Pages

Followers

Tuesday, November 13, 2012

තුණ (3%) අහිමි ජාතියට තුනක් ලබා දෙමු

ලංකාවේ කැම්පස් ගුරාලා සීයට හයක කතාවක් ඔවුන්ගේ වැටුප් අරගලය හා බද්ද කරන ලදී. පසුගිය වසරේ ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් අසල  පිරිසක් රොක්වී ඇමරිකාවේ සීයට අනූ නවයක් දුප්පත් බවත්  ඔවුන් දුප්පත් වී ඇත්තේ ධනවත් සීයට එකක් ඉතිරි සීයට අනූ නවය සුරාකෑම නිසා කියා පැල් බැඳගෙන පොලීසියෙන් එලවා දමන තුරු  මහා විප්ලවයක් කරන ලදී. ඔවුන්ගේ ඉල්ලීම පැහැදිලි නැතත් ඒ ඉල්ලීම   ධනවත් සීයට එකෙන් උදුරාගෙන සීයට අනූ නවයට බෙදා දෙන්න යයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමක් විය යුතුය. ලංකාවේ රනිල් වික්‍රමසිංහද මේ සීයට අනූ නවයසහ එක සමග එල්ලී මොනවද කියා තිබුණි.
මේ ලිපිය ඒ අරගල සහ කතා වල හරි වැරදි බැලීමක් නොවේ වෙනත් දෙයකි. කිසිම කෙනෙක් කතා නොකරන තුන ගැන කතා කිරීමයි. නිකං තුණ නොව සීයට තුණ පිළිබඳවයි. මේ හැමටම වඩා අද ලංකාවට වැදගත් 3% ප්‍රසන්ට් පිළිබඳවයි
ඇමරිකානු නිදහස් සටන පැවති කාලයේදී එංගලන්තයේ රජුට එරෙහිව ක්‍රි‍යාන්විත බලයක් ලෙස සටන් කරේ 3% ක ප්‍රතිශතයක් පමණි. එම 3% පමණ සුළු පිරිසට භාවිතයෙන් තව 10% පමණ උදව් කරන්නට ඇත. මේ මේ අරගල කරුවන් පිරිසට ඔවුන් පෙනී සිටින අරමුණ වෙනුවෙන් ජනගහණයෙන් තවත් 20% ක් පමණ මතවාදීමය ලෙස එකඟව සිටියද එම පිරිස වෙන උදව්වක් කරේ නැත. ජනගහණයෙන් 3/1 පමණ රජුගේ පැත්ත ගෙන සිටියා ඇත්තටම යුද්ධය අවසාන කාලයේ සටන්බිම තුල රජුට විරුද්ධව සටන් කරන ඇමරිකානුවන් ගණනට වඩා වැඩි ගණනක් රජු වෙනුවෙන් සටන් කරා. ඉතිරි 3/1 ක පමණ ජනතාව කිසිම පැත්තකට නොගෙන ඔහේ උදාසීනව බලාගෙන හිටියා මේ අය වැල යන පැත්තට මැස්ස ගහන පෙරලෙන පිට හොඳයි කියන පිරිසය.


මේ ඇමරිකානු ඉතිහාස පාඩමෙන් උගත් දේ ,රටවල් වෙනස් කරන නිදහස දිනාගත් සටන් කරන ජනතාව ගැන කියවෙන දේ ඕනෑ රටකට අදාලයි කවදත් කොතනත් මිනිස්සු එහෙම තමයි. වැඩි පිරිසක් අද බුක්තිවිඳින දේවල් සුළුතර පිරිසක් සමහර විට තනි පුද්ගලයන් දිනාදුන් දේවල්. ඉදිරියටත් මේක මෙහෙමම තමයි. බොහෝ සාර්ථක රටවල් ගොඩනගා ඇත්තේ ජනතාව අතරින් බිහිවන බුද්ධිමත් නැණවත් ඒකාග්‍රතාව ඇති කුඩා පිරිසක් මුල්වෙලා. මේ කුඩා පිරිසට තමයි නිදහස සහ වර්ධනය ලුහුබැඳ යන ඇම්ම තියෙන්නේ. මේ සුළු පිරිස ගොඩනගන දේවල් තමයි අන්තිමේදී බහුතරයකට වාසි සලසන්නේ හෝ අවාසි සලසන්නේ .

