Pages

Followers

Monday, December 17, 2012

අරුණි ශපිරෝ වෙත

අරුණි ශපිරෝ  එක්ක හැමදේකටම එකඟ වෙන්න බෑ ඒ වගේම ඇනෝ ඇවිල්ල කුණුහරුපෙන් නැතිව ශිෂ්ඨ විදියට විසංවාදය සංවාදයට ලක් කරන්නත් කැමතියි. දේශපාලන ආර්ථිකය කියන විෂය තුල නිදහස් වෙළඳ පොලට මම සම්පුරණයෙන් එකඟයි එත් සමහර තැන් වලදී තාම රජය  කියන ආයතනය අවශ්‍ය වෙනවා කියන එක පිළිගන්න වෙනවා.මෙම රජය අවශ්‍ය වෙන තැන පහල උදාහරණයකින් මම වෙනම පෙන්වා දෙන්නම් . 
නිදහස් වෙළඳ පොළ භාවිතයන්  සංකෘතික සමාජීය කාරනා වලදී නම් ඒ  විදියටම ඒ නිදහසම යොදාගන්න බෑ නේද? 
අරුණි ශපිරෝ පාසල් අධ්යාපනය වෙනුවට දෙමව්පියන් කැමති විදියට නිදහසේ ගෙදර අධ්‍යාපනය දීම වෙනුවෙන් කතා කරන කෙනෙක්.
 දැන් බලන්න පසුගියදා කනෙටිකට් ප්‍රාන්තයේ   සිදුවීමේදී මෙම දරුවා කුඩා කල පාසලේ ප්‍රශ්න ඇති කරගත් නිසා මව පාසල් යවන්නේ නැතිව ගෙදර අධ්‍යාපනය දීපු කෙනෙක්. මේ ළමයාගේ විශාල ඇස් දෙක දැක්කම තේරෙනව මානසික ආබාධිත බවක් තියනවා කියල. මානසික ආබාධිත තියන කෙනෙක්ට සුවිශේෂී විදියට උගන්වන ඒ ආයතනයක විද්වතුන් යටතේ මේ ළමයට ඉගැන්වුවා නම් මීට මේ දෙය සිදු නොවන්නට තිබුනා නේද? ඔහුගේ මව තීරණය කරනවා ඔහුට එයාම නිවසේ උගන්වනවා කියල. ගෙදර තියන තුවක්කු වලින් වෙඩි තැබීමේ පුහුණුවත් උගන්නනවා. දැන් අම්ම කෙනෙක් තමන්ගේ මානසික රෝගී පුතාට ආදරෙයි එයාට තමන්ගේ පුතා මානසික රෝගියෙක් විදියට දකින්නේ නෑ. ඒ වගේ වෙලාවක පුද්ගලික නිදහස කියන එක පාවිච්චි කරලා ගෙදර අද්‍යාපනය දීල වෙඩි තියන්න පවා ඉගැන්නුවා නමුත් මේ පුතා ගෙදර තමන්ගේ මවට විතරක් නොවෙයි වෙඩි තිබ්බේ පොදු ජන පරිසරයක් වන පාරට පාසලට ගිහිල්ල නේද අන් අයට වෙඩි තිබ්බේ.
අරුණි අක්ක ඔයාගේ ටිකිරි දුවට වෙඩි තියන්න උගැන්නුවාම ඒක ආරක්ෂාව කියන සිමාවේ බව ඇත්ත එත් නිව් යෝර්ක් වල තට්ටු ගෙදරක උඩ තට්ටුවේ ඉන්න කළු ගෑණි එයාගේ මදාවි පොඩි එකාට වෙඩි තියන්න උගන්වන ඒක ආරක්ෂාව නොවෙයි. මේ අයිතිය ගැන පහල ගෙදර ඉන්න තුවක්කු අල්ලන්න වත් අකමැති අහිංසක පවුලක් කැමති වෙන්නේ නෑ. තුවක්කු පාවිච්චි නොකිරීමේ අයිතියත් අයිතියක් නේ. පොඩි වයසට ගල් කැට වලිනුත් පාරේ යන උන්ට ගහන උඩ තට්ටුවේ එකාට ගෙදර අම්මගේ තුවක්කුව අහු උනොත් කොහොමද? පහළ ගෙදර උනුයි උඩ ගෙදර අයයි දෙගොල්ලොම එකම බිල්ඩිමේ පොදු පඩිපෙළ හරි විදුලි සෝපානය  නේ යන්න එන්න භාවිතා කරන්නේ.

ආර්ථික යේ දී නම් නිෂ්පාදන ක්‍රියාවලියේදී මෙහෙමයි රජය තව දුරටත් ඕන වෙන්නේ උදාහරණයකට මම විලක ඉස්සෝ ෆාම් එකක් දාගෙන  ඉස්සෝ වගාවක්  කරන ව්‍යාපාරිකයින් 4 දෙනෙක් ගන්නම්.  

සමන් කමල් නිමල් සහ සුනිල් ට මේ ඉස්සෝ ෆාර්ම් 4 අයිතියි . ෆාර්ම් එකකින් අයිතිකරුට මසකට රුපියල් 10,000/= ක ලාභයක් එනවා. 
මෙහෙම ෆාම් 4ම මාස කීපයක් කරගෙන යන කොට විලේ ජලයට ෆාම් 4ම අපද්‍රව්‍ය එකතු වෙනවා කලකදී මේ ජල දුෂණය නිසා විලේ කාර්යක්ෂම බව අඩුවෙලා ගිහින් ඉස්සෝ පලදාව අඩුවෙලා  4 දෙනාගේම ලාභය බිංදුවට බහිනවා.4 දෙනාම බංකොලොත්
දැන් ධනවාදයේ හොඳකම තමයි ධනවාදී නිෂ්පාදන තාක්‍ෂණය ඕනෑම ගැටලුවකට විසදුම් හොයා ගන්නවා මේ ප්‍රශ්නයටත් එහෙමයි. ඔන්න තවත් දක්ෂ ව්‍යාපාරිකයෙක් වන මාතලන් මෙතෙන්ට ඇවිල්ල කියනවා ඔයාලගේ  මේ ව්‍යාපාරයේ අපද්‍රව්‍ය කළමනාකරණය ට මං ළඟ විසදුම් තියනවා මගෙන් මෙන්න මේ මං විකුණන  වතුර ෆිල්ටරේ මාසෙකට සැරයක් මිලදී අරගෙන හැම ෆාර්ම් එකකකම හයි කරන්න හැබැයි මේක රු 3,000/=
 බංකොලොත් වෙනවට වඩා මේ යෝජනාව හොඳයි 10000/= නැතත් ෆිල්ටරේ ගාන ගියාම දැන් 7000/= ලාභයක් තියනවා. දැන් සමන් කමල් නිමල් සහ සුනිල් හතර දෙනාම ස්වේච්චාවෙන් මේ ෆිල්ටර් පළමු මාසේ හයි කරනවා. කවුරුත් සන්තෝසයි ලාභය 7000/=
සමන් ගල් ආඳා දෙවෙනි මාසේ මිනිහ රුපියල් 3000ක් දීල ෆිල්ටරේ මාරු  කරන්නේ නෑ. සද්ද නැතිව ඉන්නව මිනිහගේ අපද්‍රව්‍ය විතරක් විලට එකතු වෙලා 25% කින් විලේ කාර්යක්ෂමතාව පහල යනවා . මේ නිසා අනෙක් අයගේ ලාභය ඒ මාසයේ 6000 ට අඩු වෙනවා  හැබැයි සමන් විතරක් ෆිල්ටරේට 3000 වියදම් කලේ නැති නිසා  මිනිහගේ ලාභෙ රු 9000 යි.
මේක දැකපු සුනිලුත් මීළඟ මාසේ ෆිල්ටරේ දාන්නේ නෑ ෆිල්ටර් දාන අයගේ ලාභෙ තවත් අඩු වෙනවා.
දැන් මේ අවුලට කමල් කියනවා විසඳුමක් අපි හතර දෙනාම ස්වේචාවෙන් ගිවිසුමක් ගහමු අනිවාර්යෙන් ෆිල්ටරේ දානව කියල. නැත්නම් හැමෝටම පාඩුයි කියල.
3 දෙනෙක් අත්සන් කරනවා සමන් ජරා පොර මිනිහ අත්සන් කරේ නෑ පස්සේ අත්සන් කලා එත් ම්නිහ හරියට ෆිල්ටර් වෙලාවට මාරු කරන්නේ නෑ. ප්‍රශ්නේ එහෙමමයි.
මෙන්න මේ වගේ වෙලාවක ලාභදායිම විසඳුම තමයි මේ ව්‍යාපාරිකයින් 4 දෙනාට පිටතින් අපි කියමු කෙනෙක් ඉන්නව බුවා කියල. මේ අය බුවාව පත් කරනවා විලට භාරකාර රජු විදියට වැඩි චංදෙන් අවුරුද්දකට. දැන් බුවාට අයිතිය දෙනවා ෆිල්ටර් හයි නොකරන ඉස්සෝ ෆාර්ම් කරුවන්ට එරෙහිව නීති පනවන්න සහ  බලය පාවිච්චි කරන්න ,දඩයක් ගහන්න හරි. මේ වගේ තැනකදී නීති සහ ඒවා ක්‍රියාත්මක කිරීම නිසා  ධනවාදී නිදහස් වෙළඳ පලේ නිෂ්පාදනයට වැඩි පළදායිත්වයක් දෙනවා අරාජික නිදහසට වඩා. 

