Pages

Followers

Tuesday, October 23, 2012

දෙගම්මාන අන්දරය. (ජල කළමනාකරණ ප්‍රශ්නය ඇසුරිනි)

ඔන්න එකමත් එක රටක ලස්සන කඳු යායක් මැද්දේ සුන්දර පුංචි ගමක් තිබුනා අවාසනාවකට මේ ගම අසලින් මනරම් ගඟක් නම් ගලාගෙන ගියේ නෑ .
හැම දෙයකින්ම ස්වයං පෝෂිත මේ ගමට තිබුන එකම අඩුව උනේ නුදුරේ ජලය නැති එක විතරයි. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් ගෙන්න ලිඳක් හාරමු කියල යෝජනාවක් ආව. 
ඉතින් එක දවසක්  ගමේ කීප දෙනා එකතු වෙලා  සහයෝගෙන් ශ්‍රමදානයක් දාල  හොඳ තැනක් හොයල නැකතක් බලල ලිඳක් හෑරුවා.
 වස  කම්මැලි උක්කුවා විතරයි ආවේ නැත්තේ අනෙක් හැමෝම සහයෝගය දුන්නා. කොළඹ වැඩට යන සේන ආවෙත් නෑ එත් එතින් එයාට නිවාඩු කොයින්ද?  
දවසක් වෙහෙසිලා ගැඹුරට හාරන කොට  මෙන්න වතුර හම්බුනා, දැන් ඉතින් ගමේ හැමෝටම සන්තෝෂයි. 
ඉන්පස්සේ කවුරුත් සතුටින් ජීවත් උනා.ටිකිරි මලී ලිඳට ගිහින් නාල කළේ උකුලේ තියාගෙන උදේට දීය ගෙන යන දසුන ගමටම එකතු කළේ හරිම සිරියාවක්.
ඉතින් ඔහොම ටික  දවසක් ගෙවිල ගියා.
කලක් යන කොට ලිඳ ගාව වල් බිහි වෙලා මොනවා උනත් ටිකිරිමලී කඩිසර කෙල්ල. ඒ කෙල්ල ලිද ගාව හැදුන   වල් පැල ටික ගලවවල වටේට සුද්ද පවිත්‍ර කරලා වතුර බැහැල යන කානුවත් සුද්ද කරනවා. මේ ලිද ලස්සනට පිරිසිදුව තියා ගන්න ඒ කෙල්ල වගේ හැමෝම උනන්දු නෑ.
මේ කාටත් පොදු ලිද හාරන දවසේ අර සවුදන් ජෙමා වගේ ඉන්න උක්කුවා  උදව්වට ආවෙත් නෑ එත් ඌ ඇවිල්ල දැන් යස අගේට වතුර ගන්නවා . ඒ මදිවට ලිඳ ළඟ හැඩි කරලත් දානව. මේ වැඩේට මලී ට ඌත් එක්ක හරි තරහයි.
කොළඹ වැඩ කරන සේන නම් ලිඳ පාවිච්චි කරන්නෙම නෑ එයා බෝතල් වතුර අරන් එනවා,ලිඳේ වතුර රසට එයා කැමති නැහැ. නාගන්නෙත් වැඩ පොලෙන්මලු .       
  සිරිපාලය ලිද එහා පැත්තේ ඉඩමේ එලවළු කොරටුවක් දාල. මිනිහ දැන් ගමේ අයට එළවලු විකුනනව. සිරිපාල එළවලු කොරටුවට වතුර දාන්නේ මේ ළිදෙන් අරන්  මිනිහ හවසට කොටුවට වතුර දැම්මම ලිඳ හිදෙනවා පැයක් දෙකක් යනකන් අනිත් අයට වතුර නෑ.
මලී කෙල්ල හැඩකාරි වගේම මොලකාරි  අසාධාරණේ පෙන්න බෑ. එකී කියනවා සිරිපාල අයියා ලිදේ වතුර එළවලු කොටුවට නිකං  දානව හැබැයි එළවලු දෙන්නේ පොලේ ගානටමයි. 
දැන් ඉතින් අවුරුද්දක් ගෙවිල ගියා අවුරුද්කට සැරයක් වත් ලිඳ ඉහින්න එපැයි. සෝමේ තමයි මේ වැඩේට කර ගැහුවේ එනවා කියපු අයගෙන් කීප දෙනෙක් ආවෙත් නෑ බනින්නත් බෑ සාදාරණ හේතු එක්කනෙක් සනීප නෑ. තව කෙනෙක්ට මලගේක යන්න වෙලා. 
මලී නගා තමයි ලිඳ ඉහන අයට කන්න උයල දුන්නේ. අනිත් අයට උනන්දුවක් නෑ කොහොම හරි වැඩේ කෙරෙනවා නේ.මේ වැඩේටත් කම්මැලි උක්කුවා සුපුරුදු පරිදි ආවේ නෑ. ඌ මගෑරිය.
එදා ඉරිදා දවසක් සේනට  නිවාඩුයි කලාතුරකින් මිනිහ ගෙදර ඉන්නේ. මිනිහ එළියේ වාඩිවෙලා පොතක් කියවනවා. අල්ලපු ගෙදර දයාවතී වැටෙන් එහා ඉඳන් නෝක්කාඩුවට වගේ  අහනවා
 "සේන ළමයෝ ලිඳ ඉහින ශ්‍රමදානෙට යන්නේ නැතෙයි.? අපේ එක්කෙනා නං අන්න ගියා."
 සේන මුකුත් නොකියා  හිනාවෙලා ආයිත් පොත කියවන්න ගත්තා  ඔතනින් යන මලී නගාටත් ඕක ඇහුනා. එකිටත් කට පියාන ඉන්න බෑ.
 "සේනයියා ඉතින් ළිදෙන් වතුර බොන්නෙත් නෑ නාන්නෙත් නෑ ලිඳට යන්නෙත් නෑ. අයියා මක්කටෙයි ඉහින්න එන්නේ. සේනයියාගේ නිවාඩු දවසේ එහා පොත බලපුවාම මොකද?"
මේකට දයාවතීට හරි කේන්තියි.
"අනේ උඹ අනුන්ගේ සීනි කිරන්නේ නැතිව පලයන්. උබත් මෙතැන වැට අයිනෙන්ම යන්නේ වෙන පාරවල් නැතිව වගේ සේනය මිදුලේ ඉන්න  හින්ද තමයි...(සක්ක්රවට්ටම), ගමේ පොදු වැඩේ නේ ගියාම මොකද වෙන්නේ."

