Pages

Followers

Friday, November 30, 2012

ආදරයට බාධා කල බර්ලින් පවුර -Love of the Cold War

හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්, දේශප්‍රේමියෙක්... ඒ වගේම  ගීත රසිකයෙක්ද  වන මාතලන් ගොයියා අද උදේ පාන්දරම  ඔහුගේ විප්ලවීය බ්ලොගය හරහා බර්ලින් තාප්පය දෙවන වරටත් කඩා දමා  සමාජවාදයෙන් බැට කකා සිටින මෙහි සිටින  ජනතාවට නිදහස ලබා දීම ගැන පළමුව මගේ විප්loveවීය ආචාරය. මෙම පොස්ට් එක සම්පුර්ණයෙන්ම කොලිටි අඩු මාතලන් අනුකරනයකි.
 Winds of change ගීතය නැවත මතක් කරලා හදපු නොස්ටැල්ජියාව   කොමෙන්ට් එකක් විතරක් දාල දරාගන්න බැරි තරම් දරුණු  වුන නිසා තමයි මේ පොස්ට් එක ලියවෙන්නේ.
  අපේ රටේ පිරිසක් ඉන්නව තාම  සමාජවාදී නැගෙනගිර ජර්මනිය මාර රටක් කියල හිතන . ඒ අයට අනුව මේ තාප්පය තිබුනානම් හොඳයි.  තාප්පෙන් එහා පැත්තේ ඇත්තටම හිටිය වුන් තමයි දන්නේ වැඩේ කොහොමද කියල. පුලුවන්නම් බ්ලොග් වල සමාජවාදය මාරයි කියල මාත් එක්ක කොකු දාගන්න අය ඒ කාලේ බර්ලින් තාප්පෙන්  එහා පැත්තේ කට්ට කාපු කෙනෙක්ට කියල බලන්න හොඳ දෙකක් අහගන්න පුළුවන්. 
   ලංකාවේ  වම්මු එක්ක මට තියන ගැටලුව තමයි මේ අය කට්ට ගාගෙන බඩගින්නේ ඉදගෙන රස්සා නොකර ෆුල් ටයිම් කාඩර් වරු ලෙස අපි වෙනුවෙන් සමාජවාදය  දිනා ගැනීම සඳහා ජීවිතය කැප කරලා ශ්‍රේෂ්ඨ සටනක නිරතවනවා  කියල නේ කියන්නේ. ඇයි මේ අපි හැමෝටම බලෙන් සමාජවාදය අරන්  දෙන්න හදන්නේ. වම්මු  හිතනවා එයාල දන්නවා අපිට ඕනෑ දෙය අපි ආස කරන ලංකාවේ මුළු ජනතාවටම ඕනෑ දෙයත්  මොකද්ද කියල.  ලංකාව තවත් නැගෙනහිර ජර්මනියක් සමාජවාදී රුසියාවක් කරන්න හදන අයට ඔය  අසාර්ථක සමාජවාදී අත්හදා බැලීම මාරාගෙන මැරිලා හරි කරන්න ඕන කියල හිතන  අයට මං කියන්නේ මේකයි ඇයි මේ අනිත් අයට, අපි  හැමෝටම  ඕක බලෙන් විපරීත විදියට දෙන්න හදන්නේ ලෝකයේ දැනටමත් කියුබාව උතුරු කොරියාව වෙනිසියුලාව චීනය වගේ  සමාජවාදී රටවල් තියනවා නේ. ඔයාල ඔයි තරම් ආස නම් අර චේගුවේරා විප්ලව කරන්න වෙන රටවලට ගියා වගේ  කරුණාකරලා ඒ රටවලට ගිහින් සමාජවාදය රස බලමින් මැරෙනතුරා ඉන්නකෝ. ආපසු නෑවිත්.
  දැන් ඉතින් අයිත්  මතෘකාවට එමුකො. මේ නැගෙනහිර ජර්මනිය සහ බටහිර ජර්මනිය වෙන් කරන බර්ලින් තාප්පය   බිඳහෙලීමේ සංකේතාත්මක ගීය ගැන මාතලන්  කිව්වා නේ මේ තාප්පේ කඩන්න ඉස්සෙල්ල තාප්පෙන්  එහා පැත්තේ  කෙල්ලෙක්ට  මෙහා පැත්තේ කොල්ලෙක් ගේ ක්‍රෂ් එක ගැන කියවෙන අපූරු ආදර ගීතයක් තියනවා.   කියන්නේ ලංකාවෙත් ජනප්‍රිය ගායකයෙක් වන එල්ටන් ජෝන් (Elton John). එල්ටන් ජෝන් ට මේ ගීතයේ පසුබිම් ගායනයෙන් සහය වෙන්නේ තවත් ජනප්‍රිය ගායකයෙක් වන ජෝර්ජ් මයිකල් (George Michael)
ධනවාදී බටහිර ජර්මන් තරුණයෙක් තාප්පේ එහා පැත්තේ සමාජවාදී නැගෙනහිර  දේශ සීමා මුර සෙබළියක් පිළිබඳව සිතක් පහල වෙලා දේශසීමා මුර කපොල්ල මෙහා පැත්තේ ඉඳන්  පැණි හලන්න ගන්නවා එත් ඔහුට ඒ පැත්තට යන්න දෙන්නෙත් නෑ ඇයට මේ පැත්තට එන්න දෙන්නෙත් නෑ.  
 මේ ගීතයේ පසුපස තියන අපුරු කතාව තමයි විෂම ලිංගික  කෙල්ලක්  සහ කොල්ලෙක් අතර ආදරය ගැන කියන මේ ගීතයේ ගායකයන් දෙදෙනාම සමලිංගිකයන් වීම.  ගීතයේ නම සහ ගීතයේ තරුණියගේ නම නිකීටා. ගීතයේ වීඩියෝවේ නිකීටාට ඉන්නේ රූමත් තරුණියක් උනාට   රුසියානු බාසාවෙන් නිකීටා නම යොදන්නේ කොල්ලන්ටලු. ඉතින් එල්ටන් ලොක්ක ව්‍යංගයෙන් මේ ගීතයේ කියන්නේ කොලු ආදරයක් ගැන වෙන්නත් පුළුවන්.
ගීතයේ දල අනුවර්තනය මෙහෙමයි

