Search This Blog

Followers

Sunday, December 23, 2012

ඒකාධිපතියන් පරදවන ක්‍රමය මූල ධර්ම තුනකින් සහ පියවර පහකින් - Defeating Dictators in three principles and Disassembling a dictatorship in five steps

මෙම සටහන දැනට මෙම බ්ලොග් අඩවියේ  මා දමන වැදගත්ම සටහන යැයි සිතමි. කවුරුත් නොබලන මගේ අන්තර්ජාල සටහනට යම් ප්‍රසිද්ධියක් ලබා දුන්නේ මාතලන් අඩවිය ලියන  බ්ලොග්කරුවා විසිනි.  ඔහු විසින්ම මගේ පසුගිය සටහනක ප්‍රතිචාරයක් ලෙස මෙසේ සටහනක් දමා තිබුණි.
//ඇත්තටම කතා කල යුත්තේ ඔය තියරි ගැන නෙමෙයි. තියෙන කෙහෙල්මලෙන් කොහොමෙයි සරු ඵලදාවක් ගන්නේ කියන එක. අපි කථා කරන්න ඕන ලියන්න ඕන සාඛච්චා කරන්න ඕන බුවාලා පිස්සු කෙලින් එක නවත්ත ගන්න විදියක්....මාතලන්//
මාතලන් ඔබේ අභියෝගය මම පිළිගත්තෙමි. කෙහෙල් මලේ දැන් නිල මැස්සන් මි මැස්සන් සේ වසා පැණි බොයි.  රජවීමට දඟලන ඒකාධිපති නිලමැස්සන් තියන කෙහෙල්මලෙන්  එලවා දමා පොහොර දමා සරු පලදාවක් ගන්නේ කෙසේදැයි මා  දැන් නිරවුල්ව විද්‍යාත්මකව පෙන්වා දෙන්නෙමි.  මේ සඳහා මා භාවිතා කරන්නේ    ඝානා ජාතික අර්ථ ශාස්ත්‍රඥ ජෝර්ජ් අයිටේ ගේ අප්‍රිකානු  දේශපාලන අත්දැකීමයි. අපිට අප්‍රිකාවේ මෙන් ඒකාධිපතියන් ඉඳ නැත එතැනට යාමට පෙර අපි එය වැළක්විය යුතුය. 

මා ආර්ථික ක්‍රමයක් ලෙස නිදහස්  ධනවාදී  වෙළඳපොළ ආර්ථික ක්‍රමය පිලිගන්නකු බව මේ සටහන කියවන අය දනිති.  නමුත් ජේ ආර් ජයවර්ධන 1977 දී ලංකාවට එය හඳුන්වා දී දශක 3 කට පසු එය අසාර්ථක වී ඇත. ගජ මිතුරු ධනවාදයෙන්  රජ මිතුරු ධනවාදයට මාරුවී මේ වන විට මේ වනවිට එය ගමන් කරන්නේ රජෙකු සිංහාසනාරූඪ වූ ඒකාධිපතිවාදය දිශාවට බව නොපෙනෙන්නේ  ඇස් ගෙඩි වලට හෙන ගැසුණ සිංහලයින්ට පමණි.  
JR  වෙළඳපොළ ආර්ථික ක්‍රමය ලකාවේ අසාර්ථක වුයේ ඇයි? එම ක්‍රමයේ වරදක්ද. මා මෙන්ම ලංකාවේ වාමාංශිකයින්ද එකඟ වෙන එක කරුණක් නම් දැන් අපේ රට මහා විකාරයක් වී ඇති බවයි. වමේ බ්ලොග් අඩවියක් වන w3lanka හි මෙම සබැඳිය රට වැටී ඇති ප්‍රපාතය මැනවින් විස්තර කරයි.    වම්මු මේ සියලු අභාග්‍යයන් ධනවාදය සහ නිදහස්  වෙළඳපොළේ  වරදක් බවට ලඝු කර විසඳුම ලෙස සමාජවාදී මනෝරාජික සමාජය යෝජනා කරයි. ඔවුන් මෙහිදී මග හැර යන සාධකය නම් සමාජවාදය ක්‍රියාත්මක වූ හැම රටක්ම පාහේද  ජීවිත මිලියන ගණන් වලින් වන්දි ගෙවමින් අසාර්ථක වූ බවයි.  ඔවුන් අමතක කරන්නේ අපිට අසමත් වුවද  ධනවාදී  වෙළඳපොළ ආර්ථික ක්‍රමය අති සාර්ථක රටවල් ලොව ඕනෑ තරම් ඇති බවයි. 

එසේ නම් ලංකාවේ   නිදහස්  ධනවාදී  වෙළඳපොළ ආර්ථික ක්‍රමය අසමත් වුයේ ඇයි. ඝානා ජාතික අර්ථ ශාස්ත්‍රඥ ජෝර්ජ් අයිටේ අනුව යමින් මා කියන්නේ ලංකාවේ   ධනවාදී  වෙළඳපොළ  අසමත් වුයේ  අත්‍යාවශ්‍ය අනෙකුත් පෙර ප්‍රතිසංස්කරණ( බුද්ධිමය,දේශපාලන, ව්‍යවස්ථා සහ ආයතනික ප්‍රතිසංස්කරණ) කරන්න ඉස්සෙල්ල  JR විසින් ආර්ථිකය මුලින් නිදහස් කිරීමයි.

අප්‍රිකාව තරම්  ඒකාධිපති ආඥාදායකයින්  ඉන්න මහාද්වීපයක් ලොවේ වෙන නැත . ඝානා ජාතික අර්ථ ශාස්ත්‍රඥ ජෝර්ජ් අයිටේ නෝර්වේහි හි පැවති ඔස්ලෝ නිදහස් සැසියේ දී "ඒකාධිපතියන්  පරදවන ක්‍රමය සහ පරදවා දැමීමෙන් පසු යලි ඉඟුරු දී මිරිස් නොගෙන රට කරවන ක්‍රමය - මූල ධර්ම තුනක් සහ පියවර පහකින් "  පහදා දෙමින්  ආඥාදායකයින් පන්නගන්න අවශ්‍ය අයට මං පෙත් සැලසුමක් ඉදිරිපත් කරා (එහි යූ ටියුබ් වීඩියෝව පහල අමුණා ඇත ). මේ අප්‍රිකානු අත්දැකීම අද අපිට ඉතාම වැදගත්ය.
2011 එම  සැසිය අතරතුර කාලයේ  මානව හිමිකම්  පදනමේ සභාපති තෝර් හාවසන් සමග පැවැත්වූ සාකච්චාවේ සිංහලට පරිවර්තනය කොට මම පහතින් ඉදිරිපත් කරමි.
බුදුන් ගේ මාර පරාජය ගැන හොදින් දන්නා එත් ඒකාධිපති ආඥාදායකයින් මාර පරාජය කිරීම  අවශ්‍ය නැතැයි සිතන  මුකුත්ම නොදන්නා  බබාලා වන ඉන්දියන් සයුරේ මුතු ඇටයේ ජීවත් ජනතාව ට කෙසේ වෙතත් ඉන් සිතන්නට පුළුවන්  3% කට වත් මගේ  මේ වෑයම ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.

ජෝර්ජ් අයිටේ වොෂින්ටන් හි   Free Africa Foundation හි සභාපති වරයාය .
ඔහුගේ පොත  මෙතනින්  Defeating Dictators
පරිවර්තනය -උදිත මීගහතැන්න 
ඉංග්‍රීසි බසින් සාකච්චාව කියවිමට කැමති අය මෙතනට යන්න 
තෝර් හාවසන්:
අද අප්‍රිකාවේ  ඒකාධිපතියන්ගේ ව්‍යාප්තිය මොන වගේද?
ජෝර්ජ් අයිටේ:
එක පුද්ගලයෙක්ට අනුපාතයක් ලෙස ගත්තොත් අප්‍රිකාවේ තරම් වැඩිම  ආඥාදායකයින් ඉන්න වෙන මහාද්වීපයක් ලොවේ නෑ.   අප්‍රිකාවේ රටවල් 54න් 1990 දී තිබුනේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් 4 යි . දැන් අවුරුදු 21 කට පස්සේ රටවල් 15ක් පමණයි ප්‍රජාතන්ත්‍රවාදී.  මේ අතරින් ආර්ථික ජයග්‍රහණ ලබල කියල සලකන්න  පුළුවන්  රටවල් 10 කට අඩු ගණනක් පමණයි. නිදහස් මාධ්‍ය තියෙන්නේ රටවල් 10 ක විතරයි.  සමහරක්  අය මෙය ප්‍රගතිය කියල කියනවා මට අනුවනම් එසේ නොවෙයි.

හාවසන්: ඒ කියන්නේ අප්‍රිකාවේ රටවල් 39 ක් තාම තියෙන්නේ  ඒකාධිපතියන් යටතේ?
අයිටේ:අපිට ඇතිවෙලා තියෙන්නේ. එපාම වෙලා ! කුපිත වෙලා ඉන්න  අප්‍රිකානුවන් ගේ කෝපාගීණිය දැන් ඔවුන්ට එල්ල වෙලා. ලෝකේ නරකම ගැටළු ඇති කරන්නේ ඒකාධිපතියන් විසින්: සියලුම බිද වැටුණ රාජ්‍යයන්, සියලුම  මකොල්ල කන ලද ආර්ථිකයන්, උදාහරණ ලෙස ගත හැකි අමන ලෙසින් දුෂිත රටවල්  ,මහා නීල හොරකම් වංචා, රටේ භාණ්ඩාගාරය මහදවල් නිරුවතින්ම මංකොල්ල කනවනම් ඒවාට හේතුකාරකය තමයි ඒකාධිපතියන්,  නිරපරාදේ වූ  නස්පැත්ති,  බිහිසුණු මනුෂ්‍ය ඝාතන මල මිනී  කැබලි සුන්බුන් මං සලකුණු ලෙස අපිට ඉතිරි කරලා තමයි ඔවුන් අන්තිමේදී යන්නේ.

නමුත් අනුමාන කරන්න බලන්න  ඔවුන් ඉතිරි කරලා යන අවුල් ජාලය  හැම වෙලාවෙම ලිහන්න වෙන්නේ කාටද කියල?
බටහිර රටවල් ට්‍රිලියන ගණන් ඩොලර් වියදම් කරලා දශක ගානක් තිස්සේ  මේ ඒකාධිපතියන්ගේ  අශික්ෂිත තුච්ඡ පිළිකුල් කටයුතු දේශපාලන සහ ආර්ථික වැඩපිළිවල ආදරෙන් කියල ,නම්මගෙන  ඔවුන්ටම කියල ප්‍රතිසංස්කරණය කරවන්න උත්සාහ ගත්ත. අල්ලස් පවා දීලා බැලුව. ඒ විතරක් නොවෙයි බටහිර මේ  ඒකාධිපති එක්ක නැවත මිත්‍රශීලීව සැනසෙන්න  පවා උත්සාහ ගන්නවා. දැන් ඒක හොදටම ඇති!


හාවසන්:
නමුත්  IMF ණය ,විදේශාධාර කපා හැරලා සහ රාජතාන්ත්‍රික පිළිගැනීම නවත්වනවා කියල තරවටු කිරීම වගේ ක්‍රියාකාරකම් අරගෙන බටහිර රටවල් මේ ඒකාධිපතියන්ට බලපෑම් කරනවා නේද? 
අයිටේ:
බටහිර තේරුම ගත යුතුයි ඒකාධිපතියන් කවදාවත් ප්‍රතිසංස්කරණ කරන්න ඇල්මක් දක්වන්නෙ නෑ දක්වලත් නෑ. ඔවුන් ගල් බිහිරියි සහ  තර්කානුකූල භාවයට විනිවිදභාවයකින් කටයුතුකරන අය නොවෙයි.
ඒකාධිපතියන්ට  ප්‍රතිසංස්කරණ ඇලජික් ,ඔවුන් කපටි කෛරාටික සිය  පැවැත්ම පමණක් තහවුරුකරගන්නෝ. ඔවුන් සිය බලය සහ ධනය වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. තමන්ගේ දෑත්වල කොතරම් ලේ ගෑවුනත් ඔවුනට ගානක්වත් නෑ. ඔවුන් වෙනස්වනවා යැයි  විශ්වාස කල නොහැකි කෙළ පැමිණි මායාකරුවන් සහ අති දක්ෂ සමාජ හසුරවන්නන්.

හාවසන්:
ඔවුන්ගේ පැවැත්ම නොකඩවා පවත්වාගැනීම සඳහා මොනවගේ සම්පත් ද ඔවුන්ට අවශ්‍ය? හැබැටම බටහිර අරමුදල් නැතිව යාම ඔවුන්ව අඩපන කරන්නේ නැද්ද?
අයිටේ:
යන්තම් අවුරුදු හතරහමාරක් බලයේ හිටපු නයිජීරියාවේ ආඥාදායක සානි අබචා ඩොලර් බිලියන 5ක පුද්ගලික ධනයක් එකතුකර ගත්තා. ඕමාර් අල්-බශිර් බිලියන 7ක් සුඩානයෙන් එලියට ගෙනිච්චා ඊජිප්තුවේ හොස්නි මුබාරක් පුද්ගලික ධනය ඩොලර් බිලියන 40ක් එකතුකර ගන්න කටයුතු කළා මේවා ඔක්කොම තමන්ගේම ජනතාවගෙන් සොරා ගත් මුදල්
මෙය යථාවබෝධ කරන්න මට ඉඩදෙන්න.   වොෂින්ටන් ගේ ඉඳන් ඔබාමා දක්වා  මේ දක්වා සිටිය ඇමරිකානු  ජනාධිපතිවරු 43 දෙනෙක්ගේම මුළු ශුද්ධ වටිනාකම එකතුව වෙන්නේ  බිලියන 2.7 යි ඒ කියන්නේ   අප්‍රිකාවේ හැම කමකාසි ඒකාධිපති හොරෙක්ම එකෙක් වෙන වෙනම හොරකං කරලා තියනවා මුළු ඇමරිකානු ඉතිහාසයේ ඔක්කොම ජනාධිපතිවරුන්ගේ මුළු ශුද්ධ වටිනාකම එකතුවට වඩා මුදලක් සහ තව ගොඩක්.

හාවසන්:
ඉතින් කොහොමද බිලියන 40ක යටිමඩි සල්ලි එක්ක නිකම් මිනිස් අයිතිවාසිකම් පිලිබඳ සටන්කරුවෙක් හැප්පෙන්නේ?
 අයිටේ:
ඊජිප්තුවේ සහ ටියුනීසියාවේ ඇත්තට ඒක සිද්ධ වුණා. ඔවුන්ගේ දුෂිත විගඩම් නායකයෝ එක්ක ඉවසීමේ සීමාව පැන්න, කුපිත වෙලා පාරට බැහැපු පෙළපාලි කරුවෝ ඒකාධිපතියන් එලියට තල්ලුකරා. බෙන් අලි පැනලගියා මුබාරක් බලෙන් පහ කරා. පොල් වල්ලේ ගෙඩි හෙල්ලිලා තියෙන්නේ ඉදිරියට තව ගෙඩි වැටෙයි.

නමුත් අවවාදයයි: සද්දෙට බෙරගහන වීදී පෙළපාලි විතරක් මේ වැඩේට ප්‍රමාණවත් නෑ.

