Pages

Followers

Friday, December 14, 2012

සුද්දට කපු දීම හෙවත් නිදහස් අන්තර්ජාලය

මම හිතන්නෙ මම අද කතා කරන මේ වගේ දේවල් ගැන දැනුවත්වීම  අගවිනිසුරු දෝෂාභියෝගය වගේ දේවල් වලට වඩා බ්ලොග් කරුවන්ට වගේම සියලුම ලාංකිකයින්ට වැදගත් වේවි. අගවිනිසුරු හිටියත් නැතත් ව්‍යවස්ථාව කියල එකක් තිවුනත් නැතත් ලංකාව ඔහොමම තමයි හැබැයි අන්තර්ජාලයටත් කෙලියොත් බ්ලොග් එක වහල ගෙදර යන්නයි වෙන්නේ.

නිදහස් අන්තර්ජාලය - සිය දරුවාගේ නිදහස වෙනුවෙන් දෙමව්පියන් පෙනී සිටීම

"ඇමරිකාව කියන්නේ අන්තර්ජාලය මෙලොවට බිහිකරන ලද දෙමව්පියන් තමයි. අපි ඒ දායාදය ලොවට බිහිකිරීම  ගැන  ඔවුනට ස්තුතිවන්ත වෙනවා නමුත් මේ ගිවිසුමේ  "අන්තර්ජාලය" සහ "ආරක්ෂාව" වගේ වචන  යොදා ඇති තැන්  සමුළුවට ආපු  ඇමරිකානු නියෝජිතයින්   සලකන්නේ හරියට ශාපකාරී වස්කවියක තියන වදන් වගේ. එහෙම කල යුතු නෑ."
 රුසියානු විදෙස් කටයුතු  පිලිබඳ නිලධාරියෙකු වන Andrey V. Krutskikh  ඊයේ  එසේ පැවසුවේ පැවති මේ දිනවල අන්තර්ජාතික විදුලි සන්දේශ එකමුතුව ඩුබායි හි පවත්වන ලෝක  විදුලි සන්දේශ සම්මේලනය (WCIT-12) අතරතුරදීය.

 සභාගත කරපු යෝජනාවක් තුල ඇතුලත් උනා  අන්තර්ජාලය නියාමනය කිරීමේ බල තල පවා  එකසත් ජාතීන්ගේ සංවිධානයට ලබා දිය යුතුයි කියන එක.  මෙම සමුළුවේදී  රුසියාව චීනය සහ අරාබි රටවල්  මේ  "අන්තර්ජාලය" සහ "ආරක්ෂාව" වචන මේ ගිවිසුම  ඇතුලට දාලා  තමන්ගේ රටවල් වල රජයන්ට පාලකයන්ට ඕන ඕන විදියට අන්තර්ජාලයත් වාරණයට ලක් කිරීමට පොටක් පාදා ගැනීමට තමයි ඔවුන්ගේ යටි අරමුණ වුනේ. මේක සම්මත කරලා අත්සන්කර ගන්න සැහෙන වලි කෑවේ රුසියාව චීනය සහ අරාබි රටවල් තමයි .

හැබැයි ඇමරිකාව බොහෝ අයගේ බලාපොරොත්තු බිඳ හෙලමින් ඊයේ මේකට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරල ඉවත්වුණා . එංගලන්තය ,කැනඩාව සහ  ඉන්දියාවත් අත්සන් කලේ නෑ.

විදුලි සන්දේශ තාක්ෂණික කටයුතු විධිමත්ව පවත්වා ගැනීම උදෙසා ඒ සම්බන්ධයෙන් ලෝක එකඟතාවයක් සකස් කර ගැනීමට ඇතිකරන මෙවැනි ලෝක ගිවිසුම තුල    "අන්තර්ජාලය"  යන වදන අඩංගු වීමට පවා ඇමරිකාව මුල ඉදන්ම විරුද්ද උනා. මේක  විදුලි සන්දේශ තාක්ෂණික කටයුතු  විෂය සීමාවේ ගිවිසුමට දැම්මොත් මේක අයථා විදියට භාවිතා කරලා වෙබ් අඩවි,අන්තර්ජාලය වාරණයට ලක් කිරීම වෙන බව ඇමරිකාවේ ප්‍රමුක කැනඩාව සහ එංගලන්තයේ මතය විය.  රුසියාව චීනය සහ අරාබි රටවල් වල තර්කය වුයේ අන්තර්ජාලය එකිනෙකා සම්බන්ධ වෙන්න භාවිතා කරන්නෙත් විදුලි සන්දේශ ජාලයම නිසා මීට එය ඇතුලත් විය යුතු බවයි.