කඳු යායෙන් එහා පැත්තේ මේ ගමට යාබදව තවත් ගමක් තිබුනා. මේ ගමේ හිටිය සුරසේන කියල දක්ෂ වෙළෙන්දෙක්. මිනිහ පිටරටකත් ගිහින් මුදල් හොයාගෙන ඇවිත් තිබුනා. මිනිහ හැමදෙයක් ගැටළුවක් දිහාම බලන්නේ  වෙළඳාම පැත්තෙන් තමයි. මිනිහට හිතුන මේ තමන්ගේ ගමේ තියන ජල ප්‍රශ්නයට විසඳුමක් දෙන්න පුලුවන්නම් එකත් හොඳ වෙළදාමක් වෙන්න පුළුවන් කියල.
 මිනිහ තමන්ගේ ළඟ තිබුන මුදල්  ආයෝජනය කරලා නල ලිං තාක්‍ෂණය ගමට ගෙනල්ල තමන්ගේ ඉඩමක නල ලිඳක් හදල අඩි ගානක් උඩින් ගමටම සෑහෙන්න වතුර දෙන්න ටැංකියකුත් බැන්දා.
සුරසේන මීටර් හයි කරලා වතුර වලට මුදල් අය කරනවා. සල්ලි තියන අය මුලින් සුරසේන ගේ පයිප්ප වතුර ගෙදරටම ගත්තා.  වතුර බිස්නස් එක නැගල ගියා. 
දැන් මිනිහ ගමේ ජිනසේන ගේ  ගොවිපලටත් මුදල් වලට වතුර සපයනවා. වතුර හොඳට තියන නිසා මිනිහගේ කොරටුව සරුසාරයි . වැඩිත් එක්ක පලදාව . ගොවිපලත් නැගල ගියා  අවට නගර වලටත් එළවලු සපයන්නේ මේ ගොවිපල . මේ ගොවිපලේ දැන් බරගානක් ගමේ මිනිස්සු වැඩ ඒ අයත් හොඳ පඩියක් ගන්න නිසා දැන් ඒ අයටත් සූරසේනගේ පයිප්ප වතුර ගෙදරටම ගන්න සල්ලි තියනවා. දැන් ගම්  ඒ ගමේ කවුරුත් පයිප්ප වතුර පාවිච්චිය.
 සුරසේනය නම්  මේ වෙළදාමෙන් සෑහීමකට පත් උනේ නෑ, මිනිහ වතුර වෙළදාමෙන් එකතු වුන සල්ලි  ඔක්කොම දාල තව නල ලිඳක් ගැබුරට විදලා වතුර බෝතල් කරන ෆැක්ටෙරියක් ගමේ දානවා. දැන් නගරේ සංචාරක හෝටල් වලට වතුර බෝතල් දාන්නෙත් සුරසේන. වතුර බෝතල් ෆැක්ටරියත් නැගල ගියා දැන් පිටරට වලට පවා වතුර බෝතල් යවනවා. ගමේ මිනිස්සු ඔක්කොටම රස්සා තියනවා.
  ඒ ගමේ ඉගෙන ගන්න දක්ෂ නිමල් තමයි කොම්පැනියේ ඉහලම තනතුර දරන්නේ. ඒ ෆැක්ටරියේ අවම වැටුප ගන්න කම්කරුවට පවා අර මුලින් කියපුඅල්ලපු ගමේ  පොදු ලිඳ තියන  මලී ලගේ  ගමේ ලොකුම සල්ලිකාරයට වඩා මුදල් තියනවලු.
 මේ කාලේ වෙනකොට මං අර මුලිං කියපු පොදු ලිඳ තිබුන ගම එදා විදියමයි ඊළඟ අවුරුද්දේ ලිඳ ඉහලත් නෑ පොදු දේපල බෙදාගන්න, නඩත්තු කරන්න .  හැමදාම අවුල් ප්‍රශ්න විතරයි. මලීත් සේනව කසාද බැඳලා අර අල්ලපු ගමට පදිංචියට ගිහින්. සේනට අල්ලපු ගමේ සුරසේනගේ වතුර බෝතල් ෆැක්ටරියේ සෙකුයුරිටි  රස්සාවක් ලැබිල.
 සිරිපාලගේ එළවලු කොටුවත් ඈලියාවට ගිහින්.මලී ගමේ නැති නිසා පොදු ලිඳ වල් වැදිලා. දුප්පත් කමට බැන බැන ආයිත් පරණ පුරුදු විදියට ඈත වැවට ගිහින් මිනිස්සු   වතුර ගේනවලු. මැම්බර් මහත්තය නම් වතුර පයිප්ප දාල එහා ගමේ සුරසේනගෙන් වතුර අරන්.  
අර ඒ ගමේ හිටිය ඔපදූප  හොයන දයාවතිගේ ලොකු කොලුවා දැන් ලොකුයි රස්සාවක් නෑ මොකක්ද මේ. ගම්  වී. පී. ද මොකක්ද විප්ලව කරන පක්ෂෙකට බැඳිලා හන්දියේ කඩේ ගාව තෙල බෙදනවලු  අල්ලපු ගමේ සුරසේන ල අර ගොවිපල අයිති ජිනසේනල එකතු වෙලා  ධනපති ඒ ගම  අපේ ගම සූරාකෑම නිසා තමයි අපි දුප්පත් වෙලා තියෙන්නේ කියල.