ඒ වගේම මේ දේවල් කරන්න මුල්වෙන කුඩා පිරිස සමග අනෙක් අය මතවාදීව එකඟ වෙන්න හරි පසුපස්සේ යන්න හරි ඕනෑම නැහැ සාර්ථක රටවල් බිහිවෙන්න. බොහෝ සාර්ථක රටවල ඒ සාර්ථකත්වය නිසා ප්‍ර‍තිලාභ විඳින විඳි බොහෝ අය මේ රටවල් නිර්මාණය කරන්න වෙර වීරියෙන් කැපවීමෙන් ක්‍රියාකරපු කණ්ඩායමේ කොටස් කරුවන් නොවෙයි.


අපි 1948 දී නිදහස ලැබුවා යැයි කියති. මහ රැජිනගෙන් නිදහස ලබා වසර 60 කට පසු එංගලන්තයේ රැජින වෙනුවට අපේම රජෙක් දක්වා යන මානසිකත්වයක් නිදහස පිලිබඳ හැගීමක් අවබෝධයක් ඇති ජනතාවක් සිටීන රටක විය හැකි දෙයක්ද? නිදහස, නීතිය, පුද්ගල දේපල අයිතිය දියුණු සංවර්ධිත රටක් ඕනෑ යයි සිතන අය කල යුත්තේ කුමක්ද? බිල්ඩින් පාරවල් වරායවල් සෑදෙන නිසා නිදහස, නීතිය, පුද්ගල දේපල අයිතිය වැනි දේ අවශ්‍ය නැතයි බොහෝ දෙනා සිතති.

 ජනතාවගෙන් 3\1 පමණ සිතන්නේ අපි සීග්‍රයෙන් ආසියාවේ ආශ්චර්ය කරා ගමන් කරන බවයි තවත් 3\1 ක් ඕන පුකක් වුනාවේ හැන්දෑවට අඩියක් ගහල,ටෙලි නාට්‍යක් බලලා ඉඳල හිටලා ට්‍රිප් එකකක් ගිහිල්ල ඉන්නව අපි ඔය දේශපාලනේට නෑ කියන උදාසීන පිරිසයි. මේ යන හැටි එතරම් හොඳ නැති බව ජනගහනයෙන් 3/1 පමණ අවබෝධ කරගෙන ඇත මේ අයගෙන් ලංකාව පිළිබද අවසන් බලාපොරොත්තුවද අතහැර ගත් පිරිස් රට හැර යති. සමහරු තත්වය අවබෝධ කර ගත්තද කරන්න දෙයක් නැතිව සිටිති. මේ යන විදිය වෙනස් විය යුතුයි යන මතයේ සිටින අයට මේ මම කියන තුන හිමි 3% ඉතා වැදගත්.

මා කියන්නේ ලංකාව ඇත්තටම දියුණු සංවර්ධිත ආශ්චර්යමත් රටක් කිරීම කල හැකි වැඩක් බවය. අපි බලාපොරොත්තු අතහැර ගත යුතු නැත. දියුණු සංවර්ධිත රටක් සඳහා හැදිය යුත්තේ බිල්ඩින් පමණක් නොව බිල්ඩින් තුල ඉඳීමට ඊට ගැලපෙන මිනිසුන් බිහි කල යුතුය. උදාහරණයකට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල කෙතරම් නවීන මනරම් උනත් ඒ තුල ඉන්නා මිනිසුන් දිහා බලන්න මේ ගොඩනැගිලි තුලට නවීන උගත් මිනිසුන් එනතෙක් ඒ ගොඩනැගිල්ලෙන් රටට ඇති වැඩක් තිබේද?මේ මා අවසානයට කී තුනෙන් පන්ගුවේ සිටින ජනතාව අතරින් 3% ඉදිරිපත්වී කැපවී ක්‍රියාකරන්නේ නම් අපේ රට වෙනස් කල හැක. මුළු ජනතාවම සියල්ලම ආකල්ප වෙනස් කොට හරි දෙය තේරුම් ගෙන බහුතර උත්සාහයකින් සාර්ථක රටක් හැදෙන තුරු නැණවත් බුද්ධිමත් තුන හිමි තුනෙන් පංගුව බලා සිටිය යුතු නැත.

මා කියන්නේ ශ්‍රී ලංකාව වසර 2500 ක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් හිමි වංශය කබල් ගගා සිටිය යුතු රටක් නොව තවමත් ගොඩනගා ප්‍රතිස්ථාපනය කර නොමැති රටකි. ඒ පැරණි සෞභාග්‍යය වැළලී ගොස් බොහෝ කළකි. අපේ ජාතිය ඉක්මනින් ගොඩනැගිය යුතුය ජාතිය බිහිකිරීම සඳහා පියවරු අවශ්‍යය. ඔබ අයත් වන්නේ ඉහත තුනෙන් පංගුවෙන් කුමන කණ්ඩායමටද? මේ අතරිනුත් තුන හිමි 3% ඉදිරියට එන්නේ කවදාද?

