හරි බයිලා ටිකක් ගහන් චීත්තෙ අඳින එකනේ.උදිතත් බයිලා ගැහුවට කමෙන්ට් මොඩ් දාගෙන තනියම වලන් බිඳිනවා

      Delete
    4. නිදහස් වෙළඳපොළ කියන්නේ ධනවාදයට බොහෝ පෙර නිර්මානය වූ එකක්. එය ධනවාදයේ උරුමයක් ලෙස සැලකීම හා සමාජවාදයට විරුද්ධ දෙයක් ලෙස සැලකීම ඔබේ නොදන්නාකම මිස වෙන දෙයක් නොවෙයි.

      ධනවාදය සමාජ සංවර්ධනයේ එක් අවධියක් මිස සනාතන තත්වයක් නොවෙයි. ඉතිහාසය ධනවාදයට වඩා ලොකු දෙයක්. ඒ නිසා අපේ ජීවිත කාලය තුළ නොවුණත්, මිනිසා බොහෝවිට මීට වඩා දියුණු ක්‍රමයක් නිර්මානය කරගනීවි.

      අපි සමාජවාදය සඳහා අරගලය කියන්නේ මේ මිනිස් අරගලයට. සමාජවාදය කියන්නේ යහපත් සමාජයක් පිළිබඳ අරගලයක් මිසක් ඔබ සිතා සිටින දේ නොවෙයි. හැබැයි පෞද්ගලික දේපල පොදි බඳිමින් ලාභය පසුපස හඹා යන වත්මන් ක්‍රමයට පුළුවන් මේ සමාජය ම්ලේච්ඡත්වය වෙත නැවත යොමු කරන්නත්. ලංකාවේ දැන් වෙමින් තිබෙන්නේ එය.

      අප සිටින්නේ ඉතිහාසය සමග. ඉතිහාසය ඉදිරියට යන ගමනක්. ඒ ගමන වඩා යහපත් මං පෙත් ඔස්සේ සිදුවන එක තමයි විය යුත්තේ. ධනවාදය කියන්නේ ලාභය සඳහා කෑදරකම, පරිභෝජනවාදය, භාණ්ඩ වන්දනාව, පුද්ගලවාදය ප්‍රවර්ධනය කරන දෙයක්. එය නරකයි.

      ඇමරිකානුවන් අද පරිභෝජනය කරන ලෙස චීනුන් යම් දිනෙක පරිභෝජනය කරන්න ගියොත් ලෝකයේම සම්පත් මදි වේවි චීන්නුන්ට. මේ යථාර්ථය තේරුම් ගන්න.

      Delete
  2. @AnonymousJanuary 13, 2013 9:31 AM
    මේ දක්වා කමෙන්ට් වාරණය කර නැත.කමෙන්ට් මොඩ් දා ඇත්තේ කොමෙන්ට් ආ විට ඊ මේල් එකක් එන බැවිනි. එය පහසුයි.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් වාරණය කලත් නැතත් කමේන්ට එකක් අවාම ඊ මේල් එකක් එනවනේ..........

      Delete
    2. බ්ලොගර් එකේ එහෙම කරන හැටි කියල ඊ මේල් එකක් එවන්න මයියා. moderation අයින් කරන කොටම ඊ මේල් නොටිෆිකේෂන් නැතිවෙලා යනවා.

      Delete
  3. අජිත්ගේ වෙළද දැන්වීම ගැන උදිත කියන කථාව ගොං කථාවකි.වාමාංශිකයෙක් උනා කියල මිනිහෙක් අහසේ ජීවත් වන්නේ නැත.ඔහු ජීවත් වෙන්නෙ ධනවාදී සමාජයක.උදිතගෙ තර්කයට අනුව වාමාංශිකයෙක්ට ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්න බැරිය.ප්‍රයිවට් බස් එකක යන්න බැරිය.ලැට් එක හෝදන්න හාපික් ගන්න බැරිය.ඩයලොග් එකෙන් රීලෝඩ් දාන්න බැරිය.කොන්ඩම් එකක් මිලදී ගෙන හුකන්න බැරිය.මේ සේරම ධනවාදී වෙළදපොල තුල හුවාමරු භාණ්ඩය.වාමාංශිකයන්ට ධනවාදය අරහං හින්ද මේ මුකුත් කරන්න බැහැ උදිතගෙ තර්කෙ අනුව.සමාජ ආර්ථික ක්‍රමයක් තුල ජීවත් වෙන කෙනෙක්ට ඒකෙන් සම්පූර්‍ර්ණයෙන්ම මිදිල ජීවත් වෙන්න බැහැ.අජිතුත් ජීවත් වෙන්න ඕනෙ.උඹලගෙ කෙහෙල්මල් ධනවාදය මිනිස්සුන්ට ජීවත් වෙන්න නම් විකුණන්න හා විකිනෙන්න බල කරල තියෙනව.ජීවත් වෙන්න තමුන්ගේ ශ්‍රමය ධනපතියන්ට විකුණලා ජීවත් වෙන කම්කරුවයි අජිත් කරන වැඩෙයි ලොකු වෙනසක් නැහැ.අජිත්ගෙ අදහස් සංවාදයට ලක්කරනව වෙනුවට ඒ මනුස්සය ජිවත් වෙන්න කරන රස්සාව ඇදල ගන්න එක සිල්ලර තර්කයක්.වැදගත් අජිත් මේ ක්‍රමය ගැන ගේන විවේචනය.ඊට වඩා වෙනස් ක්‍රමයක් ගැන ඉදිරිපත් කරන යෝජනාව.මේ ක්‍රමය කුණු වෙලා ගදගහනව කියන එක ඒ මනුස්සයා දකිනව.මේක ඇතුළෙ මුදල විතරක් ප්‍රමුඛ වෙලා මනුස්සකම බල්ලට ගිහින් තියෙන හැටි ඒ මනුස්සයා ලියනව.ඒ මනුස්සයා මේ තත්වයන්ට විරුද්ධව ජීවිත කාලයක් වැඩකරපු සටන් කරපු හාදයෙක්.තාම ඌ ලියනව.බඩුවක් ගහල සුරුට්ටුවක් බීල අයිෆෝන් එකක් වෙනුවෙන් ජීවත් වෙන එක තමයි ලයිෆ් එක කියල හිතන ගොං බාස්ලට ඒ මානවවාදී දේශපාලනයේ තියෙන හරය නොතේරෙන එක මට පුදුමයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. කවුද කිව්වේ එපා කියල මම ඔහුගේ පරිවර්තන හැකියාව විකිණීමේ ඒ අයිතිය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. ඔහු සහ ඔබලා තමයි එයට විරුද්ද. දැන් ඔහුගේ පරිවර්තන සේවාවක් මම ලබාගෙන ඔහුට ගෙවනවා මේ ක්‍රමය නිසා අජිත් ගේ මනුස්සකම බල්ලට යන්නේ කොහොමද? නිදහසේ අපි දෙදනාගේ කැමැත්ත මත ගනුදෙනුවක් උනාම රට කුණුවෙලා ගඳ ගහන්නේ කොහොමද? සිස්ටම් එක වැරදියි කියල ගිරව් වගේ කියනවා.

