Pages

Followers

Sunday, September 30, 2012

නිදහස නැති කරන "නිදහස්‌ අධ්‍යාපනය" සුරකිමු සටන් පාඨ

නිදහස නොමිළේ නොමැත
නොමිළේ  අධ්‍යාපනය ලංකාවේ නිදහස් අධ්‍යාපනය නම් මැජික් වචනයෙන් හදුන්වයි. මෙය සත්‍යයක් ලස ගතහොත් නිදහස යනු නොමිලේ යන්නයි.  free යන ඉංග්රීසි වචනයට සිංහළ තේරුම් කිහිපයකි  විවේකය, නිදහස , මිදීම , නොමිළේ, ගෙවීමක් නොමැති වැනි යෙදුම්  අතරින් නොමිළේ ලබා දෙන අධ්‍යාපනය free education  සදහා නිදහස් යන්න භාවිතා කරන්නේ ඇයිදැයි මටනම් නොතේරේ . නොමිළේ  අධ්‍යාපනය හි free මුක්‍ය අර්ථය  සම්බන්ධ වෙන්නේ  මෙය ලබාදීම සදහා  අවශ්‍ය අරමුදල් සැපයෙන්නේ බදු මුදල් වලින් යන්න ගම්‍ය වීමයි.
පාසල් අධ්‍යාපනය නොමිළේ දීම වරදක් නැත 
අද ලෝකයේ සංවර්ධිත  සියලුම රටවල් පාහේ සහ  සංවර්ධනය වෙමින් පවතින බොහොමයක් රටවල  ප්‍රාථමික හා ද්ව්තීය අධ්‍යාපනය නොමිළේ ලබා දෙයි. මෙය අත්‍යාවශ්‍යයයෙන්ම විය යුතු දෙයක් බව ඕනෑම රටක  ඕනෑම තරාතිරමක පුද්ගලයෙකු පක්ෂ භේදයකින් තොරව පිළිගන්නා කාරණයකි. උසස් පෙළ දක්වා රජයෙන් නොමිලේ අධ්‍යාපනය ලබාදීමට මමද සම්පුර්ණයෙන්ම එකඟ වෙමි.
විශ්ව  විද්‍යාල අධ්‍යාපනය නොමිළේ දිය යුතුද?
විවිධ රටවල් ,පක්ෂ, මිනිසුන් ,රජයන්  අතර මතභේදයකින් තොරව විසඳා  ගත නොහැකි ගැටළුව විශ්ව  විද්‍යාල අධ්‍යාපනය නොමිළේ දිය යුතුද යන්නයි. මේ  සම්බන්ධයෙන් විවිද මිනිසුන් තුල විවිධාකාර අදහස් ඇත. ලොවපුරා විවිධ  රජයන් විවිධ  ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි. උදාහරණයකට ඇමරිකාවේ මේ සම්බන්ධයෙන් මධ්‍යගත ප්‍රතිපත්තියක් නොමැත. ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත වල විශ්වවිද්‍යාල අධ්‍යාපනය සදහා ගාස්තු ගෙවිය යුතු අතර ශිෂ්‍යත්ව ශිෂ්‍ය ණය ආධාර ඉල්ලුම් කිරීමේ හැකියාව ඇත. . බොහෝ විට මේ ගාස්තුව දර ගත නොහැකි පුද්ගලයන් සදහා මුල්‍යමය උපකාර ප්‍රාන්ත රජය සපයයි. සමහර රජයන් විශ්වවිද්‍යාල අධයාපනය පුරවැසියන්  ගේ අයිතියක් ලෙස සලකනු ලබා සම්පුර්ණයෙන්ම නොමිලේ දීමට කටයුතු කරයි.
ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය 
ලංකාව ප්‍රතිපත්තියක් ලෙස ප්‍රාථමික ද්ව්තීය හා විශ්වවිද්‍යාල    අධයාපනය සියලු  පුරවැසියන්  ගේ අයිතියක් ලෙස සලකනු ලබා සම්පුර්ණයෙන්ම නොමිලේ දීමට කටයුතු කරයි. නමුත් ප්‍රාථමික හා ද්ව්තීය අධ්‍යාපනය සදහා  මෙයට යටින් දිවෙන පුද්ගලික පාසල් අන්තර්ජාතික පාසල් ජාලයක්ද පවතී. පුද්ගලික විශ්වවිද්‍යාල නොමැති වුවද මුදල් ගෙවා යා හැකි රජය මගින් පාලනය වන විවෘර්ත විශ්වවිද්‍යාලය සහ එවැනි  උසස් අධ්‍යාපන ආයතන මෙන්ම පිටරට විශ්වවිද්‍යාල වල උපාධි පාඨමාලා මෙහි සිට කිරීමට  මුදල් ගෙවා අවස්ථාව ලබා දෙන පෞද්ගලික ආයතන ඇත.
