Pages

Followers

Sunday, October 10, 2010

ලාංකිකයිනි මොලේ ඈත්නම් දැන්ම පිටරට පැනපල්ලා

මේ දිවයින පත්‍රයේ කතු වැකියයි.
http://www.divaina.com/2010/10/10/editorial.html
මොවුන් ලාංකිකයින් ගොනාට අන්දවමින් කියන්නේ කුමක්ද? මතු යම් දවසක මේ මුළු රටම රජය අතට ගත යුතු බවයි. රාජ්‍ය අංශය  පෞද්ගලික අංශයට වඩා ජනතා වාදී බව මේ මැට්​ටන්ගේ මෝඩ තර්කයයි. රාජ්‍ය අංශය විශාල කිරීමෙන් රටවල් හැදිය නොහැකි බවට මෑත කාලීන උදාහරණය නම් කියුබාවයි. http://www.google.com/hostednews/afp/article/ALeqM5gbujJHYj4Mrn6WXO8sgG6XSbTW6g  වසර සිය ගනනක් තිස්සේ මිනිසුන්ගේ ජීවිත සමග අත්හදා බලා අසාර්ථක වූ ක්‍රම අපි 2010 දී මුල ඉඳන් යලි කිරීමට සැරසෙයි. මොලේ ඈත්නම් දැන්ම පිටරට පැනපල්ලා
​මේ අනාගත ලංකාවේ හැටි පෙන්වන තවත් පෙර නිමිත්තකිhttp://w3lanka.blogspot.com/2010/10/love-banned-in-galle-fort.html

18 comments:

  1. ඉතින් ගොනෝ ... දිවයින කතු වැකිය කියන එක හරිනෙ. ඔයා කියන්නෙ පුද්ගලික අංශයට රට බාර දීල බලා ඉන්න කියලද ...
    හොඳට කෙරිල තියෙයි ..
    අනික කතුවැකියෙ කියලම තියෙනවනෙ .. රාජ්‍ය අංශයට අරගත්තට ඒවයෙ නාස්තිය සහ දූෂණය පුටු දැකිය යුතුයි කියල.
    මගෙත් අදහස ඕකම තමයි. සුදුසු සියලුම දේ රජයේ පාලනය යටතට ගෙන තද නීති රීති යටතේ පාලනය කළ යුතුයි.
    පුද්ගලික අංශය කවදාවත් ජනතාවාදී වෙන්නෙ නෑ. ජනතාව ගසා කනව මිසක් ....

    ReplyDelete
  2. @Thevindu ඔබ වැනි බුද්ධිමතුන් පිරි ලංකාවට බුදු සරණයි.රාජ්‍ය අංශය විශාල කිරීමෙන් දියුනු කරණ ලද රටක් කියන්න පුළුවන්ද? //පුද්ගලික අංශයට රට බාර දීල බලා ඉන්න කියලද ...
    හොඳට කෙරිල තියෙයි ..// ලෝකයේ දියුණු රටවල් දිහා බලන්න.

    ReplyDelete
    Replies
    1. තේරුම් ගනිං බං. මේක ලංකාව. අපිට ඔනේ අපිට වැඩදායක ආර්ථිකයක්. බහුජාතිකයින්ට මේක හූරං කන්න දෙන්නතරම් මෙකේ මෝඩයෝ නෑ. අපේ මහ එවුන් මේක කරන් හැදුවට ඒවට මේ රටේ මිනිස්සු ලේසීයකට ඉඩ දෙන්නේ නෑ. උඹලට හරි ෂෝයි ඇති රටේ මිනිස්සු හූරං කනකොට.

      Delete
  3. mm kiyanne privetice karana one....mm wada karanna pvt comp ekaka.ape working time 8hr but ath api boho vita paya 10k 12k wada...

    Dan balann teachers la a aya paya 6e wada week days 5 week ends and term ends kochchra niwadu tiyenwada...namuth mm dann vidihata state srvice eka 8hr aniwa......lankawe api godak kamamliyo...mona de karanna th kali api ape kamali kama nathi kara ganna one...amerikawata japaneta England walata bana bana ennawata wada api hadunoth ape punchi ratama hadei...

    ReplyDelete
  4. හැමදේම රජයට පවරාගෙන තද නීති රීති මඟින් පාලයන කරන්න ඕන කියන කෙනෙක් ඉන්නවනම් කවදාවත් රජයේ ආයතනයකින් වැඩක් කර ගත්තු නැති කෙනෙක් වෙන්න ඕන.

    මොන තද නීති රීති ගෙනාවත් රජයේ හිතවතුන්ට ඒවා බලපාන්නේ නෑ. වෙන්නේ සුදුසුකම් නැති බත් බැලයෝ පත්වෙලා උන්ට ඕන විදිහට නාස්ති කරන එක විතරයි.

    වැඩිය ඕන නැහැ රජයේ රෝහලකින් බෙහෙත් ගන්න යන්න . . එතකොට දැනේවී තරම.

    ReplyDelete
  5. වටිනා ලිපියක්.ඒක නම් ඇත්ත. හැම දෙයක්ම පුද්ගලික අංශයට දෙන්න ඕන. එතකොට තමයි ටර දියුනු වේනේ. බොරුවට අතීතය ශ්‍රී විභූතිය ගැන කථා කරනවා. ඒකෙන් බඩ පිරෙනවද.ඔය සීගිරිය වගේ දේවල් ඔක්කොම පුද්ගලික අංශයට දෙන්න ඕන. එතකොට ඔය තියෙන ගලෙන් කීයක් හරි හොයා ගන්න පුලුවන් හොද හෝටලයක් වත් දාලා. සිංහරාජය වගේ දේවල් වලින් උනත් මොනතරම් දෙයක් කරන්න පුලුවන්ද.සංචාරක ව්‍යාපාරය හොදට දියුණු කරන්න පුලුවන්.
    අනිත කිසි දෙයක් නිකන් දෙන්න හොද නෑ.සෞඛ්‍ය වගේ දේවල් නිකන් දුන්නම කිසි අගයක් නෑ. දැන් බලන්න චැනල් සෙන්ටර් කොච්චර හොද සේවාවක් කරනවද. මේක ඔය කියන් අයට තේරෙන්නෑ. නිකන් ඉස්පිරිතාලවලින් බෙහෙත් දුන්නාම ඒකේ අලයක් නෑ.සල්ලි අය කරන්න ඕන.
    අධ්‍යාපනයත් එහෙමයි. නිකන් දෙන්න හොද නෑ.බලන්න ඉන්ටර්නැෂනල් පාසැල් කොචිචර හොදට උගන්නනවාද.මේ රජයේ නිකන් උගන්නන පාසැල් වගේද.ඒවායේ ඉන්න ගුරැතුමියලාගේ උනත් ලස්සන.දැනුම නැතත් කමක් නෑ. මූන දිහා හරි බලන් ඉන්න පුලුවන්. අනික නිකන් ඉගෙන ගන්න දුන්නාම ඕන නැති උනුත් ඉගෙන ගන්නවා. එතකොට හදිසියකට පොල් ගෙඩියක් කඩා ගන්න කවුරුත් නැතුව යනවා. හැමෝම ඉගෙන ගන්න අවශ්‍ය නෑ.
    බොහොම ස්තූතියි මේ වගේ අදහස් නොබියව ඉදිරිපත් කලාට.අපි වගේ අය ඔහොම හිතුවට අනිත් උන් ඔහොම හිතන් නෑ.

    ReplyDelete
    Replies
    1. අනිවා මචං, නියම අදහස.
      නරකද මචං උදිතට රටම විකුණමු කියලා යෝජනාවක් දාන්න කීවානම්.
      අපි ටික දෙනෙක් විතරක් තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉමු. කීයක් හරි මංකොල්ල කාලා හරි සූරං කාලා හරි අපිටත් තැනකට එන්න පුලුවන් උනෝත් අපිත් ගොඩ. දුප්පත් මිනිස්සු බම්බුවක් ගහ ගද්දෙන් මචං. හැබැයි උන් මැරෙන්න නොදී තියාගමු. නැතිනම් අපිට ශ්‍රමිකයෝ කොහෙන්ද?

      Delete
  6. MUTTI ALLANA SANKALPAYA NATHI UNAMA RATA DEYUNU WEVI.

    ReplyDelete
  7. මමත් ඔබ සමග එකඟයි.පුද්ගලීකරණය තුලින් තමයි රටක් සංවර්ධනය කරන්න පුලුවන්.රාජ්‍ය අංශය පුලුල් වෙනව කියන්නෙ රටේ බර වැඩිවෙනව කියන එකයි.ඇත්තටම ලාබ නොලබන (ලංකාවෙ ඉතින් ලාබ ලබන රජයේ ආයතනයක් නෑනෙ)රාජ්‍ය ආයතන වල සේවකයො පවා රටට බරක්.මම දැක්ක එක රටක විදුලිය බිඳ වැටීමක් හරිගස්සන ඇමතුමක් දුන්නහම ඒකට ආවෙ එක මනුස්සයයි.එයාම තමයි වාහනේ ඩ්‍රයිව් කලෙත්.අලුත් වැඩියාව කලෙත් එයාමයි.ලොකු ත්‍රී පේස් ලයින් එකක්.ලංකාවෙ එහෙමනම් ඕකට වාහනේ එලවන්න එක මනුස්සයයි.(මිනිහ ආයෙ වාහනෙන් බහින්නෙවත් නෑ).ඉනිමඟ තියන්න එක්කෙනයි.තව වැඩේ අපේ එකක්නම් බෝතලයක් දෙන්නත් ඕනැ.අනික දවසම වැඩේ අත ගානවා.ඕවට කැමති අයයි,ඔයවාගෙ තැන්වල වැඩ කරල පිං පඩි ගන්න අයයි තමයි පුද්ගලීකරණයට විරුද්ධ.

    ReplyDelete
  8. කි.අප්පුහාමි..පුද්ගලික අංශය ප්‍රමුක අර්ථිකයක් ‍යනු සීගිරිය සිංහරාජය වගේ දේවල් ව්‍යාපාර කිරීමට විකිනීම වැනි දෙයක් නොව රජය ව්‍යාපාර කිරීම නැවැත්වීමයි.ලංකාව තුල පුද්ගලීකරණය විකුනාගෙන කෑමක් වීම පුද්ගලික අංශය ප්‍රමුක අර්ථික ක්‍රමයේ වැරැද්දක් නොව Thevindu වැනි බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවා ඇති නීති සම්පාදක වරුන්ගේ දක්ෂතාවයයි. රජය කළ යුත්තේ ව්‍යාපාර කිරීම නොව අදාල අංශ වල ව්‍යාපාර කරන අන්දම නියාමනය කිරීමයි. ජංගම දුරකතන 4G ඇමරිකාවටත් පෙර ලංකාවට එන්නේ පුද්ගලීකරණය වූ බැවිනි.සමාගම් අතර තරගය නිසා මිල පහල යනවිට එයටත් ඉඩ නොදී අවම මිලක් දාන්නේ ලංකාවේ ජනතාවාදී රජයයි

    ReplyDelete
    Replies
    1. //ජංගම දුරකතන 4G ඇමරිකාවටත් පෙර ලංකාවට එන්නේ පුද්ගලීකරණය වූ බැවිනි.//

      මේ උදාහරණය නම් අවුල් , ලංකාවේ සමාගම් දෙකක ඇන්දිල්ලක් විතරයි , අනෙක් සමාගම 3.75G කියලා එකක් රිලිස් කරන කොට බොරුවට උඩ පැනල දකුණු ආසියාවේ මුල්ම 4G නෙට්වඔර්ක් එක අපියි කිව්වා , අඩුම තරමේ නියම නම වෙච්ච LTE කියන එකවත් භාවිතා නොකර , තාම මේ කොම්පැනි දෙක ටෙස්ටින් තාම , එයාටෙල් සමාගම ඉන්දියාවෙදි වාණිජ වශයෙන් පටන් අරගෙනත් ඉවරයි !

      http://en.wikipedia.org/wiki/LTE_(telecommunication)

      Delete
    2. ඔව් බුවා වරද පිලිගනිමි. නමුත් ඒක පාරිබෝගිකයන් ආරක්ෂාව සඳහා ඇති රජයේ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක නොවීම නිසා වන වරදකි. අනෙක පුරවැසියන් බොරු කියයි ඉතින් කොම්පැනි ද බොරු කියයි.ඇමරිකාවේ ඔවැනි බොරුවක් කීවානම් collective lawsuit එකක් වැටී සියලු පාරිභෝගිකයන් වන්දි ලබාගනී

      Delete
  9. කියුබානු කොමියුනිස්ට් රජය එරට රජයේ රැකියා දස ලක්ෂයක් කපා හැරීමට තීරණය කළා...පනස් එක් ලක්ෂයක් වූ කියුබානු ශ‍්‍රමිකයන්ගෙන් 85% ක් ම රජයේ සේවයේ නිරතවන අතර මේ අනුව ඉන් සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට රැකියාව අහිමි වන බවත් රැකියා අහිමිවන්නන් ස්වයං රැකියාව යෙදවීම හෝ පෞද්ගලික අංශයට අනුගත කරන බවත් එරට රජය පැවසුවා....
    http://www.bbc.co.uk/news/world-latin-america-11291267

    ReplyDelete
    Replies
    1. ඉතිං උබලට ආතල්.
      ඇමරිකාව බදු වැඩි කරනකොට ජෙල නෑ
      ඇමරිකාවේ ආර්ථිකය දැන් වැටීගෙන යන්නේ නෑ කියහල්ලා.
      http://www.bbc.co.uk ඔය ඇමරිකාවේ සයිට් එකේ ඒ රටේ ප්‍රශ්න දාලා නැද්ද.

      Delete
  10. ඉතා පහසුවෙන් ලාබ ලබන්න පුලුවන් ප්‍රවාහන සේවයෙනුත් පාඩු ලබනවා නම් , රාජ්‍ය අංශය ගැන කවර කථාද ?

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා පෞද්ගලික බස් රථ වලින් මිනිස්සු (සොරී මඟීන්) පාඩු විදිනවා. දුක් විඳිනවා.

      Delete
  11. ගොන් හරකුන්ටත් බ්ලොග් ලිවිය හැකි බව ඔප්පු කළ ඔබට ස්තුතියි!

    ReplyDelete
  12. සියලුම දේ රජයේ පාලනයට ගත යුතු යයි සිතනා මිනිසුන්ගේ සාමාන්‍ය දැනීම පිළිබඳව මාගේ සාතිශය සංවේගය. :/

    ReplyDelete