      Delete
    2. වමේ පොරක් වෙලා ඉන්න කම් සල්ලි හම්බ කරලා කාර් ගන්න එපා ළමයින්ට කන්න දෙන්න එපා කියල නොවෙයි. මම පැරකුම් ලට කියන්න උත්සාහ කරන්නේ ඒ අය තුල පවා නිදහස් වෙළඳ පොළ ට තියන ආකර්ෂණය ගැන අවංකව සංවේදී වෙන්න කියන එකයි. මේක හැම මිනිහටම තියන මිනිස් ස්වභාවයක් ඒ අය මේක අමතක කරලා විකල්පයක් ලෙස ගේන සමාජවාදී ක්‍රමය කෘතිමව මිනිසාට තුවක්කු පෙන්නල ගෙනල්ල බලෙන් මිනිස්සු හොඳ මිනිස්සු කරන්න හදන ක්‍රමය හරියන්නේ නැහැ මොකද ආයෙත් ඒ ක්‍රමය ක්‍රියාත්මක කරන්න වෙන්නේ පැරකුම්ලා වගේ මිනිස්සුන්ටමයි.ඉතින් ඊළඟට අජිත්ලට ඉතිරිවෙන පියවර තමයි මිනී බිලියන ගණන් වලින් මරල පක්ෂයේ සිස්ටම් එකට අකමැති ද්‍රෝහීන් නැති සුන්දර සමාජය හදන එක.
      මම පහුගිය දවසක දැක්කා බ්ලොග් එකක කොමෙන්ට් එකක දැක්කා කවුද ලංකාව අඹ ගෙඩියකට සමාන කරලා තියනවා.
      ලාංකික අමුතු සමාජ ආර්ථික ක්‍රමය තුල ජීවත් වෙන අජිත් ලංකාව කියන අඹ ගෙඩිය කුණු වෙලා ගදගහනව කියල දකිනවා. නරක වෙච්ච කුණු අඹේ පනුවෝ ගහල තියෙන්නේ මේ පනුවෝ දැකල කොහෙවත් නැති ධනවාදී ක්‍රමයකට පලු යන්න බනිනවා නොදකින සත්‍ය තමයි තමනුත් පණුවෙක් වෙලා ඒ කුණු අඹේ එල්ලිලා ඉන්න ගමන් ලෝකය දකින්න බැහැ.
      පැරකුම් ලට මම කියන්නේ කුණු අඹ ඇර හොඳ අඹ ගස් ලෝකයේ තියනවා. මේ සිස්ටම් එක වැඩ කරනවා කියන එක. එතකොට පැරකුම් කියන්නේ ඒ කේන්ද්‍රයේ තියන හොඳ අඹ ගස් ඔක්කොම අපේ අඹ ගහට තියන පෝර ටික සූරාකාල තමයි හොඳ අඹ වෙලා තියෙන්නේ කියල.
      මම ලංකාවේ වම්මුන්ට කියන්නේ මෙච්චරයි වම්මු වන උඹල සහ උඹල ලංකාවේ ධනවාදීන් කියල නම් කරන අයත් ඔක්කොම පොදුවේ මේ කුණු අඹේක එල්ලිලා ඉන්න කුණු උරාබොන පනුවෝ විතරයි මෙහෙම ගියොත් තව ටික දවසිකින් අඹ ඇටේ විතරයි ඉතිරි වෙන්නේ.

      මගේ ගොන් කතා සිල්ලර කතා ගැන කියන ඇනෝ ට කියන්න තියෙන්නේ බෝට්ටුවකින් පැනල හරි හොඳ අඹ ගස් තියන පළාත් වලට ගියපු අපි වගේ අය මාසෙකට සැරයක් අපේ රටට එවන පෝර ටික හින්ද තමයි උබලා වගේ හිත හොඳ සටන් කරන වාමාංශික පණුවන්ට ධනවාදයද වමද හොඳ කියල වාද කර කර හරි එල්ලිලා ඉන්න යන්තම් ලංකාව කියන අඹ ගෙඩිය නැට්ටේ එල්ලිලා ඉතිරිවෙලා තියෙන්නේ. නැත්නම් ගෙඩිය බිම.



      Delete
  4. සිංහල බ්ලොග් අවකාශයේ ධනවාදය හා සමාජවාදය අතර මත ගැටීමක් යනු හිට්ස් මිස වෙන කිසිවක් ලබා නොදෙන කාලය කා දමන ධීමත් ස්වයංසම්භෝගයකි (intellectual masturbation).

    එක අන්තයක ඉන්නේ පැරකුම්ලා රාමචන්ද්‍රලාය. අනික් අන්තයේ අරුණි ශපීරෝලාය. පැරකුම්ලාට පඩයක් ගියත් එක ධනවාදයේ වරදක් වන්නාක් සේම අරුණි ශපීරෝට පඩයක් ගියත් එය සමාජවාදයේ වරදක් වේ. පැරකුම්ලාට අනුව මහින්ද රාජපක්ෂද මහා ධනවාදියෙකි. අරුණි ශපීරෝලාට අනුව ඔබාමාද සමාජවාදියෙකි. දෙගොල්ලන්ටම තමන් හැර අන් සියළු දෙනාම වැරදිය!!!!!!!!!!

    ජීව පරිණාමය විසින් මානවයාට පාද දෙකක් දී ඇත්තේ එක් පාදයකින් ඇවිදිනවාට වඩා පහසුවෙන් හා ඉක්මණින් පාද දෙකකින් ගමන් කළ හැකි නිසාය. එසේම සමාජ ආර්ථික පරිණාමය විසින් ධනවාදය හා සමාජවාදය යනුවෙන් අර්ථ ක්‍රම දෙයක් නිර්මාණය කොට ඇත්තේ ඒ දෙකටම අවස්ථානුකූලව පැවැත්මක් ඇති නිසාය. මානවයා පමණක් නොව සතුන් පවා ඉතාම ප්‍රාථමික මට්ටමින් මේ අර්ථ ක්‍රම දෙකෙහි ප්‍රොටෝටයිපයන් සේ හඳුනාගත හැකි හැසිරීම් අවස්ථානුකූලව දක්වති. ඒ ස්වාභාවික සංසිද්ධියන්මය මානවයා අතර සමාජ-ආර්ථික තලයේ ධනවාදය හා සමාජවාදය යන විකල්ප අර්ථක්‍රම සේ අරුත් දැක්වෙන්නේ. එනිසා මේ දෙකින් එකකට් හෝ සම්පූර්ණයෙන් විරුද්ධ වීම උතෝපියානු හැසිරීමකි. පූර්ණ ධනවාදී හෝ පූර්ණ සමාජවාදී රාජ්‍යයන් සේ හඳුනාගත හැකි පද්ධති කිසිවක් අහසේ මිස මහපොළොවෙහි ප්‍රාදුර්භූතව නැත්තේය. මේ පොළෝ තලයෙහි අද ඇති හැම ආණ්ඩුවක්ම අඩු වැඩි වශයෙන් මිශ්‍ර ආණ්ඩුවකි. ඒ අතර දියුණු රාජ්‍ය ධනවාදයට වැඩි නැඹුරුවක් දක්වයි. නමුත් එවන් රාජ්‍ය පවා සමාජවාදී අර්ථක්‍රම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කොට නැත.

    ReplyDelete
    Replies
    1. ""එක අන්තයක ඉන්නේ පැරකුම්ලා රාමචන්ද්‍රලාය. අනික් අන්තයේ අරුණි ශපීරෝලාය. පැරකුම්ලාට පඩයක් ගියත් එක ධනවාදයේ වරදක් වන්නාක් සේම අරුණි ශපීරෝට පඩයක් ගියත් එය සමාජවාදයේ වරදක් වේ. පැරකුම්ලාට අනුව මහින්ද රාජපක්ෂද මහා ධනවාදියෙකි. අරුණි ශපීරෝලාට අනුව ඔබාමාද සමාජවාදියෙකි. දෙගොල්ලන්ටම තමන් හැර අන් සියළු දෙනාම වැරදිය!!!!!!!!!! ""

      Well said..!

