Pages

Followers

Monday, November 26, 2012

ගණිකා වෘත්තිය - නීතීගත කරමුද ? වරදක් ලෙස නොසලකමුද - PROSTITUTION – LEGALIZE OR DECRIMINALIZE?

ගණිකා වෘත්තිය, නීතීගත කිරීම මැයෙන් මාතලන් බ්ලොග්කරුවා ලියනලද ලිපියට මා දැක්වූ ප්‍රතිචාරය වූයේ මේවා නීති ගත කරනවා (legalize prostitution)  කියා නව නීති දානවාට වඩා ගණිකා වෘත්තියේ යෙදීමේ සාපරාධී බව තොර කරන එක (Decriminalization) වඩා හොඳ බවය. නීති ගත කරලා ආණ්ඩුවට පිස්සු කෙලින්න තව බද්දක් ගහන එකට වඩා සාපරාධී බව තොර කරන එක හොඳ නැද්ද? මෙයට මාතලන් ගේ ක්ෂණික පිළිතුර වූයේ උඹ හා අරුණි කතා කරන ළෝකය ගැන  බොහෝ ප්‍රශ්ණ තිබෙනවා. ලංකාවේ මේ තරමින් හෝ තියෙන්නේ නීති රීතී නිසා යන්නය.අරුණිගේ අදහස මම නොදනිමි ඇය ඈ වෙනුවෙන් පිළිතුරු දුන්නාවේ මා මගේ අදහස මෙහිදී කිව යුතුමය. මා කිසි විටක නීති රීති වලින් තොර සමාජයක් ගැන කතා කර නැත. මෙය මාතලන් මා ගැන කරන  සම්පුර්ණ වැරදි අර්ථ දැක්වීමකි.  නීති රීති පොලීසිය උසාවිය අවශ්‍ය දෙයකි. නමුත්  නීති හා රෙගුලාසි වලින් වැළක්විය යුත්තේ තව කෙනෙකුගේ පුද්ගලික නිදහස සහ අයිතීන් උල්ලංගනය වීම පමණි.

ලංකාව යටත් කරගෙන සිටි යටත් විජිත හිමියන් අපිට කිසිසේත් නොගැලපෙන අනවශ්‍යය නීති ගොඩක්  බලෙන් අපවෙත පටවන ලදී . මේවා බොහොමයක් අද කාලයට කිසිසේත්ම නොගැලපෙන නමුත් මොකද්දෝ අවාසනාවකට මේවායේ  ඇලපිලි පාපිලි වෙනස් කර, කපා කොටාවත්  අද කාලයට ඔබින ලෙස වෙනස් කර ගැනීමට  අපේ නීති සම්පාදක  වරු අදටත්  අසමත්ය.

1841 පමණ යටත් විජිත හිමියන් අපට දුන් අයාල ආඥාපනත (vagrants ordinance) සහ ඊට වසර 49 කට පසු 1889 සුද්දන්ම අපිට දුන් වේශ්‍යාගාර ආඥාපනත(Brothels Ordinance) අදටත් නිදහස දිනා ඇතැයි කියන ලංකාවේ ලිංගික ශ්‍රමිකයින්ට එරෙහිව ක්‍රියාත්මක වෙන නීතියයි. (1996, 1998 සහ 2006 දී කරන ලද සංශෝධන නොසළකා හැරිය හැකි තරම් නොවදගත්ය)

මේ  පැරණි විකාර  නීති නිසා ලංකාවේ  වැඩිය දුක් ගැහැට විදින්නේ පිම්පියන්ට වඩා  ඔවුන්ගේ ගොදුර එනම් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන අසරණ ගැහැණු , ළමයි සහ මිනිසුන්ය. මේ නීති ඉවත් කර බලහත්කාරය නොමැති පුද්ගලික නිදහස අගයන ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් වීමට පසු එනම්   ස්ව අභිමත ගණිකාවන් බිහිවන පරිසරයක් ඇතිවන  තුරු ගණිකා වෘත්තිය නිතිගත කිරීමෙන් වැඩි වාසි අත්වන්නේ sex trafficking කරන   සංවිධානාත්මක අපරාධ කල්ලි සහ පිම්පියන්ටයි.

