Pages

Followers

Sunday, October 21, 2012

බෝට්ටු මිනිස්සු

ලංකාවේ හොඳ මිනිසුන් අතර නරක මිනිසුන් පිරිසක් ඇත මේ අය නීති විරෝධී ලෙස බෝට්ටු වල නැගී මේ ලස්සන රට හැරදා ඔස්ට්‍රේලියාවට පැන යාමට උත්සාහ කරයි මේ අය මෙසේ කරන්නේ නිකම් විය නොහැක රජයෙන් මෙතරම් සුභ සාධන සපයන හැම දෙයක්ම අධ්‍යාපනය සෞක්‍ය නොමිලේ  නිදහසේ දෙද්දී  හැම දෙයක්ම මුදල් ගෙවා ගත යුතු  කසිකබල් ධනවාදී  රටවලට මෙසේ යන්නේ අධිරාජ්‍යවාදී  කුමන්ත්‍රණය  කරුවන් මේ අයට අත යටින්  ඩොලර් කුට්ටි දී අපේ රටට අපහාස කිරීමට පැන යන්නයි කියන නිසා විය යුතුය.
නැත්නම් කොයින්ද මුන්ට බෝට්ටු කුලිය?
මෙවැනිම තත්වයක් කලක පටන් හෙයිටිය නම් රටෙත් පවතී මේ රටේ සියල්ලම සරණාගතයන් ලෙස රටින් පැන වෙන රට වලට ඇදෙයි.
 මේ හයිටියට සැතපුම් 50 පමණ එහායින් ඇත්තේ සමාජවාදී  කියුබාවයි.අපේ රටේ වාමාංශිකයින් ට අනුව  වැඩකරන පීඩිත ජනතාවගේ පාරාදීසය මෙයයි. ධනපති නරක ඇමරිකාව ඇත්තේ හයිටියෙන් සැතපුම් 500  ක් පමණ ඈතිනි.
මට ඇති ගැටලුව මේකයි.
මේ හයිටියෙන් සරණාගතයින් ලෙස බෝට්ටු වලින් යන අය ඇයි එච්චර ළඟ සැතපුම් පනහක් දුරින් තියන  තියන සමාජවාදී පාරාදීසය කියුබාවට යන්නේ නැතිව ජීවිත පරදුවට තියල මුහුදේ සැතපුම් 500 ක මාරාන්තික ගමනක් ගිහින් ඇමරිකාවටම පනින්න  හදන්නේ. මුන්ට අමු කැවිලද ? මොලේ නැති කාපිරි මෝඩයෝ.
අපේ රටේ ඉදන් පැනල යන අයනම් එච්චර මෝඩයෝ නොවෙයි. ළඟ තිබුනනම් යන්නේ  සමාජවාදී පාරාදීසය උතුරු කොරියාවට  ඔස්ට්‍රේලියාව මෙහා තිබුන නිසා  ඔන්න ඔහේ එහෙට යනවා. නැත්තනම් ලංකාවේ කවුද කැමති ඔය ධනපති රටවල් වලට.


17 comments:

  1. ඇයි චීනේ ට කිට්ටු නැද්ද? ඕස්ට්‍රේලියාවට වඩා

    ReplyDelete
    Replies
    1. කිට්ටුයි නම් තමයි.. ඒත් ඉතින් හැරි හැරි යන්න එපැයි, ඕස්ට්‍රේලියාව කෙලින් පාරනේ.. දක්ෂිණ අධිවේගී මාර්ගය වගේ තමයි...