17 comments:

  1. ලොකු කතාවක් කියන්න හැදුවා වගේ තේරුනාට ඇති දෙයක් නැහැනේ මල්ලියේ. තව ටිකක් පුරුදු වෙන්න උපහාස රසය ගේන්නයි සිදුවීම් මිනිස්සුන්ට සම්බන්ධ කරලා හිතා ගන්න පුළුවන් වෙන විදියටයි. ටිකක් ලියන්න පුරුදු උනොත් වැඩේ හරියයි.

    ReplyDelete
    Replies
    1. එහෙමයි අයියන්ඩි. අදහසට ස්තුතියි උත්සාහ ගන්නම්

      Delete
  2. ඇත්ත කතන්දරේ.. ඒ උනාට රහ නෑ මචෝ.. මේ වගේ කතා ලියන්න පොඩ්ඩක් සඳරුගෙයි, අටම්පහුරයගෙයි ලියවිලි පොඩ්ඩක් බලපන්.. මාරයත් ලස්සනට ලියනවා මේ වගේ කතන්දර. රහ නැති වෙන්න හේතුව. කලබලේ ලිවීම වගේ. එහෙම ලියන්න එපා. උඹටම හදා ගන්න පුළුවන්.. චේද වෙන් කිරීම්, දෙබස් යෙදෙන තැන් එහෙම වෙනම පෙන්නන්න ඕන. හෙන්රී බ්ලොග්වෝකර්ගේ ඒවත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත රනිල්ට ස්ටේජ් වල කතා කියල චන්ද ගන්න බෑ වගේ මට කතා ලියන්න බෑ . ඇත්තටම කලබලේ තමයි ලිව්වෙත්. තාම බ්ලොග් ලියන්න අරන් හරියට සති දෙකයි නේ.

