Search This Blog

Followers

Friday, October 26, 2012

අත්තිවාරම


මං අද කතාකරන්න යන්නේ  ගෙවල් වල අඩිතාලම ගැනනම් නොවෙයි  අපි හැමෝටම ජීවත්වීමට වැදගත් වෙන දෙයක පදනම ගැන . ආර්ථික විද්‍යාවෙ නැත්නම් අර්ථශාස්ත්‍රයේ  පදනම ගැන නිදහස් වෙළඳ පොළ ආර්ථිකය ගැන ලියන්න අදහස් කරන ලිපි පෙළක ආරම්භය.

 බුද්ධ ධර්මය කියන්නේ තමන් ගැන සොයන දහමක් කිව්වම කවුරුත් පිලිගන්නවා නේ . බුද්ධාගමේ හැම දෙයක්ම තනි පුද්ගලයා පිලිබඳ දහමක් මේ වගේම තමයි ආර්ථික විද්‍යාව කියන්නේ සම්පුර්ණයෙන්ම  තනි පුද්ගලයන් පිලිබඳ දෙයක්. මොකද දන්නවද ආර්ථික විද්‍යාවෙ හැමදෙයක්ම අදාල වෙන්නේ පුද්ගලයාගේ  තෝරාගැනීම පිළිබඳවයි. තෝරාගැනීම කියන එක අදාළ  වෙන්නේ පුද්ගලයාටයි.
 මේක තව ටිකක් පැහැදිලිකර ගමු. 
මුදල්  සම්බන්දවෙන සහ  නොවන දේවල් වලදී පවා පුද්ගලයෙකුට තෝරාගැනීම් කරන්න වෙනවා. ලෙඩවෙලා ඉන්න යාළුවා බලන්න ඉස්පිරිතාලේ යනවද පෙම්වතිය හම්බවෙන්න යනවද? ට්‍රිප් එකක් යනවද? කාර් එකක් ගන්නවද?සපත්තු දෙකක් ගන්නවද සෙල් ෆෝන් එකක් ගන්නවද ඉඩම වටේ තාප්පේ ගහනවද? ගෙදරට වෙලා විවේකයෙන් ඉන්නවද වැඩට යනවද? හැමතැනදිම වගේ මුදල් එක්කෝ  කාලය එක්කෝ මහන්සිය උනන්දුව වෙන්න පුළුවන් අපිට ඕනදෙවල් ලබාගන්න කරගන්න  අවශ්‍ය සම්පත් මදි උනාම හැම දෙයක්ම ලබාගන්න,ඉටු කරගන්න බෑ එතකොට අපිට තෝරාගන්න වෙනවා අපි මේ දේවල් අතරින්  අපිට වැඩිපුරම අවශ්‍ය වෙන දේ.   ආර්ථික විද්‍යාව කියන්නේ මෙන්න මේ සෙල්ලම ගැන තමයි.

දැන් වැදගත්ම දේ තමයි මේ තෝරා ගැනීම් ඔබ වෙනුවෙන් වෙන කෙනෙක්ට කරන්න පුලුවන්ද කියන එක . බැහැ නේද ? ඔබට අවශ්‍ය දේ ඔබයි තෝරාගන්නේ පුද්ගලයා තමයි තෝරාගන්නේ මොකද්ද කියල තීරණය කරන්නේ. සමාජය හෝ  සාමුහික පිරිසක් මේ තෝරා ගැනීම් කරන්නේ නැහැ සහ බැහැ. ඇයි බැරි.  හේතුව තමයි සමුහයකට මනසක් හෝ ජීවයක් නොමැති නිසා. පුද්ගලයාටයි මොලය තියෙන්නේ සාමුහික මොලයක් නැහැ. ඔබේ තෝරාගැනීම මොකද්ද කියල  ඔබ විතරයි දන්නේ. දැන් ඔයාලට හිතේවි ඇයි චන්දයක් තියල තෝරන්නේ මොකද්ද කියල තීරණය කරනවා. එත් ආයිත් චන්දයේදී මොන එකද තෝරා ගන්නේ කියල තීරණය කරන්නේ පුද්ගලයා.  අන්න ඒ තැන ඒ කියන්නේ පුද්ගලයාගේ තෝරා ගැනීම සහ ඒ තෝරාගැන්මේ විපාක අවබෝධ කරගැනීම  තමයි ආර්ථික විද්‍යාවෙ සම්පුර්ණ අවධානය යෙදවෙන්නේ. ඉතින් මේ තෝරාගැනීම් සහ එවයි ප්‍රතිවිපාක අවබෝධ කරගන්න   පුළුවන් එකම විදිය   තමයි තනි පුද්ගලයින් තෝරා ගැනීම් තීරණ ගන්නේ කොහොමද කියල හොයල බැලීම.