      Delete
    2. එකත් කරන්න බැරි නෑ මේ ගොල්ලෝ කවුරුහරි ණයක් ආධාරයක් දෙනවනම් මුදේ උනත් හයිවේ දායි ඒකෙනුත් කීයක් හරි හොයා ගන්න පුළුවන්නේ

      Delete
    3. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් රිප්ලයි එකක් දාන්න

      Delete
  2. අපේ රටේ සමානාත්මතාවය සමාජවාදය කතා කරන සහෝදර මහත්වරුන්ගේ දරුවෝ යන්නෙත් ඔය් කාළකන්ණි කුමන්ත්‍රණකාරී බටහිර ධනවාදී රටවල්වලටමයි.. මම හිතන්නේ දෙමව්පියන්ගේ වැරද්දක් නෙමෙයි. ක්‍රමේ නිසා නරක් උන හැදිච්ච දෙමව්පියන්ගේ නොහැදිච්ච දරුවෝ...

    කරුණාකර කොමෙන්ට්ස් වල වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන්න..

    ReplyDelete
    Replies
    1. කිව්වට ස්තුතියි. වෙරිෆිකේෂන් ඉවත්කලා

      Delete
  3. ඕස්ට්‍රේලියාවට නීති ප්‍රකාරව සංකමණය වෙච්ච අයත් ඔය වගේ කතාවක් කියනවා. ජීවිතයට තර්ජනයක් තියනව නම් (ලංකාවෙන් එන අය සාමාන්‍යයෙන් සරණාගත වීසා ඉල්ලන්නේ ලංකාවෙදි තමන්ගේ ජීවිතයට තර්ජන තියනව කියලා) ඉන්දියාවට යන්නලු, ලඟම තියෙන්නේ ඉන්දියාව නිසා. එහෙම නැතුව ඉන්දියාවට වඩා ගොඩාක් ඈතින් තියන ඕස්ට්‍රේලියාවට එන්නේ වෙන වෙන අරමුණු ඇතුවලු... ඒ නිසා ලංකාවෙ නම කැත වෙනවලු...

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්ත කැත වෙන්න ලස්සන නමක් නොවැ තියෙන්නේ තිසර

      Delete
  4. //.අපේ රටේ වාමාංශිකයින් ට අනුව වැඩකරන පීඩිත ජනතාවගේ පාරාදීසය මෙයයි.// උදිත දන්නෙ නැති කෙහෙල්මල් කියවන්න ඉස්සර තමුන් විවේචනය කරන්නෙ මොකක්ද කියල ඉස්සෙල්ලාම හරියට හදාරලා කියවලා ඉන්න.ඉස්කොලේ විවාදෙක උනත් මචං අනිත් පැත්ත කියන දේ අහගෙන ඉදල ඒ කියන දේටයි උත්තර දෙන්නෙ.නැතිව අනිත් පැත්ත කියන දේ කියල තමුන් හිතින් මවාගෙන හිටපු දේකට පලු යන්න දුන්න කියල විවාදෙකටවත් ලකුණු වැටෙන්නෙ නැහැ.උඹ වමේ උන් කියන්නෙ මොකක්ද කියල කියවලවත් නැති බවයි මේ වගේ ගොබ්බ කථා වලින් පෙනී යන්නේ.