භලලෝභී දේශපාලකයින්ගේ අරමුණු වෙනුවට  නිදහස් අන්තර්ජාලය සහ පුද්ගලයා ගේ නිදහස   වෙනුවෙන් පෙනී සිටීම ගැන ඇමරිකාවට එංගලන්තය ,කැනඩාව සහ  ඉන්දියාවට මගේ ප්‍රණාමය.
තද  දේශප්‍රේමීන් ට අනුව ඕනෑ නම් මේකට සුද්දට පුක දීම කියල උනත් කියන්න පුළුවන්. පුක දෙනවද? වෙඩි කනවද? ඔබ තීරණය කරන්න.


20 comments:

  1. මම නම් සුද්දට පුක දෙනවා. නැත්නම් ඉතින් බොග් ලීවීම කෙසේ වෙතත් බොඅගක් දාලා නිදාගන්න නේ වෙන්නේ....

    ReplyDelete
    Replies
    1. දුන්නත් නැතත් කෝකටත්The K-Y Jelly එකක් කාමරේ පේන තැනක තියපන් සුද්දෝ නැතත් වැරදිලාවත් අර උඹගේ බොගේ එදා දාපු කතාවේ වගේ පැනල යන හිරකාරයෙක් ආවත් වටිනවා නේ. එදිනෙදා ගෙදර පවුලේ සුව සෞක්‍ය සඳහා උනත් භාවිතයට හොඳම වර්ගය ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හදන මේකම තමයි.

      Delete
  2. රුසියාවේ වැඩේට චීනය , බ්‍රසිලය ඉන්දියාව ඔක්කොම බැක් කලා , වැඩේ කෙලවුනා නම් යස . නැත්නම් අපේ රටවල අන්තර්ජාලෙටත් සොරි තමා

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව අන්තිමේ ඇමරිකාව එක්ක එකඟ වෙලා මේකට විරුද්ධව එකතුවුනා. දැන් ඉන්දියන් කාරයෝ හදවතට වඩා බුද්ධියෙන් කටයුතු කරන්න ඉගෙනගෙන

      Delete
    2. එහෙමද , රශියා ටුඩේ මුල් කාලේ කියල තිබුනේ ඉන්දියාවත් බැක් කරනවා කියලා . කොහොම වුනත් මොලේ ඇති වැඩක් කරල එහෙනම්

      Delete
  3. උදිත.. මට ඔය අන්තර්ජාතික දේශපාලනය කියන එක ගැන ඒ තරම් ලොකු දැනීමක් නෑ... හැබැයි මට පේන හැටියට ඇමරිකාව සහ කැනඩාව කියන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ දැනගැනීමේ අයිතිය ජනතාවට උපරිමයෙන්ම දීලා ( හෝ ඒ වගේ පෙන්නලා) දේශපාලනික වශයෙන් ලොකු වාසි ලබා ගන්න රටවල් දෙකක් විදියට... ඔවුන් ඒ වාසිය නැති කර ගනියි කියලා හිතන්න බෑ...

    ReplyDelete
    Replies
    1. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ දැනගැනීමේ අයිතිය තියනකොට වාසිය ඇත්තේ දේශපාලකයින්ටද ජනතාවටද කියන එක යාව ජීව බ්ලොග්කාරියක හැටියට ඔබ වඩා හොදින් දන්නවා ඇතැයි සිතමි. ඔයා කියන විදියට දේශපාලන වාසි ගන්නවා කියමුකෝ එත් දෙන්නේ හොඳ දෙයක්නේ. අරක්කු බෝතලෙයි සිගරට් පැකට් එකයි බත් මුලයි දීල චන්දේ ගන්නවට වඩා මේ වැඩේ හොඳ නැද්ද?