ඊළඟට වැදගත් වෙන දෙය තමයි   ආර්ථික විද්‍යාව කියන්නේ  ස්වාභාවික විද්‍යාව වගේ දෙයක් නොවෙයි කියන එක අවබෝධ කර ගැනීම.  මේ දෙක වෙනස්.  ස්වාභාවික විද්‍යාව කරන්නේ භෞතික දේවල් පිළිබඳව හැදෑරීම ඉතිං මේ වස්තු කිරල මැනලා  නිරීක්ෂණය කරලා විද්‍යාඥයෙක්ට පුළුවන් ස්වභාවික වස්තු වල ස්වභාවය චර්යාවන්  ක්‍රියාකාරීත්වන්  ගැන දැනගන්න ඊට පස්සේ  ඒ දැනුම මත පිහිටා අනාගතය පුරෝකථනය කරන්න. උදාහරණයක් කිව්වොත් බ්ලොග් ලියන ඇල්කෙමියා  විද්‍යාඥයෙක් ඔහුට කියන්න පුළුවන් හරියටම ටක්කෙටම යම් කිසි රසායනික ද්‍රව්‍ය දෙකක් යම් මාත්‍රා ගණනකින් කවලම් කරොත් වෙන ප්‍රතිපලය මොකද්ද කියන එක.
 හැබැයි ආර්ථික විද්‍යාවට මේක කරන්න බෑ ඇයි දන්නවද?  මං ඉස්සෙල්ල කිව්වා වගේ ආර්ථික විද්‍යාව කියන්නේ  මිනිස්සු කොහොමද තෝරා ගැනීම් කරන්නේ කියන ඒකට  නේ ඒ කියන්නේ  හිතන පතන මිනිස්සු මේ ලෝකයේ  වඩා කැමති වෙන්නේ , වඩා අගේ කොට සලකන්නේ, බලාපොරොත්තු වෙන්නේ විශ්වාස කරන්නේ  මොනවද කියන දේවල් නේ මේවට බලපාන්නේ  ඉතිං ආයිමත්  මේවා  පුද්ගලික, තනි මිනිසුන්ගේ  හිතේ ඇතිවන හැඟීම් අර භෞතික වස්තු වගේ කිරන්න මනින්න හැසිරීම නිරීක්ෂණය කරන්න බෑ. ඉතිං ඒ හින්ද ආර්ථික විද්‍යාවට  ස්වාභාවික විද්‍යාව වගේ  අනාගතය පුරෝකථනය කරන්න බෑ.

එතකොට  මොන බම්බුවක්ද  ආර්ථික විද්‍යාවට කරන්න පුළුවන්.

ආර්ථික විද්‍යාවට  පුලුවන්  කොහොමද  අපි මිනිස්සු විදියට පුද්ගලයින් විදියට තෝරාගැනීම් කරන්නේ කියන ඒක දැනගන්න? මෙන්න මේ වගේ වැඩක් කරන්න පුළුවන්. තවත් මනුශ්‍යයෙක් විදියට අපි දන්නවා නේ අපි හිතන්නේ පතන්නේ කොහොමද කියල  ඉතිං අපිට තේරුම් ගන්න පුළුවන් ලෝකය පිළිබඳව මිනිස්සුන්ගේ වැඩි කැමැත්ත, වටිනාකම්,  අභිප්‍රායන් ,සහ එල්බගත් මත මොනවද කියල. මොකද අපිත් තවමනුෂ්‍යක් විදියට මේවා අත්විදිනවා නේ.මෙන්න මේ දැනුම භාවිතා කරලා අපිට පුළුවන් මිනිස්සුන්ගේ මේ දේවල්  හිතන පතන විදිය නිසා ඉදිරියෙදී  කොහෙටද අපිව ගෙනියන්නේ කියල  තාර්කික ගොඩ නැංවීමක් කරන්න ඒ කියන්නේ  උදාහරණයකට භාණ්ඩ හුවමාරුව වෙළඳපොල හැසිරීම වැඩකරන්නේ කොහොමද කියල  විස්තර කරන්න.

