Pages

Followers

Tuesday, October 2, 2012

රජයේ දේපොළ ,විලාසිතාව හා යථාර්ථය..(හුලං ට පිළිතුරක්)

 නිදහස නැති කරන "නිදහස්‌ අධ්‍යාපනය"  නමින් මා මීට පෙර  ලියූ බ්ලොග් සටහනට සුධාරක සහ හුලං යන දෙදෙනා ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කර තිබුනා. අපගේ සමාජයේ  කිඳා බැස තිබෙන මුලික සමාජවාදී හර පද්ධතියේ සමාජීය පරමාදර්ශයන් නිවැරිදි යයි ප්‍රථමයෙන් පදනම් කරගෙන මේ පිළිතුරු සියල්ල ගොඩනැගීම නිසා සියලු දෙනා    මා නගන තර්කය වරදවා වටහාගෙන තිබේ  යැයි  මට සිතේ.
සමාජවාදය යනු කුමක්ද? 
තමන් සමාජවාදියෙකු යැයි,ජෙප්පෙකු,මාක්ස්වාදියෙක් යැයි  නොපිළිගන්නා ලාංකිකයන් පවා ඕනෑම විටක නොදැනුවත්වම පෙනී සිටින්නේ සමාජවාදී මූලධර්මයන් වෙනුවෙනි. සමහරුන්ට තමන් වාමාංශික යැයි කීම තමන් හොඳ මිනිසෙකු යැයි කීම හා සමාන දෙයකි. සමාජවාදය යනු කුමක්ද?
සමාජය යාන්ත්‍රනය කිරීමේ වර බලය රජයසතු වීමයි. (සමාජීය පරමාදර්ශ වලට  අනුකූලවන ලෙස සමාජය සහ පුද්ගලයින් හැඩගස්වා ලීමයි. )එනම්   පොදු සාමූහික දේ  ප්‍රමුකත්වයක් දී  පුද්ගලික ඒකීය දේ මර්ධනය වන පදනම  උඩ සිට ආර්ථිකයේ සිට සියලු දේ සංවිධානය කිරීමයි. තේරෙන බාසාවෙන්  කිව්වොත් පොදු දේ හොඳයි පුද්ගලික දේ නරකයි සහ  රජය ව්‍යාපාර හා වෙළදාම් මෙහෙයවීමයි.
සමාජවාදය හා ලංකාව
20 වන සියවසේ මුල සිටම ලොව පුරා අස්සක් මුල්ලක් නෑර ජනතාව මේ සමාජවාදයේ  කියන රජයේ දෝත මත මිනිසුන්   සුරක්ෂිත යැයි කියන    මුලාකරනසුලු  වසගයට අහු උනා. එත් 21 වැනි සියවස වන විට සමාජවාදයේ බියකරු අත්දැකීම  විදි රටවල් අර්ධ සමාජවාදී රටවල් සහ ඒ දිහා බලා උන්  ලොව පුරා  මිනිසුන් සමාජවාදය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒත් මොකක්දෝ අභාග්‍යයකට අපේ රට තවමත් මේ සමාජවාදී අදහස් ප්‍රතික්ෂේප කිරීම' ප්‍රතික්ෂේප කරමින් සිටින  ජනතාවක් සිටින අභාග්‍යසම්පන්න රටක් වී ඇත. සමාජවාදී ආකල්ප වලට පයින් ගසා ගිය  කලාපයේ අනෙකුත් රටවල්  වේගයෙන් අප පසුකර ගොස් ඇත. 21 වැනි සියවසේ සිටින ලාංකීය තරුණයන් පවා සමාජවාදය එපා කියන්නේ නැත. සල්ලිකාරයින් කිහිප දෙනෙකු තනන සහ අන් සියල්ල දුප්පතුන් කරන ධනවාදය නරක දෙයකි.  අපේ රටේ නිල නාමයම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයයි ඉදින් රාජ්‍ය ව්‍යාපාර ඇත මේවා තිබීම ගැන නාඹර තරුණයන් පවා ආඩම්බර වේ. රජය වෙළද පොළ බලවේග පාලනය කරයි, වැටුප් පාලනය කරයි, ප්‍රතිලාභ පිරිනමයි, නිෂ්පාදනය කල යුත්තේ මෙවායයි රජය සිතන දෙය නිපදවයි, මෙහෙම රජය හැම දෙයක්ම පාලනය කරද්දී සහ මෙහෙයවද්දී දුප්පතාට සහ පොහොසතාට හැමෝටම සමානව දේවල් බෙදිලා යනවා.මෙමගින් දුප්පත් පොහොසත් පරතරය අවම වෙලා සාධාරණය ඇතිවෙනවා.
නිදහස නැති කරන "නිදහස්‌ අධ්‍යාපනය"  නමින් මා මීට පෙර  ලියූ බ්ලොග් සටහනේ ප්‍රතිචාර තීරයේ   හුලං නැමැත්තා මෙහෙම කියනවා  .
//සුදුස්සන්ටද විශ්වවිද්‍යාල වරම් අහිමිව ඇත්තේ ඒ සඳහා ඇත්තේ ඉතා සීමීත සම්පත් ප්‍රමාණයක් පමණක් නිසාය. එම සම්පත් ප්‍රමාණය වැඩි කිරීමට පෙෘද්ගලික විශ්වවිද්‍යාල ඇරබීමද කල හැක. නමුත් ඒ වැඩි වූ සම්පත් ප්‍රමාණය විවෘත වන්නේ ධනපතියන් ට පමණි. ඉහත කී ගොවි මහතාගේ පුතාට එම සම්පත් පරිහරනය කිරීම සිහිනයක් පමනි. නැතිනම් රජයේ විශ්වවිද්‍යාල වැඩි දියුණු කිරීමෙන් සහ නව රජයේ විශ්වවිද්‍යාල විවෘත කිරීමෙන් ගොවි මහත්වරුන් ගේ දූ පුතුන්ට මෙන්ම ධනපතීන්ගේ දූ පුතුන්ට ද එක සේ පරිහරණය කල හැකි සම්පත් එක් කරලිය හැක.// 
මෙවැනි තර්ක තව ඕන තරම්, කෙසේ  උවද මොනවා කීවද ලංකාවේදී  සමාජවාදී මතය  පහසුවෙන් ජයගනිමින්   ධනවාදයට වඩා උත්තරීතරභාවයක් සමාජවාදයට ලබා දෙමින් සංවාදය අවසන් කල හැකිය.
සමාජවාදය මහ පොලොව මත තියා සසදා වෙනස  බලමු 
මිල්ටන් ෆරීඩ්මන්  කිවූ පරිදි පරිකල්පිත තර්ක වල වලංගු භාවය පරීක්ෂා කල හැකි එකම ක්‍රමය නම්  ඇත්ත මහා පොලොව මත අත්විදින දෙය  සමග සන්සන්දනය කර බැලීමයි. ඉතින් අපි බලමු මේ සියලු සමාජවාදී පුරෝකථන අපේ ඇත්ත අද්දැකීම සමග සසදලා.
උතුරු කොරියාව /දකුණු කොරියාව 
මෙන්න මන් දෙන  පලවෙනි සංසන්දනය. රාත්‍රී චන්ද්‍රිකා චායාරූපයක්. අපේ අය මැරුණත් අත්නොහරින සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක උතුරු කොරියාව සහ අපේ නිදහස් අද්‍යාපනයයේ දරුවෝ පෝලිමේ ඉදල පහල මට්ටමේ රැකියා වලට පවා යන ධනවාදී දකුණු කොරියාව. රෑට විදුලිබලය තියෙන්නේ කාටද කියල පේනවද? හැමෝටම සමව බෙදා දෙන්න ගිහින් කාටත් නෑ ලොක්කට විතරයි.
ශ්‍රී ලංකාව/සිංගප්පූරුව
සියලුම කේෂ්ත්‍රයන් ගැන කතා කිරීමට ඉඩකඩ නොමැති නිසා  මෑතදී මතභේදයට තුඩු දුන් විශ්ව විද්‍යාල සලකා බලමු නිදහස් රජයේ අද්‍යාපනය අපට උරුම කර දී ඇති දෙය කුමක්ද? කොළඹ විශ්ව  විද්‍යාලය ලොව අනෙකුත්  විශ්වවිද්‍යාල සමග සසඳා බැලු  විට හිමිවන්නේ ලොව  2240  ස්ථානයයි . මොරටුව 2573. ඔන්න හැමට නිදහසේ ලැබෙන අර හුලං කියන  අධ්‍යාපනයේ ගුණාත්මක බව. කෙටියෙන්  අනෙක් දේවල් සැලකුවොත් ලංකාවේ  රාජ්‍ය ව්‍යාපාර ලබන පාඩු  පියවන්න  අනාගත  පරපුරත් ණය කරලයි තියෙන්නේ. මහා භාරකාර අධ්‍යක්‍ෂක මණ්ඩලයක් පාලනය කරන   ලොව අංක 25 ස්ථානය ගන්නා කලාපයේ නුදුරු සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලය  අපේ  නිදහස් උරුමය සමග සසදා බලන්න.