මේ  තත්වය තුල ගණිකා වෘත්තිය නිතිගත කරන එකට කලින් ලංකාවේ විසදිය යුතු මීට අදාළ  මීට වඩා වැදගත් ප්‍රදාන  ගැටළු කීපයක්  කිහිපයක් තිබේ.
1. ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින්  වසරකට 10000 ක් 12000 ක් පමණ ළමයි සහ කාන්තාවන් බලෙන් හෝ දුගීබව උපයෝගී කර රවට්ටා ගණිකා වෘත්තියේ යෙදවීම පිණිස  ගම්බද පෙදෙස් වලින් නගරයට රැගෙන එයි.
2. ලකාවට සංචාරකයන් එන්නේ පුංචි පිරිමි ළමයි හොයාගෙන මේ ගැන ලංකාව ලෝකෙම  ජනප්‍රියයි 20000 විතර කොලු පැටව් මේ වැඩේට ඇබ්බැහි වෙලා නැත්නම් බලෙන් යොදවනවා. 
3. ස්ව අභිමතය (own free will) නිසා ගණිකාවක් වීම ලංකාවේ සාමාන්‍යයෙන් වෙන දෙයක් නොවෙයි. බොහෝවිට ලංකාවේ ගණිකා වෘත්තියේ අනිසි ලෙස යොදවන  ගැහැණු  මිනිස්සු  සහ ළමයි නිරන්තරයෙන්  ශාරීරිකව හා මානසිකව  වධ බන්ධන වලට ලක්වෙනවා එත් ලංකාවේ මේ ගැහැණු මිනිස්සු ළමයි නීතිය ඉදිරියට යන්න බයයි.

 90 % පමණ කොළඹ සිටින  ගණිකාවන්  වේශ්‍යා ස්ත්‍රීන් සපයන්නා විසින්  පහර දී එක්කෝ  මත්ද්‍රව්‍යය දී නැත්නම්  මගේ තර්කයට  මෙතනදී වඩාත්ම වැදගත්  කාරණය  පොලිසියට අල්ලලා දෙනවා  හිරේ දමනවා පත්තරේ ටී වී  එකේ ගිහින් හැමෝම දැන ගනියි කියා බිය ගන්වා තර්ජනය කිරීමෙන් තමයි දිගටම තමන් ගාව තියා ගන්නේ. ගණිකා වෘත්තියේ යෙදීමේ සාපරාධී බව තොර කරන එක (Decriminalization)  කරාම මේ අනතුර ඒ ලිංගික ශ්‍රමිකයන්ට නැති වෙනවා. ඒ නිසා මේ ස්ව කැමැත්තෙන් තොරව මේවායේ යොදවන ගැහැණු බය නැතිව එලියට ඇවිත් නීතියේ පිලිසරණ පතාවී .

ගණිකා වෘත්තියේ යෙදීමේ සාපරාධී බව තොර කරන එක(Decriminalization of prostitution) මේ මොහොතේ ලංකාවේ ගණිකා වෘත්තිය නිතිගත  කිරීමට  වඩා හොඳ සහ  කල යුතු වඩා අර්ථවත්  ප්‍රයෝගික  රාජ්‍ය ප්‍රතිපත්තිය නොවේද ?

9 comments:

  1. හැම දේම වැරදියට දැහැගන්න( dahaganna ) බලන් ඉන්න
    අය මේකෙනුත් ආයෙම පරණ පුරුදු ඔබ තුමාම කියන වැරදි,
    අමානුෂික වැඩ ටික ලයිසන් පිට කරයි..අපිට ලයිසන් තියෙනවා
    යකෝ කිව්වා ගමන් වෙන්නේ මහ ඒජන්ත ගියත් කට වහන්
    එන්න .ඕක කරන්න කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ අනික .
    මොකද ලංකාව 77 J.R කෑව දැන් මෙන්න වේස කමේ යන එකත්
    නීති පොතේ ලියල ඉතුරු ටිකත් කන්න යනවා කියන චෝදනාවට
    කිසිම දේශපාලකයෙක් කැමති වෙන එකක් නැහැ නම ගාව ගන්න ..