ස්වාභාවික විද්‍යාඥයෙක් අප දිහා හුදු වස්තුවක් දෙයක් දිහා වගේ  බලලඒවා හදාරලා  මේ දේවල් වගේ අපි කොහොමද වැඩකරන්නේ  හැසිරෙන්නේ කියල කියනකොට මිනිසුන්ගේ අපේ ඇතුලාන්තය ඒ අයට මග හැරිලා යනවනේ  මීට වෙනස්ව  ආර්ථික විද්‍යාව  අපි ජීවත් වෙන්නේ කොහොමද කියල අපිට  පහදා දෙනවා ඒක නිසා ආර්ථිකය ගැන විධිමත්ව දැනගැනීම අපි හැමෝටම ඉතා වැදගත්.

22 comments:

  1. ////දැන් වැදගත්ම දේ තමයි මේ තෝරා ගැනීම් ඔබ වෙනුවෙන් වෙන කෙනෙක්ට කරන්න පුලුවන්ද කියන එක . බැහැ නේද ? ඔබට අවශ්‍ය දේ ඔබයි තෝරාගන්නේ පුද්ගලයා තමයි තෝරාගන්නේ මොකද්ද කියල තීරණය කරන්නේ. සමාජය හෝ සාමුහික පිරිසක් මේ තෝරා ගැනීම් කරන්නේ නැහැ සහ බැහැ. ////

    මෙන්න මේ ටික කියවද්දි මට වෙළඳ දැන්වීම් ගැන මොකද්ද එකක් මතක් උනා.. කොහොමත් ආර්ථික විද්‍යාව කියන්නේ මට බැරිම විශය.. ඒක නිසා මතක නෑ....

    එකක් කියන්න පළුවන්... අදාළ නැත්ද මන්දා..... සාමජය හැමතිස්සේම තනි පුද්ගලයාගේ තීරණ වලට බලපෑම් කරනවා කියලා මට හිතෙනවා....

    ReplyDelete
  2. පටන් ගත්ත තැනම අනාගෙන.ආර්ථිකය කියන්නෙ පුද්ගලයාගෙ වරණය කියන එක ගොං කථාවක්.පුද්ගලයාගෙ වරණය වගේම සමාජයක් විදිහට ඒ සමාජය සංවිධානය වෙලා තියෙන හැටි ආර්ථිකයට වැදගත්.නිෂ්පාදනය කියන්නෙ පුද්ගලයෙක්ගෙ වැඩක් නෙමෙයිනෙ.ඒක සමාජ ක්‍රියාදාමයක්.උදිත ඔය කොටන කොම්පියුටරේ තනි පුද්ගලයෙක් හදපු එකක් නෙමෙයිනෙ.නොදන්න සිය ගාණක් එකතු වෙන සංකීර්ණ සමාජමය ක්‍රියාවලියකින් පස්සෙ තමයි ඔය කොම්පියුටරේ බිහිවෙන්නෙ.ආර්ථික විද්‍යාව කියන්නෙ සමාජයක නිෂ්පාදනය හුවමාරුව පරිබෝජනය සංවිධානය වෙලා තියෙන හැටි ගැන අධ්‍යයනය කන එක.ආර්ථිකය කියන්නෙම සමාජ සංවිධානයක්.තනි පුද්ගලයා ඒකෙ මුරිච්චියක් ඇණයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. //ආර්ථික විද්‍යාව කියන්නෙ සමාජයක නිෂ්පාදනය හුවමාරුව පරිබෝජනය සංවිධානය වෙලා තියෙන හැටි ගැන අධ්‍යයනය කරන එක//
      ඔව් එත් කොහොමද ඒක අධ්‍යයනය කරන්නේ?
      නූතන ආර්ථික විද්‍යාව මේක දෙකට බෙදනවා ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව (microeconomics) සහ මහේක්ෂ ආර්ථික විද්‍යාව (macroeconomics) කියල. ක්ෂුද්‍ර ආර්ථික විද්‍යාව අවධානය යොමුකරන්නේ පුද්ගලයාගෙ වරණය කියන එකට ( dynamics between buyers and sellers, borrowers and lenders )