ජනප්‍රිය විප්ලව සාර්ථක කරගන්න මුලික නියම 3ක් අනුගමනය කල යුතුයි. පලමුව , විපක්ෂ බලවේග වල සමගි සම්පන්න එකමුතු සන්ධාන ගතවීමක් අත්‍යාවශ්‍යමයි. දෙක, ඒකාධිපතියා ක්‍රියත්මක වෙන පිළිවෙල - ඔහු බලගතු තැන සහ ඔහුගේ  දුර්වලතා ඉතා විධිමත්ව හැදෑරීම කල යුතුමයි. අවසාන වශයෙන්, නිවැරිදි මාවතේ ප්‍රතිසංස්කරණ වලට අනුයාත වීම තීරණාත්මකයි; මේ සඳහා අනිවාර්යයෙන්ම පිලිවෙලින් අනුගමනය කලයුතු පියවර කිහිපයක් තියනවා.

හාවසන්:
ඔබ මේ කියන අනුක්‍රමික පිළිවෙල අයිටේ ගේ නියමය ලෙස හැදින්විය යුතුයි. " සන්ධානය" කියල ඔබ අදහස් කලේ විපක්‍ෂ දේශපාලන  එකමුතුවක්ද? ඒකාධිපති පාලනයක ගැහැට විඳින රටවල හෝ තනි පක්ෂ බලයේ ඉන්න රටවල මේක අමාරුයි නේද?
අයිටේ:
අපි මෙහෙම කියමු උපායශීලී සැලසුම් කරන,ඒකාබද්ධ මෙහෙයුම් මුලස්ථානය විදියට ක්‍රියාකරන-- ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන ක්‍රියාකාරින්ගේ කුඩා කණ්ඩායමක්-- වැඩිහිටියන්ගේ මණ්ඩලයක් කියල නිකං හදුන්වමු--සිවිල් සමාජ කණ්ඩායම් , තරුණ ව්‍යාපාර , මේ අය විවිධ විපක්‍ෂ කණ්ඩායම් වල ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කල යුතුයි. උදාහරණයකට 1985 සුඩානයේ "එකමුතුව" . 1988 හංගේරියානු "දනුබේ කවය" 1989 චෙකොස්ලෝවැකියානු "Charter 77" සහ ඝානාවේ 1995 මමත් සහභාගී වූ සන්ධානය. මේ අතරතුර ඒකාධිපතියා මැතිවරණයකට ගියොත් එහෙම මේ ඒකාබද්ධ මෙහෙයුම් මණ්ඩලය කලයුත්තේ සියලුම දේශපාලන පක්ෂ මැතිවරණයට එකතුකරලා එක හුයකින් බැඳිය යුතුයි. වසර 2010 දී ඒකාධිපතියන් මැතිවරණ "දිනුවේ"  නම් ඒ සටන් බිමේ  බෙදුණු විපක්ෂය නිසා. අරමුදල් සඳහා ,බටහිර ආධාරෝපකාර මත යැපෙන්නේ නැතුව මේ ඒකාබද්ධ මෙහෙයුම් මඬුල්ල තමන්ගේම ජනතාව සහ තමන්ගේම විදෙස් ඩයස්පෝරාව මත යැපිය යුතුයි.

හාවසන්:
ප්‍රතිසංස්කරණවාදීන් ඇයි බටහිර ආධාර වෙනුවට තමන්ගේම ප්‍රජාව මත රඳාපැවතිය යුත්තේ ?
අයිටේ:
ප්‍රතිසංස්කරණ පටන්ගත යුත්තේ මාධ්‍ය නිදහස සහ බුද්ධිමය නිදහස සමගින්. බටහිර රාජ්‍යයන් සහ මුල්‍ය ආයතන වලින් නොවෙයි. ප්‍රතිසංස්කරණ ජනතාව තුලින් ඔවුන්ගෙ ඇතුලතින්  ආ යුතුයි. ඇතුලතින් පැන නගින ප්‍රතිසංස්කරණ නොනැසී පවතින,ස්ථායී සහ ඔරොත්තු දෙනවා. මොහොමඩ් බවුආසිසි ගේ සති - පුජාව  අරාබි වසන්තයආරාම්භ  කලා. ඔහු තමයි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියේ පරම ආකෘතිය.

හාවසන්:
හරි , ඔන්න එක සන්ධානය, දෙක අපි ඒකාධිපතියාගේ දුර්වලතා හොයාගත්තා කියමුකෝ......
අයිටේ:
ලෝකේ හැම ඕනෑම ඒකාධිපතියෙක්ගෙම ක්‍රියා-පටිපාටිය ප්‍රධාන වශයෙන් එක සමානයි. පාරලිමේන්තුවට අමතරව,එහෙම එකක් තියේනං. ඒ අය ඉතා ප්‍රධාන මුලික  රාජ්‍ය ආයතන  6ක පාලන බලය අල්ල ගන්නවා. (ආරක්ෂක හමුදා සහ  පොලිසියත්, ජනමාද්‍ය , රාජ්‍ය සේවය, අධිකරණය , චන්ද කොමසාරිස් ,සහ මහා බැංකුව). මේ ආයතන ඒ අයගේ ගජ මිතුරන් හෙංචයියන් ගෙන් පුරවල දානවා  සහ ඒ අය  ඔවුන්ගේ අභිවෘද්ධිය තකා සේවය කරවා ගැනීමට දුෂිත කරනවා. ඒකාධිපතියන් ජයගන්න නම් ,ජනප්‍රිය ජනතා විප්ලවය මේ ආයතන 6 න් අඩු තරමේ එකක් හෝ වැඩි ගණනක් එකාධිපතියාගේ ග්‍රහණයෙන් මුදවා ගැනීම සඳහා පොර බැදිය යුතුයි. බෙන් අලි සහ හොස්නි මුබාරක් ගේ සෙල්ලම ඉවර උනේ යුධ හමුදාව සිවිල්වැසියන් ට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කරපු මොහොතෙ දීයි. 1986 පිලිපීනයේ දී සහ 2003 නොවැම්බරයෙ ජෝර්ජියාවේදි  ආරක්ෂක හමුදා රෝසමල් වලින් නැවැත්තුවා  (එබැවින් එය "රෝසමල් විප්ලවය" වුනා ) . සුප්‍රීම් අධිකරණය ජනතාවගේ පැත්ත ගැනීමත් එක්ක 2004 නොවැම්බරයේ යුක්රේනයේ "දොඩම් විප්ලවය" දිනුව.2007 මාර්තු වල පකිස්ථානයේ "කළු විප්ලවය"ට අධිකරණයේ සම්පුර්ණ සහයෝගය ලැබුණා. ඒකාධිපතියන් මේ බලකොටු 6 පරයා යන්න තව මාර්ග තුනක් කියන්න මට ඉඩ දෙන්න:

මුලින්ම,  ජනමාධ්‍ය ඔවුන්ගේ පාලනයෙන් මුදවාගන්න :  හොර ගුවන් විදුලි සේවා විකාශනය කරන්න, සමාජ ජාල භාවිතා කරන්න. අන්න  ඒවා අපි හැමෝම සුරකින ප්‍රතිසංස්කරණ  මුදාහරින තැන. බටහිර බණ දේශනා ,සම්බාධක හෝ නැලවිලි පස්සේ යන්න එපා.

දෙවනුව,   උන්ගේම ව්‍යවස්ථාව උන්ටම විරුද්ධව පහරදෙන්නභාවිතා කරන්න. උදාහරණයකට චීන ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තිය සහතික වෙනවා අදහස් ප්‍රකාශන නිදහස,ජනමාද්‍ය, රැස්වීමට සහ සම්මේලනයට ඇති නිදහස.  ඝානාවේ දී අපි ව්‍යවස්ථාව සහ උසාවිය හරහා ගුවන්විදුලි තරංග භාවිතය නිදහස් කරගත්තා ,  ඒ  මගින් ප්‍රවර්ධනය වුන  FM ගුවන්විදුලි තමයි 2000 දී රෙජීමය දොට්ට් දාන උපකරණයක් වුනේ.

තෙවනුව , භුගෝලියව ආරක්ෂක හමුදාව වැඩි පරාසයකට විහිදුවා  හැර  ඒකාධිපතියගේ දුර්වල කම ප්‍රයෝජනයට ගන්න. සිවිල් සේවා නවත්තල දාන්න, ඕනෑම හමුදා රෙජිමයක් කඩාගෙන වැටෙනවා. රට පුරාම රජයේ සේවකයන් වෙනුවට දාන්න තරම් සොල්දාදුවන් ඒවාට නෑ; 1978 ඝානාවේ දී සහ 1989 දී බෙනින් හිදී  අපි මෙය දැක්ක.  අපි මේ අවුරුද්දෙත් මෙය දැක්ක , ඊජිප්තුවේ සහ ටියුනීසියාවේ  වීදී පෙළපාලි  විරෝධතා වලට සමගාමිව නගර කිහිපයකම.,ආරක්ෂක හමුදා වලට වෙන ක්‍රියාකාරකම් වල යෙදෙන්න සිදුවීම නිසා දුර්වල වෙනවා.

හාවසන්:
නමුත් , ඒකාධිපතියා පන්නා දැමීම ආරම්භය විතරයි...මේක අවසානය නොවෙයි නේද?...
අයිටේ:
ඒකාධිපතියා පන්නා දැමීම නිදහස් සමාජයක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මුල් පියවර විතරයි. සර්වාධිකාරිත්වයද  විසුරුවාහැරිය යුතුමයි. 1960 දශකයේ අප්‍රිකාවේ අපි මේක කලේ නෑ. අපි යටත්විජිත හිමි සුද්දන්ව ඉවත්කලා ඒ වෙනුවට කළු නව යටත්විජිතවාදීන්, ස්විස් බැංකු සමාජවාදීන් ,කිඹුල් ලිබරල් වාදීන්,කූට විප්ලවකාරයෝ,  සහ බ්‍රීෆ් කෙස් හොරු පත් කර ගත්තා.

අප්‍රිකානුවෙක් ගෙන් අහන්න කියයි. අපි මහත් වෑයමෙන් වෙර වීරියෙන් අරගල කරලා එක කැරපොත්තෙක් ඉවත් කරහම  ඊළඟට එන මීය ඇවිල්ල ඒකම කරනවා. මේක වුනේ අපි ආඥාදායකයා (dictator)එලෙව්වට ආඥාදායක රාජ්‍යය කඩා විසුරවා දැම්මේ නැති නිසා.  ඒකාධිපතිවාදී රාජ්‍යය (dictatorship state)කඩා විසුරවා හරින්න නම් ඔබට සිදු වෙනවා අදාල පියවර  හරියටම  අනුක්‍රමික පිලිවලට අනුගමනය කරන්න. මේක හරියට මෝටර් රථයක් අලුත්වැඩියා කරනවා වගේ පිලිවලට කරන්න ඕනෑ. කල් පැන්න  මියගිය බැටරියක් නිසා කැඩුන වාහනයක ගියර් පෙට්ටිය හදන්නේ නෑ. එහෙම නැත්නම් බැටරිය බහින වාහනේට අලුත් සවුන්ඩ් සිස්ටම් එකක් හයි කරනවද?

ආඥාදායකත්වය(dictatorship) කඩා බිඳ දමන්න නම්  පළමුව,   බුද්ධිමය ප්‍රතිසංස්කරණ කල යුතුයි (   අදහස් ප්‍රකාශ කිරීමේ සහ මාද්‍ය නිදහස); දෙවනුව, දේශපාලන   ප්‍රතිසංස්කරණ (ප්‍රජාතන්ත්‍රවාදී බහුවිධතාව  සහ නිදහස් සාධාරණ මැතිවරණ); තෙවනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ කල යුතුයි( විධායක බලතල සීමා කිරීම); හතරවැන්න , ආයතනික ප්‍රතිසංස්කරණ(ස්වාධීන අධිකරණය, ස්වාධීන මැතිවරණ කොමිසම,  කාර්යක්ෂම සිවිල් සේවය, සහ අපක්ෂපාතී , වෘත්තීයමය ආරක්ෂක හමුදා); සහ පස්වනුව, ආර්ථික ප්‍රතිසංස්කරණ ,හෝ නිදහස් ආර්ථිකය.( නිදහස් වෙළඳපොළ සහ නිදහස් වෙළදාම ).

හාවසන්:
මොකද වෙන්නේ විප්ලවයෙන් පස්සේ මේ අනුපිලිවෙලට පියවර පහ අනුක්‍රමිකව සිදු නොවුනම?
අයිටේ:

ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අනුපිළිවෙළට නොකිරීම සහ අහඹු ලෙස තැනින් තැන කිරීම නිසා   රටවල් කිහිපයක විප්ලවය ආපස්සට කැරකුනා . උදාහරණයකට ,පෝලන්තයේ , චෙක් සමුහාණ්ඩුව තුල  ,සහ රුසියාවේ 1990 දශකයේ ආරම්භයේදී-- හරියට "විද්‍යුත් කම්පන චිකිත්සාව" වගේ -- නොමේරූ ආර්ථික නිදහස් කරණය ලේ  පිසාචයින් වගේ ධනවාදීන් බිහි කරා.(ලංකාවේ නොමේරූ JR විවෘත ආර්ථිකය ද බිහිකළේද ලේ  පිසාචයින් වගේ ධනවාදීන්ය -පරිවර්තක ) නිදහස් ආර්ථික ක්‍රමය සාර්ථක වීමට නම්   ඊට පෙර ආයතනික ප්‍රතිසංස්කරණ සහ නෛතික රාමුව සකස් විය යුතු බව නොසලකා හැරියා.ප්‍රතිසංස්කරණ වළක්වාලමින්  නොමෙන්කචුරාව  දිගටම බලකොටුව තුල රැදී සිටියා.ආණ්ඩුවේ බලකණු වුනු කිහිප දෙනෙක් (අට දෙනෙක්)  අභ්‍යන්තර දැනුම සහ දේශපාලන සබඳතා පාවිච්චි කරලා රජයේ වත්කම් කුණු කොල්ලයට අරගෙන තළුමරමින් කාලා ක්ෂණික බිලියන්පතියන් වුණා .
අප්‍රිකාවට උන මහත්ම ව්‍යසනය තමයි අනෙකුත් ප්‍රතිසංස්කරණ කරන්න ඉස්සෙල්ල ආර්ථිකය නිදහස් කිරීම.--වොෂින්ටන් එකඟතාවය වගේ දේවල්. නිසැකවම,ආර්ථිකය  නිදහස් කිරීම  සමෘද්ධිය සෞභාග්‍යය උදා කරනවා තමයි නමුත් ඒකාධිපතියන් කිසිම  ක්‍රීඩා පිටියක් සමතලා කරන්නේ නෑ. ඔවුන් තමන්ට තමන්ගේ පවුලේ අයට සහ ගජ මිතුරන්ට වාසි සැලසෙන වර්ගයේ ප්‍රතිසංස්කරණ විතරයි කරන්නේ.
මේ ආර්ථික නිදහස්කරණය  හඹා ගිය අප්‍රිකානු රටවල්  දේශපාලනික  පරීක්ෂණය අවසානයේ අසමත් වෙලා පුපුරලා ගියා. ඊජිප්තුව , කෙන්යාව ,ලිබියාව ,මැඩගස්කර‍ය,ටියුනීසියාව,සිම්බාබ්වේ,බුර්කිනා ෆාසා ,අයිවරි කෝස්ට් ..ඊජිප්තුවේ හොස්නි මුබාරක් නෙරපා හැරපු විදි අරගලකරුවන් දැන් ආපසු මුබාරක්ගේ නිදහස් වෙළඳපොල ප්‍රතිසංස්කරණ වලට ආපසු යන්න සහ එහි ප්‍රතිලාභ සැමට  ලැබීම සහතික කිරීමට  බලාපොරොත්තු වෙනවා. වරක් "ආර්ථික ආශ්චර්ය" කියල හඳුන්වපු අයිවරි කෝස්ට්  දැන් නටබුන් වුන නෂ්ටාවශේෂ වෙලා. චීනය දැන් මේ දෙගිඩියාවට මුණ දෙමින් ඉන්නේ. චීනය දේශපාලනිකවත් නිදහස් කලොත්  කොමිනියුස්ට් පක්ෂය අතු ගැවිලා යනවා; එහෙම නොකලොත් පැරණි සෝවියට් දේශය වගේ බිඳ වැටෙන්න ඉඩ තියෙනවා.

