Pages

Followers

Monday, October 15, 2012

මීළඟට රනිල්,බැසිල්,ගෝඨා එපා මර්වින් සිල්වා ජනාධිපති කරමු?

මේ  බ්ලොග් සටහනේ මාතෘකාව පාඨකයා  කිසිම  විදියකින්   හාස්‍ය රසය මතු කිරීමක් යයි වරදවා වටහා ගන්න එපා. එය අද උදෑසන ගොසිප් 9 වෙබ් අඩවියේ පුවතක්  සහ අපේ සමාජයේ ඒ පුවතට ලැබුන ප්‍රතිචාර දැකීමෙන් පසු  මට සිතුනු අවංක කල්පනාකාරී සිතුවිල්ලකි.
 අපේ රට ගමන් කරන්නේ කුමන ඉසව්වක් කරාදැයි ඔත්තුවක් ඉතා නිවැරිදිව මාරයාගේ හෝරාව බ්ලොග් සටහනක බුවාගේ සිතුවිලි බ්ලොග්කරුවා විසින් දී තිබුනා  මේ සටහනට එයත්  අනුබලයක් වුනා. ඔහු කියා තිබු උදාන වාක්‍යය මේකයි
//ශ්‍රි ලාංකීය සමාජය ක්‍රමයෙන් වෙනස් වෙමින් යන බව මාගේ නීරික්ෂණය වන අතර එය භාහිර ලෝකයට සාපේක්ෂව ආපසු ගමනක් වුවත් බහුතර ශ්‍රි ලාංකිකයින් දරනා මතවාදයන් අනුව ඔවුනට වඩාත්ම ගැලපෙන සමාජය බිහි වෙමින් පවතිනා බැව් මාගේ හැඟිමයි//.
ලංකාවේ සාමාන්‍ය ජනතාවගේ අව්‍යාජ අදහස  දැනගැනීමට සූචකයක් ලෙස නම් අප යා යුත්තේ බරපතල විදග්ධඅදහස් කියන බ්ලොග් වලට නොව ගොසිප් වෙබ් අඩවි වලයි.  ලකාවේ ඉදිරි අනාගතය තීරණය කරන්නේ මේවයේ කොමෙන්ට් දාන මිනිස්සුන් වැනිම අදහස් ඇති චන්ද බලය හිමි සාමාන්‍ය මිනිසුන්ය.

රටේ විධායක ජනාධිපති පත් වන්නේ බහුතරයේ කැමැත්ත අනුවයි. බහුතරයේ කැමැත්ත යනු   හරි  හෝ වැරදි දෙය අනුව තීරණය වන්නක් නොවේ උදාහරණයක් ගතහොත් නුදුරු අතීතයේ පවා ඇමරිකාවේ බහුතර මතය වුයේ කළු ජාතිකයින් සුදු ජාතිකයන් සමග එකම අවන්හලක කෑම කෑ නොයුතු ජාතියක් ලෙසයි.හිට්ලර් මහා ජන සංහාරයක් කරේ එරට බහුතර ජනතාවගේ කැමැත්ත අනුවයි.

ඉතින් රටක ජනාධිපතිවරයා වරයා යනු  එරට බහුතර ජනතාවගේ කැමැත්තෙන් පත්වෙන බහුතරයේ අදහස් මෙන්ම අදහස් දරන පුද්ගලයෙකු මිස මඩෙන් මතුවූ නෙළුමක් නොවේ ඔහු බහුතර මතය අපි වෙනුවෙන් කර දෙන්නාය. ලාංකීය උදාහරණයක් දෙන්නේ නම් ප්‍රභාකරන් මරා දමා අත්වල ලේ ගා ගැනීමට සිහිනෙන්වත් පව් නොකරන බෞද්ධයන් වූ අපිට බැරි නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අප වෙනුවෙන් ප්‍රභාකරන් මරා දමා අපිට නිදහසේ ඉන්න රටක් හදා දෙනවා. අපි වෙනුවෙන් ඕනෑම පව්‍  වැඩක් පවා කරන්න සිදුවෙන  සියලු බහුතරයේ කැමැත්ත තමා පිට තබා ගෙන බර ඇදගෙන යන කෙනා තමයි විධායක ජනාධිපති කියන්නේ.

     මෙන්න මේ මම ඉහත පෙන්වලා දුන්න විදියට බහුතර මතය යනු හරි නිවැරිදි දෙය නොවන නිසා තමයි  ප්‍රජාත්‍රන්තවාදී රටක මේ  බහුතර මතයට පිටින් ක්‍රියාත්මක වන විධියට විධායකය  වගේම සමාන බලයකින් යුත් අධිකරණයක් ස්වාධීනව පවතින්නේ. ඒ කියන්නේ උදාහරණයකට  අධිකරණයක විනිසුරුවරයෙක් තීරණයක් දෙනකොට බහුතරයේ වැඩි මතය, චන්දයෙන් පත් වූ අයගේ මතය හෝ සිය පෞද්ගලික මතය පවා නොසලකා හැර පවතින නීතිය යුක්තියට අනුකූලව පමණයි නඩු තීන්දුවක් දිය යුත්තේ.