මං කියන්න ඕන නෑ ඔයාලම හොයල බලන්න ඊලගට සසදලා බලන්න මේ රටවල් වල අත්දැකීම.
නැ. ජර්මනිය/බටහිර ජර්මනිය
සෝවියට් දේශය/ඇමරිකා එක්සත් ජනපදය
දැන් අපි  ඉහත හුලං කියූ තර්කය මහ පොළොවේ අත්දැකීම හා සසදා බලමු.  දුප්පතාට පොහොසතාට හැමෝටම සාධාරණය ඉටුකරන සාධාරණ සමාජ හදන්න රජය කරේ තියන් යන රටවල් වලට මොකද වෙලා තියෙන්නේ?  මේ දෙවියෝ බුදුන් වගේ අදහන සමාජවාදී තර්ක වල පොරොන්දුව තමයි හැමෝටම සාධාරණ සැවොම දිනන කියන එක ඉහත  හුලං ගේ කොමෙන්ටුවේ ඔහු මෙහෙමත් කියනවා 
//නිදහස් අධ්‍යාපනය යන වදනේ නිදහස් යන්නෙන් අදහස් වන්නේ සැමටම විවෘත බවයි. ඔබේ ආගම, ජාතිය, කුලය සහ වැදගත්ම ලෙස දුප්පත් පෝසත් බව නිදහස් අධ්‍යාපනය ලැබීමට බාධාවත් නොවේ.//
එත් බලන්න ඇත්ත ලෝකයේ  හැමෝම දිනවන්න සමාජවාදයේ පරීක්ෂණ වලට ගිහින් වෙලා තියන දේ. කාටවත්  නෑ නේද?  උතුරු කොරියාවේ කාටවත් ලයිට් නෑ... පොරොන්දුව හැමෝටම  දෙන සාදාරන සමාජයක්.  ලංකාව් බලන්න නිකං දෙන අධ්‍යාපනයේ ගුණාත්මක බව  ලෝකෙට  2240 වෙනිය.  
කෙටියෙන් කිව්වොත් මං කියන්නේ මේකයි.
සමාජවාදයේ පොරොන්දුව හැමෝටම සමව බෙදාදීමයි. නමුත් නිපදවන්නේ හැමෝම සමානව නොවන බව අමතක කරයි. හැමට දිනුම පොරොන්දු වුවද ඇත්ත ලෝකයේ වූ දේ බලන්න. අවසානයේ හැමෝම දිළින්දන් වී කාටවත් නෑ. 
ධනවාදය යනු කුමක්ද?
ඔව්  ධනවාදය සැමට සමානව සලකන්නේ නැත. ධනවාදය තුල   සල්ලිකාරයින් හා දුප්පතුන් සිටී,  ජයග්‍රහකයින් මෙන්ම පරාජිතයින්ද  ඒ  තුල ඇත .  නමුත් මේ විෂමතාවයන්  ඇති කිරීමෙන් පසුව පවා මුළු රටක් ලෙස ගත් විට වැඩි පිරිසක් ධනවත් වී වැඩි පිරිසක් දිනා ඇත (නැවතත් ධනවාදී දකුණු කොරියාව චායාරූපය බලන්න)එමෙන්ම රටක් ලෙස තව දුරටත් වර්ධනය වෙමින් පවතී. මීට අමතරව  නිදහස් වෙළඳ පොළ නිදහස් මිනිසුන් බිහි කරයි. මක්නිසාද යත් ආර්ථීක නිදහස දේශපාලන නිදහස ඇතිකරන බැවිනි. සමාජවාදය ඒකාධිපතියන් බිහිකරයි. තෝරා ගැනීම ඔබ සතුයි.

20 comments:

  1. හොඳ විග්‍රහයක්.

    අද ධනවාදී ලෙසින් ආර්ථිකය හසුරුවන රටවල් ඉතා අඩුයි; වැඩියෙන් තියෙන්නෙ රජය විසින් ඇඟිලි ගැසීම් වැඩි ආණ්ඩු. ඒ නිසාම තමයි පවතින ආර්ථික අර්බූද.

    මිනිස්සු හිතන්නෙ ටික දෙනෙක් ධනපතියන් කරන්නෙ අනිකුත් සියල්ලන් දුප්පතුන් කරන්නෙ ධනවාදයෙන් කියලා ... අමතකයි ධනවාදී රටවල බහුතරය අද එදාට වඩා සෞභාග්‍යමත් ජීවිත ගෙවන බව. ඒ වගේ ම ඉතිහාසය පෙන්වන්නෙ සමාජවාදී රටවල දුප්පතුන් හිටියාටත් වඩා දුප්පත් වූ බව සහ ඒවායේ ධනපතියන් ටික දෙනාට ඉන්නේ පාලකයන් ටික විතරක් කියා.

    අර ධනවත් වූ ව්‍යාපාරිකයා තමන්ට තිබි දෙයක් උදුරා ගත්තා යැයි සිතමින්, ඒ තියෙන වෛරය නැහැ ඇත්තෙන්ම උදුරා ගත් ධනපති පාලකයා ගැන. මොකද හැම තිස්සෙ ම හිතන්නෙ ඒ පාලකයා ගෙදර යවලා තමන්ට වෙන පාලකයෙක් ගෙන්නා ගන්න හැකි බව. ඒත් පුද්ගලයා මාරු කළාට ඵලක් නැහැ කියලා දකින්නෙ නැහැ, සිස්ටම් එක වෙනස් නොකර.

    ReplyDelete
  2. ඔතන උ.කොරියාව සහ ද.කොරියාව ගත්තොත් ද.කොරියාව කියන්නේ ලෝකබෑoකුව විසින් ලෝකේ දුප්පත් රටවල් අතිවිශාල ගානක් කොල්ලකාලා ඵ් මුදලින් ඉතා සුලු ප්‍රමානයක් පොම්පකරලා හදපු ආදර්ශ රටක් විතරයි.සිoගප්පුරුව ගත්තත් ඵහෙම ඵකක්.
    නමුත් ඈමරිකානුවන් ඊට ප්‍රතිපක්ශව උ.කොරියාවට සම්බාදක දලා බෙහෙත් වර්ග පවා ලබදීම තහනම්කරලා ඈමරිකන් දඩු අඩුවට හිරකරපු රටක්.ඉතින් ඔයා කොහොමද මේ රටවල් දෙක සමාන කරන්න්නේ?