ලොවේ සීතල මුල්ලක නේද ඔබ ඉන්නේ නිකීටා..
තාමත් ඔබට උණුසුම් හදවතක් මුණගැසුනේ නැද්ද?
මම ඔබව දැක්කා තාප්පේ එහා පැත්තේ ඉන්නවා
උබලගේ සොල්දාදුවන් දහයකට විතර මැදිවෙලා
ඔයාගේ දෙනෙත් හරියට හිම මත ගිනි පුලිඟු වගෙයි
ඔයාට දැනගන්න ලැබෙන්නේ නෑ තාප්පෙන්  මේ පැත්ත ගැන කිසි දෙයක් 
ඔබව වැළඳගත්තම මොන වගේ හැගීමක් දැනේවිද කියල කවදාවත් මට දැන ගන්නත් විදියක් නෑ

නිකීටා ඔබ මන් ගැන සිහින මවල තියනවද
ඔයාට මන් ලියන ලියුම් කියවන්න ලැබුනද
නිකීට ඔබ රාත්‍රියේ අහසේ තරු ගැනල තියනවද
කවද හරි ඒ දවස උදා උනොත්
තුවක්කු, ගේට්ටු තාප්ප ඔයාව මේ පැත්තෙන් වෙන් නොකරන
ඔබට නිදහසේ තෝරාගන්න පුළුවන් දිනක
එන්න බටහිරට මා සොයාගෙන
ඔබ එනතුරු තරු ගනිමින් මන් බලා ඉන්නම්
ගීතය මෙතනින් රස විදින්න
Elton John - Nikita

Powered by mp3skull.com
මේ තියෙන්නේ ඉංග්‍රීසි පද වැල
Hey Nikita, is it cold in your little corner of the world?
You could roll around the globe and never find a warmer soul to know
Oh, I saw you by the wall
Ten of your tin soldiers in a row with eyes that looked like ice on fire
The human heart a captive in the snow
Oh Nikita, you will never know anything about my home
I'll never know how good it feels to hold you
Nikita, I need you so
Oh, Nikita is the other side of any given line in time
Counting ten tin soldiers in a row
Oh no, Nikita, you'll never know
Do you ever dream of me?
Do you ever see the letters that I write?
When you look up through the wire, Nikita, do you count the stars at night?
And if there comes a time, guns and gates no longer hold you in
And if you're free to make a choice, just look towards the west and find a friend
Oh Nikita, you will never know anything about my home
I'll never know how good it feels to hold you
Nikita, I need you so
Oh, Nikita is the other side of any given line in time
Counting ten tin soldiers in a row
Oh no, Nikita, you'll never know
මෙන්න වීඩියෝව හරිම ලස්සනයි තාප්පේ මෙහා පැත්තේ ගේට්ටුව ගාව චාටර් වෙන හැටි


12 comments:

  1. උඹත් එක්ක බෑ බන්... කමක් නෑ... මම ලිව්වා වගෙ තමයි.. උඹ අර කට්ටියට එක එක රටවල් නම් කරලා ඒවට යන්න කියන එක කැතයි. මොකෝ හොඳම එක වන උතුරු කොරියාව ගැන කිසිම සඳහනක් නෑ. මේකද උඹලගෙ ප්‍රජාචන්ත්‍රවාදේ....