      Delete
    2. හරියට හරි... සමාජවාදය මනෝරාජිකයි කියනකොට, පූර්ණ නිදහස් ධනවාදයද මනෝරාජිකයි. ඔය හින්දාමයි, උදිතගේ ස්ලොගන් එක හැටියට තියන අයින් රෑන්ඩ් ගෙ අදහසට මම එකඟ නැත්තේ... ඔය කියන මැද දුෂ්ඨයි නම්, අද ලෝකෙ තියන හොඳම රටවල් තියෙන්නෙ ඔය දුෂ්ඨත්වයේ...

      Delete
    3. මම මෙතන අයින් රෑන්ඩ් ගේ එකඟ වීමට අපහසුම කියමන දාල තියෙන්නේ යම් කිසි හේතුවක් නිසා.නොදැන නොවෙයි.

      Delete
    4. ඔවු උදිත මහින්ද රාජපක්ෂ ධනවාදියෙක් නෙමෙයි.අම්මප නැහැ.පිස්සුද?මහින්ද?ධනවාදී?ධනවාදයක් උගේ ගෑවිලාවත් නැහැ.හැබැයි උදිත මං මිනිහට පු* දීල කීයක් හරි හොයාගන්නවා.ඒ උනාට මහින්ද ධනවාදී නම් නැහැ හොදේ?

      Delete
    5. දැන් එතකොට ඔය ගොල්ල 2005දි මහින්දට *ක දුන්නෙම නෑ නේද? එතකොට නම් මහින්දගේ ධනවාදය ප්‍රශ්නයක් වුණෙත් නෑ නේද?

      Delete
    6. @AnonymousJanuary 13, 2013 at 12:41 PM
      පුද්ගලයා කවුරු උනත් මේ සටහනට දමා ඇති ප්‍රතිචාර අතරින් වඩාත්ම සබුද්ධික සංවිධිත සහ උපයෝගික පිළිතුර දී ඇත්තේ ඔබයි. ඔබට ස්තුතියි.
      පැරකුම් ලා ට මම විරුද්ධ වෙන්නේ ඔවුන් සැලසුම් ගහන්නේ මම මහන්සිවී නිපදවන දෙයක අයිතිය කාටත් පොදුවේ අයිති දෙයක් යැයි කියා මගෙන් උදුරාගෙන ඕනෑ එකාටත් එපා එකාටත් බෙදා දීමට කතාකරන බැවිනි. මට ඒ බලහත්කාරය නොකරන තාක් කල් ඔහු ලෙනින් ට මාර්ක්ස් ට මල් තියා වැන්දත් මට කමක් නැත.අරුණි ශපිරෝ මට බලහත්කාරයක් නොකරන තාක් කල් ඇයට කැමති තරම් ආන්තික ධනවාදයක් ඇදහීමේ අයිතියද ඇයට දිය යුතුය. එලෙසම ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් ලංකාවේ බිහිවූ විශිෂ්ඨතම රජයේ නිලධරයා ලෙස නොව මහින්ද රාජපක්ෂ ලෝකයේ හොඳම ජනාධිපති ලෙස කෙනෙකු ලෙස දැකීමටද කෙනෙකුට ඇති පුද්ගලික අයිතිය පිළිබඳව මම ගරු කරමි.

      Delete
    7. /අරුණි ශපිරෝ මට බලහත්කාරයක් නොකරන තාක් කල් ඇයට කැමති තරම් ආන්තික ධනවාදයක් ඇදහීමේ අයිතියද ඇයට දිය යුතුය./

      නමුත් පැහැදිළිවම අරුණි ශපීරෝ අනුදත් ආන්තික ධනවාදයද අපට බලහත්කාරකම් කරයි. ඊට විරුද්ධ විය යුතු එහෙයිනි.

      /පැරකුම් ලා ට මම විරුද්ධ වෙන්නේ ඔවුන් සැලසුම් ගහන්නේ මම මහන්සිවී නිපදවන දෙයක අයිතිය කාටත් පොදුවේ අයිති දෙයක් යැයි කියා මගෙන් උදුරාගෙන ඕනෑ එකාටත් එපා එකාටත් බෙදා දීමට කතාකරන බැවිනි./

      මෙතනදී ඔබ අයින් රෑන්ඩ්ගේ 'මා මහන්සි වී නිපදවන දෙයක්' කියන මිථ්‍යාව විශ්වාස කරන බැව් පෙනේ. එවැන්නක් නැත. ඔබ 'මා නිපදවන දෙයක්' කියන්නේ තවත් බොහෝ දෙනා විසින් දායකත්වයක් සපයන ලද දෙයක යම් සීමිත කොටසකි.

      සරල නිදර්ශනයක් හැටියට ඔබ පැන්සල් නිෂ්පාදකයකුයයි සිතන්න. ඊට අවශ්‍ය ලී ඔබ ලබා ගන්නේ කැලයෙනි. මිනිරන් පොළොවෙනි. මේ හැම දෙනාටම අයිති පොදු දේපළකි. ඒ සඳහා ඔබ අනිවාර්යයෙන්ම මිළක් ගෙවිය යුතුයි. එසේම ඔබ නිෂ්පාදනයේදී විනාශ කරන්නේ තවත් පොදු දේපළක් වන පරිසරයයි. ඊටද ඔව යම් ගෙවීමක් කළ යුතුය. මෙය කළ හැකි පහසුම ආකාරය ඔබ බදු වලට යටත් කිරීමයි.(වරදවා තේරුම් නොගන්න - බදු වලින් පීඩිත කිරීම නොව සාධාරණ බද්දකට නතු කිරීමයි.)

      මෙය තවත් ආකාරයකින් (වඩා පුළුල් අර්ථයකින්) පැහැදිළි කළේ බරක් ඔබාමාය. ඒ 2012 ජූලි මාසයේදී වර්ජිනියාවේ කරන ලද පහත ප්‍රකාශයෙනි.

      "If you were successful, somebody along the line gave you some help. There was a great teacher somewhere in your life. Somebody helped to create this unbelievable American system that we have that allowed you to thrive. Somebody invested in roads and bridges. If you've got a business—you didn't build that. Somebody else made that happen."

      මීට පදනම් වූ හිටපු ධවල මන්දිර මූල්‍ය ප්‍රතිසංස්කරණ උපදේශිකා එලිසබෙත් වොරන්ගේ ප්‍රකාශය මීටද පැහැදිළිය.

      "I hear all this, you know, 'Well, this is class warfare, this is whatever.' No. There is nobody in this country who got rich on his own — nobody. You built a factory out there? Good for you. But I want to be clear. You moved your goods to market on the roads the rest of us paid for. You hired workers the rest of us paid to educate. You were safe in your factory because of police-forces and fire-forces that the rest of us paid for. You didn't have to worry that marauding bands would come and seize everything at your factory — and hire someone to protect against this — because of the work the rest of us did. Now look, you built a factory and it turned into something terrific, or a great idea. God bless — keep a big hunk of it. But part of the underlying social contract is, you take a hunk of that and pay forward for the next kid who comes along."

      අපේ සාක්කුවට බලෙන් අත දාන්නට එන අජිත් පැරකුම්ලාට, රාමචන්ද්‍රලාට සේම අරුණි ශපීරෝලාටද විරුද්ධ විය යුත්තේ එනිසාය.