සිවිල් නිදහස පිලිබඳ කාරනා වලදී සහ නිදහස් වෙළඳපොල ආර්ථිකය පිළිබඳ බොහෝ කරුණු වලදී මම සම්පුර්ණයෙන්ම ලිබටේරියන් අදහස් වලට එකඟ වුනත් මිනිස් ස්වභාවයට සම්බන්ද නැති සමහර දෘෂ්ටිවාද  කවලම් කරගෙන ආගමික ලෙසින් ලිබටේරියන්වාදය ඇදහීමට කැමති ද නැත.

61 comments:

  1. අරුණි ලිබර්ටේරියන් කෙනකු නොව රෙපබ්ලිකන් පාක්ෂිකාවකි. ලිබර්ටේරියන් හා රෙපබ්ලිකන් මතවාද සම්පාත වන්නේ බදු අවම කිරීම (බදු සම්පූර්‍ණයෙන් නැති කිරීම නොව), නිදහස් වෙළඳපළ යන කාරණා කිහිපයකදී පමණෙකි. සමහර රෙපබ්ලිකන් ප්‍රතිපත්ති ලිබර්ටේරියන් ප්‍රතිපත්ති වලින් අහසට පොළොව මෙන් වෙනස්ය. (උදාහරණ: සමරිසි විවාහ හා ගබ්සා කිරීම් ලිබර්ටේරියන්ස්ලා අනුමත කරන මුත් රෙපල්බ්ලිකන්ස්ලා මේ දෙකටම සම්පූර්ණයෙන් විරුද්ධය.) එනිසා මුලින්ම රෙපබ්ලිකන් හා ලිබර්ටේරියන් ප්‍රතිපත්ති වෙන් කර ගන්න.

    දෙවනුව අරුණි ප්‍රමෝට් කරන ආන්තික ධනවාදය කමියුනිස්ට් ක්‍රමය තරමටම සමාජයට අහිතකරය. එවැනි ආන්තික ධනවාදයක් අනුගමනය කළ හැක්කේ මනුෂ්‍ය සංහතිය ගැන අබමල් රේණුවක හෝ තැකීමක් නැත්තකුට පමණෙකි. කිසිම ධනවාදී රාජ්‍යයක් එවැනි ආන්තික ධනවාදයක් අනුගමනය නොකරයි. එවැනි ආන්තික ධනවාදයට ප්‍රමෝට් කිරීමට යාමෙන් වන්නේ පොදු පාථකයා ධනවාදය ගැන කළ කිරී මෝඩ ලෙස සමාජවාදය දෙසට තල්ලු වී යාම පමණෙකි.

    ධනවාදය හොඳය. කාර්යක්ෂ්මය. දීර්ඝ කාලීනව රටකට යහපත්ය. ඒත් ආන්තික ලෙස ධනවාදය වැළඳ ගත්තොත් වන්නේ හානියක් මිස යහපතක් නොවේ. වතුර වුවද ඕනෑවට වඩා බීමෙන් කෙනකු මිය යා හැකිය.

    ReplyDelete
    Replies
    1. අරුනිව නිර්වචනය කරන්න මට බැහැ. ඇය ගැහැණියක් ගැහැණු තේරුම් ගන්න පිරිමින්ට අමාරුයි.

      දෙවැනි කරුණ මෙහෙමයි දැන් අරුණි තුවක්කු දෑරිමට හැම පුරවැසියෙකුටම ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්.
      මීට වෙනස්ව මම පෙනී සිටින්නේ මේ වගේ මතභේදාත්මක දෙයක් උනත් (තුවක්කු අයිතිය පිළිගන්නවාද නැද්ද කියන එක වුනත් )තීරණය කිරීමේ අයිතිය පුරවැසියාට තිබිය යුතුයි කියන තැන විතරයි. මේක තමන්ගේ රටට දිස්ත්‍රික්කයට පළාතට ජනතාවට අදාළ ප්‍රශ්නයක්ද කියන එක ඒ අය බහුතරය තීරණයක කල යුතුයි.
      උදාහරණයකට කොටි ප්‍රශ්නය තිබුන කාලේ ලංකාවේ මායිම් ගම්මාන වල පුරවැසියන් බහුතරය ඉල්ලා සිටියොත් අවි දැරීමට අයිතිය අපි එය ඔවුන්ට දිය යුතුයි. ඒක ඒ පළාතේ මිනිස්සුන්ගේ සිවිල් වැඩක්.

      Delete
    2. ඔබ සමඟ එකඟයි. ලිබර්ටේරියන් දර්ශනය යනු තමන්ගේ මතවාදය එනකා පිට බලෙන් පැටවීමට උත්සාහ දරණ එකක් නොවේ. ලිබර්ටේරියන් කෙනෙක් හැමවිටම අනෙකාගේ මතයට ගරු කරයි. (ඔහු හෝ ඇය කොයි තරම් මෝඩයකු වුණත්) ඒ ලිබර්ටේරියන් දර්ශනයේ හරයයි. නමුත් අරුණිගේ බ්ලොග් එක දෙස බලන විට පැහදිලි ඇය හැම විටම අනෙකා පාච්චල් කරමින් තමන්ගේ මතය අනෙකා උඩ බලෙන් පැටවීමට උත්සාහ දරණ ආකාරයයි. මෙය රෙපබ්ලිකන් දර්ශනය මිස ලිබර්ටේරියන් දර්ශනය නොවේ.

      Delete
    3. ඔවු යකෝ ඒ අරුණි වගේ නෙමෙයි මං.හරි හොදයි.මම බ්ලොග් එක කරපු කාලෙ එන එන එකාට හරි හොදට කථාකලා.ආචාරශීලීව සැලකුවා.හැබැයි ගෝඨාභයට බැනල ලියන්න නම් දුන‍්නෙ නැහැ.සොරි හොදේ.කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී උනත් මං පු* දෙන එවුන්ට බනින්න දෙන්න ඇහැකිය?

      Delete
  2. ඔබ ඉන්නේ නිවැරදි තැන. ආන්තික වන්න එපා. ඔබට කියන්නට ඇත්තේ එපමණයි.

    ReplyDelete
    Replies
    1. @Anonymous
      ආදරය කරන කොට උනත්??????

      Delete
    2. ආදරය කරන විට පවා ආන්තික නොවිය යුතුයි. ලෝකයේ 'Made to each other' කියා සම්බන්ධකම් නැත. යම් අවස්ථාවක relationship එක බිඳුනොත් එය උපේක්ෂාවෙන් දරා ගැනීමේ හැකියාව ඔබට තිබිය යුතුයි. ආන්තිකව ආදරය කළොත් ඒ හැකියාව ඔබට නැතිව යයි.

      Delete
    3. එම පණිවුඩය ඔබ වෙත ගෙනා මම ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ සිටින විශිෂ්ටම රාජ්‍ය නිලධාරියා යැයි විශ්වාස කරන *** ***** වෙමි!ජයවේවා!

      Delete
  3. උදිත ඔය කියන කතා ඔක්කොමත් හරි.ඒක මන් පිලිගන්නවා.
    ඒත් තමන්ගේ බඩ වියත ගැන කතා කරද්දී මොන පාර්ශවයේ
    අයද සමස්තයක් විදිහට වැඩ කරන්නේ..හරියටම ඔයාගේ උදාහරණෙ
    වගේ.කෙල වෙද්දී සමස්ත ප්‍රශ්නය ගැන පොදුවේ බැලීමත් ,
    පුද්ගලික වාසි එද්දී " මන් මෙහෙමයි ජීවිතේ දිනුවේ , උබලත් අත පය
    වෙහෙසපන් " කියන සංකල්පෙටයි කියන්නේ මොකක්ද ???