86 comments:

  1. ජේ.ආර් නොමේරු ළදරු ක්‍රමයක් හඳුන්වාදුන්නා කියල මම හිතන්නේ නෑ . චන්ද්‍රිකාගේ යුගය එනකන් ඒක සාර්ථක තත්වයෙන් ක්‍රියාත්මක වුනාය කියල මම දකින්නේ . අනික වත්මන් පාලනය අප්‍රිකානු මොඩලයේ ඒකාධිපතීත්වයකට යන්න තියන ඉඩකඩත් සැහෙන අවමයි .

    ReplyDelete
    Replies
    1. මහින්දට තාම අවස්ථාව තියනවා ඒකාධිපති නොවී JR ටත් වඩා සාර්ථක හොඳ නායකයෙකු වෙන්න. ඔහු එය කල යුතුයි . ආර්ථික නිදහස එක්ක බුද්ධිමය,දේශපාලන, ව්‍යවස්ථා සහ ආයතනික නිදහස ලබා දෙන්න කටයුතු කලොත් මුදල් හා බලයට ඇති තණ්හාව අත් ඇරලා.

      Delete
  2. ජේ ආර් හඳුන්වා දුන් නිදහස් ආර්ථික ක්‍රමය නොමේරු එකක් කියා නොවෙයි කියන්නේ එය පරිණත සාර්ථක ක්‍රමයක් අපේ රට නොමේරු එකක් එම ආර්ථික ක්‍රමයට එය එන්න ඉස්සෙල්ල අනිකුත් ප්‍රතිසංස්කරණ සමගාමිව හෝ මුලින් කලයුතුයි. ලියු විදිය වෙනස් කළා ඔබ වරදවා වටහා ගත්තේ මා ලියු විදිය නිසා යැයි සිතු නිසා.
    අප්‍රිකාව නොවෙයි බුවා මොන රටේ හිටියත් එකාධිපතියන්ගේ පොදු ලක්ෂණ තියනවා ඒවා අර මොඩලය මේ මොඩලය කියල වෙන් කරන්න බෑ ඇස් ඇරලා බලන්න ලෝකේ ඕනෑම මොඩලයක ඒකාධිපති කරන වැඩ අපේ අය කරන්නේ නැද්ද කියල. පුලුවන්නම් කියන්න දැනට අපේ අය නොකරන අප්‍රිකන් මොඩලයේ අය කරන වැඩ ටිකක්

    ReplyDelete
    Replies
    1. උදිත - වෙන්න පුලුවන් , හැබැයි මැතිණි හදලා තිබුනු ආර්ථික ක්‍රමයෙන් රටගොඩ ගන්න ඒ තරම් කල් මරන්න හැකියාවක් තිබුනාද . පූර්ණ ඒකාධිපති පාලනයක (ගඩාෆි , ඉඩි අමින් ) රටේ නිතිය වෙන්නේ පාලකයාගේ පෞද්ගලික අභිමතාර්ථය පමණයි . ඔනිම කෙනෙක් අතඩංගුවට ගන්න හිර කරන්න මරන්න ප්‍රසිද්ධියේම පුලුවන් . නමුත්ලංකාවේ තවමත් නිතිය ක්‍රියාත්මකයි . ෆොන්සේකට ශිරානිට ගේම දෙන්නෙත් නීතිය එහෙන් මෙහෙන් අඹරලා මිසක් කැලෑ පාරෙන් නෙවෙයි . කොච්චර විරුද්ධ කම් කලත් හිතු හැටියට මිනිස්සු උස්සන් යන්න බෑ . එහෙම ඒකාධිපති රටක් නම් මමවත් මාතලන්වත් බ්ලොග් ලියයිද ?

      Delete
    2. //කොච්චර විරුද්ධ කම් කලත් හිතු හැටියට මිනිස්සු උස්සන් යන්න බෑ .//
      මම දන්නේ නෑ වෙබ්අඩවි වල බොරු වෙන්න ඇති එහෙනම් මේ සුදු වෑන් කියන්නේ මඩ ගහන්න කියන කතාවක් කියන එක ඇත්ත වෙන්නැති.
      //අපිට අප්‍රිකාවේ මෙන් ඒකාධිපතියන් ඉඳ නැත එතැනට යාමට පෙර අපි එය වැළක්විය යුතුය//
      මෙහෙමයි මම ලියල තියෙන්නේ ඒකාධිපති රටක් නොවෙයි තාම හැබැයි ඒ දිහාවට යන පාරට වැටිලා ඉන්නේ.

      Delete
    3. උස්සන් යනවා ,නමුත් තවමත් විවේචනයේ අවකාශය තියනවා . ඒකාධිපති ගමනක් දිහාවට රට යන බව මටත් පේනවා , ඒත් ඔය යෝජනා ක්‍රියාත්මක කරන්න පුලුවන් පරිසරය හැදෙන්නේ ඒකාධිපතියන්ව මිනිස්සුන්ට එපා වුනු දවසක . නමුත් අපේ රටේ සැහෙන පිරිසකට ඒකාධිපතිකම ආතල් එකක් . රජෙක් යටතේ ඉන්න එකක් චූන් එකක්ය කියල හිතන මානසිකත්වයක ඉන්නේ . මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුනත් ඒ ඒකාධිපති කම නෙවෙයි තමන්ගේ බඩට පාර වදින එක තමයි . තාම තේරිලා නෑ වෙන්නේ මොකක්ද කියල ගොඩ දෙනෙක්ට ඒක තේරුම් ගියොත් ඔය ක්‍රම ඕනි නෑ ඊලඟ ඡන්දෙත් ඇති !

      Delete
    4. චන්දෙන් පුද්ගලයා වෙනස්වුනා කියල හරියයිද ? රනිල් මියගොස් කියල උපකල්පනය කරන්න බුවා අවංකව හිතනවද සජිත් හරි සරත් ෆොන්සේකා හරි මහින්දට වඩා හොඳවෙයි කියල? මං කියන්නේ මේක මහින්ද කියන පුද්ගලයා පිලිබඳ ගැටළුවක් නොවෙයි.

      Delete
    5. සජිත් මහින්දට වඩා හොඳ වෙන්න පුලුවන් අංශ දකින්න තියනවා , ලංකාව උඩු යටිකුරු කරන්න බෑ එක පාරටම , මහින්ද කියන පුද්ගලයගේ වරදක් නෙවෙයි දැනට තියෙන්නේ ඒ පුද්ගලයා වටා අධික ලෙස ඒක රාශිවූ බලය සහ ඔහු ඒක පෞද්ගලික සුඛ විවරණය වෙනුවෙන් පමණක් භාවිතා කිරීමත් , දුර්වල ආර්ථික සහ විදේශ ප්‍රතිපත්තියක පිහිටලා කටයුතු කිරීමත් සමහර සමාජීය කාරණා වල දිශානතිය පිලිබඳ ගැටලුවක් (මහින්ද වට කරගත් දේශපාලන සහ සිවිල් කණ්ඩායම් නිසා ) . ඔය කාරණා බොහොමයක් සජිත් නිසා විසඳෙන්න පුලුවන් ප්‍රමාණවත් තරමට . ෆොන්සේකා ගැන නම් එහෙම කියන්න අමාරුයි . රනිල් මහින්දට වඩා සැහෙන වෙනසක් බව ඔබත් මාත් දන්නවා ,දැනට සෛද්ධාන්තිකව ඉන්න විකල්පය ඔහු නිසා මැතිවරණයකදී ජනතාව නිවැරදී තීරණය ගැනීම ප්‍රමාණවත් කියලයි මම දකින්නේ

      Delete
  3. /නමුත් ජේ ආර් ජයවර්ධන 1977 දී ලංකාවට එය හඳුන්වා දී දශක 3 කට පසු එය අසාර්ථක වී ඇත./

    කවුද මේ මෝඩ කතාව කියන්නෙ?

    1. ජේ. ආර්. ජයවර්ධන
    2. ආර්. ප්‍රේමදාස
    3. චන්ද්‍රිකා කුමාරතුංග
    4. රනිල් වික්‍රමසිංහ
    5. මහින්ද රාජපක්ෂ

    මේ කිසිම කෙනෙක් අසාර්ථක වෙලා නැහැ. මේ හැම කෙනෙක්ම තමන්ට පාලනය ලැබෙන කොට තිබුණු තත්ත්වයට වඩා ඉහළ තත්ත්වයකට රට ගෙනැවිත් තියෙනවා. අදාළ දර්ශක අරගෙන බලන්න. (උදාහරණයක් හැටියට අපට එහෙම කියන්න බෑ සිරිමා බණ්ඩාරනායක හෝ ඩඩ්ලි සේනානායක ගැන)

    ඇත්ත. අද ගජ මිතුරු ධනවාදයක් තියෙනවා. කිසිවක් 100%ක් නිවැරදි නැහැ. නමුත් ඒ සියල්ල අතර රට සංවර්ධනය වෙනවා. මේ තාක් රටේ යටිතල පහසුකම් දියුණු වෙච්චි අවදියක් ඉතිහාසයේ වෙනත් කිසිම කාලෙක තිබිල නැහැ. 1977දි ඩොලර් 300ක් වුණු ඒක පුද්ගල ආදායම අද ඩොලර් 3,000කට කිට්ටුයි. අපි ඉන්දියාව, පාක්ස්තානය, බංග්ලාදේශය කියන රටවල් වලින් ඈත් වෙලා ඉන්දුනීසියාව, තායිලන්තය වගේ රටවලට කිට්ටු කරනවා. (මෑතක් වන තුරු එවැන්නක් ගැන හිතන්නවත් පුළුවන්කමක් තිබුණෙ නෑ.)

    මේ රට අසාර්ථකයි කියන්නෙ වම්මුන් විතරයි. උන්ට ඉතින් සාර්ථක වෙච්චි රටවල් නෑ. මේ වගේ ගොන් කතා කියලා උන්ගේ ගොඩට වැටෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. වඩාත් නිවැරිදිව කියනවනම් දේශපාලනිකව අසාර්ථකයි. ඔබේ තර්කය අනුව නම් චීනය කියන්නේ සාර්ථක රටක් ආර්ථික වර්ධනය දිහා බැලුවම. මම කියන්නේ එහෙම නෑ කියල. අනිත් එක ඇයි ලංකාවේ මිනිස්සු බෝට්ටුවක නැගල හරි පිටරට පනින්නේ.

      Delete
    2. ලංකාවෙන් අද මිනිස්සු බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යනවා වගේම 1960-70 කාලෙ ඉන්දියාවෙන් ලංකාවට මිනිස්සු ආවා. එයින් කියැවෙන්නෙ නෑ ඒ කාලෙ ලංකාව ඉන්දියාවට වඩා මාරයි කියලා. මිනිස්සු තමන්ට දියුණු වෙන්න අවස්ථා තියෙන තැනට යනවා. ඕස්ට්‍රේලියාවෙ ඒ වගේ අවස්ථා තියෙනවා. ඒ වගේම ලංකාවෙ මිනිස්සු මාල දිවයිනටත් (නීත්‍යානුකූලව ) යනවා. ඒ යන්නෙ අපේ රට නරක නිසා නෙවෙයි, මාල දිවයිනේ වැඩි රැකියා අවස්ථා තියෙන නිසා. මිනිස්සුන්ගේ සංක්‍රමණ වලින් විතරක් රටවල් මනින්න බැහැ. රටක සංවර්ධනය මනින දර්ශක දිහා බලලා කතා කරන්න, වම්මුන් වගේ මෝඩ කතා නොකියා.

      Delete
  4. ඉතාම නොදියුණු ආකාරයේ තියෙන රටක් (මොන ක්‍රමයක් යටතේ වුවත්) දියුණු රටක් කරන්න අඩු ගණනේ වසර 50ක් ගත වෙනවා. මීට වඩා ඉක්මණින් සංවර්ධනය වූ රටවල් තුනයි මගේ මතකයට එන්නේ සිංගප්පූරුව, මැලේසියාව හා දකුණු කොරියාව. සංක්‍රාන්ති කාලයේ ඒකාධිපති ස්වරූපය සාමාන්‍ය දෙයක්. ලී කුවාන් යූ, මහතිර් මොහොමඩ් වගේ අයත් ඒකාධිපතියො තමයි. මේ කිසිම දෙයක් සුරංගනා කතාවක වගේ එක සැරේ නිවැරදි වෙන්නෙ නෑ. කාලයට ඉඩ දෙන්න. ඕවා නිවැරදි වෙයි.

    පොත් කියෙව්වට කමක් නෑ. ඒ පොත් වල තියෙන හැම මළ ඉලව්වම සත්‍යයි කියල හිතන්න යන්න එපා. පොළොවෙ පය ගහලා හිතන්න.

    ReplyDelete
    Replies
    1. ඇනෝ සහෝදරයා,
      ,සුද්දන් අපේ රට දමා යන විට ආසියානු නවෝදයේ පහන් තාරකාව වූ ජපානයට පිටුපසින් සිටියේ අපියි. අද අප සහ ජපානය අතර පරතරය කොහොමද? නිදහසින් අවුරුදු 60 ගතවූ තැන අපි අන්තයටම පිරිහිලා. මේ තරම් කාලයක් පත්වූ සෑම පාලකයෙක්ම අන්තනෝමතිකව කටයුතු කෙරුවා. නමුත් කිසියම් පාලනයක් තිබුණා. නමුත් මහින්දගේ පාලනය ලංකාව සිගප්පූරුවක් කරන්නට ගමනක් ගෙන යනවාදැයි කියා සලකුනක්වත් පෙනෙන්නට තිබෙනවාද? ඔහුගේ පාලනය යටතේ මොන අංශයේද පිරිහීමක් නැත්තේ. කාලයට ඉඩදීලා බලන්න කියන ඔබ වගේ පසුගාමීන් නැත්තනම් ගැත්තන් එහෙම නැත්නම් වන්දිභට්ටයන් ඉන්නා තුරු රටට පිහිටයි.

      Delete
    2. ලීක්වාන්යුගේ ඒකාධිපතිකම විතරක් අරගෙන සිංගප්පුරුව කරන්න බෑ

      Delete
    3. @රතු රජරට,

      /නිදහසින් අවුරුදු 60 ගතවූ තැන අපි අන්තයටම පිරිහිලා./

      කරුණාකර දත්ත සහිතව මේ කාරණාව ඔප්පු කරන්න. ඉන් පසු කත අකරමු. හිතළු වලට උත්තර බඳින්න අවශ්‍ය නැහැනේ.

      Delete
  5. බුවා සහ ඇනෝලාගේ සමහර කරුණු හා එකඟ වෙමි. උදිත ඔතන වැරදුනේ ක්‍රමය නෙමෙයි පුද්ගල චින්තනය. අපේ රටේ එකාධිපතීත්වයක් නෑ. නමු ඒ කරා යන බවක් පේනවා. එහෙම එකක් තිබුන නම්. රොෂේන් චානක විතරක් මරලා නිකන් ඉන්නේ නෑ. අනික ඒ ගේන්න හදපු පනත් අකුල ගත්තා. මහින්ද රාජපක්ෂ කියන්නේ නිර්භීත නායකයෙක්. යුද්ධය ඉවර කර ගන්න් බැරුව බටහිර නායකයන්ගේ හා එන් ජී ඕ වල පදේට නටපු නායකයන් අතරේ, ඔවුන්ගේ පුකට පයින් ගහලා යුද්ධය දිනා දුන්නේ මහින්ද. ඒක කාටවත් නෑ කියන්න බෑ. අද අපි මේ බයක් නැතුව බොගක් ලියන්නේ එහෙම වාතාවරනයක් ඇති උන නිසා.

