Pages

Followers

Wednesday, December 5, 2012

සංගීත ලෝකයෙන් ඉගෙන ගන්න - රනිල් ,සජිත්, විපක්ෂයේ මහත්වරුනි

මේ දිනවල බටහිර සංගීත ලොවේ අංක එක හිමිකරගෙන ඉන්නා ගායිකාව වන්නේ රියානා යයි කීවොත් නිවරිදිය මේ වන විට ඇය ගීත දර්ශක වල අංක එක හිමි කරගත් ගීත 12 ක හිමිකාරියකි.
රියානාගේ  රන්ඩූ වෙවී යාලු වෙවී ඉන්න පෙම්වතා වන්නේ තවත් අංක එකේ ගීත දෙකක් හිමි ගායකයෙකු වන ක්‍රිස් බ්‍රවුන් ය.
ක්‍රිස් බ්‍රවුන් පසුගියදා  ඔහු සහ රියානා ඉන්න  චායාරූපයක්  සමාජ වෙබ් අඩවිය කට දාල  ඊට යටින් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහල තිබුන."What would music today sound like if these kids didn't exist?"කියල. අපි නැත්නම් සංගීත ලෝකය මොනවගේ තැනක් වෙයිද? වගේ ප්‍රශ්නයක් ඔහු අහන්නේ.
ක්‍රිස් නගපු පැනයට  මේ  එම් ටී වී වෙබ් අඩවියෙන් ජේම්ස් මොන්ට්ගොමරි  ලිපියකින්  මෙන්න මේ වගේ පිළිතුරක් දී තිබුනා.(එම ලිපිය මෙතනින් බලන්න)
රියානා නැත්නම් බටහිර සංගීත කර්මාන්තය මොනවගේ තැනක් වෙයිද?  ඇත්ත රියානල වගේ තරු මුල් පුවත් මවනවා තමයි. එත් ඔවුන් එක්කෙනෙක් දෙන්නෙක්  නැතිවුනා කියල සංගීත කර්මාන්තයට මුකුත් වෙන්නේ නෑ.  මේ අංක එකේ හිට් වෙන ගීත කියන්නේ තිරයෙන් පිටි පස්සේ ඉන්න දක්ෂ කැපවුන පිරිසක් එකතුවෙලා කරන වැඩක්  රිහානා , ක්‍රිස් බ්‍රවුන් කියන්නේ උත්කර්ෂයට පමුණුවන ලද හොරණෑ පමණයි  මේ අය ඇවිල්ල කාලෙන් කාලෙට ඇවිත් නැතිවෙලා යනවා මේ වගේ දක්ෂ නැවුම් කටහඬ තියන අය ඇත්තටම ලෝකේ ඕනෑ තරම්  ඉන්නවා.  සංගීත කර්මාන්තය තුල ඉන්න අති දක්ෂ ගීත රචකයින් නිෂ්පාදකයින් සංගීතකරුවන් විසින් නිර්මාණය වන  විශිෂ්ටතම පොප් ගීත කියන්න අතට දීපු හුදු වාහකයින් පමණයි  මේ අය. අද සංගීත කර්මාන්තයේ තිරේ  පසුපස ඉන්න  Max Martin, Linda Perry හෝ Dr. Luke වගේ  අති දක්ෂ ගීත රචකයින් නිෂ්පාදකයින්  හදන ගීතයක්  රියානට නොවෙයි වෙන ඕනෑම ගායිකාවකට නැත්නම් සුපර් ස්ටාර් වගේ වැඩසටහනකින් අලුතින් සොයාගන්න කෙනෙක්ට කියන්න දුන්නත් වෙනසක් නෑ ඒ ගීත හිට් වෙනවා.
ඇත්තටම අද  සංගීත කර්මාන්තය තුල ඉන්න මැක්ස් මාටින් වගේ අය කරපු ගීත බිහි කරපු ගායකයින් ගැන   හොයල බලන්න මේ කියන කතාව ඇත්ත කියල වැඩිදුර නොයාම තේරුම්ගත හැකියි.

 දැන් අර ක්‍රිස් බ්‍රවුන් අහපු ප්‍රශ්නය මම වෙන විදියකට අහන්නයි යන්නේ,  රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස , මහින්ද රාජපක්ෂ  සරත් ෆොන්සේකලා වගේ අයගේ සිට මර්වින් සිල්වා වැනි අය දක්වා අද අපි දේශපාලකයින් යයි කියන දේශපාලකයන් නැත්නම් ලංකාව මොන වගේ තැනක් වෙයිද? මේ අයනැත්නම් ලංකාව ඉවරද?
මහින්ද හිටියේ නැත්නම් දැන් ලකාව දෙකඩ වෙලා ඊළම කියල තව රටක් තියනවද?
රනිල් නැත්නම් යූ  ඇන් පී එක හැම චන්දයක් ම දිනා ගෙනද?
සජිත් නැත්නම් රනිල් ගෙන් පස්සේ යූ  ඇන් පී එකට වෙන නායකයෙක් නැද්ද?
මේ දැන් ඉන්න දේශපාලුවෝ ටික ඔක්කොම නැත්නම් අපිට රට කරන්න කවුරුත් නැද්ද?
  මෙන්න මෙතෙන්දි තමයි ඇත්තටම අපිට බටහිර මියුසික් ඉන්ඩස්ට්‍රි එකෙන් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. පොප් සංගීත ලෝකයට ගීත ගායකයා කවුද කියන එක එතරම්  වැදගත් නෑ තිරෙන් පසුපස වැඩේ තමයි වැදගත්  ලංකාවේ දේශපාලනයටත් මෙන්න මේ දේ දැන් කාලීන අවශ්‍යතාවයක් කියලයි මම කියන්නේ.
  දේශපාලන වේදිකාවේ ඉදිරියට ආවේ නැති උනාට රටට ආදරේ ඇති වැදගත් බුද්ධිමත් දක්ෂ තරුණ තරුණියන් පිරිසක් අපිට ඉන්නවා  මේ අපේ රටේ දේශපාලනයේ වෙන්නේ ලොවෙත් නැති මහා විකාරයක් කියල ඒ අයට තේරෙනවා නේ. මේ බුද්ධිමත් පිරිස ඉදිරියට එන්න අකමැති නම් තිරෙන් පිටුපස සිට හෝ ක්‍රියාත්මක වෙමින් වැඩ කල යුතු කාලය ඇවිල්ල තියෙන්නේ.දැනටමත් ප්‍රමාද වැඩියි කියලයි මම සිතන්නේ,
  