    ReplyDelete
  2. // ගණිකා වෘත්තියේ යෙදීමේ සාපරාධී බව තොර කරන එක (Decriminalization) කරාම මේ අනතුර ඒ ලිංගික ශ්‍රමිකයන්ට නැති වෙනවා. ඒ නිසා මේ ස්ව කැමැත්තෙන් තොරව මේවායේ යොදවන ගැහැණු බය නැතිව එලියට ඇවිත් නීතියේ පිලිසරණ පතාවී .//

    නීතීයේ පිලිසරණ පතන්නට නීතීයක් තියෙන්න එපාය. ඔය සුද්දා බලෙන් පටවපු නීතීය හින්දා තමයි රටේ මහජනතාවට ඔබ කියනා නිදහස ලැබුනේ. නැත්නම් ඉතින් රාජ නීතීය විතරයි, වැඩවසම් ක්‍රමය. රජ්ජුරුවන්ට කඹුරන එක විතරයි. කරුමේ කියන්නෙ. සුද්දා 1948 ගිහින් අද ජීවත් වෙන්නේ 2013 කියන් වසරට ඔන්න මෙන්න කියලා, අපි ඉන්නේ තාම 1948 ඔළුවේ තියාගෙන. මට ඔබේ තර්කය මුල ඉඳලම ඉතා පැහැදිලිව තේරුනා මචෝ

    ReplyDelete
  3. Decriminalization of prostitution කියන වචනේ ගැන නම් මට ඒ තරම් තේරුමක් නෑ උදිත...

    පෞද්ගලිකව ගෑණියෙක් විදියට මම ගණිකා “ වෘත්තිය” කියන එක ගැන කැමැත්තක් නෑ.. කිසිම කෙනෙක් ඒක කරනවට කැමතිත් නෑ... ඒක වෙනම කතාවක්...

    ඒත් මේ සමාජයේ ගණිකාව කියන තත්වයට තියෙන නොපිළිගැනීම නැති කරන කම් නීතියක් ගෙන ඒමෙන් වෙන්නෙ තත්වය තවත් බැරැරුම් වෙන එක කියලා මාත් හිතන්නේ.. ‌

    ඒකට මම දකින හේතුව නම් ලංකික සමාජය තාමත් ලිංගිකත්වය කියන එක හංගගෙන කතා කරන, ගතානුගතික සමාජයක් වීම... අනිත් එක මේ රටේ වැඩිපුරම කරන්නේ නීති පිළිපදිනවට වඩා නීති කඩන එක..

    ලිංගික නිදහස කියන එක යම් තරමකින් හෝ එළිපිට කතා කරන කාලයකදි මේ වගේ නීතියකින් වැඩක් ගන්න පුළුවන්.. නමුත් දැං මේ වගේ දෙයක් කිරීමෙන් සිද්ධ වෙන්නේ මේ අසරණ ජීවිත තවත් පෙලන්න චාන්ස් එකක් හම්බුවෙන එක විතරයි...

    ඕක මම කිව්ව විදිය වැරදියිද මන්දා මාතලන් මාවත් තේරුම් ගත්තේ ගණිකාව පහත් කරලා සලකන, උඩින් විතරක් අනුකම්පාව දක්වන කෙනෙක් විදියට...

    ///90 % පමණ කොළඹ සිටින ගණිකාවන් වේශ්‍යා ස්ත්‍රීන් සපයන්නා විසින් පහර දී එක්කෝ මත්ද්‍රව්‍යය දී නැත්නම් මගේ තර්කයට මෙතනදී වඩාත්ම වැදගත් කාරණය පොලිසියට අල්ලලා දෙනවා හිරේ දමනවා පත්තරේ ටී වී එකේ ගිහින් හැමෝම දැන ගනියි කියා බිය ගන්වා තර්ජනය කිරීමෙන් තමයි දිගටම තමන් ගාව තියා ගන්නේ. ගණිකා වෘත්තියේ යෙදීමේ සාපරාධී බව තොර කරන එක (Decriminalization) කරාම මේ අනතුර ඒ ලිංගික ශ්‍රමිකයන්ට නැති වෙනවා. ඒ නිසා මේ ස්ව කැමැත්තෙන් තොරව මේවායේ යොදවන ගැහැණු බය නැතිව එලියට ඇවිත් නීතියේ පිලිසරණ පතාවී .///