    ඒ දේ ඔය කියන සියලු කතා බහට ඇතුලත්ද දැන්?
    මෙතන මචන් පැහැදිලිවම තියෙන්නේ බඩ ගොස්තර වාදය
    ක්‍රියාත්මක කරගන්න එක එක්කෙනා හදාගත්තු න්‍යාය පත්‍ර..
    ඒ ඇර මොන දෙයක් වත් නැහැ..ගෑරුප්පුවෙන් අසූචි කෑම
    පමණයි...තව කතා කරන්න දෙයක් නැහැ....

    ReplyDelete
    Replies
    1. උබටනම් මොලේ අමාරුවක්

      Delete
    2. එහෙම කියමුකෝ..
      ඒත් ඉතින් ඕක කියන්න ඇයි
      කොන්දක් නැති නිවට විදිහට ආවේ ?

      Delete
    3. සහන් ඔයාගේ ප්‍රතිචාරයේ අදහස මට පැහැදිලි නැහැ පිළිතුරු දෙන්න.

      Delete
    4. ඒක තමා උදිත මුලින්ම තේරුම් ගන්න ඕන දේ.
      පොදුවේ අපි මේ හද ගත්ත සියලු වාද ( සමාජ, මාර්කස් ,
      සම සමාජ ..etc සියල්ල ) ඇති උන මුල් පුද්ගලයා
      මේ පුද්ගලයා මේ ලෝකෙන් පස්සේ එතනින් එහාට
      ඉන්න පිරිසට මුල් අරමුණ වැඩක් නැහැ.මොන විදිහෙන් හරි
      වක්‍රව බලන්නෙම තම පුද්ගලික ජීවිතයට වාසියක් එක් කර ගන්න.
      ඒක නැහැ කියනවනම් මන් කිව්වේ මේ මුකුත් කතා කරලා
      වැඩක් නැහැ කියන දේයි උදිත..

      ඔයත් හොදටම දන්නවා මාත් හොදටම දන්නවා අපි හැමෝම දන්නා,
      ඒත් නෑ වගේ ඉන්න හදන සත්‍ය තමයි ඒක.මොකද පාලන බලය අතට
      ආවට පස්සේ "" බලවන්තයා හා දුබලයා " යන තියරිය ඇර වෙන දෙයක්
      මූලික වෙන්නේ නැහැ.
      ඒක පිළිගන්නවානම් එතනින් එහාට ඕන තරම් කතා කරන්න දේවල් තියෙනවා.
      මොකද ඔයාල අපි හැමෝම බණ කිය කියා දුම්මැස්ස අත ගාන අය.
      ඒ දේ පිලි අරන් එතනින් එහාට ඕන දෙයක්.

      Delete
    5. /////බඩ ගොස්තර වාදය ක්‍රියාත්මක කරගන්න එක එක්කෙනා හදාගත්තු න්‍යාය පත්‍ර..///

      ochchara deyak therenne naha kiyana de gana nam
      mata pudumai...!

      Delete
  4. Your comment will be visible after approval. ????

    obath ai me???

    ReplyDelete
    Replies
    1. මොඩරේට් දැම්මේ ඊමේල් එකක් එනවා නේ කොමෙන්ට් ආවම එතකොට ඇවිත් බලන්න ලේසියි ඒකයි

      Delete
    2. naha uditha kohomath blog owner ta aniwaryen notification
      ekak enawamai monawa kalath nokalath....
      e nisaa apprvl ayin karanna...

      Delete
  5. මිනිසා නිදහස සොයා යනවා වගේම, බැඳීම් ද සොයා යනවා. විවාහ වීම, පූර්ණ කාලීන රැකියා, බැංකු ණයකට නිවසක් මිල දී ගැනීම වගේ දේවල් මිනිසෙකු සතු නිදහස සීමා කරන දේවල්. නමුත් මේ දේවල් අපි කැමැත්තෙන් තෝර ගන්නවා. තරමක වැඩි පඩියක් ගෙවන තාවකාලික රැකියාවකට වඩා සුරක්ෂිත බව තහවුරු කරන ස්ථිර රැකියාවක් අපි තෝරගන්නවා.

    පූර්ණ නිදහස් වෙළඳපලක හැම වෙලාවෙම තියෙන්නේ අස්ථිර ස්වභාවයක්. නිදහස දුන්නහම, තමන්ගේ භාණ්ඩයට වැඩි මිලක් අසාධාරන ලෙස අය කරන අයට, සාධාරන ලෙස මිල නියම කරන අයගෙන් තරඟයක් එනවා, සහ ඉන් පසු අර අසාධාරන ලෙස අය කල පුද්ගලයාගේ ලාභ හීන වී ඔහුත්, අර දෙවෙනියාට තරඟකාරී ලෙස මිල නියම කරනවා. ඒ වගේම ගුණාත්මක අගයෙන් අඩු භාණ්ඩයක් වෙලඳපොලේ අඩුවට මිල නියම කරන කෙනාගේ භාණ්ඩයේ ගුණාත්මක බව අඩු බව මිනිස්සු දැන ගත්තහම ඔහු පාඩු ලබනවා. මම ඔය කිව්වේ නිදහස් වෙලඳපොල හොඳයි කියලා බොහෝ විට ඔබත් එකඟ වන්නට ඉඩ ඇති කරුණු ටිකක්. මේ කාරනා වල සත්‍ය සම්බන්ධයෙන් මගෙත් කිසිම ගැටළුවක් නැහැ.

    නමුත් දැන් මේ ගැනත් හිතන්න. යම් කිසි කෙනෙකුගේ වංචා සහගත ක්‍රියාවකින් පාඩු ලබන පුද්ගලයා ඔබ නම්, එම වංචාව හෙළිදරව් වී වෙලඳපොල නැවත සාමාන්‍ය තත්වයට එන්න ගතවන කාලයේදී ඔබ ලැබූ පාඩුව, ඔබේ ජීවිත කාලයේදී කරන බලපෑම ඔබට තනි පුද්ගලයෙක් වශයෙන් දරාගත නොහැකි නම්? ගම්පහ ගුවන් පාලම ඉදිකිරීමේදී එම ඉදිකිරීමට හසුවන ගෙවල් අයිතිකරුවන්ට වන්දි ලබාදුන්නා. එම වන්දිය නැවතත් ගෙයක් ඉදිකිරීමට ප්‍රමණවත් වුවත්, මැදිවයස පහු කරමින් සිටි එක් අයිතිකරුවෙකු කීවේ "ගෙයක් හදන එක ලේසි පහසු වැඩක් නෙවෙයි, මම එක ගෙයක් හැදුවා මහන්සිවෙලා, දැන් එක කඩලා, මට තව ගෙයක් හදන්න සල්ලි තිබ්බට ඒකට ඕනේ කරන හිතේ හයිය සහ ඇඟේ හයිය දැන් නෑ" කියාය.

    මා කියන්නට උත්සහ කරන්නේ, නිදහස් වෙළඳපොලේ නිදහස විසින්ම, ඒ තුල සිදුවන යම් යම් අපගමනයන් නිවැරදි කරන නමුත්, ඒ අපගමන නිසා ජීවිතයේ යම් යම් වැදගත් දෑ වලින් වන්දි ගෙවීමට සිදුවන පිරිසක් ද සිටින බවයි. කොටින්ම මහා විශාල සංකල්පයක් තුල පුද්ගලයා යන රූපය නොතකා හැරීමක්.

    මිනිසා යනු පූර්ණ නිදහසක් යටතේ තමන්ගේ සීමාවන් පනවා ගත හැකි සත්වයෙක් නොවේ. පොදුවේ මිනිස් සමාජයේ ඇති ආගම් වලට ඇලීමත්, යම් යම් දෘෂ්ඨිවාද වල ඇලීමත්, දේශපාලන මති මතාන්තර වල ඇලීමත් පෙන්නුම් කරන්නේ, තමන් වෙනුවෙන් සකස් කවුරුන් හෝ සකස් කරනු ලැබූ නීති, ආකල්ප, වටිනාකම් පද්ධතියක කොටස්කරුවන් වීමට මිනිසා තුල ඇති කැමැත්තයි.