ලංකාවේ මැතිවරණ දිනන්න නම් මිනිස්සු කැමති ඒවා කියන්න වෙනවා රනිල් වගේ කෙනෙක් දිනන්නේ නෑ සජිත් වගේ කෙනෙක් හිතනවා තමන්ට දිනන්න පුළුවන් කියල මහින්ද වගේ මිනිස්සු අතර නැගල යන කතා ටිකක් කිව්වොත් කියලා, මහින්ද මිනිස්සු අහන්න කැමති දේවල් කියල දිනනවා ඒ වගේ දේවල් කරනවා. තේරුම් ගතයුතු දේ තමයි මැතිවරණ දිනන දේශපාලනයෙන් රට කරන්න ගියොත් ටික දවසකින් රට විනාශ වෙලා යනවා කියන එක. වෙන විදියකට කියනවනම් අපේ රටේ චන්දේ  දිනන්න පුළුවන් අය තමයි සාරුව සුනිල් දුමින්ද අනර්කලී මුතුහෙට්ටි මර්වින් පබා රත්තරන් වගේ අය.  දැන් ගැටලුව තමයි මේ අය දිනන්න පුළුවන් උනාට ලංකාව අද ලෝකයේ සිග්පුරුව තායිලන්තය වගේ කලාපීය රටක් එක්ක වත් කරට කර සටන් කරලා රට ඉදිරියට ගෙනියන්න තරම් දේශපාලන ආර්ථික දැක්මක් තියන අය නොවෙයි. මේ අයට එහෙම හැකියාවක් නැහැ නේ. මේ අයගේ දර්ශනයෙන් රට පාලනය කරලා ලංකාවට වෙලා තියන දේ පේනවා නේ.

දැන් අපි කල යුත්තේ කුමක්ද? පැහැදිලිවම මෙන්න මේ රට කරවන දර්ශනය  දිනන පුද්ගලයින්ගේ දර්ශනයෙන්  වෙන්කරගත යුතුයි. උදාහරණයක් ලෙස කියනවනම් ඉහත සංගීත ලෝකයේ  රියානට සින්දු කියන්න පුළුවන් එත් සින්දු හදන්නේ මියුසික්  ඉන්ඩස්ට්‍රි එකෙ තිරෙන් පසුපස සිටින දක්ෂ ගීත රචකයින් නිෂ්පාදකයින් සංගීතකරුවන්. රියානටම සින්දු ලියන්න තනු දාන්න නිෂ්පාදනය කරන්න දෙන්නේ නෑ නේ, මේ විදියටම ලංකාවේ දේශපාලනය දී අපිත් සිතිය යුතුයි නැත්නම් මේ විෂම චක්‍රය කඩන්න බෑ. දැන් ලංකා වේ පක්ෂ වල දිනන්න පුළුවන් දේශපාලකයෝ හෝ ඉදිරියට ගෙන්න  පුළුවන් නව ජනප්‍රිය අය හෝ දේශපාලන පක්ෂ විසින් හුදු වාහකයන්ලෙස පමණක් පාවිච්චි කරන්න ඕන.
 උදාහරණයක් ලෙස යූ  ඇන් පී එකට අද දවසේ  විපක්ෂය ලෙස කලයුතු  වැඩේ තමයි මේක.  එනම් බුද්ධිමත් දක්ෂ තරුණ තරුණියන්ට පක්ෂය තුල තිරෙන් පිටුපස වැඩ කිරීමට  විශාල බලයක් සහ තැනක් ලබාදීම. එත් එක්කම පක්ෂයේ  රට කරවන  ආර්ථික හා සමාජීය ප්‍රතිපත්ති  පක්ෂයෙන් චන්දෙට ඉදිරිපත් කරන  ජනප්‍රිය දේශපාලන චරිත පුද්ගලයින්  ගේ  පුද්ගල දෘෂ්ටි වලින් ස්වයාක්ත කරලා මේ අය උත්කර්ෂයට පමුණුවන ලද හොරණෑ(glorified mouthpiece) ලෙසින් පමණක් යොදා ගැනීම.
  උදාහරණයකට අපිට රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සලකන්න. මොන පක්ෂේ මොන ජනාධිපති ආවත් ඒකට අනුකූලව  වැඩකරන්න වෙනවා.  අන්න ඒ වගේ එක්සත් ජාතික පක්ෂයට පුළුවන් තමන්ගේ  පක්ෂ ව්‍යවස්ථාව අන්න ඒ වගේ ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති දර්ශනය පවා අඩංගු වන අපේක්ෂකයා ගෙන් ස්ව්‍යායක්ත දෙයක් කරන්න. වෙන විදියකට කියනවනම් එක්සත් ජාතික පක්ෂය තුල තිබිය යුත්තේ එක්සත් ජාතික පක්ෂ චින්තනය එක කවුරු ආවත් වෙනස් කරන්න බැරි වෙන්න ඕනෑ රනිල් චින්තනය, ප්‍රේමදාස චින්තනය, කරු ජයසූරිය චින්තනය වගේ දේවල් වලට මේ පක්ෂය ඇතුලට පිටින් එල්ලන්න බැරි කරන්න ඕන. ඒ වගේ පක්ෂයේ පුද්ගලයෙක් යෝජනා කරන පුද්ගලික මතවාදයක් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුල් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වගේ පක්ෂයේ විශාල බහුතර කැමැත්තකින් හැර නොකළ යුතුයි.
  ඇත්තටම රනිල් කියන්නේ මට හිතෙන විදියට මේ තිරෙන් පිටුපස සිටිය යුතු සංගීත කර්මාන්තය තුල ඉන්න මැක්ස් මාටින් වගේ චරිතයක් විය යුතුයි. රනිල් තමන්ගේ සීමාව අවබෝධ කර ගත යුතුයි. රනිල් ට චන්දේ දෙන්න තරම් අපේ ජනතාව දියුණු නැහැ. සජිත් නොවෙයි දයාසිරි ජයසේකර  හරි වාහකයා ලෙස භාවිතා කරලා රටට යහපතක් වන ඉදිරියට යා හැකි ආර්ථික සමාජීය දේශපාලනයක් රට තුල ස්ථාපිත කිරීම අද  දවසේ බුද්ධිමත්, පවතින රජයට විරුද්ධ මත දරන විපක්ෂයේ තරුණ තරුණියන්ගේ අභිප්‍රාය විය යුතුයි.
  රනිල්ට එයාම එන්න ඕන කියල හිතනවා නම්  ඇත්තේ එක විකල්පයකි ඒ ඔබාමාගේ කැම්පේන් මැනේජර් David Axelrod වගේ  චන්ද කෙරුවාවට අති දක්ෂ  පුද්ගලයෙක් හෝ ඩේවිඩ් ලොක්කම ඔබාමාගන් ඉල්ලා ගන්න එක. මංගල සමරවීර නම් ඔය වැඩේට මදි.  මංගල සමරවීර 2005 මහින්ද රජ පුටුවට ගෙනාවා මෙන් රනිල් ගේන එක ලෙහෙසි වැඩක් වන්නේ නැත .

