Pages

Followers

Wednesday, October 17, 2012

නිව්යෝක් හි කොත්තු කඩේ

නිව්යෝර්ක් නගරය යනු  නගර (බරෝස්) 5ක් එකතු වී සෑදුන අති විශාල පුරවරයකි. පිලිවෙලින් මේවා මෑන් හැට්න්, බ්රූක්ලීන්, ක්වීන්ස්, බ්රෝන්ක්ස් සහ ස්ටැටන් දුපත යනුවෙන් හැඳින්වේ . මේ නගර පහ අතුරින් ප්‍රධානතම නගර කේන්ද්‍රය වන්නේ මෑන් හැට්න්  බරෝවයි. කුඩා චීනයක් වන් චයිනා ටවුන් ඇත්තේද මෙම බරෝවේ යි.සුවිසල් හඩ්සන් නදිය මහුදට වැටෙන ඩෙල්ටාව අසබඩ ඉදිවී ඇති නිසා ලොව ලොව විශාලතම ස්වභාවික වරායද මේ ආශ්‍රිතව ඇත. 
කලකට ඉහත නිව් යෝර්ක් නගරයට සංක්‍රමණය වූ ශ්‍රී  ලාංකිකයින් සිය වාසස්ථානය කර ගත්තේ   මෑන් හැට්න් සිට බෝට්ටුවකින් හඩ්සන් ද්‍රෝණිය එතෙර වී යා යුතු  ස්ටැටන් දුපත නම් උප නගරයයි.
නිව් යෝර්ක් නගරයේ සිට හැම පැය භාගයකට වරක්ම  ස්ටැටන් දුපත වෙත යන සහ ආපසු එන   මේ බෝට්ටු සේවය නොමිළේ සැපයෙන්නෙකි.
මේ තියෙන්නේ ඒ ෆෙරි බෝට්ටුවක්.
මේ දුපතේ ඉන්න විශාල ශ්‍රී ලාංකික ජනගහනය නිසා නිව් යෝර්ක් නගරයේ කුඩා ශ්‍රී  ලංකාව ලෙස බොහෝ විට මෙය හදුන්වනවා. 
මේ දුපතේ බස් නැවතුමක් 
ඇත්තටම ඔබ මේ දුපතේ බස් රථයකට හෝ ස්ටැටන් දුපත වෙත යන  එන  බෝට්ටුවකට නැගුන කෙනෙකුට සිංහලෙන් කතා කරන සංවාදයක් සවනට වැටිය හැකි අවස්තාව වැඩියි.
මේ බ්ලොග් සටහන ලියන්න  හිතුන ආසන්නතම හේතුව මේ එකක්වත් නොවෙයි ඒ  මේ දුපතේ පිහිටා තිබෙන අපේ කෑම කඩ.
 මාළු පාන් එළවලු රොටි කොත්තු රොටි වල ඉදන් ඕනෑම ලකාවේ කෑමක් කන්න පුළුවන් කඩ සෙට් එකක්ම මේ පුංචි දුපතේ තියනවා.
 සමහර සුදු අප්පුහාමිලත් මේ අපේ කෑම වලට රහ වැටිලා සෙනසුරාද ඉරිදට බෝට්ටුවට නැගල මේ පැත්තට එනවා අපේ කෑම කාල යන්න. මේ තියෙන්නේ අපේ කෑම කඩ සෙට් ඒක ගැන නිව්යෝක්හි  ප්‍රචාරය වූ වීඩියෝවක්. බලන්න අපේ කොත්තුවේ සද්දේ නිව් යෝර්ක් වලින් ඇහෙන හැටි.

3 comments:

  1. එල ඇමෙරිකාව ගැන තව ලිපි සෙට් එකක් බලාපොරොත්තු වෙමි

    ReplyDelete
  2. කොත්තු රොටි ලංකිකයින්ගේ සොයා ගැනීමක්ද ? මොනව උනත් හිතට සතුටු ඇඟට අගුණ සිරාම කැමක් !

    ReplyDelete
  3. මෑන්හැටන් තියන සීගිරියට වඩා නම් ස්ටැටන් කඩ වල කෑම රහයි!!!

    ReplyDelete