Search This Blog

Followers

Thursday, October 4, 2012

අපිට විලංගු දාන්න

මා මීට පෙර ලියූ රජයේ දේපොළ ,විලාසිතාව හා යථාර්ථය ලිපියේ තාරක/ඇනෝ මතුකර තිබුනා අපූරු තර්කයක්. මගේ එම ලිපියේ මතු කරපු දේ තමයි   ප්‍රායෝගික ලෝකයේ  සමාජවාදී ආර්ථික වත් පිළිවෙත් ක්‍රියාත්මක රටවල් හා  ධනවාදී නිදහස් ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කරන රටවල් සංසන්දනය කිරීම. මෙහිදී මා එන නිගමනය තමයි හැමෝටම සමව බෙදාදීම පොරොන්දු වුවද ඇත්ත ලෝකයේ සමාජවාදී  අදහස්  වලින් හැමෝම දිළින්දන් වී කාටවත් මුකුත් නැතිවී යන හැටිත් (අපේ සිරිමාවෝ 70-77 යුගය හිටපු අය දන්නවා) සැමට සමානව සලකන්නේ නැති ධනවාදය තුල   සල්ලිකාරයින් හා දුප්පතුන්, ජයග්‍රහකයින්,පරාජිතයින් සිටින  නමුත් මේ විෂමතාවයන්  ඇති කිරීමෙන් පසුව පවා මුළු රටක් ලෙස ගත් විට වැඩි පිරිසක් ධනවත් වී වැඩි පිරිසක් දිනා ඇත යන්නය. එයට  ප්‍රතිචාර ලෙස  තාරක/ඇනෝ මතුකර තිබුනා අපූරු තර්කයක් මේ තර්කයේ සුවිශේෂී අපුර්වත්වයක් තියනවා  මොකද මේ මං ගෙනෙන තර්කය කියපු ගමන් සාමානයෙන්  වම්මු  කියන්නේ මෙන්න මෙහෙම දෙයක්.  " ඔයි  කියන කඩා වැටුන රටවල හරි සමාජවාදය තිබුනේ නෑ. නියම සුපිරිසිදු කොමිනියුස්ට් වාදය තාම ආවේ නෑ ඒවායේ තිබුනේ/තිබෙන්නේ  හුදු ඒකාධිපතිවාදයක් විතරයි" යන්නය ( මේ ඒකාධිපතියන් නිතරම පාහේ කොමිනියුස්ට් රටවලින් පුදුම සහගතව බිහිවෙයි).   තාරක/ඇනෝ  ගේ  පිළිතුරේ සුවිශේෂී බව තමයි ඔහු ගේන්නේ මේකේ ප්‍රති තර්කය . එනම් මෙක්සිකෝව, ලතින් ඇමරිකාව, අපි , ලෝකයේ සීයට අනුවක්ම  ධනවාදී  රටවල් . ඇයි එහෙනම්  ඒ රටවල් අගාධයට වැටිලා තියෙන්නේ කියන එකයි.
 //ඉතින් ඵහෙනම් අවුරුදු 65ක් තිස්සේ දනවාදය අනුගමනය කරපු කොළඹ ජෝන් ලා යෑන්කි ඩිකිලා හිටපු අදටත් අපේ කෑබිනට් ඵකේ සෑලකියයුතු ගනනක් ඈමරිකන් පුරවසියන් ඉන්න අපේ රට දිනෙන් දින වල පල්ලට යන්නේ ඈයි?
ලෝකයේ සමාජවාදි රටවල් වශයෙන් හදුනාගන්නා චීනය කියුබාව උ.කොරියාව වියට්නාමය හා ලඕසය හෑර සියලු රටවල් ලිබරල් ක්‍රමය නේද අනුගානමය කරන්නේ.මේ රටවල් වලින් 90%ක් තාම තුන් වෙනි ලෝකයේ ඉන්නේ ඈයි.සෝමාලියාවෙ ඉදන් ඉන්දියාව වෙනකන්ම ලිබරල් ආර්තිකය අනුගමනය කරන අති බහුතර රටවල රටේ ජනගහනයෙන් අති බහුතරය දිලින්දන් ඵහෙමත් නෑතනම් යන්තමින් ඵදාවේල හොයාගන්නන්.ඵහෙම වෙන්නේ ඈයි???දනාවාදී ඈමරිකාවේ නෑති දූශනය හිතවතුන්ට සග්‍රහය නීතිය හා සාමය අහිමි වීම පරිදියේ තියන දුප්පත් දනවාදී රටවල ඵන්න ඵන්න වෑඩි වෙන්නේ ඈයි???
අනික දනවාදය යනු ලිබරල් නිදහස් වෙලදපොල ක්‍රමය නෙවෙයි නම් මොකක්ද?අපි දන්න විදියට දේශපාලන විද්‍යා මූලදර්ම වල ඵන විදියට , දනවාදය කියන්නේ ලිබරල් වෙළදපොල ආර්තික ක්‍රමය හෑර වෙන ඵකක නෙවෙයි.
ඔයා කියන ඔය දනවාදී පහසුකම් ලෑබෙන්නේ දනවාදී අදිරාජ්‍යයේ ප්‍රදාන රටවල් කිහිපයට විතරයි යාලුවා.
අපේ වගේ පරිදියේ තියන පසුගාමී දනේශ්වර රටවල් තියාගෙන ඉන්නේ උන්ට සෑප ගන්න අපේ සම්පත් ශ්‍රමය මකොල්ල කන්න විතරයි.// 
Anonymous
 දැන් අපි ඔහු අසන මූලික ගැටළුව දිහා බලමු. මේ අනුව ඇනෝ තර්කයේ  සාරශය තමයි සෝමාලියාවෙ ඉදන් ඉන්දියාව වෙනකන්ම  රටවල් ධනවාදීයි ඒත් ඒවායේ බහුතරය දිළින්දන්. මේ නිසා    ඔහුගේ නිගමනය තමයි ඇමරිකාව  සහ දියුණු  බටහිර රටවල් දියුණුවේ රහස  නිදහස් වෙළද පොළ ධනවාදය නොවෙයි අන් පරිවාරයේ රටවල් සූරාකෑම. මීට අමතරව  තියන දකුණුකොරියාව,සිoගප්පුරුව  කියන්නේ ලෝකබෑoකුව විසින් ලෝකේ දුප්පත් රටවල් අතිවිශාල ගානක් කොල්ලකාලා ඵ් මුදලින් ඉතා සුලු ප්‍රමානයක් පොම්පකරලා හදපු ආදර්ශ රටක් විතරයි කියන ඒක.
ලංකාව  ධනවාදී රටක්ද?