32 comments:

  1. හොඳ අදහසක් , නමුත් ලංකාවේ දේශපාලනය අනුගමනය කරයි කියල හිතන්නවත් බැරි දෙයක් . එජාපයට ගන්නවා නම් උදාහරණයක් නම් අපේ අල්ලපු රටෙත් තියෙයි . සෝනියා ගාන්ධි පක්ෂය දිනවන්න ගේමට බැස්සට රට කරනවන්නේ ඉතාම උගත් බුද්ධිමත් මැතක් දක්වා දුශිත ලේබලයක් ගහගත්තේ නැති මන් මෝහන් , හැබැයි සෝනියාට ඕනි දේ තමයි පක්ෂය ඇතුලේ වෙන්නේ , සජිත්ලා , දයාලා පක්ෂය දිනවලා රනිල්ට රට පාලනය කරන්න දීලා බලා ඉන්න තරම් නම්‍ය ශිලි නෑ , උන්ටත් ඕනි බලය . සජිත්ට වඩා දයාසිරි කතිකත්වයෙන් වගේම දේශපාලන මතවාද වලිනුත් ඉදිරියෙන් , මිනිහා සජිත්ව බදා ගන්න යන්නේ නැතුව රනිල් එක්ක හිටියා නම් හොඳ තත්වයක් පක්ෂේ අස්සේ ගන්න තිබ්බා , මොකෝ දැන් නියෝජ්‍ය නායකය හිටන් පත් කරන්නේ රනිල් නේ

    ReplyDelete
    Replies
    1. බෑ කියලා බැරිය මලේ

      Delete
  2. //තිරෙන් පිටුපස සිට හෝ ක්‍රියාත්මක වෙමින් වැඩ කල යුතු කාලය ඇවිල්ල තියෙන්නේ.දැනටමත් ප්‍රමාද වැඩියි කියලයි මම සිතන්නේ,//

    මෙය නිදහස, ස්වාධීනත්වය, යුක්තිය හා සාධාරණත්වය අගයන අය කැපවී පවත්වා ගෙන යා යුතු වූවක් මිසක් ඉක්මන් වෙන්න හෝ ප්‍රමාද වූවා යැයි සිතන්නට අවශ්‍ය වුවක් නෙමෙයි. අතීතයේ පටන් එහෙම පිරිසක් හැමදාම හිටියා. ලෝකයේ සහ ලංකාවේත්. දේශපාලනයට කිසිදාක නොගෑවිච්ච මගේ තාත්තා වැන්නෙක් ජනතාව දැනුවත් කරන්නයි කැප වී සිටියේ. එහෙම අය මිය යද්දී තවත් අය ඒ අයගේ තැන ගෙන කටයුතු කරගෙන යා යුතුයි.

    ගායක ගායිකාවෝ සමඟ දේශපාලනඥයන් සසඳන්න බැහැ. ගායක ගායිකාවන්ගේ නිෂ්පාදන අපි මිල දී ගන්න එවා. දේශපාලනඥයන්ගේ නිෂ්පාදන අපිට ගෙවන්න සිද්ධ වෙන එව්වා!!!!!!!

    ReplyDelete
    Replies
    1. ජනතාව දැනුවත් කරලා වෙනස් කරන්න හරි අමාරුයි කියලයි මම හිතන්නේ. අපේ රටේ උදේ හවා බන පිරිත් කියන විදියට ජනතාව මොන වගේ වෙන්න ඕනද? බඩට ඇඟට පොකට් එකට තමයි මිනිස්සු වෙනස් කරන්න පුළුවන් මොලේට වද්දන්න හරි අමාරුයි

      Delete
    2. උදිත සමාජවාදයෙන් මේ පැත්තට ආපු කෙනෙක් බව කියා තියෙනවානේ. මම කැළණියේ ඉගෙන ගනිද්දී වැඩියෙන් හිටියේ වාමාංශිකයන් නිසා! කතාබස් කරපු ඒ අය ගැන මතක් කරද්දී, ඒ අය අතර ද්වේෂයෙන් දේශපාලනයට බැස්ස අයට වඩා වෙනත් තොරතුරු නොදන්නාකම නිසා වාමාංශික අදහස් නිවැරදි යැයි අල්ලාගෙන සිටි අවංක හදවත් වලින් සමාජයේ ප්‍රගතියක් සඳහා කැප වෙන්න කැමති අය සිටිය බව මතකයි. මමත් ධනවාදයේ උදාරත්වය ඔප්පු කර පෙන්වත හැකි විදිය එදා දැනගෙන හිටියේ නැහැ. ගෙම්බියක් වගේ ලැගලා සිටිය වලෙන් ගොඩට ආවම තමයි මට නිවැරදි යැයි සිතූව පහදන්නට විජට්ටු ලැබෙන්නේ.