      Delete
    2. මිනිස් මොළය පිලිබඳ නූතන විද්‍යාවේ දැනුම මගහැර යාම නිසා පුද්ගලයාගෙ වරණය කියන එක අවතක්සේරු කරන්නේ මාක්ස්වාදයයි. මාක්ස්වාදය සමාජවාදය ඇති රටවල් බිඳ වැටීමට මුලික හේතුව වුයේ මෙයයි. පුද්ගලයා වෙනුවට සමාජය ඔබ වෙනුවෙන් තෝරා දෙන්නට ගොස් උන අත්දැකීම නිසා තාප්ප කඩාගෙන බෝට්ටු වලින් එම රට වලින් මිනිසුන් පන යන්න විය.

      Delete
  3. //ආර්ථිකය කියන්නෙ පුද්ගලයාගෙ වරණය කියන එක ගොං කථාවක්// නැවත කියවන්න මේ කතා කරන්නේ හුදු ආර්ථිකය කියා දෙයක් නොව "ආර්ථික විද්‍යාවෙ නැත්නම් අර්ථශාස්ත්‍රයේ" පදනම ගැන. ආර්ථික විද්‍යාවේ විෂය ක්ෂේත්‍රය වන්නේ ආර්ථික ඒජන්තයින් ගේ හැසිරීම සහ ඒජන්තයින් එකිනෙකා අතර අන්තර්ක්‍රියා කරන්නේ කෙසේද යන්නයි.( how economic agents behave or interact) මෙහි ආර්ථික ඒජන්තයින් යනු කවුදැයි මෙතනින් අවශ්‍ය කෙනෙක් දැනගන්න.http://en.wikipedia.org/wiki/Agent_(economics)
    //ඔය කොටන කොම්පියුටරේ තනි පුද්ගලයෙක් හදපු එකක් නෙමෙයිනෙ.//
    මේ කතාව මං අවු 12කට ඉස්සෙල්ල ලංකාවේ වම්මුන්ගෙන් අහල තියනවා ඒ දවස් වල ඒක මාර අදහසක් කියල තමයි මටත් හිතුනේ අවු 12 කට පස්සෙත් ඔයාලගේ දැනුම එතනමයි. සමාජීයව නිෂ්පාදන වෙනවා කියන මාක්ස්වාදීන්ගේ අදහස එක්ක මේ ලිපියට සම්බන්ධයක් ඇත්තෙත් නෑ.
    Public choice theory කියල ආර්ථික විද්‍යාවේ අත්තක් තියනවා ඒක මා කතා කරන දේට අර්ථශාස්ත්‍රයේ පදනමට අදාළ නෑ.
    http://en.wikipedia.org/wiki/Public_choice_theory

    ReplyDelete
    Replies
    1. //මේ කතාව මං අවු 12කට ඉස්සෙල්ල ලංකාවේ වම්මුන්ගෙන් අහල තියනවා ඒ දවස් වල ඒක මාර අදහසක් කියල තමයි මටත් හිතුනේ අවු 12 කට පස්සෙත් ඔයාලගේ දැනුම එතනමයි. // ඇයි උදිත අවුරුදු දොලහකට පස්සෙ කොම්පියුටරේ වෙන විදිහකට හැදෙන්නෙ කථාව වෙනස් කරන්න?එතකොට අර බ්ලොග් එක උඩින් ගහගෙන ඉන්න අයන් රැන්ඩ් ගේ කථාව කොයි කාලෙ කිවුව එකක්ද දන්නෙ නැහැ නේද?ලගදී වෙන්න ඇති මගෙ හිතේ.