    ඊට අමතරව අපි ගම්මු ඈමරිකා ඵක්සත් ජනපද සහ මෙක්සිකානු දේශසීමාව.ලෝකයේ අදි ආරක්ශිතම දේසසීමාව් ඵ්ක.
    මොකක්ද ඵ්කට හේතුව?
    හේතුව තමා දකුනේ රටවලින් විශාල වශයෙන් මෙක්සිකෝවෙන් ඈමරිකාවට සිදුවන අනවසර සoක්‍රමන.ඈමරිකාව දනවාදී රටක් කියලා අපි කවුරුත් දන්නවනේ.මෙක්සිකෝවත් ඵහෙමයි.ඈමරිකාවේ සුහච කීකරු අනුගාමිකයෙක්.මෑත දකුනු ඈමරිකානු රටවල් දෙකතුනක වාමoශික හිතවාදී පාලකයො චන්දෙන් පතිවීම හෑරුනු කොට ඉතිහාසය පුරාම දකුනු ඈමරිකාව කියන්නේ දනවාදී පාලකයන් ගේ කලාපයක්.කොටින්ම කිව්වොත් ඈමරිකාවේ සෙල්ලම් පිට්ටනිය.අදටත් මුලු මද්‍යම ඈමරිකාවම ඈමරිකන ආශිර්වාදය ලබන පාලකයන් තමා පාලනය කරන්නේ.
    ඉතින් ඵහෙව් ඵකේ දනවාදීඅනුගාමික මෙක්සිකෝව ඈතුලු රටවලින් දනවාදී ඈමරිකාවට ඈයි මෑරුම්කන්න බලාගෙන මිනිස්සු පනින්නේ???මොකද මෙක්සිකෝව සමාජවාදීද?
    අපේ රටේ උන් ගිලිලා මෑරෙන්න හරි වෙඩිකන්න හරි බලාගෙන ඉතාලි ඔස්ට්‍රේලියා බෝට්ටු සවාරි යන්නේ ඈයි?අවුරුදු 65ක් දනවාදී ක්‍රමයෙන් රට පාලනය කරලා සල්ලි වෑඩි වෙලාද?නෑත්නම් මහින්ද මහත්තයා අපේරට සමාජවාදී රටක් කරලද?
    අර බෑක්ග්‍රවුන්ඩ් ඵකේ තියන සල්ලි කොලවල තවරිලා තියෙන්නේ 3වෙනි ලෝකයේ රට්වල මිනිස්සුන්ගේ ලේ කදුලු කියන ඵක අමතක කරන්න ඵපා.
    වෑඩිදුර විස්තර ඔනිනම් කියවන්න ජෝන් පර්කින්ස්ගේ ආර්තික ඝාතකයකුගේ පොපෝච්චාරණය කියන පොත.දනවාදී ආර්තික ක්‍රමය ක්‍රියාත්මක වෙන සරල සුගම අහින්සක ලාමක ට්oට්o බාවය බොහොම හොදට ඵ් පොත අපිට පෑහෑදිලි කරනවා.
    ලිපිය කියවලා අලුත් කරුනු ඉගනගත්තා.ආර්තික ප්‍රශ්නය ගෑන වෙන කෝණයකින් පේන හෑටි ඉගනගත්තා.නමුත් දනවාදය බබහුකුන් කිරීමක් තමා පේන්න තියෙන්නේ.නමුත් ලෝකේ ප්‍රායෝගිකව වෙනදේ දෑක්කම ඵකගවෙන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. @ Anonymous,

      තමන් කියන්න පරස්පර විරෝධී බව දකින්න බැරි වාමාංශිකයන්ට විතරයි.

      එක පැත්තකින් "බෙදා දියව්" කියලා කෑ ගහමින් අනිත් පැත්තෙන් බෙදා දෙන්න ණය ආධාර ගත්තම බනින්නෙ ඒ ආධාර ඕනෑ කියා පෙළපාලි ගිය අයට නෙමෙයි, ඒ ආධාර ගත්තු තමන්ගෙ නායකයන්ට නෙමෙයි - බනින්නේ තම පුටුව රැකගන්න, තම පෙළපාලි ගිය අයව සනසන්න ආධාර ගත්තු අයට නෙමෙයි - බනින්නේ ආධාර දීපු අයට. එහෙම දෙබිඩි වැඩක් කරලා, අහක ඉන්න රට වලට මංකොල්ලා කෑවෝ මංකොල්ලා කෑවෝ කියා කෑ ගහනවා.

      වාමාංශිකයා දකින්නෙ නැති කාරණය: කියුබාව ලෝක බැංකුවෙන් ආධාර ගන්නේ නැහැ. ඒ වගේ ම දැක්ක ද එහි වැසියන් පෙළපාලි යන්නෙත් නැති හැටි බෙදා දියව් කියලා :D තමන් ඇත්ත වාමාංශිකයක් නම් කියුබාවේ ප්‍රතිපත්තිය අනුගමනය කළ යුතුයි!!!!!

      ඇමෙරිකාව ධනවාදී රටක් වූයේ බොහෝ ඈත කාලයක. දැන් ඉන්නෙ "මම බෙදන්න දන්නවා" කියන ජනාධිපතිවරයෙක් සහ "එයාට වඩා හොඳින් මම බෙදන්න දන්නවා" කියන ප්‍රතිවාදියෙක්.

      ලේබල් ගැහැව්වට යමක් සත්‍යය වෙන්නෙ නැහැ. හරියට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියල ලේබල් ගැහැව්වා හා සමානයි මේ දවස්වල ඒකාධිපතිවාදයක් පැවතෙන විට.

      ලංකාවේ නම දිහා බලන්න: ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජය - ලේබල් ගහගෙන ම වාමාංශික වෙද්දී මෙයා කියනවා රටේ අවුරුදු 65 ක් ධනවාදී ක්‍රමයක් තිබ්බාලු!!!!!!

      Delete
  3. //ලෝකබෑoකුව විසින් ලෝකේ දුප්පත් රටවල් අතිවිශාල ගානක් කොල්ලකාලා ඵ් මුදලින් ඉතා සුලු ප්‍රමානයක් පොම්පකරලා හදපු ආදර්ශ රටක් විතරයි.සිoගප්පුරුව ගත්තත් ඵහෙම ඵකක්.//
    ඇනෝ මේක වෙන්නේ කොහොමද කියල පෙන්වලා දෙනවද? මාත් ආසයි දැනගන්න. උදාහරණයකට ලෝක බැංකුව ලාකාවේ දුප්පත් සල්ලි කොල්ල කන හැටි කියනවද?
    //මෙක්සිකෝව ඈතුලු රටවලින් දනවාදී ඈමරිකාවට ඈයි මෑරුම්කන්න බලාගෙන මිනිස්සු පනින්නේ?//
    හොඳ ප්‍රශ්නයක් තමන්ගෙන්ම යලි අහන්න. මං ඕකට පිළිතුරු දෙන්නම ප්‍රශ්නයකින්ම. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙළපාලි යන මිනිස්සු සල්ලි ටිකක් හම්බවෙලා යන්තම් සුළු ධනවත් වුන ගමන් තමන්ගේ ළමයි ජාත්‍යන්තර පාසල් වලට යවන්නේ ඇයි?
    //මහින්ද මහත්තයා අපේරට සමාජවාදී රටක් කරලද?//
    ඔවු ලංකාව සම්පුර්ණයෙන්ම පහෙඉ සමාජවාදී ක්‍රමයට පාලනය වෙයි. ඔවි ජේ. ආර්. කරපු සුළු වෙනස් කම් ටිකත් නැත්නම් අද ඔයාට බ්ලොග් ලියන්න ලැබෙන්නේ නැත එහෙනම් නාමල්ට ,රනිල්ට විතරයි ඉන්ටනෙට් තියෙන්නෙත්.