ඈත ඉතිහාසයේ අප දන්නා රජකාලේ පටන් 1958 දක්වා ශ්‍රී ලංකාව  නිදහස් වෙළද පොළ ධනවාදය ක්‍රියාත්මක වුනු  වාසනාවන්ත රටකි.නිදහසේ හුවමාරුවුයේ සේද මාවතේ ආ භාණ්ඩ පමණක් නොව ආගම් පවා නිදහසේ අපේ රටට පැමිණියහ. බුදු දහමද එවැන්නකි.  එතෙක්  නිදහස් ආර්ථිකයක් තිබූ  ලංකාවට මාක්ස් ගේ අවතාරය 1956 දී පමණ  අමුතු ලාකීය වේශයක් ගෙන කඩා වැදුන අතර 1958 දී සිය බලය තහවුරු කරගන්නා ලදී. එතැන් පටන් 1977 දක්වා දශක දෙකක් පැවතියේ ලංකාවේ අදුරු යුගයයි.  දැඩි ආනයන පාලන නීති සහ හුවමාරු සීමාකිරීම් සමග රාජ්‍ය විසින්  සමාජය යාන්ත්‍රනය  ලංකාව තුල තහවුරු විය. 1977 දී ජේ  ආර් යම්තාක් දුරට ලිහිල් කරන තෙක් වසර විස්සක් පුරා පැවති මේ, රජය විසින් කරන සමාජය යාන්ත්‍රනය (Social Engineering ) සහ ආර්ථිකය හැසිරවීම ඉර හඳ මෙන් ස්වභාවික දෙයක් ලෙස අදත් අපේ සමාජය තුල මුල් බැස ඇත. මා  නිදහස් වෙළද පොළ ධනවාදය කී විලස පරල වී එන ප්‍රතිචාර එන්නේ මේ රාජ්‍ය සමාජ යාන්ත්‍රනය ස්වභාවික  වූ  දරුවන්ගේ දරුවන්ගෙනි.  
නිදහස් වෙළද පොළ ධනවාදය සඳහා කොන්දේසි ඇත.
ඉහත ඇනෝ කියනවා මෙන් නිදහස්  වෙළද පොළ ධනවාදය රටවල් වලට පහසුවෙන්  නිකම් නොලැබේ ඒ සඳහා අවශ්‍ය මුලික කොන්දෙසි සපුරා ගත යුතුය. මේ සඳහා අවශ්‍ය මුලික සහ පළමු කොන්දේසිය නම්  පුද්ගලික දේපල අයිතියේ සුරක්ෂිත බවයි. මේ යුගයේ පුද්ගලික දේපල යනු ඉඩම් වාහන ගෙවල් දොරවල් පමණක්ම නොවේ පුද්ගලයෙකු සතු  දැනුම, දක්ෂතා වැනි දේත් අයත්ය. මෙන්න මේ පුද්ගලයෙකු සතු පුද්ගලික දේපල  වල අයිතිය කෙතරම් දුරට සුරක්ෂිත කරලා තියනවද කියන ඒක අනුව සහ ඊට සාපේක්ෂව තමයි රටක් ධනවාදී කියන්න පුළුවන් සහ දියුණු වෙලා තියෙන්නේ නැතිව ඇනෝ කෙනෙක්  ලිබරල් හරි ධනවාදී හරි කියල නාම කරණය කිරීම තුලවත් අන් රටවල් සූරාකෑම තුළවත් නොවෙයි. පුද්ගලික දේපල  වල අයිතියේ සුරක්ෂිත භව යනු පුද්ගලයාට නිදහසේ සිය පුද්ගලික අභිවර්ධනය උදෙසා  පුද්ගලික දේපල විකිණීමට, හුවමාරුවට සහ ළඟ තබා ගැනීමට ඇති අයිතියයි. පුද්ගලික දේපල  වල අයිතියේ සුරක්ෂිත භව යනු රජය මේවාට ඇඟිලි නොගැහීමයි. නීතියේ රෙගුලාසිය සහ  නීතිය සහ  අණ ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් තුල මනා ලෙස ක්‍රියාත්මක වීමයි.
ලංකාව මෙක්සිකෝව,ලතින් ඇමරිකානු රටවල්  ඇමරිකාව සිංගප්පූරුව වගේ නොවී  මොකද දුප්පත් වුනේ?
පැහැදිලිවම සහ ඉතා නිරවුල්ව ලතින් ඇමරිකානු රටවල් මෙහෙම වෙන්න මූලික හේතුව තමයි මේ රටවල් වල නීතියේ රෙගුලාසිය සහ  නීතිය සහ  අණ ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් තුල මනා ලෙස ක්‍රියාත්මක නොවීම. මේවා තමයි ධනවාදයේ මුලික කොන්දේසි මේවා නැති රටවල් ධනවාදී නෙවෙයි. මේවා තියන රටවල් තමයි සරලව ධනවාදී කියන්නේ. මං කලින් ලිපියෙත් කියා ඇති පරිදි පොදු සාමූහික දේ  ප්‍රමුකත්වයක් දී  පුද්ගලික ඒකීය දේ මර්ධනය වන පදනම  උඩ සිට ආර්ථිකයේ සිට සියලු දේ සංවිධානය කරන,  රජය ව්‍යාපාර හා වෙළදාම්  මෙහෙයවන රටවල් , නීතිය සහ  අණ ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් තුල මනා ලෙස ක්‍රියාත්මක නොවන රටවල් පුද්ගලික දේපල අයිතියේ සුරක්ෂිත බව තහවුරු නොකරගත් රටවල් එන්න එන්න දුප්පත් වෙනවා මේ කොන්දේසි සපුරන්න සපුරන්න ඒ රටවල් දියුණුව කරා යනවා. මේ ධනවාදී කොන්දේසි සපුරන්නේ නැති පවත්වාගෙන යන්නේ නැති රටවල් ඉහත ඇනෝ කියපු විදියට වල පල්ලට යනවා .
ලංකාව කල යුත්තේ කුමක්ද?
ඔලුවෙන් මවා ගත් සූරා කන බාහිර සතුරෙකුට සාප කරමින් නොසිට සිංගප්පූරුව ,ජපානය,දකුණු කොරියාව  වැනි රටවල් ගිය මගේ  ගොස් තමන් ධනවාදී යයි බොරුවට නොකියා  මේ මුලික ධනවාදී කොන්දේසි සපුරාලීමයි. නිදහස නිකන් නොලැබේ දිනාගත යුතුය. ලංකාවේ මිනිසුන් නිදහස එපා අපිට අනේ අපිට විලංගු දාන්න යයි හයියෙන්  ඉල්ලා සිටින්නේ ඇයි?  මගේ පෙර ලිපියේ කොමෙන්ටු වලින් මට ඇහෙන්නේ එවැනි හඬකි.