    නමුත් වර්ථමානයේ සිඳුවන දේවල් මෙන්ම යුද්ධයෙන් පසු සිඳුවන සිඳුවීම් වලින් පෙනෙන්නේ. ආර්ථිකය පන ගහන්න, ජානාධිපතිට උපදෙස් දෙන්න කවුරුත් නෑ කියන දේ. මහින්ද මහත්තයට තේරෙන්නෙ නැති උනාට ඔහුටත් වෙන්නේ ලලිත් කොතලාවලට වෙච්ච දේ. ඒ මොකද සෙලින්කෝ කියන්නේ වැදගත් මිනිස්සු හිටපු තැනක්, නීතීගරුකව අවංකව රජයේ බදු මුදල් ගෙවූ ආයතනයක්. එහෙත් එය ප්‍රසාරණය වද්දී ඔහුට සෑම දෙයක්ම අධීක්ෂණය කරන්න බැරි උනා. සුනිල් ජයතිස්ස, මර්වින් ජයතුංග හා කාවන් පෙරේරා යන සක්විතිවරු බිහිවන්නේ ඒ වටා පිටාව තුලයි.

    ඔවුන් කලේ අද ජනාධිපති තුමාගේ ආර්ථිකය මෙහෙය වන්නන් වන අජිත් නෙවාඩ් කබ් රාල් හා පුංචි බන්ඩා ජයසුන්දර කල දෙයමයි. එනම් රජයේ බදු වලට වංචා කලා තම සේවකයන්ට උපරිම සැප එනම් කෑම බීම ලෑම සැප වාහන විදෙස් සංචාර හා ආයතනයේම මුදල් හොරකම් කරන්න සියලු පහසුකම් ලබා දුන්නා. අවසානයේ විවෘත ආර්ථිකයේ සාර්ථකම ව්‍යාපාරිකයා නතර උනේ වැලිකඩ හිර ගෙදර. ඒ කියන්නේ ලලිත් කොතලාවල ගාව උන්න සක්විතිලාට වසර ගනනක් තුල ලබා ගත් කීරිති නාමය ගත කරන්න ගියේ සුළු කාළයයි.

    මේ දෙදෙනා තියාගෙන ජනාධිපති තුමා කරනා සෙල්ලමෙන් වෙන්නේ නාමල්ලාට පාලනය කිරීමට රටක් නොමැති වීමයි. 1994 සිට අද දක්වා රටට සේවයක් කලේ රාජපක්ෂවරුන් විතරයි. එහෙත් ඔවුනට ආර්ථිකය ජය ගැනීම කිසිසේත්ම කල නොහැකි බවක් පෙනෙන්නේ. ඇත්තටම ජනාධිපති තුමා ළඟ ආර්ථිකය හසුරුවන්න සුදුසු එකම පුද්ගලයකු වත් නෑ. ඒ නිසා කොහේ හෝ තිබෙන මුදල් වලට බැල්ම හෙලන්න යාම තමයි මේ අධිකරණයේ ගැටළුවටත් හේතුව. ඒ නිසා ජනාධිපති තුමා වහාම කල යුත්තේ ආර්ථික උපදේෂකයින් පිටරටින් හෝ ගෙනවිත් වැටී ඇති ආර්ථිකය ගොඩ නැගිමයි.

    හොඳම උදාහරණය තෙම්පරාදු ප්‍රේමදාස මහත්තයා. 88-89 දකුණේ භීෂණය නිමා කර උතුරේ භීෂණය පවතිද්දීත් ඇඟළුම් කර්මාණ්තය හඳුන්වා දෙමින් එය ලංකාවේ මූලික ආදායම් මාර්ගය කලා. එසේ කලේ ඔහුට උපදෙස් දීමට කේෂේත්‍රයන්හී නිපුන උපදේෂක වරුන් සිටී නිසයි. එහෙත් වත්මන ජනාධිපති තුමාට එවන් පිරිසක් නෑ. අනෙක් කාර්ණය අප්‍රිකාවේ ක්‍රම අපේ රට ගැලපෙන්නේ නෑ. විප්ලව තුනකින්ම බැට කා සිටින ජනතාවක් තව දුරටත් ඒ මාර්ගයේ ගමන් කරන එකක් නෑ. අනික අර මාරයා කියලා තියෙනවා වගේ අපේ උන්ට තාම බඩගිනි ප්‍රශ්ණය දැනිලා නෑ. ඒක දැණුන දාට කතිර බලයෙන් ජනතාව වැඩේ පෙන්නයි. එතෙක් ඉවසා සිටිමු. අඩු පාඩු පෙන්වා දෙමු.

    ReplyDelete
    Replies
    1. එකම එක ප්‍රශ්ණයක් අහන්නම් ලලිත් කොතලාවල හිරගෙදර ඉන්නත් ඊට වඩා වැරදි කරපු වරෙන්තු තියන අය පවා එළියේ ඉන්නත් හේතුව මොකක්ක්ද?

      Delete
    2. ඒකට හේතුව මුදල් බලයට වැඩ කරන අධිකරණයක් තිබීම.. ආන්ඩුවට ඇත්තටම අවශ්‍ය කොතලාවල හිරේ තියන්න. නමුත් මුදල් බලය හමුවේ නැමෙන අධිකරණය, කොතලාවල පමණක් නොව සෙලින්කෝ සක්විතිලා වන කාවන් පෙරේරා, මර්වින් ජයසිංහ, සුනිල් ජයතිස්ස යන යත් ගෙදර යවලා.. පට්ට ආතල් එකේ ඉන්නේ. මේවල මුදල් ආයෝජනය කල අය එල්ලිලා මැරෙණවා, හාට් ඇටෑක් හැදිලා මැරෙණවා, පිස්සු හැදිච්ච අය ඉන්නවා. ළමයි පිටරට යවපු අය නැවත ගෙන්වගෙන තියෙනවා. ඔන්න යුක්තියේ දෙවොල සාධාර්ණය ඉටු කර තියෙන ආකාරය. එහෙම පිරිසක් සමග ජනතාව කෙදිනකවත් එකතු වන්නේ නෑ. අපි සහයෝගය දුන්නට... මිනිස්සු ආන්ඩුවත් එක්ක වඩා උසාවියත් එක්ක තරහයි.......

      Delete
    3. ඕනෑම පාලකයකුගේ වැරදි තියෙනවා. ලෝකයේ ඒකාධිපතියො කියන්නෙ දස දහස්, මිලියන් ගණන් මිනිස්සු මරල තව මිලියන් ගණන් හිර කරපු, වසර විසි තිස් ගාණකින් ඡන්ද නොතියපු එවුන්ට. මහින්ද රාජපක්ෂ මොන වැරදි කළත් ඔහු ඒ ගොන්නට දාන එක අසාධාරණයි. ඔය මහා ලොකු 'නිදහස්' කියන රටවල එවුන් අරන් බලන්නකෝ උනුත් ඒ වැරදිම කරනවා. ඔබාමා බින් ලාඩන් මැරුවෙ වෙනත් රටක දේශ සීමාවක් බිඳගෙන බලෙන් ඇතුල් වෙලා. උද්ඝෝෂණය කරපු කැනේඩියන් ශිෂ්‍යයින්ට පොලීසියෙන් දාගෙන ගැහැව්වෙ අපේ රටේ පොලීසිය වගේම තමයි. අපේ එකා කරන කොට තමයි ඔක්කොම නීති. මේ කියන්නෙ ඌට ඕනැ ඕනැ හටියට පිස්සු කෙළින්න දීල ඉන්න කියල නෙවෙයි. නමුත් මේ මෝඩ කතා කියන්න එපා. මහින්දයා හොරා තමයි. නමුත් අනෙක් පාලකයොත් ඒ වගේම හොරු.

      Delete
    4. තවත් ටික කාලෙකින් නිවැරැදි දත්තයන් සහිතව හොයා ගන්න පුළුවන්නම් ලංකාවේ ලොකුම පෝසතා කවුද කියලා? එතකොට බොහෝ දෙනෙකුට නිවැරැදිව තේරුම් ගන්න පුළුවන්. නමුත්, කවදාවත් එවැනි වත්කම් ප්‍රදර්ශනයක් නොවන බව මා හොඳින් විශ්වාස කරනවා. මට හැඟි යන පරිදි ලංකාවේ සිටි පාලකයන්ගෙන් වැඩිම ගසාකෑම් ඇත්තේ මෙම කාල වකවානුව තුළය.
      එකාධිපතිබවක් ලංකාවේ බිහිවී නැති බව මා දන්නවා. නමුත්, එතනට ගමන්කරමින් සිටිනවා.
      ආර්ථිකය සඳහා මහින්ද මහතාට එතරම් උපදේශකයෝ නැති උණාට ඡන්ද සඳහා උපදෙස් ගැනීමට මිලියන ගණනින් පඩි ගන්නා උපදේශකයෝ සිටිනවා.
      උඩින් ඇනෝලා කෙනෙක් එක පුද්ගල ආදායම ගැන කියලා තිබුණා. මා කැමතියි එතනට එක පුද්ගල ණය ප්‍රමාණය. දේශීය උද්ධමනය.... ආදී මේ සියල්ලත් ගළපනවා නම්. එවන් දියුණුවක් තිබෙනවානම් අය-වැයේ අති විශාල පරතරයක් ඇයි.... දින දින බදු එකතු වනුයේ ඇයි? තව කියනවානම් බොහෝය....

      Delete
    5. ඔබගේ මෙන්ම මාගේ බ්ලොග් සයිට් එක ද ජනප්‍රිය කරන්න මාතලන් ලොකු සහයක් ලබා දුන්නා. එයට අප ස්තූති වන්ත විය යුතුයි.
      ඔබගේ බ්ලොග් අඩවිය කාලීන වැදගත්කමක් ඇත. අපි හැකි උපරිමයෙන් රටට සාධාරණයක් කරන්න උත්සාහ කරමු. ගල් මුල් අනන්ත තිබේවි. නමුත් සත්‍යයි කියා සිතෙනා දේ හැකිතාක් නිවැරැදි තොරතුරු සමඟ ලියන්න. අපි ඔබ සමඟයි.

      Delete
    6. මාතලං උඹත් නිකම් වික්ටර් අයිවන් වගේ ලියන්න යන්න එපා.මහින්දට තියෙන අසීමීත බලය අනුව ඔහුට මොනවද කල නොහැකි?යුධ ජයග්‍රහණය අතහැර බැලුවොත් මහින්ද ලංකාවට කළ දෙයක් නෑ. අපි බ්ලොග් ලියන්නට පුළුවන් වෙලා තියෙන්නේ මහින්ද නිසාය වගේ බොළද තර්ක ගෙනෙන්නට එපා.
      මම පිලිගන්නවා මෙතනදී තනිකරම වරද මහින්දගේ පමණක් නොවෙයි කියලා, නමුත් රටේ දිගින් දිගටම සිදුවන දූෂණ, වංචා සහ යටිමඩගැසීම් කිසියම් තරමකට හෝ පාලනය කරන්නට විධායකයට හැකියි. අනික මීට පෙර කිසිදු විධායක අදිකාරීත්වයක් නොක්ළ විදිහට සහ තුච්ජ විදිහට මහින්ද තමන්ගේ විධායක බලය පාවිච්චි කරලා රටේ දේශපාලනික සමතුලිතතාවය බිද දැම්මා මොන යම් තත්වයක් යටතේ වුවත් එවැනි දේවල් අනුමත කරන්නට බැහැ. ඔහු රටේ ව්‍යවස්තාදායකයේ කටයුතු වලට අතපොවන ආකාරය දෙස බලන්න. ව්‍යවස්තාදායකය නියෝජනය කරන 115 දෙනෙකුගෙන් හිස් කොළවලට අත්සන් ගන්නා තරම් පහත් තත්වයකට ඔහු පත් වුණා.
      1994 ඉදන් මහින්ද කළ සේවය ගැන මාඅ නම් දන්නේ නෑ. ඔහු යුද්ධය සාර්ථකව සිදුකළා. 94 මහින්ද සිට්යේ කොහේද කියිලාවත් මා දැන සිටියේ නෑ.මාතලං රාජපක්ෂ පරම්පරාව කියා වචනයක් පාවිච්චි කෙරුවා. ඔන්න ඕක තමයි හෙනේ. අපේ මිනිසුන් කොයි තරම් යටපත් කරන්නට හැදුවත් අර පැරණි වැඩවසම් ගති ලක්ෂණ එළියට එනවා. නායකයන් බිහිවිය යුත්තේ පරම්පරාවෙන්ම විතරද? බ්ලොග් ලියන මාතලං වැනි පුද්ගලයෙකුත් මේ විදිහට හිතනවා නම් සාමාන්‍ය මිනිසුන් ගැන කවර කතාද? ඒ වගේම රාජපක්ෂ පරම්පරාව 94 සිට කරාපු සේවාවත් ටිකක් පැහැදිලි කරදෙන්න පුළුවන් නම් ඔබට බොහෝම පිං මාතලං.

      Delete
    7. @රතු රජරට
      මා ඉහත දමා ඇති GA හා TH අතර සංවාදය කිසිවෙක් කියවා තේරුම්ගෙන ප්‍රතිචාර දක්වා ඇතිබවක් නොපෙනේ. අය්යටේ කියන සියලුම කරුණු අඩු වැඩි වශයෙන් අපේ රටේ වෙනවා. බොහෝ අය රටේ ගැටලුව දකින්නේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් විදියට නැත්නම් හිත හොඳ අවංක දක්ෂ පුද්ගලයෙකු නායකයා නොවීම වගේ දෙයක්.සමහරුන්ට රටේ කිසි ගැටළුවක් නෑ.තවත් අය අප්‍රිකාව පටලවාගෙන. මෙම සංවාදයේ අය්යටේ මතුකරන බොහෝ කාරණා වලට ලංකාවේ අප්‍රිකාවේ වගේ කෘර ඒකාධිපති ඉන්නවද නැද්ද , මහින්ද ඒ වගේ ඒකාධිපතියෙක්ද කියන කරුණ අදාළ දෙයක් නොවෙයි. අනික මම යමං පාරට බැහැල ගඩාපි වගේ මහින්ද එලවන්න යමු කියල කිව්වා වගේ කවුරුත් බ්රේක් ගහල රිවස් ගියර් එකටත් දාගෙන.. මහින්දට තාම අවස්ථාව තියනවා වැරැද්ද නිවැරිදි කරන්න. හිස්ටරික විදියට මහින්දට බැන බැන ආඩපාලි කියල ආතල් අරන් දිගටම තත්වය පවත්වාගෙන යෑම දැන් බලනකොට ආතල් වැඩක් නේ හැමෝම love hate රිලේෂන් එකක් ලොක්ක එක්ක තියෙන්නේ.බැලුවම මාරයා අව්‍යාජයි කාටත් වඩා ඌ love විතරයි. මහින්ද කියන්නේ දකුණේ සිංහල බොදු දර්ශීය ලාංකිකයෙක් ඔහුත් එක්ක මට පුද්ගලික අවුලක් නෑ මගේ ගැටලුව තියෙන්නේ අසීමිත විධායක බලතල සහිත ඒකාධිපති නැබුරුවක් ඇති ලකාවේ ජනාධිපති තනතුර එක්ක. එය වෙනස් විය යුතුයි ඒක සටනක් නොදී වෙනස් කරන්න බෑ.

      Delete
    8. @Nirmala Madushani
      ආයුබෝවන් පැමිණියාට ස්තුතියි. පුංචි ඔබට වැටහෙන සත්‍යය මේ සීයලාට නොවැටහීම අභාග්‍යයකි නමුත් අනාගතය සුන්දර යැයි සිතේ.