      ජවිපෙ පංති පහක් පවත්වලා එදා කාල්මාක්ස් චින්තනය බෙදුවා සේ, අද ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කරන්න ඇයි බැරි?

      අද මෙහෙ එම උත්සාහයේ මුලු වසර පුරාම නිරත වෙන්නේ ලිබටේරියන් පක්ෂය. රිපබ්ලිකන් පක්ෂයට ජනතාව මතක් වෙන්නේ මැතිවරණ කාලයේ දී පමණයි!!!!!

      Delete
  3. රනිල් ගෙ කතාව හරි. ඔය උඹ නොකියා කියන්නේ ඇමරිකන් සිස්ටම් එක නේ. බුදු හාමුදුරුවෝ ඇමරිකාවේ ජනාධිපති උනත් එෆ්.බී.අයි එකෙන් සී.අයි, ඒ එකෙන් කිව්වාම බුදු හාමුදුරුවොත් සිරියාවට ගහනවා. ඒ එහේ එහෙම සිස්ටම් එකක් හදලා තියෙන නිසා. මෙහෙත් එහෙම ඉන්නවා. නමුත් නාම මාත්‍රිකව. ජනාධිපති උපදේශක, අමාත්‍යංශ උපදේශක විතරක් නෙමෙයි ෆොරින් කන්සල්ටන්ට්ස්ලා, ලෝකල් කල්සන්ටන්ට්ස්ලා ඕන තරම් ඉන්නවා. ඒත් වැඩේ කියන්නේ උන්ට ඇඩ්වයිස් දෙන්නේ ලොක්කා, එහෙම නැත්නම් පක්ෂ නායකයා. අරුන් කෝටි ගනන් පඩි ගත්තට, පඹයෝ. අනික උන්ගෙ ඇඩ්වයිස් ගත්තනම් අද රටක් නෑ. කම්බ බූරූවෝ නේ. භාහිරින් දියුණු වෙලා තිබුනට. සමහර උන් ඉන්නේ 1948, සමහර උන් ගල් යුගයේ.. ඒක නියමෙටම දන්න බුද්දිමතෙක් තමයි මහින්ද කියන්නේ. මම මහින්ද බුද්ධිමතෙක් කිව්වාම. සමහර උන් එදා ඉඳන් කොමෙන්ට් කරන්නෙත් නෑ. ඔය බුද්ධිමත් කියන උන්ගේ ෆේස් බුක් බැලුවම පේනවා. උන්ගෙන් නම් රටට කවදාවත් වැඩක් නැති බව.

    ReplyDelete
    Replies
    1. @මාතලන්
      *//මම මහින්ද බුද්ධිමතෙක් කිව්වාම//** සමහර උන් එදා ඉඳන් කොමෙන්ට් කරන්නෙත් නෑ//
      *බුද්ධිමතෙක් ද කපටියෙක්ද? කපටියෙකු වීමට බුද්ධිමත් වෙන්න ඕනෑ තමා. උබ හරි හැබැයි ඊට පස්සේ කපටියා කියනවා මිස බුද්ධිමතෙක් කියල කියන්නේ නෑ. මොකද කපටි නැති බුද්ධිමතුන් ඉන්නව නේ.
      **හොඳටම ෂුවර් ද මේක කියපු දවසේ ඉඳලද නැත්නම් උඹ කේන්දර බලනවා කියපු දවසේ ඉඳලද?

      Delete
    2. ඒකේ ඇත්තක් තියෙනවා මචෝ. මේ ළඟදිත් එකෙක්ට කියපු එකක් හරි ගිහින් කෝල් එකකුත් දුන්නා. මේ බ්ලොග් ලියන එකෙක්මයි.

      Delete
    3. අයියෝ මාතලන් //බුදු හාමුදුරුවෝ ඇමරිකාවේ ජනාධිපති උනත් එෆ්.බී.අයි එකෙන් සී.අයි, ඒ එකෙන් කිව්වාම බුදු හාමුදුරුවොත් සිරියාවට ගහනවා./// මෙහෙම කියද්දී ඔයා බුද්ධාගම මොකක් දැයි බුදුහාමුදුරුවෝ කවුදැයි නොදන්නා බවයි පෙන්වන්නේ.

      ඒත් ඉතින් තිරශ්චීන විද්‍යාවන් හි ගැලී සිටිනා අයෙක් බුදු දහම දන්නවා යැයි කීමට බැරි නිසා මාතලන්ට සමාව ලැබෙනවා!!!!!

      Delete
    4. මේක දැක්කේ අදයි. බුදු හාමුදුරුවෝ කියන්නෙත් නම්බර් වන් එකාධිපතියෙක්....

      Delete
  4. කේන්දර විශ්වාස කරන එකෙක් මහින්දට බුද්ධිමතාය කිව්වාම මම නම් බලන්නේ උපේක්ෂාවෙන් :p මහින්ද බුද්ධිමතෙක් නම් විමල් වීරවංශත් බුද්ධිමතෙක් .

    ReplyDelete
    Replies
    1. අනිවා. උඹ ඌ ලියපු පොත කියෙව්වනම් උගේ තුන්කල් දැක්ම. ඌ උගේ ටාගට් එකටත් එහා ගිය කෙනෙක්. පරණ උන්ට මූ එක්ක හැරෙන්නත් බෑ.

      Delete
    2. තව එක දෙයක්. මම හඳහනේ එල්ලිච්ච එකෙක් නෙමෙයි. ආත්ම විශ්වාශය ඉතා ඉහලින් අගය කරන්නෙක්.