18 comments:

  1. //ඈත ඉතිහාසයේ අප දන්නා රජකාලේ පටන් 1958 දක්වා ශ්‍රී ලංකාව නිදහස් වෙළද පොළ ධනවාදය ක්‍රියාත්මක වුනු වාසනාවන්ත රටකි.// නැහැ මෙය වැරදියි උදිත. නිදහස් වෙළඳපොල යනු ඕනෑම අයෙකුට නිර්මාණයක් කරන්නට ඉඩක් ඇති පරිසරයක්. තමන් කරන නිර්මාණය මිල දී ගන්නට කැමති ඕනෑම කෙනෙකුට විකුණත හැකි වූ පරිසරයක්. රජකාලේ නිදහස් වෙළඳපොල තිබුනේ නැහැ. කුල භේද අනුව යම් යම් වෘත්තීන්හි නිරත වෙන්න අවසර තිබුනේ. රජුගේ ප්‍රසාදයට තමයි කුඹුරු වගාබිම් වැඩ කරන්නට අවසර ලැබුනේ. වෙළඳාමට ද එහෙමයි පංතියක ආධිපත්‍යය යටතේ පමණක් සිද්ධ වූවක්. ඒ නිසා නිදහස් වෙළඳපොලක් තිබ්බා යැයි කීම වැරදියි.

    ReplyDelete
  2. ඔවු ඔබ හරි වරද පිලිගනිමි මා නූතන ධනවාදී අර්ථයෙන් නොවෙයි එහෙම කිව්වේ අපේ වැඩවසම් කාලයේ පවා 1958 ඉදන් ආපු විදියේ වෙළද තහංචි තිබුනේ නෑ කියන එක ඉස්මතු කරන්නයි. .....
    :- )
    මුලින්ම ලොවට නිදහස් වෙළද පොළ හදුන්වා දුන්නේත් හෙළයන්යයි වර්ගපූර්නිකාව නිතර කියවීම නිසා මට සිතුනි.:-(

    ReplyDelete
    Replies
    1. //මුලින්ම ලොවට නිදහස් වෙළද පොළ හදුන්වා දුන්නේත් හෙළයන්යයි වර්ගපූර්නිකාව නිතර කියවීම නිසා මට සිතුනි.:-( // ඔව් උදිත මල්ලි සමහර ආවේනික වූ හුරු පුරුදු අත්හරින්න ඉතා අමාරුයි :)

      ඒ නිසාම අපිත් ටිකක් අනුකම්පාවෙන් බලන්න ඕනෑ තමන් වාමාංශිකයන් යැයි නොදන්නා වාමාංශිකයන් දිහා!!!