    ReplyDelete
    Replies
    1. නෑ මචං ඇත්ත සිදුවීමක් මම දන්න ලංකාවේ ජේ වී පී පොරක් ඉන්නවා මෙහෙ නිව් යෝර්ක් පැනපු දවසක් රුසියන් කාරයෙක් ඇවිල්ල මිනිහ එක්ක කතාවට වැටිලා අපේ පොර සහෝදර කමින් රුසියාව සහ සමාජවාදය හොඳයි කියල මිනිහ එක්ක කතාවට වැටුන ගමන් රුසියන් කාරයට මල පැනල දෙන්න ගත්ත ජෙප්පට දුවන්න.

      Delete
  2. අලේ...මේ සීයලා දෙන්නා මාරුවෙන් මාරුවට බර්ලින් තාප්පය ගැන කියන්න ගත්තනෙ ඒ පාර..ඒ විතරක්ද...මේ සින්දු දාලා අපිව හොල්මන් කරනවා අප්පා...හි හි හි..

    //ධනවාදී බටහිර ජර්මන් තරුණයෙක් තාප්පේ එහා පැත්තේ සමාජවාදී නැගෙනහිර දේශ සීමා මුර සෙබළියක් පිළිබඳව සිතක් පහල වෙලා දේශසීමා මුර කපොල්ල මෙහා පැත්තේ ඉඳන් පැණි හලන්න ගන්නවා එත් ඔහුට ඒ පැත්තට යන්න දෙන්නෙත් නෑ ඇයට මේ පැත්තට එන්න දෙන්නෙත් නෑ. //

    අපේ එකෙක් උනා නම් කොහොමද...ඔය තාප්ප එහෙනම් එදාම කුඩු...:P

    උදිත අයියා සිරාවට...ඔයාගෙයි මාතල්න් ගෙයි තියෙන songs වල taste එක නම් නියමයි...

    // ඉතින් එල්ටන් ලොක්ක ව්‍යංගයෙන් මේ ගීතයේ කියන්නේ කොලු ආදරයක් ගැන වෙන්නත් පුළුවන්.//

    එල්ටන් විතරද..ඇයි ජෝර්ජ් මයිකල් ....එයත් පිටි පස්සෙන් ඉඳලා කොඳුරන්නෙත් එහෙම වෙන්ටෑ...හි හි

    ඔය ජෝර්ජ් මයිකල්ගේ Careless Whisper සින්දුව මගේ පණ අර ගන්න තරම්...ඇයි එතකොට Last Christmas ...අම්මෝ...

    ReplyDelete
    Replies
    1. නගේ සීයල උනත් අපි ජොලි සීයල තමයි ...
      ඇත්තටම මේ ගීතය සඳහා මියුසික් වීඩියෝව අධ්‍යක්ෂණය කරපු "කෙන් රසල්" දැනගෙන ඉඳල නෑ නිකීටා කියන්නේ රුසියන් භාෂාවෙන් පිරිමි නමක් කියන එක ඉතින් එයා වීඩියෝ එකට කාන්තා සෙබළියක් දාලා තිර රචනය ලියල තියෙන්නේ. ඒ දවස් වල එල්ටන් ජෝනුත් මුකුත් කියලා නෑ එත් පස්සේ මිනිහ සමරිසි කියල ලෝකෙම දැන ගත්තට පස්සේ කාලෙක සම්මුක සාකච්ඡාවකදී පිලි අරන් තියනවා නිකීට කියන්නේ රුසියාවේ පිරිමි නමක් කියල. එත් එතින් ගීතයේ රස වින්දනයට කිසිම බාදාවක් නෑ ඕන කෙනෙක්ට. මට නම් හිතෙන්නෙ නිකීටා කියන්නේ ගෑනු නමක් කියලයි.

      Delete
  3. ඔය තියෙන්නේ ලස්සනට දීලා ... මාර නොස්ටැල්ජියාවක් පැතිරිලා යනවා දැන්නම් :D

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම අලුත් සිංදුත් රස විදිනවා. සංගීතයේදී ඒ තරම් අතීතකාමී නොවෙයි. 80ස් වලට ප්‍රියයි. එත් දැන් අලුත් සිංදු හරිම දියුණු තාක්‍ෂණ යොදාගෙන කරන නිසා ඉතා මිහිරි හඩවල් නාද අලුත් ගීත වල යොදාගන්නවා බේස් ඉතා ගැඹුරුයි ඒ වගේම බීට් හරිම පන්ච්.80 ගීත වලට ශබ්ද කොලිටිය අතින් අද සිංදු වලට ලං වෙන්නවත් බෑ පරණ පාටයි එත් ඒ තනු හරිම ලස්සනයි. දේශපාලනය ගැන නම් අතීත වේදනාවක් නෑ වමේ ඉඳන් දකුණට ආපු කෙනෙක් නේ මම. මොන මරි මෝඩ කමක්ද ඒ.