      Delete
    3. ඔය ********ගේ පොත් කියවනවට වඩා වැඩ ඕනි තරම් තියෙයි , බුද්ධිමත් කමට නෙවෙයි ඕකට තියෙන්නේ කපටි කම එක්ක එකතු වුනු පාහර ගතිය ,ලංකාවේ හිටපු බුද්ධිමත් නායකයෙක් කියල මම ලංකාවේ දකින්නේ එක්කෙනයි ජේ.ආර් විතරයි . අනික් උන් ඔක්කොම කපටියො මිසක් රටක් ඉස්සරහට ගෙනියන්න පුලුවන් බුද්ධිමතුන් නෙවෙයි . දක්ෂකම සහ කපටි කම ඇති පෞද්ගලික සාර්ථකත්වයට (ලොක්කා සහ ලොකු ප්‍රේමේ ) , රටක් ඉස්සරහට ගෙනියන්න ඒක විතරක් මදි . රනිල් වුනත් ජේ.ආර් ගේ කොලිටිය නෑ

      Delete
    4. ජේ ආර් ගැන බුවා සමග එකඟයි. රජතුමා ලොකු ප්‍රේමේ වීරවංශ පිලිවලකට තිව්වොත් ප්‍රේමේ ටිකක් හොඳයි. රජතුමාට කොටියට ගැහුව එකට ලකුණු දෙන්න පුළුවන්. එත් විමලය. අපේ රට ගොඩ දාන්න පුළුවන් සහ කල යුතුයි කියලයි මං විශ්වාස කරන්නේ. මෙතනම බුවා මාතලන් අරුණි 3ක් ඉන්නව මගේ සීයට 3% හරි. මාරයට වගේ කොමෙන්ට් 250 ඕනෑ නෑ හරියට තේරුම් ගන්න පුළුවන් උඹල වගේ තුන් දෙනෙක් හිටියම ඇති.

      Delete
    5. සරත් ෆොන්සේකාගේ පක්සෙ වගේ තමයි අපෙත් පස්සෙ....

      Delete
  5. තුන් දෙනෙක් ඇතිය කිව්වා..ඕන් එහෙනම් අපි කැපුනා....

    ReplyDelete
    Replies
    1. ආයෙත් එන්න ආව එකත් ලොකු දෙයක්

      Delete
  6. ඈමරිකාවේ ඉදගෙන අරිණියි උදිතයි දනවාදයේ උදාරම් කියෙව්වට අපිටනම් ඕක අහන්ඉන්න ඵක හරිම අපුලයි.
    මොකද පෑහෑදිලිවම ඈමරිකාව ඈතුලු බටහිර ප්‍රවාහය 14500ඉදන්ම ලෝකයේ සෙසුරටවල් යටත්කරගෙන උන්ගේ සම්පත් මoකොල්ලකාලා සහ දෑනුත් මකොල්ලකමින් ශක්තිමත්වෙච්ච මකොල්ලකාරී රාජයන්ගේ මාෆියාවක් මිසක් වෙන යමක් නෙවෙයි.
    ඵ් වගේ අපරාදකාර රටක තුන්වනපoතියේ පුරවෑසියන් විදියට ඉදිමින් තමුන්ගේ මුතුන්මිත්තන් කපාකොටා, බිලිදුන් උඩ විසිකර බයිනෙත්තුවට ඈල්ලපු මoකොල්ලකාර සුදු හෑතිකරය ගෑන කියවන බේගල් වර්නනා වලට රෑවටෙන්න තරම් පිස්සුවක් මේරටේ අයට නෑත.
    අපි අදහන්නේ යමක් උපයනවානම් ඵය සාදාරණ්යෙන් ඉපයිය යුතු බවයි.ලෝකයේ දුබල රටවල බෙල්ල මිරිකා සම්පත් හූරාකාගෙන ලෝකෙට ලොක්කො අපියි කියමින් මෝඩ ආතල් ගන්නා රටක් ගෑන කිසිවෙකුට හදවතට ඵකගව උදම් අනන්න පුලුවන්ද?.අපිට නම් කොච්චර සල්ලි තිබුනත් ඵ් වගේ අපරාදකාර රටවල ප්‍රතිපත්ති සමග ඵකගවෙන්න බෑ.නමුත් රුපියලේ කාසියක් අසූචි ගොඩක තිබුනත් ඵ්ක දිවෙන් ගන්නකෑමති මිනිස්සු ඉන්න ලෝකයක ඔයාලා වගේ අයගේ මේ බොරු වර්ණනා ගෑන අපිට පුදුමවෙන්න දෙයක් නෑ.
    හරියට අර කුඩු විකුණලා හරි මoකොල්ලකාලා හරි වෑජබෙන් අපරාදකාරයන්ගේ පවුලේ අයගේ සවුදම වගේ ඵකක තමා මෙයාලට තියෙන්නේ.
    තමුන් මහානර්ඝ ඈදුමෙන් සෑරසිලායෑයි සිතමින් උපන් ඈදුමින් පෙරහෑරේ ගිය මෝඩ උද්දච්ච රජා වගේ, දනවාදයේ බොරු වරුන කියමින් රෙදිනෑතුව පෙරහෑරේ යන උන්දලා ගෑන අනුකම්පාකරනවා ඈර මොනවා කොරන්නද?