      Delete
  3. අපේ රටට හෙන ගහලා තියෙන්නේ.
    1. කාළකන්නි කම්මැලිකම..
    2. වංචාව හා බොරුව..
    ලංකාවේ විගනක සමාගම් කරන්නාවූ බොරුව ගැන ආර්ථිකය ගැන ලියන ළිපි වල මම කීප වතාවක්ම ලිව්වා. ඒ කියන්නේ අද ඊයේ නෙමෙයි. අවුරුද්දක් දෙකක් තිස්සේ ඉඳලා. මේක තනිකර මාෆියාවක්. අනෙක් ස්ථානය ආදායම් බදු දෙපාර්තුමේන්තුව. ලොකු ලොකු බිස්නස් කාරයෝ. එක එක නිලධාරියා අල්ලගෙන ඉන්නේ. ඉතින් කොහෙද රජයට ආදායමක් ලැබෙන්නේ. සක්විතිලා, ගෝල්ඩන් කී වැටෙනකන්ම ඒවයේ විගනක සමාගම් අහවල් එකද කළේ. ගෝලඩන් කී සිද්දියේදී කූරූ ගනින්න යන විගනක සමාගමේ නිළධාරියා පපුව පැලිලා මැරෙන්නේ ඇයි. මම ලියන ක්‍රමය අනුව මේවා සාඛඡ්චාවට ලක්වන්නේ නෑ. තවත් කොමෙන්ටුවක් දාලා යනව විතරයි.
    අනික නීතිය, රටේ අපරාධ කරන උන්ගෙන් 4% දඩුවම් විඳින්නේ. ඒකත් සුපිරි පන්තියට සුපිරි ආකාරයට. නීතිඥයෝ කෝටිපතියෝ වෙනවා. නඩුකාරයත් මුදලට යටයි. නැත්නම් ඉතින් මොන තර්කෙ ගෙනාවත් මනුෂ්‍යයෙක් නම් ඇත්ත නැත්ත මොකක්ද කියලා තේරෙනවනේ. ඒකත් තනිකර මාෆියාවක්.
    මම අවුරුදු ගානක් තිස්සේ කියපු එක. ඊයේ මහේන්ද්‍ර අමරසූරීය කියනවා. විගනන සමාගම් නිතිපතා වෙනස් විය යුතුයි කියා. මේවා කියනකොට කෝච්චිය ගිහින් ඉවරයි. අනික පත්තියං වෙච්ච මාෆීයාවක් නැති කරන එක ලේසි නෑ
    සමාජවාදේ, ධනවාදේ තියා මොන මලදානේ ආවත් විනයක් නැති රටක් සදා සොත්ති බවන්තුතේ.

    ReplyDelete
  4. කරුණාකර ලුහුබඳින්නන්ට (Followers) තැනක් ලබා දෙන්න. බ්ලොග් කළාව රඳ පවතිනුයේ ඔවුන් මතයි.

    ReplyDelete
  5. ඔබතුමාගේ අදහස් වලට එකඟයි ,වාමාංශිකයො ලංකාවේ ධනවාදයක් තියනවා කිව්වට එහෙම එකක් මෙහෙ නෑ , රටේ නමට "සමාජවාදී" කිව්වට එහෙමත් නැ , මේක ජාවාරම් කාරයින් පිරිසකට විතරක් වාසි සැලසෙන්න හදාගත්ත අමුතුම ක්‍රමයක් , ව්‍යවසායකත්වයන් හැදෙන්නේ නෑ , හැදුනත් පවතින්නත් බැ අර සීමිත පිරිස විතරයි හැමදාම . නිල් තිබුනත් , කොල තිබුනත් පිටි පස්සෙ ඉන්නේ එකම කට්ටිය !

    ReplyDelete
    Replies
    1. @ බූවා,

      සමාජවාදය, වාමාංශික, කොමියුනිස්ට්, ඔය ඔක්කොම කාගෙන් හරි අරන් තව කාට හරි බෙදා දෙන වාදයක්. අද එහෙම නැති රටක් හොයාගන්න නැහැ. එහෙම බලද්දී මුළු ලෝකයම සමාජවාදී, වාමාංශික, කොමියුනිස්ට් වෙලා!!! අද ලෝකයේ නැත්තේ ධනවාදයයි. තමන් උපයන ධනය තම කැමැත්ත අනුව වියදම් කරන්නට අයිතියක් නැතිව ගිහින්. ඒත් ඉතින් වැරදෙන හැම දෙයට ම බනින්නේ ධනවාදයේ වැරැද්ද කියා.

      Delete
  6. ගුරු ගීතය මට සිහිපත් වන්නේ නිතැතින්මය. අප ධනවාදයද, සමාජවාදය මම නම් කිරීමට පවා නොදන්නා අනෙක් වාදයන්ද සහමුලින්ම අමතක කොට අපේමවූ වාදයට අනුව ක්‍රියාත්මක විය යුතුය. එවන් ගමනකට මුලපුරන අධ්‍යාපනයකට අපේ බදු මුදල් යෙදවිය යුතුය. ප්‍රතිලාභ ලබන්නෝ සුළුතරයක් වුවද කෙමෙන් ඔවුන්ගේ ප්‍රමාණය වැඩිවනු ඇත. එදිනට ඔවුන් ඔවුන්ගේ මුදල් ගෙවා ඉගෙනීමට ඉල්වා සිටිනු ඇත.

