Pages

Followers

Friday, October 19, 2012

මාරයා ,මාතලන්, බුවා සහ සරත් ෆොන්සේකා.

සරත් ෆොන්සේකා මහතා නිදහස ලැබීමෙන් අනතුරුව නව විපක්ෂ සන්ධානයක් සැදීමට ගන්නා උත්සාහයේ  පළමු පියවර ලෙස සවිධානය කර තිබු රැස්වීමෙන් පසු  දේශපාලනික කරුණු ගැන උනන්දුවක් දක්වන බ්ලොග් කරුවන් සිය අදහස් දක්වා තිබුනා.
ඒ අතරින් මාරයාගේ කවිය සහ ලිපිය, බුවා ගේ සිතුවිලි සහ මාතලන් යන තිදෙනාගේ විග්‍රහයන් වැඩි අවදානයට ලක්වූ ලිපියයි කීවොත් මා නිවරිදියයි සිතමි.
මේ තිදෙනාම රැස්වීම  අසාර්ථක වී ඇති බව එකග වෙන අතර ඔහුට වැරදුනේ ඇයි සහ ඔහු කල යුත්තේ කුමක්ද යන කරුණ අතර විෂමතා තිබුනා.  ඔවුන් සියලුම දෙනා රැස්වීමේ අසාර්ථක බව ප්‍රධාන මිනුම් දඩු තුනක් යටතේ ව්ග්‍රහ කරනු ලැබුවා.


  1. කිසිම ජාතික දේශපාලන පක්‍ෂයක නායකයන් සහභාගී නොවීම.
  1. මංගල සමරවීර ,ජ.වී.පෙ.,ටිරාන් අලස් ඇතුළු ඔහුව ජනාධිපතිවරණය ට තරඟ කරන්න අනුබල දුන්(ඔහුව ඇන්දවූ )කිසිවකු නොපැමිණීම.
  1. අඩු ජනතා සහභාගීත්වය සහ අධික වර්ෂාව.


