කලකට ඉහත නිව් යෝර්ක් නගරයට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් සිය වාසස්ථානය කර ගත්තේ මෑන් හැට්න් සිට බෝට්ටුවකින් හඩ්සන් ද්‍රෝණිය එතෙර වී යා යුතු ස්ටැටන් දුපත නම් උප නගරයයි.
නිව් යෝර්ක් නගරයේ සිට හැම පැය භාගයකට වරක්ම ස්ටැටන් දුපත වෙත යන සහ ආපසු එන මේ බෝට්ටු සේවය නොමිළේ සැපයෙන්නෙකි.
මේ තියෙන්නේ ඒ ෆෙරි බෝට්ටුවක්.
මේ දුපතේ ඉන්න විශාල ශ්‍රී ලාංකික ජනගහනය නිසා නිව් යෝර්ක් නගරයේ කුඩා ශ්‍රී ලංකාව ලෙස බොහෝ විට මෙය හදුන්වනවා.
මේ දුපතේ බස් නැවතුමක් |
මේ බ්ලොග් සටහන ලියන්න හිතුන ආසන්නතම හේතුව මේ එකක්වත් නොවෙයි ඒ මේ දුපතේ පිහිටා තිබෙන අපේ කෑම කඩ.
මාළු පාන් එළවලු රොටි කොත්තු රොටි වල ඉදන් ඕනෑම ලකාවේ කෑමක් කන්න පුළුවන් කඩ සෙට් එකක්ම මේ පුංචි දුපතේ තියනවා.
සමහර සුදු අප්පුහාමිලත් මේ අපේ කෑම වලට රහ වැටිලා සෙනසුරාද ඉරිදට බෝට්ටුවට නැගල මේ පැත්තට එනවා අපේ කෑම කාල යන්න. මේ තියෙන්නේ අපේ කෑම කඩ සෙට් ඒක ගැන නිව්යෝක්හි ප්‍රචාරය වූ වීඩියෝවක්. බලන්න අපේ කොත්තුවේ සද්දේ නිව් යෝර්ක් වලින් ඇහෙන හැටි.
එල ඇමෙරිකාව ගැන තව ලිපි සෙට් එකක් බලාපොරොත්තු වෙමි
ReplyDeleteකොත්තු රොටි ලංකිකයින්ගේ සොයා ගැනීමක්ද ? මොනව උනත් හිතට සතුටු ඇඟට අගුණ සිරාම කැමක් !
ReplyDeleteමෑන්හැටන් තියන සීගිරියට වඩා නම් ස්ටැටන් කඩ වල කෑම රහයි!!!
ReplyDelete