    ReplyDelete
    Replies
    1. //ඔවි ජේ. ආර්. කරපු සුළු වෙනස් කම් ටිකත් නැත්නම් අද ඔයාට බ්ලොග් ලියන්න ලැබෙන්නේ නැත එහෙනම් නාමල්ට ,රනිල්ට විතරයි ඉන්ටනෙට් තියෙන්නෙත්.//

      +++++++++++++++++++++++++++++++++++++

      Delete
  4. /ඔතන උ.කොරියාව සහ ද.කොරියාව ගත්තොත් ද.කොරියාව කියන්නේ ලෝකබෑoකුව විසින් ලෝකේ දුප්පත් රටවල් අතිවිශාල ගානක් කොල්ලකාලා ඵ් මුදලින් ඉතා සුලු ප්‍රමානයක් පොම්පකරලා හදපු ආදර්ශ රටක් විතරයි.සිoගප්පුරුව ගත්තත් ඵහෙම ඵකක්.
    නමුත් ඈමරිකානුවන් ඊට ප්‍රතිපක්ශව උ.කොරියාවට සම්බාදක දලා බෙහෙත් වර්ග පවා ලබදීම තහනම්කරලා ඈමරිකන් දඩු අඩුවට හිරකරපු රටක්.ඉතින් ඔයා කොහොමද මේ රටවල් දෙක සමාන කරන්න්නේ? /

    මාරයිනෙ. මොළේ අමාරුවද? හැටිද? කොහෙන්ද මේ බොරු හොයා ගත්තේ?

    ReplyDelete
  5. //ඇනෝ මේක වෙන්නේ කොහොමද කියල පෙන්වලා දෙනවද? මාත් ආසයි දැනගන්න. උදාහරණයකට ලෝක බැංකුව ලාකාවේ දුප්පත් සල්ලි කොල්ල කන හැටි කියනවද?//

    මම හිතනේ යාලුවා පුලුවන්නම් හොයාගෙන කියවන්න ජෝන් පර්කින්ස්ගෙ ආර්තික ඝාතකයකුගේ පාපෝච්චාරණය කියන් පොත.ඈමරිකානු ඵ් ජන්තයො වෙනි ලෝකයේ රටවල් ඈතුලේ හෑසිරෙමින් ඈමරිකන් උවමනාව මත ඵ් රටවල ආර්තිකය කඩාවට්ටන හෑටි බොහොම හොදට විස්තරකරලා තියනවා.පොත ලියපු කෙනත් කලින් ඵහෙම හිටපු ආර්තික ඝාතකයෙක්.නමුත් විශ්‍රාම ගත්තට පස්සේ තමන් කරපු අපරාද මතක්වෙලා පොරට නින්දයන්නෑ ලු.ඵ්කෙන් මිදෙන්නලු මේ පාපෝච්චාරණය කරන්නේ ඵයා.

    ඈත්තටම ඉතිහාසෙ පුරාම ඈමරිකාව උනත් ලෝක බෑකුව කියන ආයතනය යොදාගත්තෙ ඵ්ගොල්ලන්ගේ මුල්‍ය අදිරාජ්‍යයේ බලල් අතක් විදියට නේද?උදාහරණයක් ගන්න සෑම දුප්පත් රටක්ටම පුලුවන් තරම් ණය දීලා මුලින්ම ඵයාලව ණයගෑති කරගන්නවා.සමහර රටවලට ණය දෙන්නේ බලෙන්.මම කිව්ව පොතේ මේ විස්තර හොදට තියනවා.ඊට පස්සේ ඵ් ණයගෑතිකම යොදාගෙන තමා මූලිකවම දුප්පත් රටවල් නටවන්නේ.
    උදාහරනයක් ගන්න අපේ රටට IMF ණය වාරික දුන්නා.ඔය දුන්න සල්ලි වලින් 50% වඩා අපේ ලොක්කො හොරාකන බව දෑනදෑනමයි උන් ඔය ණය දුන්නේ.නමුත් ණය දෙන්න කලින් අපිට දෑම්ම කොන්දේසි ටිකක්.ඵ් කොන්දේසි වල තිබුනේ ජනතාවට දෙන සහන කපන්න කියලා විතරයි.උන් දෙන මුදල්වල උපයෝගීතාව වෑඩිකරන්න,විනිවිද බාවය ඈතිකරන්න කියලා ඵකම කොන්දේසියක් වත් තිබ්බද?කලින් දුන්න ණය සම්පූර්නයෙන් වෑඩට ගත්තද නෑත්නම් හොරාකෑවද කියලා බෑලුවද?කිසිදෑයක් නෑ උන්ට ඵ් වා වෑඩකුත් නෑ.
    උන් කරන්නේ දූසිත පාලකයන්ට ණය දෙනවා.පාලකයන් ඵ්වා හොරාකනවා.ඵතනින් ඵ් පාලකයන්ව අල්ලගන්න පුලුවන්.රටේ කිසිම දියුනුවක් ඈතිවෙන්නෙත් නෑ.නමුත් රට ණයගෑති වෙනවා.දුන්නු ණය වල පොලියත් ඵක්ක අපි ගෙවන්න ඔනි.ඵතකොට රටේ තියන සොච්චම් මුදලත් ඵ් රටවලත ඈදිලා යනවා.
    ඔකයි දනවාදී ආර්තිකයේ විශම චක්‍රය.හරියට පොලී මුදලාලිගේ ගිනිකන බිස්නස් වගේම තමා.හරියට පොලී මුදලාලි අපිට ණය දීලා ඵයාගේ කඩෙන්ම බඩු ගන්න කියලා පස්සේ පොළියත් ඵ්ක්කම ඵයාටම ගෙවන්න කිඋඅනවා වගේ තමා.අන්තිමට ඵ් ලෑබෙන ලාබයත් අපිට අයෙ පොළියට දෙනවා.

    //ඔවු ලංකාව සම්පුර්ණයෙන්ම පහෙඉ සමාජවාදී ක්‍රමයට පාලනය වෙයි. ඔවි ජේ. ආර්. කරපු සුළු වෙනස් කම් ටිකත් නැත්නම් අද ඔයාට බ්ලොග් ලියන්න ලැබෙන්නේ නැත එහෙනම් නාමල්ට ,රනිල්ට විතරයි ඉන්ටනෙට් තියෙන්නෙත්//
    ඔක නම් විහිලුවක්.ලිබරල් සුබසාදන වාදී ව්‍යාපෘති දෙකතුනක් විතරයි අපේ රටෙ තියෙන්නේ.උදා නිදහස් සුවසේවය හා නිදහස් ඉගෑනුම වගේ ඵ්වා.අඩු වෑඩි වශයෙන් මේවා බොහෝ දනවාදී රටවල තියනවා.ඵ්වත් දෑන් කඩාකප්පල කරගෙන යන විදියට රෝහල් වල පෑරසිටමෝල් පමනි,නිදහස් අද්‍යාපනය වල පල්ලට........... හෙට අනිද්දම සමාජවාදයෙන් ඉදිරියට ගොස් කොමියුනිස්ට් රාජ්‍යක් කරාවි නේද???
    කන්න ඔන උනාම කබරයා තලගොයා කරණවා වගේ ලිබරල් ප්‍රතිසස්කරන දෙකතුනක් පෙන්නලා රට සමාජවාදී යෑයි කියනඵක ගෑලපෙන්නෑ යාලුවා.