    -නිලාන්

    ReplyDelete
    Replies
    1. @nilan
      //බිලිදුන් උඩ විසිකර බයිනෙත්තුවට ඈල්ලපු මoකොල්ලකාර සුදු හෑතිකරය//
      මේවගේ කතා ඔයාල වගේ අයගෙන් අහල තියනවා අහපු දේවල් වලට වඩා මගේ පුද්ගලික අත්දැකීම වෙනස් 1989 දී ඔයාලගේ ඔය ඇදුම් අදින සුන්දර සමනලයින් මගේ ඇස් ඉදිරිපිටම ළමයි 4 දෙනෙක් ඉන්න පියෙක් තමන්ගේ ගේ ඇතුලෙම මම සහ අර ළමයි ඉස්සරහම ඝාතනය කරා.වරද රැකියාවට යාම. ඒ කාලෙම පාරවල් වල හැට දාහක් බල්ලෝ බළල්ලු වගේ මරා ගත්ත හැබැයි හමුදාවෙයි ජේ වී පී එකෙයි දෙපැත්තේම හිටියේ සුද්දෝ නොවෙයි ඔයාලගේ සුන්දර ගම්වල සුන්දර දහම් පාසල් ගිය තරුණයෝ.පාරවල් වල වැටවල් වල බෙලි කපල ගහල තිබුන දර්ශන තාමත් මතකයි.මේවා මම ඇස් දෙකෙන් දැකපුවා.
      ඈමරිකාව යටත් කරගෙන ඉඳල මංකොල්ල කාපු රටවල් සහ කොහොමද මංකොල්ල කන්නේ කියල කියනවද? දැන් කියයි අරාබියේ තෙල් මංකොල්ල කනවා කියල. ඔයා දන්නවද ඇමරිකාව සොයා ගත්ත තාක්ෂනය නැත්නම් අරාබියේ තෙල් තියෙන්නෙත් තාමත් පොලොව යට.
      බොරු වරුන කියමින් රෙදිනෑතුව පෙරහෑරේ යන උන්දලා කවුදැයි මොළයේ අවශ්‍ය ස්ථරය වැඩුන අයට නම් තේරෙනවා.

      Delete
    2. [මේවගේ කතා ඔයාල වගේ අයගෙන් අහල තියනවා අහපු දේවල් වලට වඩා මගේ පුද්ගලික අත්දැකීම වෙනස් 1989 දී ඔයාලගේ ඔය ඇදුම් අදින සුන්දර සමනලයින් මගේ ඇස් ඉදිරිපිටම ළමයි 4 දෙනෙක් ඉන්න පියෙක් තමන්ගේ ගේ ඇතුලෙම මම සහ අර ළමයි ඉස්සරහම ඝාතනය කරා]

      හොරාට කලින් කෙහෙල්කෑන වෑට පනිනවා කියන්නේ ඔවා තමයි.
      1505 ඉදන් සුදු අදිරාජ්යවාදීන් අපේ බිලිදුන් උඩ වීසිකරලා බයිනෙත්තුව ඈල්ලුවේ,කිබුල්ලුන්ට කන්න දෑම්මේ, අවුරුදු12ට වෑඩි සියලු පිරිමින් මරාදෑම්මේ 88-89 ජවිපෙ මිනී මරපු නිසාද?
      ඵතකොට ඔයගොල්ලන්ගෙ මහාලොකු යෑoකියො රතු ඉන්දියානු නිජබිම් ආක්‍රමනය කරලා උන්ව සුන්නද්දූලිකලේ කාන්තාවන් උතුරන හා ලමයින් උනුවතුරෙන් තම්බා,පනපිටින් හමගසා,පනපිටින් පුලුස්සා මරා දෑමපු ඵ්වටත් වගකියන්න ඔන ජවිපෙ වෙන්න ඈති.
      ඵතකොට ඈෆ්ගනිස්තාන්,සිරියා,ඉරාක්,පලස්තීන ඵකී මෙකී රටවල මිනිස්සුන්ව ඈමරිකන් කාරයා මරන්නෙත් ඵ් නිසා වෙන්න ඈති නේද? මාර තියරි තමා.
      ඈත්තම කතාව 88-89 කාලේ රජයේ ආරක්ශක අoශ වලින්පවා සටන්කාමී තරුණයන්ට ලොකු සහයක් ලෑබුනා.
      ජවිපෙ සහ හමුදාව කොටවන්න ඔන කමට ජවිපෙ වගේ ගිහින් හමුදාසෙබලුන්ගේ අම්මලා තාත්තලා මෑරුවේ ප්‍රේමදාස සුනඛයාගේ අතුරු හමුදා විසිනුයි.ඔය අපරාද වෑඩවලට උපදෙස් සහ අනුග්‍රහය ලෑබුනේ CIAඵකෙනුයි මොසාට් ඵකෙනුයි තමා.හොරට නිදාගෙන ඉන්න තමුන්නාසේලාට ඔවා පේන්නෑ නේ.

      88-89 අපරාදවලට වගකියන්න ඔනේ තමුන්නාන්සෙලාගේ ‍යෑoකි ඩිකී ජේආර් නරියා ඈතුලු යූ ඈන්පී මාෆියා කල්ලිය මිසක් මේරටේ ගම්වල අoහිසක තරුණයො නෙවෙයි.දෑන් ජේආර් ප්‍රේමදාස පරම්පරාවල් මකුනො ගානට වෑටිලා අවලoගුවේලා ගිහින් තියෙන්නේ උන්නෑහේලා කරපු අපරාද වලට තමා.ඵ් නිසා කරුනාකර තමුන්ගේ මවු රට වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් සටන්කර අoවක තරුන පරපුරට අපහාසකරන්න කලින් දෙවරක් හිතන්න.ගෙදර නිදාගෙන ඉන්න කොල්ලන්ව අල්ලන් ගිහින් පනපිටින් පුච්චලා රටම මිනීකනත්තක් කරලා තරුන නෑගිටීම මර්දනයකරන ඵක පිටිපස්සේ හිටියේ තමුන්නෑහේලගේ(කියලා හිතාගෙන ඉන්න )CIA,මොසාට් මිනීමරු ඵ්ජන්තයො නෙවෙයිද?
      අදටත් ලoකාවේ පාලන බලය හොබවන්නේ ඈමරිකන් පුරවෑසියො.
      ඵ්හෙම ත්යන ඵකේ සාදාරනය වෙනුවෙන් කතාකරපු,අවිහින්සාවදීව සටන්කරපු ලලිත් කුගන් තරුණයො අතුරුදහන් වෙනවා,අබිරහස් විදියට විශ්වවිද්‍යාල සිසුන් මරාදෑම්මෙනවා.
      ඵ් තරුනයන්ගේ ජීවිත ගෑන කතාකරන්න තමුන්නෑහේලාට කොන්දක් නෑත්තෙ ඈයි?
      මහා ප්‍රජාතන්ත්‍රවාදී ඈමරිකන් පුරවෑසියො පාලනයකරන රටක මෙහෙම වෙන්න පුලුවන්ද?
      මොකක්ද ඔයාලගේ මේ විහිලු පරස්පරය?