      Delete
  5. සමාජවාදී මෝඩ පප්පලා සේරම පැරකුම්ගේ කක්කුස්සියේ කක්කා කර තියෙනවා දිටිමි. මේ පප්පලා ටික මෙතැනට ගෙනැවිත් ධනවාදී කක්කුස්සියේ කක්කා කරවන්නට පුළුවන්නම් එය උදිත ලබන ජයග්‍රහණයක් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ඇනෝ බොහෝ අය ධනවාදී කක්කුස්සිය කියල හිතන්නේ මෙතන නොවෙයි අරුණි ශාපිරෝගේ බ්ලොග් එකට එත් එක කක්කුස්සියක් නොවේ තරු පහේ බාත්රුම් එකක් විදියටයි මං දකින්නේ කක්කා කරන්න නොවෙයි බත් දාගෙන වුනත් කන්න පුළුවන්. ඇයි මෙතනට එන්නේ කක්කා බර අයට කක්කා කරන්න යන්න අපේ කතන්දර ගේ පොදු බ්ලොග් නාන කාමරය තියෙන්නේ ඕනා තරම් කක්කා කරන්න එතන පුළුවන් නේ.
      මම විනෝදයට බර කෙනෙක් මෙතන මම ඩිස්කෝ ලයිට් දාල හදපු dance floor එකක් විතරයි තියෙන්නේ සතුටු වෙන්න කැමති අය එන්න මෙතන මෙතන නටන්න. කෑම බිම සංගීතය නොමිලේ.

      Delete
    2. මට හැඟී යන පරිදි අරුණි ශචිරෝගේ අඩවිය ධනවාදී එකක්ම නොව. ඇමරිකන් ව්‍යාප්තවාදී අඩවියක්.

      Delete
  6. අජිත් පැරකුම් කියන ස්වයං ප්‍රකාශිත මහා සමාජවාදියාගේ ධනවාදී හැසිරීම ගැන මගේ සත දෙකයි මේ.

    ධනවාදයේ අපූර්වත්වයක් වන්නේ ධනවාදී සමාජයක පවා සමාජවාදියකුට අවශ්‍ය නම් තමන්ගේ සමාජවාදී හැසිරීම දිගටම ගෙන යන්නට චොයිස් එකක් ලැබීමයි. (මෙහි අනෙක් පැත්ත - එනම් සමාජවාදී රාජ්‍යයක ධනවාදී ලෙස ජීවත් වීමේ හැකියාව සිහිනයක් පමණෙකි.)

    ඉහත උදාහරණයන්ගෙන්ම යැපුණොත් අවශ්‍ය නම් අජිත් පැරකුම් නැමැත්තාට ප්‍රයිවෙට් බස් එකේ නැතුව ලංගම බස් එකේ ගමන් කිරීමේ චොයිස් එක තියේ. සුපර් මාර්කට් එකට නොයා ගමේ කඩයෙන් හෝ සමූපාකාරයෙන් බඩු ගැනීමේ චොයිස් එකද තියේ. ලැට් එක හෝදන්නට හාර්පික් ගත යුතුය කියා කිසිවෙක් බල නොකරති. අවශ්‍ය නම් අළු දමා එය කළ හැකිය. ඉන්ටර්නෙට් මොබයිල් ෆෝන් ආදී සියල්ල අනිවාර්ය නැත. මේ කිසිවක් නැතිව ජීවත්වන මිනිස්සු ඕනෑ තරම් වෙති. කොන්ඩෝමයත් ධනවාදී නිර්මාණයක් කියා සිතන්නේ නම් තම බිරිඳගේ නිරුවත් ශරීරය දෙස බලාගෙන හස්ත මෝචනයේ යෙදෙන්නට ආණ්ඩුව බාධා නොකරයි.

    නමුත් අජිත් පැරකුම් නැමැත්තා මේ චොයිස් භාවිතා නොකර ධනවාදී හැසිරීමක නිරතවන ගමන්ම අනුන්ට සමාජවාදය දේශනා කරන්නේ නම් ඔහුද තමන්ගේ දරුවන් ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වලට යවන ගමන් ගමේ කොල්ලන්ට සිංහල විතරක් තිබුණාම ඇතිය කියන නලින් ද සිල්වා ජාතියේම අමු කුහකයෙකි.

    කම්කරුවන්ගේ ශ්‍රම සූරා කෑම ගැන බ්‍රහ්ම ටෝක් දෙන අජිත් පැරකුම් තමන්ම මෙහෙකාරියකගේ ශ්‍රමය සූරා කෑම ගැන කියන්නේ කුමක්ද? (අජිත් පැරකුම්ගේ ගුරා වන කාල් මාක්ස්ද මෙහෙකාරියකගේ ශ්‍රමය සූරාකෑමකින් පවා නොනැවත ඇය ලිංගික සූරාකෑමකටද භාජනය කළ අයෙකි.) මතුගම නගරයේ ගොවියන් කම්කරුවන් බසයෙන් යද්දී තමන් සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කිරීම ගැන කියන්නේ කුමක්ද? මේ කුහකකම නොවේ නම් වෙන කුමක්ද?

    ඒ අර්ථයෙන් ගත් කළ අරුණි ශපීරෝ නෝනා අජිත් පැරකුම්ට වඩා අවංකය. ඇය තම දේසනා කරන දර්මයට අනුව ජීවත් වෙයි. එහි කුහකකමක් නැත.

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ නියම විශ්ලේෂණයක්!මේ ගොබ්බයාට අනුව ලංගමයි ගමේ සමූපකාරයයි ගමේ කඩයයි සමාජවාදීයි.සුපර් මාකට් එකයි ප්‍රයිවට් බස් එකයි ධනවාදී.මෙයා ධනවාදයයි සමාජවාදයයි අදුනගන්නේ ඒ විදිහට.පට්ටි විග්‍රහය අප්පා ඇගේ මවිල් කෙලින් වෙනව.මේ වගේ ගොබ්බයින්ට උත්තර ලියන්න ගත කරන කාලෙත් අපරාදෙ.උදිත මචං උඹට කල්‍යානන්ද පෙරේරා කියල දීල නැද්ද මේ වගේ කිසි හැදෑරිමක් නැති ගොබ්බ පැටවු අන්තර්ජාලයේ පොරවල් වෙන එකට කියන වචනය?හැබැයි ඇනෝනිමස් පැරකුම් නං නියම නමින් පෙනී ඉදල මිනිහගෙ විවේචනය හරියට ඉදිරිපත් කරා ඔන්න.ඔයා ඇනෝනිමස් වෙලා මෙතැන කොටන එක ටිකක් ධනවාදී නැහැ වගේ හරිද?

      Delete
    2. මෙන්න නියම සමාජවාදියෙක්. දැන් ඔයා ලියපු මිනිහගේ ජාතකේ හොයන්නේ ලියපු දේවල් වලට කට උත්තර නැති නිසා නේද?

      Delete
    3. ලකාවේ ලංගමයි ගමේ සමූපකාරයයි විතරක් නොව පුද්ගලික ධනවාදී යැයි හිතන ප්‍රයිවට් බස් එකත් ධනවාදී නෑ එකත් රජයේ මිල පාලනයට යටත්. මේ කපේදී ලංකාවේ ගුණාත්මක සේවා සපයන ප්‍රවාහන සේවා සපයන බස් කොම්පැනි බිහි නොවන්නේ එබැවිනි. ආර්ථික කටයුතු වලට රජය ඇඟිලි ගහන විට එය අසාර්ථක වේ. ලංකාවේ ඇත්තේ ධනවාදී පුද්ගලික බස් සේවා සපයන කොම්පැනි නොව තනි වැඩවසම් ගෝත්‍රික පුද්ගලික බස් මුදලාලිය.