    ධනවාදය කියන්නෙ මැට්ටො එක රටක දෙකක තියෙන එකක් නෙමෙයි.ඒක ලෝක ක්‍රමයක්.තේරුණාද?අමෙරිකාවෙ ගොඩක් කර්මාන්ත අද ස්ථානගත වෙලා තියෙන්නෙ තුන්වෙනි ලෝකයේ රටවල.එහෙ ලාභ ශ්‍රමයෙන් තමයි නිෂ්පාදන කෙරෙන්නේ.ප්‍රාග්ධනය ලෝකය පුරා ව්‍යාප්ත වෙලා.එතකොට ධනවාදය කියන ලෝක සිස්ටම් එකේ කොටස්කරුවෝ මේ හැමදෙනාම.එතන තියෙන්නෙ මචං බල සම්බන්ධයක්.ප්‍රාග්ධනය අපනයනය කරන රටවල් - කේන්ද්‍රයේ - රටවල් තියෙනව.උන් සමෘද්ධිමත් මොකද ප්‍රාග්ධන අයිතිය තියෙන්නෙ උන්ට හින්ද.ප්‍රාග්ධනයේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් ධනපති ක්‍රමය තුල අමුද්‍රව්‍ය ශ්‍රමය සපයන රටවල් තිබෙනව.උන් අඩු සංවර්ධිතයි.ඒක එහෙම වෙන්නෙ ගෝලීය ධනවාදයේ බල සම්බන්ධය හේතුවෙන්.මේ දුප්පත් රටවල මිනිස්සු කේන්ද්‍රයේ රටවලට පැනල යන්නෙ අර සමෘද්ධිය දැකල.ඒ සමෘද්ධිය නිකම් ඉබේ ඇති‍වෙන එකක් නෙමෙයි.කෝටි ගාණක් ශ්‍රමය ස්වභාවික සම්පත් හූරගෙන කෑම නිසා කේන්ද්‍රයේ රටවල ගොඩගැහෙන අතිරික්තය හින්දයි ඒ සමෘද්ධිය හැදෙන්නෙ.ඒ හින්ද මේ සංක්‍රමණ ප්‍රශ්නය ධනපති ක්‍රමයේ ආවේණික ලක්ෂණයක් වුන අසමාන සංවර්ධනය හා සම්බන්ධ ප්‍රශ්නයක්.කියුබාව වැඩකරන ජනයාගේ පාරාදීසිය කියල හරි කියුබාවේ ජිවන තත්වය ගෝලීය ධනපති අධිරාජ්‍යයේ කේන්ද්‍රයේ රටවලට වඩා හොදයි කියල හරි කිසිම කෙනෙක් කියන්නෙ නැහැ.පාරාදිසිය වගේ වචන මාක්ස්වාදය ඇතුලෙ පාවිච්චි වෙන්නෙත් නැහැ.මාක්ස්වාදය කියන්නෙ විද්‍යාත්මකව සමාජ දේශපාලන කරුනු විග්‍රහ කරන්න ගොඩනගපු සංකල්ප පද්ධතියක එකතුවක්.උඹ ඒ ගැන මෙලෝ හසරක් දන්නෙ නැති බව පේනව.ඒක ඉගෙන ගන්න කියලත් මම උඹට කියන්නෙ නැහැ.හැබැයි නොදන්න මගුල් ගැන බයිල කියවන්න යන්න එපා උඹේ හෙලුව පේනව.

    ReplyDelete
    Replies
    1. //කෝටි ගාණක් ශ්‍රමය ස්වභාවික සම්පත් හූරගෙන කෑම නිසා//
      මචං මම මැට්ටා උබලා හදාරපු අයනේ කියල දීපන් මේක වෙන හැටි. බර වචන නැතිව සරලව. දැන් කියුබාවට මාක්ස්ගේ සංකල්ප පද්ධතිය යොදල ගෙනියන ආර්ථික ක්‍රමයෙන් සමෘද්ධිමත් වෙන්න බැරි ඇමරිකාව වගේ ධනපති රටවල් චීනේ හරී ලංකාවේ හරි ලාභ ශ්‍රමය අමුද්‍රව්‍ය හූරගෙන කෑම නිසා කියලද කියන්නේ?
      මං මාක්ස්වාදයක් ගැන කතා කලේ නැහැනේ සරලව මං ලංකාවේ රජය ව්‍යාපාර කරනවට විරුද්ධයි. රජය මිනිස්සු පෞද්ගලිකව කාමරවල කරන්නේ මොනවද කියල ඇඟිලි ගහනවට විරුද්ධයි. මං පුද්ගලික දේපල වල අයිතිය ගැන සටන් කරන්නේ මට පොත් වල තියන විද්‍යාත්මකව සමාජ දේශපාලන කරුනු විග්‍රහ සංකල්ප පද්ධති වැඩක් නෑ මං සමාජවාදය කියන්නේ හීන ලෝකවල තියන එකකට නොවෙයි රජයේ මධ්‍යගත සැලසුම්,පොදු දේපල උඩදාගෙන කරන නිලධාරී වාදයට වගේ ලංකාවේ මහපොළොවේ තියන සමාජවාදී අදහස් මත පදනම් වෙලා ජන ජීවිත අවුරුදු ගණන් ආපස්සට ගෙනයමින් සිදුවන ක්‍රියාවලි ටිකකට. උබලගේ සමාජවාදය එක නොවෙයි නම් අනාගතයේ බිහිවන ස්වර්ග රාජ්‍යයන එක්ක මගේ ගැටළුවක් නෑ. සුද්ධ සිංහලෙන් මං කියන්නේ මේකයි මං මහන්සිවෙලා හම්භ කරන මුදල් ආණ්ඩුව හරහා බෙදන්න මං ලැස්ති නෑ. මං සටන් කරන්නේ මගේ පුද්ගලික දේපල වෙනුවෙන්. මගේ දේපල වලට අත නොතිබන තෙක් උබලගේ මාක්ස්වාදේ මට අවුලක් නෑ