    ඔබ මෙහි යොදා ඇති මාතෘකාව, ඇනෝලාට විනෝදය සැපයීම පිණිස යැයි මම සිතමි.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ගැන ඔබ කියන එක ගැනම හොඳ ලිපියක් ඩබ් ඒ විජේවර්දන ලියල තියනවා මෙතනින් බලන්න ඔහු කියන්නේ Market can fix the problems but it takes time
      http://www.ft.lk/2012/09/10/pyramid-schemes-beware-of-crafty-marketers-posing-as-respected-persons-to-lure-customers/

      Delete
    2. Wrong. Market itself can never fix ALL the problems even if you give infinite time. Sometimes you need deliberate intervention.

      Read

      1. 'Filthy Lucre: Economics for People Who Hate Capitalism' by Joseph Heath

      2. Economyths: Ten Ways Economics Gets It Wrong by David Orreal

      Delete
  6. ඔබ ඉන්න මතයට එකඟයි ,කිසිම දේක අන්තයට යන්න එපා කියල බුදු හාමුදුරුවො කිව්වෙ 2500කට කලින් . මෙතනදිත් ඒක අදාලයි .

    ප.ලි- ඉස්සො ෆාම් බලන්න දාල තියෙන්නේ මාවද :p

    ReplyDelete
    Replies
    1. ඔව් මම මෙතන පැහැදිලි කරන්නේ අන්තයකට නොයාම කියන්නේ කළු සුදු මැද අළු පාට තැනක ඉන්නව කියන එක නොවෙයි එහෙම උනොත් උඩ දාල තියන අයින් රෑන්ඩ් ගේ අදහස එක්ක contradiction එකක් වෙනවා. මෙතන මම කියන්නේ සමහර තියරි එහි සීමාවෙන් පිටත යොදාගන්න බෑ කියන එකයි.ඒවා වලංගු විෂය තුල අදාල දෙයට විතරයි. උදාහරණයකට නිෂ්පාදන මාදිලිය කියන දෙයට විතරයි මාක්ස් ගේ තියරි හරියන්නේ නිෂ්පාදන නොකරන ලංකාවට හෝ එහි සංස්කෘතියට මාක්ස් ගේ තර්ක යොදාගන්න බැහැ අදාල නැහැ මේක නොදැන ලංකාවේ ඇනෝ වම්මු මාත් එක්ක ඇර ගන්නවා. ලිබටේරියන් තර්ක උනත් එහෙම තමයි. සිවිල් නිදහස කියන විෂය ට අදාළ දේවල් සහ ආර්ථික දේශපාලන නිදහස ගැන අදහස් එහි සීමාවෙන් පිටත යොදාගන්න ගියොත් අන්තවාදයක් වෙනවා. පුද්ගලික නිදහස කියන එක දිනා ගන්න හැම මිනිහටම නිදහස දෙන්න ඕන කියල හැම එකෙක්ටම තුවක්කු පාවිච්චි කිරීමේ නිදහස දීල පාසල් ගුරුවරුන්ට කොමාන්ඩෝ පුහුණුව දීල ඔවුන් ළමයි ආරක්ෂා කර ගත යුතුයි කියන තැන දක්වා අපි ය යුතු නෑ ඒක මෝඩ කමක්.

      Delete
    2. උදිත, ඔයාගේ ඊමේල් එකක් මට එවන්න හැකිනම් ඉතා වටිනා වූ George Reisman ලියූ Capitalism (2009) PDF පොතක් හැටියට එවන්න පුළුවන්. සිවිල් නිදහස යනු ආර්ථික සහ දේශපාලන නිදහස බව යැයි ඉතා පැහැදිලිව ඔප්පු කරලා තියෙන්නෙ එහි සරල ආකාරයට. හැබැයි ඒකෙ පිටු 1600 ක් විතර :)

      කාල් මාක්ස් නොකියැවූ අය මාක්ස්වාදය කතා කරන විදියට උදිත ධනවාදය ගැන කතා කරන්න යද්දී වහාම බැස්ටියාට් සහ රීස්මන් කියවන්න යැයි තරයේ ම ඉල්ලා සිටිනවා!!! :D

      Delete
    3. හරි. අන්තයකට නොයනවා කියන්නේ ඒක තමයි. කිසිම තියරියක් 100% ක් වලංගු නැහැ. තියරියක වලංගුතාවය තීරණය වන සාධක දෙකක් තියෙනවා.

      1. තියරිය කොච්චර සරලද කියන එක (සරල වෙන්න වෙන්න වලංගු බව වැඩියි.)
      2. තියරිය කොයිතරම් දුරට ඇප්ලයි කරන්න පුළුවන්ද කියන එක.

      උදාහර්ණයක් ඕම් නියමය. මේක හරිම සරලයි. ඒ වගේම හුඟාක් අවස්ථා වලට ඇප්ලයි කළ හැකියි. නමුත් ඕම් නියමය ඇප්ලයි කළ නොහැකි අවස්ථා තියෙනවා.

      Delete
    4. ඒකම තමයි අරුණි මාත් කියන්නේ සිවිල් නිදහස යනු ආර්ථික සහ දේශපාලන නිදහස කියන එක තමයි මාත් කියන්නේ. ඉන් පිටත මේවා යොදා ගන්න බෑ. උදාහරණයකට පරිණාමවාදය හරිද වැරදිද කියන එක මේක ඇතුලට ගෙන්න බැහැ.

      Delete
    5. ධනවාදය ගැන බැස්ටියාට් ට හෝ රීස්මන් ට හෝ වෙන කාටවත් පරවේණි අයිතියක් නැහැ. මෙන්න මේකා කියවපන් කියන්නේ ඉතාම දුර්වල ප්‍රවේශයක්. ඉන් අදහස් වෙන්නෙ, මට පෙනෙන හැටියට, නම් අරුණි ධනවාදය කියන්නේ මොකද්ද කියලා අන්දෝ සංසාරයක් නොදන්නා බව. ඔය එක එක්කෙනා කියපු දේවල් ගිරවියක් වගේ කට පාඩම් කරලා කියවන්න ගියාම ඔහොම වෙනවා. තමුන් කියන්නෙ මොනවද කියලා තමුන්ටම තේරුමක් නැහැ.

      Delete
    6. මේකනේ වමේ කාඩර් වරු දිහා බලන්න තමන්ගේ දරු පවුලට හරියට කන්න දෙන්නේ ලෙඩකට බෙහෙත් අරන් දෙන්නේ නැතිව රස්සාවක් නොකර නිකම් ඉඳගෙන හදාරනවා පොත්පත් කියවනවා පක්ෂ සංවිධානය කරනවා මොකද දන්නවද ඒ අයට ලොකු ගැටළුවක් තියනවා යකෝ මෙච්චර ඇත්ත කියද්දීත් මිනිස්සු මේකට කැමති වෙන්නේ නැත්තේ ඇයි සහ ක්‍රියාත්මක කරන්නත් බෑ කරන තැන් වලත් සමාජවාදය බිඳ වැටෙන්නේ ඇයි කියන එක, ඉතින් මේ ගැටලුවලට උත්තර හොයන්න වම්මු ඉන්නේ නොනවතින අරගලයක ඉතින් හේගල් කියවනවා ලකාන් කියවනවා ඩෙරීඩා කියවනවා අල්තුෂර් ලෙනින් ෆ්‍රොයිඩ් ඔක්කොම කියවනවා. ධනවාදය පැත්ත සැලකුවොත් ආණ්ඩුවේ ඉන්න අචාර්ය පී බී ජයසුන්දර වගේ ආර්ථික විද්යාඤයින්ටත් මේ ගැටලුව තියනවා රජය වෙළඳ පොළට ඇඟිලි ගහල විකෘති කරනවා තමන්ම නිර්මාණය කරපු ගැටළු වලට තමන්ම පිළිතුරු සොයනවා ඒ විසදුමත් නැවත වෙළඳ පොලට ඇඟිලි ගැහීමක් එකෙන් තව ගැටළුවක් නිර්මාණය වෙනවා,ඉතින් ආර්ථික ගැටළු වල නිමාවක් නෑ.
      මට ධනවාදය අලුතින් ඉගෙන ගන්න අරය මෙයා කියවන්න කියන එක එතරම් වලංගු නෑ මේකට අලුතින් මහන්සි වෙන්න දෙයක් නැහැ හැම මිනිහම ස්වභාවයෙන්ම ධනවාදියෝ ධනවාදය අප අවට වාතය වගේ හැම තැනම තියනවා.කවුරුවත් එකෙන් පිටත නැහැ. කියවන එක හොඳයි පුද්ගලික දැනුම සඳහා ඒක වෙනම දෙයක්

      Delete
    7. මේ කියමන ගැන උදිත එක්ක 100%ක් එකඟයි. ධනවාදය ගැන දැන ගන්න ඔය මොන එකාවත් ලියපු දෙයක් කියවන්න අවශ්‍ය නැහැ. අනෙක උන් දන්න මඟුලකුත් නැහැ. නවලෝක මුදලාලිලා, ගොඩගේ මුදලාලිලා ධනවාදියො වෙන්නෙ ඔය මඟුල් කියවලා නෙවෙයි. අන්තිමට බලනකොට ඔය මඟුල් කියවන එවුන් අන්ත දුප්පත්තු. ඔය මොකවත් නැතුව පෝසත් වෙච්චි අය තමයි වැඩිය ඉන්නේ.