      [ඈමරිකාව යටත් කරගෙන ඉඳල මංකොල්ල කාපු රටවල් සහ කොහොමද මංකොල්ල කන්නේ කියල කියනවද? දැන් කියයි අරාබියේ තෙල් මංකොල්ල කනවා කියල. ඔයා දන්නවද ඇමරිකාව සොයා ගත්ත තාක්ෂනය නැත්නම් අරාබියේ තෙල් තියෙන්නෙත් තාමත් පොලොව යට.]
      මරු කතාව.ඈමරිකන් තාක්ශනය තිබ්බ පලියට ලෝකේ රටවල මිනිස්සු මරලා සම්පත් කොල්ලකන්න පුලුවක් කියලාද ඔයාලා හිතාගෙන ඉන්නේ?අපොයි අපොයි මහාලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගෑන කතාකරාට දුප්පත් කරනලද රටවල මිනිස්සු ගෑන ඔයාලගේ හිතේ තියන ඈත්ත ආකල්පය අපිට හිතාගන්න පුලුවන්.ඔවට ලoකාවේ කියන්නේ චොප්පේගේ තියරිය කියලයි.

      -නිලාන්

      Delete
    3. නිලාන් ඔයා මේ කියන්නේ අවංකවම ඔයා හිතන විශ්වාස කරන දේ නම් මට කරන්න දෙයක් නෑ. මට නං ඔයාට කියන්න දෙයක් නෑ වරදක් උණානම් සමාවෙන්න ඔයා ඔයාගේ පැත්තෙන් යන්න මං පාරේ අනික් පැත්තෙන් යන්නම්.

      Delete
    4. මේ අය සත්‍යය සොයා යන්නට වෙහෙසන අය නෙමෙයි. කොමියුනිස්ට් හා සමාජවාදයේ නාමයෙන් ලොව පැහැදිලිව කරන ලද සම්පත් උදුරා ගැනීම් හා ජීවිත හානියන් ගැන නොදන්නවා නෙමෙයි. නොදැන වගේ කතා කරනවා විතරයි.

      ඔවුන් සොයා නොබලා අල්ලා ගෙන ඉන්නා සාවද්‍ය මත අපිටත් එලෙසින්ම බාරගන්නට යැයි කියන මෝඩයන්. මම දැන් ඒ මෝඩයන් වෙනුවෙන් ඉඩක් දීම පවා මගේ අඩවියේ නතර කරලා තියෙන්නෙ. එයින් පාඨක පිරිස තවත් වැඩිවුනා මිසක අඩුවුනේ නම් නැහැ!!!

      සාවද්‍ය මතවාද බොහොමයක් මම දැනටමත් පැහැදිලිව පෙන්නලා සිංහලෙන් ලියා තියෙනවා. වැටහෙන්නෙ නැතැයි කියන්නේ වටහාගන්න උවමනාවක් නැති අයයි. ප්‍රසිද්ධියේ අහන්න ලැජ්ජා වුවත්, සත්‍යය මොනවා දැයි මූලාශ්‍ර මොනවා දැයි දැනගන්න කැමති අය පෞද්ගලිකව ලියා අසා එවනවා.

      සමහර අය ආපසු මුල සිට සටහන් කියවන්නට පටන් ගෙන බව අඩවියේ දත්ත සහ ඉඳහිට වැටෙන ප්‍රතිචාර පෙන්නුම් කරනවා.

      මෙවැනි මෝඩයන් කිසිදාක සත්‍ය සොයන්නට උත්සාහයක් ගන්නා අය නෙමෙයි. ඒ අය වෙනුවෙන් ඇබිත්තන් කාලයක් හෝ යෙදවීම අපේ ඉදිරි ගමන අඩාල කරන්නට ඔවුන් ගන්නා උපාය මාර්ගයක් පමණයි.

      Delete
  7. තිරයෙන් පිටිපස්සෙ ඉඳන්... තිරය ඉස්සරහ දේවල් පාලනය කිරීම ගැන ගන්න පුලුවන් හොඳම උදාහරණය මට හිතෙන විදිහට ජේවීපී එක. දේශපාලන මණ්ඩල සභිකයෝ හරියටම කවුද කියල අදත් වැඩි සද්දයක් නෑ. ජේ වීපී එකට කෙලවුනේ සාටකේ එල්ලෙන්න ගිහින් කියලා මට හිතෙන්නේ. ඒත්.. මිනිහෙකුගේ ජීවිත කාලයක් තුල කලහැකි / නොහැකි දේවල් ගැන හිතුවහම... තුන්වෙනි බලවේගෙන් දෙවෙනි එකට මාරුවෙන්න හරි, පලවෙනි බලවේගේ කොටස් කාරයෙන් වෙන්න හරි උන් එදා ඒ තීරනය ගත්තා. ඒකෙන්ම උන් නැතිඋනා. හැමදේටම එකඟ නැති උනත්, සාපේක්ශව උන් ප්‍රතිශීලීයි කියලා හිතනන් මම කැමතියි. උන්ගෙන් ගන්න පුලුවන් පාඩං තියනවා අරුණි කිව්ව වගේ.. ඒත් දැන් තියන මව්‍රධනය හමුවේ ඒ වගේ දෙයකටවත් ඉඩ ලැබෙයිද කියන එක සැකයක්.