    ReplyDelete
    Replies
    1. //ජෝන් පර්කින්ස්ගෙ ආර්තික ඝාතකයකුගේ පාපෝච්චාරණය //ඇනෝ මේක මොන වගේ දෙයක්ද දන්නවද ඔයා දන්නවා නේ වර්ගපුර්නිකාව කියල බ්ලොග් එකක් තියනවා ලංකාවේ තමයි කොම්පියුටරේ ඉදන් රොකට් එක දක්වා මුලින්ම හැමදෙයක්ම හැදුවේ කියල එකේ ඔප්පුකරල පෙන්නලා තියනවනේ ඔයා මට මේක කියනකොට එඉක නිකං පරණවිතාන ට වර්ගපුනිකාව බලන්න කියනවා වගේ තමයි.
      ඔයා පුද්ගලිකව කාට හරි නයක් දෙනවද ආ මේක අරගෙන ගිහින් දුප්පතුන්ට බෙදල දාන්න කිසිම කොන්දේසියක් නෑ ඕනෑ දෙයක් කරන්න කියල?ලකාවෙ වසර ගානක රජයේ ණය මෙහෙයවීම පිළිබද මගේ පෞද්ගලික අත්දැකීම අනුව මං දන්න දෙයක් තමයි ඔයි කොන්දේසි ටිකත් නැත්නම් සතයක් වත් කිසි වැඩකට යෙදවෙන්නේ නැත.
      ඔව් ඔබ ලිබරල් යනු සමාජවාදය නොවේ යැයි කියනවිට මට කීමට ඇත්තේ ලිබරල් යනු නිදහස් වෙළද පොළ ධනවාදය ද නොවන බවයි. මා නිදහස් වෙළද පොළ ධනවාදය රටකට ආර්ථිකව ගොඩ යාමට සහ මිනිස් නිදහස දිනාගැනීමට ප්‍රායෝගික හා සුදුසුම ක්‍රමය බව පෙන්වා දෙන්නේක්මි.එය සැමට සාදාරණ බබා හුකුන් දෙයක් නොවේ.තරගයකි. සමාජවාදයට වඩා දිනුමට අවස්ථාව වැඩිය ඕනෑම කෙනෙකුට නිදහසේ තරග වැදී දිනිය හැක.

      Delete
    2. 'ජෝන් පර්කින්ස්'ගේ 'ආර්තික ඝාතකයකුගේ පාපෝච්චාරණය' කියන ඵක 'වරිගපූර්ණිකාවට' සමාන කරලා ගෑලවෙන්න පුලුවන් නම් ඵක හොද‍යි.නමුත් යාතාර්තය ඊට බොහොම දුරයි.
      අහුබුදු මහත්තයලා රොකට් කියන ඵක රා කටු කියලා හරවගෙන විහින් ජෝක් උනා තමා.ඵතනඉන් ඵහාට රාවන යුගයට මූලාශ්‍ර නෑති නිසානේ ඔය රාවන් කතාව ජෝක් වෙලා තියෙන්නේ.නමුත් පුතේ 'ආර්තික ඝාතකයකුගේ පාපෝච්චාරනය' ගත්තොත් ලෝකෙ විද්වතුන් ගොඩක් ප්‍රර්යේශන වලට ලක්කරපු පොතක්.ඵ්කේ දින වකවානු පුද්ගල නම් ගම් සිද්දීන් සහිතව කතාන්දර ඔක්කොම ලියලා තියනවා.අනික විකීලීක්ස් ඵ්කේ එලිවුනු බොහෝ සිද්දි ඵකක සෑසදෙනවා.අනික මොලෙ තියන මිනිස්සු බේරේ හඩයි අනිත් ඵකේ හඩයි දෙකම හොදට අදුනන නිසා ආර්තික ඝාතකයකුගේ පාපෝච්චාරණය පොතේ සත්‍ය අසත්‍යතාවය තේරුම් ගන්න අමාරු නෑ.

      මෙලෝ සාක්කියක් නෑතුව පද පෙරලි වලින් විතරක් ඔප්පුකරන්න හදපු අහුබුදු මහත්තයලගේ රාවනා ඉතිහාස ජෝක් කරන ආතල් දෙන්නෙකුගේ බ්ලොග් ඵකකුයි , ලෝකෙ උගත්තු රෑසක් පර්යේශනයට බාජනය කරපු ආර්තික ඝාතකයකුගේ පාපෝච්චාරනය කියන පොතයි සන්සන්දනය කරලා පෑනලා යන්න අමාරුයි.මෙතන තියන ලොකුම ජෝක් ඵක තමා ඔය පොත ලියපු වකවානුවේ ඈමරිකානු රහස් ඵලිකිරීමේ චෝදනාවට ලේඛකයාට ඵරෙහිව නඩුදාන්න ඈමරිකන් බලදාරීන් උත්සාහ කරපු ඵක.හරියට සිවිල් වෑසියන් ඝාතන ගෑන හෙලිකර 'ඈමරිකන් මෑරීන් සෙබල බ්‍රෑඩ්ලිට' නඩු දෑම්මා වගේ.අන්තීමට නඩු දාලා කතන්දර ඈදිලා වෑඩේ පාරාවලල්ලක් වෙනවා කියලා දෑනගත්ත බලදාරීන් පොත ගෑන මුනිවත රකිනවා.අනික රහස් හෙලිකිරීම චෝදනාව ගෙනාවා කියන්නේ පොතේ තියන අපරාද රහසේ ඈත්තට සිදුකලා කියලා පිලිගන්න ඵක නේද?
      ඔය පොත විතරක් නෙවෙයි මිස්ටර් විකීලීක්ස් ගත්තත් හෙලිවෙන්නේ දනවාදී හෙලුව තමා.ඵච්චර් ඔන නෑ අද ඉරාකේ ඈෆ්ගනිස්තානේමහදවල් කරන අපරාද දෑක්කම ආයේ ඈමරිකාව සහ දනවාදය ගෑන දෑනගන්න අමුතුවෙන් පොත් පෙරලන්න ඔනෙත් නෑ.

      Delete
  6. //හොඳ ප්‍රශ්නයක් තමන්ගෙන්ම යලි අහන්න. මං ඕකට පිළිතුරු දෙන්නම ප්‍රශ්නයකින්ම. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙළපාලි යන මිනිස්සු සල්ලි ටිකක් හම්බවෙලා යන්තම් සුළු ධනවත් වුන ගමන් තමන්ගේ ළමයි ජාත්‍යන්තර පාසල් වලට යවන්නේ ඇයි?//


    මම හිතන්නේ උදිත කියන්න උත්සාහ කරන්නේ මෙක්සිකෝව දනවත් බවත් ඈමරිකාව් වඩා දනවත් නිසා ඊට පනින බවත් වගේ ඵකක්නෙ.
    මෙක්සිකොවේ දර්ශක ටික ගත්තොත් ඉතා සෝචනීයයි නේද?.ලදරු මාතෘ මරණ අනුපාතික,සුවසේවා පහසුකම්,සාක්සරතාව නීතිය හා සාමය ගත්තොත් ලකාවටත් වඩ පහලයි.ඉතින් මොන නිර්නායකයක් මතද මෙක්සිකෝවත් ඈමරිකාව වගෙයි කියාලා කියන්නේ.අනික දියුනු රටවල පුරවෑසියන් අතරේ නිදහස් ගමනාගමන පහසුකම් තියනවා.නමුත් මෙක්සිකෝව ප්‍රමුඛ දකුනු ඈමරිකාවේ සාමන්‍ය වෑසියකූට ඈමරිකාවට ගුවනිනි යාම මාර විදියට අමාරුයි?ඈයි ඵ්???අපි දන්න මෙක්සිකෝවනම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයො පාලනය කරන දූශිත රටක්.කොටින්ම ඵ් රටේ පොලීසියත් මත්ද්‍රව්‍ය නාශක අශයත් ඵ් වගේම පාර්ලිමේන්තුවෙත් ඉන්නේ ඩ්‍රග්ස් වලට සම්බන්ද අය.නීතිය හා සාමය අන්තිමයි.කොහොමද මේ ඵකලග තියන අන්ත දනවාදී රටවල් දෙකක අහසයි පොලවයි වගේ වෙනස් වෙන්නේ???