    ඇත්තම කිව්වොත් උදිත මේකටත් නීතියක් තියෙනවානේ... නමුත් එන්නේ නෑ.. ඇයි.. නීතියට වඩා බය තියෙන්නේ සමාජයට... ඒකයි නැති කරන්න ඕනේ.. ඒක නැති නොකර නීතිගත කලොත් වෙන්නේ ඒ නිතියෙනුත් රිංගලා යන්න ක්‍රමයක් හොයාගෙන තවත් ජීවිත විනාස කරන එක... මොකද එතකොට දන්නවා වැරැද්දක් නෙවෙයි කියලා... එත‌ෙකාට රේප් එකකට වත් උසාවියකට යන්න බෑ.. කිව්වොත් “නෑ මෙයා සල්ලි වලට මාත් එක්ක හිටියේ ” කියලා.... මිනිහා නිකම්ම නිදහස්...

    ReplyDelete
  4. මාතලන්ට කියන්න ඕනි වැදගත් කරුණු ටිකක් මේ ලිපියේ තියනවා , මාතලන් තෙරුන් නොගන්න දේ තමා නිතිගත කලත් එකේන් වාසි වෙන්නෙ පිම්පියන්ටම තමයි කියන එක

    ReplyDelete
  5. නීතිය තිබිය යුත්තේ මනුෂ්‍යයාගේ සුව පහසුව පිණිසම තමයි..ඔබ දැන් කියන බොහෝ දුරුවල තැන් තිබුනත් මේ ක්‍රමය තුල කාන්තාවට යම් ආරක්ෂ ාවීමක් ලැබෙනවා...
    අඩුතරමෙ ගමෙන් ලිංගික ශ්‍රමිකයන් රැගෙන එන වෙලාවක හරි එහෙම නැත්නම් වෙනත් අවස්ථාවක හරි ස්ව කැමැත්තෙන් ලිංගික ශ්‍රමිකයාට මේ රැකියාවෙන් ඉවත් වෙලා යන්න පුලුවන් හැකියාව බොහෝ දුරට තියෙනවා...
    නමුත් ඔබ කියන ගණිකා වෘත්තිය වරදක් නොවන පසුබිම හරිම භයානකයි කියලා තමයි මට හිතෙන්නෙ...
    සුලුතරයක් දැඩි පීඩාවකට ලක් වුනාට...මේ ගණිකා වෘත්තිය තුල වැරැද්දක් නැතිවුනාම ඇතිවෙන්න පුලුවන් ප්‍රශ්ණ වැඩියි...

    ReplyDelete
  6. //උඹ හා අරුණි කතා කරන ළෝකය ගැන බොහෝ ප්‍රශ්ණ තිබෙනවා.// ප්‍රශ්න තියෙන්නේ විසඳාගන්න නේද? :) නැතිව ප්‍රශ්න තියෙනවා කියල හැමදාම කරන වැරදි කරමින් ඉන්න නෙවෙයිනේ නේද? :)

    මමත් නීති රීති වලින් තොර සමාජයක් ගැන කිසිම විටෙක කතාබහ කරලා නැහැ. නීති රීතීන් ස්වභාවික නීති රීතින් අනුව එකඟ විය යුතු බව පමණයි කියන්නේ. මාර්ග නීති බොහොමයක් ස්වභාවිකයි, දඩ කොලය ලියන පොලිස් නිලධාරියා හිටියත් නැතත් හිමින් යන්න කියලා තියෙන වංගුවක මහා හයියෙන් ගියොත් වාහනේට සහ රියැදුරාට තුවාල වෙනවා.