      Delete
    9. මාතලන් ලොක්කා ගැන දරන අදහස දිවයිනේ කතුවැකිය වගේ , ලොක්කගේ නරකක් කියන්න කලින් ඔක්කොම හොඳට ටික මතක් කරල වැඩේට බහින්නේ . මහින්ද ඔය කියන තරම් නිර්භීත , අසහාය නායකයෙක්ය කියල නම් මම කියන්නේ නෑ . හැබැයි ඒකාධිපතියන්ව එලවන මාර්ගය තෝරගන්න තවම කල් වැඩියි . මහින්ද එතනට වැටිලා නෑ . ජනතාවට අවබෝධය ලැබෙනවා නම් තවත් ප්‍රජාතන්ත්‍රවාදි රාමුව ඇතුලේම අවස්ථාව තියනවා .

      උදිත - සංවාදය හොඳින් කියෙව්වා . නමුත් විධායක ජනාධිපති කියන තනතුර ඉවත් කිරීම එම සංවාදයට අදාල කරගන්න පුලුවන්ද ? අනෙක තනතුරේ නෙවෙයි ප්‍රශ්නය තියෙන්නේ කරන පුද්ගලයගේ .වැරදි පුද්ගලයෙකුට විධායක ජනාධිපති කමක්ම අවශ්‍ය නෑ ඒකාධිපතියෙක් වෙන්න (විධායක ජනපතිකම ඒක පහසුකරන සාධකයක් ) . ලංකාවේ මූලික අවශ්‍යතාව රටේ සත්‍ය තත්වය මිනිස්සුන්ට අවබෝධ වීම , ඒකට සටනක් කරන්න අවශ්‍යතාවක් නෑ තවමත්

      Delete
    10. අපෝ නෑ විධායක ජනාධිපති ඉවත් කිරීමට මම කැමති නෑ ඒ තනතුර රටේ අවශ්‍යතාවයක් නමුත් සමහර බලතල අනිවාර්යයෙන් ස්වාධීන කොමිසම් වලට යා යුතුයි. වම කියන්නේ පුද්ගලයා පිලිබඳ ප්‍රශ්නයක් නොවෙයි තියන්නේ ධනවාදී ක්‍රමයේ ගැටළුවක් කියල. මම කියන්නේ ධනවාදයේ පල නෙලාගන්න අනිවාර්යයෙන්ම සම්පුර්ණවිය යුතු කොන්දේසි ටිකක් තියනවා පුද්ගල දේපල අයිතිය තහවුරු විය යුතුයි තේරෙන භාෂාවෙන් කියනවනම් ක්‍රීඩා පිටියේ නීති ඔයාට මට බැසිල්ට කාටත් එක සමාන විය යුතුයි. මෙතන කියපු ඒකාධිපතියන් එලවන මාර්ග එකක්වත් අර ජේ වී පී එක 89 කලා වගේ තුවක්කුවෙන් තුන්ඩු කෑලි දීල කරන කප්පල් ක්‍රියා නොවෙයි ඔක්කොම සාමකාමී ක්‍රියා . පීඩනය එනකොට මහින්දට විකල්ප දෙකක් විතරයි තියෙන්නේ එක්කෝ රට හරි පැත්තට ගෙනියන එක නැත්නම් ගෙදර යන එක. මට තේරුම් ගන්න බැරි මුකුත් නොකර නිකම් ඉමු කියන්නේ ඇයි කියල

      Delete
    11. උදිත ,
      ,මා කොමෙන්ට් කොට තිබෙන්නේ මාතලංට පිළිතුරක් ලබාදීමටයි. ඔබ කොහොමද මගේ ඒ කොමෙන්ටුව කියවා මා පෝස්ටුව නොකියවා පිළිතුරු බඳිනවායි කියන්නේ.
      අනිත් කාරණාව ඔබට ඔය කියන දකුණේ බොදු නායකයා සමග අවුලක් නොමැති වූවාට මට නම් ඔහු සහ ඔහුගේ පාලන ක්‍රමය ගැන අවුලක් තිබෙනවා. මහින්ද සුදු කරන්න තව දුරටත් ඉඩක් නෑ කියන එකයි මගේ හැගීම.ඒ වගේම මටත් මහින්ද මේ මොහොතේ විධායක ජනාධිපති නොවුනානම් ඔහු සමඟ පුද්ගලික අවුලක් නෑ. මොකද මහින්ද කලිනුත් විධායක ජනාධිපතිවරුන් ලංකාවේ හිටියා. නමුත් මහින්ද කටයුතු කරන්නේ ඔවුන් කාටත් වඩා නිර්දය ලෙස විධායකත්වය හසුරවමින්. ඔහු විපක්ෂ් මන්ත්‍රීන් බිලී බා ගනිමින් ලංකාවේ මහජන මතය කොල්ල කෑවා. ඉතින් ඔහු කෙරෙහි හිසටරීක ක්‍රෝධයන් ඇතිවීම ස්වභාවික නොවන්නේද ?
      ?ඔබ ඔබේ පෝස්ටුවෙන් යෝජනා කරන තත්වයන්ට ලංකාව ගෙන එන්නට මේ පවතින වාතාවරණය ඇතුළේ ඉඩක් නැහැ කියලයි මම නම් හිතන්නේ

      Delete
    12. //කිසිවෙක් කියවා තේරුම්ගෙන ප්‍රතිචාර දක්වා ඇතිබවක් //සමාවන්න ඔබ ගැන නොවෙයිමම කිව්වේ

      Delete
    13. බලාගෙන යනකොට මෙතැන වම්මු හා වම්මු නොවන උන් අතර (උන් මොක්කුද මම දන්නෙ නෑ) තුට්ටු දෙකේ සංවාදයක් තියෙන්නේ. උත්තර දෙන්න තරම් වත් හරයක් නෑ.

      බලාගෙන යනකොට මෙතැන වම්මු හා වම්මු නොවන උන් අතර (උන් මොක්කුද මම දන්නෙ නෑ) තුට්ටු දෙකේ සංවාදයක් තියෙන්නේ. උත්තර දෙන්න තරම් වත් හරයක් නෑ.

      /දැන් බලනකොට ආතල් වැඩක් නේ හැමෝම ලොවෙ හටෙ රිලේෂන් එකක් ලොක්ක එක්ක තියෙන්නේ/

      මේක ආතල් වැඩක් නෙවෙයි, මේක තයි යථාර්ථය. පාලකයා හා පාලිතයා අතර හැමදාම තියෙන්නේ (තිබිය යුතු!) lover and hate relationship එකක් තමයි. නැත්නම් වෙන මොකද්ද?

      /නමුත් සමහර බලතල අනිවාර්යයෙන් ස්වාධීන කොමිසම් වලට යා යුතුයි./

      හොඳයි බලාගෙන ඉන්නකෝ යනකල්. අනේ ඔයා ඔය තරම්ම්ම බොළඳද?

      /අනිත් කාරණාව ඔබට ඔය කියන දකුණේ බොදු නායකයා සමග අවුලක් නොමැති වූවාට මට නම් ඔහු සහ ඔහුගේ පාලන ක්‍රමය ගැන අවුලක් තිබෙනවා./

      මෙයාට තියෙන අවුල මහින්ද එක්ක විතරක් නෙවෙයි මේ රටේ හැම ජනාධිපති කෙනෙක් එක්කම, පාලකයෙක් එක්කම වම්මුන්ට තිබුණු දෙයක්. ඒක ගැන කලබල විය යුතු නැහැ.

      Delete
    14. සත්තකින්ම රතු රජරට කියන පරිදි අප බ්ලොග් ලියනුයේ මහින්ද මහතා නිසා නොව. බ්ලොග් අපිට ලිවීමට සිදුවී ඇත්තේ ඔහු නිසා හෝ එකී පාලනය නිසා කිවොත් නිවැරැදියි. එමෙන්ම මාධ්‍යව්දීන්ට ද සිය වෘත්ති කරගෙන යෑමට සිදුවී ඇත්තේ බියෙනි. . . .
      එමෙන්ම උදිත ඔබ කියා ඇති “දකුනේ සිංහල බොදු“ යන්න මා ප්‍රතික්ෂේව කරනවා. මා ජාති හෝ ආගම් වාදයට කැමති නැහැ. නමුත් මහින්ද මහතාගේ පරපුරද ඔය කියන බොදු වූයේ ඡන්ද අවශ්‍යතාවය නිසා. එකී බොදු ජාතිකයා මුතු කුඩයයට යන විට (වඩින විට) කරඩුව අව්වේ වැඩියා. වසර කිහිපයකට කලින් පුවත්පතක එහි ඡායාරූපයක් පවා තිබුනා. මේ ඒකාධිපති ලක්ෂණ කිවෝත් නිවැරැදි වේවි.
      මා දන්නා පරිදි අපේ රටේ ආරක්ෂක ලේකම් තාම ඇමරිකා පුරවැසියෙක්. ඇමරිකාවට බැන බැන අපිව අවුස්සමින් සිටිනා අය තාම පදිංචිය ඇමරිකා.

      Delete
    15. @ රතු රජරට, බුවා...
      මම විකටර් අයිවන් වගේද නැද්ද යන්න මගේ ළිපි කියවන අය තීරණය කරණ දෙයක්. වෙලාවක මම මහින්ද මහත්තයට කඩේ යනවා කියන අයම, ඊ ළඟ පෝස්ට් එකේදී සුදු වෑන් වලින් පරෙස්සම් වෙන්න කියනවා. ඒ කියන්නේ මම දෙපැත්තම විවේචනය කරණවා කියන එක. සමහර තැන් වල කෙලින්ම කියන්න බැරි දේ මම ව්‍යන්ගයෙන් කියනවා. මහින්ද ණය වෙලා කරන සංවර්ධණය තමයි ජේ ආර් රොනිත් එක්ක ඒකතු වෙලා කලෙත්. රොනී කාටුන් වල ඇන්දේ පාත්තරයක් අරගෙන හිඟමනේ යන විදියට, අද මහින්ද මහත්තයා අඳින්නෙත් ඒ විදියට. කොතරම් ප්‍රශ්ණ තිබුනත් ඔහු අපේ රටේ නායකයා, ඔහුව ශිෂ්ඨ ලෙස ඇමතීම අපි රටට කරනා ගෞරවයක්, හරියට සිවුරට දක්වන ගෞරවය වගේ. 94 සිට රටට යමක් කළේ රාජපක්ෂවරු කියන එක මම ඕන තැනක කියනවා. අනික් ඔක්කෝම සත පහක වැඩක් නැති උන්. ඒක තමයි මහින්දට උන කරුමය. එක කොන්ද පන තියෙන එකෙක් හිටියනම් මහින්දව හදාගෙන රටත් හදන්න පුළුවන්.

      බ්ලොග් ලියන නිදහස ගැන කතා කලේ මහින්ද දීපූ නිදහසක් ගැන නෙමෙයි. ප්‍රභා සහෝ කොළඹ තියපු බෝම්බ 3 කින්ම නූලෙන් බේරුන මම. එය හිටියනම් අද ඉඳීද කියන කාරනය උඩ. ඒක නැති කලේ මහින්ද මහත්තයා කියන එක කවුරුත් පිලිගන්න ඕන. ඒත් නලීන්ගේ පෝස්ට් එකක නලීන් ලොක්කගේ උපන් දිනේට සුභ පතලා දාපූ පෝස්ට් එකේ ලස්සන කොමෙන්ට් එකක් තිබුනා. මට මතක විදියට තමන්ගේ ගෙට ආපු හොරා අල්ලලා දීපු එහා ගෙදර එකෙක් ගැන. ඊට පස්සෙ අර හොරා අල්ලලා දීපූ එක කියකිය හැමදාම කරදර කරපු කතාවක් ගැන. අන්න ඒ කතාවනම් හරියට හරි. මොකෝඅ මහින්ද මහත්තයා ගාව තමත් තොයෙන්නෙ යුද්දේ සුද්ධ කරපු සද්දේ විතරයි. ඔය පාරවල් එයාර්පොර්ට් හදලා විතරක් මදි. නිෂ්පාදන අංශය දියුණු නොකර රටක් ගොඩ ගන්න බෑ...

      Delete
    16. @මාතලන්,

      ඔබ සමඟ එකඟයි. මේ ළාමක ටිං ටිං නංගිලා මල්ලිලා අඩු ගනේ මේවා කියවලාවත් හැදෙනවා නම් අගෙයි.

      Delete
    17. නැහැ ඔබ කියන දේ එතරම් කාලෝචිත නැහැ. මොනම දේ කළත් හාමුදුරුවරු එය වසා ගැනීමට “මට ගරු නොකළාට කමන්නෑ, සිවුරට ගරු කරපල්ලා කීවා“ අවසානයේදී (එම කාලයේදී) රටේ එක උපසම්පදා භික්ෂුවක්වත් නැති වූවා. අපට සිවුරට ගරු කළ යුතුනම් ගෙදර ගෙනවිත් සිවුරක් තබා ගන්නවා. නැතිනම් සෝදා වනා ඇති සිවුරකට වදිනවා.
      මහින්ද මහතා ගැනද කිව යුත්තේ එයමයි. ඔහුට ලකුණු ලබා දී තවදුරටත් පීඩනයට හසුවී සිටින මිනිසා අමතක කරවන්න බැහැ. යුද්ධය කියන කාරණේ උවද සියලු ගරු ඔහුට දිය නොහැකියි. එයට සහය වූවෝ තව සිටී. දෙවන ලෝක යුද්ධය පවා විකුණන් කෑමට පාලකයන්ට වසර හතරකට වඩා බැරි වූවා. නමුත් දැන් එය කථා කරමින් අනිත් වැරැදි යට ගසන්න බෑ. යුද්ධය යනු ඔහුගේ පැත්තට ඇති එක කාරණයක් පමණයි.
      පාරවල් සෑදීම ගැන කියන්න දෙයක් නෑ. චීනයට 02 යි අපිට එකයි. ඒ කියන්නේ ලංකාවේ ආයතනයකට පාරේ ටෙන්ඩරය දුන්නානම් චීනයට දෙන මුදලෙන් බාගයයි වැය වනුයේ. චීනය කරනුයේ ප්‍රොෙජක්ට් එක එයාලා අරගෙන ලංකාවේ කොම්පැනියකට 50% ක ලාභයක් තියාගෙන දෙන එක. කවුද මේ සල්ලි ගෙවන්නේ.... අපිම නොවේ ද.... අනෝලා විතරක් ඒ සල්ලි ගෙවනවානම් අපිට ප්‍රශ්නයක් නෑ....

      Delete
    18. Anonymous ලා ගෙවයි සල්ලි. (මමත් Anonymousකෙනෙක් තමයි). හික් හික්.

      Delete
    19. Anonymous ලා ගෙවයි සල්ලි. (මමත් Anonymousකෙනෙක් තමයි). හික් හික්.

      Delete
  6. සුපිරිම සංවාදයට මං පෙත් හෙළි කළ මාතලංට ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් පැමිණියාට. උඹලට තමයි ලොක්කව යන්තම් හරි හදන්න පුළුවන් බෙල්ල කපාගන්නේ නැතිව පුලුවන් තරම් නිවැරිදි මාවතට හැම තිස්සෙම හරවන්න බලපන්.

      Delete
  7. හපොයි ඉඳහන් ඉඳහන් එනවමයි හවස් ජාමේ.. මේ වෙලාවේ නම් කරන්න වැඩ ගොඩයි. ඒ නිසයි ය්නනේ...