    ReplyDelete
    Replies
    1. @ සතිත්,

      ලෝකෙ තියෙන්නෙ වාද දෙකයි:
      1. තමන් උපයන ධනය තම කැමැත්ත අනුව වැය කිරීම -ධනවාදය
      2. තමන් උපයන ධනය වෙන අයෙක්ගේ කැමැත්තට අනුව බෙදා දීම -සමාජවාදය

      වාද ඔක්කොම පදනම් වෙන්නේ මේ දෙක මත. කොච්චරක් වැය කරන්න ඉඩ දෙන්නෙ, කොහොම ද වැය කරන්න ඉඩ දෙන්නෙ, කවුද බෙදල දෙන්නෙ, කොහොම ද බෙදලා දෙන්නෙ යනාදිය අනුව තමයි අනිකුත් කොටස් හැදෙන්නේ.

      තමන් උපයන ධනය තම කැමැත්තට අනුව වැය කරන්නට ඉඩක් වැඩියෙන් දුන් හැම අවස්ථාවක ම රටක්, ජාතියක් ලෙසින් යහපත් වූවා. තමන් උපයන ධනය තම කැමැත්තට අනුව වැය කරන්නට හැකියාව අඩු වූ හැම අවස්ථාවක ම රටක් ජාතියක් අන්ත දුගී බවට ගියා.

      ඉතින් තෝරා ගැනීමට අපේ ම වූ වාදයක් කියා එකක් අනවශ්‍යයයි. මිනිසා නම් ලෝකයේ කොහේ හිටියත් එකම ස්වභාවයකින් හැදිච්ච මිනිසෙක් නිසා.

      Delete
    2. ඔබේ පැහැදිලි කිරීම අනර්ගයි.

      නමුත් ඒ සමගම නැගෙන ප්‍රශ්න ටිකකුත් තියනවා මට. මිනිසුන්ගේ ශිෂ්ටත්වයට පත්වීමත් සමගම තමයි රාජ්‍ය පාලනය ගැනත් සිතුවිලි ඇතිවන්නේ. ඒ අනුව යහපත් රජයක ලක්ෂණය නම් පාලන යන්ත්‍රය විසින් තමන් යටතේ ඉන්න ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා රටේ සම්පත් කළමනාකරණය කිරීම හා සංවර්ධනය හා සාමය ආරක්ෂා කිරීමයි. නමුත් නොයෙක් හේතු සාධක නිසා රජයක මෙකී අරමුණු වෙනස් ආරක් ගැනීමට පුළුවන්.

      මේ සඳහා අතීතයේ පටන් ඔය සමාජවාදී සහ ධනවාදී ක්‍රම දෙක තමයි මුලිකවම යොදාගෙන තියෙන්නේ. තියන උදාහරණ අනුව අන්ත සමාජවාදී ක්‍රම අනුගමනය කල රටවල් වලට පරාජය වෙන්න වුනා කියල කියුවත් ලඟට ගිහින් හොයල බැලුවොත් දකින්න ලැබෙන්නේ පාලන පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී කාලයත් සමග ඇතිවන අවශ්‍යතා වලට නම්‍යශීලී වීමට රාජ්‍ය යාන්ත්‍රනය ඉඩක් තුල නොතැබීම නොවේද?
      අපි කතා කරන්නේ ලංකාව ගැනනේ. ඉතින් ඇත්තටම බැලුවොත් ඔය 77න් පසුව සිදුකල විවෘත ආර්ථික ප්‍රතිපත්ති වුවත් අප රටට ගැලපෙන අයුරින් ක්‍රියාත්මක නොවුන නිසා කෙතරම් හානියක් සිදු වෙලාද ද? කිසිවෙකු දියුණුව යයි ඇඟිල්ල දිගුකොට පෙන්වන අරුත් සුන් ණය රෝල් නිසා රටේ මුදල් වටිනාකම අඩුවුණා පමණක් නොව වෙනත් රටවල් අනුකරණය කරන්නට ගොස් සංස්කෘතික වශයෙන් සිදුවුණා පසුබෑම මිලකළ හැකිද? අපේ දේශීය නිෂ්පාදන දියුණු කිරීම පසෙක ලා ආනයනය කල භාණ්ඩ අපේ නිෂ්පාදන නැත්තටම නැතිකළා නොවේද?

      ඔබ පැහැදිලි කල ලෙස ධනවාදී රටක තමා උපයන මුදල තමා කැමති ලෙස වියපැහැදම් කල හැකිද? යම් කෙනෙකුට සාපේක්ෂව විශාල මුදලක් ඉපැයීමට හැකි වුවත් ඒ කොපමණ බදු ප්‍රමාණයක් රජයට ගෙවා අවසන් කිරීමෙන් පසුවද? එම බදු මුදලින් ඔවුන් නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍යය ආරක්ෂාව නොදෙන්නේද? එනිසා දියුණු රටවල් තම ජනතාවගේ සුභසිද්ධිය සඳහා ඉහත කී ක්‍රමයන් ගේ තමන්ට ආවේනික වූ සංයෝජනයක් ක්‍රියාවේ යොදවන බව මගේ හැඟීමයි.

      මගේ අදහසට අනුව ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය පසුබෑමට ප්‍රධාන හේතුව ලෙස ප්‍රධාන වශයෙන් සැලකිය හැක්කේ අපේ අධ්‍යාපන ක්‍රමවේදයයි දෙවනුව එම අදූරදර්ශී අධ්‍යාපනය නිසා තව දුරටත් වර්ධනයවන අවිචාරයයි. කොටින්ම ආකල්පමය වශයෙන් වන පිරිහීම නිසාම ඇතිවන දීර්ග කාලීන විනාශයයි. රජයේ මැදිහත්වීම තුල සිදුවන ව්‍යාපාරවල දියුණුවක් නොලබන්නේද කිසිම හේතුවක් නිසාවත් තීරණයක වගකීම කිසිවෙකු හට පුද්ගලිකව බැර නොවන සේ සැකසුන අපේ රාජ්‍ය යාන්ත්‍රනයත් නිසාය.