    මේ රටේ තාමත් අන්තර්ජතික පාසල් වලට වඩා රටේ ජාතික පාසල් වලට තමා වෑඩිම ඉල්ලුම තියෙන්නේ.
    රටේ ප්‍රමුඛ පාසල්වලට 1 වසරේ තියන යුද්දය බලන්න.තාමත් රාජ්‍ය අද්‍යාපනය විශ්වාසනීයයි නේද?අනික ලoකවේ විබාග ක්‍රමයට MBBSඵකට LLBඵකට ලෝකේ අනිත් රටවල් දෙන තෑන බලපුහාම ඔයාට නිදහස් අද්‍යාපනයේ වටිනාකම තේරෙන්න ඔනි
    අනික අන්තර් ජාතික පාසල් කියන ඵ්වා අවුරුදු 30ක් විතර රටේ තිබ්බා ඵ්ක අවුලක් උනේ නෑ නේ.නමුත් ප්වුද්ගලික අද්‍යාපනය නoවන ගමන් නිදහස් අද්‍යාපනය සොහොනට දෑක්කිමටයි මින්සිසු විරුද්ද.සල්ලි තියන කෙනා වෑඩිපුර දීලා ඉගනගත්ට අපිට කිසි අමාරුවක් නෑ.නමුත් මෙතන වෙන්නේ සල්ලි තිබීම මූලික සාදකය වෙලා ඉගනුම සල්ලිකාරයාට පමනක් ලෑබීමත් රජයේ පාසල් අන්තීමට රජයේ රෝහල් වලට උනු තත්වයට පත්වීමත් අන්තිමට දුප්පත් ඵ්කාට සල්ලිකාරයාගේ බෑල මෙහෙවර පමනක් ඉතුරු වීමත් කියන අනතුරයි.
    ඔයා හිතන්නේ ලෝකේ මෙහෙම වෙලා නෑ කියලද?
    අප්‍රිකාව ගන්න බ්‍රිතාන්‍යන් යනකොට යම්තරමකට හදලා ගිය ටෑන්ස්සනියාව කොන්ගෝව වගේ රටවල් නිදහසින් පස්සේ දේශප්‍රේමී පාලකයො යටතේ හොද ගමනක් ආවා.අන්තිමට ත්‍රස්තාවාදී ඈමරිකානුවෝ ඵ් රටවලා ජනතාවාදී පාලකයො මරලා දාලා උන්ගේ ඵකාදිපති නූගත් කපටින්ව පත්කරගත්තා.අන්තිමට පොදු මහජනයා අසරණ් උනා.දෑන් ඵ් රටවල් ඈවිදින සොහොන් ගෙවල් වගේ.සම්පත් ඔක්කොම ඈමරිකාවට සහ උන්ගේ හිතවත් දේශීය හොරුන්ට.ජනතාවට වහල් බාවය.
    ඔන්න ඔකයි නිදහස් අද්‍යාපනය නෑතිකිරීමේ අවසන් ප්‍රතිපලය.


    බ්ලොග් අවකාශේ සරිසරද්දි හමුවුනු මගේ හිතට වෑදුනු හරවත් ලිපියක් වෙන මේ ලිපිය උදාහරනයක් ලෙස ගෑනීම ගෑන ඵ්හි කතෘ 'අසරණයා' සොයුරා තරහා නොවෙනවා යෑයි සිතමි.

    1/ http://asaranaya.blogspot.com/2012/05/blog-post.html
    2/ http://asaranaya.blogspot.com/2012/05/dr-congo.html
    'අසරණයාගේ නියම ලිපියක්, කියවන්න.හිතටගන්නවානම් හිතටගන්න ඉගනගන්න ගොඩක් දේවල් තියනවා මේක ඈතුලේ.

    -තාරක.

    ReplyDelete
    Replies
    1. 'අසරණයා' ගේ ලිපියේ බුවා දමා ඇති ප්‍රතිචාර බලන්න මා කියන පිළිතුරු ඔහු කියා ඇත, ඇනෝ ඔබගේ ඔලුවේ වෙනස්කල නොහැකි ලෙස ගල් ගැසුණු ආකල්ප මට වෙනස් කල නොහැක මා එයට උත්සාහ නොකරමි එය හරියට මුස්ලිම් අයෙකුට අල්ලා බොරුයයි කීම වැනි දෙයකි. මා මේ පිළිතුරු දෙන්නේ ඔබට නොව මෙය කියවන අනෙක් අයටය.

      Delete
    2. යාලුවා ගල් ගෑසුනු ආකල්ප නිසා නෙවෙයි නෙ අපි යම් සoවාදයක් කරන්නේ.වඩා හොද හෙට දවසකට ආස නිසා නේද ඵහෙම කරන්න්නේ.
      මේ සාමාජයේ ඉන්න වඩා අසරන මිනිස්සු ගෑන උපන් කරුනාවෙන් නෙවෙයිද යම් සවාදයකට බහින්නේ?

      මුස්ලින් ගෝත්‍රික ලක්ශන කිසිවක් මේ සවාදයේ තිබුනේ නෑ කියලා හිතනවා.
      කොහොම උනත් අලුත් දෙයක් කතාකිරීම සතුටට කරුනක්.

      -තාරක

      Delete
    3. මෙක්සිකෝව ඇතුළු දකුණු ඇමරිකාවට වෙලා තියන දෙයත් මේ මොහොතේ ලංකාවත් අතර බොහෝ සමානකම් ඇත ලතින් ඇමරිකාවට වී ඇති දෙය බ්ලොග් සටහනකින් අදම පැහැදිලි කරන්නම්.ඒත් ඔබෙ තර්කය මට නම් නොතේරේ ලංකාව වගේම ලතින් ඇමෙරිකාව විකාර වෙලා තියෙන්නේ ඒක එහෙම වෙලා තියන එකට හේතුව මං කියන නිදහස් වෙළඳපොල ධනවාදය නොමැති වීම ඕන නම් ඉතා විධිමත්ව ඔප්පු කරලා පෙන්න්වනම්. මොකද්ද ඔබේ තර්කය? ලංකාවේ මෙක්සිකෝවේ තියෙන්නෙත් ඇමරිකාවේ තියන ක්‍රමයමයි ඒත් අපි, මෙක්සිකෝව දුප්පත් ඇමරිකාව සූරා කාල කියන එකද?
      //අනික ලoකවේ විබාග ක්‍රමයට MBBSඵකට LLBඵකට ලෝකේ අනිත් රටවල් දෙන තෑන //
      මුලාශ්‍ර පෙන්වන්න. මගේ නැගණිය විවාහ වී ඇත්තේ ලංකාවේ අවු6 mbbs වෛද්‍යවරයකු සමගය ඔහු බටහිර රටකට යාගත නොහැකිව සිටී.
      ඇමරිකාවට අවොත් අයිත් usmli අවු 4 විතර කරන්න ඕන තාරක ඕව ආයිත් ඔයාගේ හිතළු විතරයි.