තහනම් වචනය පුද්ගලික විශ්වවිද්‍යාල .
කිසිදු වග විභාගයකින් තොරව ගෙම්බාගේ අනිච්චාණුග ක්‍රියාවන් මෙන් ලාංකික මාරාන්තික විරෝධය එලියට පනින්නේ මෙතැනදීය.  කිසිදු ප්‍රමිතියකින් තොර පුද්ගලික පාසල්, ටියුෂන් පන්ති වල සිට පිටරට උපාධි කඩ දක්වා ඕනෑම දෙයක් ඉවසුවද මේ පෞද්ගලික විශ්වවිද්‍යාල නම් අපිට ඕනෑ නැත. සල්ලි තියන උන් පිටරට ගොස් ඉගෙන ගත්තාටද කම්නැත නමුත් මේවා මෙහේ දැම්මොත්  අපේ රට සහ අපි විඳින මේ නිදහස නැතිවී ගොස් හරියට අර පුද්ගලික මුදල් ගෙවන විශ්වවිද්‍යාල ඇති අන්න අසරණ ඇමරිකාව, එංගලන්තය වැනි රටක් බවට  පත්වේ යැයි බියෙන් වෙලී යයි.ලංකාවේ විවාදය ඇත්තේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිළේ දිය යුතුද යන්න නොව එහි තර්කයක් නොමැත. ඒ දෙන ගමන් ඊට අමතරව උවත් කිසිම කෙනෙකුට පුද්ගලික විශ්වවිද්‍යාල නම් මේ වැයික්කිය තුල දැමිය  නොහැකිය. මෙයට කියන්නේ නිදහස් අධ්‍යාපනය කියාය. මෙය මුදල් ගෙවා ඉගෙන ගැනීම කැමති අයකුගේ නිදහස  උල්ලංඝනය වන  චන්ඩි කමක් සදහා  නිදහස යන වචනය කිරීමකි.
තවෙකුගේ නිදහස නැති කරන  "නිදහස්‌ අධ්‍යාපනය" සුරකිමු සටන් පාඨ 
අපි පැහැදිලිවම කියන්න ඕන ආචාර්යවරුන්ගේ සටනට අපි උපරිම ලෙස සහයෝගය දෙනවා. නමුත් අපට ප්‍රශ්න දෙකක්‌ තිබ්බා. එක ඔය සටන් පාඨයට අදාළ කාරණාව, දෙක අධ්‍යාපනය පෞද්ගලීකරණයට එකඟ පක්‍ෂ, අධ්‍යාපන අයිතිය අහෝසි කිරීම තම ප්‍රතිපත්තිය කරගත් සමහර දේශපාලන පක්‍ෂ එක්‌ක අපිට ගනුදෙනු කළ නොහැකිවීම කියන කාරණාව.- අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු- සංජීව බණ්‌ඩාර12/9/30 ඉරිදා දිවයින
සංජීව බණ්‌ඩාර වැනි පුද්ගලයන්ගේ ගැටළුව නම් තමන්  කැඳවුම්කරු ලෙස මරාගෙන මැරෙන පාගමන් සදහා සිසුන් කැදවන්නේ  තවකෙකුගේ නිදහස අයිතිය නැතිකිරීමට බව නොදැනීමයි. ඔවුන්ගේ පරස්පරය නම් සටන් වදින්නේ රජය සමග  රාජ්‍ය අධ්‍යාපනය රජයට ම තියා ගන්න කියා ඉල්ලීමටය . රාජ්‍ය බලයට වරින් වර  ආණ්ඩු  පත් වෙන්නේ ද මෙයම කියාය. එනම් අපි බදු  එකතු කරලා ඒ මුදල් වලින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ තව තව ඒ වගේ දේවල් ගොඩක් නිකම් දෙන්නං කියාය.  ආණ්ඩුවකට තමන්ගේම මුදල් නොමැත. ඔබට කාට හරි දෙයක් නිකම් දෙනවා යැයි කියා පොරොන්දු විය හැකිය  නමුත් කවුරුන් හෝ ඒ පිරිවැය දැරිය යුතුය. මා සංජීව  බණ්‌ඩාර ගෙන් අහන්නේ මෙයයි. සංජීව ඔබ ඔබේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය 