      නමුත් ඒ සමගම නැගෙන ප්‍රශ්න ටිකකුත් තියනවා මට. මිනිසුන්ගේ ශිෂ්ටත්වයට පත්වීමත් සමගම තමයි රාජ්‍ය පාලනය ගැනත් සිතුවිලි ඇතිවන්නේ. ඒ අනුව යහපත් රජයක ලක්ෂණය නම් පාලන යන්ත්‍රය විසින් තමන් යටතේ ඉන්න ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා රටේ සම්පත් කළමනාකරණය කිරීම හා සංවර්ධනය හා සාමය ආරක්ෂා කිරීමයි. නමුත් නොයෙක් හේතු සාධක නිසා රජයක මෙකී අරමුණු වෙනස් ආරක් ගැනීමට පුළුවන්.

      මේ සඳහා අතීතයේ පටන් ඔය සමාජවාදී සහ ධනවාදී ක්‍රම දෙක තමයි මුලිකවම යොදාගෙන තියෙන්නේ. තියන උදාහරණ අනුව අන්ත සමාජවාදී ක්‍රම අනුගමනය කල රටවල් වලට පරාජය වෙන්න වුනා කියල කියුවත් ලඟට ගිහින් හොයල බැලුවොත් දකින්න ලැබෙන්නේ පාලන පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී කාලයත් සමග ඇතිවන අවශ්‍යතා වලට නම්‍යශීලී වීමට රාජ්‍ය යාන්ත්‍රනය ඉඩක් තුල නොතැබීම නොවේද?
      අපි කතා කරන්නේ ලංකාව ගැනනේ. ඉතින් ඇත්තටම බැලුවොත් ඔය 77න් පසුව සිදුකල විවෘත ආර්ථික ප්‍රතිපත්ති වුවත් අප රටට ගැලපෙන අයුරින් ක්‍රියාත්මක නොවුන නිසා කෙතරම් හානියක් සිදු වෙලාද ද? කිසිවෙකු දියුණුව යයි ඇඟිල්ල දිගුකොට පෙන්වන අරුත් සුන් ණය රෝල් නිසා රටේ මුදල් වටිනාකම අඩුවුණා පමණක් නොව වෙනත් රටවල් අනුකරණය කරන්නට ගොස් සංස්කෘතික වශයෙන් සිදුවුණා පසුබෑම මිලකළ හැකිද? අපේ දේශීය නිෂ්පාදන දියුණු කිරීම පසෙක ලා ආනයනය කල භාණ්ඩ අපේ නිෂ්පාදන නැත්තටම නැතිකළා නොවේද?

      ඔබ පැහැදිලි කල ලෙස ධනවාදී රටක තමා උපයන මුදල තමා කැමති ලෙස වියපැහැදම් කල හැකිද? යම් කෙනෙකුට සාපේක්ෂව විශාල මුදලක් ඉපැයීමට හැකි වුවත් ඒ කොපමණ බදු ප්‍රමාණයක් රජයට ගෙවා අවසන් කිරීමෙන් පසුවද? එම බදු මුදලින් ඔවුන් නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍යය ආරක්ෂාව නොදෙන්නේද? එනිසා දියුණු රටවල් තම ජනතාවගේ සුභසිද්ධිය සඳහා ඉහත කී ක්‍රමයන් ගේ තමන්ට ආවේනික වූ සංයෝජනයක් ක්‍රියාවේ යොදවන බව මගේ හැඟීමයි.

      මගේ අදහසට අනුව ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය පසුබෑමට ප්‍රධාන හේතුව ලෙස ප්‍රධාන වශයෙන් සැලකිය හැක්කේ අපේ අධ්‍යාපන ක්‍රමවේදයයි. දෙවනුව එම අදූරදර්ශී අධ්‍යාපනය නිසා තව දුරටත් වර්ධනයවන අවිචාරයයි. කොටින්ම ආකල්පමය වශයෙන් වන පිරිහීම නිසාම ඇතිවන දීර්ග කාලීන විනාශයයි. රජයේ මැදිහත්වීම තුල සිදුවන ව්‍යාපාරවල දියුණුවක් නොලබන්නේද කිසිම හේතුවක් නිසාවත් තීරණයක වගකීම කිසිවෙකු හට පුද්ගලිකව බැර නොවන සේ සැකසුන අපේ රාජ්‍ය යාන්ත්‍රනයත් නිසාය.



      http://sathithsithuwama.blogspot.com.au/2012/10/blog-post_9.html#links

      Delete
  7. සතිත් සිතුවම,

    උසස් අරමුණු තිබුණු පළියට ඒවා සාක්ෂාත් කර ගැනීමට මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය ඉඩ දෙන්නේ නැහැ. යහපත් රජයක් විසින් කළ යුත්තේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා රටේ සම්පත් කළමනාකරණය කිරීම හා සංවර්ධනය හා සාමය ආරක්ෂා කිරීම නමුත් මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය නිසයි රජයක මෙකී අරමුණු වෙනස් ආරක් ගන්නේ.