      Delete
  3. කෙළින් කියන්නට පුහු ආටෝප දමා ඉල්ලනවා ද එහෙමත් නැත්නම් රහ නැහැයි කියන්නෙ නුහුරු නිසා ද .... තව හිතන්න ඕනෑ :D

    ReplyDelete
    Replies
    1. ඔන්න අරුණිට නම් සතුටුයි... ඒත් අරුණි මේක කෙලින්ම කියන දෙයක් නෙමෙයිනේ... උදිත මේක කියන්න හදන්නේ කතන්දරයක් මාර්ගයෙන්, එතකොට ඒක කතන්දරේක ගති ලක්ෂණ අරගන්න ඕනේ... කලාව මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනියනවා කියලනෙ කියන්නේ... ඒ නිසා මුලින්ම ඇතිවෙන්න ඕනේ ආනන්දය... ඒ ආනන්දය තුලින් මතුවන සිතුවිලි ඔස්සේ හිතන්න පෙලඹවීමෙන් තමයි ප්‍රඥාව කරා යන්නේ...

      Delete
    2. තිසර,

      කතන්දරය කෙළින් කියන එක ගැන තමයි මාත් කියන්නෙ. මට නම් මහත් 'ආනන්දයක්' ඇතිවුනා මුලින් ම "ළිඳක් හාරමු" කියවද්දීම. මොකද ඒ කියැවීමෙන් මතුවෙච්ච 'ආනන්ද තුලින් මතුවන සිතුවිලි ඔස්සේ' අවසානය කොහොම වෙයිද කියලා මට හිතා ගන්න පුළුවන් වු නිසා. ඉතිහාසයේ හැමදාම එහෙමයි වෙලා තියෙන්නෙ කියන 'ප්‍රඥාව' එක සැරයක් අවබෝධයෙන් පසුව ආයේ ආයේ හඳුනාගන්න හරි පහසුයි!!!!! ඒ නිසයි මම ලිව්වෙ 'රහ නැහැයි කියන්නෙ නුහුරු නිසා ද' කියල.

      Delete
  4. අද දවසට කියවන්න ලැබුන මෙහෙම ලිපි වලින් අනික මේ...

    http://free-unbound.blogspot.com/2012/10/blog-post.html

    පොඩ්ඩක් බලන්න වෙනස... වැරදියට හිතන්න එපා..ඒත් ඇත්තටම කතාව ගෙනියන්න හදන්නේ කොහේද කියවත් මටත් තේරුනේ නැහැ... ඔය දීපු ලින්ක් එක පොඩ්ඩක් බැළුවම පොඩි අවබෝධයක් ගන්න උදිතට පුළුවන් වෙයි කියලා මං හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් මාරයා තුමා පැමිණියාට ස්තුතියි සහ ප්‍රරතිචාරය අගය කොට සලකමි. ඔබතුමාට වගේ කතා ශෛලීයෙන් දේවල් කීම මට ගැළපෙන්නේ නෑ වගේ. හැම දෙයක්ම උත්සාහ කරලා බලන්න එපාය.අනුන්ගේ රචනා ශෛලියක් කොපි කරන්නත් හිතෙන්නේ නෑ. මාතලන් කියනවා වගේ සඳරු, අටම්පහුරය, ඔබතුමාට තමයි මේ කතා රස කරලා කයන්න පුළුවන්.

      Delete
  5. කතාවෙන් ලංකාවේ සිද්ද වෙන දේ පිලිබදව අමුතුම විදිහකට ලියල තියනවා ඇනොලගෙන් මල්ලිට මාර case වැටෙන්නේ නේද keep it up bro

    ReplyDelete
    Replies
    1. මේවා මොනවද රාමචන්ද්‍ර ගේ බ්ලොග් එකේ කොමෙන්ට් එකක් දාල ඇනෝ අයියල ධනවාදී උරුලෑව මැට්ටා ගොනා බූරුව ඔක්කොම සත්තුන්ගේ නම් කියන්න ගත්ත. මේක දැකල වෙන ඇනෝ කෙනෙක් ෆෝර්ම් වෙලා ඒවාට ඒ ස්වරයෙන්ම උත්තර දෙන්න ගත්තා. එට පස්සේ අර මුලින් ඒක පටන් ගත්ත අයම පැමිණිලි කරනවා මේ ධනවාදීන් වැදගත් විදියට කතාකරන්න දන්නෙත් නෑ කියල.