      Delete
  7. සමාවෙන්න උදිත. පළමුවෙනි වාක්‍යයේ දෙවැනි කොටස පැහැදිලි කරගන්න මට බැරිවුනා.

    නීතිය නමින් බැස්ටියාට් ලියූ පොත් පිංච ඉදිරිපත් කරන අදහස වටහා ගතහොත් අන්තවාදයක ඉන්නෙ මා නොවේ යැයි සමහර විට වැටහෙන්නට ඉඩක් පෑදෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඉතින් ප්‍රතිචාරයක් හැටියට ඔහු උපුටා දක්වන්නටත් ඒ සබැඳිය මෙතැන දාන්නටත් මට ඉඩදෙන්න:

    "අහෝ මෙවැනි අති උදාර රචකයන්! කරුණාකරලා මතක තියාගන්න, මේ මැටි, මේ වැල්ල, සහ මේ පොහොර ඔබ ඉතා ඉක්මණින් හිතුමතයේ සැලසුම් වලට යොදාගන්නා වූ දේවල් යනු මිනිසුන් බව! ඔවුන් ඔබ හා සමාන වූ අයම බව! ඔවුන් ඔබ හා සමාන වූ බුද්ධිමත් හා නිදහස් මිනිසුන් බව! ඔබට වගේ ම ඔවුන්ට ද දෙවියන් [ස්වභාව ධර්මයි] වෙතින් ලැබී තියෙනවා නිරීක්ෂණයට, කලින් සැලසුම් කරන්නට, හිතන්නට, තීරණයක් ගන්නට උපකාර කරන ඉන්ද්‍රියයන්!
    -http://arunishapiro.files.wordpress.com/2012/12/law-bastiat.pdf

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තුතියි මොන කොටසද අපැහැදිලි? අම්මෝ පිටු 30ක PDF එකක් නේ පරිවර්තනය වෙලාවක් ලැබුන ගමන් කියවන්නම්.

      Delete
    2. තමන් ඉන්නෙ අන්තයක නොවේ නම් අන්තයේ ඉන්නේ කවුද කියලා පැහැදිළි කරන එක මා හිතන්නේ අරුණිගෙන් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක්.

      Delete
    3. දැන් මම කිව්වොත් බැස්ටියාට් කියන්නෙ අමු මෝඩයෙක් කියලා අරුණි ඒක එහෙම නෙවෙයි කියන්නෙ කොහොමද? දැන ගන්න කැමැතියි.

      Delete
  8. උදිත ලියපු ඇනෝ කතාව අපි දෙන්නට අදාල වෙන්නෙ කොහොම ද කියන එක?!?!

    මේකත් කියවන්න ඉඩක් ලැබුණාම: http://mises.org/daily/2354/Child-Safety-and-State-Failure

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නට අදාල නැහැ. මේ දවස් වල සමාජවාදය වෙනුවෙන් කුණුහරුප කියල කින්ඩි දාල විප්ලවය කරන්න හදන ඇනෝල සෙට් එකක් ඉන්නව ඒ අයට කිව්වේ.

      Delete
  9. එයාලා නම් උදිත සමාජවාදය පටන් ගත් දා සිට හිටපු සමාජවාදීන්ට වඩා වැඩි වෙනසක් නැහැ. බැස්ටියාට්ගෙ පොත කියෙව්වාම වැටහේවි!!!!

    ReplyDelete
    Replies
    1. උසස් පෙළට තර්ක ශාස්ත්‍රය ඉගෙන ගෙන ඇති අයගේ මා දකින ප්‍රධාන දුර්වලතාවයක් තමයි ඔවුන් තර්කනයට දක්වන අදක්ෂකම. මොකද උසස්පෙළ තර්ක ශාස්ත්‍රය කියන්නෙ අමු බොරුවක්. එයා මෙහෙම කිවා, මෙයා මෙහෙම කිවා කියලා උගන්වනවා මිසක තර්කයක් ගොඩ නඟන්නෙ කොහොමද කියලා උගන්වන්නෙ නැහැ. අරුණි තුළත් මේ පොදු දුර්වලතාවය අඩු වැඩි ලෙස දකින්න පුළුවන්.

      දැන් බලන්න මෙතැන අරුණිගේ ප්‍රවේශය. අර තර්කය හරි මොකද බැස්ටියාට් කියන නිසා. ඒ ඇරෙන්න වෙන කිසිම පදනමක් නැහැ. බැස්ටියාට් කියනව නම් ඒක හරි. බැස්ටියාට් ගලක් අරගෙන රත්තරන් කිව්වත් අරුණිට ඒක ඇත්ත. දැන් මේ ප්‍රවේශයම තමයි වම්මු පාච්චි කරන්නේ. ඒක ඇත්ත මොකද මාක්ස් කියන නිසා. එතැනින් එහාට ප්‍රශ්න අහන්න තහනම්. දැන් අපට මාක්ස් හරි බැස්ටියාට් හරි කියන දේවල් තමයි අහගෙන ඉන්න වෙලා තියෙන්නේ. ඇයි එතැනින් එහාට දෙයක් නැහැනෙ මේ දෙගොල්ලන්ටම. එතැනදි අරුණිත් එකයි වම්මුත් එකයි.

      Delete
    2. ඇනෝ එක්ක මම එකඟ වෙනවා. ලංකාවේ සාහිත්‍ය විචාරක නඩුකාරතුමා (මේ වෙලාවේ නම මතක් වෙන්නේ නෑ) ඕනෑම වෙලාවක කියන්නේ මිලාන් කුන්දේරා මෙහෙම කියලා තියනවා කියලා. එච්චරයි. මිලාන් කුන්දේරා කියලා තියන නිසා ඒක හරි. මොකක් හරි පොතකින් කවුරු හරි කියපු පාඨයක් උලුප්පා දැක්වීමෙන් තමන්ගේ මතය සනාත වෙනවා කියලා ඔවුන් හිතනවා. ඒ පොත් වල ඇති කාරණා පරම සත්‍ය කියලා පිළිගන්නවා. සාමාන්‍ය මිනිසා සම්බන්ධයෙන් ගත්කල සත්‍ය යන්න සාපේක්ෂ කාරණයක් කියන එකවත් මේ අයට තේරුම් ගන්න බැහැ.

      ඇත්තෙන්ම ඔවුන් කරන්නේ ඒ පොත්පත් කියවා තමන්ගේ දැනුම සහ සිතීමේ පරාසය වැඩිකර ගැනීමට වඩා තමන් දරන මතය සනාත කරගන්න ආධාරකයක් හොයන එක. පස්සේ පස්සේ විකෘති කිරීම් වලට ලක්වෙන්නට ඇතත්, ජාතක කතා වලදි තවමත් දකින්නට ලැබෙනවා බුදුහාමුදුරුවෝ කෙනෙකුට යමක් පැහැදිලි කරන ආකාරය. කාලාම සූත්‍රය, අරයා කිව්වා මෙයා කිව්වා කියන කතාව සම්පූර්ණයෙන් බැහැර කරනවා. ඒ වගේම, බුදුහාමුදුරුවෝ පෙරලා අහපු ප්‍රශ්න ඒ කෙනාව හාස්‍යට, උපහාසයට ලක් කිරීමක් නොව තමන්ටම ඒකට අදාල පිළිතුර සිතා බැලීමට මග පාදන ආකාරයේ එකක්. ඒ වගේම තමන්ගේ දැනුම උලුප්පා පෙන්වන ආකාරයේ ඒවාත් නෙමෙයි. කොහොමත් යම් මතයක දැඩිව එල්බගත් කෙනෙකුට, තමන් එල්බගත් සීමාවෙන් එහා දකින්නට බැහැ. ලෝකය තම සීමාව තුලට ලඝුකර ගත්විට එයින් පිටත වෙන දේවල් තියන බව වත්, ඒ දේවල් තුල තමන් විස්වාස කරන දේට වඩා නිවැරදිවිය හැකි දේවල් තිබිය හැකි බවත් තේරුම්යන්නේ නැහැ. නිදහස වෙනුවෙන් හඬක් නැගුවද, ඔවුන් බොහෝ විට තමන්ගේ මතවාදවලම වහල්ලු.