    නීති රීති, පොලීසි හා උසාවි අවශ්‍ය වූවක් යැයි මා දරන මතය ද වෙයි. ආණ්ඩුව ඒවාට ඇඟිලි ගහද්දී තමයි විකෘතිය ඇතිවෙන්නේ. මේ තරමින් ලංකාව ඉතිරි වෙලා තියෙන්නේ නම් නීති රීති නිසා නෙමෙයි. මිනිසා ස්වභාවයෙන් ම යහපත් මිනිසෙකු නිසයි. විකෘතිය වැඩි වෙන්න වැඩි වෙන්න මිනිසුන් අතර යහපත් බව අඩුවෙනවා. දැන් තියෙන්නෙ ලංකාවේ විකෘතිය වැඩිවෙමින් යන කාලයක් .... මේ විදියටම තව ඉස්සරහට ගියොත් තවත් යහපත් බව අඩුවෙනවා මිසක් වැඩිවෙන්නෙ නැහැ. ආණ්ඩුවේ ඇඟිලි ගැසීම් අඩුවෙද්දී විකෘති ස්වභාවය අඩු වී යහපත් බව ඉස්මතු වෙනවා. යහපත් බව ඉස්මතු වෙන්නට නම් ආණ්ඩුවේ ඇඟිලි ගැසීම් අඩු වෙන්නට ඕනෑ.

    මේ මේ දේවල් සාපරාධී හා මේ මේ දේවල් නීතිගත කළ යුතු යැයි තීරණය කිරීම ආණ්ඩුවේ ඇඟිලි ගැසීම්.

    අද පූජ්‍ය පක්ෂය දේශපාලනය කරන්න ගිහින් නිසා හොඳ නරක කියා දෙන්න කෙනෙක් නැහැ. අද ආණ්ඩුවේ ඉන්නා හොඳ නරක කියා දෙන්න යන නිසා දේශය පාලනය කිරීම යනු කුමක් දැයි දන්නේ නැහැ.

    //ලංකාව යටත් කරගෙන සිටි යටත් විජිත හිමියන් අපිට කිසිසේත් නොගැලපෙන අනවශ්‍යය නීති ගොඩක් බලෙන් අපවෙත පටවන ලදී .// මානව හිමිකම් හා පුද්ගලික දේපල අයිතිය මොනවා දැයි සකල ලෝක වාසීන්ම නොදත් කාලේ ගෙනාපු නීති ඒවා ගෙනාපු අය විසින් අද වෙනස් කරගෙන ඇතැයි තවමත් දකින්නේ නැත්තේ ඒවා ගෙනෙන්නට කළින් තිබිච්ච යල්පැනපු නීති රීති නිවැරදි වූ හා මානව හිතවාදී වූ මහා උසස් ලෙසකින් තවමත් සලකන නිසයි!!!

    ReplyDelete
  7. මෙතන මා කියපු දේ තේරුම් නොගත් අයත් ඉන්නවා. ඒත් මගේ තැනක් නොවන නිසා මෙය අපවිත්‍ර කිරීමට කැමති නෑ. තාමත් කිසිම කෙනෙක් නොකරපු දේ තමයි. කොළඹ වීදී ගණිකාවක් මේ දේ දකින විදිය තේරුම් නොගැනීම. මම මේ පරිසරයේ ජීවත් වෙන නිසා මම හොඳටම දන්නවා බුලත් විටක් විතරක් කන ගෑණු අය. වැලිකඩ දැම්මයින් පස්සෙ එළියට එන්නේ කුඩු ගහන කෙනෙක් වෙලා. නීතියක් ගෙනාවනම් වාසිය ලැබෙන්නේ ඔවුන්ටයි. පොලීසියට බිව්වයින් පස්සෙ ආතල් ගන්න මේ ගෑණු අයව උස්සගෙන යන්න බෑ එතකොට. ඔය කියන අනිත් හැමදේම නීතිය ගෙනාපු රටවලත් වෙනවා. කිසිම කෙනෙක් ඔවුන්ගේ දෑසින් මෙය නොදැකපු එකයි කනගාටුව.

    ReplyDelete
  8. http://ganakamadura.blogspot.com/2012/11/brothel-in-srilanka.html

    ReplyDelete