      Delete
  6. උදිත පළවෙනි ගමේ කතාව සාර්ථකව ගොඩනගාගෙන ආපු බව පේනවා... ඒත් වෙලාව මදිවීම නිසා, දෙවෙනි ගම ගැන කොටස ඉක්මනින් ඉවර කරපු බවක් පේනවා. පළවෙනි ගමේ ලිඳ හා චරිත සම්බන්ධව පාවිච්චි කරලා තියන විස්තරාත්මක ගතිය දෙවෙනි ගමට පාවිච්චි කරලා නැහැ. කියන්න හදන දේ ගෙඩි පිටින් දෙන එකත් කතන්දර ස්ටැයිල් එකට ගැලපෙන්නෙ නෑ මං හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් හරියට හරි වෙලාව බලද්දි උදේ හතරයි. අමාරුවෙන් තවම සිංහල ටයිප් කරන්නේ දෙවෙනි ගමේ කතාව උඩින් පල්ලෙන් ගහල දැම්ම.

      Delete
  7. සමාජවාදයට එරෙහිව උඹ දරන දේශපාලනික මතය ගැන මට බරපතල අවුලක් නෑ , නමුත් මේ දීලා තියන උදාහරණයට අදාල පුංචි යුනිට් එක ඇතුලේ ප්‍රායෝගික තත්වය ඔයිට වෙනස් . ගමටක වතුර නැතුව ඉඳලා ලිඳක් කපා ගත්තොත් ඒක මොන ක්‍රමයකින් හරි ඒ මිනිස්සු අතින්ම නඩත්තු වෙනවා , සිරිපාලය සමහර විය ගමේ උන්ගෙන් ගුටි කයි , ලිඳ ඉහල යන ගමන් සේනගේ ගෙදරට ගල් පාරකුත් වදියි හැබැයි වැඩේ සිද්ධ වෙනවා , මලී නගාට විතරක් ලිඳ බලාගන්න සිද්ධ වෙන්නේ නෑ , අඩ දබර මැද හරි වැඩේ යනවා . මේ කථාව දැක්කාම මතක වුනේ මම දන්න තැනක වතුර ලයින් එකක් ඇදගත්ත කතන්දරයක් , ටැංකිය බැඳලා ටැප් ලයින් එක අදින්න පටන් ගත්ත දවසේ ඉඳන්ම පොඩි පොඩි වලි තිබුනා හැබැයි අදටත් ගමේම මිනිස්සු වැඩේ පල ප්‍රයෝජ්න ගන්නව

    ReplyDelete
    Replies
    1. ඔව් බුවා මෙච්චර හොරා කද්දී මට වඩා නිදහස් වෙළඳ පොළ ධනවාදය ගැන දන්නා පී බී ජයසුන්දර වැඩේ කොහොම හරි ඇදගෙන යන්නේ. චන්ද්‍රිකා නෝනා අවු 12 ක් කිසිම දෙයක් නොකර හිටියට අපේ අයට ගානක්වත් තිබුනද? අපේ මිනිස්සු දක්ෂයි හැබැයි ඒ දක්ෂ කම් පාවිච්චි වෙන්නේ නස්කූර් වැඩ වලට. දේශපාලකයෝ මෙච්චර මැටි මෝල් වැඩ කරද්දී රටේ සල්ලි කාබාසිනියා කරද්දී පී බී කොහොම හරි දහං ගැටයක් දාල තරාධිය බැලන්ස් කරලා දෙනවා.වැටෙන්න දෙන්නේ නෑ.

      Delete
    2. @ බූවාගේ සිතුවිලි !

      //ගමටක වතුර නැතුව ඉඳලා ලිඳක් කපා ගත්තොත් ඒක මොන ක්‍රමයකින් හරි ඒ මිනිස්සු අතින්ම නඩත්තු වෙනවා// අර සුනාමියක් එනවා කියලා අනතුරු දක්වන විජට්ටුව වගේ නඩත්තු කරගන්නවා ද?!!!!!

      Delete
    3. සුනාමිය කාලයත් එක්ක මිනිස්සුන්ට අමතක වෙන දෙයක් (කොහොමත් අපි සති දෙකේ කට්ටියනේ ) , දිනපතා ලිඳෙන් වතුර අදින්න ගියාම හරි , පයින් හැතැක්මක් දෙකක් යන්න වුනාම හරි එහෙම නෑ ,

      Delete