      Delete
  10. දැන් එතකොට ඔය කියන ආණ්ඩුව සල්ලි අරන් බාල ‍ෆිල්ටරයක් දානවා.නැත්තම් ටෙන්ඩර් දාලා මණ්ඩල දාලා ගන්න කොට ජලාශය හිඳිලා.අනික මට තියෙන ගැටලුව දැං ජලාශය 4ට බෙදලා එකකින් අනිකට අපද්‍රව්‍ය එකතු වෙන විදිහට බෙදුවෙ කවුද?ඒ ගොල්ලොම බෙදා ගත්තා නම් ඒ වගේ මෝඩ වැඩක් කලේ ඇයි?ඒ විල 4 දෙනාටම අයිති නම් සීමා තීරනය කර ගනිද්දි එකෙනකාට බාධාවක් නොවන ලෙස කරන්න තිබුන්නැද්ද?

    ReplyDelete
    Replies
    1. @mahima rajapakse
      ස්තුතියි ඔයා තමයි ඇසිය යුතු වැදගත්ම අහවියයි මා බලාපොරොත්තු වූ ප්‍රශ්නය ඇහුවේ.
      //දැන් එතකොට ඔය කියන ආණ්ඩුව සල්ලි අරන් බාල ‍ෆිල්ටරයක් දානවා.නැත්තම් ටෙන්ඩර් දාලා මණ්ඩල දාලා ගන්න කොට ජලාශය හිඳිලා.//
      ප්‍රශ්නයේ මේ කොටස වැරදියි. ආණ්ඩුව මේ ව්‍යාපාර ජනසතු කරලා රජයට අරගෙන රජය විසින් මේ ව්‍යාපාර කිරීම කල යුතුයි කියා මා කියා නැහැ. පොදුවේ මේ පුද්ගලික ව්‍යාපාර වලට යම් අවම නීති පැනවිය යුතුයි කියන එක විතරයි මා කියා ඇත්තේ. (මෙතන නම්, හැමෝම ෆිල්ටරය දැමිය යුතුමයි නැත්නම් දඩ)
      //අනික මට තියෙන ගැටලුව දැං ජලාශය 4ට බෙදලා එකකින් අනිකට අපද්‍රව්‍ය එකතු වෙන විදිහට බෙදුවෙ කවුද?ඒ ගොල්ලොම බෙදා ගත්තා නම් ඒ වගේ මෝඩ වැඩක් කලේ ඇයි?ඒ විල 4 දෙනාටම අයිති නම් සීමා තීරනය කර ගනිද්දි එකෙනකාට බාධාවක් නොවන ලෙස කරන්න තිබුන්නැද්ද?//
      හොඳ ප්‍රශ්නයක්. ඔයා නොදැනම යෝජනා කරලා තියෙන්නේ සම්භාව්‍ය ලිබටේරියන් අය මේ ගැටලුවට දෙන විසදුම. ඒ තමයි පොදු සම්පත්( shared resource )පවා පුද්ගලිකකරණය කිරීමට ක්‍රමයක් සෙවීම.(මෙම උදාහරණයේදී විල). මා මේ උදාහරණයට ඉස්සෝ ෆාර්ම් එක (aquaculture)හිතලම යොදා ගත්තේ කවුරු හරි මේක අහයි කියලම තමයි. තේරුම් ගන්න වතුර විලක පුද්ගලිකකරණය සහ පුද්ගලික දේපල වැඩ කරන්නේ නෑ. මුළු විලම කොටස් වලට කඩල පුද්ගලික ඉස්සෝ වගාකරුවන් අතර පුද්ගලික දේපලක් ලෙස විකුණලා දැම්මත් ගැටලුව එහෙමමයි.මොකද වතුර විලක පුද්ගලික දේපල මායිම් නොතකා ජලය කියන මාද්‍ය හරහා අපද්‍රව්‍ය කසල ගලාගෙන යනවා. හරියට අල්ලපු වත්තේ ටයර් පිච්චුවොත් වාතය හරහා දුම ඔයාලගේ වත්තට එනවා වගේ.

      Delete
    2. මගේ රිප්ලයි එකට පිලිතුරු දැක්වීම ගැන ස්තූතියි,මුල කෑල්ලේ බාල ‍ෆිල්ටර් දාන කතාව මම කිව්වෙ අර බාල පෙට්‍රල් වගේ බාල ‍ෆිල්ටර් ගෙනල්ලා වෙන වැඩක් පෙන්නන්න.ඒක වෙනම කතාවක් කියමුකො.ඒත් විලේ ප්‍රශ්නය එතනම තියෙනවා.මොකද ප්‍රායෝගිකව විල කොටස් වලට බෙදන්න බැහැ.ඒ නිසා පුද්ගලීකරණය කරන එක ප්‍රායෝගික නෑ.නමුත් පොදුවේ තියලා ඉස්සෝ ෆාම් කරගන්න දුන්නොත් විල හරියට පයාගල කුණු කාණුව වගේ තියෙයි.ඔයාගේ කතාව පදනම් වෙන්නෙ ආර්ථික විද්‍යාවෙ එන වෙළඳපල අසාර්ථකත්වය කියන එක මත නේද?නමුත් ඔය ගැටලුවම ඇද ගන්න සමහර අය ඊළඟට කියන තර්කය තමයි නිශ්චිතව පුද්ගලික දේපල සීමා පනවා තියෙනවා නම් ඔය කියන තත්ත්වය එන්නේ නෑ කියන එක.කොහොම වුනත් ප්‍රායෝගිකව රජයේ(ආණ්ඩු පක්ශයේ නෙවෙයි) යම් මැදිහත්වීමක් ඕන වෙනවා කියන එක තමයි මමත් හිතන්නෙ.

      Delete
    3. මෙතැන ඔය දෙන්නම වැරදියි. විල කියන්නෙ පුද්ගලිකව පාරිභෝජනය කළ හැකි private good එකක් වත් පොදුවේ පාරිභෝජනය කළ හැකි public good එකක් වත් නෙවෙයි. මේ වගේ දෙවල් ආර්ථික විද්‍යාවෙ හැඳින්වෙන්නෙ common resources හැටියට. ඒවා තියෙන්නෙ ඉහත කී භාණ්ඩ දෙවර්ගය මැද. common එකක් පාරිභෝජනය කරන්නේ කොහොමද කියන එක සංකීර්ණයි. ඒක සරලව පහදා දෙන්න බැහැ. ඒ එක්කම එය තැනි තැනට වෙනස් වෙනවා. නමුත් එය කළ හැකියි. MC එකේ බිම් මහලේ food court එකට ගිහින් බලන්න කොයි තරම් ලස්සනට කඩ ටික වාඩි වෙන්න තියෙන ඉඩ සහයෝගයෙන් බෙදා ගනන්වද කියලා.

      Delete
    4. මේ ඇනෝ(පීලිස්),විලක් කියන්නෙ ඔයා කියන common good එකක් කියලා මම දන්නවා,ඕනි නම් මෙතන මට tragedy of coomons හරි නැත්නම් game theory හරි දාලා කතාව දික්ගස්සන්න තිබුනා,නමුත් මෙතන ප්‍රධාන මාතෘකාව ඉලක්ක කරගෙන කතා කළා නම් හරිනෙ.ඔයා ඔය කියන MC ඉඩකඩ පුද්ගලික දේපලක්,එක් එක්කෙනා බෙදා ගත්තට.දැන් උඩරට ඉස්සර එක ගෙයි කද්දි බිරිඳ common good එකක් වුණේ නැහැනෙ,බෙදා හදා ගෙන කෑවා කියලා.අනුන්ගේ කඩවල බිත්තර ආප්ප දාන්නැතුව නමකින් එන්න බැරිද?