    ReplyDelete
    Replies
    1. දුෂ්කර ගම්වල දරිද්‍රතාවයෙන් තැලිලා පොඩිවෙන මිනිස්සු ජේ වී පී එකට එක්වුණේ තිසර ලෙනින් මාර්ක්ස් හරි සමාජවාදය දේශන අහල තේරුම් අරගෙන නොවෙයි ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් අඩුවක් තියනවා ජේ වී පී එක මේ අඩුවට හේතුව ධනවාදය සහ විප්ලවය කරලා මේකෙන් මිදෙන්න පුළුවන් කියන එක කියන හිස් සංකේතයක්. ජේ වී පී එකට එක්වුන මිනිස්සු තම තමන්ගේ දේවලින් ,බලාපොරොත්තු වලින් මේ හිස් දෙය අර්ථවත් කර ගත්තා. ජේ වී පී එකේ ඒ කාලේ දැන් ඉවරයි.දැන් ජේ වී පී එකට එකතු වෙලා මිනිහෙක්ට කරන්න තියෙන්නේ මුලින් ජනප්‍රිය වෙලා විමල් වීරවංශ කරපු වැඩේ කරල ගොඩයන්න වගේ දෙයක් නේ..ඕකට සිරස සුපර් ස්‌ටාර් තරගයට තරඟ කරත් හරි.

      Delete
    2. ඔක ටිකක් කුහක විවේචනයක් උදිත.සදාකාලිකව වලoගු මාක්ස් ලෙනින්වාදී දර්ශනය ගමට ගෙනියන්න ජවිපේ සමත් උනා කියලයි මම හිතන්නේ.තිසරගේ පෑහෑදිලිකිරීමට ඵකගයි.සාටකේ ඵල්ලීම ජවිපෙට ලොකුම පාඩුවක් උනා.නමුත් කෝපි බොන රනිල් නිදන් සජී වගේ සෙසු විපක්ශයන් අතරේ ජවිපෙ අදටත් ජනතාවට හොද විකල්පයක් කියලා හිතනවා.කොම්පියුටර් ජිල්මාට්,ධවල බීශණ අතරේ ගනමක් යාමට සිදුවීම ජවිපෙට ලොකු අබියෝගයක්.ඵ්ක ජනතාවටත් අදාලයි කියලා හිතනවා.
      අනික ෆාම් කුකුල්ලු වගේ, අනුන්ගේ ඔලු වලින් හිතන(අද කාලේ මිනිස්සු හිතන්නේ ඵක්කෝ මර්වින් සිල්වාගේ.සුවර්නවාහිනියේ,සිරසේ මහරාජාගේ,කිරිබත්ගොඩ සාදුගේ,මහින්ද මාමගේ............ඔලුවෙන් මිසක් තමුන්ගේ ඵකෙන් නෙවෙයි නේ)ජනතාවක් ඉන්න යුගයක ඈත්ත යුක්තිය ගෑන කතාකරන ඵක ජවිපෙට විතරක් නෙවෙයි අපි කාටත් අබියෝගයක් නේ.

      Delete
    3. ඇනෝ //සදාකාලිකව වලoගු මාක්ස් ලෙනින්වාදී දර්ශනය// යනු ඔබ අදහන දෙයක් මිස මා පිළිගන්නා දෙයක් හෝ ලෝක සත්‍යයක් නොවේ. මාක්ස් ලෙනින්වාදී කියන එකම මහා විහිළුවක් මොකද 1921 දී ලෙනින් Kronstadt Soviet සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ට්‍රොස්කි යවනවා කියන්නේ ම මාක්ස්වාදය ට ආයුබෝවන් කීම. රුසියාවේ ලෙනින් ගේ CPSU එක 1921 වෙන කොට මාක්ස් ට පයින් ගහල එලෙව්වේ එහෙමයි ඊට පස්සේ සමානතාව කියන එක කතාකිරීමේ නිදහස එහේ බල්ලට ගියා. ලංකාවේ ජේ වී පී එක නම් බලයට එන්නත් පෙර ඉඳන් නේ මිනී මරන්න ගත්තේ. ආවානම් කොහොමට තියේවිද?

      Delete
    4. @උදිත,

      ජවිපේ දේශපාලනය ගැන නෙමෙයි මම කියන්නේ. ඒක කරපු ක්‍රමවේදය. බිම් මට්ටමින් තමන්ගේ මතය ජනතාව අතර ගෙනියන්න පුළුවන් ක්‍රම වේදයක් ජවිපෙට තිබ්බ එක ගැන. හැමෝම තේරුම් නොගත්තත්, සාපේක්ෂව වෙන කිසිම පක්ෂයකට ඔය වගේ අලුත් අදහසක් සමාජගත කරන ක්‍රම වේදයක් නැහැ. ප්‍රගතිශීලියි කියලා කිව්වෙත්, දේශපාලන අර්ථයෙන් නෙමෙයි. ලාංකික දේශපාලකයා කියන සංදර්භය ගත්තහම පගා ගැහිලි, මැර කම්, දූෂණ අඩුම ජවිපෙ කියල මම හිතන්නේ. උදිත විපක්ෂය විදිහට යූඑන්පී එක කල යුතු දේවල් කියන්නේ, යූඑන්පී එක තුල ලංකාවට අවශ්‍ය පිළිතුර තියනවා කියන අදහසට වඩා පවතින විපක්ෂය කියන අර්ථයෙන් කියන එක මට හැඟුනෙ. ඒ නිසා, මම ජවිපෙ ගැනත් සඳහන් කලේ ඒ වගේ අර්ථයකින් මිසක් ඔවුන්ගේ දේශපාලනය දෘෂ්ඨිය තුල ලංකාවේ ප්‍රශ්නයට විසඳුම තියනවා කියන අර්ථයෙන් නෙමෙයි.

      Delete
    5. පැහැදිලියි තිසර ඔව් ඔවුන්ගේ කාඩර් වරු සවිධාන ශක්තිය සහ ක්‍රමවේදය ඉහලයි

      Delete
  8. ශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් ඇරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
    දැනුම බෙදාගන්න.
    සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
    සෑම ඉරිදාම ඉතිහාස ලිපිය

    ReplyDelete
  9. අදහස් ප්‍රකාශ කරන්න පමා වැඩියි. දැන් මම කල්පනා කරන්නේ මට කෝමද මේ බ්ලොග් එක මඟඇරුණේ කියලා ?

    ReplyDelete