Pages

Followers

Sunday, July 10, 2011

කතන්දර ගේ ට්‍රැෆික් කේස් හෙවත් (දුකම මොනතරම් සතුටක් දෝ)

කතන්දර කාරය මේ දිනවල ලියන  ට්‍රැෆික් කේස් වලට පොලීසි යාම නඩු හබ ගැන ලියල තිබුන කතන්දර දැකලා මේක ලියන්න හිතුනා. මේ ලිපි වලින් කරන දෙය තමයි කොහොමද මේ තියන system එකත් එක්ක deal කරන්නෙ කියන එක සහ මේ තියන ක්‍රමය එක්ක තමන්ට තියන අත්දැකීම් ටික බෙදා හදා ගන්න එකයි. මට තියන ගැටලුව තමයි ලාන්කිකයන්ට ඇයි මේ ක්‍රම නීති රීති ක්‍රියාත්මක වෙන විදිය ඇද කාලෙට ගැලපෙන විදියට වෙනස් වෙන්න ඕන කියල හිතෙන්නෙ නැත්තෙ. ඒ වෙනුවෙන් උත්සාහ නොගන්නෙ. අවුල ගැටලු දුක enjoy කරන එක ලාන්කික ගතියක්ද?
ඇමරිකාවේ ප්‍රාන්ත පනහකි මේ ප්‍රාන්ත වල නා නා විද පොලීසි ඇත. මාර්ග නීති ඉතා සන්කීර්නය නමුත් පොලිසිය වරදක් කර අසු වූ මිනිසුන්ගේ රියදුරු බලපත්‍ර, වාහන පොලිසියට ගෙනියන්නේ නැත. ඇමරිකාවට බැන බැන ඉන්නා ලාන්කිකයාට ඇමෙරිකාවෙන් ඉගෙන ගත හැකි දේවල් බොහෝ ඇත.

මට ඇති අනෙක් ගැටලුව නම් ඇමරිකාවේ පුරවැසි කම හිමි එහි ජීවත් කලක් ජීවත් වූ අය දැන් රටෙ ඉහලම තැන් වල ඇත මේ රටේදී දුටු ඉතා පහසුවෙන් ලන්කාවේද ක්‍රියාත්මක කරන්න පුලුවන් හොඳ දේවල් ගන්න නිකන්වත් මේ අය උත්සාහ නොකරන්නෙ ඇයි කියන එක.


හොඳම උදාහරනය තමයි මේක. පිටරටකට ගිය ඕනෑම ලාන්කිකයකුට පේන දෙයක් තමයි මේ ලංකාවෙ traffic  නීති රීති ක්‍රියාත්මක වෙන විදිය මහා විකාරයක් කියලා ඒත් තව අවුරුදු පන්දාහකට මේව වෙනස් වෙන පාටක්වත් නෑ. ලාන්කිකයො දුකම මොනතරම් සතුටක් දෝ කියල දුක එන්ජෝයි කරනව. අවුල මොනතරම් සොමියක්ද කියල පිලිවල අවුල් කරගන්නව.

අනේ ඉතින් කවදාහරි අරුනි ෂෆීරෝ වත් ලන්කාවට ඇවිත් ලන්කාවෙ ජනාධිපති වුනොත් ඇමරිකාවෙ තියන හොඳ දේවල් ටිකක් ලන්කාවට හඳුන්වල දේවි. එතකොට අපිටත් ආපහු අපේ රටට ගිය හැකි. දැන් ගියොත් නම් මේ පිස්සු දැක දැක කොහොම ඉන්නද?