      Delete
    2. අයින් රෑන්ඩ් සමාජවාදී රුසියාවෙන් පැනල ඇවිත් ඇමරිකාවට ඇවිත් ඒක කිව්වා මම වැඩවසම් ලංකාවෙන් පැනල ඇවිත් ඒක කියෙව්වා ඔව්. ලෝකයේ ගාමක බලය පුද්ගලයා කියන එක ලෝකයේ බර ඇට්ලස් යෝධයා වගේ කරෙන් ගෙනියන්නේ පුද්ගලයා කියන ඒක ලංකාවේ ඉන්න කෙනෙක්ට තේරෙන්න විධියක් නෑ කියලත් තේරෙනවා.සමුහය රංචුව ගෝත්‍රය පුද්ගලයාට වඩා උසස් කොට සලකන මාක්ස්වාදය ලංකාවේ නැගල යන්නේ වැඩවසම් ගෝත්‍රික අදහස් වල ශේෂය නිසා නොවේද? ඉහත කොම්පියුටර් ගැටලුව ගැන කියන්න තියෙන්නෙත් එච්චර තමයි. ඉස්සර කොම්පියුටරය වෙන විදියකට හැදිලා දැන් කොම්පිටරය වෙන විදියකට හැදුනා නොවෙයි ලංකාවේ ඉන්න කොට කොම්පියුටරය හැදෙන කථාව. ඔයා නිවැරිදිව කියා ඇති පරිදි කතාවක්ම පමණයි.කාර්මික ධනවාදී නිෂ්පාදන ආනයනය වෙනවා විතරයි. එතකොට අර ඉස්සෙල්ල කිව්ව මාක්ස්ගේ කථාව එක්ක සෙට් වෙන්න ලේසියි. සමාජීය නිෂ්පාදන සමාජීය දැනුම සමාජීය මනස කියල එකක් නෑ.

      Delete
    3. //සමුහය රංචුව ගෝත්‍රය පුද්ගලයාට වඩා උසස් කොට සලකන මාක්ස්වාදය ලංකාවේ නැගල යන්නේ වැඩවසම් ගෝත්‍රික අදහස් වල ශේෂය නිසා නොවේද?// අනේ උදිතයි මායි දන්න මාක්ස්වාදයයි වැඩවසම්වාදයයි ගෝත්‍රවාදයයි.අර සිංහල අන්තවාදීයෝ එන්ජීඒ කොටි අධිරාජ්‍යවාදය මානව හිමිකම් කියල වචන සෙට් එකකට පරාණ බයයිනෙ.ඒවයෙ තේරුම දන්නෙත් නැහැ.ඒව අතර තියෙන නොගැලපීම දන්නෙත් නැහැ.ඕහේ වචන සෙට් එකක් ඇද බානව.ඔයත් කරන්නෙ ඒක.ඒක නෙමෙයි දැන් මාක්ස්වාදය ලංකාවෙ නැගල යනවද?දැන් මට මතකයි ඔයාම කොහෙ හරි ලියල තිබුණ වමේ පක්ෂ වලට කිසි තැනක් නෑ ලංකාවෙ ඡන්ද කීයද ගන්නෙ කියල.මොකක්ද උදිත එකකට එකක් නොගැලපෙන කථානෙ ඔයා කියන්නෙ.

      Delete
    4. නැගල ගියා කියල කවුද චන්දේ දෙන්නේ මානසික ලෝකය තුල ඔලු ඇතුලේ තමයි සමාජවාදය නැගල යන්නේ චාන්දේ දෙන්න ගියාම කඳ නේ වැඩ කරන්නේ ඔලුව ලෙනින් කඳ ප්‍රාඩෝ. ඒකයි මම කියන්නේ මං මේවා කිව්වත් නැතත් වෙළඳපොළ කොහොමත් ජය ගන්නවා. අර පිරමීඩ් ක්‍රම පොන්සි ස්කීම් තියෙන්නේ ඒවා කල් ගිහින් කොහොමත් කඩාගෙන වැටෙනවා නමුත් කිව්වේ නැත්නම් ගොඩක් අය අහුවෙලා ඉවරයි ඒ වගේ තමයි කෘතිමව වෙළඳපොල පාලනය කරලා ක්‍රියාත්මක කරන සමාජවාදී ක්‍රම කොහොමත් කඩාගෙන වැටෙනවා මම කරන්නේ කලින් අනතුර පෙන්වලා දෙන ඒක විතරයි.