      Delete
    4. මම දන්නේනෑ මේ උඩම ඉන්න ඇනෝ සහ තාරක ඇනෝ දෙන්නෙක්ද කියල මගෙඉ ලිපියට මෙක්සිකෝව ගාවන්නේ උඩම ඇනෝ මම නොවෙයි ඔහු කියනවා
      //.ඈමරිකාව දනවාදී රටක් කියලා අපි කවුරුත් දන්නවනේ.මෙක්සිකෝවත් ඵහෙමයි.//
      මං කියන්නේ නැහැ එහෙම නැහැ ධනවාදී නිදහස් වෙළදපොල එහි සහ ලංකාවේ නැහැ කියලයි. එහෙම තියේනම් මට මේ ලිපිය ලියන්න ඕන නැහැනේ. ධනවාදී නිදහස් වෙළදපොල තියනවා කියන්නේ වචනයක් නොවෙයි ඊට යම් මුලික කොන්දේසි ටිකක් සපුරාලීම අවශ්‍යයයි

      Delete
  7. ඉතින් ඵහෙනම් අවුරුදු 65ක් තිස්සේ දනවාදය අනුගමනය කරපු කොළඹ ජෝන් ලා යෑන්කි ඩිකිලා හිටපු අදටත් අපේ කෑබිනට් ඵකේ සෑලකියයුතු ගනනක් ඈමරිකන් පුරවසියන් ඉන්න අපේ රට දිනෙන් දින වල පල්ලට යන්නේ ඈයි?
    ලෝකයේ සමාජවාදි රටවල් වශයෙන් හදුනාගන්නා චීනය කියුබාව උ.කොරියාව වියට්නාමය හා ලඕසය හෑර සියලු රටවල් ලිබරල් ක්‍රමය නේද අනුගානමය කරන්නේ.මේ රටවල් වලින් 90%ක් තාම තුන් වෙනි ලෝකයේ ඉන්නේ ඈයි.සෝමාලියාවෙ ඉදන් ඉන්දියාව වෙනකන්ම ලිබරල් ආර්තිකය අනුගමනය කරන අති බහුතර රටවල රටේ ජනගහනයෙන් අති බහුතරය දිලින්දන් ඵහෙමත් නෑතනම් යන්තමින් ඵදාවේල හොයාගන්නන්.ඵහෙම වෙන්නේ ඈයි???දනාවාදී ඈමරිකාවේ නෑති දූශනය හිතවතුන්ට සග්‍රහය නීතිය හා සාමය අහිමි වීම පරිදියේ තියන දුප්පත් දනවාදී රටවල ඵන්න ඵන්න වෑඩි වෙන්නේ ඈයි???
    අනික දනවාදය යනු ලිබරල් නිදහස් වෙලදපොල ක්‍රමය නෙවෙයි නම් මොකක්ද?අපි දන්න විදියට දේශපාලන විද්‍යා මූලදර්ම වල ඵන විදියට , දනවාදය කියන්නේ ලිබරල් වෙළදපොල ආර්තික ක්‍රමය හෑර වෙන ඵකක නෙවෙයි.
    ඔයා කියන ඔය දනවාදී පහසුකම් ලෑබෙන්නේ දනවාදී අදිරාජ්‍යයේ ප්‍රදාන රටවල් කිහිපයට විතරයි යාලුවා.
    අපේ වගේ පරිදියේ තියන පසුගාමී දනේශ්වර රටවල් තියාගෙන ඉන්නේ උන්ට සෑප ගන්න අපේ සම්පත් ශ්‍රමය මකොල්ල කන්න විතරයි.
    ඵ් කියන්නේ ඈමරිකාවට අඩුවට තෙල් ඉරාක් කාරයාට ඈෆ්ගන් කාරයාට මරණය,ඈමරිකාවට අඩුවට තෙල්,දියමන්ත්,ඛණිජ සම්පත් අප්‍රිකාවට සාගතය.ඈමරිකාවට අඩුවට තෙල් ස්වාබාවික සම්පත් , ඵ්ව අයිති ලතින් ඈමරිකාවට ඩ්‍රග්ස් සහ මරණය.
    ඔන්න ඔක තමා ඔයා කියන ලිබරල් වෙලදපොළ හෙවත් ඈමරිකන් කලු කඩය.

    ReplyDelete
    Replies
    1. ඔබට කීමට දෙයක් නැත. ඔබගේ ප්‍රතිචාරය සංපූර්ණනයෙන්ම දුර්මත වලින් ගහන හා ලංකාවේ වම්මු කලක සිට කිවූ නිසා ඔබත් කියන වචන ගොඩක් පමණි සියල්ල සත්‍යයෙන් තොරය. සියලු කරුණු වලට දීර්ඝ වශයෙන් පිළිතුරු දෙන්නෙමි.
      ලංකාව ඇතුළු තාම තුන් වෙනි ලෝකයේ සිටින රටවල නිදහස් වෙළද පොළ තිබේයැයි කීම ගල් පැලෙන බොරුවකි.

      Delete
  8. ජේ ආර් පප්පා හඳුන්වා දුන්න එකට මානුෂික මුහුණුවරක් දෙන්න ආපූ නෝන නම් විස්කි බිබි ඉඳලා ගෙදර ගියා. ඊට පස්සේ ආපු එක්කෙනා ගෙනියන්නේ එළොවටත් නැති මෙළොවටත් නැති සිස්ටම් එකක්. නිකන් එඬේර යුගය වගේ. කවුද එකෙක් කියලා තිබුනා වි.වි. ප්‍රශ්ණයට් විසදුමක් දෙන්නේ නැති පුංචි බන්ඩා ජයසුන්දරලා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙකුට ගේම දෙනවා කියලා.
    1. නිදහස් අජ්ජාපනේට හැමනීම
    2. ලොක්කාට ඇල්ලු ආචාර්යවරුන් ලොක්කාගේ සතුරන් කිරීම..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාතලන් මං ලංකාවේ ඉන්න කාලේ නිර්මාල් (වමා)ඒ කාලයේ කී දේවල් ඔහුගේ සාලයේ බිම වාඩිවී අසා ඉඳ ඇත. පී බී වමාව ගණන් ගන්න තැන මම හරියටම දනිමි ඒ මම ඔය දෙන්නාම ඒ කාලයේ ලගින් දැන සිටි බැවිනි. මෙතන බොහෝ ප්‍රතිචාර කෙතරම් මොන්ටිසෝරි උවත් සීරියස් ලෙස අරගෙන ඉදිරියේදී පිළිතුරු දෙන්නෙමි. අපේ තාත්තා මරෙනතුරුම කොමිනිස්ට් කාරයෙකි නිර්මාල්ගේ පාඩම් වලට කලින් මම සමාජවාදය,මාක්ස් ගැන ඔහුගෙන් උගත්තේ හැත්තෑව දශකයේ අග හෝඩියේ පන්තියේ සිටියදී පටන්ය.හැබැයි ඒ වමේ තාත්තා අද හිටියානම් මා මේ කියන සත්‍යය තේරුම් ගනු ඇත.

      Delete
  9. පර්කින්ස්ගේ ආර්ථික ඝාතකයා මුලාව:

    ලන්ඩනයේ පළ කරන ‘ද ඉකොනොමිස්ට්’ සඟරාවට වසර 13 ක් තිස්සේ ලියන Sebastian Mallaby කියන්නේ පර්කින්ස්ගේ conception of international finance is “largely a dream” and that his “basic contentions are flat wrong” කියා ය. සඟරාව කියවනවා නම් පර්කින්ස් නෙමෙයි ලන්ඩන් සඟරාවයි ඔය ‍වගේ දෙයක කොණක් හරි හොයා ගත්තොත් ඇමෙරිකාවට මුලින් දෝෂාරෝපණය එල්ල කරන්නෙ කියලා දැනගන්න පුළුවන්.

    ඊ ළඟට, පර්කින්ස් ලියූ අවුල් ගොඩක් ලිහන්නට උවමනා ය. ඔහු කියන ඔච්චර දේවල් ලෝකය පුරා හසුරවන්න ඇමෙරිකන් CIA ට හැකි වූවා නම් ඔබාමා ඇමෙරිකාවේ ආර්ථිකය වට්ටවද්දී ඔවුන් මුකුත් නොකර ඇද වැටෙන ඇමෙරිකන් ආර්ථිකය දිහා බලාගෙන ඉන්නේ ඇයි?!!

    ඊ ළඟට පර්කින්ස් මූලාශ්‍ර නොදී වෙන සාක්කි වැඩිය නැති කාලයක වූ තොරතුරු හෙළි කරද්දී රුසියානු KGB ඒ කාලයේ දී මොකක් කළා දැයි ඔබ සිතන්නේ ද?!!