රජය දිය යුතුයැයි කියන විට ඔබ සැබැවින්ම ඉල්ලන්නේ රටේ බදු ගෙවන පුරවැසියන්ට ඔබගේ විශ්වවිද්‍යාල වියදම් ගෙවන ලෙසයි. එවිට ඔබලාම උඩ දමන "සම අයිතිය" කියන එක එතනට අදාළ නැද්ද?  පොදු බදු මුදල් වලින් ඔබට නොමිලේ අධ්‍යාපනය දෙනකොට විශ්ව විද්‍යාලයට නොයන මට   ඒ වෙනුවට නොමිළේ  ලැබිය යුතු දෙය කුමක්ද?මම බදු ගෙවල ඔබේ අධයාපනයට උදව් කරන කොට  මට මුකුත්ම නැද්ද? අධ්‍යාපනයේ සම අයිතිය කියන්නේ ඕකටද?
නිදහස්‌ අධ්‍යාපනයට බදු ගෙව්වේ මේ රටේ ජනතාව. ඒ නිසා අපට යුතුකමක්‌ වගකීමක්‌ තියෙනවා ඉදිරි පරම්පරාවටත් මේ අයිතිය රැකදෙන්න.-සංජීව බණ්‌ඩාර12/9/30 ඉරිදා දිවයින
මෙහෙම කියන කොට බබෙක් නොවෙයි නම් එහෙම නැත්නම් නිර්මාල් රන්ජිත් දේවසිරි කියන විදියට  සිවපාවුන් උරගයින් නොවෙයි නම් තේරෙන්න ඕනෑ රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යාම  නිදහස් අධයාපන අයිතියක් නොවෙයි කියන එක. උසස් පෙළ දක්වා රජයෙන් නොමිලේ අධ්‍යාපනය හැමෝටම සමව ලැබෙන එක සහ රජයේ විශ්වවිද්‍යාල වල සීමිතඉඩකඩ සදහා තෝරාගත් ටිකකට අනුන්ගේ සල්ලි වලින් විශ්වවිද්‍යාලයට යවන එක දෙකක්. ඒ මදිවට අනිත් අයට ඕනෑනම් යන්න පුද්ගලික විශ්වවිද්‍යාල දාන්නත් තහනම්. කැකිල්ලේ සටන් පාඨයක් නේද?
නොමිළේ  විශ්වවිද්‍යාල අධ්‍යාපනයට විරුද්ධ වීම "නිදහස්‌ අධ්‍යාපනය" ට විරුද්ධ වීමක්ද?
 එජාපය අධ්‍යාපන පෞද්ගලීකරණය කියන කාරණය වෙනුවෙන් සෘජුවම පෙනී සිටිනවා. ඒ අය සමඟ අපට පාගමන් යන්න බෑ! -ඉහත එම 12/9/30 ඉරිදා දිවයින
මෙතැන තියෙන්නේ තනිකරම වචන සෙල්ලමක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය  පෞද්ගලීකරණය වෙනුවෙන් පෙනී සිටීම යනු අධ්‍යාපනයේ සම අයිතිය ට විරුද්ධ වීමක් නොවෙයි. මා ඉහත පෙන්වා දී ඇති පරිදි  ඊට ප්‍රතිපක්ෂව හැම පුරවැසියාගේම සම අයිතිය වෙනුවෙන් පෙනී සිටීමක්.  සංජීව කියන විදියට ඔහොම එජාපය ප්‍රතිපත්ති ගරුක පක්ෂයක් නම් මාත් එජාපයට බැදෙනවා. එජාපය වැනි පක්ෂයකට අත්යාවශ්‍යයෙන් තිබිය යුතු යැයි මා සිතන තවත් ප්‍රතිපත්තියයක් කියා මා මෙය අවසන් කරන්නම්. "රජය පුද්ගලික ආර්ථික කටයුතු වලට මැදිහත් නොවිය යුතුය."