      Delete
    5. @mahima rajapakse
      //ප්‍රායෝගිකව රජයේ(ආණ්ඩු පක්ශයේ නෙවෙයි) යම් මැදිහත්වීමක් ඕන වෙනවා//
      ඔව් මා පැහැදිලිවම යෝජනා කරන්නේ ආණ්ඩු පක්ෂය,විපක්ෂය සහ පෞද්ගලික අංශය තුනම අඩංගු ස්වාධීන කොමිෂන් එකක් හෝ සංවිධානයක් මගින් (ලකාවේ TRCSL එක වගේ රජයට කඩේ නොයා) අවම ලෙස රෙගුලාසි කිරීමක්.

      @ඇනෝ
      shared resource කියා මිස public good කියා මා ඉහත කොහෙවත් කියා නෑ.

      Delete
    6. @mahima rajapakse,

      තමන්ගෙ නොදැනුවත්කම පෙන්නා දුන්නාම නුවණක්කාරයකුගේ ප්‍රතිචාරය වැරදි නිවැරදි කර ගැනීම. මෝඩයකුගේ ප්‍රතිචාරය එසේ කළ මිනිසාට ගැරහීම. ඒ ගැන ඊට එහා මොකුත් ලියන්න යන්නේ නෑ. ඔයා විල මොකද්ද කියලා දන්නව නම් ඔයාට ඔය ගැටළුව මතු වෙන්නෙ නැහැනෙ.

      /ඔයා ඔය කියන MC ඉඩකඩ පුද්ගලික දේපලක්,එක් එක්කෙනා බෙදා ගත්තට./

      දැන් මේකෙන්ම පැහැදිළියි නේද ඔයා තවමත් common good කියන්නේ මොකද්ද කියලා නොදන්න බව? කරුණාකරලා ආපහු නිර්වචනය බලන්නකෝ.

      Delete
    7. /ඔව් මා පැහැදිලිවම යෝජනා කරන්නේ ආණ්ඩු පක්ෂය,විපක්ෂය සහ පෞද්ගලික අංශය තුනම අඩංගු ස්වාධීන කොමිෂන් එකක් හෝ සංවිධානයක් මගින් (ලකාවේ TRCSL එක වගේ රජයට කඩේ නොයා) අවම ලෙස රෙගුලාසි කිරීමක්. /

      කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකක්.

      Delete
    8. //අනුන්ගේ කඩවල බිත්තර ආප්ප දාන්නැතුව නමකින් එන්න බැරිද// එහෙම එන්නෙ කොහොමද මහීමා රාජපක්ෂ?මම හරි ආසයි ජෙකිල් ඇන්ඩ් හයිඩ් සෙල්ලමට.මම බ්ලොග් එකක් ලිවුවොත් නම් හැබැයි ඇනෝනිමස්ලට ඉඩ දෙන්නෙ නැහැ ඔන්න.

      Delete
  11. වමුන්ට මා නිතර කියන දෙයක් තමයි, "ඔය ගොල්ලන්ගෙ දර්ශනේ හරි කියලා ඔප්පු කරන්න පොත් වලින් තර්ක ගේන්න එපා. සැබෑ ලෝකයෙ පෙන්නන්න හරිගිය තැනක්" මුන්ට ඒක කර ගන්න බෑ. මොකද කොහේවත් හරි ගිහින් නැහැ.

    අරුණි වගේ ආන්තික ධනවාදීන්ට කියන්න තියෙන්නේත් එච්චර තමයි. පොත් වලින් තර්ක ගේන්න එපා. ඔය ආන්තික ධනවාදය හරි ගිය තැනක් පෙන්නන්න. එහෙම තැන් නැහැ.

    කතා කරනවා නම් පොළොවේ පය ගහලා සාර්ථක වෙච්චි ධනවාදයක් ගැන කතා කරන්න. නැත්නම් ඉතින් අරුණිත් තවත් දීප්ති කුමාර කෙනෙක්ම විතරයි. කියන දේවල් හිස් වචන ගොඩක් විතරයි.

    ReplyDelete
    Replies
    1. @Anonymous December 18, 2012 1:19 AM
      ඔබේ නිර්වචනය සහ යොදාගත් පුද්ගලයින් හරියටම හරි. සරල රේඛාවක් ඇඳල ප්‍රතිවිරුද්ද කොන් දෙකේ වම දකුණ කියල ලිව්වොත් ලකාවේදී එක පැත්තක ඉන්නේ දීප්ති කුමාර අනික් පැත්තේ ඉන්නේ අරුණි. දාර්ශනික තලයේ දී තර්ක වලදී මේ දෙක මැද්දේ හරි මැද ඉන්නේ තක්කඩි, අපි දාර්ශනිකව ඒ දුෂ්ට මැද ස්ථානගත නොවිය යුතුයි. අපි කලයුත්තේ මේ සරල රේකාව තුල අපිව ස්ථාන ගත නොකර මේ ව්යුහයෙන්ම එලියට ඇවිල්ල ප්‍රයෝගික තලයකට මහ පොළොවට එන එක.
      උදාහරණයකට අරුණි සහ දීප්ති හොඳයි දාර්ශනික මිත්‍රයින් විදියට. ඒ අය එක්ක පොළොවේ දේශපාලනය කරන්න බැහැ. මට ලංකාව වෙනස් කරන දේශපාලනය කරන්න ඕන නම් මම තෝරා ගන්නේ මේ දෙන්නගෙන් පිටත ඉන්න අකිල විරාජ් කාරියවසම් වගේ කෙනෙක්.

      Delete
    2. මම සරල රේඛාවක් ගැන කතා කළේ නැහැ. කරන්නෙත් නැහැ. ඇත්තටම සරල රේඛාවක් නැහැ. Nolan Chart එක රේඛීය නැහැ. (http://en.wikipedia.org/wiki/Nolan_chart) ද්විමානයි. එතැන පැහැදිළිව සඳහන් වෙනවා Evolve beyond Left/Right කියලා. ඒක ඔය දීප්තිලා අරුණිලා කතා කරන රේඛීය වම-දකුණට වඩා සංකීර්ණයි.

      Delete
    3. ඔව් මට වැටහෙනවා අයින් රෑන්ඩ් ල දීප්තිලා අරුනිල තාම ඉන්නේ සරල රේකාව තුල එකයි මම ඒක යොදා ගත්තේ .මම ඔන්ලයින් ප්‍රශ්න වල උත්තර දීල බැලුවම හැම තිස්සෙමNolan Chart එකේ මම වැටෙන්නේ Top right – libertarianism. කියන පැත්තට හැබැයි මගේ සමහර අදහස් libertarian නොවෙයි. අයින් රෑන්ඩ් හිටියේත් රේඛීය වම-දකුණට-මැද කියන ව්‍යූහය තුල. මම ඉහත යෝජනා කලේ මේ රේඛීය වම-දකුණට-මැද නොවෙයි David Nolan ගේ ද්විමානයි චාර්ට් එකටත් එහා ගිය ත්‍රිමාණ මහා පොලොව ලෝකය තියනවා නේ ගැහැණු දරුවෝ දේශපාලකයෝ අපි ඔක්කොම ඉන්න අන්න එතන අපි දේශපාලනය කල යුතුයි කියන එක.

      Delete
    4. ලෝකය එච්චර සංකීර්ණ කර ගත යුතු නැහැ. ධනවාදය වගේම සමාජවාදයද උපත ලබන්නේ අවශ්‍යතාවයක් මත. මේ දෙකම නොනැසී තියෙන්නේත් එනිසා. අවස්ථාව අනුව, ගැළපෙන එක යොදා ගනිමු. ධනවාදය අසාර්ථක වෙලා සමාජවාදය සාර්ථක වෙන තැන් ඕනැ තරම් තියෙනවා. උදාහරණයක් හැටියට යුද්ධෙකින් පස්සෙ සීමිත සම්පත් ප්‍රමාණයක් ඉතුරුවන සමාජයක ධනවාදය සාර්ථක වෙන්නෙ නෑ. ඒ සීමිත සම්පත් සාධාරණව නොබෙදුනොත් මිනිස්සු මිනී මරා ගනීවි. ඒ වගේ ප්‍රායෝගික දේවල් අප අමතක කළ යුතු නැහැ. ඕවා හිස් වචන විතරයි. සමාජයක ප්‍රතිපත්ති තීරණය විය යුත්තේ මිනිසුන්ගේ අවශ්‍යතා අනුව මිසක් මාක්ස් හෝ අයින් රෑන්ඩ් හෝ කියපු නිසා නෙවෙයි.