    උදාහරණයක් මෙහෙම: කිසිම මිනිසෙක් තව කෙනෙකුගේ ජීවිතයට හානියක් නොකළ යුතුයි. එය උසස් අරමුණක්. ඒත් එය සාක්ෂාත් කරගන්න කුමන නීතියක් කුමන දඬුවමක් ගෙන ආවත් හැකි වු රටක් ලොව නැහැ. රටේ සංවර්ධනයට සම්පත් බෙදා යද්දී ද හැම මිනිසෙක් ලවාම තම වගකීම කරවන්න හැකි වූ ක්‍රමයක් ලොව නැහැ.

    ReplyDelete
  8. සනිත් සිතුවම,

    //ලංකාව ගැනනේ. ඉතින් ඇත්තටම බැලුවොත් ඔය 77න් පසුව සිදුකල විවෘත ආර්ථික ප්‍රතිපත්ති වුවත් අප රටට ගැලපෙන අයුරින් ක්‍රියාත්මක නොවුන නිසා කෙතරම් හානියක් සිදු වෙලාද ද? //

    ගැලපෙන අයුරින් විවෘත ආර්ථක ප්‍රතිපත්ති කියා දෙයක් නැහැ. එහි ඇත්තේ එකම ක්‍රමයක් පමණයි. එනම් තම ආයෝජනය අවදානමකට ලක් කරන්න කැමැත්තාට ඉඩක් ලැබීම. ලංකාවේ කිසිම දවසක විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූයේ නැහැ. බලතල ලත් ආණ්ඩුවේ සුලුතරයක් අත යමක් රටට ගෙන්වීමටත්, යමක් රටෙන් පිට විකිණීමටත් සිද්ධ වෙන තීරු බදු රටා, කෝටා ක්‍රම යනාදියෙන් වු ආර්ථිකය විවෘත වූ බවකින් යුතු වූවා යැයි කියන්න බැහැ.

    ReplyDelete
  9. සතිත් සිතුවම,

    //කිසිවෙකු දියුණුව යයි ඇඟිල්ල දිගුකොට පෙන්වන අරුත් සුන් ණය රෝල් නිසා රටේ මුදල් වටිනාකම අඩුවුණා පමණක් නොව වෙනත් රටවල් අනුකරණය කරන්නට ගොස් සංස්කෘතික වශයෙන් සිදුවුණා පසුබෑම මිලකළ හැකිද? අපේ දේශීය නිෂ්පාදන දියුණු කිරීම පසෙක ලා ආනයනය කල භාණ්ඩ අපේ නිෂ්පාදන නැත්තටම නැතිකළා නොවේද?//

    කවුද ඒවායේ නිරත වූයේ කියා සොයා බලන්න. සාමාන්‍ය මහජනතාවට තම මුදලක් ආයෝජනය කර ව්‍යාපාරයක නියැළෙන්නට කොතරම් නිදහසක් ලැබුනා ද? නැත්නම් ඒ වෑයම් ගත්තේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සැකසූ අය සහ ආණ්ඩුවට හේත්තු වී සිටි බඩතඩි මුදලාලිලා නොවේ ද? දේශීය නිෂ්පාදන වැඩි දියුණු කළ අය හිටියා. උදාහරණයක් වෙන්ඩොල්. ඒත් ඔවුන්ගේ වෑයම ද රට තුල සීමා වෙනවා පිටරට ගණුදෙනු සඳහා තීරු බදු, කෝටා සහ රට රටවල් අතර ආර්ථික ප්‍රතිපත්ති සැකසුම ආණ්ඩුවේ බලය ලත්තවුන් අතේ තියෙද්දී. වෙනත් විදියකින් කිව්වොත්, අපේ නිෂ්පාදන නැති කළේ විවෘත ආර්ථිකයක් යැයි බොරුවට කියා ගෙනාපු අපේම අයහපත් ඇඟිලි ගැසීම් වලින්.

    ReplyDelete
  10. සතිත් සිතුවම,

    //ඔබ පැහැදිලි කල ලෙස ධනවාදී රටක තමා උපයන මුදල තමා කැමති ලෙස වියපැහැදම් කල හැකිද? යම් කෙනෙකුට සාපේක්ෂව විශාල මුදලක් ඉපැයීමට හැකි වුවත් ඒ කොපමණ බදු ප්‍රමාණයක් රජයට ගෙවා අවසන් කිරීමෙන් පසුවද? එම බදු මුදලින් ඔවුන් නොමිලේ අධ්‍යාපනය, සෞඛ්‍යය ආරක්ෂාව නොදෙන්නේද?//

    අද ධනවාදී රටක් කියන නාමෙකට හරි තියෙන එකම රට ඇමෙරිකාව. තමා උපයන මුදල තමා කැමති ලෙස වියදම් කරන්න හැක්කේ අඩුම ගානේ 20% ක් වත් බදු ගෙවීමෙන් පසුව පමණයි. ඒත් ඒකට මිනිස්සුන්ගේ දැඩි විරෝධතාවයක් නැහැ. ගොඩක් දෙනා 20% ක් ආදායමෙන් රටේ දුප්පතුන්ට යනවාට අකමැත්තක් නැහැ.