If you got the balls to fight then come on bring it and become founding fathers of new Sri lanka.

10 comments:


  1. කියන්න මොනවත් ඉතිරි නොකරම කියා ඇත!

    මොකද්ද ඔබගේ ප්‍රියතම කඩ්චෝරු කෑම- සද්දෙ නැතුව කොත්තු කාල මොකටද? The Art of Street Foods
    http://dayal-bathee.blogspot.com.au/2012/11/art-of-street-foods.html

    ReplyDelete
  2. මා වෙනත් බ්ලොග් එකක කමනෙට් කරන්නේ කලාතුරෙකින්. ඒ සිරිත මේ බිඳින්නේ මේ පෝස්ට් අකේ එකඟ විය හැකි කාරණා රාශියක් දුටු නිසයි. ඔව් ලංකාව සංවර්ධනය කිරීම අසීරු කාරණාවක් නෙවෙයි. කරන්න බැරි අපේම වැරදි ආකල්ප නිසයි. 3% වත් හරි ආකල්ප දරණ තුරු ඉඳිමු.

    ReplyDelete
    Replies
    1. @ ලේඛකයා.... සමනල විප්ලවය බ්ලොග් එක අද බැලුවා. 89 දී සමනලයාට කුඩු වෙන්නට වෙඩි තබන ලදී. දැන් ලංකාවේ ඉන්නේ නිල මැස්සන්ය අඩු තරමේ ඇට මස්සන්වත් නැත. සමනලයින්ට මෙන් මැස්සන්ට විප්ලව කල නොහැක. මා සමන්ලයින්ට කැමති නැත මා කැමති වෝල් ස්ට්‍රීට් එක අසල පාරේ සිටින කුළු හරකාටය(Charging Bull -Wall Street Bull) . ඔබ අනුව යමින් මගේ බ්ලොග් එක නම් කරොත් මේකට කියන්න වෙන්නේ කුළු හරක් විප්ලවය කියාය.

      Delete
  3. මමත් ඔඹ හා එකඟයි. රජ්ජුරුවොන්ගෙ බජට් එකේ හොඳ යෝජනාත් තියෙනවා.. මම ඇල්කේමියාට දාපු කොමෙන්ට් එක මෙතනත් දාන්නම් තරය වෙන්න එපා...

    ReplyDelete
  4. මේ බජට් එකේ ඉතා හොඳ යෝජනා තියෙනවා. ඒත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වේදයි කියන එකයි ප්‍රශ්ණේ.

    ගොවියට හොඳයි. මේ කන්නෙට බීජ වී ටික නිකන්. පෝර සහනාධාරේ වටිනාකම දන්නේ ගොවියා විතරයි 150 ක් වැඩි කරත් උන් ආයෙත් ඡන්දේ දෙන්නේ මහින්ද මහත්තයට. මොකෝ උන් දන්නවා රනිල් ආපු ගමන් බඩුම තමයි කියලා..

    ප්‍රාග්ධන ගිණුම විවෘත කළ එක නියමයි. දැන් විශාල මුදලක් ලංකාවට ගේන අයට එසේ ගෙන ඒම ප්‍රශ්ණ කිරීමකට ලක් නොවී ගෙන එන්න පුළුවන්. අනික පෞද්ගලික බැංකු වලට කෙලින්ම පිට රටවල් එක්ක ගණුදෙනු කරන්න පුළුවන්. ඒත් කරුමේ කියන්නේ ඒ ගේන සල්ලිත් මේ කාළකන්නි සෙට් එක නඩත්තු කරන්න රජයෙන් ආයිත් ණය හැටියට ගනීද කියන එකයි.

    ඔය රෙස් කාර් සීන් එක උනත් හොඳ යෝජනාවක්. සල්ලි තියෙන සුද්දෝ ගෙන්න ගන්න නම් ඒ වගේ දේවල් කරන්න වෙනවා. ඕක ඉන්දියාවට මැලේසියාවට තේරුනේ ගොඩක් පස්සෙ. මොකෝ දැන් එන්නේ හිඟන්නෝ නේ. හරියට අපේ උන් සීනී සම්බල් හදාගෙන බැංකොක් යනවා වගේනේ. ඒත් කරුමය අවංක චේතනාව ඒකද කියන එක. ඕවා ගෙනත් කොටුවෙ රේස් දුවලා වැඩක් නෑ. ඒවා දුවන ට්‍රැක් එකත් හදන්න ඕන.