8 comments:

  1. මෙම ලිපිය ලිවීම ගැන ඔබට ස්තූති වන්ත වනමුත් මෙම ලිපිය ප්‍රශ්නය නිවැරදිව තේරුම් නොගත් නිසා ලියැවුන ලිපියක් බවයි මගේ හැගීම..මෙහිදී පලමුව ඔබට කිව යුත්තේ නිදහස් අද්යාපනයෙහි තේරුම හුදු එය නොමිලේ ලැබෙන යන්න නොවේ.ලොව කිසිම දෙයක් නොමිලේ නොලැබේ.එහි ආසන්නතම තේරුම විය හැක්කේ එය හුදු පුද්ගලික වගකීමක් වෙනුවට සමාජීය වගකීමක් බවට පත් වීමයි.ඔබ මතුකරන ඉතාම මුග්ද,කුහකම ප්‍රකාශය වන්නේ නිදහස් අද්යාපනයට ගෙවන බදු මුදල(මෙය ආයෝජනයකි )නිසා ඔබ ලබන ප්‍රතිලාබය කුමක්ද යන්නය...සමාජයක් ලෙස කරන ආයෝජනයට ප්‍රතිලාබ ලැබෙන්නේ සමාජයක් ලෙස විනා පුද්ගලිකව නොවේ...ඔබ වයිදවරයෙකු ගෙන් බෙහෙත් ගන්න විට(එයටද මුදල් ගෙවිය යුතු බව සත්යමුත් එය මෙම ගැටලුවට අදාල නැත ).පොදු පහසුකමක්(පාලමක් වැනි ) පාවිච්චි කරද්දී ඔබ් අත් විදින්නේ නි.අ. හී ප්‍රතිපලයකි..මෙවැනි ප්‍රශ්න මෙවැනි ලිපියකින් හෝ කොමෙන්ට් වලින් සාක්ච්චා කල හැකි නොහැක.හැකිනම් අනුරුද්ද ප්‍රදීප් කර්නසූරිය ලියූ "පුද්ගලික විශ්ව විද්යාල,විලාසිතාව හා යතාර්තය" නම් රාවය ප්‍රකාශනයක් වූ පොත කියවන්න..

    ReplyDelete
    Replies
    1. ඔබ කරන්නේත් නිදහස් යන වචනයෙන් දමා ගැසීමයි මේ වචනයට තනි අර්ථයක් නැත. .//ලොව කිසිම දෙයක් නොමිලේ නොලැබේ.// මෙයම තමයි මා කියා ඇත්තේ. ඉතා නිරවුල්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය සමාජීය මුදල්ලින් සීමිත පිරිසකට නොමිලේ දීම වැරදියි. මගේ අදහස කුහක නම් ඔබේ ඉල්ලීම අනුන්ගේ දෙය මංකොල්ල කා අපිට දියව් වැනි ඉල්ලීමකි. ඔබ පැටලී ඇත්තේ ජනප්‍රියතම ලාංකීය වමේ වචන වලය.සමාජයක් ලෙස කරන ආයෝජන යනු මට අනුව හුදු මුග්ධ ප්‍රලාපයකි කඩාවැටුනු මාක්ස්වාදී රටවල් මේවා අපිට වඩා උඩදාගෙන කරන්න ගොස් පස්ස බිම ඇන ගත් දේවල්ය විශ්ව විද්‍යාල වලට මුදල් ගෙවා ඉගෙන ගන්නා රටවල පාලම් නැද්ද? පාරවල් නැද්ද? මේ පුද්ගලික උසස් අද්‍යාපනික ආයතන තියන රටවල තමයි ඔය පහසුකම් උපරිමයෙන් තියෙන්නේ මා කියූ දේ ඔබට වැටහී නොමැත
      As you said I am well aware nothing in this world is free. When you offer something to someone at no cost SOMEONE else has to pay the cost of it. When you go to University for free, who is paying for it? Government right? Then the government doesn't have any money. They get money from taxing citizens, when you expect the government to pay for cost of your university, what you're really saying is that you expect the public to pay for your college. Then you get into issues of equity. I didn't go to college, so what do I get for "free" if I help you go to college?