මාරයා
මෙහිදී මාරයා සිය අව්‍යාජ අදහස  නිරවුල්ව නොබියව  කියා තිබුනා.  මට වැටහෙන විදියට ඔහුගේ කවියේ සහ ලිපියේ සංක්ෂිප්තඅදහස මේ වගේ දෙයක්
 මංගල රනිල් සහ ජවිපෙ හිටපු ජෙනරාල් වරයා අන්දවා රවටා අතරමං කරනු ලැබුවා ඔවුන්ගේ යටි අරමුණ වුයේ මාරයාගේ ප්‍රමිතියට අනුව බලයට නොසුදුසු  හැලපේනිස් කෙනෙකු වන රනිල් වීක්‍රමසිංහ  සරත් ෆොන්සේකාගේ  කර මතින් බලයට පත් කිරීමයි. මාරයා කියන්නේ මෙවැන්නකි ජෙනරාල් තුමනි මහින්දට වගේම  මං ඔබටත් කැමතියි . ඔබතුමා හොඳ පාඩමක් ඉගෙන ගත්තා නේද දැන්වත් කැලේ  පාරේ යන්නේ නැතිව හරි පාරට එන්න වැනි දෙයකි. මෙම ජෙනරාල් තෝරාගත යුතුව තිබෙන හරි පාර  පාලක රෙජීමය හා සහයෝගයෙන් කටයුතු කිරීම  මාරයා දරන අදහස බවයි ඔහුගේ ලිපිය අනුව මට හැගෙන්නේ.
බුවා
බුවාගේ  සිතුවිලි ලියන ලේඛකයාගේ අදහස වන්නේ සරත් ෆොන්සේකා ගේ ස්ව කැමැත්තට අනුව කැමති දේශපාලන මාවතක් තෝරාගැනීමට ඇති ඔහුගේ අයිතියට ගරු කරන බවත් නමුත් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයකට එකතු නොවී ඔහුට කිසිවක් තනිව කල නොහැකි බව මෙම රැස්වීමේ අසාර්ථකත්වය මගින් ගම්‍ය වන කාරණය යයි ඔහු අවධාරණය කරනවා. මෙහිදී ඔහු නිසැකවම මාරයාගේ යෝජනාව වන පාලක රෙජීමයේ අසුන් ගන්නවාට විරුද්ධ වන අතර දැනට දෙකඩ වී ඇති පක්ෂ වන එජාපයේ සහ ජවිපෙ යමග යා යුතුද හෝ මේ  බිදී ඇති මේ පක්ෂ වල කුමන කල්ලිය හා එකතු විය යුතුදැයි පැහැදිලිව නොකියයි.
මාතලන්
මාතලන් සිය ලිපියේ සියලු කරුණු වලින් මාරයාට සමාන අදහසක් දරන අතර එහි ප්‍රතිචාර  තීරයේ  කොමෙන්ටුවක් දමමින් මාරයා ඒ පිලිබදව අමන්දානන්දනයට ද පත්වී ඇත. ජෙනරාල් ඉදිරියේදී දැරිය යුතු දේශපාලන ආස්ථානය පිළිබද උපදෙස් මාතලන් නොදෙන අතර  දේශපාලන කපටින්ගෙන් ප්‍රවේසම් වීමට පමණක් යෝජනා කරයි.
සරත්ෆොන්සේකා ට මහින්ද අනිකා කර නොගෙන දේශපාලන විභවයක් තිබේද
ඉහත සියලු දෙනාට වෙනස්ව මා සිතන්නේ සරත් ෆොන්සේකාට දේශපාලන අනාගතයක් නැත්තේ ඉහත රැස්වීම අසාර්ථක වූ නිසා හෝ කපටින්ට අසුවීම හෝ  රනිල් වෙනුවට ජනාධිපතිවරණයට ගිය නිසා හෝ නොව තමන්ගේම කියා දේශපාලන ප්‍රතිපත්තියක් නොමැති නිසාය. මහින්ද නරක නිසා රනිල් චන්ද ගැනීමට නොහැකි පොන්නයකු නිසා මේ දෙදෙනා අනෙකා කරගෙන සහ යුද්ධය දිනූ හමුදා පති වී සිටීම පමණක් විකල්ප නයකත්වය සඳහා සුදුසුකමක් යයි සිතීම සරත් ෆොන්සේකා වෙලා ගෙන ඇති මායාවයි. 
 ඉක්මන් කොටයි
සමහරක් ට අනුව රට දිනෙන් දින ආශ්චර්ය කරා ගමන් කරයි මේ කියන ආශ්චර්ය අභාග්‍යයකි යයි ,ආපසු ගමන් කිරීමක් යයි  සිතන සුළුතරය ඉදිරියේ   පැහැදිලි නිරවුල් විකල්ප ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්නේ නම් සරත් ෆොන්සේකාට නායකත්වය සඳහා අවශ්‍ය පෞර්ෂත්වය අවශ්‍ය තරමටත් වඩා ඇත. මේ සදහා රැස්වීම් වලට එන ඔළුගෙඩි ගණන එතරම් වැදගත් සාධකයක් නොවේ. සරත් ෆොන්සේකා ඉක්මන් වනවා වැඩිය. ඉක්මන් කොටයි යන සරල කියමන මේ අසාර්ථක රැස්වීම තහවුරු කරයි. 
මගේ පුද්ගලික අදහස
මාරයා මෙන් මගේ මගේ පුද්ගලික  අදහස අවසාන වශයෙන් මෙහි දක්වමි.දේශපාලනය තුල කෙටි මං නැත මහින්ද රට කරවන ක්‍රමයට විරුද්ධ නම් හා ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ නිරතවීමට අවැසි නම්  සරත් ෆොන්සේකා  කල යුත්තේ තමා දරන ප්‍රතිපත්ති වලට වඩා ගැලපෙනප්‍රධාන ධාරාවේ පක්ෂයේ (එජාප?) සාමාජිකත්වය ගෙන තමාගේ අවස්ථාව එනතුරු ඉවසීමෙන් කැපවීමෙන් වැඩකිරීමයි. මෙහිදී තමනට පැහැදිලි දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියක් තිබේනම් සජිත්, කරු වැනි පුස් චරිත පරදවා එජාපය තුල  රනිල්ට තරගයක් දීමට සරත් ෆොන්සේකාට වැඩි කලක් ගත නොවනු ඇත. ඔහුට ඇති අනික් පහසු විකල්පය නම් මාරයාගේ යෝජනාවට එකඟ වීමයි.
ප.ලි. /හිරෙන් නිදහස් වීම සඳහා ටිරාන් මහින්ද සරත් ෆොන්සේකා සහ බිරිඳ පමණක් දන්නා අප නොදන්නා  රහස් ගනුදෙනුවක් නොමතියයි උපකල්පනය මත ලිපිය ලියා ඇත.