      Delete
  4. සමහරු ප්‍රශ්න අහන්නෙ දැනගන්න නෙමෙයි. නොකියපු දේවල් හා නිශ්ප්‍රභා කර ඇති මතවාද ගෙනැත් දාලා අවුල් කරන්නෙ උදිත කියන්න යන දේ කුමක් දැයි පැහැදිලිවම ඔවුන් දන්නා නිසා. සිතට විරුද්ධව කතා කරන්න සමහරුන්ට තද ආශාවක් තියෙනවා. හොඳටම සත්‍යය යැයි දැන දැනත් ඒත් අසත්‍යය යැයි කියා සතුටක් ලබන අයත් ඉන්නා බව ඉදිරියේ දී සිංහලෙන් ලිවිය යුතු වටිනා විෂයයක් ගැන ලියද්දී අමතක කරන්න එපා උදිත.

    ReplyDelete
  5. මට තියෙන ප්‍රශ්නේ පින්තූරේ කොහොමද විස්තරේට ගැලපෙන්නේ කියන එක...

    ReplyDelete
  6. මටත් ඒ ප්‍රශ්ණයම තමයි.

    ReplyDelete
    Replies
    1. @මාතලන් @ගයනි
      පුද්ගලික තෝරාගැනීම එකිනෙකට වෙනස් බව සහ තෝරාගැනීම පුද්ගලිකයි පෙන්වා දෙන්න මේක තමයි හොඳම පින්තුරේ..සමහරු සමහර අය හා ආදරයෙන් බැඳෙන්නේ වචනයෙන් පවා විස්තර කල නොහැකි තමන්ගේම වූ පුද්ගලික වූ හේතු තෝරා ගැනීම් නිසා නේද?

      Delete
  7. උදිත කියනවානම් ලoකාවේ වෑඩයන්නේ සමජාවාදී කර්මයට කියලා ඵක මහා වෑරදි කතාවක්.හුදු ප්‍රලාපයකි.ලoකාව කියන්නේ ඈමරිකන් පුරවෑසියන් පාලනයකරන ඈමරිකන් නය වලින් දුවන හිගන රටක්.
    මේ රටේ පාලනය බලය පවාත්වාගෙන යන්නේ ෆෑසිස්ට් ක්‍රමවේද හරහායි.ඵක ඈමරිකාවේ සහජාත පුත්‍ර UNPඵකක් අවජාත පුත්‍ර SLFPඵකත් පාලන බලය පවත්වාගෙන ගිය ක්‍රමවේදය.හරියට ඈමරිකන් බලල් අත් වන ඔගස්ටෝ ෆිනෝචේ ලා ජෙනරාල් මොබුටුලා ජෙනරාල් පාක්ලා කරපු හාඩ් ඵකේ ලයිට් ඵක.
    ඵහෙම බලය පවත්වාගෙන යන ගමන් සහන දෙන්නේ තමාගේ හිතවත් පන්තියට.බදු බර ජනතාවට.හරියටම අර ඈමරිකාවේ ආර්තිකය නට්ටo උන වෙලාවේ මිනිස්සුන්ගේ බදු සල්ලි මහා පරිමාන කොම්පෑනි වලට පොම්ප කරලා පොඩ් මිනිහා ෆ්ලෑට් කරලා වෑටෙන කොම්පෑනිකරයාට කරු ගෑහුවා ව්ගේ තමා.ඵකෙන් ගෙවල් නිවාස අහිමිඋනු ඈමරිකානුවෝ කීයක් දිවිනසාගත්තද කියලා දන්නවාද?අනික ඔවාට විරුද්දව ඈමරිකන් පුරවෑසියෝ 99% ජනතාව විදියට සoවිදානය වෙලා පාරට බෑස්සහම හමුදා බලය යොදවලා ලේ හලල නේද ඵක මර්දනය කලේ.ප්‍රජාතන්තරවාදය ගෑන නෑව් ටෝක් දෙන සුද්දන්ට ඵහෙම කරන්න වට්නවාද මයෙ අප්ප.
    ලියනවානම් හෙට ඵලිවෙනකන් හරි ලියන්න ඈහෑකි ඈමරිකාව ප්‍රමුඛ දනවාදී රෑ දෑනියෙල් දවල් මිගෙල් ඩිමොක්‍රසිය ගෑන.
    ඉතිo ලoකාවේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ඵකක ඔයාකාරමයි.USA නය වලින් දුවන මේ පසුගාමී දනේශ්වර ආණ්ඩුවට සමාජවාදී කියලා කියන්න හදනවා නම් ඵ්ක හවසට කසිප්පු ටිකක ගහලා ගමටම බෑනබෑන යන කසිප්පුචන්ඩියෙකුගේ හිස් ප්‍රලාපයක් ඈර වෙන ඵකක නෑ කියලා තමා කියන්න තියෙන්නේ.