      Delete
    2. @Anonymous,

      ඇයි තුන්වෙනි ලෝකේ රටවල් වල කර්මාන්ත ස්ථානගත වෙන්න කළින් ඇමෙරිකාවේ සංවර්ධනයක් තිබ්බෙ නැද්ද?

      එක පැත්තකින් චීනේ දැන් දියුණුවෙලා ඇමෙරිකාවට බැටේ දෙයි කියා බලාගෙන ඉන්න ගමන්, කන්න නැතිව හාමතේ හිටපු චීනාගේ ශ්‍රමය ලාබෙට ගන්නවා කියලත් කියන්නෙ කොහොම ද?

      ප්‍රාග්ධනය නිකම් මල් පරාග වගේ ව්‍යාප්ත වෙලා යන දෙයක් ද?

      ශ්‍රමිකයන්ට ප්‍රාග්ධනයක් හිමිකරන්න හැකියාවක් අද ලෝකයේ නැත්තෙ කියුබාවේ විතරයි කියා දන්නවා ද?

      පාරාදීසිය කියලා නම් මාක්ස්වාදයේ කියැවුනේ නැහැ තමයි, ඒත් පරාදීසය ගැන නම් කියලා තියෙනවා මෙන්න මෙහෙම: "In the workers' paradise, ..." CAPITAL (DAS KAPITAL) (Vol. 1) by Karl Marx වැඩිදුර යන්න ඕනෙ නැහැ B) The Labor Theory of Value කියන හරියේ තියෙන්නෙ.

      නොදන්න බයිලා ගැන මඟුල් කියන අයගේ හෙලුව බලන්න නම් කිසිම උවමනාවක් නැහැ!!!!!!

      Delete
    3. අරුණි අක්කේ 1994 දී කට්ටියක් මට චන්ද්‍රිකා නෝනා කැපිටාල් කියවල තියනවා කියලත් කිව්වා... මේ අය මුලින්ම උපකල්පනය කරලා ඉවරයි අනික් අය මාක්ස්වාදය දන්නේ නැහැ ප්‍රාග්ධනය ගැන දන්නේ නැහැ කියල මේ අය ඒවායේ අයිතිකාරයෝ.
      //අනිත් පැත්ත කියන දේ අහගෙන ඉදල ඒ කියන දේටයි උත්තර දෙන්නෙ.//
      ඇත්තටම ලංකාවේ වම්මු මගේ අනිත් පැත්ත නොවෙයි මේ වමේ අය මැතිවරණයකදී චන්ද දාහක් වත් ගන්න බැරි අය.මෙයාල එක්ක මොකට හැප්පෙනවද? මං ලියන්නේ පහල කොමෙන්ට් කරලා තියන මහපොළොවේ ජීවත් වන ලහිරු වගේ අරමුණක් ඇති මිනිස්සුන්ට නැතිව අපි මේ පොදු අරමුණු වෙනුවෙන් සටන් කරන උගත් බුද්ධිමත් මාර පොරවල් ටිකක් කියල හිතං ඉන්න අයට නොවෙයි.