    ReplyDelete
  8. මේ බ්ලොග් රචකයාගේ සන්නිවේදනය ඉතාම දුර්වලය. කිසිම දෙයක් සංවිධිතව කියා ගැනීමේ හැකියාවක් නැත. අනවශ්‍ය වල්පල් මේ වාදය තුළට ඇදී ඇවිත් ඇත්තේ ඔහුගේ සන්නිවේදන හැකියාවේ දුර්වලත්වය නිසාය.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ නිවරිදියි. මටම හිතාගන්න බෑ ඇයි මත එක්ක සමහරු ඇරගන්න එන්නේ කියල.

      Delete
    2. කියන දේ පැහදිළිව කියන්න. ඔබට කතා කරන්නට අවශ්‍ය මහින්දගේ ඒකාධිපතිත්වය ගැන නම් ඒ ගැන කතා කරමු. ජේ. ආර්. ජයවර්ධන හෝ ආර්ථික කාරණා එයට සම්බන්ධ නැත. (ඉතාම දරුණු ඒකාධිපතියකුට වුව රටක් ආර්ථික වශයෙන් සංවර්ධනය කළ හැකිය. රටක ආර්ථික සංවර්ධනයට ඒකාධිපතිකම බාධාවක් නොවේ. x හිතන විදියට එය එක්තරා ආකාරයක රුකුලක්ද වේ.) මහින්ද රට ආර්ථික වශයෙන් සංවර්ධනය කළ බව ඔප්පු කළ හැකි කාරණාවකි. (ඔහු පමණක් නොව මා ඉහත සඳහන් කළ සියළු නායකයින් තමන් රට භාර ගන්නවාට වඩා වැඩියෙන් දියුණු රටක් ඉතිරි කොට දී තිබේ.)

      Delete
    3. IMF හිතන විදියට එය එක්තරා ආකාරයක රුකුලක්ද වේ.

      Delete
    4. විශාල ව්‍යාපෘති යටිතල පහසුකම් නය සහ ආධාර යටතේ හදපුවා 2020 දී පමණ මේ නය මුදල් mature වෙන කොට මේවා රටට මුදල් සොයන යටිතල පහසුකම් බවට පත්වූ පසු ඔබට මේ කතාව කියන්න අයිතිය ඇත.දැන්ම ඉක්මන් වෙන්න එපා. කොහොමත් ඔබ ඇනෝ ලෙස කියන කතා හරිගියත් වැරදුනත් වගකීම ගන්න කෙනෙක් නෑ මම කියන දේට මම වග කියනවා. ඔබ ඇහැට පෙන දේ බඩට දැනෙන දේ දියුණුව ලෙස සැලකුවට මම එය දියුණුව ලෙස සලකන්නේ නෑ.නයට අරන් ගේ වටේ ලයිට් දැම්මම එළියයි තමයි.නයට ගෙනත් කුකුලෙක් කෑවම බඩ පිරිනව තමයි.ඔයාගේ කොහොම හරි බඩ පිරිලා ඉතින් ඔයාට සන්තෝෂයි.මම ඔයාට වඩා වෙනස්
      සැම දෙනාටටම නීතියේ සාධාරණත්වය
      අදහස් ප්‍රකාශනයේ හැකියාව
      හිගන්නාගේ පොඩි සල්ලි පොල්කට්ටේ සිට ධනවතා දක්වා පුද්ගලික දේපල වල ආරක්ෂාව තහවුරු වීම වගේ දේවල් ලැබෙනවනම්
      මෙගා යටිතල පහසුකම් වලින් ආදායම් උපයනවානම්
      එවිට මම එය දියුණුව කියල කියනවා.

      Delete
    5. බස් හෝල්ට් වල ඉන්න මිනිස්සුත් ඔය වගේ කතා කියනවා. පීලි පනින්නේ නැතුව කතා කරන්න. රටක ආර්ථික දියුණුව මනින දර්ශක තියෙනවා. ඒ සේරම අමතක කරලා ඔය වගේ හිතළු කතා කරන එකම කොට්ටාසයයි මම දන්නේ ඒ වම්මු. කැමැති නම් ඔවුන් එක්ක එකතු වෙන්න.

      Delete
    6. රටක ඉලක්කම් වලින් පෙන්වන ආර්ථික දියුණුව සමග මගේ මේ ලිපිය සම්බන්ධ නැත පීලි පැන ඇත්තේ ඔබයි.ආර්ථිකය මෙම සංවාදයට අදාල වන්නේ එකම ස්ථානයකට පමණි එනම් නියම විදියට අඩිතාලමක් නොදා (මෙහි අඩිතාලම යනු - බුද්ධිමය,දේශපාලන, ව්‍යවස්ථා සහ ආයතනික පදනම ) බිත්ති බදින ගෙයක් වගේ ආර්ථික ලිබරල් කරණය කරාම ඒක අවසන් වන්නේ අද ලංකාව වගේ තැනකින් කියන එකයි. අද ලංකාව අවුලක් නොවෙයි මාරයි නියමයි මර දියුණුවක් කියන ඔබ සමග බස් හෝල්ට් වල කරන කතා තරම්වත් සංවාදයක් කල නොහැක. මගේ පීලි පැනීම බැලීමට ඔබ ළිදෙන් එලියට ආ යුතුය. කරුණාකර මම නොව හැකිනම් ඔබ කියන මහා දියුණුව ගැන (ආර්ථික දියුණුව මනින දර්ශක )හිටපු මහා බැකු නියෝජ්‍ය අධිපති කියන දෙයින්වත් ඉගෙන ගන්න.මෙන්න ලින්ක්
      http://www.ft.lk/wp-content/uploads/2012/04/DFT-111.jpg

      http://www.ft.lk/wp-content/uploads/2012/06/DFT-131.jpg




      Delete
    7. මුලින්ම කියන දෙයක් පැහැදිළිව කියන්න ඉගෙන ගන්න. ආර්ථිකය අදාළ නැත්නම් ආර්ථිකය ගැන පෝස්ට් එකේ කතා නොකර ඉන්න කිව්වේ ඒක තමයි. ඔබට යමක් පැහැදිළිව කියන්න බැරි වුනාම ඒකෙ වරද වෙන අයට පවරන්න එපා.

      /අද ලංකාව අවුලක් නොවෙයි මාරයි නියමයි මර දියුණුවක් කියන ඔබ සමග.../

      දෙවනුව වෙනත් කෙනකු සමඟ වාදයට පෙර ඔහු/ඇය කියන්නේ මොනවාද තේරුම් ගන්න. දැන් මා කොහෙද මෙහෙම කතාවක් කිව්වෙ? මගේ තර්කය ඒකාධිපතිකම හා රටක ආර්ථික දියුණුව අතර ඍජු සම්බන්ධයක් නැති බවයි. ඒක ගැන කතා කරන්න. නියෝජ්‍ය අධිපතිගේ බැරිනම් වෙන කාගේ හෝ අදාළ නැති කතා අරගෙන එන්න එපා.

      ඔය පොත් වල තියෙන දෙවල් ගෙඩි පිටින් ගිලලා දිරවා ගන්න බැරි වුණාම වෙන දේවල් තමයි මේවා. තියරියක් තියෙනවා. ඔබන්න තැනකුත් ඕනෑ. ඉතින් ඒක ඔබනවා පුළුවන් හැම තනටම.

      Delete
    8. //මගේ තර්කය ඒකාධිපතිකම හා රටක ආර්ථික දියුණුව අතර ඍජු සම්බන්ධයක් නැති බවයි//
      ඉතින් ඇනෝ ඔයා ඔය තර්කය මෙතන කරන්නේ ඇයි කවුද ඒකාධිපතිකම හා රටක ආර්ථික දියුණුව අතර ඍජු සම්බන්ධයක් තියනවා කියල කිව්වේ?
      //දෙවනුව වෙනත් කෙනකු සමඟ වාදයට පෙර ඔහු/ඇය කියන්නේ මොනවාද තේරුම් ගන්න. දැන් මා කොහෙද මෙහෙම කතාවක් කිව්වෙ?//
      එහෙනම් ඒ ඉහත ලංකාව මාර දියුණුයි කියන ඇනෝ වෙන ඇනෝ කෙනෙක් ඔබ නොවෙයි ඒ මේ අනොලා කවුදයැයි පැටලිලි ලිහන්නට මට වෙලාවක් නැත ඔබ කෙනෙකු නොව ඇනෝ කෙනෙකි ඇනෝ කෙනෙක් හා වාද කල නොහැක කල හැක්කේ ආතල් ගැනීම පමණකි

      Delete
    9. /ඇනෝ කෙනෙක් හා වාද කල නොහැක කල හැක්කේ ආතල් ගැනීම පමණකි /

      කාරණා වලින් වාද කරන්නට බැරි විට පළා යන්නට හොඳ මාර්ගයකි මේ.

      Delete
    10. අනේ අනෝ! මචං උඔ ආතල් ගන්නවත් එන්නේ නැ වාගේ........... කොයි මේ යකා

      Delete
  9. @Nirmala Madushani,

    ඔබේ බොළඳකම ගැන අනුකම්පා කරමි.

    ReplyDelete
    Replies
    1. මට කිසිවෙකුගේ අනුකම්පාවක් අවශ්‍ය නොවේ. එය ඔබ තබාගන්න. සමාන්‍යෙයන් අනෝලා අදහස් දක්වන්නේ කිසිදු සංයමයක් නැතිව. සමාන්‍යෙයන් සංවාදයකට වල්-වල් එකතු වනුයේ අනෝලා නිසා. එය මෙම අවස්තාවේත් පෙන්නුම් කරනවා.
      මෙයට replay කවුරුන් හෝ කලාට මට පිළිතුරු දීමට කාලයක් නැහැ. පසු බැසීමක් නොව....
      සත්තකින්ම උදිතගේ ලිපිය හරවත් බව අවසන් වශයෙන් කියා සිටිනවා.

      Delete
    2. /සමාන්‍යෙයන් අනෝලා අදහස් දක්වන්නේ කිසිදු සංයමයක් නැතිව. සමාන්‍යෙයන් සංවාදයකට වල්-වල් එකතු වනුයේ අනෝලා නිසා. එය මෙම අවස්තාවේත් පෙන්නුම් කරනවා./

      කරුණු වලින් කතා කරන්න බැරි කොට බ්ලොග් අවකාශයේ බොහෝ දෙනා එන තැනකට තමයි ඔබත් ඇවිත් තියෙන්නේ. නැවත ඔබේ ලාමක ටිංටි කම ගැන අනුකම්පා කරමි.

      Delete
  10. බොහෝ කොමෙන්ට් වල කියැවෙන පරිදි, ශ්‍රී ලංකාව තවමත් පූර්ණ ඒකාධිපති පාලනයකට ගිහින් නැහැ කියන මතයට මාත් එකඟයි. නමුත් එයිත් කිසිසේත්ම ඇඟවෙන්නෙ නෑ, අපි ඉන්නෙ හොඳ තැනක කියන එක.

    දැන් අපි මූලිකම නියාමය අරගත්තොත්, විපක්ෂ බලවේග සමගි කිරීම කියන තැනදිම අපි අසාර්ථකයි. විපක්ෂ දේශපාලන පක්ෂ ගත්තොත්, ඒ හැම එකටම මහින්දව පරාජය කිරීමේ උවමනාව තියනවා, නමුත් විපක්ෂයක් විදිහට සංධානගත වෙන්න බැරි තරම් බෙදීමක් ද විපක්ෂයේ පක්ෂ අතර තියනවා. අපි තේරුම් ගනන් ඕනේ දෙයක් තමයි, අපි මේ අත්දකින්නේ ලෝකයේ මෙතෙක් නොදුටු ආකාරයේ ඒකාධිපති ගමනක් වෙන්න පුළුවන් කියන එක. විපක්ෂයේ බල බිඳින්න මහින්ද ගෙනියන වැඩ පිළිවෙල, සාමාන්‍ය අපි දන්න ඒකාධිපතියන් එක්ක සම කරන්න ටිකක් අමාරුයි. එතනදි භාවිතා වෙන්නේ ප්‍රචන්ඩත්වය විතරක් නෙමෙයි. ඔහුගේ ශූර කපටි බුද්ධිය ඒ සඳහා යොදවනවා. අද රටේ තත්වය අරන් බැලුවොත්, ඒ ඒ පක්ෂයට, ඒ ඒ ජන වර්ගයට, ආගම් වලට ඕනෑම දෙයකට තමන්ගේ පැවැත්ම හෝ ඒ හා සම්බන්ධ දේවල් පිළිබඳ ප්‍රශ්න තියනවා. එතනින් ඔබ්බෙහි පොදුවේ තියන ප්‍රශ්නය ඔවුන්ට නොපෙනෙනවා නෙවෙයි, නමුත් ඒ කෙරෙහි ඇති තරම් ශක්තියක් යොදවන්න බැරි තරමට, ඔවුන්ට ඇතුලත ප්‍රශ්න තියනවා. සමාන්‍ය ජනතාවටත් ප්‍රශ්න තියනවා, නමුත් ඒ ප්‍රශ්න ඇතුලෙම ඔවුන්ට එල්ලිලා ඉන්න යම් යම් දේත් තියනවා. එහෙම ගත්තහම, අද තියෙන්නේ දේශපාලනික වශයෙන් ජවයක් ගොඩ නැගෙන්න ඉඩ අඩු පරිසරයක්. රාජපක්ෂලාගේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ එහෙමයි. මිනිසුන්ට පැට්‍රල් ගන්න අමාරු උනත් යන්න හයිවේ තියනවා. කන්න අමාරු උනත්, බලන්න සැණකෙලි තියනවා. අනික ඔවුන්ගේ බලයට එරෙහිව මතුවෙන ඕනෑම බලයක් මඩින්න තරම් ශූර කමක් ඔවුන්ට තියනවා.

    දැන්, අගවිනිසුරු සම්බන්ධ ප්‍රශ්නයේදි, එහි පොදු සමාජයට ඇති වැදගත් කම අවම කරලා, නීතිඥයන්ගේ (සාමාන්‍ය මිනිසුන් පිළිකුල් කරන ) ක්‍රියා කලාපය, ශිරාණි නැමති පුද්ගල චරිතය මතු කරලා ඒ ප්‍රශ්නය ලඝු කරලා, පුළුල් ජවයක් ඒ වටා රොක්වන එක වලක්වල තියනවා. අපි කියවන දේශපාලන බ්ලොග් බොහොමයක පවා මතුවෙන්නෙ මෙය පොදු සමාජයට බලපාන ප්‍රශ්නයක් විදිහට නොවෙයි. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සටනටත් උනේ ඒ දේමයි. මාස තුනක් වැනි දීර්ඝ කාලයක් පැවති සටනට, විපක්ෂ බලවේග වල සහාය උපරිමයෙන් ලැබුනා නම්..... කොහොමහරි පිළිගන්න වෙන දෙයක් තමයි... යම් බලවේගයක් මර්දනය කරන්න, ප්‍රචන්ඩත්වයත් යහමින් පාවිච්චි කරන අතරේ, මතවාදීව එහි කොඳු නාරටි බිඳින්නත්, ඊටම සම්බන්ධවූවන් මගින්ම එහි බලය හෑල්ලු කරන්නත් සමත්, යාන්ත්‍රණයක් රාජපක්ෂලා සතු බව. ඔවුන්ගේ මේ යාන්ත්‍රණය පවතින තාක්, ඔවුන්ට එරෙහි බලවේගයක් ගොඩනගන්න ඉතාම අසීරුයි. එවැනි ජවයක් තමා වටා එක්කර ගන්න පුළුවන් කිසිම නායකයෙක් විපක්ෂ වල නැහැ.

    මේ මූලධර්ම තුන සහ පියවර පහ ගැන මගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත්, ඒ විපක්ෂ බලවේග එකමුතුව කියන පලමු මූල ධර්මයම අපිට විශාල ගැටළුවක්. කොටින්ම විකල්ප නායකත්වයක් සඳහා 'පොදු අවශ්‍යතාවයක්' රටේ තියනවද කියන ප්‍රශ්නයත් මට මතුවෙනවා.