    අනික ආර්තික අර්ඹුදය හමුවේ යුරෝපය දෑන් කියන්නේ අපි හිරවෙලා ඉවර බවත් වඩා අල්පේච්ච ක්‍රමයකට යායුතුයි කියලයි.
    ඉතින් දෑන් දනවාදීන්ට ගල්යුගයට යනවා ඈරෙන්න වෙන විකල්පයක් නෑති හෑඩයි.
    ලෝකේ දුප්පත් රටවල්වලට කෑරට් අල කවලා හරි ඈමරිකන් හිතවාදී රූකඩ පාලකයන් මගින් බයකරගෙන හරි සූරන්කාලා සෑපවිදපු කාලය අහවර බව දනවාදී විහිලුකාරයෝ දෑනගතයුතුයි.

    ReplyDelete
  8. Ano මේ කතාවට මට නම් සිනහා යනවා ඇර වෙන කියන්නට පිළිතුරක් නැත. ඔබ වැටී ඇති වලේ ගැඹුර නිසා ඉන්නා වලේ බිත්ති හුදු ලෝකය යයි වරදවා වටහාගෙන ඇත. වලක කටකින් ලෝකය දිහා බැලූ විට පෙන්නේ අහසයි ඔබ ලෝකය කියා වැරදියට වටහා ගෙන ඇත්තේ මෙයයි. මොනවා උනත් ලස්සන වචන ටික ජේ වී පී එකේ හරි අන්තරේ ලීෆරේට් එකකට නම් මරු වෙන කෙනෙක් කියන නිසා ඔබත් කියනවා ඇර ඔබ කියන නිසා වෙනත් අයත් කීම ඇර වැඩියමක්, තර්කයක් මෙහි නැත.

    ReplyDelete
    Replies
    1. අර රනිල් ගෙනාපු එක ගැන විග්‍රහයක් ලිව්වොත් නරකද..?
      සමාජ වෙළඳ ආර්ථිකවාදය..

      Delete
    2. රනිල් ගෙනාපු එක තාම උඩින් පල්ලෙන් බැලුවේ සැන්ඩි චන්ඩ මාරුතයෙන් බැටකා ටිකක් අපහසුතාවයට පත්වී ඉන්නේ මේ දිනවල. සාරාංශය දැක්කම සමලිංගික කටකතා ඇත්තද කියලත් හිතෙනවා. මොකද මංගල සමරවීරගේ දේශපාලනයෙන් රනිල් තුල තිබු ජේ ආර් ගතිකය ඉවත් වෙලා වගෙයි. රුවන් ෆර්ඩිනන්ඩ් ද මේක ලියල තියෙන්නේ කියල හිතෙනවා.

      Delete
    3. ඕ කේ මචෝ එහෙනම් රිකවර් වෙලා එන්නකො.. අපිත් එහෙම තමයි. මහ ගේ සුද්දකරලා දීලා දැනුයි ආවේ.. වයසක මිනිස්සුනේ අනාථයි..

      Delete
  9. ඔයාගේ ඵම අදහසට ගරුකරනඵක මගේ යුතුකම.
    ඵ්ත් ඉතින් යුරෝපා ආර්තික විද්වතුන්ම 'දනවාදී ක්‍රමය හිරවෙලා ඉවරබවත් වාඩා අල්පේච්ච ක්‍රමයකට අප යායුතුබවත්' දෑන් කියනවානේ.අනික ග්‍රීසියේ ජනතාව නගර අතහෑර ගම්බද ගොවිපොලවල් දිහාවට සoක්‍රමනය වෙනවා.පෘතුගාලයේ සහ ස්පේන් වලත් ඵ් ප්‍රවනතාවය තියනවා.ඉතින් අපි ඵ්කයි කියන්නේ දනවාදියො නූතන යුගයේ සිට ගල් යුගයට පලායන බව.