      Delete
    2. නෑ උදිත.. මම අදහස් කළේ.. දැං අපි ඇමරිකන් චැනල් එකක් බැලුවොත් ප්‍රසිද්ධියේ ඒ රටේ ජනාධිපතිට හෝ ඇනෙක් බලවත්තුන්ට චෝදනා එල්ලකරනවා අපිට පේනවා.. එතකොට අපිට හිතෙනව.. අම්මට සිරි.. මුන් ජනාධිපතිටත් අම්මා මතක් කරලා මෙහෙම බනිනවනේ කියලා... නමුත් අපේ රටක එහෙම කරනවා තියා හිතන්නවත් බෑ... නමුත් ටික කාලයක් ඕවා බලනකොට අපිට උනත් තේරෙනවා මේ ඔක්කොම නාට්ටි විතරයි කියලා... ඒත් උඩින් පේන අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය ඒ රටවල දේශපාලකයන්ට ලොකු වාසියක් වෙලා නේ ඇත්තටම...

      මේ අන්තර්ජාලය කියන එක හරියට පාවිච්චි කරන්න තාම අපේ රටේ වැඩි දෙනෙක් දන්නේ නෑ.. දන්න උන් ටික තමයි ඔය කියන විදියේ තර්ජනයක් වෙනව නම්...

      අනිවාර්යයෙන් අන්තර්ජාලය කියන්නේ කිසි‌ෙස්ත්ම වාරණයට ලක් විය යුතු මධ්‍යයක් නෙවෙයි.. නමුත් ඒ ගැන නෙමෙයි මම කිව්වේ..

      Delete
  4. පුකත් නොදී වෙඩිත් නොකා ගෙදර එන්න ක්‍රමයක් නැද්ද ?
    මෙතන මේකනේ බන් තියෙන්නේ..අන්තර්ජාලය කියල
    දෙයක් phy නැහැ.logically තියෙනවා...ප්‍රධාන DNS පද්ධතිය
    වාරණය කිරීමකින් හැබැයි ඔය කව්රුත් නොකියන සෙල්ලම
    කරන්න පුළුවන්..ඒත් හාස්‍යට කරුණ තමා කිසි කෙනෙක් ඒක
    ගැන නොකියා වෙන වෙන දේවල් කියනවා..මොකද ඒ අයම
    දන්නවා ඕක ගැන කතා කරොත් හැමෝටම වැඩ වරදින බව...
    ඉතින් content ගැන වට වේවි කියවනවා..ඕක ඔහොම කරන්න
    දෙන්න..ඔහේ ඇදී ඇදී ගියදෙන් ..කාටවත් වැඩකුත් නැහැ ,
    කාටවත් පාඩුවකුත් නැහැ පොදුවේ.( හැබැයි මන් කිව්ව දේ උනොත්
    නම් ඉතින් කට්ටියටම නිදහසේ මාරියෝ ගගහ ඉඳතෑකි )

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකට තමයි දඟලන්නේ ICANN එක අහෝසිකරලා DNS root zone කළමනාකරණය UN එකට දීල එතනින් පහල ඔක්කොම DNS කළමනාකරණය තම තමන්ගේ රටවල රජයේ ස්වාධීන පාලනයට ගන්න ට්‍රයි එක දෙන්නේ. මුහුද යටින් යන SEA-ME-WE සබ්මැරින් ඔප්ටිකල් කේබල් එක ගල්කිස්ස හරියෙන් ටැප් කරලා තමයි ලංකාව ජාලයට සම්බන්ද වෙන්නේ. මේ ගිවිසුම අවොත් ෂුවර් එකට මේ කේබල් එක ගෝල් ෆේස් එකෙන් අරලියගහ මන්දිරයේ කුස්සියට කෙලින්ම ගිහිල්ල SEA-ME-WE කේබල් එකෙන් direct තාත්තල පුතාලට විතරක් බලන්න නිදහස් අන්තර්ජාලය අපිට හුලං තමයි.

      Delete
    2. ගල්කිස්ස හරියෙන් ටැප් කරලා නෙවේ මචන් ටැප් කරපු එක
      රට ඇතුලට එන්නේ ගල්කිස්සෙන් ටෙලෙචොම් data center එකට.
      උබ ඔය කියන එක දැනුත් වෙනවා මචන් .TCR එකේ අපේ හැමෝගෙම
      හැම විස්තරේම තියෙනවා.ඒ කියන්නේ යවපු sms එකේ ඉඳන් waiting
      හිටපු එක ගැන පවා.තාම කට්ටියට නෙට් එක filter කරගන්න තැනට එන්න
      බැරි උනා.එත් ඉස්සරහට අසබ්‍ය ලේබලේට මුවා වෙලා ඕක කරනවා..ඒකයි
      මන් මේ කියන්නේ ඒ විනාසේ කරගන්න හවුල් වෙන්න එපා කියල.
      බොරුවට රජයට බනින්න ගියොත් වෙන්නේ ඇත්තටම බනින්න වෙන
      දාට මාරියෝ ගහන්න.( උබට දොසක් කිව්වා නෙවේ හොදද ?)
      ශ්‍රී ලංකා මාතෘ භූමියට අපහාස වන අයුරින් ලිපි ඵල කල උදිත නැමැත්තා
      අත්අඩංගුවට...
      කොහොමද හෙඩිම ?
      තිත් දෙකයි ඩී නේද ?