      Delete
    4. මේ අයගේ නම් හෙළුවෙත් බලන්න දෙයක් ඇත්තෙත් නෑ. නෝම් චොම්ස්කි වගේ කෙනෙක් එක්ක පැටලෙන එක වෙනම දෙයක් ලිබටේරියන් අදහසක් මම ගේන්නෙ මේ අයට එහෙම දැනුමක්වත් නෑ මං වගේ කෙනෙක්ට එරෙහිව අඩුතරමේ 2011 විතර චොම්ස්කි කියපු දේකින්වත් දමල ගහන්න. 1999 යුරෝ වම්මු කියපු දේවල් කියන්නේ.

      Delete
  5. කවදාහෝ රට හැර යමි....
    කොල්ලෙක් වශයෙන් මට බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒ අතර සිතට වධ දෙන එකක් තමයි මීට වඩා හොඳ රටකට යන එක. දැන් කවුරුත් කියන්න එපා ලංකාව තමයි ලෝකේ හොඳම රට කියල, මොකද ඒ බොරු බව හැමෝම දන්නවා. ඒත් පොඩිකාලේ ඉඳන් අපට කියල දීල තියෙන්නේ ආසියාවේ මුතු ඇටය, පින්බිම කියලනේ. මෙහෙ භූමි කම්පා නෑ, ගිනිකඳු නෑ, මනුස්සකම හඳුනන රටක්ය, සොබාවික සම්පත් පිරිලාය යනාදී වසයෙන් ඒකට උදාහරණත් කියල දීල තියෙනව මතකයිනේ....
    ඒත් යමක් කමක් තේරෙන වයසට එනකොට සමාජයේ ගොඩක් අඩුපාඩු පේන්න ගන්නවා. මිනිස්සු බහුතරය මෝඩයි. ආදායම් බෙදීයන්නේ හරිම කුහක විදිහට. පෝසත් එවුන් දුප්පත් එවුන්ව හූරන් කනවා.(එහෙම කරල නිකන් ඉන්නේ නෑ, සත්තුන්ට වගේ සලකන්නේ. කිසිම සමානාත්මතාවයක් නෑ. ඒත් බටහිර රටවල එහෙම නෑ කියල මං අහල තියෙනවා.ඒ රටවල මිනිස්සුන්ව මනින්නේ කරන රස්සාව අනුව නෙමෙයිලු.) මේ අතරේ කපටියෝ වංචාකාරයෝ අර මෝඩ මිනිස්සුන්ව නියමෙට ගොනාට අන්දනවා. බොරු වෙළෙඳ දැන්වීම්, පිරමීඩ ගනුදෙනු, රට යවනවයි කියල වගේ තව කොච්චරද? දැන දැනත් අහුවෙනවා....කොම්පැනි කාරයන්ගේ උගුල් වලට මිනිස්සු අහුවෙන්නෙ මිලියන ගණන් වලින්. හොඳම උදාහරනේ මොබයිල් ෆෝන්. මේ දශකයේ මිනිස්සු ෆෝන් කොම්පැනි වලට පූජා කරන මුදල් දිහා බැලුවම පේන්නෙ කුඩු බිස්නස් කරන එක සාධාරණයි කියල. ඒකට සුළු ප්‍රතිශතයක්නේ අහුවෙන්නෙ.
    බිස්නස් වලදී විතරක් නෙමේ දේශපාලනයෙදී මේ දේවල් හොඳට පේනවා. ලංකාවේ දේශපාලනය කරන්නේ මහ ජරාම ජරා අම්බරුවෝ ටිකක්. මේ එකෙක්වත් අනුන් ගැන හිතන්නෙ නෑ. හිතන බව පෙන්නනවා විතරයි. ඡන්ද කාලෙට පෝලිමේ ඇවිත් මිනිස්සු ගොනාට අන්දනවා. ඡන්දෙන් පස්සේ මිනිස්සු ගිහින් උන්ගේ කකුල් ලෙවකන්න ඕනි. මෝඩ මිනිස්සු චන්දෙ දෙන්නෙ තමන්ව හොඳටම අන්දන මිනිහට... ඒ කියන්නේ නොම්මර එකේ ගේමක් දෙන හොරාට. දැක්කනේ ජනාධිපතිවරණේ. වෙනසක් කරන්න මිනිස්සුන්ට තිබ්බ අන්තිම අවස්තාව ඒක. ඒත් මේ තකතීරුවො ටික රැවටුනේ දේශපාලන ඉතිහාසයයි ගැමිකමයි මාර්කට් කරපු තක්කඩියෙක්ට. ලංකාව වගේ රටක මාර්කට් කරන්න