    රටකින් තවත් රටකට දෙන ආධාර ඒ රටේ කරන ආයෝජනයක් යැයි වරදවා හිතා ගැනීම එහි ප්‍රධාන දුර්මතයකි. හයිතියේ භූමි කම්පාවෙන් පසු ඒ රටට දුන් ආධාර වලින් එහි ආයෝජනයක් වූවා දැයි විමසන්න. අද හයිතිය ඒ නිසා කොපමණ ඇමෙරිකන් භාණ්ඩ හා සේවා මිල දී ගන්නවා ද?!!!

    1970 දී විදේශ ණය ලබාගත් ඉන්දුනීසියාව තම රටේ ළදරු මරණ හා කියවන්නට හා ලියන්නට හැකියාව 2/3 න් වැඩි කරගත් බව පෙන්වා දෙන්නේ ද ඉකොනොමිස්ට් සඟරාවට ලිපි ලියන Sebastian Mallaby විසිනි.

    අද ස්පාඤ්ඤයට, ග්‍රීසියට ආධාර නොව, ණය දෙන්නට ඉදිරිපත් වන කිසිවෙක් නොවේ නම් ඒ රටට යන කල දසාව ගැන ද සිතන්න.

    ඉතින්, අද ජර්මනිය ඇතුළු යුරෝපයට ස්පාඤ්ඤය සහ ග්‍රීසිය ඇතුළු අනිකුත් යුරෝපීය යුනියනයේ බේරාගන්නට බැරි නම් චීනයට ඉදිරිපත් වෙන්නට ද ඉඩ දියු නැති බවක් ද ඔබ කියන්නේ? ඇයි අද ණයක් දුන්නොත් ග්‍රීසිය හැමදා චීනයට වහල් බවින් සිටිවී ද? ග්‍රීසියේ මෝඩකම් වලින් චීනයට යම් ලාභයක් උපයා ගන්නට ඉඩ නොදෙන්නැයි ඔබ කියනවා ද?

    ඊ ළඟට යම් රටක ඇරඹූ ඇමෙරිකන් කම්හලක දී ඒ රටේ අයව දූෂණය කරන්නේ ඇමෙරිකන් අය එහෙ ගිහින් ද? නැත්නම් ඒ කම්හල ඇරඹූ පසු ඒ රටේ මිනිස්සු ද? කම්හල අරින්නට පෙර ඒ රටේ දූෂණයක් කවදා වත් සිද්ධ වී නැත් ද? පර්කින්ස්ගේ පොතෙයි එහෙම කියනවා කියන්නේ.

    ඔහුගේ පොතේ පරස්පර විරෝධී මේ තැන් ගැන සොයා බලන්න වාමාංශිකයන්ට නොහැකියි. මන්ද එක කටකින් ආධාර දියව් කියද්දී ආධාර දෙන්නට මුදල් එන්නේ කොහෙන්දැයි ඔවුන් නොදන්නා නිසාය.

    ReplyDelete
  10. පැනමාවේ හි Bechtel Corporation හි ‘සභාපති George Shultz’ යැයි කියන Omar Torrijos සමඟ 1972 දී පුද්ගලිකව කතාබහ කළා යැයි පර්කින්ස් (පිටු 74 දී) සඳහන් කරයි. ජෝර්ජ් එම ව්‍යාපාරයේ සභාපති වන්නේ 1975 දී ය. එම ව්‍යාපාරය නික්සන්, ෆොර්ඩ් හා බුෂ් ගජ යාළුවන් ගෙන් “Bechtel’s loaded with Nixon, Ford, and Bush cronies” (එම පිටුවම) පිරී තිබුණා යැයි Omar Torrijos ට පර්කින්ස් වෙත වාර්තා කරන්නට ද බැරි බව ඉතිහාසය දන්නා අයෙකුට දැනගත හැකිය. මන්ද, ෆෝර්ඩ් සහ බුෂ් ජනාධිපති වෙන්නේ ඊට පසුව ය. Omar Torrijos 1981 දී කුඩා අහස්යානාවක් කඩා වැටී මිය යන බව පර්කින්ස් සඳහන් කරයි. එය ඉහත සඳහන් ව්‍යාපාරයේ වැඩක් බව කිසිත් සාධක නොමැතිව ඔහු කියන වචනය පමණක් කියවන්නා පිළිගත යුතුයි. එහෙත් 1987 දී Col. Roberto Diaz Herrera ‍විසින් Omar Torrijos ගේ මරණය නොරියේගා විසින් ආඥාවකින් නිකුත් කරන ලද්දක් යැයි කීම පොතේ සඳහන් කරන්නට පාර්කින්ස් අමතක කර දමයි.

    කළින් කියූ Sebastian Mallaby විසින් ම පාර්කින්ස් කියන 51 of the top 100 world economies belong to companies කියමන වැරදි යැයි පෙන්වා දෙයි. ඒ ගණන 29 කි.

    නාසා හි ලංකාවේ අය ද වැඩ කරනවා යැයි උදම් අනින්නේ ලංකාව ගැන ආඩම්බර වන්නට වුවමනා වුනාම පමණක් ද? පාර්කින්ස් විසින් නාසා ආයතනය “placing economists at private companies in order to increase the debt of foreign countries” කියන්න පිළිගන්නවා නම් අනේ ඒවායේ සේවය කරන ලාංකික විද්‍යාඥයන් ගැන ආඩම්බර විය හැකි ද? අනික ලංකාවේ අය ගිහින් ලෝක බැංකුවෙ රැකියා කරමින් ණය දෙන්නේ ඇමෙරිකන් ව්‍යාපාර වලට වාසි ගන්න නම් ඒ මන්දැයි ඒවායේ වැඩ කරන ලංකාවේ අයගෙන් අහල බලන්න!!! දෙබිඩි වහසි බස් වාමාංශිකයන්ගේ මොට්ට අවියයි.

    ආර්ථික ඉතිහාසඥයෙකු වන Niall Ferguson ලියූ The Ascent of Money පොතේ ඔහු පෙන්වා දෙන්නේ පර්කින්ස් කියූ ඉක්වදෝරයේ ජනාධිපති Jaime Roldós Aguilera සහ පැනමාවේ ජනරාල් Omar Torrijos ව ආර්ථික වාසිය සඳහා මරා දැමීම පිළිගත නොහැකි බව ය. මොකද 1970 ගණන් වල දී ඇමෙරිකාව ඒ රටවලට ණය දුන් මුදල් සම්පූර්ණ ඇමෙරිකන් ණය හා ආධාර වලින් 4% ක් පමණක් වූ බව ද, 1990 ගණන් වල දී ඒ රටවල් ආනයන කරන ලද භාණ්ඩ වටිනාකම ඇමෙරිකන් අපනයන වලින් 4% ක් (ඩොලර් බිලියන 8 ක්) වූ බව නිසා ය. අපි වැඩියෙන් ගණුදෙනු කරන්නේ ණයට බඩු ගන්නා රටවල් සමඟ නොව මුදල් යහමින් තියන රටවල් සමඟ බව සොයා බැලුවොත් ඔබට පෙනී යනු ඇත.

    හිතන්න පුළුවන් මොළය පාවිච්චි කර කියවන දෑ විමසිල්ලෙන් කියවන්න.

    ඒත් ඉතින් මූලාශ්‍ර පෙන්වූවා ම, න්‍යායන් පෙන්වූවාම ඒ දිහා නොබලා අනේ අපේ යහපත් උතුම් නායකයා ඌ හිත හොඳ එකා නිසා ඌ බොරු කියන්නේ නැහැයි කියා මුලා වී සිටින්නන් සමඟ නම් වාද කිරීමෙන් ඵලක් නැත.

    ReplyDelete