      Delete
    3. උදිතට ගේම දෙන්න නම් ටිකක් අමාරුයි තිත් හතරයි , ඩී දෙකයි

      Delete
  5. ඇමෙරිකන් දේශපාලනඥයන් අන්තර්ජාලයට ඇඟිලි ගහන එකෙන් අයින් කරගන්න නම් කොතරම් දැවැන්ත අන්තර්ජාල සටනක අපි යෙදුනා ද? ඇඟිලි රිදෙනකන් පෙත්සම් යවලයි උන්ගෙ ඇස් ඇරියේ. ඒත් සටන අවසන් නැහැ. හැමදාම ඇති නිදහසක් නැති කරන්න එන අය වැඩියි. ඇති නිදහස රැක ගන්න සටන් වදිනා අය අඩුයි. ඒ නිසා දෙවැනි කට්ටිය උසුලන බර වැඩියි!!!!

    ReplyDelete
    Replies
    1. වැඩ කරන කුඹිය කොහොමත් තමන්ට වඩා විශාල බර ගෙනියනවා නේ

      Delete
  6. ඔය කියන ඇමරිකාවම සෝපා ඇක්ට් එක ගෙනත් පයිරසි කොන්ටෙන්ට් චෙක් කරන්න නීති ක්‍රියාත්මක ආයතන වලට අවසර දෙන්න හැදුවෙ. එතකොට ඒක හොඳයිද? වචනයි පිටු ගානයි වෙනස් උනාට එකම දේ තමයි අන්තිමේ කරන්න හැදුවෙ. කොන්ට්‍රෝල් එක ගන්න එක.

    ඒක හරියට අපෙ ගෙයක් පොලිසියට චෙක් කරන්න දෙනව කියල හිතන්න. අලුත් ඇක්ට් එකෙන් කරන්නෙ පොලිසියට බලෙ දෙනව ගේ චෙක් කරන්න, ඕනෙනම් කුඩු කරල දාන්න. සෝපා එකෙන් කරන්නෙ, අහවල් ගෙදර හොර බඩු තිබ්බ කියල හොයාගෙන ගෙ කුඩු කරන්න බලතල දෙන එක. හැබැයි ගෙදර එකා හොර බඩු තියා ගත්තත්, පොලිසියම ඇවිත් තාප්පෙන් විසි කරල ආයි ඇල්ලුවත් නො කතා ගේ කුඩු කරන්න පුලුවන්, එහෙම නේඩ?

    ReplyDelete
    Replies
    1. දේශපාලකයා නම් අඟහරු ලෝකේ හිටියත් එකයි බලයට කෑදරයි ඇමරිකාව කියල වෙනසක් නෑ.

      Delete
  7. ඒ පැත්තෙන් නම් මමත් දෙමි :P

    ReplyDelete
    Replies
    1. ඉන්දියාවේ උගත්තු ඔය බය නැතුව සුද්දගේ පැත්ත ගන්නේ. අපේ අය තම්බින්ට බැන බැන තම්බින්ටම කපු දෙනවා කාට කියන්නද?

      Delete
  8. ඔය කොයික කරත් පාරිභෝගික අපිට නෙමෙයිනේ හොඳක් වෙන්නේ. පාලන බලය අතේ තවෙන උදවියට තමා හැමදේම...සෝපා එක ගෙනත් සල්ලි නැති අපිට නිදහසේ සින්දුවක් වත් ගන්න තිබ්බ අවකාශේ නැති වුනා නෙවෙද?

    ReplyDelete
  9. ඉතිහාසය හා තොරතුරු තාක්ෂණය ඉගෙන ගන්න පිවිසෙන්න සිංහ පීඩියාවට
    http://sinhapedia.blogspot.com/

    ReplyDelete