      Delete
    4. වැරැදියි උදිත,
      පසුගිය කාල වකවානුවේ රජයේ ආයතන විකුණා පාලනයෙන්ද මුදවීමේ ආදීනව මේ රටේ මිනිසුන් විඳ ඇත. එය පුද්ගලික බස් රථයකට හිර කළ නොහැකියි. අද රෝහල්වල මිල පාලනයක් වෙනවාද? ඖෂධවල මිල පාලනය වෙන්නේ කෙසේද? පෞද්ගලික අධ්‍යාපනයේ මිල පාලනය වෙන්නේ කෙසේද? මාධ්‍ය ආයතනතුළ මිල පාලනය වෙන්නේ කෙසේද?...... බොහෝ උපකරණවල මිල පාලනය වෙන්නේ කෙසේද?
      මෙවායේ මිල පාලනය කරන්න කියා අද මෙම රටේ ඉල්ලා සිටිනුයේ සමාජවාදීන් නොව. සමාන්‍ය ජනතාවයි. එය රජය විසින් නොකරන්නේ ඇයි. ධනේශ්වර ක්‍රමයට රාජ්‍ය පාලනය නතු වී ඇති බැවිනි.
      ඔබ කියන ශ්‍රී ලංකාවේ ඇති සමාජවාදය තුළ ධනේශ්වර ක්‍රමය එයයි.
      පොදු අත්‍යාවංශ භාණ්ඩ සහ සේවා කිහිපයක් පමණක් අද රජයෙන් පාලනය යටතේ තිබේ. එයත් නැති වූ වානම් ජනතාව විදින දුක, කරන ශාපය සමාජවාදීන්ට නොව....
      ලංකාවේ ඇත්තේ සමාජවාදයක් කියා සිතන්නේ නම් එය විහිළුවකි. ධනේශ්වර ක්‍රමයේ නිරුවත වසා ගැනීමකි.

      Delete
  7. /බඩුවක් ගහල සුරුට්ටුවක් බීල අයිෆෝන් එකක් වෙනුවෙන් ජීවත් වෙන එක තමයි ලයිෆ් එක කියල හිතන ගොං බාස්ලට ඒ මානවවාදී දේශපාලනයේ තියෙන හරය නොතේරෙන එක මට පුදුමයක් නෙමෙයි./

    දැන් මේක ලියපු සමාජවාදී ගොං බාස්ට බඩුවක් නොවැටුණාට, ඌට අයිෆෝන් එකක් ගන්න සල්ලි නැති වුණාට අපි පලිද? උගේ ඉරිසියාවට රටක් බිලි දිය යුතුද?

    ReplyDelete
    Replies
    1. ඕව මොනවද 89 දී විජේවීර ගේ ඉරිසියාවට 60,000 ක් වලපල්ලට ගියේ.

      Delete
    2. විජේවීර මාගේ හිතවතෙකු නොව. නමුත්, 89 දී 60,000 වල පල්ලට යැවුවේ ධනේශ්වර පංතියක් විසින් බව ඔබ නොදන්නවා විය නොහැකියි. ගොනි බිල්ලන්, පාතාල, ප්‍රා, .... කල්ලි සහ සංවිධාන කාගේ නිර්මාණ දැයි ඔබ නොදන්නවා විය නොහැකියි. එවකට පාලකයින් වයින් බිබි තරුණයන් මරා දුමූ අයුරු ඔබ නොදන්නවා විය නොහැකියි. ඒ වයින් බී තරුණයන් බිළිදුන් පාලකයන් කිහිප දෙනෙක්ම අද ඊනියා සමාජවාදී ආණ්ඩුවේ ද ඉන්නා බව ඔබ නොදන්නවා විය නොහැකියි. මා කළකම් පල දීම් විශ්වාස නොකළත් මෙයත් කිව යුතුයි. අවම වශයෙන් චෙගුවේරා සහ විජේවීර මරා දැමූ අයටත්, ඊට සහභාගී වූ සහ අණ දුන් අයටත් ස්භාවික මරණයක් ලැබුණේ නැත. අවම වශයෙන් ඔහුන්ගේ එකී පාලනය ද පවත්වා ගත නොහැකි විය.

      71 දී 20,000 ක් පමණ වලපල්ලට යැවුවේ බ්‍රිතාන්‍යෙය් කිරීටය රජකළ ඊනියා සමාජවාදය බවත් ඔබ දන්නවා ඇති.

      Delete
  8. වඩා හොද ධනවාදයද සමාජවාදයද කියලා තර්ක කරන ඒවා දැක්කම නිකං විහිලු වගේ....මේවගේ එල්ලිලා තර්ක කරන අයෙවලුන්ට තම තමන්ගේ කියවීම් මට්ටම අන්‍යන්ට ප්‍රදර්ශනය කරවන්න නම් මේ වගේ තර්ක හොදයි.... මේ ලස්සන තර්ක කරන දේපැත්තේම අය දන්නවා මේවායේ තියෙන නිස්සාරත්වය ...අර තිසර කියලා තියෙනවා වගේ පූර්ණ සමාජවාදී හෝ ධනවාදී අර්ථ ක්‍රම මනෝරාජිකයන් විතරයි...දෙපැත්තෙම අය මේක දන්නවා වගේම බලං ඉන්න අයත් මේක දන්නවා...ඒ වගේම ධනවාදයට හුරේ දාන කට්ටිය ඒකේ තියේන් අඩු ලුහුඩුකම් දන්නවා වගේම ෆේල් වෙච්ච සමාජවාදේ ගැනත් ඒවාට හුර දාන කට්ටිය දන්නවා....ඒත් ඉතින් තම තමන්ගේ තරුණ කාලේ ඇගට ජීරණය වෙච්ච මතවාද තාම වමාර වමාර කන්න හැමෝම කැමතියි...

    තව දෙයක් තියෙනවා උදිත....තර්ක කරලා යමක් තමන්ගේ හරි අනිත් අයගේ හරි දැනුමට වෑඩක් වෙන දෙයක් හරි වෙන්නේ තර්කයට සහභාගීවන පුද්ගලයන්ගේ අවංකත්වය මතයි..කන්න ඔනේ උනාම කබරගෝඅයා තලගෝයා කරගන්න....තමන්ට සලකන කොට දෙයියෝ..නොසලකන කොට බයියෝ කියලා දෙස් දෙවොල් දෙන පොරවල් සමග තර්ක කිරීමේන් ඇති වෑඩක් නෑ.......

    ReplyDelete
    Replies
    1. @ මයියා
      //ඒ වගේම ධනවාදයට හුරේ දාන කට්ටිය ඒකේ තියේන් අඩු ලුහුඩුකම් දන්නවා //
      සර්ව පරිපූර්ණ වූ සමාජ ක්‍රම ඇත්තෙත් නෑ හදන්නත් බෑ හැම මොහොතේම මිනිස් සමාජයේ අඩුවක් වැරද්දක් පවතිනවා ඒ වැරැද්ද නිවැරිදි කරමින් යන අනවතර ගමනකයි මානවයා ඉන්නේ.සර්ව සම්පුර්ණ පූර්ණ ධනවාදී අර්ථ ක්‍රමයක් තියනවා කියල මම කියන්නේ නැහැ.
      මම කියන්නේ සරල ප්‍රයෝගික ගමන් මාර්ගයක් අපිට ඕන කියන එක. අපි උඹල කවුරුත් සතුරන් මිතුරන් අපි හැමෝම ආදරය කරන අපේ රට මේ මොහොතේ තුවාලයක් වනයක් දදයක් වෙලා සැරව ගලනවා පෙන්නේ නැද්ද? දැන් මේ තුවාලයට බෙහෙත් ඕනෑ වෙලාව බොරු වාමාංශික මනෝරාජික කිසිදා කල නොහැකි විකාර නොදොඩා අපේ දැන් යන්තම් හරි තියන ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු හදා ගත යුතුයි. අපිට දැන් ඕන ධනවාදී ක්‍රමය වෙනස් කරන කවුරුත් නොදන්නා වෙන ක්‍රමයකට යන විප්ලව නොවෙයි තියන ලබ්බ රැක ගන්න විදියක්. විප්ලව නොවෙයි ප්‍රතිසංස්කරණ ඕන. තුවාලේ කස කස මේ මොහොතේ විප්ලව කරන්න කතා කරන වම්මු කියන්නේ පිස්සු අවස්ථාවාදියෝ විතරයි.