    ReplyDelete
    Replies
    1. තිසර ස්තුතියි මා කතාකරන්න උත්සාහ කරපු සංවාදය ඇතුලේ ඔබ කතා කිරීම නිසා මං කියන්න හදන දේ යන්තම් හරි සන්නිවේදනය වෙලා තියනවා කියල හිත සනසවගන්න පුළුවන්.
      ඔබ හරි අගවිනිසුරු සම්බන්ධ ප්‍රශ්නයේදි මහින්දගේ ගැටයට බ්ලොග් ලියන මාතලන් පවා අහුවෙලා.
      ඔබ නිවරිදියි. මහින්ද කියන්නේ මහින්ද රාජපක්ෂ නම් දක්ෂයෙක් එකයි එයා එතන ඉන්නේ සහ ඇනොලා ඔහු වෙනුවෙන් දිවි හිමියෙන් මාත් එක්ක ඇර ගන්න එන්නේ .නිර්මාල් ලගේ අරගලය සම්බන්දයෙනුත් ඔබ නිවරිදියි.
      විපක්ෂ බලවේග එකමුතුව කරන්න නම් මුලින් මැද ඉන්න කුඩා පිරිසක් කණ්ඩායමක් ලෙස මණ්ඩලයක් සැදිය යුතුයි. උදාහරණයකට අචාර්ය නිර්මාල්ට වී.වී සහ ශිෂ්‍යයින් නියෝජනය කරමින් මේ මණ්ඩලයේ සාමාජිකයෙක් වෙන්න පුළුවන් අධිකරණය නියෝජනය කරන්න විජයදාස රාජපක්ෂ වගේ කෙනෙක් ඒ පැත්තෙන් එකතු කරන්න පුළුවන් ආදී වශයෙන් මෙහෙයුම් මධ්‍යස්ථානයක් සැදිය යුතුයි.

      Delete
    2. තිසරගේ කමෙන්ට් එක ඇතුලේ මම මුල ඉඳලම මේ සංවාදය කියවගෙන යද්දි මට කියාගන්න ඕනේ උන දේවල් ගොඩක් තියෙනවා.. ඇත්තටම මම මේ වැදගත් සංවාදය කියවලා පැත්තකට වෙලා හිටියේ මේක ගැන කතා කරන්න තරම් දේශපාලනික දැනුමක් මට නැති නිසා...

      තිසර කියන දෙයින්ම උපටුලා මං මගේ අදහස් ඉදිරිපත් කළාට තරහා වෙන එකක් නෑ කියලා හිතනවා.. ;

      ///එවැනි ජවයක් තමා වටා එක්කර ගන්න පුළුවන් කිසිම නායකයෙක් විපක්ෂ වල නැහැ. /// මෙන්න මේක තමයි මගෙත් අදහස..

      ඒවගේම ////විකල්ප නායකත්වයක් සඳහා 'පොදු අවශ්‍යතාවයක්' රටේ තියනවද කියන ප්‍රශ්නයත් මට මතුවෙනවා./// මෙතනදි පොදු අවශ්‍යතාවයක් තිබුනත් වැඩක් නෑ සාර්ථක විකල්පයක් නැත්තම්... දැනට ඉන්න හැම විකල්ප පුද්ගලයෙක්ම ඇඩු වැඩි වශයෙන් මහින්ද රාජපක්ෂගේ දක්ෂතා නැති, ඔහුගේ තියෙන දුර්වලතා සහිත අය , කොටින්ම කිව්වොත් මහින්දටත් අන්ත අය, බව පේන්න තියෙන නිසා...

      අපි මේවා කොච්චර කතා කළත් වැඩක් නෑ කියලා හිතෙන්නේ මෙහෙම කතා කරද්දි සංවාද යනවා විතරක් වෙන නිසා... නමුත් උදිත පෝස්ට් එකේ ඉදිරිපත් කරලා තියෙන සංවාදය හරිම සිත්ගන්නා සුළුයි.. මෙහෙම දේවල් තියෙනවා කියලා බහුතරයකට තේරුම් කරලා දෙන්න වත් බෑ නේ මේවා බ්ලොග්වලට සීමා වෙලා තියෙන නිසා... අඩුම ගානේ පත්තරේකින් වත් මේවා ගැන කතා කරනවා නම්....

      Delete
    3. //මෙතනදි පොදු අවශ්‍යතාවයක් තිබුනත් වැඩක් නෑ සාර්ථක විකල්පයක් නැත්තම්... දැනට ඉන්න හැම විකල්ප පුද්ගලයෙක්ම ඇඩු වැඩි වශයෙන් මහින්ද රාජපක්ෂගේ දක්ෂතා නැති, ඔහුගේ තියෙන දුර්වලතා සහිත අය //

      ඒක තමයි අනේ මහින්ද විතරමයි ලංකාවට ගැලපෙන නායකයෙක් ඉන්නේ . වෙන කාටවත් මහින්ද තරම් දෙයක් කරන්න බෑ . මහින්ද හොඳා...යි .අපි නම් දෙන්නේ මහින්දටම තමා ..හි හි

      Delete
    4. /විපක්ෂ බලවේග එකමුතුව කරන්න නම් මුලින් මැද ඉන්න කුඩා පිරිසක් කණ්ඩායමක් ලෙස මණ්ඩලයක් සැදිය යුතුයි. උදාහරණයකට අචාර්ය නිර්මාල්ට වී.වී සහ ශිෂ්‍යයින් නියෝජනය කරමින් මේ මණ්ඩලයේ සාමාජිකයෙක් වෙන්න පුළුවන් අධිකරණය නියෝජනය කරන්න විජයදාස රාජපක්ෂ වගේ කෙනෙක් ඒ පැත්තෙන් එකතු කරන්න පුළුවන් ආදී වශයෙන් මෙහෙයුම් මධ්‍යස්ථානයක් සැදිය යුතුයි./

      මාරයි නේද? මේ බේතට ඉබි පිහාටු ටිකකුයි, කෝඳුරු තෙල් හත්පට්ටයකුයි එකතු කළා නම් පංකාදු පහයි. මාර මොළයක් තමයි ඔයාටත් තියෙන්නේ. වැඩිය තෙමෙන්න එපා. හේදිලා යයි.

      Delete
    5. @AnonymousDecember 23, 2012 11:43 PM
      ඔබ නියම ලංකාවේ පොරක්. ලංකාවේ මිනිස්සුන්ට තියන දර්ශීය ලක්ෂණ තියනවා. ඇනෝ මහත්තයෝ මගේ මොලේ ආරක්ෂාව ගැන කරදර නොවී මෝඩ අපිට අනුකම්පා කරලා ඉබි පිහාටු කෝඳුරු තෙල් ඕන වෙන්නේ නැති ඔයාගේ බේත මොකද්ද කියල කිව්වනං අපිටත් ඉගෙන ගන්න. සමාවෙන්න අපි මේ මෝඩ කමට කියන කතා...

      Delete
    6. අනේ බුවා.. ඇයි මේ......

      Delete
    7. ඕනෑම රටක රාජ්‍ය නායකයකු, විශේෂයෙන් මහින්ද වැනි සාපේක්ෂව ජනප්‍රිය නායකයකු (ප්‍රබල විපක්ෂ බලවේගයක් වත් නැති කොට) මෙන්න මේ පියවර පහෙන් බලයෙන් පහ කරන්න පුළුවන් කියලා කියන සරල විසඳුම් ඉදිරිපත් කරන්නට නොයමි. ඕවා ඔහොම සරල විසඳුම් ඇති ප්‍රශ්න නොවේ. ක්‍රස්තෝ බලයෙන් පහ කරන්නට පසුගිය වසර 50 තුළ ඇමෙරිකන් ජනාධිපතිවරුන් දහයක් පමණ උත්සාහ ගත්හ. ඒ කිසිවකුට සාර්ථක විය නොහැකි විය. ඇයි? හිතන්න. ඔය ඔළු ගෙඩියක් තියෙන්නේ ඒකටයි.

      අනෙක් අතට මහින්ද බලයෙන් පහ කළා කියලා ප්‍රශ්න සියල්ලක් බලා හිටියා වගේ අවසාන වේයැයි සිතන්ට තරම් මම මෝඩයෙක් නොවෙමි. යූ.එන්. පිය පරද්දා 1994දී චන්ද්‍රිකා බලයට ගෙන එද්දීත් කස්ටිය හිතුවේ ඔහොමය. මහින්ද පෙරළා දමා ගෙන එන එකා මහින්දටත් වඩා අන්ත ඒකාධිපතියෙක් වෙයි. එනිසා විසඳුම මහින්ද පෙරළා දැමීම නොවේ. (මහින්ද කොයි තරම් ලොකු ඇණයක් වුණත්)

      රටක් ඒකාධිපතිත්වයට ගමන් ගැනීම ලෙහෙසියෙන් වළකා ගත හැකි ආකාර නොවේ. නිර්මාල් රංජිත් හා විජේදාස රාජපක්ෂ එකට දමා අඹරා ඊට බෙහෙත් දිය නොහැකිය. මෙය දීර්ඝ කාලීනව සිදුවිය යුතු, සංකීර්ණ ක්‍රියාවලියකි. අප ව්‍යවස්ථා වෙනසක් කරා ගමන් කිරීම අනිවාර්ය වන අතර ව්‍යවවස්ථා වෙනසකින්ම වුවද (මහින්ද ඊට කැමැති වේයැයි සිතිය නොහැකිය.) ප්‍රශ්නය සහමුලින්ම නොවිසඳේ.

      කෙසේ වෙතත් මැජික් බුලට් විසඳුම් ඉදිරිපත් කිරීමෙන් වැලැකී සිටිමි. රටේ බුද්ධිමතුන් කියලා කොටසක් වේ නම් ඔවුන්ගේ උනන්දුවෙන් අන්තර්ජාතික ප්‍රජාවේ මැදිහත්වීම සහිතව දීර්ඝ කාලීන විසඳුමක් ලැබෙතැයි සිතමි. නමුත් එය කෙසේ ලැබේද, කවදා ලැබේද කියා තබා ලැබේද නොලැබේද කියා වත් කියන්නට නොයමි.

      Delete
    8. @AnonymousDecember 24, 2012 12:21 AM
      ඔබ වැනි ඕන දේකට ඕක හරියන්නෑ කියන අය සහ දේවල් ඉබේ වෙනකම් හරි කවුරු හරි කරනකම් හරි බල ඉන්න ප්‍රමාණය තමයි ලෝකයේ වැඩි. මා කියන දෙය එකම සහ මේ දැන් කලයුතු ක්‍රමය නොවේ බොහෝ ක්‍රම අතරින් එකක් සහ කවදා හෝ මෙවැනි තැනකට තල්ලු වුවහොත් සලකා බැලීමට කරන එක් යෝජනාවක් පමණි.

      Delete
    9. මක් කිවා? ඔබ මාතලන්ගෙ බ්ලොග් එකේ ලිව්වෙ එහෙම නෙවෙයිනෙ. මෙන්න මම ආපහු දානවා.

      /මෙන්න ඕනෑ නම් ගෙදර යවන විදිය මම මෙතන කියා ඇත
      http://udithame.blogspot.com/2012/12/defeating-dictators-in-three-principles.html?spref=tw/


      මං හිතෙවෙ මෙන්න නියම පොරක් අදහන්න වටින කියලා. දැන් බලාගෙන යන කොට ඔබත් අර බස් හෝල්ට් වල දේශපාලනය ගැන කතා කරන අය වගේමයිනෙ.

      Delete
    10. @ උදිත
      අගවිනිසුරුතුමියට ගහපු ගැටයට මම අහුවෙලා කියන්නේ මම ලෝයර්ස්ලා ගැන ලියපු ළිපිය නිසා වෙන්න ඇති. නමුත් ඊට පෙර මම ලියපු ලිපියේ අගවිනිසුරු තුමිය හා මේ ක්‍රියාදාමය ගැන මගේ විවේචන මා පලකලා. ප්‍රශ්ණයක් උඩින් පල්ලෙන් අතගාලා බලන්න එපා. මුල ඉඳන්ම බලන්න. මේ ප්‍රශ්ණයේ මුල කොතනද? මහින්ද මහත්තයා අගවිනිසුරු තුමියටයි ලේඛම්ටයි එයා ගාවට එන්න කියනවා. ඒයා විධායක ජනාධිපති. ප්‍රශ්ණයක් තියෙනවනම් ගිහින් කෙලින්ම කතා කරන්න තිබුනා. නොගිහින් ඉන්න එක නෙමෙයි යුතුකම. සමහර විට එහෙම ගියානම් මේ සිඳුවීම් එකක්වත් සිඳු නොවෙන්න තිබුනා. අධිකරණය මීට වඩා බලවත් වෙන්නත් තිබුනා. කෙසේ හෝ ඒ දෙය සිඳු උනේ නෑ. එහෙම කියලා පාර්ලිමේන්තුවේ ඉන්න හාල්පාරුවන්ට පිස්සු නටන්න දෙන්නත් බෑ.

      Delete
    11. @මාතලන්,

      අනේ අල්ලලා දාපන් බං. මේ ලාමක ටිං ටිං මල්ලිලා නංගිලා හෙට අනිද්දා මහින්දගේ ආණ්ඩුව පෙරළුවාම අපි දෙන්නවම හිරේ දාන්ඩ බැරි නෑ, රාජ ද්‍රෝහී ප්‍රතිගාමියොය කියලා.

      Delete
    12. @මාතලන් - විධායක ජනාධිපති එන්න කිව්වාම යන්න ඕනි . ඒ කියන්නේ රජකාලේ වගේ . එහෙම ගියා නම් ප්‍රශ්න නෑ . මාර ලොජික් එකක් තමයි ඒක . ඒ කියන්නේ ලොක්කා කියන විදිහට දෙන දෙයක් කාල ශේප් එකේ ඉඳහල්ලා . පොර විධායක ජනාධිපති . තොපි ඔක්කොම යටත් වැසියෝ

      Delete
    13. @මාතලන්
      මම අවංකව පිලිගන්නවා ලංකාවේ මහපාරේ ඇත්ත තත්වය පිටරටක ඉඳගෙන දන්නේ නෑ කියල. ඇත්තට පාරේ ඉන්න මාරයා , උඹල දන්නවා ඒක. මම මේකයි කියන්නේ පරමාදර්ශ ආයතන අපි කඩල විනාශ කලොත් අපිත් විනාශයි. අධිකරණය ශ්‍රේෂ්ඨයි පාර්ලිමේන්තුව උත්තරීතරයි අපි මේ පරමාදර්ශී සංකේත ආයතන කුඩුකරලා දාන්න ඕන නෑ. රටක ජනාධිපති අතිගරුයි අර ලංකා ඊ නිව්ස් කාරයා මහින්ද එක්ක තරහට ඒකට කබරගොයාද මොකද්ද කියල අපහාස කරනවා. උඹත් ඒ තත්වයට වැටෙනවා අර විදියට රටේ අධිකරණ ක්‍රමයට පලු යන්න ගැහුවම බං. මෙතන තියෙන්නේ අධිකරණයේ ගැටළුවක් නොවෙයි දිවි නැගුම වැඩේ මුදල් පිලිබඳ ප්‍රශ්නයක්. උබ කියන විසඳුම තමයි අග විනිසුරුට තිබුන ගිහින් කතා කරලා තමන්ගේ මිනිහවත් දිවි නැගුමේ හොඳ කුට්ටියක් එන තනතුරකට දාල දිවි නැගුම මුදල් මහ පවුලේ අයට ඕන විදියට හසුරුවගන්න අපිට මොකද කියල ඔන්න ඔහේ විරුද්ධ නොවෙන තීන්දුවක් දීල දාන්න කියන එක. කෙලින් කතා කරලා එන්න පුළුවන් එකම විසඳුම එක නොවෙයිද?