    නමුත් නොමිලේ අධ්‍යාපනය හා නොමිලේ සෞඛ්‍ය කියද්දී අපි දුප්පතුන්ට යහපතක් නෙමෙයි කරන්නේ. එහෙම නොමිලේ වැඩ සටහන් වලින් ආණ්ඩුවේ බලතල වැඩි වී නාස්තිය වැඩිවෙනවා මිසක් දුප්පතුන්ට යහපතක් වෙන්නේ නැහැ. නිකම් දෙන දෙයක් බලාගෙන ඉන්නා අය බෝ වීමත් වැඩියි. ඔවුන් තම වගකීම පැහැර හරිනවා. එයින් වෙන්නේ වෙහෙසන අයත් වෙහෙසීම පැහැර හැරීම. එතකොට බෙදා දෙන්න දෙයක් නැහැ. දැන් යුරෝපීය රටවල දැඩි සේ පවතින්නේ එවැනි තත්වයක්. කිසිවෙක් වැඩියෙන් හම්බ කරන්නේ නැහැ බදු අධික වශයෙන් ගෙවන්නට සිද්ධ වෙන නිසා. ඉතින් බෙදා දෙන්න මුදල් අඩුයි.

    ReplyDelete
  11. සතිත් සිතුවම,

    //එනිසා දියුණු රටවල් තම ජනතාවගේ සුභසිද්ධිය සඳහා ඉහත කී ක්‍රමයන් ගේ තමන්ට ආවේනික වූ සංයෝජනයක් ක්‍රියාවේ යොදවන බව මගේ හැඟීමයි.//

    තම මුදල් තමා කැමති පරිදි උපයන්නටත්, තමා කැමති පරිදි වියදම් කරන්නටත්, තවත් විදියකින් කිව්වොත් අඩු බදු සහ අඩු නොමිලේ බෙදන සැලසුම් තියෙන රටක් සීඝ්‍රයෙන් හා වැඩියෙන් දියුණුව කරා යනවා.

    ජනතාවගේ සුභ සිද්ධිය සලසන්නට තමන් දන්නවා යැයි කියා මහා පරිමානයෙන් සැලසුම් ගැසූ යුරෝපීය යුනියනය අද බංකොළොත් වෙමින් යනවා.

    ලෝකයේ ඇති රටවල් වලින් අද ඇමෙරිකාව තමයි නිදහස් ආර්ථිකය ඇති රටක් විදියට යාන්තමට හරි ඉතුරු වෙලා තියෙන්නෙ. එය වෙනස් කරන්නට ඔබාමා දැරූ උත්සාහයන් නිසා තමයි ඔහුට තිබි ජනප්‍රියත්වය අද අඩුවෙලා තියෙන්නේත්.

    ReplyDelete
  12. සතිත් සිතුවම,

    //ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය පසුබෑමට ප්‍රධාන හේතුව ලෙස ප්‍රධාන වශයෙන් සැලකිය හැක්කේ අපේ අධ්‍යාපන ක්‍රමවේදයයි//

    පැහැදිලිවම එය තමයි. අපි බ්‍රිතාන්‍ය සුද්දා ඇවිත් මිෂනාරි පාසැල් පටන් ගත් නිසා සුද්දාව එළවා ඉංග්‍රීසිත් එපා කියා සිංහලෙන් වැඩ පටන් ගත්තා. ඇමෙරිකන් හෙන්රි ඕල්කොට් ලංකාවට ඇවිත් බුද්ධාගමට පුනර්ජීවයක් ලබා දුන්නා. බුද්ධ ධර්මය ප්‍රථම වරට පුජ්‍ය පක්ෂයට පමණක් අයිති වු දැනුමක් නොව ලෝකයේ ඕනෑම තැනක ඉන්නා අයෙකුට හදාරන්නට හැකිවෙන්න ඉංග්‍රීසියෙන් පාලි ත්‍රිපිටක සංගමයේ උත්සාහයෙන් එළියට බැස්සුවාම ලංකාවේ අනගාරික ධර්මපාලලා සිංහල ඉස්සහරට ගෙනැත් දාලා ඉංග්‍රීසියෙන් හදාරන්න තිබි හැකියාව සිංහලයාට ම අහිමි කළා.

    ලෝකය ඉදිරියට යද්දී අපි ආපස්සට ගියා.

    ReplyDelete
  13. සතිත් සිතුවම,

    //රජයේ මැදිහත්වීම තුල සිදුවන ව්‍යාපාරවල දියුණුවක් නොලබන්නේද කිසිම හේතුවක් නිසාවත් තීරණයක වගකීම කිසිවෙකු හට පුද්ගලිකව බැර නොවන සේ සැකසුන අපේ රාජ්‍ය යාන්ත්‍රනයත් නිසාය.//

    ලෝකයේ මුල් වතාවට ජනතාව අතින් හැදෙන, ජනතාව අතින් පාලනය වෙන ආණ්ඩුවක් යැයි ජනරජයක් පිහිටුවා ගත් ඇමෙරිකාවේ නිර්මාතෘවරු හැම විටම අවවාද කළේ ආණ්ඩුවට විසල් වෙන්නට ඉඩ දෙන්න එපා කියල.

    අද ලෝකය දිහා බැලුවම, ආණ්ඩුවක් හැටියට බලතල වලින් අඩුම ආණ්ඩුව ඇමෙරිකන් ආණ්ඩුව. ඒ නිසාම තමයි තවමත් මුළු යුරෝපයම එකතු කළාම කරන නිෂ්පාදනයට වැඩි නිෂ්පාදනයක් ඇමෙරිකාවට කළ හැකි වී තියෙන්නෙ. ඒක කරන්නෙ ආණ්ඩුව නෙමෙයි, මෙහෙ සිටින නිදහස් ජනතාව තම මුදල් අවදානමකට තබමින්.

    ReplyDelete