      Delete
    5. ඔව් 100% එකගයි අපි ඕනෑවට වඩා තියරි සහ මතවාද මහපොළොවේ ජීවත් වෙන්න යොදා ගන්න බැහැ. ඇමරිකාවේ රොන් පෝල් දිනන්නේ නැත්තේ එකයි ලංකාවේ රනිල් ට වෙලා තියෙන්නෙත් ඒකයි. අපි පුළුවන් තරම් pragmatic විය යුතුයි. pragmatic වෙන්න දන්නේ නැත්නම් ඒවාට පැවැත්මක් නැහැ.

      Delete
  12. ඕකම වෙන විදියකට....
    http://sathithsithuwama.blogspot.com.au/2012/12/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඉක්මනින් බලන්නම්

      Delete
  13. ධනවාදය මොකද්ද කියලා ඉගෙන ගන්න ඔය හැම දේකටම වඩා හොඳ පකිස්තානු කෙටි කතාවක් තියෙනවා. මට වෙබ් එකේ හමු වුණේ නැහැ. කෙටියෙන් මතක ඇති විදියට කතාව කියන්නම්.

    ඉන්දියානු-පකිස්තාන් පාටිෂන් එකෙන් පස්සෙ අළුතින් ඇති වෙච්චි ගමක (ඉන්දියාවෙන් පකිස්තානෙට ආපු) බාබර්ලා හතර දෙනෙක් සෙට් වෙනවා. ගමත් අළුත්. මුන් හතර දෙනාමත් අළුත්. එකාට එකා දන්නෙ නෑ. හබැයි වැඩ කරන්නත් ඕනැ. ඉතින් හතර දෙනා ගිවිසුමක් ගහනවා අපි හතර දෙනාම වැඩ කරමු හවසට වියදම් බේරලා ඉතුරු වන ගාන සමසේ බෙදා ගනිමු කියලා. ඔක්කෝම එකඟයි. ඉතින් මෙහෙම ටික දවසක් යනවා.

    ටික දවසකට පස්සෙ එක බාබරයෙක් කියනවා මට උඹලට වඩා වයසත් වැඩියි, අත්දැකීමුත් වැඩියි, පවුල් බරත් වැඩියි. මට වැඩිපුර ගණනක් ලැබෙන්න ඕනැ කියලා. (ඒ ඔක්කෝම ඇත්ත. මිනිහා කසාද බැඳලා. අනෙක් අය තනිකඩයෝ.) එයා යෝජනා කරන්නේ එකතු වෙන මුදලින් රුපියල් x එයාට මුලින් දීලා ඉතිරිය හතරට බෙදා ගන්න. මේකටත් අනෙක් අයගේ වැඩි විරෝධයක් නෑ. තව ටික දවසක් මෙහෙම යනවා.

    ඊට පස්සෙ උන්ගේ ලොක්කා අඩුවෙන් වැඩ කරන්න පටන් ගන්නවා. (කොහොමටත් ඌට ගාණක් ලැබෙන නිසා.) වැඩියෙන් වැඩ කරන එකෙක් කියනවා ඌටත් වැඩිපුර ගාණක් ඕනැ කියලා. මාර ප්‍රශ්නයක් මේ කාටවත් ඒක විසඳා ගන්න බැහැ. ඉතින් බිස්නස් හබක්.

    මේ වෙනකොට මේ හතර දෙනාට වැඩට ඉන්න කොලුවා බිස්නස් එක අල්ලගෙන. ඌ කියනවා ඔය කවුරුත් කරදර වෙන්න එපා. මට සල්ලි එකතු කරන්න දෙන්න. හවසට කාටත් කරන වැඩ ප්‍රමාණය අනුව මම ගාණක් දෙන්නම් කියලා. වෙච්චි දේ කියන්න ඕනැ නැහැනෙ. ටික දිනෙකින් ඌ තමයි මුදලාලි.

    ඔන්න ධනවාදය. ඕකේ ඊට වැඩි දෙයක් නැහැ. මොළේ තියෙන ඕනැම එකෙක් නැචුරල් ධනවාදියෙක්. ඕකට අරුණිගෙන් ලෙසන්ස් ගන්න ඕනැ නැහැ. අරුණි ධනවාදය ගැන දන්නා මඟුලකුත් නැහැ.

    ReplyDelete
  14. ඇත්තටම කතා කල යුත්තේ ඔය තියරි ගැන නෙමෙයි. තියෙන කෙහෙල්මලෙන් කොහොමෙයි සරු ඵලදාවක් ගන්නේ කියන එක. අපි කථා කරන්න ඕන ලියන්න ඕන සාඛච්චා කරන්න ඕන බුවාලා පිස්සු කෙලින් එක නවත්ත ගන්න විදියක්....

    ReplyDelete
    Replies
    1. ඇයි පිස්සු කෙලින පිස්සන් එලවන්නේ කොහොමද කියන එක

      Delete
  15. ඔය තුවක්කු පාවිච්චි කිරීමේ නිදහස වගේ පුද්ගල නිදහස ගැන උඩපනින, තක්කඩි හංඟන දේ තමයි ඔය කොයි නිදහසත් මොකක් හරි කොම්පැණියක නහය ලඟින් ඉවර වෙනවා කියන එක. ඇත්තටම නම් අපි කාටවත් ඇති කෙහෙම්මල් නිදහසක් නැහැ , කන්නෙ කොහොමද , බොන්නේ කොහොමද, නිදාගන්නේ කොහොමද, කා එක්කද, අපේ ප්රජාතන්ත්රවාදේ මොකක්ද, ප්රජාතන්ත්රවාදේ දෙන්න ඕනෙ කාටද නොදෙන්න ඕනෙ කාටද රස්සාව කරන්නෙ කොහොමද නැත්තන් හෙට එලිවෙනකොට රස්සාව තියෙයිද නැද්ද ඇතුලු ජීවිතයේ සකලවිද දේ රූකඩ දේසපාලකයො ටිකකුත් ඉස්සරහට දාගෙන පාලනය කරන්නේ කොම්පැනි ටිකක්. අනිත් එක ඒ තීරණ ගන්නේ මනුස්සකමවත්, සාධාරනත්වයවත්, ලෝකයේ අනාගතයවත් සලකලා නෙමෙයි, bottom line එක දිහා බලලා. ඉතිං තුවක්කු දැරීමේ නිදහස ගැන කියන අය අර අහින්සක දරුවො 20 දෙනාගේ ජීවත් වීමට තිබුනු අයිතිය නැත්තන් ඇමරිකාවෙ වෙඩිතැබීම් වලින් වසරකට මැරෙන 25,000-30,000 අතර මිනිස්සුන්ගේ ජීවත්වීමට ඇති අයිතිය ගැන කතානොකරන එක එක අතකට පුදුමෙකුත් නෙමෙයි, මොකද ඒගොල්ලන් උත්කර්ශයට නංවන්න හදන මේ සිස්ටම් එකට මිනිස් ජීවිත තුට්ටුවකටවත් වටිනේ නැතිනිසා.තුවක්කු ඊට වැඩිය හුඟක් වටින නිසා.

    ReplyDelete
  16. අරුණිල බුවාල උදිතල සුද්දන්ට වඩා සුද්දො වෙන්න හදන අය මිසක් රිපබ්ලිකන්වත් ලිබටේරියන්ස්ලවත් නොවෙයි.මේ අය හිතන්නෙ සුද්දො මෝඩයො අපිත් වෙස්ටන් සිස්ටම් කියපුවම වාන්ග මචා වාන්ග කියල කියයි කියල.ඇත්තටම බලුසුද්දො එහෙම කියනව මොකද උන්ගෙ ජනගහනය අඩුවෙමින් යනනිසා ශ්‍රමබලකාය අඩුවේගන යන නිසා.හැබැයි දැන් බටහිර රටවල සංවිධාන තිබෙනවලු ආර්ය සුද්දො ඇර අනික් හැමෝම ගෑස් කාමරවලට යවන්න ඕන කියල කියන.ආයෙ හිට්ලර් බක්කරේ කෙනෙක් නන් වයිට්ස්ල බාබකිව් කරනකොට ඔය කාටත් මුස්ලිම්ස්ලගෙ වටිනාකම් තේරෙයි.මම සිංහල බෞද්ධයෙක්

    ReplyDelete