      Delete
  4. ඌරන් කෑකුන තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් වෙන්නේ ඔන්න ඔහොමය.
    කාලයක් බ්ලොග් ආවකාසය තුල සාදාරණය ගෑන කතාකරමින් යම් නමක් හදාගෙන මේ දවස්වල චින්තන මාමගේ යටිකූට්ටු ගේම්වල පවර්ඵක ගෑන් පාරම්බාමින් ටිරාන් අලස් ගේ ගොo පාර්ට් ඵක් බ්ලොග් අවකාසය තුල ඈක්ට් කරමින් සිටින මාතලන් මාමයි උදිතයි පිට කසාගන්නා අපූරුව ගෑන බලබල හිනාවෙන්න අපිටත් ඈහෑක් උන ඵක හොදය.

    උදිත දනවාදය ගෑන වoසේ කබල් ගෑවත් යුරෝපය හිගමනට වෑටී කුඩුසාඩින්වී තියන හෑටි කරුනු කාරන හොයන මිනිස්සු හෑටියට අපි කාටත් පේන්න තියනවා.දනවාදයි මේ වලපල්ලටයාම යුරෝපා අදිරාජ්‍යවාදීන්ගේන් අවුරුදු 500ක් තිස්සේ බෑටකන අපේ වගේ රටවල ජනතාවගේ සරීර සවුක්කියට සෑහෙන හොද නිසා ඔහොම යo ඔහොම යo කියලා තමා කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ano..ඕවට කියන්නේ ආර්ථික අවපාත කියල නේද.. වල පල්ලට යාම් නොවෙයි. මට තේරෙන විදියට යුරෝපය අප්සට් යන්නේ ධනවාදය කියා සමාජවාදී සැලසුම් වලින් කරන සහනාධාර ආර්ථික වැඩ සටහන් නිසා මිස ධනවාදයේ නිදහස් වෙළඳ පොළ නිසානම් නොවෙයි. ඔලුවෙන් හිටගෙන කිව්වත් සෑම පුද්ගලයෙක්ම එකිනෙකාට වෙනස් සහ හිතන්නේ එකිනෙකාට වෙනස් විදියට නුතන ජාන පිලිබඳ විද්‍යාත්මක දැනුම සහ මිනිස් මොලය පිලිබඳ විද්‍යාත්මක දැනුම මෙය නිරවුල්ව පැහැදිලි කරනවා හරියට එක ඇඟිලි සලකුණු තියන දෙන්නෙක් නැහැ වහේ එකම විදියට හිතන පතන මිනිස්සු දෙන්නෙක් නැහැ.ඉතින් ධනවාදී වෙළඳපොල ක්‍රමය නැවත විප්ලවීය විදියට විද්‍යාවේ දියුණුවත් එක්ක නැවත සකස් වීමක් ඇර මිනිසාට පොදු සමාජවාදී ආර්ථික ක්‍රම වලට යන්න බැහැ එහෙම යන්න නම් අපි මී මැසි ජාන එන්නත් කරගෙන මී මැසි කුහුබු වගේ සතුන් වෙන්න ඕනෑ. පොදු කැමැත්ත යටතේ සමාජය සංවිධානය කරන්න මිනිසාට බැහැ බැහැමයි කරොත් එය පීඩක ආඥාදායක ඒකාධිපති රාජ්‍යයක් පමණයි.

      Delete
  5. මේක සමරිසි ගීතයක් බව දැනගෙන හිටියේ නෑ.....හැබැයි ඒකථාවෙන් මට මෙච්චර කල් ප්‍රහෙලිකාවක් උන කථාවක් විසදුනා....
    අපි අතර ලස්සන් කෙල්ලෙක් හිටියා නිකීටා කියලා ඔසී කෙල්ලෙක්...කෙල්ලත් පොඩි කැමැත්තක් තිබ්බ, ඒකිට ලයින් දාපු කොල්ලෙක් පොඩි පාර්ටි එකක්දී මෙක කිව්වා,,කිව්වා නෙමේ ඇත්තටම ගැයුවා...කෙල්ලට පොඩ්ඩක් මල පැනලා ගියා වැඩෙට..දැනුයි තේරෙන්නේ සීන් ඒක.....

    ReplyDelete
    Replies
    1. රුසියන් සමහර නම් ලස්සනයි ඉවාන් පව්ලූශා වගේ සමහර නම් දිව උලුක් වෙනවා රස්කොල්නිකව් වහේ

      Delete
  6. ඔය තාප්පේ හැදෙන වෙලාව ගැන කියවෙන ෆිල්ම් එකක් බැලුවා . ආදරවන්තයෝ දෙන්නෙක් වෙන්වෙන හැටි . නම මතක නැහැ. සින්දුව ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් බින්දී.

      Delete