පුළුවන් ප්‍රධාන දේවල් ටිකක් තියෙනව. දේශප්‍රේමී, ගැමි සුවඳ, කුමන්ත්‍රණ, යුද්ධය වගේ වචන. ඒවා නිකම්ම නිකම් වචන විතරයි කියල තේරෙන්නේ නැත්තේ අපේ ජාන නිසා. අපි පැවතගෙන එන්නේ සියවස් ගණනක් යුද්ධ කරපු, ගෝත්‍රික, නූගත්කම ඉතිරෙන , අන්තිමට සුද්දන්ගෙන් බැට කාපු ඊටත් පස්සෙ ජාතීන් බෙදිලා මරාගත්තු පිරිසකගෙන්. ඒවා අපේ ලේ වලට කිඳා බැහැල තියෙන දේවල්. මේ ටික ලියනකොටත් හිතට චකිතයක් දැනුනේ ඒකයි. ඒත් පාතාලයෝ, කුඩුකාරයෝ, හොරු, තක්කඩි වට කරන් ඉන්න නායකයො ගැන හිතට එකඟව හොඳක් කියන්නෙ කොහොමද?
    ඉතින් ඔන්න ඔය කරුණු සැලකිල්ලට අරන් මම හිතුව මේ රට දාල යන්න. මොකද මේ සමාජය වෙනස් කරන්න මට බැහැ, එක්කෝ මේකට අනුව හැඩගැහෙන්න ඕනි. නැත්නම් දාල යන්න ඕනි. ඔය දෙක අතර හිටියොත් ලේ කෝප වෙන එක විතරයි වෙන්නෙ. මගේ බලාපොරොත්තු වලට මෙහෙ කොහොමත් ගැලපෙන්නේ නෑ. සුදුසුකම් වලට රැකියාවක්, මහන්සියට සරිලන වැටුපක්, ලස්සන කෙල්ලෙක්, සැප වාහනයක්, ගෙයක් හදන එක, වෙඩින් එක, පුංචි පවුලක්, දෙමව්පියන්ට සැලකීම,අන්තිමට සැහැල්ලු ජීවිතයක්... මේ වගේ කුණුකොල්ලෙට වැඩ ගන්න, බදු ගෙවගෙවා පවුත් ගෙවන රටකදී කවදාවත් වෙන්නෙ නැති දෙයක්.
    දැන් ඉතින් යන්න රටක් තියෙනවද? මගේ බලාපොරොත්තු වලට වැඩිපුරම ගැලපෙන රටවල් ටිකක් තියෙනව. නොර්වේ, ස්වීඩනය, අයර්ලන්තය, ස්විට්සර්ලන්තය වගේ. බලවත් රටක් වෙන්න ඕනි නෑ. ඇඟට සනීප දේශගුණය, සාමකාමී බව, ජාති භේද වත්කම් නොබලා සමානව සලකන සමාජයක්, මහජන ධනය කොල්ල නොකන රජයක්, ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් තමයි බලන්නේ.
    ඉදිරි අවුරුදු පහ තුල මගේ බලාපොරොත්තුව මං ඉෂ්ටකරගන්නවා. ඒ කාලය ඇතුලත මේ රට වෙනස් වෙයි කියල හිතන්න බැහැ. මොකද මේ පිරිහුණු සමාජය ගොඩ ගන්න පුළුවන් බලවේගයක් නෑ. එහෙම එකක් බිහිවීමේ ශක්තිය නැති කරලයි තියෙන්නේ. ගොළුවෝ බීරො පඹයෝ වගේ බලන් ඉන්න මෝහනය වෙච්ච සමාජයක් මේක. නැත්නම් මේ වගේ සුන්දර පුංචි රටක් වලපල්ලට යන්න දීල බලන් ඉන්නෙ මොන හිතකින්ද? මනුස්සකම කියන එක ඉතුරු වෙලා තිබුනේ මෙහෙ විතරයි. දැන් දැන් ඒකත් නෑ. මම කොහොමහරි මගේ අරමුණු ඉටු කරගෙන පුළුවන් දවසක මේ රටට ණය නැති කෙනෙක් වෙනවා. එච්චරයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ලහිරු I hear you and i feel you. ඔබගේ උත්සාහට සුභ පැතුම්. තමන් හැදෙන්න ඕනෑ අනුන් හදන්න කලින්. මගේ අඩවියේ ආදර්ශ පාඨය තමන්ගේ සතුට සොයා යාම තරම් උසස් ජීවන අරමුණක් ලොව නැත.