    ඒත් මචෝ අපිත් හොඳ ඒවා ලියන්න ගියොත්.. කවුද පොඩි වැරද්දක් හරි ලියන්නෙ. ලොක්කා නම් මා දුටු නම්බර් වන් දේශපලන ගල් ආඳා… ආයේ නෝ කතා. ජේ ආර්ලා ප්‍රේමෙලා මොන්ටිසෝරී බබ්බු මෙයත් එක්කලා…

    ReplyDelete
    Replies
    1. මාතලන් මා මෙවර බජට් එක ගැන කතා නොකරමි සටහනක්ද නොලියමි.

      Delete
  5. ///දියුණු සංවර්ධිත රටක් සඳහා හැදිය යුත්තේ බිල්ඩින් පමණක් නොව බිල්ඩින් තුල ඉඳීමට ඊට ගැලපෙන මිනිසුන් බිහි කල යුතුය.//

    ///මා කියන්නේ ශ්‍රී ලංකාව වසර 2500 ක ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් හිමි වංශය කබල් ගගා සිටිය යුතු රටක් නොව තවමත් ගොඩනගා ප්‍රතිස්ථාපනය කර නොමැති රටකි. ඒ පැරණි සෞභාග්‍යය වැළලී ගොස් බොහෝ කළකි. අපේ ජාතිය ඉක්මනින් ගොඩනැගිය යුතුය ජාතිය බිහිකිරීම සඳහා පියවරු අවශ්‍යය.////

    සහතික ඇත්ත... ප්‍රශ්නය මෙතෙක් කාලයකට එ‌ෙහම කෙනෙක් බිහි නොවුන එක... අපේ හිතීමේ වැරැද්දක් තියෙනවා කියලා හිතෙන්නෙ එතනදි...

    රට කරන්න එකෙක් පත් කරලා, ටික කාලයක් සද්ද නැතුව බලාගෙන ඉඳලා ඌ හරියන්නේ නැති උනාම අනිත් එකාව ගේනවා.. ඌ මොකද කරන්නේ... අර කලින් එකා ණය අරගෙන ( ණය නොගෙන කරපු වැඩ බොහොම අඩුයි නේ) බාගයක් සාක්කුවේ දාගෙන, ඉතුරු ටිකෙන් බාගෙට කරපු වැඩ ටික එක්කෝ සමතලා කරලා, නැත්තම් ගරා වැටෙන්න ඇරලා, ආයිත් අලුතින් ණය අරගෙන අලුත් වැඩක් පටන් ගන්නවා... අපි ණය ගෙවනවා.. අන්තිමට නටපු තොයිලෙකත් නෑ බෙරේ පලුවකුත් නෑ...

    හොඳම දේ ඉන්න එකාගෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක.. ඒක කරන්න නම් කොන්ද පණ තියෙන විපක්ෂෙකුයි කොන්ද පණ තියෙන මාධ්‍යයි තියෙන්න ඕනේ... එහෙම තිබුණ නම් ඉන්න එකාට ඕනේ ඕනේ විදියට නටන්න හම්බුවෙන්නේ නෑ... ඕ‌නේ තැනදි මුරුංගා අත්තේ තියන්නත්, ඕ‌ෙන් තැනදි පල්ලෙහාට ඇදලා දාන්නත් පුළුවන් එතකාටයි... දැං වෙලා තියෙන්නේ උන්ට ඕනේ විදියට අපි නටන එක නෙවෙයිද.. අන්න එතන නෙවෙයිද අපි වැරදි...

    ReplyDelete
    Replies
    1. සටහනට ස්තුතියි හිරු. ඔයාල වගේ කිහිප දෙනෙක් හරි ඉන්න එක ලොකු දෙයක් සීයට තුන සොයන එක ලේසි වැඩක් නොවෙයි.

      Delete
  6. අපි කරන්නෙ ඉතිහාසය ගැන පාරම්බාන එක පමණයිනේ...ලංකිව ඉස්සර මේ හැම රටටම වඩා ඉහලින තිබ්බ රටක් නැද්ද හසන්ත මහත්තයො කිය්නන බලන්න.....

    මොනව වුනත් හැමෝටම
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete