Pages

Followers

Friday, January 29, 2010

"නීති සම්පාදක වරු" (legislators or lawmakers) Vs අපේ මැති ඇමති තුමාලා

රටක මහජන නියෝජිතයින් හදුන්වන්න ලෝකයේ ජනමාධ්‍ය තුල භාවිතා වෙන බොහෝ සුලභ යෙදුමක් තමයි "නීති සම්පාදක වරු"( Legislators or Lawmakers) යන්න. නමුත් ලංකාවේ ජනමාධ්‍ය තුල මෙම වචනය විරලයි. "නීති සම්පාදක වරු" යන යෙදුම ලංකාවෙ සාමාන්‍ය මිනිහෙක්ට අර්ථවත් වෙන්නෙ නැහැ. මං හිතන්නෙ ලංකාවේ මහජන නියෝජිතයින්මත්, තමන්ම දන්නෙ නැහැ තමන් නීති සම්පාදක වරු කියලා. අපේ මැති ඇමති වරු සහ මහජනතාව යන දෙපාර්ශවයම ඉන්නෙ අදුරේ අතපත ගාමින්. මේ අන්ධ භාවය අපේ මැති ඇමති වරුන්ට ආතල් එකක් මොකද තමන්ට නොතේරෙන නීති සම්පාදනය වෙනුවට වෙන වෙන දේවල් ටිකක් කර කර චූන් එකේ ඉන්න පුළුවන්. මේ දේශපාලන අන්ධ භාවය මහජනතාවට සදා දුකක් මොකද මේ අදුරේ අතපත ගෑම නිසා ලංකාව කවදාවත් වෙනස් වෙලා ජන ජීවිතය යහපත් වෙන්නෙ නැහැ . දුකට හේතුව අනවබෝධය නිසා,ඉන්නෙ අදුරේ අතපත ගාමින් නිසා අදුරේ අතට අහුවෙන ආසන්නතම වෙන වෙන දේවල් හෝ පුද්ගලයින් තමන්ගේ දුකට හේතුව ලෙස සලකනව(උදා: ප්‍රභාකරන්,කොටි, බටහිර අධිරාජ්ය වාදය,අල්ලපු ගෙදර අය, UNP කාරයින්ට ශ්‍රී ලංකා, ශ්‍රී ලංකා කාරයින්ට UNP, )නියම දුකට හේතුව වන ලංකාවේ වෙන වෙන දේවල් ටිකක් කර කර චූන් එකේ ඉන්න මහජන නියෝජිතයින් තවත් චූන් එකේ ආතල් එක ඩබල් කර ගන්නව. නීති සම්පාදක වරු" Vs අපේ මැති ඇමති තුමාලා අතර වෙනස ටිකක් දැනගැනීම සඳහා C-SPAN බලන්න