      Delete
    2. පාසැල් අධ්‍යාපනය නොමිලේ දීමෙහි සාධාරණ බවක් ඇත ඒ සම අයිතියක් ලෙස හැමෝම පාසල් යන නිසාය. හැමෝම එකතු වී කිහිප දෙනෙකු විශ්ව විද්‍යාල යැවිය යුත්තේ ඇයි? සමාජීය ආයෝජන යනු මට අනුව මුග්ධ ප්‍රලාපයකි වම්මු කියන නිසා අන් අයත් කියයි මම ඔය වමේ අවුරුදු 30 කට වඩා ඉඳ ඇත.ඔය සමාජීය ආයොජන අදහස් අසාර්ථක මාක්ස්වාදී රටවල් අවුරුදු සිය ගානක් තිස්සේ උඩ දාගෙන කරන්න ගොස් අසාර්ථක වූ දේවල්ය දශක ගනනාවක් තිස්සේ වම්මුන්ගේ වචන මායා තුල පැටලී සිටි ලාංකිකයින්ට මා කියන දෙය මුග්ධ ලෙස පෙනීම අරුමයක් නොවේ මා ජනේලයෙන් එලිය බැලූවිට පෙනෙන්නේ රජය, රජය නිකං කෑම සහ සමාජීය අයොජන වෙනුවට පුද්ගලික ධනවාදී ආර්ථික ක්‍රමය අනුව වැඩ කිරීම නිසා අහස් කුස අරා සිටින ධනවාදයේ අගනුවර වන නිව්යොර්ක් නගරයේ අසිරියයි. ඔබලා ආකල්ප වෙනස් කර ගත්තේ නැත්නම් තව අවුරුදු පන්දාහක් ගියත් ඔය සමාජීය අත් හදා බැලීම කර කර ඉන්න පුලුවන්.