      Delete
    14. ඔන්න උඹලට වැරදුන තැන.. ඕක නෙමෙයි මම කියන්නේ. ඒ වෙනකොට පුත්තලමේ අධිකරණයට ගල් ගහලා තිබුනේ. එයාලට ගිහින් කියන්න තිබුනා මේ දේවල වලට ඉඩ තියන්න එපා. එතකොට රටයි හෑල්ලු වෙන්නේ කියන් එක. බුවාට කියන්න තියෙන්නේ ධූරය ගන්න ලඟට එන්න හොඳනම් ජනාධිපති තුමා කතා කරාම එන්න බැරි ඇයි. උඹ කියන්නේ ජනධිපති යන්න ඕන සී ජේ ළඟට. මරු කතා මේවනම්. සී ජේ ට තිබුනා ජන සවියේ මුදල් වලට අත තියන එක වැරදියි කියලා පෙන්වන්න. කොහොමත් මචෝ ඔය ආයතන තුම අද විකාරයක් වෙලා ඉවරයි.. ඒත් මේ දේ මෙහෙම උන එක හොඳයි.. කාගේ කාගෙත් රඟේ බලාගන්න පුළුවන්. අපි දැන ගෙන උන්නේ ජනාධිපති තුමා විතරයි උසාවි ගෙන්න බෑ කියලා. දැන් බැලුවම මන්ත්‍රිවරු ගේන්නත් බැරි සයිස් එකක්නේ තියෙන්නේ. ඕකට වග කියන්න ඕනෙත් අධිකරණය. උන් තම්යි ගෙම්බන්ට ලයිසන් දුන්නේ ආන්ඩුවට පනින්න.

      Delete
    15. මහින්ද සී.ජේ ලඟට එන්න ඕනිය කියල මම කිව්වද ? , අනික ගිහින් කිව්වාම අහන්න මහින්ද පොඩි එකා නෙවෙයි නේ , සි . දිවි නගන්න පටන්න ගත්ත දවසේ ඉඳන් චන්ද්‍රප්‍රේමලා ලවා අධිකරණෙට කොක්ක ඇද්දෙ නැත්නම් .මාධ්‍ය හරහා අධිකරණෙට නෙලන්න පටන් ගත්තෙ නැත්නම් දෝෂාභියෝගෙ උනත් චොර වෙන්නෙ නැතුව කරගන්න තිබුනා

      ප.ලි - මන්ත්‍රිවරු අධිකරණෙට ගෙන්න පුලුවන් , පාර්ලිමෙන්තුව කියන යුනිට් එක ගේන්න බෑ කියලයි කියන්නේ . ජනාධිපති තුමාට තියෙන්නේ පුද්ගලිකව කරන වරදකටවත් අධිකරණෙට ගෙන්න බැරි සුපර් පවර් එකක් !

      Delete
  11. නැ නෑ මේ ලිපියේ කිසිදු වැදගත්කමක් නෑ. මහින්ද වට්ටන්න කිසිම කෙනෙකුට බැහැ.

    ReplyDelete
    Replies
    1. සංවාදය අල කිරීමට තැත් නොකරන මෙන් ඉල්ලා සිටිමි. මහින්ද පුද්ගලයකු හැටියට වැට්ටීමෙන් ප්‍රශ්න ව්සඳේය විශ්වාස කරන්නේ නම් ඒ හාර්ඩ් කෝ යූ. එන්. පී. කාරයින් හෝ ජේ. වී. පී. කාරයින් පමණක් විය යුතුය. වැටිටිය යුත්තේ මහින්ද නොව ක්‍රමයයි. එය කිරීම සිතන තරම් පහසු නොවේ.

      Delete
    2. අඩේ බං දැන් උබයි මායි පැටලෙනවානේ. මට සංවාදේ අල කරන්න ඕන නෑ. මගේ නමින් ඉන්න උබත් අල වෙනකොට ඒක මටත් හොඳ නෑ නේ. මටනම් ඔය දෙකම වට්ටන්න ඕන. මම යන්ඤං මචන්.

      Delete
    3. ඇනෝ,
      මේ ඇනෝ අර ඇනෝමද කියන්න මම නිවරදිව දන්නේ නැහැ. නමුත් මෙහි ඇනෝ කොමෙන්ට් කියවූ පසු ඇනෝ මතය එක් අන්තයක වැතිරී තිබෙන ආකාරය ඉතාම පැහැදිලිව පෙනෙනවා.
      1. මහින්ද තමයි කෙනා ඔහුගෙන් තොර අනාගතයක් ලංකාවට නෑ.
      2. වම්මුන් හැමදාමත් පාලකයින්ට විරුද්ධයි. (ඔවුන් දන්නා දෙයක් නෑ. )
      3. මේ ලිපිය තුට්ටු දෙකේ එකක් .සංවාදයත් එහෙමමයි (ඒ වුණත් අපිත් මොනා හරි කියන්න එපායැ. )

      මොනවද මේ අදහස් වලින් පෙන්නුම් කරන්නේ ..විමල් වීරවංශ මාදිලියේ අදහස් මේවා. ඔහුට විධිමත් සංවිධිත අදහස් හෝ මතවාද තිබෙන බව ? ඉහත ඔහුගේ කොමෙන්ට් වලින් මතුකෙරෙන කාරණා තාර්කිකව ඉදිරිපත් කරන්නට ඔහු යාන්තමින් හෝ උත්සාහයක් ගෙන තිබෙනවාද ??අනෙක් උන් කියන්නේ හිතළුය කියමින් මේ රාජපකෂ්වාදී ඇනෝ ද හිතළු පමණක් පළකරමින් සිටිනවා.

      Delete
    4. /1. මහින්ද තමයි කෙනා ඔහුගෙන් තොර අනාගතයක් ලංකාවට නෑ./

      කොහෙද මෙහෙම දෙයක් කියලා තියෙන්නෙ කියන්නකෝ. මේක ඔය ගොල්ලන්ගේ ෆැන්ටසියේ කොටසක්. මුලින්ම ඔය ගොල්ලෝ මොකක් හරි තමන්ට කැමැති දෙයක් අනෙකාට ආරෝපනය කරනවා. ඊට පස්සේ ඒකට ගහනවා. මොකද වැඩේ ලෙහෙසියි.

      Delete
    5. @රතු රජරට,

      දැන් ඔය ගොල්ලන්ට මාර බයිනරි චින්තනයක් නේද තියෙන්නේ? ඔය ගොල්ලන් ප්‍රශ්න කරන ඕනෑම කෙනෙක් 'රාජපක්ෂවාදියෙක්'.

      මාරයි නේද? මේ කාගෙ චින්තනේද කියලා අමුතුවෙන් කියන්න ඕනැ නැහැනෙ.

      Delete
  12. ලංකාවේ බොහෝ බ්ලොග් රචකයින්/රචිකාවියන් සේම මේ බ්ලොග් රචකයාද 'සියල්ල දත්' කෙනෙකි. ඔහුට රටේ රාජ්‍ය නායකයා පළවා හරින්නටත් රනිල් වික්‍රමසිංහලා, සරත් ෆොන්සේකලා කවුරුත් ළඟ නැති මැජික් විසඳුම් තියේ. ඒ විසඳුම් ගැන කතා කිරීම පවා අවලාද අසා ගැනීමට සිදුවන දෙයකි. ඇනේ ඇත්තටම මේ ෆැන්ටසි වලින් අපේ මිනිස්සු එළියට එන්නේ කවදාද?

    ReplyDelete
    Replies
    1. ඉති මට යන්න දීහන් මචං. ඔබලා වාගේ පස්සට අදින මිනිස්සු නැති දවසට, ක්‍රමෙයි ලොක්කයි වෙනස් කරපුදාට මේ බ්ලොග් කාරයොත් උන්ගේ ෆැන්ටසියෙන් නිදහස් වෙයි. එතකන් උඹලා උබලාගේ ෆැන්ටසිය රැක ගන්න ට්‍රයි කරපල්ලා.
      රනිල් ලඟ විසදුම් නැතිව නොවේ බං. එත් ඒකාධිපති පාලනයක් වෙනස් කරන්න හිතන තරම් ලේසි නෑ. උන්ට කත් අඳන අඳ බාලයොත් ඉන්නවානේ.

      Delete
    2. එහෙම උනොත් ෆැන්ටසි නොමැති real විතරක් තියන ලෝකය මොනතරම් dull වේවිද ලොක්කා..
      දේශපාලනය යනු ෆැන්ටසිය ආධාර කරගෙන අරමුණ කරා යෑමයි. මගේ ෆැන්ටසිය ඒකාධිපති වැඩවසම් ලක්ෂණ වලින් තොර නිදහස් ධනවාදී දේශපාලන ආර්ථිකයක් ඇති ලංකාවකි. ෆැන්ටසිය මට ශක්තියකි.

      Delete
    3. ඔයාගෙ ෆැන්ටසිය ඒක නෙවෙයි. ඔයා 'සියල්ල දත්' හැම දේකටම කා ගාවවත් නැති විසඳුම් තියෙන්නේ ඔයා ගැන බව සිතීම. සොරි. ආතල් කැඩුවට. ලොකු පොරවල්නේ. (අඩු ගාණේ ලොකුයි කියනෑ හිතාන ඉන්නේ.)

      Delete
    4. උදිත,
      ඔන්න මට උඹත් එක්ක පැටළෙන්න වෙනවා. මොකද්ද මේ උඹේ අපූරු ෆැන්ටසිය?
      'නිදහස් ධනවාදී දේශපාලනික ආර්ථිකයක් ''මොන real ලෝකෙද මෙහෙම දේවල් තියෙන්නේ... මගේ අදහස නම් ධනවාදය තනිව යන ගමනකත් අදට වඩා වෙනසක් නෑ. ලංකාව වගේ බොරු නැතුව සමාජවාදී සමහර සංකල්පයන් ධනවාදී අර්ථක්‍රමය ඇතුළේ ගළපා ගත යුතුයි කියලයි මම හිතන්නේ.

      Delete
    5. අනේ Anonymous ඔබේ ෆැන්ටසියත් කියලා දාපන් බං.උචිතට කියලා කීවාට, උබටත් එක්ක වදින්න තමයි රතු රජරට මාර ටෝක්ස් එකක් දීලා තියෙන්නේ. නැතිනම් ඔබටත් තුනෙන් එකකවත් බලයක් නැති වෙයි. චාටර් නැතිව සංවාදේ අල කරන්නේ නැතිව මොනවා හරි කියහං.

      Delete
  13. ඉතින් අපි මේ ජනතාව ඉවත් කරලා අලුත් ජනතාවක් පත් කරගමුකෝ

    ReplyDelete
    Replies
    1. නේ බං. උබලා වගේ බරක්-පතලක් තේරුම් ගන්න බරි අය අයින් උනානම් හොදයි.

      Delete
  14. මචං අර ඇනෝනිමස් ඇවිත් කොමෙන්ට් කොටල යන *** ***** මහත්තයා කියන කථාව හරි.මහින්ද මහත්තයා හොදට ධනවාදය ක්‍රියාත්මක කරනව බං.මේ විදිහට නැතිව කොහොමද අපේ රටවල ධනවාදය කරන්නෙ කියහංකො.රනිල් කාරයා ඇවිත් නිකමට අර ඊයෙ පෙරේද කරපු නයිට් රේස් කරන්න ගියොත් මොන මගුලක් වෙයිද?රුසියන් ගෑණු ගෙනල්ල භාගෙට හෙලුවෙන් නැටෙවුවොත් සිංහල බෞද්ධ සමාජය එකා වගේනෙ බං නැගිටල කඩු කිණිසි අරගෙන එන්නෙ.දැන් කිසි අවුලක් නෑනේ.එක අතකින් නයිට් රේස් රුසියනු ගෑණු.අනිත් අතින් මහින්දයා ගිහිං හාමුරුවන්ට වදිනව.සිංහල බෞද්ද *** ***** වගේ අයට හොද මේ වගේ එකක් තමයි.මූ වගේ තමයි රටේ පොදු ජනතාව බං.උන්ට නව ලිබරල් ධනවාදෙන් හම්බෙන රෙද්දක් නෑනෙ බං වැටෙන ඉදුල් ටිකක් මිස.මූ වගේ ඒකාධිපතියෙක් නැතිව කොහොමද සමාජය මේච්චල් කරන්නෙ.පුද්ගලික කැම්පස් දාන්න යනකොට රෙද්ද උස්සගෙන එන කැම්පස් එවුන්ට අන්තරේට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ගියොත් කොහොමද බං ඒව අරින්නෙ.උන්ගෙ ඇ‍ට කුඩු කරන්න වෙනව නෙව.යාපනයේ ඉඩම් ටික කොම්පැනි වලට දෙනකොට එහෙ එවුන් බම්බු ගහන්න එන එක නතර කරන්න පුලුවන් හමුදා පාලනය දාල මිස වෙන කොහොමද?එහෙම කළාම *** ***** මහත්තයාට යාපනේ ගිහිල්ල නාග‍දීපේ වැදල ආතල් එකක් අරගෙන එන්න පුලුවනි.ධනවාදෙයි වැඩවසම් වාදෙය් මචං අපේ රටවල මිශ්‍ර වෙලා තියෙන්නෙ.උඹ දකින පිරිසිදු ධනවාදී හීනය මචං ලස්සනයි ඒත් ඒක හීනයක් විතරයි.උඹේ රනිල් ජීවිතේට බලයට එන්නෙ නැහැ.ඒ හින්ද සිස්ටම් එක හරියට කොරන එකාට ඒක කොරගන්න දීල *** ***** ට උට පුක දීල කීයක් හරි හොයාගන්න දීල උඹ පැත්තකට වෙලා හිටපං.

    ReplyDelete
    Replies
    1. ඔං මචං.............. උබ මට ලකුණු දීලා තියෙනවා. ඒකට රොම්බ තැන්ක්ස්.
      එත් මේ අවසානෙ ලියලා තියෙන පුක නම් මම දෙන්න ගිහින් නෑ. ඒක මම ජරාව පිට කරන්න විතරමයි පාවිච්චි කරන්න. එකෙන් ජරාවනම් ඇතුල්කර ගන්නේ නෑ. අනිවා.
      හැබැයි රනිල් කොහොම උනත් ජේ. ආර්. ගොයියානාං එක යස අගේට කළා නේද. එහෙම කීවට දැන් එක වැඩියි. මුං හිටු කියලා රට සූරං කනවා. අයියෝ (අපේ) සල්ලි *************

      Delete
  15. Among the lessons is that there is no general tendency towards greater economic equality. Another is that the relatively high degree of equality seen after the second world war was partly a result of deliberate policy, especially progressive taxation, but even more a result of the destruction of inherited wealth, particularly within Europe, between 1914 and 1945. A further lesson is that we are slowly recreating the “patrimonial capitalism” – the world dominated by inherited wealth – of the late 19th century.

    .....................................


    For me the most convincing argument against the ongoing rise in economic inequality is that it is incompatible with true equality as citizens. If, as the ancient Athenians believed, participation in public life is a fundamental aspect of human self-realisation, huge inequalities cannot but destroy it. In a society dominated by wealth, money will buy power. Inequality cannot be eliminated. It is inevitable and to a degree even desirable. But, as the Greeks argued, there needs to be moderation in all things. We are not seeing moderate rises in inequality. We should take notice.



    http://www.ft.com/cms/s/2/0c6e9302-c3e2-11e3-a8e0-00144feabdc0.html#axzz2z7szxvzq

    ReplyDelete