 ඉතින්  අපි රටක් වශයෙන් දිනෙන් දින වෙනස් වෙමින් ඉදිරියට ගමන් කරනකොට විධායක බලය සඳහා අපි පත්කරගන්නේ  බහුතර අපිට වැඩියෙන්ම ගැලපෙන අදහස් තියන නායකයින්. අපේ රටේ මීළඟ ඉදිරි නායකත්වයට ශක්‍යතාවක් පෙන්වන කෙටි ලැයිස්තුව සලකමු.
1.රනිල් වික්‍රමසිංහ
2.  බැසිල් රාජපක්ෂ
3 . ගෝඨාභය රාජපක්ෂ
4 . සරත් ෆොන්සේකා
 රනිල් වගේ කෙනෙක්ට ජනාධිපති වෙන්න පුලුවන්ද? ඔහු වඩාත් ගැලපෙන්නේ හරි වැරද්ද තීරණය කරණ  අධිකරණයක විනිසුරෙක් වගේ කෙනෙක්ට ට මිස බහුතර ජන මතය නියෝජනය කරන කෙනෙක් නොවෙයි නේද?
බැසිල්  ගත්තත් එහෙමයි සාකච්ඡා කරලා විශ්වවිද්‍යාල අචාර්ය වරුන්ගේ ප්‍රශ්නය විසදන්න   උත්සාහ කරපු පුද්ගලයෙක් අපේ බහුතර ජනතාව එහෙම අයද?නැහැනේ ප්‍රශ්න විසදන්නේ ගහල මරල බලහත්කාරයෙන් ඉතින් මේ බැසිලුත් එතරම් බහුතර මතය එක්ක යන කෙනෙක් නොවෙයි.
ඔන්න  ගෝඨාභය ටිකක් බහුතර මතය දරන අපි වෙනුවෙන් ඕන පවක් අපිට කරලා දෙන්න ලැස්ති කෙනෙක්. අපි වෙනුවෙන් හිගන්නෝ පවා එලවල දාල කොළඹ නගරය ලස්සන කරන්න උත්සාහ කරපු කෙනෙක්.
බොහෝවිට බහුතරය සමග එකග සරත් ෆොන්සේකා  ලංකාවේ විධායකයට පත්වීමේ ශක්‍යතාවයක් ඇති මුත්   සුළුතර මෝඩ වම්මු එක්ක එකතු වී වැඩේ අනාගන්නා බවක් පෙනේ.
ඉතින් රටේ මීළඟ ඉදිරි නායකත්වයට සලකා බැලිය හැකි දිගු ලයිස්තුවේ ඉන්න අය කවුද
නාමල්, මර්වින්, එස් බී , කරු , මංගල , අනර්කලී, මුතුහෙට්ටිගම..යනාදී වශයෙන් ගත්තම මට හිතෙන විදියට නම් මර්වින් සිල්වා තමයි අපේ රටේ බහුතරයේ අදහස් ක්‍රියාත්මක කරන්න  වැඩියෙන්ම ගැළපෙන්නේ. අපි වෙනුවෙන් ඕන පවකට කර ගහල අපිට ඕන දේවල් කර දෙන්න අචාර්ය මර්වින් සිල්වා තරම් සුදුසු පුද්ගලයෙක් ලංකාවේ දේශපාලන කරලිය තුල ඉන්නවාද? මා කියන්නේ ඔහුට  ඉහත කෙටි ලයිස්තුවට උසස් වීමක්   දී මීලග නායකයා ලෙස සලකා බැලිය යුතුයි.
නැවතත්  කියමි හාස්‍ය රසය මතු කිරීමක් යයි වරදවා වටහා ගන්න එපා.මේ ගැන ඔබේ අදහස කුමක්ද?

 

7 comments:

  1. අනිත් අයත් මර්වින් සිල්වලා තමයි. දන්නෝ දනිති..

    ReplyDelete
  2. සොයන්නේ මොනවා ද ලැබෙන්නේ සොයන දෙයයි. බූවා ගේ කල්පනාව සියයට සියයක් හරි. මේ සටහන එය වැඩි විස්තර කර පෙන්වනවා.

    මගේ ප්‍රශ්නය මේකයි: මිනිස්සු දන්නවා ද තමන් සොයන්නේ කුමක් දැයි කියා?

    ReplyDelete
  3. ඇත්තටම මාතලන් කීවා වගේ ලංකාවේ දේශපාලනයේ බහුතරයක් "මර්වින් සිල්වා" ලා තමයි , මර්වින් එලිපිට කරන දේවල් බොහෝ දෙනෙක් කරන්නේ හොර රහසේ ! . ඒ නිස කැලණියෙ ඉන්න මර්වින් සිල්වාත් ජනාධිපති කමට සුදුසුයි

    ReplyDelete
  4. මර්වින් ජනාධිපති වීමට සුදුසුය. නමුත් එක අඩුවක් ඇත. කොච්චර කිව්වත් ඔහු 'පවුලේ' කෙනෙක් නොවේ.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට දුටුගැමුණු ගේ නෑයෙක්... නම සිල්වා උනාට. කව්ද දන්නේ දුටුගැමුණුටත් සිල්වා කෑල්ලක් තිබුනද කියලා. බොඩ්ඩක් හිටහන් මම බයිලා චක්‍රවර්තිගෙන් අහලා කියන්නම්..

      Delete
  5. Adlanakawe Wedidenk samanyen ugath minissu inne, Loke samahara diyunu ratawalwath lankawe taram ugath minissune. Eeth ee ratawala minissunge hediyawa aakalpa sadaranathwaya ekka beluwama malankawe minissu inne anthi kelaware pitipessema. APE ayage kuhaka kama harima wedi, 2 weeks memory kiyanne ekai.

    Man Chanda walata sahabagi wela tiyanwa, Kudeekata, buth packet ekata, lamayata job ekak dennam kiwwama one ekekta Vote karanawa, kawda thamanta mulinma udawkale kawada thamange peththata wediya wedakale, kawda komiss nogahanne eewa wedak nee ape ayata.

    Kawda Paba 1ka kale? Kawda Santh Jayasuriya 1k kale ?

    ReplyDelete