      Delete
  2. ඔබ පවසන්නේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය නොමිලේ ලබා දීම හොඳ වුවත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලබා දීම නරක ය යන්නයි. පලමුවැන්න හොඳ යැයි කියන්නේ එය හැමෝටම බුක්ති විදිය හැකි නිසා බවත් දෙවැන්න නරක වන්නේ එය ඉතා සීමීත පිරිසකට පමණක් හිමි වන නිසාත් එම අවස්ථාව අහිමි වූ අය අගතියකට ලක් වන බව නිසාත් යැයි ඔබ පවසයි.
    එම තර්කයට අනුව උසස් පෙළ අධ්‍යාපනය නොමිලේ දීම වැරදිය. මන්ද යත් සාමාන්‍ය පෙළ අසමත් ව උසස් පෙළ වරම් අහිමි වන පිරිස ස්වල්ප ප්‍රමාණයක් නොවන නිසාය. උසස් පෙළ අධ්‍යාපනය වෙනුවට ඔවුන්ට හිමි වන්නේ කුමක්දැයි ඔවුන් අසනු ඇත. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට ජනප්‍රිය පාසැලකට ඇතුළවීමේ අවස්ථාව හිමිවීමත්, ඔවුන් ශිෂ්‍යාධාර වලට හිමමිකම් කීමත් අසාධාරණ බව ඔබේ තර්කය පවසයි. ඒ වෙනුවට අපට ලැබෙන්නේ කුමක්දැයි ශිෂ්‍යත්වය අසමත් වූවන් ඔබේ තර්කයට අනුව යමින් ප්‍රශ්න කරනු ඇත.
    නිදහස් අධ්‍යාපනය යනු අයිතියක් නොව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට හිමිවන වරප්‍රසාදයකි. වරප්‍රසාද හමිවන්නේ යම් කොන්දේසි වලට යටත්වය. ආණ්ඩුවෙන් ලබා දෙන සියළුම වරප්‍රසාද සඳහා වැය කරන්නේ රටේ ජනතාවය. එහි විවාදයක් නැත. හම්බන්තොට වරාය සාදන්නේ ඔබේ මුදලිනි. එරාවූර් වල පාරවල් වලට තාර දමන්නේ ඔබේ මුදලිනි. නොරොච්චෝලෙ ගල් අගුරු බලාගාරය ඉදි කෙරෙනුයේ ඔබේ මුදලිනි. එහිදී සැලකිය යුතු කාරණය වන්නේ විදුලි බලය නොමැති පෙදෙසක ගොවි මහතෙක්ද තමන්ට කිසිදු ප්‍රයෝජනයක් නොමැති මේ බලාගාරය වෙනුවෙන් තම මුදල් වැය කිරීමයි. ඔබේ තර්කයට අනුව යමින් මේ ගොවි මහතා එය අසාධාරණ බව කියනු ඇත.
    මේ ලිපිය මා ඔබ වෙනුවෙන් දර්ශනය කරන තිරයට පණ පොවන්නේ ඒ ගොවිමහතා ද දායක වී තැනු බලාගාරයක විදුලිය වෙයි. එසේ වත්දී ඒ ගොවි මහතාගේ පුතාට විශ්ව විද්‍යාලයක ඉගෙනගැනීමට ඔබ මා වියදම් කිරීම අසාධාරණ යයි ඔබ පවසයි.
    මීළගට අවධානය යොමු කල යුතු කාරණය වන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට හිමිකම් ලබාදෙන ක්‍රමවේදයයි. ඔබ පවසන පරිදිම ඒ වරම හිමිවන්නේ ඉතා සුළු පිරිසකට බව සැබෑය. නමුත් ඔවුන් තෝරාගන්නේ මන්ත්‍රී විසින් ලබාදෙන ලැයිස්තුවකින් වත් කුසපත් ඇදීමකින් වත් නොවේ. එම තේරීම් කරනු ලබන්නේ උසස් පෙළ විභාගයේ දී දක්වන සාමාර්ථතාව සලකා ය. එය දක්ෂතාව මත පදනම් වූ තෝරාගැනීමකි. එය බොහෝ පිරිසක් මිලදී ගන්නා ටිකට් පතක ත්‍යාගය අහබු ලෙස එක් අයෙකුට ලබා දීමක් මෙන් නොවේ. එය වඩාත්ම ශාරීරික යෝග්‍යතාවයෙන් යුතු සෙබලුන් විශේෂ බලකා පුහුණුවට ඈදා ගන්නා මෙනි.
    එයින් පවසන්නේ විශ්වවිද්‍යාල වරම් අහිමි වූ ඔබ අප එයට සුදුසු නැති බව නොවේ. සුදුස්සන්ටද විශ්වවිද්‍යාල වරම් අහිමිව ඇත්තේ ඒ සඳහා ඇත්තේ ඉතා සීමීත සම්පත් ප්‍රමාණයක් පමණක් නිසාය. එම සම්පත් ප්‍රමාණය වැඩි කිරීමට පෙෘද්ගලික විශ්වවිද්‍යාල ඇරබීමද කල හැක. නමුත් ඒ වැඩි වූ සම්පත් ප්‍රමාණය විවෘත වන්නේ ධනපතියන් ට පමණි. ඉහත කී ගොවි මහතාගේ පුතාට එම සම්පත් පරිහරනය කිරීම සිහිනයක් පමනි. නැතිනම් රජයේ විශ්වවිද්‍යාල වැඩි දියුණු කිරීමෙන් සහ නව රජයේ විශ්වවිද්‍යාල විවෘත කිරීමෙන් ගොවි මහත්වරුන් ගේ දූ පුතුන්ට මෙන්ම ධනපතීන්ගේ දූ පුතුන්ට ද එක සේ පරිහරණය කල හැකි සම්පත් එක් කරලිය හැක.
    6% කරලියට එන්නේ එවන් අවශ්‍යතාවයන් වෙනුවෙන්ය. විභාග ප්‍රතිපළ අවුල් සහගත වීම, ප්‍රශ්න පත්‍ර වැරදි සහගත වීම, ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම ආදිය ලංකාවේ නිදහස් අධ්‍යාපන පද්ධතියේ විසල් කඩතොලු ඇති කරයි. ඒවා ගැන කිසිදු අවධානයක් යොමු නොකරන පාලක පන්තියක් පෙෘද්ගලික විශ්වවිද්‍යාල ස්ධාපනය කිරීමට දත කනු දැකීම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සහ ලංකාවේ නිදහස් අධ්‍යාපනයට සුරැකෙනු දැකීමට කැමැති අය තුල බියක් ඇති කරලීම ස්වභාවිකය.
    නිදහස් අධ්‍යාපනය යන වදනේ නිදහස් යන්නෙන් අදහස් වන්නේ සැමටම විවෘත බවයි. ඔබේ ආගම, ජාතිය, කුලය සහ වැදගත්ම ලෙස දුප්පත් පෝසත් බව නිදහස් අධ්‍යාපනය ලැබීමට බාධාවත් නොවේ. සම්පත් සීමිත වන විට ලබාදිය හැකි අවස්ථා සීමිත වන විට මෙම ක්‍රමය පොහොසතුන්ට වත්, දේශපාලන බලවතුන්ට වත් නොව සැබෑ දක්ෂයන්ට ප්‍රමුඛතාවය ලබාදෙයි. නිව්යෝක් නුවර අහස් උස ගොඩනැගිල්ලක සියවන මාලයේ කවුලුවකින් සිරි නැරබීමට යම් දවසක හැකි වේ යැයි තව දුරටත් ගමේ ගොඩේ ගුණදාස ලා ගේ පුතුට සියදෝරිස් ගේ දුවට බලාපොරොත්තු තැබිය හැක්කේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය සුරැකෙනුත් පමණය. හරි දේ කුමක්ද යන්න තීරණය කිරීම අප සැමගේ වගකීමකි.