7 comments:

  1. තමන්ගේම කියා දේශපාලන ප්‍රතිපත්තියක් කියනවාට වඩා අද තියෙනවාට වඩා වෙනස් දේශපාලන ප්‍රතිපත්තියක් කීම වඩා නිවැරදියි නේද?

    තමන්ගේ ම කියා දේශපාලන ප්‍රතිපත්ති තිබුණු පළියට ඒවා අනිත් හැමෝගෙම දේශපාලන ප්‍රතිපත්ති වලින් වෙනස් වෙන්නෙ නැති නිසයි එහෙම කිව්වේ!!!!

    ReplyDelete
  2. ඔව් මම අදහස් කලේ ඒක තමයි එජාපය කියන්නේ දැනට එජාපයේ අයවත් ළඟ නැති නිදහස් වෙළදපොල ආර්ථිකය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පිහිටවපු පක්ෂය. අද තියෙනවාට වඩා වෙනස් එජාපයේ මුල් සාරය සොයා යාමට විභවයක් ඇති නායකයෙක්ට ඒ තුල ඉඩක් තියෙනවා. එජාපයට පියඹා යාමට නම් එහි ලිබටේරියන් වින්ග් එක අලුතින් ගොඩනැගිය යුතු බව මගේ අදහසයි. තනි තටුවෙන් පියාඹන්න බෑ.

    ReplyDelete
  3. //එජාපයේ සහ ජවිපෙ යමග යා යුතුද හෝ මේ බිදී ඇති මේ පක්ෂ වල කුමන කල්ලිය හා එකතු විය යුතුදැයි පැහැදිලිව නොකියයි.//

    පැහැදිලිවම ජවිපෙ නෙවෙයි , කලින් සැරේ ඔයිට වඩා ඡන්ද ගන්නවා යූඇන්පියෙන් විතරක් ඉල්ලුවා නම් . සජිත් ඇතුලුව එජාපයෙන් ලොකු කොටහන් කඩා ගන්න තරම් හැකියාවක් තිබුනා නම් කල්ලි සමඟ එකතු වීම කියන කථාව හරි , එහෙම හැකියාවක් නැති එකේ ගෙඩිය පිටින් එජාපයට තමයි එකතු වෙන්න තියෙන්නේ .

    ReplyDelete
  4. ඔබේ මුල්ම අදහස හා එකඟවෙමි.. සරත් ෆොන්සේකා යනු දේශපාලනයේ මොන්ටිසෝරී ලදරුවෙකි. එසේ නොමැති නම්, ලොවක් දිනූ නායකයෙක්. බලය ලබා ගැනීම සඳහා. මෙවැනි හාල්පාරුවන්ගේ කරේ අත දාගන්න යන්නේ නැත. දේශපාලනයේදි. අනෝමා ෆොන්සේකා තම ස්වාමියාට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනා බවද කිව යුතුමය.

    ReplyDelete
  5. Oyamanusayata 60th penala, UNP eke indan Ranil yanakan ari ranilta abiyogayak wenna nam thawa 10, 15 years wath yai. etha kota meya newei, wena kenek indai , paksh ho wipaksha . Meya kepa wela kale hamuda rassawa , aye wena loku kepawiim akranna meyata welawak ne den inan tatwaya anuwa.

    ReplyDelete
  6. ම්.... පොඩි අඩු පාඩුවක් තිබෙනවා. “මංගල සමරවීර ,ජ.වී.පෙ.,ටිරාන් අලස් ඇතුළු ඔහුව ජනාධිපතිවරණය ට තරඟ කරන්න අනුබල දුන්(ඔහුව ඇන්දවූ )කිසිවකු නොපැමිණීම.“ මෙහි තවත් ඒ ප්‍රධාන සාමාජිකයෙක් ඌ එජාපය මඟහැරියා ද?
    ඔබට සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  7. සරත් ෆොන්සේකා මුලසිටම වරද්දාගත් කෙනෙක්.ඔහු ගේ ක්‍රමය හමුදාවට ගැලපුනාට දේශපාලනයට ගැලපෙන්නේ නෑ.ඔහුට නිශ්චිත පක්ෂයක් නැතිව විවිධ පුද්ගලයන් මත යැපීම නිසා දේශපාලනයේ ඔහු අතරමන් වුනා.ඔහුට මේරටේ දේශපාලනයේ ඉදිරියට යාමට වුවමනානම් තිබුනේ ප්‍රධාන පක්ෂයක සාමාජිකත්වය ලබා ගැනීමයි

    ReplyDelete