      Delete
  6. @ ලහිරු,

    බලාපොරොත්තු වලට වැඩිපුරම ගැලපෙන රටවල් ටිකක් තියෙනවා කියල ලහිරු සඳහන් කරන රටවල් ගැන මේ. ස්විට්සර්ලන්තය හොඳයි ඒ හතරෙන්. ඊ ළඟට මේ දිනවල ආර්ථික අර්බූදයක් තිබ්බත් අයර්ලන්තය එය ග්‍රීසිය හා ඉතාලියට වඩා පහසුවෙන් විසඳා ගනීවි යැයි සිතෙන නිසා එය හොඳයි. නෝර්වේ සහ ස්වීඩනය කරුණු කිහිපයක් නිසා ලංකාවේ අයෙකුට ගැලපෙන්නේ නැහැ. එකක් පිහිටීම: අවුරුද්දෙන් බාගයක් රෑ කාලේ වැඩියි. අනිත් කාලේ හිරු අවරට යන්නෙ එළිවෙන ජාමෙට නිසා තවත් කරදරයක්. ස්ථිර පදිංචිය කරගන්නවා නම් හැමදාම අව්ව පුරුදු කෙනෙකුට ඒක මානසිකව බෙහෙවින් බලපාන්නක්. ඇඟට සනීප දේශගුණයක් කිව්වට හිතට සනීප නැහැ. අනික ඒ දෙකේ සමාජවාදී ප්‍රතිපත්ති දැඩියි. ආදායම් බදු ඉහළයි. ජාති භේද හා සාමකාමී බව ගැන ද ගැටළු අනාගතයේ අර්බූදකාරී වෙනවා දැන්ම විසඳාගන්න පාටක් පේන්න නැති නිසා. වත්කම් බලල සලකන සමාජ තියෙන්නෙ. ලංකාවේ විදියට නෙමෙයි. ලංකාවේ දුප්පත් අයයි වහල් බවින් ඉන්නෙ. ධනවත් අයව වහලුන් කරගෙන ඉන්න විදියක් ඒවායේ තියෙන්නෙ!!! මා මේ ගැන සටහන් පේලියක් ලිව්වා. හැකිනම් කියවන්න.

    ඇමෙරිකාව බලවත් රටක් කියලා අකමැති නම් කැනඩාව සහ ඔස්ට්‍රේලියාව තවමත් උත්සාහයක් ගන්නා සංක්‍රමණිකයෙකුට දියුණුව කරා යන්න හැදිච්ච හැකි මාර්ග වලින් යුතු වූ රටවල්.

    ReplyDelete
    Replies
    1. ඕවා මොනාද ලහිරු අපි යමු ස්වාසිලන්තේ !!!!

      Delete