    ReplyDelete
    Replies
    1. //ඔබ පවසන්නේ උසස් පෙළ දක්වා අධ්‍යාපනය නොමිලේ ලබා දීම හොඳ වුවත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලබා දීම නරක ය යන්නයි.// නැත මා මෙසේ නොකියමි එක්වරම විශාල වෙනස්වීම් කල නොහැකි නිසා දැනට එය උචිතය. කිසිම දෙයක් නොමිළේ ලබා දීම වැරදිය. හොඳ නරක මා පදනම් කරගෙන නොමැත මා ධනවාදී ආර්ථික කෝණයකින් මේ දෙස බලන අතර එය සාර්ථක ක්‍රමයක්ද බව පිළිගනී. ඔබගේ පිළිතුරෙන්ම උකහා ගතහොත් ධනවාදය තුල ධනවත් ගොවි මහත්වරුන් බිහිවීම අවස්ථාව ලැබෙන අතර ගොවියාපුතුට ද මුදල්ගෙවා ඉගෙනගත හැක.

      Delete
  3. දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් වලින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය දෙන්න ඕන උසස් පෙළ වෙනකල් නිදහස් අධ්‍යපනයෙන් ඉගෙන ගෙන ඒ බදු මුදල් වලින් හරියට ඉගෙන ගත්ත ලමයින්ට මිසක් පාසැල් කාලයේ වැඩක් ගත්තේ නැතුව ජනතාවගේ බදු මුදල් විනාස කල අයට නෙමේ.

    ReplyDelete
  4. "පුද්ගලික විශ්ව විද්යාල,විලාසිතාව හා යතාර්තය" නම් රාවය ප්‍රකාශනයක් වූ පොත කියවන්න. Ravaya speeks for J.V.P

    ReplyDelete
  5. තව ගොඩක් කල් යනවා සිංහලෙන් කියවන අයට උදිත කියන තර්ක පැහැදිලි වෙන්නට. ඒත් එහෙමයි කියලා අධෛර්යමත් වෙන්න එපා. කොහෙන් හරි පටන් ගන්න ඕනෑ. නැත්නම් හැමදාම එකම හණමිටි උස්සා ගෙන පිටරටින් යදින හිඟන්නො වෙන්නෙ.

    අළුතින් ම FUTA එවන ලිපියේ, පාකිස්තානයේ අයෙක් ඇවිත් තියපු කතාව ගැන කියන්නෙ. රටේ නායකයන්ගෙ ගුණ වයන පත්තර සහ එයාලට බනින්න පිටු පුරවන පත්තර අස්සෙ ලෝකයේ වෙන්නෙ මොනවා ද කියල ලියන්න ඉඩක් නැති නිසා, කවුරුත් අහන්න දන්නේ නැහැ පාකිස්තානයට අධ්‍යාපනයට එහෙම මුදල් වෙන් කරන්න පුළුවන් ඇමෙරිකාවෙන් වසරකට බිලියන ගණන් ආධාර ගන්න නිසා නේද කියල :)

    USAid, IMF, World Bank එකී මෙකී සියල්ලෙන් ම ආධාර අරන් තමන්ට බෙදා දෙන්න කියලා එක පැත්තකින් කියන ගමන් අනිත් පැත්තෙන් ඇමෙරිකාව ආර්ථික ඝාතකයෙක් යැයි බනිනවා. දෙක ම කියන්නෙ එක ම කටෙන්!!!!!!!

    "Against whom is any union organized?"
    -Ayn Rand, Atlas Shrugged, Part 1, Ch. 4

    :D

    ReplyDelete