    'මානව සමාජය ඵක්කො සමාජවාදය දෙසට ඉදිරියට නෑත්නම් ම්ලේච්චත්වය වේත පසුපසට' කියා ඵක්දහස් අටසියගනන්වල ෆෙඩ්‍රික් ඵගල්ස් කියා ඈත්තේ ඵ්කයි.වර්තමානයේ අයින් රෑන්ඩ් ලාගේ බයිලා පසකලා මාක්සෙගේ 'දාස් කෑපිටාල්' යුරෝපයේ වේගයෙන්ම අලවිවෙන පොත් අතරට පෑමින ඈත්තේ ඵකයි.මේ යන විදියට දනවාදයේ ම්ලේච්චත්වය සහ අසාර්තකත්වය වියාජ මාද්‍ය ඈන්දීම් කියන පොල්කටු වලින් වහන්න බෑරිවෙයි.ඈමරිකාව වියට්නාමයෙන් ගුටිකාලා ලෑජ්ජාව වහගන්න රම්බෝ කියලා ටීටර් ගෑහුවට ආර්තික පෙරමුනේ කඩාවෑටීම වහන්න ටීටර් පෙන්නන්න බෑනේ.
    ඉතින් උදිත ඉස්සරහට හොද හොද සෙල්ලම් බලාගන්න පුල්වන් වෙයි.
    අනික 1400ගනන්වල යුරෝපය මද‍යතන වෑඩවසම් යුගයෙන් නික්මිලා කාර්මීක විප්ලවයත් ඵක්ක ඉස්සරහට් ඵනකොට යුරෝපා රටවල් තමුන්ගේ නිශ්පාදන වලට අමුද්‍රව‍ය සොයාගන්න අදිරාජ්යවාදය පාවිච්චිකලා කියලා අපි දන්නවානේ.සුදු මහත්වරු අපේරටවල් ආක්‍රමනය කරලා ඵ්වාගේ සම්පත් මකොල්ලකාලා තමා තමන්ගේ නිශ්පාදන වලට කුනු කොල්ලෙට අමුද්‍රව‍ය හියාගත්ත්යේ.සුද්දගේ කාලේ ගම්මිරිස් කිලෝඵක මෙහේ ගාන වගේ 500ගුණයක් වෑඩි මිලට විකුනලා ලාබ හෙව්වා කියන්න ඵ්කයි.අනික අපේන් ශ්‍රමය කොල්ලකාලා තමා උන්ගේ තේ කෝපි කොකෝවා රබර් වගේ වානිජ වගාවල් පවත්වාගෙන ගියේ.ඵතකොට මේවාට ඵරෙහිඋන ස්වදේශිකයන්ව කෑතිගාලා තමා බලය පවත්වාගත්තේ.
    ඵ් කියන්නේ උදිත යුරෝපා දනවාදය නෑගිටින්නෙම අපේ රටවල මිනිස්සුන්ගේ ලේ කදුලු මල කදන් මතින්.
    දනවදයේ ස්ටාර්ට් ඵකම නින්දිතයි කියනඵක අපිට තේරෙනවා නේ.ස්ටාර්ට් ඵක වගේම පවාත්වාගෙනයාමත් නින්දිතයි තමා.ඵහෙම දනවාදයක් නෑතිබගවෙලා යන ඵක හොද නෑත්ද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඔබ නගා ඇති තර්ක වලට විධිමත්ව ඉදිරියේදී පිළිතුරු දෙන්නම් සැන්ඩි චන්ඩ මාරුතයෙන් බැටකා ටිකක් අපහසුතාවයට පත්වී ඉන්නේ මේ දිනවල

      Delete
    2. ඔයාලාට සෑන්ඩි කුණාටුවෙන් වුනු කරදරය ගෑන බොහෝම කනගාටුයි යාලුවා.හෑකි ඉක්මනින් යතාතත්වයට පත්වීමට හෑකිවේවා කියලා ප්‍රාර්ඨනා කරනවා.

      Delete