      Delete
    2. වම්මු විතරක් නෙවෙයි අරුණි ශපීරෝත් පිස්සු අවස්ථාවාදී තමයි.

      Delete
  9. බුවාට කියා අරෝගත්තනං නරකද

    ReplyDelete
  10. මේ සමාජවාදී ජෝන් බාස්ලා ටික පොර ටෝක් දුන්නාට හරි හමන් මිනිහෙකුට හම්බ වුණාම මුන්ගේ තර්ක බෝංචි කඩනවා වගේ කඩනවා. ඊට පස්සෙ මුන්ගෙ කතාවක් නැහැ. සයිලන්ස්. දැන් අජිත් පැරකුම් මෙහෙකාරියකේ ශ්‍රමය සූරා කන හැටි ගැන කතා කළාම කට්ටියගෙම කටේ පිට්ටු.

    ReplyDelete
  11. මුලින්ම පැරාට පිළිතුරු දීමට ඉදිරිපත් වීම ගැන උදිතට ස්තූතීවන්ත වෙනවා. නමුත් ඔබ නිදර්ශනයක් වශයෙන් පැරාවම ඈඳා ගැනිම ගැනනම් මා සතුටු නෑ.. එයින් වන්නේ සිත් රිදීමක් පමණයි.. උදිතට කියන්න තියෙන්නේත් පැරාට කියපු දේ පමනයි. අනෙක් කරුන උදිත මෙන්ම මා දන්නා පැරාත් සුන්දර මිනිසෙක්.....

    //මම නම් හිතන්නේ පැරා අනිත් හැම දේම වගේ ලංකාවේ තියෙනේ අච්චාරූවාදයක්.. මම හිතන්නේ නෑ ළෝකේ කිසිම අරටක පිරිසිඳු සමාජවාදයවත්, කොමියුනිස්ට්වාදයවත්, ධනවාදයවත්, ප්‍රජාතන්ත්‍රවාදයවත් තියෙනවයි කියලා. හැම තැනම තියෙන්නේ සුලු පිරිසක් සියළු වරප්‍රසාද සහිතව (දේශපාලන හෝ වෙළඳාම්) මාෆියාවක් පවත්වාගෙන යාමයි. බහුතරය සැපවත් ජීවීතයක ගතකරනවාද නැතිද යන්න තීරණය වන්නේ ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික චින්තනය මතයි. නමුත් සමාජවදි රටවල ඒ අයිතිය අවුරා තිබීම අසාධාරණයක්.//

    ReplyDelete
    Replies
    1. පැරා සුන්දර මිනිසෙක්. ටිල්වින් සිල්වාත් සුන්දර මිනිසෙක්. සෝමවංශ අමරසිංහත් සුන්දර මිනිසෙක්. චේ ගෙවාරාත් සුන්දර මිනිසෙක්. ෆිඩෙල් ක්‍රස්තෝත් සුන්දර මිනිසෙක්. විජේවීරත් සුන්දර මිනිසෙක්. පොල්පොටුත් සුන්දර මිනිසෙක්. මේ ඔක්කෝම සුන්දර මිනිස්සු තමයි මාතලන්. හරීම චෝයි සුන්දර මිනිස්සු.

      Delete
    2. මගේ ඔහු සමග කිසිම පුද්ගලික තරහක් නෑ මාතලන්. මම එදා සිට හැමදාම ඔහුගේ ලිපි කියවන ඔහුගේ පාඨකයෙක්. මා සිතන්නේ නෑ මේකෙන් සිත් රිදවා ගැනීමට තරම් ඔහු පටු මිනිසෙක් කියල. මම කරන්නේ තරහකින් නොවෙයි හිත හොඳින්.සමහර වෙලාවට තුවාල වලට බෙහෙත් දාන කොට රිදෙනවා තමයි. නිදර්ශනයට පැරකුම් වෙනුවට ඕනෑ නම් නිර්මාල් රන්ජිත්ව ගන්න තිබුන ඇත්ත එත් බ්ලොග් කියවන අය දන්නවා වමා කියන ට්‍රේඩ් මාක් නම නිර්මාල්ට තිබුනට මිනිහ කොහොමත් ධනවාදිය කියල.පැරකුම් තමයි මේ වැඩේට සුදුසුම.

      Delete
    3. මටත් හිතා ගන්න අමාරු වමෙන් බැටකා සිටින පැරා තවමත් ඒ වෙනුවෙන් පෙනි සිටීම. එය එක අතකින් ශ්‍රේෂ්ඨයි... පැරා තනියම වෙල මැද්දේ... අනික් උන් ඔක්කෝම සාටකේ එල්ලිලා... නිවන් අවබෝධ කරගෙනත් අවසානයි...

      Delete
    4. උදිත හෝ පැරකුම් කියන මිනිස්සු ගැන ඔවුන් ලියන දේට අමතරව කිසිම දෙයක් නොදන්න කෙනෙක් මම. නමුත් මට පේන දේ තමයි, පැරකුම් උදිතට පකීර් කියද්දි උදිත පැරකුම්ට ජෝන් බාස් කියනවා. ඒක වටේ එල්ලිලා අපි ටික පොඩි ආතල් එකක් ගන්නවා.

      පැරකුම් කියන සමාජවාදය මොකද්ද කියලා මට තේරෙන්නේ නෑ. මම ඉහුගේ ලිපි සියල්ලම කියවා නැහැ. කියවන්නට පටන් ගත් පසු සිට මේ දක්වා උනත් මම දුටුවේ ධනවාදයට පහර ගැසීම මිසක්, තම සමාජවාදය කියාදීම නොවෙයි. නමුත් ඔහු කලින් ඒ ගැන කියලා දීලා තියනවද කියන්න මම දන්නේ නෑ. ඒ අර්ථයෙන් ගත්තහම උදිතගෙ පෝස්ට් ඊට වඩා ඉදිරියෙන්. ඔහු තමන් විස්වාස කරන වාදය පැහැදිලි කරන්න උත්සහ දරනවා.

      පුද්ගලිකව මමත් කැමති කොණක් අල්ලං කෑගහනවට වඩා, මේ මිනිහා කියන්නෙ මොකද්ද කියන එක තේරුම් ගැනීමට උත්සහ කිරීම. ඒ ගැන ප්‍රශ්න කිරීම. අරුණිගෙන් එයා ලියන දේවල් ගැන ප්‍රශ්න කලාම එයා ගොඩක් වෙලාවට හෙල්ල දික්කරගෙන උත්තර දෙන්නේ. මේක නිකං දෙපැත්තට වෙලාඅ යුද්ධ කිරීමක් වගේ නිසා, ප්‍රශ්නයක් අහපු ගමන් ඌ සතුරෙක් වෙනවා. ඊට පස්සෙ තමන්ගෙ මතවාදය ඉදිරිපත් කිරීමට වඩා ලොකු වෙන්නෙ අනෙකා පරාජය කිරීම. අවට සැරිසරන ඇනෝලාගෙන් මේකට ලොකු උත්තේජනයක් ලැබෙනවා.

      උදිතටත් මගේ ඉල්ලීම තමයි, ඔබ විශ්වාස කරන දේ ගැන දැනුවත් කරන ආකාරයේ පෝස්ට් ලියන්න. ඉඳහිට සුමනක්කා දාලා ආතල් එකක් ගත්තට අපේ කිසිම අවුලක් නෑ. ඒත් නිකං ඇනෝ චූන් කරන ආකාරයේ වැඩ වලින් වලකින්න කියලා.

      Delete
    5. තිසර කියූ දෙයට යමක් එක් කරනවා නම් අරුණි නෝනාගේ සාමාන්‍ය සිරිත කෙනෙක් නොදන්නා කමට ප්‍රශ්නයක් ඇහුවත් "තොට ඒකවත් තේරෙන්නෙ නැද්ද යකෝ?" කියලා ඇඟට කඩා පැනීම. ඊට පස්සෙ අහන ඔක්කෝම ප්‍රශ්න බ්ලොක් කරනවා. මේක එයා හැමදාම කතා කරන ඒකීය පුද්ගලයාගේ නිදහසට ඉඳුරා ප්‍රතිවිරුද්ධ දෙයක්. නමුත් ඒ ගැන කතා කරන්න වත් කෙනෙක් නැහැ. බ්ලොග් අවකාශයට ඒ ඒකීය පුද්ගලයාගේ නිදහස අදාළ නැතුව ඇති.

      ඒ එක්කම මා මෙතෙක් දැකලා නැහැ, අරුණි නෝනා කවදාවත් තමන්ගේ රේඛීය ප්‍රති පක්ෂය සමඟ තේරුමක් ඇති සාකච්ඡාවක නිරත වෙනවා. ඇයි අරුණි නෝනාට බැරි පැරා, රාමචන්ද්‍ර වගේ පිරිස එක්ක වැදගත් සාකච්ඡාවක් කරන්න? (අනෙක් අතට ඇයි පැරාට හෝ රාමචන්ද්‍රට බැරි අරුණි නෝනා එක්ක ඒ වගේ සාකච්ඡාවක් කරන්න?) අපට මෙයින් තේරෙන්නේ මේ දෙපිරිසටම අවශ්‍ය සාකච්ඡාව නෙවෙයි තමන්ගේ මතට බලෙන් අනෙකාගේ උගුරෙන් පහළට තල්ලු කර දමන එක කියන එක නෙවෙයිද? (මේ දෙපිරිසටම තමන්ගේ මතය ප්‍රමෝට් කිරීමේ පැහැදිළි වාණිජ වාසියක් තියෙනවා කියන එක අපට මෙහිදී අමතක කරන්න බැහැ.)

      ඒ වාතාවරණය තුළ මා උදිත මේ දෙපාර්ශ්වය සමඟ කතා කරන ගමන් ඒ අන්ත දෙකේම නැති අප වැනි පිරිසක් සාකච්ඡාවට එක් කර ගැනීම අගය කළ යුතුයි.

      තව මා නිරීක්ෂණය කළ දෙයක් තමයි මේ අන්තවාදීන් දෙපිරිසම මෙතැන අදහස් නොදක්වා තමන්ගේ පුද්ගලික බ්ලොග් භාවිතා කරමින් අනුන්ට අවලාද නඟමින් සිටීම. සාපේක්ෂව විවෘත තැනක වාදයකට එන්න ඇයි ඔච්චර බය? තමන්ගේ මතවාදී සළු පිළි ගැළවෙයි කියලා තියෙන චකිතය නේද මේ?

      Delete
  12. කලාතුරකින් හරි බ්ලොග් කියවන්නන් අතරේ මේ වගේ සංවාදයක් ඇතිවීම වැදගත්. ඒ වඩාත් ගැළපෙන්නේ සමාජවාදයද? නැත්නම් ධනවාදී අර්ථ ක්‍රමයද කියන එක තහවුරු කරගැනීමේ හැකියාව ලැබෙන නිසා නොවෙයි. අවංකවම නම් සිද්ද්වෙන්නේ මේ එක් එක් අර්ථ ක්‍රමයන්ගේ අඩ හෙළුවැලි ස්වභාවය පැහැදිලි වීමයි. ප්‍රධානම කාරණාව මේ අර්ත ක්‍රමයන් බටහිර යුරෝපීය සංස්කෘතික පරිසරයත් එක්ක මුහුවෙලා තමයි ලෝකය පුරා ව්‍යාප්ත වෙන්නේ. ඒ නිසාම ඒ ඒ රටවලදී සමාජවාදය වගේම ධනවාදයත් අදාළ රටේ සංස්කෘතික හැඩගැස්මත් එක්ක වෙනස් ස්වභාවයකින් ක්‍රියාත්මක වෙනවා. රුසියාවෙ කම්කරු ආඥාදායකත්වය එහි සමාජවාදය පිහිටුවීමට ප්‍රයෝජනයට ගත්තා වුවත් චීනයේ තත්වය වෙනස් වුණා. වියට්නාමයෙත් එහෙමයි.

    මාක්ස්වාදය බිහීවෙන්නට පෙර 1840 ගණන් වනවිට යුරෝපයේ ධනවාදය ස්තාපිත වී තිබුණා. ඒ වගේම උත්ප්‍රාසාත්මක කාරණාව වන්නේ එකිනෙකාගේ සතුරන් වූ ධනවාදය සහ සමාජවාදය වැඩවසම් ආර්ථිකයේ පදනම් සාධකය වූ රදළ බලය පෙරළා දැමීමට කටයුතු කළේ එකට එක්සත්වයි. මෙවැනි සීමාසහිත කම් තිබියදී සමාජවාදී අර්ත ක්‍රමය තුළ ධනවාදී ලක්ෂණ නිරීක්ෂ්ණය වීම ස්වභාවිකයි. ඒ නිසා සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින පැරා පරිවර්තකයෙක් වශයෙන් කටයුතු කරමින් තම ජීවිකාව පවත්වාගෙන යන්නේ නම් එසේ කිරීම දෙබිඩි පිළිවෙතක් වශයෙන් හදුන්වන්නට බැහැ.

    ReplyDelete
    Replies
    1. @රතු රජරට
      සමාජවදියාට උඹ දෙබිඩි මිනිහෙක් ද්‍රෝහියෙක් කියන එක නොවෙයි මම අදහස් කලේ අපි කා තුලත් ඉන්න මිනිස් ස්වභාවය මේ එක අර්ධයක් මරල උත්තර මිනිසා හදන්න හදන සමාජවාදය අසාර්ථකය වෙනවා කියන එකයි. ධනවාදයේ දී කවුරුත් ආත්මාර්ථකාමී විය යුතුම කියල නීතියක් අනිවාර්යක් නැ නේ. කැමති කෙනෙක්ට සියල්ල දන් දෙන්න උනත් පුළුවන්. ධනවාදය මිනිසාගේ හොඳ අර්ධය මරා දමනවා කියන මිත්යාවේ සමාජවාදීන් ඉන්නේ. එහෙම නෑ කියන එක වෙනුවෙන් මම පෙනී සිටින්නේ. වඩා දියුණු පාරිබෝගික භාණ්ඩ පාවිච්චි කරද්දී වඩා ශිෂ්ඨ මිනිස්සු බිහිවෙනවා.

      Delete
    2. සාමාන්‍යයෙන් සමාජවාදීන් කියන්නෙ ඉතාම දුර්වල චරිත. ලෝකය හදන්න වාද කරන මේ එක්කෙනෙකුටවත් සුරුට්ටු කඩයක් රන් කරන්න වත් කළමණාකරණ හැකියාව නැහැ. ජවිපෙට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව වත් රන් කර ගන්න බැරිවුණා. වැව් දහසක් හාරනවා කියලා කෑගැහුවට හෑරුවේ තුනයි. කිරි ගම්මාන සීයක් හදනවා කියලා එකක් වත් හදා ගන්න බැරිවුණා. ඉතින් මේ දුර්වලතාවය නිසා ඔවුන් හිතනවා ධනවාදය කියන මහා රාක්ෂයා තමන්ට නැඟිටින්න දෙන්නේ නැතුව පාගාගෙන ඉන්නවා කියලා. ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඔවුන්ට නැඟිටින්න බැරි ඔවුන්ගේම දුර්වලකම නිසා. ඒකට ධනවාදය වත් වෙන මොකක් වත් පළි නැහැ. මේ රටේ වැරදිලාවත් සමාජවාදී ආණ්ඩුවක් තිබුණා නම් මුන් ටික මේ විදියටම බැණ බැණ ඉඳීවි අපට කෙළ වෙලා තියෙන්නේ සමාජවාදයෙ වරද නිසා කියලා.

      Delete
    3. @උදිත,
      //වඩා දියුණු පාරිබෝගික භාණ්ඩ පාවිච්චි කරද්දී වඩා ශිෂ්ඨ මිනිස්සු බිහිවෙනවා//
      මෙන්න මේ කොටසට මම එකඟ නෑ උදිත. ගල් යුගයේදී සෙල්මුවා ආයුධ වලින් කරණු ලැබූ දේවල් අනාගතයේ වඩා නවීන ජීවවිද්‍යාතමක සහ රසායනික අවි භාවිතා කරමින් මිනිසුන් සිදු කරයි. මිනිසා ධනවාදය අර්ථ ක්‍රමයක් වශයෙන් භාවිතා කරන්නේ දියුණු පාරිභෝගික සමාජයක් ඇතුළේ වඩා සාමකාමී සමාජයක් බලාපොරොත්තුවෙන් නම් ඒක සිහිනයක්.
      @ඇනෝ
      ඇනෝගේ අදහස මට අනුව නම් තනිකරම හුදු විතණ්ඩවාදී(sophistry) අදහසක්.සමාජවාදීන්ට නිසි කළමනාකරණ හැකියාවක් නෑ කියන මතය ඔබ දක්වා තිබෙන උදාහරණ ඔස්සේ තහවුරු කිරීම නිෂ්පල වෑයමක්. ඒ දක්වා ඇති කාරණා ඒ ඒ අවස්තාවන්හිදී තිබුණු සමාජ ආර්ථික සහ දේශපාලනික තත්වයන් මත තීරණය වුණු කාරණා. සාමාන්‍ය පංතියේ තරුණයෙක් වූ රොහණ විජේවීරට සමාජවාදියෙක් වශයෙන් ලංකාවේ විශාලතම සමාජවාදී දේශපාලන පක්ෂය පිහිටුවීමට හැකිවෙනවා විතරක් නෙවෙයි, ඒ පක්ෂ දෙක හරහා ඉතිහාසයෙන් පහසුවෙන් මකා දැමීමට නොහැකි අරගලයන් දෙකක් ක්‍රියාත්මක කරන්නට හැකි වෙනවා.සමාජවාදීන්ට සුරුට්ටු කඩයක්වත් කළමනාකරනය කරන්නට නොහැකිය කියන කාරණාව ද්වේශ සහගතයි.

      Delete
    4. ඉතාම සුළු පිරිසක් යොදාගෙන ත්‍රස්තවාදී සෙල්ලම් ටිකක් දැමීම මහ දෙයක් නෙවෙයි. ඔය මර්වින් සිල්වලා දුමින්ද සිල්වලාත් කරන්නේ ඒ වගේ දේවල්. කළමණාකරණය කියන්නේ සංකීර්ණ විෂයයක්.

      Delete
  13. /මිනිසා ධනවාදය අර්ථ ක්‍රමයක් වශයෙන් භාවිතා කරන්නේ දියුණු පාරිභෝගික සමාජයක් ඇතුළේ වඩා සාමකාමී සමාජයක් බලාපොරොත්තුවෙන් නම් ඒක සිහිනයක්. /

    කවුරු හරි ධනවාදය වැළඳ ගන්නේ, ප්‍රමෝට් කරන්නේ සාමූහික අර්ථයකින් නොව තනිකරම ආත්මාර්ථය නිසා. ඒක ඇත්ත. නමුත් එහි ප්‍රතිඵලයක් හැටියට සමාජය ප්‍රතිලාභ ලබනවා. හෙන්රි ෆෝඩ් කාර් හැදුවේ අනුන් ගැන හිතපු නිසා නෙවෙයි. නමුත් ඒ නිසා 1900දී සමාජයේ ඉතාම සුළු පිරිසකට සීමාවූ යාන්ත්‍රික ප්‍රවාහන හැකියාවන් 2000 වන විට ලෝකයේ හැමෝටම වගේ ලැබුණා.

    ReplyDelete
  14. 1.විවාදයකින් ජය ගෙන අනෙක් පර්ශවය තමන්ගෙ අදහසට වෙනස් කරගත් අවස්ථා ඈත්ද?
    2.අනෙකගේ පුද්ගලිකත්වයට නිගා දෙන කතා කිමෙන්,තර්ක කිරිමෙන්,අනෙකා තමන්ට වඩා කුඩා යෑයි පෙන්විමෙන්, විවාදයට ගන්නා කරුණ තෙරුම් ගෑනිමට කියවන අයට පහසු වෙද?
    3.මිනිසාගේ අදහස් වෙනස් කල හෑකි ක්‍රමය විවාදයද?

    ReplyDelete
  15. 1.විවාදයකින් ජය ගෙන අනෙක් පර්ශවය තමන්ගෙ අදහසට වෙනස් කරගත් අවස්ථා ඈත්ද?
    2.අනෙකගේ පුද්ගලිකත්වයට නිගා දෙන කතා කිමෙන්,තර්ක කිරිමෙන්,අනෙකා තමන්ට වඩා කුඩා යෑයි පෙන්විමෙන්, විවාදයට ගන්නා කරුණ තෙරුම් ගෑනිමට කියවන අයට පහසු වෙද?
    3.මිනිසාගේ අදහස් වෙනස් කල හෑකි ක්‍රමය විවාදයද?

    ReplyDelete
    Replies
    1. 1. සාමාන්‍යයෙන් විවාදයකදී එක් පාර්ශ්වයක්වත් ප්‍රසිද්ධියේ පරාජය පිළි ගෙන නිවැරදි වන්නේ නැහැ. නමුත් විවාදයක් කෙනෙකුට සිතන්නට පොළඹවනවා. පසුව නිවැරදි වූ අවස්ථා තිබිය හැකියි. එනිසා විවාදය යනු සමොඌර්ණයෙන් අසාර්ථක ක්‍රියා දාමයක් නොවේ.
      2. නැත.
      3. එය එක් ක්‍රමයකි. තවත